li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, October 30, 2019

ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස

මොකක් වුණත් මගේ දිවිසැරිය නම් හරිම විචිත්‍ර; සංකීර්ණ ........
ජීවිතය මහා පුදුමාකාර දෙයකි. හිතාදර රසික ඔබට කොහොම වෙතත් මට නම් එහෙමය. අපේ ජීවන ගමන් මඟ තීරණය කරන්නේ කවුද? අදෘශ්‍යමාන කෙනෙකු හෝ බලවේගයක් හෝ විසින්ද... දෛවය හෝ කර්මය හෝ විසින්ද?
මොකකින් වුණත් මගේ දිවිසැරිය නම් හරිම විචිත්‍ර; හරිම සංකීර්ණ වියමනකි.
එය කොටස් කරමින් වුවද ලිවීමත් ලෙහෙසි නැත. ලේසි නැත්තේ ලියන එක නොවේ; පෙළ ගස්වා ගැනිල්ලය! 

අද කියන්නට යන කතාවත් එහෙමය. එහි එක තැනක් හෝ; එක link එකක් හෝ මිස් වුණා නම්; වෙනස් වුණා නම්..... අනිවා, අපේ ජීවිත කතන්දරයත් අදට වඩා වෙනස් වෙනවාමය.

ඔහු! ඔහු උපන්නේ 1902 අප්‍රේල් 29 වෙනිදාය. දුප්පත් බර්ගර් ජාතික පවුලක හයවෙනි දරුවා විදිහටය. කොච්චර දුප්පත්දැයි කියතොත් ‘ඩච් බර්ගර් සොසයිටි’ එකෙන් ලැබුණු රුපියල් දෙකේ මාසික දීමනාවත් ඔහුට මහමෙරක් විණි.

දුප්පත් බර්ගර් ජාතික පවුලක හයවෙනි දරුවා විදිහට ඉපදුණු ඔහු...........
අකුරු කරන්නට මේ හාදයා කොළඹ රාජකීය විද්‍යාලයට ගිහින් තියෙන්නේ සපත්තු දෙක අතේ අරගෙනය. ඒ ඒවා ගෙවෙන හින්දාය. ඉස්කෝල ගේට්ටුව ළඟදීලු ඔහු සපත්තු දමාගත්තේ. 

එච්චරට අරපිරිමැස්මෙන් වැඩ කළ; අන්ත දුගී තත්වයක හිටි ඔහු පසු කාලයක ‘සමස්ත ආසියාවේ හොඳම විනෝදකාමියා’ යන විරුදාවලියට හිමිකම් කිව්වේය.

බඹරය වැල්ලේ ගැහුවත් කැරකෙන්නේ වාසනාවන්තයා වෙනුවෙන්ලු. මේ lucky 6 පුතණ්ඩියා වතාවක් එංගලන්තයේදී ‘බෙන්ජමින්’ නම් අශ්වයෙකු වෙනුවෙන් පවුම් පනහක් ඔට්ටු ඇල්ලුවේලු. ඒ වෙනුවෙන් මිනිහාට අත්වුණු දිනුම පවුම් 25,000කි. 
දෙවැනි ලෝක යුද්ධයත් මෙයාගේ වාසියට හිටි බවය පෙනෙන්නේ. 

ලංකාවේ ගායක-ගායිකාවන් පිරිසක් එක්ක ඉන්දියාවට ගිය මේ මනුස්සයා විනෝද ප්‍රසංග ඉදිරිපත් කළේය; ඒ නගරවල නොවේ. මහ කැලෑ මැද්දේ තිබුණු හමුදා කඳවුරුවලය. ඒ තැනකදී මවුන්ට් බැට්න් සාමිවරයා දැන හඳුනාගන්නට ලැබීම ඔහුට වාසනාව ගෙනාවේය. 

ලොකු-ලොක්කන්ගේ හොඳහිත දිනාගත්තොත් වරදින්නේ නැති එක එදාට වගේම අදටත් පොදු සත්‍යතාවකි.

අවුරුදු විස්ස වෙනකොටත් ඇය බ්‍රිතාන්‍ය සමාගමකින් නිපදවූ 'Caravan' චිත්‍රපටයේ.....
ලංකාවේ හමුදා භටයන්ගේ විනෝදාස්වාදය පිණිස Red Tails Minstrels සංගීත කණ්ඩායම ගෙන්වන්නෙත් ඒ දැනහැඳුනුම්කම්වල පිහිටෙනි. ඒ කණ්ඩායමේ ප්‍රධාන ගායිකාවත් ලංකාවේ උපන්නියකි.


අවුරුදු විස්ස වෙද්දීත් ඇය චිත්‍රපට නිළියකි; යුරෝපාකරයේ ප්‍රකට ගායිකාවකි.

ගායන කොන්ත්‍රාත්තුව අතරේම දෙන්නා අතරේ ප්‍රේමයකුත් දලු දමමින් තිබිණි. එතකොටත් විවාහවී සිටීම ඔහුට බාධාවක් නොවිණි. පළමු බිරියගෙන් දික්කසාද වුණු Donovan Andree විනෝදකාමී ධනපතියා, තමාට වඩා අවුරුදු 24ක් බාල Erin de Selfa යුවතිය විවාහ කර ගත්තේය. 

ඒ දෙන්නාගේ කසාදය පසු කාලයක ‘දික් වුණා’ය කියන්නේ ලෝකයම හිනස්සමිනි. උසාවිවල දිග හැරෙන්නට ඇත්තේ තහනම් ප්‍රේම කතන්දරය. දික්කසාදයට හේතුව ‘අනාචාරයේ හැසිරීම’ය.

එරීන් ද සෙල්ෆා විවාහ වුණේ ඩොනවන් ඇන්ඩ්රී විනෝදකාමී ව්‍යාපාරිකයා සමඟිනි.... 
කොහොමින් හරි ඔය; මේ සිදුවීම් අපේ දෛවයටත් බලපෑ හැටි නම් අපූරුය!

අපේ කිසිම කෙනෙකුගේ කැමැත්ත නැතිවම අම්මා 1976 එංගලන්තයට ගියාය. තිරීස් මිසී ළඟට ගියාය. ඒ තාත්තාගේ මරණයෙන් මාස කිහිපයක් ඉක්ම යද්දීය. 
ඒ බව කියැවුණු ‘මෝස්‌තර එක්ක හත් වසරක්’ පෝස්ටු පෙළ දැන්ම නිමා කරන්නට ඉඩක් නැත. ඊට පස්සෙත් දීපානි බතික් ව්‍යාපාරය කරගෙන ගිය නිසාය. 

ඊට සමාන්තරවම අම්මාගේ එංගලන්ත ගමන ගැනත් කියන්නට වෙයි. ඊට හොඳම විදිහ මේකය; අලුත් පෝස්ටු පෙළක් ලියන එකය.

පවුල, නෑසියන් හා රටත් එපා කියා උඩ දමාගෙන තිරීස් මිසී ළඟට ගියත් අවුරුද්දෙන්- දෙකෙන්ම අපේ අම්මාට එයාව එපා වෙන්නට කරුණු යෙදුණා වගෙය. 

“ඉස්සර වගෙ නෙවෙයි. තිස්සෙම අම්මයි දුවලා දෙන්නයි රණ්ඩු වෙච්ච ගමන්. ඒ මදිවට තිරීස් මිසී හරියට බොන්නත් පුරුදු වෙලා.....” 
පස්සේ කාලයකය, අම්මා ඔහොම වුණත් අපට කිව්වේ. 
ඒ දවස්වලම ඒවා නොකියන්නට ඇත්තේ කරගත් මෝඩකම හෙළි වෙනවාට අකැමැත්තෙන් වෙන්නෝනිය.

ඒ අස්සේ තිරීස් මිසී ආයෙමත් ලංකාවට පදිංචියට එන්නටත් හිතමින් හිටියාලු. 

“දුවලා දෙන්නා නං කීයටවත් ඒකට කැමති වුණේ නැහැ. ළමයින්ට එහෙ වගේ කොහෙද ලංකාවේදී නිදහසක්.....” අම්මා කිව්වාය. ඒ 1985දී මං එංගලන්තයට ගියාමය. 

1976 අපේ අම්මා එංගලන්තයට ගිය කිට්ටුව......
“දැන් අපේ අයටත් වෙන්නේ ඒ ටිකම තමයි. අම්මා තාත්තටවත් ළමයෙකුට ගහන්න බනින්න බැහැ. සැරෙන් අවවාදයක් දෙන්න බැහැ. ළමයෙක් පොලිසියට කිව්වොත් එයාලා ගන්නෙත් ළමයාගේ පැත්ත.....”

ඒ පෙරමඟ ලකුණු මටත් පෙනෙමින් තිබිණි. 

“අම්මේ, චූටිලා මෙහාට ආවාම, මෙහෙ ළමයි එක්ක ඉස්කෝලේ ගියාම, එයාලා එක්ක ආස්සරේට වැටුණාම මෙහෙ විදිහට හැදෙන්නත් පටන් ගන්නවා. අම්මා තාත්තගේ අඩංගුවේම ඉන්නෙ නෑ. එංගලන්තේ හොඳයි වගේම ඔහොම නරකත් තියෙනවා.... අපේ රටෙත් සේරම හොඳයැ.”

මං කිව්වේ අම්මාගේ හිත හැදෙන්නටය. “ඉතින් තිරීස් මිසී ආයෙම ලංකාවට ගියාද, දුවලා දෙන්නා නැතිව?”

“ගියා. ආරංචියක් නං නැහැ.”

පසු දවසක ඒ මනුස්ස දෝනිය ගැන අවසාන ආරංචිය අම්මාට කිව්වේ මාය. පත්තරයකින් දැකලාය. ඇය ලේ විලක් මැද මැරී වැටී හිටියාලු. මරණ පරීක්ෂණයෙදී හෙළිවී තියෙන්නේ එය මිනීමැරුමක් නොවෙන බවයි. 
“තිරීස් මිසී හොඳටම බීලා පිහියකින් එයාවම කපාගෙනලු, අම්මේ.... මනුස්සයගෙ මරණෙටවත් ගිහින් එන්න තිබ්බා කලින් දන්නවා නං.... පස්සෙයි පත්තරේක විස්තර තියෙනවා දැක්කේ.”

“ඒ මනුස්සයාට තදටම කේන්ති ගියාම එහෙම තමයි. යකින්නි වගේ. දුවලා දෙන්න වුණත් අම්මා ළඟට එන්න බැහැයි කියන්න ඇත්තේ ඒකයි.”
ඉස්සෙල්ලාම බදුල්ලට කෝච්චිය එන දවසේ අපේ සීයලා තණකොළ මිටිත් අරන් ස්ටේසමට ගියේ.......
පව්! ‘ඉස්සෙල්ලාම බදුල්ලට කෝච්චිය එන දවසේ අස්සයන්ට දෙන්නට තණකොළ කපාගෙන ආවා’ය කියූ රහුබැද්දේ විදානෙලාගේ කිරිවන්තේ උන්දෑගේ බින්තැන්නේ දියණියව එංගලන්තයට ගෙන්වාගත් තිරීස් මිසී මියැදුණේ- උපන් රටෙනුත් ඈතක තනිවී, හුදෙකලාවෙන්ය. 

Holiday on Ice නැටුම් ප්‍රසංගය ලංකාවට ගෙන්වූ ඩොනවන් ඒ සඳහා අයිස් කුට්ටිත් පිටරටින්ම ගෙන්නුවේය. 
හුලා හුප් නැටුම්, ටොම් බෝලා- snow boll වගේ නොරට ක්‍රීඩා පවා ගෙන්නුවත් ඩොනවන්ට එංගලන්තය ඇල්ලුවේ නැතිවා වෙන්නැතිය. 
එරීන් එංගලන්තයේම පැලපදියම්වී හිටිද්දී ඩොනවන් ඇන්ඩ්රී ලංකාවේ හිටියේය.

Erin එංගලන්තයේදී නෙරී ෆර්නැන්ඩස් නම් දක්ෂ පියානෝ වාදකයෙකු හා නැවත විවාහවී එහේම බින්න බැස්සාය. ‘ආන්ටි එරීන්’ අපේ අම්මාට හමුවී තියෙන්නේ තිරීස් මිසී හරහාය. ඒ දෙන්නා හිතවතියන්ව හිටියාලු.

“ලීලාට ආයෙම ලංකාවට යන්නේ නැතිව ඉන්න නං කරන්න තියෙන්නේ සුද්දෙක්ව බැඳගන්න එක!”

ආන්ටි එරීන් තැනේ හැටියට ඇනේ ගහන්නට සමත්, අතිදක්ෂ කාන්තා රත්නයකි!
එරීන් ඩි සෙල්ෆා මැතිනිය ආර්.වී. ලීලාවතීට ඒ උපදේශය; ඒ බ්‍රිලියන්ට් idea එක දෙන්නට ඇත්තේ ඇය ලබා තිබුණු අත්දැකීම් අනුව වෙන්නට ඇති කියලාය මට හිතෙන්නේ.

මා තේරුම් ගත් විදියට ආන්ටි එරීන් තැනේ හැටියට ඇනේ ගසන්නියකි. අතිදක්ෂ කාන්තා රත්නයකි!

“නිමල්.... දවසක් හරි වැඩක් වුණානෙ ළමයෝ. 
High speed ගිහින් මාව නැවැත්තුවා.....මං ටිකාක් බීලත් හිටියේ. ගෙවල් ළඟ තැනක හින්දා drive කරගෙන ගියෙත්. මාව නවත්තපු officer තරුණ හාදයෙක්.... 
පොලිස් ඔෆිසර් කාර් එක ළඟට එද්දී.... මං මෙහෙම ගවුමේ කර පහතට ඇදලා, මං ලොකු වැරැද්දක්ද කළේ කියලා sexy talk එකක් දුන්නා... ඌ මට යන්න දුන්නනේ.” 

ගවුමේ කර පහතට ඇදලා, බ්රෙස්ට්ස් පෙනෙන්න ඇරගෙන සෙක්සි talk එකක්....
මට ඇය ගැන මතක තියෙන්නේ ටිකක් විතරය. හැබැයි, හැටට කිට්ටු කරලා හිටියත් ආන්ටි එරීන් එතකොටත් බෙහෙවින්ම ප්‍රසන්නය; activeය.

“දන්නවද.... ලන්ඩන් ඇල්බට් හෝල් එකේ ඉස්සෙල්ලාම සිංදුවක් කියපු ලංකාවේ කෙල්ල මමයි. එදා මං ‘දන්නෝ බුදුන්ගේ song එක’ sing කළාම ..... මගේ අම්මේ චියර් එක....”

එංගලන්තයේ අරටු සුද්දෙකුවූ Cecil Fedrick Schroeder ආන්ටි එරින්ගේත්, නෙරීගේත් හිතවතෙකි. බිරියගෙන් දික්කසාදවී හිටි සැසිලුත් ඒ දවස්වල තනිකඩ දිවියක් ගෙව්වේය. දික්කසාද බිරිය එක්ක එයාගේ කිසිම පයුරු පාසනයක් තිබුණේ නැත.
“සැසිල්ට එක පුතෙක් ඉන්නවාලු. මමවත් එයාව දැකලා නැහැ. දකුණු අප්‍රිකාවේ ඉන්න අක්කා ඩොරතියි මහත්තයයි නං ළඟදිත් මල්ලිව බලන්න ඇවිත් ගියා.” 

අම්මාගෙන් කියවුණේ ඒ දවස්වලය.

ඒ දවස්වල දැනගත් තොරතුරු කියනවා මිස, අලුතින් අපේ අම්මාගෙන් විස්තර අහන්නට මා අකැමැතිය.

දැන් අපේ අම්මාට 82කි. සමහර දේවල් අමතකත් වෙනවාලු!
දැන් අම්මාට අවුරුදු 82කි. 
“මට දැන් ගොඩක් දේවල් මතකයේ හිටින්නේ නැහැ රංජි.” අම්මා කියයි. 

වයසත් එක්ක එහෙම වීම සොබාවිකය. හැබැයි එහෙම මතකය අවුල් වෙන්නේ මෑත අතීතය ගැනය. දොස්තර මහත්වරුන් කියන්නේ ඈත අතීතයේ දේවල් සිහිපත් කිරීමේදී අවුලක් නැති බවයි. ඒත් අපේ අම්මා අතින් ඒවාත් ඉබේම වාගේ විකෘති වෙයි!

හැබෑටම ඒක ‘සිංගලියාගෙ’ හැටියක් වෙන්නටත් ඉඩ තිබේ. 

මේ දවස්වල එක-එක්කෙනා තමන් කැමති අයට කඩේ යන්නේ ඊයේ-පෙරේදා වෙච්චි දේවලුත් අමතක හින්දාය. රටේ ඉන්නා බහුතරයක් පුරවැසියන්ටත් එහෙම අමතක වෙලාය කියලා හිතන හින්දාය. 
එංගලන්තයේ අවුරුදු 43ක් හිටියත් අපේ අම්මාට සිංහලත්; සිංහලකමත් මතක නැති වෙලා නැහැනේ...

ඒකද.... නැත්තං....

වෛද්‍ය මතය මොකක් වුණත්, මගේ මතය මේකය. අපේ අම්මා කැමති සිදුවුණු දේවල් එහෙමම කියන්නට නොවේ. මං සුදනා වෙලා කියන්නටය. 
තවමත් මගේ මතකය හොඳ හින්දා මට ඒවා අහුවෙයි. ඒක අම්මාත් දනියි. ඒ නිසාම මං ඉන්නා තැනකදි නම් පරණ පට්ටන්දර දිග හරින්නේ අඩුවෙනි.

1979 මාර්තු 21 අම්මා Cecil Fedrick Schroeder හා විවාහ වුණු දවසේ......
“උඹලගේ අම්මා ඒ දවස්වල ලස්සනයි වගේම කඩිසරයි.... තනියම ඉඳලා මටත් ඇතිවෙලා තිබුණේ. ලීලාටත් තිරීස්ලගේ ගෙදරින් යන්න ඕනේ වෙලා හිටියේ.... මට එරීන් කියලා තිබුණේ ලීලා ගැන.”

“අනේ සැසිල් බොරු නං කියන්න එපා. එරීන් කැමති වෙයියැ ඔයා මාව බැඳලා එහෙන් යනවට. ඊට වැඩිය එයාට වාසියිනේ ඔයා එහෙ කාමරයක් කුලියට අරන් ඉන්න එක. ඔයා ගෙදරක් ගත්තොත් ඒ ආදායමත් එයාට නැති වෙනවනෙ.”

“ඔය උඹලගේ අම්මගේ මනස්ගාත, නිමොල්!”

කවුරු ඇත්ත කිව්වාද කියා දැනගන්නේ කොහොමද? “හැබැයි, එහෙදී මෙයාගේ කමිසයක ගැලවෙච්ච බොත්තම් වගයක් අල්ලන්න දීලා තමයි මෙයා මාත් එක්ක කතා කළේ. ඒකට නං පවුමක්ම දුන්නත් එක්ක ලෝස් නැතිව.”

එහෙම කළේ අනුකම්පාවෙන් බවයි ඩැඩා කිව්වේ. අම්මා නම් කිව්වේ ‘යාළුවෙන්න හිතාගෙනයි’ කියලාය.

මෙයා මාව බඳින්න කැමති වුණේ...........
විශ්‍රාම යන්නට පෙර Stock Broker කෙනෙකු; කොටස් වෙළෙඳපොළ තැරව්කරුවෙකු ලෙස කටයුතු කළ ඩැඩා ඒ දවස්වල නං හිටියේ රජෙකු වගේලු. 
“අනේ.... ඒ ඉස්සරනෙ රංජි. මෙයා මාව බඳින්න කැමති වුණේ එතකොට කවුන්සිලෙන් ගෙයක් ඉල්ලාගන්න ලේසි වෙන හින්දා....”

“ලීලා මාව බඳින්න කැමති වුණේ එතකොට එංගලන්තේ සිටිසන්ෂිප් එක ගන්න පුළුවන් හින්දා..... ලංකාවට නොගිහින් මෙහෙම නවතින්න ඕනේ වුණු හින්දා.”

මෙච්චර දුරක් කියාගෙන ආවාට පස්සෙය මතක් වුණේ. ඔවැනි කතාබහ කෙරුණේ ඉංග්‍රීසියෙනි. ඩැඩාට මැරෙන තුරුමවත් සිංහල ඉගෙන ගන්නට බැරි විණි. දැනගෙන හිටියේ එකම වචනයකි. ‘පිස්සු’ විතරය. 

ඒ අතින් බලද්දී ඩැඩාගෙ step sonගේ; අපේ දීපාල්ගේ බිරින්දෑ ‘පීයා’ ටිකක් විතර දියුණුය. දැන් සිංහල වචන දහයක් විතර දන්නවා වගෙය.

හරිම ලස්සන අපේ අම්මාත්, පීයාගේ අම්මා; නෝනාත් (ඒ එයාගේ නමයි.) දෙන්නා කතාවට වැටුණාමය.

පීයාගෙ පවුලේ අයත් එක්ක.... මැදින් ඉන්නේ නෝනාය. (2014.10.4)
අම්මා හිතාගෙන ඉන්නේ එයාට ඉංග්‍රීසි පුළුවන්ය කියලාය. 

ඒත් හරිහැටි ‘කඩුව’ දාන්නට නොදන්නා මට වුණත්, අදටත් අම්මාගේ ඉංගිරිසිය හරියටම තේරෙන්නේ නැත. ඩැඩා නම් ඒකට කිව්වේ ‘මම්බෝ-ජම්බෝ’ කියලාය. 

අපේ අම්මා එක්ක කතාවකට වැටුණාම පීයාගේ අම්මා කතා කරන්නේ නැතිම තරම්ය. අහගෙන ඉන්නවා විතරය.

“පීයා.... අපේ අම්මා කියන දේවල් සේරම ඔයාලගේ අම්මට තේරෙනවද?”

දවසක් මම පීයාගෙන් ඇහුවේ ඒ දෙන්නාගේ සංවාදයක් බලාගෙන ඉඳලාය. කට පියාගෙන ඉන්නට බැරිම තැනය. “පේන්නේ නැද්ද ලොකූ? අපේ අම්මා ඔය අපූරුවට අහගෙන ඉන්නේ.” පීයා දුන්නු උත්තරය තේරුම් ගන්නට මං මෝරලා මදි වගෙය.

“ඉතින් අම්මලා බැන්දට පස්සේ කවුන්සලෙන් ගෙයක් හම්බ වුණාද?”

“ගෙදරකට ඉස්සෙල්ලා ලීලාට ඕනේ වුණේ මෙහෙ සිටිසන්කම අරගන්න.”

දවසක් අපි හැමෝම පිහිනුම් තටාකයකට ගියෙමු. ඒකට ටිකටුත් ගන්නට ඕනෑනේ....
එතැනදී නම් ඩැඩාගෙ උගත්කම සෑහෙන්නට උදව් වුණා වෙන්නම ඕනෙය. 

ඕනෑම තැනකට ගිහින් වැඩක් කරවාගන්නට මනුස්සයා දැනගෙන හිටියේය. එංගලන්තයේ වුණත්, ලංකාවේ වුණත් වෙනසක් නැත. උපාය දන්නෝ අපායේ නොවැටෙන්නෝය.

කොතැනකට හරි ගිය ගමන්ම සුබ පතලා, හිනාවෙලා, තැනට ඔබින විදිහට විහිළුවකුත් කරලා ඉන්නට මනුස්සයා දක්ෂයෙකි. 1985 එහාට ගියාම දවසක් අපි පිහිනුම් තටාකයකට ගියෙමු.

ටිකට් කවුන්ටරයේ හිටියේ වියපත් ලලනාවකි. “ටිකට් කීයක්ද?” ඇය ඇසුවාය.

විහිළුවෙන්ම අප පෙළගැස්වූ ඩැඩා ‘Now, You can count my love!’ කියමින් වටයකුත් කැරකිලා රැඟුවේය. ඒකට රැවටිලාද, එහෙමත් නැතිනම් කන්නාඩි දෙක දමාගන්නට අමතක වෙලාද මන්දා..... 
අර බවලතිය full තුනකුත් half හතරකුත් කැඩුවාය. 
එතකොට අවුරුදු 31ක් වුණු මටත් අයකොට තිබුණේ බාගයකටය.

පස්සේ ඒ සිදුවුණු ලාබය ගැන කියමින් හිනාවුණා මිස, සුද්දෙකු වුණත් අපේ ඩැඩා වැරැද්ද නිවැරැදි කරන්නට ගියේ නැත.
1985 අම්මලාගේ Council flat එක ඉදිරිපිටදී (වමේ සිට)- අනිල්, සමන්ති, ඩැඩා, දීපානි, දීපාල්, අම්මා හා මං...
ඩැඩාගෙ ඔහොම සමර්ථකම් නිසාමදෝ අම්මාට හිරු නොබසින අධිරාජ්‍යයේ පුරවැසිකම හිමිවුණේ පමාවකින් තොරවමය. Council Flat එකක් එයාලාට ලැබුණේත් එහෙමය.

අපේ අම්මා එංගලන්තයේ සිට අපට පළමුවෙනි තෑග්ග එව්වෙත් ඊට පස්සෙය! ඒ.....

21 comments:

  1. මට නම් හිතෙන්නේ අම්මගේ එංගලන්ත ගමන නිසා පවුලේ අයට යහපතක් වෙලා කියලා. සිසිල් මහතා තමන් ගැන විතරක් හිතන කෙනෙක් නොවීමත් වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි, කුමාර! ස්තුතියි!

      නමුත් සිදුවුණු අඩු හා පාඩුත් තියෙනවා, ඒවාත් පසුව කියවෙයි.

      Delete
  2. Loos like your mother is adventurous lady (yakata wath baya nathi)

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්තයෝ, ඒක ඇත්ත.

      දේව දූතයෝ පය ගහන්න බය තැන්වල දුර නොපෙනෙන අය පිනුම් ගහනවලුනේ.

      ඒ වගේමයි, බය නැතිව කකුල ඉස්සරහට තිබ්බොත් විතරයි දේශ ගවේෂකයන්ට වෙන රටවල් හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නෙත්.

      Delete
    2. W Bahu,
      rite inglish gud an no kill king or els lern rite sinhala.
      yu luus blak vayit man

      Delete
  3. ඇනා ක්‍රෝෆෝඩ් කියන්නෙ, එරින් ද සෙල්ෆා මූවීස්වලට දාගත්ත නමද?

    ReplyDelete
    Replies
    1. Erin later married Neri Fernandes, a Goan pianist in UK. They performed together. She passed away recently I think.

      Pra Jay (sorr, no Sinhala for commenting on phone)

      Delete
    2. ඩ්රැකී, ඇනා ක්රෝෆෝඩ් ඒ ෆිල්ම් එකේ ප්‍රධාන න්නිලියයි. එරීන් ඩි සෙල්ෆා ගායිකාව විදිහට ගීයක් ඉදිරිපත් කරන්නට ඇති කියලයි විකිපීඩියා එක බලද්දී දැනෙන්නේ.
      https://en.wikipedia.org/wiki/Caravan_(1946_film)

      ආන්ටි එරීන් 2013 සැප්තැම්බරයේ වියෝවුණා.

      Delete
  4. Replies
    1. ස්තුතියි කසුන්,

      මාස කිහිපෙකින්ම ඔයා පොස්ට් එකක් පබ්ලිෂ් කරලා නැහැනෙ.

      Delete
  5. Mr . නිමොල්
    ඔයාගේ කතා කියවන කොට තමයි ටික ටික Mr . නිමොල් ගැන තේරෙන්නේ ..
    කොහොම උනත් ඊලග කතාවත් කල් නොයවාම ලියන්න .
    Mr . නිමොල් නම් මාර පොරක් හලෝ ..

    ReplyDelete
    Replies
    1. හොඳමයි හක්ස්ලි මහත්තයෝ.

      ඔයාගේ සහෝදරයා බෘෘස් තමුන්නැහෙට උගන්වපුවා තාමත් ප්‍රැක්ටිස් කරනවැයි?

      Delete
  6. බලං ගියාම අය්යට රැජිනගෙ රටේ පදිංචි වෙන්න පුලුවන්නෙ

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙ අල්ලන්නෙම නැහැ මධු.

      එහෙම ඕනේ වුණත් හැබැයි, වීසා ගන්න හරි අමාරුයි. නමුත් මට නම් කෙල්ලෙකුත් හොයලා දීලා, කසාදත් බන්දවලා එහෙම නවත්තගන්න ඕනේ වුණා රෙදි ව්‍යාපාරිකයෙකුට. එයාට මාව හිතට අල්ලපු නිසා. මමයි අකමැති වුණේ.

      මං ඒ විස්තර 'මරිසි මංගල්ලේ-2' පොස්ටුවෙදීත් කිව්වේ.
      http://nidigepanchathanthare.blogspot.com/2018/12/blog-post_27.html

      Delete
  7. //අවුරුදු 31ක් වුණු මටත් අයකොට තිබුණේ බාගයකටය
    හැක් වැරදිලානේන්නං, පුතයගේ වැඩවලට ටිකට් දෙකක් කඩන්න වටින්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ, අනේ සිරිබිරිස් උන්නැහේ හිතාගෙන ඉන්න අපූරුව- මේ බෝ පැලයක් වගේ ඉන්න අහිංසකයා ගැන!

      Delete
  8. මම හිතන්නේ මම ඔයාගේ අම්මව දැකල තියනවා කියල. කොහෙද council flat එක තිබ්බේ? මල්ලිව හා පිලිපින් වයිෆ්ව දන්නවා

    ReplyDelete
    Replies
    1. අම්මා තවමත් ඉන්නේ ඒ ෆ්ලැට් එකෙමයි. හවුන්ස්ලෝ වල. මල්ලීව අඳුරනවද. හරිම සතුටුයි!

      Delete
    2. ඇයි මම කිව්වේ මල්ලි ආවා කියල නිමන්ත එක්ක. හවුන්ස්ලෝ වල යාලුවෝ කිහිප දෙනෙක්ම හිටිය. ඔය ෆ්ලැට් එක තියෙන හරියත් දනනවා. නිහාල් කියල කෙනෙක් ඉන්නව එතැන මං හිතන්නේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්