අකුරු මැකී නෑ

Monday, November 24, 2025

සුබ ගමන්!

එක දවසක් සචින් තෙන්දුල්කාර් තරගාවලියක් අතරමැද ක්රීඩකයන් නැවතිලා හිටපු හෝටලයට පැමිණෙන ගමන් හිටියේ...

පුදුමෙකට වගේ හෝටල් සේවකයා කියපු කතාව ඇත්ත. තමන්ගේ ටයිමින් මීට වඩා හොඳ කරගන්න පුළුවන් නේද කියලා සචින්ට තේරෙනවා...

..තමන්ගේ කාමරයට යන්න කලින් සචින් ගාවට හදිසියේම දුවගෙන ආවේ හෝටලයේ පිරිසිදු කිරීම් වැඩ කරන සුළු සේවකයෙක්.
"සචින් සර්, ඔයා තමයි මගේ වීරයා. මට සමරුවක් ලබාගන්න පුළුවන් ?" මේ සේවකයා බොහොම යටහත් පහත්ව ගෞරවයෙන් ඉල්ලලා හිටියා. මහන්සි නොබලපු සචින් සමරුවක් ලබා දෙන්න සූදානම් වුණා.

සමරුව ලබාදෙන අතරවාරයේ සුළු සේවකයා කියපු කතාවකින් සචින් තෙන්දුල්කාර්ගේ ඇහිබැමි උඩ ගියා.

"සර් මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා. තරහ ගන්නත් එපා. මම ගොඩක් කල් ඉඳලා සර් බැට් කරනවා බලනවා. සර් ගහන හැම ඉනිමක්ම බලනවා. මට හිතෙන දෙයක් තමයි සර්ගේ ආම් ගාඩ් එක දාලා තියෙන තැන නිසා අත පහළට එන්න පරක්කු වෙනවා. මේ හින්දා සර් බැට් කරද්දී ටයිමින් අවුල් යනවා කියලා හිතෙනවා."

සචින් මේ වෙලාවේ හෝටල් සේවකයාට මුකුත් කිව්වේ නෑ. ඔහු සමරුවත් ලබාදීලා තමන්ගේ කාමරයට ආවා. හැබැයි එදා රෑ පුරාම සචින්ගේ ඔළුවේ දුවන්නේ මේ හෝටල් සේවකයා කියපු කතාව.

පස්සෙ දවසේ පුහුණුවීම්වලට ගියාට පස්සේ සචින්ට හිතෙනවා ඇත්තටම ආම් ගාඩ් එකේ පොසිෂන් එක ටිකක් වෙනස් කළා නම් හොඳයි නේද කියලා. ඔහු වෙනස් කරලා බලනවා. පුදුමෙකට වගේ හෝටල් සේවකයා කියපු කතාව ඇත්ත. තමන්ගේ ටයිමින් මීට වඩා හොඳ කරගන්න පුළුවන් නේද කියලා සචින්ට තේරෙනවා.

පස්සෙ කාලක සචින් තෙන්දුල්කාර්ම මේක කියනවා. සචින් කියන්නේ ඉන්දියාවේ මිනිස්සු දෙවියෙක් වගේ අදහන චරිතයක්. ඔහුට මේ හෝටල් සේවකයා කියන්නේ නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි.

සචින්ට ඕනි තරම් තිබුණා කියන්න ඇයි මට උපදෙස් දෙන්න උඹ කවුද? උඹට 150 එන බෝලෙකට ගහන්න පුළුවන්ද අහන්න. නැත්තන් ඒක නිකන්ම අමතක කරලා දාලා මූ මොකෙක්ද කියලා හිතන් පාඩුවේ ඉන්නත් සචින්ට තිබුණා.

"සමහර වෙලාවට ක්රීඩාංගනය ඇතුළේ ක්රීඩා කරන අපිට වඩා එළියේ ඉඳලා බලන අයට අපේ අඩුපාඩු පේනවා." සචින් තෙන්දුල්කාර් කියන්නේ කතාව.

ඔහු කවදාවත් තමන්ගේ හැකියාවෙන් ඔළුව උදුම්මවාගත්ත චරිතයක් නෙමෙයි. ඕනෑ තරම් ජනප්රියත්වය, බලය තිබුණත් බොහොම නිහතමානීව කටයුතු කරපු චරිතයක්. පරිණත වෙන්න වෙන්න සචින් හැමදාම ඉවසිලිවන්ත චරිතයක් වුණා. පිටියේ ඇතුලේ විතරක් නෙමෙයි පිටියෙන් පිටදීත් ඔහු එහෙමයි.

නැතුව එකදිගට කවර් ඩ්රයිව් එකට අවුට් වෙද්දී එකම කවර් ඩ්රයිව් එකක්වත් නොගහා ලකුණු 241 ක් ගහන්න තරම් ඉවසීමක් හදාගන්න කිසිම පිතිකරුවෙක්ට බෑ.

ලියමින් උන්නු post එක ලිවිල්ලත්...

පහුගිය නොවැම්බර් 16 වෙනිදට සචින් තෙන්දුල්කාර් ජාත්යන්තර ක්රිකට් පිටියට සමු දීලා වසර 13 ක් සම්පූර්ණ වුණා. ඔහු තවමත් ජාත්යන්තර ටෙස්ට් සහ එක්දින කියන අංශ ද්විත්වයේම වැඩිම ලකුණු ලාභියා. ඉන්දීය ක්රිකට් ක්රීඩකයන්ගේ හදවතේ ඉහළින්ම ඉන්න වීරයා. ඉන්දීය ප්රේක්ෂකයන්ගේ දෙවියා.

"මගේ ජීවිතයේ අවුරුදු 24 ක් තිබුණේ යාර 22 ක් ඇතුළේ. ඒක ඉවර වෙනවා කියලා මට හිතාගන්න බෑ. මම මේ තත්ත්වයට එන්න සුළුවෙන් හරි උපකාර කරපු හැම කෙනෙක්ටම ස්තූති කරනවා."
"මාව නරඹන්න ක්රීඩාංගනයට ලෝකේ වටෙන්ම ආපු හැම ප්රේක්ෂකයෙක්ටමත් ස්තූතියි. මම ගැහුවේ ලකුණු 100 ක් වුණත් 0 ක් වුණත් මිනිස්සු මාව දිරිමත් කළා. මම වෙනුවෙන් යාඥා කළා. හැමදේටම ස්තූතියි."
"සචින්... සචින්... කියලා ඔවුන් කෑ ගහන සද්දේ! මගේ අවසන් හුස්ම වැටෙන මොහොතේදීත් ඒක මගේ කන්වල රැව්දේවි. ඔබ සියලුම දෙනාට ස්තූතියි. සුබ ගමන්."

මේ සචින්ගේ සමු ගැනීමේ වචන. ක්රීඩකයෙක් නිකන්ම නිකන් පුරාවෘත්තයක් වෙන්නේ නෑ. ඔවුන් තමන්ව පුරාවෘත්ත බවට පත් කරගන්නවා.

Pro Sports
මේ වගේ ලංකාවේ අනාගත දේශපාලන නායකයොත් flexible වෙනවා නම් රටට හොඳයි නේද?

අද; 2025 නොවැම්බර් 21 වෙනිදා උදේයි, ඉහතින් තියෙන comment එක මට ඇහැ ගැහුණේ. Ano කෙනෙකු ඒ කමෙන්ටුව එවල තිබ්බේ ‘මාතලන්’ බ්ලොග් අඩවියේ පළවී තිබුණු ‘තිරිකුනාමලේ කළබලේ මොකක්ද බොලේ’ post එකට.
Flexible වෙන එක- එහෙමත් නැත්තං නම්‍යශීලී වෙන එක දේශපාලන නායකයන්ට විතරක් නෙවෙයි කොයි කාටත් හොඳයි... ඒත් නම්‍යශීලී වෙනවය කියන්නේ ‘කිසිම ප්‍රතිපත්තියක් නැතිව හැම ඉලව්වක්ම හිස් මුඳුනින් පිළිගැනීම නෙවෙයි’නෙ. කෙරෙන්න ඕනි හරවත්; තේරුමක් ඇති; තමන්ටත්- අනුන්ටත්-ලෝකෙටත් යහපතක් වෙන දේවල් පිළිගැනීම නේද...

ඔය Anoගේ comment එකෙන් කියැවෙන ජාතියේ කතන්දරවලින් මම නං හොඳ හොඳ කාරණා ඉගෙන ගන්නවා. ඒත් සමහරුන්ට නං එව්වයෙ ගන්ඩ තරම් දේවල් තියෙනවය කියලා හිතෙන්නෙ නෑ වගෙ. අපෙ අජිතුත් එහෙම කෙනෙක්. අජිත් කිව්වේ අපේ පවුලේ පස්වෙනියට!

නිදිගෙ පංච තන්තරේට ලියමින් උන්නු post එක ලිවිල්ලත් ඒ අජිත් මල්ලී හිංදා තාවකාලිකව නවත්තන්න වුණා. පෙරේද රෑ... shocking massage එකක් ලැබුණම...
පෙරේදා රාත්තිරියේයි අපේ අජිත් මල්ලී අන්තරා වෙලා කියන ඒ පණිවිඩය ලැබුණේ.

අපේ පවුලේ පස්වෙනියා වෙච්ච අජිත් මල්ලී... (දකුණු කෙලවරේ)

ඒ පණිවුඩය ඉක්මනින්ම ලැබෙන විත්තිය අපි හැමෝම දැනගෙනයි උන්නේ. එහෙම දැනගෙන උන්නු පණිවුඩයක් වුණත් ඒක ලැබුණාම දැනුණේ නං ලොකු දුකක් මුසුවෙච්ච සහනදායී හැඟීමක්.

‘දුක’ දැනුණේ අජිත් 62 වගෙ අඩු වයසකින් නික්මීම ගැනයි.
‘සහනදායී හැඟීම’ දැනුණේ එයා විඳිමින් හිටිය අනවරත වේදනාවලින් මිදීම ගැනයි..

එයාට ප්‍රතිකාර කරමින් හිටිය දොස්තර මහත්තුරු කියල තිබ්බලු ‘තව වැඩි දවසක් නැති විත්තිය’. ඒ වාගේම අජිත් ඉල්ලන ඕනිම දෙයක් කෑමට බීමට දෙන්නය කියලත්... ඊට කලින් නං ඒ දොස්තර මහත්තැන්ලා එයාට දෙන ගොඩක් දේවල්වලට තහංචි පනවලා තිබ්බේ.

“තව දුක් විඳින්නෙ නැතිව මට ඉක්මනට යන්නයි ඕනේ!” අජිතුත් අන්තිමේදී තීරණය කරලා.
“ඔව් මානෙල් අක්කේ. මෙහෙ හින්දමයි අජිත් අයියා මෙච්චර කල්වත් ඔරොත්තු දීලා හිටියේ. කිඩ්නිස් දෙකම නරක් වෙලා...
ඩයලයිසිස් (Dialysis) කරනවයි කියලත් දිගටම කරන්නද?”

සෑම්, දීපාල්, දීපානි තුන්දෙනාත්- ඔවුන්ගේ පවුල්වල උදවියත් තමයි අප වෙනුවෙන් අජිත්ගේ දුක-සැප සොයා බැලුවේ. (ඔයාලට ගොඩක් පිං!)

අපේ පවුලේ පස්වෙනියා වෙච්ච අජිත් මල්ලී අපි අතරින් ‘වඩාත්ම ගට්ස්’ තිබුණු කෙනාය. (එහෙම පෙනෙන්නේ මගේ කෝණයෙන් බලද්දීය.)
මං එහෙම කීවේ එයා කරපු දේශපාලනයක් නැතත් ‘එංගලන්තයේ දේශපාලන
රැකවරණ ලබා ගැනීමට තරම් උපක්‍රමශීලී වුණු බැවිනි’. එංගලන්තයට ගිය පසුව වුණත් ඒ රහස් හෙළි කළේ එයා නොවේ.

අවංක අතීතාවර්ජනයක යෙදෙන විට පෙනෙන්නේ අපේ සහෝදර-සහෝදරියන් අතරින් මට වැඩියෙන්ම දුරස්තව උන් සාමාජිකයා අජිත් බවයි. අජිත් මල්ලී හැදුණේ-වැඩුණේ මහරගම ආච්චිත් සීයාත් සෙවණේය. ඔහුට වැඩි ආදරයක් තිබෙන බැව් පෙන්වීමට ඔවුන් කළේ අජිත්ව හුදෙකලා- ආත්මාර්ථකාමී දරුවෙකු කිරීමයි.
අපේ තාත්තාගේත්- අම්මාගේත්
අමනොඥ තීරණය නිසා උපතේදීම තමනට වුණු බලවත් අසාධාරණය ගැන පාසල් යන වයසේදී දැනගත් ඔහු අපෙන් තවත් ඈත් වූවා විය යුතුය.

ඒත් අජිත් ඒවා ගැන අප කිසිවෙකු හා විවෘතව කතා කළේ නැත. අපට සමීප වූයේත් නැත. අපේ සහෝදර-සහෝදරියන් සමඟ කුළුපග වෙනවාට වඩා එයා හිතමිතුරුකම් වගා-දිගා කර ගත්තේ පිටස්තරයන් එක්කය. විශ්වාස කළේ ඔවුන්වය.

ඒ ෆොටෝවල උන්නේ අජිත් නොවේ; වියපත් රහුබැද්දේ විදානෙලගේ කිරිවන්තේ උන්දෑය; අපේ අම්මාගේ තාත්තාය; බදුල්ලේ සීයාය.

අපේ සුනිල්ට (තරමක් අඩුවෙනුත් , අනිල්ට (සම්පූර්ණයෙන්මත්) සිද්ද වුණු විපත්තියක් අජිත්ටත් සිද්ද වුණ බව මගේ හැඟීමයි. ඒ තුන් දෙනාගේ හිත-මිතුරන් අතර නායකයන් වූයේ ඔවුන්ය. ඒ අනුගාමිකයන් හැමෝම පාහේ අපේ හාදයන්ට වඩා දැනුමෙන්- උගත්කමින්- බුද්ධිමත්කමෙන් හා පෞරුෂයෙන් අඩු උදවිය බවයි, මා දුටුවේ. ඒ නිසාමදෝ අපේ හාදයන්ගේ වැරදි පෙන්වා දෙන්නට; විවේචනය කරන්නට ඔවුහු ඉදිරිපත් නොවූහ.

වාසනාවට මෙන් දීපාල්ටත්, මටත් ඒ විනම්බෑසිය අත් නොවිණි.

එංගලන්තයට සංක්‍රමණය වුණු අජිත් මල්ලිට ‘කල්‍යාන මිත්‍ර සම්පත්තිය’ තවත් දුර්ලභ විණි. පෙනුණු විදිහට නම්, අජිත් සුහදකම් ඇති කරගෙන තිබෙන්නේ මතට ලොල් වූවන් සමඟිනි. අසීමිත මත්පැන් පානයටත්- එකකින් තවත් එකක් දල්වා ගනිමින් කරන සිගරැට් පානයටත් අජිත් ඇබ්බැහි වුණේ ඒ කාලයේය. සමහර විට ඊටත් වඩා පියවි සිහිය නැති වෙන ක්‍රම අජිත්ලා අත්හදා බලන්නට ඇති බවට ලකුණුත් තිබිණි!

මා ඒ නිගමනයට ආවේ අජිත් මල්ලීගේ පසුකාලීන fotos දැකීමෙනි. (මගේ මතකය නිවැරදි නම්) ඒ ෆොටෝවල උන්නේ අජිත් නොවේ; වියපත් රහුබැද්දේ විදානෙලාගේ කිරිවන්තේ උන්දෑය; අපේ අම්මාගේ තාත්තාය; බදුල්ලේ සීයාය.

නිසි කලට නිසි මාර්ගෝපදේශ ලැබුණේ නම්...
දැනුම් තේරුම් ඇති බුද්ධිමත් මිතුරන් ඇසුරු කිරීමට ලැබුණේ නම්...
අජිත් මල්ලීට මෙවන් අකල් මරණයක් අත් නොවෙන බවයි, මට හැඟෙන්නේ. එතැනදී වැඩිහිටි අජිත්ගේ දරදඬුකම් ඉදිරියේ අපටත් තව ටිකක් හෝ ඉවසිල්ලෙන් කටයුතු කරන්නට තිබුණා නොවේද?

ඒ විත්තිය මෙලෙස සටහන් කර තබන්නේ අනාගතයෙදී හෝ තවෙකෙකුට ප්‍රයෝජනයක් වෙතැයි සිතමිනි. ඔව්... අපේ මරණයේදී පවා තව කෙනෙකුට පහන් ටැඹක් විය හැකි යැයි සිතමිනි. එයින් අජිත් මල්ලීටත් කුසලයක් හිමි වෙතැයි සිතමිනි.

අජිත්... ඔයාට පිංපෙත් පමුණුවමින් අද- 2025 නොවැම්බර් 25 වෙනිදා මානෙල් ලංකාවේදීත්; සමන්තිලා එංගලන්තයේදීත් දානමය පිංකම් දෙකක්ම පවත්වන්නටයි සූදානම් වෙන්නේ.
ඒ පිං අනුමෝදන් වෙලා ඔයා ප්‍රාර්ථනා කරපු සුගතියකට පත් වෙන්නට වාසනාව ලැබේවා කියන එකයි අප හැම දෙනාගේම පැතුම෴0෴

51 comments:

  1. කණගාටුයි.
    ඔබේ සහෝදරයාට නිවන් සුව පතමි !

    ReplyDelete
  2. ඔබේ සොයුරා ගැන කණගාටුයි. ඔහුට වඩාත් හොද භවයක ඉපදීමට හේතු වේවා..

    ReplyDelete
  3. සහෝදරයාට සුබ ගමන් පතනව!

    ඇත්තටම, කාටත් ආශ්‍රයට ලැබෙන්න ඕන කරන හැම දෙයක්ම අනුමත කරන අය නෙමෙ. හරි වැරදි පෙන්නල දෙන අය!

    ReplyDelete
    Replies
    1. බොහොම පිං නමී!
      'අසේවනාච බාලානං- පණ්ඩිතානංච සේවනා' කියල කිව්වේ ඒකනේ...

      Delete
  4. ඔබත් ඔබගේ සහෝදරයාව කොන්කරලා නේද හිටියේ? මේ බ්ලොග් එකේවත් ඔහු ගැන ලියවිලා ඇත්තේ බොහෝම අල්පයයි.

    ReplyDelete
    Replies
    1. කොන් කරලා නෙවෙයි Ano මහත්තයො, ඈත් කරලා කියන එකයි හරි. අජිත් මල්ලී වැඩිහිටියෙක් වුණාට පස්සේ, එයාට ඕනාවට වඩා අවවාද දෙන්නවත්- බලපෑම් කරන්නවත් යන එක මගේ විදිහ නෙවෙයි.
      එයා ගැන අවශ්‍ය ත‍රම් විස්තර නම් ලිව්වා. ඒත් ලියැවුණු විස්තර නම් අඩුයි වගෙ තමා.

      Delete
  5. අජිත් සහෝදරයාට නිවන් සුව පතමි

    ReplyDelete
  6. අජිත් මහතාට අජරාමර නිවනේ නිවි සැනසේවායි පතමි.

    ReplyDelete
  7. සහෝදරයාට සුබ ගමන් පතනව! x2

    ReplyDelete
  8. එකම පවුලේ, එකම ඔපොචුනිටි එක ලැබුන, දීපාල් සහ අජිත්ගෙ වෙනසක හැටි? ඔබ ලියූ හැටියට ඩඩා එක්කත් කැත්තට පොල්ල වගේ උන්නෙ අජිත් නේද? අජිත් බැන්දෙ නැත්ද?

    සුළු අඩුපාඩු තිබ්බත් ඩඩා හොඳ මනුස්සයෙක් කියලයි මට තේරුනේ.

    ReplyDelete
    Replies
    1. මානෙල් බැඳලා හිටියේ එයාව නෙමෙයිද

      Delete
    2. බස්සා මහත්තයෝ, අජිත්- දීපාල් දෙන්නාටම එකම අවස්ථාව ලැබුණු බව ඇත්ත. ඒත් අජිත්ට ඒ අවස්ථාව ලැබුණේ ළපටි වයසේදී නෙවෙයි- කුරුවල් වුණාට පස්සෙයි.
      අජිත් මල්ලී ඩැඩා එක විතරක් නෙවෙයි පැටලුණේ. අම්මා එක්කත්. එහෙම වෙලාවට කටට එන ඕනෑම කඩුලු කතාවක් කියල දාන්නත් එයා පසුබට වුණේ නෑ. ඒ වගේමයි- ඊට පහුවදා වෙනකොට ඒ කතා සේරම මිනිහට අමතකයි.
      සත්තකින්ම, ඩැඩා ගොඩක් හොඳ- ටිකක් විතර දරදඬු මනුස්සයෙක්.

      Delete
    3. මානෙල් නංගි තමයි අපේ පවුලේ හයවෙනියා. අජිත්ගේ ළඟම නංගි. මානි බැඳලා ඉන්නේ ගාමිණීවයි අජිත් මහත්තයෝ.

      Delete
    4. බස්සා මහත්තයෝ, ඔයා අහල තිබ්බ එක කාරණයකට උත්තර දෙන්න බැරි වුනානේ.
      අජිත් විවාහ වෙලා හිටියේ නෑ.

      ඒත් එයා පාසල් වයසේදීම ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගියා. මගේ නිරීක්ෂණය අනුව නං ඇය ඉතාම විනීත- ඉවසිලිවන්ත- බුද්ධිමත් යුවතියක්. නමුත් අවාසනාවකට වගෙ ඒ සබඳකම බිඳිලා ගියා.

      Delete
  9. අපට සමීපතමයෙකුට විපතක් සිදු වූ විට එය වැලැක්විය හැකිව තිබුනා දැයි වරදකාරී හැඟීමක් ඇති වීම ස්වභාවික සිදුවීමකි. එහෙත් එය අප සිත තුළ ඇතිවන ශෝකී හැඟීමේම කොටසක් බවයි මගේ හැඟීම.

    ReplyDelete
  10. නිදි ගේ අජිත් මල්ලිට සුබ ගමන් .

    ReplyDelete
  11. Wishing him a peaceful transition!!

    “ඒ ෆොටෝවල උන්නේ අජිත් නොවේ; වියපත් රහුබැද්දේ විදානෙලාගේ කිරිවන්තේ උන්දෑය;...“ නිමල්ට එහෙම හිතුණත්, රෝගී වීම නිසා දුර්වල ශරීර ස්වබාවය මිසක් එහෙම ලොකු වයසක්නම් පේන්නෙ නෑනෙ. ඒ ඔක්කොටම වඩා අජිත්ගෙ මුහුණෙ ඉරියව් වලින් සෑහෙන දුරකට acceptance එකක් මට නම් පේන්නෙ.

    (ඒ ලෙඩ වෙලා ඉද්දි හාමුදුරු කෙනෙක් පිරිත් කියන අවස්තාවක්ද).

    ReplyDelete
    Replies
    1. බොහොම පිං Lotus!
      අන්තිම දවස්වල අජිත් මල්ලී ටිකාක් විතර ඉදිමිලා වගෙයි - මටත් පෙනෙන්නේ. ඊට කලින් එයා ගොඩක් කෙට්ටු වෙලා, ඇදිලා ගිහිං වගෙයි හිටියේ.
      ඔයා හරි. ඒ ෆොටෝ එක පින්කමක් කෙරුණු වෙලාවක. (මොන වැරදි තිබ්බත්-) අජිත් මල්ලී හරි බැතිමත් බෞද්ධයෙක්...

      Delete
    2. That is Rev Bandula from London Buddhist Vihara -Chiswick

      Delete
    3. වැඩිදුර විස්තර කිව්ව එක ගැන ගොඩක් ස්තුතියි Ano.

      Delete
    4. https://ajithdissanayake.muchloved.com someone has set up a Tribute page for him; maybe good to leave some thoughts there Nidi?

      Delete
    5. තොරතුරට ස්තුතියි Ano, ඒ පිටුව නිර්මාණය කර තිබෙන්නේ අවමංගල්‍ය සමාගමෙන් නේද?

      Delete
    6. ඔව්, ඒගොල්ලො හදලා තියෙන්නෙ නේද. Funeral එක වීක් එන්ඩ් එකේද නිමල්.

      Delete
    7. අවසන් කටයුතු අවසන් Lotus. සමන්තිලගේ ගෙදර හත් දවසේ බණ පින්කමකුත්- මානෙල් නංගිලා දානමය පින්කමකුත් කරලා අජිත්ට පින් පැමිණෙව්වා.

      Delete

  12. උඩින් ඇනෝ කෙනෙක් කියලා තියෙනවා වගේ, අජිත් ගැන නිමල් ලියලා තියෙන්නෙ සීමිත ප්‍රමාණයක් නේද. සමහර විට subconsciously එහෙම වෙන්නත් ඇති. හැබැයි සමහර වෙලාවට ජීවිතේ ගලායන (dynamic) ස්වබාවය නිසා, සමහර වෙන් වීම් ස්වබාවිකවම (organically) වෙනවා. ඒ ගැන දුක් වෙලා හෝ පසුතැවිලි වෙලා වැඩක් නෑ.

    "එතැනදී වැඩිහිටි අජිත්ගේ දරදඬුකම් ඉදිරියේ අපටත් තව ටිකක් හෝ ඉවසිල්ලෙන් කටයුතු කරන්නට තිබුණා නොවේද?" නිමල් එහෙම කිව්වෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. මං ගැටුම්වලට අකැමතියි Lotus. ඒ වගේමයි වැඩිහිටියන් වුණාට පස්සේ සහෝදර සහෝදරියන්ට හා මුනුබුරු මිනිබිරියන්ට වුණත් අනවශ්‍ය තරමට බලපෑම් කරන්නට අකැමතියි. ඒ ඔවුන්ගේ ස්වාධීනත්වය අගයන නිසා.
      ඒ නිසාම අජිත් එක්ක තරමක් ඈතින් ඉන්න වුණා.

      හොඳටම අසනීප වෙන්න කලින් අජිත් මල්ලීගේ කල්පනාව පවා තරමක් අවුල් බවයි මට පෙනුනේ. එයා ටෙලිෆෝනයෙන් කතා කරද්දී පවා එකම දේ පුන පුනා කිව්වා. කියන දේවල්වල අග මුල ගැලපුනේ නෑ.
      ඉවසිල්ලෙන් එහෙම කතා අහගෙන ඉන්න අපේ මානෙල්ලාට, සමන්තිලාට තරම් දක්ෂකමක් මට නොතිබීම ගැනයි මගේ පසුතැවීම. ඒ ගැනයි අරහෙම ලිව්වේ.

      Delete
    2. අනෙක අජිත් මල්ලී ගැන වැඩියෙන් ලියනවා නං... එයාගේ මිතුරු මිතුරියන් ගැනත් ලියන්න වෙනවනේ. ඒකට මම අකමැතියි- හරියට කරුණු නොදන්නා හින්ද.

      Delete
    3. සමහර විට අජිත් හිටපු සමාජය නිසා එයා එහෙම කරන්න ඇති. ඒ තත්ත්වයෙන් වෙනස් වෙන්න ඔහුට ඕන කමක් නැති වෙන්න ඇති. අවශ්‍ය නං උදව්, උපදෙස් ගන්න ඕන තරම් අය වටේ හිටිය නෙව? මම තට්ට තනියම, උපදෙසක්වත් ගන්න නැතුව ජීවිතේ අඩියටම වැටිච්ච අවස්ථා තිබ්බ. ඒ අඩු වයස වුනත් ඔහු එන්ජෝයි කලා නං එච්චරයි. ඒක ඔහුගේ තෝරා ගැනීම.

      Delete
    4. //ඒ නිසාම අජිත් එක්ක තරමක් ඈතින් ඉන්න වුණා//
      මමත් එහෙම "ඈතින් ඉන්න" ලඟම අය ඉන්නවා. ඕනවට වඩා ලං වෙන්න ගියොත් අපිත් එයාල එක්කම ගිලෙනවා.හරිද වැරදිද මන්දා ? ඇයි හත්වලාමේ! අපිත් අනුන්ට වදයක් නොවී ජීවිතේ ගැට ගහ ගන්න එපැයි?🤔

      නිදි මේ පෝස්ට් එකෙන් මතු කරන දේ හොඳයි. කෙනෙකුගේ මරණයකින් වුනත් ජීවත්වෙන කෙනෙකුට උපදෙසක් වෙනවා නං ඒ පිනත් අජිත්ටම ලැබෙයි.🙏

      Delete
    5. තමුන්නාන්සේ හරියටම නිලේ අල්ල ගත්තා එහෙනං.

      Delete
  13. සුබ ගමන්!

    ReplyDelete
  14. //ඔවුන් කළේ අජිත්ව හුදෙකලා- ආත්මාර්ථකාමී දරුවෙකු කිරීමයි.// ඕක මේ කාලෙ ලොකු ප්‍රශ්නයක්. ළමයිව තනිකරලා තමයි දෙමව්පියො හදන්නෙ. අවට පරිසරේ හැදිලා තියෙන්නෙ ඒකටම හරියන විදිහට තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් නමී. ළමයින්ට හරි හැටි ආදරය - රැකවරණය නොදී පස්සේ දොස් පවරන සමාජයක තමයි අපි ඉන්නේ.

      Delete
  15. අවුරුදු හැට දෙකක් විවිධ අත්දැකීම් ලබපු එයාගේ ලෝකෙත් අපේ ලෝකෙත් යා කරන එකම බැඳියාව මේ BLOG එක. අජිත් මහත්මයා ඔබට සුභ ගමන්

    ReplyDelete
  16. අජිත්, කමල් දෙන්නම ගිය අවු 62 කියන්නෙ මාරකයක්ද?

    ReplyDelete
    Replies
    1. අම්මෝ බස්සා මහත්තයෝ, මක්කටද කවුරුවත් බය කරන්නේ?

      Delete
  17. Replies
    1. ඔත්තුවට ඉතාමත් ස්තුතියි බකුසාණෙනි. ෂෝක් ලිපියක්! කවියකුත් ලිව්වා. ඒත් ගියේ නැහැ. නිහඬපාල මහතාගේ comment එකක් නම් තිබ්බා.
      මම ලියු කවිය මෙතනවත් දානවා.

      බල බල නොඉඳ නම් පිටරට නළුවන්ගේ
      Film බලමි දැනෙනව නං හොඳයි වගේ
      බලලනෙ ගොඩක් එව්වා මේ නළුවාගේ
      Father ෆිලුම මතකයි මට අද වාගේ

      Delete
    2. මට නම් හිතුනෙ ඒක මරණය ගැන නෙවෙයි, ජීවිතය ගැන සටහනක් කියලා. තමන්ගෙ ජීවිතය බොහෝ දුරකට සාර්ථක කරගත්ත කෙනෙක් තමන්ගෙ fears, anxieties ගැන අවංකවම reflect කරමින්, කිසිම බයක් නැතුව ඒවා අනිත් අය එක්ක share කරගැනීමක්. මම ආසම කොටස තමයි අර "භාෂා විශාරදයා" අමතක කරලා ඔහුගේම උත්සාහයෙන් නික්සන්ගේ චරිතයට අවතීර්ණ වුණු එක. එතෙන්දි ඔහු seasoned actor කෙනෙක් වීමත්, වාසනාවත් යම් ප්‍රමාණයකට උදව් වෙන්න ඇති; නමුත් සාමාන්‍ය ජීවිතේ ඔය වගේ අපිව අධෛර්යමත් කරන අය කොච්චර හිටියත් නොනැවතී අපේ ඉල්ලක්කවලට යන්න ඕනෙ කියන එක ගැන හොඳ පාඩමක්. Thanks බස්සා for sharing.

      Delete
    3. ඔයා The Father බලල තියෙනවද Lotus?

      Delete