අකුරු මැකී නෑ

Friday, June 27, 2025

හිඟන්නො නොවෙනා කෝටිපතියනුත්...

නමෝ විත්තියෙන් දොහොත් මුඳුන් දී - සනරාමර හිමි සඳ වැඳලා

නමෝ විත්තියෙන් දොහොත් මුඳුන් දී
                        - සනරාමර හිමි සඳ        වැඳලා
පුවත් කිහිපයක් කියන්න සිරිලක
                        - අවසර! කවි ලෙස පද   බැඳලා
ආදි යුගේ නං මේවා කෙරුණේ
                        - මෙලහකටත් ‘දඬුවම්’ ලැබිලා
ප්‍රජාතන්තරේ මහිමය හින්දයි
                        - තීන්දු එන්නේ පමා       වෙලා

අහන්න සුදනෙනි අමුතු ඇටයෙ තතු
            - කියන්න ලජ්ජා හිතෙයි          මට
මක්ක කරන්නද සිද්ද වෙච්චදේ
            - නොකියා කොහොමද  ඔහෙලාට  
නත්ත පනත්තා කාලේවත් අපෙ
            - මෙව්ව වැටිල තිබ්බැයි       කණට
අවාසනාවද කරුමෙද මන්දා
            - මෙව්වා වෙයි එක පිට        එකට

තණ්හාපතිකම තියෙනව කාටත්
                  - සසර පුරාමත්      ගෙනියනවා
ඒක දුකට මුල කියලා දැනුණම
                  - ටික ටික අඩු කරගෙන යනවා
ඒත් එහෙම නැති උදවිය අනුවණ
                  - ලෝකෙම ගන්නට දත කනවා
‘දත කා කළොතින් අනිසි අයුතු වැඩ’
                  - නට්ටං වෙන්නත් සිදු  වෙනවා

ජපුර රෝහලේ ජාවාරම් ගැන - සිරිලක කවුරුද නොමදන්නේ

තමුන්නෙ යැපුමට ඕනෙ තරම දැන
                         - ඒ වගෙ සිව් ගුණයක්   හොයලා
කටයුතු කරන්න ඕනේ හැටි ගැන
                         - සිඟාලොවාදෙත් ඇත      කියලා
එව්වත් නොතකා; පෙරේතයො වගේ
                         - මේ නොමිනිස්සුත් එකතු වෙලා
හිඟන්නො නොවෙනා කෝටිපතියනුත්
                         - හිඟන මනසකින් වැඩ    කරලා

උපන් හැටිද මේ, හැදුණු හැටිද මේ
                  - සුදනෙනි හෙවීම නැත   ලේසි
‘මළමිනියත් කට අරිනවාලු නෙව
                  - දකින පමාවෙන් රන්      කාසි’
ඒ බව දැනගෙන, නුවණින් සලකා
                  - නොගත යුතුයි අනියම්   වාසි
එහෙම ගත්තු අය නීතිය හමුවේ
                 - දැන් ගැලවෙන්නට නැත ලේසි

මනුසත් වග මැද මිනිසෙකු විලසින්
                          - උපත ලැබීමත් ලොකු         පිනකි
නිරෝගි අතපය සෙයින්ම නුවණැති
                          - බව හිමි වීමත් ලොකු         පිනකි
එවැන්නවුන් මැද හිපොක්‍රටීස්ගෙ
                          - දරුවෙකු විය හැකි ටික  දෙනෙකි
මේ මෘග ධෙනුව එවන් පිං මහිම
                          - ජන්මයෙන්ම හිමි වූ          කතකි

පූරුවෙ පිනකින් මොළය ලැබී ඇත
                   - එනිසයි දොස්තර කෙනෙකු  වුණේ
නිකංම දොස්තර කෙනෙකුත් නොව මැය
                   - විශේෂඥයෙකි          කියැවෙන්නේ
හොර ගුහාවකට ආවට පස්සෙද
                   - මෙයාට ‘හොරකම’ හුරු  වෙන්නේ
ජපුර රෝහලේ ජාවාරම් ගැන
                   - සිරිලක කවුරුද         නොමදන්නේ

මෙහෙව් එවුන්ටත් කොහොමද පෑව්වෙ - ඉර හඳ තරු වෙනසක් නැතුව

‘කළ ගුණ සිහිකොට’ ජපානෙ දුන්නා
                    - ඇඳන් දාහෙ                    ඉස්පිරිතාලේ
තවත් ඇඳක් ජයවර්ධන ජනපති
                    - වෙනුවෙන් වෙන්කොට තිබිණි බොලේ
පහු පහු වෙනකොට කොහු කොහු වෙද්දී
                    - සිරිලක් අම්මාගෙත්                   තාලේ
පාදඩ නඩයක අතට පත් විණිලු
                    - රෝහල් පරිපාලනයෙ                  බලේ

එක ජාතියෙ එක කුරුල්ලො ලගිනව
                       - එකම අත්තෙ අවුලක්       නැතුව
දොස්තර නෝනත් ‘සහයට ඩැනී’ල
                       - දෙන්නෙකුවත් එක්කරන්     තව
‘ජාවාරම’ අරඹලා ජය පහට
                       - කරගෙන ගිහින්ලු ‘කැත නැතුව’
මෙහෙව් එවුන්ටත් කොහොමද පෑව්වෙ
                       - ඉර හඳ තරු වෙනසක්     නැතුව

‘ඉස්පිරිතාලෙන් ගන්න එපා - මේ
                       කොම්පැනියෙන්මයි ගත යුත්තේ’
කියලා වික්කලු ශල්‍ය උපකරණ
                       - ලෙඩුන්ට ගිනි ගණනට  මුත්තේ
ඒකත් පොඩි නෑ දහ ගුණයක් වගෙ
                       - වැඩි මිලටයි විකුණා      ඇත්තේ
මුන්හට දෙන්නට දඬුවම් නැතුවැති
                       - දැන්  තිබෙනා ‘නීතියේ පොතේ’

සැත්කමකට අරගෙනලු මෙයාලා - මොළය මැරිල තිබු මළ මිනියක්

පිරිහී ගිහිල්ල මනුස්සකම මේ
                  - කට්ටියගෙන් සීයට           සීයක්
කරලා තියෙන්නෙ මනුස්ස නමටත්
                  - නිගා දෙවන ජාතියේ        වැඩක්
සැත්කමකට අරගෙනලු මෙයාලා
                  - මොළය මැරිල තිබු මළ  මිනියක්
ඊට හපන් කාරණේ එතකොටත්
                  - මරණය සිදු වී පස්          දවසක්!

හොර වෙද සහතික, බොරු වෙද රිපෝට්ස්
                           - එහෙමත් දීලලු            ආරංචියි
නිකං නෙවෙයි ඒවා දෙන්නැත්තේ
                           - ලක්ෂ ගාණකින් පුද      ලබලයි
මොටද උගත්කම, මොකටද ලොකුකම
                          - තත්ත්වය පිච්චියකුදු නොවටියි
සුනඛ පුකේ බැඳි මීයේ මී පැණි
                          - වගේ තමයි වැඩකට නොගනියි 

ඔහොම හම්බකොට කෑවත් කෑ හැකි
                            - බඩට තරම විතරයි        නේද
දාහක් තිබ්බත් එක වෙලාවකදි
                            - යහන් දෙකක වැතිරිය හැකිද
කාව රැවටුවත් බොරුවෙන් හොඳහැටි
                            - තමනුත් රවටාගත      හැකිද
මරුවා එක්කං යන්නෙ හිස් අතින්
                            - වස්තුව අරං ගියේ        කවුද?

(‘අරුණ’ පුවත්පතේ පළවූ පහත දැක්වෙන වාර්තාව කියැවීමි. එයින් කම්පනයටද පත් වීමි. ඉහතින් දැක්වෙන කවි කීපය මා රචනා කළේ එසේ කම්පිත හදැතිව සිටියදීය.)

රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ.

‘වෛද්‍ය මහේෂි විජේරත්නගේ සැත්කම් ගැන තවත් තොරතුරු

දූෂණ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රෝගීන් ලවා තමන්ට අයත් පෞද්ගලික ආයතනයකින් ශල්‍ය උපකරණ ගෙන්වාගෙන මොළය මියගිය රෝගීන්ටත් සැත්කම් සිදුකර ඇති බව අද (24) අධිකරණයේදී අනාවරණය වුණි. 

, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනාම ජුලි 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාරගත කිරීමට නියෝග කළාය.

අල්ලස් පනතේ දූෂණය නම් වරද යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් වූ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු දැක්වීය.

"ස්වාමීනී සැකකාර වෛද්‍යවරිය ජයවර්ධනපුර රෝහලේ එකම ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය. ඊ.වී.ඩී නමැති ශල්‍ය උපකරණ ජයවර්ධනපුර රෝහලේ රුපියල් 17,500ක මුදලකට ගන්න පුළුවන්. නමුත් සැකකාර වෛද්‍යවරිය රෝගින්ට කියලා තියෙන්නේ ඒවා පිටින් ගන්න කියලා. එය සිදුකර තිබෙන්නේ, සෙසු සැකකරුවන් දෙදෙනා හරහායි. රෝගීන් යොමුකරලා තියෙන්නේ එම්.එන්.එම්. මෙඩිකල් සර්විස් නමැති ආයතනයකට. එහිදී රු.17,500ක රෝහලින් මිලදී ගන්න පුළුවන් ශල්‍ය උපකරණය රෝගින්ට අලෙවි කරලා තියෙන්නේ රුපියල් 150,000 සිට 250,000 අතර මුදලකට. ඊට අදාළ බිල්පත් විමර්ශනවලදී අනාවරණය වුණා. රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ. මිලදී ගන්නා ශල්‍ය උපකරණ කිසිම අවස්ථාවක රෝගීන්ගේ අතට දීලා නැහැ. ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාරයේ ප්‍රධාන හෙද නිලධාරීනියගෙන් ප්‍රශ්න කළ විට ඇය කියා සිටියේ ඇතැම් විට සැකකාර වෛද්‍යවරියම එම උපකරණ ශල්‍යාගාරයට රැගෙන එන බව."

අනතුරුව විමර්ශන නිලධාරියා සැකකරුවන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරමින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

"ස්වාමිනි, මෙම වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ පමණක් ඇයට එරෙහිව ඇමතුම් 92ක් අල්ලස් කොමිසමට ලැබිලා තියෙනවා. දැනට වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් 88කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල සමාජ කැළඹීමක් හටගෙන තිබීමත්, වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ චාමර ප්‍රසාද් අබේවර්ධන නමැත්තාට ජීවිත තර්ජන එල්ල වී තිබීමත් සලකා බලා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා."

අවසානයේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා එම සැත්කම් කර තිබෙන්නේ, රෝගීන් මියගොස් දින පහකට පසුව බව.

අනතුරුව සැකකාර වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

"ස්වාමීනි... ශල්‍යකර්මවලට අවශ්‍ය ශල්‍ය උපකරණ පිටතින් මිලදී ගැනීම අලුත් දෙයක් නෙවෙයි. ජයවර්ධනපුර කියන්නේ මුදල් අය කරලා සැත්කම් කරන තැනක්. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නොවෙයි. ඒ නිසයි වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවෙලා තිබෙන්නේ. මේ නඩුකරයට අදාළ විමර්ශනය ආරම්භ වුණේ 2023 සිට. මගේ සේවාදායිකාව කිසිදු පුද්ගලයෙකුට තර්ජනය කර නැහැ. එබැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු ඉදිරිපත් වී නැති නිසා ඇය ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා."

විත්තියේ නීතිඥවරුන්ගේ ඇප ඉල්ලීමත් සමඟ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය මෙසේ කරුණු දැක්වීය.

"ස්වාමීනි... මේ සැකකාර වෛද්‍යවරිය ඖෂධවලින් සුව කළ හැකි රෝගින්වත් සැත්කම්වලට භාජනය කර තිබෙනවා. මොළය මියගිහින් හදවත යන්ත්‍රවලට සම්බන්ධ කර තිබූ රෝගීන්ටත් මෙම සැකකාර වෛද්‍යවරිය සැත්කම් සිදුකර තිබෙනවා. අවසානයේදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා එම සැත්කම් කර තිබෙන්නේ, රෝගීන් මියගොස් දින පහකට පසුව බව. ස්වාමීනි... මෙම සැකකාර වෛද්‍යවරිය විශාල දේශපාලන බලයක් හිමි තැනැත්තියක්. ඇයට ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා සිදුවෙන්න පුළුවන්."

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.’෴0෴

35 comments:

  1. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්න්දෝ මේ අවනඩු කිව්වලු.
    ශල්‍ය වෛද්‍යවරයෙක්ට මේ වගේ දෙයකට අත ගහන්න උඩින් හොඳ සපෝට් එකක් ඕනමයි. ඒ බළල් අතුත් එලිවෙනවානම් හොඳයි මේ අනාවරණ අවසානෙ හිටං

    ReplyDelete
    Replies
    1. දක්ෂ පක්ෂ හොරුන් හොරකං ජඩකං කරන්නේ සාක්කි ඉතිරි නොකරමින් කියනවනෙ නමී.
      පේනවනේ, ක්‍රිෂ් හුටපටේට අදාළ දේවල් වගයක් මිසිංලු.
      සිරිලිය ගිණුමේ මැන්ඩේට් ඒකත් මිසිංලු.
      එක්ස්ප්‍රස් පර්ල් කතන්දරෙත් දත්ත මිසිංලු...

      එහෙමත් අස්සේ තමයි ඇත්ත හොයාගන්න වෙලා තියෙන්නෙ. එතකන් බලා ඉන්නයි අපට සිද්ද වෙලා තියෙන්නෙ...

      Delete
  2. //ජයවර්ධනපුර කියන්නේ මුදල් අය කරලා සැත්කම් කරන තැනක්. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නොවෙයි.....මෙම සැකකාර වෛද්‍යවරිය විශාල දේශපාලන බලයක් හිමි තැනැත්තියක්...සැකකාර වෛද්‍යවරිය ජයවර්ධනපුර රෝහලේ එකම ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය//

    හ්ම්......ලෙඩා මලත් මොකද, බඩ සුද්ද වෙනවා නං කියලයි හිතුනෙ.🤔

    ReplyDelete
    Replies
    1. මට වැදුණේ වෙනින් කාරණයක් බකුස්තුමෝ.
      // ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නොවෙයි // ඒ කියන්නේ අපට කැකිරි- එයාලට කිරි...

      Delete
  3. මේ මජර ක්‍රමය හැදුවෙ, මේ ආණ්ඩුව නොවන බව ඇත්ත. වැරදි කල අයට දඞුවම් දෙන එක හොඳ බවත් ඇත්ත. සෞඛ්‍ය ඇමති ජොස්තර තුමා පිටරට සංචාරෙ එහෙම ගියා නේද? ඒ රටවල ක්‍රම බලාගෙන ඇවිත් ඕව වෙනස් කරයි නේද?

    ReplyDelete
    Replies
    1. කරයි කියලා හිතන්න තමයි තියෙන්නෙ... හැබැයි, හැම තැනකම plant කරලා ඉන්න ඉත්තෝ එක්ක වැඩේ ලේසි වෙන එකක් නෑ!

      Delete
  4. අපි නං ඉහගෙන කෑව පුතේ
    බොගේ අතේ මතු අනාගතේ
    වෙනසක් වේවිද දන්නෙ නැතේ
    බලාපොරොත්තුව තවම ඇතේ

    ReplyDelete
    Replies
    1. කාලා නේන්නං මුත්තල මදි නොකියා
      හිතං ඉන්නවා උන් රෙදි ඇඳන් කියා
      'නඩු අහනවා මිස වෙන වැඩ නැතෙයි' කියා
      කියනවා දුටිමි සාටක කුමාරයා

      Delete
  5. දැන් යන විදිහට නිමල්ට මේ වගේ කවි කොල ගාණක්ම ලියන්න වෙයි හැබැයි.

    "දාහක් තිබ්බත් එක වෙලාවකදි - යහන් දෙකක වැතිරිය හැකිද" ඇත්ත, නමුත් ඒ එක යහන ඉහලම සුඛෝපභෝගී එකක් කරගන්න පුලුවන්නෙ, පවුලෙ අයට පරම්පරා ගාණකට ඒ සැප ගෙනියන්න පුලුවන්නෙ.

    හුඟක් වෙලාවට ස්වබාව ධර්මයත් මේ වගේ අයටම උදව් කරනවා වගේ මටනම් හිතන්නෙ. හිටපු ගමන් එකක් දෙකක් අහුවුනත්, සමහර අය කිසි කරදරයක් නැතුව මගෝඩිකම් කරගෙන යනවනෙ; තාවකාලිකව හරි හොඳටම 'සැප' විඳිනවනෙ. ලෝකයේ පැවැත්මට හැම ජාතියෙම මිනිස්සු ඕනෙ නිසා, ස්වබාව ධර්මය හොඳ නරක හැමෝටම එක වගේ support එකක් දෙනවා ඇති, for a little while at least.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus,
      අඩුම තරමින් ටික කාලෙකට. හැබැයි කළකම් පළ දෙනවාමයි කියලයි මට හිතෙන්නේ...
      දැනටමත් කී දෙනෙක් ලෙඩ්ඩු වෙලාද? දවසකට කී පාරක් හිතෙන් මැරි මැරී යනවා ඇත්ද?

      Delete
  6. නමියා කියලා තියෙනවා වගේ මටත් එක පාරට හිතුනෙ මෙච්චර දේවල් කෙනෙකුට තනියම කරන්න පුලුවන්ද කියලා. තව කීදෙනෙක් මේවට සම්බන්ද ඇතිද. තව දෙයක් තමයි ලංකාවෙ මිනිස්සු, විශේෂයෙන්ම රෝගීන් හා ඔවුන්ගෙ පවුල්වල අය, තමන්ගෙ අයිතිවාසිකම් ගැන කොයි තරම් දැනුවත්ද, යම් දෙයක් ගැන පැමිණිලි කරන්න පොඩි හෝ ගට්ස් නැත්තෙ ඇයි කියලා.

    නමුත් සතුටු වෙන්න පුලුවන් දේ තමයි කවුරු හරි මේ දේවල් ගැන whistle-blow කරලා තියෙන එක. ඉස්සරහට තවත් අයට ඒ වගේ කරන්න ධෛර්ය ලැබෙයි, ඒ වගේම ඒ whistleblowersලව ආරක්ශා කරගන්නත් යම් වැඩ පිලිවෙලවලක් තිබුනොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. කවුරු කොහොම කිව්වත් Lotus, මට හිතෙන්නේ දැන් දැන් ලංකාවේ පුරවැසියන් දැනුවත් වීගෙන- ඉස්සරට වඩා එඩිතර වීගෙන යන විත්තියයි මට පෙනෙන්නේ.
      මම දකින විදිහට 'අරගලය' නිසා වෙච්ච ලොකුම දේ ඒකයි. දැන් ඉතිං මේ යන ගමන නවත්තන එක ලේසි වෙනේකක් නෑ...

      Delete
    2. මොන පැමිනිල්ල කලත් දොස්තරට විරුද්ධව දොස්තරලා සාක්කි දෙන්නේ නෑ. උන් උන්ගේ වරිගේ උන්ව බේරාගන්නවා

      කොළොම්පුරේ අසංග

      Delete
    3. මටත් හිතෙන්නේ අසංග කියපු දේම තමයි.

      Delete
    4. ස්තුතියි අසංග මහත්තයෝ,
      දොස්තරලට විරුද්ධව දොස්තරලා සාක්කි දෙන්නේ නෑ.

      පක්ෂයේ කෙනෙක් වැරැද්දක් කළාම අනිත් අය එයාගේ පැත්ත අරං එයාව බේරා ගන්නවා. (මතකයි නේද- කෙහෙළිය ඇමතිට විරුද්ධව විශ්වාස භංග යෝජනාව් වෙලාවේදී වෙච්ච දේ.)

      නවක වධය දුන්නු අයට විරුද්ධව ඒ කැම්පස් එකේ ළමයි සාක්කි දෙන්නේ නෑ...

      කල්ලියේ එකා- ගමේ එකා- අපේ එකා වැරැද්දක් කළාම බේරා ගන්නේ ඇයි? ඒකාට විරුද්ධව සාධාරණය පැත්තේ හිට ගත්තාම ඒක ද්‍රෝහී වීමක්ද?

      Delete
    5. ... එහෙම වෙලාවට වින්දිතයන් එකට පෙළ ගැහෙන්නේ නැත්තේ ඇයි?

      පහුගිය ටිකේම මම මතු කරන්න උත්සාහ ගත්තේ කණ්ඩායම් වශයෙන් බෙදීමේ හොඳ හා නරක දෙක ගැනයි.

      Delete
    6. අසංග සහ බස්සාගෙ අදහස සියයට සීයක් හරි ඇති. නමුත් මම අපේ මිනිස්සුන්ගෙ බහුතරයකගේ දකින දෙයක් තමයි, තමන්ට අසාදාරනයක් පැහැදිලිව වෙලා තියෙද්දිත් ඒ ගැන පැමිනිලි කරන්න මැලි වීම. මම කතා කරන්නෙ මේ සිද්දිය ගැන විතරක් නෙවෙයි, පොදුවේ. උදාහරනයකට තමන් වැඩ කරන ආයතනය ඇතුලේ තමන්ට යම් අසාදාරනයක් වුනොත් "අය්යෝ වැඩක් නෑ HR එකට පැමිනිලි කලත් ඒගොල්ලො කරන්නෙ ලොක්කන්ව ආරක්ශා කරන එක විතරයි, නිකන් කාලෙ නාස්ති වෙන එක විතරයි" කියලා නිකන් ඉන්නවා. යාලුවෙකුට ප්‍රශ්නයක් වුනොත් "ඔන්න ඔහෙ සද්ද නැතුව ඉන්න" කියලා තමයි උපදෙස් දෙන්නෙ. ඔව්, ලොකු මිනිස්සුන්ව ආයතන ඇතුලෙ ආරක්ශා කරනවා තමයි, නමුත් යම් අසාදාරනයක් ගැන අපි පැමිනිල්ලක් කලොත් පොඩි හෝ investigation එකෙක් ඇතුලෙ වෙනවා, අදාල වැරදි කරුවන්ට පොඩි හෝ තැති ගැන්මක් ඇති වෙනවා, ඔවුනට යම් warning එකක්, training එකක් ලැබෙන්න පුලුවන්. ඒ නිසා මේවා ගැන සද්ද නැතුව ඉන්න ඕනෙ නෑ කියලයි මම හිතන්නෙ. සොරි මම කියන දේ ලංකාවෙ context එකට ඇප්ලයි වෙන්නෙ නෑ කියලා කට්ටිය හිතයි, නමුත් පොදු මිනිස්සුන්ගෙ attitude එක නිසත් මේ අසාදාරන කම් දිගටම වෙනවා කියන එක තේරුම් ගන්නත් අවශ්‍යයි.

      Delete
    7. “මම දකින විදිහට ‘අරගලය‘ නිසා වෙච්ච ලොකුම දේ ඒකයි“ ඔව් නිමල්, අරගලයට ගොඩක් අය බැන්නත් මම දකින හොඳම දේ ඒක තමයි; මේ වගේ attitudinal change එකක් ලංකාවෙ වුණු එක.

      “... එහෙම වෙලාවට වින්දිතයන් එකට පෙළ ගැහෙන්නේ නැත්තේ ඇයි?“ spot on, නිමල්. අසාදාරනයක විරුද්ද වෙන්න, පැමිනිල්ලක් කරන්න අති විශාල mental energy එකක්, ගට්ස් අවශ්‍යයි. එක්කො ඒක ටික ටික හදා ගන්න ඕනෙ, නැත්නම් එකතු වෙන්න ඕනෙ.

      "පහුගිය ටිකේම මම මතු කරන්න උත්සාහ ගත්තේ කණ්ඩායම් වශයෙන් බෙදීමේ හොඳ හා නරක දෙක ගැනයි". ඔව්, නිමල් කරන්න හදපු දේ හැමෝටම තේරුණා නම් හොඳයි. මඟුල් වදය ගැන ලියද්දි නිමල් වධයට සපෝර්ට් කියලා හිතපු අයත් ඉන්න ඇති.

      Delete
    8. ගොඩක් ස්තුතියි Lotus.
      ඔයා කියනවා හරි. අසාධාරණයට විරුද්ධව කතා කරන්න ගියාම ගොඩක් වෙලාවට වටපිටේ අය වුණත් උදව් වෙනවා අඩුයි.
      එහෙම පෙනී හිටින්න ගොඩක් ගට තියෙන අයට විතරයි පුළුවන් වෙන්නේ.

      Delete
    9. දැන් කාලෙ සිද්ද වෙන ගොඩක් වැරදි දේවල්වලට අපිත්- අපේ වැඩිහිටියනුත් වග කියන්න ඕනේ. ඒවා සද්ද නැතිව බලාගෙන- ඉවසගෙන හිටිය නිසා.

      ආකල්පමය වෙනසක් ඇති විය යුතුමයි- කියන එක මම තරයේ විශ්වාස කරනවා Lotus.

      Delete
    10. ගට්ස්. හැක්:
      අස්තානයේ ඔහොම එව්වා කරන්ට ගොයොත් වෙන්නෙ අන්තිමට ඒ කෙනා විහින්ම වලේ වැටීම තමයි සමහර වෙලාවට. අන්තිමට අර අගතියට පත් හා අගතිගාමී පාර්සවයි එකතු වෙන්ට ඇහැකියි. මං කියන්නෑ කවුරුත් වලිකාගෙන තරහ වෙලා ඉන්ට ඕනෑ කියල... කොහෙත්ම.
      ඒත් ඔය සමහරක් අවස්ථාවල මැදට ගියොත් වෙන්නෙ තමුන් වලේ වැටීමම තමයි. ඒ හන්ද ගට වගේම නුවණත් තියෙන්ට ඕන. මිනිස් වනන්තරේ ජීවත් වෙද්දී!

      Delete
    11. ගට්ස් කියන්නෙම නුවණත් එක්ක එන දෙයක් තමයි, නමී. ගට්ස් තියෙන කෙනා තමන්ට අසාදාරනයක් වුනාම කලබලවෙන, කැගහන අඬන, මිනිස්සුන්ගෙ කණට ගහන්න යන කෙනෙක් නෙවෙයි. ගට්ස් තියෙන කෙනා (පොඩි කාලයක් අරගෙන හෝ) තමන්ගෙ emotions එතනින් අයින් කරගන්න පුලුවන්, පැමිණිල්ලක් කරනවනම් ඒක diplomatically කරන්න පුලුවන් කෙනෙක්. That is wisdom. මෝඩයින්ට තියෙන්නෙ ගට්ස් නෙවෙයි, උද්ධච්චකම සහ අනිත් අයගෙ මතයට ගරු කරන්න බැරි එකනෙ. උදාහරණයකට, තව කෙනෙක් මහන්සි වෙලා පෝස්ට් එකක් ලිව්වම එතෙන්ට ගිහිල්ලා "ඔයා හිතන විදිහ වැරදියි, මෙන්න මේකයි හරි" කියලා තමන්ගෙ මතයම උඩ දාන්න හදන එක.ගට්ස් තියෙන කෙනා තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න කලින් අනිත් අයගෙ මතය acknowledge (හා appreciate) කරලා පටන් ගන්නෙ. Got it, mate? 😍

      Delete
    12. නමීට ස්තුතියි අවුලුවලා දුන්නට...

      Delete
    13. Lotusට ස්තුතියි ඒකට උත්තර දෙමින් වැදගත් කරුණු ටිකක් අපට කිව්වට.

      මොන දේ කළත් කරන්න ඕනේ 'තැනට සුදුසු විදිහට' දුර දිග බලල නේද?

      Delete
    14. ලෝටස්තුමී කොමෙන්ටුව කියෙව්වා.
      ජය !!!

      Delete
  7. මගේ කාර්‍යාලිය සගයෙක් ලගදි ලංකාවේ හොදම හා ප්‍රමුඛතම ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියා (සැකකාර වෛද්‍යවරියගේ ගුරුවරයා කියලත් කියනවා) හරහා ලංකාවේ නොම්මර එකේ පෞද්ගලික රෝහලකින් සැත්කමක් කලා. සති දෙකක් ICU ඉදලා ලෙඩා යන්නම යන්න ගියා. බිල රුපියල් කෝටිය ඉක්මවා ගියා. කිසිම ලෙඩක් නොමැතිව දොස්තර ගේ කීම විස්වාස කරලා සැත්කමට ගිය සගයා ආවේ පෙට්ටියෙන්.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. මේ වගේ සිද්ධි අපමණයි. ඒ නිසයි මම කියන්නේ මේ වගේ එක්කෙනෙකුට දඞුවම් දීලා ප්‍රශ්ණෙ විසඳෙන්නෙ නෑ කියලා. පෞද්ගලික රෝහල් සහ අනිත් ජොස්තරලා ලෙසටම, වඩා පරිස්සමෙන් (අහු නොවෙන්න) ගේම ගෙනියාවි. මේවා ෂෝ එකට කරන වැඩ කියලා, විපක්ෂය චෝදනා කරනවා නං, මට ඒකෙ වරදක් කියන්නත් බෑ.

      මේ මංකොල්ල කෑම් අඩු කරන්න, අවශ්‍ය නීති, සිස්ටම් එකේ වෙනස් කම් කරන්න ආණ්ඩුවට හැකියාවක්, ක්‍රමවේදයක් තියා උවමනාවක්වත් තියනවද කියන එකයි ප්‍රශ්ණය.


      Delete
    2. ප්‍රශ්නයකට විසඳුම් දෙන්න නං ප්‍රශ්නයක් තියෙන බව තේරෙන්න ඕනි නේද බකුසුතුමෝ...
      එහෙම තේරුම් ගැනීමේදී මේ රජය ටිකක් වේගවත් මදිද මන්දා.

      Delete
  8. මගේ තාත්ත 1998 දී මැරුණේ දොස්තරගේ වැරැද්දෙන් . හේත් රෝහලේ . වෙන නියුමෝනියා ලෙඩෙක් එයාගේ ඇඳ ගාවට දාල . මම නඩු දාන්න ගියහම දන්නා ඩොක්ටර් කෙනෙක් සහ නර්ස් කෙනෙක් කීව වැඩක් නැහැ දාන්න එපා අපට සාක්කි දෙන්න බැහැ . දීල මේවායේ ඉන්න බැහැ කියල . ඒකයි තත්වේ . ඒ දෙන්නම දැන් ඉන්නේ එංගලන්තයේ . යහපාලන ආණ්ඩු කාලේ ජයවර්ධන් එකට අධ්‍යක්ෂක කෙනෙක් දැම්ම . ලෝක අන්ඩයෙක් . මෑන් මෛයිත්රි , රනිල් ළඟ ඉන්න ෆොටෝ වැපිරුවා ෆේස්බුක් එකේ . මම අයින් කළා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් . පස්සේ දෙපාරක් විතර ආයෙත් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එවල තිබ්බ . යහපාලන ආණ්ඩුව අන්තිම කාලේ මිනිහව අස් කළා . මොකක් හරි ගේම් එකක් අහුවෙලා . නමුත් එලියට ආවේ නැහැ . වෛද්‍ය සංගමෙන් වැහුවා .

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකයි අවයවය. if you are not a part of the solution, then you are part of the problem

      Delete
    2. අජිත් - බස්සා මහත්වරු දෙන්නගෙන්මයි, ආදරණීය පාඨක පාඨිකාවියන්ගෙනුයි ප්‍රශ්නයක් අහන්න හිතුණා.
      ජීවිතයේදී අපි අපිම කොච්චර පක්ෂපාතී වෙනවාද? මං කියන්නේ ටිකක් හරි අසාධාරණ විදිහට...

      අනුන්ට කොච්චර බණ කිව්වත් තවමත් සමහර වෙලාවට මං එහෙම කරනවනේ- හැබැයි මම ඒ විත්තිය කියන්නේ ආඩම්බරෙන් නං නෙවෙයි, ලජ්ජාවෙන්.

      Delete
  9. විරුද්ධ වෙන්න ගිහින් අහක යන ලෙඩ දාගන්න ගොඩක් ය අකමැතියි නේ .. නමුත් මේ දොස්ත්රලගේ දේවල් නම් හරිම බයානකයි

    මිනිස්සු පව් නමුත් ටික ටික හරි මිනිස්සු විරුද්ධ වෙන එකෙන් තමා ඕවා එලියට හරි එන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම්...
      හැම ගඟකම පටන් ගැන්ම පුංචි දිය උල්පතකින්නෙ.

      Delete