අකුරු මැකී නෑ

Sunday, June 15, 2025

මඟුල් වදේ - සිව්වෙනි කොටස

ඒ වෙද්දීත් සෑහෙන මුදලක් මේ වැඩේ වෙනුවෙන් වියදම් කෙරිල ඉවරයි. ඒ වගේමයි එක-එක්කෙනා දරපු වෙහෙස-මහන්සිය. ඒකත් පොඩි නෑ.

මඟුල් ගෙදර තියෙන තැන හොයා ගන්න බැරි වුණොත් ඒ වියදම්; ඒ මහන්සි සේරම වතුරේ...
ඊට හපන් මට විඳින්න වෙන ලජ්ජාව...

වෙඩිම තියෙන්නෙ මනමාලිගේ ගෙදරනේ... අපි එහෙ ගිහිං තියෙන එකක්යැ?

මඟුල් ගෙදරට පාර පෙන්වන්නට බැරි වුණෝතින් මට වෙන්නේ වහ කන්නටය!

‘මහ ලොකු පණ්ඩිතයා. පාර පෙන්නන්නං කියල කිව්වේ නං හරියට දහ-දොළොස් වතාවක් ගිහිං තියෙන එකෙක් වගෙ... අඩු ගාණේ මනමාලිගේ ගෙදර තියෙන හරියට කියන නමවත් දන්නවද? මනමාලිගෙ නමක්- අම්ම තාත්තාගෙ නමක්... ඇඩ්‍රස් එකක්... මොකුත්ම නොදැන නේද මෝලෝ උඹ මේ වැඩේට කරගැහුවේ...’

සත්තයි! මට ඒ වෙලාවේ හීන් දාඩිය දැම්මේය!
නිමල් දිසානායකයා ‘මඟුල් වදේ -
තෙවෙනි කොටස’ අවසන් කළේ එහෙම කියලාය. ඒ post එකට comment එකක් එවමින් ලලිත් සහෘදයා මෙහෙම අසා තිබිණි. ‘මරු මරු,... ඇත්තටම මනමාලිගේ ගම ගැන දැනගෙන නෙවෙයිද වැඩේ පටන් ගත්තේ?
Lotus, අජිත් ධර්ම දෙදෙනාත් මේ කාරණය ගැන අදහස් දක්වා තිබුණෝහ.

ඒ කාරණය ගැන ‘මඟුල් වදේ - පළමුවෙනි කොටස’ ලියද්දී මං වහන්සේ කිව්වේ මෙහෙමය.
“ප්‍රශ්නෙ තියෙන්නෙ
home coming දවස කවද්ද කියල අපි දන්නෙ නැති එක. පාටිය දවසට ඔහොම වැඩක් කරලා වැඩක් නැහැනෙ මචං.”

“එහෙනං අපි වෙඩිම දවසට රැග් එක දෙමු.”
“වෙඩිම තියෙන්නෙ මනමාලිගේ ගෙදරනේ... අපි එහෙ ගිහිං තියෙන එකක්යැ
?”

“මම නං ගිහිං තියෙනවා- එක දවසක්! මට පාර මතකයි.” එතකොට නිමල් දිසානායකයා කිව්වේය. (ඒකත් අහම්බෙන් සිද්ද වෙච්ච දෙයකි. වෙනත් කටයුත්තකට නුවර ගිහිං එද්දී සොක්‍රටීස් උන්නැහේ මේ ලියන්නාවත් කැටුව අනාගත බිරින්දෑගේ නිවහනට ගොඩ වැදුණේය.)

“එක දවසයිද ගිහිං තියෙන්නෙ... නිමල් අයියට පාර මතකද හරියටම...”
“මට ෂුවර්!”

හුඟ වෙලාවට මා ‘දොඩමළු’ (=වාචාල) වෙන්නේ නැත; දුර දිග නොබලා- මොළය දිවේ තියාගෙන කතා කරන්නේත් නැත. ඒත් මේ එහෙම නොකෙරුණු කරුමක්කාර වේලාවකි. ඒ වෙලාවේ නිමල් දිසානායකගේ ග්‍රහයන් සේරම නීච වෙලා හිටියා වෙන්නැතිය.
කුම්බලා මාළු කෑවා නං විඳවපං බළලෝ! දැන් ඉතිං ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවනවා බොරුය...

වාහනයේ වේගය වගේ ලක්ෂ වාරයක් වේගයෙන් මගේ හිත දුවමින් තිබ්බේ; මුහුණෙන් වෙනසක් නොපෙන්නුවට. මඟුල් ගෙදර හොයා ගන්න බැරි වුණෝතින් මො..ක..ද කරන්නේ?
Trip එකක් ආව වගේ නිදහස් තැනකට ගිහිං- සිංදුවක් කියලා- නටල, විනෝද වෙලා- ගෙනාව කෑම කාලා ආපහු ගෙදර යනවද...

‘නිමල් අයියේ! අපි මඟුල් ගෙදර යන්න හදන්නේ බඩගින්නෙමද?’
‘මහෝදර ගෙනාව ෂෝට් ඊට්ස්, මාළු පාන් එහෙම කන්නැද්ද?’
‘හොඳ තැනක් අල්ලලා වාහන නවත්තමුද? උදේට කන්න එපැයි, කාලා කඩේකින් ප්ලේන්ටියක් කාරිය බීලා යමු නේද?’

මුවන් පැලැස්ස නාට්‍යයේ වෙද මාමා- පිනා චරිත හෙමත් කළේ එතුමා. එතුමා විවිධ කටහඬවලින් විවිධ චරිතවලට පණ දෙන්නටම උපන් පුතයෙක්!

එහෙම කෙරෙද්දීත් අනෙකුන්ට කිසිම වෙනසක් නොපෙන්නා සිටින්නට නිදිට හැකි විණි!
ඔව්! අන්තිම මොහොත වෙනකල්ම full try කරනවා!! මම තරයේ සිතා ගත්තෙමි. අන්තිම මොහොත... අන්තිම මොහොත...

ඉස්සර ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ ප්‍රචාරය කෙරුණු ඉතාම ජනප්‍රිය වැඩ සටහනකි ‘ගීත කතන්දර’. සතියකට සැරයක් ප්‍රචාරය වුණු ඒ වැඩ සටහනේ තිබ්බෙ හාස්‍යජනක කතාවක්. කතාව කියැවුණේ ගීත නාටකයක් විදිහට. සේරම චරිතවලට පණ දුන්නේ ‘ගැමුණු විජේසූරිය’ ශිල්පියා. (මුවන් පැලැස්ස නාට්‍යයේ වෙද මාමා- පිනා චරිත හෙමත් කළේ එතුමා. එතුමා විවිධ කටහඬවලින් විවිධ චරිතවලට පණ දෙන්නටම උපන් පුතයෙක්.)

අන්තිම මොහොත වෙනකල්ම අල්ලාගෙන හිටින්නට මට කල්පනා වුණේ ඒ ගීත කතන්දරයක් මතක් වුණු  බැවිනි. (මට මතක විදිහට ඒ කතාව මෙහෙමය.)
ඈත ගමක පිරිසක් කුලී වාහනයකින් කොළඹ මඟුල් ගෙදරකට එති. ඒත් මංගල්ලය තිබෙන තැන ලිපිනය කිසිවෙකුට මතක නැත. සෑහෙන වෙලාවක් තිස්සේ රස්තියාදුවී හෙම්බත් වූවාට පස්සේ උත්සාහය අත්හැර දමන්නට යෝජනා කෙරෙන්නේ “ඔන්න ඔය හූනියම අතහැරලා ආපහු යමු!” කියමිනි.

එතකොටය කෙනෙකුට ලිපිනයේ ඉසව්ව මතක් වෙන්නේ. “හරි හරි හරි මතක් වුණා! යූනියන් පෙලෙස්... යූනියන් පෙලෙස්!”
ඒ ගීත කතන්දරයෙදී සිද්ද වුණා වගේ මං වහන්සේටත් අන්තිම මොහොතේ හරි පොටක් පෑදුණොතින්...

පොට පෑදෙනවා කොහොම වෙතත් වරකාපොළින් කුරුණෑගල පාරට හැරිලා ඉස්සරහට යද්දී නම් මගේ ‘මූණ නාලු වෙලා’ වගේ තියෙන්නට ඇත.
‘මොකෝ දිසානායක... පාර ෂුවර් නැද්ද?’ / ‘නිමල් අයියගේ කට නං වැහිලා!’ / ‘මුක පූට්ටු වෙලා...’
'නෑ වදේ! කෙළවිලා වගේ' යැයි කියන්නට හිතනවත් එක්කම... දෙයියෝ අත පෑවෝහ.

“හෝව් හෝව්... පහු වුණා... පහු වුණා...”
‘දිසානායක මේක කරත්තයක් නෙවෙයි, හෝව් කියන්න... මොකක්ද පහු වුණේ?’
“අතන තිබ්බ පාරෙන් දකුණට හැරිලා ගියා වගෙයි මට මතක!”
‘මට මතක කියන්නේ නිමලෝ... උඹට ෂුවර් නැද්ද?’

ඒ වෙලාවේ මගේ උදව්වට ආවේ ගම්පොළ උන්නැහේය. “යකුනේ... නිමල් අයියත් එහාට ගිහිං තියෙන්නෙ එක සැරයයිනෙ. අපි ඒ මනුස්සයටත් පොඩි chance එකක් දීල බලමු. Mr. දිසානායක- ඔයා කලබල නොවී හොඳට පාර බලාගෙන යං. මචංලා... අපිත් කච-කචේ ටිකක් අඩු කරගෙන යමු! මේ මනුස්සයට disturb නොකර...”
පාර නම් හරි වගෙය... ඒත් කලින් දවසේ මෙච්චර දුරක් ආවේ නැතුවා වගෙය.

නටන කට්ටිය ඊළඟට නේද...

‘පියාණනේ ඔබෙ පුංචි කුමාරිය පුංචි මනාලිය වී යන දවසේ...’ යාන්තමින් ඇහෙයි.
‘අන්න අන්න. ලවුඩ්ස්පීකර් සද්දයක්... මඟුල් ගෙදර වෙන්නැති.’


“මඟුල් ගෙදරක් නං තමයි. ඒත්... ඒත්... එයාලගෙ ගෙදර තිබ්බේ මෙච්චර ඇතුළක නෙවෙයිනෙ. පාර අයිනෙමයි. මට නං සැකයි... මෙතැන අපේ කවුරුවත් ඉන්න පාටකුත් නෑ නේද... වාහන කීපෙකුත් තියෙන්න එපැයි.”
‘මොකද කරන්නේ? ගිහිං අහල බලමුද...’

වෙන මොනව කරන්නද? එතකොටම එතැනින් යන්නට ආ කෙනෙක් අපි දිහාවට විමසිලිමත් බැල්මක් දැම්මා. “මහත්තයෝ, අපි යාළුවෙකුගේ මඟුල් ගෙදරක් හොයනවා... මේ ගෙදර දැකලයි නැවතුණේ... ඒත්...” මං පුළුවන් තරම් ආචාරශීලීව කිව්වා.
‘මහත්තයල කොළඹෙයි? මෙහාට නං අමුත්තෝ හැඩයි... ඒකයි මමත් මේ බැලුවේ. මේක නං මේ ගමේම දෙන්නෙක්ගෙ මංගල්ලයක්... මනමාලිගෙ ගෙදර තමයි මේ...’
“අපි හොයන මඟුල් ගෙදරත් මනමාලි තමයි මේ ගමේ. මනමාලයා කොළඹ...”
‘එහෙනං මහත්තයල හොයන මංගල්ලේ මේක වෙන්න බෑ. මේ පාර දිගේම තව ටික දුරක් ඉස්සරහට ගියාම තව මඟුල් ගෙයක් තියෙනවා... ආරංචි වෙච්ච හැටියට නං ඒ මනමාලයා කොළඹ පැත්තේ එක්කෙනෙක්ලු... ගිහිං බැලුව නං...’

එතකොට නං නිමල් දිසානායකයාට හුස්මක් වැටුණේය; තමන්ට වැරදිලා නැති විත්තිය හිතුණේය. තවත් මඟුල් ගෙයක්! ඒත් ඒකා කට ඉස්සර කර ගත්තේ නැත.

‘නවත්තමු නවත්තමු. අර වත්ත ඇතුළේ නවත්තල තිබ්බේ අපේ ලොක්කලගේ වාහනයක්...’ බූබම්බාට වැරදෙන්නට කිසිම ඉඩක් නැත. එයා සොක්‍රටීස්ලගේ වාහන සේරම හඳුනයි.
‘අපේ වාහනත් මේ හරියෙන් නවත්තමු.’
“ගෙදර නං තියෙන්නෙ ටිකක් එහායින් බවයි මට මතක... මෙතැන පොඩ්ඩක් උස තැනක්නේ. මනමාලිගේ ගෙදර තිබ්බේ පොඩි පල්ලමක් බහිනකොට.”

‘නිමල් අයියේ, මම කියන්නද වැඩක්? අපි ඔයාලගේ press එකේ දෙන්නව ඉස්සරහට යවලා බලමු- මඟුල් ගේ තියෙන්නෙ දුරද කියලා... ඒ දෙන්නව දැක්කත් අපේ කට්ටිය එයාලව අඳුරන්නේ නැහැනෙ...’
‘That is a good idea!’
...
‘මඟුල් ගේ තියෙන්න පල්ලමේ තමයි. දකුණු පැත්තේ...’ ඔත්තුකාරයෝ වාර්තා කළහ.
‘දැන්?’

“දැන් තියෙන්නෙ පෙරහර හැදෙන්න... කව්රු හරි දෙන්නෙක් බැනර් එක අල්ලගෙන ඉස්සරහින්ම... ඊළඟට අපි තුන්-හතර දෙනෙක්...”
‘නටන කට්ටිය ඊළඟට නේද... ඊට පස්සෙන් මෝලම් ගහන set එකයි, අපේ ඉතිරි කට්ටියයි. එතකොට හරිනේ...’
“කිරිහාමියෝ... තමුන්නැහේ දැන්මම බැනර් එකත් උස්සගෙන යන්නත් පටන් ගත්තේ... තව චුට්ටක් ඉවසල ඉන්නවා... පෙරහර ඔර්ගනයිස් වෙලා ඉවර වුණාම පිටත් වෙතෑකි...”
මුලින් දෙකට-දෙවාරේ පස්ස ගහමින් උන්නු ඒ හාදයා දැන් ඉන්නේ අලියෙකු වාගේ නොඉවසිල්ලෙන් නලියමිනි.

‘සුදු අසු පිට නැඟලා...’ ගමම දෙවනත් කරමින් සද්දය විහිදෙයි!
“... හැබැයි, හරියටම පෙරහර ලැහැස්ති වෙනකල් ඉන්නවා... යන්න ගත්තමත් හෙමින්... ගොඩක් හෙමින්...
දිලිනි, මෝලම් කට්ටිය play කරන්න පටන් ගන්න කලින්, ඔයා මේ සූදානං වෙන හැටිත් වීඩියෝ කරනව නේද?”

‘රායිට්! Start...’ කිව්වා විතරකි.
සුදු අසු පිට නැඟලා - මංගල රතේ තියා...’ ගමම දෙවනත් කරමින් සද්දය විහිදෙයි. අපි යාර කිහිපයක් යන්නටත් කලින් පාර දෙපැත්තේ ගෙවල්වල උදවිය එළියට ඇවිදින්ය!
මඟුල් ගෙදර පිරිසත් පාර අයිනේය!!

නටාගෙනම අපේ පෙරමඟට ආවේ සොක්‍රටීස්ගේ ඥාති සොහොයුරන් පිරිසයි. දැන් අපේ පෙරහර වඩාත් සරුය; සජීවීය; පිරිපුන්ය.
සොක්‍රටීස්ගේ සොහොයුරාත් සිනාසීගෙන නැටුමට එකතු වුණේ ඒ අතරේ. මාත් එයාට කිට්ටු වුණා. ඒ වැදගත් දෙයක් අහන්නයි, කියන්නයි දෙකටම.
“XXX, පෝරුවේ චාරිත්‍ර එහෙම ඉවරයි නේද?”
“ඒවා සේරම ඉවරයි. ටිකක් නැටුවට පස්සේ- ඔයාලව වාඩි කරවලා කට්ටියටම වෙඩින් කේක්, cool drinks දෙන්න XXXX අම්මලා අරහෙ රෙඩි කරනවා.”

”දැන්ම නං මෙයාලව වාඩි කරවන්න හම්බ වෙන එකක් නෑ වගේ... වැඩේ නැඟල යනවනේ... ඒක නෙවෙයි මහත්තයෝ, XXXX ගෙදර අයට කියන්න අපිට අලුතෙන් උයන්න එහෙම ඕනි නෑ කියලා. අපි තිහ-හතළිහකට විතර ඇති වෙන්න කෑම උයාගෙනයි ආවේ.”
“අම්මට සිරි!”
“එයාල වැඩ පටන් ගන්න කලින් ඔයා දැන්ම ගිහිං ඒ පණිවිඩේ කියල ඉන්නවද?”

මඟුල් ගෙදරට ඉස්සරහින්; පාරෙන් අනෙක් පැත්තේ තිබුණු හිස් බිම් කඩකය අප රැඟුවේ. මඟුල් ගෙදරට පැමිණ උන් අයත් නැටුම් බලන්නට රොක් වෙලාය. එයින් උද්දාමයට පත් වුණු මෝලම් වාදකයෝත්- නාටිකාංගනාවෝත් දිගටම ඔවුනගේ හපන්කම් පෙන්වති.
ඒ අතරේ අලුත් මනාලයා මනාලියත් එක්කලා එතැනට...

“උඹල එහෙනං challenge එක බාර ගත්තා!”
‘කරදරයක් නෙවෙයි නේද මචං.’
“පිස්සුද මචං. කරදරයක් වෙන්නෙ කොහොමද- මෙයාලා කෑමත් උයාගෙන ඇවිත්නේ... Any way, වැඩේ ලස්සනයි!”

අපි කතා කරමින් හිටිද්දීය; දෙතුන් දෙනෙකු වත්තේ අයිනක ටීපෝවක් ගෙනත් තිබ්බේ. ඒක වටේට පුටු ටිකකුත්... ඊළඟට ටීපෝව උඩට අවුළුපත් සහිත දීසි- වීදුරු...

‘දිසානායක, පිං සිද්ද වෙයි, ඔන්න උදැල්ල දාන්න නං එපා! මනමාලයාගේ හිත රිදෙයි!! හොඳ හිතින් කරන සංග්‍රහයක්නෙ...’ එක්කෙනෙකු මගේ කනට කෙඳිරුවා.
එයාලා කතා වෙලා තමයි ඒ පණිවිඩය මට කියන රාජකාරිය අරයාට පවරන්න ඇත්තේ. අනිත් අයත් ඉඟි-බිඟි පාමින් මට කියන්න හැදුවේ ඒ පණිවිඩේමයි.

ඇයි, මම කිසිවක් කළේ නැහැ බූරුවා නිදහස් කිරීම හැර තම තමන්ගේ අභ්‍යන්තර යක්ෂයා අවදි කර, අත්තනෝමතික ලෙස ක්‍රියාකොට ඔහුව නිදහස් කළේ ඔබ සැවොමය... 

මං විරුද්ධ වුණත් වැඩක් ඇතැයි...
ඊටත්, විරුද්ධ වෙන්න කිසිම පදනමකුත් නෑනෙ. තර්ක කරන්න ගියත් මං පරදිනවා. මෙහෙම වෙන්නත් ඉඩ තියෙනවයි කියලා අර කොන්දේසි දමද්දීවත් මට හිතුණේ නැති හැටි!

ඊට පස්සේ බෝතල් හිස් වුණේය; නච්ඡ ගීත වාදිත අඩු වුණේය; විසූක දස්සන වැඩි වුණේය!
මඟුල් ගෙදර කටයුතු සාමාන්‍ය විදිහට- පිළිවෙලට කෙරීගෙන ගියේය.

මේ, ඔයාල අහල තියෙනවද ‘බූරුවා නිදහස් කළ යක්ෂයා’ගේ කතන්දරේ? ඒක fb එකෙත් තිබ්බා. මේ ඒකයි:
‘බූරුවෙකු ලණුවකින් ගසකට බැඳ තිබිණි. යක්ෂයෙක් ඇවිත් ලණුව ලිහා දැමුවේය. එවිට බූරුවා කුඹුරකට දිව ගොස් වගාව විනාශ කිරීමට පටන් ගත්තේය.

කුඹුර හිමි ගොවියාගේ බිරිඳ මෙය දුටු විට ඇය බූරුවාට වෙඩි තබා මරා දැමුවාය. බූරුවාගේ හිමිකරු කොතරම් කලබල වීද යත් ඔහු එසැණින් ගොවියාගේ බිරිඳට වෙඩි තැබීය.

ගොවියා ආපසු පැමිණි විට, තම බිරිඳ මියගොස් ඇති බව දැක දුවගොස් බූරුවාගේ හිමිකරුට වෙඩි තැබීය.

ඔවුන්ගේ පියාගේ මරණයට පළිගැනීමට ගොවියාගේ නිවස ගිනිබත් කරන මෙන් බූරුවා අයිතිකරුගේ බිරිඳ තම පුතුන්ගෙන් ඉල්ලා සිටියාය.
පිරිමි ළමයි සවස් වරුවේ ගොස් ගොවියාද නිවස සමඟ පණපිටින් පිළිස්සෙනු ඇතැයි උපකල්පනය කරමින් මවගේ නියෝගය සතුටින් ඉටු කළහ.

එසේ වුවත්, ඔවුන් එසේ ගිනි තබන විට ගොවියා ගෙදර නොසිටියේය. ආපසු පැමිණි විට, පිළිස්සී ගිය තම නිවසේ සැකිල්ල දුටු ඔහු වහාම ගොස් බූරුවාගේ අයිතිකරුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනාට වෙඩි තැබීය.

සිදුවූ සියල්ලෙන් පසුතැවිල්ලට පත් ගොවියා යක්ෂයාගෙන් ඇසුවේ "ඇයි මේ සියලු භයානක දේ මෙලෙස සිදු කළේ" කියාය.

භූතයා පිළිතුරු දෙමින් “ඇයි, මම කිසිවක් කළේ නැහැ බූරුවා නිදහස් කිරීම හැර. තම තමන්ගේ අභ්‍යන්තර යක්ෂයා අවදි කර, අත්තනෝමතික ලෙස ක්‍රියාකොට ඔහුව නිදහස් කළේ ඔබ සැවොමය.” කියා කීවේය.

අපි එය තේරුම් ගනිමු!
යක්ෂයා කිසිවක් නොකරන නමුත් නපුරු චේතනා බවට හැරී අන් අයට හානියක් කිරීමට ඔබ තුළ ඇති හැකියාව අවුලුවාලමින් ඔබව අවදි කරයි.

ප්‍රතිචාර දැක්වීමට, වාර්තා කිරීමට, තරවටු කිරීමට හෝ පළිගැනීමට පෙර ඊළඟ වතාවේ කෙටි විරාමයක් තබා සිතන්න.

ප්‍රවේසම් වෙන්න.
බොහෝ විට, යක්ෂයා කරන එකම දෙය නම් බූරුවා අපෙන් නිදහස් කිරීමයි.’

අපේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය සහ දේශපාලඥයින් අපේ මනසේ සිටින බූරුවා නිදහස් කරමින් සිටී.

කතන්දරය එච්චරක් වුණත් ඊට යටින් තව පුංචි අටුවාවකුත් තිබුණා.

‘අද මේ වනවිටත් අපේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය සහ දේශපාලඥයින් අපේ මනසේ සිටින බූරුවා නිදහස් කරමින් සිටී.
ඔවුන්ගේ උත්තේජනවලින් ජීවිතයේ කිසි දිනෙක දැක නැති අයට පවා පරුෂ වචනයෙන් බනිමින් අපි අර බූරුවා මෙන්ම හැසිරෙමින් සිටිමු. ක්‍රියාත්මක වන්නට පෙර නැවතත් සිතමු...’

අපේ නඩේ උදවිය නං එදා නැවතත් හිතමින් ඉන්න සුනංගු වුණේ නෑ. ඇති වෙන්න මජ්ජපානයෙන් සන්තර්පණය වුණා. ඒ අතරේ මනාල යුවලගේ අම්මලා දෙන්නා දෙවෙනි වතාවටත් ඇවිත් අපට වතුර ඇල්ලුවා. “නිමල්, දැන්වත් මේ කට්ටියව අඬ ගහගෙන එන්නකො. අනිත් අය හැමෝම කාලා ඉවරයි. ඔයාලා විතරයි ඉන්නේ...” සොක්‍රටීස්ගේ අම්මා කිව්වා.
“ඇති නේද? අපිත් යමු...” මාත් නැඟිට්ටා.

‘ඇති? කා..ට..ද ඇත්ති... අපිට නං ඇති නෑ. ම.ට්...ට නං මද්ද්දි...’
‘ඔව් ඔව් මචං... මට නං තව ටිකක් dance කරන්නත් ඕනි.’ කියාගෙන හිට ගත්තේ කෙලින් ඉන්නත් බැරි කෙනෙක්. එහෙම වෙලාවට එක එල්ලේ ‘එපා’ කිව්වොත් වැඩේ ‘චොර’ වෙලයි නවතින්නේ.
“හරි! විනාඩි පහයි... යසේ, අර බෑන්ඩ් එක ගහන්නයි කියනවද?” මං යසලාලකතිස්සට කිව්වා.

ඒත් අපි කෑම මේසෙට වාඩි වුණේ ඊටත් පැය බාගෙකට විතර පස්සෙයි.

‘නිමල් අයියේ, අර ගොල්ලෝ පිටත් වෙන්න ලෑස්ති වෙනව වගේ...’ / ‘ඔව් ඔව්. අන්න ජෝඩුවගේ ඇඳුම් bags වාහනේට දැම්මා.’ / ‘අපි දැන් මොකද කරන්නේ?’
මඟුල් මඩුවෙ කෑම මේසයේ උන්නේ අපේ නඩේ කට්ටිය විතරයි. ඒත් අපේ සමහරුන්ගේ ඇස් තිබ්බේ වත්තට ඇතුළු වෙන තැන. එයාලගෙන් තමයි ‘එසැණ පුවත්’ කෙඳිරිලි වගේ කියැවුණේ.

“තව මොනව කරන්නද? ඒ දෙන්නා හනිමූන් යන්න එපැයි...”
‘එහෙම කොහොමද නිකංම යන්න දෙන්නේ?’ / ‘ඒක නේන්නං. කපල් එකත් නටවලා පෙරහරෙන් ටික දුරක් ගෙනියමු නිමල් අයියේ...’

සොක්‍රටීස් නටන ජාතියේ හාදයෙක් නොවේ. මනාලියත් ඒ ජාතියේමය. ඒ විත්තිය අපේ කට්ටියට කල්පනා නොවුණු ගණනය.
“අපි ආව වැඩේ කළා. මම කලින්ම කිව්වනේ, ඒ දෙන්නට පාඩුවෙ යන්න දෙනවලා. අපි නොදන්න තාලෙට කෑම කාලා ඉවර කරමු. එයාලා ගියාවේ...” කෑම කන ගමන්මය මං කිව්වේ.

‘ගියා... ගියා... ජෝඩුව ත්‍රී වීල් එකක ගියා!’ Breaking News එක ආවේය.
‘අන්න අන්න... මහෝදරත් පස්සෙන් දුවනවා- අන්න, එයත් පාරෙ ගිය ත්‍රී වීල් එකකට නඟිනවා...’ දෙවෙනි ප්‍රවෘත්තියත් ආවේය. තෙවැන්නත්-
‘... මොනවා කර ගනියිද දන්නෑ.’

ඉතිං උඹත් අතෑරියා... උන්ට යන්න දීලා. ඒක කරන්නද යකෝ උඹ පස්සෙන් පැන්නුවේ?

අපට සිද්ද වුණේ බලාගෙන ඉන්නටයි.

මනාල ජෝඩුව ගිහිංය. මහෝදර මිසිංය.
ඒ අතරේ සොක්‍රටීස්ගේ මංගල රථයත් පිටත්ව ගිහිංය- හීං සීරුවේ... අප කාටත් හොරෙන්!

පැය බාගයක්- විනාඩි 45ක් විතර ගියාමය, මහෝදර ආපහු ආවේ.
‘මොකද මචං වුණේ?’
‘උන් දෙන්නා බස් එකකට නැග්ග මචං...’
‘උඹටත් නඟින්නනෙ තිබ්බෙ!’
‘අනේ xත්තො! තෝ නං කියයි. තව ඩිංගෙන් අරූ මට පයින් ගහනවා බස් එකෙන් එළියට වැටෙන්න.’

සිද්ද වෙලා තිබුණේ මේකය.
මනාල යුවලගේ ත්‍රී වීලරය පස්සෙන්ම පන්නන්නට මහෝදරට පුළුවන් වෙලාය. නුවර පාරේදී නගරාන්තර බස් රියක් නවත්වා ගත් සොක්‍රටීස්ලා එයට ගොඩවැදිලාය; ඒ මංගල ඇඳුම් පිටින්මය. එහිදී ඉක්මනින් දුවගෙන ගිය මහෝදරත් බසයේ පා පුවරුවට ගොඩවැදී තිබෙයි.
ඒ බසය අද්දන්නට කලින්ය...

“එතකොට මචං සොක්‍රටීස් යකා වගේ මහ හයියෙන් මට කිව්වනේ -හොඳ හිතින් බැහැපන්... නැත්තං මම උඹට පයින් ගහනවා විසිවෙන්න- කියලා. තනි මම මොනව කරන්නද? අල්ලාගෙන හිටිය නං ඌ මට පයින් ගහනවාමයි...’
‘ඉතිං උඹත් අතෑරියා... උන්ට යන්න දීලා. ඒක කරන්නද යකෝ උඹ පස්සෙන් පැන්නුවේ?’

ඒ කතාව එතැනින් ඉවර නැත. ඊට දවස් කිහිපයකට පස්සේ ‘ලංකාදීප’ පත්තරයේ ‘දෙයියෝ සාක්කි’ තීරුවේ මේ සිද්දිය ගැන තදබල විවේචනාත්මක වාර්තාවක් පළවී තිබිණි! (සොක්‍රටීස්ලගේ මඟුල් ඇල්බමයේ එහි පිටපතකුත් තිබෙනවාලු!) ඒ වාර්තාව ලියා තිබ්බේ ඒක පාර්ශ්විකව බලමිනි. වදය දෙන්නට හේතු වුණු කාරණයත්, අපේ වදය කිසිම හිංසනයකින් තොර එකක් බවත් එහි සඳහන් නොවිණි.

ආපහු ආවයින් පස්සේ මහෝදර කට කතාවක් ගමේ පතුරුවා හැරලාය.
‘සොක්‍රටීස්ගෙ හෝම් කමින් දවසට මී හරක් රංචුවක් එහාට දක්කන්නයි ඉන්නේ!’

ඒ කතාව ගම පුරාම පැතිරිලාය... සොක්‍රටීස්ගේ කණටත් වැටිලය.
ඒ Home Coming දවසේ විශේෂ අමුත්තෝ කිහිප දෙනෙක් සුවිශේෂ සූදානමක් ඇතිව සොක්‍රටීස්ලගෙ වත්තේ දොරටුව ළඟ රැකවලේ යෙදී උන්හ. (එක්කෙනෙකුගේ නමත් මට මතකය. කම්බි රාජා!)
කම්බි රාජලා නඩේ උන් හැමෝම හරි හතර රියන්, නැඩ- මැරෑටි- මරාගෙන මැරෙන ජාතියේ මැරයන් වූ බවත් මෙතැනදී නොකියා බැරිය.
(
බකමූණු කතා අඩවියේ බකුසාණනුත් පසුගිය කොටසට comment එකක් එවමින් වියලුවේ මෙවන් සිද්ධියක් ගැන දන්වා තිබිණි.)

ඉතිං... යක්ෂයා කරන එකම දෙය නම් බූරුවා අපෙන් නිදහස් කිරීම බවත්, කණ්ඩායමක් වශයෙන් සිටින විට අප පහසුවෙන්ම යක්ෂයාට නතු වෙන බවත්, මත්පැන් ඊට හොඳ උත්තේජනයක් සපයන බවත් යළිදු මට පසක් විය෴0෴

පසු සටහන: මේ සිදුවීමෙන් වසර කිහිපයකට පසු මහෝදරත් මනාලයෙක් වූවේය. එහෙත් 'මඟුල් වද'වලට ලක් වෙතියි බියෙන් කිසිම හිතවතෙකුට නොකියමින්; රහසින්මය ඔහු මඟුල් කා තිබුණේ!

44 comments:

  1. පසු සටහනින් පෙනෙන්නේ වින්දනය කරන්නෝත් විඳින්නට අකමැති නිසා එය වදයක්ම වන බව ය.

    ReplyDelete
    Replies
    1. හරියටම කිව්වා. 👌🙏

      Delete
    2. පසු සටහන තමයි වැදගත්ම පොයින්ට් එක!.
      මහෝදර bro knew that karma is a bitxx 😁.

      Delete
    3. අනුන්ට රිදවන, වද දෙන, හිංසා කරන, මරණ, මරවන අය ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ 'සබ්බේ තසන්ති...' ගාථාවක්වත් අහලා නැතිව ඇති නේද Litseeker?

      Delete
    4. ස්තුතියි Litseeker, බස්සා, Lotus තුන් දෙනාටම.

      Delete
    5. Lotus, ඔයා කර්මය ගැන කියලා තියෙනවා දැක්කම මතක් වුණේ ධම්ම පදයේ තව ගාථාවක්.

      න අන්තලික්ඛෙ න සමුද්දමජ්ජේ
      න පබ්බතානං විවරං පවිස්ස
      න විජ්ජති සො ජගතිප්පදෙසො
      යත්ථට්ඨිතො මුඤ්චෙය්ය පාපකම්මා

      Delete
  2. මංගල ඇඳුම් පිටින්ම, සොක්‍රටීස් නගරාන්තර බස් රියක් නවත්වා ගෙන පැනයෑමත්, මහෝදර ඔවුන් පසුපස පන්නාගෙන යැමත්, සොක්‍රටීස්...හොඳ හිතින් බැහැපන්... නැත්තං මම උඹට පයින් ගහනවා විසිවෙන්න" කීමත්, මහෝදර රහසින් මඟුල් කෑමත් මඟින් ගම්‍ය වන්නේ "වදය" එතරම්ම අවිහිංසක නොවන බව නොවේද?

    ඒත් මෙතන නිදි මතුකරන අදහස හොඳයි. මඟුල් ගෙදරට හෝ මනාලයාට කිසිම සෙතක් නැති විශාල වියදමක් දරා, වදයට සහභාගි වූ අයගේ වින්දනය සඳහා කෙරුන තොයිලක් වගේ අදහසක් ආවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සා මහත්තයෝ, 'වදය' වදයක්මයි! අවිහිංසක වගේ පෙනුණත්- සුළුවෙන් පටන් ගත්තත් පහු වෙද්දී දරුණු වෙනවාමයි.

      මෙතැනදී මට මතු කරන්න උවමනා වුණු අදහස් නං කිහිපයක්ම තියෙනවා. තව ටිකක් බලමුකෝ- ඔයාලා කොතරම් දුරට එව්වා ග්‍රහණය කර ගන්නවද කියලා.

      Delete
  3. ඔය මර්වින්, කිසිම බයක් නැතුව එලිපිට හොරාකාපු කෙනෙක්. "නංවමු කැලණිය" වගේ නමක් තියන එකක් හරහා වෙළඳුන්ගෙන් කප්පම් ගත්තා. ඔහු වෙළඳුන්ට තර්ජනය කරන හඞපට ඒ දිනවල යූබටෙත් තිබ්බා.

    අවාසනාවට අදත්, ලාංකික සමාජය මහජන මුදල් හොරාකෑම ලොකු වරදක් ලෙස දකින්නෙ නෑ. අනිත් ඇමතිලාට වගේ, මර්විනුත් හිරේ විශේෂ වරප්‍රසාදත් එක්ක ඉඳලා, වීරකමකුත් එක්ක එලියට එන්න ඉඩත් තියනවා. කියාවි දේශපාලන පලිගැනීමක් කියලා.

    කොහෙම වුනත් අඩුම තරමේ, මේ අපරාධ මෙහෙමවත් එලියට ඇදීම නම් හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Blakiston%27s_fish_owl
      කුම්බලා මාලු හොඳට කයි, ප්‍රස්නයක් නෑ

      Delete
    2. කුම්බලා මාලු නෙමෙයි උපාසක ටූනා,ටූනා. මේ දැන් තායි අවුමිරිස්, තක්කකලි, මාගරින්, ගම්මිරිස් දාලා ටූනා සම්බෝල එක්ක පරාටා වළඳලයි ඉන්නෙ.😋

      Delete
    3. https://images.app.goo.gl/ELCN3baruygCTwUT7

      Delete
    4. අනාථ ළමයි අපයෝජන කරන්න තැන් තැන් වල ගෙනියපු එක .

      Delete
    5. ඔව් බකුසුතුමෝ, ඉදිරියේදී තව තවත් අපරාධකාරයන්ගේ කෙරුවාවල් රට ඉදිරියේ හෙළිවේවි කියල හිතනවා.
      හැබැයි දැන් දන් හිරේට යද්දී 'දෑතම උස්සලා' වීර ලීලාවෙන් යන action එක දකින්න නෑ නේද?

      Delete
    6. Pra Jay මහත්තයාට ගොඩක් ස්තුතියි links වලට. විස්තර වගේම හොඳ ෆොටෝස් එහෙමාත් තියෙනවනේ!

      Delete
    7. ස්තුතියි බකුසුතුමෝ නත්තල් කෑම foto එකට... ඒක මාර ගති!

      Delete
    8. ... අමතක වුණා... ඊයේ රෑ දැක්කා පරාටා හදන ලේසිම ක්‍රමයක්. හෙට හදල බලන්නයි යන්නේ.
      https://www.youtube.com/watch?v=Qy9ZO8pRPKU&t=57s

      Delete
    9. අජිත් ධර්ම මහත්තයෝ- පුදුමේ කියන්නේ, දැන් මැරවින් උන්නැහේ සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ අහිංසක ලීලාවෙන් ඉන්නකොට නං පව් කියලත් හිතෙනවා.

      Delete
    10. අර පරාටා හදන විදිහ නං නියමයි, ලේසියි. ඒත් එකම අවුල එහෙම හදන්න පිටි ගෙනාවොත් වැඩිය පිටි කැවෙනවා. ඒ නිසා වැඩි ගානට "රෙඩි-මේඩ්" පරාටා පැක් ගෙනත් ෆ්‍රීසර් එකේ තියාගෙන කනවා.

      Delete
    11. ඉඩක් හම්බ වුනු නිසා ඊයෙම හැදුවා. පාන් පිටි කෝප්පෙකින් හැදුවත් කෙනෙකුට වැඩි තරම්.

      දැන් මෙහෙත් ඔය ජාති සේරම රෙඩිමේඩ් තියෙනවා. ලේසියි- පහසුයි- ඉක්මන්. හැබැයි, හැදීමේ තෘප්තිය ලැබෙන්නෑ.

      Delete
  4. ඔය සීන්ස් එකෙන් පස්සෙ මහෝදර වගේ ඔතන හිටපු තව කී දෙනෙක් පැදුරටත් නොකිය කසාද බැන්දද දන්නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. බැන්දා නේන්නං Praසන්ன මහත්තයෝ! හැබයි අපි නං වද දෙන්න ගියෙත් නෑ. අපිට කවුරුන්වත් challenge කළෙත් නෑ.

      Delete
  5. "මනාල ජෝඩුව ගිහිංය. මහෝදර මිසිංය". අය්යෝ.. හිනා වෙලා මැරෙනවා 🤣. මහෝදර නගරාන්තර බස් එකටත් නැග්ගෙ එතකොට ඒක ඇතුලෙ රැග් එක දෙන්න හිතාගෙනද.

    ප්‍රසන්න කියලා තියෙනවා වගේ, කීප දෙනෙක් හරි සද්ද නැතුව කසාද බැන්දා නම් ඒකත් හොඳයි; මඟුල් ගෙවල් කියලා බාගෙට බාගයක් සෝබන වියදම් කරන්නෙ නැතුව.

    යක්ශයා හා බූරුවා කතාවෙන් උපමා විදිහට පෙන්වන්නෙ අපේ චිත්තාවේග ක්‍රියාත්මක වෙන විදිහ නේද. ඒතරම් ප්‍රබලයිනෙ අපේ සිත වැඩ කරන විදිහ.

    ReplyDelete
    Replies
    1. නැහැනෙ Lotus..
      මහෝදරට පුළුවන් වෙලා තියෙන්නෙ බස් එකේ දොර ළඟ තියෙන බාර් එක අල්ලාගෙන පඩියක් උඩට ගොඩවෙන්න විතරයි. (උන්නැහේ බරපතල සරීරයක්- ලොකු උදරයක් ජොල් ඇඟක් තියෙන කෙනෙක්.) සොක්‍රටීස් බස් එක ඇතුළේ ඉඳලා පයින් ගැහුවා නං හෙම 'පත දොං - බිමටම දොං' තමයි!

      ඔව් ඔව්... දැන් මඟුල්- මරණ- බණ- දාන- ඇනුවසරි කොයිවත් විකිණෙන වැඩ බවට පත් වෙලානේ.

      යක්ෂයා හා බූරුවා කතාවෙ කියවෙන දේවල්වලින් මං වැඩියත්ම කැමති 'හිතේ හැංගිලා තියෙන අපේ තිරිසන් ගති චූටි දේකින් ඉස්මතු කරන්න හැකි'යි කියන කාරණයට.

      Delete
  6. නවක වද කාරයෝ ස්ට් එකක්ම ඉඳලනෙ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න මගෙත් යක්ෂයා අවදි කර ගන්න හදනවා...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අයියෝ අජිත් මහත්තයෝ... කමෙන්ටුව අයින් කළේ ඇයි? තරහෙන් නෙවෙයි යකෙක් ගැන කිව්වේ.

      Delete
  7. ඔය විදියට පාරවල් හොයාගෙන ඉස්සර තාත්තල එක්ක මගුල් ගෙවල් මල ගෙවල් වල ගිය හැටි මතක් උනා .. හොඳ වෙලාවට අපේ කාලේ වෙනකොට තාක්සනේ දියුණු උනා හෙහ් හෙහ් ..

    ඔය මගුල් ගෙවල් වල වද දෙන එක නම් එපා කරපු වැඩක් .. මම නම් ඔය වගේ වැඩ වලට උදව් කරන්නේ නැහැ ..

    කරන අය‍ට පොඩි ආතල් එකක් තිබ්බට බොහෝ දෙනෙකුට වෙන්නේ අපහසුවක්

    ReplyDelete
    Replies
    1. තාක්ෂණයේ දියුණුව හොඳයි පැතුම් මහත්තයෝ හැම පැත්තටම සිග්නල් තියෙනවා නං!

      මාත් සිල් අරං හිටපු නයා වගේ ඉන්නේ. හැබැයි දර මිටිය බඳින්න ලණුව වෙන්නේ නං නෑ...

      තුන්වෙනි කාරණේට ඉන්තේරුවෙන්ම එකඟයි.

      Delete
  8. කොහොම හරි මගුල් ගෙදර හොයාගෙන තියෙන්නේ, ඊ පැත්තේ නෑදැයෝ සටනට ආවේ නැද්ද පෙරහැර එනකොට

    ReplyDelete
    Replies
    1. අනේ නෑ ලලිත්. එයාල හරිම නිවිච්ච කට්ටිය. අදටත් අපි එහෙ ගියොත් උපරිමෙන්ම සලකනවා.

      Delete
    2. තාම එහෙම හිතවත්කම් තියනවා කියන්නෙ, ඒක තව දාහක් වටිනවා. සොක්‍රටීස්-මහෝදර පස්සෙ සාමදාන වෙන්න ඇති නේද?

      Delete
    3. බස්සා මහත්තයෝ,
      ඔයාට පිළිතුරු ලියලා post කරන්න යද්දී කරන්ට් ගියා. අර පජාති රිලවා පැන්නට පස්සේ නිතර නිතරම විදුලිය විසන්ධි වෙනවනෙ. තව රිලව් ඉන්නවද මංදා.

      අපේ මිතුරු සමාගම් ගැන නං කියන්න වචන නෑ බකුසුතුමෝ! වාසනාවටම ඇති වුණු මිතුරන්. තව දාහක් නෙවෙයි කෝටියක් වටිනවා කිව්වත් මදි.
      ඒ කස්ටිය සෙට් වෙලා දැන් අවුරුදු 40ක්. සොක්‍රටීස්ගේ මඟුල් ගෙදරින් පස්සේ හෝම් කමින් වෙනකොටත් මහෝදර ඇතුළු අපේ නඩේම ආයෙම fit වුණේ අරහෙම වදයක් දීම නොවිච්ච ගාණට.

      අපි වාද විවාද අස්සේ මරා ගන්න තරමට බැන ගත්තත් ඒවා එවෙලෙට විතරයි. අපේ ගෙදරින් යනකොට කව්රුත් යන්නේ හිතේ කහටක් නැතිව. ඒක නිසා වෙන්නෝනි මේ සබඳතා මෙතෙක් කල් පැවතුණේ.

      (මේ මිතුරු- අපි හැමෝටම තව තව මිතුරු කල්ලි තියෙනවා. ඒත් ඒවායින් මේ සෙට් එකට කෙනෙකුව ඇතුල් කරගන්නේ හරිම පරෙස්සමෙන්. එහෙම කරලත් එකම එක වතාවක් විතරක් අපට වැරදුණා. හැබැයි මිනිහා හැබෑ දක්ෂයෙක්.)...

      Delete
    4. ... මටම පුදුමයි අපේ සෙට් එකේ සංයුතිය ගැන. වයසින්- වත්පොහොසත්කම්වලින්- දැනඋගත්කම්වලින්- වගේම දේශපාලන මතවාදවලිනුත් මේ සෙට් එක විවිධාකාරයි.

      තුන් දෙනෙක් උග්‍ර මාලිමාකාරයන්. එක්කෙනෙකුට මාලිමාව මොනවා කළත් වැරදියි.
      එක්කෙනෙක් තදම පොහොට්ටුවෙක්. එයා හරියි කියන්නේ පොහොට්ටුව කරන දේවලට විතරයි. තව කෙනෙක් ඉන්නවා පොහොට්ටුවට තදින්ම විරුද්ධ.
      වාසු-බාහු අදහගෙන හිටිය කෙනෙකුත් අපේ නඩේ උන්නා. දැන් උන්නැහේ පාවෙන ගොඩේ.
      කෙනෙක් වැඩිය කැමති දිලිත්ට.
      තව දෙන්නෙක් දේශපාලන මාත්රුකාව ඇද ගන්නවට අකමැතියි.
      තව දෙන්නෙක් ඉන්නවා හැරෙන හැරෙන පැත්තට කතා කරන. එයාල වැඩියත්ම කරන්නේ එදා දවසේ සාර්ථකව වාද කරන අයට උඩගෙඩි දීම.
      Full නියුට්‍රල් අනිත් අය.
      ඒකෙන්ම හිතා ගත්තැකි නේද කට්ටිය සෙට් වුණාම තත්ත්වේ.
      මතවාද ගැටෙනවා නිමක් නැතිව. පුද්ගලයන් ගැටෙන්නේ නැහැ!

      මේ විස්තර කිව්වේ තව අයටත් මෙහෙම මිතුරු සමාගම් හදා ගන්ට අදහසක් විදියටයි!

      Delete
  9. මේක ක්‍රියාතමක කරපු අයව අගයනවා. මේවගේ වදයක් දෙන්න සුදුසු යාළුවෝ කීප දෙනෙක්ම හිටිය. ඒකාලෙ මෙහෙම අදහසක් ආවෙ නැහැනෙ. දැන් අපේ යාළුවො බැඳල ලෙහල හෝ ළමයිනුත් බැඳල.

    ReplyDelete
    Replies
    1. මේ කතන්දරේට සම්බන්ධ යුවලගේ පුතාල දෙන්නත් දැන් ලොකුයි. දෙවෙනියත් A /L කරනවද කොහේද. Ian මහත්තයෝ, ඔයා නං මෙයාලව දන්නවත් ඇති සමහරවිට.

      Delete
  10. මෙව්වාට ඉතීම් personality disorders කියලත් කියනව හිටං.

    Golden Rule- ethics of reciprocity. තමන්ට සිදුවන්න අකමැති වන දේ අනුන්ට නොකර ඉන්නවා කියන මූලධර්මය හැම සමාජයකම/ ආගමකම පෙන්වා දුන්නු දෙයක්.

    ReplyDelete
    Replies
    1. //personality disorders//
      කව්ද හලෝ කියන්නේ? එතකොට ඔය පාර්ලිමේන්තුවේ හිටියෙ- සමහරක් තාම ඉන්නේ එහෙම උදවියද?

      Delete
    2. ඇර මාටින්, නමියත් කෙට්ටුවට හිටියට පොර කුකුලා. 😋🤣😁

      Delete
    3. ඔව්වොව්! නමියා කොටාගන්න දෙයියා. වැඩියත්ම ඇර ගන්නේ නෙවිල්, මර්වින්, අයස්මන්ත හා අරුණ එක්කලා. එහෙම වෙලාවට අහිංසක නිදි කරන්නේ පෝර (අශූචි නැවේ තිබිච්ච එව්වා නෙවෙයි) ටිකක් හරි ඉන්ධන සුවල්පයක් එකතු කිරිල්ල විතරයි...

      Delete
  11. කණගාටුදායක කතාවක් දැක්කා.
    https://miduma.blogspot.com/2025/06/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ගිහිං කියවලා මෙන්න මේ කවියත් ලියල ආවා.

      දාහක් ඉන්නකොට ඒ අම්මගෙ පැත්තේ
      කවුරුද හිට ගන්නෙ මේ දූගේ පැත්තේ
      හිට ගන්නවා නං කිසිවෙක් දුව පැත්තේ
      උන්දැගෙ මොළේ නැහැ විය යුතු සැක නැත්තේ!

      Delete