හුඟක් අය කියන්නේ එහෙමයි. ඒත් මං ඔයාලට කියන්නේ ආයුබෝවන් කියලයි. ආයුබෝවන් කියන්නේ සුපැතුමක්. ආයු බෝ වේවා!
ඔය වගේම
කතාවක් තමයි 'morning' කියන්නෙත්. හැමදාම උදේට මේ ඉල්ලන්කාවේම කී ලක්ෂයක් දෙනා
මෝර්නින් කියනවාද? ඇයි good කෑල්ල හළන්නේ? කම්මැළිකමටද... සුබ උදෑසනක් වෙනවාට
අකැමැත්තෙන්ද?
මං
දැනටමත් 'සමුදුරු මූර්තිය' කියලා ලිපියක් කොටලායි තියෙන්නේ 'රස මිහිරි කතා' එකට.
ඒත් හරි වැඩක්නේ වෙලා තියෙන්නේ. මට ලොකු වැරදීමක් වෙලා. තවම කාටවත් ඒක අහුවෙලා නම්
නෑ. ඒත් වැරැද්ද පිළිගන්න එපැයි. මෙන්න එහෙනම්.......
'නීල
බිඟු කැල' ලිපියේ මං වහන්සේ මෙහෙම ලියා තිබ්බා, හරකා වගේ.
"කේ. වෙන්කට් මහත්මයා අපූරු සිනමා සිත්තමක් අධ්‍යක්ෂණය
කරලා දායාද කළා, ඒ කතාව පදනම් කරගෙන. 78 අවුරුද්දේ. නම 'සිරිපතුල'. අදටත් නිතර
ඇහෙන 'සිනහවෙන් හෝ කතාවෙන් හෝ..' ගීතය තිබුණේ ඒ ෆිල්ම් එකේ."
ඒ කතාවේ කොටසක් ඉන්තේරුවෙන්ම වැරැදියි. ඒක මෙහෙම
නිවැරැදි වෙන්න ඕනේ.
"......අදටත් නිතර ඇහෙන 'සිනහවෙන් හෝ කතාවෙන් හෝ..'
ගීතය තිබුණේත් වෙන්කට් මහත්මයාම අධ්‍යක්ෂණය කළ 'දමයන්ති' චිත්‍රපටයේ. ඒක තිරගත
වුණේ 1975 සැප්තැම්බර් 11."
වැරැද්ද නිවැරැදි
කළා ඕං!
සමාවත් අයදිනවා. වැරදි තොරතුරක් සමාජගත කළාම සිදුවෙන හානිය කොච්චර බරපතළද? ඒ බව හොඳටම දන්නා නිසා තමා මුදුන නවලා සමාව ඉල්ලන්නේ.
සමාවත් අයදිනවා. වැරදි තොරතුරක් සමාජගත කළාම සිදුවෙන හානිය කොච්චර බරපතළද? ඒ බව හොඳටම දන්නා නිසා තමා මුදුන නවලා සමාව ඉල්ලන්නේ.
දමයන්තිවත් අමතක කරන්නම බැහැ. ඒ නම ඇහෙනකොටම
සිහියට එන්නේ කරුණාසේන ජයලත් සූරීන්ගේ 'ගොළු හදවත'.
තුරුණු හදවත් පැහැර ගත් නවකතාව.
ඊළඟට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාකරුවාණන්ගේ චිත්‍රපටය.
ඒක; ඒ කිව්වේ නවකතාව, ලියැවිලා තියෙන්නේ හැබෑ අත්දැකීමක් මත. ත්‍රිකෝණ ප්‍රේම කතාවක්. මට අහම්බෙන් මුණ ගැහුණා අනෙක් ප්‍රේමවන්තයා. එයාගේ මාර්ගයෙන් හැබෑ දමයන්තිත්. ඒගොල්ලන්ව රටට හඳුන්වා දෙන්නට මං මුල්වූ හැටි වෙනමම කියන්න තරම් දිග කතාවක්. ඒ නිසා මෙන්න දමයන්ති ෆිලුමට යනවා ආපහු.
නුවන් නයනජිත් කුමාරගේ "ශ්‍රී ලාංකේය සිනමා වංශය" කෘතියට අනුව නම් දමයන්ති 315 වැනි චිත්‍රපටයයි. එයා නිහඬ ෆිල්ම්ස් දෙකකුත් ගණන් ගන්නවා.
සිහියට එන්නේ කරුණාසේන ජයලත් සූරීන්ගේ 'ගොළු හදවත'.
තුරුණු හදවත් පැහැර ගත් නවකතාව.
ඊළඟට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාකරුවාණන්ගේ චිත්‍රපටය.
ඒක; ඒ කිව්වේ නවකතාව, ලියැවිලා තියෙන්නේ හැබෑ අත්දැකීමක් මත. ත්‍රිකෝණ ප්‍රේම කතාවක්. මට අහම්බෙන් මුණ ගැහුණා අනෙක් ප්‍රේමවන්තයා. එයාගේ මාර්ගයෙන් හැබෑ දමයන්තිත්. ඒගොල්ලන්ව රටට හඳුන්වා දෙන්නට මං මුල්වූ හැටි වෙනමම කියන්න තරම් දිග කතාවක්. ඒ නිසා මෙන්න දමයන්ති ෆිලුමට යනවා ආපහු.
නුවන් නයනජිත් කුමාරගේ "ශ්‍රී ලාංකේය සිනමා වංශය" කෘතියට අනුව නම් දමයන්ති 315 වැනි චිත්‍රපටයයි. එයා නිහඬ ෆිල්ම්ස් දෙකකුත් ගණන් ගන්නවා.
ඒ අනුව 'රාජකීය වික්‍රමය' තමයි පළමුවෙනි ෆිලුම. 1925
සිදුවුණු ඒ වික්‍රමයේ ප්‍රධාන නළුවා පසුව ප්‍රසිද්ධ දේශපාලන නායකයෙක් වූ ඇන්. ඇම්.
පෙරේරා මහතායි. එතුමා මුදල් ඇමතිවරයෙක් ලෙසත් කටයුතු කළා. 'පුදුම මොළයක් තියෙන
මනුස්සයෙක්. -එක සැරේ ටෙලිෆෝන් එකෙන් කතා කර-කර ලියුමක් ලියන්නත් පුළුවන්ලුනේ.
-නිකන්ද ඩබල් ඩොක්ටර්කමක් ගන්න ඇහැක්වෙලා තියෙන්නේ....' වගේ දේවල් ගණනාවක් ඒ
දවස්වල මටත් ඇහිලා තියෙනවා. ඒත් ඒවායෙ හැබෑ-බොරු අහගන්නේ කාගෙන්ද? ටක්කෙටම දන්නවා
නම් කියලා එවනවාද, තරහ නැතිව.
දෙවෙනි චිත්‍රපටය 'පළිගැනීම' 1936 අවුරුද්දෙයි නිපදවලා
තිබෙන්නේ.
එහෙම බලද්දී 'කඩවුණු පොරොන්දුව'ට ලැබෙන්නේ තුන්වැන්න
වීමේ ගෞරවයයි.
ආර්. වී. ජයසූරිය; පොඩි මාමේ ඔයා කොහෙද? අසූගණන්වලින්
පස්සේ ඔයා අතුරුදහන් වුණා. දන්නවාද, දැන් ඔයාගේ පුතෙක් ලොකු ටියුෂන් මාස්ටර්
කෙනෙක්. හරි සරුයි. මතකද අපි දෙන්නා ගම්සභා හන්දියේ තිබුණු 'ලැවිනියා හෝල්' එකේ
'දමයන්ති' බැලුවා. රෑ නයින් තර්ටි ෂෝ එක. ඇයි මනුස්සයෝ, ෆිල්ම් එක ඉවර වෙද්දී වරායේ
මිනිස්සු වැඩ ඇරිලා එන රෑ බස් එක ගිහිල්ලා තිබ්බ හින්දා අපි මහරගමටම පයින් ගෑටුවේ
එදානේ.
දැන් ලැවිනියා එකත් නෑ, පොඩි මාමාත් නෑ!
පවු සුමිත්‍රා! දුකත් හිතෙනවා.
දැන් ලැවිනියා එකත් නෑ, පොඩි මාමාත් නෑ!
පවු සුමිත්‍රා! දුකත් හිතෙනවා.
බතික් වැඩපොළේ ළමයි ගොඩකුයි, ඔයාලයි ඔක්කොම මං සිරිපාදේ
එක්ක ගියේ වෙනදා වගේමයි. කාවවත් ජෝඩු කරවන්න නෙවෙයිනේ. ඒත් අනංගයා හිටු කියලා වැඩේ
දුන්නනේ. ඒ ගමනේදී බන්දුයි, ස්ටැන්ලියි, ඔයයි තුන් දෙනාම කහසාරියෝ හොයා ගත්තා. අද
වාගේ සුමානෙක දෙකක 'යස ආදර අන්දර' නෙවෙයිනේ. ඒ ගමනින් සෙට් වුණු ජෝඩු තුනම කසාදත්
බැඳලා දරු-මල්ලොත් හැදුවා. ඒත් අන්තිමට ඔයාට විතරක් මොකද වුණේ කියලා දන්නා කවුරුවත්ම
නෑ!
අපරාදේ කියන්න බෑ. සුමිත්‍රා දත කාලා දරුවෝ හදා ගත්තා. මේවා
දැක්කොත් හෙම රංජි පුතාට කතා නොකර ඉන්න එපා.
මදැයි, මගේ වැරැද්දක් කියන්න ගිහින් නන්නත්තාර වෙච්චි
තරම.
ඔන්න පුතෝ කවුරු-කවුරු හරි තරහ ගනීවිදෝ කියලා නොතකා තව
වැරැදි දෙකක් කියන්නයි යන්නේ. මේ මං යවාපු ඊ මේල් එකක්. ජනවාරි 13 යැව්වේ.
"…..
කතුතුමා වෙතටයි.
ප්‍රිය
මැතිතුමනි,
2017.12.28
වැනිදා පුවත්පතේ කවරයේ කැලැන්ඩරය ලොකුම වැරැද්දක් සහිතය.
මාර්තු
31 සිකුරාදාවකි. අප්‍රේල් 1 ඉරිදාවකි. සිකුරාදාට පසු එළඹෙන සෙනසුරාදාවක් නොමැත්තේ
ඇයි?
මම
ආරම්භයේ සිටම ….. කියවන එහි රසිකයෙක්මි.
එහෙත්
මෑතක සිට එහි බොහෝ ලිපිවල සිංහල භාෂාව බාලාංශ සිංහලෙනි ලියැවෙන්නේ.
සමහර
තැනෙක උක්තාඛ්‍යාතය පවා වැරදිය. අක්ෂර වින්‍යාසය ගැනත් කිව යුත්තේ එබඳුම දෙයකි.
සිංහල
බස උගන්නට ලේක්හවුසියේ පත්තර කියෙවූ යුගය නිමාවෙමින් පවතින්නේදැයි දුකකි.
ස්තුතියි. "
මගේම අහේතුවට වගේ අද වෙනකල් උත්තරයක් නෑ!
රට- ජාතිය- ආගම වෙනුවෙන්ම කැපවෙලා ඉන්න දිවයිනේ පැතිරුණු පත්තරයක
කතුවැකියෙම වැරැදි තොගයක් පෙන්නලා යවපු ලියුමකටත් වුණේ ඒකමයි. ඒ නිසයි මේක මෙතන
ලියන්නේ. මං හිතන්නේ එහෙම යවන ලියුම්වලට ප්‍රතිචාර දක්වන්න තරම්වත් එයාලට ඉස්පාසු
නැතිව ඇති. දෙවෙනි පත්තරය තවමත් එහෙමයි, හුඟක් අනෙක් ඒවා වගේම තවමත් සිංහල කනවා;
ජාති(ක)වාදයත් අවුස්සන ගමන්. මාත් ඇරියේ නෑ. අත්හැරියා ඒ පත්තරේ ගැනිල්ල.
පළමු වංගියෙන්ම මං කියාපු එකක් වැරැදිලා තිබුණු හින්දම තවත් දෙයක්
වැරැදියිද කියලා මටම හිතුණු නිසයි මේ කාරණාවත් හොඳට හෙව්වේ.
ලිපිය තිබ්බෙ 2018 මාර්තු 22 සරසවිය පත්තරේ. 10, 19 පිටු දෙකේ. 'සිසු
සිසුවියන්ගේ දක්ෂතා කලඑළියට ගේනවා' මාතෘකාවෙන්. ලියලා තියෙන්නේ ලේඛිකාවක්; හේමාලි
විජේරත්න.
හේමාලි ලස්සණට ලියන කෙනෙක්. ඒත් මොන කරුමෙකටද මන්දා ඈ ලොකු වැරැද්දක් කරගෙන; මෙහෙම ලිවීමෙන්.
ඒකෙ අයිතිය ඇයට ලියා දීම බරපතළ වරදක්. මං හිතුවෙම මට වැරදිලා කියලයි....
නෑනේ. මං හරි. 'මීන සංහාරයේ' මම ලියලා තිබ්බ එක සහේතුකයි. 'අකලට...' ගීය ගැයුවේ
නිරංජලා සරෝජිනී. අපි හේමාලිගෙ වරදට සමාව දෙමු, නේද?
"අම්මෝ, එහෙම වැරැද්දක් වෙලා නම් මඟුල් මේසේ පෙරළනවා, මං දැකලත්
තියෙනවා එහෙම කරපු වෙලාවක්." මට මතක් වුණේ අපේ ආච්චි කියාපු කතාවක්. වරදට
සමාව නොදෙන මංගල චාරිත්තර ගැන.
"කසාදයක් බැඳලා දෙනකම් ගෑනු ළමයෙක් බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. ගුණ
ධර්ම ආරස්සා කරගෙන, විලිබිය ඇතුව හැදෙන්න ඕනේ. පතිවුර්තාව රැකගන්න ඕනේ. පිරිසුදුව ඉන්න ඕනේ."
දැන් නම් පීලි නොපැනම බෑ.
පතිවතේ කතාවත් හුඟ දෙනෙක් වරද්දා ගන්න එකක්. වෙන කෙනෙක් තියා කරුණාරත්න අබේසේකර සූරීන් වගේ කෙනෙකුත්?
1956 දී ආව 'ඩිංගිරි මැණිකා' චිත්‍රපටයේ තියෙනවා ලතා ගයන ඉතාම සුමිහිරි ගීයක්. 'මාව හංගා වනේ'. එ්කෙනුයි මේ උපුටා ගන්නේ.
පතිවතේ කතාවත් හුඟ දෙනෙක් වරද්දා ගන්න එකක්. වෙන කෙනෙක් තියා කරුණාරත්න අබේසේකර සූරීන් වගේ කෙනෙකුත්?
1956 දී ආව 'ඩිංගිරි මැණිකා' චිත්‍රපටයේ තියෙනවා ලතා ගයන ඉතාම සුමිහිරි ගීයක්. 'මාව හංගා වනේ'. එ්කෙනුයි මේ උපුටා ගන්නේ.
".....රාජ කිරුළත් එපා ඔබව නොලැබී පණේ
මාගේ පති දම් පුරා මැරෙමි මැරුණත් අනේ...."
ඩිංගිරි මැණිකාව පැහැරගෙන යන්නේ රන් බණ්ඩාර එක්ක විවාහ වෙන්න කලින්. ඊට
පස්සෙනේ දෙන්නා පති-පතිනි වෙන්නේ. දැන් කවුරු හරි අසාවි එතකොට පොතේ ලියලා කසාද බඳින
වික්ටෝරියානු නීති එන්න ඉස්සෙල්ලා මොකද්ද කසාද බඳින්න තිබ්බ ක්‍රමේ කියලා.
ක්‍රම එකක් නෙවෙයි දෙකක්ම තිබුණලු.
එක- ඒ ඒ කාලයේ ජන සම්මත ක්‍රමවලට අනුව, හැංගි-හොරා නෙවෙයි එළිපිට කෙරුණු
කසාද.
දෙක- කොල්ලයි කෙල්ලයි දෙන්නා, එහෙමත් නැත්නම් ගෑනියි මිනිහයි දෙන්නා කාටත්
හොරෙන්, ලිංගිකව එක්වෙලා කරගන්න කසාදෙ. ඒකට සාක්කිකාරයෝ වෙන්නේ ඉර-හඳ-තරු,
දෙවියන්- ගහකොළ වගේ දේවල්. ඕක සකුන්තලාවෙ තියෙන්නේ දුෂ්මන්ත සකුන්තලාව ගාන්ධර්ව
විවාහෙන් බැඳගත්ත කියලයි. ජාතක පොතේ කට්ඨාරි ජාතකයෙත් එහෙමයි. අදත් එක දවසකදී
'රූම්ස්වල' ඔය ගාන්ධර්ව කසාද අනන්තවත් වෙන්නේ.
"ලතා මඬුල්ලක් කතා කරනවා සෙවණට එන්න කියා - මේ මල් උද්‍යානේ - නවතිමු
හැන්දෑවේ" (එඩ්වඩ් ජයකොඩි) ආවේගශීලි තරුණයෙක් කාමාතුරව ගයනවා.
"වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා බෑ නවතින්න කියා - මේ මල් උද්‍යානේ - වෙන්වෙමු රෑ බෝවේ" (චන්ද්‍රානි
ගුණවර්ධන) ආසයි- බයයි වරිගයේ තරුණිය ඔහුගේ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නේ උපක්‍රමශීලිව.
සමන් චන්ද්‍රනාත් වීරසිංහ ෂුවර් එකටම ගාන්ධර්ව විවාහ ගැන දන්නවා. දැන් කාලේ
ලව් ගැනත් දන්නවා වෙන්න ඕනේ. ඒකයි මෙච්චර අපූරුවට සිංදුවේ පද රචනා කරන්න පුළුවන්
වෙලා තියෙන්නේ. අපරාදේ කියන්න බෑ සංගීතඥ සරත් ද අල්විස්ගේ දායකත්වයත්....
ඇයි 'කස්තුරි සුවඳ'. ඒකෙත් බලහත්කාරයෙන් කෙරුණු ගාන්ධර්ව කසාදයක් නිසානේ අවසානය නොසිතූ එකක් වෙන්නේ. මට චරිතවල නම් ඔක්කොම මතක නැති නිසයි නළු-නිළි
නම්වලින් මේ ටික කොටන්නේ. ඒකට සමාවෙන්න ඕනේ මහත්තැන්ලා,නෝනලා කවුරුත්.
ලයනල් දැරණියගල මාලිනී ෆොන්සේකා (කාංචනා) ව උස්සාගෙන ගිහිල්ලා, බලහත්කාරයෙන්ම ගාන්ධර්ව විවාහෙන් මුද්‍රා (seal) තියාපුවම (ඒකට කියන්නේ සීල් කඩනවා කියලද මන්දා.) ඒ ක්‍රමේ පිළිගන්න හින්දනේ ගාමිණීට හිස් අතින් එන්න වෙන්නේ.
ආච්චි ඕවා කියන කාලෙදී මං වයසට වඩා පැහිලයි හිටියේ. ඒත් ඒවා ප්‍රසිද්ද කරන්නයැ?
අද නම් කොම්පියුටරේට අත තියාපු නැකත මහා පදරංග ජාතකේ ලියැවුණු නැකත
වෙන්නැති. බලමු ආයෙම පතිදම්වලට ගිහින්.
ලයනල් දැරණියගල මාලිනී ෆොන්සේකා (කාංචනා) ව උස්සාගෙන ගිහිල්ලා, බලහත්කාරයෙන්ම ගාන්ධර්ව විවාහෙන් මුද්‍රා (seal) තියාපුවම (ඒකට කියන්නේ සීල් කඩනවා කියලද මන්දා.) ඒ ක්‍රමේ පිළිගන්න හින්දනේ ගාමිණීට හිස් අතින් එන්න වෙන්නේ.
ආච්චි ඕවා කියන කාලෙදී මං වයසට වඩා පැහිලයි හිටියේ. ඒත් ඒවා ප්‍රසිද්ද කරන්නයැ?
පත-පොත ලිව්වේ පුරුෂ පක්ෂයේ අය නිසාම වෙන්න ඕනේ, කාන්තා පාර්ශ්වයට ලොකු
අගතියක් වෙලා. කවුද පතිනි වතක් ගැන ලියා-කියා තියෙන භවතා? කුමරි බඹසර ගැන
උළුප්පන්නේ කුමර බඹසර කියලා එකක් නැතුවාටමද?
විවාහ වෙන්න කලින් නොඉඳුල් පුරුෂයෙක් කුමර බඹසර රකින්නෙක්. නොඉඳුල් ස්ත්‍රිය
රැක තියෙන්නේ කුමරි බඹසර. බිරිඳක් තම එකම ස්වාමියා වෙනුවෙන් පතිවත රකිනවා. සැමියා
නම් පතිනිවත!
ඔය ඔක්කෝම මට නම් සාහිත්‍යමය දේවල් විතරයි, හොඳේ. ඊට වැඩිය කියන්නැත්තේ
අසභ්‍ය දේවල් කිව්වා කියලා සෝලි වැටෙයි කියන සැකයට.
කාරණා පෙළ ගැහෙන්නෙ ඔය විදියට නම් ඩිංගිරි මැණිකා 'රකින්නම්' කියන්න ඕනේ
පතිවත නෙවෙයි නේද? ගීයේ මාත්‍රා ගණන අනුව නම් 'මාගෙ පති දම්' වෙනුවට 'කුමරි බඹසර'
කියලා දාන්නත් තිබුණා. ඒත් ඒක පෙන්නා දෙන්න ඔය දවස්වල මං වගේ බක පණ්ඩිතයෙක් ඉන්න
නැතිව ඇති!
ඉතින් මට වුණත් අපේ ආච්චිගෙ කතාවට විරුද්ද වෙන්න බැරි වුණානේ. විරුද්ද වුණා
නම් කතාව කොලොස්. ඒ වෙනුවට මං හූමිටි තිබ්බා.....
එතකොට ආච්චිට තව-තව පණ එනවා.
"මනමාලිව කැන්දාගෙන යනකොට රෙදි නැන්දත් යනවාමයි. පහුවදා උදේට
මනමාලයාගේ අම්මයි, රෙදි නැන්දයි එකතුවෙලා තමයි කෙල්ල බොහෝම පිරිසුදුවට හිටියද
කියලා කියන්නේ...."
"ගමටම."
අද වාගේ නම් මං අහයි ප්‍රශ්නයක්. "ආච්චියෙ, පිරිසිදුව ඉන්න මොන සබන්ද ගාලා නාන්න ඕනේ?" ඒ වෙනුවට එදා මං ඇහුවේ වෙන එකක්. "..... කාටද ආච්චියෙ කියන්නේ?"
"ගමටම."
"අම්මෝ, මුළු ගමකට ඕක කිය-කියා ඇවිදිනවද?'
"නෑ ළමයෝ, ගමටම ඇහෙන්න රබං ගහනවා. ඒ වාගේම මනමාලිගේ ගෙදරට ලේ රතුපාට
මල් මිටියක් යවනවා. එතකොට ඉතින් එහෙත් මංගල්ලයක්ම තමයි..... බැරි වෙලාවත් මනමාලි
තේ උඩිච්චියක් නම්, හොඳ කල්කිරියාවෙන් ඉඳලා නැත්තම් යවන්නෙ සුදු මල් ටිකක්. එහෙම
වෙලාවට තමා මංගල්ලෙ අවමංගල්ලයක් වෙන්නේ. මඟුල් මේස පෙරළන්නේ....."
කොම්පියුටරේ කියනවා දැන් වදන් 1324 ක් කෙටිලයි කියලා. මේ ටිකමත් හෙණට
දිග්ගැස්සිලා. මේ මදැයි, හොඳටෝම.
ඔන්න වැරැදිවලට සමාව දීලා ඉන්න ඩිංගේ පිරිසිදුව ඉන්නෝනේ!
හරිද?
ඔන්න වැරැදිවලට සමාව දීලා ඉන්න ඩිංගේ පිරිසිදුව ඉන්නෝනේ!
හරිද?
ගම්සභා හන්දියේ තිබුණු 'ලැවිනියා හෝල්' එකේ අපි දන්නා කාලෙ තුට්ටු දෙකේ කාම චිත්‍රපටි විතරයි පෙන්නුවෙ. ඉඳහිට සුභාද්‍රාරාමේ පන්ති කට් කරල මොකවත්ම කරන්න දෙයක් නැති උනදාට අපිත් මකුණො කකා ඕව නොබලුවමත් නෙමෙයි.
ReplyDeleteදිවයින පත්තරේ ගැන මොනවා කියන්නද ජනතාවට විහිළු සපයන්න "අඟහරු ගඩොල්", "ජෝන් ඩෝ", "අපායේ සැබෑ හඬ" ගෙනාපු අයනෙ. ඔය පහතින් තියෙන ටික කියවලාම බලන්නකො විස්වාස නැතිනම් : )
http://ranrandil.blogspot.com/2018/06/589-47-truth-revealed-about-bricks-from.html
http://www.divaina.com/2016/04/13/news13.html
https://www.yamu.lk/blog/fake-news
http://www.divaina.com/2012/06/03/diyaga08.html
බොහොම ස්තුතියි කණ්ඩා, එහෙනං දිගටම කියවනවා හෙමයි. පත්තරේ ගැන නං කතා කරන්න තරම් වටින්නෙත් නැහැ වගෙයි.
ReplyDeleteලැවිනියා හෝල් එක අයිතිවෙලා තිබ්බේ සිලෝන් එන්ටර්ටේන්මන්ට් චිත්‍රපට සමාගමට. එකේ වැඩිය චිත්‍රපට බෙදා හැරුනේ නැහැ.
සිලෝන් තියටර්ස්ලායි, සිනමාස් සමාගමයි තමා ලොකුවටම තිබුණේ. මහරගම අනුෂා, නුගේගොඩ ක්වින්ලන්, මරදානේ ගාමිණී බොරැල්ලේ ලිඩෝ වගේ ඒවා සිනමාස්. නැෂනල්, මෙට්‍රෝ, එල්ෆින්ස්ටන්, රිට්ස් වගේ ඒවා තියටර්ස් එකේ ෆිල්ම්ස්වලටයි තිබුණේ. ඔයාලට ළඟ නිසා වැල්ලවත්තේ සෆායර් එක මතකද? ඒකත් සිනමාස්.
වැල්ලවත්තට ළඟ හාමිනේලාගෙ ගෙවල්නෙ ... අපි බොහොමයක් වල බැස්සෙ මරදාන, බොරැල්ල සහ හයිලෙවල් පාර අවට තමයි. අනුෂා, නුගේගොඩ ක්වින්ලන්, මරදානේ ගාමිණී බොරැල්ලේ ලිඩෝ, නැෂනල්, මෙට්‍රෝ, රිට්ස් මේ කොයිවත් ඒ දවස් වල මකුණන්ට දෙන දන්සැල් ... සමහර ෆිල්ම් වලට මිනිස්සුන්ට වඩා මකුණෝ හිටිය.
Delete