li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, August 15, 2020

ආදර පූජාසනේ - දෙවෙනි කොටස

නෑ නෑ, ගෑනු යාළුවෙක්.... ඔයාම කතා කරලා බලන්නකෝ...

දහනායක සර් එවලේම දුරකතන ඇමතුම ගත්තේය; කතා කළේය; මට ඉඟි මැරුවේය!

“සුනන්ද.... මගේ යාළුවෙක් ඉන්නවා මෙතන..... නෑ නෑ, පිරිමි යාළුවෙක් නෙවෙයි.... ගෑනු යාළුවෙක්... ගොඩක් දේවල් දන්නවා.... කතා කරලා බලන්නකො....” හිසෙන් සන්කොට මට එතනට එන්නැයි කී දහනායක සර් ටෙලිෆෝනය මගේ අතට දුන්නේය.

සීත කඳුකර තැපැල් කන්තෝරුවක සිට සුනන්දගේ කටහඬ ගලා එමින් තිබෙන සැටි මට ඇසිණි......

ඒ කටහඬ මහීගේ තරම් තාරුණ්‍යයෙන් පිරි එකක් නොවීය; තරමක් තැන්පත් එකක් විය. “ඉතින් කොහොමද නිමාලි....”

හිත කීරි ගැසී ගියේ ඒ ප්‍රශ්නයත් එක්කමය. දහනායක මහත්තයා සුනන්දට මා කුලවද්දා තිබෙන්නේ ඒ නමෙන්ය. දැන් හැරෙන්නට බැරිය. මට පැවරී තිබෙන්නේ ඒ චරිතය රඟන්නටය. මම කිසිවක් නොකීවෙමි. සමහර තැනකදී නිශ්ශබ්දතාව වඩාත්ම දොඩමලුය! මගේ ඒ උපාය හරි ගියේය; සුනන්දම දෙවෙනි ප්‍රශ්නයත් ඇහුවේය.

“මොකද ඔයා ගොළු වෙලා?’

“ගොළු වෙලා නෙවෙයි... මම මේ කල්පනා කරනවා...”

“කල්පනා කරනවා...? මොනවද අප්පේ ඔය වයසට ඔය හැටි කල්පනා කරන්නේ...”

“වයසට කියන්නේ ඔයාද මගේ පෙකණි වැල කැපුවේ?”

අනෙ අම්මෝ.... මේ රැජිනිට යන තරහක්....

“අනෙ අම්මෝ... මේ රැජිනිට යන තරහ!.... ෂේප්, ෂේප්... තරහ නැතිව කියන්නකෝ, ඔයා මොනවද ඔය හැටි කල්පනා කරන්නේ කියලා....” මගේ බොරු අමනාපය තේරුම් ගත්තා වගේ සුනන්ද හිනැහෙමින් කිව්වේය.

“ඔයාට කතා කරන්නේ කවුරුය කියලද කියලා මට හිතාගන්න බැරි වුණා තවම.....”

“ඒක කොහොමද ඔච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ....”

“මේකයිනේ.... දහනායක මහත්තයා ඔයාට සුනන්ද කිව්වට මාත් කොහොමද එහෙම කියන්නේ? ඔයාගෙ තරාතිරම- වයස- තත්ත්වේ සේරටම ගැළපෙන විදිහට බලලා එපාය කතා කරන්න ඕනේ.”

“ඔයා මරුනේ නිමාලි.... වෙන කෙල්ලෙක් නං ඔච්චර හිතන්නෙ නැහැ. බඃ ගාලා නම කියයි....”

“ංආ, ඔය අහු වෙන්නේ.... හොර ගෙඩියා. මෙයා මේ අනිත් කෙල්ලෝ ගොඩා...රියක් එක්ක කතා කරනවා වගේ නේද මාවත් කතාවට අල්ලා ගන්න හදන්නේ?” වචන එක එල්ලේ කිව්වත්, ඒවායේ බරපතළකම හෑල්ලු වෙන විදිහට ‘tone’ එක; කටහඬේ තානය හුරතල් කළාම හරිය.

“අනේ නැහැ නිමාලි. සත්තයි! මේ ඔයා වගේ එක්කෙනෙකුට කතා කරනවාමයි.....  Mister දහනායකගෙන් අහන්න ඕනි නම්.”

“අනේ මම ඒ වැඩේට නං ආසම නෑ, ඒක හරි ජරා වැඩක්නේ.... එක-එක්කෙනාගෙන් තව අය ගැන අහන එක.”

වෙලාව ගත වෙනවා අප දෙන්නාට දැනුණේ නැත....

පළමු කතාබහේදීම මං ලකුණු රැස් කරගත්තේ එහෙමය. අපේ කුළුඳුල් සංවාදය පැය බාගයකටත් වඩා ඇදිලා ගියේ අප දෙන්නාටම නොදැනීය. ඒ සංවාදය අවසන් වෙද්දී මම ඔහුට සුනන්ද කියා අමතන්නට පුරුදුවී සිටියෙමි. පසුවදාත් මට අමතන බව කියමිනි සුනන්ද විරාමයට එළැඹුණේ.

“සුනන්දත් හරි කතාකාරයා නේද, ඔයා වගේම.” දහනායක මහත්තයා ඇහුවේ මා කාමරයෙන් පිටතට එද්දීය. “මිනිහා ඔයාට මොනවද කිව්වේ?”

“... හෙටත් කතා කරන්නම් කිව්වා. දැන් අපිට ෆෝන් එකක් ගන්නයි සර් වෙන්නේ. අරහෙන් මහී, මෙහෙන් සුනන්ද.... දෙන්නටම මාත් එක්ක දිගට කතා කරන්න ඕනිලු.... විනාඩි දෙක තුන කතා කරලා මදිලු. ඉතින්... තිස්සෙම සර්ලට කරදර කරන්න .....”

“මොන කරදරයක්ද නිමල්.... සමහර වෙලාවට දවස් දෙක තුනකට සැරයක්වත් අපිට call එකක් එන එකක්යැ? කෝල් එකක් එන වෙලාවටවත් ඔයාලා වගේ කෙනෙක් ඇවිත් යන එක කොච්චර එකක්ද? අපිත් ඉතින් රස්සාව කරනවා තමයි. ඒත් මේ ළමයි එක්ක කතාබහක් කරන්න කියලය?” දහනායක සර් හීල්ලුවේය!

පහුගිය අවුරුදු කිහිපයේ නම් ළමා නිවාසයේ එහෙම පාළුවක් තිබ්බේ නැති තරම්ය.

දිදුල මන්තුජ පුතාගේ උපන් දිනයදා.............


දැන් අපේ ගෙදර තියෙන්නේ ‘පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ’ අල්ලපු වැටේය. එහෙම වෙලාත් ඉස්සර වාගේ එහාට යන සිරිතක් මට නැත. අවුරුදු පහළොවකටත් එහා දවසක ‘තුම්පනේ වර්ගයේ මෝඩකමක්’ කළාට පස්සේ මං එහාට ගිහින් තියෙන්නේ දෙතුන් වතාවකි.

අවුරුද්දකට කලින් නම් හැමදාම වාගේ ඒ පැත්තෙන් ‘Happy birthday to you’ ගයනවා ඇහෙමින් තිබිණි.

ළමුන් 20-30ක් ඉන්නා තැනකින් එහෙම ඇහුණේ ඒ දරුවන්ගේ උපන් දින සාද පැවැත්වෙනවාට නොවේ. ඔබේ, මගේ වගේ අයගේ B’day සැමරෙන හින්දාය. පෙරේදා (2020.8.9) දිදුල මන්තුජ පුතාගේ උපන් දිනයයි. එදා සුපුරුදු විදිහටම; හැම අවුරුද්දකම කරන විදිහට දිදුලගේ මව්පියෝ ළමා නිවාසයේ ළමුන්ට දන් වේලක් පිරිනමා ඇවිත් ගෙදරදී පාටියකුත් දැම්මෝය.

“පව් නිමල් මාමේ, කොරෝනාවලින් පස්සේ ළමා නිවාසෙට ඉස්සර වගේ කට්ටිය එන්නෙත් නැහැල්ලු, මේ දවස්වල අඩුපාඩුත් ගොඩයිලු..... මිනිස්සු කැමති උයාගෙන ඇවිත් දානේ දීලා බර්ත්ඩේ කේක් එහෙම කපලා සංග්‍රහ කරන්නනේ.... බඩු ගෙනත් දීලා යන්න නෙවෙයිනේ...”

‘ඒ නිසාද කොහෙදය, ළඟකදී ඒ පැත්තෙන් අර සිංදුව ඇහුන්නැත්තේ’ මම සිතුවෙමි.

අලුත් මැති-ඇමැතින් දිවුරුම් දෙන සුබ මොහොතේ.......

“.... ඔව්, නිමල් මාමේ. ළමා නිවාසේ බෝඩ් එකකුත් එල්ලලා තියෙනවා ඕනි කරන දේවල්වල ලැයිස්තුවක් ලියලා.... පුළුවන් අයට ගෙනත් දෙන්නලු කියලා....”  මටත් උපන් දින කේක් දෙමින් නිරෝෂා; දිදුලගේ අම්මා කීවාය!

අගෝස්තු 12 බදාදා අලුත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන සුබ මුහුර්තයෙදී මම පිරිමි ළමා නිවාසයට ගියෙමි. වර්තමාන තත්ත්වය ගැන ලිව්වාට කමක් නැතිදැයි අහගන්නටය. දැන් නිවාසයේ පාලන කටයුතු කරන්නේ කේ.එම්. නිශාන්ත මහත්මායි. “බොරු නෙවෙයිනේ නිමල් මහත්තය කියන්න යන්නේ... කියෝපු කවුරු හරි උදව්වක් කළත් අපේ දරුවන්ටමනේ හොඳක් වෙන්නේ.”

වත්තේ පොල් කඩන්නට ගියත් මේ ලියන්නා නම් හතර මායිම හොයා බලන ජාතියේය. නිශාන්ත මහතාගෙනුත් ගොඩාක් දේවල් දැනගන්නට පුළුවන් වුණේ එහෙම නිසාය.

“අපි සල්ලි නම් මෙහාට භාර ගන්නෙම නෑ. වියළි ආහාර, අවශ්‍ය දේවල් විතරයි පිළිගන්නේ. එව්වාත් පොතක ලියලා, සහතික කරලයි ගන්නේ.....” පොඩි සංග්‍රහයකට ගන්නැයි මා ගෙනගිය බිස්කට් පෙට්ටියත් පොතේ ලියමින් නිශාන්ත මහතා කිව්වේය.


කමක් නෑ. කියවන කාට හරි උදව්වක් කරන්න හිතුණොත්..........

“මම ආව දවසේ ඉඳලා නිවාසේ ළමයින්ගේ foto ගන්න ඉඩ දෙන්නෙ නෑ. උපන් දිනේකට සංග්‍රහයක් ගෙනාවත් කේක් කපලා, සිංදු කියලා එයාලට විතරක් සෙලිබ්රේට් කරන්න දෙන්නෙත් නැහැ. හැබැයි නිවාසේ ඉන්න හැම ළමයෙකුගේම උපන් දිනේ දවසට අපි පොඩි කේක් එකක් කපලා, තෑග්ගක් දීලා පුංචි උත්සවයක් ගන්නවා. එයාලත් දරුවොනේ...” නිශාන්ත කිව්වේ මගේ දෙනෙතටත් කඳුළු නංවමිනි.

“මම සර්ගේ නමයි, නිවාසයේ ටෙලිෆෝන් නොම්මරෙයි බ්ලොග් එකට දාන්නද, කාට හරි තව විස්තර ඕනි වුණොත් අහගන්න.” එහෙම අවසර අරගෙනය මේ ලියන්නේ.

පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානය, 213, පමුණුව පාර, මහරගම- එහි ලිපිනයයි. දුරකථනය: 0112 850 328ය.

ඒ ටික ලිව්වේ මගේ පරණ ණයෙන් ටිකාක් හරි ගෙවා දමන්නටත් එක්කය; කෙනෙකුට යහපතක් කරන්නට කැමත්තන්ට ඔත්තුවක් දෙන්නටත් ඒකකය!

හදවත ගැහෙන; නාඩි වැටෙන මනුස්සයෙකුට කන- බොන- අඳින පලඳින දේවල් විතරක් තිබිලා ඇතිද? අපට මනුස්ස ආස්සරේකුත් ඕනෑය! එහෙම නැතිව ගියෝතින් පිස්සු හැදෙනවා නේද?

අපිත් ඉතින් හිරේක දාලා වගේ කොටු කරලා තමයි මේ රස්සාව කරද්දී....

“...ඒකනෙ නිමල්. අපිත් ඉතින් හිරේක දාලා වගේ කොටු කරලා තමයි මේ රස්සාව කරද්දී.... එහෙම එකේ වටපිටාවේ කෙනෙක් ආවාමත් සතුටක්... අපට ඇති කරදරයක් නෑ.... ඔයා ඇවිත් ෆෝන් එක පාවිච්චි කරන්න. ඔයා calls ගන්නවා නෙවෙයිනෙ. එයාලා ඔයාට කතා කරන එකනේ! වියදමක් යන එකක්යැ.....” එදා දහනායක මහත්තයා කිව්වේය.

එකල ළමා නිවාසයට යන-එන මගේ ගමන්, යළිදු වතාවක් සිය ගුණයකින් වැඩි වෙන්නට පටන් ගත්තේ එතැන ඉඳලාය.

“සුනන්ද මොනවද ඇහුවේ? මට හොඳටම ෂුවර් මිනිහා අද රෑට ආයෙමත් මට කතා කරනවා.... ඔයා ගැන අහන්න.... ඔයා මොනවද කිව්වේ?”

“එහෙම එක පාරටම විස්තර කියන්න හොඳ නැහැනෙ සර්. එතකොට කිසි ගතියක් නැතිව යනවනෙ. මම එයාට ගැඹුර දුන්නා... සර් එයාට කියන්න තියෙන්නේ අහන දෙයක් මගෙන්ම අහගන්න කියලා. එතකොට සර්ගේ ඇඟ බේරිලා... පස්සේ දවසක වුණත් සර්ට දෝෂාරෝපණයක් කරන්න සුනන්දට බැහැනේ....”

“පුදුමයි මනුස්සයා ඔයා එක්ක pal වෙච්චි එක.... මිනිහා කොල්ලෙකුත් නෙවෙයිනේ, තලත්තෑනි මනුස්සයෙක්නේ. ඔයාගේ වයසේ දරුවනුත් ඉන්නවා....”

පෙනෙන විදිහට නම් සුනන්ද හොඳ උගතෙක් වගේ.....

“හැබැයි සර්, සුනන්ද හොඳ උගත් මනුස්සයෙක්... කතා කරද්දී පෙනුණේ මට නම් එයාගෙනුත් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා වගෙයි....”

“ඔව්, ඔව්. උගතා විතරක් නෙවෙයි, මිනිහා කවියා! ගිය සතියේ ‘ප්‍රියාවී’ පත්තරෙත් එයාගේ නිසඳැස් කවි පෙළක් වැටිලා තිබ්බලු!”

ඒ වනවිටත් පත්තර පිස්සෙකුවී හිටි මම, දවස නිවසෙන් පළවුණු ‘ප්‍රියාවී’ පත්තරයේත් නිත්‍ය පාඨකයෙක් වීමි. දහනායක මහතාගේ ඔත්තුව ඔස්සේ ගිය මට ඒ කවි පෙළ හොයාගැනීම චුට්ටක්වත් අමාරු වුණේ නැත. කවි පෙළෙන් කියැවුණේ හුදෙකලාවේ වේදනාව ගැනයි.

කවියා හිඳින්නේ සීත කඳුකරයක නොවේ. මුහුදු වෙරළක තනියෙන්මය; තැවෙමින්ය.

එදා රාත්‍රියේම මමත් එයට පිළිතුරු කවි පෙළක් ලිව්වෙමි. (අනේ, එම කවි පේළි දෙකෙන් එකක්වත් සුරැකිව තිබුණා නම්....)

මට හොඳටම මතකය. නසරානි මා හැකිතාක් සුමුදු වදනින්; ළගන්නා අයුරෙන්; ළබැඳි විලසින් ලියුවේ ‘ළඟක ඉන්නවා නම්.... ඔබේ හුදෙකලාව මකා දමන්නට ඇත්නම්...’ කියන අරුත දෙන විදිහටය. ඒවා ලිව්වෙත් හැකිතාක් පරෙස්සමින්, හැඩට-රුවට-පිළිවෙලටය.

එහෙම පරෙස්සමක් නොවුණත් කමක් නැතිය. මගේ අත් අකුරු රවුම්ය; පිළිවෙලය; ලස්සනය. ‘නිමල්ගෙ අකුරු කෙල්ලෙකුගේ වගෙ’ කියලාත් සමහරුන් ඒ දිනවල කියා තිබිණි. (ඒ කාරණයත් මගේ වාසියට- සුනන්දගේ අවාසියට හිටියේය. එහෙම දේවලුත් උදව්වී, පුංචි උගුලක් ඇටවුණේ නොහිතූ-නොපැතූ අයුරිනි.)

එයා හිටියේ මුහුදු වෙරළක පට්ට තනියෙනි!

අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. පත්තරයේ තිබුණු නමට, සුනන්ද සේවය කළ තැපැල් කන්තෝරුවට, පසුවදාම ඒ ලිපිය තැපැල් කළෙමි.

තුන්වෙනි වතාවේ මා ටෙලිෆෝනයට යනවිට සුනන්ද උන්නේ අකනිටාවටත් වඩා ඉහළිනි. “ඔයාව අදහන්න වටිනවනේ..... කවුද දන්නේ ඔයා කවිකාරියක්ය කියලා... ඒ මදිවට ඔයාගේ අකුරු... හෙර! ඊයේ නිකමටවත් කිව්වෙ නැහැනෙ ඔයා ලියුමකුත් එවපු බවක්...”

“ඉතින් එතකොටනේ ඔයාට වැඩියෙන් සතුටු හිතෙන්නේ...”

සුනන්දගෙත් මගෙත් කතන්දරය විතරක් කියාගෙන ගිහින් හරි යන්නේ නැත. මහී ගැනත් කිව යුතුය..... එහෙම නේද? පළමුවෙනි දවසෙම දහනායක මහත්තයා සුනන්ද ගැන කී තොරතුරු අනුව, ඔහු ගැන චිත්‍රයක් මවාගැනීම මට අපහසු වුණේ නැත. ඒත් මහී? ඒ මනුස්සයා ගැන කාගෙන් අහන්නද? මහී ගැන මොනම දෙයක්වත් නොදැන අඳුරේ අත-පත ගාමින් .....

ඒත් හිතට එකඟව ඇත්තම කියනවා නම්, මට වඩාත් සතුටක්; ප්‍රමෝදයක් දැනුණේ මහී සමඟ සංවාදයේ යෙදෙන විටය. සුනන්ද එක්කලා පැවැත්වුණු අරුත්බර කතාබහේදී නොවේ. මට හිතෙන්නේ එය මනුස්ස ස්වභාවය බවයි.

අපි ත්‍රාසයට කැමති වෙමු; කුතුහලයට කැමති වෙමු; අන්තරායන්ට මුහුණ පෑමට- අවිනිශ්චිත තත්ත්වයන්ට මුහුණ දීමට කැමැත්තෝ වෙමු. සමාවෙන්න. ඔබ එසේදැයි මා දන්නේ නැත. මා නම් එසේය.

හරි වැරදි තීරණේ කරන්න මං දෙයියන්නාන්සේද?

“ඉතින්...” මහී මුල පුරයි.

“ඉතින් කිතුල් - නාකි පතුල්....” මම ඔලොක්කුවට කියමි.

“ඔහොම කියනකොට නම් ඔයාගේ චූටි කට තලන්නයි හිතෙන්නේ.....” මහී කිව්වේ හැඟුම්බර කෙළිලොල් හඬකිනි.

“ආාාාාාා හිතේ ඇති!”

“ඇයි, එහෙම හිතුවම නරකද?”

“මම කවුද ඔයා හිතන දේවල හරි-වැරදි තීරණේ කරන්න.... දෙවියන්නාන්සේයැ? මං අහල නං තියෙනවා, ඔයාලා වගේ අය ඔය කටට එන පරක්කුවෙන් නිකමට කිව්වට, කරන්න වෙලාව ආවොත් කියන දේවල් කරන්නෙ නෑ කියලා....”

“කරන්නෙ නෑ කියලා? කරන්නෙ නෑ කියලා? මේ මහී නං එච්චර මෝඩ නැහැ බබෝ.... චුට්ටක් ඉඩ දීලා බලන්නකො කරන්නෙ නැද්ද කියලා.....”

“චීඊඊඊඊඊයා.. ඔන්න මං තියනවා......”

“එපා, එපා.... තියන්න එපා. ඕකනෙ කියන්නේ....මම නරක දෙයක් කිව්වද? වැරදි දෙයක් කිව්වද? ඔයා එක්ක බැහැනෙ, විහිළුවක්වත් කරන්න...”

මහීගේත් මගෙත් සංවාද ඔහොමය. ඒවායේ බරක් තිබ්බෙම නැතිය; හරයක්-අරුතක් තිබ්බෙම නැතිය. වෙලාව ගියා විතරය. එහෙත් ඒ කතාබහ එපා වෙන්නේ නැත; ඇතිවීමක් වෙන්නේ නැත. මහීට නිදහස තිබුණත් මට? බතික් වැඩපොළේ වැඩ තිබිණි; සුනන්ද එක්ක කතාබහටත් වෙලාව යොදාගන්නට තිබිණි.

කෙල්ල එහෙනං මගෙ ගැනත් හිතනවා.....

“මේ, මහී. ඔයාට මෙහෙම පැය ගණන් මාත් එක්ක කතා කරන්න ගියාම හොඳ බිලක් එයි නේද?” අන්තිමේදී මට කියැවිණි.

“කෙල්ල එහෙනං මගේ ගැනත් කරුණාවෙන් හිතනවා.....”

“පිස්සු.... මං ඇහුවේ.....”

“හරි, හරි. මම ඔයාට කියන්නම්කො. මම වැඩ කරන්නේ රේල්වේ ටෙලිෆෝන් එක්ස්චේන්ජ් එකේ..... මරදානේ.....”

ඒ දවස්වල මා දැනගෙන හිටි ටෙලිෆෝන් එක්ස්චේන්ජ් එකක් නැතිය. අන්ද-මන්දවී මොහොතකට මා නිහඬවූ බැවින් මහීටත් ඒ බව වැටහුණා විය යුතුය.

“මෙහෙමයි. එදා ඔයා දෙමටගොඩ රේල්වේ වැඩපොළට කතා කළා නේද? ඔයා කෝල් එක ගත්තම කෙළින්ම ඒක එන්නේ මෙහෙට. ඊළඟට අපෙන් කෙනෙක් ඒ ලයින් එක දෙමටගොඩට කනෙක්ට් කරනවා.... එතකොටයි ඔයාට එහාට කතා කරන්න පුළුවන් වෙන්නේ...” මහී දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක තොරතුරු සේරම මට කියා දුන්නේය. එදා, අවුරුදු 45කට එහා මට අරුමැසි දෙයක් වුණු ඒ තාක්ෂණික කරුණු අද රහස් නොවේ..... අද ඊට වඩා පුදුම හිතෙන දේවල් නූතන ලෝකයට දායාදවී තිබෙයි!

“ඒක තමයි මේ මහත්තයා හිතෙන-හිතෙන හැම තිස්සෙම එක-එක්කෙනා එක්ක නිදහසේ කදේ ගහන්නේ.... කොච්චර කෝල්ස් ගත්තත් සල්ලි වියදම් වෙන්නෑනෙ.....”

පාඩුවක් වුණත් ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන්න තියන chance එක.... (කියන පමාවෙන් මේ fotos හොයා එවූ 'කොලොම්පුරේ' අසංගට පින්!)

“මට ගෙවන්න වෙන්නෙ නැහැ තමයි. ඒත් මම duty පිට ඉන්න නිසා මගේ job එකත් කරන්න වෙනවා..... එතකොට තමයි මම ඔයාට චුට්ටක් ඉන්න කියලා කියන්නේ....”

“අනේ, ඔයාගේ වැඩත් පාඩු කරගෙන....”

“පිස්සුද නිමා? මොන පාඩුවක්ද? පාඩුවක් වුණත් ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන්න තියන chance එක miss කරගන්නවද මං?”

“ඔව්, ඔව්. අඳුරන්නේවත් නැති කෙල්ලෝ එක්ක ආණ්ඩුවේ වියදමෙන්ම වරු ගණන් ටෙලිෆෝන් කර-කර ඉන්නවට මෙයාට පඩිත් ගෙවනවනෙ....”

“මොකක්ද වස්තුවේ.... තිස්සෙම එල්ලෙන්න හදන්නේ.....”

“එල්ලෙන්න..... එල්ලෙන්න මං.........”

16 comments:

  1. නිමල් මහත්තයාත් තරුණ කාලේ හොඳ හොඳ නාඩගම් නටලා තියන බව නම් පේනවා. ඔයා කවුද කියලා දැනගත්තාම මේ දෙන්නා සියදිවි නසා ගන්න නොහිතුනා නම් පුදුමයි.
    අද නම් මට (පළමුවෙනියා වෙන්න) තරඟයක් දෙන්න කෙනෙක් නැහැ. තාම ලංකාවේ වෙලාව පාන්දර තුනයි විස්සයි.

    ReplyDelete
    Replies
    1. තරුණ කාලේ විතරක් නොවෙයි සෑම් මහත්තයෝ. ජීවිතේම එක විදිහක සෙල්ලමක් වගෙයි නේද? හැමෝගෙම.... මට ටිකක් වැඩියෙන් නටන්න පිට්ටනි ලැබෙන්නැති.

      කම්පියුටරේ ලෙඩ දුන්නා. සතියක් විතර වැඩ නතර වුණා. හදලා ගිය ගමන්ම නුපුරුදු වෙලාවක post එක පබ්ලිෂ් කළ ඒකත් ඔයාට වාසියට හිටියා, එහෙනං.

      Delete
  2. loneliness කියන්නෙ කොයි තරම් ලොකු issue එකක්ද කියල මම මේක කියවනගමන් හිතුවෙ. තනියම (single) ඉන්න අයටත් වඩා marriages ඇතුලෙ lonely වෙල ඉන්න අය වැඩිද මන්ද. Self love කියන එක අපි වැඩි දෙනෙක් practise කරන්නෙ නැති නිසා හැම වෙලේම හිතන්නෙ පිටින් කෙනෙක් ඇවිල්ලා අපේ තනි කම නැති කරයි කියලා. අන්තිමට රැවටිලා විතරයි.

    ReplyDelete
    Replies
    1. අනේ මහත්තයෝ, හරිම දුකයි මට නම් මිනිසුන් තනිවෙලා- කොටුවෙලා- හිරවෙලා ඉන්න හැටි දැක්කම. විහින් ....

      අපේ සතුට තියෙන්නේ කොහොමද තව කාගේ හරි ළඟ. ඒක තියෙන්නේ මගේ ළඟ. හැබැයි ඒක දැනෙන්න පටන් ගන්නේ අවංකවම තව ජීවීන්ට- ගහකොළට- පරිසරයට සමීප වෙනකොට නේද?

      Delete
    2. ඔයා 'ප්‍රමුදිත ජීවිතයක්' පොත කියෙව්වාද? දලයි ලාමාතුමන් හා ඩෙස්මන්ඩ් ටුටු දෙදෙනාගේ විශේෂ හමුවක සටහන් පොත. The Book of Joy' පොතේ පරිවර්තනය.

      Delete
    3. පොත ගැන කිව්වට ස්තුතියි නිමල්. වහාම order කලා අපේ library එකෙන්. අපි ඉන්න state එකේ මේ දවස්වල covid restrictions නිසා online බලන්න order කලා. බොහොම ස්තුතියි.

      Delete
  3. මට පොඩ්ඩක් හොල්මන්. මීටරේ අප්සෙට්ද කොහෙද? මේ නිමාලි කියල ලියන්නේ අලුත් නවකතාවක්ද ? එහෙනම් මේ ළමා නිවාස ගැනත් ලියල තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අජීත් මහත්තයාට පළමුවෙනි කොටස මග හැරෙන්න ඇති වගේ. මේ ඔකොම ජීවිත නවකතාවේම කොටස්....

      Delete
  4. Andeema kalawaknam Nimal/Nimalee ehi Picasso ya. Ohoma yang (Wijebahu)

    ReplyDelete
    Replies
    1. ඔන්න විජේබාහු මහත්තයෝ, ඔබතුමාගේ කමෙන්ට් එක සංවර්ධනාත්මක විවේචනයක්; කාරුණිකව කෙරෙන දිරිගන්වන ඇනුමක් විදිහට බාරගත්තා. ස්තුතියි!

      Delete
  5. නිමල් නිමාලි උනා එහෙනම්.... දැන් කාලේ තාක්ෂනේ දියුනු හින්දා ඔය වැඩ කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔයා හරියටම හරි අසංග..... ඒ නිසාමයි මේවාත් ලියලා තියන්න ඕනි අත්දැකීම් හැටියට මට හිතුණේ.
      නිකමට හිතන්නකෝ මේ තාක්ෂණ දියුණුව එදා තිබ්බා නම් රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ 'නෞකා ඩුබී' - සිංහල 'මංගල යාත්‍රාව' වගේ පොතක් ලියවෙයිද?

      Delete
  6. “Sometimes we have to try on a few different personalities before we find ourselves.”
    ― Lindsey Kelk

    ReplyDelete
  7. Pra Jay මහත්තයෝ, ඔහොම හැම ක්ෂේත්‍රයකම හැකිතාක් ගවේශනාත්මක වීම හැම විටම නැණස පාදනවා නේද...

    ReplyDelete
  8. මං ඇවිත් කියවද්දි පෙරහැර ගිහිං...

    ReplyDelete
  9. මේ පෝස්ටුව කියවා අසල්වැසි පිරිමි ළමා නිවාසයේ අවශ්‍යතාවන් දැනගත් කිහිප දෙනෙක්ම කණ්ඩායම් වශයෙන් එකමුතුවී, සෑහෙන ද්‍රව්‍ය තොගයක් ගෙනවුත් පිරිනැමූ බව නිවාසයෙ ප්‍රධාන පාලක මහත්මා, ඊයේ (2020 අගෝස්තු 19) බෙහවින් ස්තුතිවන්ත වෙමින් මට කිව්වා.

    ඒ හැම දෙනාටම මාත් ස්තුතිවන්ත වෙනවා, නිදිගෙ පංච තන්තරේ අඩවියෙන් එහෙම යහපත් කටයුත්තකටත් සම්මාදම් වෙන්නට ලැබීම වෙනුවෙන්!

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්