අකුරු මැකී නෑ

Saturday, May 23, 2026

යකිනිට ඇන්දා- හයවෙනි කොටස

“ඇයි මනුස්සයෝ මාව මහන්සි නොකර මේ ලැයිස්තුව කලින් මට නොදුන්නේ?”

“නිමල් මල්ලී අනිත් හැමෝටම වගේ මටත් ගෝරි දානවද කියලා බලන්න හිතුණා!” කළු අක්කා කීවේ එතකොටයි...

අපට ඕනි අපි එකතු වෙලා කරන අපේ මේ වැඩේ...

“ඔයාගෙන් වුණත් කළු අක්කේ වැරැද්දක් කියලා තේරෙන දෙයක් සිද්ද වුණොත් නං මං ඒකට ගෝරියක් දායි. හැබැයි, ඔයා දැකලා තියෙනවද මං නිකරුණේ ගෝරි දානවා?”

“මම නං දැකලා නෑ තමයි...ඒත් ඇයි මේ හැමෝම වගෙ කියන්නේ නිමල් අයියා හරි සැරයි, එයා එක්ක වැඩ කරන්න ලේසි නෑ- කියලා...”

“ඒ කියන එක්කෙනෙක්වත් ඒවා මගේ මූණටම කියන්නේ නැහැනෙ, කළු අක්කේ. පුළුවනි නං, එහෙම කියන ඕනිම කෙනෙක්ගෙන් අහල බලන්නකො මම නිකරුණේ; අසාධාරණ විදිහට ගෝරි දාපු වෙලාවක් ගැන...
ඇත්ත! මගෙත් එක්ක වැඩක් කරනවා නං ඒක වෙලාවට කෙරෙන්න ඕනි- පුළුවන් තරං ලකයක් ඇතිව, හරියට කෙරෙන්න ඕනි; සැලකිල්ලෙන්. හොර වැඩ එහෙමත් බෑ... එතකොට තමයි මගෙ යකා ඇවිස්සෙන්නේ...”

“එතකොටද නිමල් මල්ලී බනින්නේ?”

“කළු අක්කේ, මම නං ඔය බනිනවා කියන වචනෙටත් විරුද්ධයි. මම කරන්නේ තදින්ම දොස් පවරන එකයි. අඩුම තරමින් එහෙම වෙලාවකදී වුණත්, මම කෙනෙකුට ‘උඹ’ කියලවත් කියන්නැති විත්තිය ඔයා දන්නවද? හැබැයි මම කියන්න ඕනි දේ කෙලින්ම- මූණටම කියනවා.”

“කොහෙන්ද අප්පේ ඔයා මේ වයසෙදිම ඔය තරං දේවල් කරන්න ඉගෙන ගත්තේ?” කියලා අහමින් තමයි, එතකොට එයා අපේ කතාවේ පීල්ල මාරු කෙරුවේ. “ඔයා මොකද හිතන්නේ... මම ආරාධනා කරන්න යන අයගේ list එක හොඳයිද?”
ඒ ලැයිස්තුවේ උඩින්ම තිබ්බේ 1977 මහ මැතිවරණයෙදී UNPයෙන් මහරගමට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමරත්න ගුණසේකර මහතාගේ නමයි.

“ලැයිස්තුව දැක්ක ගමන්ම ඔයාට හිනා ගියේ මොකෝ? ගුණසේකර මහත්තයව පිළිගනිද්දී පොල්කටු මාලයක් දානවයි කියල ඔයා කියපු කතාවට බාල්දි සිරා කුලප්පු වෙච්ච හැටි මතක් වුණාද?”
“ඒකත් එකක්... සෝමවීරගේ- වී.ජී.
පියදාස අයියගේ lists දෙකෙත් උඩින්ම මේ නම තියෙයි කියලා මට කල්පනා වුණා. පියදාස අයියට තමයි ඉඩ දෙන්න වෙන්නේ මන්ත්‍රීතුමාට ආරාධනා කරන්න. එහෙම ආරාධනා කරන්න යනකොට සෝමවීරටයි- කළු අක්කටයි දෙන්නටත් යතහැකිනෙ- ඔන්නං!” මම කීවෙමි.

“ඇයි කළු අක්කේ මූණ නොරොක් කර ගත්තේ. අපට ඕනි අපි එකතු වෙලා කරන අපේ මේ වැඩේ සාර්ථක කර ගන්නනෙ...
ගුණසේකර මහත්තය කාට බැහැයි කිව්වත් පියදාස අයියට බැහැයි කියන්නෑනේ. ඒ ක්‍රමේට හිතල තමයි මම ඒ ඒ අයට ආරාධනා කෙරිල්ල එක එක්කෙනාට බාර දෙන්න යන්නේ. ඒ හින්දමයි මම ඔයාලට කිව්වේ ඔයාලගේ lists ඉස්සෙල්ලම මට ගෙනත් පෙන්නන්නෙයි කියලා.”

එතැනදි තමයි තේරෙන්නේ කතාවක් ලියන එක සහ ඒක enact කරන එක අතර තියෙන වෙනස. කතාවක් ඇතුළේ අපි හදාගන්න ලෝකය infinite. ඒත් stage එක මත...

එදා අපේ කට්ටියේ අයට එහෙම කියන්නට මට පුළුවන්කම තිබිණි. ඒත් අද... ‘නිදිගෙ පංච තන්තරේ’ කියවා comment කරන ආදරණීය සහෘද රසිකයනට ඔවුනගේ කමෙන්ටු මට කලින්ම පෙන්වන්නට කියා කීමට බැරිය. ඔවුන් comment කරන්නෙත් පෝස්ටුවේ ලියැවී ඇති කරුණු අනුපිළිවෙලට නොවේ; තම-තමනට වැදගත් යැයි සිතෙන කරුණු ගැන- තමන්ගේ පිළිවෙලටය.

පසුගිය කොටස ලියද්දී- ලුහුඬින් ලියුවාම ඇති යැයි මා හිතා උන් කාරණා කිහිපයක් ගැනම හිතාදර රසිකයන් විස්තර විමසා; පවසා තිබිණි. එබැවින් ඒවායෙන් මතුවූ සමහර කරුණු ගැනවත් මට අද කතා කරන්නට සිදු වෙයි.

මේ Anonymous රසිකයෙකු ‘නිදිගෙ කෝණයෙන් බලමින් මුල් කොටස ලියා තිබුණු’ comment එකයි.

Anonymous May 17, 2026 at 9:03AM

අපි ‘පද මානවක ජාතකයෙන්’ නාට්‍යයක් හදන්න හිතුවත්, ඒක stage එකට ගේන්න යද්දි මුහුණ දුන්න ලොකුම ගැටළුවක් වුණේ නළු නිළියන් හිඟය. තිබුණේ interest එකක් තියෙන හදවත් කිහිපයක් විතරයි. ඒ නිසා නාට්‍ය පිටපත ලියන්න ගත්තත්, මට නිදහසේ හිතේ එන හැම character එකක්ම ලියන්න බැරි වුණා. ලියන වෙලාවටම cast එකත් හිතේ තියාගෙන ලියන්න වෙලා ගියා.

ඒ කියන්නේ, කතාව ගොඩනගන්නේ imagination එකෙන් විතරක් නෙවෙයි availability එකෙන්.

එක එක චරිතයට කොහොම කවුරු fit වෙයිද කියලා හිතාගෙනම scene ගන්න, dialogues දාන්න, character ටික shape කරන්න සිද්ද වුණා. ඒක එක විදිහකට writing process එකකට වඩා puzzle එකක් වගේ.

ඒ අතරේ ලොකුම හිස් තැනක් තිබුණා රජ වාසලේ සේවය කරන පුද්ගලයෙකුගේ චරිතය.

character එක කතාවට වැදගත්. බලන කෙනාට වටපිටාවට depth එකක් දෙන, රාජ සභාවේ atmosphere එක හදන, සෘජුවම major character එකක් නොවුණත් කතාව පූර්ණ කරපු role එකක්.
ඒත් එහෙම චරිතයකට ගැළපෙන නළුවෙක් අප අතර හිටියෙ නෑ.

එතැනදි තමයි තේරෙන්නේ කතාවක් ලියන එක සහ ඒක enact කරන එක අතර තියෙන වෙනස. කතාවක් ඇතුළේ අපි හදාගන්න ලෝකය infinite. ඒත් stage එක මත ඒක සීමිතයි. කෙනෙක් නැත්නම්, ඒ චරිතය ඇත්තටම “නැති” වෙනවා.

ඒ නිසා අන්තිමේදි කරන්න වෙන්නේ එකක්.
චරිතය වෙනස් කරනවද
?
නැත්නම් කතාවම වෙනස් කරනවද
?

නාට්‍යයක් කියන්නේ paper එකක ලියන එකකට වඩා වැඩි දෙයක් කියලා ඒ වෙලාවේ හොඳටම තේරුණා.’

ඒ පාඩම හා ඒ සමඟ තිබුණු චිත්‍රය...

‘පද මානවක’ කතාව තාත්වික නාට්‍යයකට නඟද්දී වේදිකාවට ගෙනෙන්න අසීරු තැන් කිහිපයක් මං වහන්සේට පෙනුණා.

1. බමුණු තාත්තයි, පුතයි දෙන්නා යක්ෂණියව දාලා ගඟෙන් එතෙර වීම
2. රජතුමායි, පුරෝහිතයි දෙන්නා රාජ භාණ්ඩාගාරයේ වස්තුව හොරකම් කරගෙන වටයක් ගහලා ගිහින්, ඒවා මඟුල් පොකුණේ හංගන හැටි
3. හොරු කව්ද කියලා දැනගන්නට ලොකු සෙනඟක් ඇවිත් රජ මැඳුර වටේ රැස් කකා හිඳීම
4. රජුයි, පුරෝහිතයි දෙන්නට කැට-මුගුරුවලින් පහර දීලා පන්නා දැමීම- වගේ තැනුයි ඒ.

ඒ ගැටලුව ළිහා ගන්න හොඳම විදිහක් කල්පනා කරනකොට මට මතක් වුණේ ‘සිංහල පෙළ පොත’ක තිබුණු පාඩමක්.
මේ බ්ලොගය කියවන ඔයාලා දන්නවනේ මගේ හැටි. යමක් ලියනකොට පුළුවන් උපරිමයෙන්ම ඒ ගැන තොරතුරු හොයල බලනවා; විස්තරවල ඇත්ත නැත්ත තහවුරු කරගෙන ඉන්නවා.

1979 ඉඳල දැන් අවුරුදු හතලිහකටත් වැඩිය කාලයක් ගිහිං. එදා වගේ නෙවෙයිනෙ, දැන්. ඈත අතීත සිද්දියක් ලියන්නයි යන්නේ. ඉතිං... කාගෙන්ද විස්තර අහගන්නේ?
එක වංගියේම මට මතක් වුණේ ‘පැරණි පොත්- පත්තර- සඟරා කන්දරාවක හිමිකාර’ දිල්හාන් ප්‍රගීත්ව. එයා තමයි fb එකේ
‘සොඳුරු ඉසිඹුව’ සමූහයේ admin.
ඉතිං 2026 මැයි 19 වෙනිදා හවස පහයි දාහතරට මං දිල්හාන්ට මැසේජ් එකක් යැව්වා.

‘දිල්හාන් මහත්තයෝ- මම ‘නිදිගෙ පංච තන්තරේ’ට ලියන බ්ලොග් ලිපියක සඳහන් කරන්න යනවා ‘සිංහල පෙළ පොත’ක තිබුණු පාඩමක්. පාඩමේ නම නං මට මතක නැහැ. අන්තර්ගතය මතකයි. අන්ධ මහලු සීයා කෙනෙක් මුනුබුරාව ගහකට නග්ගවා ඈතින් පෙනෙන යුද්ධයක වගතුග අසා ගන්නවා. (මගේ මතකය හරි නම්- ඒ කොටස උපුටාගෙන තිබ්බේ W.A. සිල්වා ශූරීන්ගේ ‘විජයබා කොල්ලය’ පොතෙන්.) ඒ පාඩම හා ඒ සමඟ තිබුණු චිත්‍රය නොපමාවම සොයා දිය හැකිද? ලොකු උදව්වක්.

ස්තුතියි!’

පණිවුඩය යවා පැය හතරක් යන්නත් කලින් ‘බඩු’ ලැබිණි. බඩු කිව්වේ කුඩුවලට නොවේ. ‘සීයයි මුනුබුරයි’ පාඩම ඇතුළත් 24-31 පිටු අටේ ඡායාරූපවලටය.
ගොඩාරියක් ස්තුතියි දිල්හාන් ප්‍රගීත් මහත්තයෝ!

මගේ මතකය නිවැරදිය!
1968-70 විතර දවසක අමාරුවෙන් ‘විජයබා කොල්ලය’ හොයාගෙන කියෙව්වේ, පෙළ පොතෙන් මේ පාඩම දැක්කාට පස්සෙය.
(අපේ පන්තිවල කෙල්ලන් හා කොල්ලන් එකතුවී- මායා රංජන්ගේ ‘දිගා මඬුල්ලේ ආශ්චර්යය’, සෝමපාල රණතුංගයන්ගේ ‘ඇස් දෙක’, ඊ.ආර්. එරත්නයන්ගේ ‘රොමාගෙ වාසනාව’, ඒ.පී. ගුණරත්නයන්ගේ ‘බැද්දේගම’, ‘ගලිවරගේ චාරිකාව’ වැනි පොත් රාශියක්ම දඩයමේ ගියෙත් මෙවන් සිංහල පාඩම් නිසාය. ඒ පෙළ පොත් සැකසූ බහුශ්‍රැත; කුශාග්‍ර බුද්ධිමත් භවතුන්ට ගොඩාරියක් පිං අත්වේවා!)

නාට්‍යයකදී වුණත් ගෑනිට බයේ ඉන්න මිනිහෙක් වෙන්න මං කැමති නෑ. ඊට පස්සේ කලිසමක් ඇඳන් පාරේ යන්නයැ?

ඉතිං, ඔවුන් ‘විජයබා කොල්ලය’ කෘතියෙන් උපුටාගෙන තිබුණු කොටසේ දෙතැනකින් ගත් චුට්ටක් බැගින් කියවල ඉඳිමුද?   

1... ‘රණ ගොස දියුණු තියුණු ව ඇසෙන්නට වන් කල, අන්ධ වෘද්ධයා ද මුර ගාන්නට විය. “අනේ කොල්ලෝ, මා වෙව්ලන හැටි බලව, මගේ අත මිට මෙළැවෙන හැටි බලව. මොකවත් කරගන්නට හැටියක් නැති ව අනේ, මං මොනවා කරංඩ ද? දැන් ඉතින් මට පුළුවන් දෙයියංඩ කියන එක විතරයි. දෙයියනේ, දෙයියනේ, මේ පරංගියාට නම් හොඳක් සිද්ද කරන්න එපා” කියමින් මහල්ලා කෑ ගාන්නට විය...

2... “කවුද බොල ඒ තරුණ මුදලි තුමා?”
“මොන මුදලි තුමාද?”
“මගේ ඇස් දෙක විතරයි පොට්ට. මේකා ගේ කන් දෙකත් පොට්ට නොවැයි” කියමින් මහල්ලා මුනුබුරාට නින්දා කොට, “අර සක් පිඹින්නා වාගේ සංවිධානය කරන තරුණ සෙනෙවි කට හඬ තට ඇසෙන්නේ නැද්ද”යි යළිත් ඇසුවේ ය...’

නිමල් දිසානායක එදා ‘පද මානවක නාට්‍යය’ලියද්දී කෙරුවේ කතා සක්විති W.A. සිල්වා ශූරීන් විජයබා කොල්ලයේ උක්ත කොටස ලිවීමේදී භාවිතයට ගත් ශිල්පෝපක්‍රමය අනුගමනය කිරීමයි.

එහිදී මා මවා ගත් චරිතද්වය වුණේ බරණැස් නුවර රජ වාසලේ සේවකයා හා ඔහුගේ බිරියයි. සේවකයා නමට පමණක් ගෘහ මූලිකයා වූවෙකි. බිරිය කටහැකර; ආධිපත්‍යධාරී; විමසිලිවන්ත එකියකි.
රජ වාසලේ සියලු කටයුතු ගැන ඇය හාරා අවුස්සන්නීය; විමසන්නීය. එවිට රජ මැඳුරේ අතිශය රහස්‍ය තොරතුරු පවා නොසඟවා ඇයට හෙළි කරන්නට ඒ අසරණ සැමියාට සිද්ද වෙයි! 

නාට්‍යය එහෙම ලියැවී තිබ්බම සරත් රංචාගොඩයි සෝමවීර මල්ලිකාරච්චියි දෙන්නම ගොඩක් සතුටු වුණා. එතකොට අපේ කට්ටියේ උන්නු නාට්‍ය ගැන තරමක හරි දැනුමක් තුබුණු දෙන්නනේ ඒ!
“දැන් නං නියමෙට තියෙනවා රංජි මල්ලී... කවුද හිතුවේ ඔයා මේ රාජ සේවකයෙකුයි, මිනිහගෙ පවුලවයි දෙන්නෙක්වත් කතාවට ඈඳා ගනියි කියලා.” සරත් කිව්වා. “...උන් දෙන්නගෙ හැල-හැප්පිලි මාරයි!”

“අඩේ, ඒක නං ඇත්ත සරත්! ජොසී මනප්පු කැලේ මචං මුන් දෙන්නත් එක්ක බලද්දී.” එහෙම කිව්වේ සෝමවීර. “...මං කිව්වට බලපං මචං, නාට්‍යය ඉවර වෙලා අපි එකා එකා ස්ටේජ් එකට එනකොට වැඩියම හුරේ වැටෙන්නේ රජ වාසලේ සේවකයාටයි. බලපං බොරුද කියල...”

එතකොට සරත් සෝමෙට නොපෙනෙන්න ඇහැක් ගහලයි මෙහෙම කිව්වේ. “උඹ දන්නවද මචං- රංජි මල්ලී හිතාගෙන ඉන්නේ ඔය සේවකයාගේ චරිතය උඹට දෙන්නලු...”
“මේ මට? අපො අපෝ මට නං බෑ... නාට්‍යයකදී වුණත් ගෑනිට බයේ ඉන්න මිනිහෙක් වෙන්න මං කැමති නෑ. ඊට පස්සේ කලිසමක් ඇඳන් පාරේ යන්නයැ.”

නළුවරණයෙදී, රජ වාසලේ සේවකයා ලෙස අපේ අනිල් මල්ලීවය තෝරා ගැනුණේ... (ඊට කලකට පසු; 2011දී අනිල් මල්ලී බිරිය ගංගා, සචිනි දූ හා ප්‍රමෝද්‍ය- අකලංක දෙපුතුන් සමඟ)

“අනේ මොට්ටයා. රංජි මල්ලී මට ඔය චරිතේ දෙනවා නං මම ඒක බාරගන්නේ පැනලා... ඒ චරිත දෙක ඒ තරං හොඳට ලියැවිලා තියෙනව සෝමේ!”

“දිසානායක, එහෙනං ඔය රජ වාසල සේවකයගේ චරිතේ මෙන්න මේ සරතයාට දෙමුකෝ මචං.”

“යෝජනාවට බොහොම ස්තුතියි සෝමවීර. හැබැයි රජෝ බල්ලගෙ වැඩේ බූරුවා කරන්න යනවට මම නං කැමති නෑ. මං හොඳට දන්නවා මගෙන් කෙරෙන්න ඕනි දේ.” මං එක සැරෙන්ම සෝමවීරව නිහඬ කෙරෙව්වේ එහෙමය. “...අනෙක මේ බමුණාගේ චරිතයට හොඳටම ගැළපෙන්නේ සරත්...!”
“ඔව් ඔව් මූ ඉතිං කොහොමත් බමුණා වගෙනෙ.” සෝමේ කීවේ සරත්ව තරහ ගන්වන ඔලොක්කු ස්වරයකිනි.

“අනෙඃ, නිකං හිටපං ගොරකයා!” සරත්ගේත් ඇස්දෙක රතු වෙලාය.
“මේ මේ... විහිලු වෙනයි- අපහාස වෙනයි. මම මේ කියන්නේ දෙන්නටම. හරිද? එකම නාට්‍යයේ රඟපාන අය තරහ වුණාම හැමෝටම කරදරයි... කෝන්තර පිරිමහන්න ගියොත් හෙම ඊට හපන්... සෝමවීරට මතකයිනෙ අපේ විධුර එකේදි තරහෙන් හිටපු පූර්ණක යකා විධුර පණ්ඩිතයන්ව ඇත්තටම
කරකවලා පොළොවේ ගහපු හැටි.”

“හරි හරි, අපිට සමා වෙන්නකෝ... දැන් මේ නාට්‍යයේ මට දෙන චරිතේ මොකක්ද දිසානායක මහත්මයා?”
“මගේ කටෙන් වචනයක් පැනලා වෙච්ච දේ දැක්කනෙ මල්ලිකාරච්චි මහත්මයා. ඒ හින්දා ඔයාලට මේ සෙනසුරාදා වෙනකල් ඉවසන්න වෙනවා. නාට්‍යයේ චරිතවලට ගැළපෙන අයව තෝරන්නේ එදාටයි. ඊට කලින් මේ පිටපතෙන් copies දෙක-තුනක් ලියවගෙන ඉන්නත් වෙනවා...”
“ඒ job එක මම කරල දෙන්නං. අතින් ලියල නෙවෙයි- ටයිප් කරලම දෙන්නං. Try කරන්නං කොළ හතරක් දාලා... හැබැයි, තුන තමයි ගාණ... බලමු, අලුත් කාබන් කොළම දාලා...”

‘ඇත්තමයි නිමල් මල්ලී. අපි සෝමවීරට සලකනවා මදි!” එහෙම කියූ සරත් සෝමවීරගෙ පිටට තට්ටුවක් දැම්මේය. “...සොරි මචං!”

එහෙම ගෝරි-බෝරි, වාද-විවාද, සතුටු-සමාදාන, මත ඝට්ටන මැද්දේය ‘පද මානවක’ ඉස්සරහට ඇදුණේ. කෙසේ වෙතත් නළුවරණයෙදී, රජ වාසලේ සේවකයා ලෙස අපේ අනිල් මල්ලීවය තෝරා ගැනුණේ. අසෝක පියසිරිට බරණැස් නුවර රජුගේ කොටසත්, සෝමවීරට පුරෝහිත කොටසත් පැවරිණි.

එයින් පසු කෙරුණු නාට්‍යයේ පුහුණුවීම් හා ඇඳුම්-පැළඳුම් සූදානම් කිරීම් වැනි දේවල් එකක්වත් මගේ මතකයේ අහලගම් හතක නැත. එයින් පෙනෙන්නේ ඒවා සියල්ලම නූලට-රූලට සිද්ද වෙන්නට ඇති බවයි. හරි ගිය දේවල් අපට ඉක්මනින්ම අමතක වෙතත්- වැරැදීම්, ඇබැද්දි ආදිය නම් කාලාන්තරයක් ගියත් අපේ මතකයෙන් මැකෙන්නේ නැත!

මේ ඒවායින් එකකි!!

නාට්‍යය පෙන්නන වෙලාවට stage එකට රිංගලා- පැති තිර අස්සෙන් එබි-එබී ඕඩියන්ස් එකට මූණ පෙන්නන අයගෙන් තිබ්බ වදයක්!

“සුනිල්, ඉස්සර අපි පෙන්නපු නාට්‍යවලදී වගේ නෙවෙයි. මේ සැරේ ස්ටේජ් එක ඉස්සරහින් පුටු සීයක්- හමාරක් දානවනෙ. එව්වගෙ වාඩි වෙන්න ඉන්විටේෂන්වලට එන අයට අමතරව tickets අරගෙන එන කට්ටියත් ඉඳියි. ඔයයි මේ හතර දෙනයි එකතු වෙලා ආරාධිත අමුත්තන්ව ඉස්සරහම පේළි තුනේ වාඩි කරවන්න ඕනි. පිටිපස්සෙන් තියෙන පුටු පේළි හතර ටිකට් අරං නාට්‍යය බලන අයට.

පැහැදිලියිනෙ?
ඉන්වයිට් කරලා කාඩ්ස් දෙනකොට එයාල ඔක්කොටම කියලයි තියෙන්නේ -නාට්‍යය බලන්න එනකොට ඒවා අරගෙන එන්න කියලා. කාඩ් එක ගෙනාවේ නැති අය හිටියොත් ඇතුළට ගන්න එපා. මොන දෙයියන්නාන්සේ වුණත් කමක් නෑ... සුනිල්, මෙතන වෙන ඕනිම ප්‍රශ්නයක් ඔයා බලාගන්න ඕනි. මේ හතර දෙනා ඔයා කියන විදිහටයි වැඩ කරන්නේ... හරිද?”

“හරි! ප්‍රශ්නයක් ආවොත් මම ටක් ගාලා ඇවිත් අයියගෙන් අහන්නංකො කරන්න ඕනි දේ.”
“මේ සැරේ නං එහෙම කරන්න වෙන්නෑ රජෝ... නාට්‍යය පටන් ගන්න කලින් පැවිලියන් එකට එන්න තියෙන එකම දොර වහලා ලොක් කරනවා. ආයෙ දොර අරින්නේ ෂෝ එක ඉවර වුණාම තමයි, සුනිල්.”
“ඒ මොකද අයියේ ඒ? වෙනදට එහෙම කරනවයැ?”

“මේකයිනේ සුනිල්, ඉස්සර අපි නාට්‍ය කරද්දී අපේ තාත්තා ස්ටේජ් එකේ හිටියා. තාත්තා නැතිව නාට්‍යයක් කරන පළමුවෙනි සැරේනෙ මේ... තාත්තා ඉඳිද්දී වුණත්, නාට්‍යය පෙන්නන වෙලාවට stage එකට රිංගලා- පැති තිර අස්සෙන් එබි-එබී ඕඩියන්ස් එකට මූණ පෙන්නන අයගෙන් තිබ්බ වදයක්! ඒ මදිවට එයාලා තව ප්‍රශ්නත් හදනවනෙ...
මමත් නාට්‍යයේ රඟපාන හින්දා- ඒ අතරේ තිරයෙන් පිටිපස්සේ මොකුත් ප්‍රශ්නයක් නොවෙන්නයි අරහෙම අමුත්තන්ට ඇතුල් වෙන්න නොදෙන්නේ.”

නාට්‍යය පෙන්වන දවසේ හවසත් ඒ ඒ වගකීම් පැවරී තිබුණු කණ්ඩායම් සියල්ලම එක තැනකට කැඳවා ආයෙත් උපදෙස් දෙන්නටත් අමතක නොකළෙමි.
“...දැන් පැහැදිලියි නේද ඔයාලට කරන්න තියෙන රාජකාරි. තම-තමන්ට බාරදීලා තියෙන දේ උපරිමයෙන්ම හොඳට කරන්න. අනිත් අය කරන වැඩවලට ඇඟිලි නොගහා ඉන්න එකත් කෙරෙන්නම ඕනි. එහෙම ඉඳල- ඒ කවුරු හරි ඉල්ලුවොත් විතරක් යමක් කරල දෙන්න... ශක්‍ර දෙය්යෝ ආවත් ඔයාලට කියල තියෙන විදිහෙන් පිට පනින්න එපා... හොඳද? අද ඔයාලා මෙතනට ලොක්කො වෙලා තම-තමන්ගේ වගකීම් හරියට ඉෂ්ට කරන දවස...
අවශ්‍ය වුණෝතින්, පොඩ්ඩක්වත් බය නැතුව ඕනිම කෙනෙකුට කියන්න -නිමල් දිසානායක තමයි මෙහෙම කරන්න කිව්වේ- කියලත්.

-අද හවස අපි සේරමලා එකතු වෙලා කරන්න යන්නේ ලොකු යුද්දයක්. එක්කෙනෙක් අතින් සිද්ද වෙන එක පොඩි වැරැද්දක් ඇති ලොකු ජංජාලයක් වෙන්න... ඒ නිසා...

ඉතිරි චුට්ට ඊළඟ කොටසෙන්...

42 comments:

  1. හොඳ පෝස්ට් එකක් නිදි ඇත්තටම නාට්‍ය නිර්මාණ කරන ආකාරය පිළිබඳ විශේෂඥ විස්තර ගොඩක්, හරිම ලස්සනයි වගේම රසවත්.

    අරිසෙන් අහුබුදු වගේ ශ්‍රේෂ්ඨ පඬිවරු රට වෙනුවෙන් කරපු සේවය මතක වුණා, අහුබුදු සූරීන් අපෙන් සමු අරන් අනිද්දාට අවුරුදු 15ක් පිරෙන මොහොතේ හරි ගෞරවයෙන් මතක් කරනවා. හැබැයි ඒ එක්කම අද රට පාලනය කරන මේ දූෂිත මාලිමා ආණ්ඩුව දිහා බලද්දී ඇති වෙන්නේ මහා කලකිරීමක්. මුන් බලයට ආවේ සිස්ටම් චේන්ජ් එකක් ගැන බණ කියාගෙන. දැන් බලද්දී මුන් කලින් හිටපු උන්ටත් වඩා දූෂිතයි, අදක්ෂයි. කිසිම ප්ලෑනක් නැති පිස්සු තීරණ අරන් රටම අගාධයකට ඇදලා දාලා තියෙන්නේ.

    මුන් බලයට ආවේ සිස්ටම් චේන්ජ් එකක් ගැන, ආර්ථික සහන ගැන ලොකු ටෝක්ස් දීගෙන. දැන් බලද්දී මුන් කලින් හිටපු උන්ටත් වඩා අන්තයි. බදු බර දරාගන්න බැහැ, එදිනෙදා ජීවන වියදම සාමාන්‍ය පවුලකට ඔරොත්තු දෙන්නේ නැහැ. කිසිම ප්ලෑනක් නැති පිස්සු තීරණ අරන් රටේ මිනිස්සුන්ව හැමදාම ආර්ථික අර්බුදයක හිර කරලා තියෙන්නේ. රටේ අනන්‍යතාවය ගැනවත්, මිනිස්සුන්ගේ බඩගින්න ගැනවත් මුන්ට කිසිම ගාණක් නෑ.

    රටේ සමහර කලාකරුවන් මුන්ට රෙදි නැතුව කඩේ යනවා දැක්කම ඊටත් වඩා කේන්තිය, ඒ වුණාට ඒ ගැන මුන්ට කිසිම ගාණක් නෑ. මෙහෙම ගියොත් රටට දෙයියන්ගේම පිහිටයි.

    ඇත්තටම නාට්‍ය නිර්මාණ ගැන නිදි වගේ පලපුරුදු නාට්‍ය කරුවන්ට ඉස්කෝල වල ලමයි එක්ක වැඩමුළු කරන්න පුළුවන් නම් හොඳයි කියලයි මගේ යෝජනාව, මොකද ඒ ගැන හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් Ano, අපේ රටට තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිට අවශ්‍ය බවයි මටත් හිතෙන්නේ!
      නාට්‍ය කිහිපයක් කරලා තිබුණාට මම නාට්‍ය ගැන හදාරපු කෙනෙක් නෙවෙයිනෙ. දැන් ඒ ගැන විශ්ව විද්‍යාලවලින් විධිමත් පාඨමාලා හදාරපු නියම දක්ෂයන් රැසක්ම ඉන්නවා. එහෙම උදවිය පාසල්වල වැඩමුළු ආදියත් පවත්වනවා නේද?

      Delete
  2. ඉදිරි කාලයේ දී ඒවා අකුරු කිරීමට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. Thattayage KolamaMay 28, 2026 at 5:52 PM

      අනිවා ලියමු!

      Delete
    2. මමත් Ano මහතාට කිව්වේ ඒකමයි තට්ටයා මහත්තයෝ!

      Delete
  3. බුද්ධං සරණීන් පැදුර එලාගෙන
    ධම්මං සරණීන් කුප්පි නිවාගෙන
    සංඝං සරණීන් එකට බදාගෙන
    මේ තුන් සරණින් හිලට ඔබාගෙන

    ReplyDelete
  4. බොහෝ පුද්ගලික රෝහල් රෝගීන්ව මරාගෙන කනවා. අසාධාරණ ලෙස බොරු බිල් දානවා. මේ රෝහල් බොහොමයක ඉන්නේ නුපුහුණු හෙදියෝ. ඔවුන් සමහර දෙනක් උණ බලන්නවත් දන්නේ නෑ. අඩු වැටුපකට බඳවා ගත් ඇහින්දාස්ලා. වෛද්‍යවරයා විනාඩි 3 රෝගියා බලලා යනවා. ඒකට විශාල මුදලක් දානවා. රෑට ඉන්නේ බොහෝ විට ඉන්ටර්න්ලා.

    පුද්ගලික රෝහලක ෆුල් ටයිම් සේවය කරන මගේ මිතුරු වෛද්‍යවරයෙක් මට මාර තොරතුරක් කිව්වා. ඔවුන්ට රෝහල් අධිකාරීන් විසින් දී ඇති උපදෙස් අනුව ඉන්‍ෂුවරන්ස් තිබෙන රෝගීන් ගේ 100 % ලිමිට් එක කවර් වන තෙක් ඔවුන්ට මිල අධික බෙහෙත් (අඩු මිලට බෙහෙත් තිබුනද) සහ අනවශ්‍ය රුධිර පරීක්‍ෂණ පවා කිරීම, රෝගීන් ගේ ඥාතීන්ට රෝගියාගේ තත්වය අසාධ්‍ය බව කියා අයි. සී. යූ දමා සාමාන්‍ය කාමරයක මෙන් 10 ගුනයක මුදල් අය කිරීම මේ අතර වෙනවා.

    මිල අධික බෙහෙතක් විදිනවා කියා රුපියල් 200 පමණ වන විටමින් බී එකක් හෝ සමහර විට ඩිස්ටිල් වතුර එකක් රෝගියාට විද රුපියල් 10,000 ක 15,000ක බිල් දානවා. පුද්ගලික රෝහලක පිලිකා රෝගියෙකුට සිංගපූරුවෙන් ගෙන්වා රුපියල් 80,000 එන්නත් 6 දිය යුතු බව කිව්වා. මුදල් ගත්තා. එන්නත් දුන්නා කිව්වා. කිසිම සාක්‍ෂියක් නෑ. රෝගියා ඉන් සති 2 පසුව මිය ගියා. මේ කතාව මට රෝගියාගේ ඤාතියෙක් කිව්වා. මට පෙනී ගියේ මේ මුදල් අරගෙන රෝගියාට ආසුත ජලය විද තිබූ බවයි. මේ අනුව අසනීපව රෝහල් ගත වන රෝගියා රෝහලෙන් පිට වන්නේ මිලියන ගනනාවක ණය කාරයෙකු කරමින්. මම දන්නා මධ්‍යම පාන්තික පවුල් ගනනාවක් පුද්ගලික රෝහල් වලට අධික මුදල් ගෙවා ණය බරින් ජීවත් වෙනවා. මේ අසාධාරණයන් පිලිබඳව හඞක් නැගිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මාත් වතාවක් ඉතා දරුණු විදිහට ඔහොම අසාධාරණකමකට ලක් වුණා.
      https://nidigepanchathanthare.blogspot.com/2018/08/blog-post_29.html
      https://nidigepanchathanthare.blogspot.com/2018/09/blog-post_9.html

      Delete
  5. සනි මමා
    දනි පණි ගගා
    පගා පගා

    ReplyDelete
    Replies
    1. දුන්නද
      ගත්තද
      දෙන්න හදනවද
      ගන්න හිතනවද?

      Delete
  6. වෘත්තීයමය නාට්‍ය නිෂ්පාදනයකත් හුදෙක් තෘප්තිය උදෙසා කරන ආධුනික නාට්‍යයකත් වෙනස දැක්වෙන රේඛාව පිටපතේ කෙරෙන සංශෝධන කුමන අරමුණු සඳහා කෙරෙනවා ද යන්න විය හැකියි.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට එහෙම විය හැකියි Litseeker.

      Delete
  7. හැටන් දික්ඔය නගරයේ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කළ පවුම් 18ක ස්වර්ණාභරණ රැගෙන පලා ගිය සැකකරු අත්අඩංගුවට ගත් බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා පැවසීය.

    සැකකරු බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්‍රසෝ තේ වත්තේ නිවසක සැගව සිටියදී තමන්ට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවත්, සැකකරු විසින් රැගෙන ගිය ස්වර්ණාභරණද පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි.

    බදුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු දික්ඔය ප්‍රදේශයේ විවාහ වී සිටි බවත්, සැකකරු මුහුණු පොත ඔස්සේ හදුනා ගත් කාන්තාවකගේ බගවන්තලාව ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මියගිය අඹුසැමි යුවළගේ සිරුරු එම වෙළදසැලේ තැම්පත් කර ඇත් අතර, අවසන් කටයුතු අද (24) දින දික්ඔය පොදු සුසාන භූමියේදි සිදු කිරිමට නියමිතය.

    ReplyDelete
  8. "ඕං බලන් ඉස්තාන්බුල්’:

    අනාගතවාදී සහ පුරෝගාමී ප්‍රකාශනයක්

    'සිළුමිණ' පුවත්පතේ පළවූ අතිශය ජනප්‍රිය තීරු ලිපි මාලාවක් ඇසුරෙන් රචිත 'ඕං බලන් ඉස්තාන්බුල්' කෘතිය සාමාන්‍ය සංචාරක අත්දැකීම් ග්‍රන්ථයකට වඩා වෙනස් වූ, නැවුම් කියවීමකි.

    වසර 30ක ලේඛන කලාවේ හා ව්‍යාපෘති කළමනාකරණයේ අත්දැකීම්වලින් පොහොසත් කතුවරයා සිය තුර්කියේ අත්දැකීම් ශ්‍රී ලංකාවේ නාගරික සැලසුම්කරණය, කෘෂිකර්මය, සංස්කෘතිය හා කලාව සහ සංචාරක කර්මාන්තය සඳහා යොදාගත හැකි ආකාරය කතන්දර ස්වරූපයෙන් රසවත් ව පෙන්වා දෙයි.

    ජාත්‍යන්තර කලාකරුවන් 23 දෙනෙකුගේ විශිෂ්ට සිතුවම්වලින් කෘතියේ ලිපි වර්ණවත් කර තිබීම, සෑම කතාවකටම අදාළ වීඩියෝ දර්ශන OR කේත හරහා ක්ෂණික ව ලබා දීම, ප්‍රථම වතාවට සිංහල ශ්‍රව්‍ය ග්‍රන්ථයක් (Audio Book) මුද්‍රිත ග්‍රන්ථයත් සමගින් එළිදැක්වීම ආදී අංග හේතුවෙන් 'ඕං බලන් ඉස්තාන්බුල්' කෘතිය, අනාගතවාදී සහ පුරෝගාමී ප්‍රකාශනයක් බවට පත් ව තිබේ.

    ReplyDelete
    Replies
    1. එහි කතුවරයා 'තිලක සිත' බ්ලොගයෙ රචකයායි.

      Delete
  9. නිදිට ස්තූතියි "සොඳුරු අසපුව" ලින්ක් එකට.👌

    ReplyDelete
    Replies
    1. "සොඳුරු ඉසුඹුව"

      Delete
    2. ඔව් බස්සා මහත්තයෝ- සොඳුරු ඉසිඹුව ඉතා පොහොසත් තැනක්... එහි link එක ප්‍රයෝජනවත් වීම ගැන ඉතාමත් සතුටුයි...

      Delete
  10. //ඉතිරි චුට්ට ඊළඟ කොටසෙන්//
    😞😁🤔⛷️

    ReplyDelete
    Replies
    1. ඉදිරි කාලයේ දී ඒවා අකුරු කිරීමට බලාපොරොත්තු වෙමි.

      Delete
  11. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තමාව හමුවූ බවත්, ඒ අනුව තමා අද සිට නිකාය වෙනස්කළ බවත් අතිපූජ්‍ය
    අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති.

    සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද සඳහන් කළහ.

    “ඉතාම මෝඩ පිරිසක් තවමත් කියනවා මම රාජපක්ෂ නිකායේ කියලා. හැබැයි අද මම නිකාය මාරුකළා. අතිගරු ජනාධිපතිතුමා(අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා) බලයේ ඉන්නකල් එතුමාට සවියක් වෙනවා, ශක්තියක් වෙනවා, සහ එතුමා මේ රට ගෙනියන්න හදන සුබවාදී පැත්තට ගෙනියන්න, කවුරු මොනවා කිව්වත් උපරිම සහයෝගය දෙනවා. බයත් නෑ, ලැජ්ජාවකුත් නෑ, දුකකුත් නෑ. මොකද මේක තමයි ජනාධිපතිවරයෙක්ගෙන් වෙන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා

    Refer below link

    https://www.ceylonwire.lk/i-am-no-longer-in-the-rajapaksa-sect/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Ano.
      මිනිස් සතාගේ දිවට අස්ථියක් නැති නිසා ඕනෑම විටෙක- ඕනෑම අතකට හැරවිය හැකියි!

      Delete
  12. වර්තමානයේ කතාවෙන චූදිත පල්ලේගම හිමිගේ හැසිරීම අවුරුදු විස්සක් පමණ පසුපසට විමර්ශනය කළාම, මොහු බාල අපයෝජන ගණනාවක් කර ඇති අයෙක් බව හෙලිවී තිබෙනවා.

    නමුත් මෙහිදී වර්තමාන එන්පීපී රජයේ හැසිරීම අතිශය කුමන්ත්‍රණකාරීයි.

    උදාහරණ:

    නිට්ටඹුවෙන් ගිය පොලිස් කණ්ඩායම ආපසු හැරවූයේ කවුද යන්න එම මෙහෙයුම ක්‍රියාත්මක වූ දිනම ගවේෂනාත්මක මාධ්‍යවේදීන් ප්‍රකාශ කොට ඇත. එය කළේ අනුරයි.

    මෙහිදී ජනාධිපතිවරයා මෙම දූෂිත ගර්හිත භික්ෂුවට ඉතාමත්ම සමීප ලෙස හිතවත් නිසා මල නොතලා රොන් ගන්නවා සේ භික්‍ෂුව සතුටුවන කම්ෆෝර්ට් සෝන් එකක් හැදුවේය.

    විමර්ශන ආයතන දැනුවත්ව හෝ නොදැනුවත්ව නීතියෙන් ගැලවී යා හැකි පරිසරය දැනටමත් නිර්මාණය කොට අවසානය.

    තවත් අතකින් ආණ්ඩුවට රෙදිනැතුව කඩේ යන ඩෝබි වොෂින්ටන්ලා සහ පල්ලිය පිනවීම සඳහා දිලීප පීරිස්ගේ ෆීමේල් වර්ෂන් එක යෙදවීය.

    සංජීවනී යොදවා අධිකරණය දෙවනත් කොට විශාල චිත්‍රයේ එන ගැලවීමේ මෙහෙයුම සම්බන්ධයෙන් ජනයාගේ ඇස් බොඳ කළේය.

    එනම් ප්‍රඥාවෙන් මන්දපෝෂිත ළඟ පිකප් ජනයාට ආශ්වාදයක් දී භික්‍ෂුව ගලවන මාස්ටර් සැලසුම සඟවනු ලැබීය.

    ජනාධිපතිවරයා අරවින්ද ද සිල්වාට සහ පල්ලේගම භික්ෂුවට අමුතු නීතියක් ක්‍රියාත්මක කළ බව නොතේරෙන අයෙක් වෙත්නම් එක්කෝ ඔහු වහලෙකි එසේ නොමැති නම් පිස්සෙකි.

    පෙරේදා කපිල චන්ද්‍රසේන සම්බන්ධ නඩුවේදී අරවින්ද ද සිල්වා සම්බන්ධයෙන් කෙස් කෙලින් කරන තොරතුරු හෙළිදරව් වී ඇත. එම තොරතුරු හෙළිදරවීමත් සමගම රංග දිසානායකද නැවත වතාවක් අතිශය අන්ත අසරණ වී අනාථ වී ඇත.

    අරවින්ද ද සිල්වා සහ රජය අපරාධයේ සැකකරුවන් යයි විකල්ප ගවේෂණාත්මක මාධ්‍ය කියන විට එදා බොහෝ දෙනකු ඒ අයට දෝශාරෝපණය කළහ. නමුත් දැන් සත්‍යය හෙලිදරව් වෙමින් පවතී.

    ReplyDelete
  13. නාට්ටි බලන්න තියා අපට නම් දැං පාං කියා ගන්නත් බෑ ලංකාවෙ තියෙන ආර්ථිකය එක්ක නිමල් අංකල්, අපිම චන්ද දීපූ අනුරය දැං අපිට අරින්නෙ ප්‍රබාකරන්ටත් වඩා කුරිරු එකෙන්.
    බයවෙන්න එපා කවුරුත් ඌට සාපෙන් ගැලවෙන්න බෑ.
    5ට කලින් ගෙදර නෙවෙයි හිරේ..

    ReplyDelete
    Replies
    1. ඔයා හිතන්නේ එහෙමද ප්‍රියාන් තාරුක මහත්තයෝ?

      Delete
  14. නිදී කෝ නාට්‍ය රියසල් කරන කොටස්

    ReplyDelete
    Replies
    1. ඒවා එකක්වත් සිද්ද වුණයි කියලා මගේ මතකයේ කොනකවත් නැති එකනෙ පුදුමේ- ලලිත් මහත්තයෝ. ඉතිං කොහොමෙයි එව්වා ලියන්නේ?
      හැබැයි අපේ වෙනත් නාට්‍යවලට වැඩියෙන් මේකේ පුහුණුවීම් කෙරුවත් එක්ක.

      Delete
  15. අතිශය බිහිසුණු ලෙස අනපේක්ෂිත අවස්ථාවක තමාට මුහුදු පෑමට සිදුවූ භයානක ඉරණම පිළිබඳව අනුරාධපුර අටමස්ථානාධිපති, ජාතික ජන බලවේගයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක, අනුර කුමාර දිසානායක මහතාගේ ආගමික කටයුතු පිළිබඳව ස්වේච්ඡා උපදේශක, අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත ආචාර්ය පල්ලේගම හේමරතන මහ නා හිමියන් විසින් රචනා කරන ලද පැදි පෙළක්..

    තවම උන්වහන්සේ අධිකරණයකින් වැරදිකරුවෙක් බවට කිසිසේත්ම නිගමනය කරන නැත... නමුත් දූෂිත රාජපක්ෂ නීකායේ හොරගණයින් සහ සුන්බූන් විපක්ෂයේ අවතාර විසින් සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම උන්වහන්සේට විරුද්ධව දැඩි ලෙස අවලාද සහ මඩ ප්‍රහාර එල්ල කරන්නේ දේශපාලන අරමුණු මත පදනම්ව බව මැදහත් විශ්ලේෂකයන් පෙන්වා දෙයි

    සමාජ මාධ්‍යයේ දිගට හරහට එල්ලවන චෝදනා අපහාස මැද්දේ මෙවැන්නක් පළ කිරීම උඩුගම් බලා පිහිනීමත් විය හැකි වුවත්,
    හෘද සාක්ෂියේ කොණක තිබෙන යම් සැක සංකා සහිත තත්ත්වයන් නිසාත්,අපහාස උපහාස කරන චෝදනා එල්ල කරන සුන්බුන් විපක්ෂ කණ්ඩායම් බහුතරයක පටු අදහස් පිළිබඳව අපට මනා අවබෝධයක් ඇති නිසාත්, මේ පැදි පෙළ උපුටා දැක්වීමට අදහස් කළෙමි...

    මෙම ගෞරවනීය භික්ෂූන් වහන්සේට විරුද්ධව ඕනෑ තරම් අදහස් පළ වී ඇති අතර උන්වහන්සේටද තමන්ගේ පැත්තෙන් කීමට ඕනෑ තරම් දේ ඇතැයි සිතමි...

    ReplyDelete
    Replies
    1. පැදි පෙළ

      //නපුරු කලට සතහට පැමිණෙත වෙහෙස
      එදුරු නොවෙයි කළකම් පල දෙවා මිස
      ඇදුරු බසට නැඹුරුව සකසා මනස
      අඳුරු සමය ගත කෙරුවෙමි පෙර දවස

      සසරේ කරුම ඉස්මතු වී බවෙන් බවේ
      යම් යම් කාල ජීවිතවල දුකින් ගෙවේ
      අටලෝ දහම අප කාටත් වලංගුවේ
      සිටියෙමි දෙසතියක් මම අත් අඩංගුවේ

      ලෝකය මා කෙරෙහි ඇතිකොට අනිසි සැකක්
      විපතක් කළා කතකගෙ බොරු වචන ටිකක්
      සිටියත් දරා ලෙස සවි බල පිරුණු රුකක්
      සතුරෙකුට වත් නොම වේවා මෙවැනි දුකක්

      බොරුවෙන් හැඩ දමා එය නිවැරදි බවට
      අත්තටු මවා දී පැතිරෙන්නට අවට
      කටයුතු කළා පිරිසක් ගති ඇති නිවට
      ගැලපුණි ඒ සියල්ලම මගෙ පෙර පවට

      පොලිසිය උසාවිය ඉන්පසු සිපිරි ගෙට
      යන මාවත තැනුණි පෙර කළ කරුමෙකට
      ඉවසා දරාගෙන නොහෙලා කඳුළු කැට
      නව අත්දැකීමක් ලැබුවෙමි එතැන සිට

      සංසාරේ පව් මතුවුන මුදු උඩට
      පෙන්නා කුසලයේ බල මහිමය හැඩට
      පින් අනුමෝදනා කර ඇති ලෙඩ ගොඩට
      යන්තම් ගැලවුනා නොගොසින් වැලිකඩට

      නිව්වෙමි දහස් ගණනකගේ කුසේ ගිනී
      එය සතුටකි අදත් මකනා හිතේ තනී
      විසකුරු සපුන්ටත් කිරි පෙව් නිසා වෙනී
      පෙර කරුමෙක බැඳී මෙවිපත ළඟා වුනී

      නිවැරදි බව මගේ මා පමණකි දන්නේ
      නොදැනුම නිසයි සමහරු අවි ඔසවන්නේ
      නීතිය පමණි දැන් මගෙ පිහිටට ඉන්නේ
      එයටයි මෙයින් මතු වගකිවයුතු වන්නේ

      දුටු දුටු අයගෙ කඳුළින් තෙත් කර දෑස
      වපුරන ලදී බස් නින්දා අපහාස
      එය දැක සමහරුන් නැගුවත් මදහාස
      කම්පා නොවෙමි දන්නෙමි සසරෙහි දෝස

      කිසි වෙනසක් නැතුව ලෙන්ගතු කමිනි තද
      සෙත් පතමින් මට මතු කොට කුළුණු හද
      සවි බල සැදූ මේ මහ කලබලය මැද
      මහ සඟ රුවන පා නමදිමි ඇඳිලි බැඳ

      දුක සැප විමසමින් කඳුළැලි ඇතුව ඇසේ
      මට සෙත් පතන්නට සිරිලක හතර දෙසේ
      පුද පූජා තැබූ අහරත් නැතුව කුසේ
      ඒ ළබැඳියන්ටත් කඳුළක් පුදමි මෙසේ

      රෝහල් බිමේ රෑ දාවල් නැති නින්ද
      වෙද හෙද සෙසු පිරිස රැක දුන් පණ කෙන්ද
      අමතක කරන්නට කෙනෙකුට පුළුවන් ද
      ඒ අය නමින් පුබුදමි මේ අරවින්ද

      රැකවල් සැදූ පිළිපදිමින් ඉහල අණ
      නිල දරුවන් පිරිස ලොකු පොඩි සියලු දෙන
      යුතුකම වගකීම මිනිසත් කම ද දැන
      කළ මෙහෙවරට පින් දෙමි මතකයට ගෙන

      නෑසිය මිතුරු කැල සැදැහැති සියලු දෙනා
      එක අරමුණින් මා වට කොට පවුරු තනා
      කටයුතු කළහ බාධා ගනු පිණිස දිනා
      පින් දෙමි ඒ අයට මතු කොට ළබැඳි සිනා

      හිතවත් අහිතවත් අය ගත්තෙමි හඳුනා
      කුලියට කහින අයගේ නම් හිත රිදුනා
      නීතියෙ පළමු බාදකයෙන් අත මිදුනා
      සාධාරණය ඉස්මතු වී උඩ රැඳුණා

      සාධාරණයෙ හා යුක්තියෙ හිමි කරුව
      මැදහත් බවෙන් මඟ පෙන්වන ගුරු තරුව
      නීතියෙ දෙවඟනට නිසි බලතල දැරුව
      මේ මල් කළඹ පිළිගන්වමි ගරු සරුව

      පැවිදිව පනස් අට වසරක් ගෙවෙන දිනේ
      දයිවය සරදමක් කළ බව හිතට දැනේ
      කළකම් පල දෙතත් සඳහන් පරිදි බණේ
      ඉරණම මගේ ඇයි මෙතරම් කුරිරු වුනේ

      ලෙන් ගතු පිරිස කිසිදින මා නොකළ තනී
      මා ගැන මට වඩා දුක් වන අයුරු දැනී
      සිරුරම දවයි හද පතුලෙන් නැගෙන ගිනී
      හිත කම්පාවටම මහ මෙර සලිත වුනී

      ගල් මුල් කොතෙක් වැදුනත් ආ මග දිගට
      කඳුළක් නොගත්තෙමි කිසිවිට නෙතු යුගට
      මගෙ හිත පමණි දන්නේ නිවැරදි වගට
      මොනවා වේද නොදනිමි දිවි මග අගට

      තිගැස්සුනත් යළි යළි හිත හදා ගමී
      නිදොස් වෙමි දිනක එදවස පතා ඉමී
      උසස් මිනිස් ගුණ ඇති අය සොයා යමී
      අපිස් දිවිය තව දුරටත් වඩා ගමී

      සාසන ලැදි,
      පල්ලේගම හේමරතන ස්ථවිර.//

      Delete
    2. තව තැන් රාශියකත් මේ විස්ත‍ර මේ විදිහටම පළකොට තිබෙන හැටි දැක්කා ලලිත් මහත්තයෝ.

      Delete
  16. Thattayage KolamaMay 28, 2026 at 5:56 PM

    ඔය විජයබා කොල්ලයේ දෙබස; එකල පුදුමාකාර විදියට සිතට වැදුනු එකක්. ඒත් පසු කලෙක මට අසන්නට ලැබුන එය බටහිර නවකතාවකින් උපුටා ගත්තක් බව. (මේ ගැන මතක මාත්‍රයක් හැරෙන්නට වෙනත් කිසිදු මූලාශ්‍රයක් නොමැත. එහෙත් අප කියැZවූ පොතේ මීට වඩා ඉතාසිත්ගන්නා සුළු රූපයක් තිබුනා යැයි මතකය්~!

    ReplyDelete
    Replies
    1. @ තට්ට bro, ඇත්තටම පකිස්තානයේ ඩිසල් ලිටරයක් විකුනන මිල ලංකා රැපියල් 475 ලංකාවේ වරායට ගොඩ බාන්නේ රු 560.. අපේ උගත් උදවිය වැඩිම මිලටද ⁣ඉන්ධන ගෙන්වන්නේ? මේකට හේතුව මොකක්ද.?

      Delete
    2. කළ ගුණ හැඳින කටයුතු කළ සියලු සමේ
      පැසසුම ලැබී ඔබ හැම දෙනෙකුගෙම ගමේ
      හිතවත මිහිර දැනගෙන සිටි මිතුරු පෙමේ
      මුළු ගම් පළාතෙම ඔබෙ ගුණ සුවඳ හැමේ

      Delete
    3. මගේ මතකයේ තිබ්බේ නං මේ චිත්‍රයයි තට්ටයා මහත්තයෝ.
      මටත් යාන්තම් මතකයි ඉස්සර කියෙව්වා W.A. සිල්වා ශූරීන් විජයබා කොල්ලය පොතේ plot එක පිසාරෝ (නම වැරදි වෙන්න ඉඩ තියෙනවා- ඈත මතකයක් නිසා) එකෙන් ගත්තු බවක්.
      ඒ මතකය අවදි කළාට බොහොම ස්තුතියි!

      Delete
  17. කළ ගුණ හැඳින කටයුතු කළ සියලු සමේ
    පැසසුම ලැබී ඔබ හැම දෙනෙකුගෙම ගමේ
    හිතවත මිහිර දැනගෙන සිටි මිතුරු පෙමේ
    මුළු ගම් පළාතෙම ඔබෙ ගුණ සුවඳ හැමේ

    ReplyDelete
    Replies
    1. මනහර කෙරුව පෙර ගම්වල ජීවිතය
      මිනිසුන් ගැන කියා ඇති ඔබගේ කවිය
      සරලය; සුන්දරය; මත් ගණනත් හරිය
      තව කවි ලියනු ඇති බව නං සහතිකය!

      Delete
  18. ඊලඟ කොටසත් ඉක්මනින් ලියන්න...💜

    ReplyDelete
    Replies
    1. ඒ කොටසත් publish කරලා ඉවරයි Ano මහතාණෙනි.

      Delete