li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, January 20, 2020

නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස

මගෙ තනි නොතනියට නුඹවත් ..... (සිත්තම- ඊ.එන්.එම්.කේ.සොයිසා)
ඔන්න ඉතින් මාතෘකාව දැක්ක ගමන්ම සැරහුණේ නිමල් දිසානායකගේ පලහිලව්වක පට්ටන්දරේ කියවන්නනේ. Extremely sorry!

මේ ජනවාරි මාසයනේ..... ‘නැතිව? තමුසෙට විතරක් නෙවෙයි, අපටත්.’ ඔයාලා කියාවි. හරි, හරි. මේකයි කතන්දරේ.

ජනවාරි මාසේ ඉස්සර මිනිස්සුන්ට නම් බෝතල් මාසෙලු. දෙසැම්බරයේ හොඳට කාලා-බීලා හාඩප් වෙලා අතේ පිච්චිය නැතිව ඉන්න උදවිය ගෙදර ගොඩ ගැහිලා තියෙන හිස් අරක්කු බෝතල් විකුණලා තමයි ජනවාරිය ගෙවා ගත්තේ කියල කියනවා.

ඒකෙන් බාගයක් මටත් අදාළයි. කෑවා-බිව්වා කියල නෙවෙයි. දෙසැම්බරයේ වගෙම ජනවාරියේත් මට මදිය නොකියන්නම වියදම් වුණා..... තව වියදම් වෙන්නත් දැන්මම සැලසුම් කෙරිලා. එහෙම වියදම් වුණෙත්; වියදම් කරන්න හදන්නෙත් ආයේ හම්බ කරගන්න ඇහැකි දෙයක් නෙවෙන එකයි පුරස්නේ.

කාලය! රත්තරන්වලටත් වඩා වටිනා කාලය!!

මාස දෙකකටත් ඉස්සෙල්ලා තුවාන් මිස්කින්..... (තුවාන් යුවල දරු දෙන්නාත් සමඟ....)
කාටද බුදු අප්පච්චියේ කාලය ගෙවෙන එක නවත්තන්න හරි, ගෙවුණු කාලය ආපහු ගෙන්නාගන්න හරි පුළුවන්?

පහුගිය ටික දොහේ ගොඩාරියක් ගමන් යන්න වුණා; මිත්‍ර සමාගම් පවත්වන්න වුණා; ඒ නිසා බ්ලොගයට පෝස්ටු කොටාගන්න, fotos හොයාගන්න, තොරතුරු තහවුරු කරගන්න වෙලාව මදි වුණා. මාසයකට දහයක්වත් පෝස්ටු ලියන්න තියෙන අධිෂ්ඨානයට කෙළවෙන තැනටම ආවා.

(ලොකු නංගිගේ මරණය ගැන ලියලා ඇතිවුණු දුක්බර හැඟීම නිසාත් දවස් තුන-හතරක්ම වැඩක් කෙරුණේ නැහැනෙ.)

ඔහොම හිටිද්දී තමයි දෙවියන් අත පෑවේ. මතකයිනේ, ගෙදර සන්තකේට රුපියල් විස්සක් තියෙද්දී ‘රිකී මහත්තයාව ගෙදරට එව්වා!’ ආන්න ඒ වගේ. 
දෙවියන් අතපාන වැඩේ සිද්ධ වුණේත් ගොඩාක් කාලය වැයවුණු වෙලාවක.

තුවාන් මිස්කින් මාස දෙකකට කලින්ම ටෙලිෆෝන් කරලා පණිවිඩයක් කිව්වා. 

“ඔන්න නිමල් අයියේ, ජනවාරි 18 weekend එකේ trip එකක් එහෙම දාගන්න එපා. අපේ කොල්ලගේ වැඩක් තියෙනවා. ඔයාලා සෙට් එකටමත් ආරාධනා කරනවා. මං නෙවිලටත් කිව්වා. දන්නවනේ, ඌට දවස් අමතක වෙන්නත් පුළුවන්. ඔයාත් මිනිහට මතක් කරන්න....”

ක්වීන්ස්ලන්ඩ්වල හිටියත් තුවාන්ලා හිතෙන් ඉන්නේ ශ්‍රී ලංකාවේ වගෙය!
තුවාන්ලා ඕස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන්- ක්වීන්ස්ලන්ඩ්වල හිටියත් හිතෙන් ඉන්නේ ලංකාවේම වගෙයි. වැඩි දෙනෙකු එහෙම තමයි. සාක්කියක් ඕනිද? උඩින් ෆොටෝ එක දැම්මේ ඒකයි!
තුවාන්ගේ පුතාට අවුරුදු 21ක්ලු.

මගේ අම්මෝ.... කාලය ගෙවෙන ඉක්මන. මේ ගෙදර හදද්දී අත්තිවාරම් කපන්නත් තුවාන් මිස්කින් ඇතුළු set එකම දවස් ගණනාවක් ආව, නිවාඩුත් දාලා.

ඉතින් සීදූවේ රාමදා හෝටලේදී සිරාජ් (Siraaj) මිස්කින්ගේ 21 වෙනි උපන් දින සාදය ජයටම තිබුණා. සිරාජ්, මෙන්න ඔයාට ආයෙමත් උණුසුම් සුබ පැතුම් තාත්තාගේ තලපත්පිටියේ-මහරගම හිතවත් මිතුරන්ගෙන්!

සාදය අතරේ මට අපේ දොස්තර අයස්මන්ත මහත්තයාගෙන් ප්‍රශ්නයක් ඇහුණා. මට ප්‍රශ්නයක් අහන්න වෙලාවක්-කලාවක්, තැනක්-නොතැනක් නැහැ. මතක් වෙන්න විතරයි ඕනේ.
“කෝ අර මට කියවලා බලන්න එවනවයි කියපු ලිපිය?”

මොකද මේ හාදයා නෑනා කෙනෙකු මත්තේ නැහෙන්න හදන්නේ?
උන්නැහේ හිතේ තියෙන බරකින් නිදහස් වෙන්නද කොහෙද ලියන දේකට මගෙනුත් උදව්වක් ඉල්ලුවා, ටික දොහකට කලින්. නෑනා-මස්සිනා ගැන තියෙන සිංදු එකතු කරගන්න.

(ප්‍රීතිකා නංගි; අයස්මන්තගේ නෝනා මහත්තයා නීති පොත් මිසක් blogs නොකියවන නිසා බය නැතිව ලියන්නේ. -ඒ ජෝඩුවම ජාඩියට-මූඩිය වගේ දෙන්නෙක්...
-කියෙව්වත් මොකෝ. ඔන්නං කියයි ‘කොහෙන්ද අප්පා ඔයාලට වෙලාවක් තියෙන්නේ, පරණ කුණුත් අවුස්සන්න’ කියලා. 
මොකද මේ හාදයා නෑනා කෙනෙකු ගැන හොයන්නේ, වෛද්‍ය ශිෂ්‍ය කාලෙම නාට්‍ය නටලා හොයාගත්තු ප්‍රේමයක් ජයගෙන, තිදරු පියෙකුත් වෙලා තියෙද්දී. නොහොබිනා දේවල් හිතුණත් මං කට හෙල්ලුවේ නැහැ.)

ඉතින් සිංදු ලැයිස්තුවක් දුන්නාම අයස්මන්ත පීරිස් මහත්තයා කිව්වා, ලිපිය ලියලා මටත් එවන බව. ඒකයි මං අරහෙම ඇහුවේ.

“හෙට පාන්දරම එවනවා නිමල් අයියේ.” එයා කිව්වා. මොන හෙටක්ද? අපි ගෙදර එද්දිම ‘හෙට අද වෙලා’ පාන්දර දෙකයි! 
ඒත් මෙන්න බොලේ එයා ප්‍රතිඥාව රැකලා. කියවලා බලනකොට තමා දිසානායක පරම්පරාවේ ‘idea’ජානය ඉස්මතු වුණේ.

දඹේතැන්නේ .... හරිම ලස්සන තැනක කෑම්පින් එකකුත්......
“පීරිස් මහත්තයෝ, මේක පංච තන්තරේටත් දාමුකෝ!”
“.... අනේ මන්දා...”

“මන්දා නෙවෙයි දාමු. මටත් පෝස්ටුවක් ලැහැස්ති කරගන්න බැරිව හිරවෙලා ඉන්නේ. ඉස්සරහ දවස් තුනකුත් හිරවෙනවනෙ, ප්‍රියන්ත දඹේතැන්නේ කෑම්පින් trip එකක් ලැහැස්ති කරලා නිසා තුවාන් යන්න කලින්.....”

පීරිසුත් ඒ ට්‍රිප් එකට යන නිසා එයාගේ ලිපිය මගේ අඩුවක් පුරවන්නට ගැනීම ගැන ලේසියෙන්ම කැමති කරවා ගන්නට හැකි වුණේය. 
උන්නැහේ කම්පියුටරයෙන්ම ලියලා තිබුණු නිසා, දවස් භාගයක් විතර පරක්කු වෙලා මේ පෝස්ටුව පළ කරන්නටත් හැකි වෙයි! 

(මං කිරා බැලුවේ ඒකය. සමහරුන් එහෙම වැඩවලට කියන්නේ ‘නිදිගෙ අවස්ථාවාදීකම’ කියලාය. කියාපුදෙන්, මගෙ මොකෝ?)

ඔන්න, මෙතැන සිට දිගටම ලිපිය අක්ෂි වෛද්‍ය විශේෂඥ දොස්තර අයස්මන්ත පීරිස් ලේඛක මහතාගෙනි. ෆොටෝස් හා කැප්ෂන්ස් විතරක් නිදිගෙනි. 
(අයස්මන්ත ලියන්නේ න-ණ-ල-ළ නොසලකමිනි.)

මේ අපේ පළාතටම විදුලිය නැති කාලේ.........
1976  හෝ 1977; මට වයස අවුරුදු 6ක් හෝ 7ක්

වෙලාව රෑ 9.30 විතර ඇති. මේ, අපේ පලාතටම විදුලිය නැති කාලෙ. නිතිපතා අටවා පත්තු කරන පැට්රෝ මැක්ස් ලාම්පුව අවසන නිවී ගිය පසු, තවත් ඒකත් එක්ක අඩවු නොඅල්ලා නින්දට ඉඩ දීමයි අපේ වැඩිහිටියන්ගේත් සිරිත.

ඝනම ඝන කලුවරයි. කාලයක් අවකාශයක් මැනලා මෙතකැයි කියන්න බැරි තරමට… 

වෙලාව සනිටුහන් වෙන්නේ නුගේගොඩ සිට නාවින්නට ඇදෙන පුංචි ගල් අඟුරු කෝච්චියේ හඬිනුත් ඉඳහිට කොලඹ වරායෙන් නැඟෙන නැව්වල නලා හඬිනුත් (ඔව්; කාලෙ මුහුදේ රැල්ල ගැහෙන සද්දයත්, වරායේ නැව් නලා සද්දත්, නුගේගොඩට ඇහෙනවා), අලුයම හරියටම පහට කෝට්ටේ නාග විහාරයේ ඝන්ඨා නාදයෙනුත් විතරයි.

කාලය නැවතිලාද? පහල වෙලෙන් එගොඩහ ගස් ගොල්ලේ කොරවක් නාදය නොවන්න කාලයත් අවකාශයත් ඝනීභූත වෙලාම තමයි.

ඒත් කොහෙදෝ ඈත ගෙදරක බැටරියෙන් පන ගැනුන වයර්ලස් රේඩියෝවකින් ගීතයක් විසිරෙනවා හාත්පස;

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ 
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගේ ගම්මානේ… 

වෙලේ කොනක හුදෙකලාව, පට්ට සීතලේ පැල් රකින.....
ඇත්තටම වෙලේ කොනක පැල් රකින්නෙක් මහත් වේදනාවෙන් පැල් කවියක් ගයනවා වගේ මට දැනෙන්නෙ.

අතොරක් ඉමක් නැති කලුම කලු රාත්‍රියේ, ඇස් අයාගෙන, වහලට පහලින් විය හැකි සීමාවේ නටන කනාමැදිරි එලි දිහා බලා ඉන්නා මාව, වෙලෙන් එගොඩහ ඇහෙන මන්ද්‍ර කොරවක් නාදයත්, මේ ගීයත් එකතුව මහා උත්කර්ෂයකට ගෙන ගියා, නොතේරෙන නොයෙක් හැඟීම් පිලිබඳ ඡායාමාත්‍ර අවදි කරමින්.

මහා දෙයක් නොතේරුනත්, අවුරුදු පහක් හයක් වයසැති මම මේ ගීතයේ ගිලී, ගීතයටම දිය වී ගියා යැයි කියන්න පුලුවන්.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙලඳ සේවය, රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් පසුව, පිරිත්වලට කලින් ඉතාම කාල ගෝචර ගීත විකාශනය කලේ මෙන්න මේ අවධියේ විය යුතුයි.
.
මේ ගීතයත්, ඉන්පසු අසන්නට ලැබුනු අනෙකුත් සිංහල නෑනා මස්සිනා ගීත සියල්ලම පාහේත්, මගේ මහත් විපරමට ලක් උනා/ ලක් වෙනවා. මට ගීතවල ගිලී, චරිතයෙන් චරිතයට ආවේශ වෙවී, ගීතයේ එන නාට්‍යමය අත්දැකීම්වල ජීවත් වෙන්න පුලුවන් දින සති ගනන්.
ගීතවලින් කියවෙන නාටකීය අත්දැකීම්වල ජීවත් වෙන්න.....
කිට්ටු නෑදෑයන් අතර ආවාහ විවාහ සම්මතය බැලුවොත්, වැඩිහිටි සහෝදරයන්ගේ හා සහෝදරියන්ගේ ලමුන් අතර සම්බන්ධතා සම්මත’ වන අතර ඔවුන්ගේ විවාහයෙන් පසු පරම්පරාව ඉදිරියට යන්නේ පිරිමි දරුවාගේ පෙලපත් නාමය සමඟ

එකම ලිංගික පාර්ශ්වයක (අයියා මල්ලිගේ හෝ අක්කා නංගිගෙ) එක කුස උපන් දරුවන් හා සමානව සැලකෙන අතර ලංකාවේ එම දරුවන් අතර සම්බන්ධකම් අසම්මතයි; incestuous. නමුත් ජාන දුරස්තභාවය සැලකුවොත් මේ අවස්ථා දෙකම එක සමානයි. යුරෝපීය සංස්කෘතීන්හිදි එසේයි සැලකෙන්නේ; cousins.

නමුත් මෙම අවස්ථා දෙකේම අවාහ විවාහ, රට-රටවල සම්මතයන් වෙනස්වන ආකාරය අනුව වෙනස් විය හැකි අතර පොදුවේ මේවා consanguinous marriages හැටියට සැලකෙනවා.

මෙයින් පරම්පරාවක ප්‍රබල ජාන පිටත නොයවා තව තවත් ප්‍රබල කල හැකිවා සේම රෝගකාරක හෝ නිලීන ජානද සංකේන්ද්‍රනය වීම නිසා පරම්පරාවම නෂ්ට විය හැකියි.

එක් කුස උපන් අය අතර විවාහ සමාජ විරෝධී අසම්මත දෙයක් ලෙස පිලිකෙව් උනත්, මිසරයේ, යුරෝපයේ පවා වංශවත් පවුල්වල මෙය සිදු උනා; රාජ්‍යය, දේපල ආරක්ෂා කර තමන්ටම තියා ගැනීමට. එයින්, නොයෙක් දරුනු ආබාධවලට ලක්ව, එම පවුල් නැතිවී ගියා.

සමහර ප්‍රාථමික ගෝත්‍රවල 'ගෝත්‍ර ලකුණ' විදියට සැලකෙන්නේ...
සමහර ප්‍රාථමික ගෝත්‍රවල, ගෝත්‍ර ලකුන (Totem, දැන්නම් පවුලේ නම, වාසගම) හැටියට ඉදිරියට යන්නේ මවු පාර්ශ්වයේ ලකුන. මුල් සමාජ මාතෘ මූලිකව තිබී, පංති බේදය වගේම ලිංග බේදය (gender based stereotypic roles and behaviours) ක්‍රමයෙන් උත්සන්න වෙනකොට පීතෘ ගෝත්‍ර ලකුන, වාසගම පරම්පරාව ඉදිරියට යාම අතින් ජයග්‍රහනය කලා විය හැකියි.

දෙමව්පියන්- දරුවන්, එකම පවුලේ දරුවන්- දරුවන් අතර ඇතිවිය හැකි ලිංගික සම්බන්ධතාවයන්ට ඉතාම ප්‍රාථමික මිනිසුන් පමනක් නොව, අප අයත් වන ආදි ලෝක වඳුරන් ඇතුළු ප්‍රයිමේටාවන්ම අසම්මත ලෙස බැහැර කරනවා.

1983; කලු ජූලියට පස්සෙ;

නර්මදා….
මම එහෙම ඇයව හඳුන්වන්නම්. නර්මදා කියන්නෙත් ඉන්දියාවේ පූජනීය ගංගාවක්.

මට වයස දොලහමාරයි. ඇයට වසර දහයක්?.. විය යුතුයි.

නර්මදා කියන්නෙත් ගංගාවක්.......
මලගෙදරක්. මිත්තනිය දීර්ඝ කාලයක් රෝගාතුරව සිට නොසිතූ වෙලාවක මියගිහින්.  රටේ නොයෙක් දීපංකරවල විසූ ඇගේ දූ පුතුන්, සිය පවුල් සමඟ මලගෙදරට ලඟාවෙමින් උන්නා.

දුරකථන දුලබ මෙම කාලය- ඉතා අමාරුවෙන්, ටෙලිග්රෑම් පිහිටෙන්, එහෙමත් නැතිනම් පනිවුඩකාරයින් නෑදෑයන්ගේ ගෙවල්වලට ගිහිල්ලාම මලගෙවල් දැනුම් දිය යුතු කාලයක්. දේහයේ අවසන් කටයුතු මේ නිසා දවස් දෙකක් තුනක් නෙමේ, දවස් පහක් හයක් ගිහිල්ලා සිදු කරනු ලැබූ කාලවකවනුවක් මේක.

ගෙදර බිත්තිවල ඡායාරූප ගැලවුනා. ලහි-ලහියේ මකුලු දැල් කැඩෙන්නත්, ගේ දොර අතුපතු ගෑවෙන්නත් උනා. අවට ගෙවල්වලින් ලැබුන ආහාරවලට අමතරව වරින්-වර මලගෙදරට එන මහ සෙනඟට සංග්‍රහ කිරීමට පිටත ඇටවුනු මඩුවක නිරන්තරයෙන්ම කෑම පිසුනා.

අපි; ලමයි- නෑදෑ ලමයි ගේ පුරා දුවමින්, කාඩ් ක්‍රීඩා කරමින්, දාම් අදිමින්, කැරම් ගසමින් ඉඳහිට වැඩිහිටියන්ගේ උදහසට ලක් වෙමින් හිටියා.

ළමයි ගේ පුරා දුවමින්...... සෙල්ලම් කරමින්....
මම මලගෙදර; සාලයෙන් කාමරවලටත්, කාමරවලින් ඉස්ටෝරු කාමරේටත්, එතනින් කුස්සියටත්, කුස්සියෙන් එලිමහනටත් ආදී වශයෙන් සරමින් හිටියා; ගහකින් ගිලිහී පාවී පතිත වෙන කොලයක් වගේ.

නර්මදා පාසල් ගවුමකින් හිටියේ. බොහෝ දුර ඉඳන් මෙහේ ආපු ගමන්
යන්තමට ඉහලට වක්වූ නැහැයත්, දෙකොපුල් මත ඉදිරියට ආපු ඇගේ කෙහෙරැලි දිහාත් මම බලාගෙන හිටියා.
මා ගැන වගේ වගක් නැතිව අනිත් ලමයින් සමඟ සෙල්ලම් කරමින් තොරතෝංචියක් නැතිව මොනවද තොඳොල් හඬින් කියවමින් සිටියා.

නාඳුනන අය ඉස්සරහ කොහොමටත් කුලෑටි මම, හොඳටම කුලෑටි වෙන්නත්, විනීත වෙන්නත් උනා.... අසලක පහලක ඉන්නා විට; අපි මලගෙදර වාසය කල ඊලඟ දින කිහිපයේදි.

ඉතා පහසුවෙන්ම මරි වැඩ කර වැඩිහිටියන්ගෙන් ගුටි කෑ ඉතිහාසයක් හිමි මම, පුලුවන් තරම් ඉදිරියේදී මගේ මස්සිනාලා සමඟ දබරවලට නොපැටලී ඉන්න වෑයම් කලා.

ඇය ගැන පරිපූර්ණ දෘෂ්‍ය ලොග් පොතක් නඩත්තු කරන තරමට............. 
දිගටම ගැන දෘෂ්‍ය ලොග් පොතක් පවත්වාගෙන යන පරිද්දෙන්, ඈව නිරීක්ෂනය කරමින්, මිත්තනියගේ භූමදානයත් අහවරව හත් දවසේ දානය දානය ඉවර වන තුරුත් සිටි මුත්, සමඟ වචනයක්වත් කතා කර තිබුනේ නැහැ මම.

මට දැනුනේ මම ඈව දීර්ඝ කාලයක් තිස්සේ දැන සිටි බවක්.

හදිසියේ මුන ගැසෙන නාඳුනන්නියක් කොහොමද එහෙම සමීපයි කියලා දැනෙන්නේ, කතා බහ නොකලත්?
පෙර භවයේ හමුවීම නිසා ? ආත්ම කී දහසක, නාට්‍යයක චරිත මාරු කරන පරිද්දෙන්,  ශරීර කූඩු මාරු කරමින් අපි සසර පුරා ඇවිදලා ඇත්ද? ඒත් මට දැනෙන දේ ඔබට නොදැනෙන්නේ ඇයි?
යන්තම් මතකයක් තිබ්බත්, ආත්මයෙන් ආත්මය, වැසී ගිය ස්තර වගේ; ඔබේ මනසට පෙනෙන්නේ නැහැ; මතක නැහැ.

ශ්‍රී ක්‍රිෂ්නා භගවද් ගීතා  ශ්ලෝක ගායනය ආරම්භයේ දී අර්ජුනට පවසනවා
'අර්ජුන, මේ විනාශ කල නොහැකි යෝග ධර්මය, විශ්වය ආරම්භයේදි මම සූර්ය දෙවි විවාසට පැහැදිලි කලා; විවාස මෙය ඉගැන්නුවා මනුෂ්‍ය වර්ගයාගෙ පියා වන මනූට…’

ජන්ම ගණනාවක් ඔබත්, මාත් එකට සැරිසැරූ නමුදු ඔබට ඒ බව අමතකය!
එසේ වන්නේ කොහොමද ක්‍රිෂ්න? හිරු දෙවි ඔබට වඩා වයසයි.’

එවිට ශ්‍රී ක්‍රිෂ්නා පවසනවා, ‘ජන්ම ගනනාවක් තිස්සේ ඔබත් මමත් සැරුවා එකට. මට සියල්ල මතකයි, ඒත් ඔබට මතක නෑ!

(භගවද් ගීතාව; 4 වැනි පරිච්ඡේදය: මේ දල පරිවර්තනය මගේ). 

මම ක්‍රිෂ්නා නම්!

1984-1985


ඇගේ දෙමව්පියෝ මගේ දෙමව්පියන්ට ආරාධනා කලා පාසල් නිවාඩු කාලයේ දින කීපයක් එහි ගත කරන්න. පැය ගනනක ගමනකින් පසුව අප එහි සේන්දු උනා. කිසි අරමුනක් නැතිව වුනත්, මම මොකද්දෝ ඕනෑකමකින්, බලාපොරොත්තු සහගත බවකින් එහි ගියේ.

මතකද සිරි දළදා වැන්දා?
මගේ කුලෑටි බව මාව හොඳටම අන්තරාවර්තී කලා යැයි කියන්න පුළුවන්

සහ අපේ නංගිලා තිස්සේම නිදහසේ; සාලයේ නැත්නම් කෑම කාමරයේ, එලියෙ බංකුව උඩ, පහල ලිඳ ගාව
මම ඉස්සරහ කාමරේ, ඇඳ කොනක ගුලිවෙලා; එලියේ සරන්නට ගොස් ඇය මූනට මුන ගැහුනොත් කොහොමද ඉන්න ඕන, මොනවද කතා කරන්න ඕන වගේ දේට උත්තර නැති නිසා

මම ඇඳක් යට තිබු පරන පත්තර මිටියක් අරගෙන කිහිප දවසක් තිස්සේ අනුලෝම-ප්‍රතිලෝම  වශයෙන් ඒවා කියවන්නත් පුනරීක්ෂනය කරන්නත් උනා, අවට සිදුවුන දේට හොඳින් කන් යොමා ඉන්න අතරම.

මම පුලුවන් තරම් අවධානයට ලක් නොවී ඉඳ, අවධානය දිනාගන්න හදන බව දැනුනා මටම.

දිනක් කට්ටිය කතා උනා, අපි යමුද නුවර දලදා මාලිගාවට?එහෙ ඉඳල මාලිගාවට ඇත්තේ බස් එකෙන් පැය එකහමාරක දුරක්.

බස් එකේ එකට නුවර යන්න.... මල් දෝතට අරගෙන දළදා හාමුදුරුවන්ට පූජා කරන්න....
බස් එකේ එකට යන්න; රටාවට සැකසූ මල් අරගෙන අපි එකට දලදා වඳින්න; ඡායාරූපවල තියෙන පත්තිරිප්පුවට ගිහින් අවට සිරි නරඹන්න; කඩචෝරු කෑම කකා ප්‍රීතියෙන් ආපහු එකට එන්න

ඒත් දෙපාර්ශ්වයේම පියවරු එතැන නොසිටි හෙයින් ඔවුන්ගේ අනුදැන්මකින් තොරව, එවන් ගමනක් යාම නුසුදුසු බව අපගේ මව්වරුන් තීරණය කලා.

මට තවම මතකයි; අපි සිරි දලදා වැන්දේ නෑ. ඊලඟ දවසේ අපි ආපහු කොලඹ එන්නත් නියමිතයි.

එදා දිවා ආහාරයෙන් පසුව අපේක්ෂා බිඳ වැටුනෙක් පරිද්දෙන් මම අසල තැනකින් වෙලට බැස, නියරක් දිගේ ඔහේ ඇවිදගන ගියා. ගොහින්, පන්සලක් අසල තිබූ ගුරු පාරට ගොඩවී, ගම්මානය මැද්දෙන් ගොස් තාර පාරකට වැටුනා
වටපිට දකින කුඩා ගෙවල්, මිදුල්වල සෙල්ලම් කරන ලමුන්, කඩපිල්වල රංචු ගැසී වල්පල් කතා කරන මිනිසුන්, ඉඳහිට තාර පාරේ යන මෝටර් රථ මගේ මනස හරහා ගියා හැඟීමක් ඇති නොකර

බියවී ආපසු හැරුණු මම මතක සලකුණු ඔස්සේ .......
නොදැනීම මහා ටවුමකට බව දැනුනු මම බිය වී ආපසු හැරුනා. කෝකටත් ඔලුවේ තබාගෙන මඟ සලකුනු බලා ගෙන ආපසු ඇගේ ගෙදරට මම යන්න පිටත් වුනා. ගෙදරට ලං වෙද්දී හැමෝම මාව හොයන්න පටන් අරගෙන කලබල වෙලා. මූනුවල චකිතය ඇඳිලා.

නර්මදා ඉස්සරහින්ම. අයියා කොහෙද ගියේ? අපිව හොඳටම බය කලා ඔයා…”

මම අවධානය සොරා ගන්නේ සියුම්ව. I am a passive aggressor…

හින්දු භක්තිකයෝනමස්තේකියා තවකෙකුට ආචාර කරද්දී ඉන් ගම්‍යවන සැබෑම අරුත වන්නේ මම ඔබ තුලත් මා තුලත් වැඩ හිඳින දිව්‍ය ආත්මයට, පරමාත්මයට ගෞරවාචාර කරමි’ කියන එක; මුළු විශ්වය පුරාම පැවතෙන පරමාර්ථය එකිනෙකා තුල සිටින බැවින් මෙසේ කීම ඔවුනට අනුව යුක්ති යුක්තයි.
(Namaste; I honour the place in you in which the entire universe dwells. I honour the place in you that is love, truth, light and peace. When you are in this place in you, and I am in this place in me, WE ARE ONE- පරමාත්මය)

මා යමෙකු වෙත ආකර්ෂණය වන්නේ, මා තුළ වැඩවසන දිව්‍යාත්මය මට පෙන්වන කැඩපතක් බවට ඔහු හෝ ඇය....
මේ අනුවයි, ඔවුන් අන්‍යොන්‍ය ආදරයද අර්ථ දක්වනු ලබන්නෙ.

කෙනෙකු දුටු විට මගේ හිත ඇදී යන්නේ, ආකර්ෂනය වන්නේ මා තුල වැඩ වසන දිව්‍යාත්මය, එම පුද්ගලයා එම අවස්ථාවේ කැඩපතක් වගේ මටම පිලිබිඹු කරන නිසා;  කොටින්ම කීවොත් මම දිහා බලද්දී හැඟෙන ආදරයෙන්, මම දකින්නේ මා තුලම මම දකින්න අපොහොසත් උත්තරීතර, දිව්‍යමය මමමයි.
ආකර්ෂනයේ ඉන්න තාක් කල්, මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම lost in love, නැත්නම් fallen in love.

අනික් අතට මම අඩු ගානේ මේ අවස්ථාවේදී මගේ කුඩුකේඩු, පටු නොවටිනා එදිනෙදා ජීවිතයෙන් මුක්තව ආධ්‍යාත්මිකව ආදරයම වෙනවා.

ඒත් ඊට පස්සෙ....  

15 comments:

  1. මරේ මරු...කවුද කියන්නේ හිටපු ගමන් නොදන්න මිනිස්සු ඇවිත් මැණික් මලු දීලා යනවා, කෝටි ගණන් වටින චෙක් දීලා යනවා, අලි පැටවු අමතක කරලා යනවා, අයිතිකාරයෝ නැති ගෙවල් හැදෙනවා වතු මැද්දෙ වගේ කතා විශ්වාස කරන්ඩ අමාරුයි කියලා...මේ එහෙම දෙයක් වෙලා තියෙන්නේ ලොකාගේ පතරංග ජාතකේ...ආ වැරදුනා නිදිගෙ පංච තන්තරේට!!!
    ඔය නෑදෑ ක්‍රමය සිංහල පීතෲ මූලික සමාජය කියන ඇටවුමේ ගලන්නේ මවගේ සහෝදරියන්ද පියාගේ සහෝදරයන්ද එක පවුලේ සාමාජිකයන්‍ ය කියලා උපකල්පනය කරමින්...මේ හින්දම බින්න විවාහයකදී උනත් ලොකු ගැටලුවක් නැතුව නෑදෑකම පැහැදිලි උනා...මං හිතන්නේ මේ පවුලේ ලග නෑදෑයින් අතර විවාහ පටන් ගත්තේ දේපොල විසිරී යෑම වලක්වන්ඩ වෙන්න ඕන...දේපොල කිව්වහම 'බලයත්'ඇතුලත්....
    ලොකා ආයස්මන්ත මහත්තයාම බ්ලොග් එකක් පටං ගන්නේ නැත්තේ ඇයි? එතුමා බස් මැවිසුරෙක් බව මේ ලිපියෙන්ම පැහැදිලියි...
    එතුමා න-ණ-ල-ළ භේදය නොසලකන්නේ නම් ගෙදරදී කෙසේ වුවත් පිට තැන් වලදී තණ මත ඇවිදිමින් හෙළුවෙන් වනන්නට එපා යැයි ඔවදනක් දෙන්න!!!

    ReplyDelete
    Replies
    1. ලොකූ, මං අදම උන්නැහේට පණිවිඩය දෙනවා.

      ලොකූ දන්නවද, මම පෝස්ටුව හදලා උන්නැහේට යැව්වා විරුද්ධ නම් කියන්න. "යකෝ, තෝ දන්නවා නේද මං න-ණ-ල-ළ නොතකන බව" කියලයි මගේ ඇඟට ගොඩ වුණේ. ඉතින් වරුවක් තිස්සේ ආයෙම හැදුවා උන්නැහේගේ ක්‍රමයට. (එහෙම කරන්න කියලා නං කිව්වේ නැහැ) හිතේ තිබුණු තරහටමයි එයා එහෙම බව ලිව්වෙත්. එහෙම කළේ උන්දැට අන්නන්න කවුරු හරි ලවා. ".... මම ඕනේ කෙරුමෙක් එක්ක ගහගන්න වුනත් ලැහැස්තියි ඒකට විරුද්ධ නම්." කියලත් එවෙලේ කට-පට්ට ඇද්දා.

      ඉතින් වාදෙකට ගිහින් මාත් ගහගන්නයැ? කවුරුන්ම හරි ලවා ගස්සන්නයි හදන්නේ.බලමු....!

      මාත් කියනවා දොස්තර රාජකාරිය අස්සෙම වුණත් ලියන්න කියලා... ඒත් මනුස්සයා ලියන්නේ කලාතුරකින් වගෙයි, වැඩ වැඩි නිසා වෙන්නැති.

      Delete
    2. මම දොස්තර මහත්තයාට මේ ගැන කියලා කිව්වා එයාටමත් උත්තරයක් ලියන්න කියලත්.

      Delete
  2. මේක පළකළාට ගොඩක් ස්තූතියි නිදි. මේ දොස්තර මහත්තයා නම් මගෙ නැතිවෙච්ච නිවුන් සහෝදරයා වගේ කියල හිතුණා. මාර අධ්‍යයනයක් එක්ක ජීවත් වෙන කෙනෙක් කියා පේනවා. භගවත් ගීතාව සහ ඒ ආදී අනික් දේවලට මම ගොඩක් ම හීලැයි. එතුමා බ්ලොග් එකක් ලියනවනම් මාසෙකට එක ලිපියක් හරි පළ කෙරෙන... ඒක ලොකු අඩිවක් පුරවයි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම නරකක්; පමාවීමක් වුනත් හොඳ අතට හැරිලනේ ඩ්රැකී මහත්තයෝ.

      දොස්තර මහත්තයා ගැන ඉරිසියා කරන්න වටිනවා. දැන් වැටහෙනවා නේද මනුස්සයා අප්ඩේට් වෙන තරම.

      මම කිව්වා වෙනම කැටගරි එකක් දාලා එයාට ලියන්න දෙන්නන් කියලා. බලමු ලු.

      Delete
  3. මේ බ්ලොග් එක දොස්තර මහත්තයට ම දෙන්න දිසානායක මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. මම දැනගෙන හිටියේ නැහැනේ කසුන්, ඔයා මාව අවතැන් කරන්න කැමති කෙනෙකු බව!
      තරහ වෙන්න එපා, විහිලුවට කිව්වේ.
      ඒ යක්ෂයාට කොච්චර කිව්වද ලියන්න කියලා. එහෙම පටන් ගත්තොත් දිගටම ලියන්න වෙනවලු.

      ඔයාලාගේ ඉල්ලීමුත් ඉදිරිපත් කරලා පොරොන්දු කරවාගන්න තමයි try කරන්නේ....

      Delete
  4. https://blogs.ucl.ac.uk/researchers-in-museums/2018/08/16/consanguinity-and-incest-in-ancient-egypt-2/comment-page-1/

    https://blog.ipleaders.in/incest-in-india/

    ReplyDelete
  5. එකම බ්ලොගයට දෙතුන් දෙනෙක් එකතු වී ලියන එකෙන් ලොකු විවිධත්වයක් ලැබෙනවා. එහෙම ලිව්වේ පංච තන්තරේ තියන විවිධ මාතෘකා වල හෝ ලිපි වල විවිධත්වයක් නැති නිසා නොවෙයි. තනිකරම වෙනස් පුද්ගලයෙකුගේ අදහස්, ලිවීමේ රටාව ආදිය නිසා පැහැදිලි වෙනසක් තියනවා. දොස්තර මහත්තයටත් බ්ලොගයක් ලියන්න වෙලා නැතිනම් ඉඳ හිටලා පංච තන්තරේට ලිපියක් ලියන්න පුළුවන්නේ !!

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා සෑම්. ඇත්තම කිව්වාට ස්තුතියි. මාත් මෙහෙම විවිධත්වයට කැමති කෙනෙක්නෙ.

      හැබැයි මේකට ලියන්න කියලා නම් කිව්වේ නැහැ. බ්ලොගයක් ලියනවා තියා හිතලවත් නැති කාලෙක තමයි මම හරෝහරා- පළමු පාද යාත්‍රා ගමන ගැන ලියු පොතට දොස්තර මහත්තයා, මර්වින්, අපේ සුනිල් එහෙම ලව්වා, සමහර තැන් ලියවා ගත්තේ... එයාලගේ කෝණයෙන්. එහෙම කොටස් කිහිපයක් 'හරෝහරා' posts වලටත් දැම්මා මතක ඇතිනේ.

      දැන් කට්ටකාඩුවේ ලොකූ, ඩ්රැකී, අහසින් එන්න එකේ කසුන්, ඔයා වගේම කමෙන්ට්ස් නොදැන ය වුනත් දොස්තර මහත්තයාත් ඉඩ තියෙන වෙලාවක හරි මේකට ලියනවා නම් කැමතියි කියලා වැටහෙනවා. Pra Jay වුනත් සහලේ ඥාති විවාහ ගැන ලිනක්ස් දෙකක්ම එවලා තිබුනේ ලිපියට අකමැති නිසා වෙන්ඩ බැහැනේ.

      මේ සිකුරාදා හිටං ඉරිදා වෙනකන් දොස්තර ජලාහුටන් ඇතුළු අපේ සෙට් එක දඹේතැන්නේ යනවා. එහෙදි ඉඩක් ලැබෙන හැම වෙලේම මම උන්දැට වාතයක් වෙන්න හදන්නේ ඔයාලා ගැනත් මතක් කර-කර.

      මට අමතක නැහැ තව මහත්තයෙකුත් එයාගේ ජීවනාන්දරය ලියන්න හිතන් ඉන්නවා. තමුන්නැහෙටත් මතකයිද?

      Delete
  6. ඔබ සදහන් කරන මිස්කින් ජර්මන් ටෙක් එකේ ඉගෙනගත් කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. මං දන්නා තරමින්. මේ පෝස්ටුවේම එයාලගේ පවුලේ ෆොටෝ එකක් තියෙන්නේ.

      Delete
  7. "රෑ පැල් රකින " ගීතය මම කැමතිම එකක්. ලිපිය හඳුන්වා දුන්නට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ කෙනෙකුගෙන් එහෙම අහන්නට ලැබීමත් සතුටක්. මේ අයස්මන්ත මහත්තයාම තමයි 'හැඟුම් දඩමීමාට වහංවී' ලියන්නෙත්!
      https://nidigepanchathanthare.blogspot.com/2020/06/blog-post_69.html

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්