අකුරු මැකී නෑ

Friday, February 6, 2026

හතලිහේදී... තිස්තුන්වෙනි කොටස

“චූටි නංගි, ඔය ඇති... අම්මත් කට වහගත්ත නං ඉවරයිනෙ අම්මේ. මම දීපාල්වත් අල්ලාගෙන හෙට අනිද්දා දවසක නත්තල් ගහයි ගෙදරයි සරසලා දෙන්නං...”

අහා! Now you are talking!

ඒ රණ්ඩුව එතැනින්ම ඉවර වුණා. අපේ ගෙදර නං ඇතිවෙන හුඟක් රණ්ඩු-දබර ලේසියෙන්ම විසඳා ගන්න පුළුවන් කාරණා නිසයි ඇති වෙන්නේ.
ගිය සතියේ පළ වුණු ‘හතලිහේදී 32 කොටස’ට comment එකක් එවමින් කොළඹ ගමයා සහ ඇනෝ ගමයා යන බ්ලොග් අඩවි දෙකක්ම පවත්වාගෙන යන අජිත් ධර්ම සහෘදයා මෙහෙම කියල තිබුණා.

‘ළමයි පොඩි කාලේ ඉඳන් අපේ ගෙදර නත්තල් ගහ වයිෆ් හදනව. දැන් එයාලට අවුරුදු 20 පැනල. ඒත් බිරින්දෑ ඒක කරනවා. එතැන තියෙන්නේ ආගම නෙමේ නිදි. පවුලේ එකමුතුව, අපි හැමෝම එකිනෙකාට තෑගි දෙන එක. එකිනෙකා අගයන එක වගේ දේ. නත්තල කොහොමත් ක්‍රිස්තියානියට ඈඳ ගත්ත එකක්. වෙසක් එක වුනත් ඒ වගේ කියලයි මට හිතෙන්නේ. නත්තල් ගහට අපේ ගෙදර ඇත්ත ගස් ගේන්නේ. ප්ලාස්ටික් ගේන්නේ නැහැ.’

නත්තල ගැන මගේ අදහස නං ‘මල් පැලේ උපන් පන්සලේ පියතුමා’ වුණු මර්සලීන් ජයකොඩි පියතුමාගේ අදහසට සමානයි. උන්වහන්සේ වරෙක මෙහෙම ලියල තියෙනවත් එක්ක.

   ‘මගෙ නත්තල දුගියා බත් කන         දාය
   මගෙ නත්තල වැරහැලි නැති වන     දාය
   මගෙ නත්තල ඔබෙ අත සැනසෙන දාය
   මගෙ නත්තල පව පල්ලිය යන         දාය’

දැන් නං නත්තල, වෙසක් උළෙල, ‘මව්වරුන්ගේ දිනය’, ‘පියවරුන්ගේ දිනය’ වගේම ‘ආදරවන්තයන්ගේ දිනයත් එහෙම පිටින්ම වෙළෙන්දන්ගේ ග්‍රහණයට ලක් වෙලා තියෙන්නේ. ඒවා ඔක්කොම ඇති-පැති අයට සමරන්න හැකි විදිහයි පෙනෙන්නේ.

ඉතිං අර අජිත් මහත්තයාගේ කමෙන්ටුවට මං උත්තරයක් ලිව්වා- කෙටියෙන්.
“ඒ මදි නිමලෝ!” හිත කියන්න ගත්තා. ඒ මදිවට තවත් උත්තේජක කාරණයක් මතක් කෙරෙව්වා.
“... දැක්ක නේද
‘බකමූණු කතා’ ලියන බකමූණු උන්නැහෙත් කියල තිබිච්ච දේ.”

‘අහා! Now you are talking. 🙏
මෙන්න මේවයි මම දැන ගන්න කැමති විස්තර. ඩඩා ලිවින් ෆෝ ද ඩේ සුද්දා. අම්මා ලෝභද, සකසුරුවම්ද කියන එක සාපේක්ෂයි. ඩඩා සහ අම්ම දෙන්නම ඔබේ පවුලම ගොඩ දාන්න, එයාලට ආවේනික විදිහට දායක වෙලා තියනවා. සුලු වැරදි තියෙන්නත් ඇති, ඒත් දීලා තියෙන්නෙ රජ ගේමක්.

1985
පවුම් 50 කියන්නෙ, අද මුදලින් පවුම් 198 විතර වෙනවා.’

එහෙම commentsවලින් රචකයෙකුට ලැබෙන්නේ ලොකු උත්තේජනයක්. එහෙම උත්තේජනයක් ඇති වුණු වෙලාවක කොච්චර ලිව්වත් වැඩි වෙහෙසක් දැනෙන්නෙත් නැති විත්තිය නොකියා කොහොමෙයි?
ඕන්න ඒ කාරණා තවත් විස්තර ඇතිව...

හොඳ වෙලාවට එයා බේබද්දෙක් නොවුණේ...

එතකොට අපේ අම්මලා හිටියෙ එංගලන්තෙ බව ඇත්ත. ඒත් ඒ දවස්වල අපේ ගෙදර ආර්ථික තත්ත්වය එච්චර හොඳ තැනක නෙවෙයි තිබ්බේ. ඩැඩා රස්සාවලින් විශ්‍රාම අරගෙන හිටියෙ. පෙන්ෂන් එකක් හරි වැඩිහිටි දීමනාවක් හරි එයාට ලැබුණු බව නං දන්නවා. ඒත් ඒ කීයක්ද කියලා අපේ අම්මවත් දැනගෙන හිටියෙ නෑ!

ඩැඩාට ලැබුණු ඒ දීමනාවෙන් සෑහෙන කොටසක් ගියේ එයාගේ සිගරට්වලටයි, කිරිවලටයි, කෝපිවලටයි. හොඳ වෙලාවට එයා බේබද්දෙක් නොවුණේ. ඉතිං එයා බිල්වලටත් ගෙව්වා මට පෙනුණු විදිහට.

අම්මා තමයි වැඩියෙන් හම්බ කළේ. ඒ කාරණාවේදී අම්මා කොයි තරම් උනන්දුවෙන් කරුණු-කාරණා කිරල-මැනල තීන්දු ගත්තද කියල දැන ගන්න මේ කාරණය විතරක්මත් ඇති.

හිමිදිරියේ පට්ට හීතලේ පැය දෙකක් විතර බස් දෙක තුනකට මාරු වෙවී ගිහිං බනාසේ මහත්තයලගේ ගෙදර පැය අටක් වැඩ කරලා, හවසටත් මඟට පැය දෙකක්-දෙකහමාරක් විතර ගත කරලයි අපේ අම්ම හවසට ආපහු ආවේ.
“ඇත්තනේ අම්මේ ඩැඩා කියන කතාව. මඟටම පැය තුන-හතරක් දිය කරන්න වටිනවද ඔය පැය අටක් වැඩ කරන්න?”
“රංජි, ඔයා
ඩැඩාට මේවා කියන්න යන්න එපා. මං එහෙම කරන්නේ ඒ මිනිස්සු මට හොඳට ගෙවන නිසා.”
“එහෙම නං ඉතිං අම්ම මොන එහෙකටද ඩැඩාගෙන් ඔව්වා හංගන්නේ... ඇත්ත කිව්වම ඉවරයිනෙ...” කියලයි මං එතකොට තර්ක කෙරුවේ.

ඩැඩාට ඇත්ත කිව්වොත්ද... හො..ඳ..ට හිටියි. එයා දැන් ගෙදරට වියදම් කරන ටිකත් නවත්තල දායි. සැසිල් එහෙව් මනුස්සයා රංජි.”

එහෙම හොරෙන් උපයා- රහසින් ඉතිරි කරන සල්ලි අම්මා වියදම් කෙරුවේ බොහොම සකසුරුවම්කමින්ය කිව්වොත් ඉන්තේරුවෙන්ම වැරදියි. අම්මා සල්ලි වියදම් කළේ හරිම ඉච්චිකමින්; ලෝබකමින්. කළ යුතුම සමහර වියදම් වුණත් නොකිරීම තමයි අම්මගේ ලොකුම වැරැද්ද.

1985 මම එංගලන්තෙ හිටිද්දී මල්ලියාට කන්නාඩියක් ගන්න වුණා. ඒකට පවුම් පනහක් දෙන්නත් අම්මා පස්ස ගැහුවා. එතකොටත් මල්ලා අවුරුදු 15ක කොල්ලෙක්- මට මතක හැටියට ඒකා එතකොටත් පාසල් යනවා. නමුත් ඉඳහිට odd jobs එහෙමත් කළා තමයි; පත්තර බෙදීම- හිතවතුන්ගේ gardening වගේ. අම්මා මල්ලියට කිව්වේ එහෙම වැඩ කරලා සල්ලි ඉතිරි කරගෙන කන්නාඩි දෙක ගන්න කියලයි.
ඒ වෙලාවේ මං කන්නාඩි දෙක ගන්න පවුම් පනහක් (මල්ලා එපැයි කියද්දීම) එයාට දුන්නා.

එහෙමයි අම්මාගේ සමහර ලෝබකම්!

ඉරිදා lunch එක නං වෙනස් කරන්න අපේ ඩැඩා ඉඩ දුන්නේ නෑ. එයාගෙ නිශේධ බලය පාවිච්චි කළා.

එහෙම ලෝබකමින් ඉතිරි කර ගන්න සල්ලි අම්මා තියා ගත්තේ පිගි බැංකුවල- කොට්ට උරවල- පරණ මේස්වල දාලා ඩැඩාට හොරෙන්.

මම එංගලන්තෙ හිටිය දවස්වල අම්මගේ භාණ්ඩාගාරික තනතුර දරන්න වුණේ මට.
හැමදාම අම්මත් එක්ක වැඩියෙන්ම මත ගැටුම් ඇති කර ගත්තේ මං වුණත්; අම්මාව වැඩියෙන්ම විවේචනය කළේ මං වුණත් අම්ම දැනගෙන උන්නා මං කාටවත්ම වංචාවක් නොකරන විත්තිය. අම්මගේ රූප සොබාව වගේම එයාගේ ඒ ගතිගුණයත් එහෙම පිටින්ම මට පිහිටලා තියෙන බව අම්මා දැනගෙනයි හිටියෙ.

ඒ වගේමයි- හම්බ කරන්නේ කොච්චර චුට්ටක් වුණත් එයින් ශේෂයක් හරි වියදම් නොකර ඉතිරි කරගන්න පුරුද්ද! රහුබැද්දේ විදනේලාගේ ලීලාවතීගෙන් ඒ ගුණාංගයත් මට ඇගේ ජානවලින්ම උරුම වෙලා. ඒ වෙනුවෙන් නං ඔයාට කොච්චර පිං දුන්නත් මදි අම්මේ!

ඔයාලා දන්නවද- එංගලන්තෙත් ගෙවල් හදන්න පුළුවන් වුණා නං අපේ අම්ම ඒකත් කරන්න තිබුණා. ඒත් tax ගෙවන්න වෙයි කියන බයට වෙන්නැති අම්මා එංගලන්තෙදි කිසිම  ආයෝජනයක් කළේ නැත්තේ. ඒවා කළේ ලංකාවේදී. මුලින්ම කළේ මෙහාට එන වාරයක් ගණනේ රත්තරං ආභරණ ගනිපු එක; තව රිදී ඒවා එහෙමත්.
කැතම වැඩේ තමයි කොහාට හරි යද්දී හරීම උජාරුවෙන් එක සැරේ
ඒ සේරම පැළඳගෙන ගිය එක!

දෙවනුව අම්මට ඕනි කළා ඉඩම් හා ගෙවල්...
අම්මා ඉතිරි කරපු සල්ලිවලින් තමයි මගේ
, සුනිල්ගේ, අනිල්ලගෙ, මානෙල්ගේ ගෙවල් හදන්න; ඉඩම් ගන්න එහෙම අම්මා වියදම් කළේ. එතැනදී නං අම්මට ලෝබකම් හිතුණෙ සීමාසහිතව. අම්මාට ගෙවල් - ඉඩම් ගැන තිබ්බේ පුදුම ආසාවක්.

අපේ ගෙවල් හැදුවට පස්සේ තමයි අම්මා කිසිම කමකට නැති ‘කෘත්‍රිම ලොකු මහ ගෙදර’ක් හදන්න පටන් ගත්තේ. ප්‍රෝඩාරාමේ!

ආන්න ඒ වගේ ගතිසොබාවයන් තියෙන අපේ අම්මා අලුතෙන් නත්තල් ගහක් ගන්න සල්ලි වියදම් කළේ නෑ කියලා කියන්නත් ඕනි නැහැනේ.

අපේ ගෙදර වැඩි හරියක් කටයුතු කෙරුණේ මිසිස් ශ්‍රෝඩර්ගෙ මනාපෙට අනුවයි.
හැබැයි- ඉරිදා lunch එක නං වෙනස් කරන්න අපේ
ඩැඩා ඉඩ දුන්නේ නෑ. එයාගෙ නිශේධ බලය පාවිච්චි කළා. “අනෙක් දවස් හයේම උඹලට ඕනි විදිහට ඕනි දෙයක් උයාගෙන කාපල්ලා... Not on Sunday! On Sunday we should have a proper meal!!” කියලා එයා එකහෙළාම කියා සිටියා. “ඒකයි ඉරිදට ඉංග්ලන්ඩ්වල පියෝ British මිනිස්සු ඉන්න හැම ගෙදරකම කෙරෙන්නේ!”

අද අපි ගැන චුට්ටක්වත් ලියන්නේ නැද්ද?

මට හිතෙන්නේ ඒ ‘නියම සුද්දෝ’ කතාව අපේ අම්මට වැදිලා තියෙන විත්තියයි. කීප සැරයක්ම අම්මගෙන් ඒ බව කියැවුණත් එක්ක.

“අද අපි ගැන චුට්ටක්වත් ලියන්නේ නැද්ද?” අමනුයි, බන්ටියි, ප්‍රසාදුයි තුන්දෙනාම එකට එකතු වෙලා මගෙන් අහනව වගෙයි. “... ඔයාට නත්තල් දවසේ කෑම ගැන කියද්දී ලියන්න බැරියැ ඔය Sunday proper meal එක ගැනත්... දැන් අපි ගැනත් ටිකක් ලියලා ඉන්න.”
ඔව්, ඔව්... ඒකත් හොඳ අදහසක් තමා!
ඉරිදා දවල් සම්ප්‍රදායික කෑම වේල ගැන විස්තර නං කලින් වතාවක
මමම ලියලත් තියෙනවනේ...

ඕන්න එහෙනං ඉස්සෙල්ලාම ලියල ඉන්න හදන්නේ බන්ටි ගැන.
මාව එයාලගෙ ගෙදරට කැන්දන් ගියාට පස්සේ- බන්ටි දිගටම මට වද කළේ එයාව අපේ ගෙදරට එක්කගෙන යන්න කියලයි. එයා මොකාටද එන්න හදන්නේ කියලා මටත් තිබ්බේ එසේ-මෙසේ කුතුහලයක් නෙවෙයි! ඉතිං දවසක් මං එයාව අපේ ගෙදරට එක්කගෙන ගියා.

එවෙලේ අපේ ඩැඩාත් හිටියෙ එයාගේ මිනි bar එකේ මොනවාද කරමින්. ඉතිං මුලින්ම මට කරන්න සිද්ද වුණේ බන්ටිව ඩැඩාට ඉන්ට්‍රඩියුස් කරලා දෙන්නයි. එහෙම හඳුන්වලා දුන්නා විතරයි ඩැඩා කරමින් හිටිය වැඩේ නවත්තල බන්ටිව ඉන්ටවිව් කරන්න ගත්තා. බන්ටිත් බොහොම සාර්ථකව; ව්‍යක්ත ලෙසින් කඩුව ලෙළවමින්; උදාරම් විදිහට සන්සුන්ව අපේ ඩැඩාට උත්තර දුන්නා.

එංගලන්තයට කඩා වැදෙන කළු සංක්‍රමණිකයන් ගැන අපේ ඩැඩාට තිබ්බේ එච්චර හොඳ ආකල්පයක් නෙවෙයිනෙ. ආසියානුවන් ගැන වුණත් එහෙමයි. නමුත් ඩැඩා ජෝ වගේ ඉන්දියානුවන්වත් ඇසුරු කරපු බව මං කලින් කිව්වනේ...

ඩැඩාගෙ ප්‍රතිචාරවල විදිහෙන් මට එවෙලේම තේරුණා බන්ටිත් හොඳට score කරගෙන තමයි කියලා. “නිමොල්, ඇයි උඹ මෙයාට තේ එකක්වත් නොදෙන්නේ... නැත්තං මිස්ටර් බන්ටිට මම drink එකක් ඔෆර් කරන්නද?”

“Oh no Daddy, Thanks very much. මං අමද්‍යපිකයෙක්... බ්‍රාහ්මින් කෙනෙක්?”
“Who is Brahmin?” ඩැඩා ඇහුවේ එතකොටයි. දන්නවනේ- වැඩි වෙලාවක් තනිව; හුදෙකලාව ඉන්න වෙච්ච කෙනෙකුගෙ හැටි. එයාලට ඇහුම්කන් දෙන; එයාලත් එක්ක හරි-හරියට සංවාදයක යෙදෙන්න ඇහැකි කෙනෙක්ව හම්බ වුණාම ලේසියෙන් යන්න දෙන්නෙ නැති හැටි!
එවෙලේ බන්ටිටත් වුණේ ඒක වෙන්නැති.

මිනිහත් එයාගේ උත්තම බ්‍රාහ්මණ වංශේ වරුණ කිය-කියා උන්නේ රෑ බෝ වෙන විත්තියක්වත් නොතකමින්. ඒ අතරේ අපේ අම්මත් ගෙදර ආවා; චූටි නංගි දීපානිත් ආවා. ඉක්මනටම බන්ටිව එයාලට හඳුන්නල දුන්නෙත් ඩැඩාමයි. ඒ එයාලගෙ සංවාදය දිගටම කරගෙන යන්න ඕනි නිසා කියලයි මට හිතුණෙ.

ඔය තරං සීක්රට් තැන් හොය හොයා ගිහිල්ල...

සෑහෙන වෙලාවකට පස්සේ බන්ටි ආපහු ගියේ.

ඒ අපේ අම්මත් අනාරාධිතවම සාකච්ඡා මණ්ඩපයට ඇවිත් එහෙන්-මෙහෙන් හොට දාන්න පටන් ගත්තාමයි! ඒකෙන් ඩැඩාල ‘බ්‍රාහ්මණයන්’ ගැන කරමින් උන්නු විද්වත් සංවාදය එහෙම පිටින්ම ‘චොර’ වෙලා ගියා. බන්ටිත් කීප සැරයක්ම අත් ඔරලෝසුවට එබුණා. ඒක ඩැඩාටත් මීටර් වුණා වගෙයි. “උඹට පරක්කු වෙනවත් ඇතිනේ.” එයා කිව්වා.
‘ආයෙමත් වෙලාවක ඇවිත් යන්න’ කියන ආරාධනයත් කෙරුවා. ඒ මදිවට එයා බන්ටිට කියපි ‘මට උඹෙන් තව ගොඩක් දේවල් අහගන්න තියෙනවා.’ කියලත්.

ඒ හාදයා ගෙදරින් ගියාට පස්සේ ඩැඩා ඇහැක් වහලා හෙමින් කියපු දේ ඇහුණාමයි මට තරු පෙනුණේ. “උඹේ සිලෙක්ෂන්ස් නරක නැහැනේ!”
එතකොටයි මට මතක් වුණේ 85 එංගලන්තෙට ආව වෙලාවේ මං ඩැඩාට
ලියපු ‘රහස් හසුන’ ඒ කතාවට ගෑවිලා තියෙන්න ඇති කියලා.

ඊට පහුවදා ඉඳලා බන්ටි අලුත්ම තැටියක් වාදනේ කරන්න පටන් ගත්තා.
"
I have something very personal to discuss with you, friend! It is certainly a very important matter. Let's talk soon, without delay. ඒ වගේමයි නිමල්- ඩිස්ටර්බ් නොවී අපිට දිගටම කතා කරන්න පුළුවන් තැනකදී..."

මොකක්ද යකඩෝ මේ යක්ෂ පැටියට මගෙත් එක්ක කතා කරන්න තියෙන ඒ ගොඩාරියක් පෞද්ගලික කාරණේ? පරක්කු වෙන්නත් බැහැයිලු...
දැන් නං මගේ නොඉවසිල්ලත් හරිම වැඩියි. ‘තෙපර බබා ඉන්නැතුව ඉක්මනින්ම කාරණේ දැන ගත්තා නං ඉවරයිනෙ නිමලෝ’ කියල මගේ හිතත් නොසෑහෙන්න කුයි-කුයි ගානවා.

“මට පෙනෙන විදිහට නං බන්ටි, ඔය තරං සීක්රට් තැන් හොය හොයා ගිහිල්ල කතා කරන්න හිටියොත් කවදාවත් අපිට කතා කරන්න වෙන එකක් නැහැ.”
“I know where to go!”
“කොහෙ තියෙන තැනක්ද මනුස්සයො ඒ?” මං ඇහුවේ හොඳටම හිනා වෙවී.

“ඇයි හිනා වෙන්නේ? මේ කිට්ටුව පුංචි park එකක් තියෙනවා. අපි එහාට යමු නිමල්. එහෙදි අපට පුළුවනි නිදහසේ කතා කරන්න.”
“හැබෑට? හැබැයි කතා කරන්න වෙන්නේ ඔයාටමයි. මට තියෙන්නේ ඉතිං ඔයා කියන දේ අහගෙන ඉන්නනෙ.”
“අහගෙන ඉඳල විතරක් මදි. මම අහන දේවල්වලට ඩිරෙක්ට් ආන්සර්ස් දෙන්නත් වෙයි...”

හරි මනුස්සයෝ... මං බබෙක් නෙවෙයි. මට තේරෙනවා...

“උත්තර නං දෙන්නං- ඇහුවට පස්සේ. ඊට කලින් මට කියපංකො කොහේ තියෙන park එකකටද අපි යන්න හදන්නේ- කවදටද යන්නේ කියලත්...”

“සවුත්හෝල්වලමයි... පොඩි පාර්ක් එකක්. ඔයාට ඉරිදා තුනට විතර එන්න පුළුවනි නං අයිඩියල්!” බන්ටි කීවේ මගේ ප්‍රශ්නවලට උත්තර සූදානං කරගෙන හිටියා වගෙයි.

බන්ටි එන්නේ මොකාටදැයි දැන ගන්නට තිබුණු දැඩි නොඉවසිල්ල නිසාමයි, ඒ සතියේ ඉරිදා සවසම මං වහන්සේ එයාව හම්බ වුණේ. අපි දෙන්නා ගියේ පොඩි උද්‍යානයකට... එතැන ලස්සන වුණත් වැඩිය කවුරුන්වත් ගැවසෙන තැනක් නෙවෙයි වගේ. පල්ලියක වත්තක්වත්ද කියලත් මට හිතුණා. හුදෙකලා ඉසව්වක තිබුණු බැංකුවකයි අපි දෙන්න වාඩි ගත්තෙ.
ඊට පස්සේ... ඊට පස්සේ... බන්ටි කතාව පටන් ගත්තා.

“ෆ්‍රෙන්ඩ්... මං කියන්න යන්නේ නං උඹ හිතන්නෙවත් නැති දෙයක්... ඒක කිව්වම උඹව ෂොක් වෙයිද මංදා! හැබැයි- උඹ මම කියන දේට කැමති වුණත් නැතත් මේක රහසක්... ඔව්. රහසක් විදිහටම...”
“හරි මනුස්සයෝ... මං බබෙක් නෙවෙයි. මට තේරෙනවා... කෙලින්ම කියපංකො කියන්න තියෙන එකක්...”

එතකොටයි බන්ටි මෙහෙම කියමින් කතාවට මුල පිරුවේ.
“නිමල්... උඹ කැමතිද මම උ..ඹේ උඹේ...”
ඉතිරි හරිය ඉතා ඉක්මනින්...

27 comments:

  1. අද කොටස හොඳයි. 👌😁
    ආයෙ පස්සෙ එන්නම් කමෙන්ට් වැටුනාම.

    ReplyDelete
    Replies
    1. කිව්ව විදිහටම ඇවිල්ලනෙ- ගොඩක් ස්තුතියි බකුසුතුමෝ!

      Delete
  2. “මගෙ නත්තල පව පල්ලිය යන දාය“ හරිම ලස්සණ යෙදුමක් නේද. දැන්නම් ඉතින් පංසල්, පල්ලි ඔය හුඟක් තැන්වල වැඩියෙන් ඇත්තෙ පව.

    "අපේ අම්මත් අනාරාධිතවම සාකච්ඡා මණ්ඩපයට ඇවිත් එහෙන්-මෙහෙන් හොට දාන්න පටන් ගත්තාමයි!" ඒක නිකන් මැවිලා පේනවා 😂🤣.

    "අම්මා මල්ලියට කිව්වේ එහෙම වැඩ කරලා සල්ලි ඉතිරි කරගෙන කන්නාඩි දෙක ගන්න කියලයි". බටහිර දෙමව්පියො සාමාන්‍යයෙන් පොඩි අයව encourage කරන්නෙ පාර්ට් ටයිම් ජොබ්ස් කරලා, සල්ලි ඉතුරු කරගෙන තමන්ට ඕනෙ දේ ගන්නනෙ. දීපාල්ට කන්නඩි දෙක ඒ වෙලාවෙ critical need එකක් නොවුණානම්, අම්මා හරි කියලා මට හිතෙන්නෙ.

    බන්ටි ඇහුවෙ නිමල්... උඹ කැමතිද මම උ..ඹේ උඹේ..BIL වෙනවට කියලද. (මට ඉතින් ඉවසිල්ලක් නැතුව හැමදාම නිමල්ගෙ කතාව මැද්දෙන් පනිනවා 😁).

    ReplyDelete
    Replies
    1. Lotus akki, are you single? Mama oyage fwb?

      Delete
    2. මර්සලීන් පියතුමාගේ ගීත රචනා- කවි ගැන වෙනම හොයල බලන්න වටිනවා Lotus.
      අම්ම එහෙම මැද්දට පනින වෙලාවල්වල දර්ශන මගේ ඇස්වල තවම තියෙනවා!
      තුන්වෙනි කාරණයට අදාළව විස්තරයක් පස්සෙ ලියන්නං.
      තව දවස් හයක් ඉවසල ඉන්නකෝ- එතකොට පෙනෙයි කාරණේ!

      Delete
    3. දවස් හයක් ඉවසන්නම වෙනවානේ...😉. නිමල් දැන් ඉස්සර වගේ දවස් තුන හතරෙන් පෝස්ට්ස් දන්නෙත් නෑනෙ 😒

      මට කියන්න බැරි වුණා කලින් පෝස්ට් එකේ මගේ කමෙන්ට් එකට නිමල් දාපු ලින්ක්ස්වලට ස්තුතියි. මම ඒවා බැලුවා. නිමල් වැඩපලට අරන් ගිය ලන්ච් එක හොඳ, ප්‍රොටීන් බහුල කෑම එකක් 👍

      Delete
    4. Lotus, ඉවසීමෙන් සැනසීම ලැබේ කියන කියමන උත්තරයක් විදිහට ලියන්න හිත දෙන්නේ නෑ. ඇයි දන්නවද?
      පුංචි කාලේ ඉරිදා ලංකාදීප පත්තරයේ පළ වුණු 'ලන්දේසි හටන' කියන චිත්‍ර කතාවේ (ලිව්වේ ධර්ම ශ්‍රී කල්දේරා- ඇන්දේ සුසිල් ප්‍රේමරත්න) කොටසක ඔය ආප්තය කියනවා කෙනෙක්. එතකොට තවකෙක් කියනවා 'සැනසීම කෙසේ වෙතත් වැනසීම නං ලැබෙයි' කියල. ඒක මගේ හිතට කොයි තරං වැදුනද කියනවා නං මං ඒ ආප්තෝපදේශය කාටවත් කියන්නේ නෑ! ඒකයි...

      දවස් තුන හතරෙන් පෝස්ට්ස් නොදාන්න හේතු දෙකක් තියෙනවා Lotus.
      1. පාඨකයන් පෝස්ට්ස් කියවන විදිහ- දවස් හයක් හතක් යනතුරු පිවිසුම් ගණන ස්ටඩි කරලා බලලයි ඒ තීරණයට එළඹුණේ.
      2. මගේ ලිවීමේ වේගය දැන් අඩුයි- දැන් දැන් අනෙක් වැඩ කටයුතුත් කර ගන්නේ හෙමිහිට හෙමිහිට නෙව.

      වැඩපළට ගෙනිච්ච කෑම එකේ ප්‍රෝටීන් බහුලකම නෙවෙයි මම නං ඒ දවස්වල හිතුවේ- ඉක්මනට ලේසියෙන්ම හරි ගස්සා ගන්න පුළුවන්කම ගැනයි.

      Linksවලට ගිහින් බැලුවට ගොඩක් ස්තුතියි!

      Delete
    5. වෙලාව අරන් ලියන්න නිමල්. මම ඇහුවෙ නිකමට. වැඩ කරගන්නෙ හිමින් කියලා නිමල් කීප සැරයක්ම ලියලා තිබුණා මතකයි.

      Delete
    6. හෙමින් වැඩ කරන්න වෙලා තියෙන එක නං ඇත්තයි. ඒ වුණත් Lotus, මං හැකිතාක් උත්සාහ ගන්නවා පරක්කු නොවී posts පළ කරන්න.

      Delete
    7. දැන් ටිකකට ඉස්සෙල්ලා post එක පළ කෙරුවා! කියවල බලන්නකො.

      Delete
  3. ++++++++++++++
    //“නිමල්... උඹ කැමතිද මම උ..ඹේ උඹේ...”
    ඉතිරි හරිය ඉතා ඉක්මනින්...//
    කුතුහලය තියලම මේ කොටස ඉවර කරලා.

    ReplyDelete
    Replies
    1. x 2 , දෙගුණය මිස් වෙලා 😃

      Delete
    2. කුතුහල රසය ඉතාම අගනා ආකර්ෂණයක් නෙව නිහඬපාල මහත්තයෝ!

      Delete
    3. අජිත් ධර්ම මහත්තයෝ, දෙගුණය මිස් වුණාට මොකෝ නුහුගුණේ නොහැදී...

      Delete
  4. මම ඔයා කියන එකඟයි නිදි . හුඟක් දේවල් වෙළඳ ප්‍රයෝග වලට ලක් වෙලා . නමුත් එහෙම නැතිව ආර්ථිකයක් පවතින්නේත් නැහැ . නත්තලේ තෑගි දීම ආවේත් ඔයා ලිව්ව විධිහට වැඩ අකරන් අයට උදව් කිරීමක් වශයෙන් නේ . හැබැයි ඉතින් අපි පලු පුළුවන් විධිහට උදව් කරගෙන ජීවත් වෙන්ව නේද ? (අපේ ගෙදරත් සන්ඩේ රෝස්ට් එක පුරුද්දක් වශයෙන් ගෙනියනවා . පවුලේ හතර දෙනා එකට ඉඳගෙන ආහාර ගන්න දවස හැටියට )

    ReplyDelete
    Replies
    1. අද කාලේ ගෙදර කට්ටිය කෑම කන වෙලාවටත් බලන්නේ පිඟාන දිහා නෙවෙයි- TV එක දිහා. නැත්තං මොබයිල් එක දිහා. ඉතිං අරහෙම චාරිත්තරයක් හරි රකින එක කොච්චර එකක්ද පවුලේ සමාජිකයන් එකට එකතු වෙන්න.

      Delete
  5. හොදම කෑල්ල පසුවට .......

    ReplyDelete
    Replies
    1. එතකොටනේ ලලිත් මහත්තයෝ ආදරණීය බ්ලොග් පාඨකයන් ඊළඟ කොටසත් කියවන්න එන්නේ...

      Delete
  6. නිදිලෑ අම්මගෙ ආයෝජන තේරීම් නරක නෑ. රන්, රිදී සහ ඉඩම් සහ ගෙවල්.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත බකුසුතුමෝ. හැබැයි ඒවා එකක්වත් අම්මා යනකොට ගෙනිච්චේ නැහැනේ...

      Delete
    2. අත්ත. ඒත් නිකං හිතන්න, අර අම්මා කිව්ව වගේ ඒ සල්ලි ගැන "ඔරිජිනල් සුද්දට" කිව්ව නං මොකද වෙන්නෙ කියලා? හුරේ කියල පාටි දාලා, තව "ප්‍රොජෙක්ට්" එකකුත් පටන් අරං , ඒ පැත්ත බලල මේ පැත්ත බලන කොට සල්ලි ටික ඉවර කරල දෙයි. හැම විටම අමාරුවෙන් උපයන කෙනා තමයි ඒකෙ අගේ දන්නෙ.

      මට නොතේරෙනව නෙමෙයි, ඔබේ අම්මා ටිකක් අන්තගාමී වුන බව. ඒත් අම්මා ඒවා අරං නොගියට, දූ-දරුවන්ට ඉතුරු කරලා ගිය එක හොඳ නැද්ද?

      Delete
    3. ඔය හරි බකුසුතුමෝ!
      ඩැඩාගෙ හැටි එහෙම තමයි. ඉතිරි කිරීම එයාලගේ සිරිත නෙවෙයි.
      අම්මා ඉතිරි කරපු නිසා තමයි අපි කාගෙත් ගේදොර හැදුණේ. ඒකට අපි හැමෝම අම්මට පිං පමුණුවනවා.

      Delete
  7. කාලෙකට පස්සෙ ඇවිත් බැලුව. හතලිහේදි වෙච්චි දේවල්ම තිස් තුනක් ලියල නොවැ ලොකා. වෙලාවක එන්ඩ ඕන මුල ඉඳං කියවන්ඩ.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි කට්ටකඩුවේ ලොකූ. එන්න එන්න, සේරම කියවන්න එන්නකෝ.

      Delete