අවුරුදුම 09ක්…! නෑ, ගඳ නෑ…
පුස් බැඳිලත් නෑ…😋
"පොතුබරි" නැත්නම් මුහුදු
කුකුලා....
![]() |
අර බාරේ ඔප්පු කරන්න ගිය ගමනනෙ... |
මට මෙච්චර කල් මේ ගැන පෝස්ටුවක්
ලියන්න හිතුන්නැත්තෙ ඇයි? ඒත්... පොතුබරි වචනෙන් පස්සේ හිතුණා අදම මේ post එකේ වැඩ
පටන් ගන්න.
එවෙලේම ගත්තා සාන්තල ගෙදරට call එකක්. ෆෝන් එක ඉස්සුවේ බබිතා නංගි; සාන්තගේ ප්‍රියම්බිකාව.
(මෙයාල ජෝඩුව ගැන කලිනුත් කියල තියෙනවා. මොකද, මේ දෙන්නගෙ විවාහ මංගල්ලේ දවසේ ‘හතර
වරිගෙම නෑදෑයෝයි හිත-මිත්රාදීනුයි සේරමලා’ ඒ මංගල්ලෙට වැඩිය උනන්දුවෙන් වෙනත්
මංගල්ලයක් දිහාවයි බලබලා උන්නේ. එදා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම World Cup
එක දිනන මාවතට වැටුණේ- කෙන්යාව එක්ක මැච් එකේදී colours පෙන්වන්න පටන් අරං...)
“ඉතිං කොහොමද නිමල් අයියේ... අද ඔයාගේ
කටහඬ නං හොඳයි...”
“ඒක පෙන්නන්නත්තෙක්ක තමයි කතා කළේ. නංගි- කෝ, සාන්ත එහෙම කිට්ටුවක ඉන්නවද?”
“එයා අදත් වැඩ අයියේ. මම එයාට කියන්නං- දැන්මම ඔයාට කතා කරන්නයි කියල.”
“එපා එපා නංගි. මගේ ළඟ සාන්තගේ මොබයිල් නොම්මරේ තියෙනවා. මම දැන්මම සාන්තට කතා කරන්නං”
මං කිව්වා; ඒ වගේමයි කළෙත්.
“සාන්ත, මට ඔයාගෙන් විස්තර ටිකක් අහගන්න
තියෙනවා... අවුරුදු දහයකට විතර කලින් ඔයාලා මාව කතරගම එක්කගෙන ගියා මතකයිද- මාතරට ගිහිං-
කොට්ටෙගොඩ හරහා...”
“ආ මතකයි මතකයි. අර බාරේ ඔප්පු කරන්න ගිය ගමනනෙ... ඉතිං මොකක්ද නිමල් අයියේ මගෙන්
කෙරෙන්න ඕනේ?”
“අනේ සාන්ත. කරදරයක්ය කියල නොහිතා,
අද වැඩ ඇරිලා ගෙදර යන ගමන් අපේ ගෙදරට ගොඩ වැදිලා යනවද -පැය බාගෙකට... ලොකු උදව්වක්
මහත්තයෝ.”
“මොන කරදරයක්ද නිමල් අයියේ... මම එන්නං. හැබැයි පහමාර විතර වෙයි. කමක් නැහැනෙ?”
“ඒකට මොකෝ? තෑන්ක්ස් සාන්ත!”
ඒත් එක්කම මං අපේ නමී උන්නැහෙටත්
කෝල් කළා.
“හා ලොක්කා... ගුඩ් මෝනින්! මොකෝ මේ උදෙන්ම?” නමී ඇහුවා.
“පුළුවන්කමක් තිබ්බොත් අද හවස පහට-
පහමාරට විතර මේ පැත්තට ඇවිත් යනවද?”
“වොයිස් ටයිපිං වැඩේ කරන්න ගත්තද?” නමී ගුරුන්නාන්සේ හිතන්නට ඇත්තේ මේ නිදි ගෝලයා
ඒ ගැන යමක් අසා දැන ගන්නට හදනවා කියලය. (කරුණාරත්න අමරසිංහ මහතා එසේ කරන විත්තිය ආයෙමත් මතකයේ ඉස්මත්තට පැමිණි පසු මේ දිසානායකයා ඒ ශිල්පය හදාරන්නට
පටන් ගත්තේය; නමී සර්ගේ මඟ පෙන්වීම යටතේ.)
![]() |
| ‘ඔන්න මැරෙයි, මෙන්න මැරෙයි’ වගේ සිටි කාලයක් පසුකොට; කෙස්-ලොම්- මයිල් සේරම හැලී... (2014 දී) |
“ඒකේ වැඩකට නෙවෙයි යක්ෂයො එන්න කිව්වේ...
එක අතකට එහෙම නෙවෙයි කියන්නත් බෑ. තව චුට්ටකින් සාන්ත මෙහාට එනවා... ඒ ආවාම මං
විස්තරේ කියන්නං දෙන්නටම එක සැරේ!”
“කව්ද සාන්ත?”
“WAL ප්‍රියන්තගෙ නංගිව; බබිත නංගිව බැඳල ඉන්න කෙනා...”
“අපි අර ලොකු බස් එකක රැස් වෙහෙර, අවුකන එහෙම බලන්න ගිය ට්‍රිප් එකට එයාත් ආව නේද නිදි?”
“බබිත නංගි ගියා... සාන්ත ඒ ට්‍රිප්
එකට ආවේ නෑ- මට මතක විදිහට. ඔයාට... ආ- කියනකොටම සාන්තත් ඔය ආවේ.” සාන්තගේ දඬුමොනර
යන්තරේ සද්දෙ ඇහිච්ච මං අනුමානයෙන් කිව්වා.
ඒ දෙන්නව එකිනෙකාට හඳුන්නලා දෙද්දී
දෙන්නම කිව්වේ එකම සිංදුව. ‘අපි මීට කලින්
මෙහෙදීම හම්බ වෙල තියෙනවා.’
“ඒක වැඩියත් හොඳයි. එහෙනං දෙන්නම තුන් හතර පොළකින් වාඩි වෙන්නකෝ- මං විස්තරේ
කියන්න...
-නමී, 2013 මට මල්ටිපල් මයෙලොමා blood කැන්සර් එක හැදිච්ච වෙලාවේ මේ සාන්තල නැන්දම්මා; චිත්තම්මලා එහෙමයි ප්‍රියන්තලගේ නෑදෑයෝ සේරමලයි එකතු වෙලා ලොකු බෝධි පූජාවක් කෙරුවා... තලපත්පිටියේ ශ්‍රී බෝධිරුක්ඛාරාම පන්සලේ. බාරහාර කීපෙකුත් වෙලා තිබුණා- මංවත් දන්නේ නැතුව...” මං කිව්වේ නමීට මේ කතන්දරේ තේරුම් ගන්න ලේසි වෙන්නටයි.
ඖෂධ හා විකිරණ ප්‍රතිකාර පටන් ගත් විට ‘ඔන්න මැරෙයි, මෙන්න මැරෙයි’ වගේ සිටි කාලයක් පසුකොට; කෙස්-ලොම්- මයිල් සේරම හැලී, අඟහරු ලොවින් ආ භූතයෙකුව සිටි කාලයක් පසුකොටය, නිමල් දිසානායකයා සනීප වීමේ මාවතට පිළිපන්නේ. ඒ විස්තරත් එවෙලේ මගෙන් කියැවිණි.
“අන්න ඒ සනීප වේගෙන එන කාලේ තමයි නමී
අපි නිමල් අයියට කිව්වේ, අපිත් එයා වෙනුවෙන් කතරගමට බාරයක් වෙලා තියෙන බව.
ඒ බාරය ඔප්පු කරන්න අපිත් එක්ක කතරගමට ගිය ගමන ගැන නේද දැන් නිමල් අයියට විස්තර අහගන්න ඕනි...”
“හරියටම හරි, සාන්ත!”
“ඔය පරණ කතන්දර අවුස්සන්නේ මොකටද අප්පා?”
“ඒ කතන්දරේ මගෙ blog එක කියවන අයට ලියන්න... මට ගොඩක් විස්තර මතකයි. ඒත් ඒවා හරිද කියලා තහවුරු
කර ගන්නත් එපැයි, සාන්ත.”
අන්න එතකොටයි නමී උන්නැහේත් ප්‍රශ්නයක්
ඇහුවේ. “නිදි, මොකද මේ එක පාරටම හදිස්සියේ ඒක ලියන්න හිතුණෙ... ඇහුවට කමක් නැහැනේ...”
![]() |
"පොතුබරි" නැත්නම්
මුහුදු කුකුලා... (ටයිටන් ට්රිගර්ෆිෂ් Titan
Triggerfish) |
‘අවුරුදුම 09ක්…! නෑ, ගඳ නෑ…
පුස් බැඳිලත් නෑ…😚
"පොතුබරි" නැත්නම් මුහුදු
කුකුලා...
![]() |
මීට දවස් 3000කට විතර කලින් මං මේක
කළේ Bachelor's research එකේ පුංචි කොටසක් විදියට. |
මීට දවස් 3000 කට විතර කලින් මං මේක කලේ Bachelor's
research එකේ පුංචි කොටසක් විදියට...
මුල් අවුරුද්ද පුරාම කල් පැවැත්ම weekly
වගේ බැලුවා... ඒත් අවුරුදු 09 ක්ම පුස් බැඳීමක්වත් නොවී තියෙයි
කියලා ඇත්තටම මම හිතුවෙ නෑ... මාලු පොත්තක්නෙ මේ....
මේ පොත්ත හරි තදයි... වෙන මාලු වගේ
නෙමෙයි... වතුර අයින් කරල වේලුනාම කට්ටක් වගේ රෝල් වෙනවා... දිග අරින්නවත් බෑ...
සාමාන්‍ය මාලු සමක් treat
කරන procedures වලට මේක කරන්න බැරි උනා...😍
මාස 3- 4 ක් විතර ගියා flexible
කරන්න පුලුවන් ක්‍රමයක් හොයාගන්න... හැබැයි chemicals
use කලේ නෑ... ස්වාභාවික මිල අඩු
හොයාගන්න පහසු දේවල් වලින් කලේ...
මේ පාට... ඔයා පාට කලා නේද?😏
නෑ.. මුලදි samples
අරන් මං පාට කරලත් බැලුවා... එතකොට
කැතයි. මල් බබෙක් වගේ...
ඔය පොත්ත ටිකක් කලු පාටයිනෙ...
මට කැමති පාට එනකම් ඒ කලු පාට pigments හෙමීට පොත්තෙන් අයින් කරන්න පුලුවන් විදියකුත් හොයාගත්තා... මේක
පොත්ත ඇතුලෙන්ම ගනිපු ස්වාභාවික පාටක්...😗
(තව අවුරුදු 10 කින් විතර ආයේ බලන්න ඕනෙ ඉතින්...😊
ඒ කාලෙ මේ පර්යේෂණයට මට හැමදේම කියල දීපු මගේ
රුහුණ University එකේ Prof.
D.H.N. Munasinghe වගේම Zoology
Department එකේ මට උදව් කරපු හැමෝමත් ගෞරවයෙන් මතක්
කරනවා.❤
මේ ගැන suggestions
හරි, අඩුපාඩු හරි ඕනෙ දෙයක් ඔයාලා පහලින්
ලියන්න.
මං සහන්...
සාන්තයි, නමීයි දෙන්නටම පුදුමයි- ඒ
පෝස්ටුව මට එච්චරටම වැදිලා තියෙන එක ගැන.
සහන් විලියම්ස් අලුතින් යමක් කරල- ඒ පර්යේෂණය ගැන අවුරුදු නවයක් තිස්සේ විමසිලිමත්ව
හිඳීම පොඩි දෙයක්ද?
සහන්ගේ හිත මිතුරු සගයන් දක්වා
තිබුණු ප්‍රතිචාරත් හොඳයි. එයිනුත් කීපයක් මේ.
Kaveesha Supun- අපිත් skin එක use කරලා ග්ලූ එකක් හැදුවා. ඒක සක්සස් වුණා. ඒකෙන් ඕනෑම
දෙයක් අලවන්න පුළුවන්... ලී, වීදුරු - ඕනෑම දෙයක්. සුපර් ග්ලූවලට වඩා හොඳයි.
Sachini Karunarathne- මෙන්න ඔයාගෙ research
ek සචිමොටෝ... මුහුදු කුකුල හොයාගෙන
ලෙල්ලමේ ගිය කාලෙ මතකද
Shamika Senesh Bandara- Leather
සෑහෙන්න ගණන්. හැබැයි මේ වගේ දෙයක්
කරන්න පුළුවන් නම් ඒක අලුත් මාකට් එකක් හදලා දෙයි.’
![]() |
සාන්තලා එයාලගෙ වාහනයකින්ම කතරගම
යන්න පිටත් වුණේ, මං වහන්සේවත් පටවගෙන.
(සෙරාන්, බබිතා, චිරන්ත හා සාන්ත) |
“ඔයා මේ බණ කතා කරනවා නිමල් අයියේ... මම පුංචි කාලේ පොතුබරි හම් විතරක් නෙවෙයි අහක
දැම්මේ- මාළුවාව එහෙම පිටින්මයි අහක දැම්මේ. ඌට ඒ කාලේ කියපු පොතුබරි නමත් නිකං
අංජ-බජල් නමක් නෙව. අනික ඌ කිසි ලස්සනක් නැති මාළුවෙක්නෙ. උගෙ හමත් හරි ඝනයි... ”
“හෝව් හෝව් පොඩ්ඩක් හෝව්! ඕන්න ඔය විස්තර
ටික තමයි මට ඔයාගෙන් විශේෂයෙන් අහගන්න ඕනි. එදා කොට්ටෙගොඩදී ඔයා කිව්ව වගේ ඒ ගැන කියන්න.
හැබැයි, අද ඔයා කියන දේවල් අපි රෙකෝඩ් කර ගන්නයි හදන්නේ. කමක් නැහැ නේද... රෙකෝඩ්
කරන වැඩේටයි මම නමීව ගෙන්න ගත්තෙත්...”
නමී ඒ රාජකාරිය අකුරටම කරලා දුන්නා.
පටිගත වෙලා තියෙන අපි දෙන්නගෙ සංවාදෙන් මේ post එකට අදාළ කාරණා විතරක් තෝරාගෙන මතක
වීදිය දිගේ පෙළ ගස්සවා ගත්තේ පුංචි පහේ යුද්ධයක් කරලයි!
මොකද සාන්තටත් කියන්න දේවල් එමටයි!
එයා මාතර, ගබඩා වීදියේ ඉපදිලා එහෙ කරිජ්ජ
පාගලා, එතැනින් කොළඹට ඇවිත් ගෙන්දගම් පොළොව පාගලා, සකුරා මල් පිපෙන රටේ අවුරුදු 5 ½ ක් ඉඳල ආව පුතයෙක්. අත්දැකීම්
තොගයක් තියෙන කෙනෙක්.
ඉතිං, 2015දි තමයි සාන්තලා එයාලගෙ
වාහනයකින්ම කතරගම යන්න පිටත් වුණේ, මං වහන්සේවත් පටවගෙන.
“සුසිලක්කලා අපිට lunch එක ලැහැස්ති කරනවයි කිව්වා. ටිකක් කල් ඇතුව එන්න කියලත් කිව්වා.
ඊට පස්සෙ නිරෝ, අපි ඇඹිලිපිටියට ගිහින් නන්ද කුමාරවත් දාගෙනයි කතරගම යන්නෙ...”
සාන්ත කිව්වේ බබිත නංගිට විතරක් නෙවෙයි- මටත් දැන ගන්න වගෙයි.
(‘නන්ද කුමාර එනව නං ඉතිං හිනා
වෙනවා මිසක් හුස්මක් ගන්න ඉඩක් ලැබෙන්නෑ’ මට හිතුණා. අවුරුදු ගාණක් නැව්වල වැඩ කරල
තියෙන නන්දෙ අපි එක්ක trips යන නඩේ සාමාජිකයෙක්. අර ‘මලාකා’ (kaරි) කතාව එයාගේ අත්දැකීමක්.)
“ඔය කිව්වට සාන්ත, සුසිලක්කලා දවල් කෑම
විතරක් නෙවෙයි, ලොකු තේ මේසයකුත් සූදානං කරගෙන ඇති- මෙලහටත්... මං දන්නැද්ද එයාලගෙ
හැටි...”
“ඒක නිරෝ දකුණෙ මිනිස්සුන්ගෙ හැටි!”
බබිතා නංගි කිව්ව හරි!
ඒ පරුවත තේ මේසයේ තිබුණු ජාති... තෝරල- බේරලා සප්පායම් වෙලත්... හුස්ම ගන්න වුණේ
අමාරුවෙන්. “සුසිලක්කේ, මේ නිමල් අයියා කියනවා දවල්ට කෑම එපැයි කියලා...”
“ඇත්තෙයි? අනේ... හාපුරා කියල අපේ
අහට ආව දවසේ බත් කටක් නොකා යන්නෙයි... ඔය බඩ බහියි- සාන්ත මල්ලී මෙයැයිව මුහුදු
හුළං ටිකක් වදින්න එක්කං ගියොත්...”
![]() |
ගෙදර ඇවිත් බැලින්නං එකට එකකටත් වැඩිය
වැලි! කත්කාරය පොකිරිස්සන්ගේ ඔළු අස්සට වැලි පුරෝලා... |
“මේ හරියෙත් සැහෙන දෙනෙක් සුනාමියට
අහු වුණා. සුසිලක්කලගෙ ගෙවල්වලත් වහලෙ ගාවටම මුහුද ගොඩ ගැලුවලු. ඒත් එක්කම ආණ්ඩුවේ
හෙංචයියොයි, රජ පැටවුන්ගේ පිරිවරකුයි ඇවිත් මෙයාලට කියල ‘ගොඩකරෙන් ඉඩම් දෙන්නං-
එහාට යන්න' කියලා...
සමහරුන් ඒ ඉඩම් අරගෙනත් ඒවාට ගිහිං නෑ. අර කාලකන්නි යක්කු හදල තියෙන්නේ ඒ අවස්ථාවෙනුත්
ප්‍රයෝජන අරගෙන බීච් එක අයිති කර ගන්නයි...” සාන්ත කිව්වේ මං සයුරේ අසිරි-සිරියෙන්
මත් වී ගෙන සිටියදීය.
“ඒ විතරක් නෙවෙයි, නිමල් අයියේ...
මේ හරිය පීනන්නත් මරු.
දන්නවනෙ, අර අසපුවක ඉන්න- බණට වඩිනකොට එයාගෙම sound setup ගේන රත්තරං පාට සාදු... උන්නාන්සේත්
දවසක් මෙහාට ඇවිත් පීනල ගියාලු.”
අපේ කතාව නවත්තලා ආපහු ගෙදරට යන්නට
සිද්ද වුණේ බබිතා නංගි කතා කළ බැවිනි. “අපිට බෝට්ටු කරවල ටිකකුයි, උම්බලකඩ ටිකකුයි
ගන්න ඕනි සාන්ත. නිමල් අයියත් ගනීවිනෙ... මෙහෙ කරවල ෂෝක් අයියේ- ලාබත් එක්ක.”
“ගමු ගමු! සාන්තත් ඉන්න එකේ... මං ඉතිං මාළු- කරවල අඳුනන්නෙ නැති එකානෙ...”
“අනෙඃ! ඔයා දන්නෑ නිමල් අය්යේ,
මෙච්චර දන්න මනුස්සයා වෙලත් අපේ සාන්තත් ළඟදි පොකිරිස්සො විකුණන මිනිහෙකුට අහු
වෙලා තිබුණනේ.” බබිත කිව්වේ ඇස් දෙකෙනුත් හිනා වෙවී.
“ඔව් අයියේ! කියන්නත් ලජ්ජයි. ඒ
දවස්වල අපේ ලොක්කා; චිරන්ත නුගේගොඩ ටියුෂන් class යනවා. මම හවසට සිටි ටිම්බර් හෝල්
එක ළඟට යනව, චිරංව එක්කගෙන එන්න. එදාත් හතට විතර එතෙන්ට යද්දී කත්කාරයෙක් පොකිරිස්සෝ
වගයක් විකුණනවා. මටත් ආස හිතිලා, හෙට්ටුත් කරල කිලෝ එකහමාරක්ද කොහෙද ගත්තා. ගෙදර
ඇවිත් බැලින්නං එකට එකකටත් වැඩිය වැලි! කත්කාරය පොකිරිස්සන්ගේ ඔළු අස්සට වැලි පුරෝලා...”
“නරකමත් නෑ ඔයැයිලගේ හිනාව... මම
ඒත් බැලුවා අන්දරේ අපේ අහට ඇවිල්ලද කියලත්... අපි උයල නං අහවරයි. බත් කාල අහවර
වෙලාමද බෝට්ටු කරවල ගන්න යන්නෙ...”
“අනේ සුසිලක්කේ. කන එක අන්තිමටම තියාගමු.”
“නංගිලාගේ කැමැත්තක්. ඔයා මස් ජාති නොකන
හින්දා, මම ඉව්වා පොතුබරි මාළුවක්. ඊයෙමයි පහේ අතගාලා තිබ්බේ...”
එවෙලේ වෙනතුරු මං වහන්සේගෙ දෙසවනට ‘පොතුබරි’
වචනයවත් වැටී නොතිබිණි!
පස්සෙ වෙලාවක සාන්තගෙන්ම කියැවුණු පොතුබරි විත්තිය මේ දැන් ඔබට ලියන්නේ.
![]() |
ඒ දවස්වල තිබිච්ච බයිසිකල් වින්කල්...
හැම ගමකම; හැම පාරකම තිබුණා. මාතර වින්කල්වල
ටයර්වල පැච් දාන්න කලින්... |
“... පන්න කරනකොට හරි, රිටිපන්න කරනකොට හරි, දැල් දානකොට හරි ඕකුන් අහු වුණත් ආපහු
මුහුදටම දාපු එකයි කළේ.
-එතකොට මාතර පැත්තෙ අය කෑවෙ බොහොම
සීමිත මාළු ජාති ටිකක්. වැඩියත්ම ලේ රහ තියෙන මාළු. තලපත්- කොප්පරු වගේ එව්වා අපේ
ගෙවල්වලට ගෙනාවෙවත් නෑ.
ඔයාට මතකයිද නිමල් අයියේ, ඒ දවස්වල තිබිච්ච බයිසිකල් වින්කල්... හැම ගමකම; හැම පාරකම
තිබුණා. මාතර වින්කල්වල ටයර්වල පැච් දාන්න කලින් අතුල්ලලා ක්ලීන් කළේ sand paper
කෑල්ලකින් නෙවෙයි... වැලි කඩදාසි වෙනුවට එයාල ගත්තේ තලපත් හොටක් හරි කොප්පර හොටක්
හරි. ඕන්නං උන්ගේ හොටක් අල්ලල බලන්නකො නිකමට.
-අනිත් කාරණය තමයි- අපේ පැත්තේ එක
එක කාලෙට දිගටම අහු වුණේත් එක එක ජාති. කාලෙකට හුරුල්ලෝ... කාලෙකට කුම්බලාවො... මාසයක්
දෙකක් විතර එක දිගට.
බලයො, කෙලවල්ලන්ට නං සීසන් එකක් නෑ; හැමදාමත් අහු වුණා...
-පොතුබරි මාළුන්ගෙ වැඩෙන් මට පේන්නේ
නිමල් අයියේ, අපි දුප්පත් වෙලා තියෙන තරම!” සාන්ත එහෙම කිව්ව වෙලාවේ නං මගේ කටෙනුත්
ප්‍රශ්නයක් පැන්නේ නොහිතපු විදිහටයි.
“ඒ මොකක්ද බොලේ ඒ ‘අපේ දුප්පත්කම පෙන්නන අලුත්ම දර්ශකේ?’”
“ඉස්සර කවදාවත් කෑමට නොගත්තු
පොතුබරි දැන් කෑමට ගන්නවා කියන්නේ අපි පවත්වාගෙන ආපු කොලිටිය විහින්ම පහත වට්ටවා
ගැනිල්ලක් නෙවෙයිද... ඒක දුප්පත් වීමක් නෙවෙයිද?”
සාන්තගෙ තර්කය සෑහෙන්න සාධනීය එකක් වගේ දැනුණු හින්දා මං මුනිවත රැක්කා.
පොතුබරි කියලා කියනකොටම පොඩි
මදිපුංචිකමක්- පහත දැමිල්ලක් වෙනවලු. ඒ නිසා කවුරු-කවුරුන් හෝ ‘මුහුදු කුකුළා’
කියන නම මේ මාළුන්ට දෙන්න ඇතිලු!
“මට මෙහෙමත් හිතෙනවා. මේ මාළු පෙති කපලා ගැඹුරු තෙලේ බැදලා අරං ඩෙවල් කෙරුවම චිකන්
පරාදයිනෙ. ඒ හින්දා මුහුදු කුකුළා නම වැටුණා වෙන්නත් පුළුවනි!”
කොහොම වෙතත් එදා අපි කෝට්ටෙගොඩින්
බෝට්ටු කරවල ගොඩාරියක් අරගත්තා. මූදු කුකුළු කරවලත්.
ගෙදරදී ඒවා තෙල් දාල බැලුවම පුදුම රහයි.
ඒත් ඒ වෙනකොට මහරගම කරවල කඩවල්වලට මුහුදු කුකුල්ලු ඇවිත් තිබ්බේ නෑ. නමුත් මාස
ගාණක් යද්දී උන් ඇවිත් උන්නා!
![]() |
මඩු වලිගෙන් පාරක් කෑවොත් හම පැලිලා
තුවාල වෙනවලු... |
(ඊයේ මේ post එක ලියන ගමන්, නිකමට වගේ ඉන්ටර්නෙට් එකෙන් හෙව්වා මූදු කුකුළො ගැන.
අම්මෝ! එන තරමක් ආවේ එකේක පන්නෙට මේ
කුකුල්ලුන්ව උයන- පිහින- බදින- තෙල් දාන- පළහන විදිහවල්.)
දකුණේ සිරිතක්නෙ කෑමට පස්සෙ
කිරිපැණිවලිනුත් සංතර්පණය කරවන එක. “එහෙම නේන්නං මල්ලියෙ කෙරෙන්න ඕනිත්... නැත්තං
ඉතිං අපේ හිතට මක්කැයි මක්කැයි වගේ නෙවැයි!” කියමින් තමා සුසිලක්කා අපිව කිරිපැණිවලින්
නෑව්වේ.
හවස එහෙන් පිටත් වෙලා ඇඹිලිපිටියටà එහෙන් කතරගමට.
එහෙදී බාරය ඔප්පු කිරීම... දැන් ඒ විස්තර ලියන්න යන්නෑ.
මොකද, මට හිතෙනවා ‘අපේ මාළු විශේෂඥ සාන්ත’ගෙන් වරින්-වර කියැවුණු මේ විස්තර ටික
ලිව්වොත්... ඔයාලටත් අල්ලලා යයි කියලා- නමීටයි මටයි වගේම.
“කොට්ටෙගොඩ බෝට්ටු කරවලවලට ප්‍රසිද්ද
වුණාට මොකද, එහාට පොඩි ධීවර වරායක්වත් නෑ. එහාට මාළු එන්නේ ගන්දර, කුඩාවැල්ල වගේ
පැතිවලින්. හැබැයි, මෙහෙ දිගටම කරවල වේලන්නේ පාර අයිනේ නිසා වෙන්නැති නමක් හැදුණේ.
/
ලංකාවේ ගොඩක් අය මාළු අඳුරන්නෙ නෑ.
/
වෙළෙන්දෝ පරා මාළු කියල කට්ට මාළු
විකුණනවා. කෙලවල්ලෝ කියලා බලයෝ දෙනවා. බලයෝ කියල විකුණන්නේ ඇටවල්ලෝ... කට්ට මාළු
කියලා වන්න පරා මාළු විකුණනවා... එව්වත් උයල එච්චර රහක් නෑ. කරවල තමයි රස!
දන්න අපිට වුණත් කට්ට කරවලයි- වන්න පරව් කරවලයි දෙක අඳුරගන්න අමාරුයි./
නිමල් අයියේ ඔයා දන්නවද මඩු වලිගෙ කියන කසය ගැන? ඒකත් මාළු වල්ගයක්... ඒකෙන් පාරක් කෑවොත් හම පැලිලා තුවාල වෙනවලු...
බුදු සංතෝ! මට කල්පනා වෙන්නේ දැන් අපේ රට යන විදිහට නං මඩු වලිග දාස් ගණනක් තිබිලත් මදි වෙයි වගේ!”෴0෴

.jpg)






මූදු කුකුලා කරවල දැන් ජනප්‍රියයි. 100g තුන්සිය ගාණක්
ReplyDeleteකූරියා පිටින් නම් 100g= 250/-
Deleteඒ දවස්වල නං Pra Jay මහත්තයෝ, මුහුදු කුකුලා කරවල ග්‍රෑම්250ම වුණේ රුපියල් 150-200 අතර ගණනක් වගෙයි මතක.
Deleteමම නම් බල්ලෝ ඇරුණම සත්තු ගැන විශේෂ කැමැත්තක් හෝ ආසාවක් තිබුණු කෙනෙක් නෙමෙයි. 😄
ReplyDeleteහැබැයි ඕස්ට්‍රේලියාවේ ඉඳන් වැඩ කරන සත්ව විශේෂඥයෙක් වන ආචාර්ය රුචිරගේ 'යං සත්තු බලන්න ' චැනල් එක බලන්න පටන් ගත්තට පස්සේ සත්තු ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා. සත්ව ලෝකය ගැන අපි නොදන්න පුදුමාකාර දේවල් කොච්චර තියෙනවද කියලාත් තේරෙනවා.
එක පාරක් ආචාර්ය රුචිර මීගමුව ලෙල්ලමටත් ගිහින් තිබුණා. මීගමුව ලෙල්ලම ගැන වීඩියෝ කරන මල්ලි කෙනෙක්ගේ YouTube චැනල් එකකුත් තියෙනවා. එතනදීත් ඔය මුහුදු කකුළුවා ගැන කතා වුණා මට මතකයි. ඒ අය කිව්වේ ඒවා කරවලට ගන්නවා කියලයි මතක.
වෙලාවක් තිබුණොත් ආචාර්ය රුචිරගේ “යම් සත්තු” චැනල් එකත් බලන්න. සත්තු ගැන හරිම රසවත් විදිහට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.
ඔත්තුවට ස්තුතියි මයියෝ.
Deleteමං දැන් බයේ ඉන්නේ මම කොම්පියුටරේට addict වේගෙන යනවයි කියලා.
ඒ වුණත් සත්තු බලන්නත් යන්නං.
දැන් මහරගම කරවල කඩවලුත් තියනවද?
ReplyDeleteවොයිස් ටයිපින් වැඩේ හරි ගියාද?
දැන් මහරගම නැත්තේ බස්සා මහත්තයෝ ගුවන් යානා හා නැව් විකුණන තැන් විතරයි.
Deleteඅනිත් ඒවා ඔක්කොම මෙහෙන් ගත්තැකි...
වොයිස් ටයිපින් වැඩේ නං හරි.
Deleteඒත් බකුසුතුමෝ ලියාගෙන යනකොට ඊළඟ වචනේ හිතට එන විදිහට- කියාගෙන යනකොට හිතට එන්නේ නැහැනේ.
අනෙක ඕනිවට වඩා වේගයෙන් කිව්වොත් කුණුහරුප වදින්නේ.
සේරටම වඩා ප්‍රශ්නේ අකුරු වැරදි හෙණ ගොඩයි.
හීන් සීරුවේ තව ටිකක් බලන්නයි හිතාගෙන ඉන්නේ.
මටත් වැඩේ හරි ගියේ නැහැ නිදි තුමෝ . බසු කියල තමා පටන් ගත්තේ
Deleteඑහෙම වුණත් ඒකත් කරලා බලමු- අභියෝගයක් විදිහට හිතල.
Delete2013 කැන්සර් එක, කීමියෝත් කරලා මෙහෙම ඇදගෙන යන එක නරකම නෑ. ආයුබෝ වේවා!
ReplyDeleteඔබතුමාටත් කියවන-ලියන හැම දෙනාටමත් ආයු බෝ වේවා!
Deleteමල්ටිපල් මයෙලොමාව හැදුණු අය එච්චර කල් අල්ලාගෙන හිටින්නෙ නැති විත්තියයි වාර්තා කියන්නේ. දැනට වැඩිම කාලයක් අල්ලගෙන ඉඳල තියෙන කෙනා ජීවත් වෙලා තියෙන්නේ අවුරුදු 14 ලු.
මම හිතාගෙන උන්නේ 55න් යන්නනේ. මේ ලෙඩේ දෙන්න නිසා මට බෝනස් එකක් හම්බ වෙලා... ලෙඩෙත් එක්කම.
ඔයාලට කියන්න මට පොඩ්ඩ බැරි වෙනකොට අයස්මන්ත, ශිරන්ත, පෝල් (චමින්ද) දොස්තර මහත්තුරු තුන් දෙනයි- ප්‍රියන්ත, මර්වින්, නෙවිල් ඈතුලු හිත මිත්රයෝයි එකතු වෙනවා. වැඩියත්ම මගේ කෑමබීම චර්යාව විමසල බලන්න. මේ දවස්වල හෙණ තහංචි ගොඩක් මැදයි මම ඉන්නේ.
ලොකුම ප්රශ්නය තමයි මං තනියම ඉන්න එක. අපේ මානෙල්, සුනිල් දෙන්නම උපරිමෙන්ම try කරන්නේ මාව එයාලගෙ ගෙදරකට ගන්න.
ඒක නවත්තාගන්න තමයි මේ දවස්වල fight කරමින් ඉන්නේ...
ආයුබෝ වේවා! X
Deleteමේ පෝස්ට් එකේ ලින්ක් දිගේ ගිහින් පරණ පෝස්ට් කීපයක් බැලුවා. නිමල් සෑහෙන්න අනුන්ට උදව් කරපු කෙනෙක්. බාගදා මොන අසනීප තිබ්බත්, ඒ පින වක්‍රව හරි බල පානවා ඇති කියලත් හිතුනා.
Deleteනිදිව නොදන්නා කාලෙ, නිදි ලියපු ලස්සන පෝස්ට් සෑහෙන්න මඟ ඇරිලා තියනවා.
Deleteඅර රාජමනී අන්කල් ගැන පෝස්ට් එක නියමයි. අපේ ගමේ හිටිය තනිකඩයෙක්ව මතක් වුනා. මා දකින විටත් මැදි වියේ හිටි ඔහුට වෙන කිසි අසනීපයක් තිබ්බෙ නෑ. ඒත් ඔහුගේ ජීවිතය සැපපහසු එකක් වුනේ නෑ. ඒ ප්‍රතිරූපය මගේ හිතේ කාවැදුනේ, අනාගතයේ එහෙම නොවෙන්න වැඩ කරගන්න ඕනෙ කියල හිතුන නිසයි. ඒත් මේ රාජමනී අන්කල් ගැන බැලුවාම, උගත්කම, පවුලේ හැකියාව වගේම පුතාත් හිටියට ඒ හැටි වැඩක් වෙලා නෑ කියල හිතුනා. නිමල්ගේ අනුන්ට බරක් නැති ජීවිතෙන් ඉගෙන ගත හැකි පාඩම් හුඟක් තියනවා.
ස්තුතියි අජිත් ධර්ම මහත්තයෝ- දීඝායු පැතුම වෙනුවෙන්.
Deleteබස්සා මහත්තයෝ, අදාළ තැන්වලදී පැරණි පෝස්ට්ස්වල links දමන්නෙත් පසුව මේ බ්ලොගය කියවන්නට පැමිණුනු සහෘදයන්ට අවශ්‍ය නං පහසුවෙන් ගිහින් ඒවා කියවන්නයි.
Deleteඒ links යොදන්නේ කොහොමද කියල මං අහගත්තෙ අපේ කොළොම්පුරේ බ්ලොග් අඩවියේ අසංග රණසිංහ ආරච්චි සහෘදයාගෙන්.
(ස්තුතියි අසංග මහත්තයෝ.)
2018 දී මං blog ලියන්න ගන්නකොට කම්පියුටරෙන් ලියන්න දැනගෙන හිටියෙත් නෑ. බ්ලොග් ගැන දැන ගත්තෙත් 2018 ජනවාරි 18 'ඉරිදා ලක්බිම' පත්තරේ ගිය- විශේෂාංග ලිපියක් කියවලා. ඒ ලිපිය ලියල තිබ්බෙත් බ්ලොග්කරුවෙක්මයි. වලස්පති අඩවියේ 'ක්රිෂ්ණ විජේබණ්ඩාර' මහත්තයයි. (එතුමන්ටත් ගොඩක් පිං!)
https://walaspathi.blogspot.com/2018/01/
තවමත් බ්ලොගය හැඩ කරන්න එක එක එව්වා ඉගෙන ගන්නවා, එක එක හිතවතුන්ගෙන් අහ-අහා. ඒ හැමෝටමත් ස්තුතියි- (විශේෂයෙන් නමීට.
නමීව හඳුනා ගත්තෙත් බ්ලොග්ස් හරහාමයි!)
රාජමනි අංකල්... 1992 දී මට හම්බ වුණු අපූරුම මනුස්සයෙක්. දෙපා වාරු නැතිව රෝද පුටුවට සින්න වෙලා හිටියත් පාපන්දු ක්‍රීඩාවට පුදුම පිස්සුවක් එයාට තිබ්බේ.
Deleteරාජමනි අංකල් අන්තිමේදී අපේම කෙනෙක් වුණා... ඒ හින්දමයි පිළිකාවට ගොදුරු වෙලා මිය යන්න සිටිද්දී, එයාගේ හඬින්ම එයාගේ නෑදෑයන්ට පණිවිඩයක් රෙකෝඩ් කරලා තිබ්බේ. "මාව මහරගම සිමෙට්රියේ වළ ලන්න.'' කියලා.
ඇත්තටම නිදී ලංකාවේ මුහුදු ආහාර කර්මාන්තය ඇතුළේ මුහුදු ඉස්සන් සහ කකුළුවන් කියන්නේ විදේශ විනිමය උපයන ප්‍රධානතම අපනයන බෝග දෙකක්. විශේෂයෙන්ම නිල් පීනන කකුළුවෝ සහ වගා කරන ඉස්සන් (Tiger Prawns / Vannamei) වලට ජපන්, ඇමරිකා වගේ රටවලින් මාර ඉල්ලුමක් තියෙන්නේ. මේ කර්මාන්තයෙන් වෙරළබඩ ධීවර ජනතාවට වගේම ඉස්සන් කොටු (Aquaculture) කරන අයට ලොකු ආදායමක් ලැබෙනවා.
ReplyDeleteහැබැයි පොතුබරි මාළුවා (Sea Chicken) ගත්තොත්, ඌව අපනයනය කරනවාට වඩා දේශීය වෙළෙඳපොළේ කුකුළු මස් රසටම උයලා කන්න ගන්නා, ධීවරයන්ට හොඳ දෛනික ආදායමක් දෙන මාළු විශේෂයක්.ඔය කතාව අස්සේ කියපු පච කියන කපටි කොට මිනිහා ගැන කියනවා ඒ ගස් බල්ලා ශරීරයෙන් කොට වුණාට මොළය පිරිලා තියෙන්නේ අනුන් රවටන කපටිකම්වලින්මයි; නිතරම කට ඇරියොත් කරන්නේ අතින් දාලා, අහස පොළොව නූහුලන පච කෙබර ඇද බාන එක වුණත්, ඌ හරිම කපටි සහ ඇත්ත විදියට ගොතලා රසබර බොරු කතා කියන නිසා අහන අය රැවටෙන්නේ හරියට උගුලකට අහුවෙනවා වගේමයි.
" මා උස පුද්ගලයන් සමඟ එකතු වීම බොහෝ දුරට සීමා කළෙමි. ඒ ඔවුන් අතරදි මාගෙ මිටි බව වඩාත් කැපී පෙනෙන නිසාය"
- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර-
එදිරිවීර සරච්චන්ද්‍රයන් උත්සව අවස්ථා වලට ගියාම බොහෝ විට උස මිනිසුන් මග හැර උසින් අඩු අය සමග සමාගම ප්‍රිය කළා
වරක් අමරදේවයන් ද ඒ හා සමාන අදහසක් ප්‍රකාශ කර තිබුණා..
වරක් සිනමා සම්මාන උළෙලකදි ඊලඟ කතාව කිරීමට තිබුනේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාටයි.
ඔහුව හඳුන්වා දීම සිදු කරනු ලැබුවෙ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ය. සතිස්චන්ද්‍ර අඩි හයයි අඟල් තුන හමාරක් උස පුද්ගලයෙක්.
ගාමිනි දක්ෂ වුණත් උසින් අඩු සෑහෙන කොට පුද්ගලයෙක් නිසා සතිස්චන්ද්‍ර වේදිකාවෙත් බැස යන තුරු කොට ගාමිනි වේදිකාවට ගොඩවූයේ නැත. ඒ ඔහුටද උස ප්රශ්නය දරුණුවට තිබූ නිසායි.
ගාමිණිගෙ මේ උස ප්‍රශ්ණය මාලිනී ෆොන්සේකා මනාව දැන සිටියා..
කලක් ගාමිණි - මාලිනි ඔරොප්පු වී සිටි අතර එවිට දිනක් එක්තරා චිත්‍රපටයකදි ගීතයක් සඳහා මාලනි තමන්ගෙ කොණ්ඩය පිට්ටු බම්බුවක් සේ උඩට සිටින අයුරින් හැඩ ගන්වා ගත්තෙ ගාමිණීට වඩා උස වැඩි බව පෙන්වා ඔහුට රිදවීමටයි...
ගාමිණි ලෝක අණ්ඩපාල රට කපටියා නිසාම ඔහු සිටින චිත්‍රපට වල කැමරා කෝණය පවා තීරණය කරන්නෙ ඔහුයි.. එම ගීතය පුරාම ගාමිණි සිටියෙ මාලනිට ඉහලින් තිබූ කන්ඩියක් උඩ සහ අශ්වයා පිටේයි..
එදිරිවීර සරච්චන්ද්‍ර සහ ගාමිණී ෆොන්සේකා තම තමන්ගෙ ක්ෂ්‍රේත්‍ර වල සෑහෑන දැවැන්තයෝ වුණත් ඔවුන්ටද එවැනි දරුණු පෞරුෂත්ව අභියෝග තිබුණි.
පට්ට හැන්ඩ්සම් මාගේ මිතුරෙක් ඇත. ඔහු කවදාවත් ඔහුට වඩා හැන්ඩ්සම් අය සමග චායාරූපයකට මුහුණ දෙන්නෙ නැත. ඔහුම එය පවසයි. ඒ ඔහු ඔහුව මේන්ටේන් කරන හැටිය.
අපි කුඩා කළ ආශාවෙන් බැලු ගලිවර්ගේ සුවිසැරිය කාටුන් එකේ ලස්සන වචනයක් තිබුණි..
ඒ.." ලිලිපුට්ටො කුරුමිට්ටෝ" කියා ටයිටස් තොටවත්ත සිංහලට පරිවර්තනය කරන ලද වචනයකි..
පසුකලෙක පාසල් සමයෙ ඇට්ටර වයසට ආ පසු අපි එයට කිව්වෙ " ලිලිපුට්ටෝ කැ#@ හු@#& " කියා අමු කුණුහරුපයකි..
ඒ කොට්ටු ලෝක කපටියෝ නිසායි.. කොට ලෝක අණ්ඩපාල පල් හොරු බවට මතයක් ඇති නිසයි
විශේෂයෙන්ම ඊගෝ එකක් ඇති මිනිස්සු තමන්ට වඩා උස් මිනිසුන් සමග හිටගන්නෙ නැත. (ශාරිරිකව සහ මනසින් උස)
එවැනි මිටි මිනිසුන් තමන්ගේ පහත් නිලයන් වලට පත් කරන්නේද ඒ හා සමාන හෝ තමාට වඩා කොට මිනිසුන්ය..
අපි අසා ඇත්තෙ චීන්නු ශරීරයෙන් කුඩා මිනිසුන් කියාය.. බලාගෙන යනකොට චීන්නු එහෙමටම කොට නැත..
මිනිස්සුන්ගේ ශරීර අවයව වලට සහ රූප ස්වභාවයට සිනාවෙන්න එපා යැයි අපට ඉගැන්වුයෙ කුඩා කාලයේදීමයි. ඒ නිසා මේකට කොට එවුන් තරහ නොගන්න මෙන් ඉල්ලා සිටිමු.
මළා! මාත් කොට එකෙක්නෙ! අඩි 5යි 2කක්ද කොහෙද...
DeleteAno, ඔයාගේ රසවත් විස්තරවලට ගොඩක් ස්තුතියි.
@ Ano
Deleteමචං දැන් තේරෙනවද කොට උන්ගේ තියෙන අමු තක්කඩි අලුකුත්තේරු අමන ස්වභාවය? ඇත්තටම උඹ මුසාවාද කුරුමිට්ටා අනුර මචංටත් රැවටුනා නේද? දැන් ගොඩක් අයට මොලේ පෑදිලා ඉතින් ඔය වගේ පච ටෝක් වලට රැවටෙන එක අහන්නත් දෙයක්ද?
ජීවන කොලිටිය පල්ලං බැහැල. හුම්. හැමෝම හිතන්ට ඕන කාරණාවක්!.
ReplyDelete//සාන්තයි, නමීයි දෙන්නටම පුදුමයි- ඒ පෝස්ටුව// ඉන්න උන්දල ගැන කොහොම විස්සාස කරන්නද. වැවිලි, වගා කිය කිය මගඩි බිස්නස් එලිපිටම සරැවට යන එකේ. ලඟදිත් තව ඒ වගෙ ව්‍යාපාරයක් පටන්ගෙනලු. ආන්ඩුවත් මේ ගැන විපරමක් නැති පාටයි. මහ බැංකුව තියෙනවද, නැද්ද දන්නෙ නැ
Deleteලෝකය පුරාම සිද්ද වෙවී යන සොබාවික ව්‍යසන දැකලවත් මිනිස්සුන්ට කල්පනා වෙනවා නං 'කොයි වෙලාවේ කොහොම යන්න වෙයිද?' කියන ටික.
Deleteඅපට ඒ ටික කල්පනා වෙනව නං ලෝකය ටිකක් හරි තව ලස්සන වේවි නේද නමී?
නිදි කරවල මතක් කරපු නිසා කියන්න හිතුනා.මුහුදු කුකුළා කියන්නේ අපේ ගෙදරත් දැන් හැදෙන කරවල ජාතියක්. කරවල වල ගැටළුව අපි මේ මාළු අලුත් පිටින් (Fresh) කනකොට සහ වේලලා (Dried) කනකොට ඇඟට ලැබෙන ගුණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.අපි අලුත් මුහුදු කුකුළා මාළු ලොකු කෑල්ලක් කෑවොත්, ශරීරයට අවශ්‍ය පිරිසිදු ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් වැඩි ලුණු (සෝඩියම්) අවදානමකින් තොරව ලැබෙනවා. හැබැයි කරවල විදිහට වේලපුවාම ප්‍රෝටීන් සාන්ද්‍රණය වැඩි වුණත්, ඒවායේ ලුණු අධික නිසා අපිට එකපාර කන්න පුළුවන් වෙන්නේ පුංචි කෑල්ලක් විතරයි. ඒ පුංචි කෑල්ලෙන් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය අපේ දෛනික අවශ්‍යතාවයට සෑහෙන්නේ නැහැ.ඒ නිසා, කරවල කියන්නේ ප්‍රධාන පෝෂණ ප්‍රභවයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කෑමක් නෙවෙයි. හැබැයි බත් වේලක රස සහ රුචිය වැඩි කරන නියම අතුරු ආහාරයක්.
ReplyDeleteනිහඬපාල මහත්තයෝ, දෙකක් නෑ. ඔයා හරියටම හරි!
Deleteස්තුතියි, හොඳේ.
මෙපමණ කල් පන බේරාගෙන හිටි පොතු බරියන් බුරුතු පිටින් කෑම සඳහා සංහාරයට. හේතුව බ්ලොග් ලිපියක් බව කියවේ . 😀 මිගමු පැත්තේ තිබ්බ - මුහුදු කුකුලා - කියල. අපි ගත්තේ නම් නැහැ
ReplyDeleteදැන්වත් අරගෙන බලන්නකො!
Deleteමුහුදු කුකුලා කරවල වලට වඩා මාළු තමා මට නං සෙට් වෙන්නේ
ReplyDeleteඑකෙක්කෙනාගේ රුචි අරුචිකම් වෙනස් නෙව ඉවාන් මහත්තයෝ.
Deleteපොතුබරි මාළුව දකුණු පළාතේ නම් සෑහෙන්න කලක සිටම ජනප්‍රිය කෑමක් ඒත් බස්නාහිර පළාත පැත්තේ ඕක ජනප්‍රිය වෙන්න ගත්තේ රෙස්ටුරන්ට් වල රෑට ලාබ පොතුබරි බීපු උන්ට චීකන් කියලා ඩෙවල් දාලා විකුණන්න පටන් ගත්තාම මට මතක හැටියට මීට දශකයකට දෙකකට පමණ පෙර සිට, මම ලංකාවේ හිටපු කාලේ දකුණේ යාලුවෝ සෙට් එකගේ ගෙවල් වල ගියාම අපට බුරිය උල්වෙන සයිස් එකට රසට රතුහාලේ බත් එක්ක නානාප්‍රකාර මාලු වර්ග පට්ටම රහට උයලා බලෙන්ම කැව්වා ඒ ගෙවල් වල මිනිස්සු, විශේෂයෙන්ම අම්මලා, ඇත්තටම බොක්ක හොඳම මිනිස්සු පිටින් නපුරු වගේ පෙනුනට, මේක මම හිතන විදිය. මම නම් ගාමිණී ෆොන්සේකාගෙ උනත් මහාලොකු රඟපෑමක් දකින්නෙ නෑ. ජෝ අබේ වික්‍රම, සිරිල් වික්‍රමගේ, සනත් ගුණතිලක, රවීන්ද්‍ර රන්දෙනිය වගේ අය ඊට වඩා ගොඩක් ඉහලින් හිටියා. ලොකුවටම ඇගයුනේ නැති උනාට සිරිල් වික්‍රමගේ ගෙ චරිත කිහිපයක් අරන් බලන්න. එකකට එකක් පට්ටම වෙනස්. ගාමිණීට කරන්න පුලුවන් චන්ඩි චරිතෙ තමයි. ගාමිණීගෙ අහිංසක චරිතෙ අස්සෙත් ඉන්නෙ හැංගිච්ච චණ්ඩියෙක්, ඊට වඩා විරාගයේ සනත් ගුණතිලක හොඳට රඟපෑවා නේද?
ReplyDeleteස්තුතියි Ano!
ReplyDeleteදකුණේ මිනිසුන්ගේ ආගන්තුක සත්කාරය හරි ඉහළයි තමා.
ඉස්සර නළු-නිළියන්ට සිද්ද වුණේ වඩාත් හොඳට නොලියවුණු චරිත රඟ පාන්නයි. කොහොමද 'පරසතු මල්' හා නිධානයේ ගාමිණීගේ රඟපෑම්?
අනිත් නළුවන් හැමෝමත් හොඳ චරිත ලැබුණු විට ඔවුන්ගේ දක්ෂකම් පෙන්වා තිබෙන බවයි මගේ හැගීම.