හරියට නාඩි වැටෙන මිනිස්සුන්ට නං ඊයේ රෑ සැනසිල්ලේ නින්ද යන්න නැතිව ඇති. ‘හරියට නාඩි වැටෙන මිනිස්සු’ කිව්වේ රටේ ලෝකේ සිද්ද වෙන දේවල් ගැන හොඳ අවදියෙන් ඉන්න උදවියටයි.
![]() |
අපි මෙහෙ නිඳාගෙන ඉන්න අල්ල-පනල්ලේ ඇමෙරිකාවේ- ඊශ්‍රායලයේ- ඉරානයේ මොන-මොනවා
සිද්ද වෙලා ඇද්ද? |
මට නං ඊයේ රාත්තිරිය හරි දිගට දැනුණා... දහ-පහළොස්
වතාවක්ම ඇහැරුණත් එක්ක. අපි මෙහෙ නිඳාගෙන ඉන්න අල්ල-පනල්ලේ ඇමෙරිකාවේ- ඊශ්‍රායලයේ-
ඉරානයේ මොන-මොනවා සිද්ද වෙලා ඇද්ද?
එක-එක්කෙනා මොළේ නැතිව වගේ එකේක කයිවාරු ගැහුවට; පාරම් බෑවට මොකද අන්තිම විනාඩියේ
හරි මොළේ පෑදිලා තිබ්බොත්...
ඉතිං පාන්දරින් නැඟිටලා, තේ එකත් හදාගෙන
කොම්පියුටරේ ඉස්සරහින් වාඩි වුණා. News දඩයම පටන් ගත්තා... මේ දවස්වල මගේ දවසේ පැය
විසි හතරෙන් වැඩි වෙලාවක් ගත වෙන්නේ ඒ රාජකාරියට.
අම්මෝ ඇති යන්තං - මට සැනසුම් හුස්මක් වැටුණා...
සති දෙකක සටන් විරාමයකට මඟ පෑදිලා...
ඔයාලා දන්නවද, ගතවුණු දෙදොහේ ‘යකිනිට ඇන්දා - දෙවෙනි
කොටස’ ලියන්න අත තියන්නවත් හිත හදා ගන්න බැරිවයි මං උන්නේ. දැන් නං හිත ටිකක් හරි.
ඒත් පෝස්ටුව ලිවිල්ල පටන් ගන්න කලින් fb එක පැත්තෙ ගියා. විශ්ලේෂණ- විග්රහ-
පුරෝකථන ගොඩාරියයි. පැය එකහමාරක් තිස්සේ ඒවා කියෙව්වා. අපරාදෙනෙ- මේ posts ගොඩක්
නිකංම යට යන්නෙ... ඒ ඉතිං fb එකේ හැටි නෙව.
ඒත් අප්පා, අද මං කියවපු postsවලින් හතරක් හොඳටම
හිතට ඇල්ලුවා. අවුරුදු නිවාඩු දවස් ටිකේ ඔයාලට එව්වා කියවන්න දුන්නා නං හොඳයි කියලත්
හිතුණා. එහෙම කළාම මටත් පොඩි නිවාඩුවක් ගත්තැකි ‘අනෝදා මල්’ කැවිල්ල හදල බලන්න.
(අනෝදා මල් ටිකක්
හදල බලන්න හිතට ආවේ ටික දවසකට කලින්.)
එහෙනං මෙන්න අර posts හතර.
උපුටන අංක 1: ලෝක නාඩිය - Loka Nadiya
සමූහයෙන්.
‘
ඊශ්රායලයම අඳුරේ
ගිල්වන රුසියාවේ මාරාන්තික රහසක් යුක්රේනයෙන් එළියට: ඉරානය අතට පත් වූ බිහිසුණු
ලැයිස්තුව! ![]()
![]()
![]()
මැදපෙරදිග යුද ගිනිදැල් අහස උසට නැඟෙද්දී, මුළු ලෝකයම
කම්පනයට පත් කරන අතිශය රහසිගත හෙළිදරව්වක් යුක්රේන ජනාධිපති
ව්ලැඩිමීර් සෙලෙන්ස්කි විසින් ඊයේ (අප්‍රේල් පස්වනදා) ලෝකයටම අනාවරණය කර තිබෙනවා. ඒ, ඊශ්‍රායලය
මුළුමනින්ම අඩපණ කිරීම සඳහා රුසියාව විසින් ඉරානය වෙත ලබා දී ඇති අතිශය භයානක
ඔත්තු බැලීමේ දත්ත ලැයිස්තුවක් පිළිබඳවයි.
![]() |
රුසියාව විසින් ඊශ්‍රායලයේ ප්‍රධානතම බලශක්ති මධ්‍යස්ථාන සහ යටිතල පහසුකම්
පනහකට අධික ප්‍රමාණයක අතිශය නිවැරදි චන්ද්‍රිකා දත්ත... |
සෙලෙන්ස්කි පෙන්වා දෙන ආකාරයට, රුසියාව
විසින් ඊශ්‍රායලයේ
ප්‍රධානතම
බලශක්ති මධ්‍යස්ථාන
සහ යටිතල පහසුකම් පනහකට අධික ප්‍රමාණයක
අතිශය නිවැරදි චන්ද්‍රිකා
දත්ත ඉරානයට ලබා දී අවසන්. මෙහි ඇති බිහිසුණුම කාරණය වන්නේ, මෙම ඉලක්ක
කිසිවක් හමුදා කඳවුරු නොවීමයි! ඒවා හුදෙක් සාමාන්‍ය ජනතාවගේ
ජීව නාඩිය බඳු වූ රෝහල්, ජල
සැපයුම් පද්ධති, දැවැන්ත
විදුලි බලාගාර සහ ප්‍රධාන
සන්නිවේදන මධ්‍යස්ථානයි.
ඉරානයේ අරමුණ වී ඇත්තේ ඊශ්‍රායල
හමුදාවට පහර දෙනවාට වඩා, එරට
සිවිල් ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩපණ කර මුළු රටම අඳුරේ ගිල්වා දැමීමයි.
යුක්රේන අත්දැකීම් ඉරානයට මාරු වෙයි! ![]()
![]()
යුක්රේනය අඳුරේ ගිල්වීම සඳහා රුසියාව පසුගිය කාලය
පුරාවටම සාර්ථකව භාවිතා කළේ මෙම අමානුෂික උපක්‍රමයයි. "අපේ විදුලි සහ ජල පද්ධති විනාශ
කරමින් ජනතාව පීඩාවට පත් කළ රුසියානු ප්‍රහාරවල අඳුරු මතකය මේ හරහා යළිත් සිහිපත් වෙනවා," යනුවෙන්
පවසන සෙලෙන්ස්කි, රුසියාව
යුක්රේනය
තුළදී ලබාගත් ජාතික යටිතල පහසුකම් විනාශ කිරීමේ ඒ කෲර අත්දැකීම් සහ යුද උපක්‍රම සියල්ල මේ
වන විට ඉරානය වෙත මාරු කරමින් සිටින බවට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. මොස්කව්
සහ ටෙහෙරානය අතර ගොඩනැඟෙමින් පවතින මේ දැවැන්ත මිලිටරි සන්ධානය කලාපයටම මහා
තර්ජනයකි.
ඇමෙරිකාවට දැමූ රහසිගත තර්ජනය ![]()
![]()
මීටත් වඩා පුදුම සහගත කරුණ වන්නේ මීට පෙර
රුසියාව ඇමෙරිකාවට ඉදිරිපත් කර ඇති රහසිගත ගනුදෙනුවයි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන
ආකාරයට රුසියාව ඇමෙරිකාවට දන්වා ඇත්තේ, "ඔබ යුක්රේනයට ඔත්තු
දීම නැවැත්වුවහොත්, අපි
ඉරානයට ඔත්තු දීම නතර කරනවා" කියායි. ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මීට
සති කිහිපයකට පෙර මෙම ඔත්තු හුවමාරුව "එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන"
බව පවසා එය හෑල්ලුවට ලක් කළද, මේ
වන විට ඉරාන ප්‍රහාර
සෘජුවම ඊශ්‍රායලයේ
සිවිල් ඉලක්ක වෙත එල්ල වෙමින් පවතින පසුබිමක, ලෝක බලවතුන් අතර සිදුවන මේ භයානක බල අරගලය
තවදුරටත් නොසලකා හැරිය නොහැකි බව ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
රුසියාවේ
සහ ඉරානයේ මේ භයානක යුද සන්ධානය හමුවේ ඊශ්‍රායලය අඳුරේ ගිලී යාවිද? මහා
බලවතුන්ගේ මේ අදිසි යුද්ධය ගැන ඔබ මොකද හිතන්නේ?’
![]() |
ලෝක සිතියම උඩ දිගහැරෙන අවසන් චෙස් ගේම! |
තහවුරු කර ගන්න තම-තමනගෙ බලය
නොපනත්කම් කෙරෙයි- අද වැඩියෙන් වැඩිය
මොනවා කළත් ජීවත් වෙන්නේ ටිකය
මරු ආවාම යන්නට වෙයි- එය තිරය!
උපුටන අංක 2: Malimawa_Compass සමූහයෙන්.
‘
ඇමරිකාව
එකවර කෑලි 3කට
කඩන 'යක්ෂයාගේ
ත්‍රිකෝණය'! ![]()
![]()
![]()
![]()
![]()
ලෝක සිතියම උඩ දිගහැරෙන අවසන් චෙස් ගේම!
අපි පොඩ්ඩක් ලෝක සිතියම දිගෑරලා බලමු. මේක
හරියට මහා චෙස් ගේමක් වගේ. සුදු පාට රජා තමයි ඇමරිකාව. හැබැයි හොඳට බලන්න, කළු පාට
ඉත්තෝ ටික රජාව වට කරගෙන ඉවරයි!
ලෝකයේ කිසිම දවසක පරද්දන්න බැහැයි කියලා හිතන්
හිටපු ඇමරිකානු හමුදාව, අද
වෙද්දී ලෝකය පුරාම එකවර යුධ පෙරමුණු 3ක හිර කරලා, ලෝක බලවතාට හුස්ම ගන්නවත් ඉඩ නොදී විනාශ කරන
තුන්වෙනි ලෝක යුද්ධයේ රහස් සිතියම මෙන්න:
01. යුක්රේනයේ 'මස් අඹරන
යන්ත්‍රය' (The Russian Meat Grinder)
මුලින්ම ඇමරිකාව හිතුවේ යුක්රේනය ඉස්සරහට දාලා
රුසියාව වට්ටන්න පුළුවන් කියලා. තමන්ගේ ආයුධ ගබඩා ඔක්කොම හිස් කරලා ඩොලර් බිලියන
ගණන් යුක්රේනයට යැව්වා. හැබැයි ව්ලැදිමීර් පුටින් ගැහුවේ වෙනමම ගේමක්. ඔහු යුද්ධය
ඇදලා ඇදලා ඇමරිකාවේ ආයුධ තොග ඔක්කොම දිය කරලා දැම්මා. අද යුක්රේනය විනාශයි, ඇමරිකාවට
සල්ලිත් නැහැ, ආයුධත්
නැහැ. ඔවුන් යුරෝපයේ නිකන්ම හිර වුණා.
02. මැදපෙරදිග
ඉරාන ගිනිදැල්
ඇමරිකාව යුක්රේනයේ හිරවෙලා ඉද්දීම, ඉරානය තමන්ගේ
රහස් ප්ලෑන් එක ක්‍රියාත්මක
කළා. හමාස්, හිස්බුල්ලා
සහ හූති කැරලිකරුවන් හරහා ඊශ්‍රායලයට
සහ රතු මුහුදට ගහන්න පටන් ගත්තා. මේ නිසා ඇමරිකාවට සිද්ධ වුණා යුක්රේනය පැත්තකට
දාලා තමන්ගේ යුධ නැව් ටික මැදපෙරදිගට යවන්න. ඉරානය මේ කරන්නේ ඇමරිකාවට කෙලින්ම
ගහන්නේ නැතුව, තැන්
තැන්වල යුද්ධ හදලා ඇමරිකන් හමුදාව ලෝකෙ වටේම රස්තියාදු කරන එකයි!
03. චීනය දෙන
මාරාන්තික අවසන් පහර (The Taiwan
Masterstroke)
මේ ඔක්කොම වෙනකම් චීනයේ ෂී ජින්පිං බලන් ඉන්නේ
කට කොනකින් හිනාවෙවී. ඇමරිකාවේ යුධ නැව්, ආයුධ සහ සල්ලි සම්පූර්ණයෙන්ම යුරෝපයටයි
මැදපෙරදිගටයි බෙදිලා ගියාට පස්සේ, ඇමරිකාවට
හුස්ම ගන්නවත් වෙලාවක් නැති මොහොතක චීනය එකපාරටම තායිවානය ආක්‍රමණය කළොත්
මොකද වෙන්නේ? එදාට
ඇමරිකාවට තායිවානය බේරගන්න යවන්න එක උණ්ඩයක්වත්, එක නැවක්වත්
ඉතුරු වෙලා නැහැ!
![]() |
ලක්ෂ ගණනක් ඉරාන ජනතාව බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය සහ සියලු බලාගාර, පාලම් අසල දේශාභිමාන ගී ගයමින් රැය පහන් කරා... |
යුද්ධයෙන් පරද්දන්න බැරි තැන ඇමරිකාව
රුසියාවටයි ඉරානයටයි ආර්ථික සම්බාධක දැම්මා. හැබැයි වුණේ හිතපු නැති දෙයක්. ඒ සම්බාධක
නිසා රුසියාව, චීනය
සහ ඉරානය තවත් එකමුතු වුණා. ඔවුන් ඩොලරය අතහැරලා තමන් අතරේ වෙළඳාම් කරන්න පටන්
ගත්තා. අන්තිමට සම්බාධකවලින් වැටුණේ රුසියාව නෙමෙයි, යුරෝපයේ සහ
ඇමරිකාවේ ආර්ථිකයයි.
05. මුළු අප්‍රිකාවම සහ
දකුණු ඇමරිකාවම පිටුපෑම
දශක ගණනාවක් ඇමරිකාවට යටත් වෙලා හිටපු අප්‍රිකානු රටවල්
(නයිජර්, මාලි
වගේ) දැන් ඇමරිකන් හමුදා තමන්ගේ රටවල්වලින් එළවලා දානවා. ඔවුන් දැන් එකතු වෙන්නේ
රුසියාවත් එක්කයි. ලෝක සිතියමේ දකුණු අර්ධගෝලයම (Global South) අද ඇමරිකාවට
විරුද්ධව නැගී හිටලා ඉවරයි.
යථාර්ථය මේකයි.
වෘකයෝ රංචුවක් එකතුවෙලා දැවැන්ත ඇතෙක්ව වට කරලා
බිම දානවා වගේ, අද
රුසියාව, චීනය
සහ ඉරානය එකතුවෙලා ඇමරිකාව කියන දැවැන්තයාව බිම දාමින් ඉන්නවා.
ලෝක ඉතිහාසයේ දැවැන්තම අධිරාජ්‍යය වුණු රෝම
අධිරාජ්‍යය
කඩාවැටුණා වගේම, ඇමරිකන්
අධිරාජ්‍යයත්
අපේ ඇස් ඉස්සරහම කඩාවැටෙයිද?’
ඒ post එකටත් මං කවියකින් comment කළා.
පසේ බුදු කෙනෙකු එක්කල තද තරහෙන්
එතුමන් මරන්නට උසි ගන්වා බල්ලන්
දඩ වැද්දෙක් නැසුණු වග යළි කියා දෙමින්
මහ බලවතා යන විදිහයි දැන් හොම්බෙන්
මෙහෙම posts කියෙව්වත්- එව්වගේ තියෙන හැම අදහසක් එක්කම මං එකඟ වෙන්නෑ කියලත්
කියන්නම ඕනේ. ඒත් ඒවා ගැන හිතල බලන්න වටිනවා වගෙයි.
උපුටන අංක 3: Green Project Api සමූහයෙන්. ලියලා තිබුණේ සංජය ප්‍රදීප්.
ඔබ
දන්නවාද ඊයේ ලක්ෂ ගණනක් ඉරාන ජනතාව බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය සහ සියලු බලාගාර, පාලම් අසල
දේශාභිමාන ගී ගයමින් රැය පහන් කරා කියලා. මේක ලෝකයේ සියලුම මාධ්‍ය ඉතා ඉහලින්
වාර්තා කරා. පැය කිහිපයකින් සමස්ත ශිෂ්ටාචාරයම විනාශ කරන බවට ලොව බලවත්ම රටේ
නායකයා ප්‍රකාශ
කර තිබියදීත් ලොව භයානකම ප්‍රහාරක
යානා ටොන් සියගණනක බෝම්බ රැගෙන තමන් දෙසට පැමිණෙන බව දැන දැනත් ඉරාන
ජනතාව පෙන්නපු මේ නිර්භීතකම, නැගී
සිටීම අදහාගත නොහැකි බව ඔවුන් වාර්තා කරා.
මේ වෙද්දි ඉරානයේ කොන්දේසි 10කින් යුත්
යෝජනාවලිය අමරිකාව සලකලා බලනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒකේ එක කොන්දේසියක් තමයි
සමස්ත මැදපෙරදිග කලාපයෙන්ම අමරිකානු හමුදා ඉවත් කර ගැනීම. ඒ වගේම ඉරානයට උණ හානියට
වන්දි ගෙවීම. ඒ යෝජනාවලට එකඟ උනොත් විතරයි මේ සටන් විරාම සති 2න් පස්සේ
යුද්ධය අවසන් කරන්න එකඟ වෙන්නේ කියලා ඉරානය පවසන්නේ.
![]() |
බයික් එකක එන්ජින් එකක් ස්ටාර්ට් කරන සද්දෙට කිලියන්ගේ මූණට පුදුම හිනාවක්
ආවා. |
මේ තියෙන තත්වේ එක්ක අවසානයේ වෙනවා කියලා පේන්නේ
මැදපෙරදිග සියලු බටහිර කඳවුරු ඉවත් වෙන එක, ඉරානයට වන්දි ලැබෙන එක, හෝමූස්
සන්ධියේ යන නැව්වලින් ගාස්තුවක් ඉරානයට ලැබෙන එක. තව සමහර විට ලෝක බලවතෙක්ට තමන්ගේ
පුටුව නැති වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම මේ යුද්ධය නිසා අරගලවලින් බෙදුන
ඉරානයේ මිනිස්සු සියල්ල එකට එකතු වෙලා තියෙනවා.
ඉතින් මිත්‍රවරුනේ, ලෝකය පුරා මාධ්‍ය ආයතන හා
විශ්ලේෂකයන් මේ මොහොතේ වාර්තා කරනවා වගේම මටත් කියන්න තියෙන්නේ මහා අධිරාජ්‍යන් 3ක් පරාජය කරා
වගේම ඉරානයේ ජනතාව තවත් මහා අධිරාජ්යයෙක්ට කටඋත්තරත් නැති කරා කියලා තමයි.’
මෙන්න ඒ post එකට මගෙන් ලියැවුණු කවි කමෙන්ටුව:
ඕනිම අවියකට වැඩියෙන් බලවත්ම
අවියකි මිනිසුනගෙ එක්වී පෙළගැසුම
අනේ නිවේවා හිත්වල ගිනි ගැනුම
ලොව සංසිඳී නිම වේවා යුද ගැටුම!
උපුටන අංක 4: අමුතු සමූහයේ පළවී
තිබ්බේ.
‘
ලියුකේමියාව
වැළඳුන පුතාගේ අවසන් කැමැත්ත ෆේස්බුක් දාපු තාත්තාට සිදුවන අදහාගන්න බැරි සිදුවීම
"තාත්තේ...
මට බයික් එකක සද්දයක් අහන්න ආසයි.."
අමුතු මිතුරනි, මේක පුංචි කිලියන්ගේ (Kilian Sass) අවසන්
ඉල්ලීම වෙන්න ඇති කියලා කවුරුත් හිතුවේ නැහැ. කිලියන් කියන්නේ වයස අවුරුදු හයක හරිම
හුරතල්, ඒත් හරිම
අවාසනාවන්ත දරුවෙක්. ඔහු හිටියේ ලියුකේමියා (Leukemia) රෝගය එක්ක මාරාන්තික සටනක. රසායනික
චිකිත්සාවන්, ඉන්ජෙක්ෂන්
කටු, රෝහල්
කාමර මැද කිලියන්ගේ ළමා කාලය දියවෙලා යද්දී, ඔහු ජීවත් කරවපු එකම හීනය වුණේ යතුරුපැදි.
බයික් එකක එන්ජින් එකක් ස්ටාර්ට් කරන සද්දෙට කිලියන්ගේ
මූණට පුදුම හිනාවක් ආවා. ඒ වේගය, ඒ සද්දය
ඔහුට තමන්ගේ අසනීපය මොහොතකට අමතක කරවන්න සමත් වුණා.
![]() |
පැය කිහිපයක් තිස්සේ නොකඩවා මේ බයික් පෙළපාලිය කිලියන්ගේ ගේ ඉදිරිපිටින්
ගියා. හැම බයිකර් කෙනෙක්ම කිලියන්ගේ කාමරේ ජනේලය දෙස බලලා අත වැනුවා... |
මගේ පුතා වෙනුවෙන් මට කරන්න පුළුවන් මොනවද? කිලියන්ගේ තාත්තා
තමන්ගෙන්ම අහගත්තා.
ඔහු ෆේස්බුක් එකේ පොඩි පෝස්ට් එකක් දැම්මා.
"මගේ පුතා කිලියන් බයික්වලට හරිම ආසයි. එයා ඉන්නේ අවසාන මොහොතේ. ඔයාලට පුළුවන්ද
කිලියන්ගේ ගේ ඉදිරිපිටින් බයික් එකක් පදවගෙන යන්න..? එයාට ඒ සද්දේ
අහන්න තිබුණොත් ඒක ලොකු සතුටක් වේවි..."
ඔහු බලාපොරොත්තු වුණේ ඔහුගේ යාළුවෝ 20ක් 30ක් විතර බයික්වලින්
එයි කියලා. ඒත් අමුතු මිතුරනි සිද්ධ වුණේ හිතාගන්නවත් බැරි දෙයක්..
කිලියන්
වෙනුවෙන් Noise for Kilian කියන
පණිවිඩය ලැව්ගින්නක් වගේ ජර්මනිය පුරා විතරක් නෙවෙයි, යුරෝපය පුරාම
පැතිරුණා. මේ පණිවිඩය දකින දකින හැම බයිකර් කෙනෙක්ගෙම හදවත ගැහෙන්න ගත්තා.
2021 ජූලි
24 වෙනිදා...
රෝඩර්ෆෙන් නගරය එදා වෙනදා වගේ නෙවෙයි. නගරයට ඇතුළු
වෙන හැම පාරක්ම යතුරුපැදිවලින් පිරිලා. කිලියන්ගේ තාත්තා 30ක් බලාපොරොත්තු
වුණු තැනට, දහස්
ගණනක් නෙවෙයි, පහළොස්
දහසකට (15,000+) අධික
යතුරුපැදි ප්‍රමාණයක්
ගලාගෙන ආවා...
කළු ජැකට් දාගත්ත, පච්ච කොටපු, දැවැන්ත බයික්
පදින, රළු පෙනුමක් තියෙන බයිකර්ස්ලා දහස් ගණනක් තමන්ගේ
වැඩ අතෑරලා කිලියන් වෙනුවෙන් ආවා. සමහරු කිලෝමීටර් සිය ගණනක් දුර පදවාගෙන ආවේ ඒ පුංචි
දරුවාගේ හීනය සැබෑ කරන්න.
කිලියන්
හිටියේ එයාගේ කාමරේ ඇඳ උඩ. එයාට එළියට එන්න පණ තිබුණේ නැහැ. ඒත් එක පාරටම මුළු නගරයම
හෙල්ලෙන තරම් සද්දයක් ඇහෙන්න ගත්තා. දහස් ගණනක් බයික්වල එන්ජින් එකම වෙලාවක ගර්ජනා
කරද්දී, කිලියන්ගේ
මූණේ ඇතිවුණු ඒ ආලෝකය වචනයෙන් විස්තර කරන්න බැහැ.
පැය කිහිපයක් තිස්සේ නොකඩවා මේ බයික් පෙළපාලිය කිලියන්ගේ
ගේ ඉදිරිපිටින් ගියා. හැම බයිකර් කෙනෙක්ම කිලියන්ගේ කාමරේ ජනේලය දෙස බලලා අත වැනුවා.
තමන්ගේ ජීවිතේ අවසන් සටන සටන් කරමින් හිටපු ඒ පුංචි වීරයා වෙනුවෙන් "අපි ඔයා එක්ක
ඉන්නවා" කියලා ඔවුන් නිහඬවම කිව්වා.
ඒ මහා
බයික් පෙළපාලියෙන් මාසයකට විතර පස්සේ, කිලියන් මේ ලෝකෙන් සමුගත්තා. ඔහු මියගියේ තනිකමෙන්
නෙවෙයි. දහස් ගණනකගේ ආදරය, ගෞරවය
මැද.
![]() |
උදා වේවා ලෝක සාමය! |
අමුතු
මිතුරනි අද කාලේ සෝෂල් මීඩියා කියන්නේ නරක තැනක් කියලා හුඟක් අය කියනවා. ඒත් කිලියන්ගේ
කතාවෙන් පේන්නේ හරි විදියට පාවිච්චි කළොත් සෝෂල් මීඩියා හරහා ලෝකයම එකතු කරන්න පුළුවන්
කියන එකයි.
කිලියන්ගේ තාත්තා ඉල්ලුවේ පොඩි උදව්වක්. ඒත් ඒක
මහා මානුෂීය මෙහෙයුමක් වුණා.
මිනිස්සුන්ගේ බාහිර පෙනුමෙන් ඔවුන්ව මනින්න එපා.
කළු ජැකට් දාපු, රළු බයිකර්ස්ලා
ඇතුළේ තිබුණේ මහා මෘදු, සංවේදී
හදවත්.
අපි හැමෝම කවදා හරි මැරෙනවා. ඒත් මැරෙන්න කලින්
කෙනෙක්ගේ හිතට පුංචි හරි සතුටක් දෙන්න පුළුවන් නම්, ඒක තමයි මේ ලෝකේ
කරන්න පුළුවන් ලොකුම පින.
කිලියන් අද අප අතර නැහැ. ඒත් රෝඩර්ෆෙන් වීදිවල අදටත්
බයික් එකක් යනකොට ඒ හඬ ඇතුළේ කිලියන්ගේ හිනාව තියෙනවා කියලා එහේ මිනිස්සු විශ්වාස කරනවා.
ආදරය කියන්නේ සීමා මායිම් නැති දෙයක්. ඒක ජාති, ආගම්, රටවල්වලට වඩා
හුඟක් ඉහළින් තියෙන දෙයක්.
ඔබත් අද දවසේ පුළුවන් නම් කාගේ හරි මූණට හිනාවක්
ගේන්න උත්සාහ කරන්න. ![]()
’
ඔයාලා දන්නවද, මට ඒ post එක කියවලා ඉවර කරන්න
සෑහෙන වෙලාවක් ගියා. එහෙම වුණේ ඇයි කියලා මං යැවූ කවි comment එකේ පළමුවෙනි පද
දෙකෙන් ලියැවුණේ නොදැනුවත්වම වගෙයි.
සත්තයි, මේ දැන් මේ ලිපිය සකස් කරන වෙලාවෙත් ඒ වැඩේම වුණා. (සමහරවිට නිමල්
දිසානායකගේ ඇස්වල තියෙන කඳුළු ග්‍රන්ථිවල වැරැද්දක් වෙන්නැති!) ඒ කවියත් මෙතනට
දාලා ඉන්නංකො.
නෙත් තෙත් වුණා කියවද්දී පෝස්ටුව
තවමත් ගලයි කඳුළැලි ගඟ අඩු නැතුව
මෙහෙව් ළතෙත් ඇත්තන් හිඳින මෙලොව
උපදියි මිනිසුනුත් යුද්දෙට රිසි ඇතිව
Comment කවියේ තුන්වෙනි හතරවෙනි පේළිවලින් මමම කියපු
දේ ගැනයි මං තවමත් කල්පනා කරන්නේ... ඒ 'යුද රිස්ස' නිසා නේද
මේ යුවාන් - ඩොලර් හුටපට කන්දරාවක් සිද්ද වෙවී, ලෝකවාසීන්ගෙ ඔලු උඩට මේ තරං මරාල ගොඩක් කඩා වැටිලා
තියෙන්නේ...
ඒත් එක්කම කල්පනා වෙනව මේ post එක publish
කෙරෙන්නේ අලුත් අවුරුදු දවසේ නේද කියලත්. එහෙම කල්පනා වුණත් ආදරණීය පාඨක ඔයාලට ‘සුබ
අලුත් අවුරුද්දකට සුබ පැතුම්’ කියලා ප්‍රාර්ථනා කරන්න හිත දෙන්නෑ. ඒ වෙනුවට මං
අහලා තියෙන; මං ඉතා කැමති කවියක අවසන් පද දෙක මෙතැනට යොදනවා ‘අවුරුදු පැතුම’
වශයෙන්.
............... දුරුව බලකාමය
උදා වේවා ලෝක සාමය෴0෴







හඳ වටෙත් ගිහිල්ල ආපු එකේ හෙටානිද්දට මොනව වෙයිද කියල කවුද දන්නෙ.
ReplyDeleteහෙට නං අලුත් අවුරුදු Praසන්ன මහත්තයෝ.
Deleteලංකාවේ අය දාන යුද්දේ ගැන පෝස්ට් තුනකට බෙදන්න පුළුවන් . ඇමෙරිකාවට පක්ෂ , ඉරානයට පක්ෂ සහ රුසියාවට පක්ෂ කියල . ඉතින් ඒවල මහා අතිශයෝක්තියෙන් බොරු ගොඩක් ලියනවා . ඔය ලියල තියෙන එක දාර පචයක් තමා සෙලෙන්ස්කි ගිහින් කිව්වාය කියන රුසියාව ඊශ්‍රායල මර්මස්ථාන ගැන ඉරානයට තොරතුරු දුන්න කියන එක. ඊශ්‍රායලයේ රුසියානු බස් අකත් කරන පැරණ සෝවියට් දේශයෙන් ගිය මිලියන් 1.5 දෙකත් අතර ජනතාවක් ඉන්නව. ඒ ය ලංකාවේ තොණ්ඩමන් වගේ ආණ්ඩු බලය එහා මෙහා කරනවා. පුටීන් ට කට්ටිය එක්ක ලොකු සම්බන්ධයක් තියනව. නෙතනයාහු ගිය අවුරුද්දේ මොස්කව් ගියෙත් ඒකයි . තමන්ගේ මිනිසුන්ට දුෂ්කර වෙනවනම් පුටින් ඒ වගේ වැඩක් කරන්නේ නැහැ. පුටින් දුන්න කියල කියන්නේ ඇමෙරිකානු බේස් ගැන විතර එකත් ඉතින් ටිකක් ලුණු එක්ක තමා ගන්න වෙන්නේ. ඔය ඇමෙරිකන් බේස් හංගල නෙමේනේ තියෙන්නේ. හුන්ඩු නෙමේනේ. පොඩ්ඩක් උඩට ගියහම පේනවා. පොඩි සටලිට් එක්ක තිබ්බත් ඇති. හැබැයි ඉරානයට ආයුධ සැපයුවා. ඒක ඇත්ත. ඉරානයට හොඳ චන්දිරකා 12 විතර තියනව. Zafar-2, Paya, and Kowsar 1.5 ඒවා යැව්වේ රුසියාව හරහා.
ReplyDeleteඇමෙරිකාව ඉරානයේ මූලික නායකත්වය ඔක්කොම අයින් කළා . 250 විතර. ඒක දරුණුයි. ඉරානයත් හතර වටේටම ගහලා මිඩ්ල් ඊස්ට් හොර සෙට් එකට දුන්න පොඩි ගේමක්. ඉරානය හිතු තරම් අමාරුවෙන් පරාජය කරන්න බැහැ කියලත් පෙන්නුවා.
වැඩි හරියක් අතිශයෝක්ති සහ කොන්ස්පිරසි තියරි තමා.
Delete++++++++++++++++++👌
අජිත් ධර්ම මහත්තයාටයි, බස්සා මහත්තයටයි දෙන්නටම ස්තුතියි.
Deleteදැන් ඇත්ත නැත්ත- හරි වැරදි තේරුම් ගන්න හරිම අමාරුයි plant කරපු තොරතුරුත් එමට තියෙන නිසා.
හුම්: අර කතා 2කේ තියෙන සමහර ඒවා විස්සාස කරන්න බැරි තරම් අමාරුයි තමයි. සමහර කතා... හදලා, කැටයම් කරලා, අතින් දාල තමා තොරණ සකසන්නෙ 😄😂
Deleteළමයාගේ කතාවනං කාලෙකට කලින් මාත් පත්තරේක තිබිල කියෙව්වා.
මාත් ඔයා එක්ක එකඟයි නමී.
Deleteඅනිත් කේස් එක තම රුසියන් යුක්රේන් යුද්දෙදි තමන්ගේ පරණ ආයුධ මිසයිල් සෙට් ඉවර කර ගන්න ගමන් පුටින් ඔරෙශ්නික් වගේ මිසයිල් ටෙස්ට් කළා. ද්රෝන් ටෙස්ට් කළා. යුරෝපයේ අමෙරිකාවේ තිබ්බ පැරණ මිසයිල් යුක්රේන් වලට ගියා. නිකන් නෙමේ සල්ලි වලට යුක්රේනය අපට අම්බානක ණයයි . ඒවා ගනී . මෙහෙ සහ ජර්මනියේ, අමෙරිකාවේ ආයුධ කම්පැනි වලට කල්ල මරේ. දැන් ඇමෙරිකාව ඉංයට ගහන කොට 'ඉරාන බිල්ලා . මැද පෙරදිග ධනවත් රටවලට ගැහුවනෙ. දැන් තව වටයකින් ආයුධ කම්පැනි වලට බිලියන් ගණන් වටින යුආයුධ ටික විකුණ ගන්න පුළුවන්. අරාබියේ සල්ලි තියෙන සෙට් එකට. ආයේ ඇමෙරිකන් ආර්ථිකයට හොඳයි. ඉරානය පවා ගොඩ යයි හොර්මුස් එකෙන් ටැක්ස් එකක් ගත්තොත්. ඊශ්‍රායලයේ එකා තමන්ගේ රටේ වපසරිය් ආයි වැඩි කරගන්න හදන්නේ ලෙබනනයට ගහලා. ඔතන් හරිම කතාව රුසියාව සහ චීනය පොහොසත් වෙච්චි එක යුද්දෙන්. යුද්ධ කියන්නේ කට්ටියක් දුක් වින්දට කට්ටියකට කල්ල මරේ වෙන් ගේම් එකක්.
ReplyDeleteදිනුම ආයුධ කම්පැනි වලට තමයි. රුසියාව සහ චීනය පොහොසත් වෙන එක අතුරු ඵලයක් කියලයි හිතෙන්නෙ. ඒත් පුටිනුත් සෑහෙන්න දිනුම්. නැටෝ බෙදුනා, ඇමරිකාව අප්‍රසාදයට ලක්වුනා. ලෝකයේ දූෂිතම දේශපාලකයා පට්ටම ට්‍රම්ප්ට ලැබුනා.
Deleteඑකඟයි
Deleteපරිවර්තන යුගයක් උදා වෙනව වගේද කියලත් හිතෙනව- මට නං.
DeleteWhy is there so little trust in the world
ReplyDeleteවෙනම වෙලාවකයි එව්වා බලන්න ඕනේ, බකුසුතුමෝ. ඒත් link එක එව්වට ගොඩක් ස්තුතියි.
Deleteපොඩි දරුවාගේ කතාවට නම් ඇහැට කඳුළු උනනවා තමා . කතාව මම දැක්ක පත්තරෙන්
ReplyDeleteඒ දරුවා ගැන දුක හිතෙන අතරේ මට සතුටු හිතුණෙ ලෝකයේ ඉන්න කාරුණික හදවත් තියෙන සංවේදී මිනිසුන් ගැනයි, අජිත් මහත්තයෝ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteවල්ගෙ ගිනි ගත්ත හනුමා වගේ ලෝකෙම ගිණි තියන නිසා ට්රම්පුච්චට අකමැති එක වෙනමයි. නෙතන්යාහු වගේම ට්රම්පුවත් මස් වැද්දො දෙන්නෙක්. උන්ට නැමුනෙ නැති එකම ප්‍රතිවිරුද්ධ බලය නිසා ඉරානෙට පොඩි කැමැත්තක් තියනවා, එච්චරයි.
ReplyDeleteඒත් ඉරානෙ මුල්ලා සැට් එකත් හොඳ මිනිස්සු නම් නෙමෙයි. ප්‍රොක්සි දාගෙන වටේම ත්‍රස්තවාදීන්ව පෝෂණය කලා. ජනතාව වීදී බැස්සාම, මෝටර් සයිකල් ගැන්සි යවලා ඔලු වලට වෙඩි තියෙව්වා. විරුද්ධවාදීන් ප්‍රසිද්ධියේ එල්ලන්නෙ ක්‍රේන් වල. දැන් IRGC හමුදා නායකයො TV එකට එන්නෙ මූණ වහගෙන. ඊශ්‍රායෙල් කාරයො ඔහොම නායකයින්ගෙ ඔලු ගලෝගෙන යන කොට, මධයස්ථ නායක සෙට් එකක් ඉරානෙට ලැබිලා, හුදී ජනයාට හොඳක් වෙන්නත් ඉඩ තියනවා.
ඔය ට්‍රම්ප් සහ නෙතන්යාහු මස් වැද්දෝ වගේ පේන කතා ඇත්ත නෙවෙයි, ඒ දෙන්නා එක්සත් ජනපද ඩීප් ස්ටේට් එක සහ ගෝලීය ධනවතුන්ගේ එක පාර්ශ්වයකට සම්බන්ධ කල්ලියක තාවකාලික නියෝජිතයින් විතරයි, ඕකම තමයි ඔබාමා මිනීමරුවා වගේම ලේපිපාසිත බයිඩන් නාකියාත් කළේ මීට වඩා ලස්සන කතා කියලා වෙන විදියකට, ඒ ක්‍රමය හරියන්නේ නැති නිසා මුන් දැන් වෙන විදියකට අමුවෙන්ම කතා කරලා නේටෝ එක යූ එන් එක වගේ බොරු නාටක නැතුව කෙලින්ම ක්‍රියාත්මක කරනවා
Deleteඔය ඉරානේ ආගමික අන්තවාදය ගැන කියන කතාව වුණත් 100% ක් ඇත්ත නෙවෙයි, ඒවා ගොඩක්ම බටහිර මාධ්‍ය ජාල වලින් අතිශයෝක්තියට නගපු ඒවා හෝ ප්‍රබන්ධ කතා, උතුරු කොරියාව ගැනත් එහෙමයි. ඔය proxy වලින් ලොකුම එක තමයි එක්සත් ජනපදය හදපු ඊශ්‍රායලය. ඔය අයිඩී එෆ් කියන්නේත් ත්‍රස්ත කල්ලි තුනක් එකතු කරලා හදපු මගුලක් ඒකනේ උන් ඔය ආතක් පාතක් නැතුව මිනී මරන්නේ ඉරානයේ අගමැති මුසද්දෙක් ආණ්ඩුව මාරු කරපු එක, සදාම් කියන සුංනි ඇමරිකන් රූකඩය ෂියා බහුතර ඉරාකයේ බලයට පත් කිරීම, සදාම් ලවා 1980-88 ඉරානයට එරෙහිව යුද්ධ කිරීම, ඊට පස්සේ සදාම් ඇමරිකා දීමය කැඩිලා ඉරාක යුද්ධය, කලක් ඇමරිකන් රූකඩයක් වූ
සදාම් උන්ම ඝාතනය කිරීම සහ ඊට පසුව යූඑස් විසින් අයිසිස් හදලා සිරියාවේ අසාද් එලවීම වගේ දේවල් ගොඩක් නිසා තමයි ෂියා උන් එකතු වෙලා වෙනම ප්‍රොක්සි අධිරාජ්‍යයක් හදාගෙන තියෙන්නේ උන්ගෙ ආරක්ෂාවට, ඔය හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා.
ඔය ලොකු ලොකු රටවල මොන පක්ෂයකින් වුණත් බලයට පත් වෙන්නේ රූකඩ නායකයන්ද? ඔවුන්ව නටවන අදෘශ්‍යමාන උදවියත් ඉන්නවද?
Delete@ Ano 2.59 AM
Deleteඉරානය පිළිබඳ කාරණාව දෙස බැලුවොත්, ඉරානය යනු හුදෙක් පුද්ගල නායකත්වය මත පමණක් පදනම් වූ රාජ්‍යයක් නෙවේ, ඉතාම සංකීර්ණ ව්‍යූහාත්මක ආරක්ෂක පද්ධතියක් (Asymmetric Warfare and Structural Redundancy) සහිත රටක්.
උදාහරණ විදිහට වසර සීයකට විතර ඉස්සර සෝවියට් සංගමයේ නායක ස්ටාලින්ගේ පැරනොයිඩ්(Paranoid) මානසිකත්වය නිසා රතු හමුදාවේ හිටපු ඉහළම සහ දක්ෂතම හමුදා නිලධාරීන් 40,000කට වඩා විශාල පිරිසක් ඝාතනය කිරීම සහ ඒකේ ප්‍රතිඵල මත ජර්මනිය සමග දෙවන ලෝක යුද්ධයේ මුල් භාගයේදී ඔහු දැක්වූ අන්ත අසරණ භාවය පිළිබඳ තොරතුරු සෝවියට් ප්රචාරකවාදී (Propaganda) ඉතිහාසය සඟවන තිත්ත ඇත්තක්.
මම නම් මේක දකින්නේ "ආයතනික ශක්තිය" (Institutional Resilience) පිළිබඳ විශාල පාඩමක් විදිහටයි. ස්ටාලින් රතු හමුදාවේ ඉහළම මොළ විනාශ කළත්, සෝවියට් දේශය ජර්මනිය පරාජය කිරීමට සමත් වූයේ ස්ටාලින්ගේ දක්ෂතාවයට වඩා, ෂුකෝව් වැනි ජෙනරාල්වරුන්ට අවසානයේ යුද පිටියේ නිදහස ලැබීමත්, "මව්බිම" වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් වූ සෝවියට් වැසියාගේ අසීමිත මානව සම්පත (Human Resource) සහ කාර්මික ශක්තියත් නිසයි.
ඉතිහාසයේ ස්ටාලින් දක්ෂයන් මරා දැමූ පසුවත් සෝවියට් දේශය නොවැටී සිටියා සේම, එක්සත් ජනපදය (බොරු ඊශ්‍රායල ලේබලයක් යටතේ) ඉරානයේ ඉහළ පෙළේ නායකයන් 40ක් ඝාතනය කළත් ඔවුන්ගේ පද්ධතිය (System) කඩා නොවැටෙන්නේ, එක් අයෙකු ඉවත් වූ විට එම වගකීම ගැනීමට තවත් දස දහස් ගණනක් පුහුණු කළ නායකත්ව ස්ථර (Leadership Layers) ඔවුන් සතු නිසයි. ඉරානයේ මොසැයික් යුධ නායකත්ව සංකල්පය ගැන වෙනමම කතා කරන්න පුළුවන්.
ලංකාවේ ආර්ථිකය ගැන කතා කරන විට පුද්ගල සාධකය (Personal Factor) ගැන අපට තියෙන අවිශ්වාසය වගේම, ඉරානය වැනි රටවල් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නේ පුද්ගලයාට වඩා පද්ධතියේ ශක්තිය මතයි. ඇත්තටම හැමෝම දන්න අර එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර ඇති සෙවනැලි යුද්ධය (Shadow War) සහ තොරතුරු මෙහෙයුම් දෙස බැලූ විට පෙනී යන්නේ, ඉතිහාසයේ ස්ටාලින් කළාක් මෙන් අදත් ලෝක බලවතුන් තොරතුරු වසන් කරමින් තමන්ට වාසිදායක "ප්‍රොපගැන්ඩාවන්" නිර්මාණය කරන බවයි.
නමුත් ඉතිහාසය හෝ වර්තමානය වේවා, ඕනෑම දැවැන්ත බලවේගයක් පරාජය කිරීමට නම් පුද්ගල වීරත්වයට වඩා ශක්තිමත් යාන්ත්‍රණයක් තිබීම අනිවාර්ය බව සෝවියට් දේශයේ Stalingrad ජයග්රහණයෙන් මෙන්ම වර්තමාන ඉරානයේ ඔරොත්තු දීමේ හැකියාවෙන් ද (Resilience) මනාව පැහැදිලි වෙනවා.
ගොඩක් ස්තුතියි Ano, ඔයාගේ දිගු සවිස්තරාත්මක comment එක වෙනුවෙන්.
Deleteඑයිනුත් මගේ හිත ගත්තේ //පුද්ගල වීරත්වයට වඩා ශක්තිමත් යාන්ත්‍රණයක් තිබීම// කියන කාරණයයි!
"මෙහෙම පොස්ට්ස් කියෙව්වත්- එව්වගේ තියෙන හැම අදහසක් එක්කම මං එකඟ වෙන්නෑ කියලත් කියන්නම ඕනේ. ඒත් ඒවා ගැන හිතල බලන්න වටිනවා වගෙයි". ඒක තමයි නිමල්ගෙ පෝස්ට් එකේ වැදගත්ම කොටස. තව කෙනෙක් ලියන දෙයක් අපි බැලුවා හෝ කියෙව්වා කියලා ඒකෙ තියෙන හැමදේම පිලිගන්නවා කියවෙන්නෙ නෑනෙ. ඒක තේරුම් ගන්නත් හැමෝටම බැහැනෙ.
ReplyDelete“කළු ජැකට් දාපු, රළු බයිකර්ස්ලා ඇතුළේ තිබුණේ මහා මෘදු, සංවේදී හදවත්“ ඇත්ත. උස මහත, රළු පෙනුම තියෙන අය හුඟක් වෙලාවට හරිම සංවේදි හොඳ හිතවත් මිනිස්සු; මගේ අත්දැකීමත් ඒකයි. narcissistic charm එක දාගෙන ඉන්න "අහිංසක", "සංවර" අයට වඩා ඒ මිනිස්සු දාස් වාරයක් හොඳයි.
මචං, ඔය කියන කතාවේ අනිත් පැත්තත් හිතන්න ඕනේ. හැම වෙලාවෙම රළු පෙනුම පිටිපස්සේ රත්තරන් හදවත් නෑ, ඒ වගේම හැම සංවර පෙනුමකම වංචාවක් නෑ. සමහරු ඒ රළු බව පාවිච්චි කරන්නේ ඇත්තටම අනුන්ව බය කරන්න සහ තමන්ගේ ආක්‍රමණශීලී ගතිය පෙන්වන්න.
Deleteපෙනුමෙන් මනුස්සයෙක් මනින එක කොහොමත් අවදානම් වැඩක්.
ඔය කියන විදියේ "ජෙකිල් සහ හයිඩ්" වගේ දෙබිඩි චරිතයක් ගැන එංගලන්තයේ ලාංකික සමාජයෙන්ම මම උදාහරණයක් දෙන්නම්. අපි හිතමු මෙයාගේ නම "අජිත" කියලා.
ලංකාවේ ඉන්න ලාංකිකයන් අතර අජිත පෙන්නන්න හදනවා තමා හරිම වැදගත් පිරිමියෙක්. සුදු කරපටි දාපු ජැකට් එකක් ඇඳලා, හරිම මෘදු විදිහට කතා කරන, පන්සලේ පින්කම් වලට උදව් කරන, හැමෝම විශ්වාස කරන මනුස්සයෙක් වගේ.
මේ නිසාම සම හරක් හිතන්නේ අජිත කියන්නේ හරිම අහිංසක, ගුණගරුක කෙනෙක් කියලා.
හැබැයි මේ අජිතටම තවත් රහසිගත පැත්තක් තියෙනවා. රෑ වුණාම අජිත අන්තර්ජාලය ඇතුළේ පෙනී ඉන්නේ "ලෝටස්" (Lotus) කියන කාන්තාවගේ නමින්. මේ "ලෝටස්" කියන චරිතය ඇතුළේ ඉන්නේ මහා කපටි වංචාකාරයෙක්. එංගලන්තයේ ඉන්න සල්ලිකාර ලාංකික පිරිමින්ව රවට්ටලා, ආදරය පෙන්වලා, විවිධ බොරු කතා කියලා ලක්ෂ ගණනින් සල්ලි හූරාගෙන කන තක්කඩියෙක් තමයි මේ ලෝටස් කියන්නේ.
සමාජය ඉදිරියේ "අජිත" විදිහට ඉන්නකොට තියෙන ඒ සංවරකම ඇත්තටම වෙස්මුහුණක් විතරයි. ඒ වෙස්මුහුණට මුවා වෙලා තමයි ලෝටස් විදිහට අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්නේ. ඉතින් මචං, අර රළු බයිකර් කෙනෙක්ට වඩා දහස් වාරයක් භයානකයි මේ වගේ "මල්ටි පර්සනල්" (Multiple personalities) තියෙන, පෙනුමෙන් අහිංසක වංචාකාරයෝ.ලන්ඩන් වල ඉන්න මේ "අජිත" කියන මනුස්සයා සමාජයට පේන්න කරන්නේ බොහොම සුදු පිරිසිදු අයිටී ව්‍යාපාරයක්. හැමෝම හිතන්නේ එයා මහන්සියෙන් සල්ලි හම්බකරන, නීතිගරුක, ආගම දහමට ලැදි කෙනෙක් කියලා. හැබැයි ඒ "සංවර" පෙනුම යට හැංගිලා ඉන්නේ ලංකාවේ දූෂිත දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ "ඩෝබියෙක්" (Money Launderer).
ලංකාවේ ආණ්ඩුවේ ව්‍යාපෘති වලින්, ටෙන්ඩර් වලින් ගල් අඟුරු හොරකම් කරන කෝටි ප්‍රකෝටි ගණනක මහජන මුදල් ඉතාම සූක්ෂ්ම විදිහට එංගලන්තයට ගෙන්නගෙන, ඒවා පිරිසිදු කරන (Money Laundering) ප්‍රධානම පුරුක තමයි අජිත. එයා කරන්නේ ලංකාවේ ඉන්න ඒ තක්කඩියන්ගේ "කළු සල්ලි" වල කුණු හෝදලා, ඒවා නීත්‍යානුකූල ආයෝජන විදිහට පෙන්වන එක. මේ "ඩෝබි වැඩේට" අජිතට ලොකු කොමිස් මුදලක් ලැබෙනවා. ඒ හරහා එයා අයුතු ලෙස කෝටි ගණන් උපයනවා.
ඒ අස්සේ අර කලින් කිව්වා වගේ රෑට "ලෝටස්" කියන කාන්තා අනන්‍යතාවයෙන් පෙනී ඉඳලා කරන අන්තර්ජාල වංචාත් අත අරින්නේ නැහැ. ඒක එයාගේ විනෝදාංශය වගේම අමතර ආදායම් මාර්ගයක්.
ඉතින් බලන්න, එක පැත්තකින් රටේ සල්ලි හොරකම් කරන අයට උදව් කරන මහා පරිමාණ මූල්‍ය අපරාධකාරයෙක්, අනිත් පැත්තෙන් අන්තර්ජාලය හරහා මිනිස්සු රවට්ටන තක්කඩියෙක්. හැබැයි මේ ඔක්කොම කරන්නේ අර "සංවර, අහිංසක, කළු ජැකට් නොදාන" මහත්තයෙක් වගේ පෙනී ඉන්න අජිතමයි.
අර කළු ජැකට් දාපු බයිකර්ස්ලා දහස් වාරයක් හොඳයි කියන්නේ මෙන්න මේ නිසයි. රළු මිනිහා ගහනවා නම් ගහන්නේ ඉස්සරහින්. හැබැයි මේ වගේ "මානසික රෝගී තක්කඩියෝ" වළ කපන්නේ හිනා වෙලා, බොහොම සංවර විදිහට ළඟට ඇවිත්
අන්තිමට බැලුවම පෙනුම කියන්නේ නිකම්ම නිකම් මායාවක් විතරයි!
මේ වගේ දෙබිඩි චරිත ගැන ඔයා මීට කලින් අහලා තියෙනවද, නැත්නම් මේ වගේ කෙනෙක්ව ආශ්‍රය කරලා තියෙනවද?
ගොඩක් ස්තුතියි Lotus, Ano දෙන්නාටම.
Deleteමැදපෙරදිග දැන් ඇවිලිලා තියෙන ඉරාන යුද්ධය ගැන බැලුවම ලංකාවට නම් ඒක පොඩ්ඩක්වත් හොඳ නැති සීන් එකක් තියෙන්නේ. ඇත්තටම ඉරානයයි ඊශ්‍රායලයයි ඇමරිකාවයි පටලැවිලා ඉන්න මේ වලිය නිසා මුළු ලෝකෙම තෙල් සැපයුමට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ලංකාව වගේ රටකට මේකේ රික්තකය කෙළින්ම දැනෙන්නේ පාරේ යන වාහනේට ගහන තෙල් ලීටරේ ඉඳන් කන බොන දේ දක්වා හැමදේකම මිල අහස උසට යන්න තියෙන ඉඩකඩ නිසයි. අනික මැදපෙරදිග ඉන්න අපේ අය එවන ඩොලර් ටික අඩුවුණොත් සහ ගුවන් ගමන් අවුල් වෙලා ටුවරිස්ට්ලා එන එක නතර වුණොත්, අපි යන්තම් ගොඩ එන්න හදන ආර්ථිකයට ඒක මාරම පහරක් වෙනවා. කෙටියෙන් කිව්වොත්, මේක අපේ රටේ බඩු මිලටයි ජීවන තත්ත්වයටයි කෙළින්ම කෙළවෙන ප්‍රශ්නයක්
ReplyDeleteඅපි මාලිමාවට ඡන්දය දුන්නේ හොරු රකින්න නෙවෙයි, හොරුන්ට දඬුවම් දෙනවා බලන්නයි. හැබැයි අද වෙද්දී වෙන්නේ මොකක්ද? කුමාර ජයකොඩි වගේ දූෂිත ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න මතු වෙද්දී, පොහොර සංස්ථාවේ දූෂණ ඇදෙද්දී, ආණ්ඩුව කරන්නේ ඒවට සාධාරණ පරීක්ෂණ කරනවා වෙනුවට ලැජ්ජ නැතිව උන්ව රකින එක. ඇත්තටම අංක 1 ට වෙන්න ඕන කුමාර ජයකොඩි තාවකාලිකව හරි ඉල්ලා අස්වෙලා විනිවිදභාවයකින් පරීක්ෂණයක් කරන එකයි.
බලපන්කෝ මුන්ගේ හැටි, රංවලව රකිනවා, කුමාර ජයකොඩිව රකිනවා, නලින්දට එල්ල වුණු බෙහෙත් වංචා චෝදනා දෙකකටම වෙච්ච දෙයක් නෑ. මේවා දැක්කම පැහැදිලිවම පේනවා මාලිමාවේ ලොක්කෝ පට්ට උද්ධච්ච විදියට හැසිරෙන්නේ කියලා. අර කන්ටේනර් 323 ජාවාරම වගේ මහා පරිමාණ හොරකම් ඇස් පනාපිට වෙද්දී, ඒවට උත්තර දෙනවා වෙනුවට මුන් කරන්නේ තාමත් 'පරණ උන් කරපු වැරදි' කියලා බයිලා කියව කියව ඉන්න එක විතරයි.
අපි මුන්ට ඡන්දය දීලා බලය දුන්නේ පරණ වැරදි අහ අහ ඉන්න නෙවෙයි, දැන් වෙන අක්‍රමිකතා නවත්තලා 2009 ඉඳන් වෙච්ච හැම දේකටම වැරදිකාරයන්ට දඬුවම් දෙන්නයි. හැබැයි දැන් වෙන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. තමන්ගේ ඇමතිවරුන්ගේ රෙදි ගැලවෙද්දී ඒවට ක්‍රියාමාර්ග ගන්නේ නැතිව, උන්ව සුදනා කරන්න හදන එක දකිද්දී ඇත්තටම පට්ටම දුකයි . මේකද අපි බලාපොරොත්තු වුණු වෙනස?
@ Nishan
Deleteබලාගාරයේ දත්ත වලින් පැහැදිලිවම ඔප්පු වෙද්දි,
ටෙන්ඩර් ප්‍රෙසෙස් එක වැරදියි කියලා Lanka coal එකේ හිටපු සභාපති ඉල්ලා අස් වෙලා තියෙද්දි,
ප්‍රමිතිය නිරීක්ෂණය කරපු සමාගම ලියාපදිංචි වෙලාවත් නෑ කියලා ඔප්පු වෙලා තියෙද්දි,
ඒ සමගාම් වලට ගල් අඟුරු වල ප්‍රමිතිය පරීක්ෂා කරන්න අවශ්‍ය සුදුසුකම් නෑ කියලා ඔප්පු වෙලා තියෙද්දි,
අම්පයර් සාම්පල් එක බලන්න ඕනි තරම් ඉඩ තියෙද්දි ඒක මගහැරියා කියන එක ඔප්පු වෙලා තියෙද්දි,
බාල ගල් අඟුරු නිසා රටේ ආර්ථිකයට සහ සොබාදහමට වෙන හානිය මහජන උපයෝගීතා කොමිසම කියලා තියෙද්දි,
රජයේ විගණකාධිපති වරයාගේ විගණන වාර්තාවෙන් මේ සමස්ත ක්‍රියාවලිය නිවැරදියි බව පිළිගත නොහැකියි කියලා පැහැදිලිවම කරුණු දක්වලා තියෙද්දි,
බාල ගල් අඟුරු නිසා විදුලි උත්පාදනය අපේක්ෂිත මට්ටමට සිදු කරගත නොහැකි වීම නිසා ජනතාවට නොදන්වාම ලයිට් කපපු බව පද්ධති පාලකමධ්යස්ථානය පවා පිළිගෙන තියෙද්දී,
ඒ අඩුව පුරවන්න ඩීසල් යොදාගන්න නිසා මේ ගෙවන අප්‍රේල් මාසෙ ඉදන්ම විදුලි බිල 15%කින් වැඩි කරන්න කියලා නැෂනල් සිස්ටම් ඔපරේටර් පෞද්ගලික සමාගම PUSCl එකෙන් ඉල්ලලා තියෙද්දී,
25% - 30% ත අතර ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමිය යුතු බවත් ඒකට බාල ගල් අඟුරු හේතුවක් බවත් IMF එකේ ප්‍රධානියා නිල වශයෙන්ම මාධ්‍ය වලට කියලා තියෙද්දි,
ඒ සියල්ල අභිභවා,
මට ගල් අගුරු හපලා කාලා බලන්න බැරි වුනාට,
මන් ජයකොඩිව කාලා බලලා තියන නිසා,
"මට ජයකොඩිව විශ්වාසයි" කියන බයිලා කතාව පිළිගන්න කියලා අනුර මේ රටට කියන්නේ !
ඔහු ඒක රටට කිව්වට, මේ දැන් අනුරගේ සහ ජයකොඩිගේ මූණු දිහා බැලුවොත් පොදු ජනතාවට පේන විදිහ තමා ඔයා ඔය කමෙන්ට් එකේ කියලා තියෙන්නෙ, ඔය වංචාව කරන තැන පේන්නේ ඇස් 4ක් වුනාට,
අනුර මතක තියාගන්න,
එතන ලක්ෂ 68ක මිනිස්සුන්ගේ ඇස් තියනවා !
153ක් අත් උස්සලා,
කිරි දියෙහි දෙවියත්,
අඟුරු සුදු වන කලෙක් නම් නැත් !
නිසාන්, පුබුදු මහත්වරුන් දෙන්නාගෙම කමෙන්ටුවලට ගොඩක් ස්තුතියි!
Deleteඔයලට දැනටමත් පිළිතුරු ලැබිලද මංදා. බලමු- පහළට ගිහින් කියවලා..
@ නිසාන් සහ පුබුදු
ReplyDeleteමේ නිව්ස් එක බලන්න
//මේ වන විට රට පාලනය කරන්නේ මාලිමාව නොව ධම්මික පෙරේරා ඇතුළු ධනපති චෞර වළල්ලක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
“මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන හඬපටය අසන විට ධම්මික පෙරේරාට හදිසි ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම සඳහා ක්‍රමවේද උල්ලංඝනය කර, නීතිය නමා ඇති බව පැහැදිලිය. පළමු ගල් අඟුරු ටෙන්ඩරය ගැන අප දිගින් දිගටම පැවසුවේ එයයි. දිගුකාලීන ටෙන්ඩරය ගැන මෙතරම් චෝදනා එල්ලවී තිබියදීත් හදිසි ටෙන්ඩරයේදීත් මේ ආකාරයට හැසිරීම ආණ්ඩුවේ ආධාරකරුවන් පැහැදිලි කරන්නේ කෙසේද?
මෙය ව්‍යාජ හඬපටයක් නොවන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ලිපියකින් පිළිගෙන ඇති නිසා රට කරන්නේ මාලිමාවේ මහජන නියෝජිතයන් නොව ධම්මික පෙරේරා ඇතුළු ජාවාරම්කාර ධනපති චෞර වළල්ලක් විසින් බව පැහැදිලිය.
ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා මේ ලිපිය නිකුත් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සීල් තබා ඇති ආයතනයක ලිපි ශීර්ෂය සහ නිළ මුද්‍රාව භාවිත කිරීම විශාල වරදක් බව නොදන්නා නිසා විය නොහැක. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එය ප්‍රචාරය කිරීම තුළ පෙනී යන්නේ ධනපති චෞර වළල්ලට රාජ්‍ය ව්‍යුහයන් හැසිරවීමට ඇති ශක්තිය නොවේනම් වෙන කුමක්ද?
මේ පවතින්නේ ධනේශ්වර රජයක් බවත් කවුරු මොන පුටුවල වාඩිවී සිටියත් මේවා ධනපති ආණ්ඩු බවත් මාක්ස්වාදීන් හැමදාමත් පවසන්නේ ඒ නිසාය. මේ ගල් අඟුරු මගඩියෙන් ජාවාරම්කාරයන්ගේ මඩි තරවන අතර එහි වන්දිය වැඩකරන ජනතාවට ගෙවීමට සිදුවනු ඇත. ඩොලර්වලින් ඉන්ධන ආනයනයට විශාල සමාගම්වලට ආණ්ඩුව ඉඩදී තිබෙන නිසා එම පන්තිය සිය සුපුරුදු කටයුතු කරගෙන යන අතර, විදුලි කප්පාදුව නිසා වැඩකරන පන්තියේ දෛනික ජන ජීවිතය අඩාල වනු ඇත.
මේ සියලු ප්‍රශ්න සමග පන්ති ප්‍රශ්නයක් සම්බන්ධව ඇත. මේවා ධනපති ආණ්ඩු වන අතර වරින් වර එහි මතුපිට සායමේ පැහැය පමණක් අලුත් මූණු හරහා වෙනස්වේ. වත්මන් අත්දැකීමෙන් ලංකාවේ ජනතාවට එම දේශපාලන අවබෝධයවත් ලැබේ නම් ප්‍රමාණවත් වන බව දැනට ලියා තබමු//
මේක ඇත්ත ද?
@ 6.23 PM
ReplyDeleteඇමරිකා ඉරාන යුද්ධය සමග මේ මැදපෙරදිග අර්බුදය නිසා ලෝක බලශක්ති සැපයුම අඩාල වී තෙල් මිල ඉහළ යද්දී, 2025-26 කාලයේ ලංකාවේ සිදු වූ ගල් අඟුරු ප්‍රසම්පාදන අක්‍රමිකතා (Trident Chemphar සමාගම සම්බන්ධ) හේතුවෙන් බාල ගල් අඟුරු ලැබීම නිසා ලංවිමටත් අධික පාඩුවක් වී ඇත. මෙම බාහිර හා අභ්‍යන්තර අර්බුද දෙකේම බලපෑමෙන් විදුලි උත්පාදන පිරිවැය ඉහළ ගොස් ජනතාව මත දැඩි ආර්ථික බරක් පැටවී තිබේ.
මැදපෙරදිග බලපෑම නිසා ඉරාන-ඊශ්‍රායල යුදමය තත්ත්වය හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට බාධා පැමිණීමෙන් ගල් අඟුරු නැව් ලංකාවට පැමිණීම ප්‍රමාද වී ඇත.
ලංකා ගල් අඟුරු වංචාව නිසා ඇබෑර්තු ලියාපදිංචිය පවා නොමැති සමාගමකට ටෙන්ඩරය ලබාදීම සහ බාල තත්ත්වයේ ගල් අඟුරු (අඩු තාප දාරිතාව) ආනයනය කිරීම සම්බන්ධයෙන් විගණන වාර්තා මගින් කරුණු අනාවරණය කර ඇත.
ලංකාවේ මෙම ද්විත්ව අර්බුදය නිසා නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු හිඟ වීමෙන් විදුලි කප්පාදුවක් ඇතිවීමේ අවදානමක් මතු වී ඇති අතර රජය සතියකට දින 4ක් වැඩ කිරීමේ ක්‍රම පවා හඳුන්වා දී ඇත.
මේ ගල් අඟුරු ටෙන්ඩර් ප්රශ්නය දිහා බැලුවම නම් ඇත්තටම හිතෙන්නේ, මාලිමාවේ අය "සිස්ටම් චේන්ජ්" (System Change) කියන එකෙන් අදහස් කළේ, දැනට තියෙන සිස්ටම් එකත් කුඩුපට්ටම් කරලා, ඊට වඩා අන්ත දූෂිත ක්‍රමයක් ගේන එක වෙන්න ඇති කියලයි. එහෙම බැලුවම නම් ඒගොල්ලෝ තමන්ගේ 'සිස්ටම් චේන්ජ්' එක අකුරටම කරලා තියෙනවා! අඩුම තරමේ කලින් තිබ්බ ටෙන්ඩර් නීති ටිකවත් මේගොල්ලෝ දැන් රකින්නේ නෑ.
විගණකාධිපති වාර්තාවෙන් පෙන්වන විදිහට මේ "අලුත් සිස්ටමය" ඇතුළේ වෙලා තියෙන ප්‍රධානම ටෙන්ඩර් නීති කැඩීම් 4 මෙන්න:
1. නීති කාටද?
ටෙන්ඩර් එකක මූලිකම නීතිය තමයි අදාළ දවසට කලින් ලියාපදිංචි වීම. ඒත් මේගොල්ලෝ ලියාපදිංචි ගාස්තුවවත් හරියට නොගෙවපු, සුදුසුකම් නැති අයට (Trident Chemphar වගේ) ටෙන්ඩර් දීලා. මේක ටෙන්ඩර් ක්‍රියාවලියේ මූලිකම නීතියක් අමු අමුවේ කැඩීමක්.
2.එක්ස්පයර් වුණු රිපෝට් වලින් වැඩ ගැනීම
අලුත් වාර්තා වලට සල්ලි වියදම් කරන්නේ අපරාදෙනෙ! ඒ නිසා ගල් අඟුරු වල කොලිටි එක බලන්න පාවිච්චි කරලා තියෙන්නේ 2025 දෙසැම්බර් වල කල් ඉකුත් වුණු, ලයිසන් කැන්සල් වෙච්ච පිටරට ලැබ් එකක රිපෝට්. එහෙම කරලා නැව් 12ක්ම ගෙනල්ලා ජාතික විදුලිබල පද්ධතිය අනතුරේ දාලා.
3. "බොරු හදිසිය" මැවීමේ කලාව
මේක තමයි සුපිරිම මොළේ. ගල් අඟුරු ගොඩබාන්න පුළුවන් හොඳම කාලය වුණු 2025 නොවැම්බර් 13 ඉඳලා දෙසැම්බර් 30 වෙනකම් දවස් 40 ඇතුළත එකම එක නැවක්වත් ගෙනාවේ නෑ. ඊටපස්සේ "අයියෝ ගල් අඟුරු ඉවරයි, හදිසි තත්ත්වයක්" කියලා බොරු කලබලයක් මවලා, 'හදිසි මිලදී ගැනීම්' කියලා කලින් බාල බඩු දීලා ෆේල් වෙච්ච අයටම (Taranjot Resources) වැඩි ගාණට ආයෙත් ටෙන්ඩරේ දීලා. මාර හදිසිය නේද?
4. හිතවතුන්ට "සහන" සැලසීම
ටෙන්ඩර් කොන්දේසි අමාරු වැඩි නිසා බ්‍රෝකර්ලාට රිංගගන්න අමාරුයි. ඒ නිසා කලින් මෙට්‍රික් ටොන් මිලියනයක (1,000,000 MT) සංචිතයක් තියෙන්න ඕන කිව්ව එක, එකපාරටම ලක්ෂය (100,000 MT) දක්වා අඩු කරලා, සුදුසුකම් නැති අයටත් එන්න පාර කපලා දීලා.
මේ "සිස්ටම් චේන්ජ්" එකට රටට ගෙවන්න වෙච්ච බිල
ගල් අඟුරු පාඩුව (රු. බිලියන 2.23)
බාල ගල් අඟුරු වල තාපය මදි නිසා නිකම් බොරුවට වැඩිපුර ගල් අඟුරු පුච්චන්න වෙච්ච පාඩුව (Overconsumption). මේක විගණකාධිපති වාර්තාවෙන් තහවුරුයි.
ඩීසල් පාඩුව (රු. බිලියන 19): මෙහි මූලාශ්‍රය වෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) දත්ත මත පදනම්ව පාර්ලිමේන්තුවේදී කළ නිල හෙළිදරව් කිරීම්ය. බාල ගල් අඟුරු නිසා බලාගාරයට උපරිම ධාරිතාවයෙන් දුවන්න බැරි වුණාම, CEB එකට ඒ අඩුව කවර් කරන්න ගිනි ගණන් ඩීසල් සහ දැවි තෙල් (ඒකකයක් රු. 95ක් පමණ) පාවිච්චි කරන්න වුණා. විදුලි බිල වැඩි කරන්න මූලිකම හේතුව වුණේ මේකයි. මේ පාඩුව අදටත් පැටව් ගහන පාඩුවක්. එනම් ඉදිරියෙදි තව වැඩිවීමට නියමිතයි.
මුළු මුදල්මය පාඩුව: රුපියල් බිලියන 21 පනිනවා!
බිලියන 21ට ඇතුළත් නැති "බෝනස්" පාඩුව (සැඟවුණු වියදම)
හැබැයි මේ ගණන් හදපු රුපියල් බිලියන 21ට ඇතුළත් නැති, සල්ලි වලින් මනින්න බැරි දැවැන්තම පාඩුවකුත් තියෙනවා. ඒක තමයි මේකේ භයානකම පැත්ත:
යන්ත්‍ර සූත්‍ර විනාශය: අළු සහ යකඩ පයිරයිට් (Pyrite) පිරුණු බාල ගල් අඟුරු දිගින් දිගටම පිච්චීමෙන් නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර වලට සහ බොයිලේරු වලට වෙන කල්පවතින හානිය. මේ නිසා අනාගතයේදී එන අලුත්වැඩියා වියදම සහ විදුලි ජනනය අහිමිවීමෙන් වන හානිය බිලියන ගණනක් වෙන්න පුළුවන්.
පාරිසරික හා සෞඛ්‍ය හානිය
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා විෂ වායු පිටවීමෙන් පරිසරයට සහ අවට ජනතාවගේ සෞඛ්‍යයට වෙන දැවැන්ත හානිය (සහ ඒ නිසා යන සෞඛ්‍ය වියදම) මේ කිසිම තැනක ගණනය කරලා නෑ.
හැබැයි ඉතිං සිස්ටම් චේන්ජ් කියන්නෙ තියෙන එකට වඩා හොද එකක් ගේන එක කියල මේගොල්ල ඇත්තටම කිව්වෙ නැහැනෙ. ඒ නිසා සිස්ටම් චේන්ජ් කියන්නෙ තියෙන එකටත් කෙළවන එකද කියල කවුද දන්නෙ.
සුබ නව වසරක් .
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා Pra Jay! 🌸✨ මේ අවුරුද්දේ ඔයාගේ වැඩත් අර ලේනම කොටියා වගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ, මාර බලසම්පන්නයි කියලා හැමෝම දැනගත්තට, හොයාගන්න ගියාම අභිරහසක්ම වෙන්න ඕනේ! (විශේෂයෙන්ම ණය කාරයෝ හොයාගෙන එනකොටයි, ගෙදරින් වැඩක් පවරන කොටයි ලේනම කොටියෙක් වගේ අතුරුදන් වෙලා බේරිලා ඉන්න ශක්තිය ලැබේවා! 😂🐅)
DeletePra Jay මහත්තයෝ ඔයාටත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!
DeleteAno මහතාණෙනි, ඔබටත්...
++++++++++++
DeleteThis comment has been removed by the author.
Deleteලේනම කොටියා??? 😮😵💫
Deleteසුබ නව වසරක් weva...
ReplyDeleteවාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ලලිත් මහත්තයෝ!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා
ReplyDelete@ Ano 9.22
උගෙ නෙමේ ප්‍රශ්නෙ උබලගෙ. ඌ කියන්නෙ ටෝටල් ඉම්පැක්ට් එක. ඒක තාම විගනකාදිපති දෙපාර්තමේන්තුව රිපෝර්ට් කරල නෑ. එයාල ඉනීශියලි 2.2 bn ලොස් එක විතරයි කියා තියෙන්නෙ.
ඒත් ඒ වෙනුවෙන් දරන අනිත් වියදන්
1) මැශින් කැඩුනොත් ඒවයේ රෙපෙයාර් කොස්ට් සහ ඒව ගෙනන්න යන වියදම්
2) ස්වභාවධර්මයට වන හානිය
3) ඒ වෙනුවෙන් දරන ඩීසල් වියදම
4) ඩීසල් ගෙන්නන්න දරන වියදම ටැක්ස් ශිපින් කොස්ට්
5) ඩීසල් වලින් දෙන විදුලිය නිසා රටේ අනිත් ප්‍රඩක්ශන් වලට වෙන බලපෑම කෝට දිදී ලීටර් ගාන limit කරන එකේ බලපෑම
ඕව ඔක්කොම ගනන් හදපන් ඩෝබියෝ. එතකොට ගනන් හැදිල ඔය ගානට ලං වෙනව 🙂👍
ගල් අඟුරු ගැන ආණ්ඩුවට චෝදනා කරන සියලුම දෙනාගේ එකම අරමුණ " අපි විතරක් නෙමෙයි උඹලත් හොරු " කියලා මතයක් සමාජයේ ගොඩනැගීම මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි. වංචාවක් කියන්නේ හිතාමතාම එක පාර්ශවයකට අනිසි ලාභයක් උපයාගන්න අවස්ථා සලසා දීමකට , නමුත් වර්තමාන ගල් අඟුරු ගෙන්වීමේදි එහෙම කිසිම දෙයක් සිද්ධ වෙලා නෑ.
Deleteමෙච්චර කාලයකට රනිල් රාජපක්ෂ කල්ලිය ගල් අඟුරු ඩීල් එක කරගෙන ආවේ පැටවුම් වරායෙන් දෙන සහතිකය බලලා ගෙවලා. මේ ආණ්ඩුව ගොඩබෑමේ වරාය රිපෝට් එකත් අරගෙන ගෙවන්න තීරණය කරහම රනිල් රාජපක්ෂ කල්ලිය ගල් අඟුරු වලින් කරපු සෙල්ලම් කරපු විදිහ එලියට ආවා. මෙච්චර කාලයකට රනිල් රාජපක්ෂ කල්ලිය ගල් අඟුරු ගෙනාවේ තත්ත්වය බාල වුණොත් ආපහු පටවලා යවන්න වරාය පහසුකම්වත් හදන්නේ නැතුව.
ගල් අඟුරු ගෙන්වපු සමාගම ලියාපදිංචි වෙලා නෑ කිව්වා. ඒක බොරුවක් කියලා ඔප්පු කළා.ගල් අඟුරු පරීක්ෂා කළ පරීක්ෂණාගාර accredited නෑ කිව්වා. ඒක බොරුවක් කියලා ඔප්පු කළා. ඇමැති මැදිහත් වෙලා දුන්න ටෙන්ඩර් එකක් කිව්වා. ඒක තඩි බොරුවක් කියලා ඔප්පු කළා.
ගල් අඟුරු ප්‍රමිතියෙන් අඩු එක ගැන අදාල සමාගමෙන් වන්දි ගන්න හැටි පෙන්නලා දුන්නා. නැව් ප්‍රමාද වීම් සඳහා ඉතිහාසයේ කවදාවත් දඩ අය කරගෙන නැහැ. ඒක කරනවා කියලත් පෙන්වා දුන්නා.
ඒ අස්සෙන් එලියට ආවා මේ රාජපක්ෂලා ගල් අඟුරු සපයපු කම්පැනි එකට මේ පාර ටෙන්ඩර් එක නොගියපු නිසා, උන් නටන නැටිල්ලක් කියලා. ඒ ගැම්මෙන්ම 2009 ඉඳන් නැවු 462 ගැනම පරීක්ෂණ කරන්න පූර්ණ බලැති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් දැම්මා. දැන් ඉතින් ගල් අඟුරු කාපු හැමෝගේම ඉතිහාසය එලියට එයි
රුවන් නිරිඇල්ල ලියපු එක්ක ඔය උඩ තියන්නේ . දැන් චම්පික රණවක සහ පවිත්රගේ කාලේ ග්බල ගල් අඟුරු ගෙනල්ලත් කැඩුනනේ ඔය කියන ඒවා . කෝ ඒවාට ගත්ත වන්දි ? මේවා : July 2012 Boiler Tube Leak Accelerated by thermal stress from uneven combustion/slagging.
DeleteJan 2013 Design/Efficiency Trip Over-straining of the system due to poor thermal efficiency.
Dec 2013 Steam/Condenser Leak Linked to material corrosion issues and coal-processing heat spikes.
Jan 2014 Condenser Failure 26th shutdown; partly due to poor water/steam quality management during coal-led restarts.
Dec 2015 Triple Unit Failure Multiple technical failures including boiler issues and feeding system malfunctions.
.
එතකොට සියම්බලපිටියගේ කාලේ වෙච්චි පාඩුවට අය කර ගත්ත මුදල කෝ . අධිකරණ තීන්දුවෙන් පස්සේ . ඒකත් නැහැ නේද ? . දැන් මේ ආණ්ඩුවෙන් දඩ අය කරලා , හොයන්න් කෝප් කමිටුවට භාර දීල , විපක්ෂ මන්ත්‍රීවරු එක්කොම . මේ කෑ ගහන්නේ මොනවටද ? ඉතුරු ටිකත් එලියට එන නිසාද ප්‍රසිඩන්ෂල් කමිෂන් එකක් දැම්මට පස්සේ . ඈ - මෙන්න සියඹලාපිටිය කෙරුවාව : The 2016 coal scandal
DeleteHere is a breakdown of why it was so controversial and what happened in the courts:
1. The Procurement Violation
The scandal began when the Standing Cabinet Appointed Procurement Committee (SCAPC) bypassed standard competitive bidding guidelines. Investigations and court filings revealed that Swiss Singapore had secured the deal through what was described as "direct and illegal interference" in the evaluation process. Other bidders, such as Noble Resources, were disqualified on technicalities while the winning company’s irregularities were allegedly overlooked.
2. The Supreme Court's "Shocker" Ruling
In June 2016, the Supreme Court of Sri Lanka delivered a stinging judgment (Case: SC FR No. 394/2015). The then-Chief Justice K. Sripavan stated:
"The events which took place in the award of the coal tender to Swiss Singapore... shock the conscience of the Court."
Key Court Findings:
• The decision to award the tender was outside the jurisdiction of the procurement committee and therefore "null and void."
• The Cabinet of Ministers had been misled through inaccurate information provided by the Ministry.
• The Court declared that the government may terminate the contract.
3. The "May" Loopholes and Policy Defiance
Despite the court's harsh words, the Ministry of Power and Renewable Energy (then under Minister Ranjith Siyambalapitiya) did not immediately cancel the contract. They relied on a legal technicality: the Court used the word "may" (discretionary) rather than "must" (mandatory) regarding termination.
The Ministry argued that:
• Canceling the contract would lead to international arbitration.
• It could cause a coal shortage, leading to national blackouts.
• Swiss Singapore threatened to sue the government if the deal was revoked.
යකඩෝ... මෙච්චර දේවල්?
Deleteඅජිත් ධර්ම මහත්තයෝ- ඔයාට වෙලාව කොහෙන්ද මෙච්චර දේවල් කියවන්නයි- මතක තියා ගන්නයි- ඒවා උපුටමින් comment කරන්නයි...
@ Ano 4.58 AM
Deleteගණන් හිලව් බැලුවම ඔයා කියන කතාවේ ලොකු තර්කයක් තියෙනවා. විගණකාධිපති කියන බිලියන 2.2ක ක්ෂණිකව සිදුවී ඇති පාඩුව ගත්තාම මූලික විගණන වාර්තාවක සාමාන්‍යයෙන් ඇතුළත් වෙන්නේ පෙනෙන්නට තිබෙන සෘජු මූල්‍ය අලාභය (Direct Loss) විතරයි.
හැබැයි මේ වගේ සිදුවීමක "Total Impact" එක නැත්නම් සැබෑ පිරිවැය ඊට වඩා ගොඩක් වැඩියි.
ඔයා කියපු කරුණු ටික තවදුරටත් පැහැදිලි කළොත්
යන්ත්‍ර සූත්‍ර නඩත්තුවට බාල තෙල් නිසා එන්ජින් වලට වන හානිය සහ ඒවා අලුත්වැඩියා කරන්න යන විදේශ විනිමය ලොකු බරක්.
පරිසර හානියට අපිරිසිදු වායු විමෝචනය නිසා සෞඛ්‍යයට සහ පරිසරයට වන හානිය මුදලින් ගණනය කිරීම අපහසු වුණත් එය රටට දිගුකාලීන පාඩුවක්.
අතිරේක ඩීසල් පිරිවැයට මේ බාල ප්‍රමිතිය නිසා දහන කාර්යක්ෂමතාව අඩුවීමෙන් වැඩි ඩීසල් ප්‍රමාණයක් වැය වෙන එක පැහැදිලිවම පේනවා.
සැපයුම් දාමයේ ගැටලු ඩීසල් සීමා කිරීම (Quota) නිසා ප්‍රවාහන හා නිෂ්පාදන ක්ෂේත්‍ර අඩාල වීමෙන් දළ දේශීය නිෂ්පාදිතයට (GDP) ලැබෙන දායකත්වය අඩු වෙනවා.
ඔය සේරම එකතු කළාම එන "Opportunity Cost" එක සහ "Indirect Cost" එක බැලුවොත් ඔය බිලියන 2.2 කියන එක ඉතාම කුඩා අගයක් බව පැහැදිලියි.
මේ ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරියේදී සම්පූර්ණ පිරිවැය විශ්ලේෂණයක් (Comprehensive Cost Analysis) කරපු වාර්තාවක් ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්, නමුත් මේ ගල් අඟුරු හොරකම කරලා අතේ මාට්ටු වෙලා තියෙන ආණ්ඩුව ඕකට ඇඟිලි ගහලා මේ හොරකම වහන්න ඒක තව කල් ඉස්සරහට අදින්න ඉඩ තියෙනවා නේද?
@ නිදිගෙ පංච තන්තරේ
Delete😄🤣😅
නිමල් අංකල් කිණ්ඩිය දානවා දැකලා තියෙනව ඒත් මේ තරමටම චාටර් විදියට කිණ්ඩියක් නෙවෙයි පඩ විදියට කෙනෙක් නෝන්ඩි කරනවා දැක්කාමයි. 😅🤣
ඔහොමම නෝන්ඩි කරන්නත් එපා ඉතින් ඩෝබි වැඩේ කියන්නෙත් එච්චරම ලේසි කෙලියක් නෙවෙයි.
දවසක් වෙසක් තොරණක් දැකපු හජ්ජියාර් කෙනෙක් කිව්වලුනේ "හුහ් පුත්තාකමත් (බුද්ධාගමත්) ලේෂි කෙළියක් නෙවී යප්පා" කියලා. ඒ වගේ මේ ඩෝබිලාත් සියඹලාපිටියයි බරක් ඔබාමයි ලින්කනුයි හැනිබාලුයි ගල් අඟුරුයි තෙලුයි ජුලියස් සීසරුයි නයි බිත්තරයි රටේ නැති බහුබූත එකට කැටිකොට අගක් මුලක් නැති පල් හෑලි ලියනවා මොකෙක්ටවත් තේරෙන්නේ නෑ, අර ගම්වල මාල කඩලා මාට්ටු වෙච්ච හොරෙක්ට සබ්බුව දෙනකොට මරු විකල්ලෙන් කියවනවා වගේ ඔහේ කියවනවා හරි විනෝදයි. මේ පෝස්ට් එකට අදාලත් නැති මේ ගල් අඟුරු මගුලක් මේකට පටලවපු ඇනෝලා සෙට් එකටත් රම්බොඩ තෑංෂ් for the unlimited entertainment 😄😅🤣
අනේ Ano මහත්තයෝ, මං කිණ්ඩියක් දාලා කියලද ඔයාට හිතුණෙ? එහෙම දෙයක් මගේ නං හිතේ තිබ්බේ නෑ.
Deleteමේ දවස්වල එක එක්කෙනාගේ හිතේ තෙරපෙන හැඟීම් බොහොමයි කියලයි මං හිතන්නේ. ඒවා පිට දාන්නට- ප්‍රකාශ කරන්නට තැන් අඩුයිනේ. ඉතිං එයාලා මේ වගේ comment තීරු ඒ සඳහා තෝරා ගන්නවත් ඇති. (post එකට අදාළ නැති වුණත්).
මම හිතන්නේ ගල් අඟුරු ප්‍රශ්න වගේ දේවල්වලට වඩා ලංකාවට ඩොලර් ආදායම ගෙන දෙන ලංකාවේ ටෙක් සමාගම්, අයි ටී සමාගම් වලට මේ දවස්වල පවතින යම් ගැටලු ගැන මේ ක්ලිප් එකේ මේ ප්‍රසිද්ධ ටෙක් සමාගමක හිමිකරුවකු වන ප්‍රධාන IT වෘත්තිකයෙක් ඉතාම කෙටියෙන් කරන යෝජනාවක් (පහත ලින්ක් එක බලන්න)
Deletehttps://www.youtube.com/watch?v=vlE8eDEKSNQ
මම හිතන්නේ මේ යෝජනාව පිළිබඳව රජයේ අවධානය යොමුකරන්න ඕනේ, මේ ක්ලිප් එක විනාඩි හතරක විතර එකක් මම දැක්කේ වෙන බ්ලොග් එකක කමෙන්ට් කරලා තිබ්බා. පේන හැටියට නම් මේ කතාව ඇත්ත නේද?
ලෝකෙ වෙන දේවල් ගැන සබුද්ධිකව ඉන්ට එක හොඳයි. ඒත් දත කාගෙන ඕව දිහා ඇහැ ගහන් ඉන්ට අමාරුයි. මොකද වැඩි වැඩිය ඕවාට අවධානය දෙනකොට වෙන්නෙ තමන්ගේ හිතේ නිදහස නැති වෙන එක විතරයි. සහ වටමේස සාකච්චාවල, බොන තැනක අපි වලි. යුද්ධ වෙන කොහෙවත්, නතරකරන්න විදිහක් හෝ දසමයක වෙනසකට දායක වෙන්න විදිහක්වත් නැ. ඒ අස්සෙ අපෙ අය ඇවිලෙනව!
ReplyDeleteඕකට හොඳ කතාවක් මතක් වුනා.
රටේ යුද්ධයක් පටන්ගත්ත අස්සෙ තකහනියේ කොන්ෆියුස්තුමා ගාවට ආපු එක ගෝලයෙක් ඉල්ලා හිටිය යුද්දෙ නතරකරන්න මැදිහත් වෙන්න කියල. එතුමා ගෝලයට කිව්වා... මම කරන්නෙ මෙච්චරයි 'දෙවියන්ට යාඥා කරල ඉවරවෙලා නගරේ කෙලවරේම තියෙන දුප්පත් ගෙදරට යනව උදව් කරන්න'
ඔබතුමා ඉතිං තාපස නිකායේ නෙව නමී මහත්තයෝ...
Deleteඔය ලංකාවේ ගල් අඟුරු කේස් එක ගැන කට්ටිය කමෙන්ට් දාපු නිසා අහන්නේ ඇත්තටම මේ නිව්ස් එක බලන්න
ReplyDelete//බාල ගල් අඟුරු මහා වංචාව: ඇමති සහ ලේකම් ඉල්ලා අස්වෙයි; විරෝධතා මැද ජනපති සහ ටිල්වින් නිහඬයි!
විශේෂ පුවත් වාර්තාකරු විසිනි,
කොළඹ: ශ්‍රී ලංකාව
මෑත ඉතිහාසයේ ලංකාව මුහුණ දුන් බරපතලම මූල්‍ය දූෂණය ලෙස සැලකෙන 'බාල ගල් අඟුරු වංචාව' හේතුවෙන් රටේ දේශපාලන කරළිය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තා සහ කෝප් (COPE) කමිටු විමර්ශන මගින් මෙම මහා පරිමාණ වංචාව තහවුරු වී ඇති පසුබිමක, විෂයභාර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.
වංචාවේ තරම සහ විගණන අනාවරණය
විගණන වාර්තාවලට අනුව, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් 9ක් මෙරටට ගෙන්වීම නිසා රජයට සිදුව ඇති ඍජු පාඩුව පමණක් රුපියල් බිලියන 20කට අධික බව කියැවේ. මෙහි වක්‍ර ලෙස සිදුවූ පාඩුව තවත් බිලියන සිය ගණනක් විය හැකි බව බලශක්ති ක්ෂේත්රයේ විශේෂඥයෝ පවසති.
වෙළඳපොළේ අඩු මිලට පවතින ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු, වැඩි මිලට මිලදී ගෙන ඇති බවට සාක්ෂි ඉදිරිපත්ව ඇතත්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙමින් පවතින බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකු පෙන්වා දෙයි.
ජනපතිට සහ ටිල්වින්ට එල්ල වන චෝදනා
මෙම වංචාව පිටුපස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා යන මහත්වරුන්ගේ ඍජු සම්බන්ධතාවයක් පවතින බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කරයි. ඇමතිවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්වූවද, මෙම මහා හොරකමේ මහමොළකරුවන් ලෙස හඳුන්වන ඉහළ දේශපාලන බලධාරීන්ට එරෙහිව මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති වීම ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව ඇත.
ජාත්‍යන්තරයේ සහ සිවිල් සමාජයේ විරෝධය
මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ද ශ්‍රී ලංකාවේ දූෂණ මර්ධන ක්‍රියාවලිය පිළිබඳ සිය දැඩි අවධානය යොමු කර තිබේ. දූෂණයට එරෙහිව පියවර නොගැනීම අනාගත ණය වාරික සඳහා බලපෑමක් විය හැකි බවට ඉඟි පළවී ඇත. මීට අමතරව, දේශීය සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව ‘හොරු ඇල්ලීමේ’ පොරොන්දුව කඩ කරමින් සිටින බවයි.
අවිනිශ්චිත අනාගතයක්
රටේ බලශක්ති ක්ෂේත්රය අර්බුදයකට යවමින්, මහජන මුදල් කොල්ලකෑ මෙම වංචාවට සම්බන්ධ සැබෑ අපරාධකරුවන්ට දඬුවම් දීමට ආණ්ඩුව පියවර ගන්නේද, නැතහොත් ඉල්ලා අස්වීම් හරහා වංචාව යට ගැසීමට උත්සාහ කරන්නේද යන්න පිළිබඳව රටම බලා සිටී.//
මෙම පුවත් වාර්තාවේ ආර්ථික බලපෑම හෝ නීතිමය තත්ත්වය පිළිබඳව තවදුරටත් විස්තර ඇතුළත් බීබීසී සංදේශය බීබීසී සිංහල පුවත් මෙතනින් කියවන්න
https://www.bbc.com/sinhala/articles/c0kr26j5mmko.lite
මේක ගැන ඇත්ත කතාව මොකක්ද කියල විස්තර සහිතව කියන්න පුළුවන්ද?
Ano, කස පුපුරනවා විතරයිනේ තවම... බලමු පෙරහරේ හැටි..
Delete@ Annonymous April 17, 8.27AM
Deleteමේ පල් හොර තක්කඩි සක්කිලි ජෙප්පො ස්වාධීන පරීක්ෂණ පවත්වයි කියලා හිතෙනවා නම් දැන්ම ගිහින් මානසික වෛද්‍යවරයකු හමුවෙන්න .
මතකද රංවල හොර ආචාරියා බීමතින් රිය පදවා අනතුරක් සිදුකල අවස්ථාව ?
ගංජා පැල තිබූ මන්ත්‍රී අත් අඩංගුවට ගැනීමට කටයුතු කල පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ?
රතු ලේබල සහිත සැකකටයුතු කන්ටේනර් 323 වරායෙන් හොරෙන් පිටමං කල සිද්ධිය?
ලපයගේ මස්සිනා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමේ සිද්ධියට බන්ධනාගාර කොමසාරිස් තුශාර උපුල්දෙනියගේ වැඩ තහනම් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීම?
මේ කැ(කි)රි ජෙප්පන්ගේ ස්වාධීන පරීක්ෂණ කිහිපයක ප්‍රථිපල පමණයි.
ඩෝබියෝ ඇහැරෙන්න කාලය ඇවිත් තියෙන්නේ 😂😂
@ Ranuka
Deleteලක් ඉතිහාසයේ විශාලම වංචාව වන ගල් අඟුරු වංචාවට කැබිනට් ඇමතියි අපේ හිතවත් මහාචාර්ය උදයංග ලේකම්තුමයි බිලි උනාට මුල ඉදන්ම ගල් අඟුරු හෝදපු මේ වංචාව පිටිපස්සේ ඉන්න තවත් මහමොළකරුවෙක් තමා මේ කුමාර ජයකොඩිගේ දෙවෙනියා වෙච්ච බලශක්ති නියෝජ්‍ය ඇමති අක්රම් ඉල්ලෙයාස්. දැන් බලශක්ති ඇමතිකම අරගෙන කැබිනට් මණ්ඩලේට රිංගන්න ලොකු උත්සාහයක් ගන්නවා කියලා ආරංචී... වංචාව නවත්තපු තැනින් පටංගන්න කියාපු බඩුව. මූට මේකට රිංගලා දිගටම හොරකම් කරන්න ඉඩ දෙන්න එපා, ඒකට විරුද්ධව අපි දිගටම අරගල කරන්න ඕනේ.
ඔය ලංකාවේ බලශක්ති අමාත්‍යාංශයේ කෝල් ගෙන්වීම සම්බන්ධව සිදු වෙලා තිබුන බව කියන දූෂණය ගැන ඔය සම හරක් මාලිමාවේ ප්රචාරක අංශයේ අයගෙන් උපුටාගෙන උඩ කොපි පේස්ට් කරලා තියෙන ගොඩක් කරුණු පදනම් විරහිත බොරු ව්‍යාජ කතා. ඇත්තටම එතන වංචාවක් සිදුකර තිබෙන බව විගණන අංශ අනාවරණය කරගෙන තිබෙනවා.
ReplyDeleteමේ බීබීසී නිව්ස් එක බලන්න
https://www.bbc.com/sinhala/articles/c98m62q00ejo.lite
මේක වැරදි නම් බීබීසී එකට විරුද්ධව නඩු දාන්න බ්‍රිතාන්‍යය නීතිය අනුව