රෙහාන්, දහනායක, නදීකා, මයංක හතර දෙනාටමත්............ |
සල්මන් ඛාන්ගේ බොඩිය හදා ගන්නට වෙහෙසෙන නෙවිල් අනුරසිරි
පහුගිය මාස කීපයේ වැඩ බැලුවේ මහරගම “ලේඩි ජේ” ගොඩනැඟිල්ල ඉදි කෙරෙන තැනය. ඒ
බිල්ඩින් සයිට් එක ළඟම ‘සෙංකඩගල ෆිනෑන්ස්’ ආයතනයේ වැඩ කරන ගවීන් නම් නෙවිල් ගැන
කිව්වේ අමුතු කතාවකි. “නෙවිල් අංකල් උඩම තට්ටුවට නැඟලා හයිලෙවල් රෝඩ් එකේ යන
සේරෝටම පේන්න බොඩිය පුම්බගෙන ඉන්නවා!”
ඒ කතාව ඇහුණාම මට හිතුණේ නෙවිලුත් සමඟ එකම
තැන වැඩ කරන දහනායකටත් ‘හැඩ සිරුරක හැඩ’ පෙනෙන්නට ඇත්තේ අපේ ‘නෙවිල් හැඩ බලයා’
නිසා වෙන්නැති කියලාය.
“කොයිකටත් දහනායක, ඔයාත් පීරිස් මහත්තයාව මුණ ගැහිලා
advice අරගෙනම මොනවද කරන්න ඕනේ කියලා අහගන්න.” කළ යුතු දේ ඒකය. කොයි දෙයක් කරන්නත්
ගුරුවරයෙක් හිටීම හොඳය.
හුඟක් දේවල් ගැන යාන්තම් චුට්ටක් දැනගත් පමණින්ම අද ඉන්නා
ගොඩක් අය හැසිරෙන්නේ ‘සියල්ල දත්’ලා වගේය. තුන්ලෝ තිලකවූ සම්මා සම්බුදුරජාණන්
වහන්සේත් සද්ධර්මය ගුරු තන්හි ලා සලකාගෙන උන් බව අපේ අය නොදන්නා පාටය. එයාලා ‘කුඩු
කතත් තිරිත්තමක් ඇතිව කෑ යුතු බව නොදන්නා උදවියයි!’.
දොස්තර මහත්තයාගේ උපදෙස් ගන්නට දහනායක ආවේ සිය පවුල
පිටින්මය.
අපේ තිලෝගුරු බුදුහාමුදුරුවන් වහන්සේත් සද්ධර්මය............ |
“දහනායකටත් වැඩිය කෑම කන්ට්‍රෝල් කරන්න වෙන්නේ නදීකාටනේ.” පීරිසුත්
කිව්වේය.
“අනේ ඩොක්ටර්, මට මෙනින්ජයිටිස් හැදිලා බෙහෙත් ගත්තානේ.
ඊට පස්සෙයි මෙහෙම මහත් වෙන්න ගත්තේ. දැන් ඉතින් ඔහේ ඒක දරාගෙන ඉන්නවා!”
නදීකා එහෙම
කිව්වත් මට පෙනුණේ එයාලාගේ ගැටවර පුතාලා දෙන්නාත් දැන්මම යන්නට සැරසෙන්නේ අම්මලාගේ
පාරේම බවයි. එහෙම වුණත් ඒ හතර දෙනාම අයස්මන්ත මහත්තයා දුන් උපදෙස් හොඳින් අසා
ගත්තෝය.
දහනායකගේ දෙවෙනි පුතු රෙහාන් පහුවදා උදේ පාන්දරම අපූරු
කතාවක් කියලාය. ඒ චූන්පාන් වාහනයක් යද්දීය. “හරි වැඩේනේ, ඊයේ ඩොක්ටර් අංකල් කියාපු
විදියට නම් චූන්පාන් එකේ සද්දේ ඇහෙන එකත් මාර අවුලක්නේ!”
“අර මොකෝ?” නදීකා ඇහුවාලු.
“ඇයි අම්මි, ඒ සවුන්ඩ් එක ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ
පාන් - බනිස් - පේස්ට්‍රි වගේ එව්වා. ඩොක්ටර් අංකල් කිව්ව විදියට නම් එතකොට අපේ ඇඟ
ඇතුළේ නිකම්ම ඉන්සියුලින් ප්‍රොඩියුස් වෙන්න ගන්නවානේ!”
රෙහාන් කියන කතාව ඇත්තය. ඒ වගේම, ඊටත් වඩා භයානක සත්‍යයකුත්
ඒ කතාව අස්සෙම හැංගිලා තියෙන බව ඔයාලට දැනෙනවාද?
එහෙම සද්ද ඇහෙද්දී, එහෙම දේවල්
දකිද්දී ඇහැ-කණ පියාගෙන නිකම්ම ඉන්නට හිත හදාගත හැකිද? කලින් වතාවකත් කියූ කතාවක්
මෙතැනදී ආපහු කියන්නටම ඕනෑය. මේක අම්මෙක් ගැනය.
අපි හිටියේ කළු ගඟ වන නිවහනේය.
“නිමල් අයියා දන්නවද? xxx එයාලගෙ ගෙදර ළඟට එන චූන්පාන්කාරයාගෙන් එක මාසෙකදී
දහඅටදාහක කෑම කාලා.”
ඒ කතාව අහපු ගමන් මං නම් තක්බීර් වුණු බව නොකියා බැරිය.
18,000/- ක ෂෝට්ඊට්ස්?
තව දහඅටදාහේ එව්වා පහ-හයක ෂෝට් ඊට්ස් කෑවාම.......... |
ඒ ගෙදර ඉන්නේ xxxත්, මහත්තයාත්, අවුරුදු පහක විතර දුවත්
විතරය. පස්සේ ඇහුවාම කියවුණේ අර ‘කෑම’ට මහත්තයාගේ දායකත්වය ලැබුණේ සල්ලි
ගෙවිල්ලෙන් පමණක් බවය. පුංචි දුව කොච්චර කියලා කන්නද? ඒ අම්මා ලස්සනය. තව දහඅටදාහේ
ඒවා පහ හයක් ගෙවලා ‘යුධ නෞකාව’ක් තරම් වුණාම තවත් ලස්සන වෙනවා නිසැකය!
ඔහොම ‘ජනප්‍රිය - එහෙත් ඇඟට නම් එපා කරපු විදිහේ කෑම’
වැඩි-වැඩියෙන් කද්දී ඉන්සියුලින් හෝර්මෝනය වැඩ කරන අයුරු දැන් නිදිගේ රසික
පාඨකයන්ට රහසක් නොවේ. එතකොට ෆාස්ටින් කරද්දී?
එවිට ශරීරයට ඉන්සියුලින්වලින් එතරම් ප්‍රයෝජනයක් නැත.
වැඩියෙන්ම ඉන්සියුලින් ඕනෑ වෙන්නේ ග්ලූකෝස් ගබඩා කරවන්නටනේ. No Food කියන්නේ ‘No
Sugar’ කියන එක නොවැ.
එවිට ශරීරයට ඉන්සියුලින්වලින් ඒ තරම් ප්‍රයෝජනයක්......... |
තර්කානුකූලව නම් මෙතැනදී ප්‍රශ්නයක් මතු වෙයි. එතකොට, සීනි නැති නම් ශරීරය දුවන්නට අවශ්‍ය ශක්තිය ලබාගන්නේ කොහොමද? චුට්ටක්වත් බිය විය යුතු නැත.
අපේ සිරුරේ තැනින්-තැන ග්ලූකෝස් හා
මේදය ගබඩා කරලා තියාගෙන ඉන්නේ මෙහෙම වෙලාවට ප්‍රයෝජනයට ගන්නටය. ඔන්න, ඒ කාරණය
වැඩියෙන් කෙරෙනවා නම් ‘කොහෙන් කැපුවත් කිලෝ හත-අටක් කපාගන්නට පුළුවන්’ ඇඟක් නැති
වෙයි!
ඒ විතරක් නොවේ. හෘද රෝග, දියවැඩියාව, ඩිමෙන්ෂියාව, වයසට
යාම වගේ ලෙඩ ගොඩක් පමණක් නොවේ, පිළිකාවත් ඇති වෙන්නට තියෙන ඉඩ ‘ගොඩආආආආක්’ම අඩුවෙයි!!!!!!!!!!!!!!!!!!!!!
ආරෝග්‍යා පරමා ලාභා! දැන් ඒ පරම ලාභය මා වෙතින් නම්
ඈතින්-ඈතට ගිහින් අවුරුදු පහකටත් වැඩිය. ඒත් මොකද? ඒ නිසා ගොඩාරියක් හොඳ දේත් මට
ලැබිණි.
මා වටා සිටින අයගේත්, මගේ පවුලේ අයගේත් නිබඳ ආරක්ෂාව, සහාය, දිරිය, විරිය
හැම තිස්සෙම මා සමඟ බව මට පසක් විණි.
රැකියාවට සමු දෙන්නට වුණත් මට වැඩි විවේක
කාලයක් ලැබිණි.
ඒ නිසාම නේද මගේ ජීවිත කතාව මෙහෙම ලියන්නට ඉඩ-හසර පෑදුණේ.
ඇත්තම
කිව්වොත් එහෙම ලියන්නට හිතිලා, හතර-පස් වතාවක්ම පටන් ගත්තත් මටම කම්මැළි හිතී වැඩේ
අතහැර දමලාය තිබුණේ.
“ළමයෝ, තමුසෙට ලියන්න බැරි නම් මට කියනවා ටික-ටික. මං
ලියන්නම්. තමුසෙගෙ කතාව අනෙක් අයට ගොඩක් වටිනවා!” අන්තිමේදී එහෙම කියලාවත් මා
පොළඹවා ගන්නට ඩී.බී. කුරුප්පු මහත්තයාට බැරි විණි.
පොත් ගොඩක් ලියූ කුරුප්පු මහත්තයා හැදුවේ මගේ ජීවිත කතාව............ |
(අවාසනාව! ‘ආවොත් නොයා බැරිය’ පෝස්ටුවලදී මම කුරුප්පු
මහතා ගැනත්, මේ කොම්පියුටරය පවා ඔහු මට දුන් මහඟු දායාදයක් බවත් විස්තර ඇතිවම
කිව්වෙමි.
ඒත් මා ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නට පටන් ගනිද්දී කුරුප්පු මහත්තයා නොඑන
ගමන් ගිහිනුත් හමාරය! එතුමා තවමත් ඉන්නවා නම්, ‘තන්තරේ’ ආදරණීය රසික පාඨකයන් 31,461 ක්
වතාවකටත් වැඩියෙන් ඒක පෙරළා තියෙන බව දකිද්දී කොච්චර සතුටු වේවිද? සමා වෙන්න,
කුරුප්පු මහත්තයෝ! හැකි නම් දැන් ඉන්නා තැනක හිඳ, මේ ළමයාගේ වික්‍රමය බලා තුටු වනු
මැනවි!)
තදින් ආගමක් අදහන්නේ නැති; ඇට්ටර මං හිතන්නෙත්, වැඩ
කරන්නෙත් මට ඕනෑ විදිහටය. හපන්කමට කියනවා නෙවෙයි, හොඳේ. හැබැයි, කාටවත් අහිතක්;
පාඩුවක්; අසාධාරණයක්; විපතක් නොවෙන්නට හැකිතාක් පරෙස්සම් වීම මගේ සිරිතය.
මට ඇත්තේ මගේම නීතිය. මං බිය වන්නේ වෙනින් කාටවත් නොව මටමය. වෙන ඕනෑම කෙනෙකුගේ අභිමානයට ගරු කරමින්- මගේ අභිමානය රැකගන්නට නොබියව; ඍජුව කටයුතු කරන්නට මට හැකිය. මගේ දර්ශනය හා ආගම ඒකය.
මට ඇත්තේ මගේම නීතිය. මං බිය වන්නේ වෙනින් කාටවත් නොව මටමය. වෙන ඕනෑම කෙනෙකුගේ අභිමානයට ගරු කරමින්- මගේ අභිමානය රැකගන්නට නොබියව; ඍජුව කටයුතු කරන්නට මට හැකිය. මගේ දර්ශනය හා ආගම ඒකය.
ඉතින් වැරැද්දකින්
මට ලැබුණු බෝනස් එකත් එක්කම ආ මල්ටිපල් මයෙලෝමාව ගැන ඔබට කියන්නේ ‘මට වන් විපතක්’
තව කෙනෙකුට සිදුවීම වළක්වා ලන්නටය.
මගේ අත්දැකීම් අනුව මා නැවත නැවතත් කියන්නේ මෙවන් බොහෝ රෝගාබාධ වැඩි හරියක් වළකාගන්නට ඉඩක් තිබෙන බවයි. 100% ක්ම එහෙම පුළුවන් යයි කියන්නට මගේ හිත මට ඉඩ දෙන්නේ නැත.
මගේ අත්දැකීම් අනුව මා නැවත නැවතත් කියන්නේ මෙවන් බොහෝ රෝගාබාධ වැඩි හරියක් වළකාගන්නට ඉඩක් තිබෙන බවයි. 100% ක්ම එහෙම පුළුවන් යයි කියන්නට මගේ හිත මට ඉඩ දෙන්නේ නැත.
මෙලොව මා දන්නා ලොකුම උත්තමයා බුදුන් වහන්සේටවත් ලෙඩවලින්
බේරෙන්නට බැරි වුණු හින්දාය මං එහෙම කියන්නේ. බුදුහාමුදුරුවෝ පවා ‘ලෝහිත
පක්ඛන්දිය’; ලේ අතීසාරයෙන් පීඩා වින්ද බව බණට කියැවෙයි! කරුමයක් නම් වළක්වා ගන්නට
බැරි වුණත්, තටු පොරවාගෙන බකන්නිලන් ඉන්නේ නැතිව, ඒකට විරුද්ධව සටන් කරන්නට
පුළුවන් නේද?
මා නම් එහෙම කරන්නේ ප්‍රතිකාර කිරීම දොස්තර
මහත්ම-මහත්මීන්ට පවරලා, පාවිච්චි වීම ‘නිදි’ටම පවරා ගැනීමෙනි. ඉස්සර මිනිසුන්
බෙහෙතටත් වඩා පාවිච්චි වෙන එක වැදගත්ය කියලා කිව්වේ මේ රහස දැනගෙන හිටි නිසා
වෙන්නැතිය.
තටු පොරවාගෙන බකන්නිලන් ඉන්නේ නැතිව......... |
අද, 2018 ජනවාරි 20 වෙනිදා මේ කොටස කොටන්නේ පෙරේදා
හම්බන්තොට රෝහලට ගිහින් ඇවිත්ය.
“මිස්ටර් නිමල්, අපි ජනවාරි මාසේ ආවාම ෆාස්ටින් බ්ලඩ් ෂුගර් ටෙස්ට් එකකුත් කරමු, වෙනදාට කරන ටෙස්ට්වලට අමතරව. MRI එකටත් ටෙස්ට් එකකට බ්ලඩ් සාම්පල් එකක් යවමු!” වෛද්‍ය තනුජි සෝමරත්න මැඩම් මට කිව්වේ දෙසැම්බරයේදීය.
ඉතින් මේ වතාවේ වැඩියෙන් පරෙස්සම් වෙන්නට වෙන බව ස්ථීරය!
මොන? ඒ බව දැනගත්තත් කොහොම පරෙස්සම් වෙන්නද?
“මිස්ටර් නිමල්, අපි ජනවාරි මාසේ ආවාම ෆාස්ටින් බ්ලඩ් ෂුගර් ටෙස්ට් එකකුත් කරමු, වෙනදාට කරන ටෙස්ට්වලට අමතරව. MRI එකටත් ටෙස්ට් එකකට බ්ලඩ් සාම්පල් එකක් යවමු!” වෛද්‍ය තනුජි සෝමරත්න මැඩම් මට කිව්වේ දෙසැම්බරයේදීය.
ඉතින් මේ වතාවේ වැඩියෙන් පරෙස්සම් වෙන්නට වෙන බව ස්ථීරය!
මොන? ඒ බව දැනගත්තත් කොහොම පරෙස්සම් වෙන්නද?
එයින් පස්සේ දවස් අටක්ම වැය වුණේ ට්‍රිප් දෙකකටය. තවත් දින හතරක්
‘එකතුවීම්’ වලටය. ගෙදරට අමුත්තන් කඩා වැටුණු නිසාත්, බණ- දානේ ගෙවල් නිසාත් දවස්
පහක්ම තහංචි බිඳින්න විණි. එකතුව දාහතකි! තව ඉතිරිව ඇත්තේ දවස් එකොළහකි.
(රෝහලට යා යුත්තේ දින 28 න් 28 ටය.)
රුධිර පරීක්ෂණවලදී මේ මාසේ මගේ පාවිච්චියේ තරම හොඳින්ම හෙළිදරව් වෙන බව මට සහතිකය. ඔයාලගේ යහපත පතා මේ ඇත්තම ගණන්-හිලවු මෙහෙම කිව්වත් මං වැටෙන්නේ සකල අමාරුවකය. පීරිස් මහත්තයා මගේ ඔළුව කනවා නිසැකය!
(රෝහලට යා යුත්තේ දින 28 න් 28 ටය.)
රුධිර පරීක්ෂණවලදී මේ මාසේ මගේ පාවිච්චියේ තරම හොඳින්ම හෙළිදරව් වෙන බව මට සහතිකය. ඔයාලගේ යහපත පතා මේ ඇත්තම ගණන්-හිලවු මෙහෙම කිව්වත් මං වැටෙන්නේ සකල අමාරුවකය. පීරිස් මහත්තයා මගේ ඔළුව කනවා නිසැකය!
ඔය අල්ල-පනල්ලේ ජනවාරි 13 වෙනි ඉරිදා රාත්තිරියේ මානෙල් නංගිලාගේ ගෙදරදී
මහා විනාශකාරී භෝජන සංග්‍රහයක් භුක්ති විඳින්නටත් සිදුවිණි. කන්න නෙවෙයි, බෙදාගන්නත්
කලින්ම අනුරසිරි ගෝරනාඩුව පටන් ගත්තේය.
“කාපං කාපං. සිකුරාදාට ක්ලිනික් යන්නත් තියෙනවා නේද? බ්ලඩ් රිපොර්ට්ස් ටික හොඳට තියෙයි. මං කියන්නම්කො දොස්තරයට යාළුවා කාපු හැටි.”
Plan එක තිබුණේ මගේ හිතේය. නෙවිල් ඒක දන්නේ නැත.
“කාපං කාපං. සිකුරාදාට ක්ලිනික් යන්නත් තියෙනවා නේද? බ්ලඩ් රිපොර්ට්ස් ටික හොඳට තියෙයි. මං කියන්නම්කො දොස්තරයට යාළුවා කාපු හැටි.”
අන්තිමේදී බලනකොට රිපොර්ට්ස් සේරම ............ |
කේක්, අයිස්ක්‍රීම්, කිරිපැණි විතරක් නෙවේ, එදා හවස රෝසි හදා තිබුණු ‘කුකීස්’ වගයකුත් මං දෙසා බෑවේ ඒ සැලසුම හිතේ දරාගෙනය. ඉරිදා රෑ කෑමෙන් පස්සේ හරියටම පැය හතළිහක්; ඒ කියන්නේ අඟහරුවාදා හවස 2 වෙනතුරු මං හිටියේ ෆාස්ටින්ය. පූර්ණ උපවාසයකිනි. සීනි, කිරි නොදැමූ නිකම්ම-නිකං කෝපි විතරක් බොමින්ය.
අඟහරුවාදාත් රෑ කෑමකි. ඉතින් දෙකට විතර චුට්ටක් කාලා, වැඩ අල්ලා බඩ හුරු කර ගත්තෙමි.
ජූජක බමුණා කෙළවා ගත් හැටි දන්නා කිසිම කෙනෙකු දිග කාලයක් බඩගින්නේ ඉඳලා, එක පාරටම බඩ
පිරෙන්නට කෑම කන්නේ නැත. ජාලිය, ක්‍රිෂ්ණජිනා දරුවන් දෙන්නා බරට-බරක් තෑගි දීලා
අරගත් සඳමහ රජ්ජුරුවෝ ජූජකයාට ඇති තරම් කන්නට දුන්හ.
මිනිහා පෙරේතකමට කාගෙන-කාගෙන ගිය හැටි, කාලා කෙළවා ගත් හැටි
‘වෙස්සන්තර ජාතකය’ කියවා ආයෙමත් මතක් කරගැනීමට වටිනා තරමේ කාරණයකි.
මිනිහා පෙරේතකමට කාගෙන-කාගෙන ගිය හැටි, කාලා කෙළවා ගත් හැටි
‘වෙස්සන්තර ජාතකය’ කියවා ආයෙමත් මතක් කරගැනීමට වටිනා තරමේ කාරණයකි.
ඉතින් අඟහරුවාදා රෑට කෑවාට පස්සෙත් මං ආයෙමත් ෆාස්ටින්ය.
පැය 36 ක්. කෑමකට කියලා කන්නෙ ‘කිරාත’ කොළ හත-අටක් විතරය.
සිකුරාදා බලද්දී මගේ ලේ රිපොර්ට්ස් සේරම හොඳය.
අයස්මන්ත මහත්තයාටත්, නෙවිල්ටත්, මිසීලා සේරෝටමත්, සුජානි නංගීටත් පුදුමය. “මේකාගේ රිපොර්ට්ස්වලින් කොහොමද මොනවත් හොයාගන්නේ? මූ දොස්තර අපිවත් රවට්ටනවා! යකෝ, රිපොර්ට්ස් හොඳ වුණාට වැඩක් නැහැ......”
පීරිස් මහත්තයාගේ තර්කය ඇත්තය. අවශ්‍ය තරමට වඩා sugar සහිත දේවල් කාලා ‘කිරාත කොළ’ කෑමේත්, ඉන්සියුලින් මාත්‍රාව වැඩියෙන් ගැනීමේත් වෙනසක් නැත!
සිකුරාදා බලද්දී මගේ ලේ රිපොර්ට්ස් සේරම හොඳය.
අයස්මන්ත මහත්තයාටත්, නෙවිල්ටත්, මිසීලා සේරෝටමත්, සුජානි නංගීටත් පුදුමය. “මේකාගේ රිපොර්ට්ස්වලින් කොහොමද මොනවත් හොයාගන්නේ? මූ දොස්තර අපිවත් රවට්ටනවා! යකෝ, රිපොර්ට්ස් හොඳ වුණාට වැඩක් නැහැ......”
පීරිස් මහත්තයාගේ තර්කය ඇත්තය. අවශ්‍ය තරමට වඩා sugar සහිත දේවල් කාලා ‘කිරාත කොළ’ කෑමේත්, ඉන්සියුලින් මාත්‍රාව වැඩියෙන් ගැනීමේත් වෙනසක් නැත!
“........... ඒක හරියටම ගේ අතුගාලා කුණු ටික සේරම
පාපිස්ස යටින් හංගනවා වගෙයි මිනිහෝ! කාවද තමුසේ රවටන්නේ?”
ඒ වෙලාවට කටින් ගහලා දිනුවාට මාත් දැන් ඇත්ත නොදන්නවා
නොවේ. ඒත් මං කියන්නේ මේ සේරම දැනගෙන හිටියාම දිගටම බොරු කරන්නට වුණත් හිත නොදෙන
බවයි. කවුරුන් කොහොම කිව්වත් මගේ පාවිච්චි වීම හොඳ බවට තවත් සාක්කියක් දැන් මට
තිබේ.
වෙස්සන්තර රජතුමාගෙන් ජාලිය, ක්‍රිෂ්ණජිනා දෙදරුවන් ලබාගත් ජූජක බමුණා............ |
නොවැම්බර් මාසයේ MRI ආයතනයට යැවූ ලේ සාම්පලයේ වාර්තාවත් සිකුරාදා වනවිට ලැබිලා තිබිණි. ඒකට අනුව නම් මල්ටිපල් මයෙලොමාව තුරන් වෙලාලු!
“නිමල් අයියේ, You are in remission!” මගේ වාර්තා ටික
දැක්ක ගමන් පීරිස් මහත්තයා සතුටින් ඉපිලී කිව්වේය.
ඒ හරුපය මං අහලා තිබුණු එකක් නොවේ. රෙමිෂන්! හැටත් පැනලා
තිබෙන, අදටත් මුද්‍රණය කෙරෙන ‘ගුණසේන - ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය’ පෙරළුවත් ඒ වචනයේ
වෛද්‍ය විද්‍යාත්මක අර්ථය වටහා ගන්නට අමාරු තරම්ය. ඒකේ තියෙන්නේ ‘...... සමාව දීම,
බල නොපවත්වා නැවතීම, (වේගය) මැඩ පැවැත්වීම’ විදියටය.
“හරි නං දැන් අපිට පාටියක් දෙන්නයි තියෙන්නේ. නැද්ද
නෙවිල්? රෙමිෂන් කියන එකෙන් කියන්නේ දැන් නිමල් අයියගේ ඇඟේ පිළිකාව නැහැ කියලයි.
හැබැයි ඕනෙම වෙලාවක ආයෙම මතු වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා දිගටම පරිස්සම් වෙන්නත්,
ට්‍රීට්මන්ට්ස් ගන්නත් වෙනවා. අවුරුදු 5 ක්ම මේ තත්ත්වේ පැවතුණොත් තමයි කියන්න
පුළුවන්, පිළිකාව සනීප වුණා කියලා!”
දොස්තර මහත්තයා පහදලා දුන්නෙත්, බස්නායක මැඩම් කියාපු
කරුණුමය. අවුරුදු පහේ කතාව නම් ඒ මැඩම් මට නොකිව්වේ මගේ හිත චාන්-චඃ වෙලා යාවිය
කියා හිතපු නිසා වෙන්නැතිය!
“මිස්ටර් නිමල්, මේ වාර්තාව වැරැදි වෙන්නත් පුංචි ඉඩක්
තියෙනවා! අපි අදත් ලේ සාම්පලයක් යවමු. ඒත් ඔයාට සනීපය කියලා ට්‍රීට්මන්ට්ස්
නවත්තන්න දෙන්න බැහැ. දිගටම, හරියටම ඩ්රග්ස් ගන්න වෙනවා. තව සයිකල්ස්
කීපයක්ම......” වෛද්‍ය එල්.එස්. බස්නායක මහත්මිය කිව්වාය.
අවුරුදු පහක් ගියාට පස්සෙත්, මේ තත්ත්වෙම තියෙනවා නං ........... |
තනුජි සෝමරත්න මැඩම් සේවා මාරුවීමක් ලැබී දැන් ඉන්නේ අම්පාර රෝහලේය. අලුතින් හම්බන්තොටට ඇවිත් ඉන්නා ‘රක්තවේදී වෛද්‍ය විශේෂඥවරිය’ බස්නායක මහත්මියයි. මීට පස්සේ මට නටන්නට වෙන්නේ ඇයගේ පදයට අනුවය!
එදාම, සිකුරාදාම එහෙම වැඩක් සිද්ද වුණේය. පදය මාරු
වුණේය. ඒ ගැන කියන්නට කලින් දැන් මාරු වෙමි. ඊළඟ කොටසේදී කියමි!
වල් කන්ස්ට්‍රක්ෂන් කිව්වම මතක් උනේ අපේ ඉස්කෝලෙ එහා පැත්තෙ තිබ්බ K. Ariyadasa කඩේ අපි ඕකෙ නම හරියටම උච්චාරණය කරා :-D
ReplyDeleteතව තියෙනවා හුදු හෙළයෙන් ලියන්න ගිහින් කතන්දරත්. දැන් ඔලුවට එන්නේ නැහැ, කණ්ඩා. P K .... පත්ම කේරලේආරච්චිගේ වගෙයි යාන්තම් මතක.
Delete//P K .... පත්ම කේරලේආරච්චිගේ
ReplyDeleteපුවක්පිටිය කේවට්ටයලාගේ අමාරිස් නෙමෙයිද
අන්න හරි, සිරිබිරිස් උන්නැහේ!
Delete