හද බැඳි විකසිත ආදරයේ තේමා ගීතය- එහෙමයි බණ්ඩාර කේ විජේතුංග ගැඹුරු හඬින්................ |
ඒ නිසාම වෙන්න ඕනේ ෆිල්ම් එක හදාපු ඉන්දියාවේවත් එච්චර නොදුවපු 'ගීත්' ශ්‍රී ලංකාවේ 'ක්‍රවුන්' හෝල් එකේ පැල් බැඳගෙන දිව්වේ. පුරා අවුරුදු දෙකක්!
ඒ තරම් හඬ පෞරුෂයක් බණ්ඩාරට තිබ්බේ.
මම ලියන්න ගත්තේ බණ්ඩාර කේ. විජයතුංග නම්වූ අපූරු
සහෘදයා ගැන නෙවෙයි. ඒත් පුංචිම-පුංචි තොරතුරක්වත් අහුලාගන්න හිතාගෙන 'නැති දෙයක්
නැති' අන්තර්ජාලෙට ගියාමයි පුදුම හිතුණේ.
මං හොයාපු හැටි වැරැදිද මන්දා. බණ්ඩාරගේ නම ගැහුවම ගූගල් එකේ පළමු පිටුව ආවා. සබැඳි පිවිසුම් දහයක් ඒකේ. උඩින්ම පින්තුර. ගියා ඒකට. ම්හු!
මේ මනුස්සයාගේ එක ෆොටෝ එකක්වත් නැහැ. දෙවෙනි පිවිසුම වික්ටර් රත්නායක ගායකයාණන්ගේ නිල වෙබ් අඩවිය.
ඒකෙ සේරම නම් බැලුවේ නැහැ. tribute එකේ 54
දෙනෙකුට උපහාර පුදලා තිබ්බා. එතනත් බණ්ඩාර මහත්තයා නෑ. හැබැයි මේ ගේය පද රචකයා වික්ටර්
රත්නායක ගායකයාණන්ට බොහෝම ජනප්‍රිය ගී ගණනාවක්ම ලියලා දුන් කෙනෙක්. මගෙ හද ඔබ ළඟ,
සත් සමුදුරු තරණය කොට, සඟවා ගනු මැන, තරු මල් පළගත් එව්වයින් කීපයක් විතරයි.
මං හොයාපු හැටි වැරැදිද මන්දා. බණ්ඩාරගේ නම ගැහුවම ගූගල් එකේ පළමු පිටුව ආවා. සබැඳි පිවිසුම් දහයක් ඒකේ. උඩින්ම පින්තුර. ගියා ඒකට. ම්හු!
මේ මනුස්සයාගේ එක ෆොටෝ එකක්වත් නැහැ. දෙවෙනි පිවිසුම වික්ටර් රත්නායක ගායකයාණන්ගේ නිල වෙබ් අඩවිය.
සඟවා ගනු මැන - ඔබ රුව සොඳුරිය ......... |
අනේ! බණ්ඩාර කේ.විජයතුංගයන්ගේ අවාසනාව
එතනින්වත් ඉවර වෙන්නේ නෑ.
තුන්වැන්නේ තිබ්බෙ මේ මනුස්සයා ලියූ ගී හයක
නම් විතරයි.
වැඩේ හරි. හතරවෙනි link එකට මුලින්ම ගියේ
නැත්තේ අපරාදේ. ඇට්ටි හැලෙන්න බඩු ඇති. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව. ගියා
ඒකට.
ඒකේ තිබ්බෙ මෙයා පද රචකයෙක් කියලා විතරයිනේ.
ඇයි යකඩෝ මාසෙකට දාස් ගණන් පඩි කන අය ඉන්න තැනක් නේද මේ? 1990 ජනවාරි 3 වෙනිදා, අදට අවුරුදු විසි අටකට කලින් අභාවප්‍රාප්ත වෙච්ච කලාකරුවෙකු ගැන තොරතුරුවත් අප්ඩේට් කරගන්න මෙයාලට බැරිද? මා ළඟ තියෙනවා පොතක්. මේං!

ආණ්ඩුවෙන් පඩි කන ගමන්වත් බණ්ඩාර කේ විජේතුංග වගේ අපේ කලාකරුවන් ගැන තොරතුරු..... |
මට 'ගීත්' චිත්‍රපටය මතක් වුණේ ගීත් ගුණසේකරගේ
නම හින්දා. මං එයාව අඳුරන්නේ පින්තූරයකිනුයි, ලියන දේවල්වලිනුයි විතරයි.
ගීත් තමයි දැන් 'ඉරිදා ලක්බිම' එක්ක එන 'රිද්ම' අතිරේකය සංස්කරණය කරන්නේ. 2018 අප්‍රේල් 22 කලාපයේ සංස්කාරක සටහනෙන් ගීත් එයාට හමුවුණු හිතවතියක් ගැන ලියලා තිබ්බා. .....
"ටී.වී. එකේ ප්‍රෝග්‍රෑම් එකක් ගියා. ඒකෙ කියපු විදියට මගේ ලග්නයට මේ අවුරුද්ද හොඳම නෑ. පරිස්සම් නූනොත් එක්තැන් වෙන්න වුණත් පුළුවන් කියලා කිව්වා. තව රස්සාවෙත් ප්‍රශ්න එනවලු. ආර්ථිකෙත් බින්දුවට වැටිලා පවුල් ජීවිතේ වුණත් දෙදරන්න පුළුවන් කිව්වා. ඒක අහපු වෙලේ ඉඳලා මගේ හිතට හරි නෑ. මම මේ එක දිගට දවස් හතක් බෝධි පූජාවක් තියනවද කියලයි කල්පනා කළේ."
ඒ ගෑනු පරාණකාරයා ගීත්ට කිව්වාලු.
ඉතිරි හරිය කියවනකොට නම් පේන්නේ ගීත් ජ්‍යෝතිෂය
විස්වාස නොකරන පාටක්.ගීත් තමයි දැන් 'ඉරිදා ලක්බිම' එක්ක එන 'රිද්ම' අතිරේකය සංස්කරණය කරන්නේ. 2018 අප්‍රේල් 22 කලාපයේ සංස්කාරක සටහනෙන් ගීත් එයාට හමුවුණු හිතවතියක් ගැන ලියලා තිබ්බා. .....
"ටී.වී. එකේ ප්‍රෝග්‍රෑම් එකක් ගියා. ඒකෙ කියපු විදියට මගේ ලග්නයට මේ අවුරුද්ද හොඳම නෑ. පරිස්සම් නූනොත් එක්තැන් වෙන්න වුණත් පුළුවන් කියලා කිව්වා. තව රස්සාවෙත් ප්‍රශ්න එනවලු. ආර්ථිකෙත් බින්දුවට වැටිලා පවුල් ජීවිතේ වුණත් දෙදරන්න පුළුවන් කිව්වා. ඒක අහපු වෙලේ ඉඳලා මගේ හිතට හරි නෑ. මම මේ එක දිගට දවස් හතක් බෝධි පූජාවක් තියනවද කියලයි කල්පනා කළේ."
ඒ ගෑනු පරාණකාරයා ගීත්ට කිව්වාලු.
ජ්‍යෝතිෂය ඇත්තද? පත්තරවල, ටී.වී. එකේ, ජ්‍යෝතිෂ
කාර්යාලවල, අතන-මෙතන පේව්මන්ට් එකේ පවා ඔය පලාපල කියන්නේ. එහෙම පදික වේදිකාවේ හරි ඔයාලගේ ළඟටම ඇවිල්ලා හරි
අත බලලා හරි සාස්තර-පලාපල කියන්නේ ජංගම ජ්‍යෝතිෂඥයෝ. වැඩියත්ම අහිගුණ්ඨික ලලනාවෝ.
ඉස්-ඉස්සෙල්ලාම මං ගැන සාස්තරයක් කියලා තියෙන්නේ මං මවු කුසේ ඉඳිද්දී. අහිගුණ්ඨික
කාන්තාවක්, අපේ අම්මට.
"නෝනා, ඌපදෙන්න ඉන්න දරුවා තමා පිරිමි
දරුවා....පෝම වාසනාව තමා තීනවා. ඇබ්බැයි නෝනා බඩේ ඉන්නවා දවල් ඔරා තමා....."
"ඒ ගෑනිව හොයාගන්න පුළුවන් නම් මං ඒකිගෙ
කටේ මසුරං දානවා" ඔය සිද්ධිය ගැන කියද්දී අපේ තාත්තා නොවරදවාම කිව්වා. හැබෑට
ඇයි එයා එහෙම කිව්වේ?
ඊළඟට මේ.
මං උපන්න ගමන් අපේ කඩේ සීයා වෙලාව හදලා.
කඩේ සීයා කිව්වේ- රහුබැද්දේ විදානෙලාගේ කිරිවන්තේ උන්දෑ නොහොත් අපේ අම්මාගේ තාත්තා නොහොත් බදුල්ලේ සීයාගේ මලයණ්ඩිට. (එයාගේ ලොකු පුතණ්ඩියාගෙ මංගල්ලේදී මං DOUBLE BUN දාපු හැටි තමා 'අජාසත්ත-1 කොටසේදී' ලිව්වේ.)
කඩේ සීයා කඩයක් කළා. හිතුනු වෙලාවට ගෙදර ඇවිත් නිදාගත්තා, මිනී පෙට්ටියක. දවල්ය රෑය කියලා වෙනසක් නෑ. අපේ කඩේ ආච්චිව කසාද බැඳලා 'පැණි හඳට' ගියෙත් මිනී පෙට්ටිය අරන්ද දන්නෑ! ඒ මදිවට එයාට අපේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා අරහං. එයා විනයවර්ධනකාරයෙක්. ඒගොල්ලෝ පාංශකූලෙකටවත් හාමුදුරුවරු වඩම්මන්නේ නෑ.
මං උපන් ගමන් කඩේ සීයා වෙලාව බලල කිව්වලු 'ළමයට කසාද පල' නම් නැහැයි කියලා............ |
කඩේ සීයා කිව්වේ- රහුබැද්දේ විදානෙලාගේ කිරිවන්තේ උන්දෑ නොහොත් අපේ අම්මාගේ තාත්තා නොහොත් බදුල්ලේ සීයාගේ මලයණ්ඩිට. (එයාගේ ලොකු පුතණ්ඩියාගෙ මංගල්ලේදී මං DOUBLE BUN දාපු හැටි තමා 'අජාසත්ත-1 කොටසේදී' ලිව්වේ.)
කඩේ සීයා කඩයක් කළා. හිතුනු වෙලාවට ගෙදර ඇවිත් නිදාගත්තා, මිනී පෙට්ටියක. දවල්ය රෑය කියලා වෙනසක් නෑ. අපේ කඩේ ආච්චිව කසාද බැඳලා 'පැණි හඳට' ගියෙත් මිනී පෙට්ටිය අරන්ද දන්නෑ! ඒ මදිවට එයාට අපේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා අරහං. එයා විනයවර්ධනකාරයෙක්. ඒගොල්ලෝ පාංශකූලෙකටවත් හාමුදුරුවරු වඩම්මන්නේ නෑ.
කඩේ සීයා මගේ උපන් වෙලාව අනුව වේලාපත්කඩය
හදලා කිව්වාලු- අනාගතය හොඳයි, හැබැයි විවාහ පල නෑ- කියලා. ඒක හැබෑ වුණු කියමනක්.
දැන් නම් ඉතින් ඒක බොරු වෙන්න කාලයක් නෑ.
ඔහොම ටක්කෙටම අනාවැකි කියන්න පුළුවන්ද,
හැබෑවටම. ඇහැක් නම් මෙන්න tip එකක්. මේ මනුස්ස ලෝකේ කොච්චර ඉන්නවද ප්‍රකෝටිපතියෝ.
මේ ළඟදී ට්‍රිනිඩෑඩ්වල ශේරෝන් කියලා ධන
කුවේරයෙක් අවුරුදු 33 ක් වගේ අඩු ආයුෂෙන් යටිගම් ගියා. මිනියට රත්තරන් පළන්දලා
නෙවයි නාවලා... ඒ මදිවට රත්තරන් මිනී පෙට්ටියක.
හොයාගන්නවා ඔය වගේ කුවේරයෙක්. කියනවා උන්දැට
නොවරදින පුංචි අනාවැකියක්, කොන්දේසි සහිතව. හරි ගියාම මුදල් ගෙවීමේ පදනම මත.
එකක් හරි ගියාම ඉතින් ගොඩේ-ගොඩ තමා. එයා අපේ සාත්තරකාරයාට ආයෙමත් ඉල්ලන්කාවට නම් එන්න දෙනේකක් නෑ. එහෙම කිව්වාට මගේ හිතට මදි-මදි වගේ. තව තියෙනවනේ මට හරි ගිය එව්වාත්.
එකක් හරි ගියාම ඉතින් ගොඩේ-ගොඩ තමා. එයා අපේ සාත්තරකාරයාට ආයෙමත් ඉල්ලන්කාවට නම් එන්න දෙනේකක් නෑ. එහෙම කිව්වාට මගේ හිතට මදි-මදි වගේ. තව තියෙනවනේ මට හරි ගිය එව්වාත්.
අනුර ජිනදාස. එයා රස්සාවට සාත්තර කියන
මහත්තයෙක් නෙවෙයි, හොඳේ. මේක කියවලා යන්නේ එහෙම නෑ, එයාව හොයාගෙන.
අපට වුණත් සාත්තරයක් කියන්නේ එහෙමත් වෙලාවක, එයාටම හිතුණොත් විතරයි.
අපට වුණත් සාත්තරයක් කියන්නේ එහෙමත් වෙලාවක, එයාටම හිතුණොත් විතරයි.
ඒ 1984. අපේ අම්මාටයි, ඩැඩාටයි ඕනේ වුණා මාව
ඒ නත්තලට කලින් එංගලන්තයට ගෙන්නා ගන්න. මාත් කැමැත්තෙන් හිටියේ එතකොට හිම වැටෙනවා
බලාගන්නත් පුළුවන් නිසා. ඔය විස්තරේ දන්න අනුර දවසක් මගේ අත බැලුවා.
"තරහ ගන්න එපා නිමල් මේක කියනවාට. ඔයාට ඔය ගමන යන්න වෙන්නේ තව මාස හයක් ගියාට පස්සේ." අනුර කීවා. එවෙලේම අපේ තවත් හිතවතෙක් වන අසෝක කපුරුගේටත් එයාගේ අයියා ගැන අනාවැකියක් කිව්වා, හඳහන බලලා. මොන කාරණාවක් නිසාද මන්දා, අනුරගේ ඒ අනාවැකි දෙකම තිතට හරිගියා.

අනුර ජිනදාස හිතවතා නම් මේ ලියන නිදිටත් ටක්කෙටම සාස්තරයක් කිව්වා.......... |
එහෙම හරි ගියත් කොහොමද හැමෝටම පොදු විදියට
අනාවැකි කියන්නේ. 2016 ලංකාවේ ජනගහණය දෙකෝටි දොළොස් ලක්ෂයක්ලු.
ලග්න දොළහයි තියෙන්නේ. නිකමට බෙදල බලන්නකෝ දෙසිය දොළහ 12 න්.
සමසේ බෙදලා බැහැයි කිව්වත් ආසන්න වශයෙන් වුණත් මිනිසුන් ලක්ෂ 16-17-18 ක් විතර එක ලග්නයකට වැටෙයි.
එහෙම වුණත් වයස, ඉන්න තැන, තරාතිරම..... සලකා බලන්න ඕනේ සාධක කොච්චර තියෙනවාද?

හැමදාම පාන්දරින් රූප පෙට්ටියේ, රේඩියෝවේ,
පත්තරේ එහෙම කියන විදියට ලක්ෂ 16කට 17කට එකම සන්තෑසියද හිමි වෙන්නේ?
පොඩිත්තක් හොයා බලන්නකෝ, ඔය එක-එක්කෙනා කියන ඒවා කොයි තරම් පරස්පරද කියලා.
පොඩිත්තක් හොයා බලන්නකෝ, ඔය එක-එක්කෙනා කියන ඒවා කොයි තරම් පරස්පරද කියලා.
මේං තව පොඩි රහසක්. කන කිට්ටු කරන්නකෝ
කියන්න.
ඒ දවස්වල මං........... |
ඒ දවස්වල මං පත්තරයකට නවකතාවක් ලියනවා.
සතිපතා. සුමානෙකට හරි දෙකකට හරි වතාවක් මං ලියන කොටස් එහාට ගෙනිහින් දෙනවා.
ඔය කාලයේ ටයිප් සෙටින් කරලා ප්‍රින්ට් අවුට්ස් අරං එව්වා කපලා අලවලා තමයි මුද්‍රණයට සකස් කරන්නේ. ඒ කොම්පැනියෙන්ම ජ්‍යෝතිෂ පත්තරයකුත් පළ කරනවා. ඔය දෙකේම හුඟක් වැඩ කෙරුණේ එකම අය අතින්.
මං එහෙට ගියාම අරයා-මෙයා කියලා බලන්නේ නැතිව කාර්ය මණ්ඩලේ අයත් එක්ක කතා-බහ කරලයි එන්නේ. දවසක් එතැන පිටු සැකසුම් ශිල්පියා එක්ක කතා කරමින් ඉඳිද්දී ජ්‍යෝතිෂ පත්තරේ එඩිටර් එතනට ආවා.

"හරි වැඩේනෙ අයිසේ. ........ට අද ඉදිරි
සතියේ පලාපල ගේන්න විදියක් නැහැල්ලු. කොහොමද පිටු ටික ප්‍රින්ට් එකට යවන්නෙ?"
ලේ අවුට් ආර්ටිස්ට් ඔළුව කැසුවා. "අදට
මොකක් හරි....." මිනිහා ලාච්චුවක් ඇද්දා. ගත්තා පරණ බ්‍රෝමයිඩ් ටිකක්. ඇවිස්සුවා.
තෝරලා ගත්තා එව්වයේ සතියේ පලාපල තීරු. ඒවා හත අටකින් එක-එක ලග්නවලට දාලා තිබ්බ
විස්තර කප-කපා අච්චාරු සතියේ පලාපල ටික හැදුවා. විනාඩි පහළොවක්වත් ගියේ නෑ. මං
ඉදිරියේම එව්වා ප්‍රින්ට් එකටත් යැව්වා.
තමුන්ගෙ පැත්තට මනාප ගන්න ගෝලයො වාඩිවෙන
ෂීට්වල මතුරපු තෙල් ගාවන පාලකයො ඉන්න රටක; අපල දුරුවෙන්න ඇහි බැම උගුල්ලාගන්න ලොක්කො
ඉන්න රටක; පොඩ්ඩ වරදින පාටක් දැක්ක ගමන්ම තිරුපති දේවාල ගානේ දුවන්නො ඉන්න රටක අර වගේ ජ්‍යෝතිෂ පත්තරවලට තියෙන ඉල්ලුම කවරදාවත්
නැති වෙන්නෙ නෑ.
පිරුභාහරන් කිව්වලුනේ සිංහල මිනිස්සුන්ට ඕනෙම දෙයක් සුමාන දෙකෙන් අමතක වෙනවා කියලා. කොච්චර වැරදුණත් මොකෝ. ආයෙම ටික දවසකින් අනාවැකි කියන්න ගන්නවා.
පිරුභාහරන් කිව්වලුනේ සිංහල මිනිස්සුන්ට ඕනෙම දෙයක් සුමාන දෙකෙන් අමතක වෙනවා කියලා. කොච්චර වැරදුණත් මොකෝ. ආයෙම ටික දවසකින් අනාවැකි කියන්න ගන්නවා.
ඔය සිද්ධිය මං අපේ අම්මාටත් කිව්වා. ඒත් එයා අදත්
පත්තරයක් අතට ගත් සැණෙන් බලන්නේ ඒකෙ පලාපල තීරුව.
ම්ම්ම්ම්.... තව පරහක් දැනුයි කල්පනාවට ආවේ.
අපේ අම්මා උපන්නේ ලංකාවේ. දැන් ඉන්නේ එංගලන්තෙ. එංගලන්තය වගේ බටහිර රටවල ලංඩන්
අංකල්ලා උපන් ලග්නය හොයා ගන්නේ උපන් වෙලාව අනුව නෙවෙයි. උපන් දිනය අනුවයි.
ඉස්සර අපේ උදවියට ඔරලෝසු නොතිබුණු කාලේ
ළමයාගේ පළමු හැඬීම ඇහෙනකොටම කෙහෙල් ගහක කඳ දෙකට කපනවාලු. කෙහෙල් ගොබය ඇදෙන වේගය බලලා
වෙලාව හදාගත්තු කතාවකුත් මට මතකයි.
හොඳ වෙලාවට දැන් හැම තැනම ඔරලෝසු නැතත් මෝබයිල් ෆෝන් තියෙනවා. වෙලාව බලාගත්තට මොකෝ, වෙලාවට වැඩ නම් නෑ. වෙලාව හොඳ නැති හින්දාද මන්දා.
ළමයෙක් ඉපදුනාම වෙලාව බලාගන්න කෙහෙල් ගහක් කපලා ගොබය ඇදෙන විදිහත් ........... |
හොඳ වෙලාවට දැන් හැම තැනම ඔරලෝසු නැතත් මෝබයිල් ෆෝන් තියෙනවා. වෙලාව බලාගත්තට මොකෝ, වෙලාවට වැඩ නම් නෑ. වෙලාව හොඳ නැති හින්දාද මන්දා.
දන්නවද, 1990 දසකයෙ මුලදී ලෝකේ තිබ්බ බලවත්ම
කොම්පියුටරේ පරිගණකමය හැකියාවට (computational
power) වඩා ශක්තියක් අද තියෙන ස්මාර්ට් ෆෝන් එකකට තියෙනවාලු. ඒ ශක්තිය අපි
යොදවන්නේ මොහකටද? වැඩියත්ම සෙල්ෆි ගහන්න. ඊළඟට මල් කඩන්න....ඇයි gamesවලට .... අපේ
සල්ලි යනවා. කොම්පැණි පෝසත් වෙනවා.
ඉතින් අර පරහේ කතාවට ආයෙම යංකෝ. බටහිර රටක මාර්තු
21 ඉඳලා අප්‍රේල් 19 වෙනකල් ඉපදෙන අයව ගණන් ගන්නේ මේෂ ලග්නයෙන් උපන් අය විදියට.
අප්‍රේල් 20 සිට මැයි 20 තෙක් දවස්වල උපදින්නේ වෘෂභයෝ. මිථුන ලග්නෙට වැටෙන්නේ මැයි
21- ජුනි 20 අතර බිහිවෙන අයවයි.....ඔය විදියට එක මාසෙක කාලයකදී උපදින්නේ එක ලග්නෙක
උදවිය.
එතකොට අපේ අම්මා ලග්න පලාපල හොයන්න ඕනේ උපන්
වෙලාව අනුව මෙහෙදී කියාපු ලග්නේ යටතේද... උපන් මාසය යටතේ එන ලග්නෙන්ද?
අල්කයිඩා ප්‍රහාරයෙන් මැරුණු 2996 දෙනාටම තිබුනේ එකම මාරකයක්ද? |
"ජීවිතේ ගංගාවකි - දෛවෙ එහි දිය පාරකි
ඒ ගඟේහී පාවෙනා - පිදුරු කැබලිය ලෝ දනා..."
'පුරුෂ රත්නය'ට ලතා වල්පොල ගායිකාව මෝහනීය
හඬින් ගැයූ ගීය කියන්නේ ඇත්තක්ද?
කොහොම වුණත් මට ගීත් තරම්ම සාහසික වෙන්නත්
හිතෙන්නේ නෑ. ඉරණම පුරෝකථනය කරන්න හැකිද? නැතිනම් මේ සේරම බොරුද. අපේ කඩේ සීයා,
අනුර වගේ තවත් අය මුණගැහිලා තියෙන නිසා මට හිතෙන්නේ මේ දේවල්වල යම්කිසි දෙයක්, අරුතක්,
බරක්, පදනමක් තියෙනවා. හැබැයි වැඩි දෙනෙකු කරන්නේ බොරු. ඔවුන් කරන්නේ බඩ වඩාගන්න
එක.
අපි පුංචි වැඩක් කරමු. නාන කාමරේ තියෙන
සින්ක් එකේ යට සිදුර වහලා ඒකට වතුර එකක් පුරවන්න. හරිනේ... දැන් සිදුර විවෘත
කරන්න. වතුර බැහැලා යද්දී හැදෙන සුළිය කැරකෙන්නේ මොන පැත්තටද? සිය වතාවක් මේක කළත්
ඔයාලට ලැබෙන්නේ එකම පිළිතුරක්. ඇයි ඒ?
නාන කාමරයක් නැති නම් වතුර බේසමක් ගන්න.
බේසමට අත දාලා දක්ෂිණාවෘතව කරකවන්න. අත අහකට ගත්තාට පස්සේ තත්පර කීයක් යනවද සුළිය
කැරකීම නවතින්න. ආයෙම බේසමට අත දාලා වාමාවෘතව වතුර ටික කරකවලා , සුළිය නවතින්න යන
වෙලාව බලන්න. ඉක්මනට නවතින්නේ මොන පැත්තට කරකැවෙන දිය සුළියද? එ්කෙදිත් ඔයාලට හැම
වතාවෙම ලැබෙන්නේ එකම පිළිතුරක්. ඇයි ඒ?
මනුස්සයා කියන සතාගේ හිත තියෙන්නේ කොහෙද?
මනුස්සයා කියන සතාගේ හිත කොතනද තියෙන්නේ? |
https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_413.html
ReplyDeleteගොඩක් පින්, ලොකු උදව්වක් කළේ.
Deleteඊයේ දවසේදී තන්තරේට ගොඩ වැදිලා තිබුණා 1055ක්.
එයින් 1000 ක්වත් ආවේ ඔයාලා පෙන්නු පාර දිගේ!
පෙනෙනවා නේද 'මාතලන්ගේ රඟේ'.
"ගීත්" බලාපු අතලොස්සක් හින්දි චිත්‍රපටි වලින් එකක් ... මට ඔය ගස් වටේ දුවන ඒව සහ හැට හුටහමාරක් ළපටි ආතල් (බුරි නැටුම්ද ඇතුළුව) සෑහෙන ඇලජික්. නමුත් ඔය ෆිල්ම් එක මතක "මෙරෙ මිත්වා මෙරෙ මීතරේ" කියන සිංදුව නිසා.
ReplyDeleteකාලකන්ණි ජ්‍යෝතිෂකාරයො, සාස්තර ගණයො, කට්ටඩියො, අර ලබ්භේ මෑණියෝ, කපුවො ඔය ඔක්කොම එවුන්ට ප්‍රසිද්ධියේ කසපාර දීල දාන්න ඕන මිනිස්සුන්ව නොමග යවනවට :-D
හා හා කට. ඕවා ආරංචි වුණෝතින් ජංජාලයක් වෙන්නේ. එක මෑණි කෙනෙක් කියලා තිබුනා දැක්ක නේද එයාට කිව්වා නං කිරිකට් මැචුත් දිනවන්න පුළුවන් බව!
Deleteඒ මෑණියෝ දිනවන්නෙ දිනන මැච් විතරලු !
ReplyDeleteයම්කිසි ඇත්තක් තියෙනවා හැබැයි ඒවගේ..
ReplyDeleteඇත්ත බොරු කෙසේ වෙතත් හැම දේකම යමක් ඇත!
Delete