අකුරු මැකී නෑ

Saturday, June 6, 2020

අසිරිමත්වූ දේකි- නවවෙනි කොටස

පරම පවිත්‍ර සුපසන් චේතනා පෙරදැරිව සංසර්ගයේ යෙදෙන්නට...........
රට ජාතිය බේරාගැනීමේ පරම- පවිත්‍ර- සුපසන් චේතනා පෙරදැරිව සංසර්ගයේ යෙදෙන්න ගියාම අර කියන විදිහේ ප්‍රතික්‍රියා..... සිරුරේ වෙනස්කම් එහෙම ඇති වෙනවා ඇතිද?” එහෙම අහලයි මම පහුගිය post එක අවසන් කළේ.

ඔහොම පාදඩ; දේශද්‍රෝහී ප්‍රශ්නයක් ඇහුව නිසා ජාතිමාමක; ආගම් ලැදි; දේශප්‍රේමීන්ගෙන් අම්බානකට බැනුම් අහන්න වෙයි කියලයි මං හිතාගෙන හිටියේ.

මගේ ග්‍රහයන් හොඳයි වෙන්නැති; පක්ෂියා නීච වෙලාත් නැතුවැති; එහෙමත් නැතිනම් ප්‍රශ්නය අහපු තත්කාලේ හොඳ වෙන්නැති. අද වෙනකල් කවුරුන්වත් බැන්න බවක් දැනගන්න නැහැ.

ඒත් එහෙම වුණේ ඇයි කියලා නම් මගේ හිත කුයි-කුයි ගානවා. ඒ ප්‍රශ්නය බනින්න; හෙළා දකින්න; ගරහන්න තරම්වත් වටින්නේ නැතිවද? නැත්තං එහෙම කරන්න ඕනා අයගේ මුඛ පූට්ටු වෙච්චි හින්දද?

එවන් විචිකිච්ඡාවක් එක්කයි ‘අසිරිමත්වූ දේකි’ පොතේ 39 පිටුවේ ඉහළම තියෙන තැනින් අද මේ පටන් ගන්නේ.
ශිෂ්ණයේ ප්‍රමාණයත් ලිංගික තෘප්තියට බලපානවද?
“විශාල වූ ශිෂ්ණයක් තිබීම වැඩි තෘප්තියට හේතුවක්ද?

ගැහැනු පිරිමි බොහෝ දෙනෙකු මෙම මතය දැරුවත් මෙහි ඇත්තක් නෑ. සංසර්ගයේදී තෘප්තිය ලැබෙන්නේ ශිෂ්ණයේ ප්‍රමාණයෙන් නොව ශිෂ්ණය යෝනි මාර්ගයේ මුඛයේත්, දෙතොල්වලත් ඇතිල්ලීමෙන් හා එමඟින් ක්ලිටරීසයේ ඇති වෙන සෙලවීමත් මඟිනුයි.
යෝනි මාර්ගයේ සංවේදීතාව ඇත්තේ එහි මුඛයේ සිට අඟල් 1 1/2ක් හෝ 2ක් පමණ වූ කොටසේ පමණයි.
ඒ නිසා අඟල් 1 1/2ක් හෝ 2ක් දිගැති ශිෂ්ණයක් මේ කාරිය සඳහා හොඳටම ඇති.
ඒ වගේම යෝනි මාර්ගයට ශිෂ්ණයේ තරමට හා එහි හැඩයට අනුව සකස් විය හැකි නිසා ශිෂ්ණයේ තරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.”

මගේ පළමුවෙනි ලිංගික උපදේශක සමරසිරි වගේ තවත් කවුරුන්ම හරි ‘පඬිතුමෙක්’ මේ ‘size’ එක ගැනත් දාර කඹයක් ඒ දවස්වල මට ගිල්ලවලා තිබුණා.

පස්සේ කාලෙක, තරුණ ජනගහන කමිටුවේ ‘මානව ලිංගිකත්වය ප්‍රජනනය හා පවුල් සැලසුම’ ගැන දේශන පැවැත්වීමට අප පුහුණු කරන වැඩ සටහනකදී මං ඔය ප්‍රශ්නය ඇහුවා, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිතුමාගෙන්.

වියත්; ව්‍යක්ත; හාස්‍යය මවන්නට දෙයියෙකු වුණු එතුමා දුන්නු උත්තරය මට තවමත් මතකයි. මට විතරක් නෙවෙයි මර්වින් බොතේජුටත් ඒ උත්තරේ හොඳට මතකයි.
තවමත් තජක යහළුවන් හමුවන වෙලාවක ඒ ගැනත් බොතේජු උන්නැහේ කියන්නේ පෝර ගොඩකුත් කවලම් කරලයි.

තියෙන්නේ චූටි එකක්ය කියලා බය වෙන්ඩ එපා!
“තමුන්නාන්සේට තියෙන්නේ චූටි ශිෂ්ණයක් කියලා ටිකක්වත් බිය විය යුතු නැහැ. ඒ කර්තව්‍යය සඳහා මේ වගේ... ඇඟිල්ලක තරම් එකක් හොඳටම ප්‍රමාණවත්. මටත් ඔය කියන තරම් ලොකු ශරීරාංගයක් උපතින්ම හිමි වෙලා නැත්තේ අවාසනාවට වෙන්න ඇති....
ඒත් අද වෙනකල් ඒක මට නම් කිසිම ප්‍රශ්නයක් ඇති කරලා නැහැ, නිමල්.... පොඩ්ඩක්වත් බය වෙන්න එපා.....”

“ප්‍රොෆෙසර් මූට එහෙම්මම කිව්වනේ....
තව පොඩ්ඩෙන් මේකාගේ කලිසමත් ගලවන්න කියනවා..... පොඩිද බලන්න” කියන මර්වින් නිරුත්තර වෙන්නේ ‘අර සාමාජිකාව’ කට ඇරියෝතින්ය.

“ඇයි උඹල හෙළුවැලි පෙරහරක් ගියේ? එතකොට දැක්කේ නැද්ද?”

නිමාවක් නැති ඔහොම කතන්දර-ප්‍රතිප්‍රහාර ඉදිරියටත් තියාගෙන ආයෙම පොතට.......

“ශිෂ්ණයේ අප්‍රාණික බවට පිළියමක් තියෙනවද?

තද නින්දේදී හෝ උදේ පාන්දර නින්දෙන් නැඟිටින විට සෑම තරුණයෙකුගේම වාගේ ශිෂ්ණය ප්‍රාණවත් වෙනවා.
ඒ වගේම හොඳින් පිරිමැදීමෙනුත් ප්‍රාණවත් වෙනවා. එසේ වුවත් මේ ප්‍රාණවත් භාවය ස්ත්‍රියක ඉදිරියේ හෝ සංසර්ගයට සූදානම් වෙන විට හෝ අප්‍රාණිකවී යන්න ඉඩ තියෙනවා.

බොහෝ විට මෙය සිදු වෙන්නේ තමා නොදැනුවත්වම සිදු වී ඇති හෝ සිදු වෙන නොයෙකුත් මානසික බලපෑම් නිසයි.
මේකට එක-එක ජාතියේ බෙහෙත් ගාලා-බීලා වැඩක් නැහැ. හොඳ මනෝ වෛද්‍යවරයෙකු මුණ ගැහිලා.....
මේ සඳහා නොයෙකුත් බෙහෙත් වර්ග බීමෙන් හෝ ආලේප කිරීමෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. මෙවැනි අවස්ථාවකදී මානසික වෛද්‍යවරයෙකුගේ පිහිට පැතීම ඉතාම වැදගත්.

නොමේරූ ශුක්‍ර මෝචනය රෝගයක්ද?

නෑ. නොමේරූ ශුක්‍ර මෝචනය කියන්නේ සංසර්ගයේදී සාමාන්‍යයෙන් ගත වෙන කාලයට ප්‍රථම ශුක්‍ර මෝචනය වීමයි. සංසර්ගයේදී සාමාන්‍යයෙන් 30ටත් 50ටත් අතර වාර ගණනක් ශිෂ්ණය ඉහළ පහළ කිරීමෙන් ශුක්‍ර මෝචනය සිදු වෙනවා.

මීට වඩා අඩු වාර ගණනකදී ශුක්‍ර මෝචනය සිදු වේ නම් එය නොමේරූ ශුක්‍ර මෝචනයක් ලෙස සැලකෙනවා. නමුත් ටික කලකින්ම ඔවුන් ඒ තත්ත්වයෙන් මිදෙන නිසා ඒ ගැන කලබල විය යුතු නෑ.

නමුත් දිගින්-දිගටම මෙම තත්ත්වය පැවතෙන්නේ නම්, එය නොයෙකුත් ශාරීරික හා මානසික බලපෑම් නිසා සිදු වෙන්නට පුළුවන්.

මෙවැනි අවස්ථාවලදී වෙළෙඳ පොළේ ඇති බොරු බෙහෙත් වර්ග පාවිච්චි කිරීමට වඩා වෛද්‍යවරයෙකු හමු වීම ඉතාමත්ම හොඳයි. පරීක්ෂණවලින් තොරව නිපදවෙන මෙවැනි බෙහෙත් වර්ගවලින් බොහෝ විට ශරීරයට හානියක් මිස හොඳක් නම් වෙන්නේ නැති බව අනිවාර්යයෙන්ම කියන්න ඕනෑ.”

ආසියාවේ ආශ්චර්යවත් මහලු මඩමේ ගරු සාමාජිකයන්.............. තව ඉන්නවා ටිකාක් පහළින්...
අවුරුදු පනහකටත් ඉස්සෙලා තිබුණු දැනීම අදටත් වලංගු වෙන්නේ කලාතුරකින්.

උඩින් තිබුණු ඡේදයේ සමහර කරුණුත් එහෙමයි. එහෙම වුණාට, මාත් අයිති වෙන ‘මැන්ටල් පරම්පරාවේ සමහරුන්’ ඔළුව උඩින් තියාගෙන ඉන්න ‘හණ මිටිය’ මේ සම්මජ්ජාතියේදී බිමින් තියන්න ලැහැස්ති නැහැනේ.
ආසියාවේ ආශ්චර්යවත් මහලු මඩමේ ගරු සාමාජිකයන්.............. උඩින් හිටි 12 දෙනාට පස්සේ........
හැට පැනලා- හොට බිම ඇනිලා හිටියත් ‘අපට වඩා කෙරුමෝ මුළුමහත් විශ්වයේම නැත’ය කියලා හිතන බවක් පෙනෙන අපේ දේශපාලන නායකයනුත් ඒ වගේනේ!

මට තීක්ෂණ ශ්‍රී විජේසිංහ හමුවෙලා නෑ; ෆොටෝ එකකින්වත් දැකලත් නැහැ. මං එයාව දන්නේ ‘Sex චැට්’ ලිපි මාලාවෙන් විතරයි. හැබැයි මනුස්සයාගේ ලියවිල්ලට මම කැමතියි; ප්‍රියයි; එකඟයි. මට හිතෙන්නේ ඒ වගේ අයගෙන් තමයි අලුත් පරම්පරාවේ දැනීම අපට උකහාගන්න වෙන්නේ. එතනදී ආඩම්බරේ - මාන්නේ පැත්තකට දාලා බලන්නයි වැඩිහිටියන් විදියට අප පුරුදු විය යුතු.

සසඳා බැලීම පිණිස තීක්ෂණගේ අතිතීක්ෂණ ලියවිල්ලකින් මෙතනදීත් ටිකක් උපුටාගන්නේ ඒ නිසයි.හැබැයි අතරින්-පතර..........
පොතක් වගේ නෙවෙයිනේ. මේ අඩවිවලට; වැඩිදුර විස්තරවලට කැමති අයට එහාටම ගිහින් සේරම වුණත් කියවලා ආයේ මෙහාට ආහැකිනේ. 

ටයිමින් ටැබ්ලට් මොකටද... අපි මේ ඉන්න වෙලාව...
මම ටයිමින් ටැබ්ලට් එකක් අරගෙන එන්නද?”

ගැහැනු නොදන්න පිරිමි රහසක් මගේ කටින් එයා ඉස්සරහට විසිවුනා.... එයා ඉස්සරහ දෙයක් උගුරෙන් හිර කරගෙන හිත ඇතුලේ වළදාන එක මට කරන්න අමාරු වැඩක්.. සමහරවිට ඒක මෝඩකමක්....

ඒ මොකටද....? අපි මේ ඉන්න වෙලාව ඇතිනෙ.”

ට්‍රීන් ගාගෙන ආව කෙටි පණිවිඩයේ එහෙම තිබ්බ.... සාමාන්‍යයෙන් නිරෝගී පිරිමියෙකුගේ ශුක්‍රාණු පිටවීමේ කාලය විනාඩි හතරත් එකොලහත් අතර.... මම හෙව්ව.... ඒත් අපි අතරෙම සමහර අය කියන දෙයක් තමයි මම නම් පැයක් අල්ලගෙන හිටියා බං, ඒකිට පුදුම සැපක් දුන්නෙ කියල.... සමහරු ඇවිත් පැය එකහමාර දෙක ගැන කන්ටේනර් ටෝක් ඉෂූ කරනවා....

ඒත් අමුවෙන් කෙනෙක් එහෙම වෙන්නෙ කොහොමද...? පිරිමි අපි පුරුදු වෙලා ඉන්නවා තමන් ගැන සාන්ද්‍රණය වැඩි කරලා කතා කරන්න..... තියෙන දේ වැඩිපුර පෙන්නල කතා කරන එක සරල සාමන්‍ය පොදු පුරුෂ ලක්ෂණයක්....

වැඩේ කියන්නෙ ඉතින් මේ රට හරි පුංචි නිසා ගහකට ගහක් මුණගැහෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩියි...

අන්න එහෙම වුනාම ඒකේ අතුරු ප්‍රතිඵලයක් විඳිහට ඒ පැය ගනන්වල පිරිමිකම් ගැහැනු හරහා පෙරීගෙන ඇවිත් විනාඩි පහට සීමා වෙනව.... පිරිමිකම් විලිසංගයක් නැතුව රෙදි ගැලවිලා හේදිලා යනවා....
අනේ අනිච්චං බෝල බිබික්කං කියලා හිත හදාගෙන ගිහින් කොල්ලන්ගේ පොර talk අහගෙන .......
අනේ අනිච්චං බෝල බිබික්කං කියලා හිත හදාගෙන ආපහු ගිහින් කොල්ලොන්ගෙ පොර ටෝක් අහගෙන ඉන්නවා.... අනේ ඉතින් අර පැය ගානේ කතා විනාඩි පහට සීමා වෙනවා.... ඒ පිරිමි අපි.... අපි ගැන උජාරුවෙන් කියවන පිරිමි අපි..!

ඒ කතාව ඇතුලේ මම දන්න මෙහෙම දෙයක් තියෙනවා.... සාමාන්‍ය වෙලාවට වඩා පිරිමින්ට ඉන්න පුළුවන් ක්‍රම තියෙනවා.... ඒ තමයි පළපුරුද්ද....

පළපුරුද්ද කියන්නෙ පිරිමියා ගෑනු කීයක් එක්ක නිදාගෙන ඉඳලා තියෙනවද කියන එක නෙවෙයි, තමන්ගෙ කෙල්ලව කොයි තරම් හුරුයිද කියන එක....
අලුතෙන් එෆෙයාර් එකක් පටන් ගත්තත් කාලයක් යද්දි දෙන්නට දෙන්න හුරු වෙන්න ගත්තම කොල්ලට ඒ කෙල්ල සාමාන්‍ය වෙනවා.... අපේ ස්නායු හැඩගැහිලා තියෙන්නෙ ඒ විදිහට.... අන්න එතකොට ඒක ඒ දෙන්නා මත තීරණය වෙනවා.... දැන් අපි ආපහු ට්‍රැක් එකට එමුකො.”

තීක්ෂණගේ ඒ වචනම අල්ලාගෙන මාත් ඔන්න ආයෙම පොතේ track එකට එනවා. හැබැයි ටික දුරකට විතරයි, හොඳේ...

"සංසර්ග කාලය දික් කරගත හැකි බෙහෙත් වර්ග තිබෙනවාද?

ඈත අතීතයේ සිටත් අද වෙනතුරුත් මිනිසා මේ ගැන නොයෙකුත් පරීක්ෂණ පවත්වනවා. නමුත් සංසර්ගයේ නියම තෘප්තිය හා එහි ඇති නියම අලංකාරය ආරක්ෂා කරමින්, කාලය දික් කිරීමට හැකි බෙහෙතක් තවම සොයාගෙන නැහැ.

මද්‍ය පානය හා වෙනත් මත් ද්‍රව්‍ය ගැනීමෙන් මේ කාලය දීර්ඝ කරගත හැකි බව සමහරුන් කීවත්, ඔවුන් ඉන් නියම තෘප්තියක් ලබනවා යයි සිතීමට අමාරුයි. මෙවැනි මත් ද්‍රව්‍ය නිසා ඔවුන්ගේ මානසික තත්ත්වය අවුල් වෙලයි තියෙන්නේ.

ටැබ්ලට් කියන්නේ පුරුෂකම ඉස්සරහින් ආවරණයක්ව... (කුසල් ධනංජයගේ foto එකකි)
එවැනි තත්ත්වයක් යටතේ ඔවුන් කරන කියන දේ ගැන කිසිම හැඟීමක් නෑ. අද ලෝකයේ සමාජ රෝග වැඩි වීමටත් එක් හේතුවක් වෙලා තියෙන්නේ මෙවැනි අවුල් සහගත බවකින් යුතුව ඔවුන් හැසිරීමයි.”

මුලින් කියුව ‘Sex චැට්’ ලියවිල්ලේම මේ ගැනත් විග්‍රහ කෙරිලා තිබුණා. මොට්ට මගේ ලියවිල්ලට වැඩිය රසවත් එතැනින්ම උපුටලා දාන එක ලෙහෙසියි; පහසුයි..... හැබැයි කතාවට එහෙම කිව්වට, මේ කියවෙන අදහස්වලටත් මං 100%ක්ම එකඟයි. එහෙම නැතිනං මට උදව්වට ඒවා ගන්නවයැ?

"මචං මේක ගනින්, අරගෙන ගාගෙන බලපන් විනාඩි 30 ෂුවර්.... කෙල්ලව එක්කන් ගිහින් හොඳ සැපක් දියන්.”

ටැබ්ලට් කියන්නෙ පුරුෂකම ඉස්සරහින් ආවරණයක්ව හිටගෙන ආත්ම ශක්තිය වෙනුවෙන් පෙනී සිටින භෞතික දෙයක්. ඒ මම දකින විදිහ.... ඒ නිර්වචනය මට ආවෙ මේක මට විකුණපු විදිහත් එක්ක....

ටැබ්ලට් වගේ නෙවෙයි, මෙන්න මේ ක්‍රීම් එක ගාල විනාඩි 5ක් ගියාම උඹට දැනෙයි පොඩි හිරි වැටෙන ගතියක්...ෂේප් එකේ නාගන්න වෙලාවට බාත්රූම් එකට ගිහින් ගාගනින්.... මේකෙ තියෙන හොඳ තමා බං වෙන ඒව ගෑවම ගෑනිට ඒ ස්මෙල් එක එක්ක වැඩේ නෝන්ඩි වෙන්න පුළුවන්, ඒ වුනාට මේක ගාල විනාඩි පහෙන් උඹ මොනා ගාල හේදුවත් බඩු වැඩ....”

සෙක්ස් කියන එක ඇතුළේ ආදරය කියලා විෂයක් නැහැ..........
එතැනම රැවටීමක්..! මට හිතුණේ එච්චරයි. සෙක්ස් කියන්නෙ ආදරය ඇතුලෙ එක විෂයක් මිසක්, සෙක්ස් කියන එක ඇතුලෙ ආදරය කියල විෂයක් නැහැ....

ඉන්ටරෙස්ට් කාරණාවක් නැත්නම් ඇක්සිඩන්ට් ටයිප් එකෙන් මිනිස්සු අහම්බෙන් හමු වෙනවා ඇරුනාම මිනිස්සු ලිංගිකව එකතු වෙන්නෙ ආදරයේ උඩ තැනකදි.... එතැනදි ආදරයේ මත්වීම, විඳීම, දැනීමේ කාලය එක්කවත්- ප්‍රමාණයන් එක්කවත් කිසි දෙයක් සසඳන්න බැහැ....

බැහැ නෙවෙයි මිනිස්සු ඒ දේ සසඳන්න යන්නෙ නැහැ....

ඒ දේ දැනෙන ප්‍රමාණය තීරණය වෙන්නෙ දෙදෙනාව සම්බන්ධ කරන “මනස” කියන පාලම හරහා...
මේ මොහොතේ අපි සිදු කරන සෑම පොඩි ක්‍රියාවක්ම එක තැනකට ගොඩගැහෙනවා.. ඒ ගොඩගැහුන දේවල් තමයි ලිංගික එකතු වීමකදි පිටාර ගලන්නෙ.... හුවමාරු වෙන්නෙ.... අන්න එතැනදි ඒ අය උපරිම තෘප්තියක් ලබනව....”

තමන්ගේ අනන්‍යතාව හංගාගෙන හරි අද ඉන්න අයට මෙහෙම දේවල් කතා කරන්න පුළුවන් FB වගේ වේදිකාවල් හරහා.
අන්තර්ජාලය හරහා වැඩි විස්තර හොයන්නත් පුළුවන්.....
ඒත් නිකමට හිතන්නකෝ, මං එදා මහාචාර්ය කෝදාගොඩ මහත්තයගෙන් අර ප්‍රශ්නය අහපු වෙලාවේ කොච්චර අමාරුවෙන්ද ඒකට කට ඇරගන්න ඇත්තේ කියලා.
වේස ගෙදර අම්මණ්ඩි පිස්සුවෙන් ගේ වටේ දුවනවා කට්ටිය බලාගෙන ඉඳිද්දි.....
“අන්න වේස ගෙදර අම්මණ්ඩිට පිස්සු හැදිලා... හූ තිය-තියා හෙළුවෙන් ගේ වටේ දුවනවා- කට්ටිය බලා ඉඳිද්දී. අර පොන්නයා ගෑනිව අල්ලලා ගැට ගහන්නේවත් නැහැනේ.... මයියොක්කා ආච්චියෙ.... මේ ටිකේ රංජිලව පියදාස මුදලාලිගේ කඩේටවත් යවන්න එපා.....” නුගේගොඩ ඇන්ටි අපේ ආච්චිට කිව්වේ මාත් එතැන හිටි බවක්වත් ගණනකට නොගෙනය. එතකොට මං දැනගෙන හිටි වේසා ගෙදරක් නැත; තේරුමකුත් නැත.

දැන් නම් හිතෙන්නේ අපේ ආච්චීම වුණත් එහි තේරුම ඉන්තේරුවටම දැනගෙන හිටියේ නැතිවා වෙන්නැති කියලාය. මතකනේ, වතාවක් මටත් ‘ඈ බොල වේසිගෙ පුතෝ....’ කියලා බැණ වැදුණු හැටි.

අපේ තාත්තාත් එක්ක හොඳටම තද වුණු වතාවල් කිහිපයකදී, අපේ ආච්චී එයාගේ එකම පුත්‍ර රත්නයටත් ඒ පට්ටමම පිරිනමන්නට චුට්ටක්වත් ලෝබ වුණේ නැත.

“ඈ ආච්චියෙ, ඔයා ඔය බැනගන්නේ ඔයාටමනේ....” කියලා අපේ ආච්චිට කියන්නට හිතෙන්නේ දැන්ය. මක් කරන්නද? දසනායක රත්නවතීත්, දිසානායක හේවගේ ගුණපාලත් දෙන්නාම මිය ගොසින් දශක ගණනාවක් කොට?

“වේසා ගෙදර පහු කරන්නේ නැතිව හට් එකේ කඩේටත් යන්න බෑනේ ඇන්ටි.”

දරුවො ඉස්සරහ මෙහෙම කතන්දර කියනවද?
මගේ තර්ක බුද්ධිය මෙහෙයවා එහෙම කිව්වා විතරය.
ආච්චී මට ටොක්කක් ඇන්නාය; නුගේගොඩ ඇන්ටිටත් රැව්වාය. “ස්ටැන්ලිල අම්මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා නේද හැබෑට? උන් ඉස්සරහත් මෙහෙම දේවල්මද කියන්නේ? අන්නරහෙට පලයං පුතේ... ලොකු මිනිස්සු කතා කරන තැන්වල නොඉඳ.”

වේසා ගෙදර යයි කියුවේ ගරා වැටෙමින් තිබුණු දුප්පත් ගෙදරකටය.

එහි හිටියේ හයයි-හතර size එකේ කාන්තාවකුත්, ඇය හා සසඳද්දී ලිලිපුට්ටෙකු ප්‍රමාණයේ සැමියාත් දරුවන් හත්-අට දෙනෙකුත්ය.
හිටි ගමන්ම ඒ කාන්තාවට පිස්සුවකුත් හැදෙයි. හූ තියයි. අර කිව්වා වගේම අමු නිරුවතින් වේදනාකාරීව කෑගසා හඬමින් ගේ වටේ දුවන්නට පටන් ගනියි.

හේතුව ගමම දැනගෙන හිටියා වගෙය.

“කරපු පව්කාර රස්සාවේ හැටියට කරුමේ පල දීලා.... කුණු ලෙඩක් හැදිලා ඔඩු දුවලා. ගමේ මිනිස්සුන්ටත් බෝවෙයි මෙහෙම ගියෝතින්. ගූ ගහලා පන්නලා දාන්නයි තියෙන්නේ!”
ගමේ සමහරු කීහ.
හැබැයි වැඩි ප්‍රසිද්ධියේ නොවේ!

14 comments:

  1. හරේ... මං එක වෙලෝ...

    ReplyDelete
    Replies
    1. ඈ බං දැත්තෝ කොහේද මෙච්චර දවස් ගිහින් හිටියේ? බොලාට වල් කොරෝනා වසංගතේ හැදිලා නිරෝධායනය කොරන්න ඇරලාද කියලා බලන්න කන්දකාඩු පැත්තේ යන්නයි හිතාන උන්නේ. කොහොම වෙතත් උඹ තනි කෑල්ලට ඉන්න එකත් ලොකු දෙයක්...

      Delete
    2. එයා විතරක් නෙවෙයි අසංග. අපි සේරම තනි කෑල්ලට ඉන්න එක කොච්චර එකක්ද? නේද ඩ්රැකී.

      Delete
    3. මං නං පුළු පුළුවං හැටියට ආව මේ පැත්තෙ. අසංග කොහෙද උන්නෙ?

      ඇත්තට ඔය පැත්තෙ කරදර නැද්ද? කොහොමද වැඩ කටයුතු මේ දවස්වල? වැඩට එහෙමත් යනවද?

      Delete
    4. සුවෙන් සතුටින් ඉන්නවා.
      කාව අතහැරියත් නිදිලොක්කාව අමතක කරන්නේ කොහොමද? ප‍්‍රතිචාර නොදැක්කුවත් දිගටම ගොඩවැදුනා.
      දැන් දිගටම වැඩ.

      Delete
    5. අසංග, ගෙදරම හිර වෙලානේ හිටියේ.... තව ටික දවසක් ගියාම හමුවෙන්න වුනත් ඉඩ ලැබෙයිනේ... කොරෝනා නැති නිසා.!

      Delete
    6. නිදි,

      හ්ම්ම් හ්ම්ම්...

      Delete
  2. "ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි," කියලා නන්දා මාලිනී මහත්මිය ගයන ගීතය ගැන ගුණදාස අමරසේකර මහත්තයා නේද කිව්වේ රාගයෙන් තොර ප්‍රේමයක් නැහැ, එහෙම තියනවානම් ඒකට කියන්නේ "නෂ්ඨකාමය" කියලයි කියලා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියලා සවිස්තර පිළිතුරු දීමෙන් වළකින්නයි හදන්නේ.

      සෑම්, සමහරු බනිනවා දැනටත් මම කියලා තියෙන වල් කතා නිසා හතර අපායටම යයිලු. කොරෝනාත් අස්සේ යම රජතුමාව ටිකක් ශේප් කරගන්න සූදානමින් ඉන්න එපැයි.

      Delete
    2. රාගයෙන් තොර ප්‍රේමයක් නෑ කියල තියෙන්නේ Prof සුචරිත ගම්ලත්. එහෙම කියල ඊට පස්සේ ඕකට මාතර පැත්ත වෙදෙකුගෙන් බෙහෙත් ගන්නැයි Prof සුනිල් ආරියරත්නට කිව්වා කියලත් කියනවා.

      Delete
    3. අයිඩියාල්විස් මහත්තයෝ,

      ගම්ලත් මහාචාර්යතුමා සුනිල් මහාචාර්යතුමාට එහෙම කියන්න ඇත්තේ නිකම්ම වෙන්නත් බැහැනේ. අත්දුටු තැනක් නිසා වෙන්ටැති.

      ඔබතුමාගේ නම අද දැකපු බවයි මතකය කියන්නේ. ස්තුතියි!!

      Delete
  3. https://en.wikipedia.org/wiki/G-spot

    ReplyDelete
  4. ස්තුතියි Pra Jay මහත්තයෝ. මේ ලින්ක් එකට ගියා. නිවිහැනේ කියවන්න වෙන එකක්නේ. තව ඉස්සරහටත් ප්‍රයෝජනවත් වේවි සමහරවිට.

    ReplyDelete