අකුරු මැකී නෑ

Saturday, November 23, 2024

අමුම අමු; වල් වනචර කතන්දරයක්

සදවා සුදු වැලි        පිවිතුරු
බඳවා රන් දද         පියකරු
සිටුවා දොර දොර රඹ තුරු
තබවා පුන්කුඹු      විසිතුරු - කියලනෙ ‘ගුත්තිල’ කාව්‍යයේ ‘උදේනි පුර වරුණාවෙ තියෙන්නෙ.

දනෝ කෙළිති එළි වෙනතුරු...

අපේ පන්තියේ හිටිය මදාවි ඇට්ටර කුකවියන් free පීරියඩ් එකක් වෙලාවෙදි ඒ කවියේ හතරවෙනි පදේ එකේක විදිහට වෙනස් කර-කර කිව්ව හැටි තවමත් මට මතකයි.

පළමුවෙනියා කිව්වේ ‘දනෝ කෙළිති එළි වෙනතුරු’ කියලයි. ඒ කාලෙ ‘කෙළිති’ වචනේ වුණත් අසැබි වචනයක් විදිහට සැලකුණා වෙන්නැති. එහෙමත් නැත්තං ඒකා ‘කෙළිති’ වචනයට ආලවට්ටං දාපු හැටියයි; ඇස් නටෝපු හැටියයි නිසා වෙන්ඩ ඕනි, පන්තියේ කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම ‘හානේ / ෆ්ෆ්ෆ්ෆු / ස්සූ...ස්ස්ස්’ වගේ ප්‍රතිචාර දැක්වුවේ. (එතකොට; ඒ කිව්වේ හැට-හැත්තෑව දසකවල මහරගම විද්‍යාකර විද්‍යාලය මිශ්‍ර පාසලක්.) ඒ ප්‍රතිචාරයෙන් ෆෝම් වෙච්ච දෙවෙනියාගෙත් කට ඇරුණේ එතකොටයි.
“නෑ මචං. දනෝ කෙළිති හම යනතුරු.”

කෙල්ලන්ගේ විලිබර ගතිය, ලජ්ජාව එතකොට තව ඩිංගක් වැඩි වෙච්චි. කටවල් මුවා කරන්න අතුත් එසවෙච්චි. දන්නවනෙ, පියසිරිට කෙල්ලන්ගේ එහෙම හුරතල් පේන්න බෑ! එයා කිසිම පැකිලීමක් නැතුව, එයාගේ දඩබ්බර විලාසයෙන්ම තුන්වෙනි වෙනස කරල දැම්මා. “අඩෝ, කෙළිති නෙවෙයි, මචං... දනෝ xකති හම යන තුරු කියල කියපං.”

ඒ කාලෙ විදිහට නං එහෙම එව්වා ‘කුපාඩි වැඩ’. නොහොබිනා වැඩ. සදාචාර සම්පන්න නොවෙන ‘වල්- වනචර’ වැඩ.

ඒත් අද?
අද සමාජය ගොඩාරියක් වෙනස් වෙලා. විවෘත වෙලා... ගොඩාක් දේවල් විග්‍රහ කරමින්, ගැඹුරටම කිමිදෙමින් හොයා බලන්නට පුරුදු වෙලා. මේ සටහන් කරන්න යන්නෙත් එහෙම විග්‍රහ කෙරුණු සලරුවක් ගැනයි.

එයාලා ඒකේ රඟපානවා නෙවෙයි- ඇත්තටම ජීවත් වෙනවා...

මං වහන්සේ මේ ෆිලුම බැලුවේ මාස කීපයකට කලින්. (හෙටානිද්දාම ලියවෙන්නට තිබෙන post එකකට මේ ෆිලුමේ සම්බන්ධයක් තියෙනවා වගෙයි කියලත් මට හිතුණා. මට මඤ්ඤං හිංදාද දන්නැහැනෙ එහෙම හිතෙන්නේ කියලත් පස්සෙන්-පහු කල්පනා වුණා.)

හැබැයි තවමත් සමහර වෙලාවල, මේ ෆිලුමේ නළු-නිළියන් සජීවීව මගේ ඉදිරිපිට රඟනවා වගෙත් මට දැනෙනවා.
ඒත් එයාලා ඒකේ රඟපානවා නෙවෙයි- ඇත්තටම ජීවත් වෙනවා...

දන්නවද වැඩක්? මෙතෙක් දුර ලියාගෙන ආවේ පෝස්ටුවට යොදන්නට ‘සුදුසු මැයක්’ නැතිව තියෙද්දියි.
ඔන්න බොලේ එකක් එනවා. මේ post එකට ගැළපෙන මාතෘකාවක් ඔළුවට ආවේ දැනුයි. ඒකත් උඩින් අකුරු කරලා දැම්මා- අමතක වෙන්න කලින්... ඊට පස්සේ ආයෙම මෙතනට ආවා විතරයි...
‘සුළං තදයි, විදුලියද කොටයි, හෙණ හඬ පැතිරෙයි...’ නෑ, නෑ. කව්රුවත් ‘අක්කෙ
අක්කෙ අර බලන්නකෝ...’ සින්දුව කිව්වා නෙවෙයි. මේ වෙලාවේ තත්වය විස්තර කළා. කරලා හනික කොම්පියුටරේ off කරල දැම්මා.

දවස් දෙකකට පස්සෙයි, ආයෙත් මේ blog ලිපිය ලියන රාජකාරියට අත තියන්නට ඉඩක් ලැබෙන්නේ!

සම්භාව්‍ය ‘ගුත්තිල කාව්‍යය’ එහෙමත් රුකුලට අරගෙන බර අඩු කරලයි, මේ ෆිලුම ගැන මුලින්ම ලියන්න හිතුවේ. ඇසිඩ් වර්ග වුණත් තනුක කළාම ක්‍රියාකාරිත්වය අඩුයි නෙව.

මොකද මේ ප්‍රංශ film එක ගැන මෙහෙම ‘අන්විශ්වාසබල් කතාවකුත්’ පළකොට තියෙනවා මට හමු වුණා.
Sauvage (2018) is a super raw movie that follows a twenty something sex worker on the streets of Paris who really just wants to find love. Some scenes are especially intense and NSFW, so, again, I'm begging you to not watch this one with your parents.
ඒ කතාවෙන්ම ආයාචනා කර සිටිනවනෙ ‘මේ චිත්‍රපටය දෙමව්පියන් හා එකතුව නරඹන්න එපා!’ කියලා. යුරෝපා රටක එහෙම ඉල්ලීමක් කෙරෙනවා නං මේ ප්‍රංශ ෆිලුම කොච්චර ‘අමුවෙන් ඇද්ද- වල් වනචර වෙයිද’ කියලා ආදරණීය පාඨක ඔයාලටත් හිතාගත්තැකිනෙ.
ඊටත්... මේක ‘ආදරය සොයා යමින්- ලිංගික ශ්‍රමිකයකු ලෙස රැකියාවේ නියුක්තව- පැරිසියේ වීදිවල සරන විසි දෙහැවිරිදි මත්ලෝලී තරුණයෙකු ගැන කතාවක්ය කිව්වම...'

මේක වල්ම වල් කතාවක් විදිහට... (Pianistට ඕනි ලේ ගලනකල් වද දෙන sex...)

කොටින්ම කිව්වොත් මං වහන්සේගේ කුතුහලයත් හොඳටෝම වැඩි වුණා, ඒ විස්තරේ කියෙව්වම. ඉතිං ඒකෙ ඉංගිරිසියෙන් තියෙන NSFW කෙටි යෙදුමේ අරුතත් මං හොයල බැලුවා. එයින් කියැවෙන්නේ not safe for work කියලයි!

ඇත්තෙන්ම මේ චිත්‍රපටය අමුම අමුයි. තාත්විකයි: කුප්පනසුලුයි... සමහර දෙනෙකුට හරි මේක වල්ම වල් කතාවක් විදිහට පෙනෙන්නත් ඇහැකි. මොකද මේ ෆිලුමේ කතා නායකයා ‘පිරිමි වෛශ්‍යාවක්... පුරුෂ සමරිසියෙක්...’ ඉතිං වල් නොවී තියේවියැ.

ඒත් යකඩෝ- පහුගිය දවස් දෙක තුනක ඉඳල අහන- දකින- බලන- කියවන දේවල් මීට වඩා කොච්චර ‘වල් වනචර- අසික්කිත- කුපාඩි’ද කියලත් හිතෙනවා. විශේෂයෙන් දේශපාලන පොර-පිටියේ කෙරෙන වලත්ත වැඩ!

ඉතා දීර්ඝකාලීන පළපුරුද්දක් තියෙන නායකත්වයක් යටතේ මහ මැතිවරණයට තරග වැදුණු ගෑස් සිලින්ඩරය ලකුණැති පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට එක්කෙනෙක් හොර පාරෙන්ම පත් වෙලාලු. අසාද් සාලි මහත්තයා ඒ විත්තිය කියමින් හිටු කියලා නෙළාගෙන නෙළාගෙන යනවා.

ඒ ප්‍රහාරය කොච්චර බලසම්පන්නද කියනවා නං රවී කරුණානායක මහත්තයාගේ ගෙදරට පොලිස් බලඇණියක ආරක්ෂාව සපයන්නටත් වෙලා.
ඒ අස්සේ පක්ෂයේ ලේකම්තුමී කියනවා ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් කරලා යැව්වේ රනිල් ලොක්කත් දැනුවත්ව- නීත්‍යානුකූල ගිවිසුමට අනුවය කියලා.

අලුත්ම news එක තමයි එජාප සභාපති වජිර අබේවර්ධන මහත්තයා නිකුත් කරපු නිවේදනය. ඒක ඇත්තක් නං ‘රනිල් මහතා ඒ මොකුත්ම දන්නෙ නැති කෙනෙක්’ය කියලා පිළිගන්නයි වෙන්නේ!

ඒවා කියවද්දී මට හිතෙන්නේ පිරිමි වෛශ්‍යාවෙකු; සමරිසියෙකු වෙන Leo වුණත් අපේ බොහොමයක් පළපුරුදු දේශපාලුවන්ට වැඩිය සදාචාරවත් කියලයි...
අපේ අප්පුහාමිලා මේ දන්නා තරං දහංගැට ගහන්නේ තවදුරටත් බලය රැක ගන්නයි. බලය රැක ගන්න හදන්නේ පුරුදු විදිහටම රට කෑම කරගෙන යන්න වෙන්නැති...
නැත්තං වෙන අහවල් එහෙකටද?

නන්නත්තාර තරුණ ලියෝගේ චරිතය වගේම අනෙක් සියලු චරිතත්...

Leo තමයි ‘Sauvage / Wild’ ෆිලුමේ කතානායකයා. (හැබැයි චිත්‍රපටයේ එකම තැනකදීවත් ලියෝගේ සැබෑ නම කියවෙන්නේ නෑ.) ලියෝගේ රස්සාවම කරන පිරිමි හැම දෙනාම එහෙමයි. තම-තමන්ගේ හැබෑ අනන්‍යතාව හෙළිදරව් කරන්නේ නෑ. ඒ වගේමයි- කණ්ඩායමේ රීති පිළිපදිනවා; යම් යම් සිරිත් අනුගමනය කරනවා. එකිනෙකාට සහාය වෙනවා. ඒවා ෆිලුමට විතරක් සීමා වුණු ගොතපු කතන්දර නෙවෙයි. සත්‍යය පදනම් කරගත් දේවල්!

Vidal-Naquet හිතාගෙන ඉඳල තියෙන්නෙ මේ ලිංගික සේවා සපයන පිරිස ගැන සුමාන දෙකක අධ්‍යයනයක් කළාම ඇතිය කියලයි. එහෙම කරලා කතාව ගොඩනඟා ගන්න; තිර රචනය ලියන්න තමයි Vidal බලාපොරොත්තු වෙලා තියෙන්නෙ... ඒත් සති දෙක අවුරුදු තුනක් දක්වා දික් වෙලා. විඩාල් එච්චර කාලයක් තිස්සේ එහෙම දැරුව මහන්සියේ ප්‍රතිඵලය බින්දුවක්වත් අපතේ ගිහිං නෑ කියලයි මට නං ඒත්තු ගියේ.

ගෙයක් දොරක් නෑදෑයෙක් නැති, අකුරු කියැවීමේ හැකියාව නැති, සුසිරිත් ගැන තැකීමක් නැති-
කුසගිනි හැදුණාම කරන්නට දෙයක් නැත්තං කුණු බක්කි අවුස්සා කෑමට යමක් හොයන-
වීදියේ පැත්තකින් ගලා යන කාණුවේ වතුරෙන් වුවද පිපාසය නිවා ගන්න-
සීතලේ වෙවුලමින් පදික වේදිකාවේම ගුළි ගැහී වැතිරිලා නින්දට වැටෙන-
එළඹෙන මොහොතේ ජීවත් වෙනවා මිස හෙටක් ගැන නොහිතන-
තදින්ම මතට ඇබ්බැහි වී සිටින, එහෙත් පරහිතකාමී ගතිවලිනුත් අඩු නැති-
නන්නත්තාර තරුණ ලියෝගේ චරිතය වගේම අනෙක් සියලු චරිතත් තත්‍ය ලෙසින්ම ගොඩනැඟිලා තියෙන බව ෆිලුම බලද්දී වැටහෙන්නේ නිතැතින්.

අවුරුදු තුනක් තිස්සේ ලොකු වෙහෙසක් දරලා හොයාගත් කරුණු ඉතා නැණවත්ව පාවිච්චියට අරගෙනයි Vidal මේ කතාවෙ සිදුවීම් ගොඩනඟලා තිබ්බේ. ඒ sex උතුරා යන film එකක් හදන්නට නෙවෙයි... මානව චර්යාවන්; සමාජ චර්යාවන් එකිනෙක ගැටෙන ෆිලුමක් නිර්මාණය කරන්නටයි.
විටෙක ඒ සිදුවීම් අතිශය බිහිසුණුයි!

උඹ කැමැත්තෙන්ම සමහර ගනුදෙනුකාරයන්ව kiss කරනවයි කියන්නේ උඹට මේ ජීවිතේ අතාරින්න බෑ කියන එකයි... හිතුවද මාත් දිගටම එක-එකාගේ dicks...

ලිංගික සේවාව ලබා ගන්නට ලියෝව ගෙන්වා ගන්නා ධනවත් පරපීඩක තරුණයන් දෙදෙනෙක් Leoට නින්දා කරනවා. ‘මේකා ළඟ ගඳයි’, ‘මූ හරිම අපිරිසිදුයි.’ ඔවුන් එකිනෙකාට කියා ගන්නවා.

මෞඛ සංසර්ගය හා අධෝමුඛ සංසර්ගය සඳහා ලියෝව වහලෙකු ලෙසින් යොදාගන්නා එයාලා එයිනුත් සෑහීමකට පත් වන්නේ නෑ. අතිවිශාල ඩිල්ඩෝවක් උපයෝගී කරගෙන රුධිරය වෑස්සෙන තුවාල පවා ලියෝට ඇති කරනවා. ඔවුන් අන්තිමේදී ඒ වෙනුවෙන් කිසිම ගෙවීමක් කරන්නෙත් නෑ. ගුටිබැට පූජාවක් දීලයි ඒ නරුමයන් Leoව පන්නා ගන්නේ.

තවත් විටෙක ෆිලුමේ එන සිදුවීම් මානව දයාවෙන් පිරීතිරෙයි!!
සිය ගොදුරු බිමේදී මුඛ සංසර්ගය සඳහා අය කෙරෙන (සම්මත ගණන වන) යුරෝ 20 වෙනුවට
euro 5ක් අය කරන්නෙකුට ලිංගික ශ්‍රමික සගයෝ එකතුව පහර දෙද්දී...

ඔවුනගේ සාධාරණ විරෝධය පිළිගනිමින් වුවද, දුර්වල Leo තුවාලකරුවාගේ පිහිටට පෙරට එයි.

තදබල කැස්සකින් හා තවත් රෝගාබාධ කිහිපයකින්ද පෙලෙන ලියෝ වෛද්‍යවරියක වෙත යයි. ඔහුගේ අසරණ බව ඇය මැනවින් වටහා ගනී. අනුනට සහනයක් දෙන්නට ලියෝ සැදී-පැහැදී සිටියත්, ඔහුට සහනය සලසන්නට කිසිවෙකු නොමැති බව වටහා ගන්නා වෛද්‍යවරිය මවක ලෙස මේ ජීවියාව වැළඳ ගනියි. ඉතා කාරුණිකව ඔහුට සලකයි...

එසේම... මෙවන් දුප්පත් අයගේ ජීවිතවල බොහෝ විට ගැබ්ව පවත්නා සුවිසල් ඛේදවාචකය පිළිබඳවත් නරඹන්නන්ව දැනුවත් කරන්නටත් Vidal අමතක නොකරයි.
“උඹ වේසාවෙක් විදිහට දිගටම ඉන්න කැමැතියි වගේ... උඹ කැමැත්තෙන්ම සමහර ගනුදෙනුකාරයන්ව kiss කරනවයි කියන්නේ උඹට මේ ජීවිතේ අතාරින්න බෑ කියන එකයි... හිතුවද මාත් දිගටම එක-එකාගේ dicks උර-උරා ඉඳියි කියලා...
උඹට කැමති සල්ලිකාර නාකි මිනිහෙක්ව හොයාගෙන මේකෙන් ගැලවෙන්න හදපං මේ මං වගේ...” Ahd ලියෝට කියයි.

කොතෙක් පිරිමින් හා ලිංගිකව සම්බන්ධ වුවත් ලියෝ ආදරය කරන්නේ හැඩිදැඩි Ahdටය. සෙනෙහස පතන්නේද ඔහුගෙනි. විටෙක පිරිසට නායකත්වය දුන්නත්- ඔවුන් අනතුරුවලින් ගලවා ගත්තත් Ahd සැරසෙන්නේ වියපත් ගනුදෙනුකරුවෙකු හා එක්ව විදෙස්ගත වීමටය.

ඔවුහු සතුට ලබා ගන්නට වෙහෙසෙති; නිදහස සොයා යති; සෙනෙහස හඹා යති!

ප්‍රංශය වැනි ඉසුරුමත් රටක පවා Leo, Ahd වැනි දුඃඛදායක අසරණයන් වෙසෙතියි මා නම් අසා තිබුණේ නැත...

එහෙත් ලොව කොතැනත් සිටින්නේ එකම මානවයන්ය; එකම සිතුම් පැතුම් ආශාවන් ඇත්තවුන්ය; පබල දුබලකම් සහිත එවුන්ය.
ඔවුහු සතුට ලබා ගන්නට වෙහෙසෙති; නිදහස සොයා යති; සෙනෙහස හඹා යති...
එවන් මිනිසුන් රැසක් ‘
Sauvage / Wild’ ෆිලුමෙදී අපට හමු වෙයි.
එපමණක්මත් නොවේ, අද්‍යතන මිනිස් සමාජය ස්වේච්ඡාවෙන්ම කොතරම් දුරට සිරගත වී ඇතිදැයි සිතන්නටත් මේ සලරුව අපව පොළඹවයි.

නමුත් මේ පිරිසේ එක්කෙනෙකුවත්- අඩුම තරමින් ලියෝවත් ‘මේ ලිංගික ශ්‍රමික රැකියාවට යොමු වුණේ ඇයි/ කොහොමද / දිගටම එහි නිරත වෙන්නේ ඇයි’ කියන දේවල් ගැන Vidal කතා කරන්නේ නෑ!

ඉතිං, මේ පෝස්ටුව කියවද්දී මේ ‘අමුම අමු වල් වනචර’ චිත්‍රපටය බලන්නට හිතුණා නම්, ඉස්සෙල්ලාම ෆිලුමේ ට්‍රේලරය බලන්නැයි මම ඔබට නිර්දේශ කරන්නෙමි. සම්පූර්ණ film එකම බලනවාද කියන තීරණය ගත යුත්තේ ඔබගේම කැමැත්ත පරිදියි.
ඒත් පරෙස්සමෙන්!
මේ ෆිලුම ඕනෑම කෙනෙක් එක්කලා බලන එක නං රියලි- really ඩේන්ජරස්ය...෴0෴

30 comments:

  1. ලිංගික ක්‍රියාකාරකම් වගේම ලිංගික දර්ශණ අඩංගු නිර්මාණත් 'වල්' කියන ආකල්පය තමයි සමාජයේ තියෙන්නේ. මේ මටත් මේ වගේ නිර්මාණ බලන්න ගෙදර අය ගෙදරින් බැහැරවෙන අවස්ථාවක් බලා ඉන්න තමයි වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හුඟ දෙනෙකුට ඒ නිදහසවත් නෑ තමයි වෘතාන්ත.

      Delete
  2. වල් උනත් මොකෝ ෆිල්ම් එකක්නෙ.
    වෙලාවක් හම්බවෙච්ච වෙලාවක බලල දාන්න හිතාගත්ත.

    ReplyDelete
  3. අජිත් කුමාරධර්මNovember 23, 2024 at 8:04 PM

    අලුත්ම චිත්‍රපටියක් තිරගත වෙනවා පුනරුද කයියෝ කියලා.

    තඹුත්තේගම අන්දරේ ප්‍රධාන චරිතය.

    තමුන්ගේ පුංචි අම්මාව සහේට ගත් කයියෙක් ගැන කතාව.
    අන්තිමට මිනිහා නිධානයක් හාරන්න ගිහිං කළු ගල් වගයක් ගොඩ ඇරගෙන නොන්ඩි වෙනවා.

    ඉල ඇට කැඩෙන ජෝක්ස් සහිතයි
    කැන්ටින් ජෙප්පෝන්ගේ සහය රංගනය සහිතව
    කොළබ සන්නිය පරාදයි

    ReplyDelete
    Replies
    1. Director නං පරණයි වගේ... Script එකයි plot එකයි දෙකමත් අවුල් නේද?

      Delete
  4. //දනෝ කෙළිති එළි වෙනතුරු// මරැ කියමන.
    ජහමනය කෙළිනව, කෙළෝගන්නව, කෙළගන්නව... උදේ ඉඳන් රෑ වෙනතුරැ!

    ReplyDelete
    Replies
    1. පෝස්ටුව කියෙව්ව. ඒත් ෆිලුම බලන්ට වෙන්නෙ නැතිවෙයි නිදි ලොක්ක!

      Delete
    2. පෝස්ටුව කියෙව්ව x 2

      Delete
  5. නිමල් අංකල්

    මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා ඒත් කියන්න තියෙන දේ මූණටම කියන්න ඕනේ, ඇත්තටම මේ පෝස්ට් එකේ පිටුපස තියෙන අදහස ධනවත් අය කොහොමත් අන් අය ගැන තැකීමක් නොකරන පිරිසක්ය වැනි අදහසක්. මේක පංති විඥාණයක්. පංතියට පුද්ගලයා ඌනනය කරන එකයි මෙහි වෙන්නෙ. නිමල් අංකල් අපහාස කරන ධනවත් යැයි පැවසෙන උදවිය සහ ඔවුන්ගෙ පවුල්වල අය මොන වගේ අයද කියා කව්රුවත් දන්නෙ නැහැ. ඒ අය සමහර විට විශාල ලෙස අන්‍යයන්ට උදව් කරපු අයත් වෙන්න පුළුවන්. එහෙම අය ඕන තරම් ඉන්නවා. ඒ වගේම දුප්පත් අයත් ඉන්නවා ඉතාම දුෂ්ට ගති ඇති අයත්. මේ මානසිකත්වය පිටුපස තියෙන්නෙ දැඩි පංති වෛරයක්. එය ගලා එන්නෙ මාක්ස්වාදයෙන් සහ ලංකාවේ නම් පෙරටුගාමී ජවිපෙ සහ ජාතික ජන බලවේගය වැනි දැඩි ලෙස ක්රමය විරෝධය සහිත ඒ නිසාම සමාජ විරෝධී දේට උඩගෙඩි දෙන පාක්ෂිකයන්ගන්. එවැනි මානසිකත්වයකින 'වඩා යහපත් සමාජයක්' නිර්මාණය වෙන්නෙ නම් නැහැ. අරගලය අස්සෙ දේශපාලනියට කිසිම සම්බන්ධයක් නැති අයගෙත් හෝටල් සහ 'සැප වාහන' කුඩු උනේ ගිනිබත් උනේ මේ මානසිකත්වය නිසාම තමයි. නමුත් වාසනාවට වගේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සම්බන්ධ ඉහළ නායකයන් රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ පවුල ඇතුලු ප්‍රභූන් සහ ධනවත් බලවත් ලංකාවේ විවිධ ධනවතුන් ප්‍රභූ සමාජය වැනි අය සමඟ රහසිගතව දිගින් දිගටම ඉතාම සමීප සබඳතා පැවැත්වීම නිසා මේ තත්ත්වයෙන් මිදී සිටියත් පහළ මට්ටමේ ජවිපෙ ජාතික ජන බලවේග සාමාජිකයන්ට මේ මානසික රෝගී තත්ත්වය උත්සන්න වීම ගැන අපට ඉතාමත්ම කණගාටු බවත් කියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔබ දරන අදහස සංවරව කීවාට ගොඩක් ස්තුතියි!

      Delete
  6. පිළිකා රෝගියා නිරෝගී ධනවත් අයට ඊර්ෂියා කරයි

    ReplyDelete
    Replies
    1. ඔබ දරන අදහසත් සංවරව කීවාට ගොඩක් ස්තුතියි!

      Delete
  7. සම්භාවයද? - ඔව්
    තාත්විකද? - ඔව්
    බලනව ද? - ඤැහ්

    ReplyDelete
  8. මාතෘකාව වැරදියි . මේවා වල් වනචර ගනයේ චිත්‍රපටි නෙමේ . අනුකම්පා සහගතව නැත්නම් empathy එකක් සමග බලන්න ඕනේ ච්ත්‍රපටි . https://www.theguardian.com/film/2019/mar/02/sauvage-film-review-camille-vidal-naquet-felix-maritaud

    ReplyDelete
    Replies
    1. මාතෘකාව වැරදියි?? හහ්, ඒ ඉතිම් අපි ඔහෙලා හිතන හැටි. නිදියා ඔය දාලා තියෙන්නෙ ඇම.ලෝකෙන්ම "සෙක්ස්"කියලා සර්ච් කරලා කප් ගහපු ගප්පි ඇමට විදින්නෙ උඩ පැනලා.🤣😵‍💫😋

      Delete
    2. අජිත් මහත්තයෝ, බකුසුතුමා කියල තියෙන කාරනාව හරියට හරි.
      අපේ blog රෝල්වල වුනත් පෙන්වන්නේ මගේ අඩවියේ නමයි- මාතෘකාවයි විතරනේ. ඒ වගේ කාරණා හැකි තරම් කල්පනාවට අරගෙනයි මම නම් මාතෘකාවක් පවා යොදන්නේ. මට පෙනෙන හැටියට නං ඒක වැඩ කරනවත් එක්ක.

      Delete
    3. Link එකට ස්තුති කරන්න බැරි වුනානේ අජිත්. ගොඩක් ස්තුතියි. ඒකත් මේ පෝස්ටුව ලියන්නට පෙර මා කියවා බැලූ ලිපි ගොන්නෙන් එකක්.

      Delete
    4. මාතෘකාව වැරදියි කියල ඔප්පු වෙනවා ඔය පල්ලහ කමෙන්ට් දාල තියෙනේ උදාර සහ ඇනෝ බැලුවහම . එම්පති තියා මොන මගුලවත් නැති හිස් මිනිස්සු

      Delete
  9. මම padington වල හොටෙල් එකක මැනේජර් වෙලා හිටිය . අවුරුදු 19 ඉංග්‍රීසි (සුද්දෙක් කියල ඔයාල කියන ) කොල්ලෙක් ගෙදරින් එලවල , කවුන්සිල් එකෙන් අපට එවල තිබ්බ රූම් එකක් දෙන්න කියල . පොර ඇයි homeless කියල මම දැනගෙන හිටියේ නැහැ . එක දවසක් මු උදේ පාන්දර ලන්කට් එක පිටින් දුවගෙන ආව . පස්සේ මම දැක්ක එලියට ගිහින් අඬනවා . ඇහුවට කීවේ නැහැ . පොලිසියෙන් ආවහම දැන ගත්තේ මුව පිරිමි දෙන්නෙක් අරන් ගිහින් සල්ලි දෙන්නම් කියල . හයිඩ් පාක් එකේ බංකුවක් උඩ රේප් කරල ඇඳුනුත් උස්සල . පොලිසිය දුන්න අවවාදය ආයේ කරන්න එපා කියල . රේප් කරපු දෙන්න පොලිසිය හෙව්වේ නැහැ . මූව කවුරුත් ගණන් ගත්තෙත් නැහැ . මට පව් කියල හිතිලා රිපෝර්ට් කලේ නැහැ කවුන්සිල් එකට . පස්සේ දැන ගත්ත ගෙදරින් එලවල තියෙන්නේ සමරිසි නිසා කියල . හෙන අහිංසකයි . ඒ කාලේ 1993 එංගලන්තෙත් ගහනවා ඒ අයට . මම මේ ෆිල්ම් එක ඒ දවස් වල බලල තිබුනානම් හෝ දැන් දන්නා දේ ඒ දවස් වල දැනගෙන හිටියනම් ඒ දරුවට උදව් කරනවා . මොනව උනාද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. පල්ලිය තමයි ඒ පවු වලට වැඩිය වගකියන්න ඕනෙ. මම හිතන්නෙ කිසිම ආගමක ඒ ගැන කතා කරන්නෙ නෑ, බාලාපචාර සාධානීකරණය කරන ආගම්වල පවා.

      ඇලන් ටියුරින්ටත් බැස්ටිය දුන්නෙ එංගලන්තෙ නේද?

      Delete
    2. අජිත්, බස්සා මහත්වරුන් දෙන්නාටම ගොඩක් ස්තුතියි අදහස් කිව්වාට.
      ඇලන් ටියුරින් කතාව කියවෙන The Imitation Game (2014) ෆිලුම බලල තියෙනවද? මට නං හිතට වැදුණු එකක්.

      Delete
    3. ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයා රෑට රෑට ඒ කොල්ලගේ කාමරේට රිංගුවාලු

      Delete
    4. සරෝජ් තමුසේ ඉල්ලලා බෑ කිව්වා නේද අජිත්?

      Delete
    5. ඔව් , බසු ඇලන් ගෙන් මොලෙන් ප්‍රයෝජන අරන් එළවලා දැම්ම . ඇනෝ , උදාර , තමුසෙලා ගැන අනුකම්පාවක් තමා තියෙන්නේ . අසහනේට මුදලක් දීල වත් යමක් කර ගත්තනම් . මට ඒ කාලේ ලිතුවේනියන් පෙම්වතියක් තමා හිටියේ . සමරිසි කාරනා ගැන වැඩි අවබෝධයක් තිබුනේ නැහැ . මේ කතාවේ ඇත්ත නැත්ත අහ ගන්න පුළුවන් ඒ දවස් වල නයිට් මැනේජර් හිටියේ පළාත් සභා මන්ත්‍රී ඩැනි හිත්තැටිය ගේ මල්ලි . එතකොට බ්ලොග් ලියපු අරුණ පෙරේරා ගේ යාලුවෙකුත් හිටිය එනිසා ඇනෝ නම එව්වොත් එයාලගේ නොම්මර එවන්නම් අහල දැන ගන්නම .

      Delete
  10. "ඒ sex උතුරා යන film එකක් හදන්නට නෙවෙයි... මානව චර්යාවන්; සමාජ චර්යාවන් එකිනෙක ගැටෙන ෆිලුමක් නිර්මාණය කරන්නටයි. ..... එහෙත් ලොව කොතැනත් සිටින්නේ එකම මානවයන්ය; එකම සිතුම් පැතුම් ආශාවන් ඇත්තවුන්ය; පබල දුබලකම් සහිත එවුන්ය". අවසානයේදි පාඨකයින්ව මෙතෙන්ට ගෙනැල්ලා, empathically හිතන්න පදනමක් දුන්න එක හොඳයි. ඒ විදිහෙ මාතෘකාවක් දැම්මනම් කවුරුත් බලන එකකුත් නෑ බෞද්ධ පෝස්ට් එකක් කියලා. ඒ නිසා click-bait මාතෘකාවක් දාපු එක හොඳයි.

    මේ විදිහෙ අය ගැන අනුකම්පාවෙන් බලන්න පුලුවන් ගොඩක් දෙනා ලෝකෙ ඉන්නවා. එහෙම බැරි අය බොහෝ දුරට පොඩි කාලෙ ඉඳලා ඔලුවට දාලා තියෙන මති මතාන්තර ඔලුවෙන් අයින් කරගන්න බැරි අය නිසා, ඒගොල්ලන්ටත් empathy ලැබිය යුතුයි

    ReplyDelete
    Replies
    1. Click bait එක ගැන ඔයාත් කියල තියෙනවා දැක්කේ දැනුයි Lotus. ඒ ගැන ඉහළිනුත් මගේ පිළිතුරක ලියවුණා.
      සබ්බේ සත්තා උන්මත්තකා කියන දහම විශ්වාස කරන නිසාද මන්දා Lotus- මට දැනෙන්නේ ලෝකෙ ඉන්න හැම සතෙක් දිහාම අනුකම්පාවෙන් යුතුව; තෙතමනයකින් යුතුව බලන්න අපි පුරුදු විය යුතුය කියලයි.

      Delete
  11. https://ansathudinapotha.blogspot.com/2024/11/blog-post_22.html

    ReplyDelete