නිදි නම්
කොහොමද කොම්පියුටරෙන් කොටන්නේ? කාට හරි එහෙම ප්‍රශ්නයක් මතු වෙන්නත් පුළුවන්!
ඇත්තනේ.
නිදි
කියන්නේ මගේ කෙටි නම. ඒකෙන් මාව කුලවැද්දුවේ මගේ මිතුරු මර්වින් බොතේජු. මගෙ නම
නිමල් දිසානායක. මර්වින් ඒ දෙකේ මුල් අකුරු දෙක එකතු කළා. ඉතින් මම නිදි වුණා, කට්ටියකට.
(වුණා කිව්වාම වැදුණා කියලා පටලවාගන්න එපා.) ඒ කිව්වේ මර්වින්ලාගේ කට්ටියට. ඒ
ගොල්ලෝ හිටියේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවේ. මාත් ඒකට
සම්බන්ධ වෙලා හිටියා ඒ කාලේ.
තව
කට්ටි; සෙට්ස් ගොඩක මං ඉන්නවා. අමද්‍යපේ.... ඇයි දේශපාලනේ. ඒ මඩ ගොඩෙත් හිටියා
නේන්නම් ටික කාලයක්. තව කාලයක් අනවසරයෙන් ගොඩ ඉල්ලම් හෑරුවා, ගෙවුඩ හොය-හොයා.
හැමෝටම උදාව උදා කරන දිහාවකත්, බතික් ලෝකයේත් උන්නා. තව ලේබකයෝ, සොරි- ලේඛකයෝ මැද්දේ,
නාට්‍ය කලාවේ, යාන්තමට පත්තර කලාවේ....පදික වේදිකාවේ! කැන්ටින් කෙරුවාවේ.... දැන්
තමයි කල්පනාවට වැටෙන්නේ මාත් නොකළ මඟුලක් නෑ නේද කියලා. දැන් වැඩියෙන්ම ගැවසෙන්නේ
සංචාරේ යෙදෙන කට්ටි කිහිපයක් එක්ක.
(මුලින්ම මගේ ගැන පුංචි හැඳින්වීමක් කරම්දෝ- නොකරම්දෝ කියල දෙගිඩියාවක හිටියේ. එක්කෝ ඕනේ නැහැ කියලත් හිතුණා.) ඒත් දැනටම කියවෙච්ච හරිය මදැයි. තව කියවාගෙන යද්දී ඉබේම මං කවුද-කොහොමද-මොකෙක්ද කියලා කාගෙ-කාගෙත් හඳුන්පොතවල්වලට වැටේවිනේ.
ඔය කීවේ නමේ first කෑල්ලේ තෝම්බුව.මෙන්න නමේ දෙවෙනි කෑල්ල. පංච තන්තරේ!
(මුලින්ම මගේ ගැන පුංචි හැඳින්වීමක් කරම්දෝ- නොකරම්දෝ කියල දෙගිඩියාවක හිටියේ. එක්කෝ ඕනේ නැහැ කියලත් හිතුණා.) ඒත් දැනටම කියවෙච්ච හරිය මදැයි. තව කියවාගෙන යද්දී ඉබේම මං කවුද-කොහොමද-මොකෙක්ද කියලා කාගෙ-කාගෙත් හඳුන්පොතවල්වලට වැටේවිනේ.
ඔය කීවේ නමේ first කෑල්ලේ තෝම්බුව.මෙන්න නමේ දෙවෙනි කෑල්ල. පංච තන්තරේ!
මේක පොතක්. මම ආසම පොතක්. හේමපාල මුනිදාස මහත්තයා සිංහල භාෂාවට අනුවර්තනය කළාම, ගුණසේන සමාගමෙන් පළ කරලා තියෙන්නේ. භාෂා 70කට වඩා ගණනකට පරිවර්තනය වෙලාත් තියෙන පුස්තක රත්නයක්.
මේ
ජාතියේ පොත් පහයි මට අහුවෙලා තියෙන්නේ. අරාබි නිසොල්ලාසය තමා දෙවෙනි එක. ඒකෙ තමා
සුප්‍රසිද්ධ අලි බබා සහ හොරු දෙසිය විසිපහේ- අනේ සමාවෙන්න ඕනේ, හොරු දෙසිය විසිපහ
නෙවෙයි, හතළිහ! හොරු හතළිහ!! ඒ කාලේ මෙච්චර හොරු හිටියේ නැහැල්ලුනේ... එතකොට
ඇලඩින්ගේ- අර පහනට අරක් ගත් භුතයාගේ කතන්දරේ වගේ ඒවා තියෙන්නේ.
අරාබි
නිසොල්ලාසේ අස්සේත් ගොඩාරියක් කතන්දර හැංගිලා ඉන්නවා. ඒවා නම් ටිකාක් විතර කොමන්.
තුන-හතර වනකතා.
යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හාමුදුරුවන් ලියුවා 'වනකතා 1- මිතුරන් කෙටවීම' සහ 'වනකතා
2- මිතුරන්ගේ අගේ' කියලා අගේ ඇති පොත් දෙකක්.
යක්කඩුවේ
හාමුදුරුවන්ටත් තව පොඩ්ඩෙන් මහා ජංජාලයක් වෙන්න ගියාලු යකඩයෙක් වගේ ඒ පොතට ලියලා තිබුණු
අයෝමය කවි හින්දා. මේං එකක්!
අපායට යන්ට ඕනෑ නම් නුඹට
කරපන්
පුරෝහිතකම අවුරුද්දකට
නැත් නම්
පන්සලක දේවාලයක සිට
අදිපතිකම
කරපන් තුන් දවසකට
මේක අද කිව්වා නම් උන්නාන්සේලා එන්නේ රෙද්ද
උස්සාගෙන. කට, කට. කට වරද්දාගන්න එපා. හාමුදුරුවරු ළඟ කොහෙන්ද රෙදි? රෙදි තියෙන්නේ
උන්නාන්සේලා ළඟින්ම ඉන්න උදවිය ගාව නේද. ඉඳ-හිට ඔය ගොඩක් උන්නාන්සෙලා හීන් සීරුවේ
රෙදි ගලවනවා මිසක් කාගෙවත් රෙදි උස්සනවා කියලා නම් ගොසිප් කොලම්වලවත් තිබ්බෙ නෑ,
මයෙ හිතේ.
කවිය
නිසාමත් නෙවෙයි, හාමුදුරුවොන්ට ජංජාලයක් වෙන්න ගියේ. දන්නැද්ද අපේ අප්පුහාමිලාගේ; කපුරුහාමිලාගේ
උඩින් මිතුරු- යටින් කතුරු හපන්කම් නිසා.
බලා
හිඳින්නට බැරි නම්
නිකං
ඉන්නෙපා ගහපල්ලා බං පෙත්සම්!'
අනේ
ඔව්වා සේරම මෙතන කොටන්න ගියොත් මේක වෙනමම ලියවිල්ලක් වෙනවනේ. ඕන්න ආපහු පීල්ලට.
මහා
පදරංග ජාතකේ තමා පහ. ඒක ගැනත් අපේ ආච්චි තමා ඉන්ට්‍රඩක්සන් එක දුන්නේ. අහලා තිබුණා
විතරයි.
මෙන්න බොලේ
කාලෙකට පස්සේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා බොහෝම වෙහෙසිලා- දුෂ්කර ක්‍රියාවක
නියැළිලා; මහා පදරංග ජාතකේ ශුද්ධ කරලා අත් පිටපතත් අරන්. මුද්‍රණද්වාරයෙන් පහරවන්න...
(ඒ වචනේ නිකං කැතයි වගෙත්ද මන්දා? එහෙම හිතෙනවා නම් එතැනට පළ කරවන්න කියලා දාගන්න-
තරහ නැතිව. මං දන්න ප්‍රෙස් එකකුත් තිබුණා, නම රුවන් පහරුව! රත්තරන් පහරන එකක් හෙම
නෙවෙයි. අච්චු කන්තෝරුවක්!) ඒ ආවේ මම වැඩ කළ ප්‍රෙස් එකට. එතකොට මම එහෙ ප්‍රින්ටින්
මැනේජර්. පොත පළ කිරීමට පුංචි ශ්‍රම සම්මාදම් වීමකුත් බොක්කෙන්ම කරලා, පොතකුත්
ගත්තා කියවන්න. හැබැයි රජෝ තවම බැරි වුණා
පැටලිලි ලිහාගෙන කියවලා අහවර කරගන්න. ඒක එච්චරට රහයි මට නම්!
ඔන්න ආපහු
පංච තන්ත්‍රයට.
පොතටත් වඩා
රසවත් මේ පොත ලියැවුණු කතාව.
ජම්බුද්වීපේ
මහිලාරෝප්ය නගරේ හිටියාලු අමරශක්ති කියලා රජ කෙනෙක්. ඒ රජ්ජුරුවන්ට හිටියලු
බහුශක්ති, උග්‍රශක්ති, අනන්තශක්ති කියල පුත් කුමාරවරුන් තුන් දෙනෙක්. (ඒ කාලෙත් ගැළපෙනම
නම් දාන පුරුද්ද තිබිලා වගෙයි නේද?) ඒත් අනේ දැන් ඉන්න රජදරුවන් වාගේම උන් තුන්
දෙනාත් අමු මැට්ටොලු.
ඉතින්
රජ්ජුරුවන්ට මේ ගැන මාරෙටම අප්සෙට්. දවසක් ඇමති මණ්ඩලේ රැස් කරවලා රජ්ජුරුවෝ මේ
ගැන කිව්වාලු.".....මපුත් කුමරුවෝ ශාස්ත්‍ර විද්‍යාවන් පිළිබඳ අල්ප මාත්‍ර
අවබෝධයකුදු නැති උද්ග්‍රහණයෙහි අප්‍රියවූ අනුවණයෝය. කටයුතු නොකටයුතු විසඳා
ගැනීමෙහි ආත්ම බුද්ධියක් හෝ ආත්ම ශක්තියක් නැති මන්ද බුද්ධිකයෝය. පින්වතුන් ඉඳුරාම
දැන සිටින මේ සත්‍යය නිසා මාහට කිසිම රජ සුවයක් නැත්තේය.....
දැන් කාලේ ඉන්න රජ දරුවෝ වගේම, එයාලගේ පුත්තුත්............ |
".....නූපන්
පුතුය, මළ පුතුය, මෝඩ පුතුය යන තිදෙනා අතරින් නූපන් පුතු හා මළ පුතු කෙරෙන්
මාපියන්හට අත්වන ශෝකය මඳක් දරාගත හැකි වුවද ඥානයෙන් ජඩවූ මෝඩ පුතු නිසා ඔවුන් තුළ
ඇතිවන ශෝකය දරාගත නොහැකි තරම් බිහිසුණුය යන ආප්තෝපදේශය....." (අනේ මොට්ට
අමරශක්ති රජතුමා! රජ-මැති-ඇමති පුතාලා මොට්ට වෙන තරමට නේන්නම් වාසියට හිටින්නේ.)
අද ඉන්න
ඇමතිවරු වාගේම අර කට්ටියත් රජ්ජුරුවන්ව වට කරගෙන එක-එක පන්නේ ඇඩ්වයිස් දුන්නා.
එක්කෙනෙක් නම් විෂ්ණු ශර්මන් කියලා බ්‍රාහ්මණ පඬිවරයෙක් ගැන කිව්වා! ඒ අදහස
රජතුමාගේ හිතට වැදුණා. ගෙන්නුවා බමුණු පඬිතුමාව. කිව්වා full story ය.
"මම
කීයටවත් ශාස්ත්‍රය විකුණාගෙන කන කෙනෙක් නෙවෙයි. ඒත් මේ කුමාරවරුන් තුන් දෙනාට මාස
හයකදී නීති ශාස්ත්‍රය ප්‍රගුණ කරවන්න මට පුළුවන්..." බමුණා කිව්වාලු. (ඔන්න
ආයෙම පීලි පනින්නේ නැතිව බැහැ වගේ. වෙනම කාමරේක කුමාරවරුන්ට නීති විභාග ප්‍රශ්න
පත්තරේට උත්තර ලියන්න අවස්ථාව දුන්න නම් ඉවරනේ. පැය දෙක-තුනයි යන්නේ. නෝ ප්‍රොබ්ලම්!
එච්චර මොළයක් ඒ කාටවත් තිබිලා නැහැ. පව් නේ?)
රජතුමා
එකඟ වෙලා. මෝඩ රජ පැටවු තුන් දෙනාට නීති ශාස්තරේ උගන්නන්න තමයි විෂ්ණු ශර්මන්
පඬිතුමා එකකට-එකක් ඈඳුනු කතන්දර මාලාවක්
විදිහට පංච තන්ත්‍රය රචනා කරලා තියෙන්නේ. අද කොහෙන්ද එහෙම පඬිවරු, පන්ඩිලා මිස?
මමත්
මොනවා හරි ලියන්න කියන්න ගියාම පංච තන්තරේ වගේ තමයි. ඉවරයක් නෑ. එහාට-මෙහාට පහුරු-පහුරු
ඇදෙනවා. එතෙනවා- වෙළෙනවා- පැටලෙනවා- මහිතේ උප්පත්තියෙන්ම අරන් ආව හැටි වෙන්නෝන. ඉතින්
ආයුබෝවන්ලා කාල-වේලාව තියෙයි නම්, ඉස්පාසුවක් එහෙම ලබාගන්න ඇහැකි නම්, මෙන්න
ආරාධනා කරනවා, දිගටෝම....
නෝනා
මහතුනි මේ බලන්න - කියවන්න මගෙ කතා
ඕ එන්න!'
හරි එහෙනම් කාලෙක ඉඳල පටන් ගන්න කියල හිටියත් බැරි උන එකේ Better late than never කියල අද ඉඳන් නිදි නැතිව නිදි ගේ පංච තන්තරේ කියවන්නයි ලෑස්තිය.
ReplyDeleteඅර කිව්වත් වගේ කතා දිග නිසා පොප් කොන් බාල්දියක් .. සීතල වතුර වීදුරුවක් ... නැතිනම් වෙන රස්නේ දෙයක් එක්ක කටගැස්මක් ලඟින් තියාගන්න වෙනව :-D
ස්තුතියි කණ්ඩා, කොහොමද වෙලාව හොයාගන්නේ?
Deleteඅදමයි මේක කියෙව්වෙ...
ReplyDeleteඔය පංච තන්ත්‍රය කියන්නෙම බොහොම වටින මැනේජ්මන්ට් උපදේශ තියෙන අත්පොතක්. නිතර නිතර කියවද්දි තමයි ඒකෙ තියෙන උපායමාර්ග ඔලුවට එන්නෙ...
ඒකනේ ඩ්රැකී, මොට්ට; කම්මැලි රජ පුතුන් තුන් දෙනෙකුට රජෙක් වෙන්න දැනගෙන හිටිය යුතු තන්ත්‍ර 5 රසවත් එකම කතාවක් කියා දීලා ඉගැන්නුවා කියනකොටම තේරෙනවනේ පොතේ මහිමය.
ReplyDeleteඔයා හරියටම හරි... 'පංච තන්ත්‍රය' කියවන වාරයක් පාසා තමයි රජ ගැට වැටහෙන්නේ.