අකුරු මැකී නෑ

Wednesday, December 31, 2025

හතලිහේදී... විසිහත්වෙනි කොටස

හැබැයි මම නං එයාගෙ මනෝකාය මගේ ළඟට ගෙන්න ගත්තා...අපරාදේ කියන්න බෑ, ඒ මනෝකාය මට ඕනි විදියට- මගේ හිතේ හැටියට මාව සංසිඳුවලයි ආපහු ගියේ!

ඔයා එනකොට හොඳ ෆොටෝ තියෙන සඟරාවල් දෙක-තුනක් ගේන්න පුළුවන්ද?

‘මං වගේ චපල හෝන්තුවක්!’ පහුවදා මට හිතුණා. ඒ නයනානන්ද එවා තිබුණු ලියුම කියවද්දී. ‘Out of sight out of mind’ කියන එක මගේ සම්බන්ධයෙන් නං සහතික ඇත්ත නේද?

මං දෙවෙනි වතාවේ එංගලන්තයට එනකොට අපේ සම්බන්ධය ගොඩක් ශක්තිමත් එකක් කියලයි මං හිතාගෙන උන්නේ. නෑවිත් බැරිකම හිංදා ආවා මිසක්, මාස හයක කෙටි කාල සීමාවකට වුණත් නයනෙගෙන් ඈත් වෙන්න මගේ කිසිම කැමැත්තක් තිබුන්නෑ. ඒ හින්දමයි මං එයාව පොරොන්දු කරවාගෙන ආවේ ‘මගේ හැම ලියුමකටම උත්තරයක් ලියනවා’ කියල. (අපරාදේ කියන්න බෑ, එයා දිගටම එහෙම කළත් එක්ක.) එහෙමත් තියෙද්දී දැන් මගේ හිතෙන් නයනෙව කොච්චර දුරස් වෙලාද?

ඊයෙ හවස ප්‍රසාද් ගැන මවාගත්තු කාමුක හීන දාහක් අතරෙ නන්නත්තාර වෙවී හිටිද්දීවත් මට නයනානන්ද ගැන සංකාවක්වත් සිහි වුණේ නැති හැටි... දැනුයි මට කල්පනා වෙන්නේ.
හැබෑම මනුස්ස ගති සොබාව මේකද? හම්බ වෙච්ච දේවල්වල අගය දැනෙන එක කාලය ගත වෙද්දී ටිකෙන්-ටික අඩු වෙලා යනවද- අලුතෙන් ඇහැ ගිය; අලුතෙන් හම්බ වෙන්න තියෙන දේවල්වල අගය තියෙනවාටත් වඩා වැඩියෙන් දැනෙනවද? ඒ ‘අන්දොස් ධර්මතාව’ අදාළ වෙන්නේ මේ නසරානි නිමල් දිසානායකයාට විතරමද...

‘ඔහොම තමයි යක්ෂයො. මතකයි නේද තමුසෙ උපදිනකොටම උරුම කරගෙන ආව ‘අතිධාවන කාම යෝග’ය. මතක ඇතිනේ-1985 මුල් දවස් 118ට උඹ අලුතින් 16 දෙනෙක් එක්ක පැටලුනු හැටි... මහපොළ දිනපොතේ ලියා තිබ්බ හිංදනෙ තමුසෙට ඒක මතක තිබ්බෙත්. සමහරවිට තමුසෙම ඒ record එක කඩා ගන්නත් ඇති නොදැනුවත්වම...’

එහෙම හිතිවිලි කන්දරාවක් මැද්දේමය, මං නයනෙගේ ලියුම කියෙව්වේ.
මට හොඳටම පාළුයි / නිතරම ඔයාව මතක් වෙනවා- වගේ හැමදාම ලියන දේවල් තමයි නයනේ එදාත් ලියල තිබ්බේ. එයා ලියුම් ලියන්න ඒ තරං හපනෙක් නෙවෙයිනෙ. ඒත් එදා නං නයනානන්ද තව විශේෂ කාරණයකුත් ලියල තිබුණා.

‘නිමා, ඔයා එනකොට හොඳ ෆොටෝ තියෙන සඟරාවල් දෙක-තුනක් ගේන්න පුළුවන්ද. මං කියන්නේ මොන වගේ එව්වද කියල දන්නවා නේද? එංගලන්තේ නං එහෙම සඟරා පත්තර එළිපිටම තියෙනවලු නේද...’

ඒ වගේ පොත්- පත්තර විකුණන්න තියෙනවද කියලා මං හොයල තිබ්බෙ නෑ. උදේම වැඩට යන්නයි, රෑ හතට off වෙලා ආපහු එන්නයි සීමා වෙලා ගෙවෙන ජීවිතේ අරහෙම දේවල් හොයන්න වෙලාවක් තිබ්බෙත් නෑ! කාගෙන් හරි අහගන්නයි වෙන්නේ එව්වා තියෙන තැනක්. කාගෙන්ද අහන්න හොඳ...

අනෙක තමා body shape එක අනුව බැලුව වුණත්...

‘සමහර විට ප්‍රසාද් දන්නවා ඇති! අහන්න ඕනි හෙටම.’ මං හිතා ගත්තා.

‘ඊට කලින් නයනෙට ලියුමක් ලියල හිටපං නිමලෝ. අත්තෙ ඉන්න කුරුල්ලෙක්ව දැක්ක ගමන් අතේ ඉන්න කුරුල්ලව යවාගන්න එපා, මෝඩයෙක් වගේ. අනෙක, තව මාස කීයද තමුසෙට මෙහෙ ඉන්න තියෙන්නේ- ආයේම ලංකාවට යන එකනෙ.’

තදින්ම දත්මිටි කාගෙනයි මං වහන්සේ නයනෙට ලියුමක් ලියන්න පටන් ගත්තේ. ඒත් එදා නං ඒක වෙනද තරං ලේසි වැඩක් වුණේ නෑ. ප්‍රසාද් සැරෙන්-සැරේ එතෙන්ට එබෙන්න ගත්තා... ඒ හාදයා විතරක් නං මදැයි. බන්ටි... අමන් එහෙමත්... එතැනට එමින්-යමින් මට බාධා කරන්න පටන් ගත්තනෙ.
කොහෙ ඉඳලද බොලේ බන්ටි එතැනට කඩා පාත් වුණේ? මං එයාව දැක්කෙත් අදයි.
අනෙක තමා body shape එක අනුව බැලුව වුණත් බන්ටි මගේ හිත කාමුකව ඇදගන්න type එකේ හාදයෙකු නොවෙච්ච එක.  ඔන්න අමන් නං...

ඊට පහුවදා උදේ මං ඇහැරුණේ වැඩට නොගිහිං බැරි නිසාමයි.
කලින් දවසේ රෑ මැදක් වුණා- ලියුම ලියල ඉවර වෙද්දී. ඊට පස්සේ අර හාදයනුත් උන්නු එක-එක පන්නෙ හීන කෝටියක් විතර දැක-දැක හිටි නිසා සුවදායක නින්දක් නෙවෙයි නිදිට හම්බ වුණේ. එහෙම වුණාම ඉතිං උදේට නැඟිටින්න හිතෙන්නෑ නේන්නං, කෙඩෙත්තු ගතිය නිසා.

ඒත් වැඩට ගියා. හවස තේ වෙලාවේ මං ප්‍රසාද්ගෙන් ඇහුවා අර සඟරා ගැන.

“උඹ ඒවා හොයා ගත්තත් එව්වා උඹලගේ රටට ගෙනියන්න හම්බ වෙන එකක් නෑ, නිමල්. ලංකාවෙත් ඔය Erotic සඟරා තහනම් නේද- අපේ රටේ වගේම...”
“මම හිතන්නේ තහනම් ඇති! ඒත් ලංකාවේ සමහර යාළුවො ළඟ එව්වා තියෙනවා ප්‍රසාද්... හොරෙන් ගෙනියපුවා වෙන්නැති.”
“ඉතිං ෆ්‍රෙන්ඩ්, සල්ලි වියදම් කරලා ඔය පොත් අරගෙන-ඊට පස්සේ හංගගෙන ගෙනිහිං එයාර්පෝට් එකේදී අහුවුණොත් අපරාදෙනේ. ඊටත් ඒවා හරි ගණන් නිමල්.”

“උඹ හිතන්නේ මම ඒ පොත් සිය ගණනක් අරගෙන යන්න හදනවයි කියලද? අහුවුණොත් අහුවුණාවේ... මට ඒවා තුන-හතරක් හොයා ගන්න ඕනි, ප්‍රසාද්.”
“අලුත් ඒවා තමයි ගණන්. අපේ කාමරේ ඉන්න එකෙක් හැම මාසෙකම ඔව්වා ගෙනෙනවා ගොඩක් අඩුවට. පරණ පොත් විකුණන තැනකින්ලු කියලයි ඌ කිව්වේ. හිටපංකෝ මම හෙට අහගෙන එන්නං ඒ shops තියෙන තැන.”

ප්‍රසාද් කියූ විදිහටම පසුවදා වැඩට ආවේ ලිපිනයකුත් අරගෙනය.
ඊළඟට මා උදව් ඉල්ලුවේ අපේ බඩා මල්ලියාගෙනි. “මං ඔයාව ඔය එඩ්රස් එකට එක්ක යන්නං ලොකූ... ඒක එක එක ජාතියේ old books විකුණන shops ගොඩක් තියෙන හරියක්. මොන වගේ පොත්ද ලොකූ ඔයා ගන්න හොයන්නේ?”

මම ඒ කුලකයට අයත් කෙනෙක් නොවන්නෙමි.

“ඒ පොත් හොයන්නේ මට නෙවෙයි D. ලංකාවේ යාළුවෙකුට... මෙහෙන් adult magazine දෙක-තුනක් ගේන්නයි කියලා එයා කියනවා. ඒකයි...” දීපාල්ට එහෙම කියද්දී මට කිසිම පැකිළීමක් දැනුණේ නැත. අපේ පවුලේ බාලම සහෝදරයා වුණත් දැන් ඒකා වැඩුණු මිනිසෙකි. එහෙව් කෙනෙකු එක්ක වැඩිහිටි කතාබහක යෙදුණම මක් වේවිද?

හැබැයි... සිරි ලංකාවේ ගොඩාරියක් අම්මලා- තාත්තලා නං ඒ ගණයේ අය නොවේ. තමන්ගේ දුවල-පුතාලා උස් මහත්වී; කඳ බඩ මෝරා; දරු-මල්ලන් ලැබුවාට පස්සෙත්’ දෙමවුපියන්ට ඔවුන්ව පෙනෙන්නේ නොදරුවන් ලෙසිනි!
බොහොමයක් අයියලා- අක්කලාටත් තමන්ගේ බාල සොහොයුරු සොහොයුරියන් හැමදාමත් ‘බාලයන්’ය!!

මම ඒ කුලකයට අයත් කෙනෙක් නොවන්නෙමි.

‘අනේ නිකං හිටපං නිමලෝ! උඹ වුණත් ඒ කාලේ හිතුවේ ඒ විදිහටම නේද...
මතකද 1985 උඹ පළමුවෙනි වතාවෙ එංගලන්තෙට ඇවිත් හිටිද්දී වෙච්ච දේ. එතකොට බඩා මල්ලාට අවුරුදු 15ක්. ‘දීපාල් මැචුවර් වීගෙන එනවා නිමල්... මේ කාලේදීම එයාට
master bating ගැන කියල දෙන එක හොඳයි නේද?’ කියල ඩැඩා උඹට යෝජනා කළා. එතකොට උඹ ගල්බීත වුණේ... බාල සහෝදරයෙකුට කුණුහරුප කියල දෙන්න පුළුවන්ද කියලා හිතුවේ. ‘උඹම කියා දියං’ කියල ඩැඩාට කිව්වේ!’

කිව්ව නේන්නං!
මට එදා දීපාල්ව පෙනුණේ පොඩි එකෙක් හැටියට. එතකොට මිනිහ දැනුමයි අදහසුයි අතින් මෝරලා තිබ්බේ අඩුවෙන් වගෙයි මට දැනුණේ. ඒකයි අරහෙම දෙයක් එයාට කියන්න මම පස්ස ගැහුවේ.
හැබැයි, දැන්... කොල්ලා මුහුකුරා ගිය එකෙක් විදිහට පෙනෙන නිසයි ‘මගේ ගැන ඇත්ත’ත් එයාට කියන්න හිතාගෙන ඉන්නේ.

එදා මගේම හිතට උත්තර දෙද්දීය, ඒ අදහස පැන නැංගේ!
මේ සඟරා හොයන්නට යන ගමනේදී ‘ඒ හෙළිදරව්වත් කරන්නට පොටක් පාදා ගැනීම’ ලෙහෙසිය. මේ posts ලියන්නාගේ ඔළුවට අලුත් අලුත් අයිඩියාස් එන්නේ එහෙමය- උන් හිටි ගමන්ය.

එදා අපේ අම්මා වැඩ අවසන් වී ගෙදර ආවේ ‘රංජි’ කියාගෙනය. වඩාත් පැහැදිලිව කියන්නේ නං ‘රංජි කියා කෑ ගසාගෙන’ය. ඒ කෑ ගැසීමෙන් බිම් මාලයේ හිටි හැමෝම කලබල වූහ. වැඩියත්ම ඩැඩා...

“Why... what happened Leelaa? What...”
“Don’t worry Cecil... I meet very old friend...”
“That is wrong Leelaa. Not meet... Met- met. You met someone... Isn’t it.” ඊළඟට ඩැඩා අපේ අම්මගෙන් ඇහුවේ ‘පැරණි හඳුනන කෙනෙකු මුණ ගැසීම බෙරිහන් දී කියන්නට තරම් දෙයක්ද?’ කියලයි.

හොඳ නරක කොහොම වෙතත් අපේ ඉරණම තව කී දෙනෙකුගේ ඉරණම හා බැඳී තිබෙනවාද...

“OK, ok.” අම්මා කිව්වේ කේන්තියෙන්. “මෙයා මට ඉංග්‍රීසි උගන්නන්න හදනවා. මම මේ තකහනියක් කියන්න ආපු දේත් නවත්තලා... You don't know her, Cecil. උඹට මේ කතාවෙන් වැඩක් නෑ. But රංජි එයාව දන්නවා.” අම්මා ඒ ටික කිව්ව tone එක ඕනෑම මෝඩයෙකුට වුණත් තේරුම් යන තරම්.
‘කට වහගනිං!’ තානය නොදන්නෙ කවුද?

ඒක හරියටම තේරුම් ගත්තු ඩැඩා මොකුත් නොකියා නිස්සද්ද වුණා.

“රංජිට මතකයිද හෝමාගම නන්දනී... ඔයාගේ බතික් වැඩවලට ඉස්සෙල්ලම ආව ගෑනු ළමයා. අර කොණ්ඩේ කොට්ට කපල හිටිය ගෑනු ළමයා... එයාගේ අක්කව හම්බ වුණානේ අද.”
“එයත් එංගලන්තෙට ඇවිත්ද?”

“මං ඔයාලට ලියල එව්වේ නැද්ද ඒ ගැන... තිරීස් මිසී මුලින්ම එංගලන්තෙට එක්කගෙන එන්න හැදුවේ මාවනෙ. කොහෙද, ඔයාලගේ තාත්තා එපැයි කිව්වනේ. ඊළඟට තිරීස් මිසී හිතාගෙන හිටියෙ එයා ආපහු මෙහාට එද්දී සිරියාවතීව එක්කං එන්න. ඒකිගේ ඔළුව ඉදිමිලා ඉගිල්ලෙන්න ගිහිං වෙච්ච ජංජාලේ මතකයිනේ. ඒකිට තිරීස් මිසී තෑගි දීල තිබ්බ ඒවත් හොරෙන් ගෙනල්ලයි කිය-කියා ලොකු ජල්ලියක් ඇල්ලුවේ...
ඊට පස්සේ ඔය නන්දනීල අක්කව තමයි මම තිරීස් මිසීට පංගාඩම් කරලා දුන්නේ. ඒ අම්මණ්ඩි මෙහාට ඇවිත් මාස ගාණකින්ම නාකි සුද්දෙක්ව කසාද බැඳගෙන...”

‘අම්මත් කළේ එහෙමමනෙ.’ කියල කියන්නට හිතුණා වුණත් අන්තිම තත්පරයේදී බ්‍රේක් ගැසුවෙමි. එහෙම නොකළා නං කතන්දරයේ ඉතිරි හරිය අසා ගන්නට නොහැකි වෙනවා සිකුරුය.

“ඊට පස්සෙද තිරීස් මිසී තව පාරක් අම්මට කතා කළේ? අම්මගෙත් ඉරණමේ ලියවිලා තියෙන්න ඇති මෙහෙම! ඉතිං, ඉතිං...”
“ඒ වුණාට රංජි- නන්දනීල අක්කත් මහ කෙළෙහිගුණයක් නැති ගෑනියෙක්... එහෙන් ගියාට පස්සේ ගෑනි එක දවසක්වත් තිරීස් මිසීව බලන්න ඇවිත් නෑ. ඒ තියා එක ටෙලිෆෝන් කෝල් එකක්වත් දීලත් නෑ...”

“එහෙම අම්මණ්ඩියෙක්ව හම්බ වෙච්ච එකද අම්ම මේ කෑ ගහගෙන; උඩ දාගෙන කියන්න ආවේ....” මට කියැවුණේ කේන්තියෙන්.

“මාත් එයාව දැක්කම මඟ ඇරලා යන්න තමයි හැදුවේ... ගෑනිම තමයි ළඟට දුවගෙන ඇවිත් කතා කළේ. මං කරපු උදව්ව නොවෙයි නං එයත් තවම ලංකාවේ දහදුක් විඳිනවා තමයි කිව්වා. අපිව අමතක කරපු එකට සමා වෙන්නයි කියලත් කිව්වා. ඔයා ගැනත් හාර-හාරා විස්තර ඇහුවා.
කොච්චර එකක්ද රංජි- දැන් හරි එයාලට තේරිලා තියෙන එක- මම කරපු හොඳේ...”

හොඳ නරක කොහොම වෙතත් අපේ ඉරණම හා අපේ කෙරුවාවල් තව කී දෙනෙකුගේ ඉරණම හා බැඳී තිබෙනවාද යන්නය- එවෙලේ මට කල්පනා වුණේ...

එයාලත් එක්ක ගිහිං හො..ඳ..ට නත්තල එන්ජෝයි කරලා එන්නනෙ තියෙන්නේ!

අපේ ඉරණම තීරණය කරන හෝ මෙහෙයවන යම්කිසි තීරක බලයක් මෙලොව තියෙනවාද? නැතිනම් මේ විශ්වයේ- මේ මන්දාකිනියේ...  

“ළඟදිම දවසක බෝඩිමේ- මගේ කාමරේ ඉන්න දෙන්නා නැති වෙන දවසක් එන්නයි යන්නේ...  උන් දෙන්නගෙ රටෙන්ම  ආපු යාළුවෙක්ගේ දිහා යනවලු නත්තලට. මටත් අඬගැහුවා යමුයි කියලා...” විශේෂ සිද්දියක් නොවී ගෙවුණු දවස් කිහිපයකට පස්සේ දවසක හවස ප්‍රසාද් මට කිව්වා.
“ඉතිං...”
“මං උන්ට බැහැයි කිව්වා.”
“අප..රා..දෙනේ ප්‍රසාද්... එයාලත් එක්ක ගිහිං හො..ඳ..ට නත්තල එන්ජෝයි කරලා එන්නනෙ තියෙන්නේ.”

“හොඳට enjoy කරන්න හිතාගෙන තමයි මම ඒ ගමන නොගිහිං නවතින්නෙ.” ප්‍රසාද් හෙමිහිට කිව්වේ ඉඟි මරමින්. “එදාට උඹ එහෙට එනවා නේද?”
“එදාට?”
“අනේ... ප්ලීස් නිමල්...”
“නත්තල් දවසට නං මට එන්න විදිහක් නැති වෙයි ප්‍රසාද්. නංගිලාගේ ගෙදර යන්න වෙයි වගේ.”

“ඒ ගියත් හවසකට නේද උඹලා යන්නෙ... උඹ දවල්ට ෆ්‍රීනෙ.”
ප්‍රසාද් පෙන්නුවේ තද උනන්දුවකි. (ඒ උනන්දුව දෙවෙනි වුණේ මා දොළොස්වෙනි වියේ පසුවෙද්දී මාව එයාලාගේ ගෙදර එක්කරගෙන යන්නට
පියසිරි දැක්වූ උනන්දුවට විතරකියි මට සිතිණි.)

ඒ දෙවතාවේම රහසිගත තැනෙකදී ඔවුන් හා තනි වෙන්නට තිබුණු මගේ දැඩි ආසාවත්- තද උනන්දුවත් ඔවුනට නොපෙන්වා සිටීමට තරම් මම සටකපට වූයෙමි.

“තව දවස් තියෙනවනේ ප්‍රසාද්. නත්තලට තව වැඩි දවසක් නැහැනේ. එතකොට නිදහස් දවසක් ලැබුණාම බලමුකො... එතකං ඉවසමු.”
“උඹ නං කියයි. ම.ම..නෙ දන්නෙ ඉවසං ඉන්න එකේ තියෙන අමාරුව... කොහෙද? ඉස්සර තරං උඹ එක්ක කතා කරන්නවත් හම්බ වෙනවයැ දැන්...” ඒ හාදයා ඉතිරි හරිය කිව්වේ දත්මිටි කන ගමන්ය. “අර මූ..සල බමුණු බන්ටියා උඹේ ළඟට රිංගගෙනනෙ...”

ඉතිරි හරිය ඉතා ඉක්මනින්...

2026 ඔබ සැමට වාසනාවන්ත වසරක් වේවා!

24 comments:

  1. ඔබටත් නිරෝගී සුව පිරි සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ජය සැප සතුට සපිරි, නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා!

      Delete
  2. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ජය සැප සතුට සපිරි, නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා!

      Delete
  3. සුබ නව වසරක් වේවා! - X2

    ReplyDelete
    Replies
    1. ජය සැප සතුට සපිරි, නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා!

      Delete
  4. සුබ නව වසරක් වේවා! - X

    ReplyDelete
    Replies
    1. ජය සැප සතුට සපිරි, නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා!

      Delete
  5. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ජය සැප සතුට සපිරි, නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා!

      Delete
  6. Replies
    1. ජය සැප සතුට සපිරි, නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා!

      Delete
  7. සුබ නව වසරක් වේවා නිමල් අංකල්

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ජය සැප සතුට සපිරි, නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා!

      Delete
  8. "තදින්ම දත්මිටි කාගෙනයි මං වහන්සේ නයනෙට ලියුමක් ලියන්න පටන් ගත්තේ" නයනානන්ද මේ බ්ලොග් එක දැන් කියවනවනම් මේවා කියවද්දි හිනා යනවා ඇතිද (නැත්නම් වහ කන්න හිතෙනවද දන්නෙත් නෑ 😉).

    "මේ සඟරා හොයන්නට යන ගමනේදී ‘ඒ හෙළිදරව්වත් කරන්නට පොටක් පාදා ගැනීම’ ලෙහෙසිය". දීපාල්ට ඒ හෙළිදරව්ව කරන එකත් සෑහෙන රසවත් කොටසක් වෙයි එහෙනම්. නිමල් අර රතු පාටින් ලියලා තියෙන වචනෙ ස්පෙලින්ග් නම් වැරදියි මම දන්න හැටියට.

    "නත්තලට තව වැඩි දවසක් නැහැනේ". ඒ කියන්නෙ ඔය කාලෙ නිමල් කළුවරේම ගෙදරින් ගිහින්, වැඩ ඉවර වෙලා කළුවරේම ආපහු එනවා ඇති නේ.

    ReplyDelete
    Replies
    1. නයනානන්ද බ්ලොග්ස් කියවන්නේ නැති නිසා මට ලේසියි, Lotus.

      මං ලියද්දී හැකිතාක් නිවැරදිව ලියන්නට උපරිමයෙන්ම වෙහෙසෙනවා. ඒ රතුපාටින් තියෙන වචනසේ ස්පෙලින්ග්තුත් පිරික්සුවා. mastur bating වශයෙන් බහුලව යෙදෙන බව මිස අනෙක වැරදියි කියල නොතිබුණු නිසා එහෙමම තියෙන්න ඇරිය, Lotus.
      https://www.google.com/search?q=mster+bating&rlz=1C1CHBF_enLK1102LK1102&oq=mster+bating+&gs_lcrp=EgZjaHJvbWUyBggAEEUYOdIBCjIzODEyajBqMTWoAgiwAgHxBRhxeN9TXTLk8QUYcXjfU10y5A&sourceid=chrome&ie=UTF-8
      ඔයා ඒකත් දැකල -අල්ලා ගත්තටත්, ඒක කිව්වටත් ගොඩක් ස්තුතියි.

      හරියට හරි. ඒ කාලෙට එහාට හිරු එළිය වැටෙන්නේ උදේ දහයේ විතර ඉඳල හවස තුන විතර වෙනකල්නේ.

      Delete
  9. "අනෙක තමා body shape එක අනුව බැලුව වුණත් බන්ටි මගේ හිත කාමුකව ඇදගන්න type එකේ හාදයෙකු නොවෙච්ච එක". අනිත් කෙනාගෙ confidence, intelligence වගේ දේටත් අපි attract වෙන නිසා body shape එක අදාළ නොවෙන අවස්තා ඕනෙ තරම් ඇති. ඒ වගේම සාමාන්‍ය සම්මත ලස්සනක් හෝ physique එකක් නැති වුණත්, බලන විදිහ, හිනා වෙන විදිහ අකර්ශණීය අය කොච්චර ඉන්නවද.

    ReplyDelete
  10. Playboy සඟරාව පටන් ගත්ත හියු හෙෆ්නර් ගේ කතාව තියෙනවා Amazon Prime වල .. ඔහුට ඒ වගේ සඟරාවක් පටන් ගන්න හිතෙන්නේ ඔහුගේ මව සහ පියා අතර ආදරය හැඟීම් වලින් සහ ක්‍රියාවෙන් පෙන්වීමට තිබ්බ නොහැකියාව නිසා කියන එක "inability to show love in an emotional and physical way" ඔහු කියනවා . ඒක නිසා ඔහු ෆැන්ටසියක් විදියට ඒක මිනිස්සුන්ට දෙන්න ක්‍රමයක් හදනවා ..

    ඔහු ඉපදෙන්නේ 1926, දැන් 2026, අවුරුදු 100කට පස්සෙත් අපි තාම සමහර දේවල් ගැන හිතන්නේ කොච්චර පසුගාමී විදියටද ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා නීදී

    ReplyDelete
    Replies
    1. ෂා, අහල නොතිබ්බ විස්තරයක් පැතුම්. කිව්වට බොහොම ස්තුතියි.
      ඇත්තයි- අපේ චින්තන රටාව තව ගොඩක් පුළුල් විය යුතුමයි.

      ඔයාටත් ජය සැප සතුට සපිරි, නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා!

      Delete
    2. https://chandimagomes.blogspot.com/2026/01/blog-post.html

      Delete
    3. ගොඩක් ස්තුතියි බස්සෝ.
      ඔයා එවූ link ඒකට ගිහින් ආවේ කවියකුත් ලියලා.

      මෙතැනදි තවත් කරුණක් ඇත හරි වැදගත්
      වත්සලතාව පැටලෙනවද love එක්කත්
      හැකි නම් ලියනවද චන්දිම ඒ කරුණත්
      ඉක්මන් දික්කසාදෙට පාරකි ඒකත්

      Delete
  11. ලිපියෙන් කොටසක් කියෙව්වා. මට උතුර දකුනත් පැටලුනාද මන්ද?? කොහොම උනත් ඉතින් දෙයක් බාගෙට කියවලා හරියකට තෙරුම් ගන්න බෑනේ. මම නිවාඩුව එන්නම් කෝ ටිකක් නිවීසැනසිල්ලේ මේ ලිපිය කියවන්න්.

    ReplyDelete
    Replies
    1. විවේකීව ඇවිත් කියවන්න කියලා ඕන්න මාත් ලියෝනිට ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා!

      Delete