'ඔව්මයි ඉයන් මහත්තයෝ, අජිත්ට අපෙන් කිසිම වෙනසක් නොකෙරුණු එක ගැනත්- දේපලවලට තණ්හාවෙන් කාකොටා නොගැනීම ගැනත් මටම පුදුමයි.
හරි
වැඩේ කියන්නේ, ඔයාට මේ උත්තරය ලියන්න
ගන්නකොට හිතේ නොතිබුණු දෙයක් ගැන post එකක්
ලියන්න ඕනිය කියලා මේ දැන් ඔළුවට ආවා. පෝස්ටුවේ නමත් එක්කම- 'ප්‍රෝඩාරාමය'! ඒ ගැන ඔයාට ස්තුතියි ඉයන්
මහත්තයෝ. මේ සීරීස් එකට පස්සේ ඔන්න ඒ පෝස්ටුව ලියනවා...’
මේ
‘ප්‍රෝඩාරාම’ කතන්දරේ එසේ-මෙසේ කතන්දරයක් නෙවෙයි කියලා මුලින්ම කියල ඉන්නංකො. ඒක ලක්ෂ අසූවක් වටිනා
දේපලක් ගැන ‘හිනා කන’ කතන්දරයක්. |
ඒ හින්දමයි ‘ඉයන්ගේ අඩවිය’ ලියන
ඉයන් මහත්තයට වෙච්චි පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ට කරන්න හදන්නේ.
Ian
සහෘදයා ‘තිස් එකේදී 33 කොටස’ට comment එකක් එව්වා, මෙහෙම කියලා.
‘වැඩිය කමෙන්ට් නොකලට මම මේ කථා ඔක්කොම කියවනවා. ඉඩකඩම්වලට තන්හා නොවීම ගොඩක්
දෙනෙක්ට ඔබ කියන වයසෙදි නැහැ. සමහර අයට මැරෙනකන්ම නැහැ. ඒ අතින් නිමල් ගෙ පවුලෙ අය ඒ කාලෙත් පරිණතයි.
අජිත්ව වෙනසක් නොකර පිළිගැනීමත් ඒ වගේ.’
එතකොට
තමයි මං වහන්සේ අර මුලින්ම කියල තියෙන උත්තරය ලිව්වේ.
‘දේපල වලට කා කොටා ගන්නෙ නැති සහෝදර සහෝදරයින්
සිටීම කොච්චර වාසනාවක්ද... අනිත් ප්‍රශ්ණ කොහොම උනත්...’ කියලා අපේ මයියා සහෘදයාත් ප්‍රතිචාර දක්වලා
තිබ්බා; ඒ post එකටම.
එහෙම තණ්හාවක් අපට නොතිබ්බ හින්දාම නේන්නං මේ ලියවෙන කතන්දරේ සහසුද්දෙන්; ගෙඩිය
පිටින්ම ලියන්න ඉඩ ලැබෙන්නේ!!!!!
ඉතිං
රජෝ, අද කියන්න යන මේ ‘ප්‍රෝඩාරාම’ කතන්දරේ එසේ-මෙසේ කතන්දරයක් නෙවෙයි කියලා
මුලින්ම කියල ඉන්නංකො.
ඒක ලක්ෂ අසූවක් වටිනා දේපලක් ගැන ‘හිනා කන’ කතන්දරයක්.
(ලක්ෂ අසූව ගැන නං... ඒක එච්චරම නොවෙන්නත් පුළුවනි, හොඳේ... අපේ අම්ම කියන දේවල්
මම නං පිළිගන්නේ තාර බරත් අඩු කරලයි.) වටිනාකම් හුටප්පරේ චුට්ටක් එහා-මෙහා වුණත්,
ඒ වැඩේ නං මට පෙනෙන්නේ අපේ මව් යානයේ සුපිරි තකතිරුකමක් විදිහටයි.
කතාව හරියටම පැහැදිලි වෙන්න නං, මීට කලින් ලියැවුණු අතුරු විස්තරත් සැරෙන් සැරේ
හිතාදර පාඨක ඔයාලගේ මතකයට නංවන්න වෙනවා.
දන්නව
නෙව, ඔය කතාවට ඈඳුණු ගොඩාරියක් දේවල් දැනටමත් මගෙන් ලියැවිලා තියෙනවා, හොඳේ. ඒ
ලින්කුත් මේ post එකට ඔබන්නේ තමුන්නාසේලගේ විශ්වාසය තවත් තහවුරු කරන්නයි; ඉඩකඩ හා
විවේකය තියෙන නවක පාඨකයන්ට ප්‍රයෝජනවත් වෙන්නයි-යන කාරණා දෙකටම.
අපේ
අම්මා එංගලන්තෙ ඉඳලා එව්ව සල්ලිවලින් බොරලැස්ගමුවේ හන්දියෙන්ම ඉඩම් කෑල්ලක් ගත්තා.
දුර බලලා මං තීරණේ කළානෙ, ඒ ඉඩම කොටස් දෙකකට- සුනිල්ටයි මටයි දෙන්නගේ නම්වලට
ගන්න.
අපි ඒ ඉඩම ගනිද්දීත් ඒකෙ එකට ඈඳුණු කඩ කාමර දෙකක් තිබ්බා.
කඩ
දෙකම හොඳින් කෙරීගෙන යද්දී තමයි, අපේ ලොකු නංගි වස බීලා සියදිවි හානි කර
ගත්තේ. (වමේ සිට සිව්වැන්නී) |
සුනිල් ගෝඨාභය දිසානායක අනෙත් කඩ කාමරය පළතුරු කඩයක් බවට හැරෙව්වා.
කඩ දෙකම හොඳින් කෙරීගෙන යද්දී තමයි, අපේ ලොකු නංගි වස බීලා සියදිවි හානි කර ගත්තේ.
ඊට පස්සේ කඩේ අනිල් මල්ලිට බාර කෙරුණා. එතකොටත් හොඳ බොනපාට් කෙනෙකු වෙලා හිටිය
අන්නා දන්නෙම නැතිව වගේ ‘බොරලැස්ගමුවටම තඩි මෝරෙක්’ වුණු හින්දා, කඩේ බංකොළොත්
වුණා. මිනිහා වෙලා තිබුණු ණය කන්දරාව ගෙවන්න පුළුවන් වුණේ ඒ කඩ කාමරය විකුණලයි!
(කඩය විකුණලා ගත්ත සේරම සල්ලි වැය වුණේත්
ඒ
ණය ගෙවන්නයි!)
පසු
කාලයක සුනිලුත් එයාගේ කඩ කාමරය විකුණුවා. එතකොට එයාල (අපේ අම්මාම අරගෙන දුන්)
බෝකුන්දර ඉඩමක ගෙයක් හදාගෙන පදිංචි වෙලයි හිටියේ.
මාත්
එතකොට දැන් ඉන්න ගෙදර හදාගෙන ඒකෙ deposit වෙලයි උන්නේ.
“අයියේ, අපි හොරණ ඉඩමක් බලන්න යනවා... ඔයත් එනවද?” එක දවසක උදේ මල්ලිකා ටෙලිෆෝන්
එකෙන් ඇහුවා.
“තමුසෙලට තියෙන ඉඩම මදිද තව එකක් බලන්න යන්නෙ? අනික යකඩෝ ඔච්චර ඈතින්?”
“ඈත නිසා තමයි අයියේ ඉඩම් ලාබ. සල්ලි තියාගෙන ඉන්නවට වැඩිය වටිනව ඉඩම් කෑල්ලක්
දෙකක් අරං දාල තිබ්බම. ඉඩම්වල වටිනාකම එන්න එන්නම නඟිනවා අයියේ.”
අපරාදේ
කියන්න බෑ. අපේ (ඔය මැරිච්ච ලොකු නෑනණ්ඩි) මල්ලිකා ‘නිකං හරි ලාබෙට හරි දෙනවා නං
ඕනිම ඔළුවෙ කැක්කුමක් බාර ගන්න වරිගයේ සැදැහැති උපාසිකාවක්!
ඒ
ගොල්ලෝ ඉඩම් බලාගෙන ආවට පස්සෙත් මට කතා කළා.
“අයියේ... අපි ඉඩම් කෑලි දෙකකටම ඇඩ්වාන්ස් ගෙව්වා. මාර ලස්සනයි අයියේ. කඳු ගැටයක්
මුඳුනේ... වෙන්දේසි ඉඩමක්. ඊට චුට්ටක් එපිටින් කැලෑවකින් වැහිච්චි කන්දකුත්
තියෙනවා. රක්ෂිතයක්ද කොහෙද. තවම විකිණිලා නැති ඉඩම් කට්ටි තව තියෙනවා. එකක් අරගෙන
පොඩි ගේ කෑල්ලක් අටවගත්ත නං, ඔයාටත් ඔය ලියන වැඩක් හෙම කරගත්තෑකි නිස්කාන්සුවේ...”
“නිස්කාන්සුව
වටිනවා තමයි. හැබැයි වැඩියෙන්ම ඒක තියෙන්න ඕනි හිතේ. එතකොට කොහෙ වුණත් සැනසිල්ලේ ඉඳිතෑකි.”
“අයියට වැරදිලා... බුදුහාමුදුරුවන් වහන්සේත් වදාරලා තියෙන්නේ ‘පතිරූප දේශ වාසෝච’
කියල නේද?” බන්ධුල මල්ලිකාවන්ටත් වඩා සැදැහැති උපාසිකා මාතාවක් වුණු අපේ නෑනණ්ඩි ඒ
වෙලාවේම මට බණක් දෙසලා- පොඩි ධර්මදානමය පින්කමකුත් කරගත්තා.
බණෙන්
තියා අණෙන්වත් මෙල්ල කරන්න බැරි නසරානියෙක්... |
ඒ නිසා වෙන්නැති අර ධර්ම දේශනාවෙන් පස්සෙවත් මගේ හිතේ ඉඩම් තණ්හාවේ බිජුවටක් රෝපණය නොවුණේ.
ඒ
අස්සේ අපේ අම්මත් ලංකාවට ආපි!
අම්මා
එංගලන්තෙ හිටියට මොකෝ, අවුරුද්දකට දෙතුන් පාරක් ලංකාවට එන්නයි පුරුදු වෙලා හිටියේ.
ඒ එන හැම වතාවකම අම්මා ආපහු යන්නෙ මාසෙකින්. විදේශිකයෙකු හැටියට අම්මට නොමිලේ වීසා
ලැබෙන්නේ මාසෙකට විතරයිනෙ. අමතරව සල්ලි ගෙවලා වීසා දික්කරගන්න අම්මා කැමති වුණේ
නෑ. එතැන පොඩි රහසකුත් තිබුණා!
අර මාසය ඇතුළත අපේ අම්මා දන්න-කියන, ළඟින්ම ඉන්න අයව නොහොඳ කරවලත් ඉවරයි.
ඉක්මනට ගියාම හරි! සීන් එක එළි වෙනකොට අම්ම ආපහු ගිහිං...
මාළුවාට
වතුර වගෙ තමා, අපේ අම්මාටත්; කවුරු කවුරු හරි එක්ක කාජාව දාගෙන ඉන්න තියෙනවා නං එයිට
වැඩිය සැපක් එයාට තිබ්බේ නෑ. හැබැයි එයා කියවන දේවල්වලට අහගෙන ඉන්න මනුස්සයා කන්
දීගෙන ඉන්නත් ඕනි; හූමිටි තියන්නත් ඕනි; අපේ අම්මටම ඇති පදම් කතා කරන්න දෙන්නත්
ඕනි.
ඉතිං සිහි බුද්ධිය කියන දේ මංචාඩියක් හරි තියෙන කෙනෙක් ලේසියෙන් අපේ අම්මගෙ කෝච්චියට
බෙල්ල තියන්න එන්නෑ, දෙවනි වතාවටත්. (ඔය කථා කෝච්චියේ තිබිච්ච ලොකුම වැරැද්ද තමයි-
ඒවායින් ගොඩ හරියක් අනුන් කෙටවෙන කතන්දර
වීම!)
නමුත් අපේ අම්මගෙ ඔය පිළිවෙල දැනගත්තු ‘හොක්කි-හොක්කියෝ’ කියන වංශේ උදවිය නං අම්මව මුරුංගා ගහේ උඩම අත්තට නැංගෙව්වා. ඒක මහ අමාරු වැඩක් වුණෙත් නැහැනෙ. ඇට නැති දිව යහමින් හොලවලා, වචීපරම කෙනෙකු වෙලා සම්පප්‍රලාප දොඩවන්න විතරයි තිබ්බේ!
(අම්මගෙ තරම කියන්නේ- වතාවක් අපේ අම්මම උගන්නල
සෝමා පුංචිලගෙ පොඩි ඈයෝ අම්මට ලන්ඩන් හාමු කියල කතා කරන්න ගත්තා. මගේ නුවණ
මෙහෙයවලා තමයි ඒ කතන්දරේ උපායෙන් භූමදාන කෙරෙව්වේ.)
ඔය වගේ විත්තිත් ඔයාලගේ මතකේ තියාගෙනම යංකො එහෙනං- තව ඉස්සරහට.
දැනුයි
මතක් වුණේ!
ඉස්සරහට යන්න කලින් ඒකත් කියලම ඉන්නං. හොඳේ!!
ළඟදී
දවසක ශතකය ගහපු මයියා... (එයා ශතකය ගැහුවේ එයාගේ බ්ලොගයෙදි ‘මයි
ශතකය’
කියලා.)
තිස් එකේදී- 33 post එකට comment එකක් එවමින්
මෙහෙම idea එකක් දීල තිබ්බා.
‘... මොනා උනත් නම් ටික මතක තියා ගන්න එක නම් ගේමක් තමයි.... නරකද පවුල් ගස ඇඳලා,
ෆොටෝ එකක් ගහලා පෝස්ට් එකකම අප්ලෝඩ් කලොත්... පොඩි අදහසක්...- Mayya’
අපේ අම්මා ‘පිරිමියෙකුට පැදුර පෑගුණත් ගැබ්බර වෙන ජාතියේ
අංගනාව’ක් වුණු හින්දා- අපේ පවුලේ දරුවන්ම දහයක් නෙව. ඒ නම් දහය වුණත් කාටද
ලේසියෙන් මතක හිටින්නේ... මටත් හිතුණා මයියාගෙ අදහස කිරියාවට නංවන්න... ඒත්... ඒත්...
වැඩේ
පවරලා පැය 24ක් යන්න කලින් නමී හදලා එවපු ‘දිසානායක පවුල් ගහේ’ රූප සටහන තමයි... |
ඒත් දෙයියනේ දකුණු අතේ ඇඟිලි ටික මට ගොඩක් අකීකරුකොට- (බත් කනකොට වුණත් දැන් මම එහෙම කරන්නේ හැන්දක උදව්වෙන් නෙව... පෑනක් පැන්සලක් අල්ලලා මම දැන් ලියන දේවල් මටම කියවාගන්න බැහැ. ඉස්සර තමයි මාත් හැඩට-රුවට අකුරු ලිව්වේ; අකුරු ඇන්දේ.) ඉතිං කොහොමෙයි රූප සටහන් අඳින්නේ?
හිත
ඇති නං පත කුඩාද? මං තීරණේ කළා ඒ රාජකාරිය අපේ නමී උන්නැහේ ලව්වා කරව ගන්න. ඔව්,
ඔව්. ‘නමියගෙ වීදිය’
run කරන
හාදයා තමා. ඊයේ නමී ආවා මාව බලලා යන්න.
ගෙට
ගොඩ වුණා විතරයි, මං උන්නැහේට කිව්වා මට උවමනා දේ...
අනේ ගොඩක් ස්තුතියි නමී.
වැඩේ පවරලා පැය 24ක් යන්න කලින් නමී හදලා එවපු ‘දිසානායක පවුල් ගහේ’ රූප සටහන තමයි
ඔය චුට්ටකට උඩින් යොදල තියෙන්නේ.
ඉතිං...
ලංකාවට ආව R.V. ලීලාවතී හෙවත් ලීලා ශ්‍රෝඩර්ටත් අර විකිණීමට තියෙන ඉඩම් කට්ටි ගැන
ආරංචිය ලැබිලා!
“රංජි,
සුනිල් ඔයාටත් කිව්වලු නේද හොරණ ඉඩම් කට්ටි වගයක් ගැන. මාත් ගිහිං බලන්නයි ඉන්නේ...
ඔයාටත් එහෙන් ඉඩම් කෑල්ලක් ගන්න තියෙන්නේ...” අම්මා මගෙන් ඇහුවාමයි මං ඒ විත්තිය
දැන ගත්තේ.
“අම්ම්ට මොකටද ඉඩම්? අම්මා කවදාවත් එංගලන්තෙ දාලා ලංකාවට එන්නෑනෙ පදිංචියට.”
“මටයි කියල තැනක් ලංකාවෙත් තිබුණොත් හොඳයිනෙ. එතකොට කාගේවත් ආඩම්බර නොබලා මට ඕනි
විදිහට එතන වැටිලා ඉන්න පුළුවන්නේ” අම්මා pass කරපු hint එක මට නොතේරුණා නෙවෙයි.
Hint
එකේ කතන්දරේ මේකයි!
1986 ලංකාවට ආව මං, RPRලගේ ඉල්ලීමට එකඟ වෙලා පමුණුව පාරේ, පිරිමි ළමා නිවාසයට යාබද
ඉඩමක් ගත්තනෙ. ඉඩම පර්චස් 10ට චුට්ටක් අඩුයි. Odd shape. පැති හතක්...
“ඔයාට මම සල්ලි දෙන්නං... ලොකුවට ගේ හදමු, තට්ටු දෙකකට. මං ලංකාවට ආවම මටත් ඒකෙ
ඉන්න පුළුවන්...”
මාත් දුරදිග හිතුවේ නෑ. කැමති වුණා. “එක තට්ටුවක් අම්මට, අනෙක මට.” කියලත් මුලදීම
කිව්වා.
ගේ
හදලා 1992 අපි ඒකෙ පදිංචි වුණා.
නැකතට
හාපුරා කියලා ගෙට ඇතුළු වුණේ ඊවා හාමු!
එතකොට ඊවා හාමු
ගොඩාරියක් වියපත් වෙලා; රූපශ්‍රීය වියැකිලා තිබ්බේ. ග්‍රෙගරි
පාරේ නිවසට ගිහිං, අපේ ගෙට ගෙවැදීම ගැන කියලා ඊවා හාමුට ආරාධනා කළාම එයාගේ ඇස් දෙකේ
කඳුළු පිරුණා.
බෑ!
මම ගෙදරින් පැනලා යනවා. |
“”සමාවෙන්න ඊවා හාමු. සුබ නැකතින් අපේ ගෙදරට ඉස්සෙල්ලාම ඇතුළු වෙන්න ඕනි ඔබතුමී
වගේ හිත හොඳ කෙනෙක්. ලොකු හාමුයි, ඊවා හාමුයි අපට කරපු උදව් මට
තවම මතකයි. මං ඔබතුමීට ආරාධනා කරන්න ආවේ, මේ වැඩේට හොඳම කෙනා හාමුම හින්දයි!” මං
එතකොට කිව්වා.
“ඔයා
ඔච්චරම කියන නිසා මම එන්නං. හැබැයි නිමල් මම එන්නේ තෑගිබෝග නැතිව!”
එහෙම කිව්වත් ඊවා හාමු ආවේ තෑග්ගකුත් අරගෙනයි. තවමත් මම ඒ තෑග්ග සුරැකිව තියාගෙන
ඉන්නවා.
පුංචිම පුංචි පර්ස් එකක්- රුපියල් පහේ කාසි පහළොවක්- විස්සක් විතර එකේ පුරවලා!
(තවමත් මම ඒකෙ තියෙන කාසි ගණන බලල නෑ.) ඒත් ඒ පර්ස් එක මහමෙර තරම් ලොකුවටයි මට
දැනෙන්නේ! ඒ කාසි ටික මට නං අමිල වස්තුවක්!!
එතුමියගේ හැබෑ අව්‍යාජත්වය- සෙනෙහස අපේ අම්මා ළඟින්වත් මට දැනිලා නෑ.
එදා ලාල් අයියාත් ඇවිත්
හිටියා. පොල්තෙල් පහන දල්වලා- කැවුම්, කිරිබත් හෙමත් කාලා එයාත් මට ආසිරි පැතුවා.
ඊට පහුවදා අපේ දිහාවට ආවා ‘අන්දොස් මංගල්ලේ’
post එකේදී ඔයාලට හම්බ වෙච්චි සුසිලායි, සුසිලුයි. “බෑ
දිසානායක බෑ! මම ගෙදරින් පැනලා යනවා.....” කියාගෙන
මාව හමු වෙන්නට ආව යුවතිය.
“අපි
නිමල්ල අම්මට කිරිබත් ටිකකුත් හදාගෙනයි ආවේ.” සුසිලා කිව්වා. තඩි පාර්සලයකුත් මේසේ
උඩින් තියන ගමන්.
“ආ..නේඒඒඒඒ
කි..රි..බ..ත්! කොච්චර ෂෝක්ද සුසිලෝ ඕඕඕඕඕ? සුමාන ගා..ණ..කි..න් කිරිබත් ටිකක්
කන්න ලැබුණේ නෑ අනේ මේ සැරේ!” අම්මා පාර්සලය ළිහා බලන ගමන් කිව්වා. “... රංජි,
දෙන්නකො මට පිඟානක්...”
“ඇයි දිසානායක, ඔයා ඊයේ කිරිබත් ඉව්වේ නැද්ද ගෙට ගෙවැදෙනකොටවත්...” ඒ අස්සේ
සුසිලාත් අහපි. මං ගොනා වගේ මුනිවත රැක්කා.
බඩ
කපාගන්න තරං තරහක් උහුලගෙනයි, මං සුසිලලා යනකල් ඉවසගෙන හිටියේ. අමුතුවෙන් කියන්න
ඕනි නැහැනෙ. එයාලා නොපෙනී යනවත් එක්කම අම්මගෙයි, මගෙයි රණ්ඩුව ඇවිළුණා. ඒත්
අන්තිමට මටම කට වහගන්න වුණේ, අම්මා සුපුරුදු තැටියක් ගැහුවට පස්සේ. “මං කොච්චර කළත්
ඔයාලට පේන්නෙ මගේ වැරදිමනේ... ඉහි... ඉහි. අනේ මමත් ගිය ආත්මේ හරි ලොකු කරුමයක්
කරලා ඇති මෙහෙම ගුණේ නැති දරුවො ලබන්න.
උපන් වෙලාව බලනකොටත් කියවුණා
වගේ,
අපිට එක වහලයක් යට ඉන්න බැරි ඒ කරුමේ නිසා තමයි...”
එහෙම
කිව්වා මිස තමන්ගේ අතින් සිදු වෙන අර වගේ වැරදි අපේ අම්මා කවදාවත් තේරුම් ගත්තේ නැත!
තැනට
සුදුසු ලෙස කතා කරන්නට නොදන්නා නමුත්, හැම විටම මොනවා හෝ කිව
යුතු යැයි හිතන එවැන්නවුන් කිසිසේත් හිඟ නැත! |
සමහරුන්
හිතන්නේ හමුවෙන ඕනෑම කෙනෙකුව සතුටට පත් කරන්නටය. බොරුවෙන් හරි!
එහෙම බොරු කිරීමේදී- බොරු කීමේදී ඒවා නිසා තවත් උදවියට ප්‍රශ්න ඇතිවෙන බව එයාලාට
සිහි වෙන්නේ නැත. තැනට සුදුසු ලෙස කතා කරන්නට නොදන්නා නමුත්, හැම විටම මොනවා හෝ
කිව යුතු යැයි හිතන එවැන්නවුන් කිසිසේත් හිඟ නැත. එයාල නිසා ඇතිවෙන පැටලිලිවලත්
නිමක් නැත.
ඉතිං,
අපේ අම්මාගෙනුත් එකම විදිහේ වැරදි- එක දිගටම සිද්ද වෙද්දී මගෙත් රතු ඉර පැන්නයි
කියමුකෝ!
එදා
අම්මා අනිලුත් එක්ක මොකක්දෝ ගැන වාදයක්... ටිකෙන්-ටික සද්දේ වැඩි වුණා. ඉතිං මටත්
මැදිහත් වෙන්න වුණා. “හෙමින්... හෙමින්... වටපිට තව මිනිස්සු ඉන්නවා අම්මේ.” මං
කිව්වා.
“හරි වැඩක්නේ මේ. මගේ කුසෙන් වදපු දරුවෙකුට මගේ ගෙදරදි බණින්න මට අයිතියක් නැද්ද?
මේ ගෙදරට මටත් අයිතියක් තියෙනවා.” එතකොට අම්මත් සද්දෙන්ම කිව්වා.
“අම්මට අයිතියද ඕනි. එහෙනං අම්මා මේ මුළු ගෙදරම ගන්න! මම ආපහු අර කාමරේටම යන්නං.
අම්මගෙ පූච්චානං කතන්දර අහගෙන මෙහෙ ඉඳල මටත් දැන් ඇති වෙලයි තියෙන්නේ.”
“අනේ
රත්තරං පුතේ, මෙන්න වැන්දා... ඔයා කොහෙවත් යන්න ඕනි නෑ. මම යන්නං... අනිල්, අර
කාමරේ තියෙන bag එකට මගේ බඩු ටික දාගන්න උදව් වෙයන්...” කියල රඟාගෙන අම්මා කාමරේට
වැදුණා. පූස් පැටියෙකු වගේ අනිලුත් ඒ පස්සෙන්..
මෙන්න බොලේ විනාඩි ගණනකින් අන්නා අම්මගෙ බෑග් එකත් උස්සං එනවා... අම්මත් ඒ
පස්සෙන්... “මම අනිල්ලගේ ගෙදට්ට යනවා.”
කේන්තියෙන්
පරල වෙලා හිටිය මගේ මෝඩ අහංකාරකමත් එතකොට දොඩමලු වුණා.
“දැන් එතකොට මමනේ වැරදිකාරයා. හරි! අම්මා යන්න. හැබැයි, හොඳට මතක තියා ගන්න. මීට
පස්සේ එක දවසක්වත් අම්මයි, මමයි හවුලේ මේ ගෙදර ඉන්නෑ. එහෙම කිව්වම අම්ම බය වෙන්න
එපා. අම්මට ඕනි දවසක, ඕනි කාලයක් මේ ගෙදර ඉන්න පුළුවනි. ඒ විත්තිය මට කියලා දවස් තුනක්
ඇතුළත මම මේ ගෙදරම අම්මට බාර දෙනවා, මහ පාරට බැහැලා හරි.”
ඒ කීම මා වෙනස් කළේම නැත.
අම්මා නම් ඒ කතාවල් අමතක කළ විත්තිය පෙන්වමින්- ආයෙමත් අපේ
ගෙදරට එන්නට හැදුවාය. “මම එදාම අම්මට කිව්වනේ. එන්න... ඉන්න... අම්මා එනකොට මම
යනවා...”
මං
වහන්සේගේ ඒ අනම්‍ය ප්‍රතිපත්තියටයි, අපේ අම්මා අර විදිහට ඇනුම් පදයක් කිව්වේ.
ඉතිං ඊට පස්සේ... දෙවෙනි කොටසෙන්...
මුල්ම කමෙන්ට් එක දාන්න අදහසක් නැහැ. මගේ අකවුන්ට් එකෙන් ලොග් වෙන්න විධිහකුත් නැහැ. - කොළඹ ගමයා
ReplyDeleteවිදිහක් නැති වුනාට මේ පළමුවෙනි comment එක වැටිලා තියෙන්නේ. ස්තුතියි!
Deleteනිදි ගේ මරු කතාව කියෙව්වම මතක් වුනේ. 1990 විතර මම ඉඩමක් අරන් දාල තිබ්බ ගෙයක් හදන්න පස්සේ . කැලණිය හා කටුනායක අතර. තෙල් සංස්ථාවේ නළයක් ටිකක් දුරින් යන හරියක. ඕක මගේ ඥාතිකයෙක් සහ එයාගේ යාලුවා කොහොම හරි අපේ තාත්ත කැමති කරගෙන ඒක විකුණලා හොරණටත් එහා ගමක ඉඩමක් අරන් දීල. ඔක්කොම කරලා තියෙන්නේ අරුන් දෙන්නට පොඩි ගානක් ගන්නයි අර යාලුවා කියන එකාගේ වෙන ප්ලෑන් එකකටයි. මම ලංකාවට ඇවිත් බලන කොට මගේ ඉඩම නැහැ. දැන් ඒ හරියේ පර්ච් එකක් ලක්ෂ 20 කට වත් ගන්න බැහැ. ඔන්න ඔහොමයි වෙන්නේ. හේ හේ 😀 - කොළඹ ගමයා
ReplyDeleteඔහොම තමයි මහත්තයෝ.
Deleteතමන්ට පොඩි වාසියක් ගන්න වුණත් - අනිත් මිනිහෙකුට ලොකු පාඩුවක් කරන්න ලැහැස්ති මිනිස්සු ලංකාවේ වැඩියි. සමහරු කපටිකමටත් තව සමහරු මෝඩකමටත් එහෙම කරනවා....
ඔන්න දැන් හරි. නමින් කමෙන්ට් කරන්න පුළුවන්. ගුගලයටත් හිටපු ගමන් පිස්සු හැදෙනවා.
Deleteඅපිත් හිටි ගමන් පිස්සු කෙලිනවනේ අජිත් මහත්තයෝ!
Delete"ඉක්මනට ගියාම හරි! සීන් එක එළි වෙනකොට අම්ම ආපහු ගිහිං..." අය්යෝ....හිනා යනවා. අම්මා has been a character.
ReplyDeleteහැබැයි මට හිතෙනවා ඔය එන්ගලන්තෙ වගේ නිතරම gloomy skies සහිත, depressing රටක ඉන්න අය කියන කරන දේවල් ගැන අනිත් අය ටිකක් අනුකම්පාවෙන් බලන්න ඕනෙ කියලා. හොඳට ඒ රටට පුරුදු වෙලා ඉන්න අයට නම් ප්‍රශ්ණයක් නැතුව ඇති. නමුත් නිමල්ගෙ අම්මා අවුරුද්දකට දෙතුන් සැරයක් ඇවිල්ලා, ඔය වගේ 'fun' එකක් අරන් යන එක එයාගෙ ශාරිරීක මානසික සෞඛ්‍යට හොඳ වෙන්න ඇති.
BTW, නමී පවුල් ගස ඉතා පැහැදිලිව ඇඳලා
ඔයාට විතරක් නෙවෙයි Lotus, මටත් හිනා.
Deleteඅම්මගෙ වැඩ නං තවම අපිටවත් තේරුම් ගන්න බෑ. ඔය කෙටවෙන කතන්දර විශේෂයෙන්. ඒවායින් මිනිස්සු තරහ වෙන බව එයා හිතුවේ නෑ. කවුරු කවුරු හරි අතරේ ආරවුල් ඇති කරවන්න හිතුවෙත් නෑ.
එයාට ඕනි වුණේ බොරු කියලා හරි අනිත් කෙනාට තමන්ගේ හිතවත්කම පෙන්නන්න.
ලෝටස් ඇත්තම හිතන්නේ එංගලන්තේ එහෙමයි කියලද. මටනම් එංගලන්තේ මාරයි. වහිනවා තමයි. ඒත් අයිස්ලන්තය , ෆින්ලන්තය වගේ රටවල් ඊට අමාරුයි. මාස හයක් හිරු එලිය හරියට නැහැ කියන්නේ depression කේස් හරියට තියනව කියල ඒ අයම කියනව. එංගලන්තේ සීත කාලෙට පොඩ්ඩක් මිනිස්සු අප්සෙට් යනවලු. මටනම් එහෙම වෙලා නැහැ. අපි ඇවිදින්න යන නිසා වෙන්නඇති. මම රුසියාවේ මයිනස් 20 වගේ වෙනකොටත් ඉඳල තියෙන නිසා එංගලන්තේ කාලගුණය මෘදු එකක් කියල මට හිතෙන්නේ.
Deleteඅජිත් මහත්තයෝ, ගොඩක් ස්තුතියි විස්තර එකතු කරනවට.
Deleteමට නං හෙණම අවුල් ඔය දොර-ජනෙල් වහගෙන ඉන්න වෙන එක. මං දන්නෙ එංගලන්තෙ ගැන විතරයිනෙ. මං ආස නෑ එහෙ තියෙන ග්ලූමි ගතියටත්...
උත්තර ධ්‍රැවයට සේසයක් මෙහායින් පදිංචි වෙච්ච , ඝර්ම කලාපීය මූකලන් බස්සෙකුගේ සත දෙක:
Deleteඔය සීත ඉර්තුව පිටින් පේන තරමටම නරක නෑ. මැස්සො, මදුරුවො සහ අනිත් හානිකර කෘමීන්, ආසනික් නැතුවම සෙත්ත පෝච්චි කරල දෙනවා. දූවිල්ල අවමයි. සනීපෙට නින්ද යනවා. හීත හුලං වැදි, වැදී කන උනුහුම් කෑම, බොන කෝපි එකේ පවා තියෙන්නෙ වෙනමම ආතල් එකක්. හැබැයි පරිසරයට අනුගත වුනාමයි, ඒ ආතල එක ගන්න ඇහැකි. නිදි වගේ මාස 2-3 කට එන සංචාරක පක්සීන්ට ඒක සංසාර දුකක් වගේ දැනෙන්නෙ ඒකයි.
එහෙම දේකුත් තියෙන්නැති තමා!
Delete@නිදි අපේ ගෙදර ඉතින් එහෙමට දොර ජනෙල් වහගෙන ඉන්නේ නැහැ. අපි දෙන්නම දවල්ට ගාඩ්න් එකේ ඉඳන් කනවා. හවසට සුරුට්ටුවක් පත්තු කරගෙන කිරි තේකක් හදාගෙන ගාඩ්න් එකට වෙලා ඉන්නව. වයිෆ් කොහොමත් නිදා ගන්නකොට ජනේලේ ඇරලා නිදියන්නේ. ආයි මයිනස් ගියත් එහෙම තමයි.
Delete@බසු කියන කතාව ඇත්ත. අවංකව කල්පනා කරලා බැලුවොත් මම අවුරුදු 40කම ජිවත් වෙලා තියෙන්නේ යුරෝපයේ. එනිසා දේශගුණයට අනුගත වෙලා තියෙන්නේ මං හිතන්නේ. ලෝටස් හා නිදි එහෙම වුනේ නැති නිසා ඒ අදහස් සාධාරණයි. මදුරුවෝ කන සීන් එකනම් හෙනම අවුල්. අවුරුදු හතළිහකට කලින් ඔච්චර මදුරුවෝ ලංකාවේ හිටියේ නැහැ. මට නම් රටවල් දෙකම - ලංකාව හා එංගලන්තය -හොඳයි. දෙකම ලස්සනයි. මිනිස්සුත් දෙකේම හොඳයි. (හොයා ගන්න ඕනේ ) . රුසියාව , ජර්මනිය වුනත් මටනම් තේරෙන්නේ ඒ විධිහට.
Deleteඇත්තමයි අජිත්, වෙහෙස නොබලා ඔයාල එකතු කරන විස්තරාත්මක කමෙන්ට්ස්වලින් ලොකු මෙහෙවරක් සිදු වෙනවා. එන්න එන්නම පින්තූරය පරිපූර්ණ වෙනවා. ගොඩක් ස්තුතියි!
Deleteඅපේ වංසෙ ගැන මොකක්ද කිව්ව නිසයි ආවෙ. අපි හොඳ වැදගත් සිගාල වංසෙ. ඔහෙලත් බයියොන්ට හූ කියන කොට, අපිත් ඔය ඉඳලා හිටල හුවක් කිව්වට මොකෑ නේද?
ReplyDeleteඔහේගෙ මෑණියැන්දෑත් නියම ගිණි පෙනෙල්ලක් නෙව බලාගෙන ගියාම. හනුමා වගේ වටේටම ගිණි තියලා, වැඩේ පත්තුවෙන්න කලින් රටෙනුත් මාරු.🤭🤣👌
ආයුබොවන්, ආයුබෝවන් නරිමොටා උන්නැහේ.
Deleteයන්තං හරි නම කියවුණොත් එනවා නං හැමදාම ඔය නරි වැඩ මොන-මොනව හරි ලියනවනේ. හූ කිව්වටත් කිසිම වැරද්දක් නෑ!!!
xරි වැඩ කළ නරි ඇමටි කෙනෙක්ව ඊයේ හිර ගෙදරට ගෙනියද්දී මිනිස්සු හූ කිව්වේ.
ගිනි පෙනෙල්ල- හනුමා වගේ... නියමෙට ගැලපෙනවා. මට ඔය වචන මතක් වුනේ නැහැනෙ යකඩෝ. ඊළඟ කොටස් ලියවෙද්දී නං ඔයාට පින්සිද්ද වෙන්න මතක් වෙයි වගේ..
ම්ම්.. තවත් කොටසක් තියෙනවා එහෙනම්...
ReplyDeleteජයවේවා !!!
තියෙනවා තියෙනවා දුමී. එකකට වැඩියත් වගෙයි...
Delete++++++
ReplyDelete++++++ස්තුතියි Pra Jay මහත්තයෝ++++++
Deleteබොහොම ස්තූතියි නිදී. නිදී ගෙ අම්මා එක්ක ලඟ නෑදෑ කෙනෙකුට තරහ ගියත් පිටින් බලන කෙනෙකුට නම් හිනා යනවා. ඔය කථාවට බොරු කේලම් කියන කෙනෙක් මමත් දන්නවා. මට තේරිලා තියෙන්නෙ එයා ඒ මිනිස්සු කොටවන්න බලාගෙන කරන එකක් නෙවෙයි. ඒ වෙලාවට තමන්ව උලුප්පලා පෙන්වන්න කරන දෙයක්. මානය නිසා වෙන දෙයක් මිසක් ඒකෙන් වෙන අයට කරදර වෙනව කියන එක ඒ අයට වැටහීමක් එන්නේ නැහැ.
ReplyDeleteඔයාටත් ස්තුතියි ඉයන් මහත්තයෝ.
Deleteමුල් කාලේ නං මට අපේ අම්මගෙ ඔය ගතිය ගැන හිතුණේ මහ පිළිකුලක්. ඉතිං තිස්සෙම වලි තමයි. මාත් හුඟාක් වයසින් මෝරනකොට තමයි ට්කක් මෝදු වෙලා ඉවසන්න පටන් ගත්තේ.
ඒ ගැන තව ටිකක් ඊළඟ posts වලදී ලියවෙයි.
ඇත්තටම ඔය දව කියන දේ නැත්තං කෙිච්චර දේවල් වෙනස් වෙලා ඇතිද.. කොච්චර දේවල් 🤭🤭😉😉
ReplyDeleteවයසට යද්දි ඔක්කම එක වගේ වෙන්නැති නේ 😂😂
දිවේ මහිමය ඉස්සර උදවිය හොඳටම දැනගෙන හිටි නිසානේ මහේෂ්, එයාල අර කියමනක් කිව්වේ.
Delete'රට වට කර වැටක් බැන්දත් කට වට කර වැටක් බඳින්න සමතෙක් නෑ' කියල.
වයසට යද්දී ඔක්කොම එක වගෙද කියල මං තවම දන්නෙ නැ මහත්තයෝ- මං තවම එහෙට ගිහිං නැති හින්දා.....
😁😁😂
Deleteආ බොහෝම ස්තූතියි නිදී මගෙ බ්ලොග් එකට ඇඩ් එකකුත් දාන ගමන් පවුල් ගසත් පින්තූරෙකින් දැම්මට.නමියාටත් ස්තූතියි මේ වැඩේට කරලා දුන්නට..දැන්ම මේක ස්ක්‍රීන් ශොට් එකක් ගහලා සේව කරලා දානවා...නැත්තං සමහර වෙලාවට අගමුල පැටලෙනවා මේ නම් ගොඩත් එක්ක..කොහොමත් මට නම් මතක හිටින්නේ නැති අවුලකුත් තියෙනවා...වයසට යද්දි බිරිදගෙ නමත් අමතක වෙලා ඩාලිං කියන්න වෙයි කියලා බයකුත් තියෙනවා
ReplyDeleteබොරලැස්ගමුවේ කඩයක් කියන්නේ දැන් නම් ඉතින් සල්ලි උල්පතක් තමයි.
හොරණ ගෙදර ට මොකද උනේ කියලා එහෙනම් බලමු. කිව්වත් වගේ දේපල තණ්හාවක් නම් පවුලේ කාටවත් තිබිලා නෑ.
මට නම් එක ගෙයක් හදලත් එපා වෙලා ඉන්නේ මේ බාස්ලත් එක්ක, නිමල් නම් ගෙවල් හදන එක එච්චර ගේමක් නෑ වගේ..
මයියා,
Deleteමම නිතිපතාම Blog Stats ගැන බලනවා. Top Referrers ගැනත්... ඒ නිසාම මට තේරුම් ගිය දෙයක් තමයි blog සින්ඩිවලින් වගෙම බ්ලොග්ස්වලිනුත් කියවන්නන් ගොඩක් මගේ blog අඩවියටත් පිවිසෙන බව. ඉතිං මමත් හැකි හැම විටම සහෝදර blog අඩවිවලට සහාය දෙනවා- අදාළ; සුදුසුම තැනකදී.
බොරලස්ගමුවේ කඩ දෙක නම් දැන් ජයටම කෙරෙනවා...
Deleteඅපොයි බාස්ලද? මං එක ගෙදරයි හැදුවේ. සුළු සුළු නොකරම බැරි රෙපයාර් කෙරෙව්වා දෙතුන් වතාවක්. ඊට පස්සේ දැන් ඒවා අතෑරලම දාල ඉන්නේ බාස්ලත් එක්ක බැරි නිසා.
ඊවා හාමු ගැන කොටස කියවලා කණගාටු හිතුනා. 💔
ReplyDeleteඒත් ඈ හිත හොඳ උතුම් කාන්තාවක් වගෙයි පේන්නෙ.
ඇත්තටම බස්සෝ, මට හමු වුණු ඊවා හාමුත්, එයාගේ අම්මා ලොකු හාමුත්, සීදේවි හාමුත්, සුරංගනී හාමුත් කියන අය නියමම හාමුලා. වලව් පැලැන්තියෙන් පැවත ආව උදවිය. අභිමානවත් වුනාට ආඩම්බර වුනේ නෑ; නම්බුව බලෙන් ගන්න ගියේ නෑ. කරුණාවන්තයි.
Deleteඑයාලගේ දූ දරුවන්ව මම දකින්නෙ ඊට වඩා වෙනස් විදිහට.
අපේ අම්මා පරම්පරා සල්ලිකාරියක් නෙවෙයිනෙ. බදුල්ල කණුපැලැල්ලේ දුප්පත් ගැමියෙකුගේ දුවක්. අපේ තාත්තා බදුල්ලේ සීයා ගැන කියපු 'කෝච්චියට තණකොළ කපාගෙන ආව කතාවෙන්ම' තේරෙනවනේ බදුල්ලේ සීයා; R V කිරිවන්තේ කොච්චර අහිංසක මනුස්සයෙක්ද කියලා.
ඉතිං පස්සේ පස්සේ අලුතින් සල්ලිකාරයන් වෙන කාටත් හැදෙන ලෙඩේ අපේ අම්මටත් හැදුණා. කොච්චරද කියනවා නං- වතාවක් මට මෙහෙමත් කිව්වා; මේ ගෙදරට ආව දවස්වල. "මොකක්ද රංජි මේ අහල පහළ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ, ඇයි ඒ මිනිස්සු ඔක්කොම ඔයාට නිමල් අයියේ කියන්නේ. මෙච්චර ලොකු ගෙදරකත් ඉඳගෙන නිකංම බලාගෙන ඉන්නේ- ඒ මිනිස්සුන්ට කියන්න ඔයාට නිමල් මහත්තයා කියල කථා කරන්න. මට නෝනා කිව්වොත් කටේ දත් හැලෙයිද එහෙම නොකියන්නේ."
අර උඩ ඉයන් නිදිගෙ අම්මා ගැන කියලා තියෙන එක හරි වෙන්නත් ඇහැකි. ඈ ඕන කමින් කාවවත් කොටවන්න නොකලා වුනත්, ඒත් වැඩේ අල වේගන එනකොට සුරුස් ගා මාරු වීමෙන් කියවෙන්නෙ වෙනම කතාවක්. 🤭
ReplyDeleteමම නිදිගෙ ජීවිත කතාවට කැමති එක හේතුවක් තමයි, ඒක කොලේ වහල ගහන කතාවක් නොවෙන එක.මමත් ඇතුලුව අප බොහෝ දෙනෙක් ලියන්නෙ අපේ පුරාජේරුව. එහෙම ලියන කොට බොහෝ විට ඉස්මතු වෙන්නෙ අපේ වීරත්වය. මෝඩකම් සහ කල වැරදි යට යනවා. ඒත් නිදි ඒවා ඔක්කොම ලියනවා. ඒක වටින්නෙ, අනිත් අයට ඉගෙන ගන්න පාඩම් වැඩි හරියක් තියෙන්නෙ ඒ වැරදි/මෝඩකම්/අමනකම් තුල වීම නිසයි.
නිදිලෑ අම්මා සහ ඩැඩා අතර විවාහය "මැරේජ් ඔෆ් කන්වීනියන්ස්" වගේ එකක්ද? කතාවෙන් කියවුන හැටියට ඩැඩා සහ ආර් ලීලාවතී පොර කුකුල් ජෝඩුවක් මෙන් "සක්‍රීය" fowl-ජීවිතයක් ගතකල බව හැඟුනා. අකමැති නැත්නම් ඒ ගැනත් ලියන මෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රෝඩාරාමය - දැන් බලාන්ට නෝනා, මේ පිනෙන් සැසිල් මහත්තයට
ස්වර්ගයේ ඉඳලා තව්තිසාවට ට්‍රාන්ස්ෆර් එකක් ලැබෙනවා. බෝනස් එකක් විදිහට අපි බග් පියට් එකකුත් ඒ පැකේජ් එකටම දානවා.
බස්සා මහත්තයෝ, ඔයාගේ උඩ comment එකට උත්තර ලියන්න කලින් මේ comment එක කියවලා නොහිටිය නිසයි අච්චර විස්තරයක් ලියැවුණේ!!!!!!
Deleteඒ නිසා පළමුවෙනි ඡේද දෙක අත හරිනවා. Comment එකේ 3,4 ඡේදවලට විතරක් උත්තර ලියනවා, හොඳේ.
අපේ අම්මා නං ඩැඩාව බැඳගන්න ඇත්තේ එංගලන්තෙ වීසා ලැබෙන හින්දාම වෙන්නැති. ඩැඩා නම් මගෙත් එක්කම කිව්වා එයාට ඕනේ වුනේ නියම කම්පැනියන් කෙනෙක් මිස sex partner කෙනෙක් නෙවෙයි කියලත්.
(අම්මව එංගලන්තෙට ගෙන්න ගත්තු තිරීස් මිසී සියදිවි හානි කරගත්තට පස්සේ) ආන්ටි එරීන්ලගේ ගෙදර අපේ අම්ම උන්නු අහිංසක විදිහ දැකලා ඩැඩා හිතන්න ඇත්තේ 'ආසියාතික house wife' කෙනෙක්ව හම්බ වුණා කියලයි.
මට හිතුනු විදිහට නම්- පළමු බිරියගෙන් දික්කසාද වෙලා; පුතාගෙනුත් ඈත්වෙලා හිටි ඩැඩා වැඩියත්ම ඉඳල තියෙන්නේ එරීන් ආන්ටිලගේ ගෙදරයි. සමහරවිට අපේ ඩැඩා එයාලට ඇණයක් වෙන්නත් ඇති.
ආන්ටි එරීන් කපුකම කරලා එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක්ම මැරුවා වගෙයි නේද? එරීන් ආන්ටි එහෙම අතිදක්ෂ අංගනාවක්!
ඔය විස්තර සමහරක් විටින් වට ලියවිල තියෙන්නේ. ඒත් ඔන්න ඔයාගේ යෝජනාවත් අනාගත post එකක් ලියනවද කියන ගොඩට දමා ගත්තා.
ශ්‍රෝඩාරාමේ ගැන තව ඉස්සරහට ලියනවනේ... දැන්ම මොකුත් ලියන්නෑ!
Deleteකමක් නැහැ නේද?
ශ්‍රෝඩාරාමේ ගැන අලුත්ම තොරතුරු හොයන මිෂන් එකකුත් plan කරලයි තියෙන්නේ.
Deleteආන්න ජංසං. තව දාහක් වටිනවා.💐👌🙏😊
Delete😊😊😊!
Deleteඅලුත් රසවත් කතා වැලක ඇරඹුම!
ReplyDeleteඔව් තට්ටය මහත්තයෝ! ස්තුතියි!!
Deleteඊව හාමුට ගෙට ගෙවදින එකට ගෙන්නුව එක නම් පංකාදු වැඩේ. ඇති කාලෙ සැලකුම් ලබාගෙන නැතිදා අමතක කරන්නෙ නැතුව.
ReplyDeleteඒත් මට ආතිවුන පුරස්නෙ නිදි ලොක්ක ගෙට ගෙවදින උත්සවයක් වගේ එකක් තිව්වද කියන එක. අම්ම එන නිසාත් එහෙම කලාද. එහෙම උස්සවයක වරදක් මංනං දකින්නෙ නෑ. නිකමට ඇහැව්වෙ 😁
ඇහුවට මොකෝ නමී. හිතට එන දේනෙ අහන්නේ. උත්තර දෙන්න හැකි නං උත්තර දෙනවා. නැත්තං පන්දුව නිදැල්ලේ යන්න හරිනවා.
Deleteමං හිතනවා මම මුල අමතක නොකරන කෙනෙක්ය කියල. හැකි හැම විටම කළගුණත් සලකනවා. ඒ නිසයි ඊවා හාමු, ලාල් අයියා දෙන්නටම ගෙවැදීම කිව්වේ.
ඔයාගේ සැකය හරි නමී, ගෙට ගෙවැදීමේ උත්සවයක් තිබ්බේ නෑ. උදේ තේ මේසයක් පිළියෙළ කළා විතරයි.
ඊගාව කොටහත් බලලමු ඉමුකො එහෙනං.
ReplyDeleteනමියට හොඳට පවුල් ගස් අඳින්න පුලුවංකම තියෙනවනෙ ඉඳගෙන.
ඊගාව සැරේ හිටං අඳිනව... වවුල්මොටාගෙ පෞල් ගෂ 🤭
Deleteනමී, කවුද තෝම්බුව දුන්නේ?
Deleteබසූ
Deleteබස්සා වැඩ කරන්නේ ආකයිව්ස් එකේද?
Deleteමමත් ඔබගේ පොස්ට් ඔක්කොම වගේ කියවල තියෙන්නේ. කමෙන්ට් කරන්න මග හැරුණත්... අලුත් කතාවත් දිගට ලියන්න... ඔබ ලියන ආකාරය හරිම රසවත්...
ReplyDeleteකමෙන්ටුවට ගොඩක් ස්තුතියි ලලිත්!
Deleteප්‍රෝඩාරාම කතන්දරේ posts කීපෙකටම තමයි ලියන්න වෙන්නේ, මහත්තයෝ. මොකද අදාළ විස්තර ගොඩක් තියෙන හින්දා... දිගටම කියවන්නකෝ...