අකුරු මැකී නෑ

Thursday, June 29, 2023

හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස

වැඩියත්ම නංගී, ඇඳුම්වලින්. එයාලගේ ඇඳුම් වැඩි හරියක් හරි colourful! අනෙක බඩු බෑග්ස්... ඒ මිනිස්සුන්ගෙ ෆැෂනබල් ගතිය අඩුයි. ඔයා දන්නවද ඔය විදිහට සරම් ඇඳල බඩු මලු ඔලුවේ තියාගෙන එන අය අතරේ ලොකු jobs කරන මිනිස්සුත් ඉන්නවා. ඒ සේරමලා දැන් එයාලගෙ status ඔක්කොම අමතක කරලයි ඉන්නේ.

කතරගම දෙවියන් ගැනයි, එයාගේ younger brother ගණේෂ ගැනයි, ඉන්දියාවේ දේවයානි බිසව ගැනයි, ලංකාවේ වල්ලි අම්මා බිසව ගැනයි කතන්දර ගොඩකුත්...

මෙහෙව් කාරණා ගොඩ දෙනෙකුට නොපෙනෙන- නොදැනෙන- මීටර් නොවෙන තරම් හින්නිකිතර; හිච්චං ඒවාය. ඒ එයාලා ඕනෑකමකින් යුතුව ඒවා දිහා නොබලන හින්දාය; ගැඹුරට නොහිතන හින්දාය; ඒවා වැදගත් යැයි නොතකන හින්දාය.

විදේශවල නම් ගොඩාරියක් දෙනා ඒ දුර්ගුණවලින් තොරය; ගවේෂණශීලීය. එයාලා වැඩියෙන් හොයන්නේ ඇටිකිති දේවල්ය.
පුරා අවුරුදු හතළිහක් ‘ඉන්ගලන්තයේ’ හැදී-වැඩුණු සමන්ති නංගිත් දැන් හිතන්නේ British කෙනෙකු විදිහටය. 

“ඇත්තටම ලොකූ, God කතරගම ලොකුම දෙයියෙක්ද?”
“සෑම්, දෙවිවරු ලොකු පුංචි කියල නෙවෙයි කියන්නෙ. බලවත්- බලයෙන් වැඩි...”

“Sorry... I know, I know loku, powerful. එහෙම නේද?”
එංගලන්තයේ හිටියත් සිංහලෙනුත් කතා කරන්නට හැකියාව තියෙන සමන්ති කියයි. “Huge God කියනවට වැඩිය ඒක නේද හොඳ.”.
“හරියට හරි.” මගේ වෑයම සමන්තිගේ සිංහල වඩාත් ප්‍රශස්ත එකක් කරන්නටය. “අපේ ඉස්සරෝම පාද යාත්‍රා ගමන්වල blog posts ටිකක්වත් ඔයාට කියවන්න පුළුවනි නං. ඔයා දන්නවද සෑම්... කතරගම දෙවියන්ට කියන
නම්ම 84ක් තියෙනවා. ඒ හරිය ලිව්වට පස්සෙයි මාත් දැනගත්තේ, තවත් නම් හයක්...”
“84 plus 6... මො..න..වා, 90 names එක දෙයියෙකුට?”

“නම් විතරක් නෙවෙයි Sam. කතරගම දෙවියන් ගැනයි, එයාගේ younger brother ගණේෂ ගැනයි, ඉන්දියාවේ දේවයානි බිසව ගැනයි, ලංකාවේ වල්ලි අම්මා බිසව ගැනයි කතන්දර ගොඩකුත් තියෙනවා. මම ඒ postsවලදී එව්වා ටිකකුත් ලිව්වා.”

“චී, චී, චී. එයා ලංකාවට ආවට පස්සේ මෙහෙන් මැරේජ් එකකුත් කර ගත්තද? It’s really bad!”
“පුළුවනි නං කියවලා බලන්න. විස්තර අර postsවල තියෙනවා, සෑම්.”
“අනේ ලොකූ, I can read Sinhala, ඒත් ඔය බර බර wordsවල තේරුම හරියට මතක් වෙන්නෙ නැති නිසයි කියවන්න කම්මැලි!”

“කියවන්න බැරි වුණත් ඔයා කතා කරන ටිකම මදැයි Sam! ලංකාවේ ඉන්න සමහරුන්ගේ සිංහල කතාව ඔයාටත් වැඩිය හපන් එකේ...” බතට මාළුව බඩගින්නය කිව්වා සේ, අපේ පාද යාත්‍රා ගමනේදී හුඟ වෙලාවට වෙහෙස දරා ගන්නට උදව් වුණේ මේ කතන්දර දෝලාවයි!

ප්‍රතිඵලය ගැන නොහිතා හොඳ දේවල් කළාම- දෙවියනුත් උදව් වෙනවා වගෙය.
පානම හිට ඔකඳ දේවාලය තෙක් ගිය අපි කෙලින්ම ගියේ කුමන වනෝද්‍යාන පිවිසුමටය. කුමන වනෝද්‍යානයේ හිතවත්තු දෙන්නෙක්ම දොස්තර අයස්මන්ත මහත්තයා එන තෙක් බලාගෙන උන්නෝය. ඒ චන්දනත්- සේදරත්ය!
කුමන වනෝද්‍යානයේ රාජකාරි කරන කිහිප දෙනෙකුමත් අපේ අක්ෂි ශල්‍ය වෛද්‍යතුමාගෙන් ඇස් රැක ගන්නට උදව් ගත්තවුන්ය. මේ එයාලා කෘතගුණ දක්වන වෙලාවයි!!

රිලව් අදින්න පුළුවන් නිසා අපි හැමෝගෙම bags කාමරේට දාමු.

“මොකුත් හිතන්න එපා සර්. අපේ ගෙවල් සේරම රිපෙයාර් කර-කර තියෙන්නේ. කැඩිච්ච ඒවා හදනවා- paint කරනවා. එහෙම එකකින්ම තමයි ඉතිං සර්ලටත් කාමරයක් දෙන්න වෙන්නේ.”

එහෙම දුන්නෙත් කාර්ය මණ්ඩලයේ අයගේ නිවහනක කාමරයකි. ඒ කාමරයේ සිටින දෙන්නා වෙනින් කාමරයකට ඇහිරිලාය.
“කාමරයක් ඕනි නෑ, චන්දන. අපි මේ කොරිඩෝවේ ඉන්නං.”
“එහෙම බැහැනෙ සර්!”

“හරි! එහෙම නං Sam ඔයයි ලොකු අයියයි room එකේ ඇඳන් දෙකට යන්න. රිලව් අදින්න පුළුවන් නිසා අපි හැමෝගෙම bags ඒ කාමරේට දාමු.”
“...දාලා ඉක්මනට wash එකක් දාගෙන ඔකඳ දේවාලෙට යං. ඔකඳ පර්වතයේ
නොහිඳෙන ගල් කෙම්, කතරගම  දෙවියන්ගේ දේවාලයට ඉහළින් තියෙන තේවානි - වල්ලි අම්මලාගේ දේවාල දෙක එහෙම සමන්තිට පෙන්වන්න තියෙනවා.”

“ඔව් ඔව් ළමයි. අපි ඉක්මනට නසාර්ගේ වාහනෙත් පිටත් කරලා ඉඳිමු. එයා හොඳටම රෑ වෙන්න කලින් තනියම හම්බන්තොට යන්න එපැයි. පාරේ අලි ඉන්නවනෙ, රෑ වෙද්දී.”

එතනදීත් අනිත් පා ගමන්කරුවන්ට නැති වාසියක් අපට තිබිණි. පා ගමනේදී අවශ්‍ය නොවන, කතරගම දෙවොලේ පූජාවේදී අඳින්නට අවශ්‍ය වෙන ඇඳුම් ආදිය ආපහු යවන්නට හැකිවීමයි, ඒ.
“ඔව් ඔව්, පුළුවන් තරං බර අඩු කර ගනිල්ලා. දිසානායකගේ බර අඩු වෙන්නෙ නැති මලු උස්සං යන්න තියෙන බව මතකෙ තියා ගන්නවලා.”
“මේ, තමුසෙලා ඔහොම කිව්වට කමක් නෑ. මතක තියා ගන්නවලා- අද දවල්ටයි, රෑටයි දෙකටම උයන්න plan කර ගෙන ආවේ. දැන් ඒ දෙකම නැවතුණා, ප්‍රියන්තලගේ ගෙදරින් දීපුවා නිසා. මම හාල් කිලෝ 3 ක් ආපහු යවන්නයි හදන්නේ.”

“ඇයි හලෝ, බත් විතරද උයන්න හැදුවේ. බලපංකො මචං...”
“එළවලු, පරිප්පු, පොල් එහෙම යවන්නේ නැද්ද?” තමිරත් නෙවිල්ගේ කතාවට අලගු තියයි. දෙවෙනි වතාවට අප හා එක්වුණු ප්‍රියන්ත, නමී හා පසිඳු තුන්දෙනා ඒ පැත්ත ගන්නේ මට නෑහෙන්නටය.

“සොරි නිමල් අයියේ. ඔයා ගත්තු පොල් ගෙඩිවලින් පහක් මම පූජාවලට ගන්න තිබිච්ච මල්ලට දැම්මා, පොල් මදි කියල හිතුණම. උයන්න තව පොල් ඕනි නං ඔකඳ කඩේකින් අරගමු.”
“පීරා, නියමයි මචං... හලෝ. තමුසෙ පොල් කීයක් ඕනියි කිව්වද?”
“අසංගට කිව්වේ අටක් ගන්න. එයා පොල් පොඩි නිසා දහයක් ගත්තයි කිව්වා. දැන් පහ ඇති!”
“ෂුවර්ද?”

බැතිමතුන්ගේ ඇදහිලි- විශ්වාස ගැන හොඳම උදාහරණයකි ඒ.
‘පිටි කළ පොල් කිරි’ පැකට්ටුවකුත් තිබෙන විත්තිය මම මතක් කළෙමි.
“කොහොමෙන් හරි තමුසෙ කිලෝ දහයක පහළොවක බඩු ආපහු ගෙදර අරං යන්න වැඩේ කරනවකෝ.” නෙවිල් පාරම්  බායි!

අප ඔකඳ දේවාලයට ගියත් හිච්චිලාගේ ලකුණක්වත් නැත.
“ඉන්දිකලත් හැලිලනේ... ඉන්දිකගේ යාළුවෙක් අන්තරා වෙලා. එහෙ ගිය නිසා මේ වතාවේ එයාලා එන්නැහැලු... කිලි කියලා.”
“හිච්චිලත් එන්නැද්ද දන්නෑ.”

බැතිමතුන්ගේ ඇදහිලි- විශ්වාස ගැන හොඳම උදාහරණයකි ඒ. එය තවත් තහවුරු වුණේ පසුවදා උදේය. හිච්චිලා ඇවිදින්ය. නඩයේ එකම පිරිමියා හිච්චිය. “කෝ දෙනෙත්ලා...”
“එයාලා වෙනම නඩේක එන්නෙ... උන් එක්ක බෑ මාමේ. උන්ට බැන-බැන ඉන්ඩයි මට වෙන්නේ!”

“කෝ හිරූ?” දෙනෙත්ලාගේ නඩය හමු වුණු විගසම මම ඇසුවෙමි.
“හිරුත් එන්නමයි ලැහැස්ති වෙලා- පේ වෙවී හිටියේ. ඒත් මාමේ, දවසකට කලින් හිරූ දන්නෙම නැතිව මස් වගයක් කැවිලා. එහෙම මේ ගමන එන්න බැහැනෙ කියලා හිරූ නැවතුණා.” එයාල ඉන්නේ කතරගමමය; එයාලාගේ විශ්වාසයන් එතරම්ම දැඩිය!
දොස්තර මහත්තයා හා මර්වින් පේ වුණේ මාසයකටත් කලින් සිටය. තමීර, නෙවිල් හා මං වහන්සේ සතියක කාලයකි මස්- මාළු- පිළිහුඩු ජාතිවලින් වැළකුණේ.

පේ වීමේ විද්‍යාත්මක සත්‍යයක් තිබෙනවාද?

ඒ ගැන මගේ අතිපණ්ඩිත මතයයි මේ:
‘මස් මාළු ආහාරයට ගන්නා අයගේ දහඩිය ගන්ධය පවා තරමක් වැඩිය. එය දැඩි ඉව කිරීමේ ශක්තියක් ඇති වන සතුන්ට යහමින් දැනෙනවා විය යුතුය.’ ඒ මතය මගේ ඔළුවට ආවේ මේ වතාවෙත් වැඩියෙන්ම ‘කිනිතුල්ලන්ගේ ප්‍රහාරය’ට ලක් වුණේ තමීර, නෙවිල් හා නිමල් තුන්දෙනා නිසාය.

(නමී, ඔහෙට කොහොමද? Comment එහෙකින් අපි හැමෝටම ඔහෙගෙ විස්තරත් කියනව නේද?)

මා දන්නා තරමට අයස්මන්ත, ප්‍රියන්ත, පසිඳු හා සමන්ති කට්ටියගෙම ඇඟේ කිනිතුල්ලන් එල්ලුණේ නැත. එය හුදු අහම්බයකින් සිදු වූවක්ද?

සුපුරුදු විදිහටම ප්‍රධාන ආරාධිතයන්ගේ පමාව නිසා කුමන පිවිසුමේ ගේට්ටුව මෙවර විවෘත කළේත් හොඳටම ඉර පෑව්වාමය.
“මේ යක්කුන්ට නොතේරෙන හැටි, ඉර පෑව්වට පස්සේ පයින් යන අයට කරදර බව...” / “තව අරගල තුන හතරක්වත් කෙරුණා නං පොලිටීෂියන්ලව මෙහෙම විවෘතවලට ගෙන්නන එක නැවතෙයි.” / “අපරාදේ! හතරට ඇහැරිලා බතල තැම්බුවේ. තව ටිකක් නිඳා ගන්නයි තිබ්බේ.” / “තව ටිකක්. දාඩිය පෙරී පෙරී? තමීර දොළහේ හිට ඇහැරිලා.” / “කොහෙද... එකෙක් මදිවට දිසානායකල දෙන්නෙක්ම ඉන්නවනේ. දෙන්නටම උදේට නින්ද යන්නෙ නැහැනෙ trip යද්දී.” / “අපි එහෙම තමයි නෙවිල් අයියේ! නේද ලොකූ.”

වනජීවියේ චන්දන මහත්තයාත් එක්කම කිරිබත් සප්පායම් වෙන්නටය අපටත් සිද්ද වුණේ.

හැබැයි, මේ වතාවේ සුබදායී වෙනසක් තිබ්බා වගෙය. පාද යාත්‍රිකයන් උදෙසා සූදානම්ව තිබුණු දන්සල් සංඛ්‍යාව වෙනදාට වඩා වැඩිය.

කුමන ගේට්ටුව ළඟම කිරිබත්- ලුණුමිරිස් දන්සලකි.
ඒත් එක්කම පාන් සීනි සම්බෝල දන්සලකි. පාන් බාගයක් දෙකට පලා- ලෝබ නැතිව සීනි සම්බෝල මැද්දට දමා පිරිසිදු සුදු කඩදාසියකිනුත් ඔතලා... පයින් යන්නන් ඒවා එතනදීම අනුභව නොකර ඔලොගුවලට ඔබාගෙන යන බව දන්සල දෙන පිංවතුන් දන්නවා වගෙය.

අව්ව වැඩි වෙන්නට පෙර හැකිතාක් දුර යන්නටය, පාද යාත්‍රාකරුවන් පුරුදුව ඉන්නේ. ඔවුන් උදේ කෑම ගන්නට නවතින්නේ පැයක්- එකහමාරක් නොනැවතී ගමන් කෙරුවාට පසුවය.
ඒත් වනජීවියේ චන්දන මහත්තයාත් එක්කම කිරිබත් සප්පායම් වෙන්නටය, අපටත් සිද්ද වුණේ. ඒ සුනංගුව අපට ලොකු වාසියකුත් අත්කර දුන්නකි.
“ළමයි, මේ චන්දන මහත්තයා කියනවා අපේ බඩු මලු ටික මඩමෙතොටට ගෙනහින් දෙන්නං කියලා. එයාලා දවල්ට එහාට යනකොට. නිමල් අයියෙ, කට්ටියටම කියලා- අද හවස් වෙනකල් ගන්න ඕනේ නැති මලු විතරක් සේදරගේ වාහනේට දාල යමු.”

“අපේ කිරිබතුයි, පානුයි මල්ලක දාගත්තා... දවල්ටත් ඇති.”
“එතකොට තම්බා ගත්ත බතල? ඒකත් ගන්නං.”

“ඒක ගන්න චුට්ටක්වත් බය වෙන්න එපා. ඒවා දෙන්න ආදරවන්තයෝ ට්කක් නිමල් දිසානායක කොහෙන් හරි හොයා ගනියි.”
“මම හිතුවේ මම පාන්දරම පොල් ගෙඩි දෙකක් ගෑව එකත් අපරාදේ කියලයි.”
“බතල කන්න පොල් ගෙඩි දෙකක්?” / “එහෙම නං නමියෝ, අපි අච්චර ලුණුමිරිසකට ළූණු සුද්ද කළෙත් අපරාදෙනෙ.”
“තමීර අයියේ, අපි ඔය ඔක්කොම කමු!” සමන්ති හිනා වෙවී කියයි.

“අනේ, ඉස්සෙල්ලම අපි කමු චව් චව් ගෙඩි ටික.” පසිඳු යෝජනා කරයි. “... ඒව තියෙන්නේ මගේ bag එකේ.”

“සොරි තමයි. අද නං එව්වා උයවෙන්නේ නෑ.” මම කියමි. පසිඳු මූණ බෙරි කර ගන්නේ එතකොටය.

මෙන්න බොලේ, බාගුරේ කලපුවට සේන්දු වෙනකොටම පැණි කොමඩු දන්සලක්! මීට කලින් ගිය හතර වතාවෙම නොතිබුණු එකකි ඒ. “Very good idea!” සමන්ති ගොඩාරියක්ම impress වෙලාය. “Can I have one more piece, please?”
කැබලි කළ කොමඩු බන්දේසිය අල්ලාගෙන සිටින රූබර දමිළ යුවතිය තව කොමඩු කෑල්ලක් ගන්නැයි මටත් කිව්වාය. “No thanks!”

“මොකද කියන්නේ... තේ බොන්න කලින් අග්ගලාත් දෙන්නද?” එතරම් නූස් ගහක් යට වාඩි ලෑවාම මගෙන් ප්‍රශ්නයක්.

අප එහෙමය- සොක්‍රටීස්ලගේ කාලයේ මෙන් විවෘතව එකිනෙකා විවේචනය කර ගනිමු!

“අනේ කන්නලකො . තේ බඩු මල්ලෙනුත් ටිකක් හරි අඩු වෙනවනේ.”

“ටිකක් නෙවෙයි අඩු වෙන්නේ! කිලෝ එකහමාරක් විතර...”
බැදි හාල් කුඩු, ගාගත් පොල්, සීනි එකට අනා අග්ගලා ගුළි කරන අතරේ ප්‍රියන්තලා වතුර රත් කරති.

“ඇහුවට තරහ ගන්ඩ එපා... මට අග්ගලා කාලා, තද කහටට හදපු කිරි තේ එකක් බොන්ඩ පුළුවන්ද?”  පීරිස්ගේ බබා හුකුම් රංගනයෙන් ඇවිස්සෙන්නේ මං නොවේ. ඊළඟට වෙනස්ම ඇවිස්සීමේ ප්‍රයත්නයක්. “ඇයි මචං අර අග්ගලා ගුළි දෙකක් එක වගේ නැත්තේ? Sam ගුළි කරන එව්වා නං එක විදිහයිනේ...”

එතකොට නං මගේ නොසන්ඩාල කට ඇරෙයි.

“සෑම් නොහිටියා නං මම තමුසෙලට කියල දෙනවා ගුළි දෙක එක වගේ නොවෙන බව!”
මං ගණන් හදාගෙන ගියේ එක අග්ගලා කුඩු බෑගයකින් අග්ගලා ගුළි තිහක් හදන්නටය. එතනදී හැදුවේ එතරම් ලොකු අග්ගලා නොවේ. ගොඩක් ඉතිරිය.
“ප්‍රියන්ත. අනේ තරහ නැතිව මේ ටික අරගොල්ලන්ට දෙන්න. එයාලා අද රෑ මෙතන නවතින්න වගෙයි හදන්නේ. තවම ළිප පත්තු කරන්නවත් බැරි වෙලා.”

“ඔන්න මචං අපේ පිටේ පටවලා උස්සගෙන එන දේවල් නිමල් අයියා දන් දෙන්න පටන් ගත්තා.”
“එපා නං කියනවලා. නොදී ඉන්නං. කෝ තමුසෙලා කිරිබත්- පාන් ටිකවත් කාලා ඉවර කෙරුවයැ මෙච්චර දුර උස්සගෙන ඇවිල්ලත්...” මැසිවිලි කියමිනි, මං වහන්සේ ඉතිරි අග්ගලා මල්ලට දමා ගත්තේ.

කොහොමෙන් වුණත් බාගුරේට එනකොටමත් නමීගේ කකුල්වල උඩුපතුල් තුවාල වෙලාය. ඇවිදිද්දී ඇවිස්සෙන සිහින් වැලි කැට සෙරෙප්පු පටිවලට තෙරපීමෙනි, ඒ. “නිමල් අයියේ, මගෙත් දිය පට්ට ඇවිත් වගේ.” අයස්මන්තත් කියයි.

ඒ වෙලාවේ මම මෞන ව්‍රතය රැක්කෙමි. (දැන් මේවා කියන්නේ දොස්තර මහත්තයාට තරහ නොයන බැවිනි. අප එහෙමය- සොක්‍රටීස්ලගේ කාලයේ මෙන් විවෘතව එකිනෙකා විවේචනය කර ගනිමු!)
දොස්තර මහත්තයා කළේ මුහුණට තරහට නහය කපා ගන්නවා වගේ වැඩකි.

මතකයි නේද ගිය වතාවේ පාද යාත්‍රාවට කලින් අයස්මන්ත මහතා මට අරගෙන දුන් 50,000/- කට කිට්ටු මිලක් වුණු සපත්තු කුට්ටම. මට එය බර වැඩිය. ගිය වතාවේ මා එය දැම්මේ පැය බාගයක් විතර කෙටි කාලයකට පමණකි.

“අනේ අනේ පීරා. උඹ මූට ලේසි වෙන්න කියලා Laptop එක අරගෙන දීලවත් පාඩමක් ඉගෙන ගත්තෙ නැහැනේ. ඒක නිකම්ම පුස් කනවා. මෙයා කබල් කම්පියුටරේම එල්ලිලා ඉන්නවා...
ඒ මදිවට Mountain Shoes දෙකකුත් තෑගි කළා. මෙයා කොහෙද මචං අලුත් දේකට පුරුදු වෙන්නේ? අපි මෙච්චර කියනවා. තවම එක උගුරක රහ බලනවද...”  මධු සාදයකදී නෙවිල් බොහෝ විටක කියයි.

බාගුරේ නවතින්නේ නැතිව තේ හදන්න මෙතනට එන්නයි තිබ්බේ. එහෙම කළා නං මෙතන හීල් හෙවණේ...

“නිමලෝ, උඹ දාන්නේ නැතිනං මම ඔය සපත්තු ජෝඩුව ගන්නද?” මර්වින් ඇහුවේ අරහෙම කියැවුණු වෙලාවකය.

“දොස්තර මහත්තයා මොකුත් කියන්නේ නැත්තං... මං ඔච්චර සපත්තු දෙකක් දමාගෙන මහරගම හන්දියට යන්නද?” ඉතිං, මර්වින් සපත්තු ජෝඩුව ගෙනිච්චේය. හැබැයි, උන්නැහෙත් එකම දවසකවත් ඒවා පැළඳගෙන හිටිනවා අපට පෙනුණේ නැත.
මට හිතෙන්නේ අයස්මන්ත මහත්තයා ඒකට ඔරොප්පුවී අපේ මූණටම අනින්නට 'ස්වයං පීඩක' ක්‍රමයක් හොයාගත් බවයි. ඒ බරැති සපත්තු ජෝඩුව දමාගෙනය, උන්නැහේ පාද යාත්‍රා ගමන පටන් ගත්තේ. ඒවා නිසාම වෙන්නැති අයස්මන්තගේ දෙකකුලේ දිය පට්ට එන්නට ඇත්තෙත්!

කහ කුඩු පොල්තෙල් සාත්තුව කරන්න තිබ්බා නම් මරු. ඒත් දුරු- මිරිස් බඩු මල්ල දැන් කුඩා කැබිලිත්තට ගිහිල්ලනෙ තියෙන්නේ.”
“කමක් නෑ. අපි ඉක්මනට එහාට යන එකනෙ.” මේ ගමනේදී ඉලක්කයන් තබා ගැනීම නොකළ යුතු බව අපට අමතක වී ගොසිනි!

බාගුරෙන් පිටත් වෙනකොටත් පාර ගිනියම් වෙලා තිබ්බේ, අපට රිදවන්නට වගෙය. මඩමේතොට හෙවත් කුඩා කැබිලිත්තට මෙතන සිට කිලෝ මීටර් 12ක දුරක් යා යුතුය; ඒ ගමනේදී අපට තුන්මුල්ල බංගලාව, කොටළිඳවල, අන්දරක කලපුව, යාකල කලපුව එහෙමත් පසු කරන්නට වෙයි.
අන්දරක කලපුව අද්දර වාඩිවී ගිමන් හරිද්දී මගේ හිත ඉරිසියාවෙන් පිරෙන්නට ගත්තා මට මතකය. තරුණ නඩයක් අන්දරක කලපුවේ නාන හැටි දැක්කාමය, මට එහෙම වුණේ.

“අපිටත් බාගුරේ නවතින්නේ නැතිව තේ හදන්න මෙතනට එන්නයි තිබ්බේ. එහෙම කළා නං මෙතන හීල් හෙවණේ...”
“ලබන වතාවේ දිගටම මෙතෙන්ට එමු.”
“අමතක කරන්න එපා, පහුගිය වතාවල්වල මේකෙ මෙච්චර වතුර තිබ්බෙ නැහැනෙ.”
“තව අග්ගලා ඉතුරුයි... කනවද... එපා? එහෙනං මේ ටික අර නඩේට දෙමුද.”

“අපට බෑ ඔව්වා කරන්න ගිහිං කිච වෙන්න... තමුසෙට ඕනි නං තමුසෙම ගිහිං දෙනවකො- අපට කියන්නේ.” එකා දෙන්නා නක්කල් හිනා පාති.
“මට බැහැ කියලද හිතන්නේ?” අග්ගලා ගුළි ටිකත් අරගෙන මම ඒ පිරිස වෙත යන්නට පිය ඔසවමි.
“ඔන්න දිසානායකත් නාගන්නයි හදන්නේ!” හඬ අඩුවෙන් කිව්වේ නෙවිල් වෙන්නැති!

“අග්ගලා ටිකක් දෙන්නං...” මගේ ප්‍රශ්නයට ලැබුණු ප්‍රතිචාර බෙහෙවින් උණුසුම්ය.
“නියමයිනෙ මාමේ... මෙච්චර? මාමලාගේ කට්ටියේ නේද අර foto ගත්තු මල්ලී ඉන්නේ. ගෙදර ගියාම- එයාට මතක් කරනවද මාමේ ඒ ෆොටෝස් internet එකට දාන්න.” ඒ කිව්වේ පසිඳු ගැනයි. “හා,මම කියන්නං!”

ඔයාලා ඉස්සර වෙලා ගිහිං කුරුලු විල්ලුවේ...      

‘මම කියන්නං’ කිව්වාට මොකද, ඒ වෙද්දී මං හිටියේ ‘පාන්’ කියා ගන්නටවත් බැරි තරමේ වෙහෙසකිනි. අප සේරටම වඩා සමන්තිත් දැඩි උණුසුමෙන් හෙම්බත් වෙලාය. “ප්‍රියන්ත, ඔයාලා ඉස්සර වෙලා ගිහිං කුරුලු විල්ලුවේ Bird Watching කුලුන ළඟ නැවතිලා වතුර ටිකක් උණු කරනවද... අපි ටිකක් හෙමින් එන්නං.”

හෙමින් ගියේ පීරිස්, තමීර, නමී හා මං වහන්සේයි. මං නම් හෙමින් ගියා කිව්වත් වැරදිය. වඩාත් සුදුසු ‘ඔහෙ යැවුණා’ කියන එකය. හීන් සීරුවේ ගාටමින් අප කුරුලු විල්ලුවට යනකොට අපේ වතුර සාස්පාන ගොජ දමමින්; උතුරමින් තිබිණි.

“නිමල් අයියේ, බතල තම්බපුවා කමුද? ටිකක් බඩගිනියි.”
එහෙම කාලාත්, බතල බාල්දියෙනුත් තුනෙන් පංගුවක්ම ඉතිරිය.
“අග්ගලා මාමේ. කඩල ටිකක් දෙන්නද?” අතරමඟ ස්නානය කරමින් හිටි නඩේ කෙනෙක් සුහදත්වයේ දෑත දිගු කරයි. එයාලා කඩල තම්බලා ගෙනවිත් තිබ්බේ පොල්, ලුණුමිරිස් මොකුත්ම නැතිවය.

“එහෙනං මේ පොල් දාපු බතලත් ගන්න කලවමට. ලුණුමිරිසුත් තියෙනවා.” දමිළ ගමන්කරුවෙකුටත් බතල පිඟානක් බෙදාදුන් ප්‍රියන්ත කියයි. “Tea or Coffee?” ඒ අස්සේ Sam අහයි.

ඊට පස්සේ ආයෙමත් අපේ නඩය දෙකඩ වෙයි!
“අපි කට්ටිය ඉස්සර වෙලා ගිහිං හොඳ තැනක් අල්ලා ගන්නං. දර ටිකකුත් එකතු කරන්නං!” ඒ අතින් බලද්දී අප කොතරම් ආත්මාර්ථකාමීද? දැන් බෝධිසත්ත කතා කියන නසරානි නිමල් දිසානායකයා පාද යාත්‍රා ගමන් වතාවකදී හොඳටෝම
ආත්මාර්ථකාමී වෙච්චි හැටි ගැන මීට කලින් පාපෝච්ඡාරණය කෙරුවා මතකය.
මිනිස්කමේ හැටි එහෙමය; මනුස්ස සොබාව ඒකය. වැඩි දෙනෙකුම හිතන්නේ තම-තමන්ගේ සැප පහසුව; වාසිය ගැන විතරකි!

‘...ගිනි පිඹිනා වින කරනා මුදලින් නුඹට පඬුරු ලා
හෙණ වදිනා පව් කරලා රහසින් ලොවක් රවටලා
දැන් එන්නේ නුඹගේ සෙත පතලා...’

à ඊළඟ කොටසට...

41 comments:

  1. ආයෙ මොනවද ඉතිං මං කිවුව වගේ කෑමම තමයි තියෙන්නෙ. මේකනං කෑමටම යන ගමනක්ද කොහෙද. හැක්..

    ඇයි අර කිරිබත් කන වෙලාවෙ නමිය විරෝගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉතිං කෑම හොඳයිනෙ? නැතුව කැලේ රිලව් ගැන ලියන්නද? ඇයි අවුල්ද?😉

      Delete
    2. ඔඳ වෙලාවට කැලේ බශ්ෂො ඉටියෙ නැත්තෙ බොශ්.

      Delete
    3. පෂා.. සැර අඩුවෙන් කන මට ඒ වෙලේ ලුනුමිරිස කාලා පුපෙන් දුම් දාන සයිස් හිටියෙ. ඒ අල්ල පනල්ලෙ මේ පොටෝ අල්ලල 😁

      Delete
    4. ප්‍රසන්න මහත්තයෝ, මම අපායට ගියත් ලෝදියවල රස කොහොමද බලයි!

      අපේ ගමන්වලදී කෑම බීම ඉතාම වැදගත් තැනක් ගන්නවා. / හා විවේකය...

      ලුනුම්රිස් නෙවෙයි අමෘතය දිව ගෑවත් ප්‍රසෝ- උපන් හැටි වෙනස් වේවිද... කියලා මට හිතුණේ මොකද මන්දා... (නමී, තරහ නැතිව comment එකකට ඉමොජි ඈතුලු කරන හැටි කියල දෙන්න- පස්සේ වෙලාවක. හොඳද..)

      Delete
    5. ඒක ඩෙක්ස්ටොප් වල කරන්න බෑ මට හිතෙන හැටියට. ෆෝන් වලින් විතරයි.

      Delete
  2. https://isac.uchicago.edu/research/symposia/religion-and-power-divine-kingship-ancient-world-and-beyond-0

    ReplyDelete
    Replies
    1. වැට දිගේ, එකායි. ලින්ක් දිගේ දෙකායි. නෑ, මම මේ ලිස්සන් ක්‍රම ගණන් කලේ.🤔

      Delete
    2. දෙපාරක්ම කියෝනකොටයි බස්සා මහත්තයෝ, ඔහෙගෙ comment එක තේරුම් ගියේ.

      Pra Jay මහත්තයෝ. link එකට ගියත් කියවන්න වෙලාවක් නෑ. පස්සේ කියවන්නන්.
      හෙට උදේ අපි අම්මාව බලන්ගොඩ එක්කගෙන යන මිෂන් එකකට සැරසෙනවා. ඒකයි තකහන්යේ දැන් උත්තර ලියන්නේ.

      Delete
  3. කොච්චර හොඳ වුනත්, බර සපත්තු දාගෙන දිග පා ගමනක් යන්න බෑ. සෙරෙප්පු දෙකක තියෙන සැහැල්ලුවත්, පහසුවත්, දිය නොරඳන බවත් වෙන කිසිම පා වහනක නෑ. ඒත්, වැලි වලට කැපිලා, දිය බුබුලු ආවොත්, ඒ සියලු ආතල් යනවා. දිග මේස් පැලඳ, සෙරෙප්පු දාගත්තොත් හරි යාවිද මන්දා?🤔

    ReplyDelete
    Replies
    1. කුමන/යාල ට්‍රෙකින්වලට බර සපත්තු ඕනෙ නෑ. ඒ ගමන්වල සෙරෙප්පුවල එකම හොඳේ තෙමුනට කමක් නැති එක. නැත්නම් අපිට හරි යන්නෙ නෑ. ඒ පැත්තෙ පුරුදු ගමේ අයනම් සෙරෙප්පු දාගෙන යනවා.
      මේක හොඳටම ඇති.
      https://www.mec.ca/en/product/6016-538/moab-3-waterproof-light-trail-shoes
      ඇත්තෙන්ම ඔයිට වඩා ලාබ සැහැල්ලු චයිනීස් එකකුත් ඇති. (ඒත් ස්පයාර් එකක් ගෙනියන්න වෙයි )

      Delete
    2. 50 ක් විතර වෙනවනෙ. ඕක ගත්තොත් ගමන යන්න වෙන්නෙ නෑ ඉඳගෙන.

      Delete
    3. බස්පා
      ඒ සපත්දෙතු දෙක එච්චරමමත් බර නෑ

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. @ P, මං කිව්වෙ බර, ගාණ නෙමෙයි. ඔය කැනඩාවෙ උදාහරණයක් බැස්ටියංතුමාට

      Delete
    6. අපේ පාද යාත්‍රාවේ 5 වතාවම ගියේ අයස්මන්ත- නෙවිල් හා මම විතරයි.
      නෙවිල් හැම සැරේම ගියේ රබර් සෙරෙප්පු දාගෙන. අයස්මන්ත සපත්තු- සෙරෙප්පු දෙවගෙම දැම්මා. මම සපත්තු දෙක්ක්මයි දැම්මේ. මොකද මගෙ ඇඟිලි හිරි වැටිලා නිසා සෙරෙප්පු දෙක කකුලේ රඳවා ගන්න බෑ. ගෙදර ලඟම කඩේකට වුණත් යන්නෙ සැන්ඩ්ල්ස් දාගෙන.
      අඩුවෙන්ම දිය පට්ට ආවේ නෙවිල්ගේ. අයස්මන්ත මහත්තයාගේ හා මගෙ ඇඟිලිවල උඩ පැත්තෙත් දිය පට්ට ආවා මේ සැරේ. මට හිතෙන්නේ අපි මෙහෙදී ඇවිදලා පුහුණු වුණා මදි- මේ සැරේ. පුහුණු වෙන්න හැදුව ගොඩක් වතාවල යාගන්න බැරි වුණා වැස්ස නිසා.

      මගෙ අදහසත් රබර් සෙරෙප්පු තමයි මේ ගමනට වැඩියම සුදුසු කියල. මේ වතාවේ ප්‍රියන්ත, තමීර, පසිඳු හා නමීත් ගියේ රබර් සේරෙපු ගෙන. හැබැයි අලුත් ඒවා දාගෙන ගිය අයට ප්‍රශ්න ආවා. අපේ නමිනං උන්නැහෙගේ නං උඩු පතුල් දෙඅ වැහිලයි තිබ්බේ ප්ලාස්ටර්වලින්.

      Delete
    7. ජොගින් ට්‍රැක්ස්වල ඇවිද්දට 100%ක් හරි යන්නේ නැත්තේ ඒවායෙ බිම තදට තියෙන නිසා. පා ගමන යන පාරවල ගොඩ හරියක තියෙන්නේ හීනිම හීනි වැල්ල. අඩිය දෙක මහත
      වැලි තට්ටුවක්. අඩියක් තියල අනෙක් අඩිය තියන්න වෙන්නේ සෑහෙන වෑයමකින් කකුල ඔසවලයි-

      Delete
    8. // ලාබ සැහැල්ලු චයිනීස් එකකුත් ඇති. (ඒත් ස්පයාර් එකක් ගෙනියන්න වෙයි )//
      සහතික ඇත්ත. එච්චරම ලාබ නැති, ඒත් පෙනුම හොඳ , නෝ-නේම් චයිනීස් සැන්ඩල්ස් දෙක දැන් හම යනවා.

      අර Pra Jay කියපු ජාතියෙ සපත්තු ගන්න හොඳම තැන Costco. පට්ට ලාබයි, ඒත් හොඳට කල් පවතිනවා. මා දෙකක්ම තියනවා.

      Delete
    9. Costco, ඔහොම දේවල් සොයා බලන දෙයියෙක් ඉන්නවා. එයාට කියන්නෝනි...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඩෙස්ක්-ටොප් වල ඉමෝජි දාන්න, මොබයිල්වල තරම් ලේසි නැති වුනත්, කරන්න බැරිම දෙයක් නෙමෙයි.
    https://youtu.be/N61q_FiEE64?t=33
    වින්ඩෝ කී එක + ; එබුවාම, ඉමෝජි එන්න ඕනෙ. ඒ වගේම රයිට් ක්ලික් මෙනු එකේ උඩින්මත් ඉමෝජි තියනවා. එහෙම එන්නෙ නැත්නම්, නමියට 😏 කියලා ඉමෝජි කී-බෝඩ් එක ඉන්ස්ටෝල් කරගන්න .

    😉🦉🐕🤣

    ReplyDelete
    Replies
    1. අර නමියා ගාව දාල තියන ඉමෝජි එකට කියන්නේ "නියවන මූණ" කියලලලු. 🤣😂

      Delete
    2. බස්සා මහත්තයෝ, උපදෙස්වලට ස්තුතියි. ඊයේ පාන්දරින් අම්මත් එක බලන්ගොඩ ගිහිං දැනුයි ආපසු ආවේ. හොඳටම මහන්සියි. Try කරලා බලන්නන් හෙට.

      Delete
  6. ඒ දවස් වල අපි කිව කවියක් තිබ්බ. හරෝහරා ගෝවින්දා - ගෝවින්දගේ ගේ බින්දා කියල. කොහෙන් ආපු එකක්ද මන්ද. මට හිතෙන්නේ මේ කතරගම පාගමන ඉස්සර සිරිපාදේ ගිය එක වගේ. මට මතකයි අපිත් කෑම බීම බෙදා ගත්ත. අනිත් අයට උදව් කළා. දැන් වගේ කුණු විසි කරන සීන් එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. සිරීපාදේ සීසන් එක ඉවර වෙද්දී කුණු කඳු ටොන් ගණන් එකතු වෙනවනේ දැන්නං.

      Delete
  7. //“අසංගට කිව්වේ අටක් ගන්න. එයා පොල් පොඩි නිසා දහයක් ගත්තයි කිව්වා. දැන් පහ ඇති!”//
    ඒ අසංග මේ අසංග නොවන බවත්... ඒ අසංගත් මේ අසංගත් නොවන තවත් අසංගලා ඇති බවත් ප්‍රකාශයට පත්කරන්නෙමු..

    ReplyDelete
    Replies
    1. එසේය, එසේය. ඒ හම්බන්තොට අසංග වනාහී BN අසංගයාණෝය. මේ අසංගයාණෝ වනාහී අසංග රණසිංහආරච්චිය.

      Delete
  8. නිමල් අංකල් ඔය කතරගමට යන පාද යාත්‍රාව කියන චාරිකාව සංවිධානය කරන අය පරිසරය විනාශ නොකර පරිස්සමට ගමන් කරනවා කියන කතාව ඇත්තටම ෂුවර් එකටම එහෙම කරනවාද? මොකද මට නම් ෂුවර් නෑ, අර මේ දවස්වල පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුලට ආපු ජනතාව සරසවි භූමිය බලහත්කාරයෙන් අල්ලාගෙන දූෂණය කර ඇති බව කියවෙන පෝස්ට් ගණනාවක්ම සෝෂල් මීඩියා වල යනවා ඒ වගේ කතරගම යන අයත් ඔය පාරේ තියෙන රක්ෂිත වනාන්තර විනාශ කිරීමට ඉඩ තියෙන බවයි මට කියන්න තියෙන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය උත්සවයකට ජනතාව ගෙන්වාගෙන ඒ කිව්වේ මිනිස්සුන්ට විවෘතව ආරාධනා කරලා, දැන් සමාජ මාධ්‍යයේ අඬන අයට ඒකට හේතුව විදිහට ඔබ හිතන්නේ මොකක්ද?

    මම හිතන්නේ ලංකාවේ පොදු සමාජය ඉතාම දූෂිත එකක්, උදාහරණ විදිහට අපි ඉතාම සංවර ලෙස ගිය අවුරුද්ද මුල ආරම්භ කරපු අරගලය අවසන් සමය වන විට එක එක එපාම එපාකරපු කාලකන්නි කුඩ්ඩෝ මැරවරයෝ හොරු තක්කඩි ඒකට බලෙන් රිංගාගෙන අපව එලවා දමා විශාල විනාශයක් රට පුරාම ක්‍රියාත්මක කළා, මම හිතන්නේ ආණ්ඩුව වක්‍ර ලෙස ඒකට සහාය දුන් බව පොලීසිය එහෙම විශේෂයෙන්ම සද්ද නැතුව හිටිය එක ගැන මට සැකයි, ජනාධිපති නිල මන්දිරේ ස්විමිං පූල් එකේ අරගල කාරයෝ රිව්වේ..ඒ මේ රටේ හැටි. ඒ දිනවල ඔවුන් රජයේ සහ පෞද්ගලික චංචල දේපල හැකිතාක්දුරට හොරකම් කර පන්නාගත් අතර නිශ්චල දේපල වලට ගිනි තියන්න කටයුතු කළේ මේ අපතයින් පිරිසයි, එබඳු අපතයින් ඔය සංචාරය කරන පිරිස තුල නැද්ද?

    ReplyDelete
    Replies
    1. කතරගම පාද යාත්‍රාව තනි කෙනෙක්; සංවිධානයක් සංවිධානය කරන එකක් නෙවෙයි.
      තරමක හෝ අවබෝධයක්- භක්තියක් ඇති අය පමණයි තවමත් මේ ගමන යන බැව් පෙනෙන්නේ. මොකද මේක දුෂ්කර ප්‍රයාමයක්
      ඔබ කියන අපතයන් ගණයට අයත් අය මම නං මේ ගමනේදී දුටුවේ නෑ.

      Delete
  9. "පාන් බාගයක් දෙකට පලා- ලෝබ නැතිව සීනි සම්බෝල මැද්දට දමා පිරිසිදු සුදු කඩදාසියකිනුත් ඔතලා.." මේ වගේ පිලිවෙලට වැඩ කරන අය ඉන්නවා කියලා අහන්නත් ආසයි. සාමාන්‍යයෙන් ගොඩක් අය ගැවසෙන තැන් වල වැඩිපුරම තියෙන්නෙ අපිරිසිදුකම හා අපිලිවෙලනෙ.

    "මේ ගමනේදී ඉලක්කයන් තබා ගැනීම නොකළ යුතු බව අපට අමතක වී ගොසිනි!" ඒ මොකද ඒ?. ස්වබාව දර්මයේ නීතිවලට අනුකූලව යා යුතු ගමනක් නිසාද.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම Lotus, ඒ සීනි සම්බෝල පාන් සකසා- ඔතා තිබුණු විදිහ හරිමක්‍රමවත්- විධිමත්. ඒ නිසාමයි මම ඒ ගැන වෙසෙසින්ම ලිව්වෙත්.
      කැබිලිත්ත හා කුඩා කැබිලිත්ත ගමන්වලදී ඉලක්ක තියාගන්න එපා කියල අවවාද ලැබිලා තියෙද්දිත්, ඒවා නොතකා ගිය අපේ ඒ ඉලක්ක බොහොම වාරයක්ම වැරදුනා. අහම්බයන් විදිහටම නෙවෙයි, මම නං ඒවා දකින්නේ...

      Delete
    2. අද නිමල් instant කමෙන්ට්ස් දාලා වගේ.

      ඔව්, අධික භක්තියෙන් යන ගමන් නිසා ඉලක්ක තියා ගැනීම දකින්නෙ ස්වබාව ධර්මයට එරෙහිව යාමක් (trying to defeat the rules of nature) විදිහට වෙන්න ඇති. Metaphorically හිතුවොත් දෙවියො කියන්නෙත් ස්වබාව ධර්මයනෙ (සොරි මම එහෙමකිව්වෙ දේව භක්තියකයින්ට අගෞරවයක් විදිහට නෙවෙයි, just my interpretation).

      Delete
    3. දවස් දෙකක් ගෙදර නොහිටි නිසා, ආව ගමන් wash එකක් දාගෙන කම්යුපිටරේට වාඩි වුන ඔයාලට උත්තර දෙන්න. බ්ලොගය කියවන, comments එවන ඔයාලට ගරු කරන්න ඕනිනේ, ක්‍රියාවෙනුත්.

      Delete
  10. මම හිතුවෙ ඔහොම දුර ඇවිදින්නෙ සපත්තු (covered shoes/sneakers) දාගෙන කියලා. සෙරෙප්පු දාගෙන යනවා කියන්නෙ කොච්චර කැපකිරීමක්ද. සෙරෙප්පුවත් නැතුව යන අයත් ගොඩක් ඇති ඒ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. 95%ක් විතරම යන්නෙ රබර් සෙරෙප්පු දාගෙන. තවත් 4.5%ක් විතර නිරුවත් දෙපයින්. සපත්තු දාගෙන යන්නෝ 0.5ක් විතරවත් නැතිව ඇති Lotus, හැබැයි මේ කියන්නේ මගෙ නිරීක්ෂණ අනුව.

      Delete
    2. නිමල් අයියේ මේ මොහොතේ ප්‍රංශයේ දැවැන්ත "අරගලයක්" ක්‍රියාත්මකයි. මේක බලන්න බෙල්ජියමටත් පත්තු වෙන තත්ත්වයක් තියෙනව නේද?

      https://m.youtube.com/watch?v=CwwEhQfsgLA&t=36s&pp=ygUMZnJhbmNlIHJpb3Rz

      ගිනි තියනවා, ගහගන්නවා, මිනිස්සු මැරෙනවා. සෑහෙන භයානක මහ ප්‍රචන්ඩ අරගලයක්....!

      හැබැයි ලංකාවේ ගෝල්ෆේස් වල අප්ඩේට්ස් විනාඩියෙන් විනාඩියට ගහපු ඉන්ටර්නැෂනල් මීඩියා ඒ තරම් ලොකු අවදානයක් ඒකට දෙන්නෙ නෑ. ඒ වගේම උක්රේනයේ 2014 මයිදාන් සීන් එකට තරම් කිසිම තැනක අවධානය යොමුකර නෑ, මෙහෙම වෙන්නේ ඇයි?

      මිනිස්සුන්ගේ විරෝධතා පැවැත්වීමේ අයිතියට අත නොතබනු කියලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නිවේදන නිකුත් කරලා නෑ. ඇමරිකා තානාපති කාර්යාලය ප්‍රංස ජනපතිට නියෝග කරමින් මානව හිමිකම් රකින්න ඕන කියල අවධාරණය කරන බව දැක්කේ නෑ

      මුලු ජාත්‍යන්තරයම නිකන් කිසිම දෙයක් දැක්කේ නෑ වගේ ඉන්නේ. ඇයි ඒ?

      ඒත් මේ ඉන්දියන් සාගරේ දූපතක් වෙච්ච ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට මේ තරම් දැඩි අවදානයක් දෙන සුදු මහත්තුරු, නෝනලා තමන්ගේ අල්ලපු වැටේ ගින්දර ගැන වැඩිය කතා නොකරන්නේ ඇයි දන්නෑ ?

      කෝ බීබීසී? කෝ බ්‍රිතාන්‍ය රජය සහ තානාපතිලා? කෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික උපදේශක බීබීසී සිංහල සේවයේ අධිපති වෙරිටේ මීඩියා ජ්‍යෙෂ්ඨ උපදේශක අල් ජසීරා නිදහස් මාධ්‍යවේදී බයි-ලයින් ටයිම්ස් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක මහා විද්වත් සරෝජ්ලගේ කටවල් වල පිට්ටුද? ඇත්තටම නිමල් අවංකව මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබට? අපට ඕන නිදහස් අදහස් සහ සැබෑවටම සිදුවන සත්‍ය දැනගන්න, ඒ නිසා ලියන්න ඒ ගැන...... එංගලන්තයට අපට වඩා හොඳට නිව්ස් එනවානේ නේද?

      Delete
    3. මම යමක් ගැන ලියන්නේ ඒ ගැන ලිවිය යුතුයි කියලා මට දැනුණු විටයි. මං ඒ සඳහා සුදුසුය කියල හිතුනු විටයි.
      ලෝක දේශපාලනය ගැන මගෙ උනන්දුව හා දැනුම ඉතාම අල්පයිනේ මහත්තයෝ....

      Delete
    4. @ ඇනෝ 10.08 AM

      ඕක තමයි මේ ලෝකයේ ස්වභාවය උදාහරණ විදිහට ලෝක ඉතිහාසයේ සිදුවීම් ඇනලයිස් කරල බැලුවොත් හිට්ලර් කියන්නේ අමානුශික ද්‍රෝහියෙක් බවට හන්වඩු ගැහුනෙ ඔහු යුද්දෙ පැරදුන නිසා. හැබැයි ඔහු දිනුවනම් ඔහු තමයි සදාතනික වීරය වෙන්නෙ. යුද්දයේ ස්වභාවය එය තමයි. නමුත් ඇතතනම් යුද්දයෙන් කිසිවෙකු ජයග්‍රහනය නොකරන එකයි සැබෑවටම වෙන්නේ. තවත් උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවක් මරා දමමින් තවත් මිලියනයකට අධික පිරිසකට න්‍යෂ්ටික විකිරණ වලට නිරාවරණය කරමින් ලොව එතෙක් මෙතෙක් සිදුකල අමානුෂිකම ජනඝාතක පරමාණූ බෝම්බ ගහලත් වීරයො උනේ උන් යුද්දෙ දිනපු නිසා.

      එන්ගලන්තෙ හිරු නොබසින අධිරාජ්ජය හැදුවෙ හිට්ලර්ට වඩා විනාසයක් ලෝකෙට සහ මිනිස් වර්ගයාට සිදුකරල තමයි හැබැයි උන් යුද්ද දිනපු නිසා තාමත් උන්ට සැලියුට් ගහන ගමන් හිට්ලර්ට දොස්කියනව. ලංකාවේ ගෝතකරුමත් මෙලෝ දෙයක් නොදැන හිට්ලර්ට බැන බැන ඊට වඩා අන්ත මිනීමරු චර්චිල්ලාට වන්දිභට්ටකම් සට්ටැඹිකම් කරකර රට්ටු හිනස්සනවා. ඒකට හේතුව විදිහට මොකක්ද කියන්න පුළුවන්?

      මම හිතන්නේ ඒ තමයි යුද ජයග්‍රහාකයන් විසින් ජඩමාධ්‍ය යොදාගෙන කැම්පේන් කරලා බහුතර සාමාන්‍ය ජනතාව ඇතුලත්වන ජනසමාජයේ මොල හෝදල මිනිසුන් මෙහෙයවන විදිය. ඔය බෙල්ජියම නෙදර් ලන්තය, පෘතුගාලය, ස්පාඥ්ඥය ග්‍රීසිය ජපානය වගේ රටවල් හිට්ලර්ට කලින් කලෙත් හිට්ලර් කරපු දේම තමයි .ඊටකලින් මොන්ගෝලියාවත් කලේ එකම දේ තමයි. බෙල්ජියමේ දෙවන ලියෝපෝල්ඩ් රජා හිට්ලර්ට වඩා නපුරු භයානක දේවල් අප්‍රිකානු යටත් විජිත කොංගෝවල ජනතාවට සංහාර සිදුකළා, ඒ වගේ තව ස්පාඤ්ඤය සහ පෘතුගාලය දකුණුදිග ඇමරිකාවටත් ව්ලාද් ද ඉම්පේලර් වගේ අය නැගෙනහිර යුරෝපීය රටවලට සිදුකළා, මධ්‍ය ආසියාතික රටවලට චිංඝීස් ඛාන් කී විනාශය සෑහෙන්න බරපතලයි, ඒත් ඔය කවුරුත් ගැන විවේචනය කරන්නේ හරිම අඩුවෙන් දෙවන ලෝක යුද්ධය තුල කොතරම් යුධ අපරාධ දෙපාර්ශ්වයම සිදුකළා හැබැයි හිට්ලර් විතරයි නරක මිනිහ උනේ.ඒ බලය ඇති උන් ඉතිහාසය ලියන විදිය. දෙවන ලෝක යුධමය තුල ස්විස්ටර්ලන්‍තෙ පැත්තක ඉදල පොහොසත් උනේ හිට්ලර්ගෙ ධනය ස්විස්වල තැන්පත්කරල තිබුන නිසා.එයාල දැනුත් කරන්නෙ ලෝකෙම ඉන්න හොරුන්ගෙ කලුසල්ලි එයාලගෙ බැන්කුවල තැන්පත්කරව ගන්න එක.පිටට කියනව අපිසාමකාමී මානව හිමිකම් රකිනව කියල ඒ ඔක්කොම කරන්නෙ යටින් හොරකම කරන්ගමන් තමයි. මේකයි ලෝක ස්වභාවය කියල තේරුම්ගත යුතුයි, ඒක වෙනස් කරන්න ලේසි නෑ ඒත් අපි උත්සාහ කරල බලමු පුළුවන් විධියට.

      Delete

  11. 🤗👌ස්තුතියි නවීන්!🤗👌

    ReplyDelete