මෝස්‌තර වර්ග ගොඩක් හදලා, කට්ටියට වෙන-වෙනම........... |
Char රසිකයා කමෙන්ට්
එකකින් කියන්නේ “මෝස්‌තර වර්ග ගොඩක් හදලා කට්ටියට වෙන-වෙනම දුන්නා.” කියලාය. උත්තරයේ බාගයක් නිවැරැදිය.
අපේ මල්ලී සුනිලුත්,
ලොකු නංගී පුෂ්පා රංජනී හෙවත් නෝනාත් මෝස්‌තර අඳින්නට ආවේ එතැනදිය. බිත්ති
සැරසිලිවලට නොවේ; ඇඳුම්වලටය.
ඒවා wax කෙරෙව්වෙත් වෙනමම ළමයින්ට දීලාය. ‘වොල්හැඟින්ස්
වුණත් එහෙම කරමු, අලුතින් අන්දවාගෙන....’ එහෙම කළාම සෑහෙන දුරට ප්‍රශ්නය විසඳාගන්නට
හැකිවිණි.
(මට හිතෙන විදියට,
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුවෝ) දෙතුන් දෙනෙක් ඒ වෙද්දී අපට චිත්‍ර
ඇඳගෙන ආවෝය. දැරණියගල පැත්තේ තරුණයෙකුවූ කරුණාදාසත් ඒ දිනවල අපේ ගෙදරම නැවතී චිත්‍ර
අඳිමින් උන්නේය.
සිසුවෝ කිහිප දෙනෙක් ඒ දිනවල චිත්‍ර ඇඳගෙන අපේ වැඩපොළට......... |
හදන රෙදි ගෙනියන එකටත්
උපමාරුවක් යොදා ගන්නට වුණේය. ඔබේවංශ මුදලාලි අපේ ගෙදරටම ඇවිත් බතික් ගෙනියන්නට
කැමැත්ත දුන්නේය. එයින් ඇතිවුණු හිතවත්කම නිසාමය, ඊට කාලෙකට පස්සේ දියවින්නේ මැණික් ගරන්නට ගිය ගමනට එයාත් අපේ
හවුල්කරුවෙකු වුණේ!
“ඒ ප්‍රශ්නෙත් හරි! කාන්ති අක්කලාගේ කඩේ බෙන්තොට පාලම පැන්න ගමන්ම
හම්බවෙන නිසා ලේසියි. එහාට ගෙනියන ඒවා වෙනම ඔතාගෙන ගියාම හරිනේ.” සුනිල් කිව්වේය.
රෙදි රැගෙන යන ගමන්වලට වැඩියෙන්ම යැවුණේ එයාවය. ඒත්.......
“අනේ ළමයෝ, රෙදි අරගෙන
ඔය ළමයාම එනවා නම් හොඳයි! මට නම් සුනිල්ව දිරවන්නෙ නැහැ.” බෙන්තොට මුදලාලි දවසක්
කිව්වාම තවත් ප්‍රශ්නයක් පැන නැංගේය.
අපේ සුනිල් මට
හාත්පසින්ම වෙනස්ය.
මට වඩා හිත හොඳ වුණත්, මිනිහා සුදෙන් අඩුය. හිනාවෙන් තොරය.
කතා-ලතාව ටිකාක් විතර පොල්ලෙන් ගහනවා වගෙය. උත්පත්තියෙන්ම වගේ මට ලැබී තියෙන්නේ
හිනාවේගෙනම ඉන්නා ගතියකි. අපේ අම්මාගේ රූපශ්‍රීයෙන් ටිකක් මටත් ලැබිලාය!
සුනිල්
ගිහින් තියෙන්නේ තාත්තාගේ ආරෙටය.
අපේ අම්මාගේ රූපශ්‍රීයෙන් ටිකාක් විතර මටත් ලැබීලාය! |
බෙන්තොට මුදලාලිට
විතරක් නොවේ; ඉස්කෝලේ යන කාලේ මටත් සුන්නාව පේන්නට බැරිය. මතකයිනේ, අසමජ්ජාති මං
අපේ පන්තියේ ළමුන් ලවා සුන්නාට
‘උලමා’
කියෙව්වා.
“කරන්න දෙයක් නැහැ,
රංජි. ඒ මනුස්සයාගේ බඩු ටික ගෙනියන දවසට උඹම බෙන්තොට ගිහින් වරෙන්.” අපේ තාත්තා
කිව්වේය. එහෙම බෙන්තොට ගිය ගමන් මතක් වෙද්දී හිනහත් එයි. සමහර දවසකදී මං ආපහු ආවේ
බඩේ ‘සර්ප බෝම්බ’ බැඳගෙනය!
එතකොට Highway තිබ්බේ
නැත. මහරගමින් දෙහිවලට ගිහින්, එතැනින් අලුත්ගමට බසයක..... එතැනින් තව එකක
බෙන්තොටට. උදේට ගියාම සමහර දවසකට එන්නේ රෑ හත-අටත් පහුවෙලාය. මා නිදිකුම්බයකු බව දැනටමත් ඔයාලට රහසක්
නොවේ.
උදේට යද්දී දත කාගෙන නොනිදා ගියත්, හැන්දෑවට එන ගමනේදී නම්, බසයේ හිටගෙන
ආවත් මට නින්ද යයි. ඉතින්....
දවසක් බුදුහාමුදුරුවන්
වහන්සේත්, ආනන්ද හාමුදුරුවන් වහන්සේත් වඩින අතරේ පාර අයිනේ තිබුණු වටිනා වස්තුවක් දැක්කාලු.
‘ආනන්දය, සර්පයා දුටුවෙහිද?’ කියලා එවිට බුදුන් වහන්සේ ඇසුවේල.
බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගෙන් 'ආනන්දය සර්පයා.... |
බෙන්තොට ඉඳලා එන
ගමනේදී මා එන්නේ සෑහෙන මුදලකුත් අරගෙනය! සමහරදාට රුපියල් හැට-හැත්තෑදාහක් පවා.
ඒ
කාලේ තිබුණු ලොකුම මුදල් නෝට්ටුව රුපියල් සීයයි. 50,000/-ක් වුණොත් නෝට්ටු 500කි. “උඹේ
මර නින්දත් එක්ක සල්ලි බෑග් එකක දාගෙන ඇවිදින් කෙළවාගන්න එපා. ඉනේ ගැටගහගෙන
වරෙන්.” උපායක් කිව්වෙත් තාත්තාමය.
ඉතින් ගෙදරින් යද්දීම
පොලිතින් බෑග් ටිකකුත් අරගෙනමය, මං යන්නේ.
නෝට්ටු මිටි නිකම්ම බඩතුරේ ඔබාගත්තොත්
පහුවදාට ඒවා වේළාගන්නට වෙයි. ඒ මට නොසෑහෙන විදියට දමන දහදියෙන් ඒවා පෙඟෙන නිසාය.
ඉතින්
නෝට්ටු මිටි ගොඩවල් දහයකට විතර බෙදාගෙන, පොලිතින්වලින් දවටා, යට ඇඳුම වටේට අසුරා,
පටියකිනුත් ගැට ගැහුවාම Rambo වගෙය. රැම්බෝ බඩේ බැඳගන්නේ පතරොම්- බෝම්බ වගේ
දේවල්ය. මං? සල්ලි මිටිය!
බුදු හිමියනුත්,
රැම්බෝත් එකට ඈඳලාය, මං සර්ප බෝම්බ බඩේ බැඳගෙන ආ බව කීවේ.
Rambo බැඳගෙන එන්නේ බෝම්බය.............. |
මේ දවස්වල ජනාධිපති
අපේක්ෂකකම ලබාගැනීමට යුද වැදිලා සිටින අපේක්ෂක මහත්මයෙක් එක වාගේම ‘බුද්ධිමත්
කතන්දර ගොඩාරියක්’ කියයි. “මං දිනුවාම වෙලාවකට නොකා-නොබී-නොනිඳා වැඩට කැපවෙනවා!”
අනේ මෙහෙම මොළයක්.........
පරහිතකාමී ගෞතම
බුදුරජාණන් වහන්සේවත් ඔහොම කැපවුණේ නැත.
විද්‍යාඥයන් කියන විදිහට නම් උපරිම
ශක්තියෙන් වැඩ කරන්නට නම් නිසි පරිදි පෝෂණය ලැබිය යුතුය. විවේකය නින්ද ලැබිය
යුතුය. හරි-හමන් නින්දක් නැති වුණාම මොළය නිසි විදියට වැඩ කරවන්නේ කොහොමද?
කාලය
කළමනාකරණය කරගන්නවාය කියන්නෙත් ඒකටම නේද? සම්පත් කළමනාකරණය කියන්නේ ඒකට නේද?
මා මෙව්වා කියන්නේ
අත්දැකීමෙනි. අර විදියට දහස් ගණනින් සල්ලි ගෙනාවත් ඒවා හරි-හමන් විදිහකට වියදම්
කරනවාද, ආයෝජනය කෙරෙනවාද කියන එකක් මං හෙව්වේ නැත. ඒවා හෙවිය යුතුයැයි කියලා
හිතුවෙවත් නැත.
රෑ දවල් නැතිව වැඩ කෙරුවා විතරය. අනේ හරකා!
නොකා නොබී නොනිඳා වැඩ කරන එක මෙලෝ මනුස්සයෙකුට කළ හැකි කෙරුවාවක්ද? |
ඒ අතරවාරයේ ගෙදර
අපායක් වෙන්නටත් පටන් ගත්තේය. තාත්තාගේ බීමත්කම නප්පියටම වැඩි වුණේය; බැන අඬගැසීම්
ඉහවහා ගියේය. බීගත්තාම හරිම සාමකාමීව ‘කරණීය මෙත්ත කුසලේන.............’ කියාගෙන
පිරිතෙන් පටන් ගන්නා තාත්තාට ටික වෙලාවක් යද්දී පාර වරදියි.
‘ඩඩ්ලි නෙවෙයි නං,
සිරිමාට..... අම්මේ... ගුණපාලල අම්මේ, අම්මට ශ්‍රී ලංකා එක ලොකු වුණා....ලොකු
මුනුබුරා unp එකෙන් ඡන්දේ
ඉල්ලුවත් අම්මගේ ඡන්දේ දෙන්නෑ කිව්වා නේද එහෙනං.....’
දේශපාලනයට බහින; පරණ කෝන්තර
ඇදගන්නා තාත්තා ඉක්මනින්ම කුටුම්බයට එයි.
“අනේ huකේ, උඹට එහෙනං මාව එපා වුණා
ලීලා.... පර ##@#, අම්මට @#$%$#@.... යකෝ, තෝ දන්නවද මේ ගුණයා....”
අන්තිම හරිය තිත්ත
කුණුහරුපය. අහගෙන ඉන්නම බැරි දවසට විතරක් අපේ ආච්චීත් කට අරියි. ඒ කඳුළුත්
පෙරමිනි.
“අනේ අම්මේ මගේ පූරුවේ
කරුමෙකට තමයි තෝ වගේ අසික්කිත බල්ලෙක් මගේ කුසෙන් වදන්න වුණේ. කෑවා බිව්වා නං ඒ
විදිහට වැටිලා නිඳාගනින්කො පරයෝ! රට්ටු හිනස්සන්නේ.... අම්මගෙ රෙද්දෙ ඡන්දේ. තොටම
ජාතක වෙච්චි එවුන්ට නේද, තෝ මේ තිත්ත කුණුහබ්බ උගන්නන්නේ.... අනේ දෙයියනේ මේවා
නොපෙනෙන්න ඉක්මනටම මාව මේ ලෝකෙන් තොලොංචි වෙලා යනවා නං.”
එයා වැටී හිටි තත්ත්වය තේරුම් ගැනීම මට නං එච්චර අමාරු වුණේ නැත. |
එච්චර දේවල් වෙද්දී
වුණත් තාත්තා ගැන මට තිබුණේ අනුකම්පාවකි. එහෙම වුණේ එයා වැටී හිටි තත්ත්වය මගේ
වැටහීමේ හැටියට මා තේරුම් ගත් බැවිනි.
දිසානායක හේවගේ ගුණපාල
බෙහෙවින් සමාජශීලී පුද්ගලයෙකි; පිරිස් ඇසුරට හුරු වූවෙකි; ආධිපත්‍යධාරීව නායකත්වය
දැරූවෙකි. එසේම ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝනය
වැඩියෙන් වහනය වන්නෙකි.
එනිසාම විය යුතුය- ඔහු කාන්තා ඇසුරට ලොල්, බිරියට ආශක්ත
වුණු මිනිහෙක් වුණේ.
ත්‍රොම්බෝසිස් අසනීපය නිසා අතපයේ ඇඟිලි එකින් එක අහිමි වෙමින්
යද්දී.... සැත්කම් තිහ-හතළිහත් පනිද්දී...... අනුන් මත යැපෙන්නට වෙද්දී....
බිරියගෙන් පිළිකෙව් වෙද්දී.....
එහෙම මිනිහෙකුට මොනවා
හිතෙන්නට පුළුවන්ද? අභිමානය පලුදු වීම.......!
ඒ සේරටමත් වඩා තාත්තාට
උහුලන්නට අමාරු වෙන්නට ඇත්තේ මා පිටතින් පෙන්වූ උපේක්ෂා සහගත බවයි.
මිනිහෙකුට
හොඳටම රිද්දන්නට නම් කළ යුත්තේ ඔහුගේ ප්‍රකෝපකාරී හැසිරීම්-ඇනුම්-බැණුම් කිසිවක්
ගණනකට නොගෙන; නොතකා හැරීමය.
ඒ පාඩමේ සත්‍යතාව අවබෝධ කරගෙන හිටි මම අභ්‍යන්තරයෙන්
යක්ෂයෙක් වෙද්දී - පිටස්තරින් මුනිවරයෙක් වීමි!
ඇත්තම කිව්වොත් ඒ, තරහින් දැවෙමින්
හිටි නිසාමය!!
තරහෙන් පිපිරෙමින් වුවද එය පිටතට නොපෙන්වා, මුනිවර ඉවසීමකින් යුතු මුහුණක් මවා පෑමට මම සමත් වීමි! |
අනෙක් අතට තමන්ට මොනවා
හිතුණත්, අපේ තාත්තා ඒවා පාලනය කරගන්නට දැනගෙන හිටියේ නැත; ඒවා අනුන් පිටින්
යවන්නට තැත් කළේය. එයින් වුණේ අපේ ජීවිත හරිම වේදනාකාරී; අසහනකාරී වකවානුවකට එළඹීම
පමණි!
එකම සැනසිල්ලකට තිබුණේ
බතික් වැඩපොළේ ගැහැනු ළමුන් ඉන්න වෙලාවලට තාත්තාගේ විසූකදස්සන නොපැවත්වීමයි.
වැඩ
වැඩි කාලයට සමහර ගැහැනු ළමයි අපේ ගෙදරම නැවතිලාත් සිටියෝය.
ළඟපාත අය නම් රෑ
දහය-දොළහ වෙනතුරු වැඩ කොට ගෙවල්වලට ගියහ.
අපේ තාත්තා බිව්වත්, එහෙම කාලයට ඝෝෂා කළේ
නැත!
ඒවා විශ්ලේෂණය කොට මම එක
කරුණක් උගත්තෙමි.
බොන මිනිසුන් මොන පිස්සුවක් කෙළියත් ඒ 100%ක්ම අසිහියෙන් නම්
නොවේ! බිව්වාම කළ-කී දේ මතක නැතැයි කියන්නේ පට්ට බොරුවකි.
බීගත්තාම කළ-කී දේ මතක නැතැයි කියන්නේ පට්ට බොරුවකි! |
“රංජි.... උඹටම කැපෙන
ගෑනු ළමයෙක් ගැන ඔත්තුවක් ලැබුණා. ගිහින් බලමු.” දවසක් අපේ තාත්තා කිව්වේය. මං
බැලුවේ කෙටි ප්‍රශ්නයකින් උත්තරදී ලිස්සා යන්නටය. ‘පිස්සුද?’
“පිස්සුද කියන්නේ. අද
හෙටම බඳින්න ඕනේ නැහැ. බලලා හරි යනවා නම් තීන්දු කරලා කාලයක් යනකල් ඉන්න එකනේ
තියෙන්නේ.”
තාත්තා මට ගැලවෙන්නට දුන්නේ නැත.
“බෝගහවත්තේ... පන්නිපිටියෙනේ... මහා
දුරක්ය. වෙලාවක යන්න දාගන්නවා... මං මැරෙන්න කලින් උඹව හරි.....”
“තාත්තා බැන්දෙත්
ආච්චිලාගේ ඕනෑවට නෙවෙයිනේ. තාත්තගේ ඕනෑකමට යාළුවෙලානේ. මාත් මට හරියන කෙනා
හොයාගන්නම්. අපිටත් ඒ නිදහස ඕනෑ. නැතිනං ඉතින් මිනිස්සු කියාවි අපි නොට්ටිගෙ
පුත්තුය කියලා....”
මං විහිළුවකුත් කතාවට එකතු කළත් තාත්තාට හරි ගියේ නැත.
උඹේ ලොකු මල්ලිම තෝරා ගන්නවා වේසාවියක්. උඹ එයාව මේ ගෙදරට ගෙනෙන්න දෙනවද? |
“මේ තාත්ත පණ පිටින්
ඉන්නකම් ඒවාට නං ඉඩ ලැබෙන්නේ නැහැ පුතෝ. අන්න ඒක මතක තියාගනින්.”
එදා නම් අපේ කතාව ඇවිළීගෙන
ගියේය.
“තාත්තා මොනවා කිව්වත් මම නම් කියන්නේ කෙනෙක් කසාදෙට තෝරාගන්න ඕනේ තමන්ට
ඕනේ කෙනෙක්ව මිසක් අනුන් තෝරලා දෙන කෙනෙක් නෙවෙයි කියලයි. තමන්නේ ජීවිත කාලයක් ඒ
මනුස්සයා එක්ක ගෙවන්නේ.”
“එතකොට කවදා හරි දවසක
උඹේ නංගිලා මල්ලිලාත් තම-තමුන්ට ඕනේ අයව තෝරාගත්තොත් උඹ ඒකටත් හා කියනවද?”
“ඔව්!”
“යකාගේ වැඩක්නෙ යකෝ!
හොඳයි, සුනිල්ම කියමුකො. තෝරාගන්නවා වේස ගෑනියෙක්. උඹ ඉඩ දෙනවද වේසියෙක්ව මේ ගෙදරට
ගෙනෙන්න. අනික් එවුන්ට ලජ්ජා වෙද්දී?”
මගේ තීන්දු බලෙන් කාටවත් පටවන්න.............. |
හැබැයි ඒකෙන්
අනික් අයට ලැජ්ජාවක් වෙනවා නම් මං කියාවි- අපේ ගෙදරට එක්කගෙන එන්නේ නැතිව උඹේම
තැනකට එක්කගෙන පලයන්- කියලා එච්චරයි!”
කොහොම වුණත් බෝගහවත්තට
වගෙම තවත් දෙතුන්-පළකටත් මනාලියන් බලන්නට යැවිණි.
තාත්තා හිතන්නට ඇත්තේ
එතකොටත් මං හිටියේ හයේ පන්තියේ කියලාය.
ඒ ඊට හය-හත් අවුරුද්දකට කලින් බව තාත්තාට අමතක වෙන්නට ඇත.
අදටත් හුඟක් දෙමවුපියන්
ඒ වගෙය. දරුවන්ගේ කරදඬු උස-මහත් වෙද්දී, දරුවන් මෝරද්දී ඔවුන්ට නිදහස දෙන්නට
දෙමවුපියන්ට හිතෙන්නේ නැත.
අපේ
නංගිලාගේ-මල්ලිලාගේ දරුවන් සමඟ පවා මට නම් ප්‍රශ්නයක් නැත. දෙමවුපියන් සමඟ කටයුතු
කරනවාට වඩා පහසුවෙන් ඔවුහු මා සමඟ කටයුතු
කරති.
ඒ ඒ වයසට ගැළපෙන පරිදි දරුවන්ට වුණත් නිදහස දෙන්නට ඕනෑය! |
ඒ මා වයසට ගැළපෙන
විදිහට ඔවුන් හා ඇසුර කරන බැවිනි. ඔවුන්ට ගරු කොට- ඔවුන්ට තීරණ ගන්නට ඉඩදී-
ඔවුන්ගේ දෙපයින් නැඟී සිටිය යුතු යයි කියන බැවිනි.
ඒ වයසේදී මට දැනුණු-හැඟුණු
විදිහට ඔවුනටත් දැනෙනු-හැඟෙනු ඇතැයි උපකල්පනය කරන බැවිනි.
ඉතින්, හැරුණු තැනට
ආපහු ගියොත් මම බෝගහවත්තේ මනාලිය බලන්නට ගියෙමි.
ඒ තාත්තාට අවනම්බුවක් නොවෙනු
පිණිසය. “මං ඒ මිනිස්සුන්ට කියලයි තියෙන්නේ උඹත් එක්ක එනවය කියලා.” තාත්තා අන්තිම
තුරුම්පුවත් ඇද්දේ එහෙම කියමිනි.
“එහෙම නම් යමු. හැබැයි
අපරාදේ... ඒ මිනිස්සුන්ගෙ සල්ලි. බලන්න එන්නම් කිව්වේ තාත්තා බොරුකාරයෙක් වෙන එක
නවත්තන්න. නැතිව මඟුලට කැමති වෙලා එහෙම නෙවෙයි ඕං!”
ඒ මා බලන්නට ගිය
දෙවෙනි මනාලියයි.
එහෙම කිව්වාම අවුල් වගේ වුණත් ඇත්ත ඒකය! මා පළමු මනාලිය බලන්නට
ගියේ unofficially විදිහටය. ඒකත් මට නොවේ; ලොකු මාමාටය; රහුබැද්දේ විදානෙලාගේ වික්‍රමසූරියටය.
බදුල්ලේ සීයාගේ මල්ලිගේ; කඩේ සීයාගේ (විනයවර්ධනකාරයෙකුවූ ඔහු මියෙන තුරු නිඳාගත්තේ මිනී
පෙට්ටියකය. මගේ වේලාපත්කඩය බලා කසාද පළ නැතැයි කිව්වෙත් ඔහුය.) පුතාටය.
කඩේ සීයා මැරෙන තුරුම හාන්සිවී විවේක ගත්තේ; නිඳාගත්තේ කඩේම තියාගෙන හිටි මිනී පෙට්ටියේය. |
එතකොට ලොකු මාමා
ගලේවෙල විදුලි ඉංජිනේරුවකු ලෙසින් වැඩ කරමින් හිටියේය.
“බාස් උන්නැහේ, මේ අපේ
මල්ලිට හොඳ තැනක් එහෙම තියෙනවද බලනවකො!”
ලොකු මාමා ඇවිත් ඉන්න වෙලාවක අපේ ගෙදරට ගොඩ වැදුණු බාස් උන්නැහේට තාත්තා කිව්වේය.
(අනේ කුරුලු කූඩුවලට
පෝස්ටුවෙදී
කියවුණේ මේ බාස් උන්නැහේ ගැනය.
දවස් දෙක තුනකින්ම
බාස් උන්නැහේ මඟුල් ඔත්තුවක් අරගෙන ආවේය. “බාස් උන්නැහේ.... ලොකු මල්ලී ඇවිත් ගිය
ගමන්ම හින්දා ආයේ ටික දවසක් යනකල් එන එකක් නැහැ. නිවාඩුත් නැහැනේ.... මඟුල් බලන්න
යන විදිහටම නෙවෙයි. නිකමට අපේ රංජිව එහාට එක්කගෙන යන්න....”
“ගිහින්, ගුණපාල
උන්නැහේ?”
“මම දන්නවනේ මූ ගැන.
මේකා කියයි කෙල්ලව ලොකු මල්ලිට ගැලපෙනවද කියලා. එහෙම වුණොත් මිනිහව ගෙන්නමු. ඒක
දෙගොල්ලන්ටම වාසියි; කරදරත් අඩුයි!”
රංජි, උඹ කෙල්ලව බලලා කියපන්කො ලොකු මාමට ගැළපෙනවද කියලා......... |
යෝජනාව ස්ථිර වුණෙන්,
මට බාස් උන්නැහෙත් සමඟ පතිරගොඩ නිවසකට යන්න වුණේය.
මනාලිය ‘කිසිම ගැහැනු
අංගපුලාවක් නැති එකියකි’යි මගේ නිර්දේශයත් තාත්තාට දුන්නෙමි. ඒ මංගල යෝජනාව එතැනින්
එහාට ගියේ නැතිය.
“මොකද නිමල් මල්ලී.
අපේ අක්කා තමුසෙලා ලොකු මාමට හොඳ මදිද?”
මගේ හිතවතෙකුවූ ලීල් පස්සේ දවසක ඇහුවාමය
මට පොළොව පළාගෙන යන්නට හිතුණේ. අප ගිහින් තිබුණේ ලීල්ගේ නිවසට බව මා දැනගත්තේ
එතකොටය. ඒ මදිවාට බාස් උන්නැහේ එයාලටත් සේරම කියලාය!
දෛවය පුදුමාකාරය. ලොකු
මාමා කසාද බැන්දේ පස්සර පැත්තෙනි. එදා මනාලියට අන්දන මනුස්සයා ආවේ නැතිවාම මනාලියට double bun කොණ්ඩ මෝස්තරය දාන්න
වුණේ, මනාලිය කැන්දන් එන ගමනට ගිහින් හිටි මටය!!
එදා මනාලියට අන්දවන මනුස්සයා ආවේ නැත. සෝමා පුංචි-කඩේ පුංචි දෙන්නා ඇයට ඇන්දෙව්වාම, අනාගත නැන්දාට double bun කොණ්ඩ මෝස්තරය දැම්මේ මාය. |
ඒ එකක්වත් නිල ගමන් නොවිණි. ඒ
හැමෙකක්ම දැනෑඳුනුකම් මත යැවුණු ඒවා වගෙය.
ඒත් ගියායින් පසු මට හංගා තිබුණු කතන්දර
තේරුම් ගියේය.
ඉතින්.......
මනමාලියන් බලන්න ගියේ ඇයි මෙච්චර කෙල්ලෝ ගොඩාක් මැද ඉන්නැද්දි? ආදර පලහිලව් එහෙම තිබුනේ නැද්ද?
ReplyDeleteහරි වැඩේනේ අසංක. කෙල්ලෝ දාහක් හිටියත් හිතටත් අල්ලන්න එපැයි! අනෙක මනමාලියෝ බලන්න ගියේ තාත්තාගේ කීමටනේ.
Deleteඅසංග, ඊළඟ ප්‍රශ්නෙට නම් දැන් උත්තර දෙන්නේ නැහැ. ඔයාලව දිගටම රඳවාගෙන ඉන්න ඕනේ නිසා. එක විදියක එක ලව් එකක් ගැන ඉක්මනටම ලියන්නම්කො.
අසංග කිවුව වගේ බතික් වැඩපොලේ ඔච්චර කෙල්ලො ටිකක් ඉඳලත් මොකුත් හුටප්පරයක් නොවුන එකනෙ පුදුමෙ.
ReplyDeleteබඩේ සර්පයො බැඳගෙන එන වැඩේනං නියමයි.
ප්‍රසන්න, මට නම් ආදරයක් ඇතිවෙන එක වෙනයි, හිතවත්ව අසුරු කිරීම වෙනයි. වැඩපොළේ හිටි අය අදත් අපට ගරු කරන්නේ එයාලට බොස් කෙනෙක් විදිහට නෙවෙයි සොහොයුරෙක් විදිහට සලකපු නිසයි.
Deleteසල්ලි බඩේ බැඳගෙන ආපු හැටි ගැන නම් අදත් හිනායනවා තමයි!
//එහෙම මිනිහෙකුට මොනවා හිතෙන්නට
ReplyDeleteඒකනේ නිදි මානේ වැඩි වෙලා පිස්සු කෙලින කොට අභිමාන යක්ෂ සංකල්පය ගැමියෝ හදාගත්තේ.
//තරහින් දැවෙමින් හිටි නිසාමය
ඕක නං හොඳ කෙලියක් නොවේ බොස්.අමතන්න ඕනි වෙලාවට ඇමතුවේ නැත්තන් වැඩේ දෙල්.ඒඒ යකාට හරියන මන්තරෙත් දැනගෙන ඉන්න ඕනි.
ස්තුතියි සිරිබිරිස් උන්නැහේ. අබිමානා කියන්නෙත් යක්ෂ සංකල්පයක්ය කියන අදහස මට අලුත්. වික්ටර්ගේ බින්දුමතී සින්දුවෙන් ඇරුණාම අහන්නවත් ලැබිලා නැහැ වගෙයිනෙ.
Deleteමාත් තරහෙන් හිටිය තමයි. එත් එතකොට මට ඕනේ වුණේ (මගේ බලුකමට) තාත්තට රිද්දන්න. ඒකට හොඳම දේ තමයි ගණන් නොගෙන ඉඳීම. ඒ සීන් එක තව ඉවර නැහැ. ඔය පටන් ගත්තා විතරයි.
මගේත් තියරිය තමා සිල් අරන් තිබ්බත්, ඕනේ වෙලාවට පෙනය පුප්පන එක.
ලව්තා සම්ත්තබන්දව මාර ඩයල් එකක්නෙ, මම මවන් හිටියෙ වෙනස් රූපයක්
ReplyDeleteඕනෙම චිත්ත රූපයක් මවාගන්න ඕනෙම කෙනෙකුට ඉඩ තියෙනවා. මම නම් කියන්නේ මධු, තව කල් තියෙනවා අවසන් විනිශ්චයකට එන්න කියලයි!
Deleteදයාබර හුචක්කුව එල්ල ගත්ත නිසා මට එක පාරක්වත් මනමාලියො බලන්න යන්න සෙට් උනේ නැහැනෙ .. දුක තමා ආපහු බඳින්න චාන්ස් එකක් ලැබුනොත් බලනව :(
ReplyDeleteකණ්ඩා, දැන් වුනත් මනමාලියෝ බලන්න යන්න මොකද බැරි. හාම්නෙත් එක්කම යන්න. මනමාලි බලන්න ගියාට බඳින්නම ඕනේ කියලා නියමයක් නැහැනේ.
Delete