උපුල්ට
තිබ්බෙම අමුතු සයිස් වැඩ කිරීමේ උණකි. සරසවි දියණියෝත් ඒ සයිස් එකකි.
ඉස්සරම
කඩදාසි හැදුවේ සම්මත ප්‍රමාණයකටය.
ඩබල්
ඩිමයි සයිස් එකටය. ඒ කිව්වේ අඟල් 35x22 1/2 ප්‍රමාණයටය.
ඒ සයිස්
කඩදාසියක එක පැත්තක ඔබ බොහෝ විට දකිනා පොතක ප්‍රමාණයේ පිටු 16 ක් මුද්‍රණය
වෙයි. අනෙක් පැත්තේ තවත් පිටු දාසයකි. සේරම පිටු තිස් දෙකකි. ප්‍රින්ටින් භාෂාවෙන්
'පෝරමයක්' කියන්නේ
එහෙම එකකටය.
ඉතින්, උපුල්ගේ
පොත අච්චු ගැහුවේ අඟල් 7 1/2 x 5 සයිස් එකටය.
"උපුල්, මේ සයිස්
එකට පොත ගහනවා නම් කොළයෙන් කෑල්ලක් අහක යනවා. අපරාදේ නේද? වියදමත්
වැඩි වෙනවනේ..." මම කීමි. උපුල් සිතුවේ වියදම ගැන නොවේ. ඔහුට ඕනෑ සයිස් එක
ගැන පමණි.
ඒ සයිස්
එක පිළිබඳ සැඟවුණු ආදරයක් ඔහුට තිබෙනවාවත්ද? අද මට
හිතෙන්නේ නිකම්ම නොවේ.
එයින්
අවුරුදු විසිහයකට පසු 2016 සැප්තැම්බරයේ 'සන්නස්ගල
සන්ධ්‍යානයේදී' බෙදා හැරුණු පොත් පිංචත් සරසවි දියණියන්ගේ සයිස් එකම
වාගේය. ටක්කෙටම කියනවා නම් සරසවි දූවරු සෙන්ටි මීටරයක් උසය! ඒ සමන් සයිස් එකය.
සමන්
සයිස් එක හැදුවේ සමන් ප්‍රකාශකයන්ය.
එහි සභාපති ඊ.එන්. වීරසූරිය මහත්මාය.
එච්.ජේ.ඒ. හුළුගල්ල, එස්.ඩබ්ලිව්. වල්පිට මහත්වරු සමන් පබ්ලිෂර්ස්හි අධ්‍යක්ෂ
ධූර දැරූහ.
මං මෙව්වා කියන්නේ මා සතු තොරතුරු තවත් හොඳින් තහවුරු කරගෙනය.
ඒකට
මෙතැනදී උදව් වුණේ එන්.එච්. සමරසිංහ මහත්තයාගේ පෝස්ටුවක්. උන්නැහේ ඒක දාලා තිබ්බෙ FB එකේ 'පොත්
කියවන අය' යටතේ.
සමන් පබ්ලිෂර්ස්ලා දැන් වගේ
කොළපොතුත් අච්චු ගැහුවේ නෑ! හත්-අට දෙනෙකුගෙන් යුතු මණ්ඩලේකට දාලා අනුමත වුණු පොත්
විතරලු පළ කළේ. ඒ විස්තරත් පෝස්ටුවේ තියෙනවා.
හැබැයි
සමරසිංහ මහත්තයාට අහු නොවුණු දේවලුත් ඉතිහාසයේ හැංගිලා තියෙනවා.
ඔය තෝරන මණ්ඩලේ
හිටියා යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා කියලා මහත්තයෙක්. එතකොට එයා එදිරිවීර
සරච්චන්ද්‍ර නම භාවිතයට අරගෙනයි උන්නේ.
එයාගෙ හොඳම ගෝලයෙක් තමයි ගුණදාස අමරසේකර
මහත්තයා.
මොන
අහම්බයක්ද මන්දා 'සමන්' එකෙන් ගහපු මුල්ම පොත් දෙකෙන්
එකක් ගුණදාස අමරසේකර මහත්තයාගේ 'කරුමක්කාරයෝ'. පළ වුණේ 1955
අවුරුද්දේ, පිටපත් 2100 ක්.
1960 දී අමරසේකර මහත්තයාගේ දෙවෙනි නවකතාව පිටවුණා.
අපරාදේ
කියන්න බෑ සරච්චන්ද්‍ර මහත්තයා ගෝලයාව හොඳට පිම්බුවා, 'යළි
උපන්නෙමි' ලිව්වාම.
සමන් මුද්‍රණාලය
තිබුණෙත් මහරගම. දෙහිවල පාරේ දෙහිවල බස් නවත්තන තැන තියෙනවා නේද 'කාර්ගිල්ස්
ෆුඩ් සිටි' එකක්. ඒකේ පිටුපස හරියේ වගෙයි ඒ ගොඩනැඟිලි තිබ්බේ.
කාලෙකට
පස්සේ දවස්වල අමරසේකර මහත්තයා තමන් ලියූ 'යළි
උපන්නෙමි' ලිවීම ගැන පසුතැවුණාලු. ඒ ගැන ප්‍රසිද්ධියේ කිව්වාට
පස්සේ මහාචාර්යතුමා කිව්වේ 'එයා ළඟ හැංගුණු දක්ෂතා තියෙන
නිසා ටිකක් උස්සලා තිබ්බ' බවක්.
(ප්‍රකාශයේ
වදන් මගෙයි, හොඳේ.)
මං මේවා
ලිව්වේ කාටවත් අපහාස කරන්නට නොවේ. අපේ රටේ ඉන්නා උදවියගේ හැටි ගැන වත්මන්
පරම්පරාවට දැනගන්නටය.
අදත්
විනිශ්චය මණ්ඩලවල ඉන්නා අය තමන්ගේ අයට බෙදති. කල්ලියේ අය නම් පුම්බති. ඒ ඔවුන්ගේ
මානව හිමිකමක් බව ඇත්තය; ඔවුනට දී ඇති බලතල පාවිච්චි කිරීමක් බවත් ඇත්තය. කොස්ස,
ඔවුන් ඒවා කරන්නේ; ගැත්තන්ට තෑගි-බෝග පුදන්නේ මහජන මුදල් වැය කරමින් වීමය.
එහෙම
බලද්දී නම් පුටු වෙනස් වුණත්, නම් වෙනස් වුණත්, කාලය
වෙනස් වුණත් සංතෑසිය වෙනස්වී නැත, එකමය. මොන-මොනවාට හරි තියෙන
කෑදරකමය.
එහෙම
කියද්දී තවත් දෙයක් මතක් වෙයි. උපුල් සමහර නම්වලට කෑදරය. පුදුමාකාර විදියට කෑදරය.
මා කියන්නේ බොරුය කියා හිතෙනවා නම් ඔහුගෙන්ම අසා දැනගත යුතුය. පළමු පොතට ISBN අංකය
ලබාගනිද්දී උපුල් පොත් දහයකටම අංක ලබාගත්තේය. ..........ඒ නම් අතර 'තුඹසක
විලාපය', 'මතක සජ්ජායනය' දෙකත්
තිබුණා මට හොඳටම මතකය. සමහර එව්වා ගැන නම මිස හාන්කාවිසියක් උපුල්ගේ සිහිනවලවත්
නොතිබ්බාට සැක නැත.
තවත්
පැත්තකින් බලද්දී අපි දෙන්නාම එක විදියක අවාසනාවන්තයෝ වෙන්නෙමු! උපුල්ගේ මුල්ම පොත සිනමා සලරුවකට නැංවිණි. සබීතා පෙරේරාත්, සනත්
ගුණතිලකත් ප්‍රධාන චරිත රඟපෑවෝය. ඒත් ෆිල්ම් එක එළි නුදුටුවේය. නිෂ්පාදකයා මියගිය
බැවින් විය යුතුය.
මගේ මුල්ම පොතත් ටෙලි නාටකයකට තෝරා ගැනිණි. අත්තිකාරමකුත්
ලැබිණි.
රොෂාන්
පිලපිටියත්, නදී චන්ද්‍රසේකරත්, බුද්ධි
වික්‍රමත්, සමන්ති ලැනරෝලුත් ප්‍රධාන චරිතවලට තෝරාගෙන තිබිණි. ටෙලිය
හැදුණේ නැත. අධ්‍යක්ෂ සෝමපාල ලැනරෝල් දිවියට සමුදුන් නිසා විය යුතුය.
90 සිට හය වසරක් ගෙවෙද්දී උපුල් මුද්‍රණාල හිමිකරුවෙක්ව
සිටියේය. සංහිඳ මුද්‍රණාලය. ඒ ප්‍රෙස් එකට කාර්ය මණ්ඩලය පන්ගාර්තු කළේ නිමල්
දිසානායක වන මං වහන්සේමය.
නෙවිල්, විජිත් හා ප්‍රියන්ත. ප්‍රියන්ත
මල්ලී එලොව ඉඳන් මා මේවා කොටනවා දකිනවා විය යුතුය. නුගේගොඩදී පිපිරුණු බෝම්බයට ප්‍රියන්ත
යුවලම අසුවිණි. තව දුරටත් ජීවත් වන්නට චමිලා නංගිට පින තිබිණි.
දිනය: 1996 ජුනි 28
ස්ථානය:
ජෝන් ද සිල්වා සමරු රඟහල
සවස දෙක
වනවිටත් සමරු රඟහල පිරීතිරී යන තරම් රසික පිරිසක් එහි වූහ. ඒ උපුල්ගේ වාසනාව
නිසාය.
සිද්ධාර්ථ
බෝධිසත්වයෝ අන්තිම ආත්ම භාවයේ උපදින්නට පෙර තුසිත දිව්‍ය ලෝකයේ සිට පස්මහ බැලුම්
බැලුවේල. කාලය, දීපය, දේශය, කුලය, මව... එසේම
බැලුම් හෙළා, කල්-යල් බලා, නියම
කාලයම අල්ලා උපුල් ඉපදී තියෙන බව මම සිතමි.
රූපවාහිනිය මෙරටට කඩා වැටෙද්දී, සිංහල දන්නා- මුඛරි තරුණ නිවේදක-නිවේදිකාවන් රැසක්.... |
උපුල්
ටියුෂන් දෙන කාලය වනවිට විවෘත ආර්ථිකය කඩා පාත් වෙලාය. රූපවාහිනියත් ශ්‍රී ලංකාවට
වැඩම කරවලාය.
ඒවා ක්‍රමයෙන් රට ආක්‍රමණය කරද්දී සිංහල දන්නා, මුඛරි, ප්‍රියමනාප
පෙනුමැති යෞවන-යෞවනියන් ජන මාධ්‍යවලට අවැසිව තිබිණි. මා දකින විදියට නම් ඒ
පුරප්පාඩු වැඩිම හරියකට තෝරා ගැනුණේ සන්නස්ගලගේ ගෝල-බාලයන්ය. ඒ ඉබේම වාගේය. ඒ
සිසු-සිසුවියෝත් උපුල් සර්ට උපරිමව කෘතගුණ දැක්වූහ.
එයට හොඳම
නිදසුනක් ලෙස මා උපුටා දක්වන්නේ ‘සංගිලි පාලම’ ඇරැයුම්
පතේ අන්තිම පිටුවේ ඇති කොටසකි. –
“සංවිධානය
යොවුන්
ලේඛක සන්නිවේදන පර්ෂදය
මානව භාෂා
පර්යේෂණ සංචිතය
පංච මධුර
සංසදය
‘දිරිය කැදැල්ල’ නාට්‍ය
කණ්ඩායම”
මගේ මොළයේ
තරමට, මා හිතන්නේ පර්යේෂණ නිබන්ධයකට තරම් දේවල් මේ කාරණාවේ
සැඟව ඇති බවයි. ඒවායේ උන්නෝ කවරහුද?
සිංහල
උපකාරක පන්ති පැවැත්වූ වෙනත් කිසිම ගුරුවරයෙකු නොලද වාසියක් උපුල් ලදුයේ නිසි කල, නිසි තැන
සිටි බැවිනි. උපුල්ගේ මිත්‍රශීලී ස්වභාවයත්, තාරුණ්‍යයත්, රැඩිකල්
වැඩ-කිඩත් ඒ වාසනාව තවත් තීව්ර කළේය. මේ මගේ දැක්මයි, එය වැරැදි
විය හැකිය.
රැඩිකල්
වැඩ.....!
තැන-තැනින් මතුවුණු ගෝනි බිල්ලන් පිරිසක් ජෝන් ද සිල්වා සමරු රඟහලේ සිටි ප්‍රේක්ෂකයන් ................ |
ජෝන් ද
සිල්වා සමරු රඟහලේ සිටි සැවොම හිටිහැටියේ පාෂාණිභූත වූහ.
තැනින්
තැනින් මතු වුණු කළු හැඳගත් තරුණ පිරිසක්.....
ඒ මදිවාට
කට්ට-කළු කොට්ට උරවලින් මූණු වහගෙන....නරක දවස් ආයෙම ඇවිත් වගෙයි.
ඔවුහු
ශාලාව පුරා යමින් මොනවාදෝ බෙදූහ. එතැනදී නම් මගේ මතකය ටිකාක් හිස්ය!
ඒ 'කාළ මරාලය' උපුල්ගේ
අයිඩියාවක් විය යුතුය.
තව
කාට-කාට හරි ක්‍රෙඩිට් එක යා යුතු නම් මගේ නොදැනුම්කමට සමාවෙන්න. හොඳම ගෝලයන් ළං
කරගෙන ඔවුන්ගෙන් ගතයුතු දේ ගැනීමට උපුල් දක්ෂ නිසා එදා තව කවුරු-කවුරු හරි තිරය
පිටිපස සිටියා වන්නටත් ඉඩ තිබේ.
කමක් නෑ.
ඕක ඉතිහාසය පුරාමත් සිදුවෙලා තියෙන්නේ. තවමත් වෙන්නේ.
බලසේනාව
යුද්ධ කරලා දිනුවාට නම යන්නේ රජාගෙනේ. අනෙක් අයගේ හම විතරයැ, පණත්
ගිහින්! පරාජය අවජාතක පුත්‍රයෙකි; එහෙත් ජයග්‍රහණයට පියවරු බොහෝය-
කියලත් කියමනක් තියෙන්නේ... ඔය නිසා වෙන්න ඕනෑය.
සන්නස්ගල මහත්තයා දේශපාලනයට වුණත් සුදුසු බව......... |
හැබැයි, උපුල්
දේශපාලනයට වුණත් සුදුසු යැයි මට හිතුණේ 'සංගිලි
පාලම' දොරට වඩිනදා ඔහු කළ ආවේගශීලි කතාවෙනි.
මා ළඟ පටිගත කළ
කතාවක් නැත. ඇත්තේ මතකය පමණි. එබැවින් වචන මගේය. අදහස ඔහුගේය...
"ඔන්න
මෙතන ආදායම් බදු එකෙන් ඉන්නවා නම් මම මේක කිව්වාට පස්සේ මගේ පස්සෙන් එන්න එපා. මේ
වෙනකොට සරසවි දියණියෝ පොතේ පහළොස්දාහක් විකිණිලා ඉවරයි.."
ඇත්තම
කිව්වොත් මගේ ගණන් හිලවු ඊට වෙනස් නිසා පොඩි විචිකිච්ඡාවක් ඇති වුණත් මමද ඔකඳ
වීමි. 'අපේ සිංහල පංතියේ' සාහිතකාමී
ගෝල-බාලයන් මටත් වඩා ඔකඳ වුණු බව කියාපෑවේ එවිට නැඟුණු ඔල්වරසන් නාදයයි.
ඒ 'කික්' එක මේ
අකුරු කොටනවිටත් දැනෙන නිසාදෝ මීට පෙර ලිවිය යුතු දෙයක් අතපසු විය. 'යුවති
කිරිල්ලී'.
වරින්වර නවකතා කිහිපයක්ම
ලියා; වඩාත්ම නිවැරැදිව කියන්නේ
නම් බාගෙට ලියා අත්හැර දැමීමේ පුරුද්දට ඇබ්බැහිව සිටි මා හොඳ උත්තේජනයක් ලද්දේ
උපුල්ගෙනි.
එබැවිනි, මා උපුල්ට බෙහෙවින්ම කෘතඥ වන්නේ. නොදැනුම්වත්ව හෝ මා උත්තේජනය කළාට.
එමෙන්ම ඒ
දිනවල මහද ගැබ තුළ රැකගත් රහසක්ද විය.
රහසක් රැකෙන්නේ තනි හිතක් තුළ පමණෙකියි මම
අදහමි.
එහෙත් එසේ සිටීම කොතරම් නම් පීඩාකාරිද, වෙහෙසකරද
යන්න හොඳින්ම දැනෙන විට එය වස්තු බීජය කොටගත් කතාවක් ලියන්නැයි මසිත මට කීවේය.
එය 'මගෙ හිත
වෙනතක යාවීමකට' ඉඩ දීමක්ද විය. ඉතින් මම ලිව්වෙමි. අච්චු ගස්වන්නටද පටන්
ගත්තෙමි.
ඒ අතරම දොරට වැඩුමක් ගැනද සිතුවෙමි. කවුද පොත ගැන කතා කරන්න හොඳ?
මුලින්ම
මගේ ඔළුවට ආවේ ජැක්සන් ඇන්තනිය. ඊළඟට උපුල්. ඊටත් පසුව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර.
යුවති කිරිල්ලී ගැන කතා කරන්නට සුදුසුය කියා මට මුලින්ම හිතුණේ...... |
මගේ
මිතුරු ලලිත් ප්‍රියන්ත ඉංජිනේරුවකු වුවද ඉඳහිට හෝ හොඳ පොත් කියවන, නාට්‍ය
නරඹන, සබඳතා බොහෝ ඇති අයෙක් විය. අපේ මිතුරු සංසදය සතියකට
දවසක්, අපේ ගෙදරදී 'සෙට්' වෙන
අවදියයි ඒ.
එවන්
විටෙක ප්‍රියන්තගේ මුවින් ජැක්සන් ඇන්තනි මහතා හමුවුණු බවක් කියැවී තිබිණි.
"බැරිද මගේ වැඩේට මනුස්සයාව අල්ලාගන්න." මම ප්‍රියන්තට වගකීම පැවරීමි.
එය අසාර්ථක විය.
ඒ අතරේ
උපුල්වත් හමු වුණෙමි.
"නිමල්, ඔය දවසට
නම් මට තවත් වැඩක් තියෙනවා. ඒත් උපරිම උත්සාහ ගන්නවා."
උපුල් කීවේය.
කිව්වා
විතරක් නොවේ. පොතේ පිටපතක්ද ඉල්ලා ගත්තේය.
ශ්‍රීමත් ඉන්ද්‍රජිත් මාර්ගයෙන් තෙවෙනි විකල්පයකටත් යන්නට............. |
මම තෙවෙනි විකල්පයටත්
ගියෙමි. ඒ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මාර්ගයෙනි. එවකට ශ්‍රීමත් අංකුර කලාකරුවෙක්
විය. මිතුරන් කිහිප දෙනෙකු සමඟ මුද්‍රණ කටයුතු කරවා ගැනීම සඳහා ප්‍රෙස් එකට පැමිණි
ඔහු මා සමඟද කුළුපග විය.
ඇත්තටම අද අනූපම සේනාධීර, ටී.ආර්. අජිත් කොහේද?
ඔන්න මේවා කියවනවා නම් මටත්
කතා කරන්න, තරහ නැතිව.
ශ්‍රීමත්
මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර මහත්මා හඳුනන බව මා දැනගත්තේ පාගොඩ විජය දහම්
පාසලේදීය.
සුප්‍රකට
බොනී අයියාගේ දහම් පාසල! මා එහි ගියෙත් ශ්‍රීමත්ගේ ඇරැයුමිනි.
"හරි, නිමල් අයියේ, අපි
ගිහින් සුනන්ද සර්ව හම්බ වෙමු." අපි ගියෙමු. මහාචාර්යතුමාව මුණ ගැසුණෙමු.
"අනේ
ළමයිනේ, පහුගිය දවසක .............ගේ පොතක් දොරට වඩින උත්සවයක
කතා කළා කියලා තවම මං බැණුම් අහනවා. ඒක පැණි පොතක්ලු. මං මේක කියවලා බලලා
කියන්නම්කෝ." එතුමා අපට කිව්වේය.
"...මොනවා
වුණත් අලුත් එක්කෙනෙක්නේ. අනෙක ශ්‍රීමත් එක්කනේ ආවෙත්..." එය මට කොළ එළියක්
විණි.
ඊට පසු
දවසක මම යළි මහැදුරුතුමා මුණ ගැසෙන්නට ගියෙමි. "හරි, මම දේශනයට
එන්නම්. මං පොත කියෙව්වා. මට නම් මේක සුන්දර, බොළඳ
කතාවක් විතරයි. හැබැයි මට මේකේ එක සිංහල වැරැද්දක්වත් හොයාගන්න බැරි වුණා.... ඒත්
නිමල් ඔයා කියන තරම්ම.... ඔයා වර්ණනා කරන තරම්ම ආදරේ සුන්දරද?"
මම දේශනයට එන්නම්. ඒත් නිමල් ආදරේ ඔයා වර්ණනා කරන තරමටම සුන්දරද... සුනන්ද සර් ඇසුවේය. |
මම ඊට උත්තර නොදුන්නෙමි.
එහෙත් පොත පිළිබඳව එතුමන්ට හැඟෙන සැබෑවම පවසන ලෙස ඉල්ලීමි. "එදාට සර් මාව
විවේචනය කළත් කමක් නෑ. මට ඕනේ ප්‍රශස්තියක් නෙවෙයි " මම කිව්වෙමි.
උපුල්
අවසන් තීන්දුව දෙන්නම් කියා තිබුණේ පසුදා හවසය. මම මත්තේගොඩ ඔහුගේ නිවසට ගියෙමි.
දිගු අල්ලාප-සල්ලාපයකිනුත්, චූටි අක්කාගේ සංග්‍රහයකිනුත් පසු අපේ කතාව පොතට යොමු
විය.
මම 'ආදරේ
ඔතරම්ම සුන්දරද' යන ප්‍රශ්නය ගැනත් ඔහුට කිව්වෙමි.
"අනේ නිමල්, ඔය වේසි
කොහොමද සිංහලෙන් කවි කියන්නේ, ඉන්දියාවේ ඉඳන් මෙහෙට ඇවිල්ලා?" මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අධිනීතිඥ රන්බණ්ඩා
සෙනෙවිරත්න මහත්මෝ පෙරළා මගෙන් ඇසූහ.
මඤ්ඤංද? ඔබ දැන්
නම් එහෙම අහනවා නිසැකය. කොහෙන්ද රංබන්ඩෙක් මෙතැනට එන්නේ? ඔබ ඉවසා
සිටිය යුතුය. දැන් මගේ ඇඟිලි වෙවුලයි. අද වෙන අකුරක්වත් කොටන්නට බැරි වෙන පාටය, මම
ඉක්මනින්ම ඉතිරිය ලියන්නෙමි.....
මංඤ්ඤං නේන්නං....😂
ReplyDelete👍👍👍👍
කොහොමද හැබෑටම දැනගත්තේ?
Delete//ටිකක් උස්සලා තිබ්බ
ReplyDeleteසිසිර කුමාර මහත්තයාගේ සාහිත්‍ය කොල්ලය පොතේ නම් ඔය ගැන පලු යන්න ලියා තියේ
ඔව්,ඔව්.
ReplyDeleteහැබැයි පොතේ මුල ප්‍රින්ට් එකේ නම් කතුවරයාගේ නම තිබ්බෙ
වංශනාථ දේශබන්ධු කියලා නේද?
සිසිරකුමාර මහත්තයා ලේක්හවුසියේ වැඩ කළ නිසා වෙන්නැති
එහෙම නොනමින් ලිව්වේ.
දැන් විජේරාම හන්දියේ පෙට්‍රල් ෂෙඩ් ඒකට ඉස්සරහින් තියෙන කඩ පේලියේ
එකක මානික්කආරච්චි මහත්තයා පුංචි අච්චු කන්තොරුවකුත් කළා.
මේ පරණ කතන්දර ඔයාල දන්නවා උනාට සහස්‍රකයෝ වෙන අපි දන්නවයැ ? ඉතිං කොනක හිට ලියන්න. කවදහරි කවුරුහරි ඉන් වැදගත් යමක් උකහා ගන්නෙ නැතැයි :)
ReplyDeleteකණ්ඩා, ඔයාලා වගේ අයම තමයි දවසක මේවා හොයා-හොයා කියෙව්වොත්. ස්තුතියි, දිගටම කියවනවට.
Deleteඑළ .ඔය පොත් සම්මාන හෙම බෙදන්නේ පක්ෂ දේශපාලනයත් බලල
ReplyDeleteමටත් එහෙම හිතෙන වෙලාවල් තිබ්බා!
Delete