අකුරු මැකී නෑ

Tuesday, September 3, 2019

හරෝහරා! - අටවෙනි කොටස

අපේ ගොබිලන් දෙන්නාටම ගණ දෙවිඳුන්ගේ කරුණාව ලැබී නැති බව ෂුවර්ය!
මං හිතුවා හරියටම හරිය! නෙවිල්ටත්, ජයශංඛටත් ගණදෙවියන්ගේ ආසිරිවාදය ලැබිලා නැතුවා වගෙය!!

ශිව දෙවියන් බ්‍රහ්මාසුරයාගේ ගැටයට අහු වුණු වෙලාවේ, විෂ්ණු දේවයාගේ නාරි ගැටේට පින් සිදු වෙන්නට ශිව බේරුණේය. එහෙත් කුමාරයන් හත් දෙනෙකු ඉපදුණේය. මෙච්චර කුමාර කන්දක් කොහොම රැකබලා ගන්නදැයි කියූ උමාව දරුවන් රොත්තම එකට බදාගෙන එක දරුවෙක් වන්නැයි පැතුවාය. 
එවෙලේ උමාවගේ දෑතින් බේරෙන්නට සමත් වුණු ගණේෂ කඳ කුමරුන්ගේ සහෝදරයා ලෙස සැලකෙයි.

මූෂික වාහනාරූඪ ගණ දෙවියන්ට ඇත්තේ එසේ-මෙසේ මොළයක් නොවේ. ඒ මොළය හැමෝටම නැත. කඳ කුමරුවන්ටවත්....

“සොහොයුර, ගිය ආත්ම භාවයේ මගේ ප්‍රිය සොඳුරිය මේ අත් බවයේ වැදි රැහැක වල්ලී නමින් ඉපිද සිටියි. මට ඇය හඳුනාගත හැකි වුණත් තවමත් ඇය මා නාඳුනන්නීය. 

-දඹදිව සිට, දේවයානිව තනිකර දමා සිරිලකට පැමිණියත් මට තවම වල්ලීගේ සෙනෙහස දිනාගත නොහැකි විය. ඇගේ පෙම දිනාගැනීමට නුවණක් කිව මැනවි.”

ගෑනු කොහොමත් සත්තුන්ට බයයිනේ..... ඒක තමයි point එක ........
කඳ කුමාරයා සොහොයුරාට කිව්වේ එයාගේ නුවණ ගැන විශ්වාසෙන්. ගණ දෙවියන් ගැටයක් ගැහුවේ සැණෙන්.

“ගෑනු කොහොමත් සතුන්ට බයයිනේ.... ඒක තමයි point එක. තමුසේ මහල්ලෙක් විදිහට වේශයක් මවාගෙන වල්ලී එන පාර අයිනේ ඉන්නවා. මම ලොකු හස්තියෙකුගේ වේශයක් මවාගෙන වල්ලිගේ පස්සෙන් පන්නනවා.”

“හරි අයියණ්ඩි, තේරුණා. අලියට බයේ කෙල්ල දුවගෙන එනකොට මට තියෙන්නේ ඉස්සරහට පැනලා කෙල්ලව බේරාගන්න.... film එකක වගේ!”

“එච්චරයි.... හැබැයි අමතක කරන්න එපා. මගේ ඇත් වේශය නැති කරගන්න නම් මෙන්න මේ කෙණ්ඩියේ තියෙන වතුරෙන් මාව නාවන්න ඕනේ. 
-තමුසේ මොන කෙළියක් කෙළියත් මට කමක් නැහැ. හැබැයි පැන් කෙණ්ඩිය අමතක කරන්න එපා... තේරුණානෙ.”

ඒත් වන දෙවඟනක් වගේ රූමත් වල්ලී බයේ දුවගෙන ඇවිත් තුරුල්ලට පැන්නාම............
‘Don't worry’ කියලා කන්දස්වාමි සොහොයුරාට කියන්නට ඇතිවා නිසැකය. ඒත් වන දෙවඟනක් වගේ දිදුලමින් හිටි කෙල්ල හස්ති රාජයාට බියවී, තුරුල්ලට පැන්නාට පස්සේ දෙවියන් වුණත් පිස්සු වැටෙන්නට ඇත.

වල්ලී එක්ක පෙම් සුව විඳ ඉවර වුණාට පස්සේ බලද්දී කෙණ්ඩිය පැත්තකට පෙරළිලාය. මැතිරූ පැන්වලිනුත් බාගයක් ඉහිරිලාය.
ඒකත් අරගෙන අයියණ්ඩිව හොයාගෙන ගියත් ඇත් රජුව නාවන්නට පැන් මදි විණි. 
කඳ කුමරු පළමුවෙන් පැන් වත් කළේ ඇතාගේ සිරුරටය. සිරුර ප්‍රකෘති වෙස ගත්තත්, ඇත් හිස ඉතිරි විණි.

ඒකෙනුත් ගණේෂට ලොකු වාසියක් වුණේල. 

ඇත් හිස නිසා මහා විශාල මොළ ගෙඩියක් උන්නාන්සේට ලැබිලාය. ඉල්ලුවේ නැති නිසාද කොහෙද අපේ ගොබිලන් දෙන්නාටම මොළේ කළඳක්වත් දායාද කෙරිලා නැහැ වගෙය!

පීරිසුත්, මර්විනුත්, මාත් මඩමේතොටට යද්දී දෙන්නාම ෂෆාන් එකේ හාන්සිවී හිටියෝය.

“ඕයි.... උඹලා දෙන්න වතුර ටිකක්වත් ළිපේ තිබ්බේ නැද්ද?”

අර නඩේ කට්ටිය උයන්න හදන්නේ. ඊට පස්සේ...............
“හදිස්සියක් නැහැනේ... රෑ වෙන්න තව ගොඩක් වෙලා තියෙනවනේ.... හෙමිහිට පුළුවන්... අර නඩේ කට්ටිය උයන්න හදන්නේ. ඊට පස්සේ අපට ඒ ළිපේම උයාගන්න පුළුවන්ය කියලත් කිව්වා!”

එතැන ජවනිකාව ලියනවාට වඩා හොඳ ඔයාලටම හිතාගන්න හරින එකය.
මොකෝ, ඔයාලා නාහපු කුණුහරුපය සිංහල භාෂාවේ තියෙන්නේ?

“හා මං ගහන්නං බත් එක..... පරිප්පු උයලා, සෝයා මීට් ඩෙවල් දාලා, පපඩමුයි මිරිස් කරලුයි බදිමු!” අපේ ළඟින්ම උන් නඩයේ හාදයෙකු කිව්වේ හොඳ සද්දෙටය. 
පස්සේ දැනගත් විදිහට ඒ ඉන්දිකය! 
හිච්චිලාගේ නඩේ හිටි ඉන්දිකට හෙමින් කතාව නම් බැහැම වගෙය!! ඒ වුණාට හිත හොඳකම ගැන නම් කියන්නට වචන නැත.

මේ පෝස්ටු මාලාවේ මුලින්ම මා කිව්වේ ඉන්දික ගැනය. 

මට මඩ වතුරට බහින්නට නොදී, එවැනි තැන්වලින් මාව කර තියාගෙන ගියේ ඉන්දිකත්, ඒ නඩයේම හිටි සුජීත්ය. ‘මාමා’ කියන නම මට ලියාපදිංචි කළෙත් ඉන්දිකමය!

ඉන්දික, භානු, මර්වින්, පීරිස්, හිච්චි (බාගෙට වැහී සිටින්නා) තිලක් හා හිරූ දෙවියන් යදිද්දී........
“මාමේ, ඔන්න ලබන සැරෙත් මාමාට වෙන කට්ටියක් එක්ක හෙම පාද යාත්‍රාවේ යන්න බැහැ. අපිත් එක්කම එන්න ඕනේ. හරිද?” ගමන අවසානයේ අප වෙන්වෙන්නට කලින් ඉන්දික කිව්වේය. 
ඊට පස්සෙත් කිහිප වතාවක්ම ටෙලිෆෝනයෙන් කතා කරද්දී ඒ බව මතක් කළේය.

“මගේ අම්මෝ, තව කොච්චර කල් තියෙනවද ඉන්දික?”

“ඒකට කමක් නැහැ මාමේ. අපි නම් දැන් තියලාම දෙයියන්නාන්සේව මතක් කරලා plan කරන් ඉන්නේ!”

ඉන්දිකලා ඉව්වාට පස්සේ ඒ ළිපේමය අපේ රෑ කෑමත් ඉව්වේ. ඊට පස්සේ තව නඩ තුනකුත්.....

නෙවිල්ලා වෙන් කරගත් තැන පිළිබඳව ඇගයීම ලැබුණේ ඒ අතරවාරයේ එහි පැමිණි හමුදාවේ කෙනෙකුගෙනි. “ඔතැන ඉවුරට කිට්ටුවෙන්ම ඉන්න දෙන්න බැහැ. ගඟේ කිඹුලෝ ඉන්නවා. උන් රෑට ගොඩට එන්න පුළුවන්. ඉවුරෙන් ටිකක් ඈතට වෙලා තමයි ඉන්න වෙන්නේ.”

හොඳ තැනක් වෙන් කරගන්න කියලා ඉස්සර වෙලා ගිය නසරානියෝ දෙන්නාත් මෙතනය.
“මදැයි නසරානියෝ දෙන්නෙක්ව ඉස්සෙල්ලා එව්වා හොඳ තැනක් අල්ලා ගන්න. දැන් ඉතින් කාපන්කෝ පරිප්පු!” 

ඒ වෙද්දී කුඩා කැබිලිත්ත වටේම; හැම තැනම වන්දනාකරුවන්ගෙන් පිරීතිරිලාය. වෙනින් තැනකට යන්නටත් බැරි නිසා, අපට වුණේ එකට ගුළිවී හිටින්නටය!

සේරටමත් වැඩියෙන් අමාරු වුණේ එතැන තිබුණු පුංචි ගල්කැට හා දඬු කෑලි හින්දාය. ඉවුරෙන් ඈත්වී ඉටිරෙදි එළාගන්නට වුණේ  තණකොළත් වැවී තිබුණු තැනකය. 
ඉතින් ගල්කැට-කෝටුකෑලි අයින් කරන්නද? 
නින්දට වැටෙන්නට ඇල වුණාමය තරු පෙනෙන්නට ගත්තේ.

පළමුවෙනි වතාවේ නං අපේ සුනිල් අපට තෝරාගෙන තිබුණේ ෆොටෝ එකේ තියෙන හාන්සි වුණු කුඹුක් ගහේ මුල හරියයි. 

දිග දඬු කෑල්ලක් හොයාගෙන, ඒකෙන් පොළොවේ වැල්ල ලෙවල් කොටය; සුන්නා ඉටි රෙදි එළුවේ. පැය බාගයක් විතර මහන්සිවී සුනිල් ඒ රාජකාරිය හමාර කරනවාත් සමඟම එතැනට ආ හමුදා භටයෙකු අප හා කතාවට වැටිලා කිව්වේ අප නොහිතූ දෙයකි.

මහන්සි වුණාම කෙරෙන්නේ කොහෙ හරි වැටෙන එකය; අත-පය දිගහැර හාන්සි වෙන එකය!
“පළවෙනි සැරේ නේද?”
“ඔව්!”

“මට හිතුණා. නැති නං ගහේ මුල කිට්ටුවෙන්ම ඔහොම ඉටිරෙද්ද එළන්නේ නෑ. මුල් අස්සේ ගෝනුස්සෝ ඉන්න පුළුවන්. ගහේ කඳ දිගේත් උන් එන්න ඉඩ තියෙනවා. කඳටයි, මුලටයි ඈතින් රෙදි එළාගන්න.”

මෙහෙම ගමනකදී කොච්චරක් නං දේවල් ඉගෙන ගන්නට තියෙනවාද? 

මේවා එකක්වත් අපේ ‘පස්මහ බැලුම්’වලට අහුවෙන එව්වා නොවේ. 
වියළි කලාපයේ නිසා සර්පයන්, පත්තෑයන්, ගෝනුස්සන් වැනි සතුන් ඉන්නට තියෙන ඉඩ වැඩිය. 

පෙරහරට කප් හිටවනවාත් එක්කම මේ සතුන්ගේ ‘අදිසි මුඛ බන්ධනයක්’ වෙනවා යි හිච්චි මහත්තයා කී කතාව ඇත්තක්ද මන්දා? 
කිසිම පාද යාත්‍රාකරුවෙකුට මෙවන් සතෙකුගෙන් ආපත්තියක්-විපත්තියක් සිද්ධ වුණු බවක් අහන්නට ලැබුණේ නැත.

දමිත් සංජය අමරසේකරට නම් කිරි ගෝනුස්සෙක්ද කොහෙදත් හමු වෙලාය!
දමිත් සංජය අමරසේකරට නම් කිරි ගෝනුස්සෙකුත් හම්බ වෙලා විත්තියයි එයාගේ ‘චාරිකා සටහන්වල’ ෆොටෝ එකකින් පෙනුණේ. 

ඒකත් මෙතනට දැම්මේ සාක්කියක් විදිහටයි. උන්ගේ ෆොටෝ නං ගත්තයි කියමුකො. 

කොයි පුතයද මෙහෙම ගමනකට ඇවිදින් වැලිමැක්කන්, කිනිතුල්ලන් වගේ සතුන්ගෙ foto අරන් තියෙන්නේ?

කවුද ඔහොම හින්නිකිතර එව්වන්ව ගණන් ගන්නේ? ඒත්........

නිදිගෙ පංච තන්තරේ නිත්‍ය පාඨකයෙකු වෙන අපේ Pra Jay උන්නැහෙත් adventures ගමන්-බිමන්වල යෙදෙන කෙනෙක් විත්තිය මං තේරුම් ගත්තේ එයාගේ කමෙන්ට්ස්වලින්.

‘හරෝහරා 3’ පෝස්ටුවට කමෙන්ට් එකක් දමමින්  Pra Jay මෙහෙමත් අහල තිබුණා.

කියන විදිහට පරෙස්සම් වෙන්න නම් මට ඉන්න වෙන්නේ නිවාස අඩස්සියේ....
'නිමල්ට අර පොඩි කිනිතුල්ලෝ එක්ස්පීරියන්ස් එක ලැබුණේ නැද්ද? 
ඔය කැලේ කඩිත් හරියට ඉන්නවා. මං පාද යාත්‍රා කාලෙ නම් ගිහිල්ලා නැහැ. 
ඊට මාස 1 1/2 විතර පස්සේ කැලේ මැද්දෙන් ලේනමට ඇවිද්දා. 
යන්න හා එන්න පැය හයක් විතර ගමන. 
සුමාන දෙකක් විතර කිනිතුල්ලෝ බයිට්!’

මොකද නැත්තේ? 

ලැබුණා නේන්නං. ඇඩ්වෙන්චරස් ගමන් ගියාට, කැලේ-කොලේ ගියාට මේ ලියන මීහරකට තියෙන ලෙඩවල හැටියට පරෙස්සම් වෙනවා නං ඉන්න වෙන්නේ ‘නිවාස අඩස්සියේ’.

මට මදුරුවෙක් කෑවත් ඇති; පලු දානවා- ඉදිමිලා ගෙඩි හැදෙනවා.

පාද යාත්‍රාවේ ගිහින් ආවමත් සුමාන දෙක-තුනක් යනකල්ම කැසිල්ලේ ඉවරයක් නැහැ! 
ඇහැට නොපෙනෙන සත්තු විදපු තැන් සේරම රතු වෙලා, පලු දමලා කස-කසා තියෙනවා. (කස-කසා තියෙනවා නං හොඳනෙ, නේද. 
ඒවාත් දමලා බොමුකෝ හොඳ සරුවත් එකක්!)

දෙන්නකෝ පාද යාත්‍රාවේ යන සැදැහැවතුන්ට මරු සරුවත් දන්සලක්!
සහතිකයි, මෙන්න දානපති උත්තමයෙකුට හරි උත්තමාවියකට හරි නියම idea එකක්. දෙන්නකෝ පාද යාත්‍රාවේ යන අයට හොඳ සරුවත් දන්සලක්!

එහෙම පිනක් කරගන්න එනවා නම් හෙම ‘කිනිතුල්ලෝ- වැලිමැක්කෝ- හෝහපුටුවෝ’ ගැනත් කල්පනාවෙන්.

අපි වගේ නෙවෙයි, තට්ටයා උන්නැහේ යන්නේ ඉල කැඩෙන ගමන්.

මට නං හරියට හිතට මදි තට්ටයා කියල කිව්වම. ඒත් මක්කැයි කරන්නේ, උන්නැහේ ලෝකෙටම ප්‍රසිද්ධ වෙලා ඉන්නෙත් ‘තට්ටයා’ නමින් නොවැ? 
එයා යන සංචාර ගැන අපට සේරම කියන්නේ ‘තට්ටයාගේ කොලමෙන්’.

එයා යන ඉල කැඩෙන ගමන් ගැන ලෝකෙටම කියන්නේ............
‘කළු ගඟ දිගේ’ කයාකයකින් (මං කියන විදිහට - රබර් පාරුවක් කියමුකො) ගිය ත්‍රාසජනක ගමනක් ගැන උන්නැහේ ලියනවා මේ දවස්වල. එයාලට වද දෙන්නේ හෝහපුටුවන්ලු

හවස හතරෙන් පස්සේ ගඟ අයිති වෙන්නේ හෝහපුටුවන්ටය කියලයි එතුමා කියන්නේ.

“ඔව් අයියේ, ගොඩට වෙලා නං මොන විදිහකින්වත් ඉන්න බැහැ. 
පොල්තෙල් මනමාලයන්ගෙන් තමයි ගඟ එපා වෙන්නේ! 
වතුරේම ගිලිලා ඉන්නවා මිසක් උඩට ඇවිත් ඉන්න දෙන්නෙම නැහැ.” 

අපේ සුනිල් කිව්වේ බලන්ගොඩ, රාස්සගල, සීතගලදී නාන්නට ගියාමය. ඒ වලවේ ගඟේ ඉහත්තාවයි.

තට්ටයා ඇතුළු පිරිසක් කළු ගඟ දිගේම කයාකයකින්..........
“පොල්තෙල් මනාලයෝ?”

“මෙහෙ අය හෝහපුටුවන්ට කියන්නේ එහෙමයි අයියේ!”

කුඹුක්කන් ඔයේ වුණත්, මැණික් ගඟේ වුණත් සන්තෑසිය වලවේ ගඟේ එකමය. 
වතුරේ ගිලී ඉන්නවා නම් ok ය. 
වැඩි වෙලාවක් වතුරෙන් උඩ ඉන්නවා නම් සොරි.com තමාය.

කැලයකදී ගිනි මැලයක් දැල්වීමෙන් කුඩා කෘමි සතුන්ගේ කරදරයෙන් බේරෙන්නට හැකි බව තට්ටයා කියා තිබිණි. 

ඒත් මඩමේතොට හැමතැනම විසිරිලා හිටි හත්-අටසීයක් ගිනි මැල ගැහුවා නම් කුමන කැලයටත් වෙන්නේ ඇමසන් වනාන්තරයට වෙච්චි දේමය. 

පාද යාත්‍රාවේ යන හැම නඩයක්ම එක ගිනි මැලය ගණනේ ගැහුවත් ...(foto-දමිත් සංජය)
Sorry විතරක් නොවේ very sorry කියලාත් කියන්නට හිතුණේ මඩමේතොට ගෙවූ රැය පහන් වෙන්නටත් කලින්ය; ඉන්දික හිතවතාගේ ‘අඬහැරය’ ඇහුණාමය.

“ඒයි හිරූ, සුජී.... තිලක්... නැඟිටපල්ලා....” අපට යාන්තම් එහාට වෙන්ට නිඳාගෙන හිටි ඉන්දික එයාලගෙ නඩයේ අයට කූද්දයි. 

එයාලා උදෙන්ම කඩල තැම්බුවෝය. මම ඔවුන්ටත් එක්කම තේ හැදුවෙමි.

“මේ යක්කුන්ට පිස්සුද මන්දා මෙච්චර පාන්දරින් නැඟිටින්නේ....” අපේ උන්නැහේලා දෙතුන් දෙනෙකුම කෙඳිරි ගායි!

“ඔන්න ගමන යනවා නං උදෙන් නැඟිටින්න වෙනවා. කෙඳිරි ගාන්න, ඤං-පචං ගාන්න ලැහැස්ති වෙන්න එපා!” 

අනතුරු අඟවා තිබුණත් අපේ ගොයියන්ට එව්වා මතක නැතිය. පළමු ගමනේදීම මේ පමාව නිසා මරු වැඩක් වුණේය!

මේ පමාව නිසා අපේ පළමු ගමනේදීම මරු වැඩක්.............
ඒ වතාවේ කුඹුක්කන් ඔයේ වතුර හොඳටම වැඩිය. එහෙම වෙන්නේ මෝය කටේ වැලි පිරිලා තියෙන නිසාය.

එතකොට කිඹුලන් නොහිටි නිසා මඩමේතොටින්ම එතෙර වෙන අයගේ පහසුවටදෝ මෙගොඩ සිට එගොඩට දිග කඹයක් ඇදලා තිබිණි. 

“කඹේ ඇදලා තියෙන්නේ නේවි එකේ අයගේ ලේසියටලු! අපිටත් මේ ඉවුර දිගේම උඩහට ගිහින් හෙරළිගස්ආරෙන් තමයි එගොඩට යන්න වෙන්නේ.” නිශාන්ත විස්තර හොයාගෙන ඇවිත් කිව්වේය.

“යකෝ, උඹත් යාල ට්‍රැකර් කෙනෙක් නේද? යාල මොකෝ- කුමන මොකෝ. පට්ටම එකමනේ paකෝ. දෙකම වනජීවී නේද..... මොකක්ද #කයෝ උඹේ ට්‍රැකර්කමෙන් ඇති වැඩේ? අපිවත් කිලෝ මීටර් එකහමාරක් වැඩියෙන් යවන්න හදන්නේ...” 

ඒ තරම් විනීතව ඇහුව නිසාදෝ, නිශාන්ත ආපහු ගිහින් කාටදෝ කොක්කක් ගහලා ආවේය.

“සමහරවිට වැඩේ කෙරෙයි!”

“අපිව හෙරළිගස්ආරටම  යවලද වැඩේ කරන්නේ?”

හෙරළිගස්ආරෙන් එගොඩ වෙන්නට පහසු ඒ ඉසව්වේදී කුඹුක්කන් ඔය ගොඩක් පළල්.......... 
“ඕකනේ කියන්නේ.... අයියලා ඔරොප්පුවටමනෙ කතා කරන්නේ... 
නේවි එකේ බෝට්ටුවක් සෙට් කරගත්තා.... 
එළිය වැටෙනකොටම නෝන්ඩි නැතිව බෝට්ටුව ළඟට එන්න කිව්වා. 
කට්ටිය හිටියොත් තමා මිස් වෙන්නේ....”

උදෙන්ම අවදිවුණු මම අනෙක් පස්දෙනාටත් තේ හදාදී සූදානම් වුණෙමි.

“මේක bed ටී එකක් නෙවෙයිනේ. ඉටි රෙද්දෙන් නැඟිටලා අපිටම ළඟට ඇවිත් ගන්නනේ වෙන්නේ....” ඒ අස්සේ නෙවිල් නෝක්කාඩුවකුත් කියපි. 
එතකොටත් මා හිටියේ රත් වෙමිනි. 
මේ යන විදිහට නම් හතටවත් මෙතනින් පිටත් වෙනවා බොරුය. 
කුඩා කැබිලිත්තේ නැවතී හිටි අයගෙන් වැඩිම දෙනෙකු පිටත්ව ගිහිනුත් ඉවරය. 
අපේ උන් තවම ලතවෙයි.

“ඔන්න තමුසෙලා පරක්කු වෙනවා නං මම තනියෙන් හරි පිටත් වෙනවා. ආයේ මොකුත් කියන්න එපා.”

“ඉතින් පිටත් වෙනවකො. අපිට කිචියැ.”

මර්වින්, නිදි, සුනිල්, නිශාන්ත හා නෙවිල් කොටළිඳවෙලදී............
“ඇත්තද අප්පුහාමිලා..... සුනිල්, මගේ බෑග් එක ගැට ගහනව.”

අපේ අරෝවෙන් වැඩියත්ම අසරණ වුණේ අපේ සුනිල්ය. අනෙක් අය තේ බීලා ඉවර වෙනතුරු සුනිල්ගේ බෑගය අහුරාගන්නට බැරිය. 
තේ හදන- බොන ආම්පන්න; කළමනා තිබුණේ එයාගේ බෑගයේය. 

මගේ කීමට පිටුපාන්නටත් බැරිය. සුනිල් මගේ බෑගය පිටට තබා පටි තද කළේය.

ඒ ගමනේදී අපෙන් කිහිප දෙනෙකුටම ඩෙනිම් රෙදිවලින් බෑග් මැසුවේ සුනිල්මය.

මගේ අත් දෙක නිසි විදිහට උස්සන්නට; දිගහරින්නට බැරි හින්දා ඒ බෑගය දෙවුරට දමාගන්නටත්, පටි තද කරගන්නටත් කාගෙ හෝ උදව්ව ඕනෙමය! 
එවෙලේ අපේ සුන්නා මට උදව් කළේ නොකර බැරි කමටය. 
මම පිටත් වීමි. ඒ තනිවමය. 
තරහෙන්මය.

කුඩා කැබිලිත්තේ සිට හෙරළිගස්ආරට මීටර් හයසියයකි............
කුඩා කැබිලිත්තේ සිට හෙරළිගස්ආරට මීටර් හයසීයකි. 

එතැනදී කුඹුක්කන් ඔය හරිම පළලය. ඒ නිසාය හමුදාවේ අය වන්දනාකරුවන්ට එතැනින් එගොඩ වෙන්නට කියන්නේ. 

ඒ දුර ගෙවා, එගොඩවී ආපහු මීටර් හයසීයක් ගෙවා එනවිට මම ගඟ හරහා බැලීමි. දෙතුන් දෙනෙකු විතරය එතැන හිටියේ. 

අපේ අයත් නැත!

“අම්මට සිරි! කට්ටිය මඩමේතොටෙන්ම එගොඩ වෙලා ගිහින්. සෑහෙන ලීඩ් එකක් අරගෙන තමයි. සවුත්තු වෙන්නය? ඩබල් එකේ ඇදලා යන්නයි වෙන්නේ.”

කටේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙද්දී මම පය ඉක්මන් කර යන්නට වීමි. 

මොන ඉක්මනක්ද? අනෙක් නඩවල අය ‘හරෝහරා’ කියමින් මා පසු කර යති.

අනෙක් හැමෝම 'හරෝහරා' කියා දේවාසිරි පතමින් මා පසුකර යති!
සමහර තැනක පෙනෙන තෙක් මානයේ කවුරුන්වත් නැත. 

මම මටම සාප කරගත්තෙමි. “කමක් නැහැ. පාර හොඳට පැහැදිලියිනෙ... වරදින්නයැ. උන්දැලා නැවතිලා ඉඳියිනෙ. මොකෝ, දිගටම යන්නය?” 

මා නැවතුණේ නැත. ඒ එපා නිසා නොවේ, විදිහක් නොතිබුණු නිසාය. 
නැවතිලා බෑග් එක ගැලෙව්වොත් ආපහු දමාගන්නේ කොහොමද? 
ගාට-ගාටා යද්දීය පාර මැදම වාඩිවී හිටි වියපත් දෙමළ කාන්තාවන් තිදෙනෙකු මට හමු වුණේ.

ඔවුහු මා සමඟ කතා කළහ. 

‘ඇයි තනියෙන්?’ 
‘ටිකක් හෙමින් යන්න... නැවතිලා  අපිත් එක්කම යමු'

'ආ මේ මුං කිරිබත් ටිකක් කාලා ඉන්න.’ 
'සිංහල බැරි වුණාට කමක් නැහැ.’ 

‘බුලත් විටකුත් දෙන්නද?’

දෙමළ ‘අන්ද්‍රා දෙමළ’ වගේ වුණු මට, සිංහල වචනයක්වත් නොවැටහෙන එයාලාත් එක්ක සංනිවේදනය ඒ තරම් අමාරු වුණේ නැත. 
අපේ ඉඟි-බිඟි, මුහුණ, අත-පය සේරමගෙන් කතා කරන්නට පුළුවන්ය!

එහෙම දෙයක් අරගෙන එනකොට මුරුගාත් අපේ උරහිස උඩින් අපිත් එක්කම.............
‘ආයෙමත් මෙහෙම එනකොට කතරගම දෙයියන්ගේ කුන්තායුධයක් හරි ඇටවැලක් හරි අරන් එන්න. එතකොට දෙවියොත් අපේ උරහිස් උඩින් අපිත් එක්කම වඩිනවා....’

සහතිකෙන්ම මටත් තවම පුදුමය. ඒ තරම් දේවල් අප කතා කළේ කොහොමද?

ඊළඟට, සෑහෙන තරම් දුරක් යනතුරු මම ඔවුන් හා ගියෙමි. නිමක් නැති කරුණාවක් මට පෙන්වූ ඒ අම්මලා මඩ වගුරක් හරහා යාමෙන් පාර කෙටිවෙන බව කිව්වෝය. 

“බය වෙන්න එපා. සපත්තු ගලවලා එන්න. අතැනින් මේ බාල්දියකට වතුර අරන් දෙන්නං කකුල්වල මඩ හෝදාගන්න!”

මට පව් පිරෙන්නට ඇතිවාට සැක නැත. 

මට වඩා වැඩිමල් ඒ අම්මලා ප්ලාස්ටික් බාල්දියකට වතුරත් පුරවලා ගෙනැවිත් දුන්හ.

ලවණ සහිත වැලි පොළොවේ වැවෙන උප්පුරවි......(foto-කසුන් ප්‍රියලාල්)
තව ටික දුරක් යද්දී ඔවුන් වියළෙමින් තිබුණු විල්ලුවක නැවතී කුඩා පඳුරු වගයක් කඩන්නට පටන් ගත්හ. 

‘මොනවද ඔය? මොනවටද?’ මම ඇසුවෙමි.

“උප්පුරවි!”

ලබන කොටසෙන්........... ‘උප්පුරවි ......’

13 comments:

  1. බොහොමත්ම ස්තූතියි මා ගැනත් මා විසින් ජනසතු කල බ්ලොගය ගැන ලිවීම ගැනත්.

    පෘථග්ජනයින් වන අප කොහොමත් කැමතියි නොවැ ඔවැනි දේට හිත් ඇතුලතින්! ප්‍රසිද්ධියේ පොර ටෝක් ඉෂූ කලාට බහුතරයත් එහෙමම තමයි.

    සත්තකින්ම අපි කරණා ගමන් බිමන් ඔය තරම්ම ඉළ ඇට කැඩෙන ඒවා නම් නොවේ. ඒත ඒවා කොරණ්න ගිය තැන වෙන දේවල් නම් ඉළ ඇදෙන ඒවා වෙන එක ඉතා සාමාන්‍යය දෙයක්.

    මා ලියන හැම මේ චාරිකාවක් ගැනම මුල සිට අකුරක් නෑර ලියන්නේ; කවුරු කවුරු හරි මේවා අපි වගේම කරයි කියන බලා පොරොත්තුවෙන්.
    කොටින්ම අත් පොතක් ලෙසට.
    කන බොන දේ, ගෙනියන දේ, පවත්වා ගත යුතු අචාරධර්ම, මුහුණ දෙන ගැටළු, ඒවාට මුහුණ දිය යුතු ආකාරය හා මුහුණ දුන් ආකාරය, සිදුවූ අතපසුවීම්;
    කොටින්ම වී.ඩී. ද ලැනරෝල් මහතා කීවා සේ "මෝඩකම් - හපන්කම් හා පුරසාරම්" සියල්ල එක් කොට ලිවීමක් කරණ්නේ උපරිම සද් භාවයෙන්මයි.

    ඉතින් අම්මපා වෙලාවක යමුකො කොයි ලෝකෙ හරි ඔය කියන තරං ඉළ ඇදෙනවාද කියලා බලන්නම.

    කාටවත් කියන්න කරණ්න එපා මගේ ඊළඟ පැලෑන තමයි ගිං ගඟේ චාරිකාවක්. මොකද කියන්නේ? කරමුද?

    ඉතින් හැමදාම වගේ නිදි ඔබ ලියන රසාලිප්ත් පෝස්ටුව කියෙව්වා.
    කොමෙන්ටු නොදාන්නේ ඇයි කියා නිකීවාට තේරෙණවා නොවැ. ලියන්න ගියාම ආයෙ කාපිරියා ඇස්ටෝම් ගෙදර ගියා වගේ තමයි.
    ලියන්න හිතෙනවා පෝස්ටුව දෙපිටින් යන්න!

    කොහොමත් ලියැවෙන්නෙත් එහෙමම තමයි.

    බොහොමත්ම ස්තූතියි නැවතත් ඔබට.

    ReplyDelete
  2. හැම දාම වගේ අදත් කියන්න ඕනම එක ලියවිලා නෑ!

    කිසි අවුලක් නෑ!!

    තට්ටයාට තට්ටයා නොකියා වෙන මොනවා කියන්නද?

    මම පාරෙ යනකොට තට්ටයෙක් අවුලක් කලොත් මම ඔළුව දාලා කෑ ගහනවා "කොහෙද තට්ටයෝ යන්නේ?" කියලා.

    ඒ මනුස්සයා හැරෙණ්නේ; හක්බෙල්ලාවක පොදු සුසාන භූමියේඅ දැනට දශක ගනනාවක සිට මේ ලෝකෙට කිසිම අවුලක් නොකර සැතපී ඉන්න අපෙ සදාදරණීය මෑණියන්දෑව සිහි කරමින්!

    ඒත් මාව දැක්ක ගමන් "උඹත් තට්ටයෙක් නේ!?" කියන එක තමයි කියැවෙන්නේ.

    මාත් ඉතිං "අම්මටසිරි ඇත්ත නේන්නං . .!?" කියලා මාරුවෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ගජ වේගෙන එනකොට දූලගෙ තොලකට වේළෙන්නේ- ගිංතොට නැන්දගේ දූවරු සන්දයි ගඟබඩ පත්තුව වැනසෙන්නේ - කියන්නෙත් ඔය යන්න හදන ගිංගඟ ගැන නේද?

      යන්න ආසයි මහත්තයෝ. නමුත් මම දන්නවානේ මගේ දැන් තත්වය ගැන. වතුරකට වැටුණොත් මගේ අත්වලින් අල්ලලා ඇදලා ගන්නත් බැරි මට්ටමකනේ ඉන්නේ. අත් දෙක ගැලවෙයි, කඳ ගඟේ තියෙද්දී.

      ගියා වගේම තමයි,ඔයාගේ ගමන් විස්තර කියවද්දී.

      Delete
  3. https://www.biodiversityofindia.org/index.php?title=How_Lord_Ganesha_got_his_elephant_head

    හෝහපුටුවො කියන්නෙ sandflyටම නේද?
    තල්ගස්මංකඩ මැණික් ගඟේ නානකොට ඇතිවෙන්න විදිනව.
    ඒමදිවට සංචාරක නිවාසෙ ඉස්සරහ ගහක එක කාලෙකට දලඹුවො පිරෙනව. උනුත් වැටෙනව

    ReplyDelete
    Replies
    1. පාර්වතී දේවි ස්නානය කරන තුරු රැකවල් කළ කතාව නම් කියවලා තිබුනා. ශනිට පෙන්වපු කතාවත් දැන් දැනගත්තා.

      හෝ හපුටුවෝ මෙච්චරට වදයක් කියලා තේරෙන්නේ දැන් නොව. උන්දැලා හැම තැනම ඉන්නවා වගෙයි.
      දළඹුවන් පිරෙන්නේ සූරිය ගහකටද?

      Delete
  4. අපොයි රාස්සගල හෝ හපුටො ගැනනං කතා කරල වැඩක් නෑ. අපේ ලොකු මස්සිනා ඉන්නෙ එහෙනෙ. ගිහිල්ල ආපුවාම අත් දෙකේ පලු දහයක් පාලොවක් වරදින්නෙ නෑ.

    කටිටියට කලින් යන්න ගිහිල්ල වැඩේ අනාගෙන නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, ඔයාට පොල්තෙල් මනමාලයෝ නම ඇහුණේ නැද්ද එහෙදී?

      කට්ටියට කලින් නෙවෙයි, ඔරොප්පුවට. අනාගත්තේ නැහැ. එයාලටයි ඇනුනේ. ඉන්නකෝ කියනකල්.

      Delete
    2. එහෙම නමක්නං ඇහුනෙ නෑ. ඊගාව පාර ගියාම හොයල බලන්නෝන.

      Delete
  5. මම හිතන්නෙ ඔය හෝහපුටන් කියන ජාතිය හැම මනුස්සයාගමෙ කන්නෑ

    ReplyDelete
    Replies
    1. හෝහපුටුවන් ගැන නම් දන්නේ නැහැ, නමුත් වෙන්න පුළුවනි.

      මොකද දන්නවද මධු, ඇඟේ උණුසුම අඩු අයව මදුරුවන් දෂ්ට කරන්නේ නැහැ. උන් ලේ උරා බොනවා නෙවෙයි. විද්දාම නලය දිගේ ලේ ගමන් කරනවා පීඩනය නිසා. උණුසුම අඩු අයගේ රුධිරයේ ඝනත්වය-උකු බව වැඩි නිසා එහෙම ලේ යන්නේ නැහැල්ලු. මුන්ටත් ඒ තියරිය පොදුද දන්නේ නැහැ.

      Delete
    2. හැම මනුස්සයම නොකනවද කියලනං දන්නෙ නෑ ඒත් කවදාවත් තමංගෙ ගමේ ඉන්න එවුවොනං කන්නෙ නෑ.සමහරවිට කෑවම දැනෙන්නෙ නැද්ද දන්නෙත් නෑ. පිට කොහේ හරි ගියාම තමයි ඔය සීන් එක වෙන්නෙ මටනං.

      Delete
    3. හෝ හපුටුවො කන්නෙ පිරිසිදුවට ඉන්න අයගෙ...හපුට්ටො වගේ නාන්නෙ මූණ හෝදන්නෙ, ඇදුම් හෝදන්නෙ නැතුව හිටියම උන් කන්නෙ නෑ.....ඕ යේස්....

      Delete
    4. ඒකත් එහෙමද ලොකු? හෝහපුටුවෝ එකතුවෙලා මරාගෙන කාපුදෙන් , නොනා නං ඉන්න බැහැ.

      Delete