පොසොන් පෝයට අනුරාධපුරේ එන්නකෝ............. |
“නිමල් අයියේ, එන්නකෝ පොසොන් එකට අනුරාධපුරේ! සෞඛ්‍යදානෙන් අපි වන්දනාකාරයන්ට බෙහෙත්
කරනවා... ප්‍රථමාධාර දෙනවා....
-හැබැයි youth එකට වගේ සම්පත් නං නැහැ. අපිට කන්න
දෙන්නෙත් එහෙ දන්සැලකින්.... ඒවාම තමයි ඔයාලටත් දෙන්න වෙන්නේ. කැමතියි නං ඇවිත්
බලන්න....” 1983 හෝ 84 හෝ අරුණගෙන් කෙරුණු ඒ ආරාධනාව පිළිගත්තේ නිවාඩු ගැනීමේ ප්‍රශ්නයක්
නොතිබුණු උපාලි ජයරත්නත්, මාත්ය.
“එච්චර වියදමක් යන්නේ නැහැ නිමල් අයියේ.
ඔයාලට බස් එකට හරි කෝච්චියට හරි විතරයි වියදම් වෙන්නේ. අපට ඉන්න තැනක් හම්බ වෙනවා.
හැබැයි ඉතින් පැදුරක් උඩ හරි බංකුවක් උඩ හරි තමයි...... ඒ වුණාට හරි ජොලි!”
සෞඛ්‍යදානයේ පිරිවරත්, අනුරාධපුරේ ගිය අප
දෙන්නාත් ඒ දවස්වල නැවතී හිටියේ රුවන්වැලි සෑය කිට්ටුවෙන්ම තිබුණු පරණ ගොඩනැඟිල්ලකය.
පරණ සාන්ත ජෝශප් ඉස්කෝලේ තිබුණේ රුවන්වැලි සෑය කිට්ටුව........ |
“ඒක නිමල් අයියේ, පරණ ශාන්ත ජෝශප් ඉස්කෝලේ. ඒ
කාලේ ඒක අයිති වෙලා තිබුණේ භික්ෂු විශ්ව විද්‍යාලයට.
එදා හිටපු කට්ටිය කවුද කියලා
ඔයාට නම්වලින් මතක නැතිව ඇති, නේද? ඉස්සර ඉතින් අපිට හිතිච්ච ගමන් ෆොටෝ එකක් ගන්න
කියලයැ, දැන් වගේ?
නැතිනම් බලාගන්නවත් තිබුණා. අපේ කට්ටියෙ ලක්ෂ්මී, හේමා, සුමනෙ,
සිසිර, අතුල, ඥාණේ, කිරිල්ලී වගෙ... සීයක් විතර හිටියනේ ඒ පරණ ගෙදර!”
“සීයක් විතර? මට එච්චර හිටිය බවක් දැනුණේ
නැහැනෙ.”
“ඒ ඉතින් සේරමලා එකම වෙලාවක එහාට ආවෙ නැති
හින්දා. ඩියුටි අතරේ මාරුවෙන් මාරුවටනේ කෑම කන්න වුණත් ආවේ.”
වෙන්නැතිය; අරුණ
කියනවා හරිය.
ඒ හැමෝම duty first සෞඛ්‍යදාන ස්වේච්ඡාසේවීන්ය.
“දැනුයි තේරෙන්නේ. අපි දෙන්නත් ඔහෙ ආවට මොකද
ඒක ඔයාලට කරදරයක් වුණා නේද කියලා.”
ප්‍රථමාධාර කඳවුරකදී..... දකුණු කෙලවරේ යමක් ලියන්නේ අරුණයි.... |
“එහෙම හිතන්න එපා අයියේ. අපේ ළමයින්ටත් ඔයාලව
අමුත්තෝ නෙවෙයිනේ. යූත් එකේ seminarsවලට ඇවිත් එයාලා ගොඩක් ඔයාලව අඳුනගෙන හිටියේ.
ඒ වගේම, ඔයාලා දෙන්නත් අපිට ගොඩක් උදව් වුණේ!”
අරුණ කොළේ වහන්නට හැදුවත් ඇත්ත
මේකය.
උපාලිත් මාත් දැනගෙන හිටි ප්‍රථමාධාර දීමක් හෝ වෛද්‍යාධාර දීමක් හෝ නැතිය.
අපට කරන්නට හැකි වුණේ කෑම ගෙනෙන්නට යනවිට උදව්වට යාම පමණි.
“නිමල් අයියට ඒක මතකයිද?” අරුණට පුදුමයකි.
“වාරිමාර්ගේ දන්සලෙන් තමයි අපේ කට්ටියට කෑම දුන්නේ.”
“ඒක නෙවෙයි අරුණ, මට අමතක නොවෙන්නේ! දන්සල
තිබුණු තැන පන්සලේ..... ඉතින් ඊට පස්සේ චිත්‍රකතාවේ කැලුම් වගේ හදලා තිබුණු බුදු
පිළිමේ!”
“ඒ සාරානන්ද පිරිවෙනේ පිළිම වහන්සේ වෙන්නැති.
එහෙ දන්සලෙනුත් අපේ ළමයින්ට කෑම දුන්නනේ.”
අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ බුදුරුව දකිද්දී 'ඉතින් ඊට පස්සේ' කැලුම්ව......... |
එතකොට එය පැරණි පිළිමයක් නොවේ; නූතන එකකි.
මට
නම් කොරපොතු මාන්දම වෙන්නට ඕනෙය; මොන පැත්තෙන් ඉඳගෙන බැලුවත් මට ඒ පිළිමයෙන්
තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේව පෙනුණේ නැතිය;
ඔළුවෙන් හිටගෙන විතරය
බලන්නට බැරි වුණේ.
මට පෙනුණේම ‘ඉතින් ඊට පස්සේ’ චිත්‍රකතාවේ ‘කැලුම්’වය.
ඒ දවස්වල
මං කන්නාඩි නොදාපු හින්දා වෙන්නත් පුළුවනිය; එහෙම පෙනුණේ.
‘මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා-
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා.....’
මෙදා රජීව වෙල්ගමගේ
අතින් එහෙම ලියවෙන්නට තරම් එදා ගල් වඩුවා නම් නිපුනතා ඇත්තෙක් විණි.
එතරම් සංවේදී
සිතුවිල්ලකට ළයාන්විත තනුවක් යොදන්නට දර්ශණ රුවන් දිසානායක පෙන්වූ සමත්කමම සුගායනීයව ගායනයේදී සුනිල් එදිරිසිංහයන්ද දක්වා ඇති බව අමුතුවෙන් කිව යුතු
නැත.
එහෙත් මෙවන් අග්‍රගණ්‍ය හපනුන් බිහිවෙන රටක-
පෙරට එන අද්‍යතන ප්‍රතිමා ශිල්පියෝ, ගල් වඩුවෝ එදා කලාකරුවන් තරම් පිරිපුන් උදවිය
නොවෙත්ද?
එදා කලාකරුවෙකු අද්‍යතන චිත්‍ර ශිල්පී සිතුම් සුධාරගේ තෙළිතුඩෙන්........ |
ඒ කාලයේ බුදු පිළිම නිම කළේ ‘නවතාල ක්‍රමය’
උපයෝගී කරගෙන බව අද ශිල්පීන් දන්නේ නැතිද? එහෙම දේවල්; එහෙම දැනීම අද ගුරුකුලයකට
සීමා වුණු රහස් නොවේ.
එහෙත් නූතන ප්‍රතිමා ශිල්පීන්; ගල් වඩුවන් ගල් යුගයෙනුත්
එහාට ගිහින්ද කියලා හිතුණේ එදාය.
ඊට පස්සෙත් දෙදාස් ගණන්වලදී, ආයෙමත් මට එහෙම හිතුණේය.
එහෙම හිතෙන්නේ මහරගම, දෙහිවල පාර දිගේ ටික
දුරක් යද්දී, වම් පැත්තේ තියෙන බෞද්ධ ආයතන භූමියක වඩා හිඳුවා ඇති සුවිසල් සෙල්මුවා
බුදු පිළිමයක් දකින වාරයක් ගණනේය.
ඔය සේරම වෙන්නේ මට ඕනෑම දෙයක් ‘භක්ති
නේත්තරාවෙන්’ නොපෙනෙන හින්දා තමාය. එහෙම භක්තියක් නැති නිසා ‘අව් රැල්ලකටත් බුදු
රැස් කියලා රැවටෙන වාසනාව’ මේ පඩත්තල මට නැත.
ඒ හින්දාම බුදු පිළිමයක වුණත් සමාධි
ගුණය තියෙනවාදැයි බැලෙන්නේ නිරුත්සාහයෙනි.
මට පෙනෙන ආකාරයට නම් මේ පිළිම වහන්සේ නව තාල ක්‍රමය අනුව.............. |
දෙහිවල පාරේ, බොරලැස්ගමුව
වැවට මුහුණලා හිඳින ඒ සමාධි පිළිම වහන්සේගේ ‘ගෙල’ කොටය! මහත වැඩියි වගෙය!!
එහෙව් අඩුපාඩු නැති, අංග පුලාවෙන්- කඩවසමෙන්
පිරිපුන් යව්වන-යව්වනියන් රැසකි; අනුරාධපුර ‘සෞඛ්‍යදාන පොසොන් කඳවුරේ’ හිටියේ. ඒ
පිරිස අතරේ කිරිල්ලීත් හිටියාය.
හිටියා කිව්වාට උපාලිටවත්, මටවත් ඇය ගැන
විශේෂයෙන් නිනව්වක් තිබුණේ නැත.
ඒ කිරිල්ලීගේ වැරැද්දක්වත්, අපේ වැරැද්දක්වත්
නිසා නොවේ!
එතකොට අපි හැම දෙනාම ටෙස්ටෙස්ටරෝන්, ඊස්ට්‍රජන් හෝමෝන හොඳින් වහනය වෙන-
යව්වන මදයෙන් මත් වුණු අය වීමු.
ඒ කිරිල්ලීගේ හෝ අපගේ හෝ වැරද්දක් නිසා නොවේ! |
එහෙත් අප හැමදෙනාම අතරේ තිබුණේ සහෝදර
බැඳීමකි.
තජකයෙදී වුණත් එහෙමය. අපමණ නිදහසක් තිබුණත්; එයින් අයුතු ප්‍රයෝජන
නොගන්නටත්, එකිනෙකා ආරක්ෂා කරන්නටත් අපට තිබුණු හැදියාව......
එහෙම වුණේ නිකම්ම නොවේ.
තජකයේ අපට පුහුණු කර
තුබුණේ ‘තරුණ පෙළ වෙනුවෙන් තරුණ-තරුණියන් විසින්ම වැඩ සටහන් සම්පාදනය කළ යුතු
බවයි. ඒවාට නායකත්වය සැපයීමත්, මෙහෙයවීමත් අප විසින්ම කළ යුතු බවයි!’
එවන් දැක්මකින්
යුතුව, අප කෙරෙහි පූර්ණ විශ්වාසය තබද්දී අපි අපටම නීති-රීති හදා ගත්තෙමු.
අපේ පොලීසිය වුණේ අපමය;
අපේ විනිසුරුවන්- අපේ
ගුරුවරුන් වුණේ අපමය.
විටෙක ලොක්කන් වෙන අපට ඒ සමඟම සොක්කන් වෙන්නටත් හැකි විණි.
විටෙක ලොක්කන් වෙන අපිම විටෙක සොක්කන් වීමු! |
සෞඛ්‍යදානයේ වුණත් මට පෙනුණේ ඒ රටාවමය.
අරුණ,
කිරිල්ලී ඇතුළු නඩයම සම වයසේ උන් අයයි. අපේ වයසේම අයයි! ඉතින්, සාරානන්දයේ හරි
වාරිමාර්ගයේ හරි දන්සලකට ගිහින් ලොකු ප්ලාස්ටික් බාල්දිවලට දැමූ කෑම රැගෙන ඒම අප
කාගේවත් හිතට බරක් වුණේ නැත.
නමුත් ..... අර පිළිමය දකින වාරයක් ගණනේ....
සාරානන්ද පිරිවෙනේ බුදු පිළිමය එදා කොයි තරම්
රිදවිල්ලක් මගේ හිතේ ඇති කළාද කියලා හිතාදර ඔබට කිව්වාට මදිය.
සාධක ඇතිවම
පෙන්වන්නට ඕනෑය.
ඒ සිතිවිල්ලෙන් යුතුව, පැය ගණනාවක් තිස්සේ එහි foto එකක් ජාලයේ හොයමින්
වෙහෙසුණෙමි. තවමත් හිතට හරි යන එකක් හමු වුණේ නැත.
එහෙම වුණත්, ඉතා වැදගත් කතාවක් අහම්බෙන් හමු
වුණේ එතකොටය.
මේ පුණ්‍ය භූමියේ......... (සිත්තම- සිතුම් සුධාර) |
“.... මෙම පිංබිමේ දැනට ඉදිකර ඇති 88 රියන්
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ බොහෝ දුරට කරගෙන යන අතරේ පුරාවිද්‍යාවෙන් ලිපියක්
ලැබිණි.
-වහාම පිළිමයේ වැඩ නවත්වා එය කඩා ඉවත් කරන ලෙස එම ලිපියේ සඳහන්ව තිබුණි.
වැඩ නැවතුණේ නැත.
නිලධාරි මහතෙකු නාහිමියන් හමුවට පැමිණ “නායක හාමුදුරුවනේ. මෙම
පිළිමය අවසරයක් නැතිවයි ඉදිකරන්නෙ. ඒ නිසා එය ඉවත් කළ යුතුයි. අනික මේ පැරණි
සිද්ධස්ථානයන් තිබෙන තැන්වල මේවා ඉදිකරපුවාම පැරණි ඒවාට අගෞරවයක් වෙනවා. එම නිසා
මෙය ඉවත් කළ යුතුයි.”
-එවිට නාහිමියෝ ‘මහත්තයෝ, මේ රට බුදුන්
වහන්සේට හත් වතාවක් පූජා කරපු එකක්. ඒ නිසා බුදුන් වහන්සේට ලංකා පොළොවේ ඕනෑම තැනක
වැඩ ඉන්න කාගේවත් අවසරයක් අවශ්‍ය නැහැ.
-අනික පැරණි සිද්ධස්ථානවලට අලුතින් ඉදිවෙන
ඒවා නිසා අගෞරවයක් වෙනවා නම් මට ඉස්සර වෙලා දුටුගැමුණු රජ්ජුරුවන්ට දඬුවම් දිය
යුතුයි.’
පිළිම නිර්මාණයේ කටයුතු....... (සිත්තම- සිතුම් සුධාර) |
නිලධාරි මහතා නැගිට ගියේය.
පිළිමය නිර්මාණය
කිරීමේ කටයුතු දිගටම සිදුවිය. දැන් එම පිළිම වහන්සේ බෞද්ධ ජනතාවගේ භක්තිය, ගෞරවය
හා ශ්‍රද්ධාව ඉස්මතු කරන්නක් බවට පත්වී ඇත..........”
(ඒ කතාව නිවැරැදි නම් නිමල් දිසානායක
බෞද්ධයෙක් නොවේ.) වන්නාටය!
රසික ඔබ කියවූ ඔය සිදුවීම මා කියන්නක් නොවේ.
මා කළේ 2019 මාර්තු 12 ‘දිනමිණ’ පුවත්පතින් ටිකක් උපුටා
ගැනීම විතරය. උඩින් විතරක් නොවේ, යටි පෙළෙනුත් කියවෙන දේවල් විමසීම ඔබට භාරය.
කාලාන්තරයක් පවතින්නට කෙරෙන මෙවන් කටයුතුවලදී
ඒවා සුදුස්සන්ටම භාර දෙන එක හොඳය. ඒත් ගස් නැති රටේ තුත්තිරි ගහත් ගසක් වෙනවලුනෙ.
එහෙම උකුණන් ලවා ගල් අද්දවපු කතන්දරයකුත් විටෙක අරුණගෙන් කියැවිණි.
එතකොට තදේටම යුද්දේ! දොස්තරලා හිඟයි......... |
“එතකොට තදටම යුද්දෙ යනවා. වව්නියාවේ, ත්‍රිකුණාමලේ
දුර තියෙන ඉස්පිරිතාලවල ඩොක්ටර්ස්ලා හිඟයක් තිබුණා.
මොරවැව, ගෝමරන්කඩුව,
මහදිවුල්වැව, මාමඩුව, මහ කච්චකොඩිය, නීලපොල......(අරුණ තව නම් වැලක්ම කියාගෙන
ගියේය. ඒවා මෙතැන නොලියන්නේ මං වහන්සේ පවා ඒ නම් පළමු වතාවට ඇහුවේ එවෙලේ බැවින්ය.)
වගේ තැන්වල තමයි දොස්තර මහත්තුරු හිටියෙම නැත්තේ.
-ඒ වගේ ගම්වලට නිතරම attack
කෙරුණා.
-ඒ වෙලාවේ අපි වගේ පුහුණු ස්වේච්ඡාසේවීන්ව
තෝරලා අරන්, තව ට්‍රේනින් එකකුත් දීලා barefoot doctorsලා විදිහට ඒ තැන්වලට යැව්වා.
ඒ අත්දැකීම් නම් නිමල් අයියේ.....”
බර හීල්ලීමක් අරුණගේ කතාවට කෙටි විරාමයක්
තිබ්බේය.
“ඔයාලට ප්‍රශ්නයක් වුණේ නැත්ද?”
අරුණට ටික වෙලාවක් යන තුරු ‘මුඛ බන්ධනයක්’
වුණේ එවිටය.
“.....අපේ දහ දොළොස් දෙනෙකුටම එහෙම පත්වීම් හම්බ වුණා.... මං හිටපු
සෙන්ටර් එකට අල්ලපු එකේ හිටිය යාළුවා AGA එක්ක ට්‍රින්කෝ ඉඳලා ජීප් එකක එද්දි
blast එකකින් නැති වුණා!”
අල්ලපු මෙඩිකල් සෙන්ටර් එකේ හිටි යාලුවා බ්ලාස්ට් එකකින්........ |
එයාලාට කොයි තරමකට පරාණ භය දැනෙන්නට ඇතිද?
“අරුණට මතකයි නේද, 83 ජුලි කලබල පටන් ගන්න දවසෙත් අපි හිටියේ අනුරාධපුරේ. Youth එකෙන් දහදෙනෙක් ඇවිත් ඉස්කෝල දෙකක programmes කර-කර ඉන්දදියි ඇඳිරි නීතිය දැම්මේ.
-අම්මෝ.... ඒ සැරේ අපි කොළඹට ගිය හැටි... මර බයේ! අනුරාධපුරේ ඉඳලා කොළඹට යන්න දවස් දෙකක් ගියා..... මං තවම පංච තන්තරේට එව්වා ලිව්වෙ නැහැ... ඒක නෙවෙයි, ඊට පස්සේ මොනවද වුණේ? ස්වේච්ඡා සේවෙට තිබිච්ච උණ සනීප වුණාද?”
“මගෙන් අහන්නේ....., නිමල් අයියලාට එහෙම සනීප
වුණාද?”
ඒකත් ඇත්තය. “ඒ ඉතින් තරුණ මදය ඔළුවට ගහපු
කාලෙනේ.... මොනවා හරි කරනකොට වැඩේ ගැන මිසක් ඉන්නවද මැරෙනවද කියන එකේ ගානක් නැහැ.”
ඒ ටිකමය, අරුණ දිසානායකටත් සිද්දවී තිබුණේ.
ඉසුරුබර උපන් දිනයකට සුබාසිරි අරුණ! |
“මටත් ඒ මදයම තමයි ඔළුවට ගහලා තියෙන්න ඇත්තේ.
මං ඔයාට වැඩිය බාලයිනෙ.” අරුණ කිව්වේ සැහැල්ලුවෙනි.
(එදා එහෙම කියූ අරුණ දිසානායකට 2019
දෙසැම්බර් 19 වෙනිදා අවුරුදු 58 ලැබුවේය! සුබ උපන් දිනයකට ආසිරි අරුණ!!)
ඔන්න ආයෙම අතීතෙට.... ඒ එක්කම ආයෙත් සෝබර
මුහුණක්....
“පුදුම දුකක් විඳගෙන අපි යාළුවගේ මරණෙට සහභාගී වෙන්න කොළඹ ආවේ. ඒ වැඩ
කටයුතු ඉවර වෙච්ච ගමන්ම අපි ආයෙමත් ගියේ උතුරට.... ඒ තරං උණක් අපටත් තිබ්බේ ඒ
කාලේ......”
අනුරාධ, උපතිස්ස දෙන්නා ෆිටි සමයේ, උතුරේ-
රජරට; මේ ඉසව්වේ මෙහෙම යුද්ධ තිබුණා නම්....
ඈත අතීතයේ හැදූ ගල් පාලමේ කොටස් අදත් සාඩම්බරයෙන්........ |
උපතිස්ස, අනුරාධ කුමාරයන් දෙන්නා ලංකාවේ ශිෂ්ටාචාරයේ ආරම්භක
යුගයේ නගර පිහිටුවන්න තෝරාගත්තේ කදම්භ නදිය අසබඩ ප්‍රදේශයක්.
අරිප්පු (Arippo) ගඟ
එහෙමත් නැතිනම් මූසලි ආරු (Musali Aru) කියන්නෙත් මේ කදම්භ නදියට.
අප හැමෝම දන්නා
නමකින් කියනවා නම් ‘මල්වතු ඔය’.
ඔන්න මගේ පුරුද්දක් අතහැරගන්න වෙලාවක් ඇවිත්.
හරි විදිහට නම්; වෙනදාට කෙරෙන විදිහට නම්; දැන් මල්වතු ඔය ගැන චුට්ටක්වත් මේ පෝස්ටුවේ ලියන්න ඕනි.
“තමුසේ මොනවද ඒ ගැන දන්නේ? නිකං මෝඩයා වෙන්න
යන්න එපා. භූෂණ වගේ කෙනෙකුටම බාර දෙනවා ඒ රාජකාරිය. ඒ මනුස්සයා ඒක තිතටම කරලා
තියෙන්නේ මාස හත-අටකට කලින්ම!” හිත මුරගානවා.
මල්වතු ඔය හරස් කරලා බැන්ද තේක්කම අමුණ.....(සිංහලේ අඩවියෙන්....) |
මල්වතු ඔය ඒ තරං වැදගත්ය කියලා පොසොන් එකට
එහාට ගිය ඒ දවස්වල මං දැනගෙන හිටියේ නැහැ.
ඊට අවුරුදු 40කට විතර පස්සේ ‘සිංහලේ’
බ්ලොග් අඩවියෙන් කදම්භ නදිය ගැන කියෙව්වට පස්සේ ආයෙම වතාවක් තේක්කම අමුණ බලන්න
යන්න දොළදුකක් හදාගෙන ඉඳිද්දී තමයි මේ ලියන්නේ!
හිතාදර රසික-රසිකාවියනි. මෙතැන ක්ලික් කරලා ‘කදම්භ
නදියේ ජලය මානාමතු වැවට හැරවූ දාසෙන්කැළි රජුගේ තේක්කම අමුණ’ පැත්තේ ඇවිදලා එන්න!
එහෙම යන එක ගැන ඔයාලා චුට්ටක්වත් පසුතැවෙන එකක් නැහැ!
ඔන්න භූෂණ මහත්තයෝ, මගේ පෝස්ටුව හැඩ කරන්න
ඔයාගෙන් foto එකකුත් ප්‍රසිද්ධියේ හොරකම් කරගෙන ඉහළින් දැම්මා.
පොසොන් පෝයට වන්දනාවේ එන සැදැහැවතුන්ගෙන්
ගොඩක් දෙනා නවතින්නේ රූස්ස ගහක් යට. ඉටි රෙද්දක් එලාගෙන, ගෙදරින් ගෙනෙන
සබ්බ-සකලමනාවම තියෙන බෑග් මල්ලත් එතැනම තියාගෙනයි, එයාලා ඉන්නේ. කන්නෙ දන්සැලකින්;
බොන්නේ තාවකාලිකව ඉදි කෙරෙන වතුර ටැංකිවලින්; නාන්නේ වැවකින් හරි මල්වතු ඔයෙන් හරි.
සිතුම් සුධාරට මැසේජ් එකක් යැව්වේ මේ චිත්‍රය මගේ බ්ලොගයට ගන්නද කියලා ............. |
මේ හරියට එනකල් කොටලා තියෙද්දී ගිය ඉරිදා-
දෙසැම්බර් 15 වෙනිදා උදේ කියෙව්වා සිතුම් සුධාරක ගැන ලිපියක්.
ඒකෙ තිබුණා මල්වතු ඔයට උඩින් ගල් පාලම හැදුව හැටි කියවෙන සිත්තමක්.
ඒ සිත්තම මේ
පෝස්ටුවට ගන්නද කියල අහලා යැව්වා මැසේජ් එකක්.
ඒකෙන් තවත් පෝස්ටුවක් ලියවෙන්න මුල
පිරුණා.
“උපාලි අයියේ, ඔයාලා නාන්නේ නැද්ද?”
අනුරාධපුරේ සෞඛ්‍යදාන කඳවුරේ නැවතිලා ඉඳිද්දී කෙල්ලෙකු ඇහුවේ හස රැල්ලකින් මුව
සරසාගෙනය!
උපාලි කවුරුන් එක්කවත් කට ගහගෙන යන
මනුස්සයෙක් නොවේ. නමුත්, ක්‍රිකට් සෙල්ලම් කරන්නට ගියාම නම් තදින්ම ඇවිස්සෙයි.
සෞඛ්‍යදානේ නංගියෙකු එහෙම ඇහුවාමත් උපාලි හිනා වුණා විතරය. මටය, කට පියාගෙන ඉන්නට
බැරි!
“යනවකෝ උපාලි, තමුසෙව නාවන්නනෙ අඬ ගහන්නේ!”
මට කියැවිණි.
මෙයාව දැක්ක ගමන් දිලිප් ජනක කුමාරට 'නිදි'ව මතක් වෙලා තියෙනවා............ |
“අපි ඇහුවේ එක්කෙනෙක් ගැන විතරක් නෙවෙයි.
ඔයාලා කියන්නේ බහු වචනෙන්..... දෙන්නටම. දෙන්නම නාන්නේ නැද්ද? අපි නං නාන්න යන්නයි
හදන්නේ.”
“කොහාටද?”
“කොහාටද කපුටටද කියලා නං දන්නේ නෑ! අපි නාන්න
යන්නේ නම් මල්වතු ඔයට!”
ගිය සතියේ දවසක දිලිප් ජනක කුමාර මට අපූරු
post එකක් එවා තිබිණි. travelminds.lk එකෙන්ය, දිලිප් එය හොයාගෙන තිබුණේ.
‘ට්‍රිප් යන අය
අතරේ ඉන්නා විවිධාකාර පුද්ගලයන්’ වර්ගීකරණය කර තිබුණු ඒ පෝස්ටුව හරිම නිර්මාණාත්මකය.
එහි ඉන්නා එකෙකු දුටු ගමන් මට සිහිවුණේ ‘කොහෙ තියෙන කැඩපතක් ඉස්සරහට ගියත්’ මට
කොකං පානා ගොබ්බයෙකි.
(දිලිප්ට නම් සිහිවෙන්නට ඇත්තේ මාවය.)
ඉතින් මේ ලියන දියබරියා මල්වතු ඔයට යන්නට එක පයින්ම ...... |
මීට කලිනුත් මේ කාරණය නම් මම කියා ඇත්තෙමි.
‘මෙතෙක් මා ජීවත්වී ඇති දවස් ගණන මෙන් දෙගුණයකට ඉතා ආසන්න වාර ගණනක්’ මා නාලා
තිබෙයි.
නිකම් ‘නාන’ වාර ගණන අපමණය.
මෙතැනදී මං කියන්නේ වතුරෙන් ස්නානය කරන වාර
ගණන පිළිබඳවය. (අදටත් මම දිනකට අඩුම තරමින් දෙවතාවක් නාන්නෙක්මි!)
ඉතින් එහෙව් ‘දියබරි නිදි’ මල්වතු ඔයට යන්නට
අකැමැති වෙයිද?
“යං උපාලි!” මට නිකම්ම කියැවුණේය. මනුස්සයාත්
පස්ස ගැහුවේ නැත! අපේ සරොම්, තුවා කැටි කරලා අරං......ඕන්න යනවා ඊළඟ කොටසට.
'පන බේරපු කිරිල්ලී' 'දෙවන කොටස' දැක්කාම තමයි මට තේරුනේ මම පළමුවෙනි කොටස කියවා නැති බව. ඒක නිසා 2 කියවන්න පෙර ආපසු ගිහින් 1 කියවලා ආවා.
ReplyDeleteමල්වතු ඔයට ආරුවී ආරු කියලා කියන බව අහලා තිබුනාට අරිප්පු ගඟ හෝ මුසලි ආරු කියන බව දැනගත්තේ ඔයාගෙනුයි.
ඔහොම නාන්න ගිහින් ගිහිං මොකද උනේ කියලා ඊළඟ කොටසින් දැන ගනිමු.
ස්තුතියි.
සෑම්, එකේ සම්පූර්ණ ගෞරවය භූෂනටයි අයිති, වෙලාව තියේ නම් 'කදම්භ නදියේ......' කියවලා බලන්න.
ReplyDeletehttps://trisinhala.blogspot.com/2019/04/blog-post.html
Deleteනෑවාම සනිපයට නින්ද යනවානේ
ReplyDeleteහිට්ලරුත් හැමදාම නාන කෙනෙක්ව හිටියලු!
Deleteපුදුම නෑමක්නෙ ඒක. ජල දූෂණයට මුල.
ReplyDeleteජාල දූෂණයක් නම් සිද්දවෙනවා තමයි. මගෙන් නම් එහෙම වෙන්නේ අඩුවෙන්, මොකද ඔය ෂැම්පු අරවා මේවා පාවිච්චියක් නැහැ. රසායන ද්‍රව්‍ය අඩුවෙන්ම තියෙන බේබි සබන් තමයි පාවිච්චි කරන්නෙත්, ඒ නිසා.
Deleteකවුද කිව්ව සාරානන්ද පිරිවෙනේ පිලිමෙ හරියට අටම්පහුර මහත්තය මහණවුනොත් වගේ කියල
ReplyDeleteකට, කට Pra Jay මහත්තයෝ. කොලු උන්නාන්සේ කෙනෙකුට ඇහුනොත් ඒ අසරණයව මහණ කරවලාම තමයි පස්ස බලන්නේ. මහන මැෂින් හදන්නත් දන්නා කෙනා නිසා.
Deleteප්‍රා ජේ, සකල සිංහල බ්ලොග් කලාවට අධිපති, බ්ලොග් කරුවන්ගේ ශාන්තුවරයා වූ, අටම්පහියට, අටම්පහුරට, කැඩුනු මැෂින් වලට අරක් ගත්, බ්ලොග් වලට පිහිට වෙනවයි, සෝම පානෝත්සවයන්හි මුලසුන ගන්නවයි සුපසිදු අපගේ ගුරු දේවෝත්තම වු රාවණ රජ්ජුුරුවන්නේ හෙළ යක් පරපුරෙන් පැවතෙන අටම්තුමාට ගැරහීම හෙලා දකිමු.
Deleteලොකු, මගෙනුත් ලොකු වැරද්දක් වෙලා. ඔයාගේ කමෙන්ට එක කියවද්දියි දැක්කේ. හැමෝම මට සමාවෙන්න ඕනේ. 'ලොකු උන්නාන්සේ කෙනෙකුට' කියලා කොටද්දී k l අකුරු දෙක වැරදිලා loku වචනේ kolu වෙලා. සමාවෙන්න ඕනේ ලක්මාල්!
Deleteලොකු මල්ලිට අර ලිස්ට් එකේ වැදගත්ම එකක් අමතක වෙලා. "මහා කුණුහරුප චක්‍රවර්ති" කියන කෑල්ල...
Deleteමේ මැත කාලයේ නෙලුව රම්බඩගල්ල විහාරයේ බුදු පිලිමයෙත් සිරසයි බෙල්ලයි ලොකුයි ඇග පොඩියි.
ReplyDeleteහුඟක් තැන්වල පිළිම නෙලා තියෙන්නේ ශාස්ත්‍රය නොදන්නා අය වගෙයි, අසංග.
Delete