සුසිල් මහත්තයාගේ දැවැන්ත- ගම්භීර මන්දිරය දැක්ක ගමන්ම මං වහන්සේ හේබාලා ගියා. ‘එසේ-මෙසේ පුතයෙක් නොවෙන කෙනෙකුට මෙහෙම තැනක ඉන්න පුළුවන්ද?’
ඒ හැඟීම ඉක්මනින්ම වාෂ්ප වෙලා ගියේ සුසිල් මහත්තය මාව
පිළිගත්ත සුහද ලීලාවෙන්. “බෝල්ඩ්වින් මටත් ටෙලිෆෝන් කළා. කෝ නිමල් එයා එවපු ලියුම...”
ඒ ලියුම කියවල ඉවර වෙලා, එතුමා මගෙන් ඉල්ලා ගත්ත ‘හිනා වෙන්න
හිනා’ පොතත් අතැනින්- මෙතැනින් කියවල බැලුවා.
ඊට පස්සේ මගේ දිහාවට බොහොම සානුකම්පිත බැල්මක් හෙළුවා.😖
![]() |
මෙහෙම කතා එකතුවක් තියෙන්න බෑ විවිධ මට්ටමේ අයව ඇසුරු නොකරන
කෙනෙකුට. |
සුසිල්
සිරිවර්ධන මහත්තයගේ ඒ කතාවෙන් මගේ හිතට පුංචි මොකක්දෝ එකක් හිතට කාන්දු වුණේ
නැතැයි කිව්වොත් නං ඒක තඩි බොරුවක්. අපි කවුරුත් වැඩියෙන් කැමති අපේ ගැන මිහිරි
දේවල් කියැවෙනවා අහන්නනෙ. මොකද මේ ලියන මං වහන්සේ කියලා ඊට වෙනස් සතෙක්යැ? ඒත්... ඒ
එක්කම මං හැබෑ ලෝකෙට ආවා.
“මට
කුරුප්පු මහත්තයත් කල් තියාම කියලයි තිබ්බේ ඔබතුමා මෙහෙම කියන්න වුණත් ඉඩ තියෙනවයි
කියලා.”
“ඇත්තට... එතකොට නිමල්ට මොනවද හිතුණෙ? කමක් නැහැ නේද මම එහෙම ඇහුවට.”
“ඇත්තම කියනවා නං සුසිල් මහත්තයා, මම දන්නවනේ මගේ ලියැවිලි සම්භාව්‍ය- විදග්ධ ඒවා
නොවෙන විත්තිය. හැබැයි වැඩි දෙනෙකු හැම තිස්සෙම බරසාර ඒවාට කැමති නැති විත්තියත් මම
දන්නවා...”
“... ඒ හින්දා මමත් ඔයාගේ මේ යාන්ස් පොතට කැමති වෙයි කියලද හිතුවේ? කමක් නෑ- කමක්
නෑ... එහෙම හිතුවට කමක් නෑ...” සුසිල් මහත්තයා හිනා පොත මේසය උඩින් තිබ්බා.
“මෙහෙම
කතා එකතුවක් තියෙන්න බෑ විවිධ මට්ටමේ අයව ඇසුරු නොකරන කෙනෙකුට. අනෙක නිමල්ට
තියෙනවා රුචිකර ලේඛන හැකියාවකුත්... ඒත් එක්කම මට දැනෙනවා නිමල් ලියන්නේ සාමාන්‍ය
ජනතාව ඉලක්ක කරගෙනයි කියලත්. ඒත් මට ඔයාගේ මේ පොතට නම් උදව්වක් කරන්න විදිහක්
නෑ නිමල්. නමුත්... ඔයාගෙන් අනාගතයේදී ලියවෙන දෙයකට නං...”
“ගොඩක් ස්තුතියි සර්. ඔබතුමා එක්ක මෙහෙම කතාබහ කරන්න ලැබුණු එකම ලොකු වාසනාවක්
විදිහටයි මට දැනෙන්නේ...”
“නිමල්
අවංකව කතා කරන බව- එක එල්ලේම මගේ ඇස්දෙක දිහා බලලා කතා කිරීමෙන් මට පෙනෙනවා. ඒ
නිසයි මමත් මෙච්චර විවෘතව කතා කරන්නේ. අපි වගේ අයත් එක්ක කතා කරන හුඟක් දෙනා
කියන්නේ තම-තමන්ගෙ අවංක අදහස් නෙවෙයි- අපිව සතුටු කරවන දේවල්... අපි එකඟ වේවිය
කියල එයාලා හිතන දේවල්...
නිමල් දන්නවද? කෙනෙක් සමාජයේ කැපී පේන්න ගත්ත ගමන්ම, නායකයෙක් බවට පත් වෙන්න පටන්
ගත්ත ගමන්ම එයාගෙ වටේ රොක් වෙනව ආන්න එහෙම පිරිසක්. එයාලා අර මනුස්සයව වට කරන කඩතුරාවක්
වෙනවා.
-ඒ හින්දයි බෝල්ඩ්වින් කුරුප්පුට
මං
ගොඩක් කැමතිත්. අරහෙම මිනිස්සු අතරේ එයා එහෙම පිටින්ම වෙනස් කෙනෙක්. මිනිහා
යකාටවත් බය නැති- මොන යකෙක්වත් මායිම් කරන්නේ නැති- කට කෑවත් ඇත්තම කියන කෙනෙක්...”
![]() |
කැපී පෙනෙන්නන්ගේ ගති-සොබා; ඇවතුම්-පැවතුම්; විශේෂතා
ආදිය... |
“නිමල්ට
මතකද 71 කැරැල්ල?”
“ටිකක් මතකයි සුසිල් සර්.”
“ඒ මතකවලින් හොඳම එක මොකක්ද කියලා මං ඇහුවොත්...”
එතකොට නං මම ටිකක් වෙලා ගත්තා- කල්පනා කරන්න. “ඇත්තම කිව්වොත් සර්- මට වැඩියත්ම
මතක් වෙන්නේ 71 කැරලිකාරයන්ට අපේ මහරගම ආච්චි කියපු නමනෙ.” මං කිව්වේ හිනාවකුත් එක්ක.
“ඒ
මොකක්ද නිමල්? ඔයාගෙ හිනාවෙන් පේන්නේ ඒ නම ලස්සන එකක් වෙන්නැති කියලයි.”
“අපේ ආච්චි එයාලට කිව්වේ
‘චේගුරාකාරයො’ කියල...”
“ආාාහාාාා... චේගුරා? ඔයාලගෙ ආච්චිත් නිමල් වගේම හොඳ කතාකාරියෙක් වෙන්නැති. ඒ වගේ
උදවියව මට හම්බ වෙලා තියෙන්නෙ අඩුවෙන්. අපරාදේ...”
මටත්
සුසිල් මහතා මුණ ගැසී තිබෙන්නේ හතර-පස් වතාවක් විතරකි. ඒකත් මාස ගණනාවක පරතරයක්
ඇතුවය. එවන් හමුවීම්වලදී එතුමන්ගෙන් කියැවුණු දේවලින් මට මතක තියෙන්නේ ස්වල්පයක්
පමණය. එසේ වෙතත් එතුමන්ගෙ ‘කථන ස්වරූපය- නිතර කියැවුණු භාෂා යෙදීම්’ ආදිය නම් මට සපුරාම
අමතකය. (මා නිතර ඇසුරු කරන්නන්ගේ හා කැපී පෙනෙන්නන්ගේ ගති-සොබා; ඇවතුම්-පැවතුම් හා විශේෂතා
ආදිය මට හොඳින් ‘මීටර්’ වෙයි!)
නිදිගෙ
පංච තන්තරේ ලියද්දී- ලේඛනයට ප්‍රාණවත් බවක් ලබාදීම උදෙසා ‘සංවාද’ ලෙසිනුත් සමහර
දේවල් ලියන්නෙමි. එසේ කිරීමේදී සුසිල් මහතාණන්ගේ ‘කථන රටාව හා ශෛලිය’ වෙනස්වී තිබේ
නම් එහි වැරැද්ද මේ ලියන නිදි සතුය.
“නිමල්ට
පුළුවන්ද ආයෙමත් වෙලාවක ඇවිත් යන්න... ඔයාට පොත් ටිකක් දෙන්න හිතුණා... එනකොට හොයල
තියන්නං...” එදා අපේ සාකච්ඡාව අවසානේදී සුසිල් මහත්තයා ඇහුවා. මාත් කැමැත්ත පළ
කෙරුවා.
එහෙම ගිය වෙලාවේ එතුමා ‘සංස්කෘති සඟරා’ කිහිපයක්ම මට තිළිණ කළත් එක්ක.
‘රුපියල්
අස්සේ අලුක්කාල් ගැන්නෙන්න යන්නෙ මක්කටෙයි’ කියන හීනමානය නිසාද කොහෙද මං සුසිල්
මහත්තයාව හමු වෙන්න ගියේ ඉතාම කලාතුරකින්. එතුමන් පරලෝ සැපත් වුණාට පස්සෙ නං සිහිපත්
වුණා ‘අපරාදේ’ කියලා; ඉහළම ගණයේ බුද්ධිමතෙකු විදිහට පිළිගැනුණු කෙනෙකුව මීට වඩා
ඇසුරු කරන්න තිබුණ නේද කියල.
‘සිරිවර්ධන මහත්තයාත් එක්ක කෙරුණු හැම කතාවක්ම ඒ තරමට හරවත් වුණේ කොහොමද?’ මට
තවමත් හිතෙනවා!
(සුසිල් සිර්වර්ධන මහතා නිවනින් නිවී සැනසේවා!)
කුරුප්පු
මහත්තයා එවල තිබ්බ අනෙක් ලියුම ‘කරුණාරත්න අමරසිංහ’ මහත්තයගෙ නමටයි කියල මං ඔයාලට
කිව්වනෙ. ඉතිං මං එතුමටත් ෆෝන් කළා. ඒ දුරකථන සංවාදය ඉවර වුණෙත් හමුවීමට වෙලාවක්
යොදා ගනිමින්.
![]() |
කරුණාරත්න අමරසිංහ මහතා ඔහුගේ ගෘහස්ථ රාජධානියේදී සුමිතුරු ජිනසේන
ගමගේ මහතා සමඟ. |
පොත
යැව්වට පස්සේ ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්. “අපි රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරමු.
නිමල්ට පුළුවන් නේද SLBC එකට එන්න- මම කියන වෙලාවට.”
“එන්නං කරුණාරත්න මහත්තයෝ.” මං කිව්වේ ඉහ-වහා ගිය සතුටකින්. සතුටු නැද්ද දෙයියනේ ‘පුංචි
කාලේ හිට හිතේ වැජඹෙන වීරයෙක්ව පණ පිටින්ම හම්බ වෙන්න ඉඩක්’ පෑදුණාම.
ඊට කලින්
ගුවන් විදුලි වැඩ සටහන් කීපෙකටම සහභාගි වෙන්න ඒ ආයතනයට ගිහිං තිබුණු හින්දද කොහෙද ‘රේඩියෝ
ප්‍රෝග්‍රෑම්‘ එක ගැන නං අමුතු සතුටක් ඇති වුණේ නෑ. හැබැයි ජීවිතේ පළමුවෙනි වතාවට සම්බන්ධ
වුණු ‘ආරෝග්‍ය ශාලා සේවය’ වැඩ සටහන (දුප්පත් අපිට රේඩියෝවක් නොතිබුණු නිසා) මටවත්
අහගන්න බැරි වෙච්චි දුක නං එදා අලුත් වුණා.
ඒත් එක්ක,
(ඇත්තම කියනවා නං) කරුණාරත්න මහත්තයා මිත්‍රශීලී ගතියෙන් අඩු කෙනෙකු විදිහටයි,
පළමු හමුවේදී මට හැඟුණේ. එක එක්කෙනා එක එක විදිහනේ. අනෙක එදා එතුමා ඇවිත් උන්නේ ‘මිත්‍ර
සමාගම්’ පවත්වන්න නෙවෙයිනේ.
එහෙම වුණත්, ඒ වැඩ සටහනට සහභාගී වෙන්නට පැමිණ සිටි තුරුණු සහායිකාවටත්; මටත් අවශ්‍ය
උපදෙස් හා ගුරුහරුකම් ලබා දෙන්න නම් කරණාරත්න මහත්තයා අමතක කළේ නෑ. (එතුමන්ලා
අයිති වුණේ ‘පළමුව රාජකාරිය’ පරම්පරාවට නෙව!)
ඉතිං,
“මම මෙහෙම ඇහුවොත්...” කියලා එතුමා මට හදිසි ප්‍රශ්නයකුත් යොමු කළා- මැදිරියේදී
කෙරුණු පෙරහුරුව වෙලාවේ. ඒ මගේ කටහඬේ තත්ත්ව පරීක්ෂාවක් වගේම; පිළිතුරු දීමේදී නිරවුල්ව
එය කරනවාදැයි සෙවීම පිණිස වෙන්නැති.
“නිමල්, ඔයාගේ පොතෙන් තෝරාගත්තු කෙටි යාන්ස් දෙකක් අපේ වැඩ සටහන අතරතුර දෙවතාවකදී ඉදිරිපත්
කරනවා. මේ තරුණ යුවතිය ඇවිත් සිටින්නේ ඒ කාරිය උදෙසා.”
අතරමඟ
නැවතීම්- බාධා කිරීම් මොකවත් නැතිව ඒ වැඩ සටහන පටිගත කෙරුණා. වැඩි කතාබතා මොකුත්
නැතිවම මං ආපහු ආවේ බලාපොරොත්තු සුන් වුණු ගතියකින්. ඒ කරුණාරත්න මහත්තයත් එක්ක සුහදව
කතා කරන්න බැරි වීම ගැන දුකෙන්! ඒ දුක්මුසු; මුසුප්පු සහගත හැඟීම අවුරුදු ගණනාවක්
තිස්සෙම;
2024 සැප්තැම්බර් මාසේ දවසක් වෙනකල්ම අතුරුදහන් නොවී තිබුණයි කියමුකො.
ඒ කිව්වේ සිරිබිරිස් උන්නැහේ මැදිහත් වෙනකල්...
![]() |
ආදරණීය පාඨක ඔයාලට කොහොම ස්තුති කරන්නද මංදා... |
2019
දෙසැම්බරයේ හරි 2020 ජනවාරියේ හරි දවසක හැන්දෑවෙ, අපේ අල්ලපු ගෙදර දේවිකා නංගි මට
කතා කළා. “නිමල් අයියේ... නිමල් අයියේ. මෙන්න කවුද ඇවිල්ල, ඔයාව අහනවා.”
මං දොරකඩට ගිහිං බැලුවා.
දැකලා
නැති අමුත්තෙක් හිනාවේගෙන ගේට්ටුව ළඟ; කාර් එකත් නවත්තගෙන... හතර රියන්; ආරෝහ-පරිණාහ
දේහධාරී පුරුෂයෙක්...මාව දැක්ක ගමන්ම එයා කට පුරා හිනාවකුත් දාපි.
“කොහොමද
ලොක්කා, මං සිරිබිරිස්... ලංකාවට එනකොටමයි හිතාගෙන ආවේ ඔයාව හම්බ වෙන්න එන්න.”
විදේශයක
සිට නිදිගෙ පංච තන්තරේ කියවන; comment කරන සිරිබිරිස්ව මගේ හිතේ ඇඳිලා තිබ්බෙ
ගොඩක් තලත්තෑනි මනුස්ස පරාණයක් විදිහටයි... සිරිබිරිස්ගේ කමෙන්ටුවලිනුත් පෙනුණේ
එයා දැනුම්-තේරුම් ඇති; පරිණත කෙනෙක් හැටියටයි. එහෙව් වැඩිහිටි මනුස්සයෙකුට නම කියල
කතා කරන්න අකමැති වුණු මං ‘සිරිබිරිස්’ නම අගට ‘උන්නැහේ’ කෑල්ලකුත් ඈඳන්නයි එතකොටත්
පුරුදු වෙලා හිටියේ.
නිදිගෙ
පංච තන්තරේ ලියන්න පටන් ගත්තු නිසා ලංකාවේ වගේම පිටරටවල ඉන්න ගොඩාරියක් සහෘදයන්
හඳුනා ගැනීමේ වාසනාව මට ලැබුණා. ඒ අතරෙ ඉන්න තවත් හිතවතෙක් තමයි සිරිබිරිස් උන්නැහේ...
තවත් කීප දෙනෙක්ම ඉන්නවා, මෙතැනදී නම් ලැයිස්තුව නොලිව්වට. හොඳේ...
මටම
පුදුමයි- මුල්ම අවුරුදු කිහිපයෙන් පස්සේ මේ බ්ලොගය වැඩියෙන්ම කියවන්නේ විදේශවල
ඉන්න හිතාදර රසික-රසිකාවියන්!
අද (2026 ජුලි 19) උදේ බලද්දිත්, මේ බ්ලොගයට වැඩියත්ම පිවිසිලා තියෙන්නේ විදෙස්
පාඨකයන්. හරියටම කියනවා නම් ලංකාව තියෙන්නේ ඒ ලැයිස්තුවේ 14 වෙනි ස්ථානයේ.
තව
එකක්. ඊයේ දවසේ අපේ blog එකේ Hit Counter එක හත් ලක්ෂය පහු කරලා; 7,02,577ට
කැරකිලා! ඊයේ දවසේ පිවිසුම් ගණන 2,912ක්.
2026 ජුනි මාසේ තමයි ‘නිදිගෙ පංච තන්තරේ’ට අඩුම posts ගණන; 3ක් වැටුණේ. හැබැයි, වැඩිම
පාඨක සංඛ්‍යාවක් බ්ලොගය කියවන්න පැමිණිලා තිබ්බෙත් ජුනි මාසේ. සංඛ්‍යාව 89,776ක්.
නිදිගෙ
පංච තන්තරේට මෙච්චර පිළිගැනීමක් ලබා දුන් ආදරණීය පාඨක ඔයාලට කොහොම ස්තුති කරන්නද
මංදා.
හැබැයි අපි ආවේ බොහොම හෙමින් ගමනක්. මුල්ම
කාලේ දවසකට 150ක් විතර තමයි බ්ලොගය කියෙව්වේ. බ්ලොගය පළ කරන්න පටන් ගෙන මාස 18කට
පස්සේ; 2020 ජනවාරියේ ‘ශ්‍රී ලංකා not vs England - හයවෙනි කොටස‘ට මං
මෙහෙමත් ලිව්වා මතකද?
![]() |
මානෙල් නංගිගේ විවාහ මංගල්‍ය උත්සවයට ‘ගම් කුකුළු මස්’ම උයවන්නට ඕනෑ
යයිද, අජිත් මල්ලිගේ කුකුළු කොටුවේ කුකුළන්
ඒ සඳහා මරවා ගැනීමට හැකි යයිද ‘අපේ ගෙදර වරිග සභාව’ තීරණය කළේය. |
මගේ පාඨක හිතවතුන්- හිතවතියන් සැම දෙනාටම ස්තුතිවන්ත වෙමින්, විස්සයි විස්සට
සුබ පතන අතරේ මට හිතෙන්නේ එහෙමය.’
සිරිබිරිස්
උන්නැහේ නමෝ විත්තියෙන්ම අපේ දිහා ආවෙත් ඔය දවස්වලමයි.
“ඔයා
දන්නවද ලොක්කා, මට ඔයාව හම්බ වෙන්නම හිතුණෙ ඇයි කියලා. පව් විකුණන්න බැහැයි කියලා-
නංගිගෙ වෙඩින් එකට ඔයාම කුකුළො පනහක් විතර මරපු විස්තරේ blog එකෙන් කියෙව්වට
පස්සේ... මට හිතුණා, අඩේ- මේකා මාර ඩයල් එකක්නෙ. මේ සැරේ ලංකාවට ගියාම පොරව හම්බ
වෙන්න යන්නම ඕනි කියලා.”
එහෙම හිතා ගෙනය; සිරිබිරිස් උන්නැහේ ‘සුවිශේෂ තෑගි කිහියකුත්’ ඕස්ට්‍රේලියාවේ සිටම
සූදානං කරගෙන ඇවිත් තිබුණේ.
එව්වා අතර ‘1901 සත ¼ හෙවත් අලුක්කාලේ කාසිත්’ තිබිණි.
අපේ
හිතවත්කම ලියලා ගිය විදිහ කියන්නට කලින්- මගේ අඳුරු වික්‍රමයක් වූ ‘සැවුළු සංහාරය’
ගැන ලියූ විස්තරය මෙතැනට යොදන්නේ (විශේෂයෙන්ම) නවක පාඨක සහෘදයන් වෙනුවෙනි.
මානෙල්
නංගිගේ විවාහ මංගල්‍ය උත්සවයට ‘ගම් කුකුළු මස්’ම උයවන්නට ඕනෑ යයිද, අජිත් මල්ලිගේ
කුකුළු කොටුවේ කුකුළන් ඒ සඳහා මරවා ගැනීමට හැකි යයිද ‘අපේ ගෙදර වරිග සභාව’ තීරණය
කළේය. ‘කොහොමද උන්ව මරන්නේ’ යැයි මම විමසීමි.
මේ එතැන් සිට කතාවයි. (එය උපුටා ගැනෙන්නේ සත් වසරකට පෙර ලියැවුණු ‘සැවුළු සංහාරය 6-7’
postsවලිනි.)
“ළමයෝ, කුකුළු මස් කඩේට ගෙනිහින් උන්ව
මස් කරවා ගත්තැකි. එතකොට ඉවරයිනේ.” අපේ සීයා කීවේය.
“එහෙම කොහොමද ඉවර වෙන්නේ?” මම ඇසීමි. මං එහෙම ඇහුවේ සීයාගේ
කතාව නොතේරී නොවේ!
“ඒ මිනිස්සු ඒක කරලා දෙයි, සල්ලි දෙනවා
නම්!” සීයාම උත්තර බැන්දේය. ගොනා හැරෙනවිටම ඒ පොල් පැළය කන්නට බව දැනුමැත්තෙකුට තේරෙයි.
ආලවකයා සිරසටම නැඟලා හිටිද්දීත්, මං දර්මයෙන් ඇහුවේ ‘ධර්ම’
ප්රශ්නයකි.
“ඒකත් හරි කියමුකෝ. ඈ සීයේ, කවුද එතකොට
ඒ මිනිස්සුන්ට ඔය සල්ලි දෙන්න ඕනේ?”
ඔන්න එතකොට නම් සීයාටත් හිනහ ගියේය. “ඇයි ළමයෝ, මේ ගෙදර වැඩවලට
වියදම් කරන්නේ ඔය ළමයනේ....”
“ඈ ආච්චියෙ, ආච්චීනෙ බණ-දහම් හොඳට දන්න කෙනා.
දැන් කුකුළු මස් කඩේ මිනිස්සුන්ට කියලා අපේ කුකුළෝ මරවගන්න සල්ලි දෙන්න වෙන්නෙ මට.
එතකොට ඒ ප්‍රාණඝාත අකුසලේ කාටද? මටද, ඒ මිනිසුන්ටද?” අපේ ආච්චීත් හැදිලා තිබුණේ මව්කිරි
බීලාය.
![]() |
උඹට ඉතින් තිස්සෙම ප්‍රශ්න අහනවා ඇර වෙනින් වැඩක් තියෙන එකක්යැ. අනේ, මං දන්නා තරම මදි පුතේ... |
ඒ නිසාම වැටෙන්නට යන සකල අමාරුව කල් ඇතිවම තේරුම් ගත්තාය.
හොඳටම අහුවෙන ප්‍රශ්නයකදී, හරියටම අපේ
පොලිටික්කන් කරන්නේ වෙනින් කතාවක් ඇදලා ගන්න එකය. පීල්ල මාරු කෙරිල්ලය. ආච්චිත් කළේ
ඒකය. “උඹට ඉතින් තිස්සෙම ප්‍රශ්න අහනවා ඇර වෙනින් වැඩක් තියෙන එකක්යැ. අනේ,
මං දන්නා තරම මදි පුතේ ඔව්වට උත්තර දෙන්න!”.
සැවුළු සංහාරය කරන්නට වුණේ මඟුලට කලින් දවසේය. එතැනදීත් අනුගමනය
කෙරුණේ ආඳා මාළු අතින් නොකා ඉරටෙන් කන තියරි එකමය. “බදුල්ලෙන් කට්ටිය එන්න ඉස්සෙල්ලා
කුකුළො ටික මරලා සුද්ද කරලා ඉවර කළා නම් හොඳයි නේද?”
කරන්නට හොඳය. පෙනෙන්නට නරකය! එත් මේ ඒවාට එරෙහිව රණ්ඩු කරන්නට
වෙලාව නෙවෙයිනේ. මම කට පියාගෙන හිටියෙමි.
“මල්ලා, තමුසේ එහෙනම් කුකුල්ලුන්ගේ කකුල්
ගැට ගහලා එක ගොඩකට දානවා!”
ආයුක්ෂයවී සිටි අවාසනාවන්ත සැවුළන් මරන්නට තෝරා දුන්නේ අජිත්
මල්ලීය. ඒ ගොඩටම නාකි කළුකුම්ලා දෙතුන්-දෙනාත් අයිති වුණේය. උන්ගේ කකුල් ගැට ගහන්නට
ඕනෑවූ ලණු කැරලි ගෙනාවේ අපේ සීයාය.
අනේ අජිතෝ, අනේ
සීයේ. ඔයාලා දෙන්නාමත් නොදැන හරි එදා, ඒ ප්‍රාණඝාත
අකුසලයේ කොටහකට කර ගහලාය. බණේ කියවෙන හැටියට නම් ප්‍රාණඝාත අකුසලයක් සම්පූර්ණ වෙන්නට කරුණු පහක් සපිරෙන්නට ඕනෑය.
1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු බව දැනගැනීම
3. වධක චිත්තය හෙවත් මැරීමේ චේතනාව
4. මැරීම සඳහා යම්කිසි උපක්‍රමයක් යෙදීම
5. එම සත්ත්වයා එයින් මරණයට පත් වීම, ඒ කාරණා පහයි! මං කරන්නේ තොරතුරු සම්පාදනය විතරය.
තීරණය ගත යුත්තේ බුද්ධිමත් රසිකයන් විසිනි.
පරපණ නැසීමේ අකුසලය කොහොම-කොහොම බෙදෙන්නට ඇතිද?
මගේ හැඟීමත් දැනීමත් අනුව නම්, එදා අපේ ගෙදර හැමෝම එක-එක මට්ටමෙන් ඒ පවට කර ගැසුවෝය!
මේවා තේරෙන වයසක නොහිටි අපේ මැරෑටියා; බඩා
මල්ලා; දීපාල් කුකුල්ලුන්ගේ කකුල් ගැට
ගැහුවේ සෙල්ලමකට අරගෙනය. ඒ වැඩේ සෑහෙන්නට කෙරුණාට පස්සේ මම වධක රාජකාරිය කරන්නට පටන්
ගත්තෙමි.
මං හිත-හිතා හිටියේ නැත; බල-බලා හිටියේ නැත. එකෙක් අතට. බෙල්ල කොට කෑල්ල
උඩට. පිහිය ඉහළට. ඊළඟට පිහිය පහතට. One
shot. දඩාස්!
බෙල්ල පැත්තකට. කඳ බැරල් එක ඇතුළට. ආයෙමත් ඒකමය. ඔහොම දිගින්-දිගටම ශීර්ෂඡේදනය කරගෙන-කරගෙන
ගියෙමි.
මගේ අම්මෝ! ප්‍රාණ හතක් තියෙන්නේ බළලුන්ට විතරක් නොවෙයි වගෙය.
බෙල්ල කපලා, කඳ කොටස උස බැරල් එකට දැම්මාට
පස්සෙත් විනාඩි ගණනාවක් යන තුරුම කඳ දඟලයි! උඩ පනියි!! නිසල වෙන්නේ ඊට පස්සෙය!!! මට
හිරිකිතම හිතුණේ දැවැන්ත කළුකුම්ලාගේ බෙලි කපද්දීය!!!!’
ඉතිරි
හරිය ඊළඟ කොටසෙන්...






හපොයි අන්තිමට තියෙන කොටස හරිම සාහසිකයි නේද? මේකට දාන්න සංවේදී අය බලන්න එපා කියල. හැබැයි ලංකාවේ කාලයක් තිස්සේ හැත්තෑව අසූව අනූව දශකවල සහ විසි එක්වන සියවසට මුල සිටම ඇතිවූ දැවැන්ත කැරලි කෝලාහල යුද්ධය දේශපාලන ඝාතන සිද්ධි වගේම ඊට පසුවත් සිදුවූ අභිරහස් ඝාතන 2014 සිට 2019 අප්‍රේල් පමණ දක්වා ටිකක් විතර සාමකාමීව තිබිලා ප්ලාස්කු ප්‍රහාර කේස් එකෙන් පසුවත් දැන් වෙන දේවල් එක්ක සන්සන්දනය කළොත් තත්ත්වය ඊටත් වැඩිය භයානකයි නේද?
ReplyDeleteවැළිගම සභාපති - සභාපති තේරීමේ කළබගෑනියෙන් පසු සභාපතිවරයා මරණයට පත්විය, සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත.
වැලිගම මන්ත්‍රී දෙදෙනා පැහැරගැනීම - පැහැරගත් අයත් නැත නඩුත් නැත බඩුත් නැත.
ඩෑන් ප්‍රියසාද් - කන්ටේනර් 323 පළමු පැමිණිලිකරැ, පාතාල කන්ඩායමක් විසින් ඝා|තනය කරන ලදි.
නන්දන ගුණතිලක - අල්ලස් කොමිසමේ රංග දිසානායකගේ ජවිපෙ සබඳතා එළි කල පසු හදිසියේ ඇතිවූ හඳුනා නොගත් රෝගයකින් අභිරහස් ලෙස අවසන් ගමන් ගියේය.
රංග රාජපක්ෂ - ඩොලර් මිලියන 2.5ට අදාල සිද්ධියේ පළමු පැමිණිකරැ හා සාක්ෂිකරැ අභිරහස් ලෙස සිය නුහුරු අත් වලින් බලනහර තුනක්ම කපාගෙන අතිශය භයානක ලෙස දිවිය නසාගන්නා ලදි.
කපිල චන්ද්‍රසේන - පොඩි එකාගෙයි මහ එකාගෙයි නම නොකිව්වොත් එල්ලිලා මැරෙන්න වෙයි යනුවෙන් තර්ජන කල බවට අධිකරණයට දිවුරැම් ප්‍රකාශයක් ලබා දී දින කීපයකින් බොරු පැමිණිල්ලක් දමා නැවත සිරගත කරන්නට යන බව සැලවී දිවි නසා ගනියි.
සී.ඩී වික්‍රමරත්න - සලේගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් සාක්ශි ලබා දීමට සූදානම්ව සිටි, පාස්කු ප්‍රහාරය නිසා වැඩ තහනම් කල පූජිත ජයසුන්දරට පසු සිරිසේන 2019 පත්කිරීමේ සිට 2023 දක්වා සිටි පොලිස්පතිවරයාය. ජනරාල් සලේට පක්ෂව ඔහුගේ පෙත්සමේ සාක්ෂ්‍යකරුවෙකු ලෙස සාක්ෂ්‍ය දීමට සිටි අයෙකි. හදිසියේම කිසිදු ලියුමක් හෝ කිසිදු ආකාරයක හේතුවක් නොමැතිව සැක සහිත ලෙස පපුවේ දකුණු පැත්තට වෙඩි තබාගෙන මියගිය අතර සියදිවි නසාගෙන ඇතිබවට පැවසේ.
මට සිහි වන්නේ ජර්මනියේ සිටි මාටින් නිමොලර් පියතුමා කී කතාවයි..
Ano මහත්තයෝ, අපි වගේ අයට කරන්න පුළුවන් ඇත්ත හෙළි වෙනතුරු බලා හිඳිම විතරද?
DeleteIs this true?
ReplyDelete//🚨⚠️ හිරගෙදර මම කාපු අපා දුක... මම අජිත් ප්‍රසන්න නෙවෙයි, මම B 1315! සම්පූර්ණ කතාව මෙන්න ⚠️🚨
⠀
ඔබ හිතන්නේ මම අවුරුදු පහක් හිරේ හිටියා කියලද? නැහැ, බන්ධනාගාර නීතිය අනුව අවුරුද්දක් කියන්නේ මාස අටයි දින දහයක්. ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම ලැබෙන 'ගේට්ටු සමාව' එක්ක අවුරුදු පහක් කියන්නේ ඇතුළේ අවුරුදු තුනයි මාස හතරයි. හැබැයි මම තුනහමාරක් හිටියා. ගිය අවුරුද්දේ ඔක්තෝබර් විසිඅට වෙනිදා මම නිදහස් වෙන්න තිබුණත්, ඊට මාස කිහිපයකට කලින් දෙදාහස් දහහතරේ පළාත් සභා මැතිවරණයේදී වෙච්ච සිද්ධියක් අදාළව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් මට තව අවුරුදු දෙකක දඬුවමක් දුන්නා. ඒකට මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරලා තමයි මම නිදහස් වුණේ. මට දඬුවම් නියම වුණේ අධිකරණයට අපහාස කළා කියන චෝදනාවට. මම උසාවියට ගියේ නීතිඥයෙක් විදිහට, සිවිල් පුද්ගලයෙක් විදිහට. එදා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහත්මයා ප්රමුඛ විනිසුරු මඬුල්ල මට අවුරුදු හතරක සිරදඬුවමක් නියම කළා. දඬුවම දුන්නට පස්සේ මගේ වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා මගේ ළඟට ඇවිත් කිව්වා, අජිත් එළියට ගිහින් මාධ්‍යයට මුකුත් කියන්න එපා මාංචු දාගෙන යන්නත් එපා කියලා. මම ඇතුළට ගියේ ඒ විදිහට. මුලින් මට හිරකාරයෙකුට වගේ සැලකුවේ නැහැ. මගේ ඇඳුම් ගැලෙව්වෙත් නැහැ. හැබැයි බන්ධනාගාරයට ඇතුල් වුණාට පස්සේ මගේ ෂර්ට් එක, සපත්තු දෙක, බෙල්ට් එක ඔක්කොම කූඩෙකට දාන්න කිව්වා. මම ඇතුළට ගියේ යට ඇඳුමයි කලිසමයි විතරක් ඇඳගෙන, සපත්තු සෙරෙප්පු මුකුත් නැතුව. ඊට පස්සේ මගේ ෆොටෝ ගැහුවා, මට අංකයක් දුන්නා B 1315. එදා ඉඳන් මම අජිත් ප්‍රසන්නවත් මේජර්වත් නෙවෙයි, මම නිකම්ම නිකම් අංකයක් විතරයි. 🌍🔥
⠀
මාව දැම්මේ H වාට්ටුවට. ඒක තට්ටු තුනක ගොඩනැගිල්ලක්. ඒකේ ඉන්නේ බරපතල ගණයේ අපරාධකාරයෝ, මරණ දඬුවම ලැබුණු අය සහ ජීවිතාන්තය දක්වා හිරේ ගිය අය. උඩම තට්ටුව පාවිච්චි කරන්නේ නැහැ, පහළ තට්ටු දෙකේ තමයි හිරකරුවෝ ඉන්නේ. එක සිරකුටියක හතර දෙනෙක් දාලා යකඩ දොරවල් වහනවා. මුල් දවසේ මට අඳින්න ඇඳුමක්වත් තිබුණේ නැහැ. මට ෂර්ට් එකක් දුන්නේ අවුරුදු 15ක් ඇතුළේ හිටපු යුධ හමුදාවේ හිටපු මේජර් කමල්කාරියවසම්. තව කෙනෙක් තුවායක් දුන්නා, තව කෙනෙක් සරමක් දුන්නා, තව කෙනෙක් සෙරෙප්පු දෙකක් දුන්නා. අඩි අටක් පළල අඩි දොළහක් දිග සෙල් එකක අපි හතර දෙනෙක් හිරවෙලා හිටියා. හවස පහමාරට යකඩ දොරවල් වැහුවට පස්සේ පහුවදා එළිවෙනකම් අපිට එළියට යන්න බැහැ. ටොයිලට් යන්න ඕනෙ නම් ඒ සෙල් එක ඇතුළෙම තියෙන ප්ලාස්ටික් භාජනයකට (අපි ඒකට කියන්නේ 'මීයා') තමයි ඒ වැඩේ කරගන්න ඕනේ. ඒක තීන්ත ටින් එකක් සයිස්. අනිත් තුන්දෙනා බලාගෙන ඉද්දි ඒ ගඳ ගහන කුටිය ඇතුළේ මලපහ කරනවා කියන එක කොච්චර අමානුෂිකද කියලා හිතාගන්න පුළුවන්ද? ඒ වැඩේ කරලා ඒක වහලා පැත්තකින් තියලා, පහුවදා උදේ එළියට යනකොට ඒකත් අරගෙන ගිහින් හෝදගෙන එන්න ඕනේ. මේ කුටි හැදුවේ අවුරුදු එකසිය පනහකට කලින් සුද්දාගේ කාලේ එක්කෙනෙකුට ඉන්න. අද ඒකේ හතර දෙනෙක් හිර කරලා. 🚨⚠️
⠀
ඇතුළේ කෑම බීම ගැන කතා කළොත් ඒක ඊට වඩා ඛේදවාචකයක්. උදේට පාන් භාගයයි සම්බලයි විතරයි. තේ එකක් හම්බවෙනවා, හැබැයි ඒකට සීනි දාන්නේ පෑන් මූඩියකටත් වඩා පොඩි ප්ලාස්ටික් කෑල්ලකින්. 'සීනි කපනවා' කියලා තමයි ඒකට කියන්නේ. දවසටම හම්බවෙන්නේ ඒ සීනි ටුක්ක විතරයි. දවල්ට එළවළු දෙකයි මාළුයි, රෑට එළවළු දෙකයි කුකුල් මසුයි කිව්වට අපිට හම්බවෙන්නේ ග්‍රෑම් විස්සක විතර පොඩි කටු කෑල්ලක්. නීතියට අනුව ග්‍රෑම් පනස් හතරක් දෙන්න ඕනේ වුණත් බන්ධනාගාර නිලධාරීන්, ජේලර්ලා ඒ මස් මාළු ටික කපලා භාජනවල බෑග්වල දාගෙන ගෙදර අරගෙන යනවා. ඇතුළට එනකොට විතරයි චෙක් කරන්නේ, එළියට යනකොට ඒගොල්ලන්ව චෙක් කරන්නේ නැහැනේ. අපිට කන්න හම්බවෙන්නේ වැලි පිරුණු බීට් රූට්, කිසිම ලුණු රහක්, කිරි රහක්, මිරිස් රහක් නැති දියාරු හොදි. උදේ හයට ඇරියාම ටොයිලට් යන්න පෝලිමක් තියෙනවා. අනූවකට තියෙන්නේ ටොයිලට් තුනයි. එතන ගිහින් පාඩුවේ වැඩේ කරගන්න බැහැ, එළියෙන් කෑගහනවා ඉක්මනට වරෙන් කියලා. නාන්න වතුර එන්නේ පැය තුන හතරකට සැරයක්, ඒ වෙලාවට තමයි රෙදි හෝදගෙන නාගන්න ඕනේ. අපිව දාලා තියෙන්නේ වෙනමම දොරක් දාපු වපසරියක. ඒකේ ජම්බු ගස් දෙකකුයි ඉද්ද වැලකුයි පිච්ච වැලකුයි තියෙනවා, එතනින් එහාට අපිට යන්න බැහැ. //
//නිදාගන්න ගියාම අපි නිදාගත්තේ හරියට සාඩින් ටින් එකක මාළු අසුරනවා වගේ. සිරකරුවන්ගේ තදබදය කොච්චරද කියනවා නම් උඩුබැලි අතට නිදාගන්න ඉඩක් නැහැ. හැමෝම පැත්තට හැරිලා එක පෙළට නිදාගන්න ඕනේ. දෙදාහස් විස්සේ මම මැගසින් බන්ධනාගාරයේ අයි වාට්ටුවේ ඉද්දි අප්පා කියලා වයසක මනුස්සයෙක් එක්ක තමයි නිදාගත්තේ. මගේ ඔළුව ගාව අනිත් කෙනාගේ කකුල් දෙක, එයාගේ ඔළුව ගාව මගේ කකුල් දෙක. ඒ කකුල්වල හොරිද කුෂ්ඨ තියෙනවද කියලා අදාළ නැහැ. එළිවෙනකම් හැරෙන්නවත් ඉඩක් නැතුව ඒ විදිහටම ඉන්න ඕනේ. මුත්‍රා බරක් හැදිලා නැගිටලා ගියොත් ආයේ ඇවිත් නිදාගන්න ඉඩක් නැහැ, එළිවෙනකම් බිත්තියකට හේත්තු වෙලා හිටගෙන ඉන්නයි වෙන්නේ. ගාල්ල බන්ධනාගාරයේ තත්ත්වය ඊට වඩා භයානකයි. ඉඩ තියෙන්නේ අටසීයකට වුණත් අද දෙදහස් හතළිස් හතක් ඉන්නවා. සමහරු ලී පඩිපෙළවල්වල පඩියක් ගානේ තුන්දෙනා වාඩිවෙලා එළිවෙනකම් නිදි මරනවා. වැසිකිලියේ ලෑල්ලක් දාලා ඒක උඩ හිටගෙන නිදාගන්නවා. ඇතුළේ වතුර නැහැ. රෑට ටොයිලට් ගියොත් හෝදගන්න වතුර නැති නිසා සමහරු අයින්වල මලපහ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ටොයිලට් දෙකට දොරවල් නැහැ! මම මුල් දවස්වල මේකට යන්න බැරුව දවස් දෙක තුනක් තද කරගෙන හිටියා. හිතන්නකෝ කලිසම ඔළුවේ දාගෙන, අනිත් අය බලාගෙන ඉද්දි ඒ වැඩේ කරන්නේ කොහොමද කියලා. අන්තිමට වෙන කරන්න දෙයක් නැති නිසා මමත් ඒකට පුරුදු වුණා. 🔥🚨
Delete⠀
මාව පරීක්ෂා කරන විදිහ ගැන කිව්වොත් ඒක අමුම අමු තිරිසන් වැඩක්. පීඑච් එකට හරි එළියට ගිහින් එනකොට අනිවාර්යයෙන්ම ඇඳුම් ඔක්කොම ගලවලා නිරුවත් වෙන්න ඕනේ. මුලින්ම ඇඳුම්වල වාටි චෙක් කරනවා. ඊට පස්සේ දෙකට නැවිලා ඉස්සරහට ඔළුව දාලා තමන්ගේ අත් දෙකෙන්ම තමන්ගේ පස්ස පැත්ත පළල් කරලා පෙන්නන්න ඕනේ. ඊට පස්සේ තටමන්න කියනවා. තටමනවා මදි වගේ නම් පොල්ලකින් ගහනවා, ටෝච් එකක් ගහලා බලනවා. සමහර වෙලාවට ග්ලව්ස් දාගෙන ඇඟිල්ලත් දාලා බලනවා. මේවා කරද්දි සමහරුන්ගේ මලපහ පිටවෙනවා මගේ ඇස් ඉස්සරහම. එතකොට නිලධාරීන් කියන්නේ ඇඳන් ඉන්න ඇඳුමෙන්ම ඒක පිහිදාගෙන ගැටයක් ගහගෙන එළියට දාපන් කියලා. මේක කෙළින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකොළොස්වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමක්. වදදීම හා අමානුෂික සැලකිලිවලට ලක්වෙන්න කිසිම පුරවැසියෙක්ට බැහැ. මම නීතිඥයෙක් විදිහට මානව හිමිකම් ගැන උගන්වන කෙනෙක් විදිහට ඒ නිලධාරීන්ට මේ ගැන පැහැදිලි කරලා දුන්නා. ස්කෑන් මැෂින් එකක් ගෙනත් තියන්න බැරි ඇයි කියලා මම ඇහුවා. ලංකාවේ භාණ්ඩාගාරය උතුරනවා කියන ආණ්ඩුවට එක ස්කෑන් මැෂින් එකක් ගෙනත් දෙන්න බැරි ඇයි? ගුවන් තොටුපළෙන් අල්ලනවා වගේ ස්කෑන් කරලා අහුවුණොත් වෛද්‍යවරයෙකුට බාර දීලා ඒක එළියට ගන්න එක වෙනම දෙයක්. හැබැයි මේ අමානුෂික පරීක්ෂා කිරීම් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. ⚠️🌍
⠀
නඩු වලට උසාවි අරගෙන යන එස්කෝට් දවස් කියන්නේ තවත් අපායක්. සෙනසුරාදාට තමයි ගාල්ලේ ඉඳන් කොළඹට ගේන්නේ. විස්සක් විතර එකම දම්වැලේ ගැටගහලා තමයි බස් එකට නග්ගන්නේ. බස් එකේ සීට් තියෙන්නේ තුනයි, අනිත් ඔක්කොම බිම වාඩිවෙලා යන්න ඕනේ. අල්ලගන්නවත් තැනක් නැහැ. පැය පහක් විතර යනකම් වතුර ටිකක් බොන්න බැහැ, ටොයිලට් යන්න බැහැ. බයටම කවුරුත් වතුර බොන්නේ නැහැ මගදි මුත්‍රා බරක් හැදෙයි කියලා. එහෙම දුක් විඳලා කොළඹට ආවම බන්ධනාගාර පොලීසියෙන් පැය දෙකක් විතර පෝලිමේ තියලා පරීක්ෂා කරනවා. දවසක් මම එහෙම අමාරුවෙන් ඇවිත් හිටගෙන ඉන්නකොට බන්ධනාගාර පොලිසියේ කෙනෙක් මට පොල්ලකින් ගහලා කලිසම ගලවපිය කිව්වා. මම කෙළින්ම ඇහුවා මොන අයිතියකින්ද මට ගහන්නේ, මම කරපු වැරැද්ද මොකක්ද කියලා. ඒගොල්ලෝ කියන්නේ ලොක්කන්ගේ නියෝග කියලා. මම කිව්වා නීති විරෝධී නියෝග පිළිපදින්න නිලධාරීන් බැඳිලා නැහැ කියලා. මම ඒගොල්ලන්ට තදින්ම අවවාද කළා.//
//බන්ධනාගාරය ඇතුළේ කුඩු, අයිස්, ගංජා, ෆෝන් ඕන තරම් තියෙනවා. ඒක නීත්‍යානුකූලයි වගේ තමයි ඇතුළේ වැඩ කෙරෙන්නේ. නියාමක මහත්තුරු මට කෙළින්ම කිව්වා කුඩු අයිස් නැතුව මේක පාලනය කරන්න බැහැ, මොකද ඒවා නැති වුණොත් සිරකරුවෝ කැරලි ගහනවා කෑම මදි වතුර මදි කියලා. ඇතුළට මේ කුඩු ඔක්කොම ගේන්නේ බන්ධනාගාර නිලධාරීන්ම තමයි. ජේලර් මහත්තයා එනකොට අනිත් නිලධාරීන් සිරකරුවන්ට කියනවා පොඩ්ඩක් ඔය කුඩු ගහන පාර්සල් ටික අයින් කරගෙන ඉඩ දෙන්න කියලා. මෑතකදී ග්‍රෑම් දෙසීයක කුඩු එක්ක නිලධාරියෙක් අහු වුණා එයාගේ ලොකර් එකේ ලක්ෂ ගණනක සල්ලිත් එක්ක. තව කෙනෙක්ව සීඅයිඩී එකෙන් එළවගෙන ගිහින් ඇල්ලුවා. එළියට වඩා ලාභෙට ඇතුළේ කුඩු තියෙනවා. බන්ධනාගාර පොලීසිය ඇවිත් සර්ච් කරලා අපේ බඩු මුට්ටු කෑම බීම ඔක්කොම එක ගොඩට දාලා විනාශ කරලා යනවා සුනාමියක් ආවා වගේ. මීගමුව බන්ධනාගාරයේ කලින් හිටපු ජීවක මහත්තයා ඉන්න කාලේ කිසිම කුඩු ෆෝන් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි අලුත් නිලධාරීන් ආවට පස්සේ තමයි මේ ගැටුම් ඇතිවුණේ. බන්ධනාගාර පොලීසිය ඇවිත් සිරකරුවන්ව දණගස්සලා පහර දීපු නිසයි ඒ කැරැල්ල ඇතිවුණේ, නැතුව කුඩු නිසා නෙවෙයි. දැන් ආණ්ඩුව මැරුණු නිලධාරීන්ට කෝටිය ගානේ වන්දි දෙනවා. ඇයි දන්නවද? එහෙම දුන්නේ නැත්නම් බන්ධනාගාර පොලීසිය රස්සාව දාලා යනවා බයටම. මේ මුළු පද්ධතියම බිඳවැටිලා ඉවරයි. 🌍🔥
Delete⠀
ඇතුළේ වතුර ප්‍රශ්නේ කොච්චර දරුණුද කියනවා නම් ගාල්ලේ වතුර ටිකක් නාගන්න තියෙන්නේ විනාඩි දෙකයි. ඒ විනාඩි දෙක ඇතුළත සබන් ගාලා හෝදගන්න ඕනේ. පෝලිමේ දුවලා ගිහින් ලිස්සලා වැටිලා ඔළුව වැදිලා මැරුණු අය ඉන්නවා, වතුර වලට ගහගෙන මැරුණු අය ඉන්නවා. හැබැයි මේවා එළියට එන්නේ හදිසි මරණ විදිහට විතරයි. මට දවසක් ගාල්ලේදී බඩේ අමාරුවක් හැදුණා. මම නිලධාරියට කිව්වා මාව සෙල් එකට දාන්න එපා මම කොරිඩෝවේ ඉන්නම් කියලා, මොකද එතන ටොයිලට් එකක් තියෙනවා. හැබැයි එයා ඇහුවේ නැහැ. දහසය දෙනෙක් හිටපු සෙල් එකකට මාව දැම්මා. එදා රෑ මට තුන් පාරක් විතර අර 'මීයා' කියන ප්ලාස්ටික් භාජනේට මලපහ කරන්න වුණා. අනිත් මිනිස්සු ඇස් වහගෙන අහක බලාගෙන හිටියේ, ඒගොල්ලන්ටත් ඒක මාරම අපහසුතාවයක්. සල්ලි තියෙන මිනිහට ඇතුළේ රජෙක් වගේ ඉන්න පුළුවන්. සල්ලි නැති දුප්පතාට සලකන්නේ ත්‍රස්තවාදියෙකුට වගේ. නිලධාරීන් ඇවිත් හිටගෙන ඉන්නකොට දුප්පතා බිම. ඒත් සල්ලි තියෙන කෙනාගෙන් නිලධාරීන්ම අහනවා මහත්තයා මොනවද ඕනේ කියලා. මේක තමයි අපේ රටේ නීතිය හා පුනරුත්ථාපනය. 🚨⚠️
⠀
අවසාන වශයෙන් මම කියන්න ඕනේ අද මේ රටේ අධිකරණ පද්ධතියට වෙන්න යන විනාශය ගැන. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා හීනමානයෙන් පෙළෙනවා. එතුමාට විධායක බලයයි මන්ත්‍රීවරු එකසිය පනහකුයි හිටියට මේ රට පාලනය කරන්න බැහැ. බඩු මිල අඩු කරනවා කිව්වට ඒ දුන්නු පොරොන්දු ඔක්කොම බොරු වෙලා ඉවරයි. දැන් කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කරලා ඒකෙන් වීරයෝ වෙන්න හදන එක විතරයි. මේ දඩයම දිගටම කරගෙන යන්න බැරිවෙයි කියන බයට දැන් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න හදනවා. මේකට නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය වගේ හැමෝම විරුද්ධයි. පහළ උසාවිවල ඉන්න විනිසුරුවරුන්ට උසස්වීම් නැතිවෙනවා, ඒගොල්ලන්ට වෙන රස්සාවල් කරන්නත් බැහැනේ. මේගොල්ලෝ මේ හදන්නේ තමන්ට ඕන විදිහට නීතිය නමන්න පුළුවන් වටපිටාවක් හදාගන්න. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි, ස්වභාවික යුක්ති මූලධර්මවලට විරුද්ධයි. තමන්ගේම නඩුව තමන් අහනවා වගේ වැඩක් මේකෙන් වෙන්නේ. ශිරාණි බණ්ඩාරනායක මැතිනියට කරදර කරන්න ගිහින් රාජපක්ෂලා ඇදගෙන නාගත්තා වගේ මේ වැඩෙන් අනුර කුමාරලාගේ ආණ්ඩුවත් නාගන්නවා සිකුරුයි. මේ අමානුෂික ක්‍රමවේදය වෙනස් වෙන්නම ඕනේ. 🌍📈
⠀
ඔබත් මේ ගැන හිතන්න. මේ අමානුෂිකත්වය ගැන ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න. මේ සත්‍යය හැමෝටම දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයාර් කරන්න!
⠀
#SriLankaPrison #AjithPrasanna #HumanRightsLKA #BreakingNewsLK #LKA//
මේවා ඇත්තමද කියලා හිතෙන තරමට කුරිරුයි- B 1315 මහත්තයෝ! ඒ තරමට ඇඟ කිලිපොලවන විස්තරයක්!
Deleteමම බලාගෙන ඉන්නේ මේ ගැන දන්නා තව අය විස්තර කියයිද කියලා.
සුසිල් සිරිවර්ධන කියන්නේ සුවිශේශී පුද්ගලයෙක්. මම හිතන්නේ ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ උගත්තෙක්. බණ්ඩාරණායක අගමැතිගෙ නෑයෙක්.ප්‍රේමදාස යුගයේ නිවාස අධිකාරියේ සහ ජනසවිය වැඩසටහන් මෙහෙවූයෙත් එතුමා. එවන් අය ඉතාවිරලයි. ඔහුව පස් පාරක් හමුවෙන්න නිදී වාසනාවන්ත වෙලා. නිදී ලියපු පොතේ පිටපත් ඉතිරිවෙලා තියෙනවනම් මට එකක් වෙන් කරන්න.
ReplyDeleteස්තුතියි ඉයන් මහත්තයෝ.හිනා පොත් තියෙනවද බලන්න ඕනි. තියෙනවා නං අනිවා ඔබතුමාට ඒවා දෙන්නන්.
Deleteස්තුතියි ඉයන්, ඒ වගේම ඉයන්ගේ මවගේ අභාවය පිළිබඳව දුක්බර පුවත ගැන දැනගන්න ලැබුනා, මම නම් බ්ලොග් ලියන කෙනෙක් නෙවෙයි කියවන සාමාන්‍ය කෙනෙක් ඉඳලා හිටලා කමෙන්ට් කරන. නමුත් මේක ඇහුවම මට ගොඩක් දුක හිතුනා, ඉයන්ගේ ආදරණීය මෑණියන්ට ඔබ අදහන කිතු දහම අනුව සදාකාලික මෝක්ෂ සුවය හා සාමය ප්‍රාර්ථනා කරමි. මේ දුෂ්කර අවස්ථාවේදී ඔබටත්, ඔබේ පවුලේ සැමටත් දෙවිඳුන්ගේ අසීමිත සැනසීම හා ශක්තිය ලැබේවා!
Deleteමුල් හරිය කියවන් යද්දි රජිනිකාන්ත් ලඟකදි කිව්ව කියමනක් මතක්වුනා. "කාලයක ඉඳන් තේරැම් අරන්හිටි දෙයක් තියෙනව මම. අපිට අකමැති කට්ටිය අපි මොනා කරත් අකමැති. අපිට කැමති කට්ටිය අපි මොනා කරත් කැමති වෙයි කියල හිතන එක මෝඩකමක්".
ReplyDeleteනමී උන්නැහේට පුංචි පහේ නිවාඩුවක් හම්බ වෙලා වගෙයි... අනේ සාදු!
Deleteහෙහ්, හෙහ් කාලෙකට පස්සෙ ඇවිත් යකාගෙ කියමනක් නෙව අතෑරියෙ? සුරුස්.........
Deleteහෙහ්. හෙ..... 😁😉
Deleteලිපිය කියෙව්වාම මට හිතුනෙ, රවි තුමා නැති පාඩුව නිදි තුමා අද කවර් කරලා තියෙනවා කියලයි. 😁
ReplyDeleteරවී ගැන පෝස්ටුවක් ලියන්නයි ඉන්නේ.
Deleteඇතුවත් බෑ නැතුවත් බෑ නිදිගෙ පංච තන්තරේ
ReplyDeleteසොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
රී-සයිකල්, වංගු, පඳුරු තලනව මේ කාමරේ
මගේ කාර්, මයි පැස්ටෝල්, දාන්නෙ ඇයි බර-බරේ
😀 එළ කයිය
Deleteසැලූන් දොරක් තිබ්බට නිදියගෙ මේ කාමරේ
Deleteඑන එන අය විතරයි- යන අය නං නෑ දොරේ
හොඳ හිත තමයි අපිව එකට බඳින මන්තරේ
ඉන්නා ඩිංග ඉඳිමු සංතෝසෙන් සුමිතුරේ!
හිට් කවුන්ටරේ හත් ලක්ෂය පහු කලාට සුභ පැතුම්! ඒ වගේම අමාරුවෙන් හිටියත් නොවරදවා ලියන එකටත් ස්තූතියි. 👌💐🙏
ReplyDeleteඒක නම් අගය කරන්න ඕන ඒත් ලංකාවේ දැනට පවතින මාදිමා ආණ්ඩුවේ ක්‍රීඩා ඇමති කියනව ආසියාවේ වේගවත්ම ධාවකයා මාසෙකට රුපියල් ලක්ෂ විසි පහකට වඩා වියදම් කරමින් තම පෞද්ගලික වියදමින් පුහුණුව ලබන යුපුන් අබේකෝන්ට හිටපු ක්‍රීඩා ඇමති හරීන් පොරොන්දු වී තිබෙන ඩොලර් ලක්ෂ තුන දෙන්න බෑ කියල ඩොලර් ලක්ෂ තුනක් කියන්නේ රුපියල් කෝටි දහයක පමණ මුදලක්, ආණ්ඩුවේ හොරණෑ කයිය ගහනවා රටේ ආදායම් බදු වැඩි කරලා ආදායම වැඩි වෙලා කියලා ඒත් යුපුන්ට ඩොලර් ලක්ෂ 3ක් දෙන්න බෑ හැබැයි හැකර්ලට ඩොලර් ලක්ෂ 31ක් දෙන්න පුලුවන් අස්වැසුම රුපියල් ලක්ෂ 5000ක් ඩබල් පේමන්ට් කරන්නත් පුලුවන්, මෙහෙම රටක මේක අගය කරන්න ඕන දෙයක් 🤣🤌
Deleteස්තුතියි Ano මහත්තයෝ!
Deleteමාලිමාව කියන්නෙ හොරකමට කියන තව නමක් පමණයි.
DeleteHard core මාලිමා නලාකාර කසුන් කල්හාර ගත්තත් කසුන් Jack and the bean stalk the real story theme එක එහෙම්ම අරගෙන මල් මිටක් එකේ intro එකට දාල තියෙනව ඒක හරි. හැබැයි ඔය සින්දුවත් බේස් වෙලා තියෙන්නෙ celtic music genre එකෙන් හදපු Morrison's jig කියන jig එක බේස් කරගෙන. Celtic music කියන්නෙ උතුරු එක්සත් රාජධානිය, අයර්ලන්තය වගේ යුරෝපෙ බේස් කරන් හැදුන සංගීත ශානරයක් (genre). ඒ ශානරයෙ ආභාෂය අකාසයේ දුර, තාරුකා නිවා කියන සිංදු දෙකේම තියෙනව. ඔය තුනම එකට යනව, එකවගේ කියල දැනෙන්නෙ ඒකයි. Rock, classical, Raggae වගේ සිංදු බේස් කරන් හැදුන සින්දුවල ඒ ඒ ශානරයන්ගේ පොදු ලක්ෂණ දකින්න හම්බවෙනවා. ඒ වගේම තමා Celtic music base උණ සින්දුවලත් ඒ පොදු ලක්ෂණ එහෙමම දකින්න හම්බවෙනවා. Pure origined කියල එකක් කොහෙවත් නෑ music වල. ලෝකෙ විවිධාකාර සංගීත රටා, ශානර, සංස්කෘති වල ආභාෂය අනිවාර්යෙන්ම ඕනම නිර්මාණයක දකින්න හම්බවෙනවා අඩු වැඩි වශයෙන්. කසුන්ගේ විශේෂත්වය තමයි, eastern classical වලට අමතරව, ගොඩක් ලතින් ඇමරිකානු සහ යුරෝපීය ආභාෂය සහිත සංගීත ශානරයන් එයාගේ නිර්මාණවලට සම්බන්ධ කර ගැනීම. ඔය ඔක්කොගෙම මුහුවමක් තියෙන්නෙ කසුන් ගෙ මියුසික් වල. ඒක තමා එයාගෙ අනන්‍යතාවය.
ඉස්සර ගම්වල තරුණ කොල්ලෝ ආමි එකට ගිහින් මැරුණම අම්මා තාත්තා "ළමයා නැතුව සල්ලිවලින් වැඩක් නෑ" කියලා වන්දි එපා කියපු, ග්‍රාම සේවකලා බල කරලා වන්දි අරන් දීපුවම ඒවයෙන් ළමයට පිං පිණිස බස් හෝල්ට් හදවපු කතා අහමින් කුඩා කාලෙ ගත කළ අපි!
පහුගිය බදාදා මට කතා කරන්න ලැබුණා අනුරාධපුර පැත්තෙ හිතවතෙක් එක්ක.
Deleteයුද්දේ දවස්වල එයාගේ මිතුරෙක් හමුදාවට බැඳෙන්න ගියාම -නෑ හිත මිතුරු හැමෝම විරුද්ධ වෙලා.
"පොර ඒ එකක්වත් ඇහුවේ නෑ. ඌ කිව්වෙම ජොබක් නැතුව ඉන්නවට වැඩිය හොඳයි- හමුදාවට හරි යන එක. එතකොට මම මළත් ගෙදර මිනිස්සුන්ට පෙට්ටියකුයි කුට්ටියකුයි දෙකම හම්බ වෙය්නේ කියලා. ඒ වගේම වුණත් එක්ක." හිතවතා අපට කිව්වා.
සුභ පැතුම්!
ReplyDeleteගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ, මේ හත් ලක්ෂයක් පිවිසුම්වලින් අඩුම තරමින් දාහක්වත් ඔයාගෙන්!
Deleteසුභ පැතුම්! X
ReplyDeleteගොඩක් ස්තුතියි අජිත් ධර්ම මහත්තයෝ, මේ හත් ලක්ෂයක් පිවිසුම්වලින් අඩුම තරමින් දාහක්වත් ඔයාගෙන්!
Deleteකාලයක් ජීවිතයේ කොටසක් වගේ වෙලා තිබුන ගුවන්විදුලිය අද අපෙන් කොච්චර ඈත් වෙලාද?
ReplyDeleteසහතික ඇත්ත...ඔයාට දැනෙන්නේ නැද්ද Litseeker, දැන් දැන් රූපවාහිනියත් අපෙන් ටික ටික ඈත් වෙමින් යන බව.
Deleteටික කලකින් මේ පැත්තේ ආවේ, අපේ රටට වෙන දේවල් දැක්කම දුක හිතෙනවා. මේපාර හිර ගෙදර ලෙඩේ දාන්න රාජපක්ෂ කෙනෙක් නැ නේද?
ReplyDeleteමම විජේබාහු
@ විජේ බාහු
Deleteමේක පිටිපස්සේ රාජපක්ෂ කල්ලියේ කුමන්ත්‍රණයක් තියෙන බව බ්ලොග් කීපයකම කමෙන්ට් දාලා තිබුණා
මේක බලන්න
https://maathalan.blogspot.com/2026/07/blog-post.html?showComment=1784805942712&m=1#c3351152183956417045
විජේබාහු, Ano මහත්වරු දෙන්නටම ස්තුතියි.
Delete"මගේ ලියවිල්ල කිසිම කමකට නැතිනම් එච්චර ගණනක් මෙය කියවාවිද?" කිසිම කමකට නෑ නේන්නම්... අපි ඉතින් කියවනවා 😉😜.
ReplyDelete"අපේ හිතවත්කම ලියලා ගිය විදිහ කියන්නට කලින්-..." ඇත්තටම ඒක නම් රසවත් කතාවක් වෙයි. සිරිබිරිස් නිමල්ට හොඳ හිතවතෙක් නේද.
"ඒත් මට ඔයාගේ මේ පොතට නම් උදව්වක් කරන්න විදිහක් නෑ නිමල්. නමුත්... ඔයාගෙන් අනාගතයේදී ලියවෙන දෙයකට නං...” ඔහු හොඳ සන්නිවේදකයෙක් කියලා එතනින් පේනවා. නෙගටිව් දේ කෙලින්ම කියලා, එතනින් නවත්තන්නෙ නැතුව පොසිටිව් දේකුත් ඒ එක්කම කියනවා- අනාගතයෙ යම් උදව්වක් කරන්න පුලුවන් වෙයි කියලා; ඊට පස්සෙ නිමල්ගෙ තොරතුරු අහමින්, සුහදව කතා බහ කරනවා 👍a master communicator.
ReplyDelete“හැබැයි වැඩි දෙනෙකු හැම තිස්සෙම බරසාර ඒවාට කැමති නැති විත්තියත් මම දන්නවා...” ඒක ඇත්ත නිමල්. හැබැයි සමහර කලා නිර්මාණ බරසාර නැති දේටම ෆෝකස් කරලා, අන්තිමට හිතාගන්න බැරි තරම් මෝඩ වෙනවා නේද.