ඔන්න එකෝමත් එක ගමක කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී. අනෙක් එක්කෙනා තර්කවතී... ගණිතවතීට ගණිතය පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. තර්කවතීට තර්කානුකූලව සිතීමේ හොඳ හැකියාවක් තිබුණා.
ඉතිං ඔන්න දවසක් මේ දෙන්නා පොඩි කැලෑ පාරක් මැද්දෙන් ගමනක් යනවා...
ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් යන්න තියෙනවා...
ගණිතවතී:
ඔයාට තේරුණාද අනේ, අපේ පස්සෙන් මිනිහෙක් එනවා. දැන් විනාඩි 38 යි... තප්පර 30 ක
වෙලේ ඉඳන් මිනිහා අපේ පස්සෙන් එනවා... මම මේ කල්පනා කළේ මිනිහට අපෙන් මොනවද ඕනේ
කියලයි.
![]() |
තර්කානුකූලව කරන්න පුළුවන් එකම දේ මම කළා.
මම මගේ රෙද්ද ඉස්සුවා... (ගොන් පොරවලදිත් එහෙමනේ කෙරෙන්නේ...) |
ගණිතවතී:
අනේ අපොයි! මේ එන වේගයෙන් මිනිහා ආවොත්... තව විනාඩි 1යි තත්පර 28ක් ඇතුළත මිනිහා
අපි ගාවට එනවා... අපි දැන් මොකද කරන්නේ..?
තර්කවතී:
මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකූල දේ තමයි වේගෙන් ඇවිදින එක!
ගණිතවතී:
ඒක හරියන්නේ නෑ...
තර්කවතී:
ඔව්... ඒක හරියන්නේ නෑ තමයි! ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකූල දේ කරනවා...
ඔන්න ඔන්න මිනිහත් වේගෙන් ඇවිදගෙන එනවා.
ගණිතවතී:
දැන් අපි මොකද කරන්නේ? මේ එන වේගයෙන් අවොත්, මිනිහා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා...
තර්කවතී:
හරි, දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකූල දේ තමයි දෙකට බෙදිලා පාරවල් දෙකක යන
එක... ඔයා අර පාරේ යන්න... මම මේ පාරෙන් යන්නම්... එහෙම ගියොත් තර්කානුකූලව මිනිහට
අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ...
දැන් මේ
දෙන්නා පාරවල් දෙකේ දෙපැත්තට යන්න පටන් ගත්තා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී
පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟා වුණා. තර්කවතී තාම ඇවිත් නැති බව
දැනගත්තා. තර්කවතීට මොනවා වෙන්න ඇත්ද කියල දුක් වුණා...
ටික වෙලාවක් යනකොට තර්කවතී ගෙදර ආවා.
ගණිතවතී:
අම්මෝ ඇති යන්තන් ඔයා ආවා... ඔයාට කරදරයක් නෑ නේද?
තර්කවතී: තර්කානුකූලව
වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට අපි දෙන්නගේම පස්සෙන් එන්න බැරි නිසා ඌ මගේ
පස්සෙන් ආවා...
ගණිතවතී: හරි...
හරි... ඊට පස්සේ මොකද වුණේ?
තර්කවතී:
තර්කානුකූලව වෙන්න පුළුවන් එකම දේ වුණා... මම, මට පුළුවන් වේගයෙන්ම දුවන්න ගත්තා... මිනිහත් පුළුවන්
වේගෙන් මගේ පස්සෙන් පැන්නුවා...
ගණිතවතී:
ඉතින්?
තර්කවතී: තර්කානුකූලව
වෙන්න පුළුවන් එකම දේ වුණා.. මිනිහා මගේ කිට්ටුවටම ආවා...
ගණිතවතී:
අපොයි දෙයියනේ... ඉතින් ඔයා මොකද කළේ?
තර්කවතී:
තර්කානුකූලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා...
ගණිතවතී:
අනේ.. ඊට පස්සේ අර මිනිහා මොකද කළේ?
තර්කවතී: තර්කානුකූලව
කරන්න පුළුවන් එකම දේ මිනිහත් කළා... මිනිහා මිනිහගේ කලිසම පහත් කළා...
ගණිතවතී: අයියෝ...
ඉතින්... ඊට පස්සේ මොකද වුණේ?
තර්කවතී:
ඇයි අනේ... ඊට පස්සේ වෙච්චදේ තර්කානුකූලව ඔයාට හිතාගන්න බැරිද...
රෙද්ද උස්සපු ගැහැනු කෙනෙකුට, කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න
පුළුවන් කියලා ඔයා තර්කානුකූලව දන්නෙ නැද්ද... මම ඉතිං දුවලා ආවා!
![]() |
2024
විදර්ශන සාහිත්‍ය සම්මාන’ ප්‍රදානෝත්සවයේදී... |
ඔව්, එයා තමයි ‘තර්කවතී vs ගණිතවතී’ කියන හරිම රසබර කතන්දරේ fb එකට ලියල තිබ්බේ. ඒ කතාව කියවපු ගමන්ම මට කියැවුණේ ‘මුන් දෙන්නම තකට තක’ කියලයි.
එතකොටම මගේ හිත දිව්වා මාස ගණනාවක් අතීතයට.
‘දෙන්නම තකට තක’... ඒ වචන ටික චූට්ටක් වෙනස්ව ‘දෙගොල්ලොම තකට තක’ කියලා මගේ අවංක
අදහස කියැවුණා; 2024 අලුත් අවුරුදු දවස්වල.
ඉස්සෙල්ලම මං ඒ ප්‍රකාශය
කළේ ‘සුහර්ෂණී’ නෝනා මහත්තයාට. එයා මේ කියන්න හදන කතාවේ එක පාර්ශ්වයක්! ගණිතවතී
පාර්ශ්වෙ කියමුකො.
සුහර්ෂණී කියන්නේ ඒ
නෝනා මහත්තයාගේ නම නෙවෙයි. මේ කතන්දරේ ලියනකොට ලේසි වෙන්න හොයා ගත්තු නමක්.
ඒ නෝනා මහත්තයා posh lady කෙනෙක්. බොහොම ප්‍රියමනාප පෙනුමැත්තියක්. ද්විභාෂා
හැකියාව ඇත්තියක්. උසේ තරමට නෙවෙයි මහත නං- ටිකාාාාාක් පිරිපුන් වැඩියි කියලයි මට
හිතුණේ. එහෙම අපූරු ඉස්තිරියාවකට ඔය ආරියවතී, කමලාවතී වගේ නමක් දාන්නයැ- නිකමටවත්.
එතකොට මතක් වුණා- සුහර්ෂණී නම.
ඒ නම ඉතාම මෑත දවසක
ඇහුණේ ‘2024 විදර්ශන සාහිත්‍ය සම්මාන’
ප්‍රදානෝත්සවයේදී. (මතක ඇති නේද මං වහන්සේ ‘විදර්ශනෙන්, තෑගි අරං, එනව බොලං’ කියල blog posts කීපයකුත් ලිව්වා.) කියැවිච්ච
විදිහටම සැප්තැම්බර් 1 වෙනිදා ගරු-ගම්භිරාකාරයෙන් ඒ තෑගි පිරිනැමුණත් එක්ක.
ප්‍රශස්ත කාව්‍ය- කෙටි ලැයිස්තුවේ තිබ්බ අත් පිටපත් තුනෙන් එකක් ‘සුහර්ෂිණී ධර්මරත්න’ගේ.
එතැනිනුයි ඒ නම මේ කතාවට අල්ලාගත්තේ. (ස්තුති කරන්න ඕනි කාට-කාටද මන්දා... ඔන්න
හැමෝටම ස්තුතියක්!)
ඉතිං අර ‘තකට තක’ කතාව
සුහර්ෂණීට කියලා විනාඩි කීපයකට පස්සේ, මං අනිත් පාර්ශ්වයේ- (අපි එයාලට කියමුද ‘තර්කවතී
පාර්ශ්වය’ කියලා.) නෝනා මහත්තුරුන් එක්කත් කිව්වා- මං සුහර්ෂණීට එහෙම කියපු
විත්තිය.
හත්තිලව්වට ගැහුව කලාබරේ!
එවෙලේ එයාලා ටික මාව සම්බෝල කළේ නැති ටික විතරයි.
අනේ අනේ නිමල් අයියේ. ඔයත් එහෙනං එහෙමයි. / ඔයාට වටින්නෙ නෑ නිමල් අයියේ, කීයටවත්
ඒ ගෑනිගේ පැත්ත ගන්න! / ඔයාටත් එහෙනං ඒකිව ලොකු වුණා. / එතකොට අපියි වැරදි? /
පිරිමි ඔක්කොම එකයි අනේ... බොහොම ආවේගශීලී සුසුම්- හීල්ලීම්- අවලාද කියුම් ගොඩාරියයි.
(ලොකුම කතන්දරේ- එහෙම වාගාලාප දෙඩුව තර්කවතීලා සේරෝමගේම ස්වාමි පුරුෂයන් හැමෝමත් ඒ
trip එකට ගිහිං හිටපු එකයි.)
මම හොල්මන් වෙලා ගියා.
වැරැද්ද එයාලගේද- නැත්තං මගේද?
මට අනුව නං, මගේ ප්‍රකාශයෙන් ඒ දෙගොල්ලන්ගෙන් කාටවත්ම අපහාසයක් වුණේ නෑ;
මදිපුංචිකමක් වුණෙත් නෑ; පැසසුමක් මිස! අනෙක මං කිව්වේ මට හිතුණු ඇත්ත- මට දැනුණු
සත්‍යය.
අපේ තාත්තා අපට උගන්නල
තියෙන්නෙ ‘ඇත්ත
කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා’ කියලනේ.
![]() |
මතකයි, හොඳට
මතකයි. |
1. ගැහැනු තවත්
ගැහැනුන් එක්ක ලේසියෙන් පෑහෙන්නේ නැද්ද? (පිරිමින්ට සාපේක්ෂව)
2. හැබැයි- එක පොදු විරුද්ධකාරියක් ඉන්නකොට එයාලා හරිම තදින්; හරිම ඉක්මනින් එකට
සමඟි වෙනවද? (පොදු සතුරෙක් ඉදිරියෙදි පිරිමිත් එහෙමද? දේශපාලන පක්ෂත් එහෙමද?)
3. කෙනෙකුට විරුද්ධව යමක් හිතට වැටුණාම, අපිට ඒක අමතක කරන්න බැරි ඇයි? මානවයාට තර්කානුකූල වෙන්න බැරිද හැබෑටම...
ඔය තුන්වෙනි කාරණේ නං
මගේ හිතට හොඳටෝම වද දෙන කාරණයක්. මං වහන්සේ මාලිමාවට බරයි කියලා දන්න සමහරු කිණ්ඩියට
වගේ අහන දෙයක් තමයි ’88-89 මතකයි නේද?’ කියලා.
විෂෙන් විෂ නසන්න පුළුවන් වෙලාවලුත් එනවනෙ- නේද...
“මතකයි, හොඳට මතකයි.
ගෝනි බිල්ලොත් මතකයි. බටලන්දත් මතකයි. ඊට පස්සේ සුනාමි අරමුදල් ගසා කාපුවත් මතකයි.
මහ බැංකුවට සුද්දෙ දීපු හැටිත් මතකයි. සීනි බදු වංචා- සුදුළූණු වංචා එහෙමත් මතකයි...
බෙහෙත් කියලා පල්වතුර දුන්නු හැටිත් මතකයි. එහෙව් මනුස්සයාට විරුද්ධ විශ්වාස භංගෙදී උදව්
කරල ආරස්සා කරගත්තු අයවත් මතකයි. තව ගොඩක් දේවලුත් මතකයි.
88 තරම් ඈත කාලෙ මතක
ඔයාලට ඊට පස්සේ වෙච්ච ඔය වගේ දේවල් මතක නැද්ද හැබෑටම...” කියලා මං අහන්නෙ බැරිම තැනකදී
විතරයි.
ඒත් එහෙම අහන්නෙත් ඔරොප්පු ස්වරයකින් නෙවෙයි; හොඳටම නිවිච්ච tone එකකින්.
හැබැයි- මං වහන්සේ
එහෙම අහපු එක වෙලාවකවත් ‘සාධාරණ උත්තරය’ක් නම් තවම ලැබිලා නෑ!
එහෙම දේවලුයි, ගණිතවතීලගේ
කතාවයි, ගිය මාසයේදී ගිය තවත් trip එකකුයි, මේ දවස්වල ඇහෙන- පෙනෙන දේවලුයි නිසා මට
ආයෙමත් හිතුණා අර සිදුවීම ගැන ලියන්න.
හැබැයි, ගමනේ මුල අග ලියන්නෑ, හොඳේ... ගිය අය ගැන විස්තර ලියන්නෙත් නෑ... ඔට්ටුයිනෙ.
සීත පළාතක්. මීදුමෙන්
වැහිලා. අපේ වාහන ටික සේරම ගෙස්ට් හවුස් එකට හැරෙව්වා... මිදුලේත්, ගොඩනැඟිල්ලට ඇතුළු
වෙන්නට තිබුණු පඩි පේළිවලත් මල් පෝච්චි තොගයක්... ඒවා එකකටවත් හානි නොවෙන විදිහට-
සැමන් pack කරන ආකාරයෙන් අපේ වාහන ටික park කරන්න උපදෙස් දුන්නෙත් සුහර්ෂණී.
![]() |
ශිෂ්ට සම්පන්න විදිහට අතට අත දෙන ගමන්... (අකුදි රනිල් වික්‍රමසිංහ මහතාට අතට අත දුන්නා වගේ...) |
වාහනයෙන් බහින ගමන් වුණත් තර්කවතීලා ඒක දැකලා. ‘අතට අත දෙන්නේ? ආයුබෝවන් කියන්න
බැරිද.’ සුහර්ෂණීට අපේ නෝනලාගෙන් පළමුවෙනි රින ලකුණ එකතු වුණා.
දෙවෙනි මහත්තයාට අතට
අත දෙන ගමන් සුහර්ෂණී එයාගේ රස්සාව ගැනත් අහපි. උත්තරේ හම්බ වෙච්ච ගමන්ම ගෑනි
කියපි ‘මගේ මහත්තයත් ..... කෙනෙක්. My ex husband ඇක්චුවලි... I’m divorced...
but, I’m happy. ඉතිං මං තනියම මේ හොලිඩේ බන්ග්ලෝ එක run කරගෙන ඉන්නවා.’ කියල දිග හෑල්ලක්.
මම පස්සෙයි තේරුම් ගත්තේ, ඒ වෙලාවේ සුහර්ෂණී නෝනාට අපේ නෝනලාගෙන් minus points බර
ගාණක් එකතු වෙලා කියල.
ඒ මදිවට මහත්තුරුන් කීප දෙනෙකුත් ඒ වැඩේට උඩගෙඩි දීලා.
එයා මොකටද දෙන්නෙකුට
විතරක් අතට අත දුන්නේ? /
අපි කළුද නිමල් අයියේ? අපිටත් අතට අත දුන්නම මොකද වෙන්නේ- අපිට බෝවෙන ලෙඩ නෑනෙ...
/
ඇත්තම කිව්වොත් මටත් දැනුණා එයා ඕනිවට වැඩිය වෙලාවක් මගේ අත අල්ලාගෙන හිටියයි
කියලා. මම ඉක්මනට එතැනම හිටිය අපේ ලොකු දුවව එයාට ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා ‘මේ
මගේ ලොකු දුව’ කියලා. එතකොට ගෑනි මගේ අත අතෑරියා. /
ඒකනේ අයියේ... එහෙනං එයා ගෑනු අපිවත් ඉඹින්න එපැයි.
(ඒ ප්‍රශ්න තව තව අයගෙත්
මුවගුළු (ගණිතවතීලට එරෙහිව) විවර කෙරෙව්ව එකයි වුණේ. ඒ විතරක් නෙවෙයි- තර්කවතී පිලේ
එකට එකමුතුව තවත් තහවුරු කිරීමත්.)
ඒ අදහස් ප්‍රකාශන මැද්දෙම
අපේ නඩය bags අරගෙන ගිහිං කාමර බෙදාගත්තා.
එතකොටත් දවල් වෙලා.
“අපි දවල්ට මාළුයි, පරිප්පුයි,
අඹයි, බැදුමකුයි හදාගෙන ඇවිත් තියෙන්නෙ. ඔයාල අපිට තේ ටිකක් හදල දෙන්න. ඊට පස්සේ
බත් එකක් ගහල දෙන්න පුළුවනි නේද?” අපේ අංගනාවකගෙන් ප්‍රශ්නයක්.
“හා මිස්. එතකොට ඒකට හාල්?” සුහර්ෂණී අහන්න ඇත්තේ කෑමට ඕනෙ කරන පහේ-පන්න ටික සේරම
අපි ගේනවයි කියලා තිබ්බ නිසා වෙන්නැති.
“මම ගෙනැත් දෙන්නං... තවම ගෙනාව බඩු van එකේ....”
ඊට විනාඩි කීපෙකට
පස්සේ අපේ අංගනාව බොහොම සීරියස් මුහුණකින් මාව හොයාගෙන ආවා. “නිමල් අය්යේ, ඔයා කියන්නේ
හාල් කිලෝවක බතකින් කී දෙනෙකුට කන්න පුළුවනිද?”
“ලොකු පිරිමි නං හය-හත් දෙනෙකුට ඇති, නංගි. ගෑනු පිරිමි දෙගොල්ලම නං අටකට නවයකට
වුණත් කන්න පුළුවන්...”
“ඒකනේ! අර සුකුරුත්තම කියනවනෙ හාල් කිලෝවකින් හතර දෙනෙකුටයි බත් කන්න පුළුවන්
කියලා.”
![]() |
“හොඳ collection එකක්නෙ.” මං නොපැකිලවම සුහර්ෂණීව අගය කළා! (foto: සෙරාන් එච්. ගමගේ) |
“එහෙම කොහොමද? මොකෝ
අයියලත් ඒ අම්මණ්ඩි කියන පැත්තටම කතා කරන්නේ...” තවත් කාරණයක් වයිරල් වුණා!
ඒ නවාතැන් පොළේ
විසිත්ත කාමරයේ ලස්සන පොත් රාක්ක කිහිපෙකුත් තිබ්බා. හොඳ පරිවර්තන- ඉංග්‍රීසි පොත්
එහෙම තමා ඒ රාක්කවල අසුරලා තිබ්බේ. “හොඳ collection එකක්නෙ.” මම නොපැකිලවම සුහර්ෂණීව
අගය කළා.
“මගේ ළඟ තියෙන ඒවායින් ටිකයි ඔය.” සුහර්ෂණී බොහොම නිහතමානීව කිව්වා. “තව රාක්ක
ටිකක් හදන්න දීලයි තියෙන්නෙ,”
එයා ඒ රාක්කවල තිබ්බ පොත් කියවලා තියෙනවද කියල නං මං ඇහුවේ නෑ. හැබැයි- ඒ පොත්
එකතුව නිසා මගෙන් එයාට plus points ටිකක් නං එකතු වුණ විත්තිය කියන්නම ඕනේ.
එදා හවසත් තව පටලැවිල්ලක්
වෙච්චි.
“මේ සැරේ කේක් ජාති හෙණ ගොඩයි. දෙකක්වත් දැන් කපන්න වෙනවා... මම කේක් කපන්නං.
මොනවද බොන්න හදන්න කියන්නේ?”
මට ප්ලේන් ටී. / මට කිරි කහට. / මට කෝපි. / ටින්කිරි දාලා නං තේ හදන්නේ මට කිරි
තේ.
හතර අතින් අසන්නන්ගේ ඉල්ලීම්!
“ඔය වැඩේ ඔහොම හරි යන්නේ
නෑ... තමුසෙලට ඕනි කරන ගණන් ටික කොළ කෑල්ලක ලියල දෙනවා...” එක මහත්තයෙක් කිව්වා. “නැත්තං
ඔහොම කියන්න ගියොත් අර මනුස්සයට පිස්සු හැදෙයි.”
“අලුතෙන් හැදෙන්න දෙයක් නෑ. එයාට නං දැනටමත් පිස්සු වගෙයි.” තර්කවතී කෙනෙක් නොරිස්සුමෙන්
උත්තර දුන්නා. “වෙනදටත් අපි තුණ්ඩු ලියනවද?”. එයා එහෙම කියන අතරේ ගුරු මහත්මියක් මනාපයන්
ගණන් හදමින් කොළ කෑල්ලක ලිව්වා. මහත්තයෙක් ඒ තේ තුණ්ඩුව සුහර්ෂණීට ගෙනිහින්
දුන්නා.
එහෙම කරලත් දෙගොල්ලටම
වැරදිලා තිබ්බේ මහ අවාසනාවන්ත විදිහටයි. පැය භාගයක විතර වාදයකුත් කෙරුණා- වැරදිච්ච
තැනයි- වැරදුණේ කාටදැයි කියන කාරණා හොයන්න...
ඔයාලා හිතන්නේ පලක් වුණයි කියලද?
මෙච්චර කල් තිබිච්ච
අපේ ආණ්ඩුවලින් වැරදි හොයන්න පත් කරපු කොමිසම් වැඩිම හරියකින් වුණෙත් ඒකමනෙ. ලක්ෂ
කෝටි ගණන්වලින් මහජන මුදල් වියදම් කෙරුණා විතරයි. අරයා වැරදියි, මෙයා වැරදියි
කිය-කියා චෝදනා එල්ල වුණා විතරයි. නිකං කාලෙ ගතවුණා විතරයි...
තව සති දෙකකින් ඉස්සරහට එන උදවියවත් ඒ නරුම ක්‍රමේ වෙනස් කරාවි කියලයි මම නං මේ බලා ඉන්නේ...
![]() |
මළ පැනලා විත්තිය පේන්න ගත්තම… |
ඒකට ඕනි කරන දේවල් ගෙන්න යද්දිත් පරස්පර අදහසුයි මතු වුණේ. අවශ්‍ය chicken ප්‍රමාණ-
අල හා එළවලු ප්‍රමාණ ගැන එහෙම... එතැනදී අපේ පිරිමි පාර්ශ්වයෙන් පිළිගැනුණේ ගණිතවතී
සුහර්ෂණීගේ අදහස්. ඒවා නිවැරදි බව කෑම වෙලාවේ පේන්න ගත්තම අපේ තර්කවතී නෝනලා
පුපුරන්න ගත්තා.
ඒ පිපිරීම පිටාර ගැලුවේ ‘උණු වතුර ප්‍රශ්නය’ක් විදිහට.
මොන හේතුවක් හින්දද
මන්දා, ඒ රාත්තිරියේ බාබකිව් එක අස්සෙත් අපේ මහත්තුරුන් ගොඩකට (වෙනදා නැති තරමට) උණු
වතුර ඕනි වුණා. කිසිම බැරි-බැරියාවකින් තොරව මහත්තුරු ඉල්ලන පමාවෙන් සුහර්ෂණී උණු
වතුර වීදුරු supply කෙරුවා. ‘අද මේ ගොල්ලොන්ට උණු වතුර දොළදුක් හැදිලනේ! / අපි මොනවා
හරි ඉල්ලුවම නං ගෑනි වරුවක් ගිහිල්ලයි ගේන්නේ.’ Sweet වොයිසස්වලින් angry මුණු-මුණු ගෑමක් ඇහුණත් එක්ක.
නෝනා මහත්තුරුන්ට මළ
පැනලා විත්තිය පේන්න ගත්තම මහත්තුරුන්ට හෙණ ආතල්. උණු වතුර ඉල්ලීම් වැඩි වුණා. සුහර්ෂණී
එක්ක කෙරෙන කතාබහත් වැඩි වුණු පාටයි.
ඒකට අප්‍රසාදය පෙන්නන්න
වගේ තර්කවතීලා ටික වේලාසනම නින්දට ගියා.
මධු විතත් තිබ්බ නිසා පිරිමින්ගේ
පැදුරු පාටිය නං ඉක්මනින් ඉවර වුණේ නෑ. හැබැයි- ආපහු ගෙවල්වලට ගියාම සිද්ද වෙන්න
පුළුවන් ‘ගෘහස්ත හිංසන’ ගැන කල්පනා වෙච්චි නිසා වෙන්නැති... පිරිමි ටික දෙනෙකු
සඳහා ටිකක් ඈතින් වෙන් කරලා තිබුණු නිවහනට කවුරුන්වත් ගියේ නැති තරම්...
සැක ඇති තැනට විදුලි
කොටනවයි කියනවනෙ.
අපේ තර්කවතීලට සුහර්ෂණීගේ හැම දෙයක්ම පාහේ ඇදේට පෙනුණා වගෙයි. සුහර්ෂණීටත් එහෙමම
හිතිලා!
ඒ විත්තිය පෙනුණේ අපි
එතැනින් පිටත් වෙලා එන්න සූදානං වෙද්දී.
“ඔයාලා ගෙනාව බඩුවලින් ඉතිරි වෙච්ච දේවල් මේ... ඒවාත් ගෙනියන්නෙයි කියන්න.” සුහර්ෂණී
කුස්සියේ මේසයක් උඩ ගොඩ ගහලා තිබුණු bags ටිකක් පෙන්නුවා. ඒවා අතරේ පොල් කටු ටිකක්
දමාපු සිලි බෑගයකුත් තිබුණා.
“මේ මොකටද?”
“ඔයාලගෙ නෝනලා මේවත් ඉල්ලයි කියලා හිතුවා.
ඒකයි...”
ඒ වෙලාවේ තමයි මං
මෙහෙම කිව්වේ. ‘අපේ කට්ටියයි සුහර්ෂණීයි දෙගොල්ලොම මරු. දෙගොල්ලොම තකට තක.’ මං
එහෙම කියපු එක ගැන ඔයාලා මොකද හිතන්නේ?
![]() |
2024
ජනාධිපතිවරණ සටනේදී මාලිමාවේ අනුර කුමාර
දිසානායක දැනටමත් අනිත් අපේක්ෂකයන්ට වඩා හැම අතින්ම ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නවා වගේ! |
හොඳම ටික කියැවුණේ දවල් කෑමට පස්සේ...
සුහර්ෂණීලටම කියලා දවල් කෑම හදවගෙනයි, අපි ආවේ. එයින් බත ඇටකුණා වෙලා- පරිප්පුවට
පොල්කිරි නොදා බෙරි කරලා- තව කරියකට ලුණු පෙන්නලාවත් නෑ. ඔයාලම හිතා ගන්නකො
කියැවුණු දේවල්... එහෙම බලද්දී ඒ ගණිතවතී ඉන්නේ අපේ අයට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන්
වගේ...
2024
ජනාධිපතිවරණ සටනේදී මාලිමාවේ අනුර කුමාර දිසානායක දැනටමත් අනිත් අපේක්ෂකයන්ට වඩා හැම
අතින්ම ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නවා වගේ෴o෴