මගේ හයවෙනි ඉන්ද්රියටවත් දැනුණේ නෑ මාරයා එයාගෙ
දළ කළු ලෝගුව ටිකෙන් ටික දිග හරිමින්, දත් විලිස්සමින් අපේ වටේ ගැවසෙන බව. අපි
සිංදු කිව්වා. නැටුවා. කෑවා- බිව්වා, ගොඩාරියක් විනෝද වුණත් එක්ක.
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
කියලා 'ලෝ වැඩ සඟරාවේ' තිබ්බට කාටද ඔය වගේ
වෙලාවක ඔව්වා කල්පනා වෙන්නේ?
මාරයාගේ හෝරාව එළඹුණා. සම්පත්ගේ ඥාති සහෝදරයා
නැඟිට්ටා. සම්පත්ට මොනවද කිව්වා. සම්පත් මගේ ළඟට ආවා. "නිමල් අයියේ, අයියාට
යන්න ඕනිලු, කතරගම බස් එක අල්ලගන්න." සම්පත් මට කලින් කියලයි තිබ්බේ, අයියා
තිස්සමහාරාමේ බව. "ඔයාලා වැඩේ කරගෙන යන්න, මං ගිහින් අයියාව පිටකොටුවට දාලා
එන්නම්."
"චුට්ටක් ඉන්න, මං ටක් ගාලා කෑම ටික
මේසෙට දාන්නම්. ඔයාලා මොනවා හරි කාලා යන්න......" එයාලා එපැයි කියද්දී මං කෑම
බෙදුවා. සම්පත් අයියාට කන්න කියලා කිව්වා විතරයි. "ඇයි සම්පත්.... ඔයා?"
බෝඹුරුඇල්ලට ගිය අතරේ. පිටුපස පේලියේ වමේ සිට දෙවැන්නා උදේනියි. (වාඩිවී) වම් කෙලවරේ -නෙවිල්. (දකුණු කෙලවරේ) ඉන්දිරා...... |
"මං ඇවිත් කන්නම්. බයිට්වලින්ම බඩ
පිරිලා නිමල් අයියේ." එහෙමයි සම්පත් අඩ කුසගින්නේ අවසන් ගමන් යන්න සූදානම්
වුණේ, අවුරුදු දහයකට කලින්.
එතකොට අලුත් දවසකට මාරයා අත වනමින් හිටි වෙලාව....
දොළහට කිට්ටුයි. අයියා කෑවයින්-නොකෑවයින් යන්න ලෑස්ති වුණා. උදේනි දසනායක; මගේ
හිතවතාත් නැඟිට්ටා. "නිමලෝ, මාත් බත් ටිකක් කන්නම්, දොළහටත් කිට්ටුනේ."
තජකයේදී මා හඳුනාගත් ගීතාගේ සැමියා උදේනියි.
ඔවුන් විවාහ වුණු අලුත, උදේනිගේ වචනවලින්ම කියනවා නම් 'කාශ්‍යප බුදුන්ගේ කාලයේ'
විතර ඔහු මා සමග උන්නේ අමනාපයෙනි. ඒ දවස්වල ගීතා, ඉන්දිරා දෙන්නාමත් දැන්
ඉන්නවායින් බාගයක්වත් නැති සයිස්ය. '...කාලය මැවු වෙනසක අරුමේ...' ඡායාරූපයේ ඉඳගෙන
ඉන්නා පේළියේ දකුණු කෙලවරේ සිටින්නේ ඉන්දිරා හෙට්ටිහේවාය.
ඒ දිනවල අපේ තජක උත්සවයකදී මම බලෙන්ම වාගේ
ගීතා, ඉන්දිරා, සුනීතා, නන්දනී හතර දෙනාව නැටෙව්වෙමි.
ඒයි, උඹලට මතකද? මරන්න ගෙනියනවා වගේ ඇදගෙන
ඇවිත්, ඊටත් වැඩිය අමාරුවෙන් ප්‍රැක්ටිස් කරවලා 'ආජු තපර ලාහිලා - බීජු තපර ලාහිලා
- ආජු තපර බීජු තපර බිස්කු බිස්කු ලාහිලා'
සින්දුවට නැටෙව්ව හැටි.
ඒ දවස්වල උදේනි උන්නේ මාල දිවයින්වල, රස්සාවට
ගිහින්. ඒ පුහුණුවේදී මා ගීතාගේ අතින් අල්ලා නටවන හැටි කවුදෝ කැමරාවක හිර කරගෙන තිබිණි.
ඒක දැකලාය, උදේනි ඔරොප්පු වී හිටියේ.
නීතීඥ සම්පත් පුංචිහේවා හිතවතාට මරු කැඳවන දවස උදාවුණේය........... |
පස්සේ මාත් එක්ක ගමන්-බිමන් යන්නට ආ උදේනි, දැන්
ගීතාටත් වඩා මා සමඟ මිතුරුය. ඔච්චර විස්තර කිව්වේ අනාගතයේදී කෙටෙන්නට නියමිත
පෝස්ටුවකට පෙරවදනක් විදියටය.
තවත් හිතට අමාරු කාරණයකුත් මෙතැනදීම කියලා
දැම්මාම ඉවරය.
නමෝවිත්තියෙන්ම මට 'නිමල් අංකල්' පට්ටම දුන්නෙත් ඔවුන්ගේ දූලා-පුතාලාය.
රවිඳු, පවනි හා තුල්‍යා.
ඡායාරූපයේ මටත් මර්වින්ටත් පිටුපසින් හිටගෙන ඉන්නා රවිඳු,
දකුණු කෙලවරේ සිටින තුල්‍යා හා
ඊට එක්කෙනෙකුට මෙහායින් රතු බ්ලවුසයක් හැඳ සිටින
පවනි එයාලාය.
ඉතින් උදේනි පෙරමුණ ගත්තාම අනෙක් අයත්
එකා-දෙන්නා පස්සෙන් ආවෝය.
දන්නවානේ, කවුරු හරි ඉස්සරහින් යනවා නම් අපිත් පෙරහරේ
යන්නට කැමැත්තෙන්ම එන්නෙමු.
සතුන් අතරෙත් හැම පස් දෙනෙකුගෙන් එකෙක්ම නායකත්ව ලක්ෂණ සහිතව ඉපදෙයි. මිනිසුන් අතර...... |
සත්ව විද්‍යාඥයන්ට අනුව නම් හැම පස්
දෙනෙකුගෙන් එක්කෙනෙක්ම උපදින්නේ නායකත්ව ලක්ෂණ සහිතවය.
එහෙම නැති කෙනෙක් නායක පට්ටමට
යන පාරට ගෙනැත් දමන්නට වුණත් බලවත් කෙනෙකුට නම් පුළුවන්ය.
අනෙක පුරවැස්සන්ගේ
වාසනාවට හෝ අවාසනාවට හෝ පෝලිමේ ඉස්සරහින් ඉන්නා උදවිය අන්තරාවලට වැටී අන්තරා වුණාමත්
පට්ටම නම් ලැබෙයි. ඒත් හරිහැටි නායකකම කරගන්න ඇහැක්ද?
මා තවමත් ඉන්නේ උත්තර
හොයමිනි.
ඉතින් හැමෝම වගේ කෑම කද්දී මම අඩු-පාඩු බෙදුවෙමි.
"එහෙනම්, ඔන්න කට්ටියටම කිව්වා. අපි ළඟදීම ආපහු සෙට් වෙමු මචංලා."
කියාගෙන සම්පත්ගේ අයියා එළියට බැස්සා.
"අඩෝ සම්පතෝ. ඉක්මනට වරෙන්, උඹලත් එක්ක
මාත් එන්නද?" රොෂාන් ඇහුවා.
"පිස්සුද රොෂාන්. උඹ කාපං.... මං අයියාව
දාලා ටක් ගාලා එන්නං." සම්පතුත් අපට කියලා ගියේ එහෙමයි.
ටක් ගාලා කිව්වාට
වෙලාව ගත වුණා. පැදුරත් නැවතුණා. සමහරු ගෙවල්වලට යන්නත් පිටත් වුණා. බඩගිනියි!
මාත් බත් ටිකක් බෙදා ගත්තා. එතකොටම කෝල් එකක් ආවා.
'අයියේ, සම්පතාගේ මොළ කෑලිත් එළියට ඇවිත්....' දොස්තර එම්.සී. පෙරේරා- අපේ හිතවත් 'පෝල්' කීවේය! |
"මං කතා කරන්නේ කළුබෝවිල හොස්පිට්ල්
එකේ ඉඳන්. මේ ෆෝන් එකේ අයිතිකාරයොන්ව ඉස්පිරිතාලෙට ගෙනාවා, දැන් ඇක්සිඩන්ට්
වාට්ටුවේ. ඉක්මනට එන්න."
එහෙම කිව්වාට මහා රෑ මැද්දෙ වුණත් වාහනයක් පැදවිය
හැකි මට්ටමක හිටි කවුරුන්වත් අප අතර උන්නේ නැත. සේරම පදමට සප්පායම් වුණු අයයි.
නොබී හිටි එකම එකාටත් ඩ්‍රයිවින් බැරිය. ඒ මටය.
"රොෂාන්, අපි දෙන්නා ඉස්පිරිතාලෙට යමු."
මම කලිසමක් දමා ගත්තෙමි.
"නෙවිල්, මෙන්න ෆෝන් නම්බර්ස් පොත. ඔයා පෝල්ට කතා
කරන්න. මොකද වෙන්නේ කියලා අපිට කියන්න. රොෂාන්ගේ නොම්මරෙත් එයාට දෙන්න. නිදාගන්න
එපා."
පිස්සු බල්ලෙක් එළවාගෙන ආවත් දුවන්නෙ නැති
වරිගයට අයත් නෙවිල්ට දඩි-බිඩි වැඩ බැරිය. හදිසි තීරණ ගන්නත් ප්‍රමාදය. ඒකය මා සේරම
තීන්දු ගත්තේ. එච්චරයැ, හොඳ සිහියෙන් හිටියෙත් මං විතරනෙ!
අප මහරගම හන්දියට ගොස් ටුක්-ටුක් එකක නැඟී
කළුබෝවිලට යන අතරේ පෝල් ෆෝන් කෝල් එකක් දුන්නේය. ඔහු ඒ දිනවල සේවය කළේ කොළඹ මහ
රෝහලේය.
"අයියේ, මං බැලුවා. තත්වේ නම් එච්චර හොඳ නෑ...... පේෂන්ට්ව කොළඹට මාරු
කරන්න වෙයි වගේලු. කෝකටත් ඔයාලා හොස්පිට්ල් එකට ගියාම මට කතා කරන්න."
සම්පත් කොහේ යන ගමනද ඇක්සිඩන්ට් වුණේ? එතකල් කොහෙද හිටියේ; බිබී? |
ඔහු කිව්වා හරිය. අප යනවිටත් සම්පත්ව මහා
රෝහලට යවලාය. අපි තකහනියේම එහාට දිව්වෙමු.
අපෙන් පණිවිඩය දැනගත් පෝල් මහ රෑම රෝහලට
ආවේය, අවශ්‍ය සියල්ල කළේය. එහෙම කිව්වත් අමුතුවෙන් කරන්නට දෙයක් තිබුණේ නැත.
සම්පත්ව දැඩි සත්කාර ඒකකයට දමලාය.
"මේ යකා බීලද හිටියේ? කණුවේ හැපිච්ච පාරට මොළ කෑලිත් එළියට ඇවිත්.
බේරුණත් ඔහේ ලී කොටයක් වගේ ඉන්න වෙයිලු....." පෝල් මට කිව්වේය.
සම්පත්ලාගේ ගෙදරට මේ පණිවිඩය කියන්නේ කවුද?
හිටියේ කොහෙද, කාත් එක්කද? කොහේ යන්නද
ගියේ? ප්‍රශ්න කෝටියකි. ඒවා නම් මට විසඳිය හැකි ප්‍රශ්න නොවේ. මා සම්පත්ගේ
නෑදෑයන් කිසිවකු හඳුනාගෙන හිටියේ නැත.
සම්පත් හිටියේ කොහෙද- කාත් එක්කද- කොහාට යන
ගමන්ද ඇක්සිඩන්ට් වුණේ වැනි කිසිම දෙයක් අප කවුරුන්වත් දන්නේ නැත.
අනතුර දුටු
කෙනෙක් ලෙඩා කළුබෝවිලට යවා, රොෂාන්ට කෝල් එකක් දී ඇත. සම්පත්ගේ ඥාති සහෝදරයා මෙතැනට
ගාවා ගන්නේම නැත.
කතාව ගෙතුණේ එලෙසය. මා අවශේෂ චරිතයක් පමණි.
"නිමල් අයියා ඔය
ගැන කරදර වෙන්න ඕනේ නැහැ. රොෂාන් ඔයාගෙන් උදව්වක් ඉල්ලුවා, ඔයා ඩොක්ටර්ව දන්න
නිසා. එහෙමයි අපි කියන්නේ." පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් තීන්දු වූයේ එහෙම
කියන්නටය.
මීට පස්සේ හැම සතියකම fun ගන්නට අපේ ගෙදර එනවාය කී සම්පත් එක දවසෙන්ම අවසන් ගමන් ගියේ........... |
පහුවදා උදේ ප්‍රෙස් එකේ 'පළමු පිටුවේ පුවත'
වී තිබ්බේ සම්පත්ගේ ඇක්සිඩන්ට් එකයි. සමහරු මා සමඟත් ඒ කතාව පලිප්පු දමමින්
කියද්දී මම නිහඬව අසා උන්නෙමි.
චරිතුත්, නිමලුත් හිටියේ මා මෙන්ම තොත්ත බබාලා
ගණනටය.
ඒ සියලු කටයුතුවලදී පෝලුත්, වෛද්‍ය ශිරන්තත්
දෙන්නාම උපරිම සහයෝගය දුන්නෝය.
කොළඹ මහ රෝහලේ වුවද දැඩි සත්කාර ඒකකයේ ඉඩ තිබුණේ සීමිතවය.
LTTE යුද සමයේ නිසා දැඩි ප්‍රතිකාර අවැසි යුද හමුදා සොහොයුරන් රැසක් විය. එලෙස වී
තිබියදීත් තෙදිනක් තිස්සේ වෑයම් කෙරිණි. පලක් නොවිණි.
ඊළඟ සෙනසුරාදාත් අපේ ගෙදර
එන්නට පොරොන්දුවූ සම්පත් පුංචිහේවා නීතිඥතුමා සදාකාලික නින්දට වැටුණේය.
දේහය තැන්පත් කර තිබුණේ බොරලැස්ගමුවේ
සම්පත්ලාගේ මහ ගෙදරය.
සම්පත්ලාගේ තාත්තා අප ඉදිරියේ හඬා වැටුණු හැටි තවම මගේ මතකයට
වධ දෙයි. "අනේ දරුවෝ, මෙයා කවුරු එක්කද එදා හිටියේ කියලවත් අපිට දැනගන්න
විදියක් නැති හැටි."
ඊටත් වඩා ප්‍රශ්නය වුණේ හත් දොහේ දානය දවසේය.... අපට ඉන්නට වුණේ කසාය බිව් ගොළුවන් වගෙය! |
ඊටත් වඩා අමාරු වුණේ හත්දොහේ බණ දවසේය. බණ
පිංකම තිබ්බේ කොහුවල සම්පත්ලාගේ ගෙදරය. සම්පත් මියගියේ අවුරුදු 31 වැනි අඩු
වයසකදීය. නිකම්ම නොවේ, ආදරණීය බිරියත් මාස කිහිපයක් වයසැති කිරිකැටියෙකුත් තනි කර
දමමිනි.
තවමත් මගේ හෘදය සාක්ෂිය මා පෙළයි. ඒ සම්පත්
එදා රාත්‍රියේ මත්පැන් බිව්වේ, හිටියේ අපේ ගෙදරදීය යන්න වැසැංගීම පිළිබඳවයි. එහෙත්
මගෙන් කවුරුන්වත්ම ඒ ගැන ඇසුවේ නැත. ඇහුවා නම්...? තවත් පිරිසක්, නෑදෑයන් කොටසක්
පවා මේ සිදුවීම නිසා විරසක වෙන්නට ඉඩ තිබිණි. ඒ මොනවා වුණත් මගේ හිතට නම් හරි නැත.
සිත දිගටම මට දොස් පවරයි.
"මැරිච්ච මිනිහගේ කටේ පස්. ඉන්න මිනිහගේ
බඩේ බත්!" අපේ ආච්චි නිතරම කියන්නට පුරුදුව හිටියාය. සහතික ඇත්තය! මා දන්නා
තරමින් නම් සම්පත්ගේ අභාවයෙන් පසු බඩ බැඳගෙන උන් යහළුවන් අතුරුදන් විය. වුණේ අසරණ
තාත්තෙකුටත්, අහිංසක බිරියකටත්, සිඟිති දරු පැටියෙකුටත් හව්-හරණක් නැතිවුණු එක
විතරය!
බොන්නට ඕනෑ ඕනෑම කෙනෙකුට මං කියන්නේ 'බොන්න. හැබැයි, කරටිය කැඩෙන තුරු නොවේ...." |
පසුවදනකි.
මා මත්පැන් බොන්නේ නැත. බොන්න ඕනෑ කෙනෙකුට
එපැයි කියන්නෙත් නැත. එහෙත් තමන්ගේ තරම දැනගෙන බොන්නැයිද, බිව්වාට පස්සේ පරෙස්සම්
වෙන්නැයිද ඉල්ලන්නෙමි! බොන ඔයාලාගෙනුත්෴
බොන එවුන් තියා කියවන එවුන්වත් කමෙන්ට් එකක් දාල නැහැ ... බිව්වත් මැරෙනවා අයියෙ නොබිව්වත් මැරෙනව .. ඒ මනුස්සය බීල වාහන එළවපු එක තමයි නපුරට හිටියෙ ... හැබැයි ඉන්න ටික සතුටෙන් ඉන්න ඇති ... ඒ වැරැද්ද එදා අපේ උදවිය කිහිප දෙනෙකුත් කරා ... එහෙම බලනකොට පාටි දාන්න හිතෙන්නෙත් නෑ ... !
ReplyDeleteඅනේ නැහැ කණ්ඩා. මමවත් නොදැනම මොකක්ද වෙලා මුල් කාලයේ දමා තිබුනු සමහර කමෙන්ට්ස් නිකම්ම නොපෙනී ගිහින් තිබුනා.
Deleteඇත්තටම බීලා වාහන එලවන එක නං....
අර කමෙන්ට්ස් නැති උනේ මම හිතන විදිහට Google+ නවත්තල දැම්මට පස්සේ වෙන්න ඕන. එකෙන් දීපු කමෙන්ට්ස් ඉවත් වෙන්න ඇති කියල හිතෙනවා.
DeleteThis comment has been removed by the author.
ReplyDelete