අභාවප්‍රාප්ත නන්දා මාලිනිය ගැන බොහෝ දෙන බොහෝ දෑ ලියා තිබෙයි... අදත් හෙටත් තවත් බොහෝ දෑ ලියැවෙනු නිසැකය...
ඇයගේ සරල බව- නිරහංකාර බව හා කාරුණික බව ගැන මට හොඳ හැටි දැන ගන්නට; දැක ගන්නට ලැබුණේ
අප තන්තිරිමලේ ගිය දිනයේදීය.
ඒ පිළිබඳව මා ඔබට ලියුවේ 2018 ජුනි මාසයේදීය; ඒ ‘කූචු කුචයියෝ’ පෝස්ටුවෙනි.
![]() |
නන්දක්කේ, ඔබට අජරාමර නිවන් සුව
අත් වේවා! |
නන්දක්කේ, ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!
![]() |
මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්තයා
'තන්තිරිමලේ' පොත රචනා කරන්නට... |
උඩ ටික මං උපුටා ගන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායක මහත්තයාගේ 'තන්තිරිමලේ' පොතේ පෙරවදනින්.... ඒකත් ගොඩගේ ප්‍රකාශනයක්. පළ වුණේ 2001 අවුරුද්දේ. දැන් නම් ඔයාලට වැටහෙනවා ඇති මේ කතාවත් අවුරුදු දාහතක් පරණ එකක් බව. ඒකට මොකෝ? චීස් රස වැඩි වෙන්නේත් පරණ වෙන්න වෙන්නලු!
ස්වර්ණසිංහ මහත්තයා අපූරු මිනිහෙක්. මාව හමුවුණු මොනයම්ම මොහොතකවත් ඒ මනුස්සයා කලබලේ කතා කරනවා මං දැක්කේ නැහැ කවදාවත්. හරිම සන්සුන්...නිවිලා.
මට ඒක වැඩියෙන් දැනුණේ මගේ
කලබල සොබාවය හින්දද මන්දා? ප්‍රෙස් එකේ ළමයි මට නම
දාලා තිබුණෙත් 'මිස්ටර් කලබල' කියලා. ඒ විතරයැ? සමහරු මගේ ඉස්සරහම කියලත්
තියෙනවා 'ඒයි, ඒයි අයින් වෙයල්ලා, මිස්ටර් කලබල එනවා. ඇඟේ
හැපුණොත් නම් උඹලව කොහාට වීසි වෙයිද දන්නෑ.' කියලා.
අනේ ඒකට දැන්! ළඟපාත කඩයකට ගිහින් එන්නත් වරුවක් යනවා. අනිච්චේ, දුක්ඛේ සංසාරේ!
![]() |
තන්තිරිමලේට හුඟ දෙනෙක් ගිහින් නැහැ! |
ඊළඟට මං එන්නේ 'කූචු කුචයියෝ' ගීයට. හරි වැඩේනේ. ඒකේ වචන සේරම මතක නෑ.
අකුරු කෙටිල්ල නවත්තලා, මං ගියා ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ගී එකතුවට. ඔන්න නන්දක්කා ඉන්නවා. ම්හු! සින්දුව නෑ. ඒ පාර You Tube ගිහින් හෙව්වා. එතකොට හමු වුණා රනිල් මුදුන්කොටුව කියල රසිකයෙක් 2012 ජුලි 26 වෙනිදා අප්ලෝඩ් කළ clip එකක්.
ඒකෙදි නන්දා මාලිනී කියනවා
හරි රසවත් සිදුවීමක්. දවසක් ඇය ගියාලු කන්දේ විහාරේදී පැවැත්වුණු 'අමරදේව උපහාර උළෙලක' ගී ගයන්න. ඒ අතරේ එහාට ලොකු බස් එකක, මහා
ගොඩක් ළමයි ඇවිත්. ඊට කලින් දවසක වැටිලා, අතක්
තුවාල වෙලා නිසා එදා නන්දක්කා අතක් බැන්ඩේජ් පටිවලින් වෙලාගෙනයි ඉඳලා තියෙන්නේ.
![]() |
ඔයා අපිට තෝ කියලා සිංදු කියනවනේ.
හොඳ වැඩේ ඔයාට වුණේ! |
"ඔයා අපිට තෝ තෝ කියලා සිංදු කියනවනේ..." ප්‍රකාශය තමයි උත්තරේට ලැබිල තියෙන්නේ.
කූචූ කුචයියෝ//
තෝත් නටාපිය මාත් නටන්නම් -
කූචු කුචයියෝ
සින්දුවක තියෙන 'තෝ' වචනෙට එහෙම කිව්වා නම් දියවන්නාවේ උත්තමයන්ලා වදාරණ වචන ඇහෙන හිච්චෝ මොනවා කියනවා ඇති කියලද හිතන්නේ?
![]() |
නන්දා මාලිනීට හොඳ වැඩේය කියාපු පොඩිත්තා
දියවන්නා මන්දිරේ සිද්දවෙන කෙළි දැක්කොත්... |
තෝත් නටාපිය මාත් නටන්නම් - කූචු කුචයියෝ
ඒ සිංදුව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පබැඳුමක්. තනුව හා සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහගේ. ගැයුම කවුද කියලා දැනටම ඔය ආයුබොවන්ලා දන්නවානේ.
ස්වර්ණසිංහ, තන්තිරිමලේ සහ කූචු කුචයියෝ..... මොකක්ද යකඩෝ මෙව්වයේ ඇති සම්බන්ධෙ? ඔයාලා හිතයි. කාරි නෑ.ඔන්න කතාවට.
"...නිමල්, යමුද අපිත් එක්ක තන්තිරිමලේ?" ප්‍රෙස් එකේදී ස්වර්ණසිංහ මහත්තයා ඇහුවා. එතකොට 'තන්තිරිමලේ' පොත අච්චු ගැහෙනවා. මම විස්තර ඇහුවා.
![]() |
පොතේ දොරට වැඩීමට අපි තන්තිරිමලේ
යනවා. ජේ.බී. සර්, සුනිල් සර්, නන්දක්කා, බන්දුල පද්මකුමාර වගේ... |
කැමැත්ත දෙන ගමන්ම මං අවසර ගත්තා මගේ හිතවතෙක් වන නෙවිල්වත් ගමනට කැන්දන් එන්න.
අවුරුදු තිහක් විතර තිස්සේ මම වැඩිපුරම ගමන්-බිමන් ගිහින් තියෙන්නේ නෙවිල් එක්ක. මුලින්ම එයාගේ චැපියෙන්. ඊළඟට RZ මෝටර් සයිකලෙන්. ඊටත් පස්සේ කාර් එකෙන්.
මෝටර් බයිසිකල්වලින් යන කාලේ මම හෙල්මට් පහක්ද හයක්ද සල්ලි දීලා අරගෙන තිබුණා.
මට පිනට ගමන් පහසුව සපයන්න කුමුදු, නලින්, උපාලි, මර්වින්, අපේ සුනිල් වගේ මෝටර් සයිකල්කාරයෝ කීප දෙනෙක්ම හිටියා. (ඔයාලාට බොහෝම ස්තුතියි!).
ඒ කාණ්ඩෙට අලුතෙන් එක්වෙලා
ඉන්න සාන්ත, මංජු, රංග, උදේනි, ලසිත, නදී, ප්‍රභාත්, චූටි මාමා, අපේ උපේඛා, සමිත්, හක්ස්ලි....වගේ මේ වෙලාවේ මතක් වුණු හැමෝටමත් ස්තුතියි.
![]() |
ප්‍රියන්තලා අමතක වෙනවද? එයයි, රසිකයි, කවිජ- වෙනුජ පුතාලයි යන හැම දිහාවකම වගේ... |
නෙවිල් නම් මට තවම ආක්‍රෝශ පරිභව කරනවා 'මේකා තමයි එක මෝටර් බයිසිකලයක්වත් නොගෙන සල්ලි දීලා හෙල්මට් පහ-හයක්ම ගත්තු එකා' කියලා.
මම ගිය ආත්ම භාවයේ දීලා-කාලා ඇති මදි නොකියන්න. මට හිතෙන්නේ එහෙම. එතකොට මේ ආත්මෙදි ලැබෙනවාලු අප්පා මදි නොකියන්නම.
අර ගමන යනවයි කීව ගමන්ම අපේ
සුනිල්ගේ ඇඹණියන්දෑ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා, හල් හැලප
ටිකක් හදලා දෙන්න. එතකොටත් බෝකුන්දර ඉසව්වේ ලොකු හල් ගස් කීපයක් තිබුණා. 'ඔබේ නිවාස සිහිනය අපි සැබෑ කරන්නෙමු' කියන
සුපින්වතුන්ලාට පිං අයිති වෙන්න දැන් ඒ වෘක්ෂ රාජයෝ සසර දුකින් එතෙර වෙලා හුඟ කල්.
ගස් තිබුණත්, ගෙඩි හැදුණත් හල් හැලප
හැදිල්ල දුෂ්කර වැඩක්!
![]() |
හල් ගෙඩි හොයාගත්තත් ඒවායින් පිට්ටු- හැලප- රොටී හැදිල්ල ලේසි නෑ. ඒවා කුකරි
පන්තිවල... |
එතකොටයි හල්වල තිත්ත යන්නේ. එහෙම කළාට පස්සේ ඒවා වේළලා, කොටාගෙන හල් පිටි හදාගන්න පුළුවන්. එයින් පිට්ටු, රොටි, හැලප වගේ දේවල් හදන්න දැන් ඉන්න හැලපියෝ දන්නෑ මයෙ හිතේ.
අපේ සුනිල් මල්ලිකා ගල්හේන මෙනෙවියව මල්ලිකා දිසානායක මහත්මිය බවට පත් කරලා අපේ ගෙදරට කැන්දාගෙන එද්දී උන්දැට ඇහැක් වුණේ පරිප්පුවක් උයාගන්න විතරයි. දැන් මේවා කොටනකොටයි කම්පනා වෙන්නේ මල්ලිකා නෑනගෙ සූපසාත්තරය අන්තිමයි.
ෂුවර්! අපට තන්තිරිමලේ ගෙනියන්න හල් හැලප හදලා දෙන්න ඇත්තෙත් වෙනිං කවුරු හරි. කොහොම වුණත් බස් එකේ ගිය වැඩි දෙනා ඊට කලින් හල් හැලප කාලා තිබුණු අය නෙවෙයි. හැලපත් හොඳ පෙනුමට වගේම රසටත් තිබුණයින් මට හෙණට ලකුණුත් වැටුණා.
අපි ඉස්සෙල්ලාම ගියේ අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න.
ගීත රචනා කරන පල්ලේගම
හේමරතන උන්නාන්සේත් එතන වැඩ හිටියා. උන්නාන්සෙලා අපේ ආරස්සාවට අපිත් එක්ක යන්න
හමුදාවේ පරිවාර පිරිසක් සූදානම් කරවලා තිබ්බා. එල්ටීටීඊ යුද්ධ කාලෙනේ.
![]() |
කෑම කන්න තිබුණේ පොඩි පන්කොළ වට්ටිවලට
උඩින් නෙළුම් කොළ තියලා, ඒවාට බෙදාගෙන... |
රතු හාලේ බත්, තම්බපු හාලේ බත්, කුරහන් පිට්ටු, උයාපු-බැදපු වැව් මාළු, කරවල, මැල්ලුම්, බැදුම්, කිරි හොදි.....අරවා මෙව්වා සේරෝම.
අනේ චුට්ටකට හරි සවුදම් ජෙමා වෙන්න තිබ්බා නම් කියලයි මට හිතුණේ. අතුරුපසත් ඒ මදිවාට....තව දෙයක්. අපට කෑම කන්න තිබ්බෙ නෙළුම් කොළවලට බෙදාගෙන.
ලොකු මහත්තැන්ලා වගයක් එහෙම නෙළුම් කොළ lunch එකක් වෙලාවේ පිඟානට උඩින් නෙළුම් කොළයක් දාගෙන, ඊළඟට අර නෙළුම් කොළයට උඩින් (පොලිතින්) ලන්ච් ෂීට් එකක් එලාගෙන කාපු අපූරුවත් මතකේ ඇතිනේ.
අපේ කවුරුවත් නම් එහෙම කළේ
නැහැ. රාජකීය ඕ.බී.ඒ. කට්ටියට අයිති අය විතරද එහෙම කරන්නේ?
![]() |
තොට හොදි හැන්දයි නොකියන්න මහා ගොඩාරියක්
කෑම, අඩුවක් නැතිවම... |
තෝත් නටාපිය මාත් නටන්නම් - කූචු කුචයියෝ
තොට කිරි හැන්දයි - මට කිරි
හැන්දයි//
තෝත් නටාපිය මාත් නටන්නම් -
කූචු කුචයියෝ
ඉස්කෝල ශාලාවද- බණ මඩුවද ඒ?
මොක වුණාම මොකද- පුංචි
කොලු-කෙලි සිය ගණනකුයි, එයාලාගේ අම්මලා තාත්තලායි
පිරුණු ශාලාවේ උත්සවය පටන් ගත්තා.
ඔය වෙලාව තමා වාඩිවෙලා වැඩි
වෙලාවක් ඉන්න අමාරුම වෙලාව. කිරා වැටෙනවා.
එහෙම කිරා වැටිලා නිදාගෙන 'තවම බෝම්බ කෑලි ඔලුවේ තියෙනවා' කියලා අපටත් කියන්න පුළුවනැයි.
මායි නෙවිලුයි හතර වටේ ඇවිද-ඇවිද බැලුවා.
පොතක් දොරට වැඩියාට උත්සවයේ කූඨ ප්‍රාප්තිය වුණේ ගීතයක්!
හෙළයේ අග්‍රගණ්‍ය ගායිකාව සුපුරුදු විදියටම සුදෝ සුදෙන්; සුධා ධවල සළුපිළියෙන් සැරසිලා..... විදුලි ආලෝක කදම්බ මොකුත් නෑ.... වාද්‍ය වෘන්දයක් නෑ...
ඒත් නියම ලයටම තාල භාණ්ඩ
වැයුවා තන්තිරිමලේ ඉස්කෝලේ පුංචි පුතාලා දුවලා!
එයාලාම හදාගත්ත උණබට
බෙරවලින්.
![]() |
පුවක් කොළපතෙන් විනෝද ගමන් ගිය ළමයි
එයාලම හදාගත් උණ බම්බු බෙර ගැහුවා, නන්දා මාලිනී ගී ගයද්දී.... |
මට මතක හැටියට නම් නන්දක්කා
ඒ ළමයින්ට ලොකු ප්‍රශංසාවක් කළා, මෙහෙම කියලා.
'මට හරිම සතුටුයි... පුතාලා. අපි තව පාරක් ඒ සින්දුව කියමුද?'
ආයෙමත් ශාලාව දෙදරන්න ගත්තා. මේ දැනුත්, එදා වගේම මට මොනවාවත් පෙනෙන්නේ නැතිව ගිහින්; නෙත් කෙවෙනි දෙකේම කඳුළු පිරිලා.
වැඩ සටහනේ ඉතිරි කොටස පැවැත්වෙද්දී නන්දක්කයි, සමන්මලී පද්මකුමාර නෝනයි දෙන්නා ශාලාවෙන් එළියට ඇවිත් විමසිලි බැල්මෙන් වට-පිට බල-බලා එහා-මෙහා ගියා.
මං එයාලා ළඟට ගියා.
![]() |
නන්දක්කයි, සමන්මලී පද්මකුමාර නෝනයි දෙන්නා එයාලට දීල තිබුණු කාමරේ
හොයනවා... |
මම ලලනාවන් දෙන්නාට ඒ කාමරය පෙන්නුවා. අපි එහාට ගිය ගමන්මයි ඒ කාමරය අපට පවරලා දුන්නේ. ඒක යාබද වැසිකිළියක් සහිත එකක්. එයාලා කාමරය ඇතුළට ගිහින් දොර වහගත්තා.
එතකොටම මහා විශාල දුවිලි වලාවක් නංවාගෙන ආපු ලංගම බසයක් පන්සල ඉස්සරහා නැවැත්තුවා.
දඩිබිඩියේ බස් එකෙන් බැහැගත්තු
කෙලි පැංචියෝ දෙන්නෙක් කඩා-බිඳගෙන ඇතුළට ආවා. හතර වටේටම එබි-එබී මොනවද හෙව්වා.
එක්කෙනෙකුට ඇඬෙන්නත් එන මූණක්....
'වෙඩි හඬට පොඩි අකුරු ඇද වෙයි- මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ
- ඒත් අපි එක පන්තියේ'.
දීපිකාගේ හැඬුම්බර හඬත් මේ
අකුරු කොටන වංගියේ දැන් මගේ දෙසවනේ දෝංකාර දෙන්නේ ඇයි?
![]() |
වෙඩි හඬට පොඩි අකුරු ඇද වෙයි මක්
කරන්නද පැංචියේ... |
"මාමේ, නන්දා නෝනා සිංදු කියලා ඉවරද?"
ඔව් කියලා මම එයාලත් එක්ක කතාවට වැටිලා ඒ ගොල්ලගෙ කතාව අහගත්තා. එයාලට කලින් බස් එක මිස් වෙලා. ඊළඟ එක තිබුණේ පැයකටද කොහෙද පස්සෙලු.
"නන්දා නෝනා සිංදු කියලා නං ඉවරයි. ඒත් ඔයාලට ඒ නෝනා එක්ක කතා කරන්න නම් පුළුවන් වෙයි මෙතැනම හිටියොත්" මම කිව්වා.
අර අඬන මුහුණ තිබුණු දැරියගේ මුහුණේ දැන් හිනා මලක් මෝදු වෙලා! "ඇත්තටමද මාමේ?"
එතකොටම අර කාමරයේ දොර ඇරගෙන නන්දක්කායි, සමන්මලීයි එළියට ආවා. මං ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා නන්දක්කාට දැරියන්ගේ කතාව කිව්වා.
නන්දක්කටත් වැඩියෙන් පැණි වෑහෙන විදියට කතා කරන කෙනෙක් තමයි සමන්මලී. ගමනට බන්දුල පද්මකුමාර යුවලමත් ඇවිත් තිබ්බා. තව...ගාමිණී සුමනසේකර, කමල් වලේබොඩ සහ එයාගේ ප්‍රිය බිරින්දෑ- කිවිඳිය මැණිකේ වගේම ප්‍රදීප් කියලා තරුණ හාදයෙකුත් ගිහින් හිටියා; කැමරාවකුත් එල්ලගෙන.
"අනේ නන්දා, දැන් මොකද කරන්නේ?" සමන්මලී නෝනයි එහෙම ඇහුවේ.
නන්දක්ක උත්තර දෙනවා වෙනුවට
ඇහුවෙත් ප්‍රශ්නයක්. හැබැයි, අර දුවලගෙන්. "එහෙනං
දුවලා, අපි තුන්දෙනාම එකතු වෙලා
සිංදුවක් කියමුද?"
![]() |
අඬන්න හිටි දුවත් එක්ක නන්දා මාලිනී-
අසහාය ගායිකාව තන්තිරිමලේ පන්සල් බිමේ වතුසුදු පඳුර ළඟදි, ඉතාම සතුටෙන්- නිහතමානීව සිංදු කිව්වේ කිසිම සංගීත භාණ්ඩයක්
නැතිවයි! |
තොට පොල් බෑයයි මට
පොල්බෑයයි //
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ
තෝත් නටාපිය මාත් නටන්නං -
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ
උත්සවෙත් ඉවරයි.
අර ගැහැනු ළමයි දෙන්නා තවමත් අපි වටේමයි. දැවටි-දැවටී ඉන්නවා. කට්ටිය එක්ක එළියට එන ප්‍රදීප්ව දැක්කාම මං එයාව ළඟට අඬගහගත්තා. "ප්‍රදීප්, මට මේ දුවලා දෙන්නයි නන්දා නෝනයි එකට ඉන්න ෆොටෝ එකක් අරන් ඕනේ. මං ඒකට සල්ලි ගෙවන්නම්!"
"මොන සල්ලිද අයියේ?" ප්‍රදීප් එකක් නෙවෙයි, ෆොටෝ ගණනාවක්ම ගත්තා.
ෆොටෝ එකක් එවන්නම් කියලා මම
අර ළමයින්ගෙන් ලිපින ඉල්ලා ගත්තාම,
ඒවාත් එයාම අරගත්තා.
"බය වෙන්න එපා. මමම ඒවා යවලා ඔයාටත් කොපි
එවන්නම්කෝ."
මම මගේ ලිපිනයත් එයාට දුන්නා. හවස තේත් බීලා, පිටත් වෙලා, අපි ආපහු ආ විස්තර මොනවාවත් ලියන්නේ නෑ; දිග වැඩි වෙනවට බයේ නම් නෙවෙයි මට අමතක නිසා. ඒත් කෑලි-කෑලි වගේ ෂොට්ස් ටිකක් සිහියට එනවා! යනවා!
![]() |
රන්වැට පැනලා ගිහින් වඳින්නත් අපේ
නඩයේ අයට දුලබ chance එකක් හම්බ වුණා! |
කෙනෙකුට වැඩියෙන්ම අමතක වෙන්නේ අප්‍රසන්න අත්දැකීම්ලු. එහෙම දෙයක්ද මේ? අප්රසන්නයැ මේවා. කොයි කාලෙත් කොයි දීපංකරේත් සිද්ධ වෙන දේවල්නේ. ආදි කලියුගේදී සුනිල් ආරියරත්න උන්නැහෙම නන්දක්කට ගායනා කරන්න ලියල දීලා තියෙන්නේ, යස අපූරුවට.
'....සිරිමා බෝධියට ගියදා උදයේම
- කාර් ගොඩක් ආවා එක එක පාට
තෙරපී සිටිත්දී අපි පඩි පෙළ
ගාව - ඒ මහතුඟ රන් වැට පැන වැන්දාය'
ඔව්වාට කෝප ගන්නවද මං .....ඒත් මේ අහිංසක මාත් නිඝන්ඨනාථතපුත්තයා වගේලු. මහ නසරානියෙක්ලු. සමහරු කියන්නේ ජාතියක්, ජම්මයක්, ආගමක් ගණන් නොගන්න එකා කියලා. එහෙම කියන්නට හේතුත් සමහර වෙලාවට මටම කියලා තියෙනවා. එහෙව් අවස්ථාවලදී නම් මං යටි හිතෙන් ආඩම්බර වෙනවත් එක්ක; නිමල් දිසානායක ගැනම!
අනේ, එදා ගත්තු ෆොටෝ එකක්වත් තියෙනවා නම්! කොච්චර හොඳද. ඒත් දැන් ඉතින් කොහෙන් හොයන්නද? එදා රෑ ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි.
![]() |
එවන් සොඳුරු රැයක්.... අනුරපුර වැව්
තාවුල්ලක... සුප්‍රසිද්ධ රසවතුන්- පඬිවරුන්- කලාකරුවන් සමඟ... |
කට්ටියම වාහනේට නැංගා. පිටත් වුණා. ටික දුරයි ගියේ, හැරෙව්වා, නැවැත්තුවා. මොකක්ද යකඩෝ මේ වෙන්නේ? මං හිතුවා. කලබල දවස්නේ. සමහර දෙනාගේ මුහුණුවල නම් හොර හිනාවල්! "බහිමු, බහිමු. චුට්ටක් රෑ වුණාට කමක් නැහැනේ. කාට හරි හදිසිද?"
කවුරු ඔව් කියන්නද? මායි නෙවිලුයි දෙන්නත් බැස්සා. ගොඩගේ මහත්තයලා ගිය අනෙක් වාහනෙත් එතනටම ඇවිත්.
වැව් තලාවක අපි නවත්තලා තිබුණේ. පුරා හඳ 'හා හා හොරේ දැනුණා දැනුණා' කියමින් බලන් හිටියා. වාහනේකින් පැදුරු දෙක තුනක් එළියට වැඩියා. අම්මට සිරි. මෙන්න වඩිනවා තව පෝලිමක්.... බෝතල... අවුළුපත්... වීදුරු.... ඕනේ කරන අඩුම-කුඩුම! මොකුත් අඩු නැතිව. කාන්තා පාර්ශ්වයයි අපි වගේ තව කීප දෙනෙකුයි වාඩි වුණේ කන-බොන ඇත්තන්ගේ රවුමට පිටින්.
බෝතල් අතින්-අත ගියා. බයිට්
එහා-මෙහා වුණා. මී විත වගේම රස විතත් උතුරා ගියා. නිකමට හිතන්න. හිතේ මවා ගන්න
ඇහැකිද ඒ අසිරිය?
![]() |
සුනිල් ආරියරත්න , ජේ.බී. දිසානායක, ගාමිණී සුමනසේකර, කමල් වලේබොඩ වැනි....... |
'අසුරු සැණින් එක මොහොතකදී
- කාලය නැවතී යළි ඉපදී
විශ්වය අලුතින් බිහි....' වූවා වගෙයි එදා රෑ මට හැඟුණේ.
එවන් අත්දැකීමක් ලබන්නට අපට අවස්ථාව ලබා දුන් ස්වර්ණසිංහ මහත්මාණෙනි, මෙන්න ඔබට පින්෴










.jpg)






හොඳ පෝස්ට් එකක් නිදී අපේ ආදරණීය යශෝරාවය නන්දා මාලිනිය අපෙන් සදහටම සමුගෙන, මුලින්ම ඇයට නිවන් සුව පැතීමට කැමතියි මාත් බෞද්ධයකු ලෙස...
ReplyDeleteඇත්තටම නිදී ජැක්සන් ඇන්තනීට ඉතාම පහත් කැත අවලාද නැගූ අය නන්දා මාලනීව විවේචනයකට ලක්වුණාම දෙස් දෙවොල් තබන්න එපා කියලත් කිව යුතුයි. මනුෂ්‍යත්වය ඉක්මවා ඒ කැත පන්නයේ අවලම් දේශපාලනය පොදු අවකාශයට ගෙනත් සම්මතයක් බවට පත්කළේ වර්තමාන ආණ්ඩුවේ අමන කැත දේශපාලන නායකත්වය ඇතාලු පාක්ෂික එම දුෂ්ට ජවිපාවුන් ඇතුළු මාලිමා පාක්ෂිකයන්ම තමයි. ඔවුන් තමයි පණපිටින් ඉන්න මිනිසුන්ට නිවන් සුව කියන පුරුද්ද ඇති කළේ. මේක අර බුදු දහමේ අර්ථයෙන් නිවන ප්‍රර්ථනා කිරීමක් නොව ඇත්තටම මරණය ප්‍රාර්ථනා කිරීමක්. ඔවුන් තමයි ජැක්සන් මැරෙන්නත් කලිත් බලෙන්ම ICU ඇඳ ගලවා දමන ලෙස ඉල්ලා සිටියේ. ඔහු කෙරෙහි සමාජ උග්‍ර වෛරය වැපිරුවේ. දැන් ඒවා අමතක නම් ජැක්සන්ගේ අවමගුල් සභාවේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න කළ කතාව අහන්න. එදා ඔහුගේ කතාව වෙන්කර තිබුණේ මේ අයට උත්තර දෙන්න.
නමුත් තවමත් ජාතික කදවුරේ කිසිවෙක් කෙනෙකුගේ මරණයක දී මාලිමාවුන්ගේ තත්ත්වයට වැටී නැහැ. ජැක්සන්ගේ මරණයේ දී තරම් අමන ලෙස මුග්ධත්වය පෙන්වා නැහැ. මාලිමාවන්ගේ ම අඩිපාරේ යන එජාපයට සම්බන්ධ කීප දෙනෙකු හිටියත් බොහෝ අය එහෙම නැහැ.
ඇයට එදා ජැක්සන්ට, මහින්දට මෙන් පණ පිටින් නිවන් සුව පතපු අය සිටියෙත් නැහැ. මේ දේශපාලන ධාරා දෙකෙන් තවමත් අප නියෝජනය කරන ධාරාව අරකට වඩා නම් සෑහෙන ශිෂ්ට බව නම් පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බව කිව යුතුයි.
ස්තුතියි Ano!
Delete@ ඇනෝ
Deleteඔයාගේ මතයට බොහෝ දුරට එකඟයි.
පල්ලේගම හේමරතන හාමුදුරුවන් ජවිපෙ දේශපාලන පක්‍ෂ සම්බන්ධය නිසාත් ප්‍රධාන ධාරාවේ දේශපාලන නායකයන් සමග පැවති පෞද්ගලික සබඳතා නිසාත් ලංකාව පුරාම විශාල ජනප්‍රියත්වයක් වගේම විශාල දේශපාලන බලයක් සහ ඒ සමඟම ලැබිතිබූ බලය අවභාවිත කරමින් නරක දේවල් කළ බවටද චෝදනා එල්ල වී තිබෙන මොහොතක ඊට වඩා කලාවට සේවය කරපු පද රචනා රාශියක් නිර්මාණය කරපු දකුණු පලාතේ මොරවක් කෝරලයේ උපන් අප්‍රකට රඹුකන සිද්ධාර්ථ නමැති හිමියන් කලක් රෝගාතුරව හිඳ මීට දින කිහිපයකට පෙර දිවියෙන් සමුගත් බව ලියා තබන්නට සිදුවෙනවා
ReplyDeleteඒ වගේම ලංකාව තුල කිසිදු ඇගයීමකට ලක් නොවූ ජනප්‍රිය ගීත රැසක් ලියූ යතිවරයාණෝ කෙනෙක් ගැනත් මෙහෙම හරි ලියා තබන්නට ඕනේ, ඇත්තටම අදටත් අපේ දෙසවන් පිනවන, වසර ගණනාවක් පුරා රසික හදවත් තුළ ජීවත් වන ගීත රැසක් තිබුණත් ඒ ගීතවල පද රචකයා කවුදැයි බොහෝ දෙනා නොදනී.
ඒ ද යතිවරයෙකි.
නම කවි කීර්ති හිමියන්ය.
චාමර වීරසිංහගේ හඬින් අපට හුරුපුරුදු වූ,
🎵 දකුණේ පින් ඇති පින් බිම වැව්රුකන්නල
🎵 කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සීදේවී
🎵 උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
🎵 බුදු පදවි පතාගෙන දරුවන් රකිනා
🎵 නුඹේ අතින් මල් මහලා කුරුළු ජෝඩුවක්
🎵 අමාවකට අතවනනා
🎵 වැදූ අම්මා නොවුන මුත් මා
🎵 මදුනාගල අහසේ දඟකරනා තරු බලන්න
🎵 බුදුන් දැක නිවන් දකින්න
🎵 මඩ සෝදාගත් කළ
🎵 ගමට වැඩ ඇති
🎵 ලය ගින්දරින් ගිනිගන්නා
🎵 ගුරු ගෙදරට හැමදා එන මවුපියෝ අතරේ
🎵 තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට
🎵 දෙවෙනි බුදුන් කියලා ඔබෙ දෙපා වදින්න…
වැනි ගීත සියල්ලම පාහේ අප මතකයේ තැන්පත් වූ ගී පද රචනා බව ඇත්තක්.
නමුත් පුදුමය නම්…
මෙතරම් ජනප්‍රිය ගීත ලියූ මේ යතිවරයාණන් පිළිබඳ තොරතුරු අදටත් තිබෙන්නේ අතිශය අල්ප වශයෙනි. 😔
උන්වහන්සේගේ ඡායාරූපයක් පවා සොයාගැනීම අතිශය දුෂ්කරයි.
චාමර වීරසිංහට පමණක් නොව…
🎵 කරුණාරත්න දිවුල්ගනේගේ කරඹ මල් පිපී සුවඳයි හේනේ පැල මගේ
🎵 රොෂාන් ප්‍රනාන්දුගේ හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
🎵 චන්දන ලියනාරච්චිගේ කිරි වෙහෙරට ඉහළින් දඟ කරන සඳවතී
ආදී ජනප්‍රිය ගීත රාශියක්ද උන්වහන්සේගේ පන්හිඳෙන් ලියැවිණ.
🌿 කීර්තිය පසුපස නොගිය හිමිනමක්.
🌿 තමන්ගේ නම ඉදිරියට නොගත් පද රචකයෙක්…
🌿 කොළඹින් දුරබැහැර දකුණු ලක ග්‍රාමවාසීව නිහඬ ජීවිතයක් ගත කළ ශ්‍රේෂ්ඨ යතිවරයෙක්…
ජනප්‍රියත්වය තමා සොයා ආවත්, උන්වහන්සේ ජනප්‍රියත්වය සොයා ගියේ නැත.
එහෙත්…
උන්වහන්සේ ලියූ පද අදටත් ගුවන්විදුලියේ ඇසේ.
මිනිසුන්ගේ මතකයේ රැඳී තිබේ.
අප හදවත්වල තවමත් ජීවත් වේ. ❤️
2011 වසරේදී රිය අනතුරක් හේතුවෙන් ඉතාම තුරුණු වියේදීම කවි කීර්ති හිමියන් හදිසියේම අපවත් වූ අතර උන්වහන්සේගේ අවසන් ගමන පවා සිදුවී ඇත්තේ, ජනප්‍රිය ගීත රැසක නිර්මාතෘවරයකු වූ බව දැන සිටි පිරිසට වඩා ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. මේ වගේ අප්‍රකට කලා නිර්මාණ කලා ශිල්පීන් ගැනත් ලියන්න ඕන අපිත් පුළුවන් විදියට.
ජානුවා ඔබද?
Deletehttps://www.facebook.com/januwapage/posts/pfbid0488TTUN6qogAJUKpXuALymKtmF5fGdtenHXP4ZheXzjwcHNGtfZV7pVxiaKxxTVRl
Ano 4.16 August 21
Deleteඉතාම වැදගත් සටහනක්..❤️
හුඟාක් ස්තූතියි.
____________
තව තියෙනවා කවිකීර්ති හිමි ලියපූ ගීත..
කිංස්ලි පීරිස්ගෙ "වරාමලේ.."
ඉඳුනිල් අන්ද්‍රමානගෙ "තහනම් ගෙයි.." ඇතුලු 'කහ කිරිල්ලියේ 'ඇල්බමයේ බොහෝ ගීත.
ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ "සම්බුලා.." ගීතය වගේ ගොඩක්
චාමර වීරසිංහගෙ 'සඳහම් සිසෙලෙන්' ඇල්බමයේ සියලු ගීත ලීවේ කවිකීර්ති හාමුදුරුවෝ🙏🏻
නිදී දාපු ලින්ක් එකේ ජානු ලියපු විස්තරත් හොඳයි
තව දෙයක් කියන්න ඕන මේ හිමියන් දේශපාලන පක්ෂ වලට කඩේ ගිහිල්ල නෑ කවදාවත්, හොඳ බුද්ධ පුත්‍රයෙක්.. එවකට බලවත්ව හිටපු දූෂිත රාජපක්ෂ රෙජීමය, සජිත්හෝ ප්‍රේමදාස එජාප පිල හෝ වාමාංශික හම් පොරවා ගත් අන්ත දූෂිත ජවිපෙ පල්හොර හැත්ත සමග හෝ මේ කිසිම ආකාරයක හොරමුලකට ගැති නොවී ස්වාධීනව සරලව සිටීම ගැන අගය කරන්න ඕන මොකද ප්‍රංස එංගලන්තය ආදී රටවල් වල ඉන්න සමහරක් තුට්ටු දෙකේ සරණාගත හිඟන ඩෝබිලා එක්ක බලද්දී සරලව ජීවත් වූ කවිකීර්ති හිමි ඉතාමත්ම වටිනා කියන විදියට ලස්සනට ජීවත් වුණා.
දාහක් වැඩ අස්සේ comment එකක් ලිව්වාට ගොඩක් ස්තුතියි අයස්මන්ත මහත්තයෝ.
Deleteඔබේ පෝස්ටුවෙන් තවත් විස්තර දැනගත්තා නන්දා මාලනිය ගැන. රටට වටින සම්පතක් අව්‍යාජ චරිතයක් අපිට අහිමි උනේ. මමත් ඇයට නිවන් සුව පතනවා.
ReplyDeleteබොහොම පිං ලියෝනි!
Deleteඔබේ පෝස්ටුවෙන් තවත් විස්තර දැනගත්තා.
ReplyDeleteඇයට නිවන් සුව!
බොහොම පිං බකුසාණෙනි!
Deleteඔවු ඇත්තටම නන්දා මාලිනිය ගැන වගේම ඇයගේ අව්‍යාජ ශෝකාලාපය ගැනත් මේකට එකතු වෙන්න ඕනේ විශේෂයෙන්ම ඇය තමා ගැනම ගයන තරු ද නිදන මහා රෑ ගීතය බොහෝ දෙනා ප්‍රිය කරන ගීතයක්. නමුත් මේ ගීතයේ සැඟවුණු අර්ථය බොහෝ දෙනා දන්නේ නැහැ. ඒක ආදර ගීතයක් නොවෙයි. ඒක ඇගේ අසරණ හෘද සාක්ෂිය පිළිබඳව වූ බිහිසුණු පාපොච්චාරණයක්.
ReplyDeleteමේ ගීතයේ පළවෙනි පදය “තරු ද නිදන මහා රෑ” මෙතන තරු කියන්නේ 88-89 භීෂණ යුගයේ මරා දැමුණු දස දහස් ගණනක් දීප්තිමත් “තරු”ණ “තරු”ණියන්.
ඔවුන් සදාකාලික නින්දට පත් වෙලා. සමහරු සමූහ මිනීවලවල් යට. සමහරු ගංගා පතුල්වල. බොහෝ දෙනා ටයර් සෑ හරහා රාත්‍රී අහසේ පාවෙන අළු දුහුවිලි බවට පත්ව අතුරුදන් වුණා.
“නිදමි මහද නිදි නෑ” කියන්නේ රචකයා ලෝකයට පේන්න සන්සුන් වගේ හිටියාට ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට වධ දෙන බවයි.
“මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහා රෑ” කියන්නේ 1987 දී තමා විසින් රචනා කළ විප්ලවකාරී කවි ගීත ඔහුට නිදි නොදී නැවත නැවත සිතට නැගෙන බවයි.
ඒ කාලයේ ජවිපෙට සහාය නොදුන් බොහෝ කලාකරුවන්ට මරණ තර්ජන ආවා. තේවිස් ගුරූගේ ධනසිරි අමරතුංග සාගරිකා ගෝමස් ප්‍රේමකීර්ති ද අල්විස් වගේ බොහෝ දෙනා ජවිපෙට කඩේ නොගිය වරදට ජවිපෙ උණ්ඩයෙන් නොඑන ගමන් ගිය බව හැමෝම දන්නවා, ඒ නිසාම මේ පදරචකයාත් සිය පණ කෙන්ද මිනීමරු ජවිපෙ අලුගෝසුවන්ගෙන් රැක ගන්න ජවිපෙ වෙනුවෙන් කවි සින්දු ලීවා. ජවිපෙ ඒ සින්දු භාවිතා කළා අහිංසක තරුණ තරුණියන් සිය ඊනියා විප්ලවයට බඳවා ගන්න.
“පිනි විසිරෙන විට වටහා ගනු මැන දෙනෙතින් කඳුලැලි ගලන තරම් - රෑහි හඬන විට හඳුනා ගනු මැන රෑ තුන් යාමේ හඬන හැඬුම්” රචකයා අර මරා දැමුණු තරුණ තරුණියන්ගෙන් සමාව ඉල්ලනවා.
පිනි විසිරෙන්නේ උසට වැඩුණු තණ පඳුරු සහිත සොහොන් පිටි මත. ඒ පඳුරු අතර තමයි දහස් ගණනක් තරුණ තරුණියන් නිදා ගෙන ඉන්නේ. ඔවුන්ට ඇහෙන්නේ මූසල පාළු රැහැයියන්ගේ හඬ පමණයි. රචකයා ඔවුන් ගැන සිතමින් හඬන බව කියන්නේ ඔහු පශ්චාත්තාප වන බව කියන්නයි. ඒ අහිංසකයන්ගේ මරණවලට තමා වගකිව යුතු බව තමා දන්නා බව රචකයා කියන්නේ එහෙමයි.
“සුළඟ නොවේ මේ පාවී එන්නේ කුටියක සිර වී හෙළන සුසුම්” මෙතන “සුළඟ” කියන්නේ “පවන” යන්නට සමාන පදයක්. එජාප වධකාගාර කුටි ඇතුළේ වේදනා විඳි දස දහස් ගණනක් තරුණ තරුණියන්ගේ සුහුඹුල් ආත්ම තවමත් හෙළන සුසුම් තමාට දැනෙන බව රචකයා පවසනවා.
සිය ජීවිතය රැක ගැනීම වෙනුවෙන් පවන නමැති කාලකන්නි කවි ලියා දස දහස් ගණනක් තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ කර දැමීම නමැති මහා පාප කර්මයට රචකයා හිර වෙලා.
“අතු අග පර වී බිමට වැටෙන්නේ සමනළ යුගයක පිපුණු කුසුම්” රචකයා අවසාන වශයෙන් කියන්නේ විප්ලවය අසාර්ථක වූ බවයි. සමනළ යුගය කියන්නේ තාරුණ්‍යයට. මල් කියන්නේ හිරිමල් යෞවන යෞවනියන්ට. ඒ මල් අතු අගම පරවෙලා බිමට වැටෙනවා කියන්නේ ඔවුන් පිපෙන්නටත් පෙරම නිකරුණේ බිම බදා ගත් බවයි.
ලක් ඉතිහාසයේ අඳුරුතම යුගය නිර්මාණය කිරීමට සිය පන්හිඳ මෙහෙයවූ නිවට රචකයා ඉන් පසුව 1991 දී සිය හෘදය සාක්ෂිය මෙසේ ලියා දක්වනවා. රෝහණ වීරසිංහ එයට ලා කපිරිඤ්ඤා තාලයක් දානවා. මුකුත් වුණේ නැති ගානට නන්දා මාලිනී ඒ සිංදුව හිනා වෙවී කියනවා. අදටත් ඒ සිංදුව Spotify එකෙන් සල්ලි හොයනවා.
සැබෑ තරු මිය ගිහින් බොහෝ කල්...
Ano මහත්තයෝ,
Deleteඔයාට ඒ නිර්මාණය පෙනුණු දැනුණු අයුරු අපට කීම ගැන ස්තුතියි.
Well done, thanks for this brilliant explanation 👏 I just noticed today only, what a great lyrics, simply marvelous 💓
Delete//ගීත රචනා කරන පල්ලේගම හේමරතන උන්නාන්සේත් එතන වැඩ හිටියා. උන්නාන්සෙලා අපේ ආරස්සාවට අපිත් එක්ක යන්න හමුදාවේ පරිවාර පිරිසක් සූදානම් කරවලා තිබ්බා. එල්ටීටීඊ යුද්ධ කාලෙනේ.// මෙන්න මේ කතාව මට කිව්වා එක්තරා ජනමාධ්‍ය වෙදියෙකුත් . ගියහම හොඳට සලකනවා හාමුදුරුවෝ . එයා ගැන ගොඩක් අය නොලිය ඉන්නේ ඒකයි . ආණ්ඩු පක්ෂයත් නිහඬයි . විපක්ෂයත් නිහඬයි
ReplyDeleteඕක කවදත් සිද්ද වෙන දෙයක්නේ අජිත් ධර්ම මහත්තයෝ.
Deleteදැන් අවුරුද්දක් පිරෙන්න යන මේ සිදුවීම ගැන ඊට පස්සේ ලියැවිලා තිබුණා ඔය දැක්කද?
https://www.youtube.com/watch?v=ydw9OEloTck
නිදි තුමා හුඟක් වාසනාවන්තයි මේ විධිහේ අත්දැකීම් ලබන්නට පුළුවන් වීම ගැන . නන්ද මාලිනි ට මිනිස්සු කැමති 'පවන ' හින්දම නොවේ සහ එක වැරදි අර්ථකතනයක් කියන්න තවත් හොඳ උදාහරණයක්
ReplyDeleteඇත්තෙන්ම ඒ අතින් නං මම ගොඩක් වාසනාවන්තයි, අජිත් ධර්ම මහත්තයෝ. විවිධාකාර උදවියව හමු වෙන්න ඉඩ පෑදුණා.
Deleteසෑහෙන වටින අත්දැකීම් නිදී .. ඒවා ලියල තියන එකත් ඒ වගේම වටිනවා ... මේවා කියවනකොට ලංකාවේ ජිවිතේ මිස් වෙනවා වගේ දැනෙනනවා
ReplyDelete++++++++++++++++++++++++++++
Deleteපැතුම්, Pra Jay මහත්වරුන් දෙන්නාටම ගොඩක් ස්තුතියි.
Deleteමේ දවස්වල නන්දා මාලනී ගැන ගොඩක් කියෙව්වා. නිදී ගේ පොස්ට් එකේ විශේෂත්වයක් තියනවා. නනදා මාලනී ජීවත්ව ඉන්නා අතරතුර ලබපු තමන්ගේම අත්දැකීමක් ලියපු එක. මේ අත්දැකීම් ලබන්න පින් කරලා තියෙන්න ඕනේ. ඒක අපිත් එක්ක බෙදා හදා ගත්ත එකත් වටිනවා.
ReplyDelete'...දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
Deleteසිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ'
කියල කියනවනේ නිහඬපාල මහත්තයෝ...
නිදිගේ අත්දැකීම් අපට නිදියගෙන හීනෙන් වත් පේන්නේ නැති ඒවා
ReplyDeleteඒකත් මාර චාන්ස් එකක්නෙ ඉවාන්. ගොඩක් ස්තුතියි ඒ විත්තිය කිව්වට.
Deleteමේ දැන් කියෙව්වා නන්දා මාලිනියගේ මිණිබිරිය ලියු සටහනක්. එයින් චුට්ටකුයි- link එකයි මේ:
ReplyDelete'...ඒ පැය කිහිපයේ ආච්චීට අවසන් සමුදීමට පැමිණි සියලුම ප්‍රබුද්ධ ප්‍රසිද්ධ කලා ගරු කටයුතු චරිත සියල්ලටම ස්තූති කරමි. නමුත් පෝලිමේ ඇවිද විත් වෙව්ලන අත් අකුරෙන් තුනට හතරට නැවූ පුංචි කොල කෑල්ලක " ආදරෙයි" කියා ලියා එය අපේ අම්මාගේත් පුංචීගේත් අතේ මිට මොලවා කිසිත් නොකියා හඩමින් ගිය අහින්සක මනුස්සයාටත්, " මිස් මම කොසු විකුනන මනුස්සයෙක්, මැඩම්ගේ ගේ ලගින් ගියොත් මැඩම් මගෙන් අනිවාර්යයෙන් කොස්සක් ගන්නවා" කියා විත් දේහයට වැද කැමරාවට මුහුන නොපෙන්වා ගිය මනුස්සයාටත්, කකුල් දෙක නොමැතිව අතේ වාරුවෙන් පැමින අවසන් සමුදීමට පැමිනි මනුස්සයාටත්, අතින් ඇදි සේයාරුවක් අතින් ගෙතූ මල්මාලයක්, එක රෝස මලක් ගෙනවිත් ආච්චිට ආදරෙන් සමුදුන් සාමාන්‍ය රසිකයාටත් හිස නමා ආචාර කරමි. ගරු කරමි.
පින් දෙමි. ලෝකයක් ඉදිරියේ " උඩගු ලියන් ගොතා බදින" ගැයූ “විශාරද නන්දා මාලිනියට" හදවතින්ම ගරු කරමි. නමුත් ඇගේ නිවසට ගිය විට " කෝමද පුතේ දැන් ඔයාලගෙ බලු පැටියා, දගයි ද තාම" කියා අසා පින්තූර පෙන්වූ විට ඒවා බලා සතුටු වී තේ සහ බිස්කට් දුන් “ආච්චීට" නිතැතින්ම ආදරය කරමි.
ඉතින් ආදර ආච්චී, නිවනින්ම සැනසේවා!
ඔයාගේ ආදර ලොකු මිණිපිරිය රන්දි'
https://www.gossiplankanews.com/2026/08/a-note-from-nanda-malanis-granddaughter-randi.html
මිනිස්සු පාරවල් අයිනේ ගංඟා අයිනේ බල්ලෝ බළල්ලු ගානට මරලා දාල තිබුනේ ... ඒ මදිවට කොටින්ගේ බෝම්බ වලින් කෑලී වලට ගිය මිනිස්සු ... ජෙප්පෝ ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගෙ ඔලු කුඩු වෙන්න තියපුවා .. අම්මෝ ඒ වගේ කාලකන්නී මූසල කාලයක් ... ගෙවල් ලඟ අවුරුදු 13ක ලමයෙකුත් මරලා දාල තිබුනා ... ඒ මිනිය බලන්න ගෙදර හිටිය ඔක්කෝම ගියා. ඒ ළමයගේ මූන හතරැස් වෙලාවගේ තිබුනේ.. මං හිතන්නේ අපි ඔක්කෝටම වගේ අවුරුද්දක් විතර යනකං රෑට හරියට නින්ද ගියේ නෑ. බයවෙලා ඇහැරෙනවා. අදටත් මං මිනියක් බලන්න ගියාම මුහුණ දිහා හරියට බලන්නේ නෑ .. ඒ බය තාම තියෙනවා .. 😥
Deleteසෝබර මතකයක්, ශිරෝමි.
Deleteඅනේ මන්දා නිමල් අයියේ, මට තාමත් අදහාගන්න බෑ නන්දා මාලිනිය අපෙන් සමුගත්තා කියන එක. අපේ රටේ සංගීතයේ රන් සලකුණක් නැති වුණා වගේ දැනෙන්නේ. ඇගේ ඒ ගැඹුරු හඬ අපේ ජීවිතවල හැම හැඟීමකටම බද්ධ වෙලා තිබුණා.
ReplyDeleteවිශේෂයෙන්ම මතක් වෙනවා අප විශේෂ කාර්‍ය බලකායේ සේවය කළ 1987 - 90 කාලේ තිබ්බ ඒ බිහිසුණු ජවිපෙ භීෂණ සමය. මුළු රටම ලේ විලක් වෙලා, තාරුණ්‍යය විනාශ වෙද්දී, හැමෝම බයෙන් ගැහෙද්දී ඇය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එක්ක එකතු වෙලා "පවන" ප්‍රසංගය කළා. මරණ තර්ජන, පාලකයන්ගේ මර්දනයන් මැද්දේ වුණත්, ජීවිතය පරදුවට තියලා රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට සහ අසාධාරණයට විරුද්ධව ඇය තමන්ගේ හඬින් සිංහ නාද කළා. ඒ ගීත එකල තරුණ පරම්පරාවේ සහ පීඩිත මිනිස්සුන්ගේ හදගැස්ම වුණා.
ඇය සල්ලි පස්සේ දුවපු නැති, තමන්ගේ ප්‍රතිපත්තිය සහ ආත්මගරුත්වය සතයකටවත් පාවා නොදුන්න සැබෑ යුග පුරුෂ කතක්. ශාරීරිකව ඇය සමුගත්තත්, ඒ අමරණීය ගීත සහ ඇය පෙන්වපු කොන්ද කෙළින් තියාගැනීමේ කලාව මිනිස්සුන්ගේ හදවත්වල සදාකාලිකවම රැඳේවි ඇයට නිවන් සුව අත්වේවා, ඒ වගේම කිව යුතු දෙයක් තමයි එකල ජවිපෙ සිදුකල ඝාතන අන් අය වෙත බැහැර කිරීමෙන් ඔවුන් පක්ෂය වෙනුවෙන් මෙම ඝාතන සිදු කල සන්නද්ධ අංශ සාමාජිකයන් වෙනුවෙන් කරන්නේද ඉතා විශාල අසාධාරණයක්. මේ සාමාජිකයින් කිසිම පුද්ගලික ලාභ අපේකේෂාවකින් තොරව පක්ෂය වෙනුවෙන් මෙම ඝාතන සිදු කර අත් අඩංගුවට පත් වූ පසුව අනේක වද බන්ධනයන්ට ලක්ව මිය ගියා. එල්ටීටිය පවා කිසිදාක තමන් වෙනුවෙන් මෙවැනි ඝාතන සිදුකර ජීවිතයෙන් වන්දි ගෙවූ සාමාජිකයින් හපා විසිකරන චුයින්ගමයක් සේ මෙසේ බැහැර කර නැහැ. තවමත් එල්ටීටීඊ හිතවාදීන් තම මියගිය අය මහත් අභිමානයෙන් යුතුව අගය කරනවා, අපට ඔවුන් ම්ලේච්ඡ ත්‍රස්තවාදී ඝාතකයන් වුවත්.
අප දැන් ඉවත් වී දශකයකටත් වැඩි නමුත් වසර 43 ක වි.කා.බ ඉතිහාසය තුළ කුඩා කණ්ඩායම් නිලධාරියෙක්, එම බලකායේ මුල් පුටුවට පත්වී ඇත්තේ එක් අවස්ථාවකදී පමණි.
විශේෂ කාර්‍ය බලකාය ලංකාවේ ක්‍රියාත්මක එකම අතුරු හමුදා ඒකකය වන බැවින් එහි සාඩම්බර සාමාජිකයෙක් වීමට ලැබීම එක්තරා භාග්‍යයකි. වර්ෂ 1983 මාර්තුවේ බිහිවූ වි.කා.බ ය ආරම්භයේ පටන්ම කුඩා කණ්ඩායම් සංකල්පය මත ගොඩනැගුණු සුවිශේෂී ආරක්ෂක ඒකකයක් වූ නමුත් එහි සාමාජිකයින් පිරිසක් තෝරාගෙන විශේෂයෙන් නිර්මාණය කරන ලද කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත පාඨමාලාවක් පවත්වන ලද්දේ ආරම්භයෙන් වසර 05 කට පසුවයි.
ඒ ශ්‍රී ලංකාවේ උතුරේත් දකුණේත් යුද ගිණිදැල් ඇවිලෙමින් තිබූ අවිචාර කාලවකවානුවකදීයි.
(එවකට පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් වූ උපාලි සිරිවර්ධන, චන්ද්‍රසිරි, රේණුක කරුණාරත්න, ප්‍රියන්ක රත්නායක සහ අපගේ වර්තමාන අණදෙන නිලධාරීතුමන් ද එහි සාමාජිකයින් විය)
එතැන් පටන් මේ දක්වා වි.කා.බ ය තුළ කුඩා කණ්ඩායම් පාඨමාලා 06 ක් පවත්වා ඇති අතර ඔවුන් ඊළාම් අරගල වකවනුවේ සටන්බිමේදී අමිල මෙහෙයක් ඉටුකළ බව සටහන් කර තැබිය යුතුය.🇱🇰
කෙසේ වුවද 2007 දී එම ඒකකය "චීටා කණ්ඩායම" ලෙස නාම පරිවර්තනයකට ද ලක්විය. දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වී වසරක් ගතවෙමින් පැවති මොහොතේ එනම්
Delete1991 ජූලි 28 දින කංචිකුඩිආරු ප්‍රදේශයේදී එල්ල වූ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ අණදෙන නිලධාරීතුමාගේ දිවිය ආරක්ෂා වූයේ දේව හාස්කමකින් යැයි ප්‍රකාශ කළහොත් අපට වඩා එතුමා එය පිළිගනු ඇතැයි මා සිතමි. (නමුත් ස.පො.අ අශෝක කුමාර ඇතුළු වි.කා.බ අභීත රණවිරුවන් දෙදෙනෙක් එදින උපන් දේශය වෙනුවෙන් ප්‍රාණය පරිත්‍යාග කළහ)
නි.පො.ප සමන්ත ද සිල්වා ජ්‍යේෂ්ඨ නිලධාරීතුමාගේ රණකාමීත්වය පිළිබිඹු වන එක් විශිෂ්ඨ මෙහෙයුමක් අකුරු වලට නගමින්, එතුමා පිළිබඳව නොදන්නා අයට
එතුමාගේ තවත් පැතිකඩක් කියාපෑමට උත්සාහ දැරීම මගේ ප්‍රයත්නයයි.
1990 ආරම්භ වන විට විජේවීර ඝාතනය වී දකුණේ ජවිපෙ දෙවන සන්නද්ධ කැරැල්ල අවසන් වෙමින් තිබූ නමුත් 1990 මැයි මස මුලදී පවා දිගින් දිගටම මංකොල්ල කමින් අපරාධ ස්ත්‍රී දූෂණ රැසක් සිදුකර ජවිපෙ ත්‍රස්ත කැරලිකරුවන් පිරිසක් සීගිරි විලේජ් හෝටලය ඇතුළු සංචාරක හෝටල් දෙකක් කොල්ලකා පලායාමට සමත් විය.
එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරකයින් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට රජයට සිදුවිය.
එසේම මෙම වාතාවරණය පොලීසියට දැඩි පීඩනයක් ගෙනදුන් එකක් වූ අතර කොල්ලකරුවන් සෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත පොලිසිය ගුවන් හමුදාව සහ යුද හමුදාව එක්වී කඩිනමින් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන්නට විය.
මෙහෙයුම අතරතුර ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් සීගිරිය කැලෑවට කඩා වැටී විනාශ වී ගියේ ගුවන් හමුදා නිලධාරීන් කීපදෙනෙක් සමග ඉතුමත්ම අවාසනාවන්ත ලෙසිනි. මෙය ජාත්‍යන්තර මාධ්‍ය වල පලවී රටේ සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපාන්නටද විය.
මේ අතර පොලිස්පතිවරයා විසින් STF භට පිරිසක් මෙහෙයුම සඳහා කැඳවූ අතර ඒ අනුව ඒ වනවිට කටුකුරුන්ද පුහුණු පාසල තුළ ස්ථානගතව සිටි කුඩා කණ්ඩායම් 05 ක් SP. උපාලි සහබන්ධු ජ්‍යේෂ්ඨ නිලධාරීතුමාගේ අණදීම යටතේ 1990 මැයි 06 දින සීගිරිය ප්‍රදේශය වෙත වාර්තා කරන ලදී. (එය වි.කා.බ ය තුළ ස්ථාපනය කරන ලද පළමු වන කුඩා කණ්ඩායම් ඒකකය විය. පුහුණුව ලබාදෙන ලද්දේ විදේශීය උපදේශකයින් මගිනි)
එදින සන්ධ්‍යාවේ මාතලේට පැමිණි ඔවුන් නාඋල ප්‍රදේශයේ වනගත භූමියක තාවකාලික කඳවුරක් ඉදිකරගන්නා ලදී.
පසුදින උදෑසන STF කුඩා කණ්ඩායම් හතරක් වනාන්තරය අතරින් සතුරා සොයා ගමන් අරඹල ලදී. කැලය පීරමින් ගිය උ.පො.ප සමන්ත ද සිල්වා සහ සැරයන් තිසේරාගේ කුඩා කණ්ඩායම් දෙක,මැයි 08 දින ගොම්මනේ වනය තුළ වූ කඳු මුදුනකින් එක්තරා චලනයක් නිරීක්ෂණය කළහ.
ඊට පසු දින, වෙසක් පුර පසාලොස්වක පොහොය දිනය වූ බැවින් භට පිරිසට කඳු මුදුනේ දසුන් මනාව නිරීක්ෂණය විය.
ඒ වනවිට හාත්පස අඳුර ගිලගනිමින් තිබූ බැවින් එදින රාත්‍රිය කන්ද පාමුල ගතකොට පසුදින හිමිදිරියේ කන්ද තරණය කිරීමට තරුණ උ.පො.ප වරයා තීරණය කළේය.
ඒ අනුව පසුදින එනම් මැයි 09, හිරු එළිය වැටීමටත් මත්තෙන් ගමන් ඇරඹූ කණ්ඩායමට පැය කිහිපයකින් කන්ද තරණය කිරීමට හැකියාව ලැබුණි.
එහිදී ඔවුන් දුටුවේ දුරදක්නයක් හා අවි වලින් සන්නද්ධව කන්දේ පහළ නිරීක්ෂණය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකි. දෙපිරිස අතර දුර මීටර් 20 ක් වත් නොවූ තරම්ය.
එහිදී එක් තැනැත්තෙක් හට භට පිරිස දර්ශනය වූ අතර කලබලයට හා බියට පත්වූ ඔවුන් STF කුඩා කණ්ඩායම වෙත වෙඩි තැබීමට සැරසුණි.
නමුත් ඒ, සුවිශේෂී පුහුණුවල් ලබා සිටි, උපක්‍රම ශිල්පයේ පිකාසෝලා වූ ඒ වනවිට ලංකාවේ වේගවත්ම හා සටන්කාමීම ආරක්ෂක භටයින් පිරිසක් බව නොදැන විය යුතුය.
වහාම ක්‍රියාත්මක වූ STF භටයින් තම අත රැඳි නවීන M16 අවි වලින් සතුරාට පිළිතුරු ලබාදුන් අතර ඊළඟ නිමේෂයේ ඔවුන් හට දැකගත හැකි වූයේ ප්‍රාණය නිරුද්ධ මළසිරුරු දෙකක් පමණි.
ඉන් එක් තැනැත්තෙක්, රජයට දැඩිලෙස අවශ්‍ය ජවිපෙ ත්‍රස්තයෙක් ලෙස නම් කර සිටි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ (DJV) ප්‍රාදේශීය නායකයෙක් වූ මංකොල්ල ඝාතන දූෂණ රැසකට සම්බන්ධ"ප්‍රේමතිලක" බව හිටපු අණදෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නිලධාරීතුමා විසින් වාර්තා කර ඇත. අද හිටියානම් ටිල්වින් වසන්ත ලාල් වගේ පල් හොර කෝටිපති ඇමති හොරෙක් ලෙස මහජන ධනය ප්‍රකෝටි ගණනින් මංකොල්ල කෑමට පෙර මෙම අමනයා ඝාතනය කිරීමට ලැබීම රටේත් ජනතාවගේත් මහත් භාග්‍යයකි.
පසුව සෙසු කුඩා කණ්ඩායම් ද ස්ථානය වෙත ගෙන්වාගෙන ප්‍රදේශය සෝදිසි කළ අතර ඊට සැතපුම් භාගයකට ඔබ්බෙන් තිබූ සතුරු සැඟවුණු ස්ථානයක් (Enemy Hideout) එහිදී හඳුනාගන්නා ලදී.
එහි සිටි ජවිපෙ ඩීජේවී ත්‍රස්තයින් වෙඩි ශබ්ධය ඇසී පළාගොස් තිබුණ ද සංචාරකයින්ගෙන් කොල්ලකන ලද බොහෝ දේපළ එහි තිබී සොයාගන්නා ලදී. ඒත් සමගම මෙහෙයුමද අපේක්ෂා කළ කාලයට ප්‍රථමයෙන් අවසන් විය. පළාගිය ත්‍රස්තයින් පසුව අවස්ථා කීපයකදී පොලිස් අත්අඩංගුවට පත්වූ බවත් වනයේ අතරමංවූ සමහරෙක් නිරාහාරව මියගිය බවත් වාර්තා වේ.
බොහෝ දෙනාට විස්තර දැන ගන්නටවත් නොලැබෙන සිදුවීම් ගැන අපට කීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි චන්දන මහතාණෙනි.
Deleteඔබ කියා තිබෙන ආකාරයේ වනාන්තරවල විශේෂ පුහුණුවීම්වල යෙදවූ භට කණ්ඩායම් තුනක් හෝ හතරක් අපට මුණ ගැහුණා හෙනානිගලදී.
Deleteඑදා රාත්‍රියේ අපි එහි කූඩාරම් ගසාගෙන හිටියෙ. එදාත් වෙසක් පොහො දිනක්.
වෙලාව හවස හයට විතර ඇති. හිටි හැටියේ හමුදා භටයන් එකා- දෙන්නා වනාන්තරය ඇතුළෙන් මතු වෙන්න ගත්තා. ඒ හැමෝම උන්නේ හොඳටම හෙම්බත් වෙලා. එහෙම ආව ගමන්ම එයාල හැමෝම වගේ කළේ ගස් යට තැන් තැන්වල වැටිලා වැතිරීලා ගිමන් හරින එක.
ඔවුන්ව අරහේම පුහුණුවීමක යොදවලා. ඒකෙදි කොටසකට පාර වැරදිලා. සියල්ලන්ම ගමන නිම කරනතුරු ඔවුන්ට කඳවුරට යන්න බැරිලු.
අපේ WAL ප්‍රියන්ත, අයස්මන්ත පීරිස් එහෙම ගිහින් එතැන උන්නු ඉහළ නිලධාරියෙකුගෙන් අහලා, අවසර ගත්ත භටයන්ට තේ ටිකක් හදලා දෙන්නට.
එදා මැදියම් රාත්රියෙයි ඔවුන්ගේ සියලු භටයන් ඇවිත් ඔවුන් කඳවුරට පිටත්ව ගියේ.