මගේ අමුත්තන්ගේ නම් අතර ලාල් අයියා, මර්වින්, උදේනි අල්විස්, ඉන්දිරා,
ගීතා වැනි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ- තරුණ ජනගහණ කමිටුවේ හිතවතුන්ද, කළු
අක්කලා වැනි මහරගම වාසී හිතවතුන්ද විණි.
මගේ ලැයිස්තුවේ මර්වින්, ඉන්දිරා, ගීතා වැනි.............. |
“මං කියන්නේ කළු අක්කලාට මඟුල කියන්න ඕනේ නැහැ
කියලයි!” ඒ අතරේදී අම්මා පළමු විරෝධතා වෙඩි මුරය පත්තු කළාය. ආච්චිත් ඒ පැත්තටය.
මං දැම්මේ බබා පාට් එකකි. “ඇයි ඒ? එපා කියන්න හේතුවක්
තියෙන්න එපැයි. මගේ හිතවත්ම උදවියනේ.”
“හේතුවක් ඕනේ නැහැ, එපා කිව්වම එපා! අපි
කවුරුවත්ම එයාලට මඟුල් කියනවට කැමැති නෑ.” මගේ පැත්තට කතා කරන්නට කිසිවෙක් නැත.
පෙනෙන්නේ කල් තියාම ගෙදර උදවිය මේ ගැන කතිකා කරලාත් තියෙන බවයි. මඟුල මගේ නොවේ.
මගේ නංගිගේය; පවුලේම කටයුත්තකි.
මා සාධාරණ විය යුතුය. බලය තිබුණත් සාමූහික
වැඩකදී තනි මතයට වැඩ කිරීම හොඳ නැත. “හරි, එයාලට නොකියා ඉන්නම්.” එහෙම කියන ගමන්ම
මං ලියා තිබුණු ලැයිස්තුව ගුළි කර විසි කළේ එයාලගෙ මුහුණට ගහන්නා වගේය; මගේ තරහ එයාලට
පෙනෙන්නටත් එක්කය.
“ඉතින් මුළු ලැයිස්තුවම විසි කරලා හරි යනවයැ?
අනිත් අය.....?”
“ඒ මිනිස්සුන්ට නොකියා අනෙක් අයට විතරක් කියන
එකට මං කැමැති නැහැ. මඟුල කරමු. හැබැයි මගෙන් කියලා කිසිම කෙනෙකුට ආරාධනා කරන්නේ
නෑ. එච්චරයි!” මගේ මූණයි, වචනයි තිබුණේ ගැඹුරු මුහුදක් වගේය; අඳුරු පතුල හංගාගෙනය.
ඒත් tone එකෙන් පිටවුණේ දැඩි හිරු රැසින් දැවෙන සහරා කාන්තාරයේ ගිනියමයි.
කතරක ගිනියම මගේ ටෝන් එකේ............ |
“එතකොට මර්වින් එහෙම? මඟුල් මේසෙ වැඩ සේරමත්
මර්වින්ලට නේද පවරනවා කිව්වේ?”
මං ඒවා සැලසුම් කර තිබුණේ එහෙමය. ඒ වනවිටත් ඒ
ගැන එයාලට කියලාත්ය.
එයාලා කිව්වේ මර්වින්, උදේනි අල්විස්, කුරුණෑගල විජිත
කිත්සිරි බණ්ඩාර හා කිංස්ලි පද්මලාල්ටය. “එව්වා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි, මං
එයාලටත් කියනවා ‘උඹලට මංගල්ලෙට ආරාධනා කරනවා නෙවෙයි, උදව්වට එන්න කියනවා විතරයි’
කියලා. එහෙම කිව්වට පස්සේ එන-නොඑන එක එයාලම තීරණේ කරපුවාවේ!”
“එහෙනං ඔන්න ඔහේ කළු අක්කලාටත් කියමු!” කවුදෝ
ප්‍රතියෝජනාවක් ගෙනාවේය.
“නෑ එපා! එක පාරම ඒ මිනිස්සු හොඳ වෙන්න යන්නේ
මං කරන්න යන දේ නිසානේ. අපේ මඟුලට ආවයි කියලා ඒ මිනිස්සුන්ට හතරමහ නිධානෙ පහළ
වෙනවය? මං ඒ මිනිස්සුන්ට මඟුල කියන්නේ නැහැ, නැහැමයි!” ඒ මගේ ප්‍රතිපත්තියයි.
මා ඇසුරු කරන හිතවතුන් වෙනුවෙන් මා පෙනී
සිටින්නේ නැත්නම් එතැන ඇති හිතවත්කම මොකක්ද? හැබැයි, මං එහෙම කරන්නේ මගේ හිතට
එකඟවය. අදාළ පාර්ශ්වය නිවැරැදි ආස්ථානයක ඉන්නවා නම් විතරය. ඒ අරුත වඩාත් පැහැදිලි
වෙන්නේ මට හොඳින් පුරුදු මේ වචනවලින් කිව්වාමය.
“අම්මගේ වාහේ වුණත් වැරැදියි නම්
මං එයාගේ පැත්ත ගන්නෙ නැහැ!”
මගේ ඒ ගතිය හුඟක් අය දකින්නේ ‘මුරණ්ඩුකමක්’
විදියටය. ඒත් මොනවා කරන්නද? මා මුරණ්ඩුදැයි තීරණය කරන්නට තව කලක් ඉවසනු මැනවි. මං
එවැනි ‘මුරණ්ඩුකම්’ කළ තැන් කිහිපයක්ම ඉදිරි පෝස්ටුවල ලිව්වාම; ඒවාත් කියවලාම
ඔයාලගේ තීන්දුව දෙන්න!
දෙවෙනි ගමනටත් එන්නය කියලා ................ |
“නිමල් මල්ලී, ඔයාලගේ අම්මලා ඇවිත් අපිටත්
බුලත් දුන්නා. මානෙල් නංගිගේ මංගල්ලෙට විතරක් නෙවෙයි, දෙවෙනි ගමනටත් එන්නය කියලා.”
කළු අක්කා මට කිව්වාම, මගේ ඉස්මුදුනට නැංගේ ආලවකයාය.
ඒ කේන්තිය පිටින්ම මගෙන් අපේ ගෙදර උදවියගේ
දෙපිටකාට්ටුකම කළු අක්කාට කියැවිණි. අනේ, කළු අක්කා දැන් එලොව ගිහිනුත් හුඟ
කාලයකි. ඒත් මෙතැනදී එයා පෙන්නූ ගුණ-යහපත්කම තවමත් මට නම් අමතක නැත.
“ඒත් නිමල් මල්ලී අපි ආස්සරේ කරන්නේ ඔයාවනේ.
ආරාධනා නොකළත් අපි එනවා, ඔයාගේ දේකදී. ඔයා අපට කරලා තියෙන දේවල හැටියට එහෙම නෑවිත්
ඉන්න පුළුවන්ද? අපි එනවාමයි. ඒකනේ යාළුකම!”
“කළු අක්කලටත් හැබෑටම ලජ්ජා නැත්ද? ඔහොම
බාල්දු කරපු අයගේ දේකට එන්න. මං වෙනුවෙන් කිව්වාට ඔයාලා ආවම වෙන්නේ අපේ ගෙදර අය උඩ
යන එක නේද?”
කළු අක්කා ඇයගේ ලොකු දුවගේ මංගල්ලයේදී............ |
“එයාලා ඕනෙම දෙයක් හිතුවාවේ! අපි මඟුලට එනවා.
හැබැයි ඔයා එපාම කියනවා නම්, අපි නෑවිත් ඉන්නම්!”
මගේ පුරුද්ද අනුන් කළ යුතුදේ තීරණය කිරීම
නොවේ. මං කරන්නේ මගේ අදහස කීම විතරය. එතැනින් මගේ කොටස අහවරය. තීරණ ගැනීම එයාලාටම
බාරය.
“කළු අක්කලත් දන්නවනේ මගේ හැටි. එනවද නැද්ද කියන එක ඔයාලගේ වැඩක්. මං කියන්න
ඕනෙ ටික කිව්වා!”.
2010 හෝ 11 විතර කාලයේ ජනක ඉණිමංකඩ මහත්තයා
මට ආරාධනා කළේ ‘විදර්ශන ප්‍රකාශන ආයතනය’ට සේවය කරන්නට එන්නැයි කියලාය.
එහෙම කරද්දී
සෝදුපත් බලන්නටත්, සංස්කරණය කළ යුතු තැන් වෙතොත් පෙන්වා දෙන්නටත් මට විශේෂ පොතක්
ලැබුණේය. පොතේ නම ‘ගොදුර අහිංසකයි’ය. “නිමල් අයියේ, ඔය පොත ඔයා බලන්න ලැහැස්ති වෙන
බව මං ජයසේකර මහත්තයට කිව්වා. ඔයා ප්රූෆ් රීඩ් කරන්න කලින් ජයසේකර මහත්තයා ඔයාට
කතා කරන්න ඕනේ කියලා කිව්වා.” ජනක කීවේය.
ඒ කිව්වා වගේම පී.බී. ජයසේකර මහත්තයා මට කතා
කළේය!
“නිමල්..... මගේ පොතේ ප්රූෆ් බලද්දි එක දෙයක්
නම් කරන්නම වෙනවා! ගොඩක් තැන්වල මං දෙබස් දාල තියෙන්නෙ කියවෙන විදියටමයි.
මෙහෙමයි.... පිරිමි අය කතා කරද්දී වචන අදින්නේ අඩුවෙන්. ‘යාළුවා එක්ක ගියා’ වගේ
තැනකදි කියන්නෙ ‘යාළුව එක්ක ගියා’ කියලයි. වැරැදීමක්ය කියල හිතල එහෙම තැන්වලට
‘දීර්ඝය’ දාන්න එහෙම එපා!”
මගේ පොතේ ප්රූෆ් බලද්දී නම්.......... |
‘ගොදුර අහිංසකයි’ කොහෙත්ම අහිංසක පොතක් නොවේ.
මට අනුව නම් ඉතාම හරවත්, රසවත් ආන්දෝලනාත්මක කෙටි කතා පොතකි. ඒ වෙනුවෙන් විශේෂයෙන්
වෙහෙසෙන්නට වුණත්, එය ඉවසීම අමාරු නොවිණි.
එසේම මමත් එයින් ‘දෙයක්’ ඉගෙන ගත්තෙමි.
උඩින් යෙදූ ජයසේකර මහතාගේ ‘දෙබස් ඡේදය’ උවමනාවෙන් කියෙව්වොත් ඒ වෙනස රසික ඔබටත්
‘අහුවෙනු’ ඇත!
“දැන් ඔහොම කිව්වට තමුසෙත් ඒ ගැන සැලකිලිමත්
වෙනවද?” දැන් ඔබ අසනු නියතය. ‘වෙනවා’ මගේ උත්තරයයි, එහෙම පරෙස්සම් වෙන්නේ කථන රටාවන්
ගැන විතරක් නොවේ. ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය වගේ ඒවා ගැනත්ය. හැබැයි 100% ක්ම
නොවේ.
මං කොම්පියුටරේ අකුරක් හරි කොටන්නට ගත්තේ මේ
බ්ලොගය ලියන්නට පටන් ගත්තාමය. එහෙම කොටන්නෙත් ‘සිංග්ලිෂ්වලින්ය’. හැකිතාක්
නිවැරැදිව ලියනවා මිස කොම්පියුටරයෙන් එන සේරම නිවැරැදි කර-කර ඉන්නට ගියොත් සතියකට
පෝස්ටු තුනක් ලියන්නට ඉඩ නැති වෙයි. ඒ නිසා සමහර වැරැදි තැන් දැක-දැකත් ඉවසන්නෙමි.
සමාවෙන්න, හොඳේ.
ඒ වගේම ඉවසීමකි, මානෙල් නංගිගේ මංගල්ලයෙදීත්
මට ඉවසන්නට වුණේ!
හුඟක් දේවල්වලදී මගේ මතය වුණේ අනෙක් අයගේ අදහස නොවේ. කලිනුත්
කිව්වා වගේම රෝහිණී අක්කා නම් මන්තරයක් 108 වතාව පුරනවා වගේ තිස්සෙම මැතිරුවේ ‘තව
ටිකක් ඉවසලා ඉන්න, ලොකු මල්ලී.’ කියලය.
දවස් හැටේ කුකුල්ලු උයලා හරියන්නෙ නැහැ! ගං කුකුල්ලු.......... |
“මඟුල් දවසට ඔය දවස් හැටේ කුකුල්ලු උයලා හරි
යන්නෙ නැහැ. ගං කුකුළෝ ටිකක් උයවමු!” කවුරුන් යෝජනාව ගෙනාවද කියලා නම් මට මතක
නැතත් ගෙදර හැමෝම ඒකට පක්ෂව ඡන්දය දුන් බව නම් මට මතකය.
තවමත්, අදටත් මට අපේ අජිත් මල්ලී තේරුම්
ගන්නට බැරිය. මට හිතුණේ ඒ යෝධයාගේ ‘මානසික සමබරතාව’ අප්සෙට් වෙලා වගේ කියලය!
මිනිහා උදේ-හවස බුදුන් වඳියි. ඒ වැඳීමට වත්තේ තියන තරම් මල් පළිය; ගාථා පොතකින්වත්
හොයා ගන්නට බැරි ගාථා උදව්වට ඕනෑය. ඒ යෝදයා එව්වා කියන්නෙත් නැති මහප්පරාණ එකතු
කොට මහ සද්දෙන්ය. ආටානාටිය කියනවා වගේය!
ඔය සුමේ කරද්දී එයාගේ දවසේ පැය 24 න් පැයක්
විතරත් ගත වෙයි!
හැබැයි පන්සිල් සමාදන්වී, වැඳලා, පිරිත් සජ්ජායනා කරලා නැඟිටින
පමාවෙන්ම හරි අතේ පත්තුවෙන බොරුවක් කියන්නට වුණත් අජිත් සූදානම්ය. දැනුත්, තවමත්
මිනිහා එහෙමද කියලා නම් මට අදහසක් නැත. අජියා එංගලන්තෙට වෙලා දහ අවුරුද්දකටත්
වැඩියි වගේනේ!
ඉතින් අර වැඳීම, සීලවන්තකම වගේ සේරම නම් අපේ
ආච්චී මිනිහාට පුරුදු කරෝපුවාය. උන්දෑ මාළු, කරවල, බිත්තර පිළිහුඩු ජාති කෑවත්,
මස් කෑවේ නැත.
අජිත් ඊටත් එහා ගියේය. ඒ මොනවාවත් නොකා
‘වෙජිටේරියන් කෙනෙක්’ වුණේය. හැබැයි, හිටි ගමන් නොකා හිටියේ මිනී මස් විතරය.
කාලෙකින් ආයෙම එළවලුවලට...... ආයෙම සර්ව භක්ෂක වෘතයට......
දැන් අජිත් මල්ලි එංගලන්තයේදී ‘පස්වෙනි සිල්
පදය’ තකන්නෙම නැතිලු. මස්, මාළු,බිත්තර එක්කත් වයිරයකින් ඉන්නවා වෙන්නැති! හොඳටම
බීලා මිනිහා එහෙම පිටින්ම පිස්සෙක් වෙලා කියලය, මං නම් හිතන්නේ. බීමේ තරමක්!
මනුස්සයා අකලට දිරා ගිහින්ය!!
(යටින් දමා තිබෙන ෆොටෝ එකත්, ‘සැවුළු සංහාරය -දෙවෙනි කොටස’ පෝස්ටුවේ තියෙන ෆොටෝ එකත් සැසඳුවොත් දිරපු තරම පෙනෙනු ඇත.) ඒ හාදයාගේ
ෆොටෝවලින් මට පෙනෙන්නේ ‘රහුබැද්දේ විදානෙලාගේ කිරිවන්තේ උන්දෑව’මය; අපේ අම්මාගේ
තාත්තාවය. හිතලුවක් කියනවා නොවේ. ඒ තරමටම දෙන්නා සමානය!!!
සමන්ති නංගි, රජිත්, චූටි නංගි දීපානි, උත්පලා හා අජිත් මල්ලී රජිත්-උත්පලා දෙන්නගේ දූ සිඟිත්ත ඇනා එක්කම ... |
ඒත් ප්‍රායෝගිකව පුහුණු නොකරන එකකි. ‘පණ්ඩිත මිතුරන්, සගයන්, දැනුමැත්තන්
ඇසුරු කිරීමේ වාසනාව’ අපේ පවුලෙන් වැඩියත්ම උරුමවී තිබෙන්නේ මට වාගෙය!
(කාටද
ආඩම්බර? බ්ලොගය කියවන ඔයාලත් ඒ ගොඩේමනේ!)
බර්නාඩ් ෂෝ විද්වතා අගමැති වින්ස්ටන්
චර්චිල්ට ඇරැයුම් පතක් යැව්වාලු!
“මගේ නවතම වේදිකා නාට්‍යය ...... දවසේ වේදිකාගත
කෙරෙනවා. ඔබතුමාටත් ආසන දෙකක්ම වෙන් කර තිබෙනවා. ඒ නිසා ඔබට යහළුවෙකු සිටිනවා නම්
ඔහුවත් නාට්‍ය දර්ශනය නරඹන්නට කැටුව එන්න!”
අනුන්ට ඕනෑ විදිහට රූකඩ වෙන්නට................... |
චර්චිල් උන්නැහේ හදිසි කෝපය ගැන ඉතාම ප්‍රසිද්ධ කෙනෙක්. දරදඬු
ඔහුට මිතුරන් හිටියේ නැතිද මන්දා. ඒත් තන්වැසි නුවණ ගැන ඉතාම ප්‍රසිද්ධ චර්චිල්
අගමැතිතුමා බර්නාඩ් ෂෝගේ ‘වාගාලාපය’ සහසුද්දෙන්ම තේරුම් ගත්තා. නොපමාවම මෙහෙම
ලියලත් යැව්වා.
“ඔබගේ නාටකයේ මංගල දර්ශනය නැරඹීමට ඇරැයුම්
කිරීම ගැන ස්තුතියි!
ඒත්, එදිනට පැමිණීමට නොහැකිවීම ගැන කමන්න. නමුත් ඔබේ නාට්‍යය
නැවත වතාවක් පෙන්වීමට වාසනාව ලබන්නේ නම් එදිනට පැමිණ එය නරඹන්නෙමි!”
ඒ විද්වතුන් දෙන්නා තකට-තක සේ, ජාඩියට මූඩිය
සේ ගැළපුණේ එහෙමය.
නුවණැති හතුරෙකු වුණත් අනුවණ මිත්තරයෙකුට වඩා වටියි. මට අනුව
නම් අජිත් මල්ලී තෝරා ගන්නෙම අනුවණ; හාල්පාරු මිත්‍රයන්ය. හොඳ මිතුරන් හිටියත් එහෙම
අය වැඩිකල් ඇල්ලුවේ නැතිය. වැරැද්ද
කොතැනදැයි හිතීම අජිත් මල්ලිටම බාරය.
ඉතින්, මතකයි නේද මේ පෝස්ටු මාලාවේ මුල්
කොටසේදී මං ‘අපේ අජිත් මල්ලිට සත්තු යාදෙන හැටි’ කිව්වා!
ගං කුකුළු මස් උයන යෝජනාව
ආවාම මේ උපාසක යක්ෂයා කිව්වෙ නැතැයි ‘හොයන්න දෙයක් නැහැ. ගෙදර කුකුල්ලු විතරක්
නෙවෙයි, කළුකුම්ලත් ඉන්නේ.’ කියලා.
තවමත් මට පුදුම ඒ යෝජනාවට කවුරුන්වත්ම
විරුද්ධ නොවුණු හැටි ගැනයි. ඒ අපට තිබුණු හිඟ-පාඩු ගැන හිතුව නිසාද? එහෙමත් නැත්තං
හිටි-හිටි ගමන් ගෙදර අයගේ පස්සෙනුත් කොටන්නට පන්නමින් හිටිය කළුකුම්ලා ගැන
තරහෙන්ද?
අනේ මන්දා. හැබැයි ඒ කවුරුන්වත්ම තාරාවෝ මරමුයි කිව්වේ නැහැ. ඇයි, ගිනි
කුකුල්ලු? උන් ගැනත් සද්ද නැතිවයි හිටියේ.
මිනිස්සු ගිනි කුකුල්ලු එක්ක නැති තරහක් කළුකුම්ලා එක්කයි,දුවන පුහුල්ලා එක්කයි ............. |
ගිනි කුකුල්ලු අහිංසකයිද? ‘දුවන පුහුල්’
එක්කයි, කළුකුම්ලා එක්කයි විතරද මිනිස්සු වැඩියෙන්ම තරහ?
ඔන්න,ටික දවසක් තියෙනවා උත්තර හොයන්න.
නිදි, දුවන පුහුල් කියන්නේ ඌරු මස් නොවෙද
ReplyDeleteමේක බ්ලොග් ලියන මහත්මයෙකුගෙන් තමා මං අල්ලාගත්තේ. එයා නම් යෙදුවේ කුකුළො අරුතින්. සිරිබිරිස් උන්නැහේ, ඒක වැරදිද?
ReplyDeleteහා ... හා ... එහෙම කියන්න එපා ... ඉඳහිට සුරයන්ගේ පානයෙන් සන්තර්පනය වෙන ගමන් දුවන පුහුල් හෝ කරත්ත ඇන්ජින් කෑල්ලක රහ නොබලපු ජීවිතෙන් ඇති වැඩක් තියේද ? මොකටද අර කිරිබත්ගොඩ ඥානමේවුනාවේ වගේ සදාකාලිකව නිවිල පණනැති උන පාංකඩ වැඩේ ජීවත් වෙන්නෙ ?
ReplyDeleteපණ නම් තන අග කිරි බිඳු වැන්නේ
Deleteවියළෙන්නට පෙර දිව ගාපන්නේ
රහ හොඳ නම් තව try කරපන්නේ
පරෙස්සමෙන් පුත, කඩුලු පනින්නේ!