අකුරු මැකී නෑ

Wednesday, December 29, 2021

හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස

සතුට; සොම්නස; ප්‍රමෝදය; සැනසීම ළඟා වේවා!

2022 උදා වෙන්නයි යන්නෙ.

සකල ලෝකවාසී සියලු සත්ත්වයන් වෙතම සතුට; සොම්නස; ප්‍රමෝදය; සැනසීම ළඟා වේවා! කියලා සුබාසිරි පතමින් ‘හිනා තවත් හිනා’ පොතේ නැති කතාවකින් අද post එක පටන් ගනිමුකො එහෙනං.

හිනාවක වපසරිය

මහාචාර්ය කා.මු.ක. බලවර්ධන විශේෂයෙන් උනන්දු වුණේ මානව වර්ගයාගේ ලිංගික චර්යාවන් ගැන.  ගොඩාක් මහන්සි වෙලා කා.මු.ක. මහාචාර්යතුමා එක්තරා කල්පිතයක් ගොඩනැඟුවා.

ඒකට අනුව මිනිසුන් සිනහ නඟන ආකාරයෙන්, ඔවුන් ලිංගික කටයුතු කරන කාල සීමාව කියන්න පුළුවන්.

දැන් කරන්න තියෙන්නේ නියැදියක් තෝරාගෙන, මේ න්‍යාය කොතරම් දුරට නිවැරදිද කියලා සොයා බලලා තහවුරු කර ගන්න එක. ඉතිං විශ්වාසවන්ත පිරිසක් තෝරාගෙන වැඩේ පටන් ගත්තා.

මහාචාර්යතුමා පළමුවෙනියා කැඳෙව්වා. සරල ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒවාට ලැබෙන උත්තර ගැන නෙවෙයි කා.මු.ක.තුමා වැඩියත්ම උනන්දු වුණේ. ඒ මනුස්සයාගේ මුහුණේ නිරායාසයෙන් මතු වෙන හිනාව ගැන. ඒක මන්දස්මිතයක්!

අන්තිමට මහාචාර්යතුමා තීරණාත්මක ප්‍රශ්නය ඇහුවා. “ඔබ සතියකට වතාවක් sex කරනවා නේද?”

තවත් ලජ්ජාශීලී මඳ හිනාවක් එක්කම හිස වනා එකඟත්වය පළ කිරීමක්.....

දෙවෙනියාවත් සම්මුඛ සාකච්ඡාවට ගත්තා. එයාගේ මූණේ තිබ්බේ පුළුල් හිනාවක්. අන්තිමට ප්‍රශ්නය: “මම අනුමාන කරන විදිහට නං ඔබ හැම දින දෙකකට වතාවක් බිරිඳ සමඟ රමණය කරනවා.”

“පුදුමයිනේ මහාචාර්යතුමා. ඔබතුමා කොහොමද හරියටම ඒක දැනගත්තේ?” කියල ප්‍රතිචාර ලැබුණා.

ඊළඟට කැඳවපු හැම දෙනාටමත් මහාචාර්යතුමාගේ අනුමානයන් නූලටම ගැළපුණා. දැන් එතුමාට හරිම සතුටුයි. ඒ සතුටෙන්ම වටපිට බලනකොටයි දැක්කේ තවත් හාදයෙක් ඉතිරි වෙලා ඉන්නවා.

තාත්තා කිව්වනේ ෂෙහාන්ව අඳුරගන්න කැමතිය කියලා... ඔන්න මං....

මිනිහට හිනා වෙන්න කට මදි. වම් කනේ ඉඳලා දකුණු කන වෙනකල්ම කටේ හිනාව!

“ෂා... හරිම සතුටෙන්!” මහාචාර්යතුමා පටන් ගත්තා.

“ඔව් ප්‍රොෆෙසර්...”
...... ටික වෙලාවකින් ප්‍රස්තුත කාරණාවටත් ආපි.

“හාදයා, ඔහෙ නං හැමදාම sex කරන හාදයෙක්.”
“අනේ නෑ ප්‍රොෆෙසර්. එහෙම නෑ..”
“එහෙනං දවසක් ඇර දවසක්?”
“ඒත් නෑ!” මිනිහගේ විදිහෙන් පෙනෙන්නෙත් ඇත්තම කියන බවයි. මේ පටලැවිල්ල ළිහා ගන්න හිතාගෙන කා.මු.ක.තුමා කාල පරාසය වැඩි කරමින් දිගටම ප්‍රශ්න අහගෙන ගියා.

සතියකට දවසක්/ මාසෙකට සැරයක්/ මාස දෙකකට වතාවක්/ මාස හයකට එක වරක්... ඒ සේරටම උත්තරේ වුණේ ‘නෑ’ කියන එක.

“එහෙනම් අවුරුද්දකට වතාවක්.... ඒත් නැද්ද?” තමන් එක්කම තරහෙන් හිටපු මහාචාර්යතුමා ඇහුවා. අර සුපුරුදු පළල් හිනාව ඒ හාදයාගේ මුහුණට ආවා. උත්තරෙත් කියවුණා.
“ඔව්! අවුරුද්දකට එක දවසයි.”

“එහෙනං මොන එහෙකටද මිනිහෝ ඔච්චර සතුටෙන් හිනා වෙවී ඉන්නේ?” හොඳටම තද වෙලා හිටිය මහාචාර්යතුමාට කියවුණා.
පිළිතුර ආවෙත් හැරෙන තැපෑලෙන්.

“ඇයි සර්, අදනේ ඒ දවස!”

77. බිස්නස්කාරයා

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ එකම දියණිය වූ ට්‍රිලීෂියා ඇයගේ පෙම්වතා වුණු ෂෙහාන්ව ගෙදරට කැඳවා ගෙන ආවාය.

“තාත්තා කිව්වනේ ෂෙහාන්ව අඳුරගන්න කැමතිය කියලා... ඔන්න මං එක්කරන් ආවා!”

මොළේ ත්ත්ත්තියෙන මිනිහෙක් කස්ස්සාදත් බඳිනවද ඕයි?
ඇයගේ පියා ෂෙහාන් සමඟ දිගු කතාබහක නියැළුණේය.

“හොඳයි, ෂෙහාන් කැමතියිද මගේ දුවව කසාද බඳින්න?”
“ඔව් අංකල්!”

“හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.... මං මුල ඉඳලම හිතාගෙන හිටියේ මගේ එකම දුවව බන්දලා දෙන්නෙ හොඳට බිස්නස් ගැන දන්න කෙනෙකුට කියලයි....” පියා කීවේය.

“පොඩ්ඩක්වත් ඒ ගැන බය වෙන්න එපා අංකල්! මට හොඳට බිස්නස් තේරෙන හින්දම තමයි මං ට්‍රයි කරල- කරලා ට්‍රිලීෂියාව යාළු කර ගත්තෙත්!” ෂෙහාන් පිළිතුරු දුන්නේය.

78. මොළේ ඇති ජෝඩුව       

කණ පහත් වෙන තරමටම වෙරි වූ සමරකෝන් ගෙදරට ආවේ හොඳටම රෑ වෙලා. ඒ වෙන තුරුත් අවදියෙන් හිටිය ශ්‍රියානි සමරකෝන්ගේ ඇඟට කඩා පැන්නා.

“හරි ෂෝක්... හරිම ෂෝක්... බලපල්ලකො මිනිහෙක් රස්සාව ඉවර වෙලා ගෙදර එන ලස්සන!”

“මේ ය්ය්යෝදියේ......මින්න්නිහෙක් ර්ර්ර්රෑ බෝව්ව්වෙලා ගෙද්දරට ආව්ව ගමන්ම ඇඟට කඩ්ඩා පනිනවද්ද මොළේ ඇති ගෑන්නියෙක්?” සමරකෝන් ගොත ගගහා ඇහැව්වා.

“අපොයි ඔව්! මිනිහා බීලා ආවත් මොළේ තියෙන ගෑනුන්ට මිනිහගේ ඇඟට කඩා පනින්න නරකයි කියමුකෝ. එතකොට මොළේ තියෙන මිනිහෙකුට වටිනවද ඔහොම කරන්න?”

“හික්! මොළේ ත්ත්ත්තියෙන මිනිහෙක් කස්ස්සාදත් බඳිනවද ඕයි?” සමරකෝන් ඇහුවා.

79. පීනන්න දන්නවද?

නාවික හමුදාවට ආධුනිකයන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබිණි. බයාදු පෙනුමැති තරුණයෙකුගේ ලිපි ගොනුව පිරික්සූ නිලධාරියා මෙසේ ඇසුවේය.

“තමුසේ පීනන්න දන්නවද?”

ඒ ප්‍රශ්නයෙන් අන්දමන්ද බවක් පෙන්වූ තරුණයා හෙමිහිට මෙසේ ඇසුවේය.

“ඇයි, සර්ල ළඟ නැව් නැද්ද?”

(අද post එකට පළමුවෙනි comment එක එවමින් Sam මහත්තයා එවා තිබුණු ‘ඌන පූරණයත්’ මෙතනටම එකතු කරනවා ඔන්න.)

"තමුසෙට පීනන්න බැරිනම්, නාවික හමුදාවට ගන්න බැහැ!"

"එතකොට සෑර් ගුවන් හමුදාවට ගන්නෙත් පියාඹන්න පුළුවන් එවුං විතරද???"

ඇත්ත නැත්ත කරන්න ඕනි හින්දා එක-එක ප්‍රශ්න අහලා මාව බය කරන්න හදාවි....

80. සාක්කි දෙන්න උගන්නලා

මිනීමැරුම් නඩුවක් විභාග වෙමින් පවතිද්දී සාක්ෂි දීම සඳහා කුඩා දරුවකු කැඳවන ලදී. ඔහු මිනීමැරුම ඇසින් දුටු අයෙකු නිසා ඒ සාක්ෂිය ඉතා තීරණාත්මක එකක් වන බව සැවොම දැන සිටියහ.

විත්තියේ නීතීඥයා ළමයාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට පටන් ගත්තේය. කුඩා  දරුවාත් නොපැකිල ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයුවේය.
අන්තිමේදී ළමයාටත් වඩා වෙහෙසට පත්වී සිටියේ මේ නීතීඥයාය.

“හොඳයි, මේ ළමයාට මේ ගරුතර අධිකරණයේදී සාක්ෂි දෙන්නෙ මෙහෙමය කියලා කවුරු හරි ඉගැන්නුවාද?”

“එහෙමයි ස්වාමිනි!”

දරුවා එසේ කියත්ම නීතීඥයාගේ හිසේ මල් පිපුණාසේ පෙනුණි. උසාවියේ සිටියෝ දෑස් අයා ගත්හ.

“හරි. කවුද තමාට එහෙම ඉගැන්නුවේ?”

“අපේ තාත්ත.”

විත්තියේ නීතීඥයා ජයග්‍රාහී සිනහවකින් මුව සරසාගෙන ඊළඟ ප්‍රශ්නයත් ඇසුවේය.
“මේ දරුවාට මොනවද තාත්තා කියල දුන්නේ?”

“අපේ තාත්තා කිව්වා උසාවියේදී ඇත්ත කියන්න විතරයි තියෙන්නේ, එතකොට ඔක්කොම හරි කියලා... ඒ වුණාට උසාවිවල ඉන්න නීතීඥයෝ හරිම වසවර්තියෝ- ගිනි කාලා ඇත්ත නැත්ත කරන්න ඕනි හින්දා එක-එක ප්‍රශ්න අහලා මාව බය කරන්න හදාවි. ඒ වුණාට එහෙම කපටි බොරුකාරයන්ට බය නොවී ඇත්තම කියන්න පුතේ කියලා.”

පහන හොයාගත් දේශපාලකයා

ඒ ප්‍රසිද්ධ දේශපාලකයාගේ දසාව අන්තිම බලවත් එකකියි ජ්‍යෝතිෂඥයෝ කීහ. වශී ගුරුකම් කරන්නෝ; ගුප්ත විද්‍යාධාරීහු නිරතුරුවම ඔහු වෙනුවෙන් නොයෙකුත් යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම්වල යෙදුණාහ.
‘බත් ඇති තැනටම කොස්’ කියන්නාසේ නන්නාඳුනන මිනිසෙක් යටකී දේශපාලකයාට ‘පැරණි පිත්තල පහනක්’ තෑගි ලෙස පිරිනැමුවේ මේ අතරතුරේය.
“බඩුවක අගේ දන්නෙ නැති මෝඩ xත්තෙක්... මේක නං නිකම්ම පහනක් වෙන්ඩ බෑ! කොයිකටත්....” තමාටම කියාගත් දේශපාලකයා රහසේම කාමරයකට වැදී, අර පහන දෑතින්ම පිරිමැද බැලුවේය.

ඔහු අනුමාන කළ පරිද්දෙන්ම එය ‘පුදුම පහනක්’ විණි. පහනේ භූතයා මතුව ආවේය. දේශපාලකයාට ඉල්ලන ඕනෑම වරදානයක් ලබා දෙන්නටද එකඟ වුණේය.
“...හැබැයි, ටික කාලයක් යනකල් විතරයි. මට මේ ලෝකෙන් චුත වෙලා යන්න කාලෙ උදා වුණාම මට නිදහස් වෙන්න ඔබේ කැමැත්ත දිය යුතුයි.”

අපේ රටේ විතරක් නෙවෙයි... ලෝකයේම බර මගේ හිස මත තබාගෙනයි...

දේශපාලකයා එකඟ වුණේය. “හරි හරි යෝධයෝ, එහෙනං තමුසේ හෙට ඉඳලා දේශපාලන වේදිකාවේ මං කියන කයිවාරු ඔක්කොම හැබෑ කරවලා දෙන්න ඕනි.”

“එහෙමයි!” භූතයා දේශපාලකයාට පොරොන්දු වුණේය.

“අපේ හාමුදුරුවරුනේ, මගේ ග්‍රහචාරේ බලපු කෙනෙක් කිව්වා, ඒකෙ බලගතුකම නිසා හෙටානිද්දටම අපේ රටෙන් තෙල් සම්පත මතු වෙනවයි කියලා!”
“ඔන්න බලන්න, රට ජාතිය එක්සේසත් කළ රජ පරම්පරාවකින් පැවතෙන අපි නැවත වතාවක්, රටේ නම ලෝක ඉතිහාසයට එකතු කරන හැටි... මගේ සහජාත පුතෙක් මේ රටෙන් අභ්‍යවකාශය තරණය කළ පළමුවෙනියා වේවි!”

දේශපාලකයා කීවේය. සතියක් ගතවෙන විට ඔහුගේ ඒ ප්‍රකාශ දෙකම සැබෑවී තිබිණි.

ඒ අතරතුර ‘ආසියානු කලාපයේ නායකයා’ පත් කර ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක වෙමින් තිබිණි.
“මමයි මේ තනතුරට අපේ රටෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙන එකම සුදුස්සා.” දේශපාලකයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය.

එදා රාත්‍රියේ පහනේ භූතයා  දේශපාලකයා අබියස පෙනී සිටියේය.
“මට නික්ම යාමට කාලය හරි. දැන් ඔබ මට පිටත්ව යන්නට අවසර දිය යුතුයි....”

“එහෙම කොහොමද භූතයෝ, දැන්ම උඹට චුත වෙන්ඩ ඉඩ දීලා බෑ... තව ටික දවසක් ඉවසලා ඉඳපන්... දන්නවනෙ මගේ හැටි!” දේශපාලකයා කීවේ තර්ජනාත්මක ලීලාවෙනි.

“එහෙම නං ඔබ කියන-කරන දේවල්වල විපාකත් ඔබට විඳගන්න වෙයි.” භූතයා නොසතුටින් කීවේය.

පසුවදා දේශපාලකයා ජනමාධ්‍ය හමුවක් කැඳවූයේය. ඔහු අතිවිශේෂ ප්‍රකාශයක් කරන්නට සැරසෙන බවට රට පුරාම ආරංචි පතුරවා තිබිණි.
“... මම ගෝලීය නායකත්ව තරගයට ඉදිරිපත් වෙන බව මේ මොහොතේ ඉතාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා... ඇත්ත වශයෙන්ම රටේ නායකත්වය දරමින් සිටින කාලයේ වුණත්, අපේ රටේ විතරක් නෙවෙයි... ලෝකයේම බර මගේ හිස මත තබාගෙනයි...”

චූ චූ චූ චූ චූස්!

ඒ ප්‍රකාශය අවසන් කරන්නට කෙනෙක් ඉතිරිව නොසිටියේය. එතැන ඉතිරිව තිබුණේ චප්පවී ගිය මිනිසෙකුගේ සුන්බුන් ගොඩක් පමණි!

මම මේ අවංක මිනිහෙක්ව හොය-හොයා යනවා!

81. තෑග්ගට සුදුස්සා

ඉරිදා උදෙන්ම සමරදිවාකර මහත්තයා දූ-දරුවෝ ඔක්කොටම අඬ ගැහුවා.
“ඔයාලට පේනවද මගේ අතේ තියෙන දේ?”

දරුවෝ ඔක්කොම හිනා වෙලා ඔළුව වනලා උත්තර දුන්නා.
“චොක්ලට් පෙට්ටියක්!”

“හරියටම හරි! මම මේක දෙන්නෙ පහුගිය සුමානෙ තිස්සෙම අම්මා කියපු දේ අහපු; අම්මට කීකරු වෙච්ච එක්කෙනාටයි... තේරුණානේ, බොරු කියන්න බෑ. හරිනේ!
දැන් ඔයාලම කියන්න කාටද මේ චොක්ලට් පෙට්ටිය දෙන්න ඕනෑ...” සමරදිවාකර මහත්තයා ඇහුවා.

ළමයින් ඔක්කොම උත්තර දුන්නේ එක පාරටමයි.
“තාත්තටමයි!”

82. සොයා යෑම

ගිනි මද්දහනේ දැඩි හිරු රැසින් ග්‍රීසියේ ඇතැන්ස් නුවර නැහැවෙමින් තිබිණි. දල්වාගත් ගිනි පන්දමක්ද සුරතින් රැගෙන ඇතැන්ස් නුවර වීදි දිගේ යන ඩයෝජීනීස් දුටු නුවරු ඔහු වට කර ගත්හ.

“ලොක්කා! මේ මහ දවල් පන්දමකුත් පත්තු කර ගෙන පාරවල් පුරා මොනවද හොයන්නේ?” නුවරු ඇසූහ.

“මම මේ අවංක මිනිහෙක්ව හොය-හොයා යනවා!” ඩයෝජීනීස් කීවේය.

83. සාධාරණ හොරු

හද්දා කළුවරේම ගෙදර යන මරතීනු මුදලාලිගේ ඉදිරියට පැමිණියේ දෙනෙත් වැසෙනසේ කළු රෙදි පටි බැඳගත් දෙදෙනෙකි. දෙදෙනාගේම අත්වල ආයුධ තිබිණි.

“හොඳ හිතින් මාරු කාසියක් දෙනවා.” එක සොරෙක් කිණිස්ස අමෝරාගෙන කිව්වේය.

“ද්ද්....දෙන්නන්... දෙන්නං...” මරතීනු මුදලාලි කලබලයෙන් කීවේය.
“... මල්ලිලා හරිම සාධාරණ හොරු! මල්ලිලාව දැක්ක ගමං මං හිතුවේ මගේ ළඟ තියෙන ඔක්කොම හොරකම් කරන්න යනවා කියලයි. දැන් බලනකොට මල්ලිලා මංකොල්ලකන්න යන්නෙ මාරු කාසියක් විතරයිනේ.....” මාරු කාසියක් හොරෙකුට දෙමින් මුදලාලි කිවේය.

“බම්බුව! අපි තවම මංකොල්ලේ පටන් ගත්තේ නෑ. මේක උඩ දාලා තමයි අපෙන් කවුද ඉස්සෙල්ලම තමුසේව කොල්ල කන්නේ කියන එක තීරණේ කරන්නේ!”

මේ ඇලිස්ගෙන් ඒවා අහගන්නේ කොහෙද නෝනා මහත්තයා!

84. ඇලිස්ගේ නුවණ

පතිරාජ මහත්තයා යාළුවෙකුගෙ පාටියකට ගිහින් ආපහු ආවේ පාන්දර. දන්නවනෙ, කන බොන අය පාටියකට ගියාම වෙලාව යනවා තේරෙන්නේ නෑ.
පතිරාජ මහත්තයාටත් හැමදාම වෙන්නේ ඕක. එදා ගෙදර එනකොට කුස්සියේ වැඩ කරන ඇලිස් පුරුදු විදිහටම නැඟිටලත් ඉවරයි, දවල්ට උයන්න.

පතිරාජ මහත්තයා කෙලින්ම ඇලිස් ළඟට ගියා. දුන්නා රුපියල් පනහක්.

“ත්...ත්... තියා ගන්නිං... හැබ්බයි මං ආව්ව වෙල්ලාව නෝනට හෙම කියනවා නෙව්වෙයි... හර්..ර්..රිනෙ!”

‘හොඳමයි මහත්තයා’ කියලා කියපු ඇලිස් රුපියල් පනහ හැඹිලියේ ඔබා ගත්තා.

එදා හැන්දෑවේ වේලපහින්ම ගෙදර ආව පතිරාජ මහත්තයා කොයිකටත් කියලා ඉස්ඉස්සෙල්ලාම ඇලිස්ව මුණ ගැහුණා තත්ත්වේ දැන ගන්න.

“නෝනා ඇහුවද මම කීයටද ආවේ කියලා?” පතිරාජ මහත්තයා ඇහුවා.

“මේ ඇලිස්ගෙන් ඒවා අහගන්නේ කොහෙද නෝනා මහත්තයා!” ඇලිස් ආඩම්බරෙන් කිව්වා.

“උඹත් යකාගේ ගෑනියෙක්නේ! මොනවා කියලද උඹ මාව බේරා ගත්තේ.”

“ඇලිස්ට ඔව්වත් වැඩද මහත්තයා... මං කිව්වා, මං වෙනදා විදිහටම පහට නැඟිටලා, හාල් ළිපේ තියලා, පොල් ගගා ඉඳිද්දී මහත්තයා ආවම කොහොමද හරියටම වෙලාව බලන්න යන්නෙ කියලා...”

85. මීයෝ මාළුන්ට කැමති නෑ තමයි

“අනේ දොස්තර මහත්තයෝ! මේ කතා කරන්නේ සපරමාදු මුදලාලි. හරි ජන්ජාලයක්නේ වෙලා තියෙන්නේ... බලන්නකෝ... මේ ජංජාලේ...”

“හරි හරි.... සපරමාදු මුදලාලි ටිකක් කලබල නොවී කියනවද, මොකක්ද වෙලා තියෙන්නේ කියලා...”

“අපේ මේ ගෑනි...මං කොච්චරවත් කියලා තියෙනවා මේ යෝදිට හායි ගාලා කටත් ඇරගෙන උඩුබැල්ලෙන් නිඳා ගන්න එපැයි කියලා.... කෝ? කිව්වට අහනවයැ? ඔන්න අදත් එහෙම නිඳාගෙන!”

මීයෝ මාළුන්ට කැමති නැහැ තමයි. ඒත් මීයාගේ පස්සෙන්ම මේ ගෑනිගේ කට ඇතුළට රිංගපු බළල් තඩියා නං...

“අයියෝ මුදලාලි. ඕක කියන්නද මේ රෑ දොළහට මාව කීද්දුවෙ... හාමිනේට ඔන්නොහේ නිඳා ගන්න අරින්න!”

“නෑ නෑ මහත්තයෝ. මේ යෝදි කට ඇරගෙන නිඳාගෙන ඉන්දදී මීයෙක් කට ඇතුළට ගිහිල්ලනෙ දොස්තර මහත්තයෝ..”

“දෙයියෝ සාක්කි! හරි මම දැන්මම එන්නම්. එතකල් හොඳට බැදපු කරවල කෑල්ලක් නෝනාගේ කට ළඟටම කරලා අල්ලන්න.”
සපරමාදු මුදලාලිට එසේ උපදෙස් දුන් දොස්තර මහතා කඩිනමින් සූදානම් වී මුදලාලිගේ නිවසට ගියේය.
ඔහු දුටුවේ සපරමාදු මුදලාලි සිය බිරියගේ කට ළඟටම කොට මාළුවෙකු අල්ලා ගෙන සිටින ආකාරයයි.

“මේ මොකද මේ? මං කිව්වේ බැදපු කරවල කෑල්ලක් අල්ලාගෙන ඉන්නනෙ... මීයෝ මාළුන්ට කැමති නෑ.”

සපරමාදු මුදලාලි ජයග්‍රාහී ලීලාවෙන් හිනා වුණේය.

“දොස්තර මහත්තයා හිතුවේ මම ඕක නොදන්නවා කියලද? මීයෝ මාළුන්ට කැමති නැහැ තමයි. ඒත් මීයාගේ පස්සෙන්ම මේ ගෑනිගේ කට ඇතුළට රිංගපු බළල් තඩියා නං මේ මාළුන්ට හරි කැමතියි!”

86. මිල වැඩිම ගිරවා

බොහොම ප්‍රසිද්ධ ගිරව් වෙළෙන්දෙක් හිටියා. කොහෙවත් නෙවෙයි මෙහෙ; ලංකාවේ!
ආ... ඒ හිටියේ අවුරුදු දහය-දොළහකට ඉස්සර....

ඉතිං, මිනිහා ගාව එක-එක විදිහේ ගිරව් විකුණන්න හිටියා.

අලුතින් පෝසත් වෙච්ච මැණික් මුදලාලි කෙනෙකුට ඕනෑ වුණා ‘අති විශේෂ’ ගිරවෙක්ව ගෙදර අරං යන්න.
දන්නවනෙ, ලේසියෙන් පෝසත් වෙන අයට එක-එක විදිහේ ආසාවල්- අසනීප එහෙමත් බොහොම ඉක්මනට වැළඳෙනවානේ. ඉතිං එයාත් ගියා අර ගිරව් වෙළෙන්දා ළඟට.

මේකා ඇමතිතුමෙක්ගේ ගෙදර හිටියේ. ඌට කේන්ති ගියාම කුණුහරුපත් කියනවා....

“එන්න එන්න සර්! ෆොරින් ගිරව්.... ලෝකල් ගිරව්.... මාල ගිරව්....නිකම් ගිරව්... පඩ ගිරව්... සර්ට ඕනිම ජාතියක ගිරවෙක් දෙන්නං!” ගිරා වෙළෙන්දා කියාගෙන ගියා.

“බලමුකෝ එහෙනං ඔහෙ ළඟ ඉන්න ගිරව් මොක්කුද කියලා.” මුදලාලි කිව්වා.

ඔන්න ගිරව් වෙළෙන්දා එයා ළඟ ඉන්න ගිරව් පෙන්න-පෙන්නා විස්තර කියනවා.

“මේ ගිරවුත් අර සත්තිකුම්භ ජාතකේ හිටපු ගිරව් වගේ තමයි සර්! උන් හැදිච්ච තැන්වල විදිහටයි කතාබහ, හැසිරීම ඔක්කොම....” වෙළෙන්දා කියනවා. “මේ ඉන්නේ සංස්ථා සභාපති මහත්තයෙකුගේ ගෙදරක හැදිච්ච එකෙක්! මොනවා කිව්වත් අහගෙන ඉඳලා ඔව් සර් කියලා කියනවා. බොහොම කීකරුයි..”

“මූ කීයද?”

“මූ නං එච්චර ගණන් නෑ සර්!  මේ ජාතියෙ ගිරව් නං ගොඩක් ඉන්න නිසා... රුපියල් පන්සීයයි!”

“තව මොක්කුද ඉන්නේ?” මුදලාලි ඇහුවා.

“මේ ඉන්නේ සර්, මන්ත්‍රීතුමෙක්ගේ ගෙදර හැදිච්ච එකෙක්. හැබැයි මූට සිංහල විතරයි කතා කරන්න පුළුවන්... මූට දාහක් දෙන්න සර්.”

“වෙන?”

“මේ ඉන්නේ සර්, මේකා ඇමතිතුමෙක්ගේ ගෙදර හිටියේ.  සිංහල ඉංග්‍රීසි දෙකම නියමෙට කතා කරනවා.... ඌට කේන්ති ගියාම කුණුහරුපත් කියනවා....” වෙළෙන්දා අන්තිම ටික කිව්වේ හෙමින්.

“තමුසෙගෙ ළඟ ඉන්නෙත් යකාගේ ගිරව්නේ!” මුදලාලි එහෙම කිව්වම වෙළෙන්දාටත් හරි ඉහළයි.

“... ඌ දෙදාස් පන්සීයයි. ඌටත් වැඩිය ස්පෙෂල් එකෙක් නං සර්ට ඕනේ... මෙහෙන් එන්න සර්...”

“ඌටත් වැඩිය ස්පෙෂල්?”

රත්තරං සර්ගේ පිං පාට මූණ බලාගෙන බොරුවක් කියන්න බැහැනේ සර්....

“ඔව් සර්! ජනාධිපතිතුමියගේ මාධ්‍ය උපදේශකතුමා ළඟ හැදිච්ච ගිරවා... මේ බලන්නකෝ සර්... මූ ඉන්න උජාරුව! ලෝකෙටම ලොක්කා වගේ.” වෙළෙන්දා කිව්වා.

“ඒක නං ඇත්ත! මුගේ ගාණ කීයද?”

“සර්ට හින්දා හය දාහකට දෙන්නම්!”

“මගෙ අම්මෝ! හය දාහක්... මොකද එච්චර ගණන්... මූට භාෂා හතර-පහක් කතා කරන්න පුළුවන් හින්දද?” මුදලාලි ඇහුවා.

“රත්තරං සර්ගේ පිං පාට මූණ බලාගෙන බොරුවක් කියන්න බැහැනේ සර්.... අද වෙනකල් මූ එක වචනයක් කතා කරනවා මටවත් ඇහිලා නෑ...” වෙළෙන්දා සහතික කරලා කිව්වා.

“ඇයි මනුස්සයෝ, ජනාධිපතිතුමියගේ මාධ්‍ය උපදේශකතුමාලගෙ ගෙදරත් ඉඳලා මූට එක වචනයක්වත් කතා කරන්නත් බැරි නං මොකද මූ එච්චර ගණන්?” මුදලාලි ඇහුවේ පුදුමෙන්.

“මූට එක වචනයක්වත් කතා කරන්න බැරි බව ඇත්ත සර්! ඒත් සර් මගේ ළඟ ඉන්න අනිත් ඔක්කොම ගිරව් මූව දැක්ක ගමන් දෙකට-තුනට නැමිලා මූට කට පුරාම ‘සර්’ කියල කියනවනේ!” වෙළෙන්දා කියපි!

87. කොහොමද වැඩ?

සුනඛයන් පුහුණු කරවන්නෙකු වූ සිරිල්ට ඒ රැකියාව අහිමි විය.

“මොනව කරන්නද? තමුසෙට රස්සාවක් නැතිව ජීවත් වෙන්ඩ පුළුවන්යැ. වෙනින් එකක් හම්බ වෙනතුරු තමුසේ කැමතියි නම් මගේ හෝටලේ වේටර් වැඩක් දෙන්නං.”
හිතවතෙක් සිරිල්ට කීවේය. සිරිල් කැමැත්ත පළ කළෙන් ඔහුට වේටර් රැකියාව ලැබිණි.

සතියකට පසු හෝටල් හිමියා සිරිල්ට කතා කළේය.
“සිරිල්...” ඔහු යමක් සිතමින් සිටින බව පෙන්වමින් ඇද-පැද කීවේය.

“ඇයි මහත්තයා... මගේ වැඩ හොඳයි නේද?”

“වැඩ නං හොඳයි... එක වැරැද්දයි තියෙන්නේ...”

“ඒ මොකක්ද සර්?” සිරිල් පුදුමයෙන් විමසුවේය.

“හෝටලේට ආව කෙනෙක් අපේ කෑම සවුත්තුයි කිව්වොත් තමුසේ ඒ මිනිහගේ බෙල්ලෙන් අල්ලලා කෑම පිඟානේම ඒ මිනිහගේ මූණ අතුල්ලන පුරුද්ද!”

පිළිතුර ලැබුණේ අබල-දුබල මහලු ගැහැනු හඬකිනි. නැතුව, නැතුව!

88. නැතුව - නැතුව

අඳුරේම ගෙට කඩා වැදුණු හොර දෙටුවා නිවැසි කාන්තාවන් තිදෙනාගේම අත්-පා බැඳ දැමුවේය. ‘හ්ම් කිව්වොත්...’ ඔහු අභිනයෙන් බොටුව කපන අයුරු පෙන්නුවේය.
නිවසේ විසූ ගැහැනු තිදෙනාම; මිත්තණියත්- ඇගේ දියණියත්- තරුණ මිනිබිරියත් නිහඬවම හිස් වැනූහ.

හොරා වටිනා-කියන සියලු දේ පොදි බැඳ ගත්තේය. බැඳගෙන පිටවී යන්නට සැරසෙද්දී, බැඳ දමා තිබෙන තරුණියගේ ඇඳුම් එහා-මෙහා වී ඇය අඩ නිරුවත්ව සිටිනු දුටුවේය. එසැණින් ඔහුගේ ආශාවන් නැඟී ආවේය. බඩු පොදිය පසෙකින් තැබූ ඔහු තරුණියව දූෂණය කළේය. මර බිය නිසාම කාන්තාවන්ගෙන් කිසිවකු කතා කළේ නැත.

ඊළඟට හොරා, තවමත් නොසන්සිඳුණු ආශා ඇත්තේ, මවද දූෂණය කරන්නට විය.

“අනේ! ඔයා අපේ ආච්චීටත් ඔහොමම කරන්නද යන්නෙ?” තරුණිය කෙඳිරි ගාමින් ඇසුවාය.

පිළිතුර ලැබුණේ අබල-දුබල මහලු ගැහැනු හඬකිනි.
“නැතුව, නැතුව!”

89. විවාහය යනු...

විවාහය පිරිමියෙකුගේ ශාස්ත්‍රවේදී උපාධිය (Bachelor’s Degree) අහිමි වන අවස්ථාව වුවද, කාන්තාවකට ශාස්ත්‍රපති උපාධිය (Master’s Degree) හිමි වන අවස්ථාවයි.

90. ත්‍රිත්ව ඝාතනයක්

ඉඩම් නඩුවකට පැටලිලා හිටිය සිරිපාලගේ මුළු සේසතම වැය වුණත් නඩුවෙන් දිනන්න බැරි වුණා. නඩු තීන්දුව ලැබුණට පස්සේ සිරිපාල හිතේ අමාරුව ඇර ගන්නත් එක්කම අවන්හලකට ගොඩ වැදුණා, තනියෙන්ම නෙවෙයි. යාළුවෙකුත් එක්ක. දැන් දෙන්නටම අමර පදං!

ඔය වෙලාවේම සිරිපාල වෙනුවෙන් පෙනී ඉඳපු නීතීඥයාත් එහාට ආපි. තනියෙනුත් නෙවෙයි, විරුද්ධ පක්ෂය වෙනුවෙන් පෙනී හිටපු නීතීඥයාත් එක්ක.
ඒක දැකපු සිරිපාලගේ ඇඟේ මාළු නටන්න ගත්තා.

මට හැමදාම එකම හීනයක් පෙනෙනවා!

එතකොටත් ලෝයර්ස්ලා දෙන්නම සිරිපාලව දැකලත් ඉවරයි. ඒ දෙන්නම හිනාවේගෙන සිරිපාල ළඟට ආවා.

“ඩ්‍රින්ක් එකක් දානවා වගේ...” සිරිපාලගේ නීතීඥයා ඇහුවා.

“නෑ සර්! මර්ඩර් එකක් ප්ලෑන් කරනවා.” සිරිපාල රහසෙන් වගේ කොඳුරලා කිව්වා.

“මර්ඩර් එකක්? කාවද මරන්න යන්නේ?”

“එක්කෙනෙක් නෙවෙයි සර්... තුන් දෙනෙක්...”

“මොනවා! තමුසේ තුන් දෙනෙක්ව මරන්නද හදන්නේ?”

“සර්ලට බොරු කියන්න බැහැනේ.... මං ලෝයර්ස්ලා දෙන්නෙකුයි ඌරෙකුයි මරන්න යන්නෙ....” සිරිපාල බොහොම බැරෑරුම් විදිහට කිව්වා.

“මොකටද ඌරෙක්ව මරන්නේ?” නීතීඥයෝ දෙන්නම එක සැරේ ඇහුවා.

“දැන් පෙනුණා නේද මචං... ඌරෙක්ව මරන්න යනකොට ලෝයර්ස්ලටම වුණත් පුදුමයි... ඒ ගැන අහනවා. හැබැයි ලෝයර්ස්ලා දෙන්නෙක්ව මරන්න හැදුවත් ගාණක් නෑ. ඒකනෙ මං උඹට කිව්වේ.” සිරිපාල හිනා වෙවී යාළුවට කිව්වා.

91. ලජ්ජා හිතුණද?

ඔහු තරුණ මනෝ චිකිත්සකයෙකි. දිනක් ඔහුගෙන් උපදෙස් ලබා ගැනීමට පැමිණි රූමත් තරුණියකු ඇගේ ගැටලුව නිරාවරණය කළේ බෙහෙවින් පැකිලෙමිනි.

“මට හැමදාම එකම හීනයක් පෙනෙනවා!”

“පුදුමයිනේ!”

ඔහෝ! ඉතිං ඔයාට ලජ්ජා හිතෙනවා... එහෙමනේ....

“ඒකනෙ කියන්නේ මෙයා... එකම හීනේ... එකම විදිහට..”

“ඉතිං කියන්නකෝ බලන්න ඔය හීනේ මොකක්ද කියලා.... නෑ... නෑ. ලජ්ජා වෙන්න ඕනි නෑ... ඔයාට පුළුවන් මාව විශ්වාස කරලා ඕනෑම විදියේ දෙයක් ගැන මට කියන්න. අනෙක ඉතිං හීනයක්නේ, මොකටද ලජ්ජා වෙන්නේ?”

මනෝ චිකිත්සකවරයාගේ පෙරැත්තයෙන් පසු ඇය කතාව පටන් ගත්තාය.

“හැමදාම.... ලස්සන මුහුදු වෙරළක.... මං තනියෙන් ඉන්නවා.”

“ඉතිං ඒක එච්චර ගණන් ගන්න ඕනි නැහැනේ....” ඔහු කීවේය.
“ඒ වුණාට මං ඉන්නේ ඔළුවේ තොප්පියක් දාගෙන... ඇඟේ නූල් පොටක්වත් නැතිව...” ඇය ඇඹරෙමින් කීවාය.

“ඔහෝ! ඉතිං ඔයාට ලජ්ජා හිතෙනවා... එහෙමනේ....”

“නැතුව.... ඒක මහ කසිකබල් පරණ තොප්පියක්...”

“එහෙම වෙන්න බැහැනේ!” ඔහු කීවේය.
“ඒ මොකද එහෙම කිව්වේ?” ඇය ඇසුවාය.

“මම මේ දැන් බල-බලා හිටිය හීනේ නං ඔයා දාගෙන ඉන්නේ අලුත් තොප්පියක්!” ඔහු පිළිතුරු දුන්නේය.

මේ මදැයි අදට! ඉතිං ඊට පස්සේ...