අකුරු මැකී නෑ

Wednesday, February 18, 2026

හතලිහේදී... තිස්පස්වෙනි කොටස

දැන් නත්තල් පාටියේ තිබ්බ නිඳිමත රාජකාරි ගතිය අතුරුදහන් වෙලා. කතාබතා හිනා සද්ද පිරීතිරී යමින්... ඒකෙත් හැටි!

නටන අතරෙම වතාවක්- දෙකක් අමන් මටත් නටන්න එන්නැයි කිව්වත් මං ගියේ නෑ. අමන් මට ආරාධනා කරන වෙලාවේ මගේ ඇස් නිකංම දිව්වේ ප්‍රසාද්ගෙ දිහාවට. එයාගේ මුහුණ ඒ වෙලාවේ තවත් කළු ගැහිලයි තිබ්බේ.

Samගෙ මංගල්‍ය සාදය ගැන කියැවෙන...

ඔන්න ඒ අතරේ අලුත් සිංදුවක් වාදනේ වෙන්න ගත්තා...

අමන් නිතරෝම හම් කරන්න පුරුදු වෙලා උන්නු; මුමුණන්න පුරුදු වෙලා උන්නු සිංදුව... ‘සරා-සරා’ ගීතය!

මේ සීරීස් එක ලියන්න පටන් ගත්තු දවසේ ඉඳලම මට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි ‘මොකක්ද මේ ‘සරා-සරා’ සිංදුව’ කියන එක. ඒ සිංදුව හොයා ගන්නෙ නැතුව post එක ලියනවා කියන්නේ අමන්ට කරන ලොකු මදි-පුංචිකමක්! එහෙමයි මට හිතුණේ. Google එකෙයි, You Tube එකෙයි දෙකේම සරා සරා කියල සිංහලෙන් හෙව්වා; ඉංග්‍රීසියෙනුත් හෙව්වා. වැඩක් වුණේ නෑ.

‘තමුසෙ හොයන්නේ සිංදුවෙ මැදක තියෙන වචන දෙකක් ගහලනේ. ඉතිං හරි යාවියැ.’
මාත් ඒ විත්තිය නොදන්නවා නෙවෙයි හලෝ. සිංදුවෙ මුල් වචන දන්නෙත් නෑ. සිංදුව තියෙන ෆිල්ම් එක දන්නෙත් නෑ. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ?

ඔහොම තැවි-තැවී ඉන්න අතරේම ‘හතලිහේදී... විසිතුන්වෙනි කොටස’ ලියන්න ගත්තා. Samගෙ මංගල්‍ය සාදය ගැන කියැවෙන post එක; අපේ චූටි නංගි හින්දි නිළියක් වාගෙ මනරම් රංගනයක් දාපු හැටි ගැන කියැවුණු post එක. මෙහෙමයි ඒ විස්තරය තිබ්බේ.  

‘ඒ සද්දය යටපත් කරමින් හින්දි ගීතයක් වාදනේ වෙන්න පටන් ගත්තා... අර මුණු-මුණු සද්දය  හෙමින් වියැකෙන අතරේ අමුත්තන් වඩාත් ප්‍රාණවත් වෙනව පෙනුණා...

ඒ එක්කම මෙන්න බොලේ ගැහැනු පිරිමි තරගෙට වගෙ ශාලාව මැදට වැක්කෙරෙන්න ගත්තා. අපරාදෙ කියන්න බෑ. ඉන්දීය උදවියගේ ඇඟේම නැටුම පිහිටලා තියෙනවා වගෙ. හරිම අපූරුයි; මනඃකාන්තයි!

අපේ චූටි නංගි දීපානිත් ඉන්දීය නිළියක් වගෙයි. ඇඳලා හිටියෙත් ඒ ක්‍රමේට. නැටුවේත් ඒ ක්‍රමේට. චූටියා එදා නටපු හැටි තවමත් මගේ ඇස්දෙකේ!

Tu Cheez Badi Hai Mast Mast සද්දේ ඇහෙන්න ගත්තා විතරයි ශාලාව මැද්දේ නටමින් හිටිය කට්ටියට තව තව උදවියත් එකතු වුණේ පිස්සුවෙන් වගෙයි. ඇයි ඒ කියලා මං වහන්සේ එදා පුදුම වුණත් එක්ක. අහන ඕනිම කෙනෙකුට නිකංම නැටවෙන ඒ සිංදුවේ විස්තර අද අන්තර්ජාලයෙන් හොයද්දියි, රහස මට එළිදරව් වුණේ.

අල්කා යාග්නික්, උදිත් නාරායන් ගායනා කරන ඒ අපූරු සිංදුව තිබ්බේ Mohra චිත්‍රපටයේ. අක්ෂේ කුමාර්, සුනිල් ෂෙට්ටි, නස්රුදින් ෂා, රවීනා තන්ඩන් වගෙ ජනප්‍රියම නළු-නිළියන් රඟපාපු ‘මොහ්රා’ තිරගත වෙලා තියෙන්නෙත් 1994 ජුලි මාසේ. එතකොට ඉතිං ඉන්දියානුවන් අතරේ අර වාගෙ උන්මාදයක් ඇති වීම සොබාවිකයි නෙව.’

ඔය විස්තරේ අකුරු කරනකොට තමා නුවණට අධිපති ගණ දෙවියන් වහන්සේ හින්දි ගීයකට අනුව නටාගෙන වගේ මගේ ශීර්ෂ මස්තකයට වැඩියේ!

නුවණට අධිපති ගණ දෙවියන් වහන්සේ හින්දි ගීයකට අනුව නටාගෙන මගේ ශීර්ෂ මස්තකයට වැඩියේ...

සරා සරා සිංදුව තියෙන ෆිල්ම් එකත් ඒ කිට්ටුව රිලීස් වෙච්ච එකක් වෙන්නෝනි... හෙව්වා- 1994 හින්දි ෆිල්ම්ස් 116ක් තිරගත වෙලා තියෙනවා. ‘ඒ ඔක්කොම හොයන්න ඕනි නෑ... මේක එන්න ඇත්තෙ මොහ්රා එකට පස්සෙනෙ... අනිවා! ඒ films ටික තෝරාගෙන ඒවායේ තියෙන සිංදු අහ-අහ බැලුවම හරි!’ එහෙම හිතාගෙන වැඩේට බැස්සා.

පීනන්න වතුරට බැස්සට පස්සෙයි තේරුණේ- වෙලාව කන වැඩක්!

ඒත් කොහොම හරි වැඩේ කරනවා කියල හිතා ගත්ත. කරුණු දෙකක් හිංදා.
1. අමන් වෙනුවෙන්...
එදා හැන්දෑවෙ අච්චර ලස්සනට එයා කරපු මනමෝහනීය නර්තනය වෙනුවෙන්...
මගේ ගත-සිත දෙකම සන්තර්පණය කළ අමන්ගේ ඒ උණුසුම් වැළඳ ගැනීම් වෙනුවෙන්...
2. නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය පාඨක ඔයාලා වෙනුවෙන්.
ඔයාලා දන්නවනේ- ලියන දේට මං වහන්සේ කොච්චර වෙහෙසෙනවද; අවංකවම කැප වෙනවද කියලා. සමහර වෙලාවට වචන දහ-පහළොවක වැකියකින් කියන දේ හොඳටම තහවුරු කර ගන්න පැයක්- එකහමාරක් ගියත් මං නෙවෙයි ඒ ගැන තකන්නේ.

ඉතිං හොයාගෙන හොයාගෙන යනකොට හම්බ වෙච්චි... Zara zara හම්බ වෙච්චි!
තව ඩිංගෙන් සිංදුව මඟ ඇරෙනවත් එක්ක. ඇයි, දි..ග..ම දිග ආමුඛ සංගීත ඛණ්ඩයක්නෙ තියෙන්නේ. ඒ අරුමය අහන්නයි බලන්නයි හිතුණු හිතවත් සහෘදයන් වෙනුවෙනුයි මේ
පාර කියන්නේ.

සිංදුව තියෙන්නේ Main Khiladi Tu Anari චිත්‍රපටියේ.
ගායනා කරන්නේ කුමාර් සානු, අල්කා යාග්නික් දෙන්නා. ගීතයට රංගනය
Saif Ali Khan; Shilpa Shetty දෙන්නාගෙන්.

සරා සරා වචන මගේ හිතට කා වැදිලා තියෙන්නේ නිකංම නෙවෙයි. ඒ ගීතයේ මුල් පේළි හයේදී විතරක් zara වචනේ 16 වතාවක් කියැවෙනවා. මේන් බලන්නකො මං කියන්නේ බොරුද කියලා.

Paas voh aane lage zara zara
Nazrein churaane lage zara zara
Dil pe voh chhaane lage zara zara

Zara zara, zara zara, zara zara
Dhadkanein churaane lage zara zara
Paas voh aane lage zara zara

ඕනිම කෙනෙකු ඉබේටම නැටවෙන තාලෙකුයි ඒකටම ඔබින හරිම ලස්සන නැටුමකුයි දැක-දැක ඉන්න වෙලාවේ වෙලාව ගත වෙන විත්තියක් මට දැනුණේ නැති හැටි... මගේ මනෝකායත් ඒ වෙලාවේ හිටියෙ අමන් එක්ක දැවටි-දැවටී, ආලිංගනයේ යෙදෙමින් නට-නටා! ඔව්... එතැන හිටියෙ අපි දෙන්නා විතරමයි...

සිංදුව තියෙන්නේ Main Khiladi Tu Anari චිත්‍රපටියේ. ගායනා කරන්නේ කුමාර් සානු, අල්කා යාග්නික් දෙන්නා.

අනේ!
උන්හිටි ගමන් එතැනට කඩා වැඩුණු ප්‍රසාද් මාව පියවි ලෝකෙට ඇදල දැම්මා.

“අපි දෙන්නත් යමුද?”
“යන්න? තවම පාටිය ඉවර නැහැනෙ ප්‍රසාද්...”
“අර...”

ප්‍රසාද් මට පෙන්නුවෙ කීප දෙනෙකු පිටත් වෙලා යන හැටි. “ඒ අය ගියාවේ... මට නං මෙච්චර ලස්සන නැටුම් ටිකක් නොබලා යන්න හිතෙන්නෑ Mr. Prasad!”
“එතකොට ඔයා අද අපේ නවාතැනට එන්නැද්ද?” ප්‍රසාද් ඇහුවේ චූටි නොමනාප ගතියක් පෙන්නමින්.
“එන්නං... එන්නං. මේක ඉවර වුණාට පස්සේ... අර බලන්නකො ප්‍රසාද්, අමන් නටන අපූරුව...” මං එහෙම කිව්වේ නොදැනුවත්වම ඇවිළෙන ගින්නකට පිදුරු ටිකක් දමමින්... මට ඒ විත්තිය තේරුණේ ප්‍රසාද් දත්මිටි කන හැටි පෙනුණාමයි.

‘ඔය නත්තල් පාටියේ ගත්තු පොටෝවක්වත් නිදි ලොක්කා ගාව නැද්ද... නැත්නම් එංගලන්තයෙන් හා ඇඟලුම් කම්මලෙන් සමුගෙන එද්දි පොටෝවක් ගත්තේ නැද්ද?

එහෙම අහල තිබ්බේ කොළොම්පුරේ’ blog අඩවියේ අසංග මහත්තයා. ‘හතලිහේදී 34 වෙනි කොටස’ට පළමුවෙනි comment එක එවමින්.

මගේ බ්ලොග් අඩවිය කියවන්න ගත්තු blog රචකයන් අතරින් ඉස්-ඉස්සෙල්ලම අපේ ගෙදරට ආවේ අසංග. Posts ලියද්දී ඒවාට links යොදන හැටි ගැන මං අහගත්තේ අසංගගෙන්... ඉතිං ඒවාට ආපහු ස්තුති කරන්නත් එක්කම මං අසංග හිතවතාට කිව්වා මේ කොටසෙන්ම උත්තර ලියන විත්තිය.
මොකද දන්නවද ආපහු ස්තුති කරන්නේ?

Postsවලට links යෙදීමෙන් නිදිගෙ පංච තන්තරේට නම් ලොකු වාසියක් තමයි වෙලා තියෙන්නේ. අලුතෙන් මෙහාට ගොඩවැදිලා පෝස්ටු කියවන සහෘද පාඨක භවතුන්ලා ඒවායින් පරණ පෝස්ටු ගැනත් දැන ගන්නවා... ඒවාත් කියවනවා.

2019 අවුරුද්දේදී මං ලියාපු ‘ගණිත ගැටේ’ පෝස්ටු හතර මතක ඇතිනේ...
ගණිත ගැටේ - පළමුවෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_20.html
ගණිත ගැටේ - දෙවෙනි කොටස
http://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_26.html
ගණිත ගැටේ - තෙවෙනි කොටස
http://nidigepanchathanthare.blogspot.com/2019/08/blog-post.html
ගණිත ගැටේ - සිව්වෙනි කොටස
 https://nidigepanchathanthare.blogspot.com/2019/08/blog-post_10.html

ඒවායේදී ‘චින්තන පර්ෂදයේ’ ආචාර්ය නලින් ද සිල්වා- ගෙවිඳු කුමාරතුංග ප්‍රමුඛ පිරිසට මං වහන්සේ කිව්ව අදහස් තමයි මං තවමත් දරන්නේ.

‘අප ලියන දේ කියවීමට රුචිකර විය යුතුය- සරල විය යුතුය- විචිත්‍රවත් විය යුතුය.
එකම නිත්‍ය පාඨක පිරිසක් පමණක් ඉලක්ක කරගෙන සිටීම එතරම් සුදුසු නැත. අලුත් පාඨක පිරිසකගේ අවධානය දිනා ගැන්මත් අනිවාර්යයෙන්ම කළ යුතුය...’
ඒත් ඒ අදහස් පිළිගැනුණු බවක් නොපෙනිණි. ‘කාලය’ සඟරාවේ අලෙවිය ටිකෙන්-ටික ‘ඩවුන් ද පල්ලම්’ වී ගියේය! අපට ලක්ෂ ගණනක ‘පොල්ලක්’ තැබිණි!!

අඃ... බස්සා මහත්තයෝ, ගිය සතියේ ඔබතුමාට උත්තර දෙද්දී...

(අඃ... බස්සා මහත්තයෝ, ගිය සතියේ ඔබතුමාට උත්තර දෙද්දී මේ ගැන කියන්න අමතක වුණා. ලෙටර් ප්‍රෙස් ක්‍රමේ ගැන විස්තර ගොඩකුත් මේ පෝස්ටු හතරේ තියෙනවා... කොම්පෝසින් ගැන එහෙමත්.)

අලුත් පාඨක සහෘදයන් ගැන හිතලා links යෙදීම Hit Counter එක ඉහළ යැවීමට / පැරැණි posts කියවීමට කොච්චර ප්‍රයෝජනවත් වෙලාද කියන්න හොඳම සාක්ෂිය තමා මේ.
මං මේ දත්ත ගත්තේ 2026 පෙබරවාරි 19 හිමිදිරියේ 4.00 ටයි. (ඒ වනවිට Hit Counter එක 4,87,419ක්. පෙබරවාරි මාසයේ මෙතෙක් පිවිසුම් ගණන 6,525 ක්.)

පසුගිය දවස් හතේදි ‘නිදිගෙ පංච තන්තරේ’ පෝස්ට්ස් කියැවිල තියෙන්නේ මේ විදිහටයි:

හතලිහේදී... තිස්හතරවෙනි කොටස - පිවිසුම් 163
පොලියානලා... – 138
දාහතර වෙද්දී... - දහවෙනි කොටස - 78
දාහතර වෙද්දී... -හත්වෙනි කොටස - 76
උපවාස කුටියේ
, වතුරෙන් යැපුණු පැය 68 දී... – 73
මාර මාරයෝ - 54
පහළොවේදී...- පළමුවෙනි කොටස - 45
දාහතර වෙද්දී... - අටවෙනි කොටස - 40
පහළොවේදී...- දෙවෙනි කොටස - 35
මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස - 35
හතලිහේදී... තිස්තුන්වෙනි කොටස - 32
තිස් එකේදී - 12ට
comment එකක්... – 32
හතලිහේදී... විසිඅටවෙනි කොටස - 31
ශ්‍රී ලංකා
not Vs England - නවවෙනි කොටස - 31
උපන් දිනේ මගෙ ආ හින්දා - පළමුවෙනි කොටස - 29
හරෝහරා! හයවෙනි වරටත් සහ කීටෝ - සිව්වෙනි කොටස - 28
පහළොවේදී...- නවවෙනි කොටස - 27
තිස් එකේදී...- විසිදෙවෙනි කොටස - 27
හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස - 26
යුවති කිරිල්ලී - විසිඑක්වෙනි කොටස -26

ඉතිං අසංග හිතවතාට විශේෂයෙන් ස්තුති නොකර කොහොමද? ගොඩක් ස්තුතියි අසංග මහත්තයෝ!

දැන් මෙන්න අසංග- ඔයාගේ ප්‍රශ්නවලට උත්තර...
1. එහිදී ගත්තු එක foto එකක්වත් නෑ මහත්තයෝ!
ඒ දවස්වල ජංගම දුරකතනවලින් ෆොටෝ ගන්න පුළුවන්කමක් තිබ්බේ නැතිවා වෙන්නැති. අනෙක ඒ ෆැක්ටරියෙන්ම මොබයිල් ෆෝන් එකක් තිබ්බේ (මං දැකපු විදිහට) Mr. Aheerටයි, බල්නූර්ටයි විතරයි.
වැදගත්ම කාරණය තමයි- ඒ ගාර්මන්ට් එකේ වැඩ කරපු වැඩි හරියක් දෙනා හොරෙන් එංගලන්තයට සංක්‍රමණය වුණු අය හෝ work permit නැති අය හෝ වීම. ඉතිං එහෙව් අය හැකිතාක් රහසෙන් වගේ තමා කල් ගෙව්වේ. Foto ගහනවා වගේ දේවල් නොකෙරෙන්නට ඒක හේතුවක් වෙන්නැති.
මට දැනුයි කල්පනා වෙන්නේ- අහීර් මහත්තයා ඒ නත්තල් පාටිය වුණත් වැඩි කල-එළියක් නැති / සද්ද බද්දයක් නැති එකක් විදිහට පවත්වන්න ඇත්තෙ ඒ නිසා වෙන්නැති කියලා.

අනාගතේ දවසක මේ විස්තර blog එකක ලියාවි කියලා කව්ද හිතුවේ?

2. ඇඟලුම් කම්හලෙන් හා එංගලන්තෙන් සමුගෙන එන දවස්වලත් එක ඡායාරූපයක්වත් අරගෙන නැහැ නෙව...

කොහෙද- අනාගතේ දවසක මේ විස්තර මේ විදිහට blog එකක ලියාවි කියලා කව්ද හිතුවේ? එහෙම දැනගෙන උන්න නං ඔන්න කොහොම හරි foto ටිකක් ගන්න ඉඩ තිබ්බා.

ප්‍රසාද් ගොයියා දත්මිටි කන විත්තිය කියන තැනිනුයි නත්තල් පාටියේ කතන්දරය පීලි පැන්නේ. අමන් හා ප්‍රසාද් ගැන දැන ගන්න ඉවසිලි නැති පාඨකයනුත් දැන් ඉන්නවා ඇත්තෙ දත්මිටි කකා වෙන්න පුළුවන්. තරහ අවසර- තරහ  අවසර! මෙන්න මං ආපහු එතනටම යනවා.

බල්නූර් කියලා තිබුණු විදිහටම පාටිය ඉක්මනටම නිමා වුණා. ඒ හින්දා වැඩියත්ම සතටු වුණේ ප්‍රසාද්.
හැබැයි විසිර යන වෙලාවේ අමන් මාව වැළඳගෙන සමු දෙද්දී නං ප්‍රසාද්ගේ මූණ ආයෙත් වතාවක් කළු ගැහුණා. අමන්ගේ ඒ උණුහුම් ප්‍රේමණීය hug එකෙන් ඒ වෙලාවේ මට ඇති වුණු ප්‍රමෝදය එයාට පෙනුණා නං... 

‘ඇති යන්තං... කෙහෙල්මල් පාටිය ඉවර වුණා!’ කියල කියාගෙනයි ප්‍රසාද් මාත් එක්ක පාරට බැස්සේ. එයා ගොඩක්ම බයෙන් හා සැකයෙන් හිටියලු පරක්කු වුණොත් මං එයාලගේ බෝඩිමට නෑවිත් කෙලින්ම ගෙදර යයි කියලා.

මාස ගණනාවක් මසට-මස ගැටෙන පිරිමි පහසක් නොලබා... ඒත් කිහිප වතාවක් ප්‍රසාද් එක්කම සුරතාන්තයන්ට පැමිණිලා හිටි මටත් එයා එක්ක හොඳටම නිදහස් තැනක තනි වෙන්න තිබ්බ ඕනෑකම... පොඩි පහේ එකක් නං නෙවෙයි. ඒත් ඒ බවක් මං ප්‍රසාද්ට පෙන්නුවෙ නෑ.

එයා ඔතෑනි පාට- පසුගාමී ගති ඇති මනුස්සයෙක් විත්තිය ඇත්තයි. ඒත් ඒ හාදයා කාමාතුරව ඇවිස්සුණාම අර ඔතෑනි- පසුගාමී ගති එහෙම පිටින්ම නැතිව යන එකයි පුදුමේ! මට ඒ ගතිය සහමුලින්ම අත්විඳ ගෙන බලන්නට තද ඕනෑකමකුත් තිබුණා!!!

ඒ සේරටම හපන් එයාගේ යගදාව!
පැසිව් පාට්නර් භූමිකාවට පුරුදු වී හිටි මං පුදුම ආසාවකින් උන්නේ ඒ හාදයාගේ අයෝමය ග්‍රහණයට ලක් වෙන්න... තමන්ගේ පිරිමිකම ගැන ඉහළම තක්සේරුවක හිටි බව පෙන්නුව එයා ඇක්ටිව් පාට්නර් කොටස මොන තරම් සාර්ථකව act කරයිද කියල බලා ගන්න.

අපේ ගාර්මන්ට් එක ළඟ ඉඳලා වැඩි ඈතක නෙවෙයි ප්‍රසාද්ලගේ බෝඩිම තිබුණේ. අතුරු පාරකට හැරිලා- පයින් යන දුර...
“මේක පරණම පරණ ගෙයක්. ළඟදිම කඩලා දාන්නලු ඉන්නේ...”
“ඉතිං එතකොට ඔයාට වෙන තැනක් හොයා ගන්න වෙයිනෙ, ප්‍රසාද්!”
“තැන් නං ඕනි තරං තියෙනවා friend. ගණනනේ වැඩි... එව්වයෙන් කමක් නෑ... මෙන්න අපේ කාමරේ...”

කොන්ඩම් 10,000ම දවස් කීපයක් ඇතුළත ඉවර වෙලාලු!

ප්‍රසාද් කාමරයේ දොර ඇරියා.

එතකොට කාමරේ ඇතුළෙන් ආවේ පුස් ගඳක් මිශ්‍ර වුණු හුළං පොදක්. මං කලිනුත් කියලා තියෙන දෙයක් තමයි- නිදි කියන්නේ ඉතා හොඳ ආඝ්‍රාණ සංවේදීතාවක් සතු කෙනෙක් විත්තිය. / දවසකට දෙවතාවක්වත් ස්නානය කරන- මගේම දහදිය ගන්ධය පවා නොඉවසන කෙනෙක් විත්තිය.
ඉතිං අර අප්‍රසන්න ගන්ධකේ හිංදා මං හිටිය මූඩ් එකෙන් 5%ක් විතර නිකංම වාෂ්ප වෙලා ගියා.

තවත් 5%ක් විතර නැති වෙලා ගියේ කාමරේ ඇතුළට ගියාමයි. හැම තැනම කිලිටි රෙදි. කාමරේ තිබුණු තට්ටු දෙකේ ඇඳන් දෙක උඩත් ගුළි කරලා දමපු ඇඳුම්...
“මේකේ ඇඳන් හතරක් තියෙන්නේ... තුන් දෙනා නෙවෙයිද ඉන්නේ...”

“හ..ත..ර..යි!”
“කොහෙටද ගියයි කිව්වේ දෙන්නයිනේ ප්‍රසාද්.”
“ඉතිරි එකාට අද උදෙන්ම මම කිව්වා අද රෑ වෙනකල් කාමරේට එන්න එපැයි කියලා.” ප්‍රසාද් නං කියයි. එයා එහෙම කිව්වට හදිසියෙවත් මිනිහා ආවොත්? තවත් රින -5%ක්. දැන් මගේ මූඩ් එකෙන් සීයට 15ක්ම අඩු වෙලා ඉවරයි!

ලිංගික කටයුත්තක යෙදීම මට නං එක්තරා කලාවක්; ලතාවකට අනුව- නිවී හැනහිල්ලේ කළ යුතු වතාවතක්! ඒක කෙරෙන්න ඕනත් බයෙන්- සැකෙන්- බාධාවලින් තොරව නේද? ඒකට උචිතම පරිසරයක් තියෙන එකත් මට නං ලැබෙන සංතෘප්තිය කෙරෙහි බලපානවා...

ප්‍රසාද් කාමරයේ දොර වැහුවා... හනි-හනික ඇඳුම් ගලවන්න පටන් ගත්තා. ඒ ඇඳුමුත් කිසිම පිළිවෙලක් නැතිව ඇඳක් උඩට ගියා. ”ඇයි උඹ බලාගෙන ඉන්නේ... මං උදව් කරන්නද?” බැනියමයි, යට ඇඳුමයි විතරක් ඉතිරි වෙලා තියෙද්දී ප්‍රසාද් මගෙන් ඇහුවා.
ඒත් එක්කම එයා ලාච්චුවකින් එළියට අරගෙන මට පෙන්නුවෙ කොන්ඩම් පැකට් එකක්...

මොන පුදුමයක්ද මංදා- මං වහන්සේ යමක් ලියාගෙන යනකොට ඒකට පෝර වැටෙන කාලීන දේවලුත් ලහි-ලහියේ හම්බ වෙනවා!
අද උදෙත් ඒක සිද්ද වුණා...

‘කොන්ඩම් අවසන් වී ශීත සෘතු ඔලිම්පික් උළෙලේ අනපේක්ෂිත අර්බුදයක්’ කියලා Dasatha News 4 එකේ ප්‍රවෘත්තියක් ඇහැ ගැහුණයි කියමුකො...

news එකට අනුව, 2026 පෙබරවාරි  6 වෙනිදා පටන් ගත්තු මිලාන් - කෝර්ටිනා ශීත සෘතු ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,800කට වැඩි පිරිසක් සහභාගී වෙනවලු. මූලික සැපයුම අතරේ නොමිලේ ලබා දී තිබුණු කොන්ඩම් 10,000ම දවස් කීපයක් ඇතුළත ඉවර වෙලාලු. අලුතෙන් ‘කොපු’ සපයන්න පරක්කු වීම තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ...

කොහොමද ප්‍රගතිය?
ඉතිරි හරිය ඉතා ඉක්මනින්...

52 comments:

  1. //ඉතිං අසංග හිතවතාට විශේෂයෙන් ස්තුති නොකර කොහොමද ගොඩක් ස්තුතියි අසංග මහත්තයෝ//
    ස්තුතියි ඔබේ ප්‍රසංසාවට. මමත් බ්ලොග් ලොවට ගොඩවෙන්න Team viewer හරහා මගේ පරිගණකයට ඇතුල්වෙලා බ්ලොග් එකක් හදලා දුන්නේ නම නොදන්නා සිතුවිලි සටහන් සින්ඩිය කෙරු හිතවතා ඊට පස්සේ බ්ලොග් එක බ්ලොගර් වලට ගැලපෙන්න හදා ගන්න උදව්කලේ අටමපහුරේ ලක්මාල් කන්දේවිදානේ මහතා. ඉතිං අපි කවුරුත් කාට කාට හරි උදව්පදව් කරගෙන තියෙනවානේ විශේෂ ස්තුති නැතිවට. නිකං දුන්න පිහිපාරත් බාරගත්තු මම නිදි ලොක්කාගේ ප්‍රසංසාවත් එක හිතින් හදපත්ලෙන්ම බාරගන්නවා..
    මම කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. සමහර ඉන්දියානුවන් ගාවින් එන්නේ අමුතු ගදක්. මේක වැඩිපුර කුලුබඩු කෑමට එකතුකර ගන්න නිසාද? සමරවිට සිත පැතිවල ඉන්න අයගේ නෑමේ අඩුව හින්දාද?
      මම කොළොම්පුරේ අසංග

      Delete
    2. ඔව් අසංග මහත්තයෝ,
      අපි කව්රුත් සහයෝගයෙන් එකිනෙකාට උදව් කර ගැනීම කොච්චර ලොකු දෙයක්ද? හැබැයි, ඒකට අකමැති අයත් ඉන්නවනේ!

      Delete
    3. මටත් හිතෙන්නේ එයාලා කුළුබඩු වැඩියෙන් දාපු කෑම කන හන්දා වෙන්නැති එහෙම කුයිලක් එන්නේ.
      නාන්නේ නැති අය ළඟින් හඩු ගඳ ගහන එක ඉතිං...

      Delete
  2. සරා සරා ගීතයෙ මේ වර්ෂන් එක දැක්ක ද?
    https://www.youtube.com/watch?v=Z6OlsnR-T9I

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඩ්‍රැකී. මම මේ වර්ෂන් එක දැකල තිබ්බේ නෑ.
      ඒ ගීතයට රංගනය ඉදිරිපත් කරන්නේ නිලූකා රේඛානි. මහරගම පතිරගොඩ පාරේ හිටියෙ. එයා තමයි මට 'බිරිඳ' පත්තරයේ මාධ්‍යවේදී ජයන්ත ගාල්ලගේ මහතාව හඳුන්නල දුන්නේ- ඒ පත්තරේට නවකතාවක් ලියන්න. ඒ විස්තර මෙතන තියෙනවා.
      https://nidigepanchathanthare.blogspot.com/2022/10/blog-post_11.html

      Delete
    2. හරිනේ, නිලූකා රේඛානි කෝපිකඩෙත් හිටිය නේන්නං. තකහණියක් පරණ ලිපිය කියවල ආව.

      Delete
    3. ඔය, මං දාපු සරා සරා සිංදුව තිබුණු ටෙලි නාට්‍යය බලල තියෙනවද?

      Delete
    4. නැහැ නෙව ඩ්‍රැකී. ඒක ටෙලිනාට්‍යයක තිබුණු එකක්ද?

      Delete
  3. කියෙව්වා. සරා-සරා සිංහල වර්ෂන් එකේ ටිකක් බැලුවා. ආයෙ එන්නම් පස්සෙ

    ReplyDelete
  4. ඒ කාලයේ කාලය සඟරාව එකක් නෑර ගත්තා. මෑතක් වෙනකල් තිබුනා. ඒත් පසු කාලයේ නලින්ගේ අදහස් සමග එකගවෙන්න බැරිබව තේරෙන කොට ඒවා කොහේ දැම්මද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කාලය සඟරාව ප්‍රින්ට් කළේ අපි - අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ. එයින් මට නම් ලොකු වාසියක් සැලසුණා Litseeker.
      ගුණදාස අමරසේකර, ජී අයි ඩී ධර්මසේකර, කේ ඩබ්ලිව් ජනරංජන, කුලියාපිටියේ ප්‍රනන්ද ඇතුළු ලේඛකයන් රැසක්ම හඳුනා ගන්නට ලැබුණා.

      Delete
  5. මම හිතුව මේක කියල හොයන්නේ - https://www.youtube.com/watch?v=qDBcF8aumxM

    ReplyDelete
    Replies
    1. ඒක හොයන යනකොට මේකත් හම්බ වුනා . නිදිත් දෙන ලණු https://www.youtube.com/watch?v=58mkb3rHuTQ

      Delete
    2. Links දෙකටම ස්තුතියි අජිත් ධර්ම මහත්තයෝ... ඔයා මේ වගේ එව්වත් බලනවද?

      Delete
  6. Zara Zara කිව්වහම මම හිතුවෙ මේක කියල.

    https://youtu.be/sjij_VKa2QQ?si=hQkxkEl7Hgc4aWVX

    මේකත් ෆේමස් මූවි එකක හින්දි වර්ෂන් එකක තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒත් මහේෂ් මහත්තයෝ, මේක අලුත් එකක්නෙ... ඒකට කමක් නෑ... මම කැමති නළුවෙක් ඉන්නේ... රස වින්දා. ගොඩක් ස්තුතියි.

      Delete
    2. නෑ මේක පරණයි. මින්නලේ එකේ රී මේක් එක. 2001 නේ... පරණ එකක්.

      Delete
    3. මහේෂ් මහත්තයෝ, මං මේක අලුත්ය කිව්වේ 1995ත් එක්ක සංසන්දනය කරලා.

      Delete
  7. භාග්‍ය ප්‍රසාද්: හිටපු කොල්ලෝ ගාන මට මතකත් නෑ
    නිවේදිකාව : ඇත්තටම කීයක් විතර හිටියද?
    භාග්‍ය ප්‍රසාද්: විස්සක් විතර
    නිදි : හොල්ඩ් මයි "සරා,සරා"

    ReplyDelete
    Replies
    1. ඒක දැකල මට මතක් වුණේ, කොඩි ගහ යට කලූ
      https://youtu.be/1a5rvBC5zTo?si=XUjdY8kQQ7YYSj7R

      Delete
    2. Links දෙකක්ම එවූ තමුන්නාන්සේලා දෙන්නටම ස්තුතියි!

      Delete
  8. ප්‍රසාද් සෑහෙන කාලෙක ඉඳන් නිමල්ට එයාගෙ නවාතැනට එන්න කියලා ආරාධනා කරලා, සැරින් සැරේ ඒක මතක් කර දිදී ඉඳලත්, නිමල් යන දවසෙ කාමරේවත් පිලිවෙලකට තියලා නෑ කියන එකෙන්ම ප්‍රසාද් ගැන හිතා ගන්න පුලුවන්. වෙන අයත් කාමරේ ජීවත්වුණත් ඕනෙකමක් තිබුණානම් පොඩ්ඩක් හරි පිලිවෙළකට තියන්න තිබුණා නේද.

    නිමල් අසංගට ස්තුති කරලා ලියලා තියෙන කොටස හරිම ලස්සණයි. ස්තුති කරන එක නිමල් හොඳටම කරනවා නේද 👍.

    "ඒ එක්කම මෙන්න බොලේ ගැහැනු පිරිමි තරගෙට වගෙ ශාලාව මැදට වැක්කෙරෙන්න ගත්තා". 'ශාලාව මැදට වැක්කෙරෙන්න ගත්තා' කියන යෙදුම මම නෝට් කරේ දැන්. ලස්සණ යෙදුමක්.

    ReplyDelete
    Replies
    1. Lotus, ප්‍රසාද්ගේ සිදුවීමේ කූඨප්‍රාප්තිය ඊළඟ කොටසේ ලියවෙන නිසා ඔයා කියා ඇති පළමුවෙනි කාරණය ගැන දැන් මොකුත් කියන්නේ නෑ. කමක් නැහැනේ?

      Delete
    2. ... පුංචිම කාලේ ඉඳලා මට ගොඩක් දෙනාගේ උදව් කප්පරක් ලැබුණානෙ Lotus. අවූරුදු 12දී- 1966 ඉඳලා පේව්මන්ට් එකේ රජ වෙන කාලේ ඉඳලාම.
      ඒවා මහමෙරක් වටින උදව්. අපේ පවුල ජීවත් කෙරෙව්වේ ඒවා. මම ඒවා මතක තියා ගන්නත්- අගය කරන්නත්- ස්තුති කරන්නත් පුරුදු වෙලා...

      මං හිතන විදිහට මා සතු පුදුමාකාර මතක ශක්තියත් කෘතවේදී වීමට බලපානවා වගෙයි Lotus.

      විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව අවුන්සයක් වටිනවාය කියලත් මම තරයේ විශ්වාස කරනවා!

      Delete
    3. ... ගොඩක් ස්තුතියි Lotus, කලිනුත් කියල තියෙනවා වගේ ඔයා හොඳ විමසිලිමත් කියවන්නියක්.

      Delete
    4. බොහොම ස්තුතියි නිමල්, compliment එකට.

      Delete
    5. Nidi, are you sure Lotus is a she? I always thought that it is Ajith Dharma

      Delete
    6. මට හරිම පුදුමයි Ano ඔයා ගැන. ඔයා තමන්ගේ අනන්‍යතාව එළිදරව් කරන්න තරම් ගටක් නැතිව ඉඳගෙන අනුන්ගෙ අනන්‍යතාව හොයන්න මහන්සි වෙනවනේ.

      Delete
  9. හිංදි සිංදුවක මැද තියෙන වචන දෙකක් පාවිච්චි කරලා, මේ ළඟදි මමත් සිංදුවක් හොයා ගත්තා. YT ශෝර්ට් විඩියෝ එකක මට ඒ වචන ඇහුනෙ "කටු කෙසරා" වගේ 😏😊. මම YTවල සර්ච් කරා "Katu Kesara hindi song" කියලා. එතකොට සිංදුව ආවා. සින්දුවෙ නම Raataan Lambiyan; හරි වචන Kaatun kaise raataan; නමුත් මගේ වැරදි වචන සහිත prompt එක වැඩ කරා 😉

    ReplyDelete
  10. //ලිංගික කටයුත්තක යෙදීම මට නං එක්තරා කලාවක්; ලතාවකට අනුව- නිවී හැනහිල්ලේ කළ යුතු වතාවතක්! ඒක කෙරෙන්න ඕනත් බයෙන්- සැකෙන්- බාධාවලින් තොරව නේද? ඒකට උචිතම පරිසරයක් තියෙන එකත් මට නං ලැබෙන සංතෘප්තිය කෙරෙහි බලපානවා...//

    +++++++++++++++++++++++++++++++++

    //ප්‍රසාද් කාමරයේ දොර වැහුවා... හනි-හනික ඇඳුම් ගලවන්න පටන් ගත්තා. ඒ ඇඳුමුත් කිසිම පිළිවෙලක් නැතිව ඇඳක් උඩට ගියා. ”ඇයි උඹ බලාගෙන ඉන්නේ... මං උදව් කරන්නද?” බැනියමයි, යට ඇඳුමයි විතරක් ඉතිරි වෙලා තියෙද්දී ප්‍රසාද් මගෙන් ඇහුවා.
    ඒත් එක්කම එයා ලාච්චුවකින් එළියට අරගෙන මට පෙන්නුවෙ කොන්ඩම් පැකට් එකක්...//

    පේන හැටියට මේ ප්‍රසාද් කියන මනුස්සයට තියෙන්නෙ වැඩෙ කරගන්න තියෙන්න උවමනාව විතරයිද කොහෙද. වෙන ඉමෝෂනල් කෑල්ලක් නම් පේන්න නෑ...

    ReplyDelete
    Replies
    1. @ නිදි

      අපට ලාෆ්ස් ගෑස් දැන් මාස දෙකකින් ඇවිත් නෑ, ලොකු ගානක් දීලා රජයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් හිස් එකක් ගත්තා ඒකත් වැඩක් නෑ ලිට්රෝ ගෑස් නැති නිසා, ගෑස් විකුණන නියෝජිත වෙළදුන්ට ඇවිත් නැහැ කියල කඩ වලින් කියනවා. මහජනතාවට අත්‍යවශ්‍ය දෙයක් මෙහෙම් වගකීමක් නැති අමන සමාගම් සහ රජයේ ආයතන බාරදීලා පාරිභෝගික අදිකාරිය නිකන් ඉන්නවා. මම අද කතා කළා පාරිභෝගික අදිකරියට (0117755455) එතනින් තව අංක 3 ක් දුන්නා ඒ අංක වලට කතා කරලා කියන්න කියලා (0117755473 / 0771088922 / 0770106600) ඒ තුනම අන්ස්වර් කරන්නේ නැහැ. ඔන්න රටක රාජ්‍ය ආයතනයක තත්වය. මුන්ට පඩි දෙන්නේ මොකටද? මහ දූෂිත කාලකන්නි විසින් පාලනය කරන කාලකන්නි රජයක් ඉන්නෙ ලංකාවේ.

      Delete
    2. @ඇනෝ මිත්‍රයා

      දකුණට ගෙරෙවුවට නලවන්නෙමු උතුර
      ආයෙත් හදනවලු අර ලොක්කගෙ ගෙදර
      දර ලිප් තියෙන කල මොකටද සිලින්ඩර
      දෙදහස් තිහෙත් අපි පත්කර ගමු අනුර

      Delete
    3. @ නිදිගෙ පංච තන්තරේ February 21, 2026 at 10:20 PM
      ඔයා හරි. ඊළඟ කොටස කියවන්නකෝ.

      Delete
    4. @ Anonymous February 22, 2026 at 4:39 AM
      Ano, මහා දූෂිත කාලකන්නි රජයක් තියෙන්නේ 2026 ද?

      Delete
    5. @ නිදිගෙ පංච තන්තරේ February 22, 2026 at 10:23 AM
      කවිය හොඳයි එළි වැට හෙම රැකී තියේ
      මගේ නමින් ඔබ දිගටම ලියා තියේ
      ඇයි මේ ඔබේ නම හංගා මොකද ප්‍රියේ
      එළිපිට නටන්නට වෙයි හිරු නැඟෙන පැයේ

      Delete
  11. Replies
    1. ප්‍රා ජේ තුමා මොකෝ පරක්කු...??

      Delete
    2. මට මේක දැකලා මතක් වුනේ ප්‍රෙඩී සිල්වගෙ සිංදුවක්:

      ඉඳිගහ යට වාඩිවෙලා විකුණාලා වතුර කනක්කු
      අරාබියේ මරු කතරෙ මගියන්ගේ පවස වැලැක්කු
      ඔටූවන් පිට පටවාලා පූරවා හිස් බඳුන අඩූක්කු
      මින්නාරේ මං ආවා නූඹ තාමත් මොකද පරක්කු

      Delete
    3. බකුසුතුමෝ, ඔය සිංදුව වෙන්න ඕනි ප්‍රෙඩී සිල්වා ගායකයාණන් ගැයූ හොඳම හැඟුම්බර ගීතය.

      Delete
    4. සහතික ඇත්ත. සංගීතයත් ඒ වගේමයි.
      මහ වැලිකඳු උඩ යන්නා කුණාටූ ගෙරවිලි මැද්දේ
      ඇහූණද නන්නත්තාරෙ ඇවිදින හූළඟේ සද්දේ
      ජබාර් ඛාන් කුමාරයා ඔටූවකු පිට උඩ නැගිලා
      නූඹව පතා සහරාවේ එන බව ඉන් පවසනවා

      මෙතනින් අහන්න

      ඔටූවන් දක්කන්නෙකු වූ මං උඹ වාගෙම දුප්පත්
      ජබාර් ඛාන් කුමරුන්ගේ මූළු කතරෙම උල්පත්
      රජ ඉසූරට වසඟ වෙලා නූඹ යාවිද මං හැරදා
      මින්නාරේ අද පමණක් කිමදෝ ඉන්නේ පිටූපා



      Delete
    5. සිංදුවෙ link එකත් දැම්ම එක මල්, බස්සෝ!

      Delete
  12. අදත් හොදම කැල්ල පසුවට......

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ලලිත් මහත්තයෝ- ඊළඟ කොටස පටන් ගන්නේ හොඳම තැනකින් කියන එකද?

      Delete