අකුරු මැකී නෑ

Thursday, April 21, 2022

පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය

හෙට; 2022 අප්‍රේල් 22 වෙනිදා උදේ නවයේ ඉඳලා පැය 68ක් එක දිගට මම කරන්නට යන උපවාසය හඳුන්වන නමයි; ඒ.

මට දැන් හැට අටක්.
අවුරුදු දෙදොහක විත්ති පෝස්ට් එකෙනුත් කිව්වා වගේ අවුරුදු trip එක නොයා ගෙදර හිටියත්, මගේ හිත තිබ්බේ ගෝඨා ගෝ ගමේ.

අලුත් පරම්පරාවේ කොල්ලො- කෙල්ලො කරන වැඩේට මං කොහොමද බොක්කෙන්ම සහයෝගය දෙන්නෙ? දහිරිය දෙන්නෙ...
නාකි පරම්පරාව වෙනුවෙන් උපහාරය දක්වන්නේ....
අපිට කර ගන්න බැරිවුණු දේ, ඊට වඩා සියක් ගුණයෙන් හරියට කරන මේ දුවල- පුතාලට ගෞරව කරන්නේ.... 

උපවාසය!
අදහස ඔලුවට ආවෙ එතකොට. ‘නිමලෝ, උඹ එතනට ගිහින් මළත් කවුද බං ගණන් ගන්නෙ. අනෙක බං, උඹ පිළිකාකාරයා. ඔය blog එකක් ලිව්වට කවුද බං උඹලව දන්නෙ?’ අන්දොස් චිත්තයා ඇහුවා.
‘ඔය උද්ඝෝෂණේ කරන තැනට උඹව වද්ද ගන්නෙවත් නෑ.’

ඒකත් ඇත්ත වෙන්න පුළුවනි.
ඉතිං සඳුදා උදේම මම කතා කළා ජනමාධ්‍ය හිතවතෙකුට.
“ඔයාට හොඳ නෑ නේද නිමල් අයියේ.....” එයා ඇහුවා. මගේ මළ කරදරේ බැරිම තැන එයා කිව්වා, එයාට පැය කීපයක් දෙන්න කියලා. දවසක් ඇතුළතවත් ඒ වැඩේ කෙරුණේ නෑ. සැරෙන් සැරේ කතා කරමින් එයා මට කියපු දේවලින් හොඳටම තේරුණා, එයා එහෙම කළේ අහිතකින් නොවෙන බව.
මං ගන්න යන්නෙ අවදානමක් කියලා මට ඒත්තු ගන්වන්නයි එයා හැදුවේ.

මං දෙවෙනි option එකටත් ගියා. තුන්වෙනි එකටත්.... එයාලත් මට කරන ආදරය ඕනිවටත් වැඩියි. ඒ සේරම අස්සේ මේ කිසිම දෙයක් මගේ නෑදෑ- හිතවතුන් කිසිම කෙනෙකුට ආරංචි නොවෙන්නත් පරෙස්සම් වෙන්න වුණ එකයි වැඩේ.

අන්තිමට පස් මහ බැලුම් බලනවා වගේ බලල-බලලා, blog අඩවිය හරහාම හඳුනාගත්තු දෙන්නෙකුව සම්බන්ධ කර ගත්තා. “අනේ අයියේ ඔයා ලොකු risk එකක් ගන්නනෙ හදන්නේ!” එයාලත් කියපි.
“මම කවදා හරි මැරෙනවා. මං මේ රටට ණයයි. මම මැරෙන්න කලින් මෙහෙමවත් දෙයක් කරන්න පිළිවෙලක් සලස්වලා දෙනවා නං ඔයාට පිං!” මට කියන්න වුණා, මගේ අතීතේ හිට.

“1966 ඉඳලා අවුරුදු හතරක් මං පේව්මන්ට් එකේ නටලා- කවි පොත් විකුණලා අපේ පවුලම ජීවත් කළේ. එතකොට මට උදව් කළේ නන්නාඳුනන සාමාන්‍ය මිනිස්සු. ඊට පස්සේ මං ඉඳියාප්ප තම්බලා, මහ ඉස්පිරිතාලේ වාට්ටුවක් ගානේ ඇවිද ඇවිද විකුණද්දී ඒවා ගත්තෙත් සාමාන්‍ය මිනිස්සු.... මං මේ රටෙන් හැදුණේ, මං රටට ණය නැද්ද.....”
ලජ්ජාවේ බෑ.
අන්තිම හරිය කියද්දී මාව වෙවුළුවා වගෙයි.

අන්තිමේදී එක්කෙනෙක් මට උදව් කරන්න කැමති වුණා. “ඒත් නිමල් අයියේ, ඔයා කාටවත්ම කියන්න එපා, මම උදව් කරපු බව. මටත් දොස් අහන්න වෙයි!” එහෙම කොන්දේසියකුත් දාලයි එයා මට ‘ගෝඨා ගෝ ගමේ’ කෙනෙකුව සම්බන්ධ කරලා දුන්නේ.

ඊට පස්සෙත් දවස් දෙකක් ගත වුණා, විවිධ බාධක මැද්දේ. වැඩේ සීයට හැටක් විතර කෙරුණට පස්සේ, 20 වෙනිදා හැන්දෑවේ තමයි ‘උපවාස මෙහෙයුම’ ගැන අට දෙනෙකුට හෙළිදරව් කළේ. “හැබැයි, ඔයාලා කවුරු මට උදව් කළේ නැතත් මං මේ වැඩේ කරනවමයි. සිකුරාදා උදේ නවයට....” සාධාරණ ඒකාධිපති හඬින් මං කිව්වා. එහෙම කියන එක වැරදියි තමා. ඒත් මගේ අරමුණ හොඳයිනෙ.

පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය මම කරනවමයි!
“ඉතිං ඇයි හැට අටක්?”

“මටත් හැට අටක්. මේ රටේ මම ජීවත් වුණා හැට අට අවුරුද්දක්. ඒ එක අවුරුද්දකට පැයක් ගණනේ.....” මං කිව්වා.
“හොඳ වෙලාවට හැට නවයක් නොවුණේ.....”

ඇති යන්තං!
අපේ බඩා මල්ලා; දීපාල් මගෙත් එක්ක ගෝඨා ගෝ ගමට යන්න ආවා. අපේ වැඩේ ස්ථීර කර ගන්නයි එහාට ගියේ. එතැනදී මට උදව් කළ තරුණ හිතවතා එයාගේ නමවත් කියන්න ඕනි නැහැයි කිව්වා.

එහෙම ගිහින් ඇවිත් තමයි fb එකට පුංචි post එකක් දැම්මේ. ඊට පස්සේ blog අඩවිය කියවන්නට එන ආදරණීය ඔයාලට මේ විස්තර ලියන්නෙ. තවමත් කරන්ට් කපන නිසා මේක ඉක්මනට ඉවර කර ගන්න වෙනවා. ඒ ගැන සමා වෙලා, මේ උපවාසය සාර්ථක වෙන්න කියලා මට ආශීර්වාද කරන්න.

මටත් වැඩියෙන් ආශිර්වාද කරන්න, දවස් දහතුනක් තිස්සේ ගෝඨා ගෝ ගමේ අරගලයේ නියුතු තරුණ පෙළට!! එයාලටයි ඔයාලගේ සුබ පැතුම් හා සහය වැඩියෙන්ම ඕනෑ කරන්නේ෴



56 comments:

  1. 🌹🙏❤🌹🙏❤🌹🙏... ජය වේවා!

    ReplyDelete
  2. ලියන්නෙ මොකක්ද කියලා හිතද්දි Thich Nhat Hanh ස්වාමීන් වහන්සේගෙ quotes දෙකක් හම්බවුනා.

    "Because you are alive, everything is possible!"

    "If we believe that tomorrow will be better, we can bear a hardship today!"
    (Thich Nhat Hanh)

    සුබ අරගලයක්, නිමල්.

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් සිදු විය හැකිය; සිදු කළ හැකිය.

      Delete
    2. ෂා... නිමල් ඇවිල්ලා නේද මම නිකමට හිතිලා කමෙන්ට්ස් බලන්න ආවෙ.

      Well done!!!

      Delete
  3. නිමල්‍යාට බර්ත්ඩේ එකට ලෙමන් පෆ් මයෙගානෙ!

    ජයවේවා!
    කියන එකක් අහනවැයි. මක්කකළත් පරිස්සමින් කරන්ඩ. සරීර සෞඛ්‍යය මුලිකවම..
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඔන්න ගිය වැඩේ කරලා තනි කෑල්ලට ආවා!
      https://www.facebook.com/nimal.dissanayake.10420/posts/1046963022864328

      Delete
  4. එන්නම් බලන්න

    ReplyDelete
  5. සදාචාරාත්මකව මෙහෙම කියන්න මට අයිතියක් නැතුව ඇති. ඒත්, සාමකාමී වුනත් අන්තරාදායක(තමන්ට) විරෝධයක්. එකම දේ යන තැන(ගෝටාගෝගම) හොඳයි. එතන තියෙන විනයයි, මනුස්සකමයි අති විශිෂ්ඨයි.

    කරන දෙයක් පරිස්සමින්. විරෝධය විතරයි වැදගත්, ඒ නිසා බැරි මරගාතෙ ටාගට් කවර් කරන්න නග් හදන්න එපා. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මේ ගැන මට කියන්න තියෙන්නෙත් බස්සා කියන දෙයට කිට්ටු දෙයක්. ඔබ ලියන දේවල් අනුව රට හොඳ තැනකට ගැනීම ගැන බරපතල ලෙස සිතන, අවංක, අධිෂ්ඨානශීලී සහ තරමක් හිතුවක්කාර පුද්ගලයෙකු බව පේනවා. පෞද්ගලිකව මම වුනත් මගේ හිතට එකඟ දෙය නොපැකිළ කරනවා. ඔබ මේ වෙලාවේ ඔබට කළ හැකියැයි සිතන හොඳම දෙය කරන්නට ඉදිරිපත්ව සිටින බව පේනවා. හැම විටම ලැබිය හැකි "වාසිය" හා කළ යුතු "වියදම" සසඳා බලන්න. වෙනත් අයගේ කැමැත්තට යට නොවී ඔබට සුදුසු සේ සිතන දේ කරන්න. ඒ වගේම, ඔබේම පෙර තීරණ වලට ඕනෑවට වඩා වහල් වෙන්නත් එපා. අපට ජීවිතයේ හැම ඉලක්කයක්ම සාක්ෂාත් කර ගන්න ලැබෙන්නේ නැහැ. එය කණගාටු විය යුතු වැරැද්දක් හෝ අඩුපාඩුවක් නෙමෙයි. ඒ නිසා, ඔබ පදින්නේ මිය ගිය අස්සයෙක් කියා හිතුනොත් අස්සයාගේ පිටින් බහින්න. අනෙක් අය කෙරෙහි මෙන්ම ඔබ කෙරෙහිද සානුකම්පික ලෙස බලන්න. ඔබේ අරමුණ පරිදි මේ සාමකාමී විරෝධය සාර්ථක කර ගැනීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

      Delete
    2. මේ උපදෙස් ප්‍රයෝජනවත් වෙන්නේ ඉස්සරහට කරන දෙකදී තමයි. බස්සා, ඉකොනොමැට්ටා මහත්තුරු දෙන්නටම ස්තුතියි.

      Delete
  6. බ්ලොග් වලින්, ෆේස්බුක් එකෙන් විරෝධය පල කරලා මදි වගේ හැඟෙනවා තමයි. නිදි ගේ කැමැත්තට ගරු කරනවා. අරගලයට සහභාගී වී එන්න. ගියේ නැත්නම් ඒකත් පස්සේ හිතට වද දේවි.

    ReplyDelete
  7. අරගලයට වගේම ඔබගේ නිර්භීත පියවරටත් සුබදායී අවසානයක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  8. රට වෙනුවෙන් මේ වගේ යහපත් කටයුත්තකට සහභාගී වෙන එක පිනක්.

    ශරීර සෞඛ්‍ය ගැනත් සලකා බලලා සුදුසු දෙයක් කරන්න.

    අරගලය සාර්ථක වේවා!

    ReplyDelete
    Replies
    1. Sam මහත්තයෝ, අරගලය සාර්ථක විය යුතුමයි!

      Delete
  9. අම්මලා තාත්තලා කන්න බොන්න බස් ගාස්තු දුන්න කාලේ මහපොලත් ලැබුන කාලේ අපිත් අන්තරේ ගුලි කාල අරගල කරා. දයා පතිරණ, ත්රිමාවිතාන මැරුණට පස්සේ, ධර්මසිරිලාට ආණ්ඩුවෙන් පිස්තෝලා ලැබුනට පස්සේ, ටයර් සැයවල් හැම හන්දියේම දැක්කට පස්සේ අරගලේ ලොප් උනා. මේවා කොහෙන් ඉවර වෙය්ද? පරිස්සමින් නිමලෝ.

    ReplyDelete
    Replies
    1. මං විතරක් නෙවෙයි, අරගලයේ හැමෝම පරෙස්සන් වෙනවා.

      Delete
  10. ඔයාට බැරි නෑ නිමල් අයියෙ. මේ වැඩේ අනිවාර්යෙන් සාර්ථක වෙනව.

    ජය වේවා නිදි ට සහ අරගලයට.

    ReplyDelete
  11. ඔබේ කැමැත්තට නෙව. මුහුණු පොතින් දුටුවා. ඔබත් සමඟ ඒකතු වෙන්න ඒන්න නොහැකි වීම ගැන ඇත්තටම කණගාටුයි. ඒත් අපේ බ්ලොග් හිතවතුන් ඔබව තනි නොකරන වග දන්නවා. එන්නට නොහැකි වුණත් අපේ සහය සැමදා ඔබට. පරිස්සමින්
    ජය

    ReplyDelete
    Replies
    1. හීනෙකින්වත් හිතුවේ නැති විදිහේ සෙනෙහෙ පවුරක් මගේ වටේ හැදුණු හැටි හිතා ගන්නවත් බෑ මහේෂ්.

      Delete
  12. ඔන්න නිදි මම නම් ඕවට නැ, දෙන දේ කාල වෙන දේ බලලා එන්න, රැඩිකල් වැඩ නැතුව. මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයෝ. මගේ ලේ රත් වෙනවා වැඩියිනේ!

      Delete
  13. නිමල්......සියල්ලට වඩා හෘද සාක්ෂිය ප්‍රභලයි කියන කතාවට මේ හොඳ සාධකයක්.....මම ඔබට ගරු කරමි.

    ReplyDelete
    Replies
    1. අරුණ. ගොඩක් ස්තුතියි. පාලක හැමගේමත් හෘද සාක්ෂිය අවදි වේවා.

      Delete
  14. මේ වෙලාවෙ නිමල් එක්ක ඉන්න කාට හරි බ්ලොග් එකේ පාඨකයින් වෙනුවෙන් නිමල් ගැන අප්ඩේට් එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. හැමදේම හොඳින් සිද්ධවෙනවා ඇති කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නිදිව බලන්න ගිය කෙනෙක්, මෙතනම වචන දෙකක් ලිව්වත් ඇති.

      Delete
    2. fb එකෙන් එහෙම update වීමක් සිදු වුණා!

      Delete
  15. සියලු ශක්තීන් ලැබේවා 👍

    ReplyDelete
    Replies
    1. එහෙම ශක්තියක් තමයි sam ඔයත් දුන්නේ!

      Delete
  16. මුං අපිට කෙනහිලි කං කොරනවා, ඇයි අපට කුරහන් සාටකේ අකැපද අපේ හාංදුරුනේ!

    බල්ලන්ට හා බූරුවන්ට සාටක

    ReplyDelete
    Replies
    1. දාපිය කපුටෙකුටත් සාටකේ.��

      ඈ බං නරිමොටෝ, මේ කයෝටිලත් බොලෑ නෑදෑයොද?

      This is how he wants to live!
      [Dakota dragging his ass across the ground]
      It's the life all our politicians are living right now

      Delete
    2. සාටක ලින්ක් එක:
      https://lankacnews.com/wp-content/uploads/2022/04/145-1.jpg

      Delete
    3. ස්තුතියි!!!
      Links වලට පස්සේ යන්නම්.

      Delete
  17. “චේතනාහං භික්ඛවේ - කම්මං වදාමි” . ප්‍රතිඵලය කුමක් වුවත් ඔබේ තිර අධිෂ්ඨානයට හිසනමා ආචාර කරමි. කලින් පෝස්ටුවට දැමූ කොමෙන්ටුව නැවතත් ලියමි. “නිමල්, ඔබ ශ්‍රේෂ්ඨයි. අරගලයට ජය”.

    ReplyDelete
  18. http://w3lanka.blogspot.com/2022/04/blog-post_12.html

    පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුවක් පිහිටුවන ආරංචියක් තියනවා. කතාව ඇත්ත නං, හොඳ ආරම්භයක් කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අර විජේබාහු කියල තියෙන එක හරි කියල, දැන් මටත් හිතෙනවා. මේ ගෙවල පෙරේතයො, ඔහොම එලවන්න බෑ. වෙනස් ක්‍රමවේද පාවිච්චි කරන්න වෙයි.

      Delete
    2. වෙනස් ක්‍රම? ඔව් ජේ ආර් මරමු (නැ රාජපක්සලා මරමු) ග්‍රාම සේවක මරමු, උඹලට ඕන එකෙක් මරලා අපේ ලිස්ට් එකට දාමු.

      බස්, ට්‍රාන්ස්ෆොර්මර්, තේ පැක්ටරි ගිනි තියමු, , චීට් වලින් කඩ වහමු, චන්දයක් ඉල්ලමු, චන්දෙ දෙන පළුමු එකා මරමු.

      Delete
    3. එහෙම කාවත් මරන්න, ගිනිතියන්න් ඕනෙ නෑනෙ ඇනෝ? ගෝල්ෆේස් එකේ විරෝධය, සම්ප්‍රධායික ප්‍රචණ්ඩ ක්‍රමවලට වඩා වෙනස් නේද?

      රටපුරා තැන, තැන තියෙන ප්‍රචන්ඩ වැඩවල ගෝල්ෆේස් එකේ ප්‍රතිපත්තියට වෙනස්. සමහරවිට අරගලය අල කරන්න කෙරෙන වැඩ වෙන්නත් ඇහැකි.

      Delete
    4. මගේ දැක්මට අනුව නං 'අලුත් පරම්පරාවේ වැඩ ගැන පුරෝකථනය ඉරීම්' හෙණ අමාරුයි.

      Delete
    5. "මේ ගෙවල පෙරේතයො, ඔහොම එලවන්න බෑ". යන්නෙ නැතුව එල්ලිලා ඉන්න ප්‍රධාන හේතුවක්නෙ නඩු ටික බේරා ගැනීම (කිනිතුල්ලො ටික යන්න එපා කියලා ඇඟේ එල්ලී ඉඳීමට අමතරව). ඒ නිසා බලපෑම් වලට අහු නොවී නීති අංශයෙන් නඩු ටික හරියට ඇහුවොත් හොඳයි. නිදොස් කොට නිදහස් කලොත් නැවත නඩු දැමීම හෝ වෙනත් රටවල සිට නඩු දැමීම වගේ දේ ඉස්සරහට සිදු වෙයි. පාලකයින් කිසිදින නොහිතූ ලෙස පුරවැසියන් දැන් ඉදිරියෙන් ඉන්නෙ.

      Delete
    6. මේ සටනෙන් දැනටමත් ලැබී ඇති ජයග්‍රහණයක් තමයි ඒ. රටවැසියන්ගේ බිය තුරන් වෙලා, හිතන්නට පෙළඹිලා, අප වෙනුවෙන් සටන් කළ යුතු අපම බව වටහාගෙන;
      ජාති- ආගම්- භේද නොසලකා සාමූහිකව හිතන්නට පටන් අරං.......

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. බාප්ප දැක්කා වගේ සන්තෝසයි නිදි. ගිය වැඩේත් සාර්ථකව කරගෙන ආ එක ගැන සුභපැතුම්. ඔබවගේ අය රටට අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බ්කුසුතුමෝ.
      මං වගේ අයටත් වඩා රටට ඕනි අර අරගල බිමේ සටනේ නියැලෙන වීරයො වගේ අය!

      Delete
    2. සාර්ථකව වැඩේ අවසන් කරාන් ආ එකට මගෙත් හදපිරි මෙව්ව එක. බලන්ට එන්ට බැරි උනාට සොරි...... නිදි

      Delete
    3. ස්තුතියි නමී. එන්නේ කොහොමද, ගාලු ගියා නේද?

      Delete
    4. නෑ... ඒ වැඩෙන් මං නිදහස්

      Delete
  21. හිතේ හයිය කොයිතරම්ද හොඳින්ම අත්දුටුවා... එය අපටත් හයියක්... ජය වේවා !

    ReplyDelete
    Replies
    1. තරූ, මගේ හිතේ හයිය පෙන්වන්න ඔයාත් ගොඩක් උදව් කළානෙ. ස්තුතියි!

      Delete
  22. හොඳ දහිරියමත් කොල්ලෙක්. ජයවේවා 💞💞💞

    ReplyDelete