හරිම පුදුම අහඹුවක් !
ඒකෙ කතාවටත් පසුබිම්
වෙන්නේ 1960 දශකයේ ඇමරිකාවේ
වෙච්චි දේවල්. මේ දවස්වල මං ලියන්නෙත් ඒ කාලේ ලංකාවේ- මහරගම වෙච්චි දේවල්. ඒ ෆිල්ම් එක හදන්න ගොඩාරියක් study; අධ්‍යයනය කරලා බව ෆිල්ම් එක බලද්දී හොඳට පෙනෙනවා.
එයාලා මහන්සි වුණාම මොකෝ. සල්ලි හම්බ වෙනවානේ.
ඒත් ඒක ලෝ බජට් ෆිල්ම් එකක් කියලයි වාර්තා වෙන්නේ.

මං? මේක ලියන්න කොච්චර
අධ්‍යයනය කරනවාද? අධ්‍යයනය කරනවාට වඩා අවුස්සනවා කිව්වාමයි නිවැරැදි. මොකක් හරි
මතක් වුණාම, ඒක හරියටම හරිද කියා බලන්න හිතෙනවා.
මයෙ ළඟ තියෙන අවුරුදු තිහ-හතළිහ පරණ පත්තර කෑලි, පොත් කඳු පීරන්න වෙනවා. එක්කෝ මතකයටම වද දෙනවා; කරුණු
පෙළ ගස්සවා ගන්න. මුලින් හිතුවාට වඩා අමාරු වුණත්
හිතාදර පාඨක ඔයාලා මේවා කියවන්න තමන්ගේ අගනා කාලය
වැය කරන එකට සාධාරණය ඉටු කරන්න ඕනනේ!

ලෝකයේ දීර්ඝම ලිඛිත
ඉතිහාසය තියෙන්නේ අපටය කියලා අපි පම්පෝරි ගහනවා ඔයාලත් දැකලා ඇති. හැබැයි ඒ වගෙම
ලිඛිත වර්තමානයකුත් අපට තියෙනවාද? එහෙම එකක් ලියන්න ගියොත් අපේ උගතුන් අපක්ෂපාතීව, සත්‍යයම ලියයිද? වාරණ, තහංචි, බාධක වැටෙයි කියන එක නොතකන; ලිවීමේ කොන්තරාත්තුව
අහිමි වෙයි කියලා බයක් නැතිව ඇත්තම ලියන්න පෙළඹෙන
උගත්තු අපේ රටේ ඉන්නවාද? හිටියත් අපේ ලොක්කන් උන්දැලට
එහෙම ලියන්න ඉඩ දෙයිද? එහෙම රටක ප්‍රාදේශීය නගරෙකට
ලිඛිත ඉතිහාසයක් කොහෙන්ද.
ඒවා ගැන හිතනකොට නම්, මමත් කරන්නේ යම් විදියකට ඉතිහාසය ලියා තැබීමක්. මහරගම; බදුල්ල.... බස් එකක් නෙවෙයි! ඉතිහාසයෙන් බිඳුවක්.

ඒවා එහෙමම තියෙද්දෙන්. අද
මං බැලුවේ 'The Shape of Water'. නේත්තරා යුග්මයේ කඳුළු උල්පත් අවදි කරවන එකක්.
කොයි තරම් අහිංසකයන්ගේ ජීවිත වුණත් දේශපාලන බල අරගල නිසා උඩු- යටිකුරු වෙන හැටි දක්වන සංවේදී ආදර කතාවකුත්
මේකේ ගැබ් වෙනවා.
කොයි තරම් අහිංසකයන්ගේ ජීවිත වුණත් දේශපාලන බල අරගල නිසා උඩු- යටිකුරු වෙන හැටි දක්වන සංවේදී ආදර කතාවකුත්
මේකේ ගැබ් වෙනවා.
අපි කාටවත් පවතින
දේශපාලනයෙන් මිදෙන්න පුළුවන්ද?
මේ මිහිතලය මත ඉන්න ඕනෙම
මනුස්සයෙක් තව කෙනෙකුගෙ
හඬින් අහගන්න කැමැතිම වචනේ තමන්ගෙ නමලු.
ඒ වගේමයි අනුන්ගේ අවධානය ලබන්න අපේ ඇති කැමැත්තත්.
හඬින් අහගන්න කැමැතිම වචනේ තමන්ගෙ නමලු.
ඒ වගේමයි අනුන්ගේ අවධානය ලබන්න අපේ ඇති කැමැත්තත්.
එලයිසාත් එහෙමයි.
රුදුරු ලෙස ගොළු කරවනු
ලැබූ, රූමතියක නොවන නිසා
පුරුෂ පහසක් නොලබන, ස්වයං වින්දනයෙන් පමණක් තෘප්තිමත් වීමට සිදුව ඇති ඈ පළමුවරට අවධානය දිනාගන්නේ
භයංකාර, විරූපී, තිරිසනෙකු වැනි විරුද්ධ ලිංගික සත්වයෙකුගෙන්.
'ඔහු මාව දකින්නේ මං විදියටමයි!' අර විරූපී සතාගේ දයාර්ද්‍ර බැල්මෙන් වසඟ වෙන ඇය ගොළු බසින් කියන්නෙ රසික අප සැම
කම්පා කරවමින්. හැටේ දසකයේදී වගේම අදත් අපි හැමෝම වගේ අනෙකා දිහා බලන්නේ පාට කණ්ණාඩි දාගෙනද?

මං චිත්‍රපට පිස්සෙක්,
පුංචි කාලේ ඉඳලාම. අතදරුවා කාලෙදිත්
පිචර් හෝල් එකකදී නිදා ගන්නෙ නැතිව, රිදී තිරයේ නළියන රූපවලට වහවැටිලා බලා ඉන්නවාලු. "අහංකාර ස්ත්‍රී තමයි ඉස්සෙල්ලාම
ඔයාව වඩාගෙන බලන්න ගියේ." අම්මා මට කිව්වා.
පිචර් හෝල් එකකදී නිදා ගන්නෙ නැතිව, රිදී තිරයේ නළියන රූපවලට වහවැටිලා බලා ඉන්නවාලු. "අහංකාර ස්ත්‍රී තමයි ඉස්සෙල්ලාම
ඔයාව වඩාගෙන බලන්න ගියේ." අම්මා මට කිව්වා.
අහංකාර ස්ත්‍රී චිත්‍රපටය
තිරගත වෙලා තියෙන්නේ නිමල් රංජිත්ගේ කුමාරෝත්පත්තියට කලින්. 1954 සැප්තැම්බර් 17
වෙනිදා.
මං උපන්නේ ඔක්තෝබර් 3. අම්මාගෙ කතාවට කාලය ගැළපෙනවා. ෆිල්ම් එකක් ඉස්සෙල්ලම වටයේදී බදුල්ලට දාන්නේ නැති වුණත්, අම්මලා මාවත් වඩාගෙන තමා ඒක බලන්න යන්න ඇත්තේ.
ඒක ලස්සන ෆිල්ම් එකක්. අදටත් ජනප්‍රිය ලෝකය පෙරළෙයි,
හඳ ගලවාලා, ලංකාරෙන් මලක් පිපී- සිංදු තුනමත් ඒකෙයි තියෙන්නේ.

'අතේ කෝට් වෙන බොරු
කියන්නෙපා, හලෝ. අතදරුව කාලෙදි බලාපුවා කාටද මතක.' ඔයාලා මට කියයි. සහතික ඇත්ත.
පහු කාලෙක 'අහංකාර ස්ත්‍රී' මහරගම අනුෂා හෝල් එකට ආවාමයි
මං එයාව බලාගත්තේ. ඒ 'මතකය මට සුවඳයි'.
ඒත් මෙහෙම දේකුත් තියෙනවා.
පහු කාලෙක 'අහංකාර ස්ත්‍රී' මහරගම අනුෂා හෝල් එකට ආවාමයි
මං එයාව බලාගත්තේ. ඒ 'මතකය මට සුවඳයි'.
ඒත් මෙහෙම දේකුත් තියෙනවා.
මා සතුව ඉතා මනහර පොත් තුනක් තියෙනවා.
මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මා සම්පාදනය කළ සිංහල චිත්‍රපට ගීතාවලිය 1, 2, සහ 3.
පළමු පොතේ 1947-1956 අතර තිරගත වූ චිත්‍රපටවල තොරතුරු හා ගීත අඩංගුයි.
57- 61 දෙවැන්න.
තුන්වෙනි එක 62-66.
පොත් තුනම ගොඩගේ ප්‍රකාශන. තුන්වෙනි පොතේ මුලින් 'අධ්‍යාශය සහ අනුමෝදනාව' යටතේ මෙහෙමත් තියෙනවනේ ආයිබොවන්ලා.
'....ගීත පිටපත් කිරීම, සෝදුපත් බැලීමාදියෙන් සහාය වූ නිමල් දිසානායක....'
කාටද හැබෑටම ආඩම්බර?
(මගේ නිමල් දිසානායක නමේ
මෙහෙම ප්‍රශ්නයකුත් තිබෙනවා.
මං දන්න තරමට මගේ නමම තිබෙන තව දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් නම් නඩුකාර උන්නාන්සෙ කෙනෙක්. අනෙකා ගැන හරිහමං තොරතුරක් හම්බුණේ නෑ. එයා නඩු බලවනවාද දන්නෑ. ආයෙ වෙලාවක හොයාගන්න try කරනවා.)

තව තියෙනවා පොතක්, ශ්‍රී
ලාංකේය සිනමා වංශය- කියලා. නුවන් නයනජිත් කුමාර ලියුවේ. සරසවි ප්රකාශනයක්.
ඔය දෙකම මගේ කාල නිර්ණයට
මහෝපකාරී වෙනවා. මහාචාර්යතුමාගේ පොත්වල විස්තර වැඩියි. ඒත් 1947 ඉඳලා 1966 වෙනකල්
විස්තර විතරයි ඒවායේ තියෙන්නේ. නුවන්ගේ පොතේ පින්තුරයක් ඔන්න 'නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්' පෝස්ටුවේ තියෙනවා.
නුවන්ගේ පොතේ අර තරම්
විස්තර නැතත් මෑත යුගය දක්වාම විස්තර ඒකට
අඩංගුයි. පොතේ දොරට වැඩුම තිබුණේ එල්ෆින්ස්ටන් එකේ.
මාත් ගියා ඒකට. මගේ මතකය හරි නම් එදා ඒ දැවැන්ත කෘතිය වික්කේ රුපියල් දෙදාහට. නියම මිල දෙදාස් පන්සීයයි.
මාත් ගියා ඒකට. මගේ මතකය හරි නම් එදා ඒ දැවැන්ත කෘතිය වික්කේ රුපියල් දෙදාහට. නියම මිල දෙදාස් පන්සීයයි.
ඒකට ඇවිත් හිටිය පංචායුද
කුමාරයාත් ගෙඩි සුපියල්වලින්ම සල්ලි දීලා පොතක් ගත්තා. හැබැයි මටත් ඕනෑ නැති
මඟුලක් නැති නිසාද මන්දා
පුංචි ප්‍රශ්නයක් හිතේ කැකෑරෙනවා. උත්තර දන්නා කෙනෙක්
වෙත් නම් දන්වා එවත්වා.
පුංචි ප්‍රශ්නයක් හිතේ කැකෑරෙනවා. උත්තර දන්නා කෙනෙක්
වෙත් නම් දන්වා එවත්වා.
ඊට ටික කාලෙකට පස්සෙයි
පංචායුද කුමාර උන්නැහේ අර කුප්‍රසිද්ධ ප්‍රකාශය කළේ. උන්නැහේට සීගිරිය බලන්න
යන්නවත් වෙලාවක් ලැබිලා නෑ කියලා. එහෙමත් තත්වයක් තියෙද්දී ඩිමයි ¼ සයිස් එකේ
පිටු 768 ක ඒ මහා විශාල පොත ගත්තේ; අනිවා කියවන්න වෙලාවක් තියෙනවාට නම් වෙන්න බෑ. සිංහල සිනමා ඉතිහාසයේ එතුමාට වැඩිය හොඳින් රඟපෑ අය නැති බව හොඳටම තහවුරු කරගන්නවත්ද?
පිටු 768 ක ඒ මහා විශාල පොත ගත්තේ; අනිවා කියවන්න වෙලාවක් තියෙනවාට නම් වෙන්න බෑ. සිංහල සිනමා ඉතිහාසයේ එතුමාට වැඩිය හොඳින් රඟපෑ අය නැති බව හොඳටම තහවුරු කරගන්නවත්ද?
ඔහොම උමතු සිනමාලෝලී මට
අහම්බෙන් 'බයිස්කෝප් සිංහලෙන්' කියන වෙබ් සයිට් එක ගැන දැනගන්න ලැබුණා.
ඒකෙනෙ රජෝ ෆිල්ම්ස් තියෙන්නේ. ඉංගිරිසි ඒවා, විතරක් නෙවෙයි, දෙමළ- හින්දි- ජපන්- කන්නඩ- මලයාලි- චීන- කොරියා.... ඒ මදිවට T.V. සීරීස්. බාගන්න, බලාගන්න වෙලාව තමා නැත්තේ. විශේෂම දේ තමයි ඒවා තියෙන්නේ සිංහල උපසිරැසිත් එක්කම. (මාත් දෙවෙනි භාෂාවක් නිපුණව නොදත් මුග්ධයෙක්.) දැනට මම ඒ සයිට් එකේ ෆිල්ම්ස් 653 ක් නරඹලා තියෙනවා.
සයිට් එකට අවුරුදු නවය පිරුණේ මේ ළඟදී.

අද බැලූ 'සමුදුරු
මූර්තිය' තමයි මගේ හයසිය පනස්තුන්වැන්න.
මොන සමුදුරු මූර්තියක්ද? සයිට් එකේ තියෙන්නෙ
"හැඳිනීමි, ස්වරූපය ප්‍රේමයේ!" කියන හාෆ් ටයිටල් එකත් එක්කනේ. සබ්ස් දුන් හෙළිලි හේමමාලි සොයුරිය හරි සයිට් එකේ
ඇඩ්මින් කෙනෙක් හරි දාන්න ඇත්තේ ඒ නම.
මොන සමුදුරු මූර්තියක්ද? සයිට් එකේ තියෙන්නෙ
"හැඳිනීමි, ස්වරූපය ප්‍රේමයේ!" කියන හාෆ් ටයිටල් එකත් එක්කනේ. සබ්ස් දුන් හෙළිලි හේමමාලි සොයුරිය හරි සයිට් එකේ
ඇඩ්මින් කෙනෙක් හරි දාන්න ඇත්තේ ඒ නම.
මගෙත් තියෙන විගඩම්කමට
හිතුණා ඉංග්‍රීසි ෆිල්ම් එකේ නමම කියවෙන හුදු හෙළු නමක් දාන්න. ඒකත් 'හෙළුව වනන්නෝ
පකට පුඟුලෝය'
වගේ වෙයි කියන බයට ශබ්ද කෝෂත් ළඟට ගත්තා.
වගේ වෙයි කියන බයට ශබ්ද කෝෂත් ළඟට ගත්තා.
ෂේප් - shape වචනයට මලලසේකර
ශබ්ද කෝෂයේ දීලා තියෙන අරුත් බැලුවා. හැඩය; රූපය; ආකාරය; අන්දම; ආදර්ශය; මූර්තිය;
පුඩිං භාජනය වශයෙන් තේරුම් හතයි.
water කියන්නේ වතුරනේ.
එතකොට 'වතුරේ හැඩය'
නැත්තම් 'ජලයේ හැඩය'...ජලයේ ස්වභාවය. චෙඃ ඒ මොන ජරාවක්ද... එහෙම නම් 'උදකයේ
ස්වභාවය'.
වෙන්න බෑ. ඊටත් ඒක කර්කශයි වගේ. මේක ඇතුළේ අනිවාර්යයෙන්ම ඊට වැඩි දෙයක් තියෙන හින්දා ගීතවත් නමක් ඕනේ.
වෙන්න බෑ. ඊටත් ඒක කර්කශයි වගේ. මේක ඇතුළේ අනිවාර්යයෙන්ම ඊට වැඩි දෙයක් තියෙන හින්දා ගීතවත් නමක් ඕනේ.
ගාය වැඩිකමටම මං සිරි
තිලකසිරි වියතාණන් සම්පාදනය කළ
'නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂයේ' වතුර- ජලය- උදක
වචන තුනම හෙව්වා. 'තට්ටු කළාමලු දොරක් ඇරෙන්නේ -
ඇඬු ඇඬු තරමට කිරිත් එරෙන්නේ' කියලා'වස්තුව' ෆිල්ම් එකේ
ගීයකිනුත් කියන්නේ. මේං බඩු!
'නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂයේ' වතුර- ජලය- උදක
වචන තුනම හෙව්වා. 'තට්ටු කළාමලු දොරක් ඇරෙන්නේ -
ඇඬු ඇඬු තරමට කිරිත් එරෙන්නේ' කියලා'වස්තුව' ෆිල්ම් එකේ
ගීයකිනුත් කියන්නේ. මේං බඩු!
උදක යටතේ මෙහෙම තිබෙනවා.
ජලය, දිය, සමුද්‍රය, මුහුද; රාග විශේෂයක්; පුවසල නැකත.
ෆිල්ම් එකන් කියවෙන
කතාවට අනුකුලව මම නම් ඒකට දෙන සිංහල නම 'සමුදුරු මූර්තිය'. නම අර්ථාන්විතද කියලා
ෆිල්ම් එක බලලාම කියන්නකෝ.
රූමතිය හා තිරිසනා කතාවට
නව අරුතක් දෙනවා වගේ මේකේ කතාව.
හැබැයි, එලයිසා වෙනස්. සිත් පැහැරගන්නා රූප සෝභාවක් නැති; දුප්පත්; අහිංසක; ගොළු කන්‍යාවියක් වන ඇයට ප්‍රේමය අකැපද?
හැබැයි, එලයිසා වෙනස්. සිත් පැහැරගන්නා රූප සෝභාවක් නැති; දුප්පත්; අහිංසක; ගොළු කන්‍යාවියක් වන ඇයට ප්‍රේමය අකැපද?
කෙනෙකුගේ මූලික අවශ්‍යතා
තව කෙනෙකුට පවසන්නට; අඟවන්නට භාෂාවක් අවශ්‍යද? බලයට වඩා ආදරය කෙතරම් බලවන්තද? තම
ජීවිතය පවා අනතුරේ දමා ගනිමින් වුව, සැබෑ ප්‍රේමයට ආසිරි පතන්නට; සහාය වන්නට අවස්ථාවක්
ලදොත් ඔබත් ඊට මැළි වෙනවාද? මෙවැනි ප්‍රශ්න ගණනාවක් ෆිල්ම් එක බලද්දී ඔබෙන් අහනවා
වගේ ඔබටම දැනෙයි.
මේ වතාවේ ඔස්කාර් සම්මාන
උළෙලේදී මේ ෆිල්ම් එකට සම්මාන තුනක්ම හිමිවෙලා. හොඳම සංගීතය, හොඳම අධ්‍යක්ෂණය සහ
හොඳම චිත්‍රපටය යනුවෙන්.
මෙවර (අපේ මාමා ඔස්කාර් වගේ නිසා නම් ලද) ඔස්කාර් සම්මාන සඳහා ෆිල්ම්ස් නවයක් නිර්දේශ වුණා. Call Me by Your Name, Darkest Hour, Dunkirk, Get Out, Phantom Thread, The Post, The Shape of Water,
Lady Bird හා Three Billboards Outside Ebbing Missouri. ඒවායින් අටකටම බයිස්කෝප් සිංහලෙන් අඩවිය උපසිරැසි දීල තියෙනවා. සහසුද්දෙටම ඒක කියන්නේ මං ඩවුන්ලෝඩ් කරගෙන තියෙන එකතුව පිරික්සලා. පස්සේ හොයලා බලන්න ඕනේ 'ද පෝස්ට්' එකටත් සබ්ස් දීලද කියලා. මොන පස්සක්ද. ඔන්න මේක නවත්තලා ඒක හොයන්න යනවා. මඤ්ඤං පොරක් නේද?
දීලා, දීලා. මාර්තු මුල!
මට මගෑරිලා. සේරම තියෙද්දී ඒකත් බාගන්න ගත්තා.
අර නිර්දේශිත නවයෙන් 'ගෙට් අවුට්' චිත්‍රපටයත් බලලා ඉවරයි. ඒකත් සුපිරි!
උමතු සල රූ රසිකයෙක්
විදියට මගෙ යුතුකමක් මේ ඉටු කළේ. බයිස්කෝප් සිංහලෙන් සයිට් එකට.
උඩ ටිකෙන් තේරෙනවා ඇතිනේ
බයිස්කෝප් එකේ වත්-පොහොසත්කම. ඉස්සර මිනිසුන්ගේ යෙදුමක්! එහෙම කිව්වේ මිල-මුදල්-භෞතික
සම්පත්වලින් වගෙම දැනුමෙන්, කීර්තියෙන්, යසසින්, ගෞරවයෙන් සපිරි අයට. සල්ලි බාගේ
තිබුණත් හැදියාවක්, ශික්ෂණයක් නැති අයට කිව්වේ පෝ-සතා කියලනේ.
උඹත් මදි නොකියන්නම
බයිස්කෝප්ලට කඩේ යනවා නේද ඕගොල්ලෝ කියාවි!
මේකයි ඇත්තම තත්වේ.
තවමත් මං ඒකේ කා එක්කවත් පුද්ගලිකව කතා කරලා නෑ. ඊමේල්වලින්වත්. එකම දේ මං බලන හැම
ෆිල්ම් එකක් ගැනම කොමෙන්ට් එකක් දානවා. හැම ෆිල්ම් එකක් වෙනුවෙන්ම රුපියල් දහයක චූටි
මුදලක් යවනවා, සයිට් එක පවත්වාගෙන යන්න උදව්වක් වෙන්න.
අසනීප නිසා වැඩි හරියක්
ගෙදරටම කොටුවෙලා ඉන්න මට මේ සයිට් එක ඇත්තටම මහෝපකාරයක්. ඒ වගේම රසික ප්‍රජාවටත්.
එයාලා ඔව්වා කරන්නේ ඇම්මට වගේ! සබ්ස් කරන අය 99% ක්ම යව්වනයෝ වගේ....දන්නවනේ, එහෙම අයට ගාය වැඩියි, විසේ වැඩියි. ලෝබකම, තණ්හාව, සල්ලි මත්තෙම නැහෙන ගතිය අඩුයි....
මම තදින්ම විශ්වාස කරනවා
ෆිල්ම් එකක් බලලා, පොතක් පතක් කියවලා, නාට්‍යයක් නරඹලා, ගීයක් අහලා රසයක් ලබන
කෙනෙක්
තව කෙනෙකුට රිදවන්න කලින් දෙපාරක් හිතනවයි කියලා.
අද අපට- විශේෂයෙන්ම අපේ රටට ඕනෑකරලා තියෙන්නේ
එහෙම සංවේදී මිනිස්සු.
තව කෙනෙකුට රිදවන්න කලින් දෙපාරක් හිතනවයි කියලා.
අද අපට- විශේෂයෙන්ම අපේ රටට ඕනෑකරලා තියෙන්නේ
එහෙම සංවේදී මිනිස්සු.
ගිය සතියේ අවසන් වුණු 'සහෝදරයා'
ටෙලි නාට්‍යයේ අජන්ත
මෙහෙම කියනවා. රජීවගෙ අම්මට. (අම්මා ඩිමෙන්ෂියා රෝගියෙක් හින්දා සතිය තියෙන්නේ වෙලාවකට විතරයි. ඒත් අහගෙන ඉන්නවා. අජන්තට ඕනේ කාටම හරි කියලා හිත නිදහස් කර ගන්න.
භාව විරේචනයක් කරගන්න! අපි හුඟ දෙනෙක් අහං ඉන්න ලෑස්ති නෑ. කියවන්න මිසක්. ඒත් දැඩි මානසික ආතතියකින් ඉන්න අජන්තට අම්මාගෙ අසිහිය ගැනවත් සිහියක් නෑ.)

"එක්කො මම දිනුවා. නැත්තං
ඔයාගෙ පුතා මට දිනන්න දුන්නා.
මොකද ඌ දන්නව අපි ඉපදෙනකොටම පැරදුණු මිනිස්සු කියලා.
හැබැයි මේ පාර ඔයාගෙ පුතා දිනුම්. ඌ නැවත කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කියල දැන-දැනත් මේ රටට ආදරය කළා. තේරුමක් නෑ කියල
අපි හැමෝම කියද්දිත් ඌ උත්සාහ කළා. මැරුණට පස්සෙත් ඌ ජීවත් වුණා.මේ මනුස්ස ජීවිතේ ඊට වඩා තව මොනවා දිනාගන්නද?"
නාමල් ජයසිංහගේ පිටපත් රචනය ගැනයි, අධ්‍යක්ෂණය ගැනයි, රොෂාන් රවීන්ද්‍රගේ රඟපෑම් ගැනයි මෙතන ලියන්නැත්තේ වෙනම ලියන්න වටින නිසා.

දැක්කද? බැලුවද?
නැතිනම්, ප්ලීස් 'සහෝදරයා' - 38 වැනි එපිසෝඩ් එකේ මුල් විනාඩි හයවත් බලන්න!
ඉංග්‍රීසි චිත්‍රපට හා කරට-කර හිටින්න පුළුවන් ටෙලි නාට්‍ය වුණත් අපෙත් තියෙනවා කියලා මොර දීලා, නිර්භයවම කියන්න හැකියි 'සහෝදරයා' නිසා. මේකත් හොඳටම හෘදය සංවේදීයි!
ඉංග්‍රීසි චිත්‍රපට හා කරට-කර හිටින්න පුළුවන් ටෙලි නාට්‍ය වුණත් අපෙත් තියෙනවා කියලා මොර දීලා, නිර්භයවම කියන්න හැකියි 'සහෝදරයා' නිසා. මේකත් හොඳටම හෘදය සංවේදීයි!
අපේ සංවේදීකම අඩු හින්දා
රිය අනතුරක් වුණු වෙලාවක වුණත් ඒ පසුබිමේ ඉඳගෙන සෙල්ෆි ගහනවා. කලබල අවස්ථාවක කිසිම
පැකිළීමක් නැතිව ජන්මය හරි ජාතිය හරි ඉස්සරහට දමාගෙන කොල්ල කනවා; මිනී මරණවා. එහෙම
අයව නෙවෙයි, හිතේ තෙතමනය ඇති මිනිසුන්ව හැදෙන්න නම් මනුස්සකම උතුරා යන මෙවන් කලා නිර්මාණ
වැඩි-වැඩියෙන් බලන්නට වාසනාව උදා වේවා. ඒ සඳහා අපේ සිත්
නැඹුරු වේවා!
ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කාට-කාට හෝ උගුල් ඇටවීම; වින කැටීම වැනිදේ නිරන්තරයෙන් පෙන්නන හරසුන් මෙගා ටෙලි නාටක අපට එපාම-එපා වන්නට මෙවන් කලා කෘති හේතු වාසනා වේවා!
නැඹුරු වේවා!
ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කාට-කාට හෝ උගුල් ඇටවීම; වින කැටීම වැනිදේ නිරන්තරයෙන් පෙන්නන හරසුන් මෙගා ටෙලි නාටක අපට එපාම-එපා වන්නට මෙවන් කලා කෘති හේතු වාසනා වේවා!
ඉතින්, සමුදුරු මූර්තිය තවම
නරඹලා නැති නම් බලලා ඉමුද
සේරටම කලින්!
සේරටම කලින්!
Interesting . I am eagerly waiting to read Poson Drama Sama Jathakay !!!
ReplyDeleteඔය කියන සමුදුර මුර්තියයි , "සහෝදරයා" ටෙලි නාට්‍යයයි දෙකම බැලුව. Shape of Water කාලෙකට පස්සෙ බලාපු අමුතුම ආරක Scify කතාවක්, සහෝදරයා ආයෙත් එක දිගට කන්නෙ බොන්නෙ නැතිව පැය ගානක් යූ බටේ එල්ලීගෙන බලන්න පුළුවන් සිංහල ටෙලි නාට්‍යත් තියෙනවා කියල ඔප්පු කරා. "තාත්තා" ටෙලි නාට්‍යයත් ඒ වගේ ... මේ දෙක බලන අතර හාමිනේ ටිෂූ පෙට්ටියක්ම ඉවර කරා ... !
ReplyDeleteකණ්ඩා. ගොළු තාත්තා, අප්පච්චි එහෙමත් ෂෝක්!
Delete