අකුරු මැකී නෑ

Saturday, March 27, 2021

දහතුනේදී.... -තෙවෙනි කොටස

එදා නං අභී අයියාට දැනෙන්නටත් එක්කම ‘රිවෝඩ්’ සුවඳ ඉතිරි වෙන විදිහටය, ඒ ගැටවරයා නෑවේ. ඒ කිව්වේ සබන් හරියට හේදෙන්නට දෙන්නේත් නැතිව!

සෙනසුරාදා හවස මං පේව්මන්ට් රස්සාවට ගියේ කළුබෝවිල ඉස්පිරිතාලයේ ගේට්ටුව ළඟටය. එතැනින් පස්සේ වෙන කොහාටවත් යැවෙන්නේ නැත. ඒ නිසාම ගෙදර එන්නටත් පරක්කු නොවෙයි. (අභී අයියා කිව්වේ රෑ වුණත් නෑවිත් ඉන්න එපා කියලාය.) එහෙම ප්‍රමාද නොවී ඇවිත්, අභී අයියා හමු වෙන්නට යන්නැයි කිව්වේ අපේ තාත්තාමය. 

“සෙනසුරාදා රෑට ඔයා අපේ ගෙදරට එන්න... මම ලැහැස්ති වෙලා ඉන්නං.” අභී අයියා මට කියලා තිබුණේ එහෙමය.

ඉතිං ඒ සෙනසුරාදා හැන්දෑවේ ගොම්මන් කළුවරේ නිමල් දිසානායක ගැටවරයා අභී අයියලාගේ ගෙදරට ගියේය. එහෙම යන්නට කලින්, ‘සුවඳ සබන් ඇඟ ගාලා හායි-හායි, කුඹුකෙ ළිඳෙන් දිය ඇදලා නාලා’ ගීතයේ කියනවා වගේ නෑවේය. (එහෙම නෑවේ නං කුඹුකේ ළිඳකින් නොවේ. අපේ වත්තත්, කොටුවේ ආච්චිගේ ඕවිටත් වෙන්වෙන මායිමේ තිබුණු ගොඩපර ගහ යට ළිඳෙන්ය.) අභී අයියාම මට තෑගි දුන් රිවෝඩ් සබන් ගාලාය. 

ඒ වෙද්දීත් දවසට දෙතුන් වතාවක් ස්නානය කරන පුරුද්ද මට බෝ වෙලාය. විශේෂයෙන්ම ගමනක් යනවා නං ඊට කලින් නොවරදවාම නාලාය, මං යන්නේ.

එදා නං අභී අයියාට දැනෙන්නටත් එක්කම ‘රිවෝඩ්’ සුවඳ ඉතිරි වෙන විදිහටය, ඒ ගැටවරයා නෑවේ. ඒ කිව්වේ සබන් හරියට හේදෙන්නට දෙන්නේත් නැතිව!
පේනවා නේද එතකොට මගේ බූරු බුද්ධි මට්ටම?
 

ඒ දවස්වල මං ඒකට දෙයියාය. දැන් වුණත්...

“ංංංආ! මයියොක්කා ගෙදර ලොකු ළමයනේ මේ! ඇයි පුතේ?”

එහෙම නාලා, ලකලැහැස්තිවී තදියමේ ගිහිල්ලා, අභී අයියලාගේ ගෙදර දොරට තට්ටු කළාම ඉස්සරහට ආ අභී අයියලාගේ අම්මා ඇසුවාය. 

(අපේ ආච්චිලාගේ අන්ජිසාම් පැකට් වෙළෙඳාම නිසා; ‘මඤ්ඤොක්කා පෙති ගසා බැද- සීනි දමා පැකට් කොට සත පහට විකිණීමේ’ වියාපාරය නිසා අපේ ගෙදරට කීවේත් මයියොක්කා ගෙදර කියලාය!)

“අභී අයියා මට කිව්වා ඇවිත් හම්බ වෙන්නයි කියලා.....” මට පැකිළෙමින් කියැවුණේ එච්චරය... එහෙම නැතිව මං වෙන මොනවා කියන්නද?

“මොකටද දන්නෑ එයා ඔය දරුවට හම්බ වෙන්න කිව්වේ.... ලොකු පුතා නානවා, දරුවෝ! .... හිටගෙනම ඉන්නේ.... වාඩි වෙන්න පුතේ. මං ලොක්කට කියන්නංකො ඔය දරුවා ආවයි කියලා!”

“අපේ අම්ම රංජි මල්ලිට තේ එකක් දුන්නද?” කියලා මගෙන් අහගෙනය අභී අයියා, තුවායකින් ඇඟ පිස දමමින් මගේ ඉදිරියට ආවේ. උත්තර දෙවුණේ ඔළු බසිනි. 

ඒ දවස්වල මං ඒකට දෙයියාය. දැන් වුණත්... එහෙම කළාම අනවශ්‍ය පැටලිලි ඇති වන්නේ නැතිය; ප්‍රශ්න විමසන්නාට නොවේ, මට!
හංගන්නට දෙයක් ඇති වෙලාවටත්, බොහොමයක් දෙනා පැනයකට පිළිතුරු දෙන්නේ තවත් ප්‍රශ්නයක් අහන්නට අවස්ථාව උදා කරමිනි.

තවත් එකක්! ඒ ගෙදර දරුවන් පස් දෙනාගෙන්, පැහැපත්ම සමක් තියෙන්නේ අභී අයියාට බව මට පෙනුණේ ඒ වේලාවේය!!

අභී අයියා ප්‍රශ්නයක් ඇහුවා වගේ නොවේ; තමන්ටම, නිකමට කියා ගත්තා...

ටික වෙලාවකින්ම අභී අයියාත්, මාත් හිටියේ මහරගම හන්දියට යමින් ගමන්ය.

අභී අයියා කියූ ටේලර් අයියා හිටියේ සමරසිරි හෝටලයේ ඉස්සරහ අයිනේ මැෂිමක් තියාගෙනය. සමරසිරිය තිබුණේ මා කලින් ආදර පූජාසනේ’පෝස්ටුවේදී කියා ඇති සෝම බෙහෙත් සාප්පුවට යාබදවය. ඊට එහායින් තිබුණේ මහරගම සරසවි පොත්හලයි. (දැන් සරසවි පොත්හල තියෙන්නේ මහරගම අනුෂා සිනමාහල ඉදිරිපිටය. ඒ ගොඩනැඟිල්ලේ 1970 ගණන්වල තිබුණේ ජයරත්න මල් ශාලාවේ ශාඛාවකි. සමරසිරි හෝටලය තිබුණු තැන දැන් තියෙන්නේ සාප්පුවකි.)

සිරි ලංකාවේ පළමුවෙනි උත්සවාකාර පොත් දොරට වැඩුම පැවැත්වුණියි කියන්නේ එකී මුල් සරසවි පොත්හලේ උඩුමහලේදීය. කලකට පෙර ඒ බව කියා තිබුණේ පියසේන වික්‍රමගේ මහත්මාය. ඒ පුවත අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි විණි. පුවත්පත් වාර්තාවේ පිටපතක් සෙවූ මුත් එයද නොලැබිණි. වික්‍රමගේ මහතාවත් සම්බන්ධ කරගන්නට බැරි විණි. ඉතිං, මට කළ හැක්කේ ඒ ගැන ඔත්තුවක් දීම පමණය.

අභී අයියා ඇවිත් තිබුණේ කලිසම් මහන්නට රෙදිත් අරගෙනමය. ටේලර් අයියා මගේ මෙෂර්මන්ට්ස් ගත්තේය. “සුමාන දෙකක් විතර යනවා සර්!” ඒ මනුස්සයා කිව්වේය.

“ඒකට කමක් නෑ.... රංජි මල්ලිට හදිසියක් නැහැනෙ....” අභී අයියා ප්‍රශ්නයක් ඇහුවා වගේ නොවේ; තමන්ටම, නිකමට කියා ගත්තා වගෙය.

එයා මගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවත් ‘ඔව්’ කියන්නට පුළුවනිද?

‘නිකං හම්බවෙන අශ්වයාගේ දත් බලන්නට යන්න එපා’ කියලනේ කතාවට වුණත් කියන්නේ. අනෙක උවමනාවට වඩා අරවා-මෙව්වා ඇහිල්ලත් කැත සිරිතකි.

අපේ ගෙදර දරු පරම්පරාවටම යහපත් චාරිත්තර, සිරිත්-විරිත්, නීති-රීති නං උස්මුරුත්තාවට එනකල්ම පොවලා...

එහෙම බලද්දී, අනෙක් මොනවා නැතත් අපේ ගෙදර දරු පරම්පරාවටම යහපත් චාරිත්තර, සිරිත්-විරිත්, නීති-රීති නං උස්මුරුත්තාවට එනකල්ම පොවලා තිබිණි; පුහුණු කරවලාත් තිබිණි.

   මඟුල් ගෙදරකට ගියත්, කොච්චර බඩගිනි වුණත් කෑම බෙදා ගන්නකොට එක සැරේම කොත ගහලා බෙදාගන්න එපා- (‘අනිත් අයටත් තියෙනවද දන්නෑනෙ කියලා බලන්න ඕනි!’ ඒක නම් කියන්නට ඇත්තේ අපේ ගෙදර ගැන හිතලා වෙන්නැති.)

   අතේ ඇඟිලි පුරුක් දෙකකින් උඩට ඉඳුල් ගෑවෙන විදිහට කෑම අනන්න එපා-
   සද්ද ඇහෙන විදිහට චව්-චව් ගගා කෑම විකන්න එපා-
   කන අතරේ කතා කරන්න එපා-
   කෑම කටක් ඇතුළට දමා ගන්නේ සීරුවෙන්... ඒක කට ඇතුළට ඔබන්න යන්න එපා-
   ඇඟිලි සූප්පු කරන්න එපා-
   කට වටේ ඉඳුල් ගාගන්නත් එපා- (මේ ලිව්වේ කෑමට අදාළව තිබුණු නීතිවලින්, තවමත් මතකයේ තියෙන ටිකක් විතරය.)

හැම ක්ෂේත්‍රයක් ගැනම, ඔහොම නීති ගොඩාරියක් අපට පනවලා තිබිණි. මං හිතන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ වුණත් එච්චර නීති නැතිවා වෙන්නට ඇති!

හොඳම දේ නං, ඒ නීති කැඩුවොත් දඬුවම් දීමත් කෙරුණු එකය. (මතකයි නේද, අපේ අනිල් මල්ලියාට කෙසෙල් ඇවරියක්ම කැවූ දවස?) 

එතැනදී වැරදිකාරයා ලොකුද- පොඩිද- fevouriteද- ලෙඩින්ද- හොඳින්ද වගේ කිසිම කාරණයක් සලකා බැලුනේ නැතිය. ඇත්තටම අපේ රට කරවන ලොකු මහත්තුරුන්ගේ ගෙවල්වලත් අපේ තාත්තා වගේ එක්කෙනෙක් හිටියානං!

.... දාන තරමේ නීති-රීති, තහංචි දැම්මේ පොඩි අපටය. ඒවා අකුරටම රැකිය යුතු වුණේ පොඩිවුන්ය!

එහෙම හිතෙන්නේ නීති කඩන එවුන්ට එක-එක හැන්දෙන් බෙදන-බෙදවන හැටි පෙනෙද්දීය!

නීතිය නොකෙරෙන හැටි; ළපටි ඉරටු නවන කපටි විදියට නීතිය නැවෙන හැටි පෙනෙද්දීය.
විත්තිකාරයන්ව බේරෙන විදියට නඩු පවරන ක්‍රමය ප්‍රගුණ කරන නීතිකාරයන්ට- නීති ආයතනවලට වචනයකින්වත් දොසක් නොකියවෙන හැටි පෙනෙද්දීය. හරි නම් සේවය පැහැර හැරියාට නඩු දාන්නනෙ තියෙන්නේ. (ඒ නඩුත් දානවා නං දානවා ඇත්තේ විත්තිය නිදහස් වෙන විදිහටය!) 

ඒවා දකිමින්; නොදන්නා ගණනට ඉඳිමින් වගකිව යුත්තන් බබා-හුකුම් පෙන්වන හැටි දකිද්දීය.

අනෙක් අතට අපේ තාත්තා වුණත් දාන තරමේ නීති-රීති, තහංචි දැම්මේ පොඩි අපටය. ඒවා අකුරටම රැකිය යුතු වුණේ පොඩිවුන්ය! එහෙම නීති වැඩිවෙන තරමට, ඒවා බිඳින්නට ක්‍රම සහ විධිත් සොයා ගැනිණි; අප විසිනුත්.

‘අප’ කිව්වාට මම!
එහෙම උප්පරවැට්ටිවලට; සූස්තරවලට මට හැකියාව ලැබෙන්නට ඇත්තේ ‘අමු කැළේ - දිසානායක ජානවලින්’මය. 

අහිගුණ්ටික සාත්තරකාරිය කිව්වා වගේ, මං ඉපදෙන්නටත් කලින්ම දවල් හොරෙක් වෙන්නට පතාගෙන ආවෙක්ද? 

අනෙක් අය ගැන නම් මට ලොකු අවබෝධයක් නැත.

මගේ ගැන කියනවා නම් මෙහෙමය: මොන තරමේ නසරානියෙකු වුණත්, එතෙක්-මෙතෙක් මා ජීවත්වී තිබෙන්නේ මගේම නීති-රීති, සිරිත්-විරිත් ආදියට අනුගත වෙමිනි.
ඒවායේ පදනම- ‘මගේම හෘද සාක්ෂියට අවනත වීම’යි.
මට ඉතාම සාඩම්බරයෙන් කිව හැකිය. මනුෂ්‍යත්වයට නිගා දෙන පරිදි අනුනට උගුල් ඇද, වළවල් කපා, අනුන් සතු දේ කඩා-වඩාගෙන හෝ පැහැරගෙන හෝ නැත්තෙක්මි; මම!
එතෙක්-මෙතෙක් රාජකාරි දිවියේදීවත් අල්ලසකට වුව යටවී නොමැති බවත් අභිමානයෙන් කියන්නෙමි!!

‘හොරෙකුට වුණත් ප්‍රතිපත්ති තිබිය යුතුය!’ කියන දහම...

ඒවා එහෙම වුණත් නිමල් දිසානායක කියන්නේ සුපිරිසිදු, 100%ක් සුදු, සුචරිතවත්, සුසිල්වත් කෙනෙකුත් නොවේ;
තමන් අතින් සිදුවී ඇති වැරදි ගැන ආඩම්බර වෙන නරුමයෙකුත් නොවේ;
තමන්ගේ වැරදි ගැන මූනිච්ඡාවට වචනවලින් සමාව යදින්නෙත් නැති- එහෙත් කනගාටු වෙන කෙනෙකි.

මගේ ගැන එහෙම කියන්නට හැකිව තිබෙන්නේත් නිකම්ම නොවේ. මා අදහන ‘හොරෙකුට වුණත් ප්‍රතිපත්ති තිබිය යුතුය!’ කියන දහම නිසයි.

මට මගෙම නීති-රීති, මගෙම ප්‍රතිපත්ති තිබේ!!!

හරියටම එහෙම ප්‍රතිපත්තියක් හදා ගැනීමේ මූල බීජය මගේ හිතේ රෝපණය වුණේ ‘නියපොත්ත කැඩුණු හොර ගෙඩියා’ ගැන ගුවන්විදුලි නාටකය ශ්‍රවණය කළ දවසේ සිටය. 

“රංජි මල්ලිට ඕනි පමුණුව පාරෙන් යන්නද.... විවේකාරාම පාරෙන් යන්නද?” ටේලර් සාප්පුවෙන් එළියට බහිද්දී අභී අයියා ඇසුවේ ‘ගුවන් විදුලි හඬ නළුවෙකුවූ කරුණාරත්න අමරසිංහ’ගේ බරසාර ස්වරයකිනි.

“අභී අයියට තව කොහේ හරි යන්න තියෙනවා නං, මම තනියම යන්නම් පමුණුව පාරෙන්....” මම කීවෙමි.

“මට කොහෙවත් යන්න තියෙනවට නෙවෙයි කොල්ලෝ! ඔයාට පරක්කු වෙනවද කියලයි මම ඇහුවේ....” අභී අයියා උත්තර දුන්නේය. “...එහෙනං යමු ආපු පාරෙන්ම.... මම ඇරලවන්නං....”
විවේකාරාම පන්සලට කිට්ටු වෙද්දී අභී අයියාගේ කතාව අඩු වුණේය. කල්පනාව වැඩි වුණේය. හිටි අඩියේය, එයා කතා කළේ.

“යන ගමන් අපේ ගෙදරටත් ගොඩ වෙලා යං.... කමක් නැහැනෙ.... ගෙදරට ගියා, සරමක් දාගත්තා- ගියා. පරක්කු නෑනෙ?”

තිබුණේ හඳ එළියද, නැතිනං තරු එළියද මන්දා....
හැබැයි, අභී අයියා කියූ විදිහටම නොවේ කටයුතු සිද්ද වුණේ. එයා ගෙදරට ගොඩ වුණේ මාව කළුවරේම අතරමඟ නවත්තලාය. නමුත් ගිය පමාවෙන්ම සරමකුත් ඇඳගෙන ආපසු ආවේය. දැන් අප ඉන්නේ මහ නියර උඩය. වෙල් යාය කෙළවර වෙන්නට ලියැද්දක් තිබියදී අභී අයියා නැවතුණේය; මගේ අතින් අල්ලා ගත්තේය; බිඳුණු- සැලෙන ස්වරයකින් ප්‍රශ්නයක් ඇසුවේය.

“රංජිට පරක්කුද?”

කියන්නේ මොනවාද කියලා හිතා ගන්නටත් කලින් ආයෙත් කතා කළේ එයාමය. “පොඩ්ඩක් එහාට යං! මල්ලිට පරක්කු නැහැනෙ... පොඩ්ඩක් කතා කර-කර ඉඳලා යමු!”

හා කියලා හරි- බෑ කියලා හරි කියන්නට වෙලාවක් හම්බ වුණෙත් නැත. මගේ අතකින් අල්ලාගත් අභී අයියා වමට හැරී නියර දිගේ යන්නට පටන් ගත්තේය. ලියදි දෙකකට විතර එහායින් ආපහු වමට.....

තිබුණේ හඳ එළියද, නැතිනං තරු එළියද මන්දා.... තදම තද කළුවරක් නම් තිබුණේ නැතිය. මට හොඳටම මතකය. ගොයම කිරි වැදෙමින් යාන්තං බිමට නැමෙමිනි තිබුණේ. ඒ නියර දිගේ ටික දුරක් ගිය අභී අයියා නැවතුණේය.

“රංජි දන්නවද, පාළු දැනුණාම මම මෙතනට ඇවිත් වාඩි වෙලා අහස දිහා බලාගෙන ඉන්නවා....”

‘නියර උඩ වාඩි වෙලා?’ මට අහන්නට ඕනෑ වුණේ ඒකය. ඒත් ඇහුවේ නැත. කොහොම අහන්නද? මගේ උගුර-කට වියළී ගිහින් වගෙය.

නෑසූ ප්‍රශ්නයටය ඊළඟ උත්තරය.

ඊළඟට සරම මතින් හාන්සිවී මටත් එතැනින්....

“රංජි මේ නියර දිගේ ඇවිත් නෑ නේද? මේක දිගේ කවුරුවත් යන්නෙ-එන්නෙ නෑ.... මේ, මෙතැන පොඩි ගලකුත් තියෙනවා... ඒක උඩයි මම වාඩි වෙලා ඉන්නේ.... මං සරම දාගෙන ආවේ, මෙතනට එළාගන්න...” මං ඇහුවේ නැති ප්‍රශ්න ගණනාවකට, අංග සම්පූර්ණ පිළිතුරු සපයමින්ම අභී අයියා සරම ගැලෙව්වේය;

ඊළඟට අර කුඩා ගල් පොත්ත උඩින් ඒ සරම එළුවේය; ඊළඟට එය මතින් හාන්සිවී මටත් එතැනින් වාඩි වෙන්නැයි කීවේය.

චුට්ටං ඉඩක්....

කිරිබර ගොයම් ගස්වලින් හතර පැත්තම වට වුණු පුංචිම-පුංචි අවකාශයක්...

එතැන වැතිරී සිටිද්දී නම් පාද යාත්‍රාවේ යෙදෙද්දී කළාසේ, ආකාශ ගංගාව (Milky Way) නිරීක්ෂණයක් කෙරුණේ නැත. 

ආයෙමත් ඒ නියර දිගේ ගිහින් ඒ ගල් පොත්ත තිබෙනවාදැයි බලන්නට හිතුණත් ඊට ඉඩක් නැත. ඒ ඉසව්වම දැන් පස් පුරවා, සංවර්ධනය කොට කැබලි කඩා විකුණා අහවරය. ගෙවලුත් හැදිලා අහවරය!
අර කළුගල් පොත්ත අයින් කරලද දන්නෑ පස් පිරෙව්වේ...

මමත් ඔහු අසලින්ම වාඩි වීමි.....

අප කතා කළේ මොනවාදැයි මට යන්තමින්වත් මතක නැත. ඒ, එතැන් සිට වදන් රහිත අවාචික සන්නිවේදනයක් යහමින් කෙරුණු බැවින් විය යුතුය.
කතා කළේ දෙඅත්, දෙතොල් ආදියයි.
මෘදු පිරිමැදීම්, සිප ගැනීම් මාලාවක් අතරේ අභී අයියා ඇසූ එක ප්‍රශ්නයක් විතරය; මට මතක.

“මම දුන්නු සබන් ගාලා නේද හවස නෑවේ?”

ඇත්තම කියනවා නම් ඒ මොහොතේ මා හිටියේ එක්තරා අක්‍රිය තත්ත්වයකට; මිඳුණු-ගල් ගැසුණු තත්ත්වයකට; අන්ද-මන්ද තත්ත්වයකට පත් වෙලාය. එබැවින්දෝ සියලුම ක්‍රියාකාරීකම්වල ආධිපත්‍යය; වගකීම සියතට ගත්තේ අභී අයියාමය.

‘මා අබියස මැවුණු තුසිතය- සුරන් නැළවූ සුයාමය!’
සියතින්ම සීරුවෙන් මගේ කමිසයත්, කොට කලිසමත් ගැලවූ ඔහු, ඒ සංයමයෙන්ම යුතුව ඔහුගේ කමිසයත්, යට කලිසමත් ගැලෙව්වේය. මාව අර ගල් පොත්ත උඩ එළා තිබුණු ඔහුගේ සරම මතින් උඩුබැලිව සතපා ගත්තේය. එහෙම කෙරුණේ කිසිම කලබලයකින් යුතුව නොවේ.

එහෙම සංයමයක්.... එහෙම සීරු-මාරුවක්..... සත්තය, ඒ ලතාවකට කෙරුණු සිපගැනීම්- පිරිමැදීම්- ආලිංගනයන් මා කෙරෙහි ඉපැද්දවූ සංවේදනයන් ගැන කියන්නට සුදුසුම; ගැළපෙනම ‘අනුන්ගේ වචන ටිකක්’ මේ මොහොතේ මගේ හිතේ දෝංකාර දෙයි. මං ඒවා ණයට ඉල්ලා ගන්නේ කේ.ඩී.කේ. ධර්මවර්ධනයන්ගෙන්ය!

‘මා අබියස මැවුණු තුසිතය- සුරන් නැළවූ සුයාමය!’

ඔව්! ඒ සියල්ල වුණේ එහෙමය. මේ පෝස්ටු මාලාවේ පළමුවැන්නට comment එකක් එවමින්, හිතවත් ‘විජේබාහු’ රසික මහතා අනුමාන කළ ලෙසින් මම ‘gal kaarayekuta’ අහු වෙන්න වගේ-වගේ වුණා නොව, අසු වීමි!

හැබැයි, ඒ කිසිදු නොදැනුවත්කමකින් නොවේ; අකමැත්තකින් නොවේ; නොමනාපයකින් යුක්තවත් නොවේ.

දැනුවත්වය; කැමැත්තෙන්ය; මනාපයෙන්ය. ඊට අමතරව රාගාන්විතවය; කාමාතුරවය.

අපේ තාත්තාගේ දිසානායක ජාන හරහා ‘මේ ගතියත්’ මට සම්ප්‍රේෂණය වෙලාය!

අපේ තාත්තාත් ලෛංගික ක්‍රියාකාරිත්වය වැඩි කෙනෙකි; ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන යහමින් ශ්‍රාවය වෙන කෙනෙකි.
ඒ ගතිය මටත් ඇවිත්ය!! එහෙත්.... අපේ අම්මාගෙන් මට උරුමවී ඇති පෙනුම අහිංසක- ශාන්ත එකකි!!!

“නිමල් අයියා ඉන්න විදිහට, මම කීයටවත් හිතුවේ නෑ මෙහෙම දේවල් ලියන කෙනෙක්ය කියලා...” 2012 අවුරුද්දේ දවසක මට එහෙම කිව්වේ ‘රාවය’ පත්තරයේ ජනමාධ්‍යවේදියෙකි.
“නිමල් අයියගෙ නමටත් හරි නෑ මෙහෙම පොතක් ලියපු එක. ඇයි මෙහෙම එකක් ලිව්වේ?” එහෙම ඇසුවේ උපාධිධාරී තරුණයෙකි. “.... ඔයා තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. නිමල් දිසානායක කියපු ගමන් අපේ හිතට එන්නෙ අපි කාටත් ආදර්ශයක් ගන්න පුළුවන් කෙනෙක්නෙ.... එහෙම කෙනෙක් මේ වගේ කුණුහරුපත් තියෙන පොතක් ලිව්වම?” අර තරුණ හිතවතා තව දුරටත් කීවේය.

ඒ පොත් දෙකේම අඩංගුව තිබුණේ ‘යාන්ස්’ය. ඒ එකක්වත්....

අර උපාධිධාරී තරුණයා ඒ ටික කිව්වේ, මගේ තෙවෙනි මුද්‍රිත කෘතිය ‘හිනා වෙන්න හිනා’ පොතක් කියවලා, 2007 අවුරුද්දෙය.

රාවය කන්තෝරුවේදී කෙරුණු ප්‍රකාශය මගේ සිව්වෙනි පොත; ‘හිනා තවත් හිනා’ කියවූ කෙනෙකුගෙනි කෙරුණේ.

ඒ පොත් දෙකේම අඩංගුව තිබුණේ ‘යාන්ස්’ය. ඒ එකක්වත් මවිසින් කළ නිර්මාණ නොවේ. මළ ගෙවල්, බණ ගෙවල්, පිරිත් ගෙවල් හා ‘වළ බහින’ තැන් ආදියේදී එක-එක අය පාළු කපද්දී කියනවා ඇහුණු කතන්දරය!

ඒවා සංග්‍රහ කොට, පොතක් ලෙසින් පළ කිරීම වනචරකමක්ද?

අපේ සමාජය පිළිගනු ලබන්නේ දවල් මිගෙල් - රෑ දනියෙල් වෘතය රකින්නන්ද?

මගේ පෙනුමින්; මා කරන-කියන දෙයින් මා ගැන අනුන් මවාගෙන ඇති ප්‍රතිරූපය නඩත්තු කිරීමට මට අවශ්‍ය නැත. හෘදය සාක්ෂියට ගරු කරන්නෙකු විදිහට සිතද්දී, වැඩි දෙනෙකු මට පලඳවා ඇති කිරුල මට නම් කටු ඔටුන්නකි.

නිදිගෙ පංච තන්තරේ බ්ලොගය හරහා මගේ සැබෑ ජීවන තතු, සිදු වුණු පරිද්දෙන්ම ලියන්නේ ‘හැබෑ නිමල් දිසානායක’ අනාවරණය කරමිනි. එය විශ්ලේෂණය කිරීම හෝ තීරණවලට බැසීම බාර මා ලියන මේ ලිපි කියවන හිතවත් පාඨකයන්ටය.

නමුදු, එක කරුණක් වෙසෙසින් සඳහන් කළ යුතුය. ඉදිරියටත් මගෙන් ලියවෙන දේ කියවා හමාර කරන තුරු, මා ගැන ‘තීරණ ගැනීමට’ ඔබ ඉවසිලිවන්ත වෙනවා නම් මා වඩාත් සතුටුය.

‘ඇඳුම් ගලවන්නට උදව් වෙන අය යළිත් ඇඳුම් ඇඳගන්නා විට උදව් නොවෙති!’ කියා කියමනක් තිබේ. වැඩි දෙනෙකුට එය අදාළය.

ඒ අතින් බැලුවත් අභී අයියා greatය. මා මේ කරන්නේ ඔහුට හිමි ගෞරවය දීමකි.
“පොඩ්ඩක් ඉන්න රංජි...”

14 comments:

  1. අතීත සිදුවීම් ඒ ආකාරයෙන්ම ලියන්න කැමැත්ත හා ධෛර්යය තියෙන්නේ බොහොම ටික දෙනාටයි. එයිනුත්, පංච තන්ත්‍රය විශේෂයි.

    විජේබාහු කියාපු විදියට "ගල් කාරයෙකුට අහු උනා" නොවෙයි, "අහු වෙන්න ඉඩ ඇරියා" කියලා කියන්නයි වෙන්නේ.

    අපි පුරුදු වෙච්ච සමහර කෑම මේසයේ චාරිත්‍ර, වාරිත්‍ර හැටියටත්, වාරිත්‍ර, චාරිත්‍ර හැටියටත් සලකන ජාතීන් ඉන්නවා..

    අතින් කෑම කන එක බොහොම නොදියුණු චාරිත්‍රයක් කියන සුද්දෝ, ඇඟිලි ලෙවකන එක ගැන මුකුත් වරදක් කියන්නේ නැහැ.

    සමහර ඉන්දියානුවන් (මේක මට කියාපු කෙනා නම් කල්කටා) කෑමෙන් පසු ප්‍රසිද්ධියේ, ශබ්ද නගා, burp අරින එක ඒ කෑම ඉවූ කෙනාට, හෝ ගෘහ මුලිකයාට කරන ගෞරවයක් ලෙස සලකනවා. එයින් හැඟවෙන්නේ කෑම රස නිසා,බඩේ ඉඩ නැතිවී burp අරින තරමට කෑ බවයි. ඒ උනාට අනිකුත් බොහෝ ජාතීන්ට ප්‍රසිද්ධියේ රාමතෙල් ඇරීම අශීලාචාර දෙයක්

    අපි කෑම slurp (burp කියලා දෙතුන් පාරක් කියනකොට සිංහල වචනය රාමතෙල් ඇරීම කියලා මතක් උනාට slurp එකට සිංහලෙන් කියන තනි වචනයක් නැහැ නේද?) කරන එක බොහොම කැතයි කිව්වාට, ජපන්නු බොහොම සද්දේ දාලා නූඩ්ල්ස් කට ඇතුලට උරනවා. ඒ විතරක් නොවෙයි, එයින් කෑම රස බව, ප්‍රසිද්ධියේ හඟවනවා කියලත් සලකනවා.

    අද ඉරිදා උදේ තාම කට්ටිය නිදි ඇති. ඒක නිසා තමයි මට පළවෙනියා වෙන්න පුළුවන් උනේ!

    ReplyDelete
    Replies
    1. https://www.rd.com/list/rude-american-manners/

      Delete
    2. ස්තුතියි!
      සෑම්, Pra Jay මහත්වරුනි. එක-එක රටවලදී යම්-යම් දේවල් හා සිරිත්-විරිත් වෙනස් තමයි නේද? (මට නම් තියෙන්නේ රටවල් දෙක-තුනක අත්දැකීම් විතරයි.)

      අපේ තාත්තා ලංකාව පුරාම ගිය කෙනෙක්වත් නෙවෙයි. 1976 තාත්තා සිය දිවි නසාගන්න කලින් යාපනේටවත් ගිහින් තිබ්බේ නෑ. එයා දැනගෙන හිටි විදිහට තමයි අපට නීති දැම්මේ.

      Delete
  2. මම මේ ළගදි දැක්ක එකක් ලංකාවේ පිරිමි ( හැම පිරිමි ද කියල මතක නැහැ ) ගොඩ දෙනෙක් තුල ඔය සමරිසි හැඟීම් කිසි අඩුවක් නැතුව තියෙනවා කියල... අපි පොඩි කාලෙ සෙල්ලම් කරද්දීත් අපිත් එක්ක හිටපු අපිට වඩා ලොකු යාලුවෝ සෙල්ලමට වගේ මිරිකන එකයි, අත ගාන වැඩ කරනවනේ... ඒ කාලේ ඕවා අපිට ගානකුත් නැහැ... උන්ට ගානකුත් නැහැ... මට හිතෙන්නේ එක වයසකදී ලිංග බේදයක් නැතුව ඔය හැඟීම් එන එක කිසි වැරදි දෙයක් නෙමේ.. දැන් මේ හෙන සදා චාරයක් දාගෙන හිර කරන්න හැදුවට...

    අන්තිමට මිනිස්සු තමන්ගේ හිතින් බොරුවට තමන් වැරදි දෙයක් කළා කියල හිත හිත පසුතැවෙනවා නමුත් යාලු මිත්‍රයෝ ආස්සරේ කරලා, එකට කාල බිලා සෙල්ලම් කරපු කෙනෙක් නම් ඔහොම සිද්දි නොදැකපු හෝ අත් නොවිදපු අය විදියට හැසිරෙන එක තමා ලොකුම වැරැද්ද ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්!

      උත්තරයක් නොලියන්නේ අමනාපයකින් එහෙම නෙවෙයි. බුබුළු දමමින්; ගොනු වෙමින් හිතේ තියෙන කරුණුවල සැර අඩුවෙලා යයි කියලා බයටයි.
      මොකද තව අත්දැකීම් ගොඩක් ගැන ලියන්නම වෙනවා. කමක් නැහැනෙ, මෙහෙම කෙටියෙන් කීවට.

      Delete
  3. https://en.m.wikipedia.org/wiki/Pederasty_in_ancient_Greece

    ReplyDelete
    Replies
    1. අම්මෝ Pra Jay මහත්තයෝ.
      ඊයේ රෑ ඔයා එවූ මේ ලින්කුවට ගිහින් පැයක් විතර ගියා මේ ලිපිය කියවන්න.
      පැරැණි සම්ප්‍රදායන් ගැන එකතු කරගත් තොරතුරු ගොඩට තව ගොන්නක් එකතු කරගත්තා. සොක්‍රටීස් ගැන නම් කියවලා තිබුනත්, ඒ වකවානුව ගැන මෙච්චර විස්තර දැනගත්තේ ඊයෙයි.
      ප්‍රශ්නේ ඒ ලිපිය මම තේරුම් ගත්ත හැටි හරිද කියන එකයි, යන්තං සන්තං පදං ඉංගිරිසිනෙ ගැට ගහගන්නේ!
      ස්තුතියි!

      Delete
  4. https://www.youtube.com/watch?v=1BuRmG9tumg

    ReplyDelete
    Replies
    1. මෙච්චර පරණ වැඩ සටහනක්! මිස්ටර් බීන්ගේ තරුණ කාලේ?
      මට පෙනුණේ ඩ්රැකී, ඔයාටත් අරුමැසි මතක ගබඩාවක් තියෙනවා කියලයි!
      Link එකට ගොඩක් ස්තුතියි.
      පාන්දරම හිනාවෙලා තමයි උත්තර ලියන්න ගත්තේ.

      Delete
  5. ඔක්කොම ලියලා ඉවර වෙනකම් තීරන ගන්න එපා කියලා කලින් පෝස්ට් එකක හරි කමෙන්ට් එකක උත්තරයකත් කියලා තිබුනා. ඒ මොකද. අපි නිමල්ව විනිශ්චය කරනා බලාපොරොත්තුවක් නැහැනෙ.

    ටිකකාලෙකට ඉස්සර මට තිබුනු ප්‍රශ්නයක් තමයි ඔයවගේ සමරිසි අය තමන්ගෙ අවශ්යතා අනුව ඒ සමාන අය හොයාගන්නෙ/තෝරගන්නෙ කොහොමද කියන එක. ඇයි ඉතින් විරුද්ද ලිංගික අය පවා අරයා මට ඇත්තටම ආදරෙයිද,බලන්නෙ බොරුවටද කියලා තේරුම් ගන්න කන පරිප්පුවෙ විදිහට මන් හිතුවා සමරිසි අයට ඕක තවත් අමරු ඇතිනෙ කියලා. මම ඒක මගේ යාලුවෙක්ගෙන් ඇහුවා LGBT එකේ. එයා කිවා නෑ හරි ලේසියි ඒක දැනෙනනවා කියලා. එකම feelings තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. Lotus, ගොඩක් ස්තුතියි. ඔයා මෙතෙක් මගේ අවධානය යොමුවී නොතිබුණු කරුණක් ගැනත් අදහසක් දුන්නා.

      දැන්මම තීරණයක් ගන්න හදිසි වෙන්න එපා කීවේ ඍජුව මට කතා නොකර, මගේ posts ගැන අදහස් පළකළ දෙතුන් දෙනෙකු ඉලක්ක කරගෙනයි. ඒ සමහරු මීට කලින් ලියැවුණු සමහර posts නොකියවා, fb එකේ මම බ්ලොගය ප්‍රමෝට් කිරීමට උපුටා දක්වන mini පොස්ට් එක විතරක් කියවලා අදාළ අයගෙන් ප්‍රශ්න කරනවා සහ ප්‍රශ්න ඇති කරනවා.

      ඒ පෝස්ට්වලදී වෙනත් අය ගැන, එයාලගේ අනුමැතිය ඇතිව ලියැවුණු සමහර කරුණු ගැනත් ඔවුන්ට වැරදි අර්ථකථන සපයා තිබුණා. ඍජුව මට කතා නොකර එහෙම කිරීම ගැන මට හරි තරහයි. අපරාදේ මම නිසා; මගේ ලිවීම නිසා එයාලගේ හිත නරක් වුණොත්?

      එහෙම වෙනවා නං ඒක මගේ වරදක්නේ.
      ඒ නිසයි අරහෙම ලිව්වේ. ඇත්තටම මට කනගාටුයි එයින් වැරදි චිත්‍රයක් මැවුණා නම්. මේ අවුරුදු තුනට මගේ බ්ලොගය කියවන- ප්‍රතිචාර දක්වන අය බුද්ධිමත්ව ඒ කර්තව්‍යය කළ බවයි මගේ හැඟීම.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මේ මට පේන විධිහ. බාලඅපරාධයක් හෙවත් grooming කරලා අපයෝජනය කරලා, වයස දහතුනේදී ලිංගික හැඟීම් එනවා පිරිමි ගැහැණු දෙගොල්ලටම . ඒක මේ මිනිහ පාවිච්චි කරලා .

    ReplyDelete
    Replies
    1. ලෝකය පුරාමත් මෙහෙම වෙනවා නේද අජිත් මහත්තයෝ? පහුගිය ටිකේ කියවන්න බැරි වුනු කොටස් කියවන්න අරගෙන..... ස්තුතියි!

      Delete