අකුරු මැකී නෑ

Thursday, September 26, 2024

අනුරට කෝටියක්- මමත් ඉන් එක්කෙනෙක්! -පළමුවෙනි කොටස

‘නිමල්

ඔයාට පුළුවන්ද දාර මාලිමා වහල්ලුන්ට පොඩි පණිවිඩයක් හරියට තේරුම් කරලා දෙන්න? ඇත්තටම දාර මීහරක් මාලිමා ජෙප්පන්ට මේ ආණ්ඩුව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ පොඩ්ඩක් කටයි පුකයි වහගෙන බුකියේ පණ්ඩිතකම් දොඩවන්නේ නැතුව අඩුම ගානේ තව මාසයක් දෙකක් ඉවසන් ඉන්න එක... අනුරට ජනාධිපති වෙලා හුස්ම ගන්න නෑ මේ වේස හැත්ත puca දෙන්න දඟලනවා. යකෝ අපේ අනුර ලොක්කා යංතන්, සංතන් ජනාධිපති කියල තේරුම් ගනින්. තොපි වගෙ අමු මී හරක් දාර ජෙපි පඩංගු නිසා වෙන්නෙ ආසන හැටක්වත් දිනාගන්න ඡන්ද නැති වෙන එක. යකෝ අනුරට ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න ඡන්ද ටිකක් ගන්න තොපේ ගූ ගඳ ගහන කටවල් ටික දවසකටවත් වහගෙන හිටපියව් කාලකණ්නි හැත්ත. තොපි ඒ මනුස්සයටත් කෙළවන්නනේ ඔය හදන්නේ?

වෙනසක් විය යුතුය යනුවෙන් ඇදහුවෙමි!

අද 2024 සැප්තැම්බර් 26.

යාළුවො ගියාට පස්සේ නිඳා ගනිද්දීත් දොළහමාරයි.
උදෙන්ම කුස්සිය අස්පස් කරලා- බාගෙට හෝදලා තිබුණු වළන්- පිඟන් භාජන සේරම හොඳට හෝදලා ඉවර කරලා කොම්පියුටරේ ඉස්සරහින් වාඩි වුණා.

බාගෙට ලියලා තියෙන post එක අදවත් ඉවර කරනවා- කරනවාමයි! කියන දෘඩතර අදිටනින් යුතුව. ඊයේ දවසේත් බ්ලොගයේ වැඩක් කරගන්න බැරිම වෙච්ච ගණනයිනෙ. මිතුරු හමුවට සූදානං වෙන්න සිද්ද වුණු හිංදා.

Post එකේ වැඩවලට කලින් බලන්න එපැයි- කව්රු හරි අලුතින් comment කරලද කියල. එහෙම නං ඒවට reply කරන එකයි ඉස්සෙල්ලම කෙරෙන්නේ. ඊළඟට මම නිතරම ගොඩ වැදෙන blog අඩවිවලට යන එක. ඊටත් පස්සේ ඊමේල් කියවන එක.

ඔන්න බොලේ මේ post එකේ උඩින්ම ඔබපු ඡේදය තියෙන මේලයකුත් තියෙනවා. ඒක එවල තියෙන්නෙ නං Anonymous කෙනෙක්- මාතලන් අඩවියේ පළ වුණු "අන්‍රයියා වෙත ලියමි...." post එකට මම යවපු ප්‍රතිචාරයකට පිළිතුරු විදිහට.
මම යවාපු ප්‍රතිචාරය මේකයි:

වෙනසක් විය යුතුය යනුවෙන් ඇදහුවෙමි
එය ඉක්මනින් සිදු වෙන විත්තිය      දුටිමි
හැකි පමණකින් ඒකට දායක      වුණෙමි
ඔබත් වෙනස් වී ඇති බව අද            දුටිමි

අර reply එක එවපු Ano හිතන්න ඇති මටත් මාලිමාවේ අය එක්ක සම්බන්ධකම් තියෙනවයි කියල. අනේ මං මාලිමාවට කැමති බව ඇත්ත. ටික වෙන්න කඩේ ගිය විත්තියත් ඇත්ත. ඒත් අරහෙම විශේෂ යාළුකම්- සම්බන්ධකම් මොකුත් මේ පුංචි සිංඤෝට නෑ!
හැබැයි එයාලා රට හදයි කියල විශ්වාසයක් මට තියෙනවා.
ඒත් මම මාලිමාව අදහන්නෙක් නං නෙවෙයි.

ඒ හින්දම සිද්ද වෙනදේ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නත්, තේරුම් ගන්නට උත්සාහ කිරීමත් කරතෑකි. ආශ්චර්යයන් බලාපොරොත්තු වෙන්නේ නැතිව. කලබල වුණොත් කොරොස් කටේ වුණත් අත දමා ගන්න බැරි වෙනවනේ. අපි හැමෝටම තියෙන්නෙ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නයි.

ඉවසිල්ල තිබ්බත් මට වැඩි සැනසීමක් නං හම්බ වුණේ නං නෑ. පිටරට ඉඳලා ඡන්දේ දාන්නම ලංකාවට ආපු නෑ-හිත මිතුරන්ගෙන් වගේම එන්න ඉඩ නැති වුණු අයගෙනුත් calls....

ඊයේ රෑ set වීමට හේතුව ඇමෙරිකාවේ ඉඳලා ආව හිතවතෙක්. එයා ඇමෙරිකාවට ගිහිං අවුරුදු දාහතරක්. ගිය සතියේ එයා මාසෙකට ලංකාවට ඇවිත් දවස් තුන හතරකින්ම හදිසියේ ප්‍රාදුර්භූත වුණා. අපි දෙන්නා පැය තුනක් විතර කතා සරිත් සාගරයක කිමිදුණා.

ඔන්න ජෝඩුවම නියමිත දවසේ ප්‍රංශයට ගියා. ලෝකෙ හැම රටකින්ම වගේ ආපු කපල්ස්වලින් එතැන පිරිලා...

ඒකෙදි කියැවුණු විශේෂ කරුණු දෙකක් ගැන වැඩි දුරටත් එයාව කතා කරවන්නයි මං ඒ හමුව සංවිධානය කළේ- තව හිතවතුන් හතර දෙනෙකුත් ගෙන්නලා. (අර කාරණා දෙක ගැන ඔයාලටත් කියනවා කියලත් හිතේ හංගගෙන...)

මොන? ඒ යක්ෂ පැටියා පටන් ගත්තෙම අද්‍යතන ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන විග්‍රහයකින්. “බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩී කිව්වලු නිමල් අය්යේ... කොහොමද ලංකාව... ෆුල් හොල්මන් නේද? දිවුරුම් දීමේ උත්සවයක් නොගත්ත එකෙන්ම කෝටි විස්සක් විතර ඉතිරියිලු.
කොහොමද හදිස්සියේම ගෙනැත් දාල යන වාහන තොගේ...”

මනුස්සයට ගොඩක් සම්බන්ධකම් තියෙනවා. මිනිහා artist කෙනෙක්- ලේඛකයෙක්. Advertising ක්ෂේත්‍රයේ, පුවත්පත් කලාවේ නිරත වෙච්චි කෙනෙක්.
ඊයේ රෑ මනුස්සයා අපි පස්දෙනා ඉස්සරහ දිගෑරපු දේශපාලන කතා- රසකතා- රහස් කතා- කුණුහරුප කතා- යාන්ස් කොච්චර රහයිද කියනවා නං- මගේ ‘මුඛ්‍ය අරමුණ’ සුනේ සුං’ වෙලා යද්දිත් මං නිස්සද්දව උන්නා.
ඒ අතරේම කල්පනා වුණේ ‘ඇයි දෙයියනේ මේ යක්ෂය නළුවෙක් නොවුණේ’ කියලයි. ඒ තරමටම අර කතන්දර කියද්දී එයා සතර අභිනයම පාවිච්චි කෙරුවත් එක්ක!

මෙන්න එහෙම කියැවුණු කතන්දරවලින් එකම එක කතාවක්. ඒකටත් මුල පෑදුණේ මම එක්තරා නළුවෙකුගේ අභාවය ගැන මතක් කළාමයි.

‘පව්! තව කාලයක් ඉන්න තිබ්බ මනුස්සයා. මරු මනුස්සයා. මගෙත් හොඳ හිතවතා... මේක නං ඒ දවස්වල xxxx ගැන ප්‍රසිද්ද වුණු යාන් එකක්. ඒ දවස්වල එයා හිටියෙ xxx අක්කත් එක්කලු. දන්නවනෙ xxx? අර xxx xxx film එකේ සිංදු කිව්වට සම්මානෙකුත් දිනා ගත්තේ. හෙණම රැඩිකල් එක්කෙනෙක්නෙ එයත්. අපරාදේ කියන්න බෑ, එයාලා හරිම සුන්දර කැරැක්ටර්ස්.

XXX අක්කා world ෆේමස් කැරැක්ටර් එකක්නෙ. නිතරම ෆොරීන් සෙමිනාස්වලට එහෙමත් එයාට ආරාධනා හම්බ වෙනවා.

ඔහොම ඉන්දදී xxxක්කට ආරාධනයක් හම්බ වෙනවා පැරිසියේ තියෙන ස්පෙෂල් සෙමිනාර් එකකට. තනියමත් නෙවෙයි, ජෝඩුවටම. අපේ යාළුව xxxxටත් හෙණ happy. ලේසියෙන් හම්බ වෙන chance එකක්යැ. ඔන්න ජෝඩුවම නියමිත දවසේ ප්‍රංශයට ගියා.
ලෝකෙ හැම රටකින්ම වගේ ආපු කපල්ස්වලින් එතැන පිරිලා. රටවල්වලින් විතරක් නෙවෙයි- වෙන ග්‍රහලෝකවලිනුත් couples ඇවිත්...

ඔර්ගනයිසින් කොමිටියේ කට්ටිය අපේ ජෝඩුවත් හෝටලේට යවලා. ඒ එක්කම ඊළඟ කාමරේට දාලා හිටිය ජෝඩුවත්. දන්නවද උන් දෙන්නා ඇවිල්ල හිටියෙ කොහෙන්ද කියලා. හඳෙන්... කාමර ළඟට යනකොටත් හතර දෙනා fit වෙලා ඉවරයිලු.

කප්පරක් sex ෆැන්ටසීස් තියාගෙන වැඩේට සෙට් වුණත්, හඳ හාදයාගේ ජුන්ඩව දැක්ක ගමන්...

Wash එකක් කාරිය දාලා ඉවර වුණාට පස්සේ අපේ යාළුවා xxxක්කට කතා කළාලු. “මට නියම අයිඩියාවක් ආවා xxx. ඔයා මොකද හිතන්නේ... මම අර හඳේ හාදයගෙන් අහන්නද අද රෑට වයිෆ්ලව මාරු කර ගනිමුද කියලා?”

කට පුරා හිනා වෙලා xxxක්කත් ඔළුව වැනුවලු. ඔන්න අපේ man ගිහිං හඳ හාදයාට යෝජනාව දාලා.
අම්මට සිරි!
මිනිහත් එක පයින්ම මනාපෙ දීලා බිරියන් හුවමාරුවට!!
වැඩි කලබලයක් නැතිවම හඳ ගෑනු කෙනා අපේ යාළුවලගේ කාමරේට එද්දී- xxxක්කා අල්ලපු කාමරේට ගිහිං.

කප්පරක් sex ෆැන්ටසීස් තියාගෙන වැඩේට සෙට් වුණත්, හඳ හාදයාගේ ජුන්ඩව දැක්ක ගමන් xxxක්කාගේ මූඩ් එකත් බැහැලා. “මේ මොකද්ද මේ? අමුමිරිස් කරලක්නේ...” ගෑනිට නිකම්ම කියවිලා.
“Don’t worry darling... ඔයා මගේ දකුණු කන පොඩ්ඩක් මිරිකලා බලන්නකො.”
Xxxක්කා තරහටත් එක්ක හඳ හාදයාගේ දකුණු කන මිරිකුවලු තදින්ම... එතකොටම මෙන්න බොලේ අමුමිරිස් කරල පතෝල කරලක් වෙලා! හඳ හාදයාගේ වම් කන මිරිකලා බලනකොට පතෝල කරල මාළු මිරිස් කරලක් වෙලා ආයෙමත් අමුමිරිස් size එකට...

Size එක ඇජස් කර-කර රෑ පුරාම නියම සැපක් ගත්තු xxxක්කා උදේ ආපහු කාමරේට එනකොට xxxxx බොහොම අප්සෙට් මූඩ් එකෙන් බුකවගෙන ඉඳලා.
“මොකෝ නිකං තරහෙන් වගේ?”
“තරහ යන්නැද්ද ඕයි, අර හඳ xසි එළි වෙනකල්ම මට නිඳා ගන්න නොදී දිගටම මගේ දකුණු කනෙන් ඇද ඇද හිටියනේ.” අපේ යාළුවට කියැවුණාලු.

අපේ රටේ සමහරුනුත් අර ‘හඳෙන් ආපු කාන්තාව’ වගේ නේද කියලයි මට කල්පනා වෙන්නේ. එයාලත් දැන්මම අලුත් ආණ්ඩුවේ කනෙන් අදින්න පටන් අරං. උපදෙස් ගංගාවක ගිල්ලන්න පටන් අරං. එහෙම දේවල් දකිද්දී ඒවා ගැන හිතන්න වෙනවා. එතකොට ‘නිදිගෙ පංච තන්තරේ’ට post එක ලියන වැඩෙත් පස්සට යනවා.

සැප්තැම්බර් 22 ඉකොනොමැට්ටා පළ කරලා තිබ්බ post එකක් ‘නවවන ජනපතිට සුබ පැතුම්!’ කියලා. ඒක කියවද්දී මට හිතුණු දේ කවි දෙකකින් ලිව්වා. මෙහෙම:

අනුරට හිමි වුණේ ජය නොව මාවතය

ඒ මග දිගේ ගොස් ඔහු ජයගත යුතුය
ගමන අසීරුය, බාධක          අපමණය
ඒ අභියෝග අනුරල ජයගනු     ඇතිය

ඇලඩින්ගේ පහන නැත           පිරිමදින්නට
හොරු හතලිහට වැඩියෙන් ඇත මඩින්නට
පොදු ජන පැතුම් තියෙනව ඉටු   කරන්නට
ඒ කාරියට ඉඩ දෙමු                    මාලිමාවට

එයාලට ඡන්දය දුන්නු අය අතරේ විවිධත්වය වැඩියි!

මට හිතෙන්නේ මාලිමාවේ උදවිය ඉන්නවා ඇත්තේ ලොකු අමාරුවක. එයාලට ඡන්දය දුන්නු අය අතරේ විවිධත්වය වැඩියි. උගත්-නූගත්, දුප්පත්-පොහොසත්, ගම්බද-නගරබද, සේව්‍ය-සේවක, තරුණ-වැඩිහිටි වගේ විවිධ කුලකවල උදවියගේ සහයෙන් තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් දිනුවේ.

තව දුරටත් ඒ අයගේ සහාය මාලිමාවට ඕනේ. මෙතෙක් ඔවුන්ට සහය නොදීපු කොටසෙ සහයත් ඔවුන් දිනාගත යුතුමයි. ඒක ටිකක් වෙහෙසකර වෙන පාටයි.

මේ ඓතිහාසික ජයග්‍රහණයේ අරුමය නිසාද කොහේද මාලිමාවට පක්ෂව වගේම විපක්ෂවත් ගොඩක් අදහස් පළ වෙන්න පටන් ගෙන තියෙනවා. ඒවායිනුත් උගත යුතු ගොඩක් දේ තියෙන විත්තියයි මගේ අදහස. ඉකොනොගේ ‘නවවන ජනපතිට සුබ පැතුම්!’ post එකට Ano කෙනෙකු එවල තිබ්බ මේ දීර්ඝ comment එක කියවලා බලන්නකෝ.

'@ නීල පීත

මෙව්ව නිකම්ම නිකම් මනස්ගාත, ගණිතමය 😅🤣😂 බම්බුව තමයි, අපේ ගෙවල් ගාව කඩේ වැඩ කරන කොල්ලෙක් ඉන්නවා. ඌ ඕලෙවෙල්වත් ලියලා නෑ. යන්තම් ඉස්කෝලෙන් කට්ටි පැනපු නූගතෙක්. හරියට ලියන්නවත් පත්තරයක් කියවන්නවත් බෑ, ඒත් ඒ යකා ඔය සේරටම කලින් ලස්සනට කිව්වා, මේ සැරේ ජනාධිපතිවරණයක් තිව්වොත් කාටවත්ම 50% ගන්නත් බෑ, මාලිමාවට බහුතරය එයි- උතුරු නැගෙනහිර පළාත්වල සහ රට මැද නුවරඑළිය පැත්තේ සජිත් ප්‍රේමදාස දිනයි- දකුණේ සිංහල බෞද්ධ කට්ටිය වැඩි පැතිවල මාලිමාවට ජය නියතයි කියලා. මොන ගණිතයක්වත් නෑ, ඔය වගේ ලංකාවේ දේශපාලනය කරන මහ ලොකුවට අධ්‍යාපන සුදුසුකම් නැති උන්ට දේශපාලනය ගැන හොඳ ඉවක් තියෙනවා, මේ ගණිතමය බයිලා ගහන උන් හරියට අර මංජුල පීරිස්, චන්ද්‍රසිරි බණ්ඩාර, කෙප්ප සුමනේ වගේම බොරු බයිලා තමයි.

වැඩිය ඕන නෑ, මේ ඉකොනොමැට්ටා කියන හාදයා කියන ආර්ථික විද්‍යා බයිලා කොච්චර වැරදිද? හැරෙන හැරෙන පැත්තට බයිලා කියන්නේ, හරි විනෝදයි... මේවා මිනිස්සුන්ට ඒකයි අපි කියවන්නේ.

අප ඉතිහාසයෙන් පාඩම් උගත යුතුව ඇත. ඉතිහාසයේ සිදුවූ ඛේදවාචක නැවත නොවීමට ඉඩ සැලසිය යුතුව ඇත.

අනුර කුමාර දිසානායක සහෝදරයාම පවසන පරිදි අනුර සහෝදරයා සියල්ල දත්තෙකු නොවේ. එසේනම් ඔහු නොදන්නා කරුණු ගැන අදහස් ප්‍රකාශ කිරීමට පෙර ඒ සම්බන්ධ ප්‍රාමාණික දැනුමැත්තන්ගේ අදහස් විමසිය යුතුය. නොඑසේනම් ඒවා පාරාවලල්ලක් සේ ඔහුටද බලපෑම් එල්ල වන මට්ටමකට පැමිණිය හැකිය.

ජනාධිපතිවරයා රාජ්‍ය නායකයාය. ඔහුගේ ධූරයේ ඇති වැදගත්කම සහ එම ධූරය දරනු ලබන පුද්ගලයා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම මම ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතුයයි නොසිතමි. ඔහු “His excellency” උවද “අතිගරු” උවද “සහෝදරයා” උවද එම ධුරය දරන්නා රටක ඉහලම ප්‍රභූවරයාය.

ඒ නිසාම මැතිවරණ වේදිකාව මත සහ විවිධ ස්ථානවල ඔහු විසින් කල ප්‍රකාශ...

වර්තමාන ශ්‍රී ලංකාව, දශක තුනකට අධික ත්‍රස්තවාදී යුද්ධයක් පැවති, තවමත් ආයුධ තැනින් තැනින් මතුවන, අන්තවාදී සංවිධාන වරින් වර මතුවන, ප්‍රහාර දියත් කරනු ලබන (පාස්කු ප්‍රහාර) තම බලය වෙනුවෙන් රුධිරය වැගිරීමට දෙවරක් නොසිතන ත්‍රස්ත කණ්ඩායම්- ආගමික අන්තවාදය සහ ඒවාට උඩගෙඩි දෙන දේශපාලකයන් සිටින, විශාල මුදලකට ඕනෑම අපරාධයක් කරන පාතාල සාමාජිකයන් ක්‍රියාකාරීව සිටින රටක් විනා දෙවනි ලෝක යුද්ධයේදීත් අවම හානියක් වූ සහ එම යුද්ධයෙන් පසු එකදු වෙඩි හඬක් නෑසූ ජාත්‍යන්තර බල දේශපාලනයේ ගිරයන්‍ට හසු නොවූ සුවිශේෂී සීමිත කුලකයක් වූ ස්කැන්ඩිනේවියානු රටක් නොවේ.

ඒ නිසා මේ දක්වන ලද විවිධ අනතුරුවලින් මෙන්ම සිය අපරාධ වංචා දූෂණ හෙලිවීමෙන් ආරක්ෂා වීමට සහ බලය රැකගැනීමට උත්සාහ දරණ විවිධ සතුරු බලවේගවල මෙන්ම තම ගිලිහී ගිය බලයන් නැවත ලබාගැනීමට උත්සාහ දරණු ලබන සතුරන්ගේ ප්‍රමුඛ ඉලක්කයක් බවට ජනාධිපති ධූරය හොබවන තැනත්තා පත්වීම වැලැක්විය නොහැක. (විශේෂයෙන් වංචා දූෂණ සහ අපරාධවලට සම්බන්ධ වූවන්ට නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වී ඇති සහ එය එසේම ඉටු කරාවි යයි මා පවා විශ්වාස කරන අනුර කුමාර සහෝදරයාට මෙම තර්ජන මෙලෙසම ඇතුවාට සැක නැති බව අපගේ විශ්වාසයයි).

ඒ නිසාම මැතිවරණ වේදිකාව මත සහ විවිධ ස්ථානවල ඔහු විසින් කල ප්‍රකාශ විරුද්ධවාදින් විකෘති කිරීම සහ ඔහු දැනට තම ආරක්ෂාව සම්බන්ධව දක්වන ආකල්ප ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ දැනුම හැකියාව ඇත්තවුන්ගේ උපදෙස් මත වෙනස් කල යුතු බව අපගේ දැඩි විශ්වාසයයි.

පසුගිය දිනවල මැතිවරණ ප්‍රචාරණ රැලිවලදී මෙන්ම ඊට පෙරත් ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව අනුර කුමාර දිසානායක සහෝදරයා කර ඇති සමහර ප්‍රකාශ තුලින් වැරදි අර්ථ ඉස්මතු කරවූ බව (ඔහු සැබැවින්ම අදහස් කල මට්ටමට වඩා එහා ගිය වෙනත් අර්ථයක් විපක්ෂ කණ්ඩායම් ජනගත කල බව) අපගේ වැටහීමයි.

මින් වඩාත් ජනප්‍රිය කතාව ප්‍රභූ ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් දෙකක් යොදාගැනීම හාස්‍යට ලක් කරමින් පාර්ලිමේන්තුව තුල කල කතාවයි.

ප්‍රභූ ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් යානා දෙකක්වත් අවම වශයෙන් යෙදවීම අපේ දැනුම අනුව බොහෝ රටවල ප්‍රභූ ආරක්ශක protocolවල පවතින මූලධර්මයකි.

“හෙලිකොප්ටර් දෙකක් යන්නෙ එකක් කැඩුනොත් අනිකට පනින්නද“ වැනි අදහසක් ඔහු විසින් ප්‍රකාශ කිරීම දුටු විපක්ෂ කණ්ඩායම් ඔහු අදහස් කළ දෙය ගැන නිසි අවබෝධයක් නොමැතිව දුර දිග නොබලා නොසොයා දැන් වයිරල් කරනු පෙනේ.

ඔහු අදහස් කරන්නට ඇත්තේ පසුගිය රාජ්‍ය නායකයන් (සියල්ලන්ම) මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ නෑදෑ පිරිවර පමණක් නොව නිවසේ සුරතල් සතුන් පවා හෙලිකොප්ටර් මගින් සවාරි යැවීම නිසා සිදු කල විනාශය බව සැබෑවක් නිසා එම නාස්තිය නැවතිය යුතු බවයි.

යුද සමයේ තුවාල ලැබූ සෙබලුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් දෙකක්වත් මිලදී ගැනීමට...

පසුගිය චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුව යුධ සමයේ තුවාල ලැබූ සෙබලුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් දෙකක්වත් මිලදී ගැනීමට නොලැබුණු අනුමැතිය රාජපක්ෂ සිවුවන ඊලාම යුධ සමයේ සහ යුද්ධයෙන් පසු හෙලිකොප්ටර් 7-8 මිලට ගැනීමට ලබා ගෙන බේබිලාගේ බල්ලන් ප්‍රවාහනයට යොදාගත් බව අපි අසා අත්තෙමු. බලයේ සිටි සෑම රාජ්‍ය නායකයෙක්ම ගුවන් ගමන් සඳහා මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කර ඇති බවද එය විනාශයක් බවද සැබෑය.

එහෙත්, හෙලිකොප්ටර් යානා දෙකක් යොදාගැනීම ගැන අනුර කල තොරතුරු දැක්වීම විරුද්ධවාදීන් විසින් විකෘති කර ඇත.

හෙලිකොප්ටර් යානා ගමන් කරන්නේ මහාමාර්ග ඉලක්ක කොටගෙන නොවේ. එලෙස ගමන් ගන්නා හදිසි අවස්ථාවක යම් කිසි කාර්මික දෝෂයක් හටගතහොත් හැකි ඉක්මනින් ගොඩබෑම කල යුතු බව තේරුම් ගැනීමට ඔබට මට රොකට් විද්‍යා දැනුම අවශ්‍ය නැත. එවන් හදිසි ගොඩබෑම් සඳහා තෝරාගත් ස්ථානයක් වාහනයකට ලඟාවිය හැකි හෝ නොහැකි තැනක පිහිටිය හැක. එවන් අවස්ථාවකදී, ලංකාව පුරා සීමිත ස්ථාන ප්‍රමාණයක ගාල්කර ඇති හෙලිකොප්ටරයක් සූදානම් කර ගෙන්වා ගෙන ප්‍රභූවරයා ඉවත් කරගැනීම තෙක් කල් ගැනීම හෝ වාහනයක් ගෙන්වා ගන්නා තෙක් කල් මැරීම ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ ඉතාමත් අනතුරුදායක බව මාගේ වැටහීමයි.

මීට උදාහරණ ලෙස හිටපු යුද්ධ හමුදාපතිවරයෙක් සහ පොලිස්පතිවරයෙක් (රාජගුරු මහතා) ගමන්ගත් හෙලිකොප්ටරය එවකට කොටි පාලන ප්‍රදේශයට ගොඩබැස්වීමට සිදු වූ අවස්ථාව, හිටපු ආරක්ෂක ඇමති රත්වත්තේ මහතා සතුරු භුමියේ දී අනතුරකට භාජනය වීම සහ හිටපු ජනාධිපතිවරයෙක් වන විජේතුංග මහතාගේ ධුර කාලයේ නුවරඑළියේ දී හෙලිකොප්ටර් යානයක් අනතුරකට භාජනය වූ අවස්තාව වැනි අවස්තා දැක්විය හැකියි.

(D.B. විජේතුංග මහතා මුහුණදුන් අනතුර සම්බන්ධව එතුමාගෙ ආරක්ෂාක කණ්ඩායමේ සේවය කල කමාන්ඩෝ නිලධාරියකුගේ සටහන👇
https://www.facebook.com/share/p/r64JsKD6E8c9VGad/?mibextid=oFDknk )

හෙලිකොප්ටර් යානා දෙකක් ගමන් කිරීමෙන් ප්‍රභූවරයා ඉලක්ක කරමින් කඩාකප්පල්කාරී හෝ ත්‍රස්තවාදී පිරිසකට අනතුරක් කිරීමට හැකි සම්භාවිතාව අවම කිරීම සිදු කරයි. ඒමෙන්ම ජනාධිපතිවරයාට අදාල ගමනට අත්‍යාවශ්‍යයෙන් රැගෙන යායුතු ඔහුගේ සමීප අත්‍යවශ්‍ය කාර්‍ය මණ්ඩලය ගෙනයාමට ඔහු ගමන් ගන්නා හෙලිකොප්ටරය ප්‍රමාණවත් නොවිය හැකි අතර ඒ සඳහා බොහෝවිට අමතර හෙලිකොප්ටරය යොදාගනී.

මෙනිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවශ්‍ය ආරක්ෂාව සපයා  ගැනීමට ප්‍රමාණවත් වන පරිදි අවස්ථානුකූලව ඒවා භාවිතා කිරීමට වත්මන් ජනපති වරයා හිත හදාගත යුතු බව මාගේ වැටහීමයි.

(පසුගිය සියලුම රාජ්‍ය නායකයන් සහ බොහෝ මැති ඇමතීන් මෙන් අත්තනෝමතිකව සම්පත් විනාශ කරමින් යොදා ගතයුතු බව මින් අදහස් නොකෙරේ).

අප රටේ අනාගතය රඳා පවතින්නේ... 

ජනාධිපති ආරක්ෂක රථ පෙළපාලියද මෙසේමය. ප්‍රභූවරයකුගේ රථයකට ඉහතින් මා සඳහන් කර ඇති තර්ජන පහසුවෙන්ම එල්ලවිය හැකි ස්ථානය මහාමාර්ගයයි. එමෙන්ම මාර්ගයේ ගමන් කරන ඕනෑම අවස්ථාවක දෝෂවලට ලක්වීම සහ අනතුරට ලක්වීම වැනි අවදානම් සහගත අවස්ථාවලට මුහුණදීමට සහ ප්‍රභූවරයාගේ කටයුතු බාධාවකින් තොරව සිදු කරගැනීමටත් හදිසි අනතුරකදී ජීවිත ආරක්ෂාව සඳහාත් අවශ්‍ය අමතර රථ (අවමය 1වත්), ප්‍රභූ රථ ආවරණ කරන ආරක්ෂක අංශ රථ සහ යතුරු පැදි (ආවරණ සැපයීමට ප්‍රමාණවත් පරිදි) ,ගිනි නිවීම් රථ සහ ප්‍රභූවරයාට අවශ්‍ය විය හැකි රුධිරය සහ අනෙකුත් වෛද්‍ය ආධාර සහිත ගිලන්‍ රථය සහ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය සහ ජනාධිපතිවරයාගෙ අදාල ගමනට අත්‍යවශ්‍ය කාර්‍ය මණ්ඩලය සඳහා රථ අවමය පවත්වා ගැනීම, කටයුතු බාධාවකින් තොරව සහ ආරක්ශිතව කරගෙන යාමටත් ජනාධිපතිවරයාට අතිශයින්ම හිඟ වන කාලය (එතුමාට ජනතාවට පොරොන්දු වූ පරිදි අදාල ඉලක්කවලට ලඟාවීම සඳහා ඉතිරිව ඇති කුඩා කාලයක් තුල ඔහු ඇතුලු කණ්ඩායමට කිරීමට සිදුවන වැඩ ප්‍රමාණය ගැන සැලකූවිට) නිසිලෙස කළමණාකරණයටත් අවශ්‍ය වන බව මාගේ විශ්වාසයයි. ඒනිසා ජනපතිවරයා තමන්ගේ ආරක්ෂාව ගැන මෙයට වඩා අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය බව අපගේ විශ්වාසයයි.

මෙය කිසිසේත්ම පසුගිය රාජ්‍ය නායකයන් (2009ට පසු රාජපක්ෂ සහ වික්‍රමසිංහ දූෂිත ආණ්‌ඩු) මහජනතාවට දැඩි පීඩා ගෙන දෙමින් සාමාන්‍ය ජනතාවගේ කටයුතුවලට බාධා පමුණුවමින් රාජ්‍ය සම්පත් විනාශ කරමින් සිදුකල ප්‍රභූ සංචාර අනුමත කිරීම හෝ සාධාරණීකරණය කිරීමක් නොවේ.

එමෙන්ම සියලුම මැති ඇමතිවරුන්ට සහ ඉහල රාජ්‍ය නිලධාරීන්ටද මෙලෙසම ප්‍රභූ ආරක්ෂක රථ පෙලපාලී හිමිවිය යුතු බවද මින් අදහස් නොවේ. එය විධිමත් තක්සේරුවකින් පසුව අවශ්‍යතාව මත පමණක් කල යුත්තකි.

අප රටේ අනාගතය රඳා පවතින්නේ ජනාධිපතිවරයා වටාය. තවමත් අප රට ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන නායකත්වය සපයන්නා ජනාධිපතිවරයාය. ඔහු ආරක්ෂා කරගැනීම පුරවැසි සියල්ලන්ගේම යුතුකමකි.

ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කරන ලද සහ දැන් දරන මතය කුමක් වුවත් අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඔහුගේ ආරක්ෂාවේ වගකීම ඒ සඳහා දැනුම හැකියාව සහ කුසලතාව සහිත විශේෂ කණ්ඩායම් වෙත පැවරිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් නිසි පරිදි සැපයීම සිදුකිරීම අත්‍යාවශ්‍යව ඇත.

අපගේ දැනුම හා අවබෝධය අනුව ඒ සඳහාම පුහුණුව ලැබූ කමාන්ඩෝ ප්‍රභූ ආරක්ෂක කණ්ඩායම් යෙදවීමෙන් සාපේක්ෂව අඩුවෙන් මානව සම්පත් හා අනෙකුත් සම්පත් යොදාගනිමින් අඩු පිරිවැයකින් වැඩි ආරක්ෂාවක් සපයාගත හැකිය.

රාජ්‍ය නායකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රමාණයට... 
පසුගිය පාලන සමයන්හි ප්‍රභූ ආරක්ෂාව සඳහා සම්පත් අවභාවිතා කිරීම සාධාරණීකරණය කරමින් වත්මන් ජනාධිපතිවරයාටද එළෙසම කරන ලෙස පවසමින් හීන් නූලෙන් තමාගේ රෙදි අපුල්ලාගැනීමට උත්සාහ කරන පෝස්ටු කීපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වනු මේ දිනවල දැකිය හැකිය.

අපගේ දැනුම අවබෝධය හා විශ්වාසයන් මත සටහන් කරන ලද මේ අදහස්, කිසිසේත්ම සම්පත් අවභාවිතා කිරීම දිරිමත් කිරීමේ අදහසින් නොවන අතර රටකට ජාතියකට නායකත්වය සපයන රාජ්‍ය නායකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රමාණයට සම්පත් යෙදවීම අත්‍යවශ්‍යම කරුනක් බව හුවාදැක්වීම පිණිස පමණක් බව කරුණාවෙන් සලකන්න.

(සැ.යු. මෙහි ආරක්ෂක කටයුතු පිළිබඳව විශේෂඥ තොරතුරු නවීන් ශ්‍රීමාල්ගේ ලිපියකින් උපුටා ගත් බව පැවසිය යුතුය.)'

මෙච්චර දිග comment එකක් මෙතනට ගත්තේ බොහෝ දෙනෙකුට මේ සමහර කමෙන්ටු මඟ හැරෙන හින්දයි. ඉකොනොගේ පෝස්ටුව වුණත් පළ වෙලා තිබ්බේ 22 වෙනිදා. මේ comment එක එවල තියෙන්නෙ 24 වෙනිදනේ...
තව විස්තර ටිකක් ඊළඟ කොටසෙ...

67 comments:

  1. ටිකා...ක් දිග වැඩියි කියල හිතුනත්, සෑහෙන දුරට කියෙව්වා. අන්තිම කොටස "හයි-ස්පීඩ්" කියෙව්වා. පෝස්ට් එක හොඳයි.👌

    ReplyDelete
  2. චතුෂ ධර්මකීර්තිSeptember 26, 2024 at 6:19 PM

    අනුර කුමාරගේ කුහක කම නිසා මිනිහා කලින් කියපු දේවල් දැන් පාරාවළල්ලක් වෙලා වගේ. සෝදමු අපි සෝදමු.

    ReplyDelete
  3. ඡන්ද ප්‍රතිඵලනං බලන්න උනේ නෑ ඒ දවස් දෙකේම හොස්පිටලයිස් වෙලා ඉන්න වෙච්ච හින්ද. මොකක් උනත් වුන දේ හොඳයි. බලමු ඉස්සරහට එහෙමම වේවා කියල.

    ReplyDelete
    Replies
    1. මොකෝ Praසන්ன, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බැඳුනද? දැන් හොඳයිනේ!
      රටටත් හොඳ වෙන පාටයිනේ!

      Delete
  4. නිමල් දැන් Happy Chappy නේද! මං හිතුවා මීට කලින් පෝස්ට් එකක් දායි කියලා.

    නායකයගෙ සරළකම, නිහතමානී කම, සල්ලි ඉතුරු කරපු එක උත්කර්ශයට නංවන්නෙ නැතුව, නිමල් මේ වගේ වැදගත් දෙයක් කතා කළ එක හොඳයි. මං දැක්කා හුඟ දෙනෙක් උදම් අනලා තිබුණා 'වාහනේ දොර තමන්ම වහගන්න නිහතමානි නායකයෙක් රටට ලැබුණා' කියලා. රටේ ඉහලම තනතුර දරන, ජීවිත තර්ජන (potential or existing) තියෙන තැනැත්තෙක්, වාහනේ දොර තමන්ම ඇරීම හා වැසීම security protocol එකට අනුකූල නෑ කියලා මිනිස්සුන්ට තේරෙන්නෙ නැති එක පුදුමයි.

    "අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඔහුගේ ආරක්ෂාවේ වගකීම ඒ සඳහා දැනුම හැකියාව සහ කුසලතාව සහිත විශේෂ කණ්ඩායම් වෙත පැවරිය යුතු අතර.. " Spot on!.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus, මේ දවස්වල සතුටෙන් තමයි- රටට යහපතක් වෙනවා කියන්නේ අප හැමෝටම හොඳක්නෙ.
      සරලකම නිසා ආරක්ෂා නොවී සිටීම ගැන නං හිත කලබලයි... දැන් තමන් රටේම ජනපතිවරයා බවත්- පළමු පුරවැසියා යන බවත් ජනාධිපතිතුමා මතකයේ තබා ගන්නවා නං....

      Delete
  5. අතවැසියො එක්ක බෙදාගෙන, උස්මුරුත්තාවට වළඳන ගමන්, තොපි පටි තදකර ගනිල්ලා නොකියා, අනුර තමන්ම ආදර්ශයක් දෙන්න හදනවා. ඒකෙ වරදක් මම නං දකින්නෙ නෑ. ඇයි සිස්ටම් චේන්ජ් එකක් නේද ඉල්ලුවෙ? අනුර කියන්නෙ බබෙක් නෙවෙයි නෙව? විශිෂ්ඨ සංවිධානයක්/ පාක්ෂික ජාලයක් තිබෙන පක්ෂයක නායකයෙක්. කරන්නෙ මොකක්ද කියල ඔවුන් දන්නව කියල මම හිතනවා. අපිට තියෙන්නේ ඇස්-කන් ඇරගෙන බලාගෙන ඉඳලා, අවශ්‍ය වෙලාවට "හරි" දේ කිරීම පමණයි කියන එකයි මගේ අදහස. අදහසක් නිසා, සමහර විට මම වැරදි වෙන්නත් ඇහැකි.

    ReplyDelete
    Replies
    1. @ බස්සා

      ඔයාගේ අදහස පුරවැසියකු ලෙස හරිම හොඳයි ඒක තමයි මම හිතන්නේ ලංකාවේ සාමාන්‍ය ජනතාව දරන අහිංසක බලාපොරොත්තුව, ඒත් අපි යථාර්ථය අවබෝධ කරගත යුතුයි, තත්ත්වය ඊට වඩා ගොඩක්ම සංකීර්ණ සහ ගැඹුරු දේශපාලන ගේම් වලින් බැඳුනු මහා පටලැවිල්ලක්, chaos ගොඩක් බව සරලව තේරුම් ගැනීමට අඩුම තරමේ ඔබට Deep State/ Berlin Station/ The west wing/ Homeland / X files/ නැත්නම් අවම වශයෙන් ලකාගේ කූඹියෝ වගේ කතාවක් වත් බලන්න ඕනේ වෙයි, ඔයා Edgar ජේ හූවර්ලා, Eliයාහු බෙන්-ශන් Cohen, අශ්රෆ් මර්වාන් වගේ අය දීපු ගේම් ගැන දන්නවා නම් ගොඩක්ම හොඳයි

      මොකද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ local කූඹියෝ නෙවෙයි බන් international කූඹියෝ.අනුර කුමාර දිසානායක උන්නැහේ ජනාධිපති හැටියට දිවුරුම් දෙද්දී සතුටින් සිනාසිසී හිටිය විදේශීය තානාපතිවරිය එක්සත් ජනපදයේ ජූ 'ලී චං' ගේ බොඩි ලැංග්වේජ් බලපන්, දැනට ඉතුරු වී පවතින මාලිමාවටත් කෙළියාම ඇයගේ සියලුම ටාගට් කවර්, මොකද අනුර කුමාරගේ මාලිමා පාලනයත් ඉතාම ඉක්මනින්ම ජනතාව අතර දැඩිලෙස අප්‍රසාදයට පත් කර එම රජය පෙරළා දැමුවහොත් ජාත්‍යන්තර උවමනාවන් කිසිදු විරෝධතාවයකින් තොරව ඕනෑම ආකාරයකට ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි බව තේරුම්ගත හැකියි නේද?

      Delete
    2. මෙහෙම රටවලුත් ලෝකෙ තියනවා
      Politicians Without Privileges

      Delete
    3. ස්තුතියි බකුසාණෙනි, පළමු ලින්ක් එකට ගියා. කියෙව්වා... සංවේගයක් දැනෙද්දී... කවියක් ලියා ගන්නත් ගොඩ වෙලාවක් ගියා.
      71- 88- 89 දැකපු දේවල් ආයෙත් පෙනෙන්න ගත්ත නිසා.

      චන්දරෙලා දිනුවා මේ වර ඇත්තයි
      ඒ වෙනුවෙන් දිවි දුන් ඇත්තොත් එමටයි
      සීයට තුන රැක ගත්තෙත් එහෙම අයයි
      ඔවුනට උපහාර! කළ යුතු රට රැකුමයි

      Late stage Capitalism ගැනත් කියෙව්වා- comments සේරමත්. දෙවෙනි ලින්ක් එකට යන්නයි හදන්නේ.

      Delete
    4. අපේ රටේ දේශපාලුවන් පෙන්ෂන් ගියාම ආණ්ඩුවෙන් හම්බ වෙන මන්දිර අලුත්වැඩියාවටත් කෝටි ගණන් යන්නේ...
      Politicians Without Privileges බැලුවාමයි දැනගන්න හිතුනෙ-
      දන්නා පින්වතෙක් කියනවද මාදිවෙල මන්ත්‍රී නිවාසයක ප්‍රමාණය, පහසුකම්, අයකෙරෙන කුලිය වගේ විස්තර ටිකක්.

      Delete
    5. අනුර දක්ෂයෙක් ද කියල දැන ගන්න අවම අවුරුද්දක් වත් යයි ..
      දැනට පෙන්නන දේවල් නම් සුබ දායක නමුත් වහා වෙනස් විය හැකි ආතල් කියලයි මම හිතන්නේ ..

      ඉස්සර හිටපු හැමෝම බලය තියා ගන්න කරපු දේවල් නේඅනුරලා නාස්තිය , දුෂණය විදියට දැක්කේ .. ඔවුන් බලය තියා ගන්න හැටි අපි බලා ඉමු ..

      ලබන අවුරුද්දේ මේ වෙද්දී ඔය දැන් යන පාරෙන් 50% ක දේවල් වත් ඉතිරි වෙලා තිබ්බොත් මමත් මාලිමාවෙක් වෙනවා ..

      Delete
    6. පැතුම්, 'බලය දූෂණය කරයි- වැඩි බලය වැඩියෙන් දූෂණය කරයි' කියලා කියනවනෙ.
      අලුත් ජනපතිතුමාත් මාලිමාවත් කොහොමද කියලා පෙනෙන්නට ටික කලක් යාවි තමා. වැඩේ කියන්නේ සමහරුන් අවුරුද්දක් බලා ඉන්නේ කොහේද- දැන්මම; දවස් හත-අටෙන්ම කෙඳිරි ගාන්න පටන් අරගෙනනේ.

      Delete
  6. අන්රට කෝටියක්... බට්, මං ඉන් එකෙක් නොවේ 🙈

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සරලකම කියල අපේ බොහෝ මිනිස්සු දකින්නේ පටු කෝණයකින්. බයියොයි යටත්වැසියො හිතන්නෙ අනුර කියපුව එක්ක දැන් ඔහුට අහසින් යෑම, ප්‍රභූ ආරක්ෂාව තහනම් කියල. කරැමෙට හරි එහෙම කරල... අන්රෛට මොකක්හරි උනොත් අරට වඩා වියදමක් යනව ඩැමේජ් එක පියවගන්න.
      අර සියඹලාපිටිය නැවත කතානායක වෙච්ච වැඩේ වගෙ තමා. නිරපරාදෙ පාර්ලිමේන්තුවේ දවසක් අපතේ හැරිය, මහජන මුදල් නාස්ති කලා.

      Delete
    2. නමී, ඔයාට වගේම ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා කැමති දේශපාලන මතයක් දරන්න. මං ඒ බව පිළිගන්න කෙනෙක්.
      මට විරුද්ධ දේශපාලන මතයක් දරන කෙනෙකු වුණත්-
      ඡන්ද බලය තිබියදී, (සමාජය ගැන දැනුවත් උගත් කෙනෙක්) කව්රුන් වෙනුවෙන් හෝ ඡන්දය පාවිච්චි නොකර සිටීමත්- ඡන්දය කටු ගා දැමීමත් කරනවා නං... මට හිතා ගන්නවත් බැරිවයි ඉන්නේ. (ඉවර නොවිච්ච සංවාදය ගැනයි.)

      Delete



  7. වෙනස කාටත් හොඳ පාඩම.Talk is cheap, AKD will have to walk the talk. දුෂණය මුල්බැසගත්, හොර සහ ඉතා කම්මැලි සිංහල ජාතිය එක්ක අමාරු වෙයි වැඩේ.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විජේබාහු මහත්තයෝ, මම ඔයා ගැන හිත-හිතා හිටියෙ.
      දේශපාලන වශයෙන් ඔයා මට විරුද්ධ මතයක් ඉන්නා බවත්, ඒත් මම ලියන posts නොකඩවා කියවන බවත්, අර විරුද්ධත්වය කියාපෑමට (ඒ postsවලට) comment නොකරන බවත් ඒත්තු ගිය නිසා.
      ඒ පිළිවෙතින් බැහැරව ගියාට ගොඩක් ස්තුතියි!

      මට තේරුම් ගිහිං තිබ්බ විදිහ ගැනයි ලිව්වේ. මං වැරදියි නං- සමාවෙන්න ඕනි, හොඳේ.

      Delete
    2. නිදි,
      කොමෙන්ට් නැත්තේ කියවන්න බැරි උන නිසා. දේශපාලන මතය මට නම් වෙනත් දේට අදාල නැත. අරගල කාලයේදී ප්‍රජත්නත්රයට විකල්ප නැත කියා කීප විටක් කියා ඇත. මහින්දගෙන් බලය ආපසු ගන්න බෑ කියූ මගේ මිතුරන් හා මම විරුද්ද උනා. පච රණවක AKD ගැනත් එසේ කියා තිබුණා, පච පරාජය පෙන්න ඇති.

      ලංකාව නිදහසෙන් පසු වර්දනය උන හැටි (දල දේශීය අදායම, බාහිර නය, ජනගහන වර්දනය) යන දේ අන්තර් ජලයෙන් බලා, පාලකයන් ගැන හිතන්න. AKD ගැන දැන් කියන්න බෑ නේ, වැඩ පටන් ගත්තා විතරනේ.
      මම ව්ජෙබාහු

      Delete
    3. ස්තුතියි විජේබාහු මහත්තයෝ.

      Delete
  8. සුළුතර බොකපති අනුර ලප කොටා

    ReplyDelete
    Replies
    1. මෙතුමනං... රෑපයෙන් අග්‍රවෙන්ටෑති!

      Delete
    2. එක නේන්නං නමී, මං කල්පනා කරන්නේ මේ Anoතුමා මාව හැබැහින් දැක්කොත් මොනවා කියාවිද කියලා...

      Delete
  9. @ නිදි

    ඔයා ඔය කියන බ්ලොග් දෙකේම මගේ මගේ මෙන්න මේ දේශපාලන අදහස් පළ කරන්න පුළුවන්ද?

    //My Opinion on new NPP government after the general election
    සම හරක් ජාජබ විරෝධී දේසපාලුවෝ වගේම ජාජබ විරෝධී ඡන්දදායකයිනුත් කියනවා සජිත්/රනිල්(යුඑන්පී) සහ අනිත් පාර්ශව එකතු ⁣උනොත් මහමැතිවරණය දිනලා ජාජබ මාලිමාවට එරෙහි ආණ්ඩුවක් හදන්න පුලුවන් කියලා..ඔව්..එහෙම දෙයක් කරන්න ඉඩක් තිබෙන බව ඇත්ත ඡන්ද ගොඩ බෙදලා තියන විදියට.. විශේෂයෙන්ම ඇතැම් ජාතීකවාදීන් ද මේ අවස්ථාවේ නැවත නාමල්ට දිලිත්ට ඡන්දය දෙන්න පෙළඹෙන තත්ත්වයක් ඇතිවෙමින් පවතින නිසා මම මේක ලියන්න හිතුවේ

    ඇත්තටම අප වැනි උග්‍ර සජබ සහ එජාප විරෝධී මිලියන ගණනක බහුතරය මෙවර ජනපතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් නිසාත් එසේ දී ඇති බහුතර හිටපු පොදුජන පෙලමුණට ඡන්දය දුන් සහ පළමු වතාවට 2024 ජනපතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් අප කඳවුරේ අය කෙමෙන් කෙමෙන් නැවතත් පැරණි කඳවුර වෙත ඇදීමට පටන් අරගෙන ඇති නිසා එම තීරණය ගැනීමට පෙර මේක සාවධානව බලන්න;

    මගේ අවංක අදහස එහෙම විය යුතු නෑ.. දැනට මාලිමාවට එකතු වී ඇති ට්රෝජන් අසුන් වන අපි හැමෝම විශේෂයෙන්ම මාලිමාවට විරුද්ධ නමුත් මාලිමාවට ජනපතිවරණයේදී ඡන්දය ලබාදුන් බහුතර ජාතිකවාදීන් සහ හිටපු පොදුජන පෙරමුණේ හිටපු රාජපක්ෂ වාදීන් ඇතුලු සියලුම දෙනා මෙවර මහමැතිවරණයේදීත් අපි නැවතත් මාලිමාවටම ඡන්දය දෙමු. ඒකට හේතු මේවායි;

    අනිවාර්යයෙන්ම ඊලඟ මහමැතිවරණයයේදී මාලිමාවට සරල බහුතරය සහිත, බාධාවකින් තොරව ආණ්ඩුව කරගෙන යන්න පුලුවන් පාර්ලිමේන්තුවක් හැදෙන්න ඕන..ඒ වගේම කිසිම හේතුවක් නිසා මාලිමාවට තුනෙන් දෙකක බලයක් නම් ලැබිය යුතු නෑ.. ලංකාවේ මිනිස්සු ආසන්න ඉතිහාසයේ කරපු ලොකුම වරද තමයි 2020 මහමැතිවරණයේදී ගෝඨාභයගේ පොහොට්ටු ආණ්ඩුවට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා දීම..ඒ අධික අනවශ්‍ය බලය තමා ඔවුන්ගේ විනාශයට දොරටුව උනේ..ඊලඟ පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුමයි..සමහරු කියනවා මාලිමාවට තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතුයි කියලා..එයනම් කිසිසේත්ම සිදුවිය යුතු නෑ..

    සමහරු හිතනවා රට දුන්නේ අනුරට කියලා..නමුත් ඇත්තටම අපි රට දුන්නේ ජවිපෙට..

    ජනතා විමුක්ති පෙරමුණ බිහිවුනේ අදින් වසර හැටකට ආසන්න කාලයක එනම් 1965 දී රෝහණ විජේවීරයන යටතේ අක්මීමනදී..
    ගතවූ දේශපාලන ඉතිහාසය පුරාවට ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම රටේ සමාජ,දේශපාලන,ආර්ථික දේහයට තදින්ම දැනුනා..බොහෝ අවස්ථාවලදී ඒ බලපෑම් රටට අහිතකර ඒවා මිස හිතකර ඒවා නම් නොවේ..

    හැත්තෑ හතර වසරක ශාපය නිමා කරන්නට ඉතිහාසය පුරා බලය ඉල්ලූ ජනතා විමුක්ති පෙරමුණ වසර හැටකට පසුව 2024 දී ලබාගත් දේශපාලන ජයග්‍රහණය ඔවුන්ට ලිට්මස් පරීක්ෂණයක්..එහි කූඨප්‍රාප්තිය විය යුත්තේ 2024 ජනාධිපතිවරණය නොව ඊළඟට පැවැත්වෙන මහමැතිවරණයයි..

    ඒ නිසාම යම්ලෙසකින් ඔවුන්ට මෙවර පාර්ලිමේන්තු බලය අහිමි උනොත් ඔවුන් එම ලිට්මස් පරීක්ෂණයට නිසි පරිදි සහභාගි නොවුනා වෙන්නට පුලුවන්..තමන් කරනවා යැයි කියූ දේවල් කරන්නට නොහැකි උනේ පාර්ලිමේන්තු බලය අහිමි වුන නිසා යැයි කියමින් අනාගතයේදීත් ඔවුන් ඇඟබේරාගෙන ඥං පචං ගාන්නට පුලුවන්..

    ඒ නිසා ඊලඟ පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට(ජවිපෙට) ලැබිය යුතුමයි..එසේ නොමැති උනොත් හැට වසරක ජනතා විමුක්ති පෙරමුණේ ශාපය නිමා කරන්නට මේ අවස්ථාවේදීවත් හැකිවක්නේ නෑ. ඒ නිසාම ජවිපෙ ශාපය අවසන් කිරීමට අපි දෙවන සහ අවසන් වතාවටත් මෙවර මහමැතිවරණයේදී ජවිපෙ ජාතික ජන බලවේගය මාලිමාවටම ඡන්දය ලබා දෙමු///

    මේක හැමෝටම ෂෙයාර් කරන්න නිදී

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනි Ano, ඔයා ඉල්ලලා තියෙන විදිහට ඔයාගේ අදහස් තවත් blog අඩවි පවත්වාගෙන යන උදවියගේ අවධානයට ලක් කරවන්නවත් බල-පුළුවන්කාරකමක් මට නැහැනෙ. ඔයාම ඔයාගේ අදහස් ඒ අඩවිවල පළ කිරීමයි කළ යුතුතේ- comment විදිහට.
      ඔයා හිතන්නේ අපි බොහෝ දෙනෙක් එකිනෙකා හඳුනනවා කියලද? ඉතාම අඩු කිහිප දෙනෙක් විතරයි මට නම් වරක්වත් හමු වී තිබෙන්නේත්. ටෙලිෆෝන් වලින්වත් කතා කරන්නේ දෙතුන් දෙනෙක් එක්ක විතරයි. හැබැයි- බොහොම සුහදව මේ විදිහට අදහස් හුවමාරු කරගන්නවා. ඒ ඇතිනෙ...

      Delete
  10. සුබ පැතුම් නිදී ඔයා පැතූ වෙනස මහපොළවේ යථාර්තයක් කරගන්න ලැබුනට. අපි හොඳක් වේයැයි ප්‍රාර්ථනයෙන් ඉවසිල්ලේ බලන් ඉඳිමු.

    මෝටර් රථ ප්‍රදර්ශණ වගේ බොරු රැඟිලි (අමත්‍යංශයට බාරදුන්නම කිව්වලු ජලේකා ට බාර දෙන්න කියල. ජලේකාට දුන්නම කිව්වලු ගෝල් ෆේස් එකේ පාර්ක් කරලා යන්න කියලා. මේක සාමාන්‍ය පටිපාටියද, සංවිධානාතමකව කරපු දෙයක්ද අපි දන්නෙ නෑ) නෙමේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ කියලත් මේ සමඟ මතක් කරන්න කැමතියි. හිටපු ඇමතිලාගෙන්, නිළධාරීන්ගෙන් රජයෙන් දීලා තියන වාහන ගෙවල් නැවත ලබා ගන්න එක බොහොම හොඳයි. ඒවා මෙහෙම ප්‍රදරශණය කරලා මොකක්ද බලා පොරොත්තු වෙන්නෙ කියලා තමා මට තේරෙන්නැත්තෙ. ලාල්කාන්ත සහෝදරයා මන්ත්‍රී වරයෙකුත් නොවී අවුරුදු ගානක් පාවිච්චි කරණ මාදිවෙල මන්ත්‍රී නිවසත් ආයෙ ඉල්ලුවයි කියලත් මතක් කරන්න.

    ReplyDelete
    Replies
    1. සෙන්නෝ, කමක් නැහැනෙ ඔයාගේ comment එකට ඊළඟ කොටසෙන්ම උත්තර දුන්නට.

      Delete
  11. Replies
    1. ඊයේ තිබ්බා news එකක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂකයන් 163ක්ද කොහෙද ඉල්ලලා කියලා.
      ඔයා උඩින් link එක එවලා තියෙන 'මෙච්චර ප්‍රභූන් ඉන්නවාද?' වීඩියෝව රනිල් මහත්තයත් දකින්න ඇති. ඒ හින්දා 'මහින්දට එකසිය අනූ ගාණක් හොඳ නං මට 163ක් ඉල්ලුවම මොකෝ?' කියල හිතන්න ඇති.

      Delete
  12. මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ , කොමිස් ගැහිලි ,නාස්තිය , නිලදරිවාදය වගේ දේවල් අවම කර ගත්තොත් රටට ක් හොද කලක් යාවි....

    ReplyDelete
    Replies
    1. එකඟයි. මම දැකපු හොඳම, ප්‍රායෝගික කමෙන්ට් එක. අවංක කම, විනිවිද භාවය තියෙන එකයි වටින්නෙ. අද බුකියෙ "ජනාධිපති උපදේශකවරු" වැහි වැහැල. වැඩිදෙනෙක්ගෙ චේතනාව යහපත් වුනත්, කෝකියො වැඩි වුනාම සුප් එකට කෙල වෙනවා. ඉස්සර මමත් ජෙප්පොන්ගෙ "ඉන්දියානු ව්‍යාප්තවාදය" මතයට හිනාවුනාට, අද ඉන්දියානු ව්‍යාප්තවාදය වගේම චීන ණය උගුලත් හිතලු නොවෙන වග දන්නවා. ඒත් මේ කලාපීය බලවතුන් බැලන්ස් කරගෙන ගේම ගහන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා අපේ බලාපොරුත්තු අවමව තියාගෙන , වැරදිච්ච ගමන් දාගෙන නෙලන්න ලෑස්ති වෙන්නෙත් නැතුව, ඔවුන්ට ඒක කරගෙන යන්න දෙන එක හොඳයි කියන එකයි මගේ අදහස.

      Delete
    2. දැන් මෙතන බස්සා උඹද, මමද?😮😋

      Delete
    3. තරහා අවසර ආයිබොන්ඩ 😏

      Delete
    4. ස්තුතියි- ගොඩාරියක් ස්තුතියි ලලිත්, බස්සා මහත්තුරුනේ.
      මාත් ඔයාලගේ ගොඩේ.

      Delete
    5. ආයිබොන්ඩ?
      නමී ඔහේ බීල වැඩි හින්දද මොළේ කොලොප්පම් වෙලා ඉන්නේ...

      Delete
  13. නිදි හොඳයි මේවා එකතු කරලා දාන එක . මගේ බ්ලොග් එකේ කීව වගේ අනුර සහ හැරිණි ප්‍රමුඛ කට්ටිය සමාජ ප්‍රජතන්තරවාදී මට්ටමේ රාජ්‍යයක් ලංකාවේ ගොඩ නගන්න යන්නේ කියන එකයි මගේ අදහස . අනුර ඒකට ලේබල් එකක් දාන්න කැමති නැහැ . අවුලක් නැහැ . නමුත් පරණ ජවිපෙ මතවාදයෙන් ඔවුන් හුඟක් ඈත් වෙලා ඉන්නේ . එහෙම තියෙන තාක් කල් මමත් මගේ යාළුවොත් සපෝර්ට් . නමුත් පරණ කියුබන් , උතුරු කොරියන් ස්ටයිල් සමාජවාදය කරන්න ආවොත් අනුර විසිවෙයි . ඉතින් මේ යන ගමන ලෙහෙසි නැහැ . ඉවසන්න ඕනේ ටිකක් .

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පෝස්ට් ඉලෙක්ෂන් බ්ලොග් ලෝකෙට ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. ඒත් මම හිතුවෙ කියුබන් සුරුට්ටුවක් ගහල ඔය කොහේ හරි වැටිල ඇති කියලයි.😋🤣

      Delete
    3. // මමත් .....සපෝර්ට් . නමුත් පරණ කියුබන් , උතුරු කොරියන් ස්ටයිල් සමාජවාදය කරන්න ආවොත්...//
      ලංකාවෙ බහුතර "පොදු ජනයා" අතර ප්‍රථම වතාවට වමට නැඹුරු දේශපාලනය ගැන උනන්දුවක් ඇති වෙලා තියනවා. මේක දින්න නිසා මහ චන්දෙත් හේදිලා යන එක වලක්වන්න අමාරුයි. ඒත් 2/3 බලය කියන්නෙ දෙපැත්ත කැපෙන ආයුධයක්. ඉතිහාසය බැලුවොත් 2/3 බලය ගත්ත හැමෝම අනා ගත්තා. ඒ අතරෙ, "රයිස් බැරන්" ඩඩ්ලි සිරිසේන පවා හාල් මිල අඩු කරලා, ආණ්ඩුවට සහය දෙන්න ඉදිරිපත් වෙලා මේ පිළිබඳ ඔබේ අදහස:
      1. හහ්, අපි නොදන්න මොණරතැන්න?
      2. බයවුනා නේද, බැස්ටිය හම්බුවෙයි කියලා?
      3. අමතක කරමු අපි පැරණි කතා, එක්වෙමු ජාතියෙ දියුණ තකා.

      Delete
    4. උස්බෙකිස්තාන් ගමනෙන් පස්සසේ අසනීප වුනා . තවම කැස්ස හෙම තියනව . ඊයේ පව්ලුසා මලය ආව දුක සැප බලල යන්න. අපේ පැරණ බ්ලොග් කරුවෙක් හදිසියේ යන්නම ගිහින් . අවුල් වන්නට පෙර ලියු අරුණ පෙරේරා ගේ මල්ලි . (මට හිතෙන හැටි බ්ලොග් එක )

      Delete
    5. දෙවෙනි එකට - 1,2 - අනුරගේ ආණ්ඩුව ඔඅව ජනසතු කරන්න එහෙම මුල් අවුරුදු දෙක තුනේ කරන්න යන්නේ නැහැ . හැබැයි අර කොලේ වහල ගහන්න යනකොට කරයි හැබැයි . ඒවා ගැරන්ටි කරන්න බැහැ . සිරිමත් කලානේ

      Delete
    6. සමහරු වපර ඇහෙන් බැලුවත්, මම තාම හෑන්ඩ් සැනිටයිසර්, මාස්ක් හැකි හැම තැනකම පාවිච්චි කරනවා. කොරෝනා ආවෙ යන්න නෙමෙයි, මාරාන්තික නූනත් වේරියන්ට් හැමතැනම.

      අරුණ පෙරේරා දන්නවා. ඒත්"මට හිතෙන හැටි" හොයන්න අමාරුයි. ඒ නමින් බ්ලොග් කීපයක් තියනවා. ඔහුට නිවන් සුව!

      ඒත් අනුර කිව්වා නේද. ආණ්ඩුව බිස්නස් කරන්න යන්නෙ නැහැ කියලා? රාජ්‍ය ධනවාදයෙ තියෙන අවුල අකාර්‍යක්ෂමතාවය නේද? ඒත් සමාගම් වල මොනපොලි, ප්‍රයිස් ෆික්සින් වගේ වැඩ වලට විරුද්ධව, රාජ්‍යයේ යම් ක්‍රමවේදයක් අවශ්‍ය බව නං තේරෙනවා.

      Delete
    7. ආණ්ඩුව බිස්නස් කරන්න යන එකක් නැහැ අත්‍යවශ්‍යම වුනොත් ඇරෙන්න . distribution එක ආණ්ඩුව අතට ගන්න එක හොඳයි තාවකාලිකව කියල අපි යෝජනා කළා . ටිකක් මිල අඩු වෙනකන් වත් . දැනට ලනක්වේ බලය තියෙන්නේ ඒවගේ දෙයක් කරන්න ආණ්ඩුවට . ඩඩ්ලිට ආණ්ඩුව මේච්චල් කරන්න ඉඩ දෙන එකක් නැතිවෙයි .

      Delete
    8. ගොඩක් දේවල් මමත් දැනගත්තා වගේම මතක් කර ගත්තා අජිත් මහත්තයගෙයි බස්සා මහත්තයගෙයි අදහස් කියවල. ගොඩක් ස්තුතියි.

      ඔයාලට වගේ න්‍යායාත්මක දේශපාලන දැනීමක් නැති මං වගේ උදවියට මේ comments වැඩියෙන් වටිනවා.

      Delete
  14. https://matahithenahati.wordpress.com/2016/11/10/%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b6%bd%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b7%80%e0%b7%8a-%e0%b7%82%e0%b7%9d/

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්, හ්ම්... අරුණ පෙරේරාගෙ "අවුල් වන්නට පෙර" ටච් එක තියනවා. අපරාදෙ ඒ බ්ලොග් එක වහපු එක.

      රූපං ජීරති මච්චානං
      බ්ලොග් කට්ට ගොත‍්තං නජීරති

      Delete
    2. නොදන්නවා වුණත්, සහෝදර blog කරුවෙකුගේ වියෝව ගැන කනගාටුයි. ඔහුට පැතූ සුවය අත්වේවා!
      තව වැඩ ගොඩක් තියෙන නිසා පස්සේ link එකට ගිහිං බලන්නං.

      Delete
    3. අජිත්, මෙතුමා නේද සියරට පත්තරය ගැන පොතක් ලීවේ

      Delete
    4. අජිත් මහතා සිරිබිරිස් උන්නැහේට උත්තරයක් දෙනකල් මේ ලියන්නේ. සියරට පත්තරේ ගැන පොතක්?

      Delete
    5. සිරිබිරිස් , එයා තමා . සොරි අසනීප නිසා බ්ලොග් වලට එන්න බැරි වුනා . මනික්කාරච්චි ගැනත් ලිව්වා වගේ මතකයි . නැත්නම් ඒ සියරට එකේ

      Delete
    6. තුති අජිත්,අරූගේ අඩවියේ කියවලා තිබුනා මලයාගේ ලිවිල්ල.1970 ඉදන් ඉස්සරහට ලියන්න අදහසකුත් තිබුනා වගේ මතකයි.

      ඔව් නිදි එතුමාගේ නම ඉන්දික පෙරේරා
      පොත් කිහිපයක් ලියලා තියේ.ඔය පොත කියවන්න තියන ලිස්ට් එකේ තියන එකක්.
      මේ එතුමා ලියු පොත්
      සියරට දේශපාලන පුවත්පත හා මාධ්‍ය භාවිතය 1947-1970
      ෆිදෙල්, හියුගෝ චාවේස්,ලක්ෂ්මන් වර්ණ, මගේ අරගලය,මැන්ඩෙලා,මටුලු

      Delete
  15. @ නිදී

    මාලිමාවට කඩේ ගිය කට්ටිය පහුගිය කාලේ පුරාම සෑහෙන සද්දෙට කෑගැහුවා අතිවිශාල බිලියන ගණන්වල වංචා සේරම අල්ලනවා කියලා, ඒත් අර 2015 දිත් අපි ඡන්දෙ දාලා පත්කරපු යහපාලන රජය වගේම මේ සැරේ මාලීමාවේ අනුර කුමාර දිසානායක අපේ හිතවතාත් බිලියන ගනන් වල වංචා ගැන බලාපොරොත්තු දීලා සිල්ලර වංචා හොයන එකෙන් හොද දෙකක් වෙනවා.

    1. මිනිස්සු තේරුම් ගන්නවා ආර්ථිකයේ සැබෑ ප්‍රශ්නය ඉතා සුළු කොටසක් වන corruptions නැත්නම් දේසපාලුවන්ගේ හොරකම් නොවන බව.

    2. දේශපාලකයාත් ඉස්සරහට පොඩි හොරකම්වත් කරන්න බය වෙනවා. ඒක හොද දෙයක්

    මම හිතන්නේ කඩේ නොගිහින් නිහඬව මාලිමාවට ඡන්දෙ දුන් අපට මේ ඉහත කරුණු දෙක ගැන පමණක් යම් කිසි අදහසක් හා අලුත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි ඒත් ඉතාමත් ඉක්මනින් මාලිමාවේ ආණ්ඩුව ජනතාව අතර පිරිහීමට පත් වෙන්න බොහෝ දුරට ඉඩකඩක් ඇති බවයි යන විදියෙන් පේන්නේ ඒත් ඒ අය ඒ ගැන ඉතාමත් කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා ඒත් හරීම අමාරුයි දැනටමත් මිනිස්සු ප්‍රශ්න කරනවා මාලිමාවේ අයගෙන් ඒ අය කරන ඇතැම් දේවල් බොරු සංදර්ශන ද කියලා, හැබැයි ඒකත් නරකම නැහැ නේද ජනතාවගේ පැත්තෙන් බලනකොට?

    ReplyDelete
    Replies
    1. දැනටමත් මිනිස්සු ප්‍රශ්න කරනවා තමයි Ano.

      හිටපු පාලකයන් කරන සේරම වැරදි, මගෝඩි වැඩ, හොර-මැර-වංචා-දූෂණ සේරම ප්‍රශ්න නොකර සද්ද වහගෙන හිටි අය තමයි මේ දවස් හතෙන් ඔක්කොම වෙනස් වෙලා නෑ කියල වැඩියෙන්ම බෙරිහන් දෙන්නේ.

      අපි එයාලට කියමු ටික දවසක් ඉවසලා බලන්න කියලා.

      Delete
  16. සම-හරක් සහ කිරි-හරක්
    https://thilakasitha.blogspot.com/2024/09/1.html

    ReplyDelete
    Replies
    1. ගිහිං කියෙව්වා. කවියකුත් ලිව්වා, සමහරක් ගැන!
      ස්තුතියි බකුසුතුමෝ. තිලකසිත මගේ blog රෝලෙත් තියෙනවා.

      Delete
    2. මෙන්න තිලකසිත එකේ post එකට මං ලියු කවිය.

      සමහර හරක් රට ගැන නොසිතති බිඳුවක්
      උන් සලකන්නෙ වාසි කඩා ගන්න මඟක්
      මෙතෙක් කලක් උන්හට නොවැදුනි හෙණයක්
      මෙදා සැරේ නං වැදෙනව එකට හතක්!

      Delete
  17. මේවට මොනා හරි කිව්වොත් නිදීලා වගේ දාර ජෙප්පෝ අපට බනින්නෙ රට වැටෙනකල් බලන් ඉන්න කුහකයො කියලානේ 😂😂😂 ඉස්සර ජෙප්පන්ට බැනපු බයියෝ දැන් දාර ජෙප්පෝ වෙලානේ 😅🤣😂

    මෙහෙමයි මෙතනදි ඔයාලා සරලම සරල උත්තරයක් නම් හොයන්නේ ඔයාගේ ලංකාවේ තියෙන වත්කම් පුළුවන් තරම් USD විදියට තියාගන්න. (FC PLUS wage products tiyenawa with apprx 5% annual upside)

    ටිකක් Research කරන්න කැමතියි නම් Risk assessment එකක් කරල බලල Gold or commodities walata % එකක් යොදන්න.

    මුදල් යම්කිසි ප්‍රමාණයක් මේ වෙද්දී එකතුවෙලා තියනවානම් සහ හදිසියේ උවමනාවක් වෙන්නේ නැතිනම් real estate (bare land / rental property...). ගැන හිතන්න.

    පැහැදිලි සැලසුමක් නැතුව ඔයාලා සතුව තියෙන ඩොලර් ඉතුරුම් රුපියල් කරන්න එපා කියන්නෙ හේතු 2ක් නිසා.

    01. මේ වෙලාවේදි රුපියලට පවතින රේටි එක හොදයි කියන්න අමාරුයි. කෘත්‍රිම ලෙස රනිල් වික්‍රමසිංහ රජය කාලේ ඉදලම උඩින් තියාගෙන ඉන්නව කියල තේරෙනව නේද?

    02.,ලංකාවේ රජය සතුව strict financial discipline එකක් නැතුව රුපියල්වලට වෙච්චි දේ ඔයාම කල්පනා කරන තත්ත්වයට එන්න ප්‍රලුවන්.

    රටේ දේශපාලන දිශානතිය ගැන අනන්තයට හිතන්න එපා , සාදාරනේට සල්ලි හම්බකරනවට වඩා ඒක අමාරු වෙන්න ඉඩ තියන්වා. 😊

    හැමෝටම ජය පතමි !

    ReplyDelete
    Replies
    1. නිදිලා වගේ දාර ජෙප්පෝ....
      70 ගණන්වලින් පස්සේ ඇත්ත කතා කරනකොට එයාලට වදින හංවඩුවක් තමයි JVPකාරයෝ කියන එක. මම හිතන්නේ එහෙම කියන අයම දන්නෙ නෑ ඔවුන් කියන දෙය ගැන. මට ජෙප්පෙක් කියලා චෝදනා කරපු ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගැන මම post එකකුත් ලිව්වා. ඉඩක් තියෙ නං කියවලා බලන්න.

      JVP නිමල්ගෙ දානෙත් එපා!
      http://nidigepanchathanthare.blogspot.com/2020/06/jvp.html
      ඉතිං 'දාර' විශේෂණයත් එකතු වුණත් මට නං කිසිම ගණනක් නෑ. දන්නා අය දන්නවා මම මට හැඟෙන ජවිපෙ වැරදි වුණත් විවේචනය කරන බව.

      එතරම් සල්ලිකාරයෙක් නොවෙන මට නං ඔයාගේ මූල්‍යමය උපදෙස්වලින් වැඩ ගන්න බැරි වුණත්- හැකි අය ඒවායින් වැඩක් ගනියිනෙ. ඒ හින්දා ඔන්න මමම ඔයාට ස්තුති කරනවා.

      Delete
  18. මොනවා කරන්නත් ජනතා සහාය ලබාගැනීම අවශ්‍ය දෙයක්, ඒ වගේම පින් ජනාලා වගේම තමයි සුළු ජනාලවත් මිනිස්සු මායිම් කරන්නේ නෑ. වලංගු ඡන්දවලින් ලක්ෂ දහයක් වැඩියෙන් මිනිස්සු ඇත්තටම ලක්ෂ හැටපහක් මිනිස්සු අකමැති එකෙක් ජනාධිපති වෙලා තියෙන්නේ... ඉතින් රටේ මිනිස්සු වැඩි පිරිසක් අකමැති එකෙක් කියන්නේ ඒ ජනාධිපතිකම වැලිඩ් නෑ. 🤣

    ඔය සුළු ජනා කියලා රනිල්ගේ සහ සජිත්ගේ කට්ටිය කිණ්ඩිය දාන අනුර කුමාර දැනට හැසිරෙන්නේ තාම මැතිවරණ අපේක්ෂකයෙක් වගේ,
    මං හිතන්නේ අනුරටත් මතක නැද්ද කොහෙද තමන් රටේ ජනාධිපතිවරය කියලා.

    තමන් රටේ ජනාධිපති කියලා දැනගෙන රට කළේ මහින්දගෙන් පස්සේ රනිල් විතරයි. අනික් ඔක්කොම ජනාධිපති වුනාම "මම අනික් කොල්ලෝ වගේ නෑ නංගි" සින් එකක් ඇක්ට් කලේ. 🤣🤣🤣

    ගොඩක්ම දෙනකුට ඌ රටේ නායකයා කියලා හිතෙනනේ නෑ ඉතින් මොකද කරන්නේ ..බලාගෙන ඉන්න තමයි තියෙන්නේ .🤣

    ReplyDelete
    Replies
    1. Kavinda, අනුර කුමාර මහතාට ගොඩක් කට්ටිය කිණ්ඩිය දාන බව පෙනෙන්නේ (මට හිතෙන හැටියට) එයාගේ සරලකම නිසයි.
      මෑත කාලීන ජනපතිවරුන් කිහිප දෙනාගේ පෞරුෂයන් විමසා බැලුවොත් පෙනෙයි- ඒ ඒ අය කරපු දේවල් තිබියදීත් එයාලා ගැන මැවුණු ප්‍රතිරූප ගැන.
      මට හිතෙන්නේ අනුර කුමාර ජනපතිවරයා ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා වගේ වැඩවලින්ම ලොකු පෞරුෂයක්; දිදුලන බවක් ඇති කර ගනීවි කියලයි.

      Delete
    2. //වලංගු ඡන්දවලින් ලක්ෂ දහයක් වැඩියෙන් මිනිස්සු ඇත්තටම ලක්ෂ හැටපහක් මිනිස්සු අකමැති එකෙක් ජනාධිපති වෙලා තියෙන්නේ... ඉතින් රටේ මිනිස්සු වැඩි පිරිසක් අකමැති එකෙක් කියන්නේ ඒ ජනාධිපතිකම වැලිඩ් නෑ. 🤣//
      Kavinda මහත්තයෝ - කොහොමද ඔය ලක්ෂ 65 ට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්?

      Delete