අකුරු මැකී නෑ

Saturday, August 21, 2021

හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස

හිනා වෙන එක නිරෝගීකම ඇති කරවන හින්දා….

බෑ බෑ බෑ. මේ වැඩේ කරන්ඩ බෑ. WhatsApp කතාවලට හිනාවෙන බව දැනගත්තු ගමන් මෙන්න බොලේ තව-තව කතා එවනවා, හිටු කියලා.

හිනා වෙන එක නිරෝගීකම ඇති කරවන හින්දා මාවත් හිනස්සන්න වෙන්නැති.... ඒ මාර්ගෙන් මාව දීඝායු කෙනෙකු කරවන්න හිතනවා වෙන්නත් ඇති. ගොඩාක් යහළු-යෙහෙළියන් හිතවතුන්-හිතවතියන් මට කියන්නෙත්, දැන්ම මැරෙන්න එපා කියලනෙ! එහෙමත් නැත්තං....
මාත්
මොබයිල් ෆෝන් එකක් ගන්න කැමති වෙයි කියලා හිතාගෙනවත්ද?

මොක වුණත්, හිතවත් එක්කෙනෙකු එවපු මේ කතාව නං මගේ විදිහට- චුට්ටක් වෙනස් කරලා නැවත ලියලයි, ඔයාලට දෙන්නේ.

ඒකට අමනාප නැහැ නේද?

රජ්ජුරුවෝ මාළිගාවෙ සඳලු තලයට වෙලා සක්මන් කරමින් ඉන්න වෙලාවේ වීදිය දිහාවෙන් සද්දයක් ඇහුණා.
ලාබයි ඇපල්! ලාබයි ඇපල්!! හා, හා, ලාබයි ඇපල්, එන්න එන්න. ගන්න, ගන්න! රසාාාාාායි ඇපල්! වසවිස නෑ... රසායනික පෝර දාලා නෑ. බේත් ගහලා නෑ... කාබනික පෝර දාලා වවාපු අලුත් ඇපල්.

රජ්ජුරුවොත් සීමැදුරු කවුළුව ළඟට ගිහින් වීදිය දිහාවට එබුණා.

අම්මට සිරි!
ඇපල් කරත්තයක්! කරත්තේ වටේම මිනිස්සු... පොදි කකා වසවිස නැති ඇපල් ගන්නවා.

ඒ කොදෙව්වේ මිනිසුන්ගේ ජාතික පුරුද්දක් තමයි….

ඒ කොදෙව්වේ මිනිසුන්ගේ ජාතික පුරුද්දක් තමයි, අනුන් ගන්න දේ තමුන්ටත් ගන්න හිතන එක. රජ්ජුරුවන්ටත් හිතුණා ඇපල් කන්න. බැලුවා වටපිට.... ආරක්ෂකයෙක් විතරයි පේන තෙක් මානේ හිටියේ. අඬගැහුවා මිනිහට.
අර පහළ වීදියේ ඇපල් කරත්තයෙන් රන් මස්සක ඇපල් මිලදී ගෙනෙනු! කියලා එයාට මසුරමක් දුන්නා.

මිනිහ පහළට දිව්වේ රජ්ජුරුවෝ එයාට දුන්නු එකම එක රන් කාසිය සාක්කුවට දාගන්න ගමන්.

ආරක්ෂක අංශයේ ලොක්කා දැක්කා සෙබළාගේ කඩි කුලප්පුව. එබිලා බැලුවා, මොකද මේ විදියට දුවන්නේ කියලා බලන්න.
රජ්ජුරුවෝ දැක්කා එයාව. අඬගැහුවා මිනිහටත්...
තමුසෙව තමයි මම බැලුවේ, විශ්වාස job එකක් පවරන්න. මෙන්න මේ රන්කාසි දෙක අරගෙන ගිහිං, අර ඇපල් .....කියලා එයාවත් යැව්වා- ඇපල් මිලදී ගන්න. එයා පහතට බහිද්දී රාජ්‍ය ඇමති උඩට නඟිනවා රජ්ජුරුවන්ව බැහැ දකින්න....

උන්නැහේ රජ්ජුරුවන්ගේ කකුල් දෙක අල්ලලා වැන්දා විතරයි...
රජ්ජුරුවන් වහන්සේ දික් කළා මසුරං තුනක්...
 රාජ්‍ය ඇමැති! අර පහළ වීදියේ ඇපල් කරත්තයෙන් රන්මසු තුනක ඇපල් මිලදී ගෙනෙනු! මිනිහාටත් order එකක්!

ඊළඟට ආවේ නියෝජ්‍ය ඇමති. එයාට ඇපල් ගේන්න කියලා දුන්නේ මසුරං හතරක්...

කොච්චර වැඩ-කිඩ දාලා ඇනුවත් ඉන්නේ උන්ම තමා!

අන්තිමටම ආවේ ඇමැතිතුමා, ගාට-ගාටා.

ඒ රටෙත් ඇමතිකම් දෙන්නේ ජ්‍යෙෂ්ටත්වය බලලානේ, ඒ කියන්නේ පක්ෂයේ ඉන්න පැරණිම අයට. පරණ වෙනවා කියන්නේ ඉතිං ‘නාකිම වෙලා’ කියන එකම තමා.
ඒ රටෙත් තනතුරු දෙන්න වෙන සුදුස්සො නැතිව ඇති වගේ. පත් කරලා ඉන්න ඇමතිවරු වැඩේ හරියට නොකළාම ඉන්න තැනින් අයින් කරනවා. හැබැයි, වෙනින් ඇමති පට්ටමක් දෙනවා. (පුදුමේ කියන්නේ, අපෙත් එහෙමයි! කාඩ් කුට්ටමේ කොළ 52 වගේ... කොච්චර වැඩ-කිඩ දාලා ඇනුවත් ඉන්නේ උන්ම තමා!)
ඇමැතිතුමා ගාට-ගාටා ඉබි ගමනින් නොපෙනී ගියා, ඇපල් ගන්න දුන්නු රන් මසු පහත් අරගෙන.

මතකයිනෙ රජතුමා මුලින්ම රන් මසුරමක් අතට දීලා, ඇපල් කරත්තෙන් ඇපල් ගේන්න යැව්ව මුර සෙබළා...
මිනිහා කෙළින්ම ගියා නාකි ඇපල් වෙළෙන්දා ගාවට.
අල්ල ගත්තා බෙල්ලෙන්.

ලාබයි ඇපල්! හඃ... ලාබයි ඇපල්!! කවුද නාකියෝ තොට අවසර දුන්නේ අපේ මහ රජතුමාගේ මාලිගාව ඉස්සරහ වෙළෙඳාම් කරන්න. ඒ මදිවට කෑ ගහන්න.
දන්නවද, අන්න අතිවිශේෂ ගැසට් එකක් ගහලා, උඹේ ඇපල් සේරම රාජ සන්තක කරලා!

අනේ, අහිංසක ඇපල් වෙළෙන්දා කර බාගත්තා. මුර භටයා ඇපල් කූඩයත් උස්සාගෙන මාලිගාවට ඇතුළු වුණා.

අම්මට සිරි! ආරක්ෂක ලොක්කා! මාලිගා දොරකඩ ඉඳගෙන සේරම බලං ඉඳලා....

ඉහළ ඉඳලා පහළට යනකල්ම ඒ වැඩේට සම්බන්ධ වුණු හැමෝන්ටම වාසි වුණා.

ඔහොම හිටපං! ලොක්කා උඹට ඇපල් ගේන්න දීපු මසුරම තෝ මාටියා ගැහුවා නේද බොල? ... හා, හා. කාරි නෑ. මට දියන් ඔය කූඩේ. එතකොටත් bussines එකෙන් උඹට මසුරමක් ලාබයි.ඇපල් කූඩෙත් අරගෙන ඇතුළට යන ගමන්, මිනිහා ඇපල් ගෙඩි ටිකක් සාක්කුවලටත් ඔබා ගත්තා.

‘රජ්ජුරුවන්ට විතරයැ ඇපල් කන්න හොඳ? අපිට නරකද....’

නියෝජ්‍ය ඇමති හිටියේ පඩිපෙළ ළඟට වෙලා. “මම දැක්කා තමුසෙගෙ හොරේ! දෙනවා ඔය ඇපල් ගොඩ” අනේ , ආරක්ෂක ලොක්කා ඇපල් ගොඩ නියෝජ්‍ය ඇමතිට දීලා දැම්මා.
ඇපල් කූඩේ අරගත්තු නියෝජ්‍ය ඇමැතිත්
ගෙදර ගෙනියන්න ඇපල් ගෙඩි ටිකක් හංගා ගත්තා.

කියන්න ඕනි නැහැනෙ, රාජ්‍ය ඇමැතියි, ඇමැතියි දෙන්නාගෙනුත් වුණේ ඒ ටිකමයි. හැබැයි, අන්තිමේ රජතුමා ළඟට යද්දී ඇපල් කූඩයෙන් බාගයක්ම හිස්!

ඒත් මොකෝ? ඉහළ ඉඳලා පහළට යනකල්ම ඒ ඇපල් වැඩේට සම්බන්ධ වුණු හැමෝන්ටම වාසි වුණා. ඔව්, ඔව්. රජ්ජුරුවන්ටත්... ඒ කොහොමද බොලේ කියලද හිතුවේ?

ඒ වාසිය නං වුණේ එදා හවස; වැඩි සද්ද-බද්දයක් නැතිව.
තමන්ගේ පරිහරණයට ඇපල් කූඩයක් මිලදී ගත්තාකියලා රජ්ජුරුවෝ, එදා හවස රාජ භාණ්ඩාගාරයෙන් රන් මසු විසිපහක් ගෙන්නා ගත්තා!’

එතුමාගේ දුව හරිම ලස්සනයි... වීනස් දෙව් දූ වගේ!

අම්මෝ! ලියන්න ගත්තට දිග කතාවක්නේ. යං යං, පොතේ කතාවක් කියවලා ඉඳිමු!

83. රිදුණද?

ඔන්න එක හමුදාපතිවරයෙක් හිටියා.
උන්නැහේ හැබෑවටම හමුදාවට ආදරේ එක්කෙනෙක්... රටත් ආදරෙයි. එහෙම තමයි නියම මිනිස්සු. තමන්ගේ උපන් රටටයි, හම්බ කරන් කන රස්සාවටයි දෙකටම ආදරෙයි.
එහෙම කරනවාමයි කියලා දිවුරන ඔය හුඟක් අය උපන් රටයි, රස්සාවයි කියන දෙකෙන් එකකටවත් ආදරේ නැති- තමන්ට විතරක් ආදරේ අය.... ආත්මාර්ථකාමියෝ!

අපරාදේ කියන්න බෑ, අද කාලේ නම් හැමෝම වාගේ පරාර්ථකාමියෝ... හැබැයි කටින් විතරයි!

ඉතිං, මේ හමුදාපතිතුමා හමුදාවට කොච්චර ආදරේද කියනවා නං, තමුන්ගේ එකම දුවව කවදා හරි විවාහ කරලා දෙන්නෙත් හමුදාවේම කෙනෙකුටයි කියලා තදින්ම හිතා ගෙනයි හිටියේ.

එතුමාගේ දුව හරිම ලස්සනයි... වීනස් දෙව් දූ වගේ ලස්සනයි.... සිරියාව උතුරනවා. තාත්තටත් හොඳටම කීකරුයි.

“දැන් ඉතිං දුවට කටයුත්තක් කරල දෙන්න කාලේ හරි. මං ඉස්සර ඉඳලම ඔයාට කියල තියෙනවනේ, ඔයා හමුදාවේ කෙනෙක්වමයි බඳින්න ඕනේ.” තාත්තා කිව්වා.

“හොඳයි තාත්තේ.... තාත්තම කියන්නකො ඉතිං මම කාවද බඳින්න ඕනි කියලා... මම දන්නවනේ මගේ තාත්තා මට නරකක් වෙන්න දෙන්නෙ නෑයි කියලා....” ඔහොමයි ගැළපෙන මනමාලයාව හොයන එකත් හමුදාපතිතුමාටම පැවරුණේ....

මට බලන්න ඕනි, ලිංගික අංශයෙනුත් තමුන්ලා කොච්චර ශක්තිමත්ද කියල....

ඔන්න දැන් හමුදාපතිතුමා හිතනවා... හිතනවා... හිතනවා.

‘මනමාලයා උස මහතින් දුවට ගැළපෙන්න ඕනේ... වයසෙන්, රූපෙන්.... චරිතෙන්...’ ඔය ඔක්කොම ගැළපුණත් දෙන්නෙකු අතරේ විවාහයක් සාර්ථක වෙන්න නම් දෙන්නා අතරේ හොඳ ලිංගික සම්බන්ධයකුත් තියෙන්න ඕනිනේ.
හමුදාපතිතුමාට ඒකත් මතක් වුණා.

සුමාන ගණනාවක් තිස්සේ බොහොම මහන්සි වෙලා, හමුදාපතිතුමා දුවට ගැළපෙන්නට ඉඩ තියෙන තරුණයෝ තිස් දෙනෙක්ව තෝරා ගත්තා.
ඔක්කොම හමුදාවේම අය!

එයාලා තවම අවිවාහකයි; ප්‍රේම සම්බන්ධකම් නෑ. කඩවසම්, හොඳ උස මහත....! හමුදාපතිතුමාලට ගැළපෙන පවුල්වල ළමයි.
දැන් ඉතිරි වෙලා තියෙන්නේ වඩාත්ම සුදුස්සා තෝරා ගන්න එකයි.

ඉස්සර කාලේ නම් ඔහොම ගැළපෙන ස්වාමි පුරුෂයා තේරුවේ ස්වයංවරයකින්. ඔන්න දැන් හමුදාපතිතුමාම ඒ කටයුත්ත කරන්න යනවා පෙරට්ටුවකින්.

“මට ඕනි ඔබලා අතරින් වඩාත්ම ශක්තිමත් තැනැත්තාව තෝරා ගන්න. දැන් ඔක්කොම ඇඳුම් ගලවලා නිරුවතින්, පේළි දෙකකට හිටගෙන... තමන් දන්නා හොඳම රාග කල්පනාවක් හිතන්න ඕනි. මොකද මට බලන්න ඕනි, ලිංගික අංශයෙනුත් තමුන්ලා කොච්චර ශක්තිමත්ද කියල....”

හමුදාපතිතුමාගේ නියමයට කීකරු වෙලා, ඔන්න දැන් අර තරුණයෝ තිස් දෙනා පේළි දෙකකට හිටගෙන ඉන්නවා; පහසුවෙන්. ඒ අතරේ එයාලා හිතන්න ගත්තා එක-එක දේවල්.
ලස්සන නිරුවත් ගෑනු.... නිල් චිත්‍රපට... අරව-මෙව්වා. දන්නවනේ, ඔහොම ඒවා දිගටම හිතනකොට මොකද වෙන්නේ කියලා...

හිටගෙන හිටපු තරුණයාගෙ ප්‍රාණවත් පුරුෂ ලිංගයට(මේ නං හතු වර්ගයක්, හොඳේ.)

හමුදාපතිතුමා දැන් පෙරට්ටුව පරීක්ෂා කරන්නයි සූදානම. එක වගේම උස- මහත- තරුණ කට්ටිය පහසුවෙන් හිටගෙන ඉන්නවා, ඇඟේ නූල් පොටක්වත් නැතිව.

හැමෝගෙම කන් පෙති රතු වෙලා, මූණු රතු වෙලා; හීන් දාඩිය දාලා. ඔක්කොටම හපන්, ඔක්කොමලම ෆයර් වෙච්චි ගමන්!
තිස් දෙනාගේම පුරුෂ ලිංග ප්‍රාණවත් වෙලා; ඍජු වෙලා!!

හමුදාපතිතුමා එක කෙළවරකට ගියා... එතැන හිටගෙන හිටපු තරුණයාගෙ ප්‍රාණවත් පුරුෂ ලිංගයට අතේ තිබුණු බැටන් පොල්ලෙන් තරමක සැර පහරක් ගැහුවා.

“ඌඃ!” තරුණයාට කියවුණා.

දෙවෙනියා ළඟටත් ගියා. අර විදිහටම ගැහුවා. ‘අම්මෝ.’ මිනිහට කෙඳිරි ගෑවුණා...

ඊළඟට තුන් වෙනියා. වැදුණු පාරට මිනිහා වකුටු වුණා. මුලින් හිටපු-හිටපු හැමෝම ඔය වගේ.... බැටන් පොලු පාර කාගෙන ඉවසගන්න බැරි වුණා... ඒත්.......

පේළියේ මෙහා කෙළවරට වෙන්න හිටි තරුණයෙකු ළඟටත් ඇවිත් අර විදිහටම බැටන් පොලු පාර දුන්නත් මිනිහා ගණනක් නැතිව හිටගෙන හිටියා.
හමුදාපතිතුමා හොඳට එයාගේ මුහුණ දිහා බලාගෙනම තව පාරක් ගැහුවා.
ම්හු! මිනිහා පුංචි හිනාවක් දාගෙන එහෙමමයි... තවත් පාරක් ගැහුවා.... ඒත් වෙනසක් නෑ.

හමුදාපතිතුමාට බෑණා වුණේ, ඒ පිටිපස්සේ පේළියේ හිටි සෙබළයි!

‘මූ නං යකෙක්නේ!’ හමුදාපතිතුමා හිතුවා. හිතලා කොයිකටත් කියලා ප්‍රශ්නයකුත් ඇහුවා.

“රිදුණද?”

“නෑ සර්!” තරුණයා උත්තර දුන්නා.

“ඇයි?”

“ඒක මගේ එක නෙවෙයි සර්... පිටිපස්සේ පේළියේ ඉන්න බඩීගේ එක.” තරුණයා කිව්වා.

බෑණා වුණේ, ඒ පිටිපස්සේ පේළියේ හිටි සෙබළයි!

84. ඒකෙනුත් පරාදයි

“මොකද මචං මූණ එල්ලගෙන..”

“වෙන මොනව කරන්නද මචං? මගේ වෙලාව අන්තිමටම සවුත්තුයි... හැම දේම වරදිනවා... හැම දේම! මට නං දැන් ඔක්කොම එපා වෙලා....”

“මොකද වුණේ කියලා කියපංකො වැල්වටාරම් නැතිව.”

“බලපං, ඊයේ වන්-ඩේ මැච් එක හින්දා මං රුපියල් හත්සිය පනහක්ම පරාදයි... අපරාදෙ!”

“ඔට්ටු ඇල්ලුවද?”

“ඒකනෙ බං. අර පීරිස්කාරයා කිව්වා එංගලන්තෙ දිනනවාමයි කියලා... මං කිව්වා - නෑ ලංකාවයි දිනන්නෙ කියලා.”

“ඉතිං උඹ හත්සිය පනහක් ඔට්ටු ඇල්ලුවා?”

“නෑ, නෑ... පන්සීයයි!”

ඊයේ වන්-ඩේ මැච් එක හින්දා මං රුපියල් හත්සිය පනහක්ම පරාදයි...

“එහෙනං කොහොමද අනිත් දෙසිය පනහ පැරදුණේ?”

“ඒකනෙ කියන්නේ... උන්ට තිබුණනේ රෑ හයිලයිට් පෙන්නන වෙලාවේවත් දිනන්න... එවෙලෙයි අනිත් දෙසිය පනහ පැරදුණේ.”

85. හොඳ සිරිත

අම්මා කෙනෙක් තම සුරතල් පුතුට හොඳ සිරිත්-විරිත් ගැන කියා දෙමින් සිටියාය.

“ඔන්න පුතාගෙන් කාට හරි කරදරයක් වුණයි කියමුකෝ... එතකොට ‘සොරි’ කියලා කියන්න ඕනි. සොරි කියන්නේ කනගාටුයි කියන එක. තේරුණද?”

“ඔව් අම්මා, තේරුණා!”

“අනිත් වචනේ තෑන්ක් යූ. ඒක කියන්නෙ කවුරු හරි පුතාට උදව්වක් කළාම... එහෙමත් නැත්තං පුතාගෙ හිත සන්තෝස කළාම. හරිද?”

“හරි අම්මාාාාාා.”

අම්මා මඳක් සිතිවිල්ලට වැටී, නැවත කතාව ඇරඹුවාය.

“දැන් අපි හිතමු, පුතාගෙ අතින් කාගෙ හරි කකුල පෑගෙනවා. එතකොට ඔයා මොනවද කියන්නේ?”

“සොරි කියලා කියනවා!”

හින්දි සිනමාවේ පරාජිත ප්‍රේමවන්තයා දිලිප් කුමාර්දිවිසැරිය නිමා කළේ....

“අන්න හරි. එතකොට එයා පුතා හොඳට සිරිත්-විරිත් දන්නවයි කියල හිතලා පුතාට රුපියල් පහක් දෙනවා -ටොෆි ගන්න- කියලා. ඒ වෙලාවට ඔයා මොනවද කරන්නේ....”

“එතකොට මං කලින් සැරේටත් වැඩිය හයියෙන් ආයෙමත් එයාගේ කකුල පාගලා, තව පාරක් සොරි කියල කියනවා.”

හිතුණා මේ ළඟදීම කියවන්නට ලැබුණු හද්දා පරණ; කෙටි ‘යාන්’ එකක් ගැන ඔයාලටත් කියන්න.
හින්දි සිනමාවේ පරාජිත ප්‍රේමවන්තයා ‘දිලිප් කුමාර්’ දිවිසැරිය නිමා කළේ මෑත දිනෙකයි. ඒ වෙනුවෙන් ‘සරසවිය’ පත්තරේට අරුණ ගුණරත්න ලියූ
විශේෂාංග ලිපියකිනුයි, ඒ යාන් එක සහිත ඡේදයම මං උපුටා ගත්තේ.

‘චිත්‍රපට රංගනයේ දී ඔහුගේ සමකාලීන හිතවතා වූ රාජ් කපූර් හා ඔහු අතර හීතල යුද්ධයක් නොතිබුණා නොවේ. රාජ් සිනමා තිරයට පිවිසෙනුයේ හාස්‍යය මුසු රංගනයක් ගෙන එමිනි. ඒ දෙදෙනා එකට රඟපෑවේ ‘අන්දාස්’ චිත්‍රපටයේය. දේව් හා දිලිප් එකට රඟපෑවේ ‘ඉන්සානියත්’ චිත්‍රපටයේය. රාජ්, දේව් දෙදෙනාටම වඩා හාත්පසින්ම වෙනස් ජීවන රටාවක් දිලිප් සතු විය.

මේ නළුවන් තිදෙනා එනම් රාජ්, දේව් හා දිලිප් පිළිබඳ බොලිවුඩ්හි පැරැණි රස කතාවක්; යාං හෑල්ලක් ඇත. එය මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු අර්ථයක් ගෙන දෙන්නකි.

එනම් දිලිප් කිසි විටෙක ඌරු මස් කන්නේ නැත. දේව් කිසි විටෙකත් හරක් මස් කන්නේද නැත. එහෙත් රාජ් මේ කිසිවක් අත අරින්නේ නැත.’

කොතැනකින් හැරී කොතැනකට ගියත් ‘නිදි’ හැරුණු තැනට එන්නට අමතක කරන්නෙත් නැත. ඉතිං, අපි හැරුණේ 85 වෙනි කතාව අවසානේදී බව මතකයිනෙ...

ඊළඟට ප්‍රංශකාරයා මැෂිමට අත තිබ්බා... තියලා ටිකක් හිතලයි බොරුව කිව්වේ.

86. බොරු හොයන යන්තරේ

විද්‍යාඥයෙක් බොහොම මහන්සි වෙලා විශේෂ යන්ත්‍රයක් හැදුවා. ඒකෙන් පුළුවන් කෙනෙකු කියන්නේ ඇත්තද බොරුද කියලා ස්තීරෙටම හොයා ගන්න. ඒ යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පෙන්වන්න විශේෂ ආරාධිතයෝ පන්සීයකට විතර ආරාධනය කරපු උත්සවයෙදීයි, මේක වුණේ.

මුලින්ම ඔන්න යන්ත්‍රයේ විස්තර කිව්වා.

“දැන් තමුන්නාන්සේලාට වැටහෙනවා ඇතිනෙ මේ යන්ත්‍රය ක්‍රියා කරන හැටි. මෙතනට අත තියාගෙන ඕනෑම දෙයක් කියන්න පුළුවන්.... ඒක බොරුවක් නම්, මේ යන්ත්‍රය නාද වෙන්න පටන් ගන්නවා.
හොඳයි! දැන් ස්වේච්ඡාවෙන්ම තුන් දෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන් අපිට උදව් වෙන්න.”

විද්‍යාඥයා එහෙම කිව්ව ගමන්ම ඇමරිකන්කාරයෙකුයි, ප්‍රංශකාරයෙකුයි, ශ්‍රී ලාංකිකයෙකුයි නැඟිටලා වේදිකාවට ගියා.

ඉස්සෙල්ලාම අවස්ථාව ලැබුණේ ඇමරිකන්කාරයාට. එයා මැෂිමේ නියමිත තැනට අත තිබ්බා.

“දැන් කියන්න බලන්න බොරුවක්!” විද්‍යාඥයා කිව්වා.

ඇමෙරිකන්කාරයා හිතල-හිතලා අන්තිමට මෙහෙම කිව්වා. “මට පුළුවන් හැම්බර්ගර් විසිපහක් කන්න.”

ට්‍රීං.... ට්‍රීං.... යන්තරේ කෑ ගැහුවා!

“පුළුවන් ගණන කියන්න!” විද්‍යාඥයා ඇමරිකන්කාරයට උපදෙස් දුන්නා.

“මට පුළුවන් හැම්බර්ගර් හතරක් කන්න!” යන්තරේ නිහඬයි.

ඊළඟට ප්‍රංශකාරයා මැෂිමට අත තිබ්බා... තියලා ටිකක් හිතලයි බොරුව කිව්වේ.

“මට පුළුවන් බීර බෝතල විස්සක් බොන්න!”

අනේ මචං, මටත් උඹ වගේම කියන්න තිබුණ නං...

ට්‍රීං... ට්‍රීං... ට්‍රීං...

“නෑ නෑ නෑ! මට පුළුවන් බීර බෝතල පහක් බොන්න විතරයි.” ප්‍රංශකාරයා කලබලෙන්ම කිව්වා. යන්තරේ සද්ද නෑ!

“දැන් ඔබතුමාත් මෙතනට ඇවිත් යන්තරේට අත තියන්න.” විද්‍යාඥයා ශ්‍රී ලාංකිකයාට කිව්වා.

එයා ඉස්සරහට ඇවිත් නියමිත තැනින් අත තිබ්බා. තියලා, “මම හිතනවා...” කියල කිව්වා විතරයි- බොරු හොයන යන්තරේ නොනැවතීම අඳෝනා නඟන්න පටන් ගත්තා!

87. සත්‍යවාදියා

සුමිතුයි, අමිතුයි එක ඉස්කෝලේ, එක පන්තියේ ඉගෙන ගත්තු යාළුවෝ. දෙන්නා මුණ ගැහුණේ හුඟ කාලෙකට පස්සේ. සුමිත්ගේ අතේ එළවලු මල්ලක්. අමිත්ගේ අතේ පාන් ගෙඩි දෙකක් දාපු බෑග් එකක්.

“ඉත්....තිං ම..චං... කොච්චර කාලෙකට පස්සෙද?”

“ඒක නේන්නං... ඉතිං, ඉතිං. උඹ එහෙනං කසාදත් බැඳලා. ඒකනෙ එළවලුත් උස්සගෙන යන්නේ.”

“ඇයි, උඹ බැඳලා නැද්ද?”
“බැඳල බැඳලා! ඒකනෙ මේ පාන් අදින්නේ... ඉතිං සුමිත්, කොහොමද උඹේ හාමිනේ, හොඳයිද?”

“නියමයි අමිත්!”

“අනේ මචං, මටත් උඹ වගේම කියන්න තිබුණ නං....” අමිත් හූල්ලමින් කිව්වා.

“අනේ මෝඩයා! උඹටත් මොකෝ, මං වගේම බොරු කියන්න බැරි?” සුමිත් උත්තර දුන්නා.

රසයිද කියලා බලන්න; රසදාවතේ ‘හොල්මන් දැකපු සීසී....

යාන්ස් කියන්නේ ප්‍රධාන වශයෙන්ම සිනහව උපද්දන,බොරු කතන්දර. හැබැයි ඒවා ගොඩකට පාදක වෙන්නේ ඇත්ත සිදුවීම්.

WhatsApp එකේ රජතුමාගේ කතාවේ, අර රජ්ජුරුවන් එකම වැඩේ පස් දෙනෙකුට පැවරුවානේ.... එයාට අනිත් අයව විශ්වාස නෑ වගේ. අපි දන්නා රජ්ජුරුවන් වහන්සේ කෙනෙකුත් ඉන්නවා එහෙම. එයාට විශ්වාස හමුදාවේ අයව විතරයි.
ඔන්න ඒ ටික කල්පනා වෙද්දියි ‘රසදාවත’ මතක් වුණේ!

රසදාවත බ්ලොග් අඩවියක්. ‘රුවින් පමුදිත යද්දෙහිආරච්චි’ ඒකට ලියන දේවල්වලට යාන්ස්ම කියන්න බැරි වුණත්, හාස්‍යය උපද්දන ඒවාය කියලයි මං කියන්නේ. මේ මනුස්සයා; රුවින් මහා අණ්ඩපාලයෙක්, සේරම හමුදාවේ කතන්දර තමයි ලියන්නේ.
ඔන්න පොඩ්ඩක් ඔයාලටත් දෙනවා රසයිද කියලා බලන්න;
හොල්මන් දැකපු සීසී’ පෝස්ටුවෙන් අරගෙන.

‘...... ඔහොම ඉද්දි තමා සීසී විසිට් එකක් යන වෙලාවක් සෙට් වුනේ.

එදා හරි අඳුරු දවසක්. තරු එලියවත් තිබුන්නෑ. සීසී උතුමා එකොලහට විතර නැගිටලා ගං බූට් දෙකත් දාගෙන කනා මැදිරි එලි ටෝච් එකත් ගහගෙන විසිට් එක යන්න ලෑස්තිවුනා. මේක මං බල බල හිටපු අවස්ථාවක්. නිදි වගේ හිටියට නින්ද යවා ගන්නැතුව තනි ඇහෙන් බල බල හිටියෙ එයා කීයටද විසිට් එක යන්න පටන් ගන්නෙ කියල.

පොර නැගිටල උගුරත් පාද පාදා පිටත්වුනා. මං දැක්කා ටෝච් එකේ එලිය වැඩි වෙන්න ඒකෙ මූනටත් දඩස් බඩස් ගාල මිටි මොලෝලා දෙක තුනක් අතාරිනවා. එයා ගියා. මං නැගිට්ටා. ටෝච් එක පත්තු කරල අතින් වහගත්තා. යන්තම් බිම පේන විදියට. ගියා කෙලින්ම ටැංකිය ගාවට. ගිහින් ඉඳගත්තා. තව විනාඩි දහයයි සීසී මෙතනින් යන්න ඕන. මේ හරියෙ පොයින්ට් එකක්වත් නෑ. පොරගෙ ටෝච් එලියට බිමයි ඉස්සරහ තියෙන ගහයි විතරයි පේන්නෙ.

ඊලඟට ටැංකිය තියෙන පාත් එකට අවතීර්ණ වුනා විතරයි මං වතුර බාල්දි තුනක් ටැංකියෙන් අරන් පුරුදු විදිහට ටිකක් එහාට ගිහින් උස්සලා කෙනෙක් නාන සද්දෙන් උස්සලා හැලුවා. එක පාරටම ටෝච් එලිය නැවතුනා. තවත් විනාඩි දෙකක් විතර ඉඳල ආයෙත් වතුර බාල්දියක් අරං පෙර පරිදිම හැලුවා. ඒත් සද්දයක් නෑ. ටෝච් එකත් පත්තු කරගෙනම බඩු නැවතිලා. මං දැක්කා එක පාරටම පොර නැමෙනව. ඒත් එක්කම හෙන වැලි අහුරක් ආව මං ඉන්න දිහාවට. ඊට පස්සෙ මං බාල්දිය ටැංකිය ගාව කොන්ක්‍රීට් ලෑල්ලට සද්දෙන්ම අතෑරල නැමිල නැමිල මගට ආව. 

ඒත් පොර එතනමයි. ඊලඟට මං බිම අතගාල අතගාල හොඳ වැලි අහුරක් අරගෙන උපරිම වැර දාල පොරගෙ පැත්තට නැතුව පොරගෙ ඉස්සරහට අතෑරියා. මට ඇහුනේ "බුදු අම්මෝ" කියන සද්දෙ විතරයි. ඊලඟට ටෝච් එකත් බිම අතෑරෙනව දැක්කා. මං හීන් සැරේ හොරෙන් හොරෙන් මෙස් එකට එද්දි දැක්කා සීසී ඉන්න තැනට ටෝච් එලි දෙකක් එනව. 

මං දඩ බඩ ගාල මෙස් එකට ඇවිත් ඇඳට වැටිල ඔලුවෙ ඉඳන් බෙඩ්සීට් එක පොරෝ ගත්තා. පැය භාගයක් විතර යද්දි අර ටෝච් එලි දෙක සීසීව මෙස් එකට ගෙනත්......’

පාස්කු ප්‍රහාරකයින් අත් අඩංගුවට නොගැනීම පිළිබඳව විරෝධය පළ කරමින්....

අදට; අගෝස්තු 21 වෙනිදාට මදැයි කියල හිතාගෙන ඉද්දී, අපේ ‘රවී’ fb එකට අතෑරලා තිබිච්ච ‘ජනාපෙති නිවේදනයක්’ දැක්කා. ඒ නිවේ+දනේ වැදගත් කාලීන එකක් හින්දයි හුදීජන ඔබේ ‘පාන් සං+වේගය’ (පාන් නැත්තං කේක්- හොඳේ!) උදෙසා මෙතැනට ඔබලා, අදට ‘බායි’ කියන්නේ.

ජනාපෙති මාජ්ජිය ඒකකේ විසින් නිකුත් කළ නිවේදනේ
*******************************************

පාස්කු ප්‍රහාරකයින් අත් අඩංගුවට නොගැනීම පිළිබඳව විරෝධය පළ කරමින් කාඩිනල් විසින් මෙම 21 වන දින කළු කොඩි ඔසවන ලෙස ඉල්ලා ඇත.

මේ පිළිබඳව ගරු ජනාපෙතිතුමාගේ දැඩි අවදානය යොමු වුණු අතර වසර දෙකකුත් මාස හතරක් පුරා නොවිසඳුණු මේ ගැටළුව සෙනිකව විසඳීම සඳහා එතුමා විසින් වහාම පියවර ගනු ලැබීය.

ඒ අනුව මින් ඉදිරියට සෑම මසකම 21 වන දිනට ප්‍රථම අවශ්‍ය කළුකොඩි ප්‍රමාණය රජයේ වියදමෙන් කාඩිනල්තුමාට ලබාදෙන ලෙස එතුමා නියෝග කළේය.'

62 comments:

  1. කාඩිනල්තුමා කලු කොඩි දාන්න කියලා ඉල්ලීම් කරා දෙවතාවත්ම. ඒ දෙවතාවෙම ඒ දිනයට පෙර රටට සංචරණ සීමා හා ඇදිරි නිතිය වැටිම කොරොනාවේ බලපෑමෙන්ද අදුරුසුමාන බලවේගයන්ගේ අදුරු හස්තයන්ගෙන්ද කියලා තාම හිතාගන්න බෑ. මේව්වා තමයි රියල් ජෝක්

    ReplyDelete
    Replies
    1. ඔව් තමයි අසංග.
      දැන් දැන් රටේ සිද්ද වෙන වැඩ හරියක් රියල් ජෝක් තමයි. අහලා ඇතිනේ 'ලජ්ජා නැති රටේ- ....' කීම.

      Delete
    2. ඉස්සර:-
      https://www.catholicnewsagency.com/news/39469/sri-lankan-cardinal-says-religion-is-best-guarantor-of-human-rights
      https://www.colombotelegraph.com/index.php/cardinal-malcolm-ranjiths-recent-rant-about-human-rights-his-hypocrisy/

      Delete
    3. ලජ්ජා නැතිකම සේරටම වඩා ලොකුයිලු!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අද ඉරිදා උදේ ටිකක් හිනා වෙන්න අවස්තාව ලබා දුන්නට ස්තුතියි.

    මාත් හිනා කතාවක් ලියලා මේකට සම්මාදම් වෙන්නම්. මේ දවස් වල හැමෝගෙම මාතෘකාව වෙච්ච ඇෆ්ඝනිස්ථානය ගැන කියවෙන මේක බොහෝ දෙනෙක් දන්නවාත් ඇති.

    ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන් තම ස්වාමි පුරුෂයන් සමග ගමන් කිරීමේදී, පුරුෂයාට වඩා පියවර තුනක් පසු පසින් ගමන් කිරීම ඔවුන්ගේ ආගමික/සමාජ නීතියක්/සම්ප්‍රදායක්. කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සටන් වදින විදේශීය ක්‍රියාකාරිනියක්, මේ ආකාරයට පිටුපසුන් යාම වලක්වා, කාන්තාවන්ට පුරුෂයා ඉදිරියෙන් හෝ එක පෙලට ගමන් කිරීමේ අවස්තාව බොහොම වැර වෑයමකින් පසු ලබා දෙන්නට සමත් උනා.

    කලකට පසුව ඇය නැවත ඇෆ්ඝනිස්ථානයට පැමිණි විට දුටුවේ, කාන්තාවන් පිරිමින්ට ඉදිරියෙන් හෝ සමගාමීව ගමන් කරනවා තියා, ඔවුන් අතීතයේ ගමන් කල ආකාරයට පියවර තුනක් පසුපසින් වත් ගමන් නොකරන බවයි. දැන් ඔවුන් ගමන් කරන්නේ පුරුෂයාට පියවර අටක්, දහයක් පිටුපසින් බව දුටු වහාම, ඇය කාන්තාවන් සියල්ලන්ටම රැස්වීමක් කැඳෙව්වා.

    "ඔබලා ඉස්සර ස්වාමියාට පියවර තුනක් පසුපසින් ගමන් කළා. පිරිමියා කාන්තාවට වඩා උතුම් ලෙස හැඟෙන ඒ සම්ප්‍රදාය මම වෙනස් කරලා, ඔබලාට පිරිමින් හා සම සමව හෝ ඔවුන්ට ඉදිරියෙන් ගමන් කිරීමේ අවස්තාව උදා කරලා දුන්නා. නමුත් දැන් ඒ ඔක්කොම පරණ තත්වයටත් වඩා බොහොම පසුපසට ගිහිල්ලා. දැන් ඔබලා ගමන් කරන්නේ පියවර අටක්, දහයක් පිටුපසිනුයි. මේ පසුගාමිත්වයට හේතු උන කාරණාව මට කවුරු හරි කියනවද ??""


    "LANDMINES"

    මුළු සභාවම එකහඬින් පිළිතුරු දුන්නා.

    ReplyDelete
    Replies
    1. පක්සියෙක් මි
      ආවෙ මි
      කියෙව්වෙ මි
      පස්සෙ ආයෙ එමි

      Delete
    2. https://www.militaryowls.org/owls/

      Delete
    3. https://www.wantedinrome.com/yellowpage/romes-wild-owls.html

      Delete
    4. Sam, ගොඩක් ස්තුතියි රස වැහෙන කතාවක් කිව්වට. ඔය විදිහේ කතාවක් අහලවත් තිබ්බේ නෑ.

      පක්ෂියා පියාඹාගෙන එන විදිහ Pra Jay මහත්තය එවල. මරු!
      ස්තුතියි!

      Delete
  4. බොලිවුඩ් නළුවො තුන්දෙනාගෙ කතාවෙ ගැඹුරු අර්ථය තේරුනේ නැහැනෙ. කන විදිහ හා කාන්තා ආශ්‍රය සම්බන්ධ එකක්ද.

    අර ලංකාවෙ මනුස්සයට තිබුනෙ බොරු කියන යන්ත්‍රයේ ඇනයක්වත් හොරෙන් ගලවලා දාන්න. ඔය සීසීටීවී කැමරා, පනිවුඩ හුවමාරු කිරීමේ යන්ත්‍ර එහෙම තීරනාත්මක වෙලාවට ක්‍රියාවිරහිත වෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. Lotus, ඒ කතාවේ අර්ථය මම නම් ගත්තේ මෙහෙමයි- උඩින්.

      දිලිප්; ඉස්ලාම් භක්තිකයෙක් නිසා උරු මස් කන්නේ නෑ. දේව් හින්දු බැතිමතෙක් නිසා හරක් මස් කන්නේ නෑ. රාජ් කපූර් මොන ආගමේද කියලා පෙන්නුවේ නෑ; නැත්තං එච්චර ආගම භක්තිකයෙක් නෙවෙයි. දන්නවනේ ඉන්දියාවේ ආගම් භේදය කොච්චරද කියලා.

      මේක යටින් ඒ ඒ උදවිය කන වෙනත් දේවල් ගැනත් කියවුණා වෙන්න ඇහැකි.

      Delete
    2. ලංකාවේ මිනිස්සු නං බස්වල ටිකට් කඩන මැෂින්වලත් වෙනස්කම් කරපු අය තමා. ඒත් Lotus පොලිටික්කො ගැහිලි ගහන්නේ පොඩි-පොඩි දේවල්වලදී නෙවෙයිනේ.. ලොකුම වාසි වෙන තැනදී විතරයි. අනෙක ලැජ්ජාවකුත් නැති උදවිය නිසා, වැඩිය හිතන්න නැතිව ඇති!

      Delete
    3. ම්හු...රාජ් කුමාර් කෑවෙ"සයිමංගෙ" ක්‍රමේට. "කොච්චර බිසව් හිටියත්, නුඹ තමා අග බිසව."

      Delete
    4. රාජ් කපූර් ගෙ තාත්ත ප්‍රිතිවිරාජ් කපූර්. මගෙ හිතේ ඒ මුලු පරම්පරාවෙ ම තිබුණු සම්ප්‍රදායක් තමයි, නිළියන් බඳින්නෙ නෑ කියන එක. රාජ් කපූර් ගෙ පුතා රිෂි කපූර් බැන්දෙ ඩිම්පල් කපාඩියා. ඒ සම්ප්‍රදාය නිසා බැන්දට පස්සෙ ඩිම්පල් රඟපෑමෙන් අයින් වුණා.

      Delete
    5. රන්ධීර් කපූර් නිළි බබීතා බැන්දාමත් වුණේ ඒක. එයාලගේ දූලා තමයි කරිෂ්මා- කරීනා කපූර්ලා.

      Delete
  5. https://www.theweek.in/news/entertainment/2021/07/07/dilip-kumar-raj-kapoor-dev-anand-hindi-cinema-golden-trio.html

    ReplyDelete
    Replies
    1. අගෙයි!
      Pra Jay මහත්තයාගේ මේ link එකෙනුත් දිලිප් කුමාර් නළුවාගේ ප්‍රතිපත්තිගරුක බව කියවෙනවා.
      Lotus, ඔයාත් දැක්කාද?

      Delete
  6. මම නාවෙමි
    නොකියෙව්වෙමි
    නොයමි

    ReplyDelete
    Replies
    1. නෑ නෑ Pra Jay මහත්තයෝ. ඩ්රැකී කියන්න නා වෙමි කියලා....
      ස්පේස් එකක් තියන්න බැරි වෙලා. නා කියන්නේ 'නායක' වෙන්නත් පුළුවනි, 'නාග' වෙන්නත් පුළුවනි.

      නොකියෙව්වෙමි කිව්වාම නං දැන් ඉන්න නායකයන්ට ගැලපෙනවා..

      නොයමි කිව්වාම නං නයාට තමයි හරි යන්නේ. බලමුකො මොකාටද එන්න හදන්නේ කියලා.... එව්වා කොහෙද දිසා නායකලයි, ජය තුංගලයි එක්ක..

      Delete
    2. හහ් ඩ්‍රැකියො, අපිත් හොඳ යක්කු තමා මෙහෙම හිටියට. නැද්ද දිසානා-යකා සෑර්.

      මීට
      බස්නා-යකා

      Delete
    3. ආ. ඒ බස්තුමාගෙ තව අවතාරයක්නෙ - Devil Bird, උලමා

      Delete
    4. මේං මෙතන දෙමළෙන් තියෙන එක... ඇපෝ බස්සො චික්... කමෙන්ට් ටික ඊට හතයි.

      Delete
    5. කමෙන්ට් එක කියන තැනින් තමා වැඩේ අහු වුණේ. හැමෝම දෙමල කියවන්න දන්නා එකක්යැ.

      ඔයිට කිට්ටු වැඩක් කියන්නන්. ඒ දවස්වල ශ්‍රී ලංකා පදනම් ආයතනේ තරුණ නායක නායිකාවන්ට 5 දින නේවාසික වැඩ මුළු අවත්වනවා ලනාවේ හතර පැත්තෙන්ම කට්ටිය ගෙන්නලා. එකම සැරේ ශාලා දෙකක ඒවා පැවැත්වුනේ සිංහලෙන් හා දෙමළෙන්.

      මායි, දැන් ඕස්ට්‍රෙලියාවේ ඉන්න වෛද්‍ය නලිනුයි දෙන්නත් එහෙම වැඩ සටහනකට ගියා. දෙමල අයයි අපියි එකම වෙලාවේ තේ- කෑම බීම හෙම ගන්නේ. සහජීවනය ඇති කරවන්න එහෙම කෙරෙව්වේ. යාපනෙන් ආව ගෑනු ළමයි කීප දෙනෙකු අපිත් එක්ක හරි හිතවත් වුණා. දෙගොල්ලගෙම විවිධ ප්‍රසංගය තිබුණේ එකට.

      මං අර දෙමල ගෑනු ළමයින්ට යෝජනා කළා අපි එකතු වෙලා එකම ගීතය දෙගොල්ලෝ එක්ක කියමු කියලා. දෙමල තනුවකට හදාපු සිංහල ගීතයකුත් තෝරා ගත්තා කියන්න. දෙමල ගීතයේ වචන එයාලාගෙන් අහගෙන මම සිංහලෙන් ලියා ගත්තා. එයාලා සිංහල ගීතයේ වචන මගෙන් අහගෙන දෙමළෙන් ලියා ගත්තා.

      සිංහල කොටස් කිව්වේ දෙමල අය තුන් දෙනෙක් එකතු වෙලා, ලැජ්ජාව නිසා. දෙමල කොටස් ගැයුවේ මම. නලින් රබානෙන් තාලය දුන්නේ.
      'වාරා එන් තෝසි වාරයෝ - මනප්පන්දල් කාන වාරයෝ
      මනමේදෙයි තන්නිල් මනමෙකානුල් - ත්රුනාලෙයි කාන වාරයෝ' මං ගැයුවා.
      ඔන්න්න දෙමල ගෑනු ළමයි.
      'කවුදෝ මේ ආවේ ගව්රුන්දෝ - මෙගරුන අහන්න පුලුවන්දෝ
      හද මාගේ උරුම කුම්ර්රා ගවුදෝ පගදාල දෙන්න පුලුවන්දෝ......'

      අපේ සිංහල කට්ටිය හිර කරගෙන හිටි හිනාව පිපිරුවා 'පග දාල' කියන කෑල්ලෙදී. ඒ ළමයි තුන්දෙනා ගීතය ගැයීම නවත්තලා මුහුණු වහගෙන පැත්තකට දිව්වා!

      Delete
    6. ඉතින් පගදාල දුන්නෙ නැද්ද පස්සෙ?

      Delete
    7. ඔන්න පාසමලර් දෙමල film එකේ ගීතයේ link එකත්:
      https://www.youtube.com/watch?v=lJ_wIW5YQJE

      තුෂාරා film එකේ ගී එකතුව විතරයි හොයා ගන්න හැකි වුණේ, 11.37 ව්නාඩියේ ඉඳලයි අදාළ ගීය තියෙන්නේ.
      https://www.youtube.com/watch?v=wjb-KFUnJCc

      Delete
    8. අඩෙඃ! මදැයි කතාවක් ලියන්න වාඩි වුණා.

      නොබලමි
      නොබලමි
      නොබලමි
      ඔය ලිංක්
      හෙට වෙනකල්

      Delete
  7. D.G.M බස්සාAugust 22, 2021 at 7:55 PM
    //හහ් ඩ්‍රැකියො, අපිත් හොඳ යක්කු තමා මෙහෙම හිටියට. නැද්ද දිසානා-යකා සෑර්.

    මීට
    බස්නා-යකා//

    මේක කියෙව්වාම අවුරුදු විසි පහකට විතර ඉස්සර, අපේ සහතික ප්‍රදානය කිරීමේ උත්සවයක වෙච්ච දෙයක් මතක් උනා.

    අපේ කෝස් එකේ ටොප් මාක්ස් ගත්තේ ලංකාවේදීත් මගේ බැචෙක් වෙච්ච කොල්ලෙක් (ඔව්, ඒ කාලේ අපිත් කොල්ලෝ). මේ උත්සවය සංවිධානය කලෙත්, ඒ අධ්‍යාපන ආයතනයේම "උත්සව සංවිධාන කිරීම" වැනි විෂයයන් ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේ ප්‍රායෝගික පුහුණුව සඳහා බවත් කිව යුතුයි. අපි උන්ව දන්නේ නැහැ. උන් අපිව දන්නෙත් නැහැ. දැනගන්න අවශ්‍යතාවයකුත් නැහැ.

    හැම පාඨමාලාවකම, බැච් ටොප් එකාට තමයි මුලින්ම සහතිකය දුන්නේ. අපේ පාඨමාලාවේ අවස්ථාව උදා උනා. ඉහලම ලකුණු ගත් මගේ බැචා, හරි බරි ගැහිලා ස්ටේජ් එකට යන්න ලැස්ති උනා.

    "මුට් හුට් හාන් ත්‍රි ලාජ්" කියලා මේකේ නිවේදන කටයුතු කරපු චීන කොල්ලා නම කිව්වා.

    කව්ද $%*# ඒ? කියලා යාලුවා මගෙන් ඇහුවා.

    එතකොටම අපිව බාරව හිටපු අංශ ප්‍රධානියා, it's you, go, go කියලා මගේ යාළුවාට කිව්වා.

    ඌත් බොහොම අකමැත්තෙන් වාගේ හිමින් හිමින් ස්ටේජ් එකට ගිහින් සහතිකේ අරං ආවා. ඊට පස්සේ තමයි වෙච්ච දේ තේරුනේ.

    මගේ යාලුවාගේ නමේ මුල් වචනය "මුතුතන්ත්‍රීලාගේ". ඉතින් අර එනවුන්සින් කරන චීන කොල්ලා, ඌ කැමති කැමති තැන් වලින් ඒක කඩලා, ඌට පහසු විදියට ශබ්ද කළා.

    (muthuthanthrelage) mut hut han thre lage

    ReplyDelete
    Replies
    1. I know a boy named Damsith.
      I cringe thinking of him in USA someday.
      "Dumb Shit"

      Delete
    2. Written is not too bad there.
      But, anyone there hearing him saying my name is "දම්සිත්" .....

      Delete
    3. Shawshank Redemption එකේ ඇලෙක්සැන්ඩර් ඩම්බ් ආස් මතක් උනා.

      Delete
    4. ඔහොම නම් ගොඩක් තියෙනව ඔස්ටින් පවර්ස් ෆිල්ම් වල...

      "ආලොට්ටා ෆජයිනා"
      "ෆෙලිසිටී ෂැග් වෙල්"
      "ෆැට් බැස්ටර්ඩ්"

      කොහොමද මේක?

      Delete
    5. හෙහ්,
      ඒවුනාට දම්සිත් නම දාලෙ තියෙන්නෙ ඔස්ටින් පවර්ස් වගේ හිනාවෙන්න හිතාගෙන නෙමෙයිනෙ. දෙමව්පියන් අරබුදු මේබුදුලගෙන් නම් ගත්තවගේ නෙමෙයි හිතන්න ඕනෙ ඕවා ශබ්දවෙන විදිහත්.
      ඩම්බ් ශිට් නොවුනොත් , ඩෑම් ශිට් වෙයි Damsith

      බස්තුමාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් චරිතා චරිති වුනොත් චැරිටි වෙනවා. ඒක නම් කමක් නෑ චැරිටි නමක් විදිහටත් යූස් වෙන නිසා
      කෞෂි උනත් ඉතිං ......?
      කන්ථ වගේ නමක් තිබුනොත් ඒක කොහොම ඇහෙයිද ඇමරිකන්කාරයෙක්ට?

      මං දන්න එක්කෙනෙක් ඉන්නවා නම මියුල්. ලියන්නෙ Miyul කියලා.
      ඒත් පිටරටකට ගිහිල්ලා නම දුන්නොත් ලියවෙන්නෙ Mule !


      මං එකදවසක් කාගෙ හරි බ්ලොග් එකක ලිව්වා සුපර් මාර්කට් එකක මං දැකපු නේම් ටැග් දෙකක්, සමහර අකුරු අතර පරතරය තිබුන නිසා පෙනුනෙ සඳමාලී - SAND AMALI, ශ්‍යාමලී - SHY AMALI

      මේක බ්ලොග් පෝස්ට් එකක්වගේ වෙනවා තව උදාහරණ දුන්නොත්, ඊලඟට අසභ්‍ය වෙලා බස්තුමා වගේ සුපිරිසිදු කැරැක්ටර්ලාභී, ඩෙලිකෙට්, වැදගත්, සියුමැලි, ලුබ්‍රිකේටඩ් මහාත්මයින්ගේ සොඳුරු සිත් ඩිස්ලෝකේට් වෙන්න පුලුවන්

      Delete
    6. අපි නොදන්න ලයිව් එකේ දවසක්, ක‌ඩේක බෝඩ් එකක් ගහල තබුණ පෙන්නුව, "සිත කල කිරී ඇත" කියල. ඇත්තටම මුදලාලිට ලියන්න ඔ්නෙ වෙලා තියෙන්නෙ, "සීත කළ කිරි ඇත" කියල.

      Delete
    7. ඒකෙම නෙ තිබුණෙ අර "සූර තල්මසුන් විකිණීමට ඇත" බෝඩ් එක...

      Delete
    8. හිනා හිනා හිනා... වටෙත් ගියා.. ස්තුතියි, නිඳි මතත් ගියා. දැන් රෑ දහයා මාරයි!

      Delete
    9. ෆුක් යු... එහෙනං. මාත් යනව කොහොම හරි මහා යුද්ධෙයක් තියෙනව කරන්න

      Delete
    10. හොඳා හොඳා... දැන් පමාව ගැන සමාවට කරුණු නෑ.

      Delete
    11. තව ඩින්ගෙන් අමතක වෙනවා.

      Pra Jay මහත්තයා දිග comment එකක් ලියලානේ අපුච්චේ! බෝම ප්‍රීති ඝෝෂා .....!!

      Delete
    12. මාර සෙනඟ වට කරගෙන යම යුද්දේ
      අවුල් මැතිඳු අද තනියම බ්ලොග මැද්දේ

      ජයසේන දාන්නෙම දුස්රා. සෑම් මහත්තයගෙ කතා මල්ලෙන් තව එකක්.😊

      Delete
    13. ෆුක් යු ටූ බස්සො... බයි බාාායි!

      Delete
  8. "ලුබ්රිකේටඩ් අවුල්"? අරේ වාහ් වාහ්!

    ReplyDelete
    Replies
    1. උඩින් නොදන්නා දෙමල කිව්වට නොදන්නා හින්දි ලියන්න මතකෙට එන්නෙම නෑ ඇඩම්!

      Delete
  9. රාජ් කපූර් මතක් වුණු වෙලේ මතක් වුණේ. මම දැකපු හොඳම හිංදි චිත්‍රපටිය, "උත්සව්". හැදුවෙ රාජ් ගෙ බාල මල්ලි ශෂි කපූර්. චිත්‍රපටියෙ කතාව, "මැටිකරත්තය" සංස්කෘත නාට්‍යය. සම්භාව්‍ය ‌‌ඉතිහාසගත භාරත සමාජය ලස්සනටම නිරූපණය කරනව ඒකෙ. වාත්ස්‍යායනත් ඒ චිත්‍රපටියෙ එක චරිතයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්ව මොන ෆිල්ම් ද මල්ලි? මේක බලල කඳුලක් ආවෙ නැත්තං ‌ඌ තිරිසනෙක්!
      (ගල් කොරියේ ඩයිනමයිට්!)

      Delete
    2. උත්සව බලන්න දැන්? පැය දෙහෙකටත් වැඩියි.
      නියම film එකක් බලා ඉවර වෙලයි මේ උත්තර දෙන්න වාඩි වුණේ. 'මිමී'
      https://www.baiscopelk.com/%e0%b6%b8%e0%b7%92%e0%b6%b8%e0%b7%92-2021-sinhala-subtitles/

      Delete
    3. දැන් තමයි උත්සව් බලන්න නියම වෙලාව. මැද හරියෙන් තැනක් දෙකක් බලන්න. ඊට පස්සෙ හිතන්න...

      Delete
    4. බෑ බෑ. බ්ලොග් එක ලියන්නත් තියෙනවා. බේත් ගන්න යන්නත් තියෙනවා.
      අද දවසේ එන්ටටේනින් කෝටා එක ඉවරයි... පස්සේ බලන්නම්.

      Delete
  10. හිංදි සිනමාවෙ එක යුගයක හිටපු දැවැන්තයො තුන් දෙනෙක් තමයි ඔය රාජ්, දේව් සහ දිලිප්. ඒ් වගේම තුන් දෙනාගෙ ශෛලීන් තුනක් තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. වෙන වැඩක් කෙරෙන්නේ නෑ ඩ්රැකී වම්හ මහත්තයෝ ඔව්වා මතක් කරන්න ගියොත්. එච්චරට රසබර මතක..

      Delete
  11. මමත් ආමි.
    කියවලා හිනා උනෙමි.
    තව තව කමෙන්ට් වැටුණම
    කියවන්න ආපහු එමි.

    (සෑම් ගෙ කතාව වෙනදා වගේම මරු.)

    ReplyDelete
    Replies
    1. මෙහෙට එනවා වගේම වැදගත් නේද තාරා උපන් තැනට එන එකත්!

      Delete
    2. කොහෙ? එහෙට අපි උවමනා නෑලු. ඊළඟ කොටසට ම යනව.

      Delete
    3. අගේ කරන්න වෙන්නැති මේ කොටසට ඔයාව ගෙන්නුවේ නැත්තේ....

      Delete
    4. මොකෝ නැතුව? උන්දැ හිටියා මුලු යුද්ධෙ පුරාම. බබලතෙක් නැතුව මොන යුද්ධ ද?

      Delete
  12. ආමි, කියෙව්වෙමි, ගියෙමි.

    ReplyDelete
    Replies
    1. යළිත් නේවි කියා නැතියෙන්
      නැවතත් ආමි කියනු ඇතියි සිතමි!

      ස්තුතියි ප්‍රසන්න!

      Delete