එතකොටයි බන්ටි මෙහෙම කියමින් කතාවට මුල පිරුවේ.
“නිමල්... උඹ කැමතිද මම උ..ඹේ උඹේ...”
![]() |
පුරුෂ ලිංගයක් හිමි ඔබට සොබා දහමෙන්
වෛද්‍ය පරීක්ෂණයක්... |
ලියල තියෙන
දෙයින් කියැවෙන දේ ඉතා සූක්ෂ්මව උකහා ගන්නා Lotus රසිකාව ලියවිල්ලක උඩු පෙළ වගේම
යටි පෙළත් තේරුම් ගන්නට සමත් ඇත්තියක්; නොකඩවා commentsතුත් එවන්නියක්. (ස්තුතියි Lotus!)
ඉතිං Lotus පසුගිය කොටසට මෙහෙමයි කමෙන්ටුවක් එවල තිබ්බේ.
‘බන්ටි ඇහුවෙ නිමල්... උඹ කැමතිද මම උ..ඹේ උඹේ...
BIL වෙනවට කියලද. (මට ඉතින් ඉවසිල්ලක් නැතුව හැමදාම
නිමල්ගෙ කතාව මැද්දෙන් පනිනවා 😁).’
ඒ කමෙන්ටුව
ඉස්සෙල්ලාම කියවනකොට මට හිතුණේ ‘කවුද බොලේ මේ බිල්?’ කියලයි. ඒක දෙවෙනි වතාවටත් කියවද්දී
තමයි හිතුණෙ මේ abbreviation එකක් (කෙටි යෙදුමක්) තමයි කියලා. (මගේ ඉංගිරිස්
දැනුම එච්චර කොලිටි එකක් නෙවෙයි නෙව. ඒ මදිවට Bilව හම්බ වුණු පළමුවෙනි වතාව.)
‘Brother-in-law!’ කියන එක තමා මේ Lotus ඇත්ති BIL කියන එකෙන්
අදහස් කරන්න ඇත්තේ.
කොයිකටත් කියලා Google එකෙනුත් හොයල බැලුවා.
ඒකම නේන්නං!
ඔයා ටක්කෙටම
අනුමාන කරලා! ඔයා හරියටම හරි Lotus!
“උඹ කැමතිද මම
උ..ඹේ උඹේ... බ්‍රදර් ඉන් ලෝ වෙනවට?” කියලයි බන්ටි එදා මගෙන් ඇහුවේ. ඇත්තටම ඒ
වෙලාවේ මං ෂොක් වුණා. එයාගෙන් එහෙම ප්‍රශ්නයක් මතු වෙයි කියල මං කීයටවත් හිතුවේ නෑ.
කටේ කෙළත් හිඳිලා, කතා කර ගන්න බැරිව ඉඳිද්දී බන්ටිමයි කතා කළේ.
“මම මෙහෙම දෙයක් අහයි කියලා උඹ හිතුවේ නෑ නේද... තරහ ගන්න එපා නිමල්. උඹ දවසක් උඹේ
ෆොටෝ ඇල්බම් එකක් අපේ ෆැක්ටරියට ගෙනාවා මතකද? එදා තමයි ඔයාගේ බාලම නංගිගේ ෆොටෝ
එකක් දැක්කේ. එදාමයි මං හිතා ගත්තේ මෙහෙම
අහන්න...”
එහෙනං ඒක තමයි
බන්ටිට අපේ ගෙදරට එන්න තදින්ම ඕනි වුණේ! දීපානිව හැබැහින්ම දැක ගන්න!!
හිටි ගමන්ම මට
දැනුණා මගේ මුත්‍රා බොක්ක පිරිලා තියෙනවය කියලා. බන්ටිගේ කතාවට බාධා කරමින් මං ඒ
විත්තිය කිව්වා. එයා ලොකු ගහක් පෙන්නුවා.
“කමක් නැද්ද?”
“ගණන් ගන්නෙපා!”
ඒ වෙලාව මතක්
කරන ෆොටෝ එකක් තමයි මේ post එකේ උඩින්ම දාල තියෙන්නේ.
![]() |
මං අපේ ආන්ටිලා මට මැරි කරන්න
කියල හොයපු වෙනින් කෙනෙක් ගැන හිතුවෙත් නෑ! (මොටාගෙදර වනිගරත්න මහතාගේ සිතුවමකි.) |
අනෙක ඒකෙන් බොහොම වැදගත් කාරණා වගයකුත් කියවෙනවනෙ.
‘පුරුෂ ලිංගයක් හිමි ඔබට සොබා දහමෙන් වෛද්‍ය
පරීක්ෂණයක්
ගසකට මුත්‍රා කරන්න
මුත්‍රාවලට කූඹි ඇදුණොත් ඔබට සීනි
ඉක්මනින් වේලුනොත් ඇඟේ ලුණු වැඩියි
දැඩි දුර්ඝන්ධයක් එයි නම් ඔබේ කොලෙස්ටරෝල් ප්‍රමාණය
වැඩියි
සිප් එක වහන්න අමතක වුණොත් ඔබට Alzheimer (අමතක
වීමේ) රෝගය
මුත්‍රා කරද්දී ගස නිවැරදිව ඉලක්ක කර ගන්න බැරි
වුණොත් ඔබට පාකින්සන් රෝගය
ඔබ කකුල මතට මුත්‍රා කරගෙන නම් වෘෂණ කෝෂ
ඉදිමීමේ රෝගය
ගඳක් සුවඳක් දැනෙන්නේ නැත්නම් ඔබට කොරෝනා’
මං වහන්සේ
‘ගසකට මුත්‍රා කරලා’ එනකල් බන්ටි ඉන්න ඇත්තෙ නොඉවසිල්ලෙන්. මං ආපහු බංකුවට බර
දෙනවත් එක්කම එයා ඊළඟ; තීරණාත්මක ප්රශ්නය ඇහුවා.
“මගේ ප්‍රපෝසල් එක ගැන උඹ මොකද්ද හිතන්නේ?”
‘එහෙම ඉක්මනට
හිතන්න ඇහැකි දෙයක්ද මේ?’ කියලා වෙන වෙලාවක, වෙන කෙනෙකුට නං මං කියාවි. ‘පව්
බන්ටි. පෙරුම් පුරල පුරලා අහන්න ඇත්තෙත්...’
“අපේ ආන්ටිලා
මට මැරි කරන්න හොයපු වෙනින් කෙනෙක් ගැන මම හිතුවෙත් නෑ... මට වීසා තියෙන්නෙත් මාස
හයකටනෙ. උඹට ඇත්තම කියන්න නිමල්, වීසා ගන්න විතරක් හරි ඉන්දියන් girl කෙනෙක්ව මැරි
කරන්නත් මම කැමති නෑ... ඉන්දියන් කෙල්ලෝ ඉක්මනට ආරලා- මහත් වෙලා- out of shape වෙලා
වයසට යනවනෙ... ඒ වගේමයි- ෆේක් මැරේජ් එකකට මගේ හිත ඉඩ දෙන්නෙත් නෑ... ඒත් එක්කම
මෙහෙ තියෙන නිදහස දැක්කට පස්සේ මොන ක්‍රමයකින් හරි ඉන්දියාවට නොගිහිං එංගලන්තේම නවතින්න
ඕනිය කියලත් හිතෙනවා...”
මොන විදිහට පලිප්පු
දමමින් කිව්වත් බන්ටිටත් උවමනා කරන්නේ එංගලන්තයේ පුරවැසිකම තියෙන කෙල්ලෙකු කසාද
බැඳ ගන්නටය. ‘මරිසි මංගල්ලය’කට උපරිමයෙන්ම
දායක වී අත්දැකීම් ඇති මට මේ හාදයාගේ හිත වැටහෙයි.
“සොරි බන්ටි.
උඹට පොසිටිව් උත්තරයක් දෙන්න විදිහක් නං නෑ. අපේ නංගිට එෆෙයාර් එකක් තියෙනවා- මම
දන්න තරමට.” මා කිව්වේ බොරුවක් නොවේ. සමන්ති නංගිගේ කසාදය දවසේ මට මීටර් වුණේ ‘දීපානි
වටේම දැවටෙමින් උන්’ කඩවසම් හාදයෙකු ගැනයි. ඒත් ඉන්දියන් ජාතික තරුණයෙකි.
![]() |
ඉරණම කෙලෙස විණි දැයි කියා හෝ...
(Foto: උදේනි අල්විස්) |
“ඒ කොහොමද?”
“උඹ නේද ලොකු අයියා... ඉන්දියාවේ නං කෙල්ලෝ තාත්තයි ලොකු අයියයි කියන දේකට කීකරු
නොවී ඉන්නෙ නෑ... ලංකාවෙත් එහෙම වෙන්නැති නේද?”
එතකොට නං බන්ටි
ගැන මට ඇති වුණේ ලොකු තරහක් වගේම තද පිළිකුලක්... මේ යක්ෂයා මේ නොකියා කියන්නේ චූටි
නංගියාට බලපෑමක් කරන්නටය. එසේ කර ඔහුට කැමති කරවා දෙන්නටය.
ආත්මාර්ථකාමීකමක මහත!
“සොරි බන්ටි. මම ඒ ජාතියේ ලොකු අයියෙක් නෙවෙයි!”
බන්ටි එදා මට සමු
දුන්නේ එච්චර හොඳ මුහුණකින් යුතුව නොවේ!
අද මං වහන්සේ
මේ විදිහට එළිදරව් කළ මේ රහස්‍ය
කතන්දරය අවුරුදු තිස් දෙකක් පැරණි එකකි. මං හිතාගෙන උන්නේ මගේ මරණය තෙක්ම මේ කතාව
රහසක් ලෙසින් තියා ගන්නටය. ඒත්... ආත්මාර්ථකාමීකම ඉහවහා ගිය තරුණයෙකුගේ ස්වභාවය
කෙබඳු දැයි ඔබට වටහා ගැනීම සඳහා ‘ඒ රහස’ හෙළිදරව් කිරීමේ වරදක් නැතැයි සිතුවෙමි.
ස්වාර්ථයම පැතූ ඒ බන්ටිගෙ ඉරණම කෙලෙස විණි දැයි කියා හෝ; ඔහු අද කොහේදැයි කියා හෝ
මම නොදන්නෙමි!
අපේ චූටි නංගි
නම් දැන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම house wife කෙනෙකි; ආදරණීය බිරියකි; යොවුන් දූ
පුතුන් පස් දෙනෙකුගේ මාතාවකි!
ඊළඟට කියන්නට
තියෙන්නේ අමන් ගැනයි, ප්‍රසාද් ගැනයි නේද?
එයාට සුපුරුදු විදිහෙන්ම හරිම කෙළිලොල් අයුරින් හැසිරුණු ඒ යක්ෂ පැටියා අමන් මගේ
හිත එහෙම පිටින්ම බද්දට අරගෙනයි උන්නේ! ‘ඕනි කෙනෙක් ඕනි දෙයක් හිතා ගත්තාවේ. දවස්
කීපයක් තිස්සෙ කළා වගේ ආයෙමත් මාව බදා ගන්න අමන්!’ කියලා එයාට කියන්න හිතුණෙ එක සැරයක්-දෙකක්
නෙවෙයි; සිය දහස් වාරයක්! ඒත් මං එහෙම හිතුවා විතරයි...
අමන් වැඩ කරන
අතරේ හින්දි සිංදු මිමුණුවා- නැත්තං ‘හම්’ කළා. එව්වා අතරේ මං කලිනුත් කියපු ‘සරා
සරා’ ගීතයත් නොවැරදීම තිබුණා.
ඒ දවස්වල ප්‍රසාද්
කියල කෙනෙක් උන්නද මළාද කියලවත් මට ගනිච්චියක් තිබ්බෙ නෑ.
මගේ කැත හිතක හැටි; ජාගර හිතක හැටි...
ඔයාලට තේරෙනවනෙ- ප්‍රසාද් හරියට මගේ අතේ හිටිය කුරුල්ලෙක් වගෙයි... ඕනිම වෙලාවක
වැඩි මහන්සියක් නැතුවම එයාව ටිකක් අවුස්සන්න විතරයි තිබ්බේ... එකම කාරණේ අපි
දෙන්නට ‘අවසර කල් රහස් තැන’ක් නොතිබීමයි.
![]() |
ඔයා හිතුවද මම කැලැන්ඩරේ බලන්නේ නැති
මනුස්සයෙක් කියලා? |
අන්ත චපල හිතක් තියෙන මං වහන්සේ මෙතැනදී නං ‘කිරියා’ කරලා තියෙන්නෙ ‘Xරියා’ වගෙයි.
ඔයාල කවුරුත් මට සමා වෙන්න ඕනි- මාව හඳුන්වන්න ඒ නොසරුප්; ග්‍රාම්‍ය වචනය ඇර වෙන
සුදුසු වචනයක් කල්පනාවට ආවේ නෑ- ඒකයි!
එහෙම කිව්වේ
නිකංම නෙවෙයි. නයනානන්ද ගැනත් මතක් වෙලා.
නයනානන්ද?
අනේ පව්... මං යවන හැම ලියුමකටම එයා පොරොන්දු වුණු විදිහට නොවැරදීම උත්තර ලිව්වා. මං නං ලියන්න කම්මැලි
නැති හාදයෙක්. ඒත් නයනේ- එයා ලියන්න කැමති; ලිවිල්ල හුරු කෙනෙක් නෙවෙයි. එහෙමත්
තියෙද්දී තමායි එයා මට ලියුම් ලිව්වේ. (ඒ හැම ලියුමක්ම තවමත් මගේ ළඟ! අග්නි
දේවතාවා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ ඒ ලියුම් මිටිය වැළඳ ගන්න. මේ සීරීස් එක ලියල ඉවර
වුණාම, ඒ ලියුම්වලින් එතුමාට ගිනි පූජාවක් කරන බවට මං පොරොන්දුවක් දීලයි තියෙන්නේ.)
ඇත්තටම
වෙලාවකට පුදුමත් එක්ක- හිතල බලද්දී.
කාලෙකදි අපි බොහොම ආසාවෙන් ලබා ගන්න පෙරුම් පුරපු දේවල් වුණත් ලැබුණට පස්සේ සිද්ද
වෙන දේ... අපිට ඒකෙ අගය අඩු වෙලා යනවා... හෙමිහිට; ටිකෙන් ටික. තවත් ටික කාලයක්
යද්දී අපි එහෙම දෙයක් ප්‍රාර්ථනා කළාද කියලවත් අපිට මතක නැති වෙනවනේ!
අපි කියලා බහුවචනයෙන් කිව්වට සමා වෙන්නෝනි- මං හිතුවේ ඔයාලටත් එහෙම වෙනවා ඇති
කියලයි.
ඒ දවස්වල නයනේ
සම්බන්ධයෙන් මට හැඟුණේත් ඒ වගේ...
අනෙක මං නයනානන්දගෙන් ඈත් වෙලා මාස පහකටත් කිට්ටුයි. ‘Out of sight, out of mind’
කියමන මට නං නියමෙට ගැළපෙනවා. එතකොට තමයි මගේ හිත වැඩියෙන්ම හීලෑ නැති වෙන්නේ!
“ඕන්න නිමල්,
දැන් ඉඳලම හිතේ තියා ගනිං. නත්තලට තව දවස් දෙකයි...”
“ඔයා හිතුවද මම කැලැන්ඩරේ බලන්නේ නැති මනුස්සයෙක් කියලා.” එහෙමයි මං ප්‍රසාද්ට ප්‍රතිඋත්තර
දුන්නේ. “අනෙක මුළු එංගලන්තේම නත්තල එනකල් බලාගෙන හිටිද්දි... අපේ මල්ලියා අපේ
ගෙදරත් decorate කරලයි තියෙන්නේ... ඔයා...”
“මම නං බලාගෙන හිටියෙ නත්තල එනකං නෙවෙයි, නත්තලට මගේ රූමලා දෙන්නා බෝඩිමෙන් යනකල්...
උන් දෙන්නා යන එක ෂුවර්! එතකොට room එකම තනි මට... මට නෙවෙයි අපිට...”
“උඹ හිතන්නේ
මං උඹලගෙ කාමරේ පදිංචියටම එයි කියලද?”
![]() |
ඒ සමහරක තිබුණා Phone Sex දැන්වීම් ගොඩකුත්- කතා කළ යුතු ටෙලිෆෝන්
නොම්මරත් එක්කම. |
ඇයි මං? මාත් එහෙම කතාබහෙනුත් උණුසුම් වෙන්නෙක්... මගේ රහසිගත විශ්වයේ සමහර වැසියන්ව එහෙම කතාවෙන් කුල්මත් කෙරෙව්ව කෙනෙක්.
ඒකත් එක
කලාවක්නෙ... ඒ වගේම වෙළෙඳාමකුත් නෙව!
ඔයාලට මතක
ඇතිනෙ මම ලංකාවට අරගෙන එන්න ගත්තු sex මැගසින්ස් ගැන. ඒ සමහරක තිබුණා Phone Sex දැන්වීම්
ගොඩකුත්- කතා කළ යුතු ටෙලිෆෝන් නොම්මරත් එක්කම. දැන් ඒ කර්මාන්තයයි, කටයුත්තයි
කොච්චර පැතිරිලාද කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.
පැය දෙක
තුනකට!
ප්‍රසාද් කිව්වේ එහෙම. එයාත් තමන් ගැන අධිතක්සේරුවකින් ඉන්න හාදයෙක් වගෙයි.
‘මිනිත්තු එකොළහේ කතන්දරේ’දී පාවුලෝ කොයියෝ
හරිම ලස්සනට තේරුම් කරනවා- මොන King Faisal කෙනෙකුගේ වැඩකිඩ වුණත් උපරිම මිනිත්තු
එකොළහකින් හමාර වෙන හැටි! ඒ පොත ලියවෙන කාලයේ ‘ව්යාඝ්රා’ හෙම වෙළෙඳපළට ඇවිත් තියෙන්න
නැතුව ඇති.
“පැය ගණනක්
කොහොම වෙතත් ප්‍රසාද්- මිනිත්තු ගණනට හරි එන්න ඉඩක් හොයා ගන්නත් එපායැ.” මං එහෙම
කිව්වත් එක්කම බස් නැවතුම් පොළේ උන්නු දෙතුන් දෙනා ගැනවත් නොතකා ප්‍රසාද් මගේ අත්
දෙකින්ම අල්ලා ගත්තා.
“Please, ප්ලීස් Nimal, උඹ එන්නම ඕනි. කොහොම හරි එන්න ඕනි. මම බල්නූර්ගෙන් අහගත්තා
වෙනදට නත්තල් පාටිය ගන්න විදිහ. ඒක එච්චර දිගට ඇදෙන එකක් නෙවෙයිලු... එච්චර සරු
එකකුත් නෙවෙයිලු. ඉක්මනට ඉවර වෙනවත්ලු... ඒ හින්දා ලේසියෙන්ම උඹට අපේ room එකට
එන්න පුළුවනි...”
ප්‍රසාද්
කිව්වා හරිය. නත්තල් දවසේ අපේ වැඩපළේ තිබුණේ ‘පාටිය’ක් නොවේ- ‘පාටියක වාටිය’කියි
කිව්වාම වඩාත් ගැළපෙයි.
එහෙම කියන්නේ
කෑම-බීමවල අඩුවක් තිබුණු නිසා නොවේ- ලොකු උත්සවශ්‍රීයක් නොතිබුණු නිසාය; කලබල ගතියක්
නොතිබුණු නිසාය. මොකක්දෝ හික්මුණු ගතියක්- විනීත ගතියක්... ඕනෑවටත් වැඩියෙන් ඒ නත්තල්
සාදයේ තිබිණි. ම් ම් ම්... රාජකාරි සොබාවයක් සහිත සාදයක්!
මට හිතෙන්නේ එහෙම වෙන්න ඇත්තේ මධු පානය සාදයට වැද්දගෙන නොතිබුණු නිසයි.
බන්ටි, ප්‍රසාද්
දෙන්නාත් උන්නේ සිල් ගත්තවුන් වගේ... වාඩි වුණු පුටුවලටම ඇලිලා. උපහාසයෙන් එහෙම
කියන මාත් එහෙම්ම තමයි!
අමන් විතරය සුපුරුදු සැහැල්ලුවෙන් යුතුව සෙල්ලක්කාර ගමනින් එහා මෙහා යමින් හිටියේ.
![]() |
| වතාවක්- දෙකක් අමන් මටත් නටන්න එන්නැයි කිව්වත්... |
සමීරාත් බොස් දිහා බැලුවේ අනුමැතිය පතනවා වගෙයි.
“Let them
Samira!” කියාගෙන අහීර් මහත්තයා එයාගේ office room එකට ගියා.
එච්චර වෙලාවක් ළාවට ඇහෙමින් තිබුණු සංගීත නාදයෙ වොලියුම් එක වැඩි වුණා. සින්දුත්
මාරු කෙරුණා... අමන් ශාලාවේ මැද්දට ඇවිත් නටන්න ගත්තා. තව තුන් හතර දෙනෙකුම නැටුම්
බිමට ආවත්, ඒ කාටවත්ම අමන්ගෙ ළඟටවත් එන්න බැරි වුණා...
අමන් ඒ තරමටම නැටුමට දක්ෂයෙක්!
දැන් නත්තල්
පාටියේ තිබ්බ නිඳිමත රාජකාරි ගතිය අතුරුදහන් වෙලා. කතාබතා හිනා සද්ද පිරීතිරී
යමින්... ඒකෙත් හැටි!
නටන අතරෙම වතාවක්- දෙකක් අමන් මටත් නටන්න එන්නැයි කිව්වත් මං ගියේ නෑ. අමන් මට ආරාධනා
කරන වෙලාවේ මගේ ඇස් නිකංම දිව්වේ ප්‍රසාද්ගෙ දිහාවට. එයාගේ මුහුණ ඒ වෙලාවේ තවත්
කළු ගැහිලයි තිබ්බේ.
ඔන්න ඒ අතරේ
අලුත් සිංදුවක් වාදනේ වෙන්න ගත්තා...
අමන් නිතරෝම හම් කරන්න පුරුදු වෙලා උන්නු; මුමුණන්න පුරුදු වෙලා උන්නු සිංදුව ‘සරා-සරා’
ගීතය!
ඉතිරි හරිය ඉතා ඉක්මනින්...






ඔය නත්තල් පාටියේ ගත්තු පොටෝවක් වත් නිදි ලොක්කා ගාව නැද්ද නැත්නම් එංගලන්තයෙන් හා ඇගලුම් කම්මලෙන් සමුගෙන එද්දි පොටෝවක් ගත්තේ නැද්ද?
ReplyDeleteඅසංග කොළොම්පුරේ
එංගලන්තෙ හිටිය කාලෙ පාටියෙ නත්තල්
Deleteවිස්කි බ්‍රැන්ඩි නහුතෙට බී උනා නෙ ජල්තර්
සිහිය පතක් නොමැතිව අපි වෙනකොට හුරතල්
උපන් ඇඳුම් පිටින් ගත්තු පොටෝ නෙ ආතල්
කොළොම්පුරේ අසංග මහත්තයෝ, ඔයාගෙ ප්‍රශ්නයට ඊළඟ කොටසෙන් උත්තර දෙන්නම්. කමක් නෑ නේද?
Deleteඩුප්ලිකට් 'නිදිගෙ පංච තන්තරේ',
Deleteතවම ඔයා කමෙන්ට්ස් යොදද්දී නමට කලින් තැඹිලි පාට ලෝගෝ එක වැටෙන්නේ නැහැනේ.
කවිය හොඳයි. දෙවෙනි පේළියේ මාත්‍රා ගණන හරි යනවා වගේම එළිසමයත් රැකෙනවා 'උනානෙ ජල්තර්' වෙනුවට 'උනානේ අවුල්' කියල දැම්මා නං.
++++++++++++++++
ReplyDelete+++++++++++++
Deleteහූ... හූ.. 18+ සීන් එක බලාපොරොත්තුවෙන් නේද ආවේ...??
Deleteස්තුතියි Pra Jay මහත්තයෝ.
Deleteකියෙව්ව ඉතිං.
ReplyDeleteඑළ එළ බොක්කා
Deleteකාලෙකින්... ස්තුතියි Praසන්ன මහත්තයෝ!
Deleteබන්දුල හරිශ්චන්ද්‍ර මාස්ටර්
ReplyDeleteඕෆ්සෙට් ක්‍රමය, ලෙටර්ප්රේස් රෝටරි ක්‍රමය දෙකේ වෙනස මොකක්ද කියන්න පුළුවනිද?
Deleteබන්දුල හරිශ්චන්ද්‍ර මාස්ටර් ගැන ලිපිය කියවලා හිටියා ඉස්සෙල්ලම. සවිස්තර ලිපියකට පාර පෙන්නුවාට ගොඩක් ස්තුතියි, බස්සා මහතාණෙනි.
Deleteලෙටර් ප්‍රෙස් ක්‍රමයේදී මුද්‍රණය කිරීමට අවශ්‍ය දෙයෙහි 'අච්චු' (බ්ලොක්ස්) සකසා ගැනීමයි. ඒ චිත්‍ර ෆොටෝස් වැනි දේවල්වලයි. ලිපියක් වැනි දෙයක නම් අකුරු අමුණා ගැනීම (කොම්පොසින්) කරන්න වෙනවා.
Deleteඒ ක්‍රමයට සකස් කර ගන්නා දේවල් මත තීන්ත තවරලා ඊට උඩින් කඩදාසිය ගැටීමේදී අර තීන්ත කඩදාසියේ තැවරීමයි ලෙටර් ප්‍රෙස් ක්‍රමයේදී වෙන්නේ.
ඒ දවස්වල පාසලේදී අර්තාපල් අලවලින් අච්චු කපලා- ඒවා උඩ දිය සායම් තවරලා කොළයක් මත අච්චු ගැහුවා වගෙයි- ලෙටර් ප්‍රෙස් තාක්ශනේ.
ඔෆ්සෙට් ක්‍රමයේදී මුද්‍රණය කර ගන්නට අවශ්‍ය දෙයෙහි 'ප්ලේට්ස්' සකසාගත යුතුයි. ඒක කෙරෙන්නේ ඉස්සර ෆොටෝස් ඩිවලොප් කර ගත්තා වගෙයි. ඒ ප්ලේට්ස් මත තියෙන මුද්‍රණය කරගත යුතු දේවල්, අතගාලා බැලුවත් අතට අහුවෙන්නේ නෑ. ඒ තරමට සමතලයි.
මැෂින් එකේදී වෙන්නේ ඒ ප්ලේට්ස්වල තීන්ත තැවරීමයි.එතනදී මුද්‍රණය කරගත යුතු කොටස්වල විතරයි තීන්ත තැවරෙන්නේ. (අනෙක් හරියේ තුනී වතුර පටලයක් තැවරෙනවා.
ඊළඟට ඒ ප්ලේට් එක ගැටෙනවා 'බ්ලැන්කට්' නමින් හැඳින්වෙන 'රබර් රෙද්දක්' වගෙ දෙයක. ඒ ගැටීමේදී ප්ලේට් එකේ තීන්ත අර බ්ලැන්කට් එකේ තැවරෙනවා. ඊට පස්සෙයි ඒවා කඩදාසිය මතට මුද්‍රණය කෙරෙන්නේ.
හැකිතාක් සරලව මේ ක්‍රම දෙක විස්තර කරන්නයි මං උත්සාහ කළේ, බස්සා මහත්තයෝ. පැහැදිලි ඇතියි කියල හිතනවා.
රොම්බ තෑන්ක්ස්.👌🙏
Deleteහොයනකොට මේක හම්බ වුනා:
https://www.youtube.com/shorts/cSFQVvPsjOc
ඔය වීඩියෝ එකේ තියෙන්නේ පුංචි ලෙටර් ප්‍රෙස් මැෂිමක්, බස්සා මහත්තයෝ.
Deleteබන්ටි බ්‍රාහ්මණ කිව්ව නේද? මට නං පෙනුනෙ නියම ගල් බමුනෙක් විදිහටයි.
ReplyDeleteඒ වුනාට බන්ටි හොඳ පෙනුමැති හාදයා.
Deleteබන්ටි බ්‍රාහ්මණ වංශයේ නිසා, ඒ ජාතියේ කෙනෙක්ම මැරි කරන්න ඕනෙ කියලා නියමයක් නැද්ද. අවුරුදු තිහකට එපිට සිදුවීමක් නිසා මට අහන්න හිතුණෙ. නැත්නම් නිමල්ගෙ ඩැඩා සුද්දෙක් නිසා, සුද්දෙක්ගෙ stepdaughter බඳින එක marrying up (or equal) කියලා හිතන්න ඇති. (ලස්සණ ගෑනු ලමයෙක් හා වීසා එක හම්බවෙනවට අමතරව).
ReplyDeleteඅමන් තමයි හොඳම චරිතය. අමන් ගැන මුකුත් ඊට පස්සෙ දන්නෙ නැද්ද.
(පෝස්ට් එක ඉක්මනට දැම්මට බොහොම ස්තුතියි නිමල් 👍).
බන්ටි බ්‍රාහ්මණ කිව්වම එච්චරයි. අපරාදේ, මං විස්තර අහගත්තෙ නැහැනේ Lotus.
Deleteඈත්තටම - අමන් ඕනෑම කෙනෙකුගෙ හිතේ නිධන් වෙන කෙනෙක්. ඊළඟ කොටසේදී වැඩියෙන් ලියැවෙන්න තියෙන්නේ එයා ගැන.
මාව උනන්දු කරවනවට ඔයාටත් ස්තුතියි Lotus!
ලොකු දුවට යුනි එකේ ඉන්දියන් කොල්ල්ලෙක් සෙට් වෙලා හිටිය ටික දවසක් . අපේ නිවසටත් ආවා . මව බෞද්ධ .බඳින්න එකෙන්ම කැමතියි. දුව අකමැතියි රස්සාවක් කරන්න කලින් බඳින්න . නමුත් අහන කොට තේරුනා වීසා ඉවර වෙනවා කියල කෝස් එක ඉවර වෙනකොට . මම දුවට කිව්වා ඒක ගැන . මුලදී එයා විශ්වාස කලේ නැහැ . වීසා වලටම නෙමේ නේද හැමෝම යාලු වෙන්නේ කියල . නමුත් බඳින්න බල කරණ කොට එයාටම තේරුනා . එතැනින්ම ඉවරයි ඒක
ReplyDeleteඒ දවස්වල එංගලන්ත රජයටවත් තේරුම් ගන්න බැරි වුණා ඔය වීසා ගන්නම කසාද බඳින එක ගැන. දැන් ඒක වළක්වන්න නීති ගොඩක් දාලා නේද අජිත් ධර්ම මහත්තයෝ.
Deleteඔයා 'මරිසි මංගල්ලේ' post එක කියවන්න ඇති නේද?
http://nidigepanchathanthare.blogspot.com/2018/12/blog-post_21.html
උඩ පොටෝ එක දැක්කම මතක් උනේ එකපාරටම...
ReplyDeletehttps://www.imdb.com/fr/title/tt0142342/mediaviewer/rm1713297921/?ref_=tt_ov_i
This comment has been removed by the author.
Deleteයකඩෝ! ඩ්රැකී උන්නැහේටත් මතක් වෙන දේවල්....
Deleteකතන්දර තමා නේත 🤭🤭🤭
ReplyDeleteමරු ඈ 😃😃😃
නිකංම නිකම් කතන්දර නෙවෙයි මහේෂ් මහත්තයෝ, හැබෑ ජීවන කතන්දර!
Deleteගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට.