අකුරු මැකී නෑ

Saturday, July 25, 2026

මතක මතක - හයවෙනි කොටස

මම වධක රාජකාරිය කරන්නට පටන් ගත්තෙමි.
මං හිත-හිතා හිටියේ නැතබල-බලා හිටියේ නැත. එකෙක් අතට. බෙල්ල කොට කෑල්ල උඩට. පිහිය ඉහළට. ඊළඟට පිහිය පහතට. One shot. දඩාස්! බෙල්ල පැත්තකට. කඳ බැරල් එක ඇතුළට. ආයෙමත් ඒකමය. ඔහොම දිගින්-දිගටම ශීර්ෂඡේදනය කරගෙන-කරගෙන ගියෙමි.

ඒ උන්ගේ කරමල්වල තිබුණු ගැටිති තොගය නිසාය. ඒවා මට පෙනුණේ කරමල්වල එල්ලීගෙන රුහිරු උරා බොමින් ඉන්නා කිනිතුල්ලන් සේනාවක්...

මගේ අම්මෝ! ප්‍රාණ හතක් තියෙන්නේ බළලුන්ට විතරක් නොවෙයි වගෙය. බෙල්ල කපලාකඳ කොටස උස බැරල් එකට දැම්මාට පස්සෙත් විනාඩි ගණනාවක් යන තුරුම කඳ දඟලයි! උඩ පනියි!! නිසල වෙන්නේ ඊට පස්සෙය!!! මට හිරිකිතම හිතුණේ දැවැන්ත කළුකුම්ලාගේ බෙලි කපද්දීය!!!!’

ඒ උන්ගේ කරමල්වල තිබුණු ගැටිති තොගය නිසාය. ඒවා මට පෙනුණේ කරමල්වල එල්ලීගෙන රුහිරු උරා බොමින් ඉන්නා කිනිතුල්ලන් සේනාවක් විදිහටය.

“එහෙම හිරිකිත හිතිලා ඔයා වැඩේ අල්ලලා දැම්මෙ නැහැනේ?” සිරිබිරිස් උන්නැහේ ඇහුවේ ඇස් නටවමින්.

“අපොයි නෑ... කුකුළන්ගේ බෙලි කපල අන්තිමටනෙ කළුකුම්ලට අත තිබ්බේ. අපේ තාත්තා අපට උගන්නල තිබ්බේ ‘බාගෙට කරන්න නං මොනම වැඩක්වත් පටන් ගන්න එපැයි කියලා.' ඒ දවස්වල අපි නාට්‍ය කරද්දී තමයි විශේෂයෙන්ම ඕක කිව්වේ. තාත්තා දිගටම කිව්වේ ‘නාට්‍යය පෙන්නන දවසේ මම මළත් නාට්‍ය පෙන්නිල්ල නවත්තන්න එපා. මිනිය ගෙදර තියෙන්න ඇරලා හරි උඹලා නාට්‍යය පෙන්නපල්ලා.’ කියලයි.”
“ඒ අතින් නං ලොක්කත් තාත්තගෙම පුතෙක්. ඉස්සර මිනිස්සු කියල තියෙනවනෙ -තාත්ත කරපු දේ කරන්නෙ නැත්තෙ නොට්ටිගෙ පුතාල විතරයි- කියලා.”
 

සිරිබිරිස් උන්නැහේ හා-හාපුරා කියලා අපේ ගෙදරට ගොඩ වැදුනු දවසේත් අපි දෙන්නගෙ කතාබහට කෙළවරක් නොතිබිණි. ඉන් පස්සෙත් එහෙමය. පසුගිය අවුරුදු හයේම එයා ලංකාවට පැමිණි හැම වතාවකම මා හමු වෙන්නට ආවේය; නොවරදවාම!
“ඔයා එපැයි කිව්වට හරි යන්නෑ ලොක්කා. අපේ අම්ම තමයි මට උගන්නල තියෙන්නේ- කෙනෙකුගෙ ගෙදරකට යනකොට හිස් අතින් යන්න එපැයි කියලා.” එහෙම කියමිනි, ඒ හැම වතාවකම තෑගිත් උස්සාගෙන එන්නේ. ඒත්, එහෙව් හිතවත්කමක් තියෙද්දී වුණත් උන්නැහේ මෙතෙක් එකම එක වාරයකවත් මට කලින් දැනුම් නොදී- අවසර නොගෙන අපේ ගෙදරට කඩා වැදී නැත!

“එහෙම අහල එන්නේ, පැයක් දෙකක්වත් දිග කයිවාරුවක් ගහන්න ඕනි නිසානෙ නිමල් අයියේ. මොකද දන්නවද- ඔයයි මමයි දෙන්න එකම ෆ්‍රීකුවන්සියෙ ඉන්න දෙන්නෙක්... එහෙම මිනිස්සු හරි ඉක්මනට එකට set වෙනවා...” ඒ සිරිබිරිස් උන්නැහේගේ දැක්මයි.
උන්නැහේගෙනි මං වහන්සේට පළමු වතාවට ‘එක ෆ්‍රීකුවන්සියෙ කට්ටිය’ ගැන අසන්නට ලැබුණේ. ‘එක ජාතියේ කුරුල්ලෝ තමයි එක අත්තේ ලගින්නෙ’ කතාව වෙනුවට මටත් දැන් අර ෆ්‍රීකුවන්සි කතන්දරේ කියවෙයි!

සිරිබිරිස්ය කිව්වාට උන්නැහේට අපූරු නමක් ඇත. අමිල!
අමිල එක ජාතියක පිස්සෙකි. එක එක දේ සොයා යන්නට- වැලලෙන්නට යන තොරතුරු පිස්සුවෙන් වගේ හොයා බලන්නට මේ යක්ෂ පැටියා ගජ හපනෙකි.

ලේනම කොටි හැරුණාම Pra Jay මහත්තයා වැඩියත්ම උනන්දු වෙන්නේ අතීත; ඓතිහාසික දේවල්...

1996 විතර ‘දස්කොන්- ප්‍රමිලා’ ආදර කතන්දරය ගැන හොයන්නට මං හඟුරන්කෙත ගිය ගමනක් ගැන අමිලට කිව්වෙමි. එහිදී මට දර මඩුවක දර කොටවලට යටවී තිබුණු ගල් බරුවකුත් දැක ගන්නට ලැබිණි. “ඒ දර මඩුවේ වයසක මනුස්සයට ඒ ගල් බරුව හම්බ වෙලා තියෙන්නේ හඟුරන්කෙත වැව ගොඩ කරන අතරේ. විස්තරේ mini රෙකෝඩර් එකකින් රෙකෝඩ් කරගෙන ආවා. කරුමෙට දැන් ඒ ඉලව්ව වැඩ කරන්නෙ නැහැනේ.

-ඒ ගල් බරු පාවිච්චි කරල තියෙන්නේ මිනිස්සුන්ව දියේ ගිල්ලලා මරනකොට- කකුල් දෙකට ගැට ගහන්නලු. මං ඒ ගැන ප්‍රදීප්ටත් කියලයි තියෙන්නේ.”

“මරුනෙ. අපි හඟුරන්කෙත යමුද බොසා ඒක බලන්න...”
“හඟුරන්කෙත?”
“එක දවසෙන් ගිහිල්ල එන්න පුළුවන් ගමනක්නේ.” අමිල කීවේ එයාගේ යෝජනාව එයාම ස්ථිර කරමිනි.

Pra Jay හෙවත් ප්‍රදීප් ජයතුංග නොහඳුනන blogකරුවෙක් නැති තරම්ය. හැබැයි, එයා බ්ලොග් ලියන්නේ නැත. කියවනවා හා comment කරනවා විතරය. ප්‍රදීප් මහත්තයා කෙනෙකුට උදව්වක් අවශ්‍ය ඕනෑම වෙලාවක ‘බෑ’ කියන්නේ නැත!. ඒකට ඉදිරිපත් වෙයි. (විශේෂයෙන්ම මේ ලෙඩා උදව්වක් ඉල්ලූ හැම විටම!)
(ස්තුතියි ප්‍රදීප්- එතැනදී අසංග රණසිංහආරච්චි සහෘදයාටත් ස්තුති නොකරම බැරිය. බ්ලොගය ලියන්නට පටන් ගත්තම පළමුවෙනියට
මට කතා කළෙත්- අපේ ගෙදරට ආවෙත්- Pra Jay මහත්තයාව කැටුව ආවෙත්- blog ලිපිවලට links යොදන හැටි මට කියා දුන්නෙත් ‘කොළොම්පුරේ’ අසංග හිතවතායි!)

ඒ වෙද්දී අපේ ෆ්‍රීකුවන්සියේම සගයෙකු විදිහට කුලවැද්දී උන් Pra Jayත් හඟුරන්කෙත ගමන සඳහා ‘උනන්දුවාගේ චරිතය’ට පිවිසුණේය. (මා දන්නා තරමින් ලේනම කොටි හැරුණාම Pra Jay මහත්තයා වැඩියත්ම උනන්දු වෙන්නේ අතීත; ඓතිහාසික දේවල් ගැනයි!)

“මට රවී වීරසිංහ අයියාවත් හම්බ වෙන්න තියෙනවා. එයාටත් ගමනට කතා කරමු. නෙවිල් අයියත් අපි එක්ක එයි නේද?” අමිලගෙන් තවත් අදහසක්.

“මචං, හඟුරන්කෙත ගිහිං- පුළුවන් නං නිදියා කියන ගල් බෝලෙත් 😃😃😃 උස්සගෙන අපේ ගෙදර එමු. අපේ හාමිනේ අපි කට්ටියට දවල් කෑම හදන්නංලු!”යි රවී අමිලට කියා තිබිණි.
එහෙමය අපි කට්ටිය 2020 දී හඟුරන්කෙත යැවුණේ. (තකතිරු; මැටි මෝල් මං වහන්සේ හිතාගෙන උන්නේ අවුරුදු 24කටත් වැඩි කාලයක් තිස්සේ හඟුරන්කෙත එදා අනූහයේ තිබ්බ විදිහටම තිබෙතැයි කියලාය. ඒත්... ඒත්... හඟුරන්කෙතත් එහෙම පිටින්ම ‘සංවර්ධන සුනාමිය’ට අහු වෙලාය!)

මේස් දෙක පල්ලා එදා එහෙම දෙයක් එහෙම තිබුණා නං...

අපට දර මඩුවක් නොවෙයි, දර පතුරක කීරක්වත් හොයා ගන්නට බැරි විණි. ඉතිං ගල් බෝලයක් කොහේ තියේවිද?

ඒත්- ලැබුණු ඔත්තු ඔස්සේ, හඟුරන්කෙත ඉන්න තරමක් ඉන්නා වීර ඩිංගිරාළ පරම්පරාවෙන් පැවතෙන ඇත්තනුත්, ජයසේකරලාත් හොයමින් හතර-අතේ කරක් ගැසුවෙමු.  

(1996දී මට හමු වුණු ජයසේකර මහත්තයාගේ ඥාතියෙකු වන කටුගස්හින්නේ ඒ.ජේ.එම්. නවරත්න බණ්ඩා ජයසේකර මහත්තයා ගැන ඔත්තුවක් නම් චමිලානිමහත්තයා දුන්නේය! ඊළඟට අප ගියේ එහාටය...
ඒ නවරත්න මහත්තයා ඉතා ළෙන්ගතුව විස්තර කීමෙන් නොනැවතී 1848 මැයි 9 දාතමෙන් යුතු ඔප්පුවක් හා පොත්පත් රැසක් පවා අපට පෙන්නුවේය!

ඒ සේරම සාක්කි අපට හම්බ වුණත්...
(
ආපහු එන ගමනේදී) ‘බඩ කපාගෙන මැරෙන්නට උවමනා මලකඩ කාපු පිහියක්’ මට හම්බ වුණේ නැත. මීස් දෙක පල්ලා 😂😂; මේස් දෙක පල්ලා 😂😂 එදා එහෙම දෙයක් එහෙම තිබුණා නං මෙලහකට මෙව්වා ලියන්නට නිදියෙක් නැත! එදා ආපහු ගමන පුරාවටම; හොඳටෝම මේ නිමල් දිසානායකයා ‘පණ පිටින්ම බයිට්’ වුණේය!

“ඕන්න නිමලෝ තරහ වෙන්න නං ඔට්ටු නෑ. උඹේ ගල් පැලෙන ගල් බෝලේ කතාවයි, අපි සේරම ඒකට ඇන්දුනු කතාවයි මං ලුණු-ඇඹුල් ඇතිවම ‘නිදහස් සිතුවිලි’ එකට ලියනවා. කමක් නෑ නේද මචං?” රවී අනිත් අයගෙන් අවසරත් ගත්ත.

“මචං රවී, නිමල් හදාගෙන ආව තඩි ඉඹුල් කිරිබත් ගෙඩි ගැනත් මතක ඇතිව ලියන්න වෙයි!” එතකොට Pra Jayත් පෝර දැම්මා. ඒත් රවී අතින් ඒ post එක ලියැවුණේ නැත- කවදාවත් ලියැවෙන්නෙත් නැත!
(ඔයාට නිවන් සුව රවී. අපේ බෝමුරේ ගමන ගැන post එක නං මං ඉක්මනින්ම ලියනවා, පොරොන්දු වුණු විදිහට. ඒක කරන්න වෙන්නේ- මාරයා ඔයාව හොයාගෙන ආවා වගේ හදිසියේ හරි මාවත් හොයාගෙන නොආවොත් තමයි...)

අපි බෝමුරේ ගියේ 2025 නොවැම්බර් 22.
කරුණාරත්න අමරසිංහ මහත්තයාව හම්බ වෙන්න ගියේ 2024 සැප්තැම්බරයේ... ඉතිං, දැන්වත් ඒ ගැන ලියල ඉන්න ඕනිනෙ තවත් සුනංගු නොවී.

“ලොක්කා, ළඟදිම දවසක මම යන්නයි හදන්නේ කරුණාරත්න අමරසිංහ මහත්තයව හම්බ වෙන්න. යංද?” මගෙන් එහෙම අහපු වෙලාවේ නං සිරිබිරිස් උන්නැහේට විනාඩි දහයක් විතර අහගෙන ඉන්න වුණා- මගේ පම්පෝරි පට්ටන්දර ටික.
“ඔය තියෙන්නේ... එහෙනං යමු- කිරිබත්ගොඩටනෙ යන්න තියෙන්නේ.
ඊට කලින් ගම්පහ අතුල අබේරත්න අයියල ගෙදට්ටත් යන්න තියෙනවා හැබැයි.”

පරිසරය සුරැකීමට ගස් හිටවීමට සහාය වෙන...

“මාත් ආසයි අමිල, ඔය දෙන්නවම හම්බ වෙන්න. අතුල අබේරත්න අයියා නං අපේ ගෙදරටත් ඇවිත් තියෙනවා. රංගන කණ්ඩම්බි invite කරලා බ්ලොග් ලියන හිතවතුන් කීප දෙනෙක් අපේ ගෙදරදී set වුණු දවසේ; බ්ලොගර්ස් ඊව් දවසේ... මම ඒ විස්තරේ ලිව්වත් එක්කයාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස’ පෝස්ටුවට. අමිල කියවන්නත් ඇතිනෙ...”

“කියෙව්වා. කියෙව්වා. අතුල අයියා බ්ලොග් නොලිව්වට fb එකේ හෙණට ඇක්ටිව් පොරක්නේ. අඹ කයියකට අල්ල ගන්න වටින මරු මනුස්සයෙක්... මට මතකයි- ඔයා ඒ post එකේදී ඒ මනුස්සයගේ එක පැත්තක් නියමෙට paint කරලා තිබුණ වචනවලින්.”

‘... කොහොම වුණත් මුලින්ම ගෙනෙන ජාතියක් ගැන පූර්ව නිවේදනයක් නිකුත් කළේ අතුල අබේරත්න සහෘදයාය. ඒකෙන් කියවුණේ ඔහු බයිට් එකට ‘roasted කජුගෙනෙන බවයි. ඔන්න ආයෙමත් නඩේ ෆෝම් වුණේය. 

ගෙනෙන්නේ බිලින් දාපු කජුද?’ වගේ ගැටළු මතුවිණි. කවුරුන්වත් කජ්ජ බිස-බිසා ගේනවද?’ කියලා ඇහුවේ නැත්තේ අමතක වෙලා වෙන්නැතිය.

සාදය දවසේ අතුල අයියා ගෙනා කජු සහිත බෑගය දැක්කාම නම් මට හිතුණේ ඒවා ගන්නට ඇත්තේ බටලීයේ කජු ලියන්ගෙන් නම් නොවන බවයි. ඒත් නැත්තං ඒ බෑග්වලට කජු පැකට් දමා දෙන අය, අතුල අයියාත් ෆොරිනර් කෙනෙකු කියලා වරද්දා ගන්නට ඇත.
හැබැයි හිතන්නට ඇත්තේ
ජැමෙයිකාව වගේ රටකින්ආවා කියලාය. අපේ සහෘද හිතවතා ඒ තරම් පැහැපත්ය.

ඒත්, දුටු පළමු දවසෙම වුණත් ටික වෙලාවක් අතුල අයියාගේ ඇවතුම්-පැවතුම් දිහා බලන් හිටියාම මට පෙනුණේ මනුස්සයාගේ හිත සුදුබවයි.

සැනසුම් සුවය පතා ඈත දුරකටවී ඉන්නා, පරිසරය සුරැකීමට ගස් හිටවීමට සහාය වෙන, නිවුණු- කළු- මැදිවියේ පාංශු දේහධාරී කෙනෙකු ගැන හිතාගන්න. ඒ හිඳින්නේ ඔහුය.
ඔහු ඉංගිරිසින්ගේ කලිසම් කමිසවලින් සැරහී අපේ ගෙදරට ආවත්, ඒ නිමේශයෙන්ම, අරගෙන ඇවිත් හිටි සරමට බැස්සේය! සරම විතර ලෙහෙසි ඇඳුමක් කොහෙන්ද?”

ඒ විතරක් නොවේ. එයා සාදයට ආවත් එදා මගේ අත්තේම වැහුවේය. සැර බීම පාවිච්චියෙන් වැළකුණේය!

අවුරුදු ගණනාවකට කලින් මං වහන්සේම ලියා ඇති දේවල්වලට සම්බන්ධ කොටස් සමහරක් අදය මගෙන් ලියවෙන්නේ. ඒවා මට මතක තිබුණාට ඔයාලගේ මතකයේ නොතිබෙන්නට තිබෙන ඉඩ වැඩිය.

කොළ කැඳ හදනකොට ගම්මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරනවද?

ඒ හින්දාය, එසේ ලියැවුණු සමහරක් අදාළ කොටස් නැවත උපුටා දක්වන්නේ.

(තව දෙයකුත් කියන්නට තිබේ. එක දිගට එක වැඩක යෙදෙන්නට තරම් සුවයක් තවමත් මට ලැබී නැති නිසා- සුදුසු තැනෙකදී එහෙම කිරීම ලොකු පහසුවකුත් වෙයි!)

දැන් මේ ආපහු යන්නේ ‘ගම්පහ- කිරිබත්ගොඩ ගමන යමු’යි අමිල මට ආරාධනා කළ වෙලාවටයි.

කරුණාරත්න අමරසිංහ මහත්තයත් මගේ වීරයෙක් එදා ඉඳලම. ඒත් ඉතිං මමත් ඔය ගමනට ආවොත් ඔයාට අවාසියක් වෙයි. ඔයා තරං නිස්සද්දව අහගෙන ඉන්න බැරිව- මාත් ප්‍රශ්න අහයි. ඒකෙන්...” මං කියන්න පටන් ගත්තා විතරයි.ඒකට කමක් නෑ මනුස්සයෝ... මට ඒ දෙන්නගෙන්ම අහගන්න තියෙන්නෙ ප්‍රශ්න කීපයයි. ඔයා අහන දේවල් මටත් ප්‍රයෝජනවත් වේවි. ඒකමයි ඔයාටත් යන්න අඬ ගැහුවේ...” සිරිබිරිස් උන්නැහෙ කිව්වා. “... Pra Jayටත් අඬ ගහන්න හිතුණා... සතියේ දවසක යන නිසයි, ප්‍රා සාහිත්‍යය ගැන එච්චර උනන්දු නැති නිසයි කතා කරන්න නොහිතුවේ.”

ඉතිං, අත්දැකීම් බහුල- ඒ දෙන්නගෙත් එක්කම අපි කතාබහ කළ දේවල් නමී පටිගත කර ගත්තා. ඔන්න එව්වයින් එක කාරණයක් තමයි මේ.

අතුල අයියා ඉතා සාර්ථකව කොළ කැඳ අලෙවි හලක් පවත්වාගෙන යනවා. ඒ නිසාම එයා සතියේ දවස් හයක්ම හෙණට බිසි. “මගේ කොළ කැඳ බොන්නම දුර ඉඳල එන කස්ටර්මර්ලත් ඉන්නවා...” අතුල අයියා එහෙම කියද්දී ඔන්න මාත් ප්‍රශ්න අහන්න ගත්තා. එතකොටයි මේ ‘tip’ එක කියැවුණේ.
“නිමල් කොළ කැඳ හදනකොට ගම්මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරනවද
?”

අවංකවම කිව්වොත්- එහෙම කරන විත්තියක් මං අහලවත් තිබ්බේ නෑ!
(හැබැයි පැණිපොල් හදද්දී නං මම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා.)
“නැහැනෙ අතුල අයියේ. පොල් කිරි කැඳ හදනකොට නං ගම්මිරිස් ඇට ටිකක් දාලමයි හාල් ළිපේ තියන්නේ...”

ඔය විස්තර ඩිංගිත්ත නං 2024දීම ‘රහස් නොවන රහස් ටිකක් - දෙවෙනි කොටස’ post එකට ලිව්වා. ඒත් කරුණාරත්න අමරසිංහ මහත්තය එක්ක කෙරුණු කතාබහ ගැන නම් ලියැවුණේ නෑ. ඒත් අපේ නමී උන්නැහේ පටිගත කරලා දුන්; පැය දෙකක් විතර දිග සාකච්ඡාවන් නං තවමත් මගේ ළඟ.

හැබැයි එව්වයෙ තියෙන ඔක්කොම කරුණු ‘නිදිගෙ පංච තන්තරේ’ට ලියැවෙන එකක් නෑ. මේ වගේ ටිකක් මිස.

ඇයවත් ඇවිස්සුවොත් සංසිඳුවන්නම ඕනි. අපේ හුඟක් දෙනෙක් එයාලව අවුස්සලා නිකං ඉන්නවා- සංසිඳුවන්නේ නැතුව...

මට තියෙනවා ආසාවක් සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පොත් ටිකක් කියවන්න. ඒ ගැන උනන්දු වෙන කෙනෙකුට කියවන්න හොඳ පොත් ටිකක් කියන්නකෝ... ඔබතුමාගේ අදහසේ හැටියට.” අමිල ඇහුවා. එයා අහගන්න පෙරුම් පුරාගෙන ආව ලොකුම සහ එකම ප්‍රශ්නය එච්චරයි.

ඒත් ඒ ප්‍රශ්නයට කරුණාරත්න මහත්තය දුන්නේ පොතක් ලියන්න තරම් ‘වපසරියකින් යුතු’ උත්තරයක්.

අමිලට ඔහොම රුචියක් ඇතිවෙලා තියෙන එකම වුණත් සතුටට කාරණයක්. පැරැණි සාහිත්‍යය විතරක් නෙවෙයි, ඕනෑම විෂයයක් ගැන හදාරන්න නං කෙනෙක් තුල ඇල්මක්- උනන්දුවක් ඇතිවිය යුතුයිනෙ. ඒක; ඒ ඇල්ම එන්නේ කුතුහලය නිසා. ඔයාලා දන්නවද? කතාවක් තියෙනවා ‘කුතුහලයයි ගැහැනියයි දෙකම එකයි’ලු කියලා!” එහෙම කියූ කරුණාරත්න මහත්තයා අපි තුන්දෙනා දිහාවට හෙළුවේ දඟ බැල්මක්.
“ඒ කතාව දන්නවද
? දන්නවද...නැවතත් එහෙම අහල එතුමා පෑවේ කොක් හඬ නැඟෙන හිනාවක්. 😆😆😆 

... අපි පුරුදු වෙලා ඉන්නේ ‘කුතුහලය’ කියල උච්චාරණය කරන්නනෙ. නමුත් ඒක ‘කුතූහලය’ කියලයි නිවැරදිව උච්චාරණය කරනවා නං කියන්න වෙන්නේ. මොකද, ඒක සංස්කෘත වචනයක්... කුතූහල්! තුයන්න දීර්ඝ වෙන්න ඕනි.
කොහොමද මේ කුතුහලය ගෑනියෙකුට සමාන වෙන්නේ
?” ඒ වතාවේ අර දඟ බැල්මට අමතරව තද සිනාවකුත්...

එතුමාගේ ප්‍රශ්නයට උත්තර හොයමින් උන්නු අපටත් ඒ හිනාව බෝ වුණේ හරි ඉක්මනින්. මොකක් හරි ප්‍රශ්නයකට උත්තර නොදන්න වෙලාවක එහෙම හිනාවක් දැමිල්ල මං වහන්සේ නං කරන සම්‍යක්ප්‍රයෝගයක්...

මෙහෙමයි! කුතුහලය කියන්නේ සැඟවිලා තියෙන යමක් ගැන දැනගන්නට ඇති වෙන ගුප්ත ආසාවටනෙ. දැන් ඔය ඕනෑම නිර්මාණ කෘතියක... නවකතා- කෙටිකතා- නාට්‍ය- සිනමා වගේ ඕනෑම කෘතියක අන්න අර කුතුහලය; කුහුල නොමඳව තිබිය යුතුයි. ඒ කුහුල තමයි රසිකයන් ඒ නිර්මාණයෙන් බැහැර යා නොදී ඔවුන්ව ඒ කෙරෙහි රඳවා තබා ගන්නේ. කුතුහලයෙන් tension එක දිගටම ගෙනියන්න පුළුවන්. ඒක සාහිත්‍යයේදී වගේම නිර්මාණ කාර්යයකදීත් ඉතාම හොඳ උපක්‍රමයකුත් වෙනවා.” එහෙම කියල එතුමා පුංචි විරාමයක් ගත්තේ අපි දිහා විමසිලිමත්ව බලමින්.

ඉතිං කුතුහලය  ඇවිස්සුවොත් ඒක සංසිඳුවන්නම ඕනනෙ. හොඳ නිර්මාණයකින් ඇවිස්සෙන කුහුල නිවා ගන්නකල් සමහර රසිකයෙකුට නින්ද යන්නෙත් නැති තරම්නේ... ඒ වගේම තමයි ගැහැනියත්! ඇයවත් ඇවිස්සුවොත් සංසිඳුවන්නම ඕනි. අපේ හුඟක් දෙනෙක් එයාලව අවුස්සලා නිකං ඉන්නවා- සංසිඳුවන්නේ නැතුව... එහෙමත් නැත්තං සංසිඳවන්න දන්නැතුව...”

කරුණාරත්න අමරසිංහ මහත්තයා ලියා, විදර්ශන ප්‍රකාශනයක් ලෙසින් පළ වී තිබෙන ‘හිතක මතක’ පොතකට...

අම්මෝ... ඒ වෙලාවේ නැඟුණු හිනාව 😂😂😂. ගෙයි වහලයත් දෙදරවන තරම්! කරණාරත්න මහත්තය තමයි අප කාටත් වැඩියෙන් හිනා වුණේ.

“... පස්සේ ඉතිං කෑ ගහනවා -ගෑනි මට ද්‍රෝහී වුණා -අරක වුණා -මේක වුණා කිය-කියා... සාර්ථක නිර්මාණකරුවන් කුතුහලය ගැන මේ රහස දන්නවා... නමුත් දැන් ඉන්න නිර්මාපකයන් හුඟ දෙනෙක් ඔය බවක් නොදැනයි වැඩ කරන්නේ.
- හැබැයි, සාහිත්‍යයෙදී කියන්නෙ නැහැනෙ කුහුල දැනවීම උසස්ම කරුණක්ය කියලා. නමුත් හොඳ විමසිල්ලෙන් බැලුවොත් අපට පෙනෙනවා... උසස් ලෝක සාහිත්‍ය කෘතිවල වගේම සම්භාව්‍ය පැරණි සිංහල සාහිත්‍ය කෘතිවලත් තිබෙන එක ගුණයක් තමයි පාඨකයන්ගේ කුහුල රඳවා ගැනීම.”

අපි එහාට ගිහිං සෑහෙන වෙලාවකුත් ගත වෙලා. අමිලගෙ පළමුවෙනි උවමනාව විතරයි තවම ඉටු කර ගන්න ඇහැක් වුණේ. කරුණාරත්න අමරසිංහ මහත්තයා ලියා, විදර්ශන ප්‍රකාශනයක් ලෙසින් පළ වී තිබෙන ‘හිතක මතක’ පොතකට කතුවරයාගේ අත්සන ලබා ගැනීමයි ඒ උවමනාව වුණේ.

ඒ වුණත් අමිලගේ දෙවෙනි අවශ්‍යතාවට; එයා ඇහුව පළමු ප්‍රශ්නයට උත්තරයක් තවමත් පෙනෙන තෙක් මානයක නැති හැඩයි. ප්‍රශ්නය වෙනින් විදිහකට අහල හරි අමිලට උදව්වක් වුණොත්...

ඔබතුමාගේ අදහසට අනුව අපේ අමිල මහත්තය ඉස්සෙල්ලම කියෙව්වොත් හොඳ සද්ධර්මාලංකාරයද- සද්ධර්මරත්නාවලියද- පූජාවලියද, එහෙමත් නැත්තං අමාවතුරද?”

ඉතිරි හරිය ඉක්මනටම ඊළඟ කොටසෙන්...

Sunday, July 19, 2026

මතක මතක - පස්වෙනි කොටස

සුසිල් මහත්තයාගේ දැවැන්ත- ගම්භීර මන්දිරය දැක්ක ගමන්ම මං වහන්සේ හේබාලා ගියා. ‘එසේ-මෙසේ පුතයෙක් නොවෙන කෙනෙකුට මෙහෙම තැනක ඉන්න පුළුවන්ද?’

ඒ හැඟීම ඉක්මනින්ම වාෂ්ප වෙලා ගියේ සුසිල් මහත්තය මාව පිළිගත්ත සුහද ලීලාවෙන්. “බෝල්ඩ්වින් මටත් ටෙලිෆෝන් කළා. කෝ නිමල් එයා එවපු ලියුම...” ඒ ලියුම කියවල ඉවර වෙලා, එතුමා මගෙන් ඉල්ලා ගත්ත ‘හිනා වෙන්න හිනා’ පොතත් අතැනින්- මෙතැනින් කියවල බැලුවා.
ඊට පස්සේ මගේ දිහාවට බොහොම සානුකම්පිත බැල්මක් හෙළුවා.
😖

මෙහෙම කතා එකතුවක් තියෙන්න බෑ විවිධ මට්ටමේ අයව ඇසුරු නොකරන කෙනෙකුට.

“හැබැයි නිමල් මහත්තයෝ- බෝල්ඩ්වින් මහත්තයාගේ මුඛ්‍ය යෝජනාවට නං මට දෙන්න වෙන්නේ නිෂේධනීය උත්තරයක්...”

සුසිල් සිරිවර්ධන මහත්තයගේ ඒ කතාවෙන් මගේ හිතට පුංචි මොකක්දෝ එකක් හිතට කාන්දු වුණේ නැතැයි කිව්වොත් නං ඒක තඩි බොරුවක්. අපි කවුරුත් වැඩියෙන් කැමති අපේ ගැන මිහිරි දේවල් කියැවෙනවා අහන්නනෙ. මොකද මේ ලියන මං වහන්සේ කියලා ඊට වෙනස් සතෙක්යැ? ඒත්... ඒ එක්කම මං හැබෑ ලෝකෙට ආවා.

“මට කුරුප්පු මහත්තයත් කල් තියාම කියලයි තිබ්බේ ඔබතුමා මෙහෙම කියන්න වුණත් ඉඩ තියෙනවයි කියලා.”
“ඇත්තට... එතකොට නිමල්ට මොනවද හිතුණෙ? කමක් නැහැ නේද මම එහෙම ඇහුවට.”
“ඇත්තම කියනවා නං සුසිල් මහත්තයා, මම දන්නවනේ මගේ ලියැවිලි සම්භාව්‍ය- විදග්ධ ඒවා නොවෙන විත්තිය. හැබැයි වැඩි දෙනෙකු හැම තිස්සෙම බරසාර ඒවාට කැමති නැති විත්තියත් මම දන්නවා...”
“... ඒ හින්දා මමත් ඔයාගේ මේ යාන්ස් පොතට කැමති වෙයි කියලද හිතුවේ? කමක් නෑ- කමක් නෑ... එහෙම හිතුවට කමක් නෑ...” සුසිල් මහත්තයා හිනා පොත මේසය උඩින් තිබ්බා.

“මෙහෙම කතා එකතුවක් තියෙන්න බෑ විවිධ මට්ටමේ අයව ඇසුරු නොකරන කෙනෙකුට. අනෙක නිමල්ට තියෙනවා රුචිකර ලේඛන හැකියාවකුත්... ඒත් එක්කම මට දැනෙනවා නිමල් ලියන්නේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙනයි කියලත්. ඒත් මට ඔයාගේ මේ පොතට නම් උදව්වක් කරන්න විදිහක් නෑ නිමල්. නමුත්... ඔයාගෙන් අනාගතයේදී ලියවෙන දෙයකට නං...”
“ගොඩක් ස්තුතියි සර්. ඔබතුමා එක්ක මෙහෙම කතාබහ කරන්න ලැබුණු එකම ලොකු වාසනාවක් විදිහටයි මට දැනෙන්නේ...”

“නිමල් අවංකව කතා කරන බව- එක එල්ලේම මගේ ඇස්දෙක දිහා බලලා කතා කිරීමෙන් මට පෙනෙනවා. ඒ නිසයි මමත් මෙච්චර විවෘතව කතා කරන්නේ. අපි වගේ අයත් එක්ක කතා කරන හුඟක් දෙනා කියන්නේ තම-තමන්ගෙ අවංක අදහස් නෙවෙයි- අපිව සතුටු කරවන දේවල්... අපි එකඟ වේවිය කියල එයාලා හිතන දේවල්...
නිමල් දන්නවද? කෙනෙක් සමාජයේ කැපී පේන්න ගත්ත ගමන්ම, නායකයෙක් බවට පත් වෙන්න පටන් ගත්ත ගමන්ම එයාගෙ වටේ රොක් වෙනව ආන්න එහෙම පිරිසක්. එයාලා අර මනුස්සයව වට කරන කඩතුරාවක් වෙනවා.
-ඒ හින්දයි
බෝල්ඩ්වින් කුරුප්පුට මං ගොඩක් කැමතිත්. අරහෙම මිනිස්සු අතරේ එයා එහෙම පිටින්ම වෙනස් කෙනෙක්. මිනිහා යකාටවත් බය නැති- මොන යකෙක්වත් මායිම් කරන්නේ නැති- කට කෑවත් ඇත්තම කියන කෙනෙක්...”

කැපී පෙනෙන්නන්ගේ ගති-සොබා; ඇවතුම්-පැවතුම්; විශේෂතා ආදිය...

සුසිල් මහත්තයාගෙ අදහස් එදාටත් වැඩියෙන් ගැලපෙන්නේ අදටද?

“නිමල්ට මතකද 71 කැරැල්ල?”
“ටිකක් මතකයි සුසිල් සර්.”
“ඒ මතකවලින් හොඳම එක මොකක්ද කියලා මං ඇහුවොත්...”
එතකොට නං මම ටිකක් වෙලා ගත්තා- කල්පනා කරන්න. “ඇත්තම කිව්වොත් සර්- මට වැඩියත්ම මතක් වෙන්නේ 71 කැරලිකාරයන්ට අපේ මහරගම ආච්චි කියපු නමනෙ.” මං කිව්වේ හිනාවකුත් එක්ක.

“ඒ මොකක්ද නිමල්? ඔයාගෙ හිනාවෙන් පේන්නේ ඒ නම ලස්සන එකක් වෙන්නැති කියලයි.”
“අපේ
ආච්චි එයාලට කිව්වේ ‘චේගුරාකාරයො’ කියල...”
“ආාාහාාාා... චේගුරා? ඔයාලගෙ ආච්චිත් නිමල් වගේම හොඳ කතාකාරියෙක් වෙන්නැති. ඒ වගේ උදවියව මට හම්බ වෙලා තියෙන්නෙ අඩුවෙන්. අපරාදේ...”

මටත් සුසිල් මහතා මුණ ගැසී තිබෙන්නේ හතර-පස් වතාවක් විතරකි. ඒකත් මාස ගණනාවක පරතරයක් ඇතුවය. එවන් හමුවීම්වලදී එතුමන්ගෙන් කියැවුණු දේවලින් මට මතක තියෙන්නේ ස්වල්පයක් පමණය. එසේ වෙතත් එතුමන්ගෙ ‘කථන ස්වරූපය- නිතර කියැවුණු භාෂා යෙදීම්’ ආදිය නම් මට සපුරාම අමතකය. (මා නිතර ඇසුරු කරන්නන්ගේ හා කැපී පෙනෙන්නන්ගේ ගති-සොබා; ඇවතුම්-පැවතුම් හා විශේෂතා ආදිය මට හොඳින් ‘මීටර්’ වෙයි!)

නිදිගෙ පංච තන්තරේ ලියද්දී- ලේඛනයට ප්‍රාණවත් බවක් ලබාදීම උදෙසා ‘සංවාද’ ලෙසිනුත් සමහර දේවල් ලියන්නෙමි. එසේ කිරීමේදී සුසිල් මහතාණන්ගේ ‘කථන රටාව හා ශෛලිය’ වෙනස්වී තිබේ නම් එහි වැරැද්ද මේ ලියන නිදි සතුය.

“නිමල්ට පුළුවන්ද ආයෙමත් වෙලාවක ඇවිත් යන්න... ඔයාට පොත් ටිකක් දෙන්න හිතුණා... එනකොට හොයල තියන්නං...” එදා අපේ සාකච්ඡාව අවසානේදී සුසිල් මහත්තයා ඇහුවා. මාත් කැමැත්ත පළ කෙරුවා.
එහෙම ගිය වෙලාවේ එතුමා ‘සංස්කෘති සඟරා’ කිහිපයක්ම මට තිළිණ කළත් එක්ක.

‘රුපියල් අස්සේ අලුක්කාල් ගැන්නෙන්න යන්නෙ මක්කටෙයි’ කියන හීනමානය නිසාද කොහෙද මං සුසිල් මහත්තයාව හමු වෙන්න ගියේ ඉතාම කලාතුරකින්. එතුමන් පරලෝ සැපත් වුණාට පස්සෙ නං සිහිපත් වුණා ‘අපරාදේ’ කියලා; ඉහළම ගණයේ බුද්ධිමතෙකු විදිහට පිළිගැනුණු කෙනෙකුව මීට වඩා ඇසුරු කරන්න තිබුණ නේද කියල.
‘සිරිවර්ධන මහත්තයාත් එක්ක කෙරුණු හැම කතාවක්ම ඒ තරමට හරවත් වුණේ කොහොමද?’ මට තවමත් හිතෙනවා!
(සුසිල් සිර්වර්ධන මහතා නිවනින් නිවී සැනසේවා!)

කුරුප්පු මහත්තයා එවල තිබ්බ අනෙක් ලියුම ‘කරුණාරත්න අමරසිංහ’ මහත්තයගෙ නමටයි කියල මං ඔයාලට කිව්වනෙ. ඉතිං මං එතුමටත් ෆෝන් කළා. ඒ දුරකථන සංවාදය ඉවර වුණෙත් හමුවීමට වෙලාවක් යොදා ගනිමින්.

කරුණාරත්න අමරසිංහ මහතා ඔහුගේ ගෘහස්ථ රාජධානියේදී සුමිතුරු ජිනසේන ගමගේ මහතා සමඟ.

“නිමල්, මම කරන ගුවන් විදුලි වැඩ සටහනකින් ඔයාගේ පොත ගැන කතා කරන්න බලමු. හැබැයි ඊට කලින් ඔයා මට ඒ පොතෙන් පිටපතක් එවල ඉන්න ඕනි...” කරණාරත්න මහත්තයා කිව්වා.

පොත යැව්වට පස්සේ ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්. “අපි රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරමු. නිමල්ට පුළුවන් නේද SLBC එකට එන්න- මම කියන වෙලාවට.”
“එන්නං කරුණාරත්න මහත්තයෝ.” මං කිව්වේ ඉහ-වහා ගිය සතුටකින්. සතුටු නැද්ද දෙයියනේ ‘පුංචි කාලේ හිට හිතේ වැජඹෙන වීරයෙක්ව පණ පිටින්ම හම්බ වෙන්න ඉඩක්’ පෑදුණාම.

ඊට කලින් ගුවන් විදුලි වැඩ සටහන් කීපෙකටම සහභාගි වෙන්න ඒ ආයතනයට ගිහිං තිබුණු හින්දද කොහෙද ‘රේඩියෝ ප්‍රෝග්‍රෑම්‘ එක ගැන නං අමුතු සතුටක් ඇති වුණේ නෑ. හැබැයි ජීවිතේ පළමුවෙනි වතාවට සම්බන්ධ වුණු ‘ආරෝග්‍ය ශාලා සේවය’ වැඩ සටහන (දුප්පත් අපිට රේඩියෝවක් නොතිබුණු නිසා) මටවත් අහගන්න බැරි වෙච්චි දුක නං එදා අලුත් වුණා.

ඒත් එක්ක, (ඇත්තම කියනවා නං) කරුණාරත්න මහත්තයා මිත්‍රශීලී ගතියෙන් අඩු කෙනෙකු විදිහටයි, පළමු හමුවේදී මට හැඟුණේ. එක එක්කෙනා එක එක විදිහනේ. අනෙක එදා එතුමා ඇවිත් උන්නේ ‘මිත්‍ර සමාගම්’ පවත්වන්න නෙවෙයිනේ.
එහෙම වුණත්, ඒ වැඩ සටහනට සහභාගී වෙන්නට පැමිණ සිටි තුරුණු සහායිකාවටත්; මටත් අවශ්‍ය උපදෙස් හා ගුරුහරුකම් ලබා දෙන්න නම් කරණාරත්න මහත්තයා අමතක කළේ නෑ. (එතුමන්ලා අයිති වුණේ ‘පළමුව රාජකාරිය’ පරම්පරාවට නෙව!)

ඉතිං, “මම මෙහෙම ඇහුවොත්...” කියලා එතුමා මට හදිසි ප්‍රශ්නයකුත් යොමු කළා- මැදිරියේදී කෙරුණු පෙරහුරුව වෙලාවේ. ඒ මගේ කටහඬේ තත්ත්ව පරීක්ෂාවක් වගේම; පිළිතුරු දීමේදී නිරවුල්ව එය කරනවාදැයි සෙවීම පිණිස වෙන්නැති.
“නිමල්, ඔයාගේ පොතෙන් තෝරාගත්තු කෙටි යාන්ස් දෙකක් අපේ වැඩ සටහන අතරතුර දෙවතාවකදී ඉදිරිපත් කරනවා. මේ තරුණ යුවතිය ඇවිත් සිටින්නේ ඒ කාරිය උදෙසා.”

අතරමඟ නැවතීම්- බාධා කිරීම් මොකවත් නැතිව ඒ වැඩ සටහන පටිගත කෙරුණා. වැඩි කතාබතා මොකුත් නැතිවම මං ආපහු ආවේ බලාපොරොත්තු සුන් වුණු ගතියකින්. ඒ කරුණාරත්න මහත්තයත් එක්ක සුහදව කතා කරන්න බැරි වීම ගැන දුකෙන්! ඒ දුක්මුසු; මුසුප්පු සහගත හැඟීම අවුරුදු ගණනාවක් තිස්සෙම; 2024 සැප්තැම්බර් මාසේ දවසක් වෙනකල්ම අතුරුදහන් නොවී තිබුණයි කියමුකො. ඒ කිව්වේ සිරිබිරිස් උන්නැහේ මැදිහත් වෙනකල්...

ආදරණීය පාඨක ඔයාලට කොහොම ස්තුති කරන්නද මංදා... 

සිරිබිරිස් උන්නැහේව මං හඳුනාගත්තු හැටිත් බොහොම රසවත් මතකයක්!

2019 දෙසැම්බරයේ හරි 2020 ජනවාරියේ හරි දවසක හැන්දෑවෙ, අපේ අල්ලපු ගෙදර දේවිකා නංගි මට කතා කළා. “නිමල් අයියේ... නිමල් අයියේ. මෙන්න කවුද ඇවිල්ල, ඔයාව අහනවා.”
මං දොරකඩට ගිහිං බැලුවා.

දැකලා නැති අමුත්තෙක් හිනාවේගෙන ගේට්ටුව ළඟ; කාර් එකත් නවත්තගෙන... හතර රියන්; ආරෝහ-පරිණාහ දේහධාරී පුරුෂයෙක්...මාව දැක්ක ගමන්ම එයා කට පුරා හිනාවකුත් දාපි.

“කොහොමද ලොක්කා, මං සිරිබිරිස්... ලංකාවට එනකොටමයි හිතාගෙන ආවේ ඔයාව හම්බ වෙන්න එන්න.”

විදේශයක සිට නිදිගෙ පංච තන්තරේ කියවන; comment කරන සිරිබිරිස්ව මගේ හිතේ ඇඳිලා තිබ්බෙ ගොඩක් තලත්තෑනි මනුස්ස පරාණයක් විදිහටයි... සිරිබිරිස්ගේ කමෙන්ටුවලිනුත් පෙනුණේ එයා දැනුම්-තේරුම් ඇති; පරිණත කෙනෙක් හැටියටයි. එහෙව් වැඩිහිටි මනුස්සයෙකුට නම කියල කතා කරන්න අකමැති වුණු මං ‘සිරිබිරිස්’ නම අගට ‘උන්නැහේ’ කෑල්ලකුත් ඈඳන්නයි එතකොටත් පුරුදු වෙලා හිටියේ.

නිදිගෙ පංච තන්තරේ ලියන්න පටන් ගත්තු නිසා ලංකාවේ වගේම පිටරටවල ඉන්න ගොඩාරියක් සහෘදයන් හඳුනා ගැනීමේ වාසනාව මට ලැබුණා. ඒ අතරෙ ඉන්න තවත් හිතවතෙක් තමයි සිරිබිරිස් උන්නැහේ... තවත් කීප දෙනෙක්ම ඉන්නවා, මෙතැනදී නම් ලැයිස්තුව නොලිව්වට. හොඳේ...

මටම පුදුමයි- මුල්ම අවුරුදු කිහිපයෙන් පස්සේ මේ බ්ලොගය වැඩියෙන්ම කියවන්නේ විදේශවල ඉන්න හිතාදර රසික-රසිකාවියන්!
අද (2026 ජුලි 19) උදේ බලද්දිත්, මේ බ්ලොගයට වැඩියත්ම පිවිසිලා තියෙන්නේ විදෙස් පාඨකයන්. හරියටම කියනවා නම් ලංකාව තියෙන්නේ ඒ ලැයිස්තුවේ 14 වෙනි ස්ථානයේ.

තව එකක්. ඊයේ දවසේ අපේ blog එකේ Hit Counter එක හත් ලක්ෂය පහු කරලා; 7,02,577ට කැරකිලා! ඊයේ දවසේ පිවිසුම් ගණන 2,912ක්.
2026 ජුනි මාසේ තමයි ‘නිදිගෙ පංච තන්තරේ’ට අඩුම posts ගණන; 3ක් වැටුණේ. හැබැයි, වැඩිම පාඨක සංඛ්‍යාවක් බ්ලොගය කියවන්න පැමිණිලා තිබ්බෙත් ජුනි මාසේ. සංඛ්‍යාව 89,776ක්.

නිදිගෙ පංච තන්තරේට මෙච්චර පිළිගැනීමක් ලබා දුන් ආදරණීය පාඨක ඔයාලට කොහොම ස්තුති කරන්නද මංදා.
හැබැයි අපි ආවේ බොහොම  හෙමින් ගමනක්. මුල්ම කාලේ දවසකට 150ක් විතර තමයි බ්ලොගය කියෙව්වේ. බ්ලොගය පළ කරන්න පටන් ගෙන මාස 18කට පස්සේ; 2020 ජනවාරියේ ‘ශ්‍රී ලංකා
not vs England - හයවෙනි කොටස‘ට මං මෙහෙමත් ලිව්වා මතකද?

මානෙල් නංගිගේ විවාහ මංගල්‍ය උත්සවයට ‘ගම් කුකුළු මස්’ම උයවන්නට ඕනෑ යයිද, අජිත් මල්ලිගේ කුකුළු කොටුවේ කුකුළන් ඒ සඳහා මරවා ගැනීමට හැකි යයිද ‘අපේ ගෙදර වරිග සභාව’ තීරණය කළේය.

‘2018 අප්‍රේල් 1 වෙනිදා සිට පළවන ‘නිදිගෙ පංච තන්තරේ’ට දැන් (මාස 18කදී) පිවිසීම් 85,072 කි. මගේ ලියවිල්ල කිසිම කමකට නැතිනම් එච්චර ගණනක් මෙය කියවාවිද?

මගේ පාඨක හිතවතුන්- හිතවතියන් සැම දෙනාටම ස්තුතිවන්ත වෙමින්, විස්සයි විස්සට සුබ පතන අතරේ මට හිතෙන්නේ එහෙමය.’

සිරිබිරිස් උන්නැහේ නමෝ විත්තියෙන්ම අපේ දිහා ආවෙත් ඔය දවස්වලමයි.

“ඔයා දන්නවද ලොක්කා, මට ඔයාව හම්බ වෙන්නම හිතුණෙ ඇයි කියලා. පව් විකුණන්න බැහැයි කියලා- නංගිගෙ වෙඩින් එකට ඔයාම කුකුළො පනහක් විතර මරපු විස්තරේ blog එකෙන් කියෙව්වට පස්සේ... මට හිතුණා, අඩේ- මේකා මාර ඩයල් එකක්නෙ. මේ සැරේ ලංකාවට ගියාම පොරව හම්බ වෙන්න යන්නම ඕනි කියලා.”
එහෙම හිතා ගෙනය; සිරිබිරිස් උන්නැහේ ‘සුවිශේෂ තෑගි කිහියකුත්’ ඕස්ට්‍රේලියාවේ සිටම සූදානං කරගෙන ඇවිත් තිබුණේ.
එව්වා අතර ‘
1901 සත ¼ හෙවත් අලුක්කාලේ කාසිත්’ තිබිණි.

අපේ හිතවත්කම ලියලා ගිය විදිහ කියන්නට කලින්- මගේ අඳුරු වික්‍රමයක් වූ ‘සැවුළු සංහාරය’ ගැන ලියූ විස්තරය මෙතැනට යොදන්නේ (විශේෂයෙන්ම) නවක පාඨක සහෘදයන් වෙනුවෙනි.

මානෙල් නංගිගේ විවාහ මංගල්‍ය උත්සවයට ‘ගම් කුකුළු මස්’ම උයවන්නට ඕනෑ යයිද, අජිත් මල්ලිගේ කුකුළු කොටුවේ කුකුළන් ඒ සඳහා මරවා ගැනීමට හැකි යයිද ‘අපේ ගෙදර වරිග සභාව’ තීරණය කළේය. ‘කොහොමද උන්ව මරන්නේ’ යැයි මම විමසීමි.
මේ එතැන් සිට කතාවයි. (එය උපුටා ගැනෙන්නේ සත් වසරකට පෙර ලියැවුණු ‘සැවුළු සංහාරය 6-7’ postsවලිනි.)

“ළමයෝ, කුකුළු මස් කඩේට ගෙනිහින් උන්ව මස් කරවා ගත්තැකි. එතකොට ඉවරයිනේ.” අපේ සීයා කීවේය.
“එහෙම කොහොමද ඉවර වෙන්නේ
?” මම ඇසීමි. මං එහෙම ඇහුවේ සීයාගේ කතාව නොතේරී නොවේ!

“ඒ මිනිස්සු ඒක කරලා දෙයි, සල්ලි දෙනවා නම්!” සීයාම උත්තර බැන්දේය. ගොනා හැරෙනවිටම ඒ පොල් පැළය කන්නට බව දැනුමැත්තෙකුට තේරෙයි. ආලවකයා සිරසටම නැඟලා හිටිද්දීත්, මං දර්මයෙන් ඇහුවේ ‘ධර්ම’ ප්‍රශ්නයකි.

“ඒකත් හරි කියමුකෝ. ඈ සීයේ, කවුද එතකොට ඒ මිනිස්සුන්ට ඔය සල්ලි දෙන්න ඕනේ?”

ඔන්න එතකොට නම් සීයාටත් හිනහ ගියේය. “ඇයි ළමයෝ, මේ ගෙදර වැඩවලට වියදම් කරන්නේ ඔය ළමයනේ....”

“ඈ ආච්චියෙ, ආච්චීනෙ බණ-දහම් හොඳට දන්න කෙනා. දැන් කුකුළු මස් කඩේ මිනිස්සුන්ට කියලා අපේ කුකුළෝ මරවගන්න සල්ලි දෙන්න වෙන්නෙ මට. එතකොට ඒ ප්‍රාණඝාත අකුසලේ කාටද? මටද, ඒ මිනිසුන්ටද?” අපේ ආච්චීත් හැදිලා තිබුණේ මව්කිරි බීලාය.

උඹට ඉතින් තිස්සෙම ප්‍රශ්න අහනවා ඇර වෙනින් වැඩක් තියෙන එකක්යැ. අනේ, මං දන්නා තරම මදි පුතේ...

ඒ වගේම දසනායකලා වුණාට දිසානායකලාටත් වැඩියෙන් දුර දකින්නීය.
ඒ නිසාම වැටෙන්නට යන සකල අමාරුව කල් ඇතිවම තේරුම් ගත්තාය.

හොඳටම අහුවෙන ප්‍රශ්නයකදී, හරියටම අපේ පොලිටික්කන් කරන්නේ වෙනින් කතාවක් ඇදලා ගන්න එකය. පීල්ල මාරු කෙරිල්ලය. ආච්චිත් කළේ ඒකය. “උඹට ඉතින් තිස්සෙම ප්‍රශ්න අහනවා ඇර වෙනින් වැඩක් තියෙන එකක්යැ. අනේ, මං දන්නා තරම මදි පුතේ ඔව්වට උත්තර දෙන්න!”.

සැවුළු සංහාරය කරන්නට වුණේ මඟුලට කලින් දවසේය. එතැනදීත් අනුගමනය කෙරුණේ ආඳා මාළු අතින් නොකා ඉරටෙන් කන තියරි එකමය. “බදුල්ලෙන් කට්ටිය එන්න ඉස්සෙල්ලා කුකුළො ටික මරලා සුද්ද කරලා ඉවර කළා නම් හොඳයි නේද?”

කරන්නට හොඳය. පෙනෙන්නට නරකය! එත් මේ ඒවාට එරෙහිව රණ්ඩු කරන්නට වෙලාව නෙවෙයිනේ. මම කට පියාගෙන හිටියෙමි.
“මල්ලා
, තමුසේ එහෙනම් කුකුල්ලුන්ගේ කකුල් ගැට ගහලා එක ගොඩකට දානවා!”

ආයුක්ෂයවී සිටි අවාසනාවන්ත සැවුළන් මරන්නට තෝරා දුන්නේ අජිත් මල්ලීය. ඒ ගොඩටම නාකි කළුකුම්ලා දෙතුන්-දෙනාත් අයිති වුණේය. උන්ගේ කකුල් ගැට ගහන්නට ඕනෑවූ ලණු කැරලි ගෙනාවේ අපේ සීයාය.

අනේ අජිතෝ, අනේ සීයේ. ඔයාලා දෙන්නාමත් නොදැන හරි එදා, ඒ ප්‍රාණඝාත අකුසලයේ කොටහකට කර ගහලාය. බණේ කියවෙන හැටියට නම් ප්‍රාණඝාත අකුසලයක් සම්පූර්ණ වෙන්නට  කරුණු පහක් සපිරෙන්නට ඕනෑය.

   1. පණ ඇති සතෙකු වීම
   2. පණ ඇති සතෙකු බව දැනගැනීම
   3. වධක චිත්තය හෙවත් මැරීමේ චේතනාව
   4. මැරීම සඳහා යම්කිසි උපක්‍රමයක් යෙදීම
   5. එම සත්ත්වයා එයින් මරණයට පත් වීම
, ඒ කාරණා පහයි! මං කරන්නේ තොරතුරු සම්පාදනය විතරය. තීරණය ගත යුත්තේ බුද්ධිමත් රසිකයන් විසිනි.

පරපණ නැසීමේ අකුසලය කොහොම-කොහොම බෙදෙන්නට ඇතිද?

මගේ හැඟීමත් දැනීමත් අනුව නම්, එදා අපේ ගෙදර හැමෝම එක-එක මට්ටමෙන් ඒ පවට කර ගැසුවෝය!
මේවා තේරෙන වයසක නොහිටි අපේ මැරෑටියා
; බඩා මල්ලා; දීපාල් කුකුල්ලුන්ගේ කකුල් ගැට ගැහුවේ සෙල්ලමකට අරගෙනය. ඒ වැඩේ සෑහෙන්නට කෙරුණාට පස්සේ මම වධක රාජකාරිය කරන්නට පටන් ගත්තෙමි.

මං හිත-හිතා හිටියේ නැත; බල-බලා හිටියේ නැත. එකෙක් අතට. බෙල්ල කොට කෑල්ල උඩට. පිහිය ඉහළට. ඊළඟට පිහිය පහතට. One shot. දඩාස්! බෙල්ල පැත්තකට. කඳ බැරල් එක ඇතුළට. ආයෙමත් ඒකමය. ඔහොම දිගින්-දිගටම ශීර්ෂඡේදනය කරගෙන-කරගෙන ගියෙමි.

මගේ අම්මෝ! ප්‍රාණ හතක් තියෙන්නේ බළලුන්ට විතරක් නොවෙයි වගෙය. බෙල්ල කපලා, කඳ කොටස උස බැරල් එකට දැම්මාට පස්සෙත් විනාඩි ගණනාවක් යන තුරුම කඳ දඟලයි! උඩ පනියි!! නිසල වෙන්නේ ඊට පස්සෙය!!! මට හිරිකිතම හිතුණේ දැවැන්ත කළුකුම්ලාගේ බෙලි කපද්දීය!!!!’

ඉතිරි හරිය ඊළඟ කොටසෙන්...