පෙට්ටගමේ mini version එකටද පෙට්ටිය කියන්නේ?
පෙට්ටි වර්ග ගොඩාරියක් තියෙනවනේ... අපිට නං ඉස්සර වැඩියෙන්ම දකින්න තිබ්බේ පකිස් පෙට්ටියි- කාඩ්බෝඩ් පෙට්ටියි- මිණී පෙට්ටියි තමා.
ඉස්කෝලේ යනකොට හයේ පංතියෙ හිටපු ‘ඇම්ඩා’ පියසිරි ගෑනු ළමයින්ගෙන් අහන්න පුරුදු වෙලා උන්නු හරුපයකින් තමයි මං දැන ගත්තේ තවත් ‘පෙට්ටි’ වර්ගයක් ගැන. “පෙට්ටිය කැඩිලද?” කියන එකයි ඒ හරුපේ!
ඒ වර්ෂන් එක ඒ කාලේ දීප ව්‍යාප්ත එකක් විත්තිය
මට තහවුරු වුණේ සමහර මඟුල් ගෙවල්වලදී. ‘මඟුල් වදේ’ එහෙම
විඳලා- මනාල යුවල හනිමූන් යනකොට ‘කරටිය කැඩෙන්න ගහලා උන්නු මිතුරනුත් අර ජාතියේම
කතන්දරයක්- දෙකක්’ කියනවා ඇහුණාම.
“මච්චාාාාාං උඹල ආපහු එනකොට්ට ලෑලි ඔක්කො.ම.ත් අරං වරෙන්... දැන් ලෑල්ලි හ..රි ගණං!”
/ “ඕන්නං අපිත් එන්නං ලෑලි ටික එකතු කරලා දෙන්න.”
ඒ දවස්වල හිතන්නවත් බැරි දේවල් දැන් තියෙන්නේ.
තාක්ෂණේ දියුණුයි නෙව, ඕනිම කැඩිච්ච පෙට්ටියක් වුණත් ප්‍රතිසංස්කරණය කරවගන්න ඇහැකිලු-
සල්ලි තියේ නං.
අද කියන්න හදන්නෙ එහෙම පුංචි පහේ පෙට්ටි ගැන නෙවෙයි;
පෙට්ටගමක් ගැනයි- මගේ පෙට්ටගමක් ගැනයි. කලින් කියල තියෙනවා මතක ඇතිනේ මගේ පාමුල් පෙට්ටිය
ගැන. ඒ ලට්ට-ලොට්ට පෙට්ටියේ තිබ්බ ගොඩක් දේවල් ගිනි දෙයියාට පිදුවා පහුගිය ටිකේ.
එව්වා නං ගොඩක්ම ලියුං කඩදාසි.
මෙන්න බොලේ- ඒ අතරේ අවුරුදු ගණනාවක ඉඳලා නිදි දන්නේ නැතුවම වගේ තව පෙට්ටගමක් පිරෙන්න
පටන් අරං. මට වැටහෙන විදිහට ඒක ‘විද්‍යුත් පෙට්ටගම’ක්. ඔය උඩින්ම තියෙන්නේ එයින්
ගත්තු එකක්. (සිංහල අනුවර්තනය මගේ.)
මෙන්න ඒ වගේ තව හතරක්.
ඇයි දෙයියනේ දැන් දැන් දවසකට කෝච්ච්ච්චරක් නං දේවල් අපට දෙනවද? You Tube එකෙන්, Facebook එකෙන්, තව තව චැනල් ගොඩකින්... මට නං Pinterest එකෙනුත්! (දවසකට ඊමේල් දෙකක් විතර එවනවා.)
News, ෆොටෝස් අනං-මනං කෝටියයි! එව්වයින් සමහරක් නිකංම අහක දාන්නත් ලෝබයි. ඉතිං
කොපි කරලා තියා ගන්නවා- කවදා හරි ඕනිවෙයි කියල හිතාගෙන.
ඉතිං, අද හිතුණා එයින් ටිකාක් විතර සහෘද ඔයාලත්
එක්ක බෙදා හදාගෙන බලන්න.
මොන තරං වටිනා දේවල් පොදි ගහගත්තා වුණත් අපි යනකොට අරගෙන යන්නද?
ඒකට සමතෙක් නැහැනේ... ඒ විත්තිය අපි හැමෝම දන්නවා. ඒත් ඒවායෙන් පල පොරෝජන් ගන්න
හිතන්නෙ නැද්ද මංදා.
බණ දෙසන නෙවෙයි, බණ පිළිපදින;
නිළියක් නොවෙන මේ අපූරු නිළියගේ කතාව බලල-අහල ඉන්නකෝ... මට නං හරිම හරවත් වගේම
රසවත්!
https://www.youtube.com/watch?v=vBvUxq5-eGw&t=102s
ඊළඟට තියෙන මේ කාටූන් එක නං කාලීන එකක් වගේ
නේද?
මේවා අතීතයෙන් වර්තමානය තෙක් සමරු මතකයන්...
දැන් දෙන්නේ ඊයේ උදේ මගේ විද්‍යුත් පෙට්ටගමට දාගත්තු අලුත්ම අයිටම් එක!
අදට ඇති නේද?















හ්ම් අදට ඇති, සෙස්ස පස්සට, පෙට්ටගම කියන්නේ ඉස්සර අපේ මුත්තලා, අත්තම්මලා රන්, රිදී, සල්ලි විතරක් නෙවෙයි මුළු පරම්පරාවකම රහස් සහ වටිනාම දේවල් පරිස්සමට හංගලා පූට්ටු කරලා තිබ්බ පට්ටම සයිස් ලී අල්මාරියක් වගේ පෙට්ටියකට, හැබැයි අද කාලේ සමාජ මාධ්‍ය (Social Media) වල "පෙට්ටගම ඇරියා" කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ "අම්මෝ ඒක!" වෙන සයිස් එකේ, කාලෙකට පස්සේ එළියට දාපු සුපිරිම මීම් (Memes) කලෙක්ෂන් එකක්, කාගෙ හරි ලීක් වෙච්ච පරණ චැට් හිස්ට්‍රියක්, නැත්නම් දේශපාලකයෙක්ගේ රෙදි ගැලවෙන අතීත කාස්ට් එකක් (Exposed) වගේ අන්තර්ජාලයම හොල්ලන සුපිරිම "අතීත රහස් අටමගලක්" එළියට ආපු එකටයි, දැන් කන්ජිපානිල ෂිරාන් භාෂික්ල කොණ්ඩ රංජිල උනාකූරැවෙ ශාන්තල සේරම එක හැලියෙ කාගෙන ඩුබායි ඉන්නෙ යුක්තිය මෙහෙයුම විනාශ කරල ජාතික ජනබලවේගය බලයට ගේන්න මේ සැට් එකම කෝටි ගණන් 2024 ජනපතිවරනෙටයි මහ මැතිවරණෙටයි විසිකලා ඒවට මැදිහත්වුනේ ප්‍රසිද්ධ ලෝයර්ල ඒ අය තමා යුක්තිය මෙහෙයුම විනාශ කලෙත් . ඔය සැට් එක දන්නව මාලිමා රජය යටතේ ලංකාවෙ හිරගෙදර රජගෙදර වගෙ ඉන්න පුලුවන් බව . මතකනෙ සෙව්වන්දි කේක් කපන්න ගිහිං අහුවුනාම වටගල කිව්ව මානුෂීය පැත්ත ගැන හිතල උපන්දිනේ සමරන එක ගැන මොකුත් කියන්න බෑ කියල . ඒක තමා දැන් වෙන්නෙ.
ReplyDeleteඅම්මම්මෝ Ano මහත්තයෝ...
Deleteස්තුතියි, හොඳේ.
ඒ පෙට්ටගමත් නරකම නෑ.
ReplyDeleteගොඩ කාලෙකින් නේද Praසන්ன මහත්තයෝ...
Deleteඔවුවොවු. මේ දවස්වල ඉන්නෙ ලොකු ප්‍රශ්ණ ගොඩක් පැටලුං අරිමින් යන ගමං.
Deleteප්‍රශ්න සේරම හොඳ විදිහට විසඳේවා!
Deleteස්තුතියි.
Deleteඔයාගේ මොලෙයි මගේ රූපෙයි එකතුවෙලා ළමයෙක් හැදුනොත් මොකද වෙන්නේ කියලා බර්නාඩ් ෂෝ නිළියකගෙන් අහපු කතාව මතක් උනා.
ReplyDeleteLitseekerටත් මතක් වෙන දේවල්...
Deleteපෙට්ටගම් කෙසේ වෙතත් පණාකඩුව තඹ සන්නස මට මතක් වෙනවා... ලංකාවේ වර්තමානයේ සිදුවන සිදුවීම් ගැන බලන විට, අපි එවන් ගෞරවනීය ඉතිහාසයක් තුළින් පැවත එන මිනිසුන්ද ..? කියන ප්රශ්නය හිතට නැගෙනවා...
ReplyDeleteමේක වසර 1000 කට ඈත අතීතය කරා දිව යන කතාවක්..
ක්‍රිස්තු වර්ෂ එකොළොස්වෙනි සියවසේ මැද භාගය වන විට මේ රට වසර සීයක පමණ දකුණු ඉන්දිය චෝල අධිරාජ්‍යයකට යටත්ව තිබුණා..
එයට වසර අටසීයකට කලින් බිහිවුණු අනුරාධපුරය රාජධානිය ද ඇතුළු රජරට සම්පූර්ණයෙන්ම ඒ චෝල අධිරාජ්‍යයේ ගොදුරු බවට පත්ව තිබුණා..
බුදු දහමට බලවත් තර්ජනයක් එල්ල වෙමින් පැවතුණා..
එදා කීර්ති කුමාරයා නැතිනම් පසුව
මහා විජයබාහු රජතුමා වශයෙන් මෙරට ඉතිහාසයේ අමරණීය චරිතයක් බවට පත් වූ , විරෝධාර මිනිසා,
බිහිසුණු චෝල ආක්‍රමණයෙන් මේ රට මුදවා ගන්නට සිදුකරනු ලැබූ,
අනභිභවනීය මෙහෙය නොවන්නට අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වන්නට තිබුණා..
ඒ කතාව ලෙහෙසී පහසු කාර්යයක් නෙවෙයි..
බින්දුවෙන් පටන් අරගෙන උඩට ගිය ගමනක්..
ගැමුණු මහ රජතුමා අපේ ඉතිහාසයේ හිමිදිරියේම කළ සටනටත් වඩා අභියෝගයකට විජයබාහු රජතුමාට මුහුණ දීමට සිදුවී තිබුණා..
ඔහුට කිසිදු සේනාවක් හෝ යුද්ධයකට අවශ්‍ය මූලික අවශ්‍යතාවල සපිරීමක්වත් තිබුනේ නැහැ..
රුහුණේ ඌවේ වනාන්තරවල න් කුඩා කණ්ඩායම් වශයෙන් පුහුණු වී ,
ගරිල්ලා සටන් ක්‍රමයකින් ඇරඹුණු සටන,
වසර දාහතක් තිස්සේ ඉදිරියට ගොස්,
අවසානයේ ඒ දැවැන්ත දකුණු ඉන්දියානු චෝල පාලනය මේ රටෙන් තුරන් කිරීමට එතුමාට හැකිවුණා..
පොළොන්නරුව රාජධානියේ ඇරඹුම සහ කීර්තිමත්ම යුගයක් ලෙස ක්‍රිස්තු වර්ෂ 1055 සිට 1110 දක්වා වසර පනස් පහක එතුමාගේ කාල සීමාව හඳුන්වන්නට පුළුවන්.
සිය දෙමව්පියන් ඇතුළු පවුල ,
තමා කුඩා කාලයේ
චෝලයන්ගෙන් හානියක් වීමට ඉඩ නොදී , රැකබලා ගෙන තමාට සටන් පුහුණුව ඇතුළු යුද ශිල්ප ක්‍රම උගන්වමින්,
මෙම ගමනට ආරම්භක යුගයේ සහාය දුන් පුද්ගලයෙක් එතුමාට හිටියා..
පණාකඩුව තඹ සන්නස ඒ ශ්‍රේෂ්ඨ රජතුමා හා ඒ පුද්ගලයා සම්බන්ධ කතා පුවතක්..
තමාගේ ළමා කාලයේ තමා රැක බලා ගත්,
රජ පවුලට ආරක්ෂාව සලසා දෙමින් සටන් ක්‍රම පුහුණු කර දෙමින් හා ජයග්‍රහණයට අඩිතාලම දැමූ,
රුහුණේ සිත්නාරු බිම්හි අධිපති බුදල්නා නැමැති ගම් නායකයා ඒ පුද්ගලයායි..
චෝලයන් පලවාහැර රාජ්‍යත්වයට පත් මේ ශ්‍රේෂ්ඨ රජතුමා ,
මේ රට නිදහස් කර ගැනීම සඳහා තමාට උදව් උපකාර කළ ඒ ගම්නායකයාට ලබා දුන් ප්‍රධානයන් පිළිබඳව මෙම ඓතිහාසික තඹ සන්නසෙහි සඳහන් වෙනවා..
මෙරට ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේද රජවරයෙකු විසින් ලියූ පැරණිම ලේඛනයක් ලෙසට එය සැලකෙනවා..
වඩා වැදගත් වන්නේ එම තඹ සන්නෙහි සඳහන් නියෝගයි..
ලබාදුන් ගම්බිම්වලට අමතරව තව වැදගත් නියෝගයක් තිබෙනවා..
බුදන්නාට පමණක් නොව ඔහුගේ පරම්පරා හතකට,
ඔවුන් අතින් සිදුවෙන සිදුකරන වරදවල් වලට දඬුවම් නොලැබීමේ වරප්‍රසාදයක් එහි නියෝග කර තිබෙනවා..
මරණීය දණ්ඩනය දිය යුතු වරදක් වත් දෙවතාවක් සමාව දී තෙවන වතාවට රටෙන් පිටුහල් කිරීමට පමණක් එහි නිර්දේශ කර තිබෙනවා..
එයට හේතුව ලෙස සඳහන් වන්නේ,
මා මුලින් සඳහන් කළ මේ රට චෝල අධිරාජ්‍යයෙන් බේරා ගැනීම සඳහා ඔහු දුන් දායකත්වයයි..
රටක නිදහස ස්වාධීත්වය රටකට කෙතරම් වැදගත් දෙයක්ද,
සහ ඒවා ලබාදීමට කැපවූ මිනිසුන් පිළිබඳව,
රටක් වැඩ කළ යුත්තේ කවර ලෙසින්ද,
ඔවුන්ට සැලකිය යුත්තේ රැකබලා ගත යුත්තේ
ලෝකයටම කියාපාන ඓතිහාසික ලේඛනයක් එය..
එවැනි ලේඛනයක් ලියූවේ වසර 1000 කටත් කලින් අපේ රටේ රජෙක්..
හැබැයි අපේ රටේ ඒ ලේඛනය අද නොවැදගත් අදහසක් බවට පත්වෙමින් තිබෙනවා..
නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය ,
සෝවියට් රුසියාව ,
ඉන්දියාව , පාකිස්තානය වැනි ඕනෑම රටක් තම රණවිරුවන් කෙරෙහි
පනාකඩුව තඹ සන්නසෙහි ,
මහ විජයබාහු රජතුමා සඳහන් කළ දේ, මේ මොහොතේ ක්‍රියාත්මක කරනවාට සැකයක් නෑ..
ජාතික කෞතුකාගාරයේ අදටත් සුරක්ෂිතව ඇති. එම ලේඛනය අපේ රටට වඩා එවැනි රටක කෞතුකාගාරයක තිබුණොත් වටිනාකමක් ලැබේවි කියලා හිතෙනවා..
//බුදන්නාට පමණක් නොව ඔහුගේ පරම්පරා හතකට,
Deleteඔවුන් අතින් සිදුවෙන සිදුකරන වරදවල් වලට දඬුවම් නොලැබීමේ වරප්‍රසාදයක් එහි නියෝග කර තිබෙනවා..//
අනේ Ano මහත්තයෝ, එහෙම නියෝගයක් අද කෙරුණොත්... හිතන්නත් බයයි!
පෙට්ටගමින් අනං-මනං -1 කියල දැම්මෙ, මේකත් සීරීස් එකක්ද?
ReplyDeleteඑහෙනං බකුසුතුමාට වෙනස අහුවෙලා.
Deleteමේක එකිනෙකට සම්බන්ධකමක් තියෙන සීරීස් එකක් නෙවෙයි. ඒ නිසා නොකඩවා පළ කරන්නේ නෑ මහත්තයෝ. ඒත් විටින් විට මේකේ 2, 3, 4, හෙම ලියැවේවි.
😁👌
Deleteසුදීක කාලෙකින්, ආයෙ ලස්සන අතීත මතක කතාවක් ලියල.
ReplyDeletehttps://awidda-paya.blogspot.com/2026/06/blog-post.html
Commentsවලට උත්තර දීලා ඉවර වෙලා ගිහින් බලන්නං.
Deleteපණිවිඩේ දුන්නට ස්තුතියි.
ගිහිං කියෙව්වා... බලාගෙන ගියාම සුදීක මාත් දන්න කෙනෙක් වෙන්නැති.
Deleteමමත් මූනුපොතේ දැක්කා ලස්සන කතාවක්. බෙදා ගන්න හිතුනා
ReplyDeletehttps://www.facebook.com/photo/?fbid=1017946780795439&set=pb.100077403794952.-2207520000
Commentsවලට උත්තර දීලා ඉවර වෙලා ගිහින් බලන්නං.
Deleteපණිවිඩේ දුන්නට ස්තුතියි. x 2
රසවත් පබැඳුමක්!
Delete+++++++++
ReplyDeleteස්තුතියි අජිත් ධර්ම මහත්තයෝ.
Deleteමේ පෙට්ටගං සීරීස් එකත් නරක නෑ හොඳයි ඒත් මේකට තෝරගෙන තියෙන මීම් ගැන කිව්වොත් නිදී ඔය දකින්නේ රටේ උඩින් පාවෙන පෙණ බුබුළු විතරයි, හැබැයි යටින් සිද්ධ වෙන්නේ මාලිමාව ප්රමුඛ ආණ්ඩු පක්ෂයයි පරණ විපක්ෂ කණ්ඩායම් එකතු වෙලා මහජනතාව රවට්ටන්න ගහන සූක්ෂ්ම දේශපාලන ඩීල් එකක් (Deal).
ReplyDeleteඋදාහරණයක් විදියට දැන් මේ දවස්වල රටපුරා තිරගත වන "සුරේෂ් සලේගේ උපවාස නාටකය" කියන්නේ මුළු රටේම අවධානය වෙනතකට හරවන්න දාපු නියම "දුම් බෝම්බයක්". මේක අස්සේ යටගහන්නේ ලංකාවේ බෞද්ධ ශාසනයේ සහ සංස්කෘතික උරුමයේ මහා මූලස්ථානයක් වන ප්‍රධානතම ස්ථාන අටක් භාරව කටයුතු කළ ආගමික නායක අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන්ට එල්ල වෙලා තියෙන බරපතළ මූල්‍ය දූෂණ සහ වංචා චෝදනා නීතියෙන් බේරගන්න හදන කුමන්ත්රණයයි.
උදාහරණයකට බැලුවොත්, වෙනදාට දූෂණයට විරුද්ධව කෑගහන, විනිවිදභාවය ගැන කතා කරන මාලිමාවේ ලොක්කෝ, අනුරාධපුරේ අටමස්ථාන අරමුදල් සහ පුරාවිද්‍යා ව්‍යාපෘතිවල මිලියන ගණන් මුදල් අවභාවිතයන් ගැන පරීක්ෂණ කරනවා වෙනුවට, දැන් මුළු පාර්ලිමේන්තුවම සහ මාධ්‍ය සන්දර්ශන වෙන් කරලා තියෙන්නේ අර සලේ මෝලාගේ කෑම පිඟාන ගෝවා කාපු මගුලවල් සහ CID එකේ ඇඳ ලෙඩ ඇඳක් වුණු හැටි ගැන විවාද කරන්නයි. පරණ පාලකයන්ගේ දූෂිත ව්‍යුහයන් සහ ප්‍රභූ පන්තිය ආරක්ෂා කරන්න මාලිමාවත් දැන් විපක්ෂයේ උදවිය එක්ක එකම මේසෙක රහස් එකඟතාවලට ඇවිත් තියෙන බව මේකෙන් පැහැදිලියි
මොකද පල්ලේගම හේමරතන හිමියන් වගේ ප්‍රබල ආගමික බලකණුවක් දූෂණ චෝදනාවලට හිරවුණොත්, ඒකෙන් මුළු දේශපාලන ක්රමයම දෙදරා යන නිසා, ආණ්ඩුවයි විපක්ෂයයි දෙගොල්ලන්ගේම පැවැත්ම වෙනුවෙන් සලේගේ සිද්ධිය "පලිහක්" කරගෙන ජනතාවගේ ඇස්වලට වැලි ගහනවා.
ඒ විතරක් නෙවෙයි සලේ මෝලාගේ උපවාස නාඩගමෙන් යටගහන්නේ ඔය පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන්ට එල්ල වෙලා තියෙන බරපතළ ළමා දූෂණ චෝදනා විතරක් කියලද; නෑ, ඒ සෙල්ලම අස්සේ මේ ආණ්ඩුවයි විපක්ෂයයි එකතු වෙලා මුළු රටේම මහජනතාවගේ බඩට ගහන මහා ආර්ථික අපරාධ වැලක්ම වහන්නයි හදන්නේ. බලන්න, සලේ මෝලා කෑවේ නැහැ, ගෝවා පත්තර කොල වල දාලා CID එකේ බිම නිදාගත්තා කියලා හැම ටීවී චැනල් එකකම, ෆේස්බුක් එකකම උදේ සවස සන්දර්ශන දාද්දී, ඒ දුම් බෝම්බයට මුවා වෙලා මුන් යටින් ඉන්ධන මිල ගණන් අහස උසට වැඩි කරපු ඒවා යට ගහනවා, විදුලි බිල දරාගන්න බැරි ගාණකට ඉහළ නංවලා, ඒ මදිවට පාන් ගෙඩියේ ඉඳන් හැම අත්‍යවශ්‍ය බඩුවකම මිල උඩ යමින් අධික උද්ධමනයකින් මුළු රටම හුස්ම හිරවෙන තැනට පත් කරලා තියෙනවා.
වෙනදාට අපිනම් ඩොලර් එක පාලනය කරනවා කියලා කටමැත දොඩවපු මාලිමාවේ ආණ්ඩුව, අද විපක්ෂ කණ්ඩායම් එක්ක එකතු වෙලා ඩොලර් එක ඉහළ යන්න ඇරලා බලාගෙන ඉන්නේ, මේ හැම ආර්ථික කඩා වැටීමක්ම සහ අර අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ කරපු පල්ලේගම හේමරතනගේ දහජරා ළමා දූෂණ නඩුවම මහජන අවධානයෙන් අතුගාලා දාන්නයි. උදාහරණයකට, වෙනදාට තෙල් මිල සතයකින් වැඩි වෙද්දී පාරට බැහැපු, විදුලි බිලට විරුද්ධව කෑගහපු මාලිමාවේ ලොක්කෝ සහ බෝම්බ ප්‍රහාරයට සාධාරණය ඉල්ලපු විපක්ෂයේ උදවිය, අද එකම වේදිකාවක සලේගේ සෞඛ්‍යය ගැන කිඹුල් කඳුළු හලන උන් එක්ක වාද බයිලා ගේම් නාඩගම් පෙන්නන්නේ රටේ මිනිස්සුන්ට තමන්ගේ දෛනික ජීවිතය ගැටගහගන්න බැරි වුණු අමාරුවයි, අර මහා පරිමාණ අපරාධයි අමතක කරවන්නයි
කෙටියෙන්ම කිව්වොත් මේක ආණ්ඩුවයි විපක්ෂයයි දෙගොල්ලන්ගේම පැවැත්ම වෙනුවෙන්, මිනිස්සුන්ව ආර්ථික අගාධයකට ඇදලා දාන ගමන් තමන්ගේ හිතවතුන්ගේ කුණු යටගහන්න දාපු නියම "දේශපාලන ඩීල් එකක්.
අධිකරණයට ඉදිරිපත් නොකර බොරු නාටක පෙන්වමින් සලේට සමාජ ජාල වලින් විතරක් දඬුවම් දීලා තව මාස කීපයක් නාඩගම නටලා ජනතාවට එපා වෙන කොට අන්තිමට උසාවියෙන් ඇප දීලා සලේව නිදහස් කරනවා බුකියේ මඩ දඬුවම විතරමයි අන්තිමට ඉතුරු වෙන්නේ ඕක තමයි හැමදාම කළේ, ඒ නිසා ඇත්ත කතාව තමයි මේ නාඩගමේ තියෙන මේ තිත්තම ඇත්ත මොකද ලංකාවේ දේශපාලන ක්‍රමය හැමදාම වැඩ කළේ ඔය ලියැවිච්ච ස්ක්‍රිප්ට් (Script) එකටම විතරයි. මේ දවස්වල ෆේස්බුක්, ටික්ටොක් එකේ සලේට විරුද්ධව "බුකියේ මඩ දඬුවම" දෙන ගමන්, මුන් තව මාස කීපයක් මේ සන්දර්ශනය ජනතාවට එපා වෙනකම්ම ඇදගෙන යාවි.
Deleteඊටපස්සේ තෙල් මිල, විදුලි බිල වැඩිවීම් දරාගන්න බැරුව මිනිස්සුන්ට මේ සලේගේ කතාව අමතක වෙද්දී, අර පල්ලේගම හේමරතනගේ බරපතළ ළමා දූෂණ නඩුවයි, ආර්ථික වංචායි ඔක්කොම යටගිහිල්ලා ඉවර වෙනකොට, හිමින් සැරේ උසාවියෙන් ඇප දීලා සලේව නිදහස් කරලා දානවා. අන්තිමට නීතියෙන් කාටවත් දඬුවමක් නෑ; මහජනතාවට ඉතුරු වෙන්නේ සමාජ ජාලාවල දාපු කමෙන්ට් (Comments) සහ පෝස්ට් (Posts) ටික විතරයි. මේ වගේම ඉස්සරත් මහා පරිමාණ හොරකම්, මිනීමැරුම් චෝදනා ආපු දේශපාලන ලොක්කෝ සති දෙකක් රිමාන්ඩ් වෙලා, ඊටපස්සේ ජෙලර්ගේ කාමරේ ඉඳන් කෙළින්ම බන්ධනාගාර රෝහලට හෝ පෞද්ගලික රෝහලකට මාරු වෙලා, සෝෂල් මීඩියා රැල්ල බැහැපු ගමන් නිදහස් වෙලා ගියේ නිදීට මතක ඇතිනේ; ඒ නිසා මේකත් ආණ්ඩුවයි විපක්ෂයයි එකතු වෙලා මිනිස්සුන්ව අන්දන්න, තමන්ගේ ආර්ථික පරාජයන් වහගන්න සහ ප්‍රභූ පන්තිය ආරක්ෂා කරගන්න හැමදාම පාවිච්චි කරන, කවදාවත් ඉවර වෙන්නේ නැති සාම්ප්‍රදායික "දේශපාලන ඩීල්" සෙල්ලමක් විතරයි. මේක එපා වෙනකොට එදිරිමුණියාගේ දෙවැනි ඉනිම වගේ තව වෙනත් නාඩගමක් පටන් ගනීවි.
ඩීල්, උගුල්, ආටක-නාටක ඉවරයක් නෑ නොවෙන්නං Ano මහත්තයෝ!
Delete@ Annonymous
Deleteඔයාගේ කතාව බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන් ලංකාවේ පවතින ජරාජීර්න දේශපාලන තත්වය අනුව , ඒ වගේම මටත් යමක් කියන්න තියෙනවා, නමින් කියන්න බැරි මේවා නමින් කිව්වොත් මාව ආයේ කුදලාගෙන යන්න ඉඩ තියෙන නිසා, ඇත්තම කතාව ඔය තුවාන් සුරේස් සලේ කියන්නේ මම දියතලාව SLMA එකේ පුහුණු වෙද්දි , මගේ කණිශ්ඨ කැඩෙට් නිළදාරියෙක්, ඔහු Intake 28, ඔහු මගේ සහෝදර කැඩෙට් නිළදාරියෙක්, නිහතමාණී , සුහ්දශීලී විනය ගරුක චරිතයක්, මගේ මිත්‍රයෙක්. ඔහුව මට කාළයකින් හමුවෙලා නෑ මම විදේශ ගත වුණාට පසසෙ
මගේ පෞද්ගලික හැගීමනම් ඔහුව මේ වගේ අනවශ්‍ය විදිහට දිගටම රදවනනේ නැතුව ඔහු ට එල්ලවන චෝදනා සැකයකින් තොරව ඔප්පු කිරීම සදහා ප්‍රමාණවත් සාක්ශි සොයා නඩුව ඉක්මනින් ගොනුකිරීම කලයුතුයි , ඔය දැනට එම ආදාල විමර්ශන නිළදාරීන් විසින් අනුගමනය කරනු ලබන අනීතික අවිනීතික ක්‍රියාවන් කිසිසේත් නොකළ යුතු බවයි.
විශේශයෙන් අශිශ්ඨ වදහිංසා පැමිණවීම කිසිසේත් සිදු නොකළ යුතු බවයි.
ඇත්තටම මේක දේශපාලණය හා සම්බංද වුණු බද්ධවුනු, මහා ජරා ජීර්ණවු කතන්දරයක්, සමහරවිට සලේ වැරදි වෙන්නත් පුළුවන්, ඒ වගේම අනිත් පැත්තෙං ඔහු නිවැරදිවෙන්නත් පුළුවන් , හැබැයි ඊට පෙර ඔහුට මේ වගේ අමන විදියට දඩුවම් කිරීමනම් මම තරයේ හෙළා දකිනවා.
සාමාන්යෙන් හමුදා නිළදාරීන්ට මෙවැනි ගැඨළු වලට මුහුන දෙන්නට වූ විට ඔහුන් වෙනුවෙන් කතාකරන්න පක්ශ විපක්ශ දේශපාලකයන් ඉදිරිපත්වෙනවා අඩුයි , සරත් ෆොන්සේකා ඇතුළු තවත් නිළදාරීන්ටත් මෙවැනි අකටයුතුකම් වලට මුහුණ පාන්න වෙලා තිබුණා.
මමත් ඉන් එක් අයෙක්, ඔය සමහරු සමහර වෙලාවට විතරක් අපිට රණවිරුවො කියළ උදම් ඇනුවට අපට ඇත්තටම ප්‍රශ්නයක් උනාම මොකෙක්වත් නෑ , මමත් පෞද්ගලිකව ඔයවගේ අවශ්තා දෙකකට මුහුණදුන් කෙණෙක් , ඒ අවශ්තා දෙකේදීම මටත් හිරේ විලංගුවේ ඉන්න උනා, විශේශයෙන් සරත් ෆෝන්සේකා මහතාගේ , ජනාදිපති මැතිවරණ කාර්යාලයේදි 2010 දි මා ඇතුළු 43 දෙනෙක් අත් අඩංගුවට අරන් ,CID එකට අරන් ගියේ ප්රභාකරන් අල්ලන් යනවා වගේ , ඒ අරන් ගිහින් , 4 තට්ටුවෙත් ,5 තට්ටුවෙත් දවස් 26 ක් තියාගත්තා, කූඩුවල තමයි හිටියෙ, කූඩු අපිම පිරිසිදු කොරන් තමයි හිටියෙ, පත්තර කොළ වල නැත්නම් නිකන් බිම තමයි සැතපුනේ, ඒ දවස් ටිකට කන්න හමුවුනේ පිළුණු කෑම පාර්සල් සමහරදාට. අපිට එරෙහිව එදා චෝදනා නැගිවෙ රට අල්ලන්න කුමන්ත්රනය කළා කියළා, එතොකොටත් මම බයි පාස් කරපු හර්ද රෝගියෙක්, මගේ පපුවෙ අමාරුවක් හැදිල අධිකරණ වෛද්‍ය නිළදාරීත් මාම රෝහල් ගත කරන්න කියළ ලියල තියෙද්දිත් විමර්ශණ නිළදාරීන් විසින් මාව රෝහල් ගත කරේ නෑ , ඇත්තටම අන්න එතනයි දේශපාලනය තියෙන්නේ, ඒ වෙලාවට CID නිළදාරීන්නූත් අසරණ වෙනවා, පවත්නා පාලනයේ පාළකයන්ගේ උපදෙස් මත තමයි CID නිළදාරීන්ට වැඩ කොරන්න වෙන්නේ, මම දන්නේ නෑ මටනම් උණේ එහෙමයි. හැබැයි ඉතින් අපිටනම් ඒ දවස්වල දැන් ඔය සලේට කරන තරමටම ඒ කාලේ හිටපු අය නම් ගහන්නවත් පොලු බස්සන්නනම් ආවේ නෑ කවුරුවත්, හැබැයි පොන්සේකා මහතාට නම් එක්සත් ජාතික පක්ෂය මැදිහත් වෙලා අවශ්‍ය පහසුකම් සලසා දුන්නා, මරා සහ රනිල් ලොක්කා යාලුවෝ නීසා, ඒත් පරිවාරයේ හීටපු අපට හුලන්
ඔන්න ඔහොමයි වැඩ වෙන්නේ , 4 තට්ටුවේ වැඩ ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්ගෙඩි ලෙසින් වැඩ ,
දැන් මේ කොමෙන්ටුව දැකල ශානි අයියාගේ ගෝලයො එයිද දන්නේ නැ මාව කුදලන් පුරුදු තැනට අරන් යන්න. ඒ නිසා මේක නිර්නාමිකව ලියන්න හිතුවා.
ලංකාවේ PTA පණත (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත) අනිවාර්යයෙන්ම සංශෝධනය කරන්න ඕනේ, මොකද ඒකෙන් මිනිස්සුන්ගේ මූලික මානව හිමිකම් දරුණු විදිහට උල්ලංඝනය වෙනවා. මේ නීතිය අස්සෙන් පොලිසියටයි ආරක්ෂක අංශවලටයි කිසිම වෝරන්ට් එකක් නැතුව ඕනෑම කෙනෙක්ව අල්ලලා මාස ගණන් රඳවා ගන්න පුළුවන් වගේම, වධ දීලා බලෙන් ගන්න පාපොච්චාරණ වුණත් උසාවියේදී සාක්ෂි විදිහට පාවිච්චි කරන්න ඉඩ ලැබෙනවා.
Deleteලංකාවේ ඕකෙන් වැඩිපුරම බැට කන්නේ සුළු ජාතීන්, ගොඩක් වෙලාවට දමිල සම මුස්ලිම් අය වගේම දේශපාලන ක්‍රියාකාරීන් සහ තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා සාමකාමීව උද්ඝෝෂණය කරන සාමාන්‍ය මිනිස්සු. එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේම Amnesty International, Human Rights Watch ආයතනත් දිගින් දිගටම කියන්නේ මේක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන්නේ නැති මර්දනකාරී නීතියක් කියලා, අනික මේ ප්‍රශ්න හින්දා අපේ රටට ලැබෙන GSP+ වැනි ජාත්‍යන්තර වෙළඳ සහන පවා අහිමි වෙන්න ලොකු අවදානමක් තියෙනවා.
මේ ආණ්ඩුව දිගටම මේ පණත් ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවානම් මේවා ඉස්සරහට එන ආන්ඩු වලට තමයි වටින්නෙ. නැත්තන් ඕවා අනිත් පැත්තට කැරකෙන කොට පට්ටම ඉමෝශනල් හෑලි ලියන් නහයෙන් අඩන්නෙත් මුන්. මෙව්වා වල screenshot ගහන් ඉදලා පස්සෙ පස්සේ ඤාව් ඤාව් ගෑවොත් ss පෙන්නලා පයින් ගහන්න ඕනේ මුන්ට 😊
හ්ම් හොඳ සංවාදයක්, හැබැයි ඔතන තව වැදගත්ම කාරණයක් තියෙනව, ඔය අත්අඩංගුවට අරගෙන තිබෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ ගැන කිව්වොත් එයා අයිති වෙන්නේ ඉස්ලාම් ආගමට. ඇත්තටම එයාගේ සම්පූර්ණ නම තුවාන් සුරේෂ් සලේ. ඔය නමේ මුලට තියෙන තුවාන් (Tuan) කියන කෑල්ලෙන්ම අපේ ලංකාවේ මැලේ මුස්ලිම් ප්‍රජාවේ අනන්‍යතාවය පැහැදිලිවම පේනවා. ඉතින් සරලවම කිව්වොත් එයා ඉස්ලාම් භක්තිකයෙක්
Deleteහැබැයි ඔය සලේගේ උපවාසය බොරු වැඩක්. මේ ආණ්ඩුව PTA අහෝසි කරන්නේ නැහැ. ඒ වගේම ඊළඟට එන ආණ්ඩු අහෝසි කරන්නෙත් නැහැ. ඕක අහෝසි කළොත් කාටවත් ලංකාව වගේ අමන රටක ආණ්ඩු කරන්න වෙන්නෙත් නැහැ.
මේ පළහිලව්වේ වඩාත්ම සිත් ගන්නා සුලු නිරීක්ෂණය තමයි සලේ වෙනුවෙන් කිසිදු මුස්ලිම් ජාතිකයෙකු පෙනී නොසිටීම.මුසල්මානුවෙකු වන සලේ වෙනුවෙන් වචනයක් හරි කථා කරන්නේ සිංහල බෞද්ධයන් ටිකක්.
නියමම වැඩේ තමයි පැත්තක හිටිය සලේව මේකට ඇදලා දැම්මෙත් තවත් මුස්ලිම් ජාතිකයෙකු වන අසාත් මවුලානා වීම.
මේක මරු තත්ත්වයක්.
සහරාන් ඇතුළු ඉස්ලාම්වාදි ත්‍රස්ත කල්ලිය කාලයක් තිස්සේ සැලසුම් කරලා බෝම්බ ගහලා මැරුවේ කතෝලික/ක්‍රිස්තියානු ආගමිකයන්ව.
ඒ ඓතිහාසික කතෝලික-ඉස්ලාම් ගැටුම.
ඇමරිකා-ඉරාන යුද්ධය පවා මේ ජන්මාන්තර වෛරී ආගමික ගැටුමේ තවත් එක් අවස්ථාවක් පමණයි. ඕක අවසන් වෙන්න නම් එක් ආගමක් හෝ ආගම් දෙකම හෝ සහමුලින් නැති විය යුතුයි. නුදුරු අනාගතයේ නම් එහෙම වෙන්නේ නැහැ.නමුත් මේකෙන් ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ ඊනියා සහෝදරත්වයේ රෙදි ගැලවෙනවා.
අපි සාමාන්‍යයෙන් හිතන්නේ මුස්ලිම් ආගමිකයන් එකිනෙකා වෙනුවෙන් පෙනී සිටිනවා කියලයි. ඒක ඔවුන්ගේ ආගමික ඉගැන්වීම. නමුත් මේ සිද්ධියෙන් ඒ විශ්වාසය අහෝසි වෙනවා.මුසල්මානුවාට නැවත තවත් මුසල්මානුවෙකු විශ්වාස කරන්න බැරි වෙනවා.
ඇත්තටම ලංකාවේ පාස්කු ප්‍රහාරය ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට විශාල කළු පැල්ලමක් වුණා. විශේෂයෙන් ම කොළඹ කේන්ද්‍රීය මුස්ලිම් ව්‍යාපාරික වල්ලට ඒකෙන් ලොකු ලැජ්ජාවක් ඇති වුණා.
අලි වන්සෙන් හිටියට උන්ගේ කැත ගෝත්‍රික අන්තවාදී ස්වභාවය ඒකෙන් ලෝකෙටම පෙනුණා.
කපටිකම තිබුණට බුද්ධියෙන් හීන උන් සෙට් එක හිතුවේ මේක වෙන කෙනෙකුගේ ඇඟේ ගහලා තමන්ගේ ආගමට වුණු ලැජ්ජාවෙන් ගැලවෙන්න.
නමුත් උන්ගේ සැලසුමත් එක්ක සර්ව බලධාරින්නාන්සේ නපුරු සෙල්ලමක් කළා. මැද්දට ඇද්දා තවත් මුස්ලිම්කාරයෙක්ව 😆. ස්වභාව ධර්මය කියන්නේ කෲර විහිළුකාරයෙක්. 😁
නීතිය නවලා හරි සලේව වැරදිකාරයා කරපු ගමන්ම පාස්කු ප්‍රහාරය නැවතත් මුස්ලිම්කාරයෙකු පිටම පැටවෙනවා. මේක නම් යස සෙල්ලමක්. අනුර කුමාරත් පීටීඒ එක දාගෙන එක මුස්ලිමුන් පිරිසක් සතුටු කරන්නට ඔය දැන හෝ නොදැන ගහන්නේ තවත් මුසල්මානුවන්ගේම කනට.😂
අල්ලාහ් ඉදිරියේ සලේ මුසල්මානුවෙක්. ඔය ලංකාවේ ඉන්න තඹ රැවුල් නානලාට බැහැ ඔවුන්ගේ කුරානයට අභියෝග කරන්න.
මේ කරගත්ත වැඩෙන් ඔප්පු වෙන්නේ මුස්ලිම්කාරයාගේ අවස්ථාවාදීකම. කතෝලිකයා නම් කොහොමත් පට්ට අවස්ථාවාදියෙක් කියලා ජේසුස්ම පෙන්වා දී තිබෙනවා. සිංහල බෞද්ධයා කියන්නෙත් මළාට විශ්වාස කරන්න බැරි කුප්පම කූජීතම අවස්ථාවාදියෙක් බව ලෝකෙම දන්නවා. මමත් පෞද්ගලිකව සිංහල බෞද්ධ පවුලක උපන් කෙනෙක් විදිහට පට්ටම අවස්ථාවාදී පට්ටම අමන කෙනෙක් බව පිලිගන්න ලැජ්ජ වෙන්නේ නෑ ඒ අපේ ස්වභාවය, ඒක අපේ හැටි
නමුත් මෙච්චර කල් හෙන ලොකු බ්‍රදර්හුඩ් එකෙන් හිටිය ලංකන් මුසල්මානුවා මේ වැඩෙන් පස්සේ තමන්ගේ වාසියට තමන්ගේම උන්ව බොරුවට පාවා දෙන පට්ටම චාටර් බුවෙක් ගානට වැටෙනවා.
ඒක ඉතාම වැදගත් සමාජ පරිවර්තනයක්.
සලේට වධ දීලා නන්දසේනයා (ගෝටා)ගේ නම කියවා ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. දැනටමත් ඔය නඩුව රටටම ගොන් ජෝක් එකක් වෙලා ඉවරයි. නමුත් එහෙම වුණා කියලා සමාජය පිළිගත්තත් එයින් වෙන්නෙත් මුස්ලිම්කාරයෙක් තමන්ගේම ජාතිකයන්ට එරෙහිව වෙනත් ජාතිකයෙකු සමග කුමන්ත්‍රණ කළා කියා විශ්වාස කිරීමයි.
කොහොම ගියත් මේකෙන් ලංකාවේ මුස්ලිම් ප්‍රජාව බල්ලෙකුටවත් විශ්වාස කරන්න බැරි තරමට පට්ටම චාටර් වෙනවා. ඒක තමයි සර්ව බලධාරින්නාන්සේ දඬුවම් කරන විදිහ.
PTA අහෝසි නොකළ යුතුයි. මොකද මේ පාස්කු දේශපාලන නාට්‍යය දිගටම කරන්න නම් එය අත්‍යවශ්‍යයි. මාලිමා ආණ්ඩුව ගෙදර ගිය දවසට ඊළඟට ලංකාවේ අමන ජනයා බලයට පත්කරන අලුත් හොර රැල උන්ගේ ඇරියස් කවර් කරගන්න සහ තම වහල්ලුන්ට ආතල් එකක් දෙන්න ඔය ජවිපෙ ත්‍රස්තයනුත් CID ගෙනියන්නේත් ඔය PTA එකෙන්ම තමයි. ඒක තමයි පොලිටික්ස් වල ස්වභාවය.🤠
වෙන්නත් පුළුවන් කතාවක් හැබැයි . එක එක කාලෙට එක එක නාඩගම් වගේ
ReplyDeleteඒක සැබැයි, සැබැයි තමයි!
Deleteහැබැයි ඉතින් ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහත්මය කියන එකත් ඇත්ත වගේ -http://youtube.com/post/UgkxomRbzAuIY1JNJF3jhcf3GVkVDWZP9U48?si=i0bmyRKGPAzaYmsH
ReplyDeleteCommentsවලට උත්තර දීලා ඉවර වෙලා ගිහින් බලන්නං.
Deleteපණිවිඩේ දුන්නට ස්තුතියි. x 3
අජිත් මහත්තයෝ, ඔයා දීල තියෙන link එක හොයාගන්න බැහැනෙ.
Deleteසුරේෂ් සලේට කන්න දුන්නේ රාබු බතුයි පත්තර කොළේක දාලා කියලා ගම්මන්පිල ප්‍රෙස් එකක කියලා තිබ්බා. කන්නවත් හරියට නෑ, CID එක තමන්ට සලකන්නේ වධහිංසා කරලා 🦮 කුටත් වඩා අන්ත විදිහට කියාලා සලේ මා රාන්තික උපවාසයක් පටන් අරන් තියෙනවා කියලත් කිව්වා. සලේ එයාගේ පුතාව හම්බුණා ට පස්සේ, හඬා වැටිලා මේ දේවල් කියලා තියෙනවලු. පස්සේ සලේගේ පුතයි බිරිඳයි එයාලගේ වුවමනාව මත මේ ටික කියන්න කියලා ගම්මන්පිලට වැඩේ බාරදීලා. ගම්මන්පිල අංග චලන එහෙම දාලා ඊයේ වැඩේ ලස්සනට කරලා තිබ්බා.
ReplyDeleteපල්ලෙහා තියෙන්නේ 2012 මැයි මාසේ 28 වෙනිදා ලංකාදීප පුවත්පතේ පළවුණු සටහනකින් මා උපුටා ගත් කොටස් කිහිපයක්. සාකච්ඡාව කරන්නේ සරත් ෆොන්සේකා එක්ක. ඒක පටන් ගන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා,
ප්රශ්නය : හමුදා සේවයේ සිටියදී ජනරාල් තනතුරට උසස් කෙරුණු එකම ශ්‍රී ලාංකික හමුදා නිලධාරියා වූ තරු හතරේ ජනරාල්වරයකු වූ ඔබට හිරගෙදර ජම්පරය ඇඟලා ගන්නට සිදුවුණු මොහොතේ දැනුණු හැඟීම් කවරක්ද?
පිළිතුර : සිදුවුණු කිසිම දෙයක් නිසා මම බිංදුවක්වත් මානසිකව වැටුණේ නෑ. මගේ මානසික ශක්තිය වට්ටන්නත් කිසිවකුට බෑ. තව අවුරුදු දහයක් හිරගෙදරට දැම්මත්, මාව එල්ලනවා කීවත් මාව මානසිකව වට්ටන්න බෑ. කිසිම අභියෝගයක් බාධකයක් හමුවේ මම සැලෙන්නෙ නෑ.
ඊට පස්සේ අහපු එක එක ප්‍රශ්න වලට ඔහු වැඩිදුරටත් මෙහෙම උත්තර දීලා තිබුණා.
"මම හිරගෙදරට පළවැනි අඩිය තිබ්බේ ඕනෑම දෙයකට ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න හිත සූදානම් කරගෙන. බෙලෙක් පිඟානෙන් බත් කන්න, බත් ටික ගන්න පෝලිමේ යන්න, බෙලෙක් ජෝගුවෙන් වතුර ටික බොන්න, පැදුරේ බිම නිදාගන්න, මා ලෑස්ති වෙලයි හිටියේ."
"මා අවුරුදු 30ක් ජම්පරෙන් තියනවා කියලා සමහර අය කීවා. මා එල්ලනවා, හිරගේම මැරෙන්න අරිනවා කීවා. ඒත් මාව ඔය කිසිම දේකින් වැටුණෙ නෑ. හිරගෙදර පුංචි කාමරයක " මීයෝ, කැරපොත්තො මකුණො," කූඹි හිටපු තැනක රසක් ගුණක් හිතන්නෙ බලන්නෙ නැතුව දුන්නු කෑම පිඟාන කාලා, වතුර ටික නාලා ගෙවපු ජීවිතයට මට හුරුවෙන්න අසීරු වුණේ නෑ."
ෆොන්සේකා කියන දේශපාලකයාට දැන් මගේ කිසිම කැමැත්තක් නෑ. හැබැයි ෆොන්සේකා හිරේ දැම්මත් අරහෙම පීචං නම් වුනේ නෑ. "අම්නේ ම්ම්ට කම්න දෙම්නේ රාම්බුයි බතුයි. ඉම්හි ඉම්හි" කියලා නහයෙන් ඇඬුවේ නෑ. රාජපක්ෂලා නරුම විදිහට සලකද්දිත්, දත කාගෙන කොහොමහරි අල්ලගෙන හිටියා.
ගම්මන්පිල කියපු දේට පොලිසීය පැත්තෙන් පිළිතුරක් දීලා තියෙනවා, ඔය කියන විදිහේ අමානුෂික සැලකීමක් සුරේෂ් සලේට වෙන් නෑ කියලා. දැන් ගම්මන්පිලට තියෙන්නේ, ප්‍රෙස් තිය තිය ඇඟිලි හොල්ල හොල්ල ඉන්න නෙවෙයි. ඒ වෙනුවට ක්‍රියාමාර්ග අරන් ඔප්පු කරලා පෙන්නන්න. ප්‍රෙස් වල අංග චලන දාලා විතරක් මදි. තව හෝම් වර්ක් කරන්න.
ෆොන්සේකා හිරේ යනකොට කට වහන් හිටපු අය සලේ වෙනුවෙන් කඳුළු හලනවා කියාලා අපි කියන්න යන්නේ නෑ. මිනිස්සු නම් මිනිස්සු. ඒවා එහෙම වෙනවද කියලා හොයලා බලන්න ඕන. හැබැයි ඉතින් දොරේ වෙනයි, බෙරේ වෙනයි. ඊලඟ කෑල්ල තවත් රසවත් වෙයි. https://www.facebook.com/share/p/1C6x7fctkJ/?mibextid=wwXIfr
ගම්මන්පිල මහත්තයත් පස්සේ කියාවිද දන්නෙ නෑ 'මට සමා වෙන්න, වැරදි තොරතුරක් ලැබිල තියෙන්නේ.' කියලා.
Delete"පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණය කරන්න..ඒ්ක නැවැරදිවයි කරන්න ඔ්නා. අපි ඉල්ලන්නේ එච්චරයි. නමුත් දැම්මම වැරදිකරුවෙක් කරගෙන කරගෙන වැඩේ නම් එච්චර සාර්තක නෑ කියලයි මට කියන්න පුලුවන්. මමත් යුද හමුදාවේ හිටියේ. මල්ලිත් යුද හමුදාවේ හිටියේ. අපිත් නීතියට ගරු කරනවා. මේක කරන්න. කමක් නෑ. නමුත් එයාට ඒ තැන් ටික හරියට සලකලා දීලා හරිආකාරයෙන් කරන්න. මොකද මේ පාස්කු ප්‍රහාරය කියන එක රටින් නැතිවෙලාම යන්න ඔ්නා. අපිත් කැමතියි. අපිත් නීතියට බොහොම ගරු කරනවා. අයියත් මං ගිය වෙලාවට කියන්නේ එයත් කැමතියි මේක කරන්න කියලා. නමුත් හරි ආකාරව නිසි ආකාරව කරන්න කියන එක විතරි කියන්න තියෙන්නේ. අපි කවුරුත් මාධ්‍යට ඇවිත් කතා කරලත් නෑ. අයියා කතා කරලත් නෑ. එන්නෙත් නෑ. අපි සාමාන්‍ය කට්ටියක් විතරයි."
ReplyDelete"අපි මේ කියන්නේ එළියට ගන්නවත්, මේක නවත්වන්නවත් කියලා නෙමේ. අපි කියන්නේ ඒ මනුස්සයට එතන හරි තැනක් සලකලා සමානව සලකන්න කියලයි. අපිට වෙන දේවල් අවශ්‍ය නෑ. එළියට ගන්නවත්, නවත්වන්න කියලවත් අපේ බලපෑමක් නෑ. කිසිම බලපෑමක් නෑ. මං දන්නෑ කවුද එහෙම කියන්නේ කියලා. නීතියක් තියෙනවා නම් ඒක අකුරටම ඉෂ්ඨ කරන්න. මෙයා වරදකාරයෙක් නම් ඒකත් හරියට කරන්න. නමුත් සැකකරුවෙක්ව වරදකරුවෙක් කරන්න බෑනේ. මං මේ යූටියුබ් කරන අයගෙනුත් ඉල්ලාඉන්නේ (පැහැදිලි නැත).. ඒක අපි දකිනවා..අපි කටවහගෙන ඉන්නවා අපට වෙන කරන්න දෙයක් නෑ. එච්චර තමයි මට කියන්න තියෙන්නේ" - ෂෙල්වින් සලේ මහතා (සුරේෂ් සලේගේ සහෝදරයා)
වීරවංශලා, ගම්මන්පිලලා 2026 පෙබරවාරි 25 ඉඳන් කියන ඒවයි මේ මහත්මයා කියන ඒවයි වෙනස්. වීරවංශලා, ගම්මන්පිලලා හදන්නේ සලේ පිටින් ගොඩයන්න.
යූටියුබ් ගැන කිව්ව කතාවට කියන්න ඔ්න සලේ සැකකාරයෙක් විතරයි තමයි තවම. සලේ වැරදිකරුවෙක් කරන්න අපට බෑ. ඒක කරන්න ඔ්නා අධිකරණයකින්. අධිකරණයකින් ඒක කරන්නත් ඔ්නා සාධරණ විදිහට. ස්වභාවික යුක්තියේ මූලධර්මවලට අනුව. අත්තනෝමතිකව සලේ හිරේ දාන්න බෑ. සලේට සාධාරණ නඩු විභාගයක් දිය යුතුයි. අපිට ඒ ද බී ද සී ද අදාල නෑ. හැමෝටම නීතිය සර්ව සාධාරණ විය යුතුයි. හැබැයි සලේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සැක කරන්න හේතු කියන්න අපි හැමෝටම අයිතියක් තියෙනවා. සලේට මඩ ගහන්න අපිට කිසිම අයිතියක් නෑ. සලේට අපහාස කරන්න අපිට අයිතියක් නෑ. හැබැයි කරුණු සහිතව දේවල් කියන්න, හේතු සහිතව සැක කිරීම කියන්න අපිට අයිතියක් තියෙනවා. අපි හේතු කියන්නේ ගම්මන්පිලලා කට එන දේවල් කියනවා වගේ නෙමේ. අපි කියන්නේ කරුණු සහිතව.
සලේට ඇත්තටම ටෝචර් කරලා නම් සලේට කලින් තමයි අපි ඒකට විරුද්ධ වෙන්නේ. අපිට කෙනා අදාල නෑ. ඔය පරීක්ෂා කිරීම කරද්දි සලේට ටෝචර් කරලා කියලා කියනවා නම්, ඒ දේම කරපු අනිත් රැඳවියන්ටත් ටෝචර් කරලා වෙන්න ඔ්නා.ටෝචර් කලාද නැද්ද කියන එක පරීක්ෂණයකින් තහවුරුවෙයි. සලේගේ සහෝදරයා සෙල්වින් මහතාට ඇත්තටම මේ විමර්ශනවලට බාධා කිරීමේ අරමුණක් නැතුව ඇති. ඔහු පොත් පවා ලියන කෙනෙක්. නමුත් සෙල්වින් මහතා තේරුම් ගත යුත්තේ යූටියුබ්වල සලේට කරන චෝදනාවලට වඩා යූටියුබ්වලත්, ප්‍රධාන මාධ්‍යවලත් සලේ මතින් දේශපාලනය කරන්න දඟලන පිරිස නිසා සලේට වන හානිය ගැනයි- තරිඳු ජයවර්ධන
සත්‍යය ඉස්මත්තටම එන්න තව සෑහෙන කාලයක් යාවි වගේ...
Delete"I changed all my passwords to 'incorrect'. That way whenever I forget what it is, the computer always reminds me what I did wrong."
ReplyDelete- From internet.
ආහා!
Deleteමහත්වරුනි ,නෝනාවරුනි සහෝදර සහෝදරියනි , මිතුරනි ,මිතුරියනි , තරුණ තරුණියනි , යව්වන යව්වනියනි , විශේෂයෙන්ම වර්තමාන දූෂිත මාලිමා ආණ්ඩුවට තවමත් හිතැති මුත් යමක් තේරුම් ගත හැකි විවේච්නයේදී කේන්ති නොගන්නා මිතුරු මිතුරියනි, ප්‍රිය සීනු හා මාලිමා ලෝලියෙනි , මේ සිද්ධිය නිසා හෝ ආණ්ඩුව ඉක්මනින් ඇදවැට්නු ඇතැයි ප්‍රීතියෙන් බලාසිටින තෙලබණු / පිපෙන කැකුළු ඇතුළු විපක්ෂයේ සගයිනි
ReplyDeleteඋක්ත පල්ලේගම තවමත් චුදිතයකු පමණක් බවත් ඇප දුන්නේ ගරු අධිකරණයෙන් බවත ඇත්තය . තීන්දුව ලැබෙන තෙක් උන්වහන්සේ වැරදිකරු යයි කීමට බැරි බවත් ඇත්තය .
ඒත් තමා නිවරදි නම් මේ බරපතල චෝදනාව එල්ලවූ විගස ඉදිරිපත්වී එය අසත්‍යක් බව කීමෙන් තොරව නවලෝක ඉස්පිටිතාලයේ වැඩ වාසය කිරීම නිසා හා උසාවියට ඉදිරිපත්වීමට / කිරීමට ප්‍රමාද වූනිසා විශේෂයෙන්ම ආණ්ඩුවේ බලධාරින් මේ ගැන නිහඬව් සිටීම නිසා පොදු ජනතාව මේ සිද්ධිය ගැන හඬ නැඟීම , ආවේගශීලී වීම බලාපොරොත්තු වියයුතු දෙයකි . එහි අවුලක් මම නොදකිමි .
මේ පල්ලේගම හා සබැඳි සිද්ධියෙන් ජනතාව මහත් අපේක්ෂා සහිතව පත් කර ගත් පුංචි ඝන්ඨාර + කොම්පාසු ආණ්ඩුවේ, (පොලොස් ඇමතිගේ හා බීමත්ව රිය පදවා අනතුරක් සිදු කර බවට චෝදනා ලද පොලෝස් ලේකම්ගේ) පොලෝසිය විසින් ස්වකීය කාකි නිල ඇඳුම ද ගරුතර මහා සංඝරත්නයේ චීවරයද පමණක් නොව ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ රතු කමීස හා බ්ලවුස්ද ගලවා දමා ඇත. එමෙන්ම සමාජ ප්රජාතන්ත්රවාදීන්ගේ අභිමානවත් රතු ධජයද බිමට ඇද දමා ඇත.
අපේ සරල බසින් කියනවානම් පොලෝසිය හා ලේකම්ද ආණ්ඩුවට ග්‍රීස් නැතිව ලෙසටම ඇර තිබේ . එයට එරෙහිව ආණ්ඩුව ක්‍රියා නොකිරීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව සතුටින් එම ඇරීම වින්දනය කරන බව යයි යමෙකු කිවහොත් එසේ කීම වරදක් බව පෙන්වාදීම අපහසුය.
ට්‍රෝජන් අශ්වයෙක් නොව අශ්ව රංචුවක්ම ආණ්ඩුව තුළත් පක්ෂය තුළත් රාජ්‍යය තුළත් සිටින බව පෙනේ.
ට්‍රෝජන් අශ්වයෙක් නොව අශ්ව රංචුවක්ම!!!
Deleteමහ ට්‍රෝජන් අස්පයා තමයි ඩබල් පොකට් කොට පොර, ඔය ලංකාවේ කොල්ලො කෙල්ලෝ රවට්ටලා බලය ගත්ත නිසා උන් දැන් පච කොට වේසාවා කියලා කුණුහරුප කියලා බනීන්නේ, යූ ටියුබ් එකේ සින්දු හදලා දාලා තියෙන්නේ ඒකනේ, ඔතන සිවුර ඇරපුවම එක ගෑණියි. සිවුරේ හිටියම අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ගෑණු. එහෙම නම් සිවුර අරින හැම කෙනෙකුටම මුස්ලිම් වෙන්න නීතියක් වත් හදන්න ඕනේ. ඔය ප. හේ. ට සිදු වුනේ ඉතාම අවලස්සන මුහුණක් හා ඒ හා සමාන අවයවයක් තිබීමයි. ඒකයි ඔය ගැටලුවට මුහුණ දුන්නේ. අනුරාධපුර ප්‍රදේශයේ දි නම් එයාට කිසිම දඩුවමක් ලැබෙන්නේ නැහැ. එහේ හැම තැනම ඔය අටමස්ථානයේ දේපලවල තමා හැමෝම ජීවත් වෙන්නේ. පොරගේ නින්දගමක් වගේ ඒ මිනිස්සු තරමක් දුරට ප්රවේණි දාසයො වගේ, මුලින්ම ඒ තත්ත්වය වෙනස් කරන්න ඕනේ මේ ආණ්ඩුව යටතේ නම් වෙන්නේ නෑ ප.හේ. මාලිමාවේ ලොකුම කකුලක් නිසා, වෙන ආණ්ඩුවක් යටතේ වත් කරන්න නම් අනිවාර්යයෙන්ම දැන්ම ඒකට ජනමතය හදාගෙන යන්න ඕනේ.
Deleteසමහර පෙට්ටගම් ඇරලා බැලුවහම වටිනා වස්තුවගේම ලොභකමට අල්ලගන ඉන්න ඒවත් තියනවා.
ReplyDeleteඔවු ඒක ඇත්ත මචං නිහඬපාල, ඇත්තටම ඔය 'පෙට්ටගමෙන් මතු වන මීම්' පිටුවල ඇති දේශපාලන බලපෑම සමාජ මාධ්‍ය අවකාශය තුළ "පෙට්ටගමෙන් මතු වන මීම්" කලක් තිස්සේ දේශපාලන උපහාසය සමාජගත කිරීමට කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළත්, වත්මන් දේශපාලන බල පෙරළියත් සමඟ ඒවායේ පවතින ඒකපාර්ශ්වික සහ පක්ෂපාතී ස්වරූපය පැහැදිලිවම කැපී පෙනෙන බව කියන්න වෙනවා.
Deleteපවතින අන්ත දූෂිත අමන රජයේ අඩුපාඩු හෝ පරස්පරතා වෙනුවට තවමත් පැරණි විපක්ෂ කණ්ඩායම් පමණක්ම ඉලක්ක කර ගනිමින් ඇතැම් අමන ඩෝබි පේජ් වල මීම් නිර්මාණය වන පසුබිමක, වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මගේ මිතුරෙකු කලකිරීමෙන් කරන මෙම විවේචනය එම පිටුවල හැසිරීම මනාව පැහැදිලි කරනවා
අද ලංකාවේ දේශපාලන කරළිය දිහා බැලුවම, හැමෝටම පේන ලොකුම විහිළුව තමයි එදා විපක්ෂයේ ඉඳන් සිංහනාද කරපු අනුර කුමාර, අද ජනපති පුටුවේ වාඩිවෙලා රඟපාන මේ ද්විත්ව රංගනය. එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ගැන පුක පොළොවේ ගහගෙන දිව හපාගෙන, උගුර ලේ රහ වෙනකම් කෑමොර දීපු මනුස්සයා, අද කිසිම ලැජ්ජාවක් නැතුව තමන්ගේ බලය රැකගන්න ඒ මර්දනකාරී අවියම ජනතාවට එරෙහිව පාවිච්චි කරන්නේ හරියට උඩුහුලඟට කෙළ ගහගත්ත එකෙක් වගේ
ඇයි ඒ විතරක් නෙවෙයි, එදා IMF එකටයි, බදු බරටයි විරුද්ධව සටන් පාඨ කිය කියා මිනිස්සුන්ගේ ඔළු හදපු නායකයා, අද ඒ IMF කොන්දේසි ඉස්සරහාම දණින් වැටිලා 100%ක්ම තමන් කියපු දේට අනිත් පැත්ත පෙරළලා රනිල්ටත් වඩා සැරට IMF එකට පුක දීගෙන වැඩ කරද්දී, මේවා දකින ඕනෑම කෙනෙකුට හිතෙන්නේ මුන් රටට කරපු ලොකුම දේශපාලන කොලොප්පම මේක කියලා තමයි. හැබැයි ඔය කියන පේජ් එකේ ඕවා දකින්න නැත්තේ, උන් තවමත් අර පරණ වහල් මානසිකත්වයෙන් සහ පටු දේශපාලන න්යායපත්රවලින් ඔලුව ගෙඩිය පිටින්ම හෝදගෙන, අන්ධ භක්තියෙන් මේ අතේ පැළවෙන බොරු වහන්න උත්සාහ කරන නිසයි
ඒත් ඇත්ත තිත්ත වුණත්, අද මුළු රටේම මිනිස්සුන්ට මේ දෙබිඩි වෙස්මුහුණ ගැලවිලා, මිනිහා රටේම පට්ටම ජෝක් එකක් වෙලා ඉවරයි මචං.
නිමල් අංකල් අපට වඩා ගොඩක් දුරකට වැඩිමල් නිසා පොඩි දෙයක් අහන්න තියෙනවා, මාලිමාවට සම්බන්ධ සමහරු කියන විදියට සහ සමහර පේජ් වල දාල තියෙන විදියට සජියා ආර් ප්‍රේමේගේ එකෙක් නෙවෙයි කියලා කියන කතාව ඇත්තද?
ReplyDeleteකට්ටිය කියන විදියට ආර්. ප්‍රේමදාස කියන්නෙ යකෙක්. මිනීමරුවෙක්
යූ එන් පී අයත් කියනවා පොර මේ වගේ වෙලාවට හෙන ගේම් එකේ ඉන්නෙ. මේකා පතෝලයෙක් කියලා
යූඑන්පි එක 77 බලයට එන්න ඒ ප්‍රේමදාස කියන නපුරු යකාගෙ කාණු කට වගේම විපක්ෂයෙ ඉදන්
සටන් කරන හැටිත් පෙන්නුවා කියලා කියනවා.
ඒත් ඒකට මූ... පතෝලයා කියලා යු එන් පී කාරයෝ කියනවා.
ඉස්සර කාලේ කතාවක් සමහර පේජ් වල දාලා තියෙනවා අපේ ගෙවල් පාරේ දෙමටගොඩ සංඝදාස මුදලාලිගේ කැශියර් එකෙ හිටියලු හේමා.
නන්දසේන කුරේ කියන්නෙ සිරිසේන කුරේගේ අයියාලු.
නන්දසේන කුරේ මරදානේ සුදු වැල්ල නාගරික මන්ත්රිලු(චොප්පෙගෙ ආසනේ)
ආර්.ප්‍රේමදාස පොලිටික්ස් බැස්සෙ නන්දසේන එක්කලු. වී සුගතදාස මේයර්ලු ඒ කාලේ..සංඝදාසගේ කඩේ කෑම කන්න ඇවිත්ලු ප්‍රෙමදාසට ඔන්න හේමා සෙට් උනේ.තියන් හිටියෙ සංඝදාස කියලා කියන්නෙ, මේ කතා ඇත්ත ද බොරු මඩ ප්‍රහාර ද?
Anonymous 6.55
Deleteඅනේ යකෝ තොපේ අවජාතක කෙබර කොට නරියා වගේ සජිත් පුංචි අම්මාට කෙළියේ නැති නිසා ද තොපිට ඔච්චර පුපේ අමාරුව? අනුන්ගේ ජාතක හොයන්න කලින් තමන් ගේ ජාතකේ හොයාපිය, පච කොටා අවජාතක අහිකුණ්ටකයෙක් උගේ ඇත්ත ජාතකේ හොයපං ඔච්චර පච කියයිද නරියෝ ජාතකේ හොඳ එකෙක් නං සජිත් ප්‍රේමදාසට මෝඩයා කිව්වාට මුන්ව පත් කරගත්තු NPP එවුන් කොච්චර මෝඩයෝ කියලා දැන් රටටම ඔප්පු වෙලා ඉවරයි 🤬
මිනිස්සුන්ට ඔය වගේ අතිශය අසංවේදී විදියට මඩ ගහන්න එපා, සජිත්ට දරුවෝ ඉන්නවද නැද්ද කියන එක ගැන කාලයක් මඩ ගැහුවා, දැන් තවත් මඩ කතාවක්, ඕකම අනුරට නාමල්ට කිව්වොත් ඒ පක්ෂ වල අයට තරහා යන්නේ නැද්ද? ඒ වෙනුවට ඒ අයගේ දේශපාලන ප්‍රතිපත්තිය පිළිබඳව හෝ කාර්යසාධක (performance) ගැන විවේචනය කරන්න පුරුදු වෙන්න
Deleteමීට අවුරුදු එක හමාරකට විතර ඉස්සර 2024 සැප්තැම්බරයේ අනුර කුමාරට චන්දදායකයෝ 42% ක් චන්දේ දීලා ඔහුව බලයට පත් කළා, එදා අනුරට බලය දෙන කොට රට අවු 2ක් තුළ ස්ථාවර මට්ටමකට ඇවිත් තිබුණේ. එතකොට 2022 අර්බුදය සෑහෙන දුරට පාලනය කරගෙන රජයේ සංචිත විදේශ විණිමය ඩොලර් බිලියන හයක් පමණ පහ දේශීය රුපියල් සංචිතය බිලියන 750 ක් එකතු කරගෙන පොලී අනුපාතික අඩු කරලා උද්ධමනය සෑහෙන දුරට පාලනය කරගෙන තෙල් මිල රුපියල් තුන්සියයක සීමාවට ගෙනත් ඩොලරය 295 පමණ සීමාවට ගෙනල්ලා අනුරට රට බාර දුන්නේ
ඒ වේලාවේ තෙල් මිල වැඩි යි කියලා jvp අය රට පුරාම බලපතල විදියට උද්ගෝෂණ , පෙලපාලි, පෝස්ටර් ගැහුවා මතක නැතිව ඇති.තෙල් මිල අඩු කරන හැටි එයාලා රටටම පැහැදිලි කළා. අනුර කුමාර ඒ දවස්වල කියපු කතා ටික නැවත බලන්න
ඒ වේලාවේ දැන් ඔය කියන කතන්දර මොකූත් කිව්වේ නෑ.රජයට කරන්න බෑ, ගෙදර යන්න තමයි JVP සටන් පාඨ වුණේ.ඉතින් රනිල් ආණ්ඩුව ජනතාව ගෙදර යැව්වා.
හැබැයි බලයට ආපු අනුර ජනතාවට පොරොන්දු වෙච්ච විදිහටම තෙල් මිල අනුර අඩු කළේ නෑ. ඒ වෙනුවට ටිකෙන් ටික 300 සීමාවේ තිබුන පෙට්‍රල් ඩීසල් රුපියල් 465 දක්වා අරගෙන ඇවිල්ල, දිගින් දිගටම තව ගණන් වැඩි කළා. දැනටමත් මාසෙකට දෙතුන් සැරයක් හදිසියේම ඉරාන යූද්ධය පිට දාලා ඒක කරනවා.
ලෝකයේ අනිත් රටවල් තෙල් මිල අඩූ වෙනකොට මෙහේ අඩු නොවන්නේ සුද්දේ හොදට වෙනව කියන එක.බාල ගල් අගුරු වල පාඩුව අද ජනතාව පිටින් යවන්නේ.
ගිය අවුරුද්දේ බොරතෙල් බැරලය ඩොලර් හැට සීමාවට ගිය දවස්වල මේ ආණ්ඩුව 300ට අඩුවෙන් තෙල් දුන්නා.ඒ වෙලාවේ කිව්වෙත් තව තෙල් අඩු කරලා සහන දෙනවා කියලා.ඒ වෙනුවෙන් සැළසුම් හදලා කියලා.හැබැයි ඒ වේලාවේ දාන් ආණ්ඩුව කියන කාරණා ආණ්ඩුවේ කවුරුත් කිව්වේ නැ. ඒ කාලේ ඒක ආණ්ඩුවේ සුපිරි හැකියාව කියලයි රටට පෙන්නුවේ.දැන් මොකද වෙලා තියෙන්නේ. දැන් තෙල් සංස්ථාවේ එම්ඩී කාරයා අපට ලැජ්ජ නැතිව කියනවා අවුරුදු 16කට කලින් 2010දී තෙල් සංස්ථාව පාඩු ලබපු නීසා මිල අඩු කරන්න බැරිලු යකෝ ගිය අවුරුද්දේ 295 කරපු වෙලාවේ ඒක 320 ට විතර දීලා ඒක පාලනය කරගෙන මේ වෙලාවේ අපිට සහනයක් දෙන්න තිබුණනේ පොර ටෝක් නොදී, ඒ කියන්නේ ඒක තනිකරම පට්ට පල් බොරුවක් කියල ඉතාමත්ම පැහැදිලිවම පේනවා, ඇත්තටම මේ ආණ්ඩුව අනුර ඇතුලුව සියලුම දෙනාගේ නොහැකියාව සහ දූෂණය වංචාව තමයි.ගල් අගුරු පාඩුව තමයි මේ මිනිස්සුන්ට විදින්න වෙලා තියෙන්නේ. ඒකට ඔඩිටර් ජෙනරාල් වාර්තාවේ සියලු විස්තර තියෙද්දී ඒක යටතේ නීතිය ක්‍රියාත්මක නොකර ඒක පැත්තකට දාල බොරු කොමිසම් මගඩියක් දාලා හොරකම යට ගහනවා, රනිල් වික්‍රමසිංහ මහබැංකු හොරකම යට ගහන්න කොමිසම් දැම්මා වගේ තමයි. ඔය කොමිසම් නාඩගම් ගැන වෙනමම කතා කරන්න පුලුවන්, ලංකාවේ මේ “කොමිෂන් සභා” කියන්නේ වංචා, දූෂණ ඇත්තටම හොයන්න හදපු ඒව නෙවෙයි, මහජන මුදල් කාබාසිනියා කරලා කරපු ලොකුම නාට්‍යයක්.
ලංකාවේ කොමිෂන් සභා කියන ප්‍රෝඩාවේ ඇතුලාන්තය දිහා විමසිල්ලෙන් බැලුවොත් අපිට පැහැදිලි කරුණු කීපයක්ම දකින්න ලැබෙනවා
Deleteඅදාල ප්රශ්නය ගැන රටේ උණුසුම් ආන්දෝලනයකට ලක්වීම පාලනය කරගෙන තත්ත්වය සාමාන්‍ය කරණය කරන්න ටිකෙන් ටික කාලය මරන එක තමයි ප්‍රධාන උපාය, මොකක් හරි ලොකු වංචාවක් වෙලා රටේ සෙනඟට ඒක මීටර් වෙලා කෑගහන්න ගන්නකොටම ආණ්ඩුව කරන්නේ වහාම ජනාධිපතිවරයා මැදිහත් වෙලා "පූර්ණ බලතල සහිත අතිවිශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක්" පත් කරන එක. එතකොට සෙනඟ හිතනවා "ආ... දැන් ඉතින් හොයනවනේ" කියලා. හැබැයි මාස ගණන්, අවුරුදු ගණන් සාක්ෂි විභාග කර කර කාලය මරනකොට මිනිස්සුන්ට ඒ සිද්ධිය ටික ටික අමතක වෙලා යනවා.
හැබැයි කොමිසමෙන් අන්තිමට පිරුවානා පොත්වහන්සේ වගේතඩි ලොකු පොත් ගෙඩි වගේ වාර්තා හදලා ජනාධිපතිට බාර දෙනවා. හැබැයි ඒ වාර්තාවල තියෙන නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා කෙලින්ම යන්නේ අමාත්‍යාංශවල හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ අල්මාරි අස්සට. මහජනතාවට ඒකෙන් ලැබුණු සත පහක සෙතක් නැහැ. වාර්තාව යන්නේ හමස් පෙට්ටියක නැත්නම් මේ පෝස්ට් එකේ කියනවා වගේ පෙට්ටගමකට
දේශපාලන පළිගැනීම් සහ පිරිසිදු කිරීම් කරන කොමිෂන් වලින් එක ආණ්ඩුවක් කරපු හොරකම් හොයන්න දාන කොමිසම, ඊළඟ ආණ්ඩුව ආවම තමන්ගේ හිතවතුන් නිදහස් කරගන්න "දේශපාලන දඩයම්" කොමිසමක් බවට පත් කරගන්නවා. වැරදිකාරයෝ නිදොස් කොට නිදහස් කරන්නත්, විරුද්ධවාදීන්ගෙන් පළිගන්නත් මේවා දේශපාලන මෙවලම් විදිහට පාවිච්චි වුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණ බලතල තියෙන්නේ අධිකරණයට මිස මේ වගේ විධායකයට වාර්තා දෙන කොමිසම් කමිටු වලට නෙවෙයි, ඒ නිසාම නීතිමය අධිකරණ බලයක් නැති මේ බොරු සෝබන කොමිෂන් සභා වැරදිකාරයන්ට කරන්නේ නිර්දේශ දෙන එක විතරයි. නඩු පවරන්න ඕනේ අල්ලස් කොමිසමෙන් (CIABOC) නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවෙන්. ඒ ආයතනවලට යනකොට තාක්ෂණික දෝෂ, සාක්ෂි මදිවීම් වගේ හේතු දාලා නඩු ඉල්ලා අස්කර ගන්නවා.
ඔය වගේ මහජන මුදල් කෝටි ගණන් නාස්ති කරන මේ නාට්‍ය රඟපාන්න විශ්‍රාමික විනිසුරුවරුන්ට, නිලධාරීන්ට සුපිරි සැප පහසුකම්, වාහන, කාර්යාල, දීමනා දෙන්න යන්නේ අපේම බදු මුදල්. අන්තිමට බිලියන ගණන් හොරකම් කරපු එකෙක්වත් හිරේ යන්නෙත් නැහැ, නැතිවුණු සල්ලි රටට ලැබෙන්නෙත් නැහැ.කෙටියෙන්ම කිව්වොත් මචං, ලංකාවේ කොමිෂන් සභා කියන්නේ හොරු අල්ලන්න හදපු දැල් නෙවෙයි, හොරුන්ට මහජන විවේචනවලින් බේරිලා මාරු වෙන්න හදලා දීපු VIP පිටකසන ක්‍රමවේදයක් විතරයි. උදාහරණ විදිහට මැදමුලන මයිනාගේ ගෑනි සිරන්ති මැන්ටලේ ගේ සිරිලිය ගිණුමේ කෝටි පහක පමණ මුදල් ගැන හොයන්න දාපු ජනාධිපති විශේෂ විමර්ශන කෝමිෂන් වලට කෝටි විසි පහකට වඩා වියදම් වෙලාලු, සිරන්ති මැන්ටලේ තාම සැපේ ඉන්නවා අන්තිමට අසරණ ජනතාව මත අහස උසට බදු බර වැඩිවුණා විතරයි. ඕක තමයි ඇත්ත කතාව.
@ Anonymous June 8, 2026 at 6:55 AM
Deleteනිකමට හිතන්න Ano මහත්තයෝ, ඔයා අහල තියෙන ප්‍රශ්නවලට දෙවියෙකුටවත් උත්තර දෙන්න හැකි වෙයිද කියලා...
ෂෙහාන් පෙරේරා මහත්තයෝ, ගොඩාක් ස්තුතියි දීර්ඝ විස්තරාත්මක කමෙන්ටු දෙකක් එවීම වෙනුවෙන්.
Deleteඔයාගේ අදහස්වලට බොහෝ දුරට එකඟයි!
ඔය වගේම ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන ප්‍රශ්න වෙච්ච මේ බදු බර ගැනත් meme හදන්න ඕනේ විශේෂයෙන්ම ලන්කාවෙ තියෙන්නෙ මහ කුනුහරප බදු ක්‍රමයක්. මම මීට මාස කීපයකට ඉස්සර ගෙයක් ගත්තෙ සියලු බදු ගෙවල, ගේ අරගෙන ටික කාලෙකට පස්සෙ මුන් ඇවිත් කියනවා මේක ඊට වැඩිය වටිනවා බදු තව ගෙවන්න වෙනව කියල, මල පනිනවා.විකුනපු එකාටයි ගත්ත එකාටයි දෙන්නටම නැති අමාරුවක් මුන්ට හැදෙනවා. මම කිව්වෙ ආයෙ නම් මම බදු ගෙවන්නෙ නැ ඊට වැඩිය වටිනවානම් කාටහරි විකුනලා මට මගෙ සල්ලි ආපහු දෙන්න කියල .හැබැයි තාම නම් ආයේ අහන්න ආවෙනම් නැ. අපි ඕනම කෙනෙක් වාහනයක් ගෙයක් දොරක් ඉඩමක් ගන්නකොට ඒක පුලුවන් තරම් අඩු කරල අපේ ගානට ආවොත් තමයි ගන්නෙ . හැබැයි මේ කාලකන්නි කොහොමද එතකොට අපිට කියන්නෙ මේක ඊට වැඩිය වටිනව කියල .විකුනපු එකත් පිලිගන්නවානම් මෙ ගානට වික්කෙ කියල ගත්ත කෙනත් කියනවානම් ඔප්පුව ලියපු ලෝයත් කියනවානම් ආය මොකටද අපේ පස්සෙ පන්නන්නෙ. හෙන ගහන්න ඕන මුන් දෙන මේ වදේට නම් අමමපා, එපා වෙනවා ආයෙ.
ReplyDeleteලංකාවේ පවතින දූෂිත පාදඩකරණය වූ දේශපාලන සංස්කෘතිය තුල ලංකාවේ දේශපාලනඥයෝ තමන්ට වැරදුණාම සමාව ගන්නවා හරිම අඩු වුණත්, ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා එක පාරක් දේශපාලන කතාවකදී ලංකාවේ තේ විකුණලා "ගිනස් වාර්තාවක්" ගැන ආපු නිව්ස් එකක් වෙනුවට ලංකාවේ තේ වලට "නොබෙල් ත්‍යාගයක්" ලැබුණා කියලා ප්‍රසිද්ධ මාධ්‍ය වලට කියලා ඔහු රටපුරාම දැඩි ලෙස විවේචනයට ලක්වූ නිසා තමන්ට නොබෙල් ත්‍යාගය ගැන කියවුණු එක වචන පටලැවිල්ලක් කියලා ෆේස්බුක් වීඩියෝවකින් සමාව ඉල්ලපු එකයි, කොවිඩ් කාලේ මුස්ලිම් ජනතාවගේ මෘතදේහ බලහත්කාරයෙන් ආදාහනය කරන්න ගත්ත තීරණය විද්‍යාත්මක පදනමකින් තොර වැරදි තොරතුරු මත වුණු එකක් කියලා පිළිඅරගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එවකට සමස්ත කැබිනට් මණ්ඩලයම පාර්ලිමේන්තුවේදීම සමස්ත මුස්ලිම් ප්‍රජාවගෙන් නිල වශයෙන් සමාව ඉල්ලපු එකයි, ඒ වගේම ටීවී දේශපාලන සංවාදයකදී ඇතිවුණු ආවේගශීලී හැසිරීම ගැන හිටපු ඇමති දයාසිරි ජයසේකර මහතා නිවේදනයක් ගහලා රටෙන්ම සමාව ඉල්ලපු එකයි ප්‍රධාන උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන් වුණාට, වර්තමානයේ බලයේ ඉන්න ජනාධිපති අනුර කුමාර දිස්සානායක මහතාගේ ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව නම් කියපු බොරු කතාවලට තවම සමාව නොඉල්ලුවාට ජනතාව වෙනුවෙන් සමාව ඉල්ලන්න ඕනෑ තරම් කරුණු තියෙනවා කියලා ලංකාවේ ජනතාවයි සමාජ මාධ්‍ය සිවිල් සංවිධාන වල අය නම් ආණ්ඩුවට ලොකුවට චෝදනා කරනවා.
ReplyDeleteමොකද මැතිවරණ වේදිකාවලදී IMF කොන්දේසි දැඩිව විවේචනය කරලා බලයට ආපු ගමන් වහාම බදු බර අඩු කරනවා සහ ආහාර පාන, බෙහෙත් සහ අධ්‍යාපන උපකරණ සම්පූර්ණයෙන්ම බදු වලින් නිදහස් කරනවා කියලා ප්‍රසිද්ධ වේදිකාවල ප්‍රතිඥා කියලා පොරොන්දු වුණත්, ජනපති අනුර මහතා අගමැතිනිය හරිනි මැතිනිය ඇතුළු ආණ්ඩුවේ බහුතර ඇමතිවරු පිරිස බලයට පත්වුණාට පස්සේ ජනතාවට කිසිම සහනයක් නොදී පරණ ආණ්ඩුවේ දැඩි බදු ප්‍රතිපත්ති ඒ විදිහටම ඊටත් වඩා සැරට බදු වැඩි කරමින් ඉස්සරහට අරන් යන එක ගැනත්, කලින් විශ්වවිද්‍යාල ආචාර්යවරු එක්ක එකතු වෙලා අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න කියලා කෑගහපු අය අද කැබිනට් එකේ ප්‍රධාන පුටුවල ඉඳලත් අයවැයෙන් අධ්‍යාපනයට වඩා ආරක්ෂක අංශවලට ලොකු වියදමක් වෙන් කරලා පරණ ක්රමයම ක්‍රියාත්මක කරන එක ගැනත්, ඒ වගේම මෑතකදී රටේ සිද්ධ වුණු ගංවතුර සහ නායයෑම් ව්‍යසනවලදී පූර්ව සූදානම දුර්වල වෙලා විපතට පත්වුණු ජනතාවට සහන දෙන්න රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රමාද වුණු බව ජනාධිපතිවරයාම ප්‍රසිද්ධියේම පාර්ලිමේන්තුවේම පිළිගත්තත් ඒ ගැන නිල වශයෙන් ජනතාවගෙන් සමාව නොගැනීම සහ මේ රජය යටතේ ආණ්ඩුවේ දූෂණ වංචා ගැන හෙළිදරව් කරපු රජයේ වැරදි විවේචනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ව පොලිසියට කැඳවලා මාධ්‍ය නිදහසට බලපෑම් කිරීම වැනි පොරොන්දු කඩකිරීම් රැසක් ගැන වර්තමාන ආණ්ඩුවේ අය ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ කියලා ලොකු කතාබහක් සමාජයේ තියෙනවා. ගම්මන්පිල වීරවංශ වගේ රාජ්‍ය බලයක් නැති දේශපාලන අනාථයෝ කියන ප්‍රකාශ ඒ තරම් වැදගත් නැතත් ඔවුන් සමාජය තුල කැලඹීම් ඇතිවන වැඩ කරනවා නම් ඒවා පාලනය කිරීමට අපොහොසත් වීම ගැනත්, වර්තමාන ආණ්ඩුව නිවැරදිව නීත්‍යානුකූලව නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම ගැනත් වර්තමාන රජය ජනතාවගෙන් සමාව ගත යුතුයි.
කෝ දැන් පල්ලේගම උන්නාන්සෙ ෂේප් එකේ නඩුවෙන් මග ඇරලා ගිහිල්ල නේද? 2015 රාජපක්ෂලා සහ සිරිසේනලා හලලා දාපු සරණ ගුණවර්ධනට 2016-17 කාලේ දාපු නඩුවක තීන්දුව ආවේ අද 2026, එතකොට අවුරුදු හැත්ත දෙකක පල්ලේගම කේස් එක ඊටත් වඩා හෙමින් ඇදගෙන ගියාම තීන්දුව දෙන්න කලින්ම පොරට අපවත් වෙන්න ඉඩ ලැබෙයි නේද? මතකද 2001 කේ මෙහෙම සිදුවීමක් උනා.බෙල්ලන පඥ්ඥාලෝක 13 හැවිරිදි දැරියක් දුෂණය කළා. උසාවියේ ඔහු වැරදිකරු ලෙස ප්‍රකාශ වෙද්දී සඟවාගෙන සිටි වස කුප්පියක් පානය කොට සිය දිවි නසාගත්ත. එදා ෆේස් බුක් එකක් තිබිල මේ සිද්ධිය පිලිබඳ ප්‍රසිද්ධිය දීල තිබුනනං අද මේ සිද්ධිය ඇතුළු ළමා දුෂණ ගණනාවක් නොවෙන්නට හොඳටම ඉඩ තිබුණ . නොයෙක් කතාන්තර කියමින් සිද්ධියේ සැර බාල කරවමින්, සිද්ධියට ප්‍රසිද්ධිය දීමට එරෙහි වෙමින් ප්‍රකාශ නිකුත් කරන හැම එකාම විකුර්ති කාම රෝගියො ! උන්ගෙන් දරුවන් ප්‍රවේසම් කරගන්න. මෙවන් සිද්ධීන් යට ගසන්ට ඉඩ නොදෙන්න!
ReplyDeleteබුදුන් ඝාතනය කිරීම'
ReplyDelete"පෙර දින මගෙ සිහිනයක
බුදුහු වෙඩි වැදී මළහ
සිවිල් ඇදුමෙන් සැදුණු බළ සෙනග
උන්වහන්සේ ඝාතනය කළහ
තිබිණ බිම ඔත් ලේ විලක් මත
ශ්‍රී දේහය
යාපනය පොත් ගුළට ඇතුළු වන
පඩිපෙළ ළග ම"
- ඒම්.ඒ. නූමාන් -
- පරිවර්තනය - නිලාර් එන් කාසිම් -
ස්තුතියි Ano!
Delete
ReplyDeleteශ්‍රී ලංකාව එළඹෙන එල් නිනෝ (El Niño) තත්ත්වයට සැබවින්ම සූදානම්ද?
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පෙන්වා දෙන්නේ 2026 වසරේ ජූනි සිට අගෝස්තු කාලය තුළ එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වීමේ සම්භාවිතාව 80%ක් පමණ වන අතර එය වසර අවසානය දක්වාත් පැවතිය හැකි බවයි.
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද අනතුරු අඟවා ඇත්තේ ජූලි සහ අගෝස්තු මාසවල වර්ෂාපතනය අඩුවී නියඟ තත්ත්වයක් ඇතිවිය හැකි බවත්, එහි බලපෑම් 2027 පෙබරවාරි දක්වා පවා පැවතිය හැකි බවත්ය.
එහෙත් අප අසිය යුතු වැදගත්ම ප්රශ්නය වන්නේ වනජීවීන් සඳහා අප සූදානම්ද යන්නයි.
නියඟ සමයේදී වන අලි, මුවන්, වල් ඌරන්, කුරුල්ලන් ඇතුළු බොහෝ සතුන්ට ජලය සහ ආහාර සොයා ගැනීම අතිශය දුෂ්කර වේ. ජල මූලාශ්‍ර සිඳී යාම නිසා ඔවුන් ගම්මාන සහ වගාබිම් වෙත ඇදී එන අතර එමඟින් මිනිස්-සත්ව ගැටුම් ද වැඩි වේ.
ලෝකයේ රටවල් රැසක් මෙවැනි වියළි කාලගුණ තත්ත්වයන්ට පෙර,
• වනජීවී ජල කුහර සහ ජල ටැංකි සකස් කරයි.
• ස්වභාවික වැව් හා ජල මාර්ග ප්‍රතිසංස්කරණය කරයි.
• ගිනි අවදානම් කලාප නිරීක්ෂණය කර ලැව්ගිනි වැළැක්වීමේ කණ්ඩායම් ස්ථාපිත කරයි.
• සතුන්ගේ සංක්‍රමණ මාර්ග ආරක්ෂා කරයි.
• නියඟ සමයට පෙර ආහාර සහ ජල සැපයුම් සැලසුම් කරයි.
අපේ රට තුළද ලැව්ගිනි අවදානම ඉහළ යා හැකි බැවින් වනජීවීන් ආරක්ෂා කිරීම සඳහා කල්තියා සැලසුම් කිරීම අත්‍යවශ්‍යය. සතුන් මියගිය පසු ශෝක වීමට වඩා, ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට පෙර සූදානම් වීම වටිනාකමක් ඇත.
එල් නිනෝ ගැන මිනිසුන් දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ජලය, ආහාර සහ වාසස්ථාන සඳහා වනජීවීන්ට අවශ්‍ය ආරක්ෂාව දැන්ම සැලසුම් කළ යුතු කාලය එළඹ තිබේ.
"පසුව දුක්වීමට වඩා, පෙර සූදානම ජීවිත රැසක් බේරා ගනී."