අකුරු මැකී නෑ

Thursday, April 23, 2020

දොළහ වෙද්දී - පස්වෙනි කොටස


ඉතින් අඩු වයසෙන්ම ලිංගික හෝමෝන වැඩියෙන් නිපදවෙද්දී, මට සිදු වුණේ ඒ බව හංගාගෙන ඉන්නටය.
අඩු වයසෙන්ම ලිංගික හෝර්මෝන නිපදවෙද්දී මට සිදුවුණේ ඒ බව හංගාගෙන...........
පවුලේ වැඩිමහල් පුතණුවන් විදිහට
අවුරුදු දොළහේ සිටම පවුලේ බරට උර දුන් දරුවෙකු විදිහට
අපේ ආච්චීගේ-තාත්තාගේ ඉගැන්වීම් හා හික්මීම්වලට කීකරුවූ ළමයෙකු හැටියට මට කරන්නට වුණේ.............. ‘දොළහ වෙද්දී 4’වෙනි කොටස මා නැවැත්තුවේ එහෙම කියලාය.

කොරෝනා නිසා කොරමින් හිටි වැඩ කටයුතු; හිතාගෙන හිටි දේවල් සේරම එහෙම පිටින්ම අවුල්වී ගියේය. ඒ සංතෑසිය සිද්ද වුණේ මට විතරක් නොවේ. ලෝකයටමය; ඔබට; මට; හැමෝටමය. ඉතින් මේ පෝස්ටුව ගොඩාරියක් පමා වුණු නිසා, කාට හරි මෙහි මුල් කොටස් හතර අමතකව ඇති නම් යළි කියවීම පහසු වෙන්නට ඒවාට links මෙතැනටම ඔබමි.


බෝ පැළයක් වගේ, දේව දූතයෙකු වගේ හිටි මම දවල්ට මිගෙල්වී රෑට දනියෙල් වුණෙමි!
ඉතින් සාන්ත-දාන්ත තීන්ත කූඩුවක් වගේ; බෝ පැළයක් වගේ; දේව දූතයෙකු වගේ හිටි මට ‘දවල්ට මිගෙල්වී රෑට දනියෙල් වෙන්න’ට සිද්ද වුණේය. උතුරන තාරුණ්‍යයේ ජවය පිට කරගන්නට වෙනත් මඟක් මට තිබුණේ නැත.

‘ඇත්ත කියන්නත් බිම ඉඳ ගන්නත් බය වෙන්න එපා!’ අපේ තාත්තා අපට උගන්වා තිබුණේ එහෙමය. එතැනදී නිමල් දිසානායක වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සහජාත, කීකරු පුත්තරයෙකු විණි. එහෙත්, ලෛංගික හෝමෝන නිපදවෙන්නේ ඒවා බලලා නොවේ. ජාන සැකැස්ම අනුවය. ශරීරයේ ස්වභාවය අනුවය. ඒ හෝර්මෝන වැඩියෙන් වහනය වෙන්න පටන් ගත්තාම?

එහෙම දෙයක් ගැන ඇත්ත තියා, ඇත්තේ ඡායා මාත්තරයක්වත් කතා කරන්නට ගියා නම්? ඒ අතින් බටහිර වැසියන් විතරක් නොවේ අරාබිකරය වුණත් ඉන්නේ අපට වඩා ඉස්සරහින් වගෙය.

ඒ අතින් තට්ටයා මහත්තයාගේ පුතණ්ඩියා හැබෑ වාසනාවන්තයෙකි!

තට්ටයා මහත්තයාත්, පුතණු වසිකත් කිමිදුම් පුහුණුවේ උපදේශකතුමා මැදි කරගෙන.....
මං එහෙම කියන්නේ පුංචි ඉරිසියාවකුත් හිතේ තියාගෙනය. එවැනි තාත්තලා අපේ රටේ තවත් වැඩි වෙනවා නම්.... එතකොට අපේ රටේ සුචරිතවාදීන්ට හුස්ම ගන්නත් අමතක වෙනවා සිකුරුය! (මේ පහතින් ඇති කොටස් උපුටා ගත්තේ ‘අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි 5’ පෝස්ටුවෙනි. වෙලාවක්-ඉඩක් තිබේ නම් මෙතන ක්ලික් කරලා එහාටම ගියෑකි.)

“....ඔහු වයසින් මුහුකුරා යද්දී ගිටාර් වාදනය ඉගැනීම සඳහා පංතියකට ගියේය. ඒ ඔහු උසස්පෙළ ලියා නිවාඩු පාඩුව ගෙදර ඉන්නා කාලයේදීය. දිනක් ඔහු මාහට දූරකථනයෙන් අමතා "තාත්තේ මට ත්‍රී වීල් එකක් එවන්නකෝ ගිටාර් ක්ලාස් යන්න පාරට යන්න!" යැයි පැවසීය.

මාගේ නිවස පිහිටියේ බස් පාරෙන් කිලෝමීටර තුනක් ඔබ්බෙන්ය.
"ඉතිං පයිං යන්න!" මගේ පිළිතුර විය.

"ගිටාර් එක අතේ අරං යන්න පුළුවංද?" ඔහු චෝදනා මුඛයෙන් ඇසුවේය.
"මේ පුතේ! උඹට ගිටාර් එක පාරෙ අරං යන්න ලැජ්ජයි නම් ඔයා කොහොමද ඕක කවදා හරි කවුරුවත් ඉස්සරහ ගහන්නේ? මතක තියා ගන්නවා; ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන ලැජ්ජ එකාට කවදාවත් ගෑනියෙක් ඉස්සරහ කලිසම ගලවන්න බැරි වග!! යන්න පයිං!!!"

කොල්ලා එදා ඉඳන් ගිටාරය අරන් පයින්ම වැඩියේය.....

කොල්ලා වැඩි දුර අධ්‍යාපනය සඳහා කැන්ගරු දේශයට...........
.... කොල්ලා වැඩිදුර අධ්‍යාපනය සඳහා කැන්ගරු දේශයට මීට වසර තුනකට පෙර පියෑඹුවේය. මම ඌට අවවාද දෙකක් දුන්නේය. පලමුවැන්න: "පුතේ ඔයාට එහේදී බොන්න හිතෙන්න පුළුවං! ඒත් මම කැමතියි ඔයා ජීවිතේ පලවෙනි ඩ්‍රින්ක් එක මාත් එක්ක ගන්නවා නම්. අපි ඒක ඔයාගෙ කොන්වොකේශන් එකට ආවාම කරමු!" (යන්නට හිටියේ මේ ජුලි මාසයේය! කොරෝනා ඊට හරස් වී ඇත!!)

දෙවැන්න: මම ඔයාට සෙක්ස් කරන්න එපා කියන්නේ නෑ. නමුත් මොන විදියකින්වත් කොන්ඩම් එක අමතක කරන්න එපා!" ඌ මොනවා කර ගත්තාදැයි මම නොදනිමි.”

ඒ තාත්තාගේ ලිපිය කියවූ ඒ පුතාගේ යහළුවෙකු මෙහෙම කියා එවා තිබිණි!

Malinda Rathnayake, April 13, 2020 at 11:03 PM
තට්ට අන්කල්ගෙ පුතා මගෙ හොඳම මිතුරා වීම මාගේ පෙර පිනකට මෙන් සිදු වූවක්. (කරුමයක් ලෙස හිතෙන අවස්ථාද නැතුවම නොවෙයි?) ඒ වගේම ඔහු තුලින් මා බොහො දේ ඉගෙන ඇත. මොකද ප්‍රධාන වශයෙන්ම මට මගෙ ගෙදර එවැනි ප්‍රශ්න කතා කිරීමට එහෙම වාතාවරණයක් නොතිබූ නිසාවෙනි.

එමෙන්ම අන්කල් මිනිහට කියා තිබෙන බොහෝ දේ මිනිහා මට උගන්වා ඇත. මම මේ ලඟදි අපෙ තාත්තට මගෙ girlfriend ගැන කියන්නත් වතුර වීදුරු 2ක් විතර බිව්වා.

ඒකට ප්‍රධාන හේතුවක් විදියට දක්වල තිබ්බෙ, "Unsatisfied Sexual Life"
ඇත්තටම ඔය ලිංගිකත්වය පිලිබඳ අපේ ඉස්කෝලවල උනත් ඒ පාඩම මග හැරල යන තත්ත්වයක් තමයි තියෙන්නෙ. ඉතින් ඒ ගැන ප්‍රාථමික දැනුමක් නැති ලමයා වයසින් වැඩෙද්දි ඒ කුතුහලය හොඳින් හෝ නරකින් සංසිඳුවා ගන්න බලනවා. පස්සෙ ඌව කාමාතුරයෙක් කියල සමාජයේ හන්වඩු ගැසෙනවා.

ලංකාවේ ළමා අපචාර , ස්ත්‍රි දූෂණ වැඩි වීමට ප්‍රධාන හේතුවක් විදියට ඒ පිලිබඳ අපේ මිනිසුන්ගෙ තියන නොදැනුවත්කම වගේම අපෙ මිනිස්සු sex කියන වචනෙ ඇහුනොත් ඌ දිහා බලන්නෙ සියවසේ අපරාධකරු දෙස බලන විදිහෙනි.

මා කියවපු article එකක තිබ්බ Divorce Rate එක වැඩිම රටවල් අතරින් ඉන්දියාවත් ලංකාවත් පෙරමුණේ ඉන්නව කියලා. ඒකට ප්‍රධාන හේතුවක් විදියට දක්වල තිබ්බෙ, "Unsatisfied Sexual Life". මොකද වෙන රටවල්වල මිනිස්සු බඳින්න කලින් ටික දවසක් එකට ඉඳල බලනවනෙ. ඒකට අපෙ මිනිස්සු කරන්නෙ බෙල්ලට තොන්ඩුව දාගෙන යනව රෝස මල දිහා බලන්න.
 
ලංකාවෙත්, ඉන්දියාවේත් දික්කසාද වැඩිවෙන්න හේතුව..........
නමුත් දැන් නම් ඉන්දියාවෙ ඉස්සරට වඩා ඒ තත්ත්වෙ වෙනස් වෙල තියනවා. මොකද මමත් දකින විදියට ඉහත සඳහන් කරල තියන විදියටත් "රාගයෙන් තොර ප්‍රේමයක් පරිප්පු නැති හෝටලයක් වගෙ". මේව ඉතින් නිවාඩු දාලා කතා කරන්න තරම් දිගයි....”

පියසිරි නිසා මගේ සිතේ අවදි වුණු වෙනස්ම අයුරක; ලිංගික හැඟීම් ගොන්නකි. හිතේ තෙරපා- හිර කරගෙන ඉන්නට අසීරු වුණු ඒවා ගැන, නිවාඩු දාලා කතා කරන්නට තරම් සමීප දැනුමැත්තෙකු හෝ වැඩිහිටියෙකු හෝ මට හිටියේ නැත. හිටියේ මා තරම්ම කරුණු නොදත්තවුන් පමණකි; එයාලා නොදැන හිටියේ ඔවුන් කොයි තරමක් නම් අවිද්‍යාත්මක කරුණුවලින් සන්නද්ධවී සිටිනවාද යන්න පමණි.

“රංජි මල්ලිගේ හිත හොඳ වැඩියි. ඔයාලගෙ තාත්තා ඇත්තම කතා කරන්න කියලා ඔයාට කියනවා තමයි. ඒත් කවුද හැම තිස්සෙම ඇත්ත කතා කරන්නේ.... ඔයාලගේ අම්මයි තාත්තයි රෑට කළුවරේ කරන දේවල් දවල්ට කියා-කියා ඇවිදිනවද? නැහැනේ මල්ලී....

දුප්පත්කම නිසා හරි පොඩි ළමයෙක්ව රස්සාවලට යවන එක හරිද?
-දුප්පත්කම හින්දා හරි ඔයා වගේ ළමයෙක්ව රස්සාවට යවන එක වුණත් හොඳ වැඩක්ද? ඒක එක පැත්තකින්....

-මෙහෙම ගම්මු..... දැන් මම ඉන්නේ කසාදයක් කරගන්න කිට්ටු වයසේ. ... තව අවුරුදු පහ-හයකින් ඔයත් ඒ වයසට එයි. ඒත් අපේ අයියල දෙන්නටමත් රස්සාවක් නෑ... ඔයාත් දන්නවනේ. එයාලත් බැඳල නෑ. ඔයාලගේ තාත්තම කියන විදිහට අපි හැමෝටම දැන් නැට්ටට කිරි උනනවා. රස්සාවල් නැති වුණාට, කසාදයක් කරගෙන පොතේ විදිහට ගෑනියෙක් නැති වුණාට මොකද කරන්නේ? හීනෙන් හරි දන්නෙම නැතිව වතුර ටික යන්නැද්ද? ඒකෙයි, මේකෙයි වෙනසක් නැහැනෙ මල්ලී.....” 

සමරේ කිව්වේ එහෙමය. තවත් ගැටවරයන් කිහිප දෙනෙකුගේත් අදහස් ඊටම සමාන එව්වා විණි. සමහර දෙනෙක් නම් එවන් ආකල්ප-අදහස් ගැන කොහෙත්ම නොතැකුවෝය. ඒ මොහොතේ තමන්ගේ තෘප්තිය පමණක් සෙවූ ඔවුනට අනෙකාගේ අදහස්-උදහස් වැදගත් නොවිණි.

“මොකද අපි හැමදාම මෙහෙම කරනවය? කොච්චර අමාරුවෙන්ද මෙහෙම සැපක් ගන්න හරි පොටක් පාදා ගන්නේ... දන්නවද... පන්සල්වල උන්නාසේලාත් කුකුල් පැටව් වගේ සුදු-බෝල කොලු ගැටව් තමයිලු මහණ කරවලා පන්සලේම නවත්තගෙන ඉන්නේ..... පල්ලිවලත් එහෙමලු වෙන්නේ...”

පව් කතා කියන්න එපා!
“පව් කතා කියන්න එපා. කවුරු කළත් වැරැද්ද වැරැද්දමනේ....” මමත් ඉඳහිට වාද කළෙමි.

“ඔය පව් කතාව පොඩි හාමුදුරු කෙනෙකුත් ලොකු උන්නාන්සේට කියල තියෙනවා. එතකොට ලොකු උන්නාන්සේ  කිව්වලු- පොඩි නම, අපි දෙන්නම සාසනේට අයිතියි, දෙන්නාම බණ පොත් වගේ. අර බලනවා.... පොත් අල්මාරියේ බණ පොත් එක උඩ එක තියලා තියන විදිහ. එක බණ පොතක් උඩින් තව එකක් තිබ්බට පව් සිද්ද වෙනවද? නැහැනෙ- කියලා”.

ඒ කාලයේ ස්වකාම ප්‍රීණනය, සමලිංගික චර්යාව ආදිය සැලකුණේ මහා පාපයක්; සුවිශාල වැරැද්දක් විදිහටය. ඒ තියා විෂම ලිංගිකයන් අතර; පෙම් යුවලක් අතර වුවද (විවාහයට පෙර) කෙරෙන ඕනෑම ලිංගික ක්‍රියාවක් පවා සමාජයෙන් අනුමත වුණේ නැතිය. දෙතොල් සිපගැනීමක් පවා තැකුවේ වනචරකමක් විදිහටය.

හැබැයි මේ සේරම දේවල් එදාත් සිද්ද වුණේය; අද වගේමය. අද ඒවා තරමක් දුරට සමාජයට විවෘතය. එදා ඒවා ගැන කතාබහ වුණේවත්  රහසෙන් විතරය; සමීපතමයන් අතරේ විතරය.

අද වුවද අවුරුදු දොළහ-දහතුන වෙද්දී ලිංගික චර්යාවල යෙදීම සැලකෙන්නේ............
අද වුවද අවුරුදු දොළහ-දහතුන වෙද්දීම ලිංගික චර්යාවන්වල යෙදීම අනුමත කෙරෙන්නක්ද?

අසිරිමත්වූ දේකි’ පෝස්ටු කියවන ඔබට ඊස්ට්‍රජන්, ප්‍රොජස්ටජන් හෝමෝනවල ක්‍රියාකාරිත්වය මැනැවින් වැටහී තිබෙයි. ඉතින් ‘දවල් මිගෙල් රෑ දනියෙල්’ චරිතයට ආරූඪ වුණත්; (මගේ හැඟීමේ හැටියට අතිසාර්ථකව රංගනයේ යෙදුණත්) මට මගේ හෘද සාක්ෂියෙන් නිවනක් නොවීය. 

මා මෙන්ම ඇල්ෆ්‍රඩ් කිංසි ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටි අය නොවේය එදා හිටියේ. ‘පන්සල් සෙල්ලම’ ගැන වගේ-වගක් නැතිවය එදා උන්නවුන් හිටියේ. පූජකවරුන්, ක්‍රීඩා නායකයන්, හමුදා සාමාජිකයන්, සිරකරුවන් වැනි අය අතරේ පවා යම් තරමකින් හෝ මෙවන් චර්යාවන් තිබුණද විවෘතව ඒවා සාකච්ඡාවට ගැනුණේ නැත.  

‘උඹ මහ වලෙක්. වල් කොල්ලෙක්. වනචරයෙක්....’ මගේ හිත මට මුරගාමින් කිව්වේය! ඒ එදා මගේ දැනීමට සාපේක්ෂවය.

කුරුසයේ ඇණ ගහන දවසේ ජේසුතුමන්ට පැළඳවූ කටු ඔටුන්න වාගේ.......
ඒ වෙද්දී පේව්මන්ට් එකේ රජ වෙමින් පවුලේ නඩත්තුවට උරදී හිටි නිසා මා සැලකුනේ පවුලේ ලොක්කා විදිහටය. මට ලැබී තිබුණු ඒ සැලකිල්ල; ඒ තත්ත්වය; ඒ ගෞරවය මට කටු ඔටුන්නක් විණි. ඒ ඔටුන්නේ කටු ඇනී තුවාල වෙද්දී, රුහිරු වෑහෙද්දී වුණත් එය හිස මත දරාගෙන හිටින්නටය, මට සිදු වුණේ.

දරාගත නොහැකි ප්‍රතිරූපයක් ඇතුළේ මා සිරගත කර තිබිණි. ඒ මගේ කැමැත්තක් විමසන්නේ නැතිවමය.

‘උඹට ඔය ගරු-නම්බු කරන අය උඹ ගැන ඇත්ත දැනගත්තොත්.... උඹම දන්නවනේ, තාත්තගේ හැටි. තාත්තා කියයි උඹෙන් වතුර උගුරක්වත් එපයි කියලා... එතකොට උඹේ මහ ලොකු නංගිලා-මල්ලිලා ඔක්කොමලටම බඩගින්නේ ඉන්න නේද වෙන්නේ?’

පවුලේ bread winner භූමිකාවෙන් මිදෙන්නට කිසිම ක්‍රමයක් මට තිබුණේ නැත. මට එහෙම උවමනාවක් තිබුණෙත් නැත. මං එදා ඇත්තම කියා හිටියා නම් තාත්තාගෙන් ලැබෙන ගුටි පූජාව කාගෙන ඉන්නට තිබිණි.
ඒත්, මට ගෙදරම නැවතෙන්නට කිව්වොත්... ‘උඹ හම්බ කරන ඒවත් එපා. උඹ රස්සාවක් කරන්න ඕනිත් නැහැ’ කියලා තාත්තා කිව්වොත්...

ශිව ශක්ති දෙබිඩ්ඩෙකි, අඩක් පුරුෂ අඩක් ස්ත්‍රී දෙබිඩි........
නංගිලා-මල්ලිලා විතරක් නොවේ අම්මා-තාත්තාත් බඩගින්නේය. එය මට උහුලාගෙන හිටින්නට බැරි තරමේ එකකි. ‘ඕනාවට වඩා හොඳ වෙන්නට ගිහින් නැති ප්‍රශ්නයක් ඇති කරගන්නේ මොකටද මොට්ටයෝ?’ යටිහිත ඇහුවේය. ඒකත් ඇත්තය!

ඒ නිසා මට දෙබිඩ්ඩෙකු වෙන්නට සිදු විණි. කැමැත්තෙන්ම ඒ කොටස; ඒ යුතුකම කරන අතරේ ඉඳහිට, රහසෙන් ‘පව් කරන්නට’ත් මම පෙළඹුණෙමි. ශාරීරික අවශ්‍යතාවන් සංතර්පණය කර නොගෙන සිටීමට තරම් ශක්තියකුත්; ආත්ම දමනයකුත් එවක මට නොතිබිණි. මගේ කෙලෙස් වැඩිය! ඒ වුණත්....

කෙලෙස් වැඩිවා වගේම මගේ ‘හෘද සාක්ෂියේ ප්‍රබලත්වය’ත් වැඩිය.

මටම පුදුමය. අද සිටින දේශපාලඥයන්, වෘත්තීය සමිති නායකයන්, පූජ්‍ය-පූජක නායක කාරකාදීන්.... ජනමාධ්‍යකාරයන්... පවා හෘද සාක්කියක් කියා දෙයක් තියෙන බවවත් නොදන්නවුන් වගේය.

අවිච්චියාගේ පියකරු ඇඳුම ඉල්ලාගෙන ඇවිත් උජාරු පාන මොනරා මෙන් ලජ්ජාවක් නැතිව........
අත්තුක්කංසනය- තමාම උසස් කොට හිතනවා විනා, තමන්ව උස්සා තියාගන්නට තමන්ගේ හොරණෑව පිඹගන්නවා විනා වෙනින් වැඩක් ඔවුනට නැති ගානය. පරමාර්ථකාමී බවක් නැති- ආත්මාර්ථයම තකන්නවුන් හැම තැනමය. ඉතින් කොයි කොදෙව්වකට වුණත් ආත්මාභිමානයක් ඇත්තවුන්; කොන්දක් ඇත්තවුන් කොහෙන් බිහිවෙන්නද?

අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියන්නට; අනුන්ට හිමි ගෞරවය තමන්ට ලබාගන්නට තරම් හෘද සාක්ෂ්‍යයක් නැත්තවුන් වැඩි රටක ඉපදීමේ අභාග්‍යය නිසා, කාලයක් තිස්සේ අමාරුවෙන් වුවත් මම ‘සැබෑ නිමල් දිසානායක’ ලොවට නොපෙන්වීමි; සඟවාගෙන උන්නෙමි.

1985දී හා 1996දී ඉතාම සීමාසහිතව ‘හෙළිදරව් කිරීමක්’ කරගන්නට ඉඩක් මට ලැබිණි. එයින් යම් සහනයක් ලදුවත් මට එය ප්‍රමාණවත් නොවිණි. මගේ Dr. Jakil & Hide දිවිය හෙළිදරව් කිරීම සඳහා ජීවිත කතාව ලියන්නට පටන් ගත්තත් ඒවා නැවතී ගියේ මගේ අලසකම නිසාය; අවිවේකය නිසාය.

දැන් එහෙම බැරිය. නවතින්නට බැරිය. කටයුත්ත පටන් ගෙන ඇත. දිසානායක ජාන කියන්නේ එය ඉවර කරන්නටය. මට කියන්නට ඇවසි දේ කියා නිම කිරීම හෝ මරණය... ‘නිදිගෙ පංච තන්තරේ’ නිමාවක් දකින්නේ ඒ දෙකින් එකක් වුණාමය.

දන්නේ නැතිවම මා කර තිබෙන්නේ මිනිසුන් පිළිබඳව එක විදිහක හැදෑරීමක් වගෙය.....
ඉතින්, ජීවිතයේ අනෙක් හැම දේකදිම මගෙන් කෙරෙන දෙයක් මෙතනදීත් කෙරුණේය.

ඉගෙනීම! ඇතුළට කිඳා බැස විග්‍රහ කොට බැලීම!! එසේ කිරීමේදී, මගේ ආශාවන්; හැඟීම්; අන්‍යයන්ගේ ආශාවන්; රුචි-අරුචිකම් හා හැඟීම් ආදිය පිළිබඳව අවිධිමත් අධ්‍යයනයක් මගෙන් සිදුවී ඇති බව මට වැටහුණේ පසු කලෙකය...............

13 comments:

  1. අනේ ඉතින් හැමදාම වගේම අදත් කන්දොස් කිරියාවක් ඉස්සරහට දාගෙනම මම ලියන්න පටන් ගන්නම්.
    මට උපතින්ම ලැබී තියෙන මහා කරුමය වන්නේ ෆිල්ටර කරමින් කියවීමට පුරුදු වීමය!
    ඒ විදියට මගේ පෝස්ට් එක මුදා හැරලා ඒකෙ මූනත කොයි වගේද කියලා බලන්න සින්ඩි වලටත් යන ගමනේදි තමයි ඔබ තුමාගෙ පතරංග ජාතකය හමු උනේ.
    මම මේ දවස් වල කිමිදෙන සීන් එකක ඉන්න කොට ඒ ගැන වචනයක් ලියන්නට කලියෙන් අන්තර්ජාලයේ බලලා, මා ගාව තියෙන පොත පතෙත් බලලා ඒවත් මොකක් හෝඅ කුකුසක් විචිකිච්චාවක් තියේ නම් මගේ ගුරුතුමා වන ෆිලීශියන් ප්‍රනාන්දු මහත්තයාටත් ඇමතුමක් අරං බලාලා තමයි ලියන්නේ.
    මොකද වැරදි අදහසක් ලියැවුනොත් ඒක ගුරු කොට කවදා හෝ කිසිවෙකු කරණ ක්‍රියාව මත ඔහුගේ හෝ ඇගේ ජීවිතේ තීරණය වන බැවින්.
    ඒ අතරෙ තමයි ඔඅය අනිත් සොමි ටෝක් ලියන්නේ.
    හරියට බත ඉදෙන්න තියලා හාල් මැස්සො ඔළු කඩන්න ගන්නවා වගේ!

    ඉතින් අදත් මාතලන්ගේ සින්ඩියේ අන් අයගේ "මෝඩකම් හපන්කම් පුරසාරම්" බලාගෙන යනකොට මෙන්න තියෙනවා මගෙයි අපේ කොල්ලගෙයි මූනු පොඩිති දෙක.
    ආන්න ඒ ගමන බර බර ගාගෙන ඔබතුමාගේ පෝස්ටුවත් ගාගෙන ගාගෙන ගියා කොට යත්තෙන්!
    ඇත්තටම අර කොල්ලාගේ කතාවට කොමෙන්ටුවක් දාපු මාලින්ද තරුණයාගෙන් මම පෙරළා අහල තියෙනවා "හදිසියේ ඔබගේ පෙම්වතිය ගැබ් ගැනීමකට ලක් වුවහොත් කියන්නට ඔබට වැඩිහිටියෙකු සිටීද?" කියලා.
    ඒක ලියලා දාලා පැය භාගයක් ගියේ නෑ මූ මට කෝල් කරලා "හලෝ!" කියන්නටත් කලින් "අන්කල්ටම තමයි!"
    කියපි.
    මට මගේ කරට වඩා උස් දියණියක් සිටී.
    ඇය ඔරිජිනල්ම රණ්ඩු කෙක්කකි.
    ඒ මා සමග පමණකි.
    ඒ මොනවා උනත් ඇයටත් මම මේ වාගේම අවවාද කිහිපයක් දුන්නෙමි.
    "දුවේ ගෑනියකගේ වටිනාම දේ තමයි නිරුවත! එයා අවුරුදු ගනනාවක් ඒක කාටවත් නොපෙන්නා හංගගෙන ඉන්න දෙයක්. ඒක නිරාවරණය කරණ්න ඕනෙ මධුසමයේදී විතරයි. ඒක තමයි ඔයා ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට දෙන ආදරණීය තෑග්ග. උප්න් දිනේට දෙන තෑග්ගක් උනත් ඊට කලින් පෙන්වන සිරිතක් නෑනේ. ඒ නිසා මොනම විදියකටවත් කාටවත් තමන්ගේ නිරුවත පෙන්වන්න එපා! එතකොට ඔයාට හනිමූන් දවසට බෝයි ෆ්‍රෙන්ඩ්ට දෙන්න අළුත් දෙයක් නැති වෙනවා. එතකොට එයාට ඔයාගෙ වටිනාකමක් නෑ!"
    ඔය විදියේ කතා එමටයි.
    ඉතින් ඒක නෙවේ ලස්සනම කතාව.
    මගේ කොල්ලා එයා අවුරුදු 5 ක් ආදරය කල කෙල්ලගෙන් වෙන් වූවා.
    මම ඇහුවා මොකද කියලා.
    මූ මට ඇද නැතිව කියනවා "එයාගෙ ගති පැවතුම් වල හැටියට එයා මට සෙක්ෂුවලි සක්‍රීය මදි කියලා හිතෙනවා!" කියලා.
    මම ඉතින් හා කියාගෙන හිටියා ගොනා සේ.
    ලියන්නට නම් කතා එමටයි.
    හිමි හිමීට ලියාගෙන යමු.
    ඉක්මනින් ඊළඟ කොටස ලියන්න.
    ඔබේ දෙබිඩි ජීවිතයේ රස මුසු තන් විවර වෙනු දොර රෙද්දට මුවාවී බලා සිටිමි.
    ජාගර සිත නොවැ!

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ටුව මගේ පොස්ටුවට එළියක්!
      ඒ ගැන බොහොම ස්තුතියි, 'අපූරු තාත්තේ'!

      ජාගර සිත! ඇත්තටම අපි හැමෝගෙම හිත එහෙම නේද?

      Delete
  2. හරේ.... අද මම දෙක වෙලෝ....

    අසංගෝ....!!!!
    හූ!!!

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, ඉස්සර නම් අපි හූ කිව්වම අහනවා ඉන්ගිරිසියෙන්ද කිව්වේ කියලා.

      Delete
  3. මේ මාතෘකාව ගැන මේ තරමට විවෘතව කතා කරන (සිංහලෙන්) තැනක් මම මේ දැක්ක මයි. ඔබ මේ කියන ද්වි රංගනය ැන මටත් පැහැදිලි අදහසක් ආවෙ වයසින් මුහුකුරා යාමත් එක්ක. නැත්තං, පොඩිකාලෙ අපේ මනසට කාවද්දන සුචරිතවාදය, ඇත්තටම සමාජයේ නැති දෙයක් බව තේරෙනකොට මහා අපේක්ෂා භංගත්වයක් ඇති වෙනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රශංසාවට ගොඩක් ස්තුතියි ඩ්‍රැකී.

      පොඩි කාලේ අපේ හිතට කාවද්දන ගොඩාරියක් දේවල් අමු බොරු නේන්නං! වැඩිහිටියොත් රැවටිලා, අපිවත් රවට්ටනවා.

      Delete
  4. මම හිතන්නේ අප සියලු දෙනාම අඩු වැඩි වශයෙන් ද්විත්ව රංගනයක හෝ ඊටත් වැඩි රංගන ගණනක යෙදෙන අය උනත්, අපේ (ලංකාවේ)සමාජයේ තියන යල් පැනගිය ආකල්ප නිසා ඒවා වසං කරගෙන ඉන්නා බවයි. ඒ ආකල්ප යන්තමින් හෝ වෙනස් කිරීමට මෙවැනි බ්ලොග් පෝස්ට් උපකාරී වේවි.
    මගේ අසල්වැසියාගේ "මුණුපුරා" දැන් වසර පහකට පමණ පෙර "මිනිපිරියක්" උනා. ජේ ආර් ට වත් කරන්න බැරි යැයි කිවූ පිරිමියෙකු ගැහැණියෙකු කිරීම අපූරුවට සිද්ද වෙලා දැන් ඒ කෙල්ලට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා. ලංකාවේ එහෙම මේ වගේ දෙයක් උනා නම් හත්මුතු පරම්පරාවටම පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදා වෙනවා .

    ReplyDelete
    Replies
    1. දැන් දැන් ඉන්න ළමයි නම් මම හිතන්නේ ඕව දිහා අපිට වඩා විවෘතව බලයි කියල මට හිතෙනවා. උදාහරනෙකට ගේ, ලෙස්බියන් වගේ සංකල්පත්, ඔය ට්‍රාන්ස් ජෙන්ඩර් සිද්දීත් දැන් ගොඩක් තරුණ සහ ගැටවර ළමයින්ට අලුත් දේවල් නෙවේ.

      Delete
    2. ඔයා හරි පැතුම්!

      සෑම් මහත්තයෝ. ස්තුතියි.
      පහුගිය වකවානුවේ භූමි නරේන්ද්‍රන් ගැන කියවන්න ඇති නේද? එයා ලංකාවේ.

      Delete
  5. අපි හැමෝම ඔය කාලේ ඔය ඩබල් ඇක්ටින් එක කරනවනේ ... දෙමව්පියොත් ඒවා දැනගෙන නොදන්නවා වගේ ඉන්නව කියලයි මම නම් හැමදාම හිතුවේ ...

    ReplyDelete
    Replies
    1. පැතුම්, මේ දවස්වල ආණ්ඩුවෙන් දෙනවය කියන රුපියල් 5000 ගන්න වැඩි දෙනෙක් ඒක ගන්නේ තමන් ඒකට සුදුසු නිසා නෙවෙයි. නිකම් දෙන නිසා. තමන් දුප්පතෙක්ය කියලා තමන්ගේම හිත රවට්ටගෙන. මට නම් දරුණුම ඩබල් ඇක්ටින්කාරයෝ ඒ වගේ අයයි!

      අහම්බෙන්ම දෙමව්පිය යුවලක් තමයි 'දරුවා පාසලට දාද්දී ඩබල් ඇක්ටින් නොකර' ඉන්නේ.දරුවාටත් බොරු කියන්න උගන්වන්න වෙනවා. එහෙම ක්‍රමයක තමයි අපේ උදාර සංස්කෘතිය තියෙන්නේ.

      ඔන්න, මාව ටිකක් ඇවිස්සුවා. ස්තුතියි!

      Delete
  6. ඉතිහාසෙ හා ආගමේ මොනව තිබුනත්, විවාහවෙන්න බැරි, පෙම්වතෙක් පෙම්වතියක් තියාගන්න බැරි නීති තියන පූජ්‍ය පක්ෂයක් සහිත ආගමක බාලවයස්කාරයින්/කාරියන් පැවිදි කිරීම අපරාධයකට පෙළඹ්වීමක් හා අනුබල දීමක්

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය පුරාම එවන් පූජ්‍යයන් නොයෙකුත් හේතුන් මත කල අකටයුතුකම් සටහන් වෙලා තියෙනවා නේද Pra Jay මහත්තයෝ?

      Delete