අකුරු මැකී නෑ

Sunday, June 1, 2025

මඟුල් වදේ - දෙවෙනි කොටස

අපේ වෙලාවත් එච්චර නරක නොවිණි. පංකාදු අදහසක් ඉක්මනින්ම කරලියට ආවේය. ඒ අදහස ගෙනාවේ කවුරුන්දැයි මට මතක නැත. ඒත් අදහස නං හොඳටම මතකය...

‘පොන්න ඩාන්ස් දාන set එකක් මඟුල් ගෙදරට ගෙනියමු.’
‘ටෞකිල තියෙයි!’
‘... නිකංම නෙවෙයි මචං, එළකිරි මෝලම් set එකකුත් අරං යමු.’

ඉතිං අර ‘නපුංසක නැටුම්’ අයිඩියාව ඒකච්ඡන්දයෙන් සභා සම්මත වුණේය.

‘අන්න වැඩේ!!! පපර බෑන්ඩ් එක ගස්සල ගමම නටවලා හෝල්මන් කරවමු... නියමයි!’

(හෝව්! හෝව්!! මෙතුවක් කල් මං වහන්සේට තිබුණු ‘වාග් සංවරය’ අමතක කළා හෙම නොවේ. කරුණාකර තේරුම් ගනු මැනවි.
එදා ඒ සාකච්ඡාවේදී ඒ යෝජනාව කෙරුණේ එහෙමය; ඒ වචනයත් එක්කලාය. අපේ මිතුරන් වැඩි දෙනෙක් කතා කරන්නේ ‘එදිනෙදා සමාජයේදී ඇසෙන’ බාසාවෙන් මිස විදග්ධ සිංහලෙන් නොවේ.
අනෙක් අතට ඒ වකවනුවෙදී ‘සංක්‍රාන්ති ලිංගික’ වැනි යෙදුම් වුණත් පොදු ජන සමාජයේ භාවිත නොවුණු බවය, මට මතක.)

ඉතිං අර ‘නාගසලං සංගීතයට නපුංසක නැටුම්’ නටවන අයිඩියාව ඒකච්ඡන්දයෙන් සභා සම්මත වුණේය. ඒ වගේම ඒ යෝජනාව විස්තාරණය කරවමින් තව-තව අදහසුත් මතු වුණේය.

“හැබැයි පුතෝ, ඔය වැඩේ කෙරෙනවා නං මම ඕකට එකතු වෙන්නේ කොන්දේසි දෙකක් උඩ... හ..රි..ද? කට්ටියම එව්වට කැමති නං විතරයි.”
“මේ බලපංකො මල්ලිලා. නිමල් අයියා දැන් මේ වැඩෙන් කර අරින්න හදනවද කොහෙද!”

“එහෙම එකක් නෙවෙයි ගම්පොළ. මෙහෙම වැඩක් කෙරෙද්දී group එකේ ඩිසිප්ලින් එක තියා ගන්න වෙනවා. නැත්තං limit එකක් නැතිව යනවා. මෙහෙම දෙයකදි එහෙම control එකක් නැතිව යන්න දෙන්න මම කැමති නෑ...”
“ඔයා නිකං කතා කරන්නේ අපි එහෙම ලිමිට් එක පන්නවල තියෙනවා වගෙයිනෙ. මෙච්චර කාලෙකට කවුද ඔයා කියපු එහෙම වැදගත් දෙයක් නාහා හිටියෙ...”

“එකක් කියන්නද? එකක්...” මං එහෙම ඇහුවම නං කට්ටියම හරිබරි ගැහුණා.
“කියන්න බලන්න.”

“මතකයිද අපි කට්ටිය සැරයක් වස්ගමුවේ මැදපිටියේ කෑම්පින් කරන්න ගියා...”
“අම්මෝ... මැදපිටියට
අපි කී සැරයක් නං ගිහිල්ල තියෙනවද? කොයි වතාවේද නිමල් මහත්තයෝ ඔයා කියන්නේ?”
“අවුරුද්ද නං මට මතක නෑ... මුල් කාලෙ. ඒ දවස්වල අපි trip ගියේ එක van එකකනෙ. මේ මම කියන වතාවේ වාහන දෙකක ගියා- කට්ටියත් වැඩි නිසා...”

“හරි! එතකොට මොකද වුණේ?”
“Trip එක ඉවර වෙලා අපි එනකොටයි මං කියන මේ වැඩේ වුණේ. අපි නුවර පාරේ ඇවිත් මිරිස්වත්ත හංදියෙන් හැරෙව්වා කඩුවෙල පැත්තට එන්න. එහෙම ඇවිත් එක වාහනයක් පෙට්‍රල් ෂෙඩ් එකක නැවැත්තුවා තෙල් ගහගන්න. තෙල් ගහගෙන ආයෙමත් ඒ වාහනේ පාරට ගත්ත විතරයි- අනිත් වාහනේ කට්ටියගෙන් වැදුණා වතුර පාරක්...”

“දැන් මතකයි! දැන් මතකයි!! වතුර පුරවපු ෂොපින් bag එකකින්නෙ අපට දමල ඇරියේ...”
“අන්න හරි. ඊළඟට මොකද වුණේ?”

ඒ වුණාට හුකාරිස් වැඩක් නෑ. උන්නෙ ඉස්සෙල්ලම අපිට වතුර ගැහුවේ!

‘මොනා වෙන්නද? අපිත් return එක දුන්නා. එච්චරයි!’ / ‘ඒක මහ ලොකුවට ගණන් ගන්න එපා නිමල් අයියේ. කොලු කාලෙනේ.’ / ‘ඔව්වා simple කේසස්නේ... කවුද ඔය කෝන්තර මෙච්චර කල් මතක තියාගෙන ඉන්නේ?’

“මම කියාගෙන එන්නේ වෙනින් දෙයක් හලෝ. මට නං මෙව්වා සිම්පල් නෙවෙයි... capital. ඊට පස්සේ වෙච්ච දේවල් ඔයාලට මතකද?”

‘ඔයාම කියන්නකෝ බලන්න.’
මම කිව්වෙමි... සවිස්තරාත්මකවම කිව්වෙමි. එසේ කළ හැකි වූයේ ඒ ත්‍රාසජනක රාත්‍රි අත්දැකීම ඉතා හොඳින්; නොමැකෙන ලෙස මගේ මනසේ කැටයම්වී තිබුණු බැවිනි.

ඊළඟ පැයක විතර කාලය ගෙවුණේ පොඩි පහේ යුද්ධයක් වෙනුවෙන්. ඒ යුද්ධය කෙරුණේ අවි ආයුධවලින් නොවුණු බව ඇත්තය. ඒත් එහෙමයි කියලා දෙපිරිසේම උමතු සාහසික බවේ කිසි අඩුවක් වුන්නෑ.
මුලින්ම පහර දීම්; පෙරලා පහර දීම් කෙරුණේ වාහන ඇතුළේ තිබ්බ වතුරවලින්. ඒ සුලු පරිමාණයෙන්... ඉක්මනින්ම බෝතල්වල තිබ්බ වතුර ඉවර වුණා.
ඔන්න එතකොට පාර අයිනෙ තිබුණු වතුර පයිප්ප හොය-හොයා ගිහිං වතුර ගන්න පටන් ගත්තා... හැම තැනම පයිප්ප තියෙන එකක්යැ?

නෑ කියලා නිකං ඉන්න බෑ. / ඇයි බං අර තියෙන්නෙ පාර අයිනෙ වළවල්වල. එව්වයෙන් ගනිමු. / ඒව වැස්සෙන් එකතු වෙච්ච මඩ වතුරනෙ. / ඇයි බං ඒ වතුර ගන්න බැරි. Attack කරන්නනෙ. බොන්න නෙවෙයිනෙ... / ඒ වුණාට... / ඒ වුණාට... ඒ වුණාට හුකාරිස් වැඩක් නෑ. උන්නෙ ඉස්සෙල්ලම අපිට වතුර ගැහුවේ. මඩ වතුරෙන් හරි උන් සේරම නාවන්නම ඕනි!

“තමුසෙලාට නං පිස්සු! දවස් තුනක් තිස්සේ එකට කෑම්පින් කරපු යාළුවො නේද මේ ජන්මාන්තර වෛරක්කාරයො වගේ fight කරන්නේ- දෙකට බෙදිලා?”
මං ඇහුවේ කේන්තියෙන්. “දැන් රෑ දහයමාරත් පැනලා.”

‘Fun එකටත් එක්කයි නිමල් අයියේ!!’

ඒ වෙද්දී ඒ නිරර්ථක සටන වඩ-වඩාත් සාහසික වෙමින් දිගින් දිගට ඇදිල යමින් තිබ්බේ. කීප සැරයක්ම වාහන හරවාගෙන වතුර පයිප්ප තිබුණු ඉසව්වට ආපහු ගියත් එක්ක... වතුර පුරවගන්න. ඒ වගේමයි- එහෙම වතුර පුරවගත්ත සමහරුන් පාරේ අඳුරු තැන්වල හැංගිලා ඉඳලා විරුද්ධ පිලේ වාහනයට වතුර බෑග්ස්වලින් පහර දුන්නා. මහා පරිමාණයෙන්...
තවත් විදිහකින් කියනවා නං පහු-පහුවෙනකොට වාහන දෙකේ ඉතිරි වෙලා හිටියෙ තුන්-හතර දෙනෙකු විතරයි. අනිත් හැමෝම ගොඩබිමට බැහැලා ‘ගරිල්ලා සටන්’වලටත් අවතීර්ණ වෙලයි උන්නේ.

එතකොට හරි- වැරදි පෙනෙන්නේ නැත; සාධාරණ- අසාධාරණකම් පෙනෙන්නේ නැත. කරන්නේ- කෙරෙන්නේ මොනවාදැයි සමහරුන් දන්නෙත් නැත.

“ඔයාලට මතකද මම ඒ වෙලාවේ කොච්චර නං එපැයි කිව්වද කියලා? ඇහුවද?”

‘ඇත්ත, ඒක නං ඇත්ත නිමල් අයියේ. එතකොට නං දෙපැත්තේම අයට තිබ්බේ පුදුම ඇම්මක්... කාටත් ඕනි වුණේ දිනන්න... කවුරුවත් කැමති නැහැනෙ second වෙන්න.’

ප්‍රශ්නය ඒකය! කල්ලි ගැසී යමක් කරන්නට ගත්තාම එය සීමාවන් ඉක්මවන්නේ කාටත් නොදැනීම වගෙය. එතකොට හරි- වැරදි පෙනෙන්නේ නැත; සාධාරණ- අසාධාරණකම් පෙනෙන්නේ නැත. කරන්නේ- කෙරෙන්නේ මොනවාදැයි සමහරුන් දන්නෙත් නැත. එහෙව් දේවල් සමහරවිට කෙළවර වෙන්නේ ලොකු විනාශයකිනි.

“ඔයාලට මතක ඇතිනෙ ඒ මරිමෝඩ fight එක නැවතුණේ කොහොමද කියලා... xx xxx වතුර බෑග් එකකුත් අරගෙන කරුවලේ හැංගිල ඉඳලා xxxගේ පස්සෙන් පන්නගෙන යද්දී එක්කෙනෙක් පත කානුවකට වැටුණ එක හොඳට ගියා... ඒකෙන් නේද...”

‘ඔව් මචං. තව ඩිංගෙන් xx xxxගේ හොම්බ රිවට් වෙනවා කානු ගැට්ටේ වැදිලා... කානු පතුලේ තිබ්බ වීදුරු කටුවකට පොරගෙ කකුලත් කැපුණ නේද දිසානායක? මෙයානෙ ඔව්වා සේරගේම රෙකෝඩ්ස් තියාගෙන ඉන්නේ..’

“එහෙම මතක තියාගෙන උන්නු හින්දම තමයි මේ වැඩේදීත් පරෙස්සං වෙන්න හදන්නේ... ඒකයි දැන්මම ලිමිට්ස් තියා ගනිමුය කියල කියන්නේ...”
‘මේකෙදි එහෙම fight කරන්න යන්නෙ කවුද නිමලෝ?’

”කවුරුවත් ෆයිට් කරන්න යන්නැති එක ඇත්ත. ඒත් මට තේරෙන දේ තමයි, මේ වැඩේ කරන්න ගත්තට පස්සේ චූන් වුණාම- මෝඩ චූන් වැඩත් කෙරෙන්න පුළුවන්... ඒ හින්දයි කියන්නේ-
මෙන්න කොන්දේසි:
එක. වැඩේට යන්න කලින් හරි, වැඩේ කරලා ඉවර වෙලා ආපහු එනකල් හරි... ලිකර් තහනං. සම්පූර්ණයෙන්ම... බියර්වත් බෑ!
දෙක. අපේ කට්ටියේ කිසිම කෙනෙකුට මොනම හේතුවක් හින්දාවත්- කිසිම වෙලාවක මනාල ජෝඩුවට අතක්වත් තියන්න බෑ. ඒ කාරණා දෙකට ඔයාල හැමෝම එකඟයි නං විතරයි මං මේ වැඩේට එකතු වෙන්නේ...”

එතකොට නං කට්ටියම ගල් ගැහුණා. ඉස්සෙල්ලම කට ඇරියේ ගම්පොළ මහතා.

‘Please excuse me Mr. දිසානායක. I agree! But... බට්... ගැත්තන්ට අනුකම්පා කරලා පොඩි සහනයක් දෙන්න බැරිද කියලත් ඔබතුමාගෙන් අහනවා.’ එතකොටත් තව උදවිය මුණු-මුණු ගාන්න පටන් අරං. ‘කොහෙද ඉතිං ගම කන්නනෙ හදන්නේ. මම කියන දේ අහගෙන ඉන්නවලකො. මං කතා කරන්නේ අපි හැමෝම වෙනුවෙන්... දැවෙන ප්‍රශ්නයක් ගැන... උසාවිය ඇතුළේ අවිනීතව හැසිරිලා නිමල් අයියට මළ පැන්නොත් එහෙම පුතෝ සේරම හබක්!’

අපි ආපහු එන්න පිටත් වුණාම ඔය වෙල් එළියක... නිස්කලංක තැනක වාහන නවත්තලා- චුට්ටක් අනුමත වෙන්නං... 

‘...මේකයි! මේ වැඩේදි අපි සේරම ඔයාට කීකරු වෙන්නං. ඔයා අපට ලීඩර් වෙන්න. හැබැයි, මුළු ගමන පුරාවටම නොබී ඉන්නයි කියන එක තමයි ටිකක් ලිහිල් කරවගන්න ඕනි. අපි ආපහු එන්න පිටත් වුණාම ඔය වෙල් එළියක... නිස්කලංක තැනක වාහන නවත්තලා- චුට්ටක් අනුමත වෙන්නං... කාටවත් හිංසාවක් නැති විදිහට... අහිංසක තාලෙට... හා නේද?’

ගම්පොළ උන්නැහැගේ කතාව ඉවර වෙන්නත් කලින් ලොකු ‘හුරේ!’ පාරක් හම්බ වුණා.
හිතාමතාම එච්චර වෙලාවක් බකුසු මූණක් හදාගෙන උන්නු මටත් හිනා ගියා, ඒ උද්දාමය දැකලා.

‘හුරේ... අනුමතයි- අනුමතයි. නඩුකාර උන්නාන්සේ හිනාත් වුණා. අපිට සහනයක් දෙන්න කැමැතියි වගේ!’
“හැබැයි රජෝ, ඔයාලා හතර-පස් දෙනාට අනිත් අයව කන්ට්‍රෝල් කරලා තියා ගන්නත් වෙයි... හොඳේ!”
‘Don’t worry! අපේ කවුරුවත් නැහැනෙ නිමල්, එහෙම වාත වෙන පොරවල්.’
“ඒ වුණත් මිස්ටර් ආතබූත... කෝකටත් කියලා සූදානං සරීරෙන් හිටියට කමක් නැහැනේ!”

ඊළඟට අපේ ඇහැ ගියේ ඊළඟ ප්‍රශ්නෙට.
අරහෙම නැටුම් කණ්ඩායමක් කොහෙන්ද හොයා ගන්නේ? ඇයි වාදක කණ්ඩායමක්...

‘අපේ xxx දන්නව නේද නිමල් අයියේ. ඔයාගෙ පුංචි යාළුවා චූටි මහත්තයගෙ තාත්තා. අර කොම්පකඳකඳවීදියේ පොලිස් ක්වාර්ටර්ස්වල ඉන්න හාදයා... පස්සේ අපි මිනිහගෙන් අහල බලමු. එයා දවසක් කියනවා ඇහුණා ඔහොම කට්ටියකගේ වලියක් ගැන...’ එතැනදිත් ඉස්සර වුණේ ගම්පොළ උන්නැහේ.
(මොකද දන්නවද- සමහර වෙලාවට මං වහන්සේ එයාගේ නමට ‘උන්නැහේ කෑල්ල’ත් එකතු කරන්නේ. එයා තමයි අපේ කට්ටියේ වයසින් වැඩිම කෙනා. හැබැයි එයා මට කතා කරන්නෙත් නිමල් අයියා කියලා. වයස අනුව බැලුවොතින් දෙවෙනි තැනට එන්නේ ආතබූත. මම තුන්වෙනියා.
ඉතිං දිගින්-දිගටම නිකංම ගම්පොළ කියලා ලියන්න මට හිත දෙන්නේ නෑ.)

“ආයි පස්සන්න දෙයක් නෑ හලෝ. XXX තමුසෙගෙ මස්සිනානේ. දැන්මම call එකක් දෙනවකො!” මහෝදර එයාට සුපුරුදු ලීලාවෙන් නිකුත් කළේ අණාඥාවක්.
“හොඳමයි මහත්තයෝ!” ගම්පොළ කීකරු සෙයියාවකින් උත්තර බැන්දා... බැඳලා xxxට කතා කරල ඉවර කළා.

“ඔන්න නිමල් අයියේ, ඒ වැඩෙත් හරි. ඒකත් දාගන්න මගේ account එකට. හෙට හවසට අපිට එන්න කිව්වා xxxලගේ ගෙදරට... පොන්සිලව හම්බ වෙන්න යන්න.” ෆෝන් එක පැත්තකින් තිබ්බ ගම්පොළ උන්නැහේ උදාරම් ලීලාවෙන් කිව්වා.

අලුත් තාලේ වද දෙන්න නොයා උන් දෙන්නව ඔය කරත්තයක නග්ගලා යැව්ව නං...

“තමුසෙගෙ එකවුන්ට් එකට? තමුසෙගෙ නෙවෙයි හරි නං මගේ account එකටයි ඒක දාන්න ඕනේ. මම කිව්වේ නැත්තං වැඩේ කෙරෙයි දැන්මම...” මහෝදර කියපි. “...නැද්ද නිමල් අයියේ? වැඩක් කරනකොට පස්සට දදා- කල් දදා හිටියොත් ඒ වැඩේ කෙරෙන්නෑ. නැකත කියන්නේ වැඩක් කරන්න කියල හිතිච්ච වෙලාව. එතකොටම ඒක කරන්න ඕනෑ. ඤං පචං ගගා ඉන්න හොඳ නෑ. එතකොට ඕනි වැඩක් හරි යනවා... නැද්ද මං අහන්නේ...”

“හරි! එහෙම නං දැන්මම  තීරණේ කරමුද හෙට හවස xxxලගේ ගෙදර යන්නේ කවුද- කීයටද- කොහොමද කියලා...”
“අන්න හරි නිමල් අයියේ. ඔයයි මායි මිස්ටර් ගම්පොළයි යං නීරෝගේ car එකේ. හතර දෙනෙක් ඇති. අපිට එතැනින් තව කොහාට හරි යන්න වුණොත් xxxවත් කාර් එකට නග්ග ගන්න වෙයිනෙ.” මහෝදර පට-පට ගාලා තීරණ ගත්තා.

“මේක හරි xකන කෙළියක්නෙ හලෝ. Car එක මගේද- නැත්තං උඹේද මචං? උඹද මට කාර් එක අරගෙන  දුන්නේ... උඹ කියන කියන විදිහටද මං ඒකෙ යන්න එන්න ඕනේ?” නීරෝ බොරු තරහක් මවාගෙන ඇහුවත්, පහුවදා හවස කොම්පඤ්ඤවීදියට යන්න කැමැත්ත දුන්නා.

ඉස්සරහ සීට් එකේ ගම්පොළ උන්නැහේ. පිටුපස සීට් දෙකේ මහෝදරයි මායි වාඩි වුණේ- එදා යනකොට... තලපත්පිටියේ ඉඳලා ඇඹුල්දෙනියට යන අතරේ (ගොන්නකන්ද හරියේදී) හදිස්සියෙන්ම නීරෝට කෑ ගැහුණා. “ගම කැවෙන්නයි යන්නේ. සොක්‍රටීස් මේ පැත්තට එනවා...”
“මළා! අපි හතර දෙනාවම එකට දැක්කොත් නං ෂුවර් එකටම කොල්ලා සැක හිතනවාමයි... අණ්ඩරයක් කරන්න තමයි යන්නේ කියලා හිතයි. මම හැංගෙන්නං...” එහෙම කියන ගමන්ම මහෝදර කාර් එකේ සීට්ස් පේළි දෙක අතරේ තියෙන පුංචි තීරුවේ ගුලි ගැහුණා.

අඩි පහමාරක් විතර උස- රාත්තල් සීයක් විතර බර මහෝදරගේ ස්ථුල දේහය ඇසුරු සැණින් ඒ ඉඩකඩේ ඇසිරුණු විදිහ තමයි අරුමේ!

සොක්‍රටීස් අපිව දැක්කෙ නෑ. ඒත් ඇඹුල්දෙනිය හන්දියට කිට්ටු වෙනකල්ම මහෝදර හැංගිලා හිටියා. මැසිවිලි නඟන්න පටන් ගත්තේ ඊළඟටයි.
“වැඩි පරෙස්සමට මචං එහෙම කළේ. අරයට මාට්ටු නොවුණත් මේ වෙලාවෙ ඒ පැත්තට යන තව කී දෙනෙක් ඉන්නවද? එකෙක් දැක්කොත් ඇතිනෙ නිමල් අයියේ...
මොකෝ තමුසෙ හිකි හිකි ගාන්නේ. තමුසෙලට හිනා! අලුත් තාලේ වද දෙන්න නොයා උන් දෙන්නව ඔය කරත්තයක නග්ගලා යැව්ව නං මේ වද කරදර මොකුත් නැහැනෙ... යකෝ. උන්ට වද දෙන්න යනකොට අහක ඉන්න අපිටත් වද විඳින්නනෙ වෙන්නේ.”

එදා ගමනේදී ‘නැටුම් කණ්ඩායම’ වෙන් කරවා ගැනිණි. ඔවුන්ගේම නිර්දේශයක් උඩ ‘මෝලම් වාදක පිරිස’කුත් අපේ වැඩේට සූදානම් කර ගැනිණි.

“අනේ අපිට නං ඒ හැටි වදයක් විඳින්න වුණේ නෑ... හිඃ හිඃ හිඃ! නේද මචං? නිමල් අයියටත් එහෙමනෙ, නේද?” ඉස්සරහ සීට් එකේ උන්නු ගම්පොළ හැදුවේ මහෝදරව අවුස්සන්නයි.

“ඔහොම හැමනෙන්න හැදුවොත් නං මම ඔක්කොම කියල දානවා සොක්‍රටීස්ට. අම්මප! උඹල දන්නෑ තවම මගේ හැටි! හඃ!!”
“පිස්සුද යකෝ... විහිළුවක්වත් තේරෙන්නෙ නැද්ද? මේ ගම්පොළ... අයියත් කට වහගෙන උන්න නං හොඳ නැද්ද, වැඩේ දෙල් කරන්නේ නැතුව! දිසානායක, තමුසෙත් ගල් ඉබ්බා වගේ කට වහගෙන ඉන්නේ- ප්‍රශ්නයක් ආවම ටිකක් මැදිහත් වෙනවා... නායකත්වේ කියන්නේ ඒක නේද?”

එහෙම ආරෝවවල් අපේ කට්ටියට නැතුවම බැරිය.

එදා ගමනේදීම ඇඩ්වාන්ස් එකකුත් ගෙවා ‘නැටුම් කණ්ඩායම’ වෙන් කරවා ගැනිණි. ඔවුන්ගේම නිර්දේශයක් උඩ ‘මෝලම් වාදක පිරිස’කුත් අපේ වැඩේට සූදානම් කර ගැනිණි.

දැන් එදාට කවුරු කවුරුද යන්නේ? / පෙනුමට තියෙන්න නං විස්සක් විසිපහක් විතරවත් ගමනට හොයා ගන්න වෙයි. / කවුද එන බවලත් උදවිය. අපේ නෝනයි දුවයි දෙන්නා එයි. වෙන?

“මමත් දැනටම ලේඩීස්ල දෙන්නෙකුට කියලයි තියෙන්නෙ.”
‘අම්මට සිරි, කවුද නිමල් අය්යේ ඔය ලේඩීස්ල... අපි නොදන්න දෙන්නෙක්ද?’
“ඔයාලා
දන්නවා. සුනීතායි එයාගේ දුව දිලිනියි. විශේෂයෙන්ම ඒ දෙන්නට කිව්වේ මේ වැඩේ වීඩියෝ කරවගන්නත් බලාගෙන. දිලිනි ඒක කරලා දෙයි...”

‘Mr. Dissanayake, අපි මේ වැඩේට එක්කං යන්නෙ කවුරු කවුරුද කියල list එකකුත් හදල ඉමුද? මොකද මට බලාගන්න ඕනි පස්වෙනි සිල් පදේ කඩන පින්වතුන් කී දෙනෙක් ගමනට එනවද කියලා... බෝතල් මදි වෙන්න දෙන්න බැහැනේ!’

“List එක හදන්න ඕනි තමයි කොහොමත්. මොකද අපි එහාට කඩා පාත් වෙන එක මඟුල් ගෙදර අයට බරක් වෙන්න දෙන්න බෑ.”
‘ඒ කිව්වේ?’

“මනාල ජෝඩුව හනිමූන් එකට යනවා ඇත්තේ දවල් කෑමෙන් පස්සේ. එතකොට අපිටත් එයාල යනකල් ලොකු වෙලාවක් එහාට වෙලා ඉන්න වෙනවා. ඉතිං එයාලට සිද්ද වෙයි අපිටත් කෑමට ආරාධනා කරන්න... අපේ කට්ටියත් පොඩ්ඩක්යැ? විස්සක් විසිපහක් විතරවත් වෙයිනෙ. එතකොට එයාලට වෙනවා එච්චර කට්ටියකට අලුතෙන් උයන්න. ඒ මිනිස්සුන්ට ඒ කරදරේ විඳින්න ඉඩ දෙන්න බෑ.
මම හදන්නේ අපේ යන කට්ටියට ඇති වෙන්න කෑම උයාගෙන යන්න...”

‘ඒක ඒ මිනිස්සුන්ට කරන මදිකමක් වගේ නේද? ඊටත් මඟුල් ගෙදරකට...’ එක්කෙනෙකුට කල්පනා වෙලා තිබ්බේ ඒ ගැනයි.

මජ්ජපානා දට්ඨානාවලට ඕනේ කරන ජාති නං අඩු වෙන්න දෙන්න එපා!

“ඒ ගැන චුට්ටක්වත් කලබල වෙන්න එපා. මනමාලිලා ගෙදර අයත් එක්ක කතා කරලා මං ඒක ෂේප් කර ගන්නං.”

ඊට පස්සේ තවත් ප්‍රශ්න හා අදහස්...
නිමල් අයියට පුළුවන්ද විසිපහකට විතර කෑම හදන්න. / ඇයි මචං, අපිට බයිට් ජාතියකුත් හදව ගන්න වෙනවනේ, මෙයාට කියලා. / අපේ වයිෆ්ටත් කියලා මොනව හරි හදවන්නං. / යන කට්ටියටම උදේට කන්න මාළුපානුයි, කිඹුල බනිසුයි මම ගේන්නං. / අපෙන් ෂැන්ඩියි biteවලට මික්ස්චර් මොන මොනවා හරියි ගෙනෙමු නේද මචං... / ඔව්වොව්, මොනවා නැතත් කමක් නෑ මල්ලිලා මජ්ජපානා දට්ඨානාවලට ඕනේ කරන ජාති නං අඩු වෙන්න දෙන්න එපා.

වැඩේට හැම දෙනාම දායකත්වය දෙන්නට සූදානං වුණේ එහෙමය! ඒ දවස්වල අප කාගේත් ටෙලිෆෝන්වලට නිදහසක් නොතිබුණු තරම්ය.
ප්‍රශ්න- යෝජනා- අදහස්... ටෙලිෆෝන් හරහා...

සොක්‍රටීස්ට මංගල තෑගි දෙනවට වැඩිය වටිනව මෙහෙම අමතක නොවෙන වැඩක් කරන එක. / අනෙක මචං මිනිහා ඔය තෑගිබෝග බලාපොරොත්තු වෙන ජාතියෙ පොරකුත් නෙවෙයිනෙ. /
මට නං ඉවසිල්ලක් නෑ  පොරවත් xන්න dance කට්ටිය මැද්දට තල්ලු කරනකං. එක පොන්සියෙකුට උගන්නන්න ඕනි අපේ එකාට උම්මා එකක් දෙන්න කියලා. / අනේ ඩෝ, යකාගේ ආසාවක්නෙ තොටත් තියෙන්නෙ...

“ඔන්න ඔන්න. මතකද, මං මුලදීම කිව්වනෙ මනාල ජෝඩුවට අතක්වත් තියන්න බෑ කියලා...”
එතැන් සිට ඊළඟ කොටසෙන්à

56 comments:

  1. මං දන්න තරමට වෙඩිං කියන්නෙ මල කරදරයක්, කියන දෙයක් ඇහෙන්නෙත් නෑ කන පැලෙන මියුසික් නිසා, නොගියොත් අප්සෙට් නිසා යනවා අකමැත්තෙන්, කපල් එකත් ඇත්තෙන්ම එන්ජොයි කරනව දකින්නෙ කලාතුරකින්.

    කොළඹින් ඈත ලොකු ඉඩක් ලොකු වත්තක් ගඟක් වැවක් තියන තැන්වල නම් ඉන්න පුලුවන් ඇවිදින්න පුලුවන් නිසා. කාමරේකට අහුවෙලා මියුසික් කනේ වැදෙන, මිනිස්සු ඇඟේ වදින ඒවනම් පුදුම කරුමයක්. බොන්නෙ නැතුවත් ඉන්නවනම් ඉවසන්නම බෑ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. වෙඩිං විතරක් නෙමෙයි මල ගෙවල් වුනත් මල කරදරයක්. නිකං බලන්නකො නම "අවමංගල්‍ය උත්සවය". කාගෙද ? මැරිච්ච උන්දැගෙ නං වෙන්න බෑ.

      ෂෝශල් ප්‍රෙෂර් එක, මහන්තත්ත කම, ලෝකෙට සෝබනේ නිසා කරන වැඩ. කිව්වාම කියන්නෙ, උඹට නං මොකද , අපි එපෑ මේ ගම්වල වසන්න කියලා. බිලියනර්ලා, ප්‍රසිද්ධ අය එහෙම "ප්‍රයිවේට් ෆන්ක්ෂන්" කියලා බොහොම පොඩියට ගන්නවා. අනිත් අය ලොකුවට අරගෙන, පස්සෙ ණය ගෙවනවා.

      Delete
    2. ඕක සිම්ප්ලි කියනවනම්... ඉස්සර මලගෙවල්වලට අසල්වැසියෝ/ගමේ වැසියෝ කෑම දෙනවා. දැන් මලගෙදරින් හැම එකාටම කන්න දෙන්න ඕනෙ.

      දැන් මල /මගුල් වෙනසක් නෑ ගෙදර එවුන්ට මල කරදරයක්.
      යන එවුන්ට මගුල් ගෙදරට වඩා මල ගෙදර කරදර අඩුයි.

      Delete
    3. මේ ලඟදී පවුලේ කෙනෙක් මිය ගියා. "උත්සවේ" ජයටම ගත්තා. ඒ අය ඉහල පන්තියේ අය( දැන් ඒ හැටි සල්ලියක් නෑ). දුරින් නෑ වෙන කස්ටියත්, දුර ඉඳලා ආවා. කේටරින් වැඩේ අවුලක් වෙලා. පස්සෙ, කේලම තැපෑලෙන් ආවා "ආපෝ, ඉන්න තුරු හම්බ කරපු මිනිහට හරියට වියදම් කරලවත් නෑ, අපිත් කෑවෙ ඉස්සරහ හෝටලෙන්" කියලා.

      Delete
    4. මටත් ඔය හෝල් ඇතුලෙ තියන මගුල්නං පේන්න බෑ. බොන්න දෙන්නෙ නැති ඒවනං ඊටත් වඩා පේන්න බෑ.

      Delete
    5. මගෙ නම් ෆියුනරල් පාටි නෑ. බොඩී එක මෙඩිකල් කොලේජ් එකට

      Delete
    6. අඩේ අප්පා, මගෙත් එහෙම තමයි. ලයිසන් එක ගන්න කොටද කොහෙද අහනවා. ඇක්සිඩන්ට් උනොත් ස්පෙයා පාට්ස් වල ගන්නද, බොඩි එක සයන්ස් වලට දෙනවද කියලා?මම ඔක්කොටම හා කිව්වා.

      මේ අපි දෙන්නා, මෙඩිකල් කොලේජ් මෝචරියෙ දාමුද පාටියක්?

      Delete
    7. මේකනේ වැඩේ. මළ ගෙවල්- මඟුල් ගෙවල් සේරම දැන් බිස්නස්කාරයන්ගේ වැඩ වෙලානේ. ඉස්සර foto ෂූටින් තිබ්බයැ.... මිනී පෙට්ටිවල මිල බලන්නකෝ- අඩුම එකේ ඉඳලා වැඩිම එකට තියෙන වෙනස අදහාගන්නත් බෑ...

      Delete
    8. අනෙත් කාරණේ දැන් කාලෙ ගෙවල්වල ඉඩකඩ අඩුයි. පිඟන් කෝප්ප පුටු හැලි වළන් අඩුයි. ගෑස් ළිපේ උයන්නේ. ඉතිං සීයකට හමාරකට කෑම බීම හදනවට වැඩිය ලේසියි කේටරින් එකකට කිව්වම.

      මල් ශාලාවකට මරණයක් බාර දෙන්න ගියාම එතැනින්ම කියනවා කේටරින් කට්ටියක් ගැනත්.

      මේ ළඟ දවසක මරණයක් ගැන ආරංචි වුණා. මළගිය පරාණකාරයාගේ පුතෙක්ද කොහේද පිටරටක ඉඳලා ඇවිත්. මිනිහා ආව ගමන් කිව්වලු 'මේ මිනී පෙට්ටිය හරි යන්නේ නෑ. ගණන වැඩි එකකට මාරු කරවමු.' කියල. එහෙම කරලා.

      Delete
    9. මගේ නිරීක්ෂණයක් මේ. මරණ ගෙවල්වලට- බණ ගෙවල්වලට දැන් ගොඩක් උදවිය එන්නේ පවුලේ ඔක්කොමත් එක්ක...

      Delete
    10. අපේ ලොකු නංගිගේ දේහයත් වෛද්‍ය විද්‍යාලයට දුන්නේ.
      Pra Jay, බස්සා මහත්වරුනේ- කාලයක් තිබ්බා ඒකට මෘත දේහ බෑර නොගන්නා... ඉඩ නැති නිසා. දැන් තත්ත්වය නම් දන්නෙ නෑ.

      Delete
    11. Praසන්ன, ඔයාට වගේම මටත් හෝල් ඇතුළේ තියෙන මඟුල් අරහං.
      වැඩියත්ම සද්දේ නිසා.
      බොන්න දෙන ඒවා හැම එකකදීම වගේ දකින්න ඇහැකි දෙයක් තමයි ලිමිට්ස් නොදන්නා කිහිප දෙනෙකු හරි ඉඳීම.

      Delete
    12. විශේෂ දෙයක්...
      ලංකාවේ අඩු වියදම් කාඩ්බෝඩ් මිනී පෙට්ටි වගයක් හඳුන්වා දුන්නා. ඒත් එක ජනප්‍රිය වුනාද කියලා නං තවම දැන ගන්න ලැබුණේ නෑ.
      https://www.gossiplankanews.com/2021/08/Sri-Lanka-Rs-4500-cardboard-coffin-is-of-international-fame.html

      Delete
    13. ෂා නියම වැඩක් නෙ? ම්හූ.....සැදැහැවත්, හතර පෝයට සිල් ගන්න අසල්වාසීන්, ජීවත් වෙන එවුන්ව මරාගෙන කාවී පණපිටින්.🤔

      Delete
    14. https://www.huttonflowers.com/design-201540025/owl-funeral-tribute.htm

      https://www.amazon.com/Funeral-Owl-Jane-Davis/dp/1493504088

      https://intobirds.com/funeral-for-an-owl-friend/

      Delete
    15. මෙන්න මගේ යෝජනාව:
      කලින්ම "ස්පෙයා පාර්ට්ස්" වලට නොගියොත්, 2035 දී අපි නමියගෙ වීදීයෙ සෙට් වෙමු. ටිකිලා, පෝට් වයින් මම ගේනවා. පෝක් කරියක් එක්ක පොල් රොටි තිබ්බාම ඇති. එකම අවුල මේකයි:

      https://www.youtube.com/watch?v=_Vz5yOb9xus

      Delete
    16. ඔබට එවන් අවුලක් නොවේවා! 2035 තෙක් ඔබටත් මටත් සනීපෙන් ඉන්නට ලැබේවා!!

      Delete
    17. ඔබත්, අප මිතුරන් සැමත් නිදුක් නීරෝගී වේවා!

      ඒත් ඉතිං යතාර්ථය ඊට වෙනස් නෙව නිදි? පරණ ඇරියස් අල්ලන්න වගේ, මෙහෙ එකාල හතර අතේ වෙඩි තියා ගන්නව. බීල වාහන වලින් ඉගිල්ලිලා, අහක ඉන්න අහින්සකයොන්ව නිවන් අරිනවා. කෝවිඩ් වලින් මුංගෙ මොලේ කොලෙප්පම් වෙලාද මන්දා? කියන්න බෑ, අපිත් වැරදි තැන, වැරදි වෙලාවෙ හිටියොත් බඩුම තමා.

      ලංකාවෙත් චිකන් ගුනියා, කෝවිඩ් ආයෙ ඇවිත් නේද? සෙනඟ ගොඩේ ගැවසෙන එක අඩු කරලා, යන තැනක මාස්ක් එකක් දාගෙන යන්න.

      Delete
    18. ඔව් ඔව්, එන පොට එච්චර හොඳ නෑ වගෙයි බස්සා මහත්තයෝ.

      Delete
    19. ඉන්න ටිකේ කාල බීල සතුටින් ඉන්න ඕනා. හම්බු කරන්නෙ සතුටින්, සැපෙන් ඉන්නත් එක්ක නෙව. ජීවිතේට... මළ වේවා මගුල් වේවා ගන්නේ කීප සැරයයි. ඒක හන්ද ටිකක් ලකේට, සාරසොබාවට ගත්තට කමක් නෑ "විගඩමක්" වෙන්නෙ නැතුව හිටං.
      මටනං විගඩම් වෙච්ච මගුල් ගෙවල් වලට යන්න ලැබුනෙ බොහොමත්ම ටිකයි. ඒ හැර අනික්වා අවුලක් නෑ. ජයට ගත්ත ඒවානං තමා ඉතීම් ඒ හැම එකක්ම වගෙ.

      මට මෙහෙම දැනෙන්ට... හිතෙන/බලන විදිහෙ වෙනස අනුව වෙන්ටත් ඇහැකි ඉතීම් 🙂

      Delete
    20. මං කමෙන්ට් නැවැත්තුවොත් මෙතන තමයි, ඈ?

      “body farm” Quebec

      Delete
    21. ක්විබෙක්වලද පළමු පිළිගත් ජන සංගණනය කළේ... යන්තම් මතකයක් තියෙනවා එහෙම.

      Delete
    22. ප්‍රංශුවෝ ඒක "කෙ'බෙක්" වගේ තමයි කියන්නෙ. එහෙම වෙන්න ඉඩ තියනවා. බොහෝ කලකට පෙර, කෙබෙක් ප්‍රාන්තයේ "මොන්ට්‍රියල්" නගරය තමයි සාරසුබාවට තිබිල තියෙන්නෙ. ඔලිම්පික් එහෙමත් තිබ්බෙ එහෙ. දැනටත් පාර්ලිමේන්තුව(ෆෙඩරල්) තියන අග-නගරය "ඕටවා" (හිංගලෙන් "ඔටාවා ") තියෙන්නෙත් එහේ.

      Delete
  2. Wrong on so many levels. නමුත් කාලය වෙනස් නිසා, සමාජ ආකල්පත් වෙනස් බව තේරෙනවා. නිමල් මේකෙන් මතුකරන්න හදන දේ හොඳයි. හරි අවස්ථාව ආවම, ශිෂ්ඨ සම්පන්න මිනිස්සු තුලත් යටපත් කරගෙන ඉන්න "කැලෑ සතා" එලියට එනවා "චීප් ත්‍රිල්" එකක් ගන්න.☹️

    ReplyDelete
    Replies
    1. මෝලම් set එක කියන්නෙ මොකක්ද? පපර, නාගසලං දෙකම එකද?

      Delete
    2. බස්සා මහත්තයත් එක්ක වැඩියත්ම යාළු අංජනම් දේවිද- හනුමන්තාද?
      ඔයාට තේරිලා නියමෙටම!

      Delete
    3. මෝලම්, පපර, නාගසලම් සේරම කියන්නේ එකම වාදක කණ්ඩායම්වලට බවයි මට ඇහිලා තියෙන කතාබහේදී දැනුණේ. වැඩියත්ම කතරගමදී- කාවාඩි නටන්නේ ඒ සංගීතයට.
      https://www.youtube.com/watch?v=RBemGKZWRHM

      Delete
  3. ජෝඩුවට වද දෙන්න කලින් නිමල් අයියල ඇතුලු කට්ටිය ඊට වැඩිය වද විඳල වගෙයි මට පේන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඒක නං එහෙම තමයි මහත්තයෝ. අපි භාරගත්තේ අභියෝගයක්නෙ.
      හැබැයි- ඒක කාටවත් කරදරයක් නොවෙන විදිහට කරන්නයි අපිට ඕනි වුණේ.

      Delete
  4. සෙට් වෙලා ටිකක්දුර යනකොට... හොඳ හොඳ නැටුම් පසුව වගෙ තමා. අපිට පුරුදු නෑ අනෙකාට කරදරයක් නොවී තමන්ගෙ ආතල් එක ගන්න 😁!.
    කලින් මානවයාගේ ඉඳල පරිනාමය වෙලා ඉදිරියට ආවත් සමහර ජාන සහ ගතිලක්ෂණ යටපත් උනත් තියෙන බව තමයි විද්‍යාත්මක මතය. එහෙම බැලුවොත් හිටං...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං නමී, අවුරුදු දසදහස් ගණනාවක් තිස්සෙ අපේ ජානවලට කා වැදිලා තියෙන දේවල් අවුරුදු සිය ගණනකින් වෙනස් වෙන්නේ නැහැල්ලුනෙ.

      Delete
  5. නිදී, ඇත්තටම බුදුදහම උගන්වන්නේ අපේ තියෙන විවිධ බැඳීම්වලින් මිදෙන්න කියලයි. ලිංගිකත්වය කියන්නෙත් එක විදිහක බැඳීමක්. ඒක ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුට විතරක් සීමා කරන්න අවශ්‍ය නැහැ.

    සරල උදාහරණයක්:
    ඔබ හොඳ හිතින් කාට හරි උදව් කරනවා නම්, ඒ කෙනා පිරිමියෙක්ද ගැහැනියෙක්ද කියලා බලනවද? නැහැනේ. බුදුදහමත් ඒ වගේ තමයි. ආදරය කරන්න, අනුන්ට උදව් කරන්න ලිංගිකත්වය බාධාවක් වෙන්න හොඳ නැහැ.

    ඒ නිසා බෞද්ධ දර්ශනය සෘජුවම සමලිංගිකත්වය අනුමත නොකළත්, එහි මූලික ඉගැන්වීම් අනුව සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරන්න තරම් ප්‍රබල හේතු නැති බව පේනවා. බොහෝ බෞද්ධ නායකයින් සහ ප්‍රජාවන් අද සමලිංගික අයිතිවාසිකම්වලට සහයෝගය දක්වන්නේ මේ නිසයි.

    බෞද්ධ දර්ශනය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ඔයාගේ මතය වැරදියි නිදි මොකද බුදුදහම විවේචනය කළ නොහැකි හෝ නොකළ යුතු දෙයක් නොවන බව මුලින්ම අවධාරණය කළ යුතුයි. අද සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන ඇතැම් අදහස්, විශේෂයෙන්ම ස්ත්‍රීන් පිළිබඳ දැක්ම සම්බන්ධයෙන් ගැටලු සහගතය. "පීරියඩ්ස් ලැජ්ජාවෙන් හැදෙන්න ඕන දෙයක්" යැයි පවසමින්, කාන්තාවක ලෙස ඉපදීම පෙර සසරේ කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිඵලයක් බවට මේ දිනවල ඇතැමුන් කරන විසුළු ප්‍රකාශ අතිශයින්ම ලිංගපීඩක සහ ස්ත්‍රීපීඩක වේ. අග්ගඤ්ඤ සූත්‍රය උපුටා දක්වමින්, මුල් කාලයේ සියුම් ශරීර සහිතව සිටි මිනිසුන් තණ්හාව නිසා භෞතික ශරීර ලබාගත් පසු ස්ත්‍රී පුරුෂ භේද ඇති වූ බවට කරන තර්කය ද මෙවැනිම පීඩාකාරී අදහසක්. වැලිමඩ සද්ධාසීල වැනි ඇතැම් චීවරධාරීන් ද මේ හා සමාන අදහස් දේශනා කරනු දැකිය හැකියි.
    එහෙත් සැබෑ බුදුදහම මෙවැනි පටු අදහස්වලින් තොරයි. බුදුන් වහන්සේ කාන්තාවන්ට පිරිමින් හා සමානව ආධ්‍යාත්මික දියුණුව සඳහා අවස්ථා විවෘත කළේ, ප්‍රසේනජිත්ත රජුට දුවක් ලැබුණු විට රජුගේ මුහුණේ ඇති වූ වෙනස දුටු බුදුන් වහන්සේ "ගුණයට ස්ත්‍රී පුරුෂ භාවය අදාළ නැත" යනුවෙන් දේශනා කර ඔහුගේ අදහස් වෙනස් කළේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය උන්වහන්සේ කෙතරම් අගය කළේද යන්න පෙන්වමිනි.

    තවත් වැදගත් කරුණක් වන්නේ එක්තරා රෝගාතුර භික්ෂුවක් කාමුක ස්ත්‍රියක විසින් දූෂණයට ලක් කළ අවස්ථාවේ බුදුන් වහන්සේ දැක්වූ ප්‍රතිචාරයයි. එහිදී උන්වහන්සේ "කැමැත්ත" (consent) පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ලබා දුන්හ. මෙය ආගමික ග්‍රන්ථයක කැමැත්ත ගැන සඳහන් වන පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය.

    ReplyDelete
    Replies
    1. මේ පිළිබඳව විස්තර සහිතව කතා කළොත් රෝගාතුර භික්ෂුව සහ කාමයෙන් මත් වූ තරුණිය සහ කැමැත්ත පිළිබඳ බෞද්ධ දැක්ම මෙහෙමයි

      එක්තරා විහාරයක තරුණ, ඉතාම කඩවසම් රූමත් භික්ෂුවක් හදිසියේ රෝගාතුරව ඇඳේ සිටියා. ශරීරය දුර්වලව තිබූ හෙයින් ඔහුට තනිවම එහා මෙහා වීමට පවා නොහැකි විය. දිනක් එම කුටිය අසලින් තරුණ, කාමුක ස්ත්‍රියක් ගමන් කරමින් සිටියා. ජනේලයෙන් ඇතුළත බැලූ ඇය දුටුවේ භික්ෂුවගේ සිවුර අතරින් කැපී පෙනෙන ඔහුගේ ශක්තිමත් පුරුෂ ලිංගයයි. ඒ දසුනින් ඇය රාගයෙන් මත් වූවා.

      තම ආශාව පාලනය කරගත නොහැකි වූ ඇය භික්ෂුවගේ කුටියට ඇතුළු වී අසරණව ඇඳේ සිටි, අතපය පවා හොල්ලගත නොහැකි වූ ඒ භික්ෂුව සමඟ ඇය බලහත්කාරයෙන් ලිංගිකව එක් වූවාය (එනම්, ඔහුව දූෂණය කළා). පසුව ඇය කිසිවක් සිදු නොවූ ලෙස ඉක්මනින් එතැනින් පිටව ගියා.

      ටික වේලාවකට පසු එම භික්ෂුවගේ ගුරු හිමියන් කුටියට පැමිණියේය. එවිට ඔහු දුටුවේ තම ගෝලයා අඩනිරුවතින්, සිවුරේ ශුක්‍රාණු පැල්ලම් සහිතව සිටින අයුරුය. සිදුවූ දෙය වටහාගත් ගුරු හිමියන් කෝපයට පත් වූ අතර, තම ගෝලයා වහාම සඟසමයෙන් නෙරපා හැරීමට තීරණය කළේය.

      එම අවස්ථාවේ බුදුන් වහන්සේ මෙම සිද්ධිය පිළිබඳව දැනගත්හ. උන්වහන්සේ එම භික්ෂුව කැඳවා සිදුවූයේ කුමක්දැයි විමසූහ. භික්ෂුව තමාට සිදුවූ අසාධාරණය විස්තර කළේය. එවිට බුදුන් වහන්සේ ගුරු හිමියන්ට මෙසේ වදාළහ: "මහණෙනි, මේ භික්ෂුවගේ කැමැත්තෙන් තොරව මෙම සිදුවීම සිදුවී ඇත්නම්, ඔහු මේ සම්බන්ධයෙන් කිසිදු වරදක් කර නැත."

      මෙහිදී බුදුන් වහන්සේ පැහැදිලිවම අවධාරණය කළේ ලිංගික ක්‍රියාවක් සාධාරණ වීමට නම් දෙපාර්ශවයේම කැමැත්ත අත්‍යවශ්‍ය බවයි. රෝගාතුරව අසරණව සිටි භික්ෂුවට එම ක්‍රියාවට එකඟ වීමට හැකියාවක් නොතිබූ බැවින්, ඔහු කිසිදු වරදක් කර නැති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
      මෙම සිද්ධිය තුළින් බෞද්ධ දර්ශනය කැමැත්ත (consent) කෙතරම් වැදගත් ලෙස සලකනවාද යන්න පැහැදිලි වේ. ශාරීරිකව හෝ මානසිකව යම් ක්‍රියාවකට එකඟ වීමට නොහැකි තත්වයක සිටින පුද්ගලයෙකු සම්බන්ධ කරගනිමින් සිදුකරන ඕනෑම ක්‍රියාවක් සදාචාර විරෝධී වන අතර එය බුදුදහමේ මූලික හරයන්ට පටහැනි වේ.

      බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්නේ තත්වයන් සහ පුද්ගලයන්ගේ අසරණභාවය සැලකිල්ලට ගත යුතු බවයි. බලහත්කාරයෙන් හෝ අවසරයකින් තොරව සිදුකරන ඕනෑම ක්‍රියාවක් බෞද්ධ දෘෂ්ටියට අනුව වැරදි සහගතය. මෙම සිද්ධිය තුළින් කැමැත්ත යනු හුදෙක් වචනයකින් ප්‍රකාශ කරන දෙයක් පමණක් නොව, සැබෑ තේරුම් ගැනීමකින් හා නිදහස් තීරණයකින් එළඹිය යුතු දෙයක් බව ද අවධාරණය කෙරේ.

      අප මතක තබාගත යුතු කරුණක් වන්නේ අද අප පිළිගන්නා ත්‍රිපිටකය ලියැවුණේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර සිය ගණනකට පසුව හින්දු අන්තවාදී සමාජයක පිරිමි භික්ෂූන් අතින් බවයි. එබැවින් පුරුෂාධිපත්‍යය මුල්බැසගත් සමාජයක ලියැවුණු ආගමික ලියවිල්ලක් ඇසුරෙන් සමස්ත ස්ත්‍රී වර්ගයා විනිශ්චය කිරීම නුසුදුසුය. සිද්ධාර්ථ ගෞතමයන්ගේ ඉගැන්වීම් සහ චින්තනය පිළිබඳ මූලික අවබෝධයක් හෝ නොමැතිව මෙවැනි අදහස් ප්‍රචාරය කිරීම අඥාන ක්‍රියාවකි.එබැවින් බෞද්ධයන් ලෙස අප ත්‍රිපිටකයේ ඇතැම් ලිංගපීඩක අදහස් නිර්භීතව ප්‍රතික්ෂේප කළ යුතුය. යමෙකු ඒවා පෙන්වා දුනහොත්, ඒවා ග්‍රන්ථවල ඇතත් බුදුන් වහන්සේ මෙවැනි අඥාන දේවල් නොපවසන බව අපට තර්කානුකූලව පෙන්වාදියහැකි විය යුතුය. ත්‍රිපිටකය සම්පාදනය වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර සිය ගණනකට පසුව භාණකවරුන්ගේ පැවැත්ම තුළිනි. එම නිසා පසුකාලීනව ඇතැම් අදහස් එහි එකතු වීමට ඉඩ තිබේ.
      අවසාන වශයෙන් කිව හැක්කේ බුදුදහම විවේචනයට විවෘත විය යුතු අතර, එහි මූලික හරයට පටහැනි පීඩාකාරී අදහස් ප්‍රතික්ෂේප කළ යුතු බවයි. බුදුන් වහන්සේගේ සැබෑ ඉගැන්වීම් තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට සහ සමලිංගිකයන් ඇතුලු සියලු සත්වයන් කෙරෙහි කරුණාවට ප්‍රමුඛත්වයක් හිමි වන බව තේරුම්ගත යුතුයි.

      Delete
    2. දැඩි වෙහෙසක් දරමින් ලොකු විස්තරාත්මක comments දෙඅකක් එව්වාට ගොඩක් ස්තුතියි Ano.

      හැබැයි මට තේරුම් ගන්න බැරි දෙයකුත් තියෙනවා.
      ඔයා ඇයි මෙහෙම කියා තියෙන්නෙ?
      //බෞද්ධ දර්ශනය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ඔයාගේ මතය වැරදියි නිදි//

      Delete
  6. //‘අපේ xxx දන්නව නේද නිමල් අයියේ. ඔයාගෙ පුංචි යාළුවා චූටි මහත්තයගෙ තාත්තා. අර කොම්පකඳකඳවීදියේ පොලිස් ක්වාර්ටර්ස්වල ඉන්න හාදයා.// කවුද ඒ

    ReplyDelete
    Replies
    1. ඒ හිතවතා අවරුදු ගානකට කලින් අභාවප්‍රාප්ත වුණා.
      මේ වැඩේ කෙරෙනකොට එයාගේ පුතා; චූටි මහත්තය අවුරුදු හත අටක දරුවෙක්. දැන් එයා ලොකු මහත්තයෙක්- එයාටත් පුතෙක් ඉන්නවා අවුරුදු තුන-හතරක.

      Delete
  7. Replies
    1. ඔවු බස්සා මටත් ඕක දැකල සෑහෙන්න හිනා ගියා ඇත්තටම හරිනම් අපි හිනා වෙන්න නෙවෙයි අඬන්න ඕන මේ වගේ තක්කඩි ජනාධිපති කෙනෙක් තක්කඩි ආණ්ඩුවක් සහ ඒ වගේම තක්කඩි සිටින සත පහකට වැඩකට නැති තුට්ටු දෙකේ විපක්ෂ පක්ෂ කීපයක් සිටින එක ගැන

      ඇත්තටම එකපාරටම නොසිතූ විරූ කළු යාන්ත්‍රණයේ බොරු බිල්ලෝ මවන අනුර කුමාරගේ හිස් පොරොන්දු ගැන ඔහුට ඡන්දය දුන් අපි දැන් ලැජ්ජ වෙන්න ඕන

      අනුර කුමාර දිසානායක ආයේත් අලුත් පොතක් දාලා "කළු යාන්ත්‍රණයක්" ගැන ලොකු කතාවක් කියනවා. ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ, දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, නීතිවිරෝධී සන්නද්ධ කණ්ඩායම්, මාධ්‍ය... bla bla bla ඔක්කොම එකතු වෙලා ලොකු කුමන්ත්‍රණයක් කරනවාලු! 😱

      ඒත් ඇත්තටම මේ කියන්නේ අලුත් දෙයක්ද? ලංකාවේ දූෂණ, වංචා, අක්‍රමිකතා කියන්නේ අද ඊයේ පටන් ගත්ත දේවල්ද? කලක් තිස්සේම තිබුණ සුළු සිද්ධි ඇතැම් හුදෙකලා සිදුවීම් කීපයක් එකට සම්බන්ධ කරලා මා ලොකු කරලා මහා බිල්ලෙක් මවා ජනතාව රවට්ටන්න හදන එකක් නේද මේ? 🤨

      ජවිපෙ/ජාතික ජන බලවේගය ඡන්ද වලට කලින් රැස්වීම්වලදී දුන්න පොර ටෝක් මතකද? "එක පෑන් පාරෙන් ජනාධිපතිට ලේසියෙන්ම කරන්න පුළුවන්" කිව්වා. "සති දෙකෙන් කරනවා", "පෝය දෙකෙන් පාතාලය ඉවරයි" වගේ ලොකු ලොකු කතා කිව්වා. දැන් බලන්න, බොරුවට මහා කළු යාන්ත්‍රණයක් තියෙනවා කියලා අමු කෙබර ගහනවා. 🙄
      රටේ බහුතර ජනතාව කොණ්ඩේ බැඳපු චීන්නු නෙවෙයි. ඔය වගේ බොරු වලට අහුවෙන්න තරම් මෝඩ නැහැ. ඒකනේ මේ පාර ඡන්ද ලක්ෂ 23ක් එකපාරටම අඩුවුණේ! 📉

      මේ ජනාධිපති දිගින් දිගටම අමු කෙබර ගොත ගොතා ජනතාව රවට්ටන්න හදන එක ඔහුට 2024 දී ඡන්දය ප්‍රකාශ කරපු අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා! 😡 ඔය පට්ට කෙබර සහ හිස් පොරොන්දු වලට රැවටෙන හරක් මේ රටේ නෑ, අනෙක විපක්ෂ බලවේග වල ඉන්න ගෝතකරුම බලයට පත්වෙන්න පුළුවන් කමකුත් නෑ ආණ්ඩුවට කිසිම ආකාරයක ප්‍රායෝගික තර්ජනයක් නැති මේ වෙලාවේ කෙබර ගහන්නේ නැතුව ඔය බදු යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න රටේ ඉස්සර වෙලාම රජයේ වියදම් වලට විනිවිදභාවය ඇතිකරන්න ඕනේ.

      Delete
    2. අනෙක බස්සා ලංකාවේ රජයට බදු ගෙවන අපි වගේ ජනතාවට හිමි අයිතියක් අපේ Right එකක් තමයි විනිවිදභාවයෙන් පිරිපුන් ලංකාවක්! 🇱🇰💰

      ලංකාවේ ජනතාව බදු ගෙවන්නේ රටේ සංවර්ධනයට දායක වෙන්න. ඒත් ඒ බදු මුදල් හරියට වියදම් වෙනවද? අපිට ඒක පේනවද? 🤨

      අපි ඉල්ලන්නේ විනිවිදභාවය! රජයේ වියදම් හරියටම ජනතාවට පේන්න ඕන. බදු මුදල්වලින් ලැබෙන ප්‍රතිලාභ අපිට පැහැදිලිවම සහ ඍජුවම අත්විඳින්න පුළුවන් වෙන්න ඕන. 🤝

      වංචා දූෂණ නැති කරන්න ශක්තිමත් යාන්ත්‍රණයක් ඕන. රාජපක්ෂ හොර රැල, රනිල්ගේ හොර රැල, මහින්දානන්ද වගේ හොරු ආයෙත් ආවොත් උන්ටත් හොරකම් කරන්න බැරි විදියට ස්වාධීන සිස්ටම් එකක් හදන්න ඕන. 🛡️

      අපිට ඕන:

      විනිවිදභාවයෙන් පිරිපුන් රජයක්: වියදම්, ආදායම් ඔක්කොම ජනතාවට පේන්න ඕන.

      ප්‍රතිලාභ ලැබෙන බදු ක්‍රමයක්: බදු ගෙවන ජනතාවට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ පැහැදිලිව පේන්න ඕන.

      වංචා දූෂණ නැති කරන ශක්තිමත් යාන්ත්‍රණයක්: කාටවත් හොරකම් කරන්න බැරි විදියට ශක්තිමත් ක්‍රමයක් ඕන.

      ස්වාධීන සිස්ටම් එකක්: බලය වෙනස් වුණත් හොරකම් කරන්න බැරි විදියට ස්වාධීන ක්‍රමයක් හදන්න ඕන.
      අපි ඉල්ලන්නේ අපේ බදු මුදල්වලට වටිනාකමක් ලැබෙන, විනිවිදභාවයෙන් පිරිපුන්, දූෂණයෙන් තොර ලංකාවක්! 🇱🇰
      ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? කමෙන්ට් කරන්න! 👇
      #විනිවිදභාවය #බදු #දූෂණයටඑරෙහිව #ලංකාව #ජනතාඅයිතිය #ස්වාධීනසිස්ටම්


      බදු ගෙවන ජනතාවගේ දහඩිය මහන්සිය කාබාසිනියා කරන හොරු නවත්වන්න නම් පොරටෝක් දුන්නා ඇති සේරටම කලින් ඉතා ශක්තිමත්ව සිස්ටම් ඕනේ මහජනතාව බදු ගෙවන්නේ දහඩිය මහන්සියෙන්. ඒත් ඒ මුදල් කොහෙද යන්නේ? මාලිමාවේ හොරු කන්ටේනර් 323ක් හොරෙන් පන්නනවා, රජයේ වාහන කුණු කොල්ලයට විකුණනවා. මේ වගේ හොරකම් ඉවරයක් නැතුව දිගටම යනවා! 😡
      අපි ඉල්ලන්නේ විනිවිදභාවය! රජයේ වියදම් සේරම එළිපිට පේන්න ඕන. අපේ බදු මුදල්වලින් අපිට මොනවද ලැබෙන්නේ කියලා අපිට දැනගන්න අයිතියක් තියෙනවා. 😠
      මේ හොරකම් නවත්තන්න ශක්තිමත් නීති ඕන. රාජපක්ෂ හොරු, රනිල්ගේ හොරු, මහින්දානන්දලා විතරක් නෙවෙයි, මාලිමාවේ හොරු පවා ආයෙත් බලයට ආවොත් උන්ටත් හොරකම් කරන්න බැරි විදියට ස්වාධීන, ශක්තිමත් සිස්ටම් එකක් හදන්න ඕන. 🛡️
      අපිට ඕන:

      සම්පූර්ණ විනිවිදභාවය: රජයේ එක එක වියදම ජනතාවට පේන්න ඕන.

      ප්‍රතිලාභ ලැබෙන බදු ක්‍රමයක්: අපි ගෙවන බදුවලින් රටට වෙන දේ අපිට දැනෙන්න ඕන.

      දූෂණයට තිත තියන නීති: කවුරු හොරකම් කරන්න හැදුවත් නීතියෙන් දඬුවම් ලැබෙන්න ඕන.

      ස්වාධීන පාලන ක්‍රමයක්: පක්ෂ, පාට බේද නැතුව හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් ක්‍රමයක් ඕන.

      අපි ඉල්ලන්නේ හොරකම් නැති, අපේ බදු මුදල්වලට වටිනාකමක් තියෙන, විනිවිදභාවයෙන් පිරිපුන් ලංකාවක්! 🇱🇰
      ඔයාලත් මේකට එකඟ නම් කමෙන්ට් කරන්න! 👇

      #හොරකම්නවත්තමු #විනිවිදභාවය #බදු #දූෂණයටඑරෙහිව #මාලිමාවේහොරකමුත්අල්ලමු#රජයේවාහනකුණුකොල්ලය

      Delete
    3. මම නම් ප්‍රාර්ථනා කරන්නේ හොඳ සිහි බුද්ධිය ඇති- මනුස්සකම් ඇති- තමන්ගේ වාසිය විතරක් නොතකන- පරාර්ථකාමී- හැබෑ ලෙසම අවංක- ඍජු කොන්දක් ඇති- නැණ නුවණින් යුතු පුරවැසි සමාජයක් සහිත ශ්‍රී ලංකාවක් බිහි වේවා කියලයි. එතකොට එයාලට ඔබින පාලකයනුත් ලැබේවි!

      Delete
    4. @ Ano 3.34 & 3.46

      පොදුවේ ගත්කල ඔයාගේ මතය එක්ක එකඟ වෙන්න පුළුවන්, ඒත් ඇත්තටම මේ සම්බන්ධව ජනතාව පාට පක්ෂ බේද නැතුව දිගටම ආණ්ඩුවට අවශ්‍ය පියවර ගැනීමට දැඩි ලෙස බලපෑම් එල්ල කරන්න ඕනේ, පක්ෂ හුරතල් කරන්න ගියොත් සහ ජනතාව පක්ෂ වලට බෙදිලා කුලල් කෑවොත් ආණ්ඩුව ඒකෙන් වාසි ලබාගෙන බොරුවෙන් කාලය ගත කරන අතර විපක්ෂ කල්ලි ඊළඟ ඡන්දයට පොරොන්දු ලෙස ඒක සටන්පාඨ කරගෙන මේ විෂම චක්‍රය දිගටම කරගෙන යාවි.

      ඔබේ අදහසට කමෙන්ට් එකක් විදියට දාන්න පුළුවන් මම කලක් සේවය කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කනගාටුදායක ඉතිහාසය: නැතිවූ බිලියන ගණන් සහ අද ලැබුණු ගුවන් යානය ගැන කිව්වොත්
      අද (ජූනි 4, 2025) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුත්ම එයාර්බස් A330-200 යානයක් ලැබිලා, ප්‍රදර්ශන පියාසැරියකුත් ගියා. මේක දැක්කම ඇත්තටම සතුටුයි, වසර අටකට පස්සේ පුළුල් බඳ සහිත wide-body යානයක් ලැබීම හොඳ දෙයක්.

      ඒත් මේ සිදුවීම එක්කම අතීතයේ වුණු කනගාටුදායක සිදුවීම් සෑහෙන ගණනක් මතක් වුණා.

      2013-2014 කාලයේදී මහින්ද රාජපක්ෂ රජය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය එයාර්බස් A330-300 යානා 6ක් සහ A350-900 යානා 4ක් මිලදී ගැනීමටත්, A350-900 යානා 4ක් බදු දීමටත් ගිවිසුම් ගැසුවා. පසුව 2015 ජනපතිවරණ සමයේ මේ ගනුදෙනුවලට දූෂණ චෝදනා එල්ල වුණා.

      2015 දී යහපාලන රජය බලයට ආවම, මේ ගනුදෙනු නැවත සමාලෝචනය කරලා, A350 ගුවන් යානා මිලදී ගැනීමේ සහ බදු දීමේ ගිවිසුම් අවලංගු කළා. මේ තීරණයට, එවකට විපක්ෂයේ සිටි JVP ඇතුළු දූෂණ විරෝධී පක්ෂත් සහය දුන්නා. අනුර කුමාර විජිත හේරත් ඇතුළු ජවිපෙ පිරිස ජනතාවට මේ ගැන විවිධ කතන්දර මවා කැළඹීමට පත් කරපු නිසා යහපාලන ආණ්ඩුවටත් මේක කැන්සල් නොකර බැරි තත්වයකට පත්වුණා

      නමුත් අවාසනාවකට මේ ගිවිසුම් අවලංගු කිරීම නිසා රටට අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුවුණා. මේ පාඩුව ඇස්තමේන්තු කළේ ඩොලර් මිලියන 146.5ක් (එවකට ආසන්න වශයෙන් රුපියල් කෝටි 2,500කට අධික මුදලක්) ලෙසයි. අද මුදලේ වටිනාකමේ හැටියට මේක මීටත් වඩා අති විශාල පාඩුවක්

      ඒ කියන්නේ, එදා ගුවන් යානා හතරක් මිලදී ගැනීමට හෝ බදු ගැනීමට ගිය මුදලින් අද අපිට ගන්න පුළුවන් වුණේ තියෙන්නේ එක ගුවන් යානයක් විතරයි.

      කවුද මේ පාඩුවට වගකියන්නේ?

      මේ සිදුවීම් පෙන්නුම් කරන්නේ, රජයේ සේවය සම්බන්ධයෙන් ගත් තීරණවලදී සිදුවූ දූෂණ, අකාර්යක්ෂමතා වගේම ඊටත් වඩා පටු දේශපාලන මතවාද නිසා සිදුවන දුර්වල කළමනාකරණයන් නිසා රටේ සම්පත් කොච්චර අපතේ ගියාද කියන එකයි. දූෂණයට එරෙහිව හඬ නඟන අය පවා තමන්ට අවස්ථාවක් ලැබෙන තුරු හොරු නොවෙන්නේ යන ඔබේ අදහස මේ සිදුවීමෙන් තවත් තහවුරු වෙනවා.
      දූෂණය පිටුදකින්න නම්, පුද්ගලයන්ගේ සදාචාරය විතරක් මදි. විනිවිදභාවය, වගවීම සහ ස්වාධීන ආයතන ශක්තිමත් කරන, දැඩි දඬුවම් ලබා දෙන පද්ධතියක් අපිට අත්‍යවශ්‍යයි.

      අද ලැබුණු ගුවන් යානය දෙස සතුටින් බලන අතරම, මේ අතීත පාඩම් අමතක නොකළ යුතුයි. මේ වගේ දේවල් ආයෙත් වෙන්න නොදී ඉන්න නම්, අපි හැමෝම එකතු වෙලා මේ ගැන කතා කරන්න ඕනේ.

      @ නිදිගෙ පංච තන්තරේ

      ඔබගේ පැතුමේ හැටියට "දෙවියන්ගෙන් ඉල්ලීමෙන්" හෝ "මිනිසුන් ඉබේම ධාර්මික වීමෙන්" රටක දූෂණය නතර කළ හැකිද යන්න සැබවින්ම දේශපාලන විද්‍යාව අනුව මනෝරාජික සංකල්පයක්.

      Delete
    5. සත්‍ය වශයෙන්ම රටක දූෂණය පිටුදැකීමට නම්, හුදෙක් ප්‍රාර්ථනා කිරීමට වඩා ජනතාව පක්ෂ බේද නැතුව එක්වී ශක්තිමත් ආයතනික පද්ධතියක්, නීතිමය ප්‍රතිපාදන සහ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රජයට බලකිරීම අත්‍යවශ්‍ය වෙනවා.
      දූෂණය පිටුදැකීම සඳහා ශක්තිමත් ආයතනික පද්ධතියක් සහ නීති සම්පාදනය
      දූෂණයට තිත තැබීම සඳහා මනෝරාජික අදහස්වලින් ඔබ්බට ගොස් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතුයි.

      ඒ සඳහා ගත හැකි ප්‍රධාන පියවර කිහිපයක් මෙන්න:

      1. ස්වාධීන දූෂණ විරෝධී කොමිෂන් සභාවක් ශක්තිමත් කිරීම:

      * සම්පූර්ණ ස්වාධීනත්වය: දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කළ හැකි පරිදි මුළුමනින්ම ස්වාධීන වූ ආයතනයක් පිහිටුවීම. එහි සාමාජිකයන් පත් කිරීම පාර්ලිමේන්තු සභාවක අනුමැතියෙන් සිදුවිය යුතු අතර, ඔවුන්ට බලපෑම් කිරීමට කිසිදු දේශපාලනඥයකුට ඉඩ නොතැබිය යුතුයි.

      * විශේෂීකරණය වූ විමර්ශන ඒකක: මූල්‍ය අපරාධ, අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති නිලධාරීන්ගෙන් සමන්විත විමර්ශන ඒකක පිහිටුවීම.

      * ඉක්මන් හා ඵලදායී ක්‍රියාමාර්ග: ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කර, වරදකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම.

      2. අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම:

      * විශේෂ අධිකරණ: දූෂණ හා වංචා නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ පිහිටුවීම.

      * විනිසුරුවන්ගේ ස්වාධීනත්වය:
      විනිසුරුවරුන්ගේ පත්වීම්, උසස්වීම් සහ ස්ථාන මාරු කිරීම් දේශපාලන බලපෑම්වලින් තොරව සිදුවීම සහතික කිරීම.

      * විනිවිදභාවය: නඩු කටයුතුවල විනිවිදභාවය වැඩි දියුණු කිරීම, විශේෂයෙන්ම මහජනතාවට වැදගත් වන නඩු පිළිබඳ තොරතුරු ලබා දීම.
      3. රාජ්‍ය සේවයේ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම:

      * තොරතුරු දැනගැනීමේ අයිතිය: තොරතුරු දැනගැනීමේ පනත තවදුරටත් ශක්තිමත් කර, රාජ්‍ය ආයතනවල තොරතුරු මහජනතාවට පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි විධිවිධාන සැලසීම.

      * වත්කම් ප්‍රකාශ: සියලුම රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් අනිවාර්යයෙන්ම තම වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු අතර, ඒවා නිසි පරිදි පරීක්ෂා කර මහජනතාවට ලබා ගත හැකි පරිදි ප්‍රසිද්ධ කිරීම (පුද්ගලිකත්වයට හානියක් නොවන පරිදි).

      * රාජ්‍ය මිලදී ගැනීම් විනිවිදභාවය: සියලුම රාජ්‍ය මිලදී ගැනීම්, කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම. ටෙන්ඩර් ක්‍රියාවලීන් වඩාත් විධිමත් කර, ඒ පිළිබඳ තොරතුරු මහජනතාවට ප්‍රසිද්ධ කිරීම.

      4. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම (AML/CFT):

      * ශක්තිමත් නීති: මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ නීති තවදුරටත් ශක්තිමත් කිරීම.
      * මූල්‍ය බුද්ධි ඒකක ශක්තිමත් කිරීම: මුදල් ගනුදෙනු නිරීක්ෂණය කරන සහ සැක කටයුතු ගනුදෙනු හඳුනා ගන්නා මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) ධාරිතාව වැඩි දියුණු කිරීම.

      5. ආරක්ෂක අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රතිසංස්කරණය:

      * පොලිසියේ ස්වාධීනත්වය: පොලිසියේ දේශපාලන මැදිහත්වීම් අවම කර, ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සැලසීම.
      * විනය ක්‍රියාමාර්ග: දූෂණ හෝ වංචා චෝදනා එල්ල වන නිලධාරීන්ට එරෙහිව කඩිනම් විනය ක්‍රියාමාර්ග ගැනීම.

      6. සිවිල් සමාජයේ සහ මාධ්‍යයේ භූමිකාව ශක්තිමත් කිරීම

      * අවකාශය ලබා දීම: දූෂණය පිළිබඳව වාර්තා කරන මාධ්‍යවේදීන්ට සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලබා දීම සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.
      * මහජන දැනුවත්භාවය: දූෂණයේ අහිතකර බලපෑම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ දූෂණ විරෝධී සංස්කෘතියක් ගොඩනැගීම.

      7. අධ්‍යාපනය සහ සාරධර්ම වර්ධනය:

      * සදාචාරාත්මක අධ්‍යාපනය: පාසල් විෂය මාලාවට සදාචාරාත්මක අධ්‍යාපනය ඇතුළත් කිරීම.
      * ආදර්ශමත් නායකත්වය: දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් ආදර්ශමත් විය යුතු අතර, ඔවුන්ගේ ක්‍රියා තුළින්ම දූෂණයට එරෙහි පණිවිඩය ලබා දිය යුතුයි.

      Delete
    6. රටේ ආණ්ඩු කරණය සාර්ථක කරගන්නට නම් එමෙන්ම check and balance (සංතුලන) ක්‍රමවේද නිසි ලෙස තිබිය යුතුයි
      රජයේ බලය විවිධ ආයතන අතර අදාල බලතල බෙදා හැරීම (ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ) මෙන්ම, එම ආයතන එකිනෙක පාලනය වන (check and balance) ක්‍රමවේද දූෂණය අවම කිරීමට අත්‍යවශ්‍යයි:
      * පාර්ලිමේන්තුවේ අධීක්ෂණය: පාර්ලිමේන්තුවට විධායකයේ ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීමට බලය තිබිය යුතු අතර, ඒ සඳහා කාරක සභා ක්‍රමය ශක්තිමත් කිරීම.
      * අධිකරණ සමාලෝචනය: රජයේ තීරණ සහ නීති අධිකරණය මගින් සමාලෝචනය කිරීමට ඇති හැකියාව ශක්තිමත් කිරීම.
      * අධ්‍යයන ආයතනවල ස්වාධීනත්වය: විගණකාධිපති දෙපාර්තමේන්තුව වැනි ස්වාධීන ආයතනවලට බලයලත් පරිදි කටයුතු කිරීමට ඉඩ සැලසීම.
      මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථිරසාර දේශපාලන කැමැත්තක් අත්‍යවශ්‍ය වෙනවා. මන්ද, ඔබ සඳහන් කළ පරිදි, බොහෝ විට දූෂණයට එරෙහිව හඬ නඟන අය පවා බලයට පත් වූ පසු එම තත්ත්වයටම පත්වන අවස්ථා අප දැක තිබෙනවා. එබැවින්, මහජනතාව ලෙස අප මෙම ක්‍රියාවලීන් පිළිබඳව විමසිල්ලෙන් සිටිමින් රජයට සහ අදාල බලධාරීන්ට ජනතාවගෙන් දැඩි පීඩනයක් එල්ල කිරීම අත්‍යවශ්‍යයි. නැතුව කවදාවත්ම මේවා ඉබේ නම් කෙරිලා නෑ ලෝකයේ කිසිම රටක.

      Delete
    7. Ano මහත්තයෝ, ඔබතුමාගේ යෝජනා ඉතා අගෙයි.
      හැබැයි එව්වා ක්‍රියාත්මක කරන්න වෙන්නේ අපේ රටේ ඉන්න අයත් එක්ක. මොකද ඒ ඒ ආයතන- කොමිෂන් සභා- දෙපාර්තමේන්තු ආදියේ වැඩ කරන්නේ අපේ රටේ පුරවැසියන්මනේ. ඒ කියන්නේ අපි අප එක්කමනේ.

      මම කියනවට බලන්න-
      ලංකාවේ මිනිස්සු පාර පනින හැටි.
      කුණු කසල බැහැර කරන හැටි.
      රාජකාරි කරද්දී සේවයට කැප වෙන හැටි; සේවය ලබාගන්නට එන අයට සලකන හැටි...
      අනුන්ගේ උත්සව අවස්ථාවකදී පෙරේතකමට කෑම බෙදාගෙන අහක දමන හැටි. මේවගෙ දේවල්වලින් මට නං පෙනෙන්නේ අපේම පුරවැසියන්ගේ හැදියාව, ආකල්ප ආදිය කොතරම් වෙනස් වෙන්න ඕනිද කියලයි.

      Delete
    8. ...
      අනෙක...
      රෝහිත අබේගුණවර්ධන වගේ කෙනෙකුත් කෝප් කමිටු සභාපති විදිහට පත් කරපු පාලකයන් ඉන්න රටකනේ අපි ඉන්නේ.
      මතකනේ අග විනිසුරුතුමෙකුගේ විෂමාචාර ගැන...

      සබරගමුව කැම්පස් එකේ සිසුවා නවක වදය නිසා සිය දිවි හානි කරගෙන දවස් කීයද? කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියකුත් නවක වදය උහුලාගන්න බැරිව වැවකට පැනලා. එහෙම වද දෙන්න ආවේ පිට සක්වල හාදයන්ද? හෙට දවසේ අපේ රටේ අනාගතය බාර ගන්න ඉන්නා තරුණ ප්‍රජාවේ සාමාජිකයන් නේද...

      Delete
    9. ...ඔන්න ඔය වගේ කරුණු ගොඩක් නිසයි මම පතන්නේ රටේ පුරවැසියනුත් ගොඩක්ම වෙනස් වෙන්න ඕනි කියලා.
      මොකද එයාලා අතරින්ම නේන්නං අනාගත පාලකයන් පත් වෙන්නෙත්.

      එහෙම වෙන්නට පෙරුම් පුරන තරුණ නායකයනුත් තමන්ගේ විවාහ මංගල්ලයේ ලක්ෂ ගණනක ලයිට් බිල අවුරුදු ගණනක් යනතුරු නොගෙවා ඉන්න තරමට වගකීම් ඉටු කරන්නන් නම්...

      Delete
    10. ඇනොනිමස් 1.19

      මමත් ඔයාගේ අදහස එක්ක එකඟයි, ලංකාවේ දේශපාලනය යනු දූෂණයේ තවත් එක් මුහුණුවරක්, අන්තිමට ජාතික ජන බලවේගයත් ඒ පාරේමයි යන්නේ

      ලංකාවේ දේශපාලනය කියන්නේ දූෂණයට තවත් නමක් වගේ. පසුගිය ආණ්ඩු කළ රාජපක්ෂ පවුල, පොදුජන පෙරමුණේ ඇමතිවරු, පැවති එජාප රජය, රනිල් වික්‍රමසිංහ, සජබ මන්ත්‍රීවරුන්, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ ඇතුළු බොහෝ දෙනෙක්ට දූෂණ චෝදනා එල්ල වුණා. මේ හැමෝම රට කෑවා, ජනතාවට බරක් වුණා. නාමල්ලා රෝහිතලා වගේ පල් හොරුන්ට තියෙන චෝදනා වලට ඔවුන්ට දඬුවම් කරන ඒ මුදල් නැවත අයකර ගන්න ඕනේ

      ඒ වෙනුවෙන් රටේ දූෂිත පාලනයෙන් රට ගලවාගෙන, සැබෑ වෙනසක් ඇතිකර, විනයගරුක, දූෂණයෙන් තොර පාලනයක් ගෙන එන්නම් කියලා පොරොන්දු වෙමින්, ජනතාව ජාතික ජන බලවේගයට (NPP) විශාල බලාපොරොත්තු තියාගෙන ඡන්දය දුන්නා. "අපි අනිත් අය වගේ නෙවෙයි, අපි පිරිසිදුයි" කියලා ඔවුන් මහ සද්දෙන් කිව්වා. ඒත්, දැන් පේන හැටියට, ඒ "පිරිසිදු" කියන මුහුණුවර පිටුපස තියෙන්නේත් පරණ දූෂණවලම අලුත් පිටපතක් බව මතුවෙමින් තියෙනවා."පිරිසිදු" NPP හි මතුවන අපිරිසිදු සලකුණු:
      අවුරුදු 14ක් පැරණි ගුවන් යානා කුලියට ගැනීම - කොමිස් ජාවාරමක්ද?
      රටේ ආර්ථිකය අතිශයින්ම අර්බුදයක තියෙන වෙලාවක, ආණ්ඩුව අවුරුදු 14ක් පැරණි ගුවන් යානයක් කුලියට ගන්න යනවා. මේක සාමාන්‍ය ගනුදෙනුවක් නෙවෙයි. මේ පිටුපස යම් කොමිස් මුදලක් වර්තමාන රජයේ ඉහළම ලොක්කන්ට ලැබී ඇති බවටත් චෝදනා එල්ල වෙනවා. ජනතාවගේ මුදල්වලින් මේ වගේ දූෂිත ගනුදෙනු කරනවා නම්, කොහොමද මේගොල්ලෝ අර "වෙනසක්" ගැන කතා කරන්නේ?
      අනුරාධපුරේ මිල අධික නිවසක් ලක්ෂ 50කට ලියා ගැනීම - ඇමති වසන්ත සමරසිංහගේ 'පිරිසිදුකම' ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය රටම දැනගත යුතුයි. ඔහු කිව්වා, අනුරාධපුර නගර මැද පිහිටි ඉතා මිල අධික නිවසක්, රුපියල් ලක්ෂ 50ක මුදලකට වත්මන් රජයේ ප්‍රබල දේශපාලඥයකු විසින් ලියාගෙන ඇති බව. මේ නිවසෙහි සැබෑ වටිනාකම ලක්ෂ 500 ඉක්මවන බවත් ඔහු පෙන්වා දුන්නා! මේ චෝදනාව එල්ල වෙන්නේ වර්තමාන රජයේ ප්‍රබල ඇමතිවරයෙක් වන වසන්ත සමරසිංහට බවයි. වඩාත්ම දරුණු කාරණය වන්නේ, මෙහි ඔප්පුව ලියා ඇත්තේ ජාතික ජන බලවේගයේම නීතිඥ මන්ත්‍රීවරයෙකු බවට අර්චුනා මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමයි. "පිරිසිදු" කියලා පෙනී සිටින අය, තමන්ගේම පක්ෂයේ නීතිඥයෙක් ලවා මේ වගේ දූෂිත ගනුදෙනු කරනවා නම්, මොන විශ්වාසයක්ද මේ පාලනය ගැන තියන්න පුළුවන්? අර්චුනා මන්ත්‍රීවරයා කියනවා වසන්ත සමරසිංහ ඇමතිවරයා මේ නිවසට නිතරම "වොෂ් දාගන්න" යනවා කියලා. මේවා විහිළු නෙවෙයි! මේවා රටේ මහජන මුදල් සූරාකෑමේ ලක්ෂණ!
      අර්චුනා මන්ත්‍රීවරයා මේ පිළිබඳ ලිපිගොනු පවා පාර්ලිමේන්තුවේ සභාගත කළා. මේ වගේ බරපතළ චෝදනා ගැන කඩිනමින් පරීක්ෂණ පවත්වන්න ඕන!

      දැන් තියෙන ආණ්ඩුව මේ වගේ තමන්ගේ අයගේ දූෂණ යටපත් කරන්න තම ආණ්ඩු බලය අයුතු ලෙස පාවිච්චි කරනවා. ඒත්, අපි මතක තියාගන්න ඕන, මීළඟට එන ඕනෑම ආණ්ඩුවකට මේවා පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වලා, වැරදිකරුවන්ට දඬුවම් කරන්න පුළුවන් වෙන්න ඕන. මහජනතාව වශයෙන් අපි මේවා ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුයි. නැතිනම් මේ "අලුත්" අයත් "පරණ අය ගිය පාරේම" යෑම වැළැක්විය නොහැකියි. ඔවුන් දූෂිත පාලනයේ තවත් එක් දිගුවක් පමණක් වනු ඇති!

      දූෂිත රටක් විනයගරුක කරන්නේ කොහොමද?

      Delete
    11. මේකට හොඳ උදාහරණ ලෝකයේ තියෙනවා
      අතිශය දූෂිත, විනයක් නැති රටක්, හොඳ විනයගරුක රටක් බවට පත් කරන්නේ කෙසේද?

      මෙයට හොඳම ආදර්ශය වන්නේ සිංගප්පූරුවයි. 1960 දශකයේදී සිංගප්පූරුව ද අපේ රට වගේම දූෂණයෙන් හා විනය විරෝධී ක්‍රියාවලින් පිරුණු රටක්. එහෙත් ලී ක්වාන් යූ වැනි නායකයන්ගේ දැඩි නායකත්වය සහ නොසැලෙන කැපවීම නිසා අද සිංගප්පූරුව ලෝකයේ වඩාත්ම විනයගරුක හා දූෂණයෙන් තොර රටක් බවට පත් වී තිබෙනවා.
      ඔවුන් එය කළේ මෙහෙමයි:

      දැඩි නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම: දූෂණයට එරෙහිව ඉතා දැඩි නීති පනවා ඒවා අකුරටම ක්‍රියාත්මක කළා. දූෂණයට හසුවන ඕනෑම කෙනෙකුට, ඔහු කෙතරම් බලවත්වුවත්, සමාජයේ ඉහළ තලයේ සිටියත්, බරපතළ දඬුවම් ලබා දුන්නා. කිසිම දේශපාලන බලපෑමකට ඉඩ දුන්නේ නැහැ.

      ස්වාධීන ආයතන ශක්තිමත් කිරීම: දූෂණ විමර්ශන කොමිෂන් සභා වැනි ආයතනවලට පූර්ණ ස්වාධීනත්වයක් සහ බලතල ලබා දී, ඒවාට දේශපාලන මැදිහත් වීම්වලින් තොරව කටයුතු කිරීමට ඉඩ සැලැස්වූවා. කිසිවෙකුට නීතියට ඉහළින් සිටීමට ඉඩ දුන්නේ නැහැ.

      සාධාරණ වැටුප් හා ආකර්ෂණීය රාජ්‍ය සේවය: රාජ්‍ය සේවකයන්ගේ හා දේශපාලනඥයන්ගේ වැටුප් සාධාරණ මට්ටමකට වැඩි කළා. මෙය දූෂණයට පෙළඹවීම අවම කිරීමට සහ දක්ෂ පුද්ගලයන් රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමට උපකාරී වුණා.

      විනිවිදභාවය සහ වගවීම: රාජ්‍ය කටයුතු වලදී උපරිම විනිවිදභාවය පවත්වා ගැනීමට පියවර ගත්තා. සෑම කෙනෙකුම තම ක්‍රියාවන්ට වගකිව යුතු බවට දැඩි පිළිවෙතක් ක්‍රියාත්මක කළා.

      ජනතාවගේ මානසිකත්වය වෙනස් කිරීම: දූෂණයෙන් තොර සමාජයක වැදගත්කම පිළිබඳව ජනතාව නිරන්තරයෙන් දැනුවත් කළා. විනයගරුක පුරවැසියන් බිහි කිරීම සඳහා අධ්‍යාපන පද්ධතිය පවා යොදා ගත්තා.
      අපේ රටටත් අවශ්‍ය වන්නේ මෙවැනිම දැඩි, විනයගරුක පාලනයක්. දේශපාලනඥයන්ට පමණක් නොව, මුළු රටටම අදාළ වන පරිදි විනයගරුක භාවය වර්ධනය කළ යුතුයි. අපිටත් පුළුවන් සිංගප්පූරුව වගේ දූෂණයෙන් තොර, විනයගරුක රටක් ගොඩනගන්න. ඒ සඳහා අපිට අවශ්‍ය වන්නේ කතා විතරක් කරන නායකයන් නෙවෙයි, පොරොන්දු ඉටු කරන, දූෂණයට තිත තියන, නොසැලෙන අධිෂ්ඨානයක් ඇති, සැබවින්ම පිරිසිදු නායකත්වයක් සහ ජනතාවගේ පූර්ණ සහයෝගයයි. නමුත් ලංකාවට එහෙම එකක් නෑනේ ඒ නිසා අඳුරට සාපේක්ෂව නොකර අපි හැමෝම එක පහනක් හෝ දල්වමින් සමාජ මතය වෙනස් කිරීමට උත්සාහ කරමු.

      Delete
    12. සම්පූර්ණයෙන්ම එකඟයි!
      අඳුරට සාප කරමින් නොසිට හැකි පමණ පහන් දල්වමු!!!

      Delete
  8. මේවා ගැන කතා කරන කොට මිනිස්සුන්ගෙ සාමූහික හැසිරීම්, සිතුවිලි ගැන වැදගත් කාරණා මතුවෙනවා නේද. මේ දේවල් ගැන පෝස්ට්ස් ලිව්වා හෝ කමෙන්ට් කරා කියලා, රැග් එක අනුමත කරා වෙන්නෙ නෑනෙ. තමන් අතීතයේ කරපු දෙයක් ගැන reflect කරන්න පුලුවන් බුද්ධිමත් අයට විතරයි. රැග් එක නවත්වන්න අවශ්‍ය නීති රීති ශක්තිමත් කරගන්න අතරෙ, මිනිස්සුන්ගෙ හැසිරීම්, සිතුවිලි ගැනත් ස්ටඩි කරන්න ඕනෙ. මම දැක්කා ඉස්සර පෝස්ට් එකක මහාචාර්‍ය චන්දිම ගෝමස් කියලා තිබුණා සමාජ විද්‍යා පරීක්ශණ කරන අයට ඕනෙ තරම් මාතෘකා ලංකාව ඇතුලෙන්ම හොයා ගන්න පුලුවන්, නමුත් කී දෙනෙක් ඒවා ගැන අවධානය යොමු කරනවද දන්නෙ නෑ කියලා. ඒ නිසා නිමල් මේවා ගැන ලියන එක හොඳයි 👍

    ReplyDelete
    Replies
    1. ඔයා හරි Lotus.
      මම හිතන්නේ අපට අපේ සිතුම්-පැතුම්, හැසිරීම් වගේ දේවල් ගැන හොඳ සිහි බුද්ධියකින් යුතුව- අවංකව හිතා බලන්න හැකි නම් කොතරම් අපූරුද කියලයි. එතකොටයි වැරදි අඩුවෙන් කරන මිනිස්සු හැදෙන්නේ.

      Delete
  9. අවුරුදු කීපයකට කලින්, මේ වගේ 'නැටුම්' කණ්ඩායමක් එක්ක මල් ගවුම් ඇඳගෙන නටමින් ලංකාවෙ ගායකයෙක් සිංදුවක් කරා මතකයි.

    "අපේ කට්ටියේ කිසිම කෙනෙකුට මොනම හේතුවක් හින්දාවත්- කිසිම වෙලාවක මනාල ජෝඩුවට අතක්වත් තියන්න බෑ" ඒක හොඳ rule එකක්.

    "මට බලාගන්න ඕනි පස්වෙනි සිල් පදේ කඩන පින්වතුන් කී දෙනෙක් ගමනට එනවද කියලා... බෝතල් මදි වෙන්න දෙන්න බැහැනේ" එහෙම කියන්නෙ නීරෝ නේද. ඒ වැඩ කටයුතු සාමාන්‍යයෙන් බාරව ඉන්නෙ එයානෙ 😍.

    ReplyDelete
    Replies
    1. 1. මං හිතන්නේ එව්වා නං වෙළෙඳ වාසි තකා කෙරුණු වැඩ.
      2. එතකොට හිංසනයක් වෙන්න ඉඩක් නෑනේ.
      3. එතැනදී නං ඔයා නිවැරදි නෑ Lotus. එදා ඔය ලිස්ට් එක හදන කතාව කිව්වේ නීරෝ නෙවෙයි- ගම්පොළ.

      Delete
  10. නීරෝ කියන පුද්ගලයා නම් මමත් හොදට දන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අසංග මහත්තයෝ. එහෙම නැතුව.

      Delete