li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, August 30, 2023

ආයෙමත් වතාවක්... -පළමුවෙනි කොටස

“Good Morning මිස්ටර් දිසානායක. මොකද කියන්නෙ. ලබන සතියේ සීගිරි යමුද?” ප්‍රභාත් මට ටෙලිෆෝන් කළේ ජුනි මාසෙ අන්තිමේ. “ගිය සතියේ වස්ගමුවේ ගිහින් ඇවිත් මහන්සිද... මහන්සි වුණත් කමක් නෑ, නිමල් අයියේ. ලබන සුමානේ අපිත් එක්ක සීගිරියේ යමු. ඉඩම ගත්ත දවසේ ඉඳලම කියලත් ඔයා ආව එකක්යැ... දැන් එහෙ බිල්ඩින් එක හදල ඉවරත් එක්ක.”

Week ends කීයක් නං try කළාද, අපි යනකොට ඔයාවත් එහෙ එක්ක යන්න. මොකෝ කියන්නෙ...

“අම්මට සිරි! හදලත් ඉවරද?”
“ඒකනෙ කියන්නෙ. ඔයාවත් එහෙ එක්කගෙන ගිහින් පෙන්නන්න කතා කළා- කෝ
ආවද?” ප්‍රභාත් කියන්නේ නෝක්කාඩු හඬකිනි.

ඇත්තය. සීගිරි අඩවියෙන් පංකාදු ඉඩම් කෑල්ලක් මිලදී ගත්තු විත්තිය ප්‍රභාත් මට කිව්වේය; එහි නිවාඩු නිවස්නයක් තනන්නට යන විත්තියත් කිව්වේය. ඉඩම සුද්ද කරන බව; මුල්ගල් තියන බව; ඉදිකිරීමේ වැඩ සිදු කෙරෙමින් තියෙන බව එහෙමත් වරින්-වර කිව්වේය. “Week ends කීයක් නං try කළාද, අපි යනකොට ඔයාවත් එහෙ එක්ක යන්න. මොකෝ කියන්නෙ... මේ සැරේවත් යමුද?”

“කවද්ද ප්‍රභාත්ල, යන්නෙ?”
චිත්තම්මාගේ වැඩිමහල් සොහොයුරියට දරුවන් දෙදෙනෙකි. මාලිකා හා නදී (ප්‍රසන්න)ය. මාලිකාගේ සැමියා ප්‍රභාත්ය. දෙදරුවන් ෂෙහාන් හා නෙත්මිය. (අපි ඒ හැමෝමත් එක්ක සංචාර ගොඩකටම ගොහිං තියෙන විත්තිය දැනටමත් මගෙන් ලියැවී තිබෙයි.)

කොරෝනා වසංගතය නිසා හදිසියේම රට වසා දමන විට ‘ගෙදර වියදමට ප්‍රමාණවත් සල්ලියක්’ මා ළඟ නොතිබිණි. හදිසියේ අතමාරුවක් කර ගන්නට ගොඩක් දෙනා හිටියත්- ප්‍රශ්නයක් වුණේ ‘ඒ ගොඩ දෙනා’ ඒ මුදල් ආපසු බාරගන්නට අකැමති පන්නයේ අය වීමයි. අඩුවෙන්ම රණ්ඩු කර- බලහත්කාරයෙන් හෝ ඒ මුදල් බාර දෙන්නට හැකියාව මට තිබෙතැයි සිතුණු අයගෙ ගොඩේ ඉස්සරහින්ම හිටියේ ප්‍රභාත්ය. (ප්‍රභාත් දබර කරන්නට- වාද කරන්නට කැමති කෙනෙක් නොවේ!)

කොරෝනා වසංගතය නිසා හදිසියේම රට වසා දැම්මාමය, මට තේරුණේ...

එදා එලෙස රුපියල් විසිපන්දාහක් අපේ ගේට්ටුව ළඟටම ගෙනවුත් දුන් හැටි අවුරුදු තුනකට කලින් ‘කොරෝනා කොරපු ; කොරන හරිය! හයවෙනි කොටස’ට ලියැවුණේ මෙහෙමය.

‘... අන්තිමේදී සුවදුක් අහන්නට කතා කළ මාලිකාත් සල්ලි කොහොමදැයි ඇහුවාය.
ඉල්ලාගන්න වෙනවා බැංකු අරින්නේ නැතිනම්...මම කීවෙමි.

විනාඩි දහයක් ගියේ නැත. මාලිකාගේ සැමියා ප්‍රභාත් කතා කළේය.
නිමල් අයියට කීයක්ද ඕනේ?අද මට වැඩට එන්න වුණ නිසා පර්මිට් එක තියෙනවා. අද හවසම මං ගෙදර යන ගමන් ගෙනත් දෙන්නම්.... හරි, හරි... ඔයා ආපහු දෙන දවසට ගන්නම්කො... ණයක් විතරයි දෙන්නේ, පොලිය නැතිව.

මාස්ක් දමාගෙන හිටි ප්‍රභාත් අපේ ගෙදරටවත් ගොඩවෙන්නේ නැතිවය, සල්ලි ගෙනත් දුන්නේ. ස්තුතියි මාලිකා, ප්‍රභාත් දෙන්නාටම.’

ඒ සල්ලි මාස ගණනාවකට සෑහුණේය; ඒ නොහිතූ ‘වාසනාවන්ත කාලයක්’ මට උදා වුණු බැවිනි.
තනි මට පමණක් නොව, දෙතුන් දෙනෙකුටම වුණත් සෑහෙන තරං හාල්- පොල්- අල- පරිප්පු- මස් මාළු එහෙමත්, එළවළුත් අපේ ගෙදරටම ගෙනවුත් දෙන්නට තරං ‘පරිත්‍යාගශීලී හිතවතුන් රැසක්ම’ මට ඉන්නා බව, ඒ වකවනුවෙදී පසක් විණි.
එහෙම දේවල් අපේ ගෙදරට ගෙනවිත් ගොඩ ගසන අතරේ, ඒ හැමෝම මට කිව්වේ එකම දෙයකි. ‘ගෙදරින් එළියට බහින්න නං එපා! අඩුපාඩු වෙන දෙයක් අපිට කියන්න- අපි පිටස්තරයෝය කියල හිතන්න එපා... ඔයා ළඟම තියෙන කඩේටවත් යන්න එපා. මේ වසංගතේ ඉවර වෙනකල් අපි - අපිටවත් ඔයාලගෙ ගෙදරට එන්න දෙන්න එපා.’ (ඒ හිතවතුන් හැම දෙනාගේම කාරුණිකත්වයට ප්‍රසිද්ධියේ ස්තුති කරන්නටත්, මේ අවස්ථාවය! ඔයාලා හැමෝටම ගොඩක්- ගොඩාරියක් පිං!)

වැවකට යනවා නං ඒකත් පුළුවන්... ඔයත් එනව නේද? (ඒ ගිය වෙලාවක ධනුෂ්ක,  මංජු, නදී, ප්‍රියන්ත, සම්පත්  හා සඳුන්)

මාස ගණනාවකට පස්සේ, ඒ මුදල් ආපහු ගෙනිහින් දෙද්දී ප්‍රභාත්- මාලිකා දෙන්නත් එක්කම ලොකු රණ්ඩුවක් අල්ලන්නටත් මට සිද්ද වුණේය!

එයාලාගේ පවුලේ උදවියත් එක්ක මගේ තිබෙන හිතවත්කම එච්චර ලොකු එකකි!!

“අපි සිකුරාදා උදේ යන්නෙ, නිමල් අයියේ. ජුලි 7 සිකුරාදා. අට නවය දෙකත් එහෙ ඉඳලා එන්නේ. සම්පත්  අයියත්  යනවා. නදී, රංග, අපේ පුතා ෂෙහාන් එහෙමත් යයි.” (ෂෙහානුත් IT හපනෙකි. ගෝල්ෆේස්හි ‘ආදරයේ අරගලය’ට මගේ පුංචි දායකත්වය ලබා දෙමින්, පැය 68ක් වතුරෙන් පමණක් යැපෙමින් මා උපවාසය කරන අතරේ නිරතුරුවම fb එකෙන් මගේ තොරතුරු යාවත්කාලීන කරන්නටත් ෂෙහාන් සචිත් කටයුතු කළේය. ආයෙමත් ස්තුතියි ෂෙහාන්!)
“නිමල් අයියා කැමතියි නං පිදුරංගලත් එක්ක යන්නං.”

“ඇයි ළමයෝ, ඔයාලමනේ අපිව ගලපොතුයායේ එක්ක ගියාම, අපි පිදුරංගල නැග්ගේ. ඊට පස්සෙත් අපි හත්-අට සැරයක්ම එහෙ ගියා ප්‍රභාත්ට මතක නැද්ද.” එහෙමත් කියමිනි, ‘යමු!’ කියලා මං වචනය දුන්නේ.

“අපේ වත්ත පහළින් නියම වතුර ඇලකුත් තියෙනවා. නෙවිල් අය්යටත් යමුයි කියන්නකො. කීප සැරයක්ම කියලත් ඒ මනුස්සයාත් ආවෙ නෑනෙ.”
“එයා කොහෙද මහත්තයෝ නිවාඩු ගන්නේ... ගිය සුමානෙත් දවස් තුනක් නිවාඩු ගත්තනෙ.”
“කාලෙකින් අපේ ගමනකට එයා ආවෙත් නැහැනෙ. ඔයත් එහෙමයි.”

ඊට පසුවදාම සම්පතුත් මට ඇමතුවේය. “අඩේ මරු මරු මරු. ඔයත් ප්‍රභාත්ලගෙ trip එකට එනවය කියල එයා කිව්වා. නෙවිලටත් යන්න පුළුවනි නං- සිංදු ටිකක් හෙම කියලා නියම ආතල් එකක් ගත්තැකි නිමල් අයියේ. නාන්නත් ඇලක් තියෙනවා. වැවකට යනවා නං ඒකත් පුළුවන්... ඔයත් එනව නේද?”

ඒත් එක්කම සුමිතුරු ප්‍රියන්තගෙනුත් ඇමතුමක්.
“නිමල්, ජුලි 8, 9, 10 වස්ගමුවේ යමුද?”
“ආයෙමත්? අපි
ගිය සතියෙනෙ එහෙ ගිහිං ආවේ...” මම විමසුවෙමි. “අනේ සොරි ප්‍රියන්ත. ඔය සති අන්තෙම ප්‍රභාත්ලගෙ සීගිරියේ තැනට trip එකක් යන්න එනවයි කියලා මම පොරොන්දු වුණානෙ, ඊයේ.”

“මේකයි වැඩේ නිමල්. මගේ යාළුවෙක් ඉතාලියේ ඉඳලා ඇවිත් ඉන්නවා. අපි එහෙ ගිය වෙලාවේ එයා සුමානයක්ම නිවාඩු දාලා අපිව හැම තැනම එක්කගෙන ගියා. මාර හිත හොඳ පොරක්.
එයාලා මෙහෙ කැලේක camping කරලම නැහැලු. මම හදන්නෙ ටිරාන්ලව මැදපිටියේ එක්ක යන්න.”
“ඉතිං ප්‍රියන්ත, ඊළඟ වීක් එන්ඩ් එකේ යමුකො.”

ඒ නිසාදෝ මනුස්ස ජානවලම ‘වල් වදින්නට’, ‘වන+චර වෙන්නට’ ලොකු ආසාවක් හැංගිලා තියෙනවත් ඇති! අනිත් කාගේ නැතත් මගේ නං ජාන ඒ වගේමය!!

“බෑ නිමල්. එයාලට free තියෙන්නෙ ඔය දවස් තුනේ විතරයි. මම නෙවිල්ටත් කිව්වා. Wild Life එකෙනුත් බැලුවා. මැදපිටිය බුක් වෙලා නෑ. ඔයාත් එනවා නං තමයි...” එහෙම කියන ගමන්ම ප්‍රියන්තටත් අයිඩියාවක් ඇවිදින් වගෙය.

“ආාාාා මෙහෙම කරමුද නිමල්. අපි යන්න හදන්නෙ සෙනසුරාදා, ඉරිදා, සඳුදා තුනේනෙ. ඔයා සිකුරාදා ප්‍රභාත්ලා එක්ක යන්න. සෙනසුරාදා දවල්ට වස්ගමුවේ යන ගමන් අපි එහාට ඇවිත් ඔයාව pick කර ගන්නං.”

එහෙම කරන්නට වුණත්, ඒ සඳහා ප්‍රභාත්ගේ කැමැත්ත ලබාගත යුතු විත්තිය මම කීවෙමි.

“ඔයාට තේරෙනවනේ ප්‍රියන්ත. මං එයාලට වචනේ දීල ඉවරයිනෙ. ප්‍රභාත් කැමතියි නං විතරක්...”
“හරි! ඔයාට පුළුවන්ද ප්‍රභාත්ගෙන් අහලා මට කියන්න, හෙට උදේට කලින්. ඔයාටත් එන්න පුළුවන් නං, මං හෙට උදෙන්ම ගිහින් බුකින් එක දානවා...”
“හරි, දහයට කලින් කියන්නං.”

මම ප්‍රභාත්ට විස්තරය කිව්වෙමි. ‘ඔහු වාද කරන්නෙක් නොවේ’ යැයි මම කලිනුත් ඔබට කීවෙමි. ඒ හාදයා මටම බෝලය පාස් කළේය.
“ඔයාම තීරණේ කරන්න නිමල් අයියේ. ඔයාලා යන්නෙ නැත්තං ප්‍රියන්ත අයියා trip එක යන්න කැමති නැහැ වගේනෙ පේන්නේ. පස්සේ දවසක හරි අපිට සීගිරියේ යන්න පුළුවනිනෙ... අර ගොල්ල ආපහු ඉතාලි යනවා නං- ඉඩක් තියෙන්නෙත් ඔය දවස්වලම නං ඔයා ඒකට join වෙන්න... අපි පස්සේ දවසක අපේ ගමන යමුකො. හැබැයි, ඔයා කැමතියි නං මේ සැරෙත්, අපිත් එක්ක සිකුරාදා ගිහිං- පහුවදා එයාලට එකතු වෙන්නත් පුළුවන්. ඕනි නං මමම ඔයාව ප්‍රියන්ත අයියලා එන මඟට...”

“නෑ නෑ ප්‍රභාත්. එහෙම කරන්න ගියාම දෙගොල්ලටම කරදරේ. මං එයාලත් එක්කම එන්නං... ඔන්න ඊළඟට ඔයාල එහෙ යන දවසට මොන වැඩ තිබ්බත් මං එනවාමයි.”

එහෙම පොරොන්දුවක් ප්‍රභාත්ලාට දීලාය, ආයෙමත් වතාවක් මං වහන්සේ වස්ගමුව වනෝද්‍යානයේ මැදපිටිය camping site එකට යන්නට සූදානම් වුණේ.
අවුරුදු දහස් ගණනාවකට කලින් අප හිටියේ කැලේය; ඒ නිසාදෝ මනුස්ස ජානවලම ‘වල් වදින්නට’, ‘වන+චර වෙන්නට’ ලොකු ආසාවක් හැංගිලා තියෙනවත් ඇති! අනිත් කාගේ නැතත් මගේ නං ජාන ඒ වගේමය!! අනේකවිධ හරිත වර්ණයෙන් බබළන රුක් ගොමුවක- වන වදුලක ඡායාරූපයක් වුණත්, මගේ සිත පුබුදුවාලන්නේ පුදුමාකාර විදිහටය...

පොළොන්නරුව, මාතලේ දිස්ත්‍රික්ක දෙකටම මැද්දේ තිබෙන වස්ගමුවට කොළඹ සිට යනවා නම් දුර ‘අපේ උත්තරීතර පාරලිමේන්තුවේ නියෝජිතයන් ගණන’ට සමානය. කිලෝමීටර් 225කි.

ටිරාන් තමයි එයාලගෙ යාළුවො කීප දෙනෙක්වත් එක්ක එන්නෙ. මට කිව්ව විදිහට නං families දෙක තුනක්...(Foto-සෙරාන් එච් ගමගේ)

“නිමල් මම මේ trip එකට බුකින් එක දැම්ම විතරයි. මං අද හවසට ඔයාලගේ ගෙදර එනවා... අර වස්ගමුවේ tracker මල්ලිගෙයි, සෆාරි ජීප් එකේ හාදයාගෙයි නොම්මර එහෙමත් ඔයා ළඟ තියෙනවා නේද... ගන්න ඕනෙ කරන බඩු ලැයිස්තුව එහෙමත් හදා ගන්න තියෙනවා. ඔයා දන්නවනෙ මට තියෙන වැඩ ගොඩ. ඒ අස්සෙම වුණත් දවස් හතර පහකදී මේ සේරම organize කර ගන්න ඕනිනෙ නිමල්.” ප්‍රියන්ත කතා කළේ වනජීවී කාර්යාලයෙන් බැහැරට ආව ගමන්මය.

“දැන් කීදෙනෙක් trip එක යනවද ප්‍රියන්ත?” මම ඇහුවේ එදා හවස. “...දවස් තුනේ මෙනූ එකයි- ගන්න ඕනි බඩු-මුට්ටුයි  තීරණේ වෙන්නේ ඒවා උඩනේ.”

“මගේ යාළුවා ටිරාන් මරු මනුස්සයා. ඔයාලටත් අඳුනගන්න වටිනවා. ඊටත් වැඩිය මරු නදීකා; ටිරාන්ගේ wife. හරි forward and friendly. ටිරාන් තමයි එයාලගෙ යාළුවො කීප දෙනෙක්වත් එක්ක එන්නෙ. මට කිව්ව විදිහට නං families දෙක තුනක්. බලමුකෝ අහලා.” ප්‍රියන්ත එවෙලේම ටිරාන්ට කතා කළේය.
“ටිරාන්, මචං මම මේ නිමල්ලගේ ගෙදර ඉඳලමයි කතා කරන්නේ. දැන් කවුරු කවුරුද මචං trip එකට එන්නේ?”

‘... දහයක් දොළහක් විතර? / ෆැමිලීස් හතරක. / ආ, ඔයාලගේ වාහනවල එන්නේ... / මචං ටිරාන්, උඹ කිව්ව නේද පොඩි දරුවෙක් දෙන්නෙකුත් ඉන්නවයි කියලා. අපි කතා වෙච්ච විදිහට- මං ලේඩීස්ලටයි බබාලටයි ඉන්න බංග්ලෝ එකකුත් බුක් කළා. / ඔව්, ඔව්. Don’t worry. අපි ඉන්නෙ camp site එකේ.’

“ඔයාටත් ඇහුණනෙ නිමල්, එතන දොළොස් දෙනෙක් කියල ගත්තොත්... අපේ හතක් හරි අටක් හරි... එතකොට විස්සයි. විස්සක් කියලා ගණන් හදන්න.”
“අපෙත් අටක්?”
“අට නෙවෙයි නිමල්- ගිය සුමානේ වස්ගමු ගිය හැමෝම එන්නයි හදන්නේ. (මම ඉස්සෙල්ලා කිව්ව ‘කැලෑ ජාන’ වැඩියෙන් තියෙන්නේ මට විතරක් නෙවෙයි වගේ!) ඒක කරන්න බැහැනෙ නිමල්. එතකොට මේකත් අපේ trip එකක් වෙනවනෙ... කට්ටියක් විතරක් එක ගියොත් අනිත් අය තරහ වෙනවා. මම ඔක්කොමලටම එපා කිව්වා. ඒත් ඔයයි, නෙවිලුයි, අපේ දෙවෙනියා වෙනුජයි, සෙරානුයි. හරිසුයි යනවා. මම දහනායකටත් කිව්වා.” (දහනායක කිව්වේ ‘
ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ’ පෝස්ටුවෙන් කියූ නදීකාගේ ආදරණීය සැමියාටය.)

“ටිරාන්ලගේ කවුරුවත් කැලේක camping කරලා නැහැ වගෙයිනේ. අපේ සෙරානුයි, වෙනුජයි දෙන්නා tents ගහලා වයරින් කරයි. දහනායකත් ඉන්නවනේ. බරපතලම වැඩේ, උයාගන්න එක නං ඔයාට තමයි  බාර ගන්න වෙන්නේ. Support එකට අපිත් ඉන්නවා. ටිරාන්ගේ වයිෆුත් උදව් කරයිනෙ...”

ඒ අස්සෙම ප්‍රියන්තට තවත් වැදගත්ම කාරණයකුත් සිහි වෙලාය.

“නෙවිල්ට කියන්න ඕනි ඉක්මනින්ම කොංගෝ එකට හමක් ගස්සවා ගන්න කියලා... දවස් තුන-හතරකින් ඒක කරවගන්න පුළුවන් නේද? නැත්තං සිංදු කියන්න බැරි වෙනවනෙ...”

ඒ ඇබැද්දිය වෙලා තිබ්බේ ‘වනචර වෙමුද?’ posts දෙකේදී කියැවුණු වස්ගමු ගමනේදීය. සරත්ගේ වාහනයෙන් කොංගෝ ඩ්‍රම් එක බා ගත්තාමය පෙනුණේ. එහි හම හරහා කැපුම් පහරකි!
“මේක නං ධනවාදී කුමන්ත්‍රණයක්. සමාජවාදීන්ගෙ ගීත ගායනේ කඩාකප්පල් කරන්න බලාගෙන එල්ල කරපු ප්‍රහාරයක්.”
“ඔව්වොව් ඔව්! නැත්තං කොහොමද උඩින් cover කරන රෙද්ද බැඳලා තියෙද්දී, රෙද්ද අස්සෙන් ගිහින් පොරෝ තලය වැදෙන්නේ?” විවරණ- විග්‍රහ- පරීක්ෂණ මොනවා කෙරුණත් පලක් නොවිණි. වැඩේ සිද්ද වෙලා ඉවරය!!

හරිහමං විදිහට සුසර කොට, වාදනය කෙරෙන ‘අවනද්ධ භාණ්ඩයක්; තාලය සපයන භාණ්ඩයක්’ නැති වුණාම ‘රඟේ කොහොමද’ කියලා අපේ කාටත් තේරුණේ ඒ  trip එකේදියි. (භාණ්ඩය තිබ්බත් මදි තමයි- හරිහමං වාදකයෙකුත් ඉන්න ඕනිනෙ.) අපේ ගමන්වල යාවජීව වාදක නෙවිල් අනුරසිරි හිතවතා ඉඳලත්, එදා සාජ්ජ වැඩේ ලාචෝරු වෙලා ගියේ කොංගෝ එකේ සද්දේ බඃ බඃවලින් එහා වර්ධනයක් නොපෙන්නුව නිසා. හැබැයි, වැඩියෙන් අනුමත වෙලා හිටි අය නං අඩ අඳුරේ නින්දට ගිහිනුත් සිංදු කිව්වා- අප්පුඩි ගහමින් තාලය දුන්නා. (උඩ වීඩියෝවේ සිරකොට තියෙන්නේ ඒ රසාලිප්ත රාත්‍රියේ මොහොතක්.)

“මමත් හෙට උදෙන්ම නෙවිල්ට මතක් කරන්නංකෝ ප්‍රියන්ත... මේ අස්සෙ මට තව වැඩක් කල්පනා වුණා. ඔයා බංගලාවකුත් බුක් කළා කිව්වනේ. එතකොට එතන වැඩට ඉන්න දෙතුන්-දෙනෙකුයි, ට්‍රැකර්ස්ල දෙන්නෙකුත් ඉඳියිනෙ ප්‍රියන්ත. අපේ නඩේ බෙදිලා දෙපොළකට යනවා නං ට්‍රැකර්ස්ල දෙන්නෙකුත් අපි එක්ක ඉඳියි. එතකොට විසිපහක්...”

“හරි! විසිපහකට ගණන් බලන්න. මෙනු එක දැන්ම හදමුද නිමල්?”
“මගේ අත වෙවුලන නිසා දැන් මම ලියන දේවල් මටවත් කියවගන්න බෑ ප්‍රියන්ත. අද රෑට ඒක හදලා මං ඔයාට ඊමේල් කරන්නං... ගයාන්ගෙයි ලසිතගෙයි නොම්මර දෙක දැන්මම ඔයාට දෙන්නද?”
“දෙන්න! දැන්මම එයාලටත් කියල හිටියම ඒ වැඩෙත් ඉවරයි.”

ඒ මොහොතේම ප්‍රියන්ත ගයාන්ටත්, ලසිතටත් කතා කළේය. විස්තර කිව්වේය.

“දැනුයි මට මතක් වුණේ. එකම නමකින් බුකින්ස් දෙකක් දාන්න බැරි නිසා එක බුකින් එකක් දැම්මේ අපේ මැණිකෙගේ නමෙන්. මං සැකේට office එකෙන් ඇහුවම නං කිව්වා, මැණිකෙ නොයනවා නම් එහෙදි නමේ වෙනසක් කර ගන්න පුළුවන් කියලා. අපි ගයාන්ගෙන් ඒකත් අහමුද නිමල්, ඒක...”

කෙනෙකු වෙතින් වැරැද්දක් වෙන්නට- අතපසු වීමක් වෙන්නට තියෙන ඉඩ ඉතාමත් අඩුය.

‘අවුලක් වෙන්නේ නං නෑ සර්. වැඩියම හොඳයි, බුකින් එක තියෙන කෙනාගෙන් ලියුමකුයි, එයාගේ අයිඩෙන්ටියෙ foto කොපියකුයි අරගෙන එන එක. එතකොට ප්‍රශ්නයක් වෙන්නෙම නෑ.’ ගයාන් ප්‍රියන්තට පවසා තිබිණි.

ඒ අතරේ දුරකතන ඇමතුමක්.
‘තාම මම නිමල්ලගේ ගෙදර ටිරාන්... / සීනි තේ කොළ පිටි ගන්නවා? / එව්වත් අපි ගන්නං. / එපාද? හරි, Thanks මචං. මම නිමල්ට කියන්නං ඒවා එපයි කියලා.’

ඒ සංවාදය මතක් වුණේ පසුවදා මා යැවූ ඊමේල් එකේ අග හරිය දැක්කාමය. මේ, ඒ අග කොටස එහි තිබුණු විදිහටමය.
‘.... ප්‍රියන්ත ගන්නවා කීවා-
ටෙන්ට්, රෙදි, මෙට්ට, උදැල්ල, පොරොව, ලාම්පුව, හාල් කිලෝ 3ක් ඉදෙන සාස්පානක් පියන සමඟ, කන්වර්ටරය හා ලයිට්ස්, ලණු
මිරිසට තැම්බූ මාළු  

මම ගන්නවා:
කුකුළු මස්- තැල් කොළ කිරි හොදි - පොල් සම්බෝල
ළිප් දෙක
, ගෑස් සිලින්ඩරය, වළන්, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, ජෝගු, තේ ගොට්ට, හැඳි, විම් සබන් කැටයක්, සන්ලයිට් කැටයක්, ස්පොන්ජ්, දැලි රෙදි කෑලි

ටිරාන් ගෙනෙනවා කිව්වා; සීනි, තේ කොළ, කිරිපිටි

නෙවිල් ගත යුතුයි; මුරුක්කු ආදිය

ෂැන්ඩි ගන්නවා හෙට්ටිපොලින්’

ඒ විදිහට කෙරෙන්නට උවමනා හරියත්, පොරොන්දු වුණු; බාරගත්; එකේක්කෙනාට බාර දෙන වගකීම් ආදියත් ලිඛිතව දැනුම් දුන්නාම ලෙහෙසිය. එහෙම කළාම කෙනෙකු වෙතින් වැරැද්දක් වෙන්නට- අතපසු වීමක් වෙන්නට තියෙන ඉඩ ඉතාමත් අඩුය. මෙහෙම සටහන් කිරීමේ පුරුද්ද මට ඇති වුණේ මීට අවුරුදු 40 කටත් එහා ඉඳලාය..
ඉතිරිය ඊළඟ කොටසෙන්...

29 comments:

  1. 👣👣👣👣👣👣

    ReplyDelete
    Replies
    1. 👣👣👣👣👣👣

      Delete
    2. හුම්... වැට මොඩිෆයි කරලා හිටං

      Delete
    3. නමී වැට මොඩිෆයි කරලාම නෙවෙයි, වඩාත් අරුත්බර කරලා. මේ අලුත් වැට ගැන හෙව්වා. හම්බ වුණේ
      //The footprints emoji 👣 is typically associated with traveling, exploring, and movement. It is also used to imply a physical presence or journey that has been taken.Feb 10, 2023// කියන විස්තරේ.
      කොහොමද Pra Jay මහත්තයගෙ වැඩ?

      ස්තුතියි Pra Jay, නමී දෙන්නටම.

      Delete
  2. බේබදුකමට කටගොන්නක් බීගෙන කුනුහරප කවි කියාගෙන මේ වගේ මිනිස්සු මොකට ජීවත් වෙනවද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. එයාලගෙන්ම තමයි අහගන්න වෙන්නේ, ඇනෝ මහත්තයෝ.

      Delete
  3. යකෝ මාර ට්‍රිප් යෑමක්නෙ මේක.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං යක්ෂයො මත කියන්නේ!
      ප්‍රසෝ, දන්නවැයි- සමහරු යකෝ කියන වචනෙත් (උච්ඡාරණය කොහොම කළත්) ගණන් ගන්නේ බැනුමක් විදිහටයි!

      Delete
  4. මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී කියල... පත්තරෙත් තිව්න 😁

    ReplyDelete
    Replies
    1. පත්තරේ නෙවෙයි නමී, සැළලිහිණියේ. (තමුන්නැහේ නිකමට වගේ ඔහොම කිව්වම සමහරු ඒක ඇත්තට ගන්න පුළුවනි, නිසයි කිව්වේ.)
      කොයිකටත් කියලා ජාලයෙනුත් බලලයි විස්තර හෙව්වේ.
      එතකොට හම්බ වුණා විස්තරයක්. Link එක යටින්ම දාන්නම්.
      පරණ මතකයකුත් ඇවිස්සුනා- ඒකෙන්.
      'ලන්ඩන් කවි' සඟරාවේ කලාප ගොඩක්ම print කළේ අපි- පියසිරියේ හිටිද්දී. ලාල් හෑගොඩ රසවතා තමයි අච්චු ගහන්න ඇනවුම ගෙනාවේ. පුදුම කලාත්මක අකුරෙන් ලාල් හෑගොඩ මහත්තයා මට ලිව්වා ලියුමක් තිබ්බ- හොයන්න ඕනි.
      අපේ නෙවිල් අනුරසිරි උන්නැහේ- ලලිත් ප්‍රියන්ත හිතවතා දෙන්නමත් ලාල් හෑගොඩ මහත්තයගෙන් කැමරාකරණය ඉගෙන ගත්තා.
      https://londonkavi.com/%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%80%E0%B7%92/

      Delete
  5. තවත් සුපිරි වන ගත වීමක්....

    ReplyDelete
    Replies
    1. මට නම් දැනුණේ එහෙමයි ලලිත්. එහෙනං බතුමාටත්....

      Delete
  6. +++++++👌. එන්නම් නිවාඩු පාඩුවෙ කියවන්න.

    ReplyDelete
    Replies
    1. මෙහෙම ට්‍රිප් යෑමක් නං මගෙ අත්ත-කිරිකිත්තාගෙ කාලෙවත් අහලා නෑ. ඒකත් එක වාසනාවක් තමයි බලගෙන යනකොට.🙏👌

      Delete
    2. එහෙම වාසනාවකුත් මං වහන්සේට තියෙනවා වෙන්නැති, බස්සා මහත්තයෝ.
      පොඩි පම්පොරියකුත් ගහන්න හිතුනා. මේ ගමන ගිහින් ආවට පස්සේ තුන්වෙනි වතාවටත් වස්ගමුවේ යන්න ආරාධනාවක් කෙරුනා- තව පිරිසකගෙන්. මීට සති දෙකකට පස්සේ. යන්න බැරිවුනා. දවසක trip එකක් නං ගියා.

      ප්‍රියන්ත කියනවා 'Trip ගියාම නිමල්ගේ ලෙඩ නති වෙලා යනවා වගේ.' කියලත්.

      Delete
  7. ට්‍රිප්ස් වගේම රසවත් නිමල් ගමන් සංවිධානය කරන විදිහ. සමහරවිට නිමල්ට මේ තරම් ඉල්ලුමක් තියෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.

    "සන්ලයිට් කැටයක්, ස්පොන්ජ්, දැලි රෙදි කෑලි" This level of attention to detail.

    ReplyDelete
    Replies
    1. Lotus, මගේ චූස්- මටම චූස් post එකේදී කියූ නැන්සි අක්කා, දියවිනි ඉනාව postsවලදී කියැවුණු කළු අක්කා- චිත්තම්මා වගේ අය හොඳ trip සංවිධායකයෝ. එයාලා එක්ක ලංකාව පුරා ගමන් ගොඩාරියක් ගිහින් තියෙන නිසා- කළ යුතු හා නොකළ යුතු දේවල් ගොඩාක් ඉගෙන ගත්තා. තජකයෙන් - ලාල් හේවාපතිරණ මහතාගෙන්- හා එඩ්වින් ආරියදාස ; මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වැනි වියතුන්ගෙන් ඉගෙනගත් බොහොමයක් න්‍යායාත්මක දේවලුත් මම වැඩවලදී භාවිතයට ගන්නවා.
      විශේෂයෙන් ලාල් අයියාගෙන් ලද ප්‍රායෝගික වීමේ සිරිත. නැණ ලැබ ගත්තෙමි පෝස්ටුවලදී ඒවා ගැන මං කිව්වා- මුල්ම කාලෙදී. මෙන්න එකක් විතරක්- උපුටනවා.

      //තජකයේ පමණක් නොව FPA වැඩ සටහන්වලදිත් සම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල්වීමක් තිබ්බොත් පහන ගෙනෙන්නේ ලාල් අයියාගෙනි. ඒකට අවශ්‍ය සියලුම කළමනාත් ලාල් අයියා සපයයි. සපයයි කියා කිව්වාට එව්වා තියෙන්නේ ready පිටය. පහන් තිර, පොල්තෙල්, ඉටිපන්දමක්, ගිනි පෙට්ටිය විතරක් නොවේ, පහන පිස දමන්නට අවශ්‍ය රෙදි පාන්කඩ කෑල්ලකුත් කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක දමා තිබේ. හැබැයි එහෙම දෙද්දී ලාල් අයියා කොන්දේසියකුත් දමයි. "ඔව්වා සේරම පාවිච්චි කළා වගේ, තව වෙලාවක ඉක්මනින් ගන්න පුළුවන් වෙන විදියට ආපහු දාලා ගෙනෙන්නත් අමතක කරන්න එපා!"

      "වැඩක් කරද්දී සේරම ප්ලෑන් කළාම ලේසියි. පහසුයි. වරදින්නේ නෑ." තජකයේදී අපට උගන්වනු ලැබිණි. ඒ සඳහා සැපයූ උදාහරණය මට තවම මතකය.

      "දවසක් ලොකු උත්සවයක් තිබුණා. පොල්තෙල් පහන දල්වන්න ආරාධිතයන්ට ආරාධනාත් කෙරුණා. ඒ ගොල්ලෝ ආවටත් පස්සෙයි පෙනුණේ ගිනි පෙට්ටිය නෑ. සංවිධායකයෙක් ඈතින් හිටිය හාදයෙකුට ගිනි කූරක් ගහන හැටි පෙන්නුවා, ගිනි පෙට්ටිය නැති බව කියන්න. අර හාදයා ටක් ගාලා එතනට ඇවිත්, සාක්කුවෙන් ලයිටරේ ඇදලා අරන් පහන පත්තු කළා! අපි ඔක්කොම බලන් ඉඳිද්දී......" ඔය සිද්ධිය කීවේ ආරියදාස මහතාද කොහෙදය.

      ඒකෙන් ලාල් අයියාත් මේ සිරිතට හුරු වුණා වෙන්නත් හැකිය. සමහරු දෙසන්නේ වැදි බණය. කෙරුවාව අන්තිමය. ලාල් අයියා අපට උගන්වන දේවල් ක්‍රියාවට නංවමින් ආදර්ශයක්ද දුන්නේය.ඔහු අනුව යමින් මම හැම අත්දැකීමකින්ම යමක් එකතු කරගන්නට වීරිය ගත්තෙමි. ගන්නෙමි!//

      Delete
  8. "මෙහෙම සටහන් කිරීමේ පුරුද්ද මට ඇති වුණේ මීට අවුරුදු 40 කටත් එහා ඉඳලාය.." කොච්චර හොඳයිද. මමත් ඒක ටික ටික පුරුදු වෙන්න යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් සතුටුයි Lotus!
      විශේෂයෙන්ම අපේ රටේ සංවිධාන, කමිටු, කොමිසම් රැස්වීම් එහෙමත් මේ වගේ වාර්තා කරන්න පුරුදු වෙනවා නං..... කාර්ය භාරයත් එක්ක....

      Delete
    2. සමාවෙන්න ඕනි Lotus, හොරාට කලින් කෙහෙල්කැන වැට පැනලා කියල අදයි මතක් වුනේ- කාර්ය භාරය ගැන දෙවෙනි කොටසෙනේ ලියමින් ඉන්නෙ.

      Delete
  9. මේ නිව්ස් එකේ තියෙන්නේ එදා අපි එක්ක අරගල භූමියේ සිටි අපේ මිස්ටර් දිසානායක මහතා ගැන නෙවෙයි නේද? 😄🤪😉

    ////මෑතකදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජයග්‍රහණය කරවාදීම සඳහා ගාලුමුවදොර අරගලයේ ප්‍රධානියෙකු කප්පම් ඉල්ලන බව එම නිලවරණයට තරග වදින පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මුහම්මද් ජස්වර් උමර් සඳහන් කරයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

    ""මෑතකදී මට කතා කරපු පහුගිය 2022 ගෝටාගෝ අරගලය මෙහෙයවූ එක්තරා අරගල ප්‍රධානියෙක් මගෙන් කප්පම් ඉල්ලනවා. මීලග පාපන්දු සම්මේලන නිලවරණ ජන්දය දිනවලා දෙන්න රුපියල් මිලියන 30 ක බජට් එකක් දුන්නා.මම ඒවා ප්‍රතික්ෂේප කළා.ඊට පස්සේ මිලියන 30 මිලියන 6 ට අඩු කරමු කිව්වා.ඊට පස්සේ හදිස්සියක් කියලා රුපියල් 200,000 ක් එයාගේ බැංකු ගිණුමට දාන්න කියලා කිව්වා.බිරිඳගේ වාණිජ බැංකුවක ගිණුම් අංකයකුත් මට එවලා තිබුණා.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා.ඒ වගේම නීති උපදෙස් බලාපොරොත්තු වෙනවා’

    - lankadeepa///

    ReplyDelete
  10. නිදී

    ඔබ සෑහෙන සංචාරවල නිරත වෙන කෙනෙක්නේ, මේ තරම් ට්‍රිප් යන්න පුළුවන් නිදී විශ්‍රාමික අයෙක් ද?

    ලස්සනට ලියල තියෙන විදිය දකිනකොට මටත් මේ වගේ ලියන්න හිතුනා, මම මේ තරමටම සංචාරය කරන කෙනෙක් නෙවෙයි හැබැයි.

    නිදීට ඔය සංචාර වලදී හමුවන හැමෝම අතර දේශපාලන සංවාද වලදී ඔවුන්ට හැකි උපරිමයෙන් සත්‍ය අවබෝධ කරදීමට කටයුතු කරන්න, හැමෝම අනාගත පරපුර වෙනුවෙන් මේ පාර මාලිමාවට හරවමූ. මේක අවසන් අවස්ථාවයි, ආයේ ඉතින් නෝ චාන්ස්, මේ පාර වරද්දගන්න එපා කියල හැමෝටම කියන්න, මේ හිරු සළකුණ වැඩසටහ්නේදී මාලිමාව වෙනුවෙන් අපේ ආදරණීය අනුර කුමාර සහෝදරයා කළ විශේෂ හෙලිදරවුව .......

    https://www.facebook.com/100083956939259/posts/266861649455731/?app=fbl

    මේක හැමෝටම බලන්න ෂෙයාර් කරන්න...

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න trip යන්න මට නිදහස තියෙන්නේ 2013 මට මල්ටිපල් මයෙලොමා රුධිර පිළිකාව වැළඳිලා රැකියාවන්ට සමු දෙන්න සිදු වුණු නිසා.
      ලස්සනට ලියන්න සුබ පැතුම්!

      Delete
  11. https://1paththaraarana.blogspot.com/2023/09/blog-post_70.html

    ReplyDelete
    Replies
    1. පත්තර අරණට යන කෙනෙක් මම.
      මේ විෂයයට අදාළව ගිය අවුරුද්දේ මං ලියු post එකක් මේ:

      සතුටේ ‘සතුට’ සොයන ගමන්.... - පළමුවෙනි කොටස
      https://nidigepanchathanthare.blogspot.com/2022/07/blog-post_08.html

      Delete
  12. Nimal sahodarayage mawa miya giya

    ReplyDelete
    Replies
    1. Awasan katautu gena thama dinayak nometha

      Delete
    2. අවසන් කයුතු 19 ඉරිදා සවස 3 ට රුක්මල්ගම සුසාන භූමියෙදී සිදු කෙරෙනවා. එතෙක් දේහය (ඒ ආසන්නයේම තිබෙන) ජයමිණි අවමංගල ශාලාවේ (103/3, පාසල් මාවත, රුක්මලේ) තැන්පත් කර තැබෙනවා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්