අකුරු මැකී නෑ

Friday, June 4, 2021

ළඟට එන්නෙපා, මට කොරෝනා! -දෙවෙනි කොටස

මිනිස් ජීවිතය නම් තීර්ථ යාත්‍රාවෙ මඟ දිගට වරින් වර....

මේ කියූ එක කාරනයක්වත් නොතිබියදීත් පිලිකා හැදෙන්න පුලුවන් හොඳේ? biological systems තර්කානුකූලවම ක්‍රියා කරන්නෙ නෑ. ඊට වඩා අපිට නොතේරෙන intelligence එකකිනුයි ජීවය පවතින්නේ.

ඉතින් ඔයාට පිලිකාවක් කියල දැනගත්තහම ඔයාගෙ හිතේසිවන්තයින් මොකද කලේ? 

අවශ්‍යයෙන්ම විය යුතු පරිදි අපි දන්නා හඳුනන ප්‍රත්‍යක්ශම ප්‍රතිකාරවලට යොමු කිරීම; ඒ වෙලාවේ ඒක හොඳටම කලේ එවකට හම්බන්තොට සේවය කල විශේශඥ රක්තවාතවේදී වෛද්‍ය රොහාන් පුල්ලෙපෙරුම.  

කෑම රටා වෙනස් කිරීම මගින් බොහෝ වෙලාවල්වල බෙහෙත් නැතුවම සාර්ථකව දියවැඩියාව පාලනය කෙරෙනවා.
මහතත් අඩු කිරීම වැදගත්; (ටෞකන්න, යුෂ්මතාගෙත් තව චුට්ටක් බඩ තියෙනවා, හොඳේ? තමුන් හොරෙන් කාබොහයිඩ්‍රේට් කන බවට ඒවා සාක්කි.)

තරහ යන හැම අවස්ථාවකම එය සමනය වෙන විදියට හිත වෙනස් කර ගැනීම;

‘වැඩක් නෑ, it's not worth it වගෙ විදියට හිතන්න පෙලඹෙන්නේ නැතිව සිටීම;

දුකේ ගැලී ඉඳීමට ඉඩ නොදීම- එහෙමත් ඉතාම වැදගත්!

ඒ වගේම මතකද, අපි හැමදාමත්.....

ඔයාගෙ විවිධ වූ මිතුරු කව (මහින්ද අයියගෙ-අපේ සෙට් එක, නදීලගෙ සෙට් එක, දිසානායක සෙට් එක, මර්වින්- උදේනි, කුලඟන සමිති සෙට්…) එක්ක යන අතොරක් නැති විනෝද සවාරි යන්නයි කියලා ඔයාව තවතවත් දිරිමත් කලා. 

එකම ගෑනු මිනිස්සු අතලොස්සක් විතරක් ආස්‍රය කිරීම, මානසික සිපිරි ගෙයකට ස්වෙච්ඡාවෙන්ම ඇතුලු වී විශාදියට ළඟට එන්නැයි කරන අත වැනීමක්, නිමල් අයියෙ. 

ඔයා කිව්වනේ social intercourse වැඩියෙන් කිරීම....

මිනිස් ජීවිතය නම් තීර්ථ යාත්‍රාවෙ මග දිගට වරින් වර ගමන් සගයන් ලෙස එක් වෙන, ආයෙ කාලෙකදි නියමය පරිදි වෙන් වෙන මිනිසුන්- ගැහැනුන්- දරුවන් අපේ මනස් අත්දැකීම්වලින්, අලුත් හැඟීම්වලින්, පෙර නෑසූ විරූ දැනුමෙන් සෙනෙහසින් විචිත්‍ර ලෙස පෝශනය කරනවා; බහුලීකෘත කරනවා. එහෙම වීම විශාදියට එරෙහි පලිහක් වාගෙ.

අපිට හම්බවෙලා තියෙන මිනිසුන්, මේසන් බාස්වරුන්, ගුරුවර ගුරුවරියන්, ත්‍රී වීල් මල්ලිලා, අපි ලැගුම් ගත් තානායම්වල තානායම්පල්ලන්, කෝකියන් ආදී නොයෙක් තාවකාලික ලෙස එකේක චරිත රඟපාන මිනිස් ආත්ම විශ්ව විද්‍යාල නෙමේද?

නිමල් අයියේ; ඔයා- මේ එකී මෙකී නොකී ගමන් සගයන් සමග වඩාත් ලතෙත් බවින් නිදහසේ සේන්දු වී හැසිරෙමින්, දැනුම බෙදාහදා ගනිමින්, සම්බන්ධතා ගොඩනගමින් සමාජ සංසර්ගය; social intercourse වැඩියෙන් කරන්න උනා පිලිකාව ඔයාගෙ ජීවිතයට ආවට පස්සෙ. 

ප්‍රතිකාර, ආහාර පාන හැසිරවීම හා සමානවම මේ පුරුද්ද ගොඩක් හේතු වෙනවා මේ දැන් වෙද්දි ඔයාගෙ reportsවල cancer activity- negative කියල රිසල්ට්ස් එන්න!

බලන්නකො පීරිස් මහත්තයෝ හිනාවෙන්නත්; හිනස්සන්නත් අපේ මිනිස්සු කොච්චර දක්ෂද කියලා. ඔයා කිව්වනේ social intercourse- වැඩියෙන් කිරීම අපේ නිරෝගීකමට ගොඩක් බලපානවය කියලා.

මේ දවස්වල stage එකට ආව තවත් වචනයක් තියෙනවනේ ‘සංචරණය’ කියලා. ඔය දෙක එකට පටලවලා මරු පණිවිඩයක් අපේ යාළුවෙකුට එවල තිබුණා මේ ළඟදී දවසක.

මොකක්ද දන්නවද message එක?

‘සංචරණය සීමාකොට සංසර්ගයෙන් කාලය ගත කරන්න!’ 

ඒත් හිනාවෙද්දී මාංශ පේශි 17ක් විතරලු වැඩ කරවන්නට වෙන්නෙ.

මෙහෙම දේවල්වලින් හරි මිනිස්සු හිනාවෙනවා නං කොච්චර හොඳයිද? (ඔයාට නං දොස්තර මහත්තයෝ මේවා අමුතුවෙන් මතක් කරන්න ඕනි නෑ....)

මට මතක් වුණා, කොහේදීදෝ කියවපු කතාවක්.
මිනිස්සු රවා බලනකොට මුහුණෙ මාංශ පේශි 43ක් වෙහෙසවන්නට වෙනවලු. ඒත් හිනාවෙද්දී මාංශ පේශි 17ක් විතරලු වැඩ කරවන්නට වෙන්නෙ.
එච්චර ලෙහෙසි අපේ හිනාවකින් තව කෙනෙකුගේ දවසම සුන්දර කරන්න පුළුවන් නං...

කොච්චර එකක්ද නිමල් අයියේ, ඒ විදියට හරි මානුශික සම්බන්ධතා සුන්දරව පවතිනව නම්!

ඉතින්- දීර්ගකාලීනව lockdown කරන එක මානව සෞඛ්‍යයට අපලයි, විශේශයෙන් ඔයා වගෙ අයට. එහෙම නම් අර පොරෝ පහරින් හිස දැදුරු කරගත් අම්මා ගැන තව කවර කතාද?

ඒ පුද්ගලික විශාදය. depression at a personal level. ඔයා දන්නවද ජාතික මට්ටමේ විශාදය ගැන? our depression at a national level කියලත් එකක් තියෙනවයි කියල......

අම්මට සිරි! ජාතික මට්ටමේ විශාදය කියල එහෙකුත් තියෙනවද පීරිස් මහත්තයෝ?

මම ඒකට මෙහෙම එලඹෙන්නම්කො, නිමල් අයියේ.

මම උපතින් බෞද්ධයෙක්. මම බෞද්ධ දැනුම පලින්පල අතගාන්නෙක් කියන්නත් පුලුවන්- ථෙරවාද, සෙන් ඇතුලු මහායාන යන දෙකම. ඊට අමතරව උපනිශද් කියවීමත්, භගවද් ගීතාව නිතර පරිශීලනය කිරීමත් කෙරෙනවා. මීට අමතරව සූෆිවරුන්ගෙ mystical Islam කාව්‍යවල මහා දැනුමක් දැනෙනවා මට. නුමුත් මම මාර්ග ඵල ලබාපු කෙනෙක්වත්, ධර්ම භාන්ඩාගාරික වර්ගයේ කෙනෙක්වත් නෙමේ. 

නුමුත් මට තේරෙන දේ:-

සියල්ල අනිත්‍යයි. ආගම ගත්තත්, නිව්ටෝනියානු/ ක්වොන්ටම් භෞතිකයෙන් ගත්තත් අනවරත වෙනස්වීම, ක්‍රමාරෝපිතයෙන් අක්‍රමාරෝපිතයට වෙනස් වීම තමා විශ්ව ස්වභාවය.

ගොඩක් කණගාටුවෙන්.... (කණගාටු නැද්ද, ලෝකේ පෙනහළු දෙකම අනතුරේ වැටිලා තියෙද්දී?)

මේ මගේ පෙනුම, වෘත්තිය, හිතේසිවන්තයෝ, මට ඇති සිවිල් බලය, වත් පොහොසත්කම් ඈ මේ සියල්ල…, ඕනම වෙලාවක නැති වෙන්න පුලුවන්;

උත්පාද, තිථි, භංග යන ආකාරයට...! පංච නියාම ධර්මයන්ට යටත්ව!!

දුක්ඛ- suffering හට ගන්නෙ මෙන්න මේ අනිත්‍යබව නොදැනෙනකොට; නොදකිනකොට. අත්දැකීම් අල්ලා ගන්නෙත් නැවත නැවත එකම අත්දැකීම සොයා යන්නෙත් එවිට!

ඔන්න රජෝ ප්‍රශ්නයක්! ඔච්චර අවබෝධයක් තියෙන තමුන්නාන්සේත් පොට පටලව ගන්නවා වගෙයි නේද.... මෙහෙමයි. මම ඉතිං, තියරිවලින් නෙවෙයි ප්‍රැක්ටිකල් දේවල්වලින් උදාහරණ දෙන්න කැමති මිනිහනෙ... ඔන්න ඒ ක්‍රමේටම.

දැන් ඔයාට නාවලපිටියෙන් හම්බන්තොටට, හම්බන්තොටින් රත්නපුරට මාරු වෙන්න වුණානේ. ඒ හැම සැරේම ඔයා තැවුණේ නැද්ද ටිකක්වත්? ඔන්න බොරු බෑ! මට මතකයිනෙ මිනිහෝ, ඒ දවස්වල තමුන්නාන්සේ (‘කිව්වට තරහ වෙන්න එපා!’ ඔයාගේ යෙදුමක්ම ණයට ගත්තා. 😎😎😎😎😎) ගොඩක් කණගාටුවෙන් හිටපු හැටි! 

එතකොට ඔය කියපු ‘අනිත්‍ය බව’ එහෙම හිතට ආවෙ නැද්ද?

හී හී හී! මොකද නැත්තෙ යකෝ! (මෙන්න වැන්දා. ඕකට ඉතිං උස්සලා පොළොවෙ ගහන්න ඕනිය... shape එකේ කිව්ව නම් ඉවරයිනෙ.)

මාත් මනුස්සයෙක්නෙ නිමල් අයියෙ. ඔයා කියන්නෙ ඇත්ත. කියවලා අවබෝධ කරගන්න දැනුම යන්නෙ මනසට; ඒක වෙනයි. ඒක විතරක් ලැබුනහම තමයි දාර්ශනිකයො බිහි වෙන්නෙ. අත්දැකීම් ලබලා මුලු ඇතුලාන්තයෙන්ම; අභ්‍යන්තරයෙන්ම ලබන අධ්‍යාපනය තමයි ඇත්තටම අපිව වෙනස් කරවන්නෙ; තමනුත් පෘතග්ජනයෙක් බව හදවතටම පසක් කරවන්නෙ.

මම හම්බන්තොට වැඩ කලේ කවදා හරි මේ ගොඩනගන දේ, වැඩෙන සම්බන්ධතා සදාකාලික පරිද්දෙන්. අනිවාර්යයෙන් වසර හතරකට වරක් ලැබෙන මාරුවෙන් රත්නපුරයට මාරු වෙලා මාස හයක් ගතවීත් හිත හොයන්නෙ හම්බන්තොට; කලින් සතුට- pleasure දීපු දේ.
ඒක අහිමි වුනු නිසා දැන් දුක්ඛ- suffering.

එකම චක්‍රය නැවත නැවතත්!

ඒත් විවේක බුද්ධියෙන් වසර විසි ගනනක් වන මගෙ වෘත්තීය අවලෝකනය කරද්දී; ගතට, හදවතට දැනෙනවා: කීපාරක් මට මෙහෙම උනාද?

එහෙම කියන්නෙ ඔය ‘ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක’ ඔයාට විතරක් වෙච්ච දෙයක් වගෙයිනෙ. නෑ, නෑ. අයස්මන්ත මහත්තයෝ! එකතුවීම්- කැඩීම්- යෝගය- වියෝගය සේරම අපි කාට-කාටත් පොදුයි.... හැබැයි සමහරුන්ට සමහර දේවල් වැඩියෙන් හරි අඩුවෙන් හරි සිද්ද වෙනවා.... ඒක හරි! 

ඔයා දන්නෙ ටිකයි නිමල් අයියේ!

1998 ඉඳල පොලොන්නරුව, කන්තලේ, කොලඹ ඇස් රෝහල, මහා බ්‍රිතාන්‍යය, නාවලපිටිය..එකම නාට්‍යය වෙනත් නලු නිලි කන්ඩායම් යොදා රඟපෑව වගේ, 2021 වෙනකම්. මේ හැම තැනකදීම මුලින් නුපුරුදු නුරුස්සන බව, ඊලඟට සබඳතා, ගොඩනැගීම, වටිනාකම් වර්ධනය වීම, ප්‍රාන සමාන මිතුරන් හා මිතුරියන් ලැබීම, ඊලඟට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් එන තීරනාත්මක ලියුම් කරදහිය, ඊලඟ station එකට (රෝහලට) යන්නට එන විධානයසමු ගැනීමේ සාද, හඬා වැලපීම්....
ඊලඟට එක පාරට…! අලුත් station එකක වැඩ.  

එකම චක්‍රය නැවත නැවතත්.
pleasure—> suffering, pleassure—> suffering. අලුත් තැන අල්ලාගත් විට පරන තැන මතකයෙන්; ක්‍රමයෙන් මතක ගබඩාවෙ පස්සට තල්ලු වෙනවා. කවදාවත් අමතක නොවෙයි, නැතුව බැරි වෙයි කියල හිතපු අය බිතු සිතුවම් රූ වෙලා.

ඊලඟට ආයෙමත් තවත් තැනකට යන්න උනාම?

ආයෙත් දුක් සෝ සුසුම් මැද කොට්ට පැදුරු අකුලගන ඊලඟ තැනට.

දුකෙහිම ගිලෙනවාට වැඩිය අගෙයි නේද, සතුටු විය හැකි; සතුටු කරවිය හැකි ක්‍රමයක් සොයා ගැනීම?

අඩු වැඩි වශයෙන් ආයෙ දුක දැනෙන්නෙ වර්තමාන තැන අත අරින්න කාලෙ ආවහම. දුකෙන් සතුට හටගෙන නැවත දුකෙන්ම කෙලවර වෙනවා නෙමෙයිද?

ජාතිපි දුක්ඛං
මරනංපි දුක්ඛො
පියෙහි විප්පයොගො දුක්ඛො……

වෙලාවකට මම ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහමින් කල්පනා කරනවා: මෙයින් එපිටට ගිය සත්‍යයක් නැද්ද?

අමරසිරි පීරිසුත් කියනවනෙ:

බෙදාහදාගත් දුකවත් අද නැත
කාලය කොතරම් නපුරුද සොඳුරිය…. 

මේ ‘අත්දැකීම්වලට තන්හා වීම, අල්ලා ගැනීම නිසා එන දුක’ එක දුකක්.

නුමුත් සියල්ල දුකයි කියද්දි වැඩි දෙනෙක් තේරුම් ගන්නේ මේ තේරුමෙන් නෙමේ, ඒ තේරුමේදි අල්ලා ගැනීම අදාල නෑ. කොහොමත් දුකයි. ඒ නිසා මහන්සි වීම ඵලක් නෑ.

මම බුද්ධ වචනය නිර්වචනය කරනවා නෙමේ හොඳේ. එහෙම හිතන්නවත් මට දැනුමක් නෑ. 

තව ටික කාලෙනෙ මට තියෙන්නෙ ඩොක්ටර්. ඒ නිසා ඔපරේශන් ඕන නෑ. මට ඔය මොකක් හරි බෙහෙතක් දෙන්න දොස්තර මහත්තයෝ.

ඉතින් එතකොට අම්මට පේන්නෙ නැහැනෙ; මේ සුද අයින් කරන ඔපරේශන් එක විනාඩි පහක්වත් යන එකක් නෙමේ දැන් කාලෙ”. මං ඒ අම්මට කියා දෙනවා.

ඒකට කමක් නෑ රත්තරං පුතේ. අපේ ලමයින්ට වද දෙන්න බෑනෙ. එයාලගෙ ලමයින්ගෙ වැඩ නිසා මගෙ වැඩ බලන්න ඉස්පාසුවක් නැහැනෙ මහත්තයෝ.

නැව ගිලුනත් බෑන්ඩ් චූන් වෙන අයද?

මේ, මගේ සායනවල හැමදාම පාහෙ ඇහෙන-කියවෙන දෙබසක්. මෙලෙස ලද දෙයින් සතුටු වී මරනයට සැහැල්ලුවෙන් ලෑස්ති වී තම දුවාදරුවන් වෙනුවෙන් අන්ධබාවය දරාගෙන ඉඳීමේ උත්තම ලක්ශන පෙනුනත්, (මම ඊට කොන්දේසි විරහිතව ගෞරව කරනවා උනත්....,) මෙහි ‘වෙන ඕනෑම දේකට සටනක් නොදී- නිකම්ම යටත් වෙන ගතිය’ක් නැද්ද? උකටලී බවක් හැංගිලා තියෙන බවක් පෙනෙනව නේද, නිමල් අයියේ ඔයාටත්?

මම මේවා දාන්නේ self fullfiling prophesies යන ගනයට.
තමා විසින්ම තමා ගැන/ අනුන් ගැන නිතර කියන දේ තමන්ටම සිද්ධ වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියන එක අපි වෙනමම කතා කරමු.
නුමුත් අපි කතා කරන දේ
,ඒ කතා කරන වචනවල තියන රුදුරු/ සෞම්‍ය බව ඒ දේ ලඟා කරවනවා කවද හරි.

මගෙ වැඩ කරන තැන වැඩ ඉවරයක් නෑ; එපා වෙනව!
මහ කාලකන්නි බොස් කෙනෙක් මට ඉන්නෙ!
මගෙ ජීවිතේම දුකක්
; ලැබෙන්න ඕන කිසිම දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ මට!

මෙහෙම කියන්න කියන්න එය කෙනෙක්ගෙ යථාර්තයම වෙනවා.
ඒකට මූලික හේතුව නම් ප්‍රධාන වශයෙන් අපේ ජීවිත ආකර්ශනය කරන අත්දැකීම්, පුද්ගලයන්, රැකියා අවස්ථා තීරනය කරන්නේ අපේ mood එක වීමයි.
ඔබ නිතර දුකින් නම් ඔබට තව තවත් අහන්න දකින්න අත් විඳින්න ලැබෙන්නේ දුක්ඛිත අත්දැකීම්, ජීවන අවස්ථා.

ඔබ නැව ගිලුනත් බෑන්ඩ් චූන් මොඩලයේ නම් ජීවිතය තව තවත් ඔබට ලබා දෙන්නේ සතුටු වෙන්න කාරනා, ජීවන අවස්ථා, සතුට වැඩි කරන ගැහැනු පිරිමි අහම්බෙන් මෙන් මුන ගැසීම්...

ඇඟ පුරාම ඉන්ද්‍රියයන්ට යැවෙන chemical messengers නිසා....

... එතකොට අයස්මන්ත මහත්තයෝ, ඔයා කියන්නේ.....

‘මට කොරෝනා, මට කොරෝනා’ කිය-කියා දැන් ඉස්පිරිතාල ඇඳක අසරණව වැතිරිලා ඉන්න diලගෙ අම්මටත් කොරෝන හැදෙයි කියලද?

විහිලුවටවත් අසනීප ජප කරන්න එපා; ලෙඩ රෝගවලට කරන ආරාධනයක් ඒක.

ඔයා අසනීපයිකියල හිතද්දි ඒ මොලේ හටගන්න සිතුවිල්ලට match වෙන්න රසායනික පනිවුඩකරුවෙක්; chemical messenger එකක් නිපදවෙනවා. දුක, බිය, සැකය, ඊර්ශ්‍යයාව මුසු සිතුවිලිවලට ස්‍රාවය වෙලා ඇඟ පුරාම ඉන්ද්‍රියයන්ට යැවෙන chemical messengers නිසා ක්‍රමයෙන් ලෙඩ වෙනවා මුලු ඇඟම හරි, ඉන්ද්‍රිය පද්ධති හරි.

මොකද මේ සිතිවිලිවලින් ඇඟ තේරුම් ගන්නේ මොකක් හරි අනතුරක් අත ලඟය, ඊට සූදානම් වෙන්න ඕනෑය කියල. දවස පුරා මෙහෙම අනතුරකට stress එකේ සූදානම් සරීරේ ඉන්න නෙමේ අපේ ඇඟ program වෙලා තියෙන්නේ.

අනික් අතට, බාහිර පරිසරය, ජීවිතයේ කම් කටොලු මොන විදියට තිබ්බත්, ආදරය, කරුනාව, කෘතගුනශීලීත්වය, බලාපොරොත්තු සහගත බව පිරුනු සිතිවිලි හිතන්න පුරුදු පුහුනු වෙන අය තමා සාමාන්‍යයෙන් රෝග පීඩාවලට ඔරොත්තු දෙන අය.

(ඔව් අයියේ; හිතන එකත් එක්තරා ශිල්පයක්, සක්‍රීයව පුරුදු පුහුනු කල යුතු; Michael J. Gelb ගේ Thinking for a Change, Edward B. Burger හා Michael Starbird ගේ Five Elements of Effective Thinking මේ ව්‍යායාමයට හොඳ පිමිපෝරුවක්). 

ඔතෑනි ගතියයි උපේක්ෂා සහගත ගතියයි කියන්නේ එකක්ද? දෙකක්ද?

රෝග පීඩා කියන ජාතිය ආරාධනාවකින් තොරව ඔබගේ සිරුර කියන පූජනීය දේවාලයට එන්නේ නෑ.
අනික් දුක් කරදර උනත් අඩුවැඩි වශයෙන් එහෙම තමා;

කෝ වලි?’ mood එකේ ඉන්න අයවමයි වලි ගුස්පි හොයාගන එන්නේ!

මම ලංකාවෙ හැම අස්ස මුල්ලකම වැඩ කරල තියනව මේ වෙනකොට. මේ වගේ වැඩියෙන්ම තමන්ටම මරනය/ අවාසනාව පතන ස්වයං අනාවැකි වැඩියෙන්ම කියා ගන්නෙ බෞද්ධ ඈයො. ඊට ගොඩක් අඩුවෙන් හින්දූනුත් අනාවැකි පල කර ගන්නවා. කතෝලික/ මුස්ලිම් ඈයො තමන්ගෙම විනාශය පතන ස්වයං අනාවැකි ප්‍රසිද්ධියෙ කියනව මම නම් අහලම නැති තරම්.

මේ නිසාම නෙමේද ඉන්දියාව,ලංකාව වගේ රටවල් යටත් කර විශාල යටත්විජිත හදන්නට යුරෝපීය ආක්‍රමනිකයන්ට හැකි උනේ?

අදටත් මේ රටවල දේශපාලකයින්ට අතේ පැල වෙන බොරු බේගල් කියා රටේ සම්පත් හා ධනය මහ දවල් සොරකම් කර ඒ යුරෝපීය ආක්‍රමනිකයන් අනුයමින් යුරෝපීය බැංකුවලම පොදි ගහන්න පුලුවන් වෙලා තියෙන්නේ කොහොමද?
බෞද්ධ හින්දු දර්ශන වැරදියට සමාජගත වී ඔතෑනි සංස්කෘතික ලක්ශන ඇති කල නිසාද
?

දැන් නං කට පියාගෙන ඉන්නම බෑ පීරිස්!
මටත් තියෙනවා ගැටළුවක්.
ඔය කියන ඔතෑනි ගතියයි උපේක්ෂා සහගත ගතියයි කියන්නේ එකක්ද? දෙකක්ද?
සමහරු කියනවනේ පීරිස් මේ ගතිය එන්නෙ බුද්ධාගමේ තියෙන ‘ඉවසීමේ ගතිය’ හින්දයි කියලත්.
මම නං ඒක පිළිගන්නෙ නෑ, කීයටවත්...බෝධිසත්ව කාලේ වුණත් විපතක් වුණාම,
උන්වහන්සේ ඒකට විරුද්ධව කටයුතු කළා, දත කාගෙන...

ශතවර්ෂ ගණනාවක් තිස්සේ....

හොඳම උදාහරණෙ වණ්ණුපථ ජාතකේ ගැල් වෙළෙන්දා... මතකයිනෙ කාන්තාරේ මැද්දේ ළිඳක් කප්පවපු හැටි... මෝඩ මිනිස්සු වැරදි කොණෙන් අල්ලා ගන්නවා. ඒක නේද වෙන්නේ? එක-එකාගෙ වාසියට ආගමත් දඩමීමා කර ගන්නවා!

නිමල් අයියෙ, ඕක වෙන්නෙ අලුතින්ම නෙවෙයි නේද?
ශතවර්ශ ගනනාවක් තිස්සේ තමන්ට වෙන අකටයුතුකම් ආගම් පිහිටෙන් නොදැක්කා සේ හිතේ හිර කරගැනීම ඉවසීම ලෙස ප්‍රගුන වෙච්ච සමාජ රෝගී සමාජ; සිය දිවිහානි කරගැනීම්,ස්ත්‍රී දූශනලමා අපචාර වැඩිම එවැනි සමාජවල.

ඒ රටවල් මොන රටවල්ද කියල මම ඇඟිල්ලෙන් ඇනල කියන්න ඕන නැහැනෙ නේද?

පීරිස්, අනෙක් රටවල් කොහොම වෙතත් අපේ රට ගැනම ගත්තොත්.... ‘සිංහලයා මෝඩයා - කැවුම් කන්න යෝධයා’ කියලා නේද කියන්නේ, එදා ඉඳලාම?

එතකොට බෞද්ධ රටක්ම වන ජපානය ලෝකයේ දෙවෙනි හොඳම ආර්ථිකයට හිමිකම් කියන්නෙ කොහොමද? මෙච්චර බෞද්ධ රටේ අපේ දන්න කියන යාලුවො එක්කවත් ශිශ්ට විදියට මේ දේවල් ගැන විචාරශීලී සංවාදයක් කොච්චර වෙලා කරන්න පුලුවන්ද?

ජපානයට ගියොත්?

මිනිස්සු කඩිසරයිනීති ගරුකයි. ඔබ පාරක් ඇහුවොත් වයසකම කාන්තාවක් උනත් ඔයා එක්කම ගිහින් පාර පෙන්නාවි. ඉතාම ආචාරශීලියි.

මොනම ව්‍යසනයකදිවත් දෛවයට ඉඩදී බලා නොඉන්න, එඩිතර ලක්ෂණවලින් යුක්ත වන බවට....

ඔව්ඔක්කොම නෙමේනුමුත් වැඩි ප්‍රතිශතයක්. මේ ප්‍රතිශතය වග බලා ගන්නවා පොදු නොනැසෙනසුලු සංස්කෘතියේ ලක්ශන රැක ගන්න. මොනම ව්‍යසනයකදිවත් දෛවයට ඉඩදී බලා නොඉන්නඑඩිතර ලක්ශනවලින් යුක්ත වන බවට. හිරෝශීමා- නාගසාකී නගරවලට බෝම්බ වැටීදෙවෙනි ලෝක යුද්ධයෙන් නටබුන් වීත්අදහාගත නොහැකි කාලයකදි සංවර්ධිත රටක් උන ඔවුන් රටම කම්පා කල සුනාමි ව්‍යසනවලින්වත් පරාද නූනේ ඒකයි.

ඔයා නෙදර්ලන්තය (ඕලන්දය)ෆින්ලන්තය වගේ රටකට ගියොත්? අපි දකින්නේ ....

10 comments:

  1. පිඹගෙන ආ කලට බස්සා පමුණුවට
    මැනලා විසාදි දෙකක් දුන්නයි බොන්ට
    වැටක් ගහම්දෝ කියලත් සිතුනි මට
    ලොක් ඩවුන් නිවුස්, කවද්ද දෙන්නේ අපට

    ReplyDelete
    Replies
    1. Lockdown news නං ගොඩ තියෙනවය
      ඒවා ගැන ගොඩක් අය නං කියනවය
      බඩු මලු- සල්ලි- පියුමිල මිස විශාදිය
      ගැන නං වගක් නැත - උහු ඉන් පෙළෙනවය!

      Delete
  2. හුඟක් අය කතා කරන්න අකැමති කාරණා. 'ජාතික මට්ටමේ විශාදය'-හැමෝම තේරුම් ගන්නවානම් හොඳයි.

    'දුකේ ගැලී ඉඳීම', 'ඕනෑම දේකට සටනක් නොදී- නිකම්ම යටත් වෙන ගතිය’: මේවට හේතු වෙන්නෙත් හැම දේම කර්මය කියලා ඔලුවට දාගැනීම කියල මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. Lotus,
      මේක තමයි ලංකාවේ හැටි. බුද්ධාගං කාරයන් වුණාට ඵලය ගැන විතරයි කතා කරන්න කැමති. හේතුව ගැන වගේ-වගක් නෑ.

      රණවිරුවන්- සුනාමියට මුහුණ පෑවුන්- කොරෝනාවෙන් පීඩාවට පත් වුවන් ඒවා නිසා මුහුණ දෙන 'මානසික ප්‍රශ්න' කියලා දෙයක්වත් නැ වගෙයි.

      ඊළඟ කොටසේදී ලියන්නට සිටින නිසා... ඒ ගැන දර්ශකයක් මෙතැන නොලියනවාට අමනාප නැහැනෙ...

      Delete
  3. //මේ වගේ වැඩියෙන්ම තමන්ටම මරනය/ අවාසනාව පතන ස්වයං අනාවැකි වැඩියෙන්ම කියා ගන්නෙ බෞද්ධ ඈයො//එකනම් ඇත්ත මචෝ . හොඳ ලිපියක් හිතන්නට යමක්

    ReplyDelete
  4. https://www.health.harvard.edu/staying-healthy/does-your-face-need-a-workout

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!

      Delete
  5. //විහිලුවටවත් අසනීප ජප කරන්න එපා; ලෙඩ රෝගවලට කරන ආරාධනයක් ඒක//

    හරි වැදගත් පණිවුඩයක්. විශේෂඥ වෛද්‍යවරුන් ගණනක් තමන් විශේෂඥභාවය දරන ලද ලෙඩරෝග වැළඳීමෙන් මිය ගිය බව මං අහල තියෙනව. එනිසා මේ උපදෙස ශීර්ෂප්‍රණාමයෙන් පිළිගන්නව. මගෙ සමාජ චක්‍ර අතරෙත් පතුරවනව.

    අනෙක 'කෙස්ය ලොම්ය නියය දත්ය සමය, මස්ය නහරටය ඇටය ඇටමිදුලුය වකුගඩුය, හෘදයමාංසය අක්මාවය දළබුවය බඩදිවය පෙණහල්ලය, අතුණුය අතුණු බහනය නො පැහුණු අහරය මොළය පිතය සෙමය සැරවය ලේය ඩහදිය ය මේද තෙලය, කඳුළුය වුරුණු තෙලය කෙළය සොටුය සඳමිදුලුය මුත්‍ර‍ය හිස මුදුනෙහි හිස් මොළය, යන මේ කුණප කොට්ඨාසයෝ මේ ශරීරයේ ඇත්තාහ' යනා දී වශයෙන් ගිහි බෞද්ධයින් විසින් තමන්ගෙ ශරීරයට තමන්ම නින්දා කර ගැනීම ඉතා අහිතකර ප්‍රතිඵල ගෙන දිය හැකි දෙයක් සහ මාරාන්තික ලෙඩ රෝවලට අත වැනීමක් වෙන්න පුළුවන්.

    බුදුන් වහන්සේ පිළිකුල් භාවනාව අනුමත කරන ලද්දේ හුදෙක් මෝක්ෂ මාර්ගයට පිළිපන් අයට මිස ගිහියන්ට නොවන බව නොදන්නාකමින් නිශේධනයම ජප කරන මූඪ ශ්‍රද්ධාවන්තයින්ලෙන් සාසනය දැන් වැහි වැහැල.

    එනිසා මේ පණිවුඩය හරි වැදගත්.

    ReplyDelete
  6. මගේ සමහර මිතුරන් දහමට ඉතා ලැදියි. මං වගේ නසරානි නෙවෙයි. එයින් කෙනෙක් අවුරුදු ගණනාවකට කලින් භාවනා මධ්‍යස්ථානයක තිබුණු භාවනා වැඩ සටහනකට ගියා. සති දෙකක විතර නේවාසික වැඩ සටහනක්. ගිහින් ආව ගමන්ම ඒ මිතුරා මාව හමු වෙන්නත් ආවා.

    ‘නිමලෝ, නියම තැනක් බං. මේ සංසාරෙන් එගොඩ වෙන්න නං ඒ වගේ තැන්වලට යන්නම ඕනි. මාර රිලැක්ස්සින්. ඊළඟ සැරේ වැඩ සටහනට පලයන් බං.... මම කොහොම හරි උඹවත් එකට දාලා දෙන්නං...’ යාළුවා කිව්වා.
    මම විස්තර ඇහුවා. ඒ සේරම ඕනි නෑ, මේ ටික විතරක් ඇති.

    “මචං. අපි කරන්නේ බත් එක අතට ගත්ත ගමන් කාගෙන කාගෙන යන එකනෙ. එහෙම කරන්න එපැයි කියලා ඉගැන්නුවා. එක බත් කට හොඳටම පුංචි වෙනකල් හපන්න ඕනිලු. ඒ හපන ගමන් මෙනෙහි කරන්නැයි කිව්වා, ඒවා ජීරණය වෙන හැටි... ඒවා ශරීරයෙන් පිට කෙරෙනකොට තියෙන හැටි ගැන...”

    ඉතිරි හරිය හිතා ගන්නකො!
    ඉතිං, අසපු වගේ සාටෝපිත විශේෂ තැන්වලට ගිහින් කෙලෙස් වැඩි කරගන්න බෞද්ධයන් පෙළඹෙන එකේ පුදුමයක් නැහැ නේද?
    බුද්ධාගම මිස බෞද්ධ දර්ශනය ගැන යන්තම්වත් හිතන කට්ටිය ඉන්නවාද? මං තවම හොයනවා..

    ස්තුති කරන්නත් අමතක වුණා! ස්තුතියි!!

    ReplyDelete