අකුරු මැකී නෑ

Saturday, May 16, 2026

යකිනිට ඇන්දා- පස්වෙනි කොටස

වැඩ ගොඩ ගැහුණා; ඒ අස්සට මගේ ලෙඩයි- කම්පියුටරේ ලෙඩයි- අකුණු ගහන වැහි කෝඩයි ඔක්කොමත් එකතු වුණා. ඒකෙන් වුණේ නිදිගෙ පංච තන්තරේ ලියන වැඩේ කර ගන්න තිබුණු පුංචි ඉඩත් නැතිම වෙලා ගිහිං- ඒක හොඳටෝම පරක්කු වෙච්චි එක. ඒ ගැන උපරිමයෙන්ම කනගාටුයි- හොඳේ.

අපේ පොඩි මාමා රඟපාන්න- සිංදු කියන්න බැරි ‘පික්චර් පිස්සෙක්’. ඒ වුණාට උමතු ‘මාලිනී ෆොන්සේකා’ රසිකයෙක්!

“රංජි මල්ලී... මේ සැරේ නං ඔයා නාට්‍යයට තෝරාගෙන තියෙන කතන්දරේ ලොකු ඝට්ටන-භට්ටන නැතිම තරමයිනේ... ඒකෙන් හදන නාට්‍යයක් මිනිස්සුන්ට අල්ලයිද කියලත් හිතෙනවා, මට නං.”

එදා සාකච්ඡාවෙන් පස්සේ සරත් රංචාගොඩ අපට කිව්වා. (අපට කිව්වේ පොඩි මාමාටයි, සෝමවීරටයි, අපේ සුනිල්ටයි, මටයි.)

අපේ පොඩි මාමා රඟපාන්න- සිංදු කියන්න බැරි ‘පික්චර් පිස්සෙක්’. ඒ වුණාට උමතු ‘මාලිනී ෆොන්සේකා’ රසිකයෙක්. (ඒ කාරණේ හොඳට මතක තියා ගන්නකො!)
අපේ සුනිල් මල්ලිත් රඟපෑවෙ නෑ- බටනලාව හා වයලීනය වාදනේ කළා විතරයි. හැබැයි සුන්නයි- මායි තමා ඒ දවස්වල මහරගම අනුෂා- නැෂනල් හෝල් දෙකේ චිත්‍රපට බලන්න ගියේ.

සෝමවීර අපි හැමෝටම එහා පිචර් පිස්සෙක්. මිනිහා සිංහල films බලලා වාර්තාවක් තියන්න හිතාගෙන හිටිය වගෙයි.
“මචං, සිංහල චිත්‍රපටවලින් මට බලන්න බැරි වෙලා තියෙන්නේ මුල්ම කාලේ එව්වා ටිකක් විතරයි. කොහේ හරි තූත්තුකුඩියක තියෙන හෝල් එකකට වුණත් එහෙම ෆිල්ම් එකක් දැම්මයි කියල දැනගත්ත ගමන් මං ගිහිං ඒකත් බලනවා...”
“සවුත්තු එකක් වුණත්?”
“මගේ list එක සම්පූර්ණ කර ගන්නනෙ සරත් එහෙම ගිහිං බලන්නේ.” සරත්ට එහෙම උත්තර දීල සෝමවීර මගේ පැත්තට හැරුණා.

“මිස්ටර් නිමල් දිසානායක, මම නං කියන්නේ ඔය පද මානවක ජාතකේ අස්සටත් ජොසී-මනප්පු වගේ කතන්දරයකුත් දාලා නාට්‍යය ලියපුවාම නියමෙට තියේවි කියලයි. එහෙම කරන්න බැරිකමක් නැහැනේ...”

ඇත්තම කියතොත් එහෙම කාරණයක් මගේ හිතේ මුල්ලකත් තිබුණේය. විශේෂයෙන්ම ‘චන්දරේ හා රෝහිණී’ නිසා. (චන්දරේ අපේ සුනිල්ගේ අනාගත මස්සිනාය; මල්ලිකාගේ අයියාය. චන්දරේ දක්ෂ ඩොල්කි වාදකයෙකි; බෙර වාදකයෙකි. රෝහිණී නර්තනයටත්- රැඟුමටත් සමතියකි; ඉතා ප්‍රියමනාප; සමාජශීලී යුවතියකි. රෝහිණී චන්දරේගේ පෙම්වතියයි.) ඔවුන් දෙදෙනාගේ සහභාගිත්වය අපේ අලුත් නාට්‍යයට ලබා ගතහොත් ලොකු කලඑළියක් ලැබෙනවා නිසැක යැයි මට හැඟී තිබිණි.

සමහරුන් නම් හැබෑම දක්ෂයන් කිට්ටුවට ගන්නටත්, ඔවුන් හා එකතුව වැඩ කරන්නටත් අකැමතිය. ඒ තමන්ට වඩා ඔවුන් කැපී පෙනෙතැයි බියෙනි. කෙරෙන කාර්යය මනරම් වෙන තරමට; පිරිපුන් වෙන තරමට කවුරු-කවුරුනුත් ජයග්‍රාහකයන් වෙන බවය, එදත්- අදත් මගේ නම් අදහස.

“සරත්ගේ අදහසත් හරි! ඒකට බෙහෙතකුත් මම හිතලයි තියෙන්නේ... මේ සෝමවීර කියපු ජාතියෙන්... මගේ තව අයිඩියා එකක් තියෙනවා... ඒකට නං ඔයාගෙ උදව්වත් නැතිවම බෑ සුනිල්.”
“ඒ මොකක්ද අයියේ?”
“චන්දරේවයි, රෝහිණීවයි දෙන්නවත් අපට එකතු කරවගන්න...”

යස්සනියෙක් ඉන්න නිසා යක් බෙරේ ගැහුවම ගතියට තියෙයි... (Foto- උදේනි අල්විස්)

“ඒකට බය වෙන්න එපා අයියේ. ඒ දෙන්නව කතා කර ගත්තැකි. ඒත් ඒ දෙන්නට මේ නාට්‍යයේ මොකක්ද කරන්න තියෙන්නේ?”

“චන්දරේට කියල යක් බෙරේ ගස්සව ගන්න ඕනි...”

“යක් බෙරේ?”
“හ්ම්! මේ කතාවේ යස්සනියෙක් ඉන්න නිසා යක් බෙරේ ගැහුවම ගතියට තියෙයි... රෝහිණීගෙන් තමයි මං පහත රට නැටුම් ටිකක් ඉගෙන ගන්න හිතුවෙත්.”
“ඉගෙන ගන්න? පහත රට නැටුම්? නැටුම් ඉගෙන ගෙනයැ අයියා ඉස්සර නාට්‍යවලත් නැටුවේ...”
“ඒ ඉතිං ආවාට ගියාටනෙ සුනිල්... මම හිතුවේ නැටුම් පද ටිකක් එහෙම අහගෙන, පිළිවෙලකට...”

“අයියේ, අදයි මම මේක ඔයාට කියන්නේ. ආවට ගියාට නැටුවයි කියල ඔයා හිතාගෙන හිටියට, අපේ සීයා කිව්ව විදිහට නං ඔයාත් නටනකොට සරලා බායි වගේලු... තව ටිකක් ප්‍රැක්ටිස් කරලා- සරුවපිත්තල ඇඳුම් ඇඳලා dance කළා නං මරු කියලයි සීයා කිව්වේ.”

“යකඩෝ... මේ මනුස්සයව තියන්න වටින්නෑනෙ... සිය සැරයකටත් වැඩිය සීයා ඔය සරලා බායි ගැන මටත් කියල තියෙනවා. හැබැයි, මගේ නැටුම් ගැන හ්ම් කියලවත් එක වචනයක් කියල නැහැනෙ.”

“ඉස්සර මිනිස්සු එහෙමයිලුනේ රංජි මල්ලී. කතාවක් තියෙනවා අහල ඇතිනෙ ‘ළමයි ඇහැරිලා ඉඳිද්දී ආදරේ පෙන්නන්න එපා, නිඳා ගත්තට පස්සේ ආදරේ පෙන්නන්න’ කියල. ඒ වගේ සීයා හිතුවද දන්නෑ ඔයාගේ නැටුම් හොඳයි කිව්වමත් ඔයා නරක් වෙයි කියලා...” ඒ සරත්.
මේ පොඩි මාමා. “ඊටත් වැඩිය වැඩේ සුනිල්- සීයා සරලා බායි නටනවා දැකල තියෙනවලුද?”

“මොකද නැත්තේ... සීයා ගෙන්දගම් පොළොවේ හැදිච්ච කෙනෙක්ලුනේ...”
අල්ලේ පැලවෙන බොරුත් විටෙක කියන්නට පුරුදු වී හිටි අපේ සීයා  සරලා බායි නාටිකාංගනාව ගැන කියා තිබුණු කතන්දර තාර බර සහිත ඒවා කියලාය අප හිතා උන්නේ. එහෙත්
‘ප්‍රජා’ අඩවියේ පළවී තිබුණු එම්.එන්.පී. රණවීර මහතාගේ ‘අපේ කලා ඉතිහාසය හැඩ කළ සුරූපී පිරිමි නිළිය’ නම්වූ සටහන දුටු විගස මට වැටහුණේ අපේ සීයාගේ ඒ කතන්දරත් අතිශයෝක්තීන් නොව ‘යුගයක් පිළිබඳ මතක සටහන්’ බවයි!

‘සරලා බායි කියන්නේ ටවර් හෝල් යුගයේ ප්‍රේක්ෂකයන්ව තමන්ගේ ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිස්සු වට්ටපු පිරිමි ශරීරයකින් ඉපිද නිළියක් ලෙස ජනප්‍රිය වූ පිරිමි පුද්ගලයෙක්. ටවර්හෝල් නාට්‍ය විකාශනයේ වැඩිම වාර ගණනක් සඳහන් වන නිළියගේ නම වන්නේද ‘සරලා බායි’ නාමයම තමයි...

ඒ අපූරු රූමත් නළඟන සරලා බායි 1996 වසරේ එක්තරා දිනයක ජීවන රඟමඬලෙන් බැස ගොස්...

1924 අගෝස්තු 7 දා මීරිගම ලෝලුවාගොඩදී තුවාන් හලාල්ඩීන් ෂෙරීෆ් නමින් උපත ලබන ඔහු කොලු පැටියෙක් වුනත්, කුඩා කාලේදීම පැහැපත් ශරීරයක් සහ ආකර්ශනීය නම්‍යශීලී ලාලිත්‍ය මුසු සිරුරකට හිමිකම් කියලා තියෙනවා. මේ නිසාම මේ කොලුවා කුඩා වයසේදීම නර්තනය හැදෑරීමට කටයුතු කර ඇතුවා සේම ඒ ඔස්සේ යමින් පසුව ඔහු කාන්තා ඇඳුම් අඳිමින් ප්‍රසිද්ධ වේදිකාවල් නර්තනයෙන් හැඩ කරන්න ඉදිරිපත් වෙනවා...

මේත් සමගයි මේ තරුණ කොලු ගැටයා ඔහුගේ නම වෙනස් කරමින් වේදිකා නාමය “සරලා බායි” ලෙස නම් වෙනස් කර ගන්නේ...

සරලාගේ විශේෂත්වයක් වූවේ ඔහු නටන විට ඔහුගේ මුවග රැඳුණ සුන්දර සිනහවයි. මේ වූ සිනහවට සේම ලාලිත්‍යවන් ශරීර හැඩය නිසාවෙන් ඒ කාලේ වේදිකාවෙ ඔහු රඟන විට ඇතැම් පිරිමි වේදිකාවට නැගලා සරලාගේ ඇඳුම්වලද මුදල් නෝට්ටු එල්ලූ බවත් සඳහන්.

ඒ වගේම මේ නිසා ඔහු පිරිමියෙක් වුවත් ඔහුට පිරිමින්ගේ ප්‍රේමාරාධනාවලින් අඩුවක් නොවූවා සේම සමහර පිරිමි ඔහු පිරිමියෙක් බව නොදැන ඔහුගේ ගෙදරට ඇවිත් දෙමව්පියන්ගෙන් ඔහුව විවාහ කරගන්නට අවසර පැතු බවත් ඒ කාලේ ප්‍රසිද්ධ පුවතක්...

ඔහු පිරිමියෙක් බව කෙතරම් කීවත් නොපිළිගත්, ඔහුගේ අත පතාගෙන ආපු පිරිමියෙක් ඔහුගේ ගෙදර කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් සරලාගේ අම්මා විසින් සරලාව කුස්සියේ දුමේ හැංගූ බවත් ඒ කාලේ හිට් ගොසිප් එකක්.

වේදිකාව මතදීම එකිනෙකට වෙනස් ඇඳුම් කීපයක් සැණෙකින් වෙනස් කරමින් ඇය සිදු කරපු රඟපෑම් බලන්න ප්‍රේක්ෂකයෝ වැල නොකැඩී එක්රැස් වුණ බවත්, රුක්මණී දේවියට සමාන හැඩහුරුකම්වලින් යුතු වීම නිසා සරලා බායි කෙරෙහි තව තවත් ජනතා ආකර්ෂණය ලැබුණ බවත් ඉතිහාසයේ කියවෙනවා.

ටවර් රඟහල රජය සතු කිරීමේලා ආර්ය සිංහල නාට්‍ය සභාව ගෙන ගිය සටනේ සරලා බායි ද ප්‍රමුඛයෙකු වූ අතර, ඔහු 1978 රණසිංහ ප්‍රේමදාස සංකල්පය යටතේ නවීකරණය වූ ටවර්හෝල් රඟහල් පදනමේ විශ්‍රාම වැටුප්ලාභියෙකු වූ අතර, මේත් එක්කම සරලා බායිට තනිවම ජීවත් වන්න මාලිගාවත්ත මහල් නිවාස ලැබී තිබෙනවා...

මීරිගම ගම්මානයේ මුස්ලිම් ජාතිකයෙකුව ඉපිද, ටවර්හෝල් යුගයේ සිය ගණනක් වූ නාට්‍යවලට නර්තන දායකත්වය දෙමින්, රට පුරා සංදර්ශනවලදී ජනී ජනයා ප්‍රමෝදයට පත් කරමින් රටම වශී කළ ඒ අපූරු රූමත් නළඟන සරලා බායි 1996 වසරේ එක්තරා දිනයක ජීවන රඟමඬලෙන් බැස ගොස් සදහටම සමාදානයේ සැතපුණාය.

එලෙස ලියද්දී, රජ වාසළේ සේවය කරන්නෙකුගේ චරිතයට සුදුසු නළුවෙකු උන්නේ නැත. ඔහුගේ කටහැකර බිරියගෙ චරිතයට නම්... (Foto- උදේනි අල්විස්)

නමුත් ඇයගේ (ඔහුගේ) සුරූපී බව සහ රංගනය හේතුවෙන් ලාංකේය ඉතිහාසයේ පිටුවක් සුන්දර ලෙස සරසන්නට ඔහුට හැකිවනවා...’

“ටවර් හෝල් ටීටර්වල එකම චරිතේ කරන්න පුළුවන්කම තිබ්බ නළු-නිළියො කීප දෙනෙක්ම හිටියා. හැබැයි නැටුම්වලට නං ඉතිං හිටියෙ සරලා බායිම තමා!” අපේ දෙවෙනි නාට්‍යය වුණු විධුර නාටකයේ පිටපත අරගෙන ආ අබරන් මාස්ටරුත් අපට කියා තිබිණි.

එහෙම වුණත් ‘පද මානවක ජාතකයෙන්’ කෙරෙන්නට යන අපේ නාට්‍යයට නම් වැඩිපුර තියා- ඇති තරමටවත් නළු-නිළියන් අපට උන්නේ නැත. නාට්‍ය පිටපත ලියද්දී ඒ විත්තියත් ඔළුවේ තියා ගන්නට මට සිද්ද වුණේය. ඒ වාගෙම එක එක චරිතයට ගන්නේ කවුරුන්දැයි කියන කාරණයත් මගේ හිතේ තියාගෙනය, නාට්‍ය පිටපත ලියැවුණේ.

එලෙස ලියද්දී, රජ වාසලේ සේවය කරන්නෙකුගේ චරිතයට සුදුසු නළුවෙකු උන්නේ නැත. ඔහුගේ කටහැකර බිරියගේ චරිතයට නම් රෝහිණීත්, අපේ ලොකු නංගිත් දෙන්නාම ගැළපෙයි. එතකොටය මට අපේ අනිල් මල්ලීව සිහි වුණේ. හත් හැවිරිදිව සිටියදී- 1966 අජාසත්ත නාට්‍යයේ වධක පැටියාට රඟා, පිටපතේ නොතිබුණු දෙබසකුත් පවසා ප්‍රේක්ෂකයන් සිනා ගැන්වූ අනිල්ව ඉන් පසු අපේ නාට්‍යවලට තෝරා නොගැනුණේ ඇයි? අපට නළු-නිළි අතිරික්තයක් තිබුණු නිසාද?

“අනිල්, මේ සැරේ අපි කරන්න යන නාට්‍යයේ තමුසෙටත් කොටසක් තියෙනවා. කරමු නේද?” මම අන්නාට යෝජනා කළෙමි.
“ලොකා කියනවා නං...” කියමිනි අන්නා දෙවරක් නොහිතා කැමත්ත දුන්නේ.
ඒත් ඒ චරිතයට අනිල්ව ගැනීමෙන් සිද්ද වුණේ අපේ ලොකු නංගිට නාට්‍යයේ චරිතයක් නොලැබී යාමයි.

එහෙම කරන්නට වුණේ දසනායක රත්නවතී මැතිනියගේ සෘජු බලපෑම්වලට නතු නොවී ඉන්නට මේ නිමල් දිසානායකයාට නොහැකි වුණු නිසාය. “ඇයි ළමයෝ, නාට්ටියකට වුණත් අක්කයි මල්ලියි දෙන්නා ගෑනිටයි මිනිහටයි ඇට් කරවන එක හරිද මං අහන්නේ... චී චී චී, එහෙම කළොත් ගමේ මිනිස්සු මූණට කෙළ ගහයිනේ...” ආච්චිත් එක්ක වාදයකට නොයාම, ඒ චරිතය රෝහිණීට පැවරීමය, මං වහන්සේ කෙරුවේ.

ඔය කීවේ ‘නොනිමි ආශා’ ලියැවෙන- පුහුණු වීම් කෙරෙන අවදියේ සිද්ද වුණු හුටප්පරවලින් ටිකකි!    

නොනිමි ආශා!
ඒ දවස්වල මගේ දැනුම් වපසරියේ තරම පෙන්නන හොඳම සාධකයකි නාට්‍යයට යෙදූ ‘නොනිමි ආශා’ නම. කොතරම් සාම්ප්‍රදායික නමක්ද? මට එහෙම හිතෙන්නේ දැන්ය.

ඒ ඇරයුම් පත්‍රයත් තිබ්බේ මගේ අතීත ලට්ට- ලොට්ට සහිත පාමුල් පෙට්ටියේය.

දැන් මා ඉදිරියේ ඇති ‘නොනිමි ආශා නාට්‍යයේ ඇරයුම් පත’ පමණකි, මගේ මතකය හැරුණු විට තවමත් ඒ නාටකයේ සාක්ෂියක් ලෙස ශේෂව තිබෙන්නේ. ඒ ඇරයුම් පත්‍රයත් තිබ්බේ මගේ අතීත ලට්ට- ලොට්ට සහිත පාමුල් පෙට්ටියේය.

එය hand-made ඇරයුම් පතකි. එහිවූ රතුපාට Forget Me Not රෙදි මල් ටික හැදුවේ අපේ ලොකු නංගි පුෂ්පා රංජනී දිසානායකයි. අකුරු ලිව්වෙත්, පෝන්ස් අතු හා මල් අලවා ඇරයුම් පත නිම කෙරුවෙත් මේ ලියන්නා විසින්.

“නිමල් මල්ලී, මේ ඉන්විටේෂන් කාඩ් එක නං නාට්ටියෙන් පස්සෙවත් කවුරුවත් විසි කරන එකක් නෑ...” ආරාධනා පත්‍රය දැක්ක ගමන් කළු අක්කා කිව්වේ සතුටින් ඉල්පිලා. “... හරිම ලස්සනයි. කාඩ් කීයක් විතර බෙදන්නද ඔයා හිතං ඉන්නේ?”

“නාට්‍යයට සම්බන්ධ හැමෝටම මම කියලයි තියෙන්නේ- ඇත්තම කතන්දරේ. රුපියල් දහදාහට වැඩිය නාට්‍යයට වියදං යන විදිහයි දැනටම පේන්නේ. එහෙම වුණත් කොහොම හරි බැඳ ගත්ත බෙරේ ගහලම එපැයි බිම තියන්න. Invitation Cards සීයක්-දෙසීයක්වත් බෙදා ගන්න ඇහැක් වුණොත්... අපිට ලේසියෙන්ම තව රුපියල් තුන්හාරදාහක් හොයා ගත්තෑකි. එහෙම වුණොත් නං අපි ගොඩ! Stage එක ඉස්සරහින්ම අමුත්තොන්ට ඉඳගන්න පුටු ටිකක් දාන එක මහ ලොකු අමාරුවක් නෙවෙයිනෙ කළු අක්කේ.
රුපියල් විසිපහකට හරි පනහකට හරි ටිකට් එකක් කඩලා... ඉඳගෙන නාට්‍යය බලන්න කැමති අයට ඉඩ දෙන්නත් අපිට පුළුවන් නේද?”

“ඔයා ඒ වියදම ගැන ඔච්චර කරදර වෙන්න එපා, නිමල් මල්ලී. අපි කීප දෙනෙක් දැනටමත් කතා වෙලා ඉන්නේ- වැඩි බරක් අදින්න වුණොත් එහෙම කරමුයි කියල... අපිනේ අහක හිටිය ඔයාලව මේ වැඩේට ඇදල දැම්මේ...”

“එහෙම කරන්න බෑ. අපි හැමෝම එකතු වෙලා නාට්‍යයේ වැඩේට කර ගහන්න කැමති වෙලානේ වැඩේට බැස්සේ. ඉතිං මට විතරක් විශේෂයක් කරන්න දෙන්න බෑ. වෙන ඕනිම දෙයක් අපි දහ දෙනා දරා ගනිමු.
ඒත් වැඩිය ගණනක් නොදා කවුරු කවුරුන්වත් බේරා ගන්නයි මම plan කරන්නේ. ඒකමයි කළු අක්කේ- මම හැමෝටම කිව්වේ එයාල දන්නා හඳුනන විශේෂ අය ඉන්නවා නං... එහෙම අයට ඉන්වයිට් කරමුය කියලා. ඒක වුණත් ලකයක් ඇතිව කෙරෙන්න ඕනි නිසයි මං කිව්වේ සේරටම කලින්, තම-තමන් ආරාධනා කරන්න යන උදවියගේ නම් ටික ලියාගෙන ඇවිත් පෙන්නන්න කියලා.
කෝ- තවම ඔයාගේ list එකවත් ලියාගෙන ආවයැ?”

මං එහෙම කිව්වට පස්සේ කළු අක්කා මට කොළයක් දික් කළා, හිනා වෙවී. “ඕන්න මම ආරාධනා කරන්න යන ඇත්තෝ.”

“ඇයි මනුස්සයෝ මාව මහන්සි නොකර මේ ලැයිස්තුව කලින් මට නොදුන්නේ?”
“නිමල් මල්ලී අනිත් හැමෝටම වගේ මටත් ගෝරි දානවද කියලා බලන්න හිතුණා!” කළු අක්කා කීවේ එතකොටයි...

ඉතිරි හරිය ඊළඟ කොටසෙන්...

49 comments:

  1. අද නම් පඳුරු තලන්නේ නැතුව කථාව ලියලා ,,,,....

    ReplyDelete
    Replies
    1. එහෙමයැ දැනුණේ?
      ස්තුතියි ලලිත් මහත්තයෝ.

      Delete
    2. හෙහ්,හෙහ් 👌😋🤣

      Delete
  2. අපි ‘පද මානවක ජාතකයෙන්’ නාට්‍යයක් හදන්න හිතුවත්, ඒක stage එකට ගේන්න යද්දි මුහුණ දුන්න ලොකුම ගැටළුවක් වුණේ නළු නිළියන් හිඟය. තිබුණේ interest එකක් තියෙන හදවත් කිහිපයක් විතරයි. ඒ නිසා නාට්‍ය පිටපත ලියන්න ගත්තත්, මට නිදහසේ හිතේ එන හැම character එකක්ම ලියන්න බැරි වුණා. ලියන වෙලාවටම cast එකත් හිතේ තියාගෙන ලියන්න වෙලා ගියා.

    ඒ කියන්නේ, කතාව ගොඩනගන්නේ imagination එකෙන් විතරක් නෙවෙයි availability එකෙන්.
    එක එක චරිතයට කොහොම කවුරු fit වෙයිද කියලා හිතාගෙනම scene ගන්න, dialogues දාන්න, character ටික shape කරන්න සිද්ද වුණා. ඒක එක විදිහකට writing process එකකට වඩා puzzle එකක් වගේ.
    ඒ අතරේ ලොකුම හිස් තැනක් තිබුණා රජ වාසළේ සේවය කරන පුද්ගලයෙකුගේ චරිතය.
    ඒ character එක කතාවට වැදගත්. බලන කෙනාට වටපිටාවට depth එකක් දෙන, රාජ සභාවේ atmosphere එක හදන, සෘජුවම major character එකක් නොවුණත් කතාව පූර්ණ කරපු role එකක්.
    ඒත් එහෙම චරිතයක්ට ගැළපෙන නළුවෙක් අප අතර නොතිබුණා.
    එතැනදි තමයි තේරෙන්නේ කතාවක් ලියන එක සහ ඒක enact කරන එක අතර තියෙන වෙනස. කතාවක් ඇතුළේ අපි හදාගන්න ලෝකය infinite. ඒත් stage එක මත ඒක සීමිත. කෙනෙක් නැත්නම්, ඒ චරිතය ඇත්තටම “නැති” වෙනවා.

    ඒ නිසා අන්තිමේදි කරන්න වෙන්නේ එකක්
    චරිතය වෙනස් කරනවද?
    නැත්නම් කතාවම වෙනස් කරනවද?
    නාට්‍යයක් කියන්නේ paper එකක ලියන එකකට වඩා වැඩි දෙයක් කියලා ඒ වෙලාවේ හොඳටම තේරුණා.

    ReplyDelete
    Replies
    1. Ano මහත්තයෝ, මීට කලින් අපි කරපු 'මාරක හී පහර' නාට්‍යය ගැන 2020 දී මං ලියපු posts ඔයාට කියවන්න ලැබුණාද? https://nidigepanchathanthare.blogspot.com/2020/07/blog-post_22.html
      ගමක කෙරෙන නාට්‍යයකදී ගමේම උදවිය තරහ කර ගන්නත් බැහැනෙ. එහෙම වෙලාවට උපායශීලීව නයා මරන්නෙත් නැතුව- පොල්ල කඩා ගන්නෙත් නැතුව වැඩ කරගත්තේ නැත්තං හරි වැඩ තමයි වෙන්නේ. මහරගම මරු සිරාගේ දෝණියන්දෑව රඟපාවන්න එක්ක ආවාම බැහැ කියන්නද?
      https://nidigepanchathanthare.blogspot.com/2020/09/blog-post_18.html
      ඒ ඒ අවස්ථා අනුව වැඩ කරන්න වෙනවා නෙව? ...

      Delete
    2. ... හැබැයි අපේ නාට්‍යවලදී ඓතිහාසික චරිත වෙනස් කරලා නෑ.
      අවස්ථාවෝචිතව අලුත් චරිත නම් එකතු කරගෙන තියෙනවා.
      ඒවා ගැන ඊළඟ කොටසේදී ලියැවෙයි.

      ඩෑෂ් පාරක් ගහන්න බෝලය උස්සල දුන්නාට ගොඩක් ස්තුතියි!

      Delete
    3. @ Ano 9.03 AM

      මචං, ජාතක කතාවල එන "පද මානවක" කතාව කියන්නේ වර්තමාන ලංකාව විනාශ කරමින් සිටින පාලක අන්ත දූෂිත අමන මාලිමා ජාතික ජන බලවේගයේ (NPP) දූෂිත ආණ්ඩුව විවේචනය කරන්න කියාපුම ලස්සන, තේරුම්ගන්න පුළුවන් සාහිත්‍යමය උපස්ථිතියක්.

      ඇත්තටම මේක නාට්‍යයකට නඟද්දී අපිට පුළුවන් හොරකම් කරපු බඩු තියෙන තැන අඩි පාරවල් බලලා හොයලා දෙනවා කියලා රජ්ජුරුවන්ගේ සහ රට වැසියන්ගේ විශ්වාසය දිනාගන්නා "පද මානවකයා" වගේ, ලංකාවේ දූෂණය, වංචාව නැති කරලා හොරු අල්ලනවා කියලා මහා ලොකු රංගනයක් දාලා බලයට ආපු වර්තමාන ආණ්ඩුවේ නායකයින්ව ප්‍රධාන චරිතයට ගන්න. ඕන නම් කොට චරිතයක් දාලා පචකොටාණොස් තුමා වගේ නමක් දාලා Remix කරලා Rap කරලා ගන්න පුළුවන් වෙයි 😁

      පදමානවක කතාවේ හැටියට අන්තිමට හොරකම් කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, හොරු අල්ලන්න ආපු රජ්ජුරුවෝ සහ පුරෝහිතයාමයි කියලා පද මානවකයා හොයාගන්නවා වගේ, අපේ නාට්‍යයේ උච්චතම අවස්ථාවේදී (Climax) පෙන්වන්න ඕනේ දූෂණය පිටුදකින්න ආපු මේ පාලකයෝම යටින් මහජන මුදල් කාබාසිනියා කරමින්, තමන්ගේම දූෂිත ගිණුම් සහ වංචාවන් වසාගන්න කරන ඒ සුපිරි නාඩගම මයි.

      වේදිකාව මත සරල කතා කරන භාෂාවෙන්, උපහාසාත්මක දෙබස් සහ නූර්ති ආරේ ගීත කලවම් කරලා, "හොරා කවුද, බොරුව කවුද" කියලා ප්‍රේක්ෂකයාටම තේරෙන්න ඇඟට වදින රංගනයක් නිර්මාණය කළොත්, ඒක අතීත ජාතක කතාව වර්තමාන දේශපාලන ඛේදවාචකයට අපූරුවට ගලපපු, මිනිස්සුන්ගේ ඇස් ඇරවන සුපිරිම දේශපාලන නාට්‍යයක් වෙනවා සිකුරුයි මචං

      ඇත්තටම නිදී අංකල් මේ නාට්‍ය සංකල්පය ඔයා හිතපු විදිහටම ගැළපෙනවාද, නැත්නම් මේකට ගන්න පුළුවන් විශේෂිත දෙබස් කීපයක් හෝ නාට්‍යයේ අවසාන දර්ශනය (Ending Scene) ගැන අදහසක් දෙන්න පුළුවන්ද?

      Delete
    4. මේ නාට්‍යය හදන්න හේතුවත්- පදමානවක කතාව ඒ සඳහා තෝරා ගැනීමට හේතුවත් මුල්ම posts දෙකේදී කියලා තියෙනවා. ඒවා සිද්ද වුණේ 1979.
      නමුත්, මේ ජාතක කතාව වර්තමානයට ඉතාම උචිත එකක් බව නම් ඇත්තයි.
      ඔයා කුරුධර්ම ජාතකය කියෙව්වොත් නං තේරෙයි අදට ගැලපෙනම කතාව ඒකය කියලා!

      Delete
  3. අද කතාව හොඳයි. සරලා බායි ගැන කතාව වුනත් "පදමට" තියනවා. නමේ හැටියට සරලා බායිත්, ජෙමිනි කාන්තා වගේම මැලේ ජාතිකයින්ද කියලත් හිතුනා.

    අර "ඇරයුම් පත" නං නියම කලා නිර්මාණයක්. "හමස් පෙට්ටියේ" තව ඒ වගේ ඒව තියෙනවා නං, අදාල වෙලාවට දාන්න ඈ?👌🙏💐

    ReplyDelete
    Replies
    1. සරලවම සරලා මැලේ නෙවෙයි එයා සිංහල කෙනෙක් නම සිමියොන් සිල්වා වගේ මතක, සරලා කාන්තා රංගන කළේ ටවර් හෝල් යුගයේ මුල් කාලයේ කාන්තාවන් ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑම සමාජය විසින් ප්‍රතික්ෂේප කරන ලද නිසයි. එම නිසා කාන්තා චරිත සඳහා තරුණ පිරිමි නළුවන් යොදා ගැනුණා.

      ජනප්‍රියත්වය ගත්තොත් සරලා බායි වේදිකාවේ කෙතරම් සියුම් ලෙස කාන්තා ලාලිත්‍යය, කටහඬ සහ රූපය මතු කළා ද කියතොත්, ඒ කාලේ ප්‍රේක්ෂකාගාරයේ සිටි පිරිමින් ඔහු සැබෑ කාන්තාවක යැයි සිතා ආදරය ප්‍රකාශ කර, විවාහ යෝජනා පවා එවා තිබුණ බව කියැවෙනවා

      ලංකාවේ සරලා බායි, ඉන්දියාවේ බාල ගන්ධර්ව (Balgandharva) සහ එංගලන්තයේ ෂේක්ස්පියර් යුගයේ (Shakespearean Era) පිරිමි නළුවන් කාන්තා චරිත රඟපෑම, නූතන Drag Queen කලාවේ ආදිතම මුල් පියවර (Cross-dressing History) ලෙස සැලකිය හැකියි. තාක්ෂණය හෝ නූතන නිර්වචන නොතිබූ යුගයක, සරලා බායි වැනි ශිල්පීන් පිරිමි-ගැහැණු භේදය රංගනයෙන් බිඳ හෙලූ විශිෂ්ට කලාකරුවන්.

      Delete
    2. @ Annonymous

      සරලා බායිගෙ ඇත්ත නම ඔය විදිහට පටලවගන්න එපා, සරලා බායි කියන්නේ සිමියොන් සිල්වාට නෙවෙයි, ටී. එච්. ෂෙරීෆ්ට කියලා අපිට සාක්ෂි එක්කම තර්කානුකූලව ඔප්පු කරන්න පුළුවන්. පළවෙනි දේ තමයි, ඒ කාලේ ටවර් හෝල් නාට්‍යවල ප්‍රචාරක පත්‍රිකා සහ පුවත්පත් වාර්තා වගේ ප්‍රාථමික ඓතිහාසික ලේඛන බැලුවම සරලා බායි කියන නමට යටින් තුවාන් හලාල්ඩින් ෂෙරීෆ් කියන නම පැහැදිලිවම දකින්න ලැබෙනවා. අනෙක් වැදගත්ම කාරණය තමයි, නාට්‍ය ඉතිහාසයේ හැමතැනම සඳහන් වෙන්නේ සරලා බායි කියන්නේ උපතින් මැලේ ජාතිකයෙක් කියලා

      ඉතින් 'ටී. එච්. ෂෙරීෆ්' කියන නමෙන් ඒ මැලේ අනන්‍යතාවය සහ පවුල් පසුබිම නියමෙටම ගැලපෙද්දී, 'සිමියොන් සිල්වා' කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් සිංහල පසුබිමක් තියෙන නමක්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ කාලේ එයා එක්ක එකට වේදිකාවේ රඟපාපු සමකාලීන ශිල්පීන්ගේ මතක සටහන් සහ ප්‍රවීණ නාට්‍ය පර්යේෂකයෝ ලියපු පොතපතේ පවා මේ අනන්‍යතාවය ෂෙරීෆ් කියලා ස්ථිර කරලා තියෙනවා

      අන්න ඒ නිසා මිනිස්සු අතරේ නම මාරු වෙලා වැරදි මතයක් හැදුණාට, හැම සාක්ෂියකින්ම සියයට සීයක්ම ඔප්පු වෙන්නේ සරලා බායි කියන්නේ ටී. එච්. ෂෙරීෆ්ම තමයි කියලා.

      Delete
  4. බස්සා මහත්තයෝ,
    ශ්‍රී ලාංකේය සිනමාවේ පළමු විකට නිළිය වුණු ජෙමිනි කාන්තා ශිල්පිනියත් වෙනත් ජාතියකට අයත් විත්තියයි ඇයගේ නමෙන් නං පෙනෙන්නේ. Nona Yuhan Sheriffdeen!
    ... ඔයාටත් ස්තුතියි- විශේෂයෙන්ම ඔයාත් මට තව ඩෑෂ් පාරක් ගහන්න උදව් වෙලා තියෙන නිසා.
    හමස් පෙටියේ තිබුණු හොඳම නිර්මාණයක් මේ පෝස්ටුවේ දාලා තියෙනවා blog එක පටන් ගත්ත දවස්වලම.
    ......නැණ ලැබ ගත්තෙමි - ඔහු සෙවණේ හිඳ - දෙවෙනි කොටස
    https://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_20.html

    ReplyDelete
    Replies
    1. ඇයි ෆරීනා ලායි. ඒ ජාතියට නැටුම්/කලාව සහ රූප සම්පත්තිය ලෙසටම පිහිටලා තියනවා.

      Delete
    2. හොඳ සංවාදයක්, ඇත්තටම ෆරීනා ලායි අපි උපදින්නත් ඉස්සර, ඒ කියන්නේ 70-80 දශකවල සිංහල සිනමාවේ තමන්ගේම නර්තන විලාසයකින් ප්‍රේක්ෂකයින්ව පිස්සු වට්ටපු සුපිරි තරුවක් වගේම, බොලිවුඩ් සිනමාවේ අසමසම නර්තන රැජින වුණු හෙලන් (Helen) ට සමාන කරන්න පුළුවන් ලංකාවේ හිටපු හොඳම නිළියක්. මේ දෙන්නම සිනමාවට ගෙනාවේ සාම්ප්‍රදායික නොවන, බටහිර පන්නයේ හැඩකාර සහ ආකර්ෂණීය (Glamorous) නර්තන කලාවක්.

      ලංකාවේ සිංහල සිනමාව ඇතුළෙත් මේ වගේ නර්තනයෙන් සහ රංගනයෙන් එක වගේ කැපී පෙනුණු තවත් සුපිරි නිළියන් කිහිපදෙනෙක්ම ඉන්නවා:

      එක්කෙනෙක් දමයන්ති ෆොන්සේකා, ෆරීනා වගේම බටහිර පන්නයේ දඟකාර, නවීන පෙනුමක් තියෙන චරිතවලට දමයන්තිත් නියමෙටම ගැලපුනා. "හිතවතුන්" "නිශා" වැනි චිත්‍රපටවල ඇය කරපු රංගනයන් සහ නර්තන දර්ශන අදටත් රසිකයින්ට මතකයි.

      ඒ වගේම ලංකාවේ හෙලන් කුමාරි, ඇයත් සිංහල සිනමාවේ "කැපී පෙනෙන නර්තන ශිල්පිනියක්" විදිහටමයි ප්‍රසිද්ධ වුණේ. විශේෂයෙන්ම පැරණි වාණිජ චිත්‍රපටවල තිබුණු වේගවත් සහ ආකර්ෂණීය නර්තන දර්ශන හැඩ කරන්න ඇය නැතුවම බැරි වුණා.

      මැණික් චන්ද්‍රසේකරත් 70-80 දශකවල ආපු "ලස්සන කෙල්ල", "සුභානි" වගේ ජනප්‍රිය චිත්‍රපටවල ඇය දැක්වූ නර්තන දක්ෂතා සහ රංගනය සිනමාශාලා රසගන්වන්න සමත් වුණා.

      ඒ වගෙම ගීතා කුමාරසිංහ සහ සබීතා පෙරේරා අමතක කරන්න බෑ හැබැයි මොවුන් ප්‍රධාන පෙළේ නිළියන් වුණත්, "පෙම් රජ දහන" හෝ "සිංහබාහු" වගේ වාණිජ චිත්‍රපටවල එන ජනප්‍රිය ගීතවලට බටහිර සහ දේශීය නර්තන විලාසයන් එකතු කරලා සිනමාව තවත් හැඩ කළා.

      මේ අය හැමෝම තමන්ගේ නර්තන දක්ෂතාවය නිසාම සිංහල සිනමාවේ සාම්ප්‍රදායික මාවත වෙනස් කරපු සුවිශේෂී චරිත විදිහට හඳුන්වන්න පුළුවන්.

      ඔයාලා නම් මේවා ලයිව් බලන්න ඇති ඒ කාලේ මේ අය අතරින් දමයන්ති ෆොන්සේකා, හෙලන් කුමාරි සහ අනෙත් අය රඟපෑ චිත්‍රපට සහ ගීත ගැන වැඩිදුර තොරතුරු ලියන්න පුළුවන්ද?

      Delete
    3. Ano මහත්තයෝ ඔයා දැකල තියෙනවද අපේ අතිදක්ෂ නිලියක් වෙන ස්වර්ණා මල්ලවාරච්චි - ගීතා කුමාරසිංහත් එක හරි හරියට ලස්සනම ලස්සන නර්තනයක යෙදෙනවා.
      https://www.youtube.com/watch?v=hmOD0u286-8&list=RDhmOD0u286-8&start_radio=1
      ...

      Delete
    4. ජෙනිටා සමරවීරත් ලස්සනට නර්තනයේ යෙදුනු කෙනෙක්.
      මට හිතෙන්නේ දක්ෂ අධ්‍යක්ෂවරයෙකුගේ හා නර්තන අධ්‍යක්ෂවරයෙකුගේ යටතේ කෙරුණු filmsවල නර්තනයන් සාර්ථකයි. හැබැයි, සමහර නළු-නිළියන්ගේ ඇඟේ රිද්මය නෑ තමයි!...

      Delete
    5. ...ඔයාගේ යෝජනාව ගැන නං Ano මහත්තයෝ මගේ දැනීම එතරම් පුළුල් එකක් නෙවෙයි. මොකද මම හැම ෆිල්ම් එකක්ම බලලා නැති නිසා.
      මාලිනීගේ නැඟණිය වෙන දමයන්ති ෆොන්සේකා (චිත්‍රපට අධ්‍යක්ෂ ප්රසන්න විතානගේ මහතාගේ බිරිඳ) නැටුම් ඉදිරිපත් කළ නිළියක් බව මම දැන ගත්තෙත් ඔයාගේ කමෙන්ට් එකෙන්.
      හිතවතුන් හා නිශා කියල films දෙකක් ආව බවත් ඇහුවේ අදමයි! ඔහොමයි මගේ දැනීම...

      Delete
    6. @ Anos & Nidi

      ඔය දමයන්ති ෆොන්සේකා සහ ධම්මි ෆොන්සේකා කියන්නේ දෙන්නෙක් නේද? ධම්මි සහ දමයන්ති පැටලිලා ද දන්නෙත් නෑ 🫠

      Delete
    7. දම්මි ෆොන්සේකා පළඟැටියෝ ෆිල්ම් එකේ ප්‍රධාන නිළියයි. පසු කලෙක ඇයව ඝාතනය වී තිබුණා.

      Delete
    8. ෆරීනා ලි ගේ නමින් සබන් කැට තිබුන නේද . ඒ දවස් වල හද දිනු අය

      Delete
    9. ෆරීනා ලයි නමින් සබන් කැට තිබ්බද කියල නං මතකයක් නෑ අජිත් ධර්ම මහත්තයෝ.
      නමුත් ඇයගේ රඟපෑමේ දක්ෂතාවයෙන් උපරිම පල නෙළා ගත්තේ ගාමිණී ෆොන්සේකා මහතා හා සුනිල් ආරියරත්න මහතා විතරක් බවයි මගේ හැඟීම. උතුමාණෙනි, සරුංගලේ films දෙකෙන්.

      Delete
  5. අද අපිට දැකගන්න සරලා බායි වගේ අයගේ රඟපෑම් කොහේවත් ආරක්ෂා වී නොතිබීම කණගාටුවට කරුණක්. ඒ කාලෙත් අද වගේ මාධ්‍ය තිබුනා නම් යූටියුබ් එකේ හරි තියෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. Litseeker, මගේ මතකය හරි නං සරල බායි සිංහල ෆිල්ම්ස් එකක හෝ දෙකක නැටුම් ඉදිරිපත් කළා. ඒ films රැකිලා තියෙනවාද දන්නෙ නෑ.

      Delete
  6. //මගේ ලෙඩයි- කම්පියුටරේ ලෙඩයි...//
    දෙන්නාම සුවපත් වේවා!

    ReplyDelete
    Replies
    1. මමත් ඒකම ප්‍රාර්ථනා කරනවා, සෙත් වේවා

      මුනින්ද්‍ර රාජයාණන්ගේ අනන්ත ගුණ බලෙන්

      දහම් රුවනෙ බල මහිමෙන් සඟ රුවනෙ බලෙන්

      සියලු රෝග පීඩා දුරලා නිති සුවය ලැබෙන්

      උදේ සවස සෙත් ශාන්ති සිරි සලසා දෙවෙන්

      Delete
    2. ගොඩක් ස්තුතියි බකුසුතුමෝ.
      තමුන්නැහේත් 'තිලක සිත' අඩවියේ 'කැස්පියන් හඳේ නොපෙන්නූ පැත්ත' https://thilakasitha.blogspot.com/2026/05/blog-post.html
      පෝස්ටුව commentsතුත් එක්කම කියවලා වගෙයි!

      Delete
  7. රසවත් පෝස්ට් එකක් නිදී, ඒත් එක්කම ඔයාට දුක්බර ආරංචියක් ඉදිරිපත් කරන්න සිදුවී තිබෙනවා, අපගේ සමීපතම හිතවතෙකු වූ සහ කැනඩාවේ වෙසෙමින් දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලාංකීය දේශපාලනය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමින් ලියූ ප්‍රවීණ දමිළ/ඉංග්‍රීසි මාධ්‍යවේදී ඩී.බී.එස්. ජෙයරාජ් (D.B.S. Jeyaraj) මහතා ඊයේ, 2026 මැයි 17 වන දින කැනඩාවේදී අභාවප්‍රාප්ත වූ බව ඉතාමත්ම කණගාටුවෙන් කීමට සිදුවෙනවා, 2024 වසරේදී රටේ පද්ධතිමය වෙනසක් සහ දූෂණයෙන් තොර පාලනයක් අපේක්ෂාවෙන් කැනඩාව ඇතුළු විදේශගත ලාංකික විද්වතුන් සහ වෘත්තිකයින් (Diaspora) ලෙස අප මාලිමාවට පූර්ණ සහාය දුන්නද, අද වන විට ඔවුන්ගේ දූෂිත පාලනය, ආර්ථික ප්‍රතිපත්තිවල අසාර්ථකත්වය සහ ඩබල් ස්ටෑන්ඩර්ඩ් ද්විත්ව පිළිවෙත දකින විට මට ඇති වී තිබෙන්නේ අතිශය බලවත් කලකිරීමක් සහ පසුතැවීමක්.

    ඊයේ අප අතරින් වෙන් වූ ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.බී.එස්. ජෙයරාජ් මහතා 2009 යුධ ජයග්‍රහණයෙන් පසුවත් උතුරේ අහිංසක දමිළ ජනතාවට අත් වූ ඛේදවාචකය, ජීවිත හානි සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැනඩාවේ සිට තම පෑනෙන් කළ මානුෂීය සහ සාධාරණ මැදිහත්වීම අද වැනි දවසක අපට සදා අනුස්මරණීය වන අතර, ඔහු වැනි විද්වතෙකු පවා අවසන් මාස කිහිපය තුල අප මහ ඉහළින් බලයට පත් කළ මාලිමා රෙජීමයේ වත්මන් ස්වරූපය දෙස බලවත් සේ කෝපයට පත්ව සිටියා. මන්ද, බලයට පැමිණි වත්මන් රජය විදේශගත ලාංකිකයින් තැබූ විශ්වාසය මුළුමනින්ම පාවා දෙමින්, රටේ ආර්ථිකය වර්ධනය කිරීමට හෝ නව ආයෝජන දිරිගැන්වීම වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි මතම යැපෙමින් උතුරු නැගෙනහිර ඇතුලුව රටපුරාම සාමාන්‍ය ජනතාව තවදුරටත් බදු බරින් පීඩාවට පත් කරමින් සිටින බැවිනි.

    එමෙන්ම ජෙයරාජ් මහතා නිරන්තරයෙන් අවධාරණය කළ උතුරේ සහ දකුණේ ජාතික සංහිඳියාව, ඉඩම් නිදහස් කිරීම් සහ දේශපාලන බලය බෙදාහැරීම වැනි සැබෑ ගැටලු මුළුමනින්ම මඟහරිමින්, තමන්ට පක්ෂපාතී පිරිස් පමණක් ඉහළ තනතුරුවලට පත් කරගනිමින් පරණ දූෂිත, බලලෝභී දේශපාලන ක්‍රමය ඊටත් වඩා දූෂිත සහ අමන ලෙස ඉදිරියට ගෙනයන මාලිමා රජය ද තවත් එක් අසාර්ථක පාලනයක් පමණක් බව කැනඩාවේ සිටින ලාංකික ප්‍රජාව අතර ඉතා පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා.

    මීට අදාළව විදේශගත ලාංකිකයින්ගේ ආයෝජන අධෛර්යමත් වීම මෙන්ම දැනට කර ඇති ආයෝජන ආරක්ෂා කර ගැනීම, ආයෝජකයන්ගේ ලාභ මත පනවා තිබෙන අධික බදු ඉවත්කර ගැනීම සහ වත්මන් රජය යටතේ මාධ්‍ය නිදහසට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව තවදුරටත් අප ලාංකික ප්‍රජාවක් ලෙස ඉදිරියේදී මැදිහත් වනවා.

    ReplyDelete
    Replies
    1. අභාවප්‍රාප්ත ඩී.බී.එස්. ජෙයරාජ් මහතාණන්ට එතුමා ප්‍රාර්ථනා කළ සුගතියක් අත් වේවා!

      Delete
    2. ඒ ආරංචිය කීම වෙනුවෙන් ඔයාට ගොඩක් ස්තුතියි Ano මහත්තයෝ.

      Delete
  8. සරලා බායි ගැන කරුණු විස්තර හරි අපූරුයි . මේ අය දැන් ඉන්න Drag Queen ලාගෙන් වෙනස් වගෙයි.

    ReplyDelete
    Replies
    1. මචං නිහඬපාල, සරලා බායිගෙයි ඩ්‍රැග් ක්වීන්ලගෙයි මුළු කතාවම, මීට අවුරුදු සීයයකට විතර ඉස්සර අපේ රටේ ටවර් හෝල් එකේ සිරීසංගබෝ, රෝමියෝ ඇන්ඩ් ජුලියට් වගේ නාට්‍ය බලන්න සෙනඟ පිරී ඉතිරී යද්දී, ඒ කාලේ තිබුණු වික්ටෝරියානු සදාචාර නීතිරීති නිසා ගැහැනු අයට වේදිකාවට එන්න තහංචි වැටිලා තිබුණු වෙලාවේ, අන්න ඒ හිස්තැන පුරවන්න ආපු ඩී. එල්. සිමියන් සිල්වා කියන ලාංකික කොල්ලා "සරලා බායි" කියන ඉන්දියානු නම දාගෙන සැබෑ ගැහැනියක්ටත් වඩා සියුම් ලාලිත්‍යයකින්, ඇස් නටවමින්, උත්කෘෂ්ට විදිහට කරපු ඒ ස්වභාවික රංගනය කොච්චර මහා මායාවක්ද කියනවා නම්, ප්‍රේක්ෂකාගාරයේ හිටපු සල්ලිකාර ප්‍රභූ පිරිමි මුලාවෙලා මේ ඉන්නේ සැබෑම ස්ත්‍රියක් කියලා හිතාගෙන නාට්‍ය ඉවර වෙලා ග්‍රීන් රූම් එක ගාව පෝලිම් ගැහිලා රත්තරන් බඩු තෑගි දීලා විවාහ යෝජනා පවා ගෙනාපු ඒ ඓතිහාසික කතාවයි, අද නූතන ලෝකයේ රුපෝල්ගේ (RuPaul's Drag Race) වැනි ලෝක ප්‍රකට ෂෝස්වලින් දකින, තමන් පිරිමියෙක් කියන එක වංගුවක්වත් නොගසා කෙලින්ම ප්‍රේක්ෂකයාට අඟවමින් හැබැයි කලාවක්, විනෝදයක් වගේම තමන්ගේ අනන්‍යතාවය (Queer Pride) සමරන්න අතිශයෝක්තියෙන් යුත් දැවැන්ත මේකප්, පාට පාට ඇඳුම්, ලොකු විග් (Wigs) දාගෙන වේදිකාව දෙවනත් කරමින් "ලයිප්-සින්ක්" (Lip-sync) සහ හාස්‍යය මුසු කරලා කරන 'ඩ්‍රැග් ක්වීන්' කලාවයි කියන්නේ පෙනුමෙන් එක වගේ වුණාට හාත්පසින්ම වෙනස් සෞන්දර්යයන් දෙකක් මචං

      මොකද සරලා බායි එදා සමාජයේ තිබුණු තහංචි බිඳින්න තමන් පිරිමියෙක් කියන එක උපරිමයෙන් හංගලා සැබෑ ගැහැනු ආත්මය නාට්‍යමය අවශ්‍යතාවයක් වෙනුවෙන් වේදිකාවේ ප්‍රතිනිර්මාණය කරද්දී, අද ඉන්න ඩ්‍රැග් ක්වීන් කෙනෙක් කරන්නේ සාමාන්‍ය ගැහැනු රූපය උපහාසයට සහ දේශපාලනික ප්‍රකාශනයකට ලක් කරමින් තමන්ගේ කලාත්මක නිදහස අතිශයෝක්තියෙන් උඩුයටිකුරු කිරීම වුණත්, කිසිම නූතන තාක්ෂණයක් නැති ඒ අතීත යුගයේ තමන්ගේ කටහඬයි ශරීර ලාලිත්‍යයයි විතරක්ම ආයුධ කරගෙන මුළු රටක්ම මුලා කරපු සරලා බායිගේ ඒ ආධ්‍යාත්මික වෙස් පෙරළිය තමයි මට නම් ලෝකයේ තියෙන ඕනෑම ඩ්‍රැග් කලාවකට වඩා බරසාර, නියම සාහිත්‍යමය රසයක් තියෙන වේදිකාවේ සැබෑම ආශ්චර්යය.

      හැබැයි සරලා බායි එදා සමාජයේ තිබුණු තහංචි බිඳින්න තමන් පිරිමියෙක් කියන එක උපරිමයෙන් හංගලා සැබෑ ගැහැනු ආත්මය නාට්‍යමය අවශ්‍යතාවයක් වෙනුවෙන් වේදිකාවේ ප්‍රතිනිර්මාණය කරද්දී, අද ඉන්න ඩ්‍රැග් ක්වීන් කෙනෙක් කරන්නේ සාමාන්‍ය ගැහැනු රූපය උපහාසයට සහ දේශපාලනික ප්‍රකාශනයකට ලක් කරමින් තමන්ගේ කලාත්මක නිදහස අතිශයෝක්තියෙන් උඩුයටිකුරු කිරීම වුණත්, මේ හැම දේකටම වඩා අද අපිට දකින්න ලැබෙන අන්තිම සවුත්තුම 'ඩ්‍රැග් රංගනය' තමයි මචං මේ රටේ ජනතාව මුලාවෙන් මුලාවට පත් කරලා, හැඟීම් එක්ක සෙල්ලම් කරලා බලයට ආපු වර්තමාන ජාතික ජන බලවේගයේ (NPP) දූෂිත ආණ්ඩුවේ දේශපාලන සංදර්ශනය

      මොකද සරලා බායි වේදිකාවේ රඟපෑවේ කලාව වෙනුවෙන් වුණත්, මේ ආණ්ඩුවේ අය මැදිරි ඇතුළේ ඉඳන් රඟපාන්නේ මහජන මුදල් කාබාසිනියා කරමින් තමන්ගේ බංකොලොත් දේශපාලන පැවැත්ම වෙනුවෙන් විතරක් වෙන අතර, ඩ්‍රැග් ක්වීන්ලා තමන් කරන්නේ රංගනයක් කියලා විවෘතව පිළිගනිද්දී, මේ පාලකයෝ කරන්නේ මහජනතාවට පිරිසිදු, ශුද්ධවන්ත රංගනයක් පෙන්නන ගමන් යටින් සුපුරුදු දූෂණය සහ වංචාවම අතිශයෝක්තියෙන් රඟදැක්වීමයි. ඉතිං කිසිම නූතන තාක්ෂණයක් නැති ඒ අතීත යුගයේ තමන්ගේ කටහඬයි ශරීර ලාලිත්‍යයයි විතරක්ම ආයුධ කරගෙන මුළු රටක්ම මුලා කරපු සරලා බායිගේ ඒ ආධ්‍යාත්මික වෙස් පෙරළිය නියම සාහිත්‍යමය රසයක් තියෙන වේදිකාවේ සැබෑම ආශ්චර්යයක් වෙද්දී, අද මේ දේශපාලන වේදිකාවේ තියෙන අන්ත දූෂිත ජාතික ජන බලවේගයේ දූෂිත නාඩගම මුළු රටක්ම විනාශයට ඇද දමන, කිසිම කලාත්මක සෞන්දර්යයක් නැති සැබෑම ඛේදවාචකයක් මචං.

      Delete
    2. @ Annonymous

      සරලා බායි කියල කියන්නේ සිමියන් සිල්වා නෙවෙයි හලාල් දීන් නැත්නම් ජලාල් දීන් වගේ නමක් තියෙන මැලේ කෙනෙක්, මේ පෝස්ට් එකේ නිදී කියලා තියෙන නම තුවාන් හලාල්දීන් කියන නම වෙන්න ඕන

      තවත් මැලේ අය තමයි ලක්ෂ්මී බායි, උම්මූ සල්මා (දේවි සකුන්තලා වගේ අය) ඒ අයුරින්ම නම් ඇත්තටම කාන්තා චරිත 🙂

      Delete
    3. නිහඬපාල, Ano හා අමිල හේරත් මහත්වරුන් තුන් දෙනාටම ගොඩාක් ස්තුතියි විචිත්‍රවත් කරුණු සමුදායක් ඉදිරිපත් කිරීම වෙනුවෙන්.
      නාඩගම්- ටීටර් යුගයේ ශ්‍රී ලාංකේය ජන සමාජයේ තිබුණු පිළිගැනීම්, විශ්වාස හා තහංචි ගැනත් අපිට අමතක කරන්න බැහැ නේද? අන්‍ය ජාතික ගැහැනු දරුවන්ට ඒ තහංචි අඩුවෙන්ද බලපෑවේ?...

      Delete
    4. ... කලාශූරී ලතා වල්පොල මහත්මිය ගායන දිවියට පැමිණුනේ තාත්තාගේ බලවත් විරෝධය මැද්දේ...
      'කලා පෙළ' ඉදිරිපත් කළ 'සාමා' නාට්‍යයට හා චිත්රපටයට වියපත් වයසේදී රංගනයෙන් එකතු වුණු අතිදක්ෂ නිළි දෙනවක හාමිනේ පවා එතුමියගේ නියම නම ප්‍රසිද්ධ කරනවාට අකමැති වූ කෙනෙක්.

      Delete
    5. කලින්ම කියන්න අමතක වුණා නිහඬපාල මහත්තයෝ,
      සරලා බායි නර්තන ශිල්පියා ගැන තොරතුරු සියල්ලම ලියා තිබුණේ එම්.එන්.පී. රණවීර මහත්මා විසින්.
      ඒ ලියවිල්ල අජිත් පැරකුම් ජයසිංහ මහත්මා ඔහුගේ 'ප්‍රජා' අඩවියේ පළකොට තිබුණා. මම එතනින් ඒ ලිපිය හා ඡායාරූපය උපුටා ගත්තු නිසා ඒ පිළිබඳ සියලු පැසසුම් හා ගෞරවය රණවීර සහ අජිත් මහත්වරුන් දෙදෙනාටයි හිමිවිය යුතු.

      Delete
  9. ඇත්තටම නිමල් අංකල්, දැන් රටේ ඔයිට වඩා ලස්සන නාඩගම් පෙන්වනවානෙ, සරලා බායි පරද්දන්න විමලාවති බායි නටපු නාඩගම දැක්ක නේද? ලංකාවේ ජඩ මාධ්‍ය කාරයොත් උඩ දාගෙන පෙන්නුවානෙ, ඇත්තටම ඔය පේන නාඩගම පිටිපස්සේ තියෙන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බඩට ගහලා, බදු බරින් මිරිකලා, ජීවත්වෙන්න ක්‍රමයක් නැතුව අන්ත අසරණ කරපු ද්‍රෝහී ආණ්ඩුවක් තමන්ගේ පාලන අසමත්කම වහගන්නයි, මැරෙන්න වැටිලා තියෙන කටහැකර විමල්ගේ දේශපාලන කුණුවල යලි පණගන්වන්නයි දෙගොල්ලන්ම එකතුවෙලා තිරය පිටුපසින් ගහන ඉතාම නින්දිත, සූක්ෂ්ම සහ කුප්‍රකට දේශපාලන ඩීල් එකක් ! රටේ මිනිස්සු අහස උසට නැගපු බඩු මිලයි, අඩපණ වුණු ආර්ථිකයයි ගැන ප්‍රශ්න කරද්දී, ඒ සැබෑ ජනතා අර්බුද යටගහන්න මේ වගේ සංවේදී "රණවිරු" මාතෘකාවක් පාවිච්චි කරලා, කැමරා ඉස්සරහා වැටි වැටි රඟපාන මේ මඩ නාට්‍යය හරියට හරක් ටිකක් ඉස්සරහා තණකොළ මිටියක් වනනවා වගේ මහජනතාවගේ ඇස්වලට වැලි ගහන තිරිසන් වැඩක්.

    විමලා බායිලා රාජපක්ෂ බායිලා රනිල් බායිලා සජිත් බායිලා අනුර බායිලා විජිත ටිල්වින් බිමල් බායිලා ඔක්කොම උඩින් හතුරු යටින් මිතුරු එකම කල්ලියක් වෙලා ජනතාවට කොකා පෙන්වනවා, එක පැත්තකින් ආණ්ඩුවට ඕනේ තමන් නීතිය ක්‍රියාත්මක කරන පාලකයෝ වගේ සෝබන ලේබලයක් ගහගන්න ඒ අතරේ, අනිත් පැත්තෙන් විමලා බායිලට ඕනේ තමන් තවමත් රට වෙනුවෙන් මැරෙන්න හදන දේශප්‍රේමී වීරයෝ කියලා මිනිස්සුන්ව ආයෙත් සැරයක් රවට්ටලා, ඡන්ද පදනම හදාගන්න. ඉතින් ප්‍රසිද්ධියේ මරාගන්නවා වගේ බොරුවට රඟපෑවට, මේ හොර හැත්ත හැමදාමත් කරන්නේ තිරය පිටුපසින් එකිනෙකාගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් අතට අත දීලා, රටේ ජනතාව උගුලකට හසු කරලා උන්ට හැමදාමත් එක එක විදිහට කොකා පෙන්නමින් රටම කාබාසිනියා කරන එක විතරයි නිමල් අංකල්.

    ReplyDelete
    Replies
    1. @ තරිඳු

      විරවංශ ගේ නාඩගම නම් තනිකරම කෝලමක් හැබැයි මිනිස්සුන්ට යුද්ධය ගැන තියෙන අදහස සහ වර්තමාන ආණ්ඩුවේ ඒ ගැන තියෙන ඇල්මැරුණු ලොන්ත මතවාද එක්ක වීරවංශලා ප්ලේ කරනවා, ඔයා කියන විදියටම ඒකේ අන්‍යෝන්‍ය සම්බන්ධයකුත් තියෙන්න පුළුවන්.

      හැබැයි කවුරුත් කතා නොකරපු දෙයක් කියන්නම් ඔය යුද්ධය තිබ්බ කාලේ අපි පුංචි පාසල් සිසුන් විදියට ලබපු අත්දැකීම් අතරේ කවුරුත් අගය නොකරපු පිරිසක් හිටියා, යුද්ධෙ දිනන්න මහින්ද ලඟ හිටපු සනත් නිශාන්ත වගේ සමාජයේ ගර්හාවට ලක්වූ අයත් දායක උනා. ඒක තමයි ඇත්ත කතාව.

      අපි පොඩි කාලේ දෙදාහ වසර විතර වෙද්දී ඉස්සර හමුදාවට ගියේ කරන්න කිසිම දෙයක් නැති කොල්ලො. උන්ව ආමිකාරයා කරලා ත්‍රීවීල්කාරයා , බස් කොන්දා ගානට දාලා තිබුණේ. උතුරේ රාජකාරි කරලා ගෙදර එනකොට පුරේ ඉන්න ගෑනු උන්ගෙ පඩියට සුද්දෙ දෙනවා. ඌ නන්නත්තාරයි. ආයෙ යනවට වඩා පනින එක හොඳයි කියලා හිතනවා. ඒ වගේම 2002 විතර වෙද්දි හමුදාවේ ලක්ෂ දෙකක පමණ සෙබලුන්ගෙන් පණස්දාහක් විතර ඇබ්සන්ට් වෙලා පැනලා පාතාල කල්ලි වල අපරාධ කරමීන් හිටියේ

      නමුත් 2006 දී විතර හතරවන ඊළාම් යුද්ධය ආරම්භ කිරීමට කලීන්
      යුද්ධ කරන්නට කලින් මහින්දගේ කාලේ නන්දසේන ගෝඨාභය විසින් දිලිත් ජයවීරලාගේ සහයෝගය ඇතිව සෙබලා වීරයෙක් කරන්න දැවැන්ත කැම්පේන් එකක් කෙරෙව්වා, අපි වෙනුවෙන් අපි කියලා, ඒකෙන් ආමි එකට යන්න මාර මොරාල් එකක් හැදුවා, පැනපු අයට නැවත එකතු වෙන්න පොදු සමා කාලයක් දීලා ඒ අයත් එකතු කර ගත්තා

      හැබැයි මහින්ද යුද්දෙ පටන් ගත්තාම හැම ගමකම හිටිය සනත් නිශාන්ත ලා ඒකට support කරා. නිවාඩු එන කොල්ලන්ව පිලිගන්න ගමේ කටවුට් ගැහුවා. මන්නාරම, මඩු, වෙඩිතලතිව්, සිලාවතුර, පුනරින්, මල්ලවි, කිලිනොච්චිය , පරන්තන්.... අල්ලන අල්ලන පිලිවෙලට හැමදාම කටවුට් එකක් පාරෙ. ඉතින් නිවාඩු එන කොල්ලාට මාරම ගැම්මක් එනවා ආපහු යුද්දෙට යන්න.
      අනිත් එක මාසෙකට රුපියල් 35000ක් වගේ පඩියක් තිබුණා . මාස තුන ඉවරවෙලා එනකොට ලක්ෂයක් සල්ලිවලින් අරන් එනවා. ඒකාලෙ අලුත් bike එකක් සල්ලිවලට ගන්න පුළුවන් ඒ ගානට. ආමි ගියපු කොල්ලා මුලින්ම ගමට ඇවිත් බයික් එකෙන් ගමපුරා යනවා හරියට තනමල්විල කොල්ලෙක් එකේ කිතුලා වගේ.
      ඒ වගේ moral up කරන වැඩේ කරේ ගම්වල ඉන්න සනත් නිශාන්තලා. ඒ කාලේ සාමාන්‍ය කෙනෙකුට වැටුප රුපියල් 7,000 ක් විතර මාසෙකට, ගම් බට්ටෝ කියපු ග්‍රාමාරක්ෂක භටයින්ටත් අවම වැටුප රුපියල් 12,000ක් දුන්නා ඒ කාලේ, ඔය කාලේ CT100 එක අලුත්ම එකක් රු. 70,000 ක් විතර දැන් 2026 පුනරුද යුගයේ CT100 ලක්ෂ හය හමාරයි ටීකක් විතර හොඳ බයික් එකක් අවම ලක්ෂ 12ක් වත් වෙනවා.

      හැබැයි උන්ට වැරදුනු තැන යුද්ධෙන් පස්සෙත් සනත් නිශාන්තලා වගේ පොරවල්ලාට පිස්සු කෙලින්න දීපු එක. උන්ට තේරුනෙ නෑ යුද්ධ කීයක් දිනුවත් වැඩක් නෑ අනිත් පැත්තෙන් ෆොන්සේකා ආපු ගමන් වැඩේ අමාරු උනා කියලා . ෆොන්සේකා ඉල්ලපු කාලෙ ඉඳලාම මිනිස්සුන්ට ඕන උනේ වංචා දූෂණ නැති ආණ්ඩුවක් . ඒකයි මිනිස්සු ෆොන්සේකාට දුන්නෙ. වංචා දූෂණ තවත් වැඩි උන නිසා තමයි සිරිසේන වගේ පිස්සෙකුට ජනාධිපති වෙන්න පුළුවන් උනේ. ෆොන්සේකා 2010 ඉල්ලන්නෙ නැතුව 2014 ඉල්ලුවා නං දැන් මහින්ද හිරේ. හැබැයි දැන් ජෙප්පෝ කෙලින පිස්සු, එහෙම නම් ෆෝන්සේකා කෙළලා රට කලින්ම බංකොලොත්භාවයට පත් කරනවා, රනිලා IMF ගැටේකට හිර කරලා දැන් රට එලොවටත් නෑ මෙලොවටත් නෑ මෙලෝ රහක් නෑ, රට ගොඩගන්න කියල එකෙක්වත් ඇත්තේත් නෑ, බලේ ඉන්න උන් කෝටිපතියෝ වෙනවා මිනිස්සුන්ව හිඟමනට වැටෙනවා රට රස්සාවක් කළොත් යන්තම් ගොඩ නැත්නම් ඉතින් සදා සොත්ථි 😪

      Delete
    2. ඔය මහින්දල. නාමල්ල. විමල්ල​.පාටලීල​.උදය ගම්මන් පිලල​.මුන්ට ජෙප්පො මාරම මාර බයයි. මහින්ද ජවිපෙ ලොකුම තනතුරු දරන අයගේ බිරින්දැ වරුන්ට දීපු රජයේ පරිපාලන, තනතුරු, ගුරුපත්වීම් නාමල් ජවිපෙ ලොකුම අයගේ. පුතාලට දීපු මිහින්‍ ලංකා එයාලයින් පත්වීම්.මේවා එලියට එනවනේ..අර අහින්සක රනිල් ලොක්කා නම් දුන්නේ කෙහෙලිය රඹුක්වැල්ල බෙහෙත් හොරාට කැබිනට් ඇමති ධූරයේදීම රිමාන්ඩ් එකට පත්වීමක්.. එතකොට මහින්දා නන්ද.. හොරාට... කෙලින්ම ඇතුලට යන්න සාක්ෂි එක්කම ඒ ඇර වෙන කවුද බොලන් අත් අඩන් ගුවට ගත්තෙ... මුන් ඒ එකෙකුට වත් මුකුත්ම කරන්නේ නෑ උඹලා කෑ ගැහුව කියල මුන් ගනන් ගන්නේ නෑ.මුන්ට වාසියක් ගන්න පුළුවන් නම් ඒකට ඕනෑම තුප්පහි වැඩක් කරාවි...උබලට බෑ බොලන්.චූ කරල නිදා ගනිල්ලා..

      Delete
    3. තරිඳු හා Ano මහත්වරුනි,

      ගොඩාරියක් රොස්
      නොවී ලෙස උසස්
      අදහස් උදහස්
      රැසක්ම කිව්වට
      ඔබට පුදමි තුති
      නොවෙමින් අනලස්

      Delete
  10. Dramas are everywhere 🙄

    //
    🔴 BREAKING: රුපියල් බිලියන 20ක වාහන බදු මංකොල්ලයක්! ගැසට් එක ගැසීමට පෙර "ඇතුළත තොරතුරු" පිටවෙලා? – ආණ්ඩුවේ ප්‍රකෝටිපති ගජමිතුරන් දෙදෙනෙකුට අතහිත දුන් හැටි මෙන්න!

    කොළඹ, ශ්‍රී ලංකාව

    – වත්මන් ජාතික ජන බලවේගය (NPP) රජය යටතේ සිදු වූ බව කියන, රටේ මූල්‍ය පද්ධතියම සලිත කළ මහා පරිමාණ වාහන බදු වංචාවක් පිළිබඳව Newswire මාධ්‍ය වාර්තාව මගින් සුවිශේෂී අනාවරණයක් සිදු කර තිබේ.

    සමගි ජන බලවේගයේ (SJB) ක්‍රියාකාරී සාමාජිකයෙකු වන නිරෝෂන් පාදුක්ක මහතා ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් කියා සිටියේ, මෙම මංකොල්ලය පසුගිය යහපාලන රජය සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාවටත් වඩා බරපතළ එකක් බවයි. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මැයි 15 වැනිදා නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් හරහා වාහන ආනයනය සඳහා 50% ක අධිභාරයක් (Surcharge) පැනවීමට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත්, එම ගැසට් නිවේදනය නිකුත් කරන දිනට හෝ ඊට පෙර ණයවර ලිපි (LC) විවෘත කරන ලද වාහන සඳහා මෙම නව බද්ද අදාළ නොවන බවට විශේෂ සහනයක්ද ඊට ඇතුළත් කර තිබේ.

    ## එකම දිනකදී වාහන 4000කට LC ඇරියේ කොහොමද?

    නිරෝෂන් පාදුක්ක මහතා පෙන්වා දෙන්නේ රජයේ මෙම අතිශය රහසිගත බදු සංශෝධන තීරණය පොදු මහජනතාවට සහ අනෙකුත් ව්‍යාපාරිකයන්ට ප්‍රකාශයට පත් කිරීමටත් පෙර, වත්මන් ආණ්ඩුවට ඉතා සමීප ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වෙත කලින්ම කාන්දු වී (Insider Trading) ඇති බවයි.
    එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ගැසට් නිවේදනය නිකුත් වූ මැයි 15 වැනිදාම පැරණි අඩු බදු සහනය යටතේ වාහන ගෙන්වීම සඳහා කඩිනමින් ණයවර ලිපි (LC) විවෘත කර ඇත. ඉන් එක් ව්‍යාපාරිකයෙකු වාහන 3,500ක් සඳහාද, අනෙක් ව්‍යාපාරිකයා වාහන 500ක් සඳහාද එකවර ණයවර ලිපි විවෘත කර තිබේ.

    ## රටට අහිමි වූ බිලියන 20 සහ ඩොලරයට වැදුණු ටොක්ක

    මෙම රහස්‍ය තොරතුරු කාන්දු වීම හේතුවෙන් රජයට ලැබීමට තිබූ රුපියල් බිලියන 20කට අධික බදු ආදායමක් රටට අහිමි වී ඇති බවට චෝදනා එල්ල වේ.

    එපමණක් නොව, මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා එකවර රුපියල් බිලියන 40කට අධික වටිනාකමකින් යුත් ණයවර ලිපි විවෘත කිරීම නිසා දේශීය මුදල් වෙළෙඳපොළ තුළ ඩොලරයට ඇති ඉල්ලුම කෘත්‍රිමව ඉහළ ගියේය. එහි සෘජු බලපෑමෙන් රුපියල් 323 මට්ටමේ ස්ථාවරව පැවති ඇමෙරිකානු ඩොලරයක මිල, දින කිහිපයක් ඇතුළත රුපියල් 334 දක්වා (රුපියල් 11 කින්) ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

    ## වත්මන් NPP ආණ්ඩුව සහ "ගජමිතුරු දේශපාලනය"

    "දූෂණය පිටුදකින" බව පවසමින් බලයට පත් වූ වත්මන් ජාතික ජන බලවේගය (NPP) රජය, තමන්ට මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සැපයූ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් සුරැකීම සඳහා මෙවැනි මූල්‍ය මංකොල්ලයන්ට ඉඩ දී ඇති බවට විපක්ෂය දැඩි ලෙස චෝදනා කරයි.
    දූෂණ විරෝධී සටන් පාඨ පෙරදැරි කරගත් ආණ්ඩුවක් තුළ, මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ඉහළම නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව මෙවැනි රහස්‍ය තොරතුරක් ව්‍යාපාරිකයන් අතට පත්විය නොහැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

    ## මීට පෙර සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම්

    ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් පසු, දූෂණ චෝදනා දිගින් දිගටම එල්ල වූ අතර මෙවැනිම චෝදනා ගණනාවක්ම මීට පෙරද එල්ල වූ අතර මෑතකදී ඇතිවූ දැඩි ජනතා විරෝධය හේතුවෙන් වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට, ගල්අඟුරු ආනයනය කිරීමේ ගනුදෙනුවලට අදාළව එල්ල වූ බරපතළ දූෂණ චෝදනා හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවිය.

    එවැනි පසුබිමක, සමස්ත රට වැසියන්ම ආර්ථික අපහසුතාවලින් සහ අධික බදු බරකින් පීඩා විඳිමින් සිටින මොහොතක, රජයේ හිතවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට පමණක් බිලියන ගණනින් බදු වංචා කිරීමට ඉඩ සැලසීම සඳහා "ඇතුළත තොරතුරු" ලබා දීම හරහා වත්මන් රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය මුළුමනින්ම පරස්පර වී ඇති බව නිරෝෂන් පාදුක්ක මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.//

    ReplyDelete
    Replies
    1. හරියට හරි Ano මහත්තයෝ, හැම තැනම නිකංම නිකං නාටක නෙවෙයි- නරි නාටක!

      Delete
  11. https://www.erininthemorning.com/p/the-most-legendary-trans-figures

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ. link එකට ගියාම හිතුණෙ එච්චර පැරණි විස්තරත් ජාලයට දාලා තියෙනවනේ කියලා.

      Delete
  12. ඒ ඇරයුම් පත්‍රය නම් හරිම උසස් නිමාවක් සහිත එකක්. නිමල්ගෙ පවුලෙ හැමෝම හරිම දක්ශ අය 👍.

    කලින් පෝස්ට් එකේ නිමල් ලියලා තිබුනු ප්ලොට් එකටනම් ""නොනිමි ආශා"" නම එච්චර ගැළපෙන්නෙ නෑ වගේ නේද. හැබැයි ඒ නමේ පොඩි ''punch' එකක් නම් තියෙනවා. වෙන වෙන ඒවා හිතලා මිනිස්සු බලන්න එන්න පුලුවන්නෙ 😍.

    ReplyDelete
    Replies
    1. ඇරයුම් පත් නිර්මාණය කිරීම නං අපේ චූටි නංගි දීපානි දැන් කරනවා. ඒවා ඊබේ හරහා අලෙවි කිරීමත් කරනවා. එයාගෙ පුතා මැතිව්ස්ටත් ඒ හැකියාව හොඳට පිහිටලා තියෙනවා.

      හැබැයි චූටියා 1979 අවුරුද්දෙදී අවුරුදු හයක දැරියක්.
      තව ලස්සන වැඩක් ගැන මම බ්ලොගයට ලිව්වත් එක්ක.
      අපේ චූටි නංගි විවාහ වුණේ ප්‍රේමරත්න ගුණසේකර මහතාගේ සමීපතම ඥාතියෙක් එක්ක. ගෝල්ෆේස් හෝටලයේදී දෙපැත්තෙන් කසාදයට අත්සන් කළේ ගුණසේකර මහතායි- මමයි. දැන් අපි දෙමස්සිනාලා... කොහොමද Lotus දෛවයේ වැඩ?

      Delete
    2. .... ඔයා කියපු දෙවෙනි කාරණේ- නාට්‍යයේ නම ගැන. මට නං හිතුණෙ Lotus ඒ නම එච්චර නොගැළපෙන විත්තියයි.
      හැබැයි, නම කොහොම වෙතත් නාට්‍යය බලන්නට සෙනඟ නං උතුරන්න ආවා.

      Delete
    3. දීපානිගෙ ඇරයුම් පත් නිර්මාණය කිරීමේ ව්‍යාපාරය ගැන නිමල් කලින් දවසක ලියලා තිබුණා මතකයි. සමන්ති, දීපානි ඔක්කොම ඇවිල්ලා සුනිල්ගෙ ගෙදර යන පෝස්ට් එකකදිනෙ ඒ ගැන ලියලා තිබුණෙ. හොඳ talented පවුලක් ඉතින්.

      Delete
  13. සරලා බාය් ගැන ලීව එකට ස්තූතියි . පිරිමි කෙනෙක් කියල දැනන් හිටියෙම නැහැ. මේ ලිපිය ගොඩක් රසවත් එකක් නිදි . අනික මම මේ කල්පනා කලේ නිදි , තමන්ගේ ජීවිතය දුක පිරිනු එකක් බව ලිවට මට දැනෙන්නේ හුඟක් අයට වැඩ පිරිමු ජිවිතයක් ගත කකල් කෙනෙක් විධිහට . කොපමණ දේවල් අක්ර්ල තියනවද ? ජිවිතේ විඳලා තියෙනවද නේද ?

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි අජිත් ධර්ම මහත්තයෝ!
      සත්තකින්ම මම ජීවිතේ ඉතා සතුටින් ගත කරපු; ගත කරන කෙනෙක්. ඒ නිසාම ඕනෑ මොහොතක සතුටින් නික්ම යන්නත් පුළුවනි!

      Delete