අකුරු මැකී නෑ

Tuesday, January 6, 2026

හතලිහේදී... විසිඅටවෙනි කොටස

ඒ දෙවතාවේම රහසිගත තැනෙකදී ඔවුන් හා තනි වෙන්නට තිබුණු මගේ දැඩි ආසාවත්- තද උනන්දුවත් ඔවුනට නොපෙන්වා සිටීමට තරම් මම සටකපට වූයෙමි.

මේ පාඩම යොවුන් වියේදීම අපට ඉස්කෝලවලදීවත් කියලා දෙනව නං!
“තව දවස් තියෙනවනේ ප්‍රසාද්. නත්තලට තව වැඩි දවසක් නැහැනේ. එතකොට නිදහස් දවසක් ලැබුණාම බලමුකො... එතකං ඉවසමු.”

“උඹ නං කියයි. ම.ම..නෙ දන්නෙ ඉවසං ඉන්න එකේ තියෙන අමාරුව... කොහෙද? ඉස්සර තරං උඹ එක්ක කතා කරන්නවත් හම්බ වෙනවයැ දැන්...” ඒ හාදයා ඉතිරි හරිය කිව්වේ දත්මිටි කන ගමන්ය. “අර මූ..සල බන්ටියා උඹ ළඟට රිංගගෙනනෙ...”

ප්‍රසාද් එහෙම කියනකොට නං මට දැනුණේ පුදුම සතුටක්!
ඇයි කියලද හිතුවේ... දුෂ්ටකම- තනිකරම දුෂ්ටකම... මගේ දුෂ්ටකම!!

මං වගේ චපලකම ඉහවහා ගිය උදවිය කැමතියි වෙන්නැති මේ ක්‍රමයට. තමන්ගේ සහකරුවා හරි සහකාරිය ඉරිසියාවෙන් පෙළෙනවා දකින්නට... විශේෂයෙන්ම තවත් තරගකාරී ලෙස දැනෙන කෙනෙකු ගැන ඊර්ෂ්‍යා පරවශ වෙනවට...
ඇත්තමයි, ඒ දවස්වල මගේ හිත වැඩ කළේ එහෙම. බන්ටි මට සමීප වෙලාය කියලා ප්‍රසාද් කේන්ති ගන්න විත්තිය පෙනුණාම, මං එයාට තව ටිකක් ගැඹුර දුන්නා; ඕනෑකමින්ම ප්‍රසාද්ව ඇවිස්සෙන විදිහේ දේවල් වැඩියෙන් කළා.

“ඔයාට ඉරිසියයිද දවස තිස්සෙම බන්ටි මගේ ළඟින්ම ඉන්නකොට... එයා හරි ෂෝක් හාදයෙක්නෙ ප්‍රසාද්...”
පව් ප්‍රසාද්. එහෙම වෙලාවට එයා කළේ පුප්පන එක. ඒක දකිනකොට මගේ සන්තෝසය තවත් ලියලව්වා. ඒත්... (හාව-භාව ලීලා තියෙන) මං එහෙම කරන- කරන තරමට බන්ටිත් අවුල් වෙන්න ඉඩ තියෙනවය කියන කාරණය මට නොහිතුණු හැටි. (ජීවිතයේ අනෙක් සියලුම වැඩ-කටයුතුවලදී මගෙන් පළවුණු පරාර්ථකාමී- අවංක- නිර්ලෝභී- තිරසර ගති මේ ක්ෂේත්‍රයේදී විතරක් එහෙම පිටින්ම අවතැන් වෙලා ගිහිං තිබ්බෙ පුදුමාකාර විදිහටයි.)

ලිංගික සබඳතා විෂයයේදී ඒ කාලයේ මං ගොඩක්ම ආත්මාර්ථකාමී- කුරිරු- මසුරු- චපල විදිහටයි වැඩ කරලා තියෙන්නේ. Love කියන දෙයක් ගෑවිලාවත් නැති විදිහට. ඒ විත්තිය මටම තේරුම් ගියා. හැබැයි, හුඟාක් පස්සේ කාලයකදි.

‘A good man doesn’t love a million girls, he loves one girl in million ways!’ කියන පාඩම යොවුන් වියේදීම අපට ඉස්කෝලවලදීවත් කියල දීල තිබුණා නං!

පාඩමක් වශයෙන්?
හුඟක් ගුරු දෙගුරුන් මෙතැනදී නං දරන්නේ හරිම පටු ආකල්පයක්. Love; ආදරය වචන ඇහෙනකොටම එයාල වියරු වැටිලා ඉවරයි. ඒ වදන්වලින් එයාල මවා ගන්නේ ‘Sex- රමණය- සංසර්ගය- නැත්තං මොකක් හරි ලිංගික චර්යාවක්... ඉතිං කොහෙද වෙනසක්...

සහකම්පනයේ ඉහළම benchmark එක මවක් සහ දරුවෙක් අතර ඇතිවන බැඳීමයි. (මනෝ විද්‍යාඥයන් කියන්නේ...

මේ- මේ දිසානායකයා ඔයාලට කියන දේවල් ඒ ආකාරයෙන්ම පිළිගත යුතු නෑ, හොඳේ.
සමහරවිට එව්වයේ වැරදි තැන් තියෙන්නත් පුළුවන්- සුදුසු නැති තැන් තියෙන්නත් පුළුවන්... ඒත් අවුරුදු හයේ ඉඳලා සිය ගණනාවක් එක්ක එකේකාකාරයේ ලිංගික අත්දැකීම් ලබා තිබෙන එකෙනුත් උකහාගත හැකි අල්ප වූ හෝ යමක් තියෙන්න පුළුවනි නේද?

මම නං එහෙමයි!
කොහෙන් හරි කාගෙන් හරි වුණත් කමක් නෑ, පුංචි හරි ගත යුතු දෙයක් තියෙනවයි කියලා හැඟුනොතින් ඒක ගන්න ඩිංගිත්තක්වත් පසුබට වෙන්නෑ. ඒ ගැන වැඩි දුරටත් විමසා බලන්න; විග්‍රහ කරන්න; අධ්‍යයනය කරන්න පසුබට වෙන්නෙත් නෑ.

ලිංගික සහකරුවන් කුප්පන කැත සිරිතත් ඒ දවස්වල මගේ ළඟ තිබුණය කියලා මේ පෝස්ටුවේ මුල්ම හරියේ අකුරු කළේ ඊයේ උදේ.
ඒක හිතාදර blog රචකයෙකු වෙන බස්සා මහතාට දිවැසින් පෙනිලා වගේ. නැත්තං පරචිත්ත විඥානන ඥානයෙන් දැනිලා වෙන්නැති!

ඊයේ හවස උන්නැහේ ‘හතලිහේදී 27 කොටස’ට කමෙන්ටුවක් විදිහට link එකක් එවල තිබ්බා. ඒ ලින්කුවෙන් යන්නේ ‘Chandima Gomes’ බ්ලොග් අඩවියේ පළ කර තිබෙන ‘බොහෝ පෙම්වතුන් පටලවා ගන්නා ආදරය සහ සහකම්පනය’ පෝස්ටුවටයි.

‘ආදරය යනු ආත්මාර්ථය හා බැඳුනු මනෝභාවයකි. එය සැමවිටම අහිමි වීමේ බිය මත යැපෙන හැඟීම් සමුදායකි. ආදරයෙන් වෙලෙන පෙම්වතුන් අනෙකා වෙනුවෙන් බොහෝ සෙයින් කැපකිරීම් කරන්නේ මේ අහිමි වීමේ බිය නැත්නම් හිමිකරගැනීමේ ආශාව නිසාය.

සහකම්පනය යනු ඊට බොහෝ සෙයින් වෙනස් වූ බැඳීමකි. තම සහකරුවා හෝ සහකාරිය සිත් තැවුලෙන් සිටින විට එය තමාගේ සිතට තදින් දැනීම සහකම්පනයයි. එහි හිමි-අහිමි වීම් පිළිබඳව හැඟීමක් නැත. ආත්මාර්ථය හෝ මමත්වයද නැත. සහකම්පනයේ ඉහලම benchmark එක මවක් සහ දරුවෙක් අතර ඇතිවන බැඳීමයි (මනෝ විද්‍යාඥයන් කියන්නේ මවක් සහ පුතෙක් අතර කියාය).

විවාහයත් සමගම ඇතිවන නීතිමය සහ සමාජමය බැඳීම නිසා බොහෝ අඹුසැමියන්ට අහිමි වීමේ බිය සෑහෙන දුරට පහවී යයි. සහකම්පනයෙන් තොර ආදර බැම්මෙන් වෙළුණු බොහෝ දෙනෙකුගේ අහිමි වීමේ ආරම්භය ඇත්තේද මෙතැනයි. විවාහයට පෙර දුටු පුද්ගලයන් මේ නොවන බව ඔවුන්ට දැනෙන්න ගනියි. නමුත් වරද තමන් අතේද වන බව දෙදෙනාටම නොහැඟේ...’

ඉහත ඇල අකුරුවලින් තියෙන්නේ ඒ පෝස්ටුවෙන් උපුටාගත්තු කොටසක්.

මං ඒ post එකට comment එකක් විදිහට කවියකුත් ලියල ආවා.

‘මෙතැනදි තවත් කරුණක් ඇත හරි  වැදගත්
වත්සලතාව පැටලෙනවද love           එක්කත්
හැකි නම් ලියනවද චන්දිම ඒ           කරුණත්
ඉක්මන් දික්කසාදෙට පාරකි                ඒකත්’

දෙපැත්තේ උන්නු දෙන්නාටම තිබිල තියෙන්නේ ‘ලෝකාස්වාද රතිය’ විඳගැනීමේ නොතිත් ආශාවක් විතරයි!

මං ඔය කාරණා ලිව්වේ ‘නිමල් දිසානායකගෙ ලිංගික සබඳතාවලින් 99%කම වගේ සහකම්පන හැඟීම් නොතිබුණු විත්තිය’ පැහැදිලිවම කියන්නයි. (මාත් මගේ සහකරුවනුත් කියන දෙපිරිසම ‘ආදරය’ කියන්නේ මොකක්දැයි නිවැරදිව අඳුරගෙන හිටල නෑ. අපි  ආදරේය කියල හිතාගෙන රැවටිලා උන්නේ ‘වත්සලතාව’ට වෙන්නත් ඇති!) මගේ පැත්තෙන් විතරක් නෙවෙයි. අනෙක් කෙනාගේ පැත්තෙන් වුණත් ඒ සන්තෑසියමයි... හොඳ විමසිල්ලෙන් බලද්දී පෙනෙනවා දෙපැත්තේ උන්නු දෙන්නාටම තිබිල තියෙන්නේ ‘ලෝකාස්වාද රතිය’ විඳගැනීමේ නොතිත් ආශාවක් විතරයි.

ඇසුරු කරන ලිංගික සහකරුවන් ගණන වැඩි වෙන්න වෙන්න- ලබන විවිධාකාර ලිංගික අත්දැකීම් වැඩි වෙන්න වෙන්න- මට තහවුරු වුණේ එක දෙයයි. එතැන ආදරයක් නෑ! හැබෑ බැඳීමක් නෑ!! ඒ නිසාම හැබෑම සතුටකුත්- හැබෑම තෘප්තිමත් වීමකුත් නෑ!!!

‘තමුන්නාන්සේ ඔය සේරෝම බණ කෙළින්නේ දැන් නෙව...’
ඔව්! අත්දැකීම්වලින් පෝෂණය වෙනකොට පරිණත වෙන්නෙ නැත්තං; මුහුකුරා යන්නෙ නැත්තං මොකක්ද මනුස්සයෙකුගෙන් ඇති පලේ?
‘හරි, හරි... ඔහෙගෙ කතන්දරේ ලියාගෙන යනවකො. කියවන අය තීරණය කරයි- ඔය මහප්‍රාණ ගැන. ඉතිං... ඊළඟට මක්කැයි වුණේ?’

ඊළඟට වුණේ මේකයි.
“ලොකූ, හෙට අනිද්දා මට එච්චර වැඩක් නෑ. ඔයාට නිවාඩුවක් ගන්න පුළුවන් නං අපි යමුද අර පොත් කඩ තියෙන දිහාවට.” දීපාල් කිව්වා. “...දවසක්ම යන එකක් නෑ. වරුවක නිවාඩුවක් ගත්ත නං ඇති ලොකූ. වැඩිය හොඳයි lunch එකෙන් පස්සේ යන එක. ඒ ෂොප්ස් open කරන්නෙත් දවල් වෙලා වෙන්නැති.”

“අනිද්දා දවල්ට යමු මල්ලෝ... හෙට වැඩට ගියාම මං මිස්ටර් Aheerටත් කියන්නං.”
“’හරි! මම South Hallවල ඔයාලගෙ garment එක ළඟට ඇවිත් ඔයාව pick කර ගන්නං.”

වුණෙත් එහෙමය.
“ලොකූ, අර හරියේ tools විකුණන තැන් කීපෙකුත් තියෙනව දැක්කා. ඔයා පොත් සාප්පු දෙක තුනකට ගිහිං බලන්න. ඒ අතරේ මං අරවයේ බලන්නං මට ඕනි කරන ටූල්ස් මොනව හරි තියෙනවද කියලා...” පොත් සාප්පු ළඟදී බඩා මල්ලියා නික්ම ගියේ එහෙම බාග ඇත්තක් කියමින්. ආම්පන්න මොනවත් ගන්නවට වැඩිය මිනිහට ඕනි වුණේ මගේ පාඩුවේ- මගේ වැඩේ කර ගන්න ඉඩ සලස්සන්න වෙන්නැති.

ඒ පොත් කඩ කිහිපය එච්චර ලොකු නැතත් පාවිච්චි කළ පොත්වලින් උතුරමිනි, තිබ්බේ. ඒ විතරක් නෙවෙයි- ඒ හැම සාප්පුවකම වාගේ ගැනුම්කරුවනුත් ටික ටික හරි හිටියා...

(ලජ්ජාවෙන් මිරිකෙමින් උන්නු) මට නං හිතුණේ ඒ මිනිසුන් හැමෝම මං වහන්සේ ගන්නට හදන්නේ මොනවාදැයි බලාගෙන ඉන්නවා කියලය. ඒත් ඒ මගේ හිතළුවකි. එයාලාට එයාලගෙම වැඩ තිබෙයි; අනුන්ගේ වැඩ ගැන උනන්දුවක් නැත. ටිකකින්ම මමත් මගේ කාරියට බැස්සෙමි.

ගමේ බාසාවෙන් කියනවා නං ‘හෙළුවැලි පින්තූර සඟරා’ දහස් ගණනක්... වර්ග සිය ගණනකින්...

මගෙ අම්මෝ!

ඒ තැන්වල තිබුණ පොත්... ගමේ බාසාවෙන් කියනවා නං ‘හෙළුවැලි පින්තූර සඟරා’ දහස් ගණනක්... වර්ග සිය ගණනකින්...
දෙවෙනි වතාවේ එංගලන්තයට යනකොටත්, ‘ළිං මැඩි නිමල්’ එහෙම සඟරාවලින් දැනගෙන හිටියෙ Playboy ගැන විතරයි.

(බිත්තිය බ්ලොග් අඩවියේ පැතුම් හේරත් සහෘදයා ‘ප්ලේබෝයි’ නිර්මාතෘ ගැනත් comment එකක් එවල තිබුණා මෙහෙම කියමින්.

Playboy සඟරාව පටන් ගත්ත හියු හෙෆ්නර්ගේ කතාව තියෙනවා Amazon Primeවල... ඔහුට ඒ වගේ සඟරාවක් පටන් ගන්න හිතෙන්නේ ඔහුගේ මව සහ පියා අතර ආදරය හැඟීම්වලින් සහ ක්‍රියාවෙන් පෙන්වීමට තිබ්බ නොහැකියාව නිසා කියන එක "inability to show love in an emotional and physical way" ඔහු කියනවා. ඒක නිසා ඔහු ෆැන්ටසියක් විදියට ඒක මිනිස්සුන්ට දෙන්න ක්‍රමයක් හදනවා.
ඔහු ඉපදෙන්නේ 1926
, දැන් 2026, අවුරුදු 100කට පස්සෙත් අපි තාම සමහර දේවල් ගැන හිතන්නේ කොච්චර පසුගාමී විදියටද...’

මාත් දාහක් දේවල් හිතමින්, එතැන තිබ්බ සඟරා ජාති කීපෙකින් එක එක තෝරා ගත්තා. ඒත් එක්කම එතැන තිබුණු අලුත් card packs වගයකුත් මගේ ඇහැ ගැටුණා.
ඒකෙ කොළ 52ම තිබ්බේ යව්වනියන්ගේ නිරුවත් රූප. ඒ රූපවලට තමයි ප්‍රධාන තැන. ඒත් ඒ කාඩ්ස්වල උඩින්මයි- යටින්මයි ඉස්කෝප්ප, කලාබර, හාරත, රුවිත විදිහට ඒ ඒ වංශත්- මොන කොළයද කියන එකත් සටහන්ව තිබ්බා. මං එයින් කාඩ් පැක් එකකුත් ගත්තා.

(දැන්මම කියල ඉන්න හිතුණා ඒ කාඩ් කුට්ටමට වෙච්ච දේ. කමක් නැහැ නේද?)
කටුනායක එයාර්පෝට් එකේදි කිසි කරදරයක් නැතුව ඒ සඟරා ටිකයි, card pack එකයි ලංකාවට ගේන්න ඇහැක් වුණා. සඟරා ටික නයනානන්දට දෙන වෙලාවේ මගේ කුණු හිත ඉස්මත්තට ආවා. ‘කාඩ් පැක් එක පස්සෙ වෙලාවක දෙන්න බැරියැ.’ ඒ හිත මට තදින්ම කිව්වා. මාත් හිතට අවනත වුණා.

ඊට පස්සේ දවසක මගේ රහසිගත විශ්වයේ වෙනත් සාමාජිකයෙකුට මං බොහොම උජාරුවෙන් ඒ card පැක් එක පෙන්නුවා.
“අම්මට සිරි! මාර බඩ්ඩක්නෙ බං... මේක මට දියංකො...”
“පිස්සුද? අපේ set එක මේකෙන් 304 ගහන්න ඉන්නේ. ඉතිං, මේක ඔයාට දීල කොහොමද... මේකට මොකද වුණේ කියල බලයි.”
“මේකෙන් 304 ගහන්න... අනේ පලයන් බං යන්න. 304 ගහනවා කොහොම වෙතත් උන් මේවා අතේ තියාගෙන xතේ නං ගහයි.” ඒකා කීවා.

“ඔයාගේ මිම්මෙන් හැමෝම මනින්න එපා. එයාල එහෙම යාළුවො නෙවෙයි. වල් නෑ...”

මං ලස්සන වදන් මල් ටිකක් තෝරාගෙන මාල කිහිපයක් ගෙතුවා. වචන එක එක විදිහට පෙළ ගස්වමින්...

“ඒ කියන්නේ උන්ට ආසාවල් නෑ... නඟින්නෙ නෑ... උන්ට තියෙන්නෙ ඉටිපන්දම් වෙන්නැති. ෂුවර් එකටම නෂ්ටකාමය තියෙන එවුන් වෙන්නැති. අනේ නිකං හිටපං බං- මටත් පානිය නොදා...” එයා කිව්වේ තරහෙන් වගේම අමනාපයෙන්.

‘මේ ඉලව් කාඩ් පැක් එක කාටවත්ම පෙන්නන්න හොඳ නෑ. මොකටද මේ මඟුලක් නිසා කාවවත් තරහ කර ගන්නේ?’ එහෙම හිතපු මං ඒක කොහෙද අස්සක හැංගුවා. ආයේ ඒ ගැන මතක් වෙනකොට හංගපු තැන මතක නෑ.
ලෝබයාගේ දේ කූඹි කනවයි කිව්වෙත් ඒ වගේ දේකට වෙන්නැති.

ඉතිං... ඕන්න ආයෙමත් යනවා පොත් සාප්පු ළඟට.

ටූල්ස් වගයකුත් අරගෙන ආව දීපාල් නිකමටවත් මං ගත්තෙ මොනවද කියල ඇහුවෙවත්- බැලුවෙවත් නෑ. කොල්ලා එකම එක වචනයයි පාවිච්චි කළේ මගේ වැඩේ කරගෙන ඉවරයිද කියල අහන්න. “Finished?”
“Yes... Thanks මල්ලා.”
“That’s a pleasure ලොකූ!”

මඟක් දුර එනතුරුම මං ලස්සන වදන් මල් ටිකක් තෝරාගෙන මාල කිහිපයක් ගෙතුවා. වචන එක එක විදිහට පෙළ ගස්වමින්- වඩා හොඳ විදිහ තෝරා ගන්න. එකකට එකක් දෙවෙනි නෑනෙ. ඔක්කොම හොඳයි...
කොයිකටත් කියල වැඩිය පරක්කු නොවී මං ඉස්සෙල්ලම හිතට ආව ‘වදන් මාලය’ ප්‍රයෝජනයට ගත්තා.
“මල්ලා, ඔයා දන්නවද... මම මේ මැගසින්ස් ගත්තේ හෝමෝසෙක්ෂුවල් යාළුවෙකුට... I am having an affair with him!” මම එක එල්ලේම කියාගෙන ගියා.

ස්ටියරින් වීල් එක හසුරවමින්, පාර දිහාවට අවධානය යොමු කරගෙන හිටි මල්ලියා මගේ කීමට ප්‍රතිචාර දැක්වුවෙත් එක වචනෙකින්. මගේ පැත්තටවත් නොහැරී...

ඉතිරි හරිය ඉතා ඉක්මනින්...

29 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. https://www.bbc.com/news/world-us-canada-60132760

    ReplyDelete
    Replies
    1. ස්තුතියි PraJay මහත්තයෝ. බටහිර රටවලත් හුඟක් දෙනා ඔහොම චෝදනා එල්ල කරන්නේ බොහොම පහුවෙලා වගෙයි නේද?

      Delete
  3. නිමල් අංකල් දන්නවද හේමාල් රණසිංහ රඟපාන , ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ "රිටිගල ජයසේන සහ සැඟවුන නගරය" චිත්‍රපටය ගැන?

    රිටිගල ජයසේන හෙවත් අපි දන්න මහසෝනා ගැන කතාවක්
    මොකක්ද දන්නවාද ඒ? මහසෝන් යක්ෂයා එහෙමත් නැතිනම් අපි දන්න මහසෝනා බිහිවුනේ කෝහෝමද කියාලයි. නම ඇහුවත් බයයි වගේ !
    ඇත්ත නැත්ත කෙසේ වුනත් කතාව නම් නියමයි !
    මෙහේම තමා කතාව පටන් ගන්නේ!
    ගැමුණු රජ්ජුරුවෝ එලාර රජුව පරදලා ජයගත්තට පස්සේ ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සව‍යක් සංවිධානය කරලා ගොඩාක් අයට මේ උත්සවයට ආරාධනා කලා.
    සාදයේ මුලදීම ගෝඨයිම්බර මත්පැන් නිසා මත් වීම නිසා ඔහුගේ බිරිද සෝනා කුමරිය පැමිණි අය පිලිගන්න රාජකාරිය කලේ.
    ඒ අසලින් එදා ගමන් කරපු ආරාධනයකින් තොරව එකවිටම මැදිවිය ඉක්මවු කලු ඇගපත මනාව වැඩුනු පුද්ගලයකු සාදය‍ට පැමිණි අතර කුමරිය මේ හැඩරුව පවසමින් ඒ බව ගෝඨයිම්බරයා පැවසු අතර කියු හැඩරුව අනුව එකවිටම ඔහු හදුනා ගත් ගෝඨයිම්බරයා ඔහුව පිලිගෙන සංග්‍රහ කරන ලෙස සෝනා කුමරියට අණ කලා.
    ඒ වෙන කිසිවකු ‍නොව නම ඇසු පමණින් බොහෝ දෙනා බිය සලිත වන රිටිගල ජයසේනය.රිටිගල ජයසේන යනු ගැමුණු කුමරුන්ට ජය පතා යක්ෂ සේනාව මෙහෙය වු ඇතුන් 10 ශක්තිය ඇති සේනාධිපති තුමායි.‍‍
    ගෝඨයිම්බර ‍සෙනවිත් මේ ජයසේනට සාදයේ හොද හැටි කෑම බීම දී සැලකු අතර මධුවිතෙහි ප්‍රමාණය වැඩි වු විටම සියල්ල අමතක වු ජයසේන එකවිටම සිතට ආ අදහසකට සෝනා කුමරිය වැලද ගත්තේය. එකවරම මෙය දුටු ‍ගෝඨයිම්බර සෙනවියාට තරු විසිවුනු අතර ජයසේනට අසැබි වචනයෙන් බැන වදිමින් තම නිවසින් යන ලෙස තර්ජනය කරන ලදි.
    රිටිගල ජයසේන ඉතා ලැජ්ජාවට පත් වුනු අතර තරහත් සමඟම ගෝඨයිම්බරයා තමාට කිසිම අභියෝගයක් නැති බවත් සතියකින් තම්මැන්නා සුසාන භුමියේ දී හැකි නම් ද්වන්ධ සටනකට එන ලෙසත් උත්සව සභාවේදීම ඉතා සැරවැරයෙන් කියා සිටි අතර ‍ ගෝඨයිම්බර ‍සෙනවිත් බිමතින්ම ජයසේන තමාට කිසිදු අභියෝගයක් නොමැති බවත් කඩුවකින් නොව තමාගේ වම් පයේ සුලැගිල්ලෙන් ජයසේනගේ හිස ගසා දමන බවත් මහ හඩින් උත්සව සභාව මධ්‍යයේ බහින් බස් විය.
    මේ ආරංචිය දැනගත් ගැමුණු රජු වහාම මේ සටන නවත්වා දමන ලෙස අණ කලත් තම අභිමානය තමන්ට සිදුවු ලජ්ජාව මකා ගැනීමට අනිවාර්යයෙන් මේ සටන පැවතිය යුතු බව දෙදෙනාම පවසා ඇත.
    සටනට දිනය පැමිණි අතර සටනට පෙර දා හොදින් මත්පැන් බී සටන දාත් දවල් වන තුරු නිදමින් සිටි ගෝඨයිම්බරයාට එකපාරම තම අභියෝග කල සටන මතක් වු අතර කෑම බීමද අමතකව ඇද සිටි සළුව තදින් ගැ‍ට ගසා උතුරු සළුව හිසේ ජටාවක් ලෙස බැදගෙන සොහොන් බිමට දිව යන්නට විය.
    ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නායකයක් පැලද සිටිමින් මනාව සටනට සුදානම් වී සිට අතර ඔහු හතර රියන් උස පුද්ගලයකු වු අතර ගෝඨායිම්බරයා ඉන් හරියටම අඩක් උස විය.
    ගෝඨයිම්බරයාගේ සහායට සටන නැරඹීමට පැමිණි අය මෙය දුටු සැනින් ම බෝහෝම දුකට පත්වුයේ ගෝඨයිම්බරයා පරාද වේවි යන හැගීම බොහෝම දෙනාගේ සිතට ආ නිසාය.
    තම මිතුරාට ආචාර කල ගෝඨයිම්බර සටනට පිවිසිය. ආචාර කිරීමත් සමඟම හිස ඔසවා සතුරා හෙවත් ජයසේනයාගේ මුහුණ බැලු ගෝඨයිම්බර ඇසිපිය ගහන සැනින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම් ප‍යෙන් දැඩි පහරක් එල්ල කලේය.
    එක විටම අන්ද මන්ද වු ජයසේනට තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කදින් වෙන්වී රිටිගල පැත්තේ කරඔ ගසක රැදී ඇත.
    (අද එම ස්ථානය ඔළුකරදන නම් වේ)
    මෙය එක විටම දුටු, දැනුන සෙනසුරු දෙවියන් කලබල විම නිසා කල් යල් බලා මනාව වැඩකරන සිරිතද අමතකව ගොස් වහා පැමිණ එවේලෙහි සොයා ගත් වලසකුගේ හිසක් ගෙනවිත් ජයසේනයාගේ හිස නැති සිරුරට දිවි බේරා ගැනීම සඳහා සවි කරන ලදි.
    (එම වලසා සොයා ගත්තායයි පැවසෙන්නේ ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය අසල පිහිටි සෙනසුරු කෝවිල් භුමියෙන් ලු)
    හැම විටම සිතා මතා වැඩකරන සෙනසුරු දෙවියන්ට කලබලයට ජයසේනයාට වලස් හිස සවිකර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසය.
    (පහතරට මහසෝන් නැටුමේදී ද හිස පලදිනු ලබන්නේ පිටුපසටය)
    එලෙස නැවත පන ලැබු ජයසේන එදා සිට රියන් 81 ක් උස ඇස් 03 හා අත් 04 ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත්විය. මොහුට අවතාර 05 ක් ඇති බවද සදහන් වේ.
    එනම්,
    එළුවකු වාහනයක් කරගත් “ලේ සොහෝන් යක්ෂයා”
    මුවකු වාහනයක් කරගත් “අමු සොහොන් යක්ෂයා”
    අශ්වයා වාහනය කරගත් “ජය සොහොන් යක්ෂයා”
    බැටළු වාහනය සහිත “මරු සොහොන් යක්ෂයාද”
    අලියකු පිට යන “ගොළු සොහොන් යක්ෂයාද”
    මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.
    වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට දෙගාත ( මිනිස් හා කුකුළු ) බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත. සුසාන භූමි කදු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත් බුදු අණටද යටත් නොවේ යයි පවසන මහ සෝහෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ.
    රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි අංගම් ශාස්ත්‍රය නැත්නම් අපි අහලා පුරුදු සුදලිය අංගම් පොර පරම්පරාවේ ද උරුමක්කාරයා එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ රිටිගල ජයසේන සේනාධිපතියායි.

    ReplyDelete
    Replies
    1. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නිර්මාණ ඔක්කොම වගේ මම බලල තියෙනවා- වේදිකා නාට්‍යවල ඉඳලම. දුර්වලයි කියල හිතුණෙ නන්නත්තාරේ ටෙලියයි- දුටුගැමුණු ෆිල්ම් එකයි- (සිරස පටන් ගත් කාලයේම විකාශ කෙරුණු) වෙස්මුහුණු (නම ඒක වගෙයි මතක) ටෙලියයි විතරයි.
      ජයන්ත ඉතා හොඳ කතා රචකයෙක්- දැනුමින් පිරිපුන් තොරතුරු ගවේෂකයෙක්.
      මාත් බලාගෙන ඉන්නේ 'රිටිගල ජයසේන' බලන්න!

      Delete
  4. කියෙව්වා. දැන් ඉතිං බලන් හිටපංකො මල්ලි කිව්වෙ මොකක්ද කියලා ලියන කං.🤔

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ලියවෙනවානේ බකුසුතුමෝ! ටිකයි බලාගෙන ඉන්න වෙන්නේ.

      Delete
  5. //ඒත් අවුරුදු හයේ ඉඳලා සිය ගණනාවක් එක්ක එකේකාකාරයේ ලිංගික අත්දැකීම් ලබා තිබෙන එකෙනුත් උකහාගත හැකි අල්ප වූ හෝ යමක් තියෙන්න පුළුවනි නේද?// ඔව් නිදි එහෙම තමයි හැමෝගෙම ජිවිත වල හරි වැරදි තැන් තව කෙනෙකුට පාඩමක්. නිදි අවුරුදු 6ක් කියන්නේ ඉතා කුඩා වයසක්. ලිංගික හැගීම් දැනෙන්න හෝර්මෝන වර්ධනය වෙලා නැහෙනේ.තීන්දු තීරණ ගන්නත් බැහැ . එකයි අපි ඒවා ළමා අපචාර විදිහට සලකන්නේ.අපි එතනින් පටන් ගත්තොත් නිදීට ලිංගික අධ්‍යාපනය කියන දේ විදිමත්ව ලැබුනානම් මේ සහකාරයෝ අඩුම ගණනේ ප්‍රමනාත්මකවත් අඩුවෙයිද? ඉලක්කම් තුනක ගණනක් දැඩි සෞඛ්‍ය සහ සමාජීය ගැටළු ඇතිකරනවනේ.සම ලිංගිකයන් අතර රෝග පැතිරෙන්න ප්‍රදාන හේතුව විෂම ලිංගිකයන්ට වඩා ""රහසිගත විශ්වයක් "" නිර්මාණය කරගන්න තියන පහසුව කියලයි මට හිතෙන්නේ.දැන් අපි ලිංගික අධ්‍යාපනය ගැන වැඩිපුර කියවන නිසා ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. @ නිහඬපාල

      මේ නිව්ස් එක ගැන ඔයාගෙ අදහස කුමක්ද?

      //හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයයේ මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවියක් ඇතුළත් කිරීමට සම්බන්ධ බව කියන ආචාර්යවරයාගේ දුව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එන්.පී.පී.යෙන් ඡන්දය ඉල්ලා ඇතැයි ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් අමිල සඳරුවන් මහතා පැවැසීය.

      කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කී ලේකම්වරයා මෙසේද පැවසීය.

      ‘‘ලිංගික අධ්‍යාපනය කියන එක රටකට අවශ්‍යයයි. නමුත් ඒ සඳහා වන ප්‍රමිතීන් තිබෙනවා. නියාමයන් තිබිය යුතුයි. මොඩියුල සකස් කිරීමට ප්‍රාමාණික වියතුන් සම්බන්ධ කර ගන්න කියලා අපි කිව්වා. දෙමව්පියන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේවට සම්බන්ධ විය යුතුයි. විශ්වවිද්‍යාලවල තියෙන අධ්‍යාපන පීඨ හතරෙන් කිසිම ආචාර්යවරයෙක් සම්බන්ධ කර ගත්තේ නැහැ. මේ ප්‍රතිසංස්කරණ බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් ඒක. මේ ප්‍රශ්න සහගත මොඩියුලය පාසල්වලට යවනකල් කිසිකෙනෙක් දන්නේ නැහැ. සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. ප්‍රශ්නය ඊටත් එහා ගිහිල්ලා තියෙන්නේ.

      ඒ මොඩියුලය සකස් කළ කර්තෘ මණ්ඩලය සහ උපදේශක මණ්ඩලයේ මරු පිරිසක් ඉන්නවා. ඒ උපදේශක මණ්ඩලයේ ඉන්නවා ජාතික අධ්‍යාපන ආයතනයේ එක ආචාර්යවරයෙක්. දැඩි ලෙස දූෂණ චෝදනා ඇති ඔහුට විරුද්ධව විගණන පරීක්ෂණයක් කරලා සාක්ෂි සහිතව වාර්තාවක් පවා තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් නොමැතිව තනතුරු දරලා බරපතල මූල්‍ය වංචාවක් කරලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කරලා තියෙනවා. ඔහු වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවට සම්බන්ධව කටයුතු කරන ජවිපෙ දේශපාලන ක්‍රියාකාරිකයෙක්, ඒ වගේම ඔහුගේ දුව මෙවර එන්.පී.පී. එකෙන් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වුණු කෙනෙක්. මේ තොරතුරු ගැන ආණ්ඩුව වගකියනවාද?

      ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපපන ලේකම්වරයා, අධ්‍යාපන ඇමැතිවරිය තමන්ටම විරුද්ධව ද සී.අයි.ඩී. යන්නේ? ඔවුන්ට මේ ප්‍රශ්නය අපි කිව්වානේ කලින්. ඔවුන් හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනෑ. එන්.පී.පී. එක තමන්ගේ බල ව්‍යාපෘතිය ඇතුළේ මේ කළ වැඩේ වහගන්නේ කොහොමද කියලා අපි අහනවා. ඔය ආචාර්යවරයා ගැන අපි හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා. මෙයාව මේ වැඩේට ගන්න එපා කියලා අපි කිව්වා නමුත් ඇහැව්වේ නැහැ.’’//

      - Lankadeepa

      මේක තමයි තියෙන ප්‍රශ්නය

      Delete
    2. විග්‍රහාත්මක comment එක වෙනුවෙන් ගොඩක් ස්තුතියි නිහඬපාල මහත්තයෝ.

      ඔව්, කුඩා කාලයේදීම ලිංගික අධ්‍යාපනය ලබා දීම ඉතා වැදගත් කියා මම හිතනවා. මගේ දෙවෙනි ලිංගික සහකරුවා; සමරසිරි හා මා සම්බන්ධ වුණේ නොදැන හිටි ලිංගික කරුණක් අහගන්න ගිහින්. ඒ ගැන ලිව්වේ මීට අවුරුදු හයකට කලින්.
      https://nidigepanchathanthare.blogspot.com/2020/03/blog-post.html
      සමරසිරි ඒ වනවිට දැනගෙන හිටි දුර්මතයනුත් මට කියා දුන් හැටිත් මම ලිව්වා.
      https://nidigepanchathanthare.blogspot.com/2020/03/blog-post_13.html

      මටම පුදුමයි, සිය ගණනක් එක්ක (ඉදිරියේදී තව සංඛ්‍යාත්මක හෙළිදරව්වකුත් කරන්න තියෙනවා) සබඳකම් පවත්වලත් මට කිසිම රෝගයක් නොවැළඳුනු එක ගැන. එහෙම වෙන්න ඇත්තෙ වාසනාව හා මගේ තිබුණු යම් යම් සීමාවන් නිසා වෙන්නැති.
      අනෙක අවුරුදු 24 විතර වෙනකොට තජකයට සම්බන්ධ වීම නිසා මේ ක්ෂේත්‍රය ගැන ලැබුණු දැනුම.
      https://nidigepanchathanthare.blogspot.com/2020/02/blog-post_10.html

      Delete
  6. “ස්ටියරින් වීල් එක හසුරවමින්, පාර දිහාවට අවධානය යොමු කරගෙන හිටි මල්ලියා මගේ කීමට ප්‍රතිචාර දැක්වුවෙත් එක වචනෙකින්“ Fantastic කියලද මල්ලි කිව්වෙ? (නිමල් කතාව ලියලා ඉවර කරනකම් ඉන්න ඉවසීම නැතුව මම හැමදාම ජම්ප් ද ගන්ස් 😊).

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල වැඩිය fantastic වචනය භාවිතා වුණේ නැතිව වෙන්නැති කියලයි මං හිතන්නේ, Lotus.

      Delete
  7. “ඒත් අවුරුදු හයේ ඉඳලා සිය ගණනාවක් එක්ක එකේකාකාරයේ ලිංගික අත්දැකීම් ලබා තිබෙන...“ ඒ ඔක්කොම අතරෙ, නිමල් තමන්ගෙ නංගිලා මල්ලිලා වෙනුවෙන් මහන්සි වෙමින් ඔවුන්ව virtually single handedly බලාගත්ත කෙනෙක්; රහසිගත විශ්වයට අමතරව හොඳ scholarly සංවාද කරන්න පුලුවන් යාලුවො සෙට් එකක් ඉන්න කෙනෙක්. ඒ තරම් ලිංගික අත්දැකීම් ලැබුණෙ නිමල්ගෙ තිබ්බ ආකර්ශණීය පෙනුම නිසාද, පවුලෙ වැඩිමලා නිසා දෙමව්පියන්ගෙ ආදරයෙ අඩුවක් නිසාද, පොඩි කාලෙ ඉඳන්ම ස්වාදීන කෙනෙක් වුණු නිසා වැඩියෙන් opportunities ලැබුනු නිසාද.... නිමල් ඇත්තටම හොඳ case study එකක්! නමුත් අපේ සමාජයෙ ඒ වගේ අයව නොහික්මුණු, පව්කාර අය කියලා සලකන ඒත් නැත්නම් තමන් උසස් කියලා පෙන්වන්න ඒ වගේ අය පහත් කරලා සලකන සමාජයක්.

    ReplyDelete
    Replies
    1. අනේ මංදා Lotus, වෙලාවකට මටම පුදුමයි මං ගැන. ඉස්කෝලේ යන්නත් කලින්; අවුරුදු පහ විතර වෙද්දී ආච්චිලට ඇහෙන්න 'ලංකාදීප' පත්තරේ මුල් පිටුවේ උඩ 'හිරු උදාව' සටහනේ ඉඳල අග පිටුවේ 'ටෛම්ස් යන්ත්‍රාලයේ අච්චු ගස්වා ප්‍රසිද්ධ කරන ලදී' දක්වාම කියවපු මට තිබ්බෙත්- තියෙන්නෙත් පුදුම දැනුම් පිපාසයක්.
      ඒ වගේමයි- විවිධත්වයට තිබ්බ කැමැත්තත්.
      මමම කලින් ලියා තියෙන විදිහට, අපේ අම්මගෙන් උරුම වුණු මගේ අහිංසක පෙනුමත්- මගේ නාසික්‍ය කටහඬත්- හාවභාව ලීලාවනුත් හේතු වෙන්න ඇති ලිංගික සහකරුවන් ආකර්ෂණය වෙන්න.
      අනෙක ඒ කාලේ ගැහැනු ළමුන්ට ගෙවල්වලින් නිදහසක් දුන්නෙම නැති තරම්. ඒ වගේමයි; පිරිමි විවාහ වුණේ අවුරුදු විසිපහක් විතර වෙද්දී. ඉතිං එහෙම සගයන්ගෙන් වෙන්න ඇති- මට වැඩිම ඉල්ලුමක් තිබුණේ....

      Delete
    2. ... ඒ දේවල් සේරම වගේ කැටි වුණු අවස්ථාවක් තමයි 'වැල්ලවත්ත රෙදි මෝල ළඟට ගිහින් ඉන්දදී වුණේ. '...මේ රෙදි මෝලේ අපිට පිටින් යන කවුරුවත් නෑ මල්ලී.... අපෙන් මොනවත් හංගන්නත් බෑ. හරීඊඊඊඊ? ඔයා එන්නකෝ වැඩට... මෝලට වැඩිය වැඩ තියෙයි ඔයාට...' කියලා ඒකෙ වැඩ කරන තරුණ ගැටවු කිව්වේ.
      https://nidigepanchathanthare.blogspot.com/2022/01/blog-post_18.html
      ...

      Delete
    3. ... මේ කරුණුත් මම වරින් වර ලිව්වා.
      අපේ අම්මත් තාත්තාත් දෙන්නාම ලොකු දරු හැවිකාරයක් තිබුණු අය නොවේ.
      පවුලේ වැඩිමලා ලෙස මට ඔවුන්ගෙන් ලැබුණු ආදරයට වඩා බෙහෙවින් අඩු ආදරයකි අනෙක් නව දෙනාටම ලැබුණේ.
      අඩුම තරමින් එයාලා අපිව වැළඳගත් -සිපගත් අවස්ථාවන්වත් මට නම් මතක නැත.
      ස්වාධීන වීම- ඍජු ගති ඇතිවීම- සත්‍යවාදී වීම- නිරහංකාර වීම- යුතුකම් ඉටු කිරීම වගේ ගතිගුණ නං මට ඇති කෙරෙව්වේ තාත්තයි- එයාගේ අම්මා මහරගම ආච්චියි.
      ඔය ඔක්කොමත් අස්සේ මං 'රහසිගත විශ්වයකුත්' පවත්වාගෙන ගිය හැටියි මටම පුදුම.

      Delete
    4. ඒ වගේමයි Lotus, මගේ තියෙන මොකක්දෝ වාසනා මහිමයකුත්; පොඩි උදාරම් ගතියක් හා එඩිතර ගතියකුත් නිසා වෙන්නැති, මට නම් (මුහුණටම) ඔයා කියා ඇති පහත් ලෙස හෙලා දැකීම් හෝ අවමන් කිරීම් සිද්ද වෙලා නෑ.
      හැබැයි සමහර බ්ලොග්ස්වලදී නං (තමන්ගේ නමින් පෙනී ඉන්නට බැරි උදවියගෙන්) අපහාස comments ලබා තිබෙනවා.

      Delete
    5. @ Lotus

      ඔබෙන් අහන්න දෙයක් තියෙනවා, ලංකාවේ මේ දිනවල ආණ්ඩුවේ මැති ඇමැතිවරු අගමැතිනියට අපහාස කිරීමක් ගැන මතයක් හදනවා

      නමුත් මමනම් හරිනි අමරසූරිය කාන්තාවක් වීම නිසා ඇය විවේචනය කළ අවස්ථා කිසිවක් දුටුවේ නැහැ.

      නමුත් ජනාධිපති අනුර නිතර දුරකථනයෙන් කතා කරන, ඔහුගේ සමීප මිතුරෙක් බව කියන, රජයේ පොලිස් ආරක්ෂාව හිමි, රජයේ සෑම උත්සවයකම VIP අමුත්තන් ලයිස්තුවේ සිටි සුදත්ත තිලකසිරි නමැති අශිෂ්ඨ මිනිසා, දිල්කා සමන්මලීට සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම අමු තිත්ත කුණුහරුපයෙන් බැන වදිනවා මම ඕනෑ තරම් දැක තිබෙනවා.

      ඔහු දිල්කාගේ දේශපාලනය හෝ තර්කයක් විවේචනය කරනවා නොවෙයි.

      ඇය කාන්තාවක් නිසා , ඇයට රිදෙතැයි ඔහු උපකල්පනය කරන 'ස්ත්‍රීත්වයේ' තැන් වලට පහර දෙනවා.

      මෙතන තර්කයක්, විවේචනයක් නැහැ.

      කුණුහරුප සහ වෛරය පමණයි.

      කොහොමත් දේශපාලන සංවාදයක දී කාන්තාවකගේ තර්ක දරා ගත නොහැකි තැන, ඇතැම් භාග පිරිමි ඇයගේ ස්ත්‍රීත්වයට පහර දෙන්න හදනවා.

      ඒවා ජඩ, අශිෂ්ට වැඩ. ඒවා කරන්නේ ගෑනියෙක්ගේ සංවාදය දරාගන්න බැරි අශිෂ්ට පිරිමි.

      සුදත්ත තිලකසිරි යනු එහෙම අමනයෙක්. පිරිමි භාගයක්. ඔහුට දිල්කා එක්ක සංවාදයෙන් හැප්පෙන්න බැහැ.

      එතැන දී ඔහු දිල්කාගේ ස්ත්‍රීත්වය ඉලක්ක කරනවා.

      දැන් හරිනි වෙනුවෙන් ලිපි අත්සන් කළ උදවිය කියන්න.

      ඔබලා දිල්කා සමන්මලි වෙනුවෙන් ඉදිරියට එන්නේ කවද්ද ?

      එහෙම නැත්නම් දිල්කා සමන්මලීලට මානව හිමිකම්, කාන්තා අයිතිවාසිකම්, භාෂණටේ නිදහස නැත්ද ?

      අනුර සහ ජවිපය අපිට කියන්න.

      මේ සුදත්ත තිලකසිරි ඔබේ මිතුරෙක් ද ?

      තවමත් රජයේ නිල උත්සව වල ඉදිරිපෙළ අසුනක් ඔහුට දෙනවාද ?

      හෙටත් අපේ බදු මුදලින් රජයේ ආරක්ෂාව ඔහුට හිමිද ?

      මාලි මාවට ඡන්දය භාවිතා කරමින් ශිෂ්ඨ දේශපාලන සංස්කෘතියක් පැතූ මිත්‍රයන් අපිට කියන්න.

      ඔබ බලාපොරොත්තු වූයේ මෙවැනි ත්‍රාඩයන්ට VIP සැලකුම් ලැබෙනා රටක් ද?

      Delete
    6. @ Ano 5.09 AM

      මේ රටේ විතරයි ජන්නධිපති අග්‍රාමාත්යවරිය කතානයක තුන් දෙනාම...රටේ මුල් පුරවෑසියන් තුන් දෙනාම බෑදලා නෑති සමරිසි හෑත්තක් ඉන්නේ ලන්කාවේ උන් "හොරා" "හොරා" පචයට රෑවටිලා චන්දේ දුන්න....ලෑජ්ජා නෑද්ද තොපිලාට......මේ යටත් විජිත වාදී වහල් මානසික බටහිර ලිබරල්වාදී බෞද්ද විරෝදී වහල් තුට්ටු දෙකේ උගත්තු .....LTTE ඩයස්පෝරා උන් සහ ජූලී චුන්ග් සතුටු කරන්න කරන වෑඩ

      Delete
    7. නිමල් වැල්ලවත්ත රෙදි මෝල ළඟට ගිහින් ඉන්දදී වුණු සිදුවීම් ගැන විස්තරය මට මතකයි. ලංකාවෙ පහළ මධ්‍යම පංතියේ අය ඒ වගේ හැසිරීම් පෙන්වනවා නේද.

      වැදගත්ම දේ නිමල් කවදාවත් තවත් කෙනෙක්ව abuse නොකරපු එකයි.

      Delete
    8. පහළ මධ්‍යම පන්තියේ අයගෙනුත් නිසි අධ්‍යාපනයක් හෝ හැදියාවක් හෝ නැති අය වෙන්නැති එවන් හැසිරීමක් පෙන්වන්නේ.

      ඔයා සඳහන් කර තිබෙන දෙවෙනි කාරණය ගැන විශේෂයෙන් ස්තුතියි, Lotus.
      එහෙම වෙන්නට ඇත්තෙ මම පැසිව් පාට්නර් කෙනෙක් නිසා වෙන්න ඇති.

      Delete
  8. Replies
    1. ගොඩක් ස්තුතියි ඉයන් මහත්තයෝ.

      Delete
  9. ඔන්න දෙවෙනි වරටත් ආව කියවන්න. අද නම් කියෙව්වා. ඇත්තටම මල්ලි මොනාද කිව්වෙ කියලා දැනගන්න තමයි දැන් ඕනෙ. හරි ඉතින් බලාගෙන ඉමුකෝ.

    ReplyDelete
    Replies
    1. හොඳමායි ලියෝනි නෝනා. ස්තුතියි.

      Delete
  10. ප්ලේ බෝයි සගරාවක් මුලින්ම බැලුවේ දහය පන්තියේදී, සී ඩී ආවේ ඊඉට ගොඩක් පස්සේ...

    ReplyDelete
    Replies
    1. ලලිත් මහත්තයෝ, ඒකටත් එක්ක දැන්.....

      Delete