අකුරු මැකී නෑ

Thursday, July 8, 2021

හිනා වෙන්න හිනා - හයවෙනි කොටස

ශ්‍රී ලංකාවට ඡායාරූප ගැනීම හඳුන්වා දීලා තියෙන්නේ 1860 වසරේ. එතකොට තිබුණු තාක්ෂණය අනුව...

දැන් අපි හිනාවෙන තරම වැඩියි වගේද කියලත් හිතෙනවා, ඉස්සරත් එක්ක බලද්දී.

මට තවම මතකයි, අපි වැඩියෙන් හිනාවෙනවා දැක්කම අපේ ආච්චි හෙම ඒ දවස්වල කියපු කතාවක්. “උඹල ඕනිවට වැඩියෙන් හිනාවෙන්නේ අඬන්න තමයි!” ඒ මතවාදය එදා රටේ හිටිය ගොඩ දෙනා පිළිගත්තා වෙන්නත් ඇති.

මට එහෙම හිතුණේ, මේ පෝස්ටුවේ උඩින්ම යොදපු foto එක දැක්කමයි.
ඒක තිබ්බේ fb එකේ. (ඒකත්
ජෙරාඩ් මහත්තයාගේ ‘අතිරස’ වගේ පැරැණි සිහිවටනයක්.) 
ඒ පෝස්ටුව වගේම ඒකට එවා තිබුණු comments ටිකත් කියවන කෙනෙකුට ඉතිහාසයෙන් පෙත්තක් කපලා අතට ගන්නවා වගේ දැනේවි.
එහි කියවෙන විදිහට, ශ්‍රී ලංකාවට ඡායාරූප ගැනීම හඳුන්වා දීලා තියෙන්නේ 1860 වසරේ. එතකොට තිබුණු තාක්ෂණය අනුව foto එකකට පෙනී හිටින අයට සෑහෙන වෙලාවක් එකම ඉරියව්වකින්; එකම විදිහට නිශ්චලව හිඳින්න සිදු වුණාලු.

ඒ නිසාද මන්දා මනාල ජෝඩුවම ඉන්නේ හිනා පොදක්වත් නැතිව. හැබැයි, නැන්දම්මා නං යන්තං-සන්තං-පදං හිනාවකින් මුව සරසාගෙන ඉන්නේ.

මේ foto එක අරගෙන තියෙන්නේ 1863දී. එතකොට ලංකාවේ ලොකුම ධනවතා වුණු සර් චාල්ස් හෙන්රි ද සොයිසා මහතා කැතරින් ද සිල්වා යුවතියව විවාහ කරගත් දවසේ.

අපි හිනා වෙමුකෝ! මොකද සතුට ආකර්ෂණය වෙන්නෙත් සතුටටමයි!!

හොඳා, හොඳා... ඉස්සර උදවිය හිනා වුණා-නොවුණා කොහොම වුණත් අද ඉන්න අපි හිනා වෙමුකෝ! 

35. ඔන්න මං කව්වනවා!

එක දවසක් පී. චමින්ද එයාගෙ හුරතල් බල්ලවත් දම්වැලකින් බැඳගෙන ඌව ඇවිද්දවන්න ගියා පිට්ටනියට.

චමින්දගෙ නාරිලතා ගමනටයි, හාවභාව ලීලාවටයි කාගෙත් ඇස් ඇදිලා යන්නෙ චමින්දගෙම කරුමෙට වගේ. එදත් පිට්ටනියේ හිටපු මහ වසවර්ති කොලු නඩයක් චමින්දව දැක්කා.

“වරෙං.... වරෙං... අන්න මාර බයිට් එකක්!” කියලා එක කොල්ලෙක් අනෙක් එවුන්වත් ඇදගෙන චමින්දලගෙ පස්සෙන් වැටුණා. චමින්දත් මේ ගැන හාංකවිසියක්වත් නොදැන බල්ලවත් අල්ලගෙන යනවා.

“අඩෝ පොන්නයා!”

කොල්ලෙක් නොදන්නා තාලෙට තරමක් සද්දෙන් කිව්වා. පී. චමින්දටත් ඒක ඇහුණා විතරයි, හැරිලා- ගස්සලා- රවලා බැලුවා. කොලු නඩයේ පිටිපස්සෙන් හිටපු එකෙක් තොල් හෙලවෙන්නෙ නැති විදිහට උගුර යටින් ‘අඩෝ පොන්නයා’ කියලා ආපහු කිව්වා.

“මේ, ඕවට එන්න එපාාාාා. හරිද...”
චමින්ද ඇදල-පැදල කිව්වා. එයා කතා කරන්නේ එහෙම තමයි. ඊළඟට ආපහු ඉස්සරහට හැරුණා විතරයි කොල්ලෝ දෙතුන් දෙනෙක්ම ටිකක් සද්දෙට කෑ ගැහුවා.

“පොන්න චමින්දයා!”

චමින්දටත් මළ පැන්නා.

“මගේ කුකී හරී සැරාාාායි... මට කේ...න්...ති ගියොත් නං මං මේ කුකීව අත අරිනවාාාාා..... ඌ ඔයාලව හ...පාාා...යි!”

කොල්ලොන්ට දුවන්න පාර දිග මදි! හතර අතට දිව්වා... කුකීත් අත ඇරියේ නෑ. අර මදාවි කොල්ලගෙ පස්සෙන්ම....

චමින්ද පුළුවන් තරම් තරහ මූණක් පෙන්නලා එහෙම කිව්වේ එතකොටවත් කොල්ලෝ බය වෙයි කියලයි. මොන....? එක කොල්ලෙක් තියෙන මදාවිකමට චමින්දගේ මූණටම ‘පොන්නයා’ කියල කෑ ගැහුවා.

චමින්දටත් හොඳටම තරහ ගියා. එයා මොකද කළේ, බල්ලගෙ දම්වැල අත ඇරලා ‘උසි-උසී ...’ කියලා කුකීව උසි ගැන්නුවා.

කොල්ලොන්ට දුවන්න පාර දිග මදි! හතර අතට දිව්වා...
කුකීත් අත ඇරියේ නෑ. අර මදාවි කොල්ලගෙ පස්සෙන්ම එලෙව්වා. කොල්ලත් පණ කඩාගෙන දුවල ගිහින් බැලින්නං, දන්නෙම නැතිව එයාව කොටු වෙලා; පාර ඉවරයි!

දකුණු පැත්තෙත් තාප්පයක්, වම් පැත්තෙත් තාප්පයක්. ඉස්සරහින් පත ගේට්ටුවක්. පිටිපස්සෙන් චමින්දගේ බල්ලා! කොල්ලා ගේට්ටුවට හේත්තු වෙලා, බිරාන්ත වෙච්චි ගමන් ‘දැන් හපයි- දැන් හපයි’ කියල හිතාගෙන ඇස් වහ ගත්තා.

කුකී කොල්ලගෙ කකුල් දෙක ළඟටම දුවගෙන ඇවිත් පුළුවන් උපරිම තාලෙට රවල බලලා, චමින්දගෙ කතා ලතාවෙන්ම ‘බව්...වූෳෳෳෳෳ වූ!’කියල බුරලා ආපහු හැරුණා!

36. පැමිණිලිකාර හැකරැල්ලා

උසාවියේ එදා විභාග වෙමින් පැවැතුණේ වන්දි ඉල්ලා පැවරූ නඩුවකි. පැමිණිලිකරු මෝටර රථ අනතුරකට මුහුණ පෑ අයෙකි. ඔහුගේ නීතීඥයා පැමිණිල්ල ඉදිරිපත් කළේය.

“මේ පැමිණිලිකරුගේ එක පාදයක් සදහටම අහිමි වුණා, මේ අනතුර නිසා... අපරීක්ෂාකාරීව වාහනය පදවලා මගේ සේවාදායකයාගේ පාදයක් අහිමි කිරීම වෙනුවෙන් අපි රුපියල් ලක්ෂයක වන්දියක් බලාපොරොත්තු වෙනවා...”

ස්වාමීනි, එක කකුලකට රුපියල් ලක්ෂයක් ගෙවීමට නම්....

විත්තිය වෙනුවෙනුත් පෙනී හිටියේ දක්ෂ නීතීඥ මහත්මයෙකි.

“රුපියල් ලක්ෂයක්? එක කකුලකට රුපියල් ලක්ෂයක්...” විත්තියේ නීතීඥයා නළල රැලි කරගෙන විමසා සිටියේය.
“ස්වාමීනි, එක කකුලකට රුපියල් ලක්ෂයක් ගෙවීමට නම් මගේ සේවා දායකයා කෝටිපතියෙක් විය යුතුයි. මේ උගත් නීතීඥ මහත්මය හිතනවාද දන්නෙ නැහැ මේ විත්තිකරු කෝටිපතියෙක්ය කියා.....”

පැමිණිල්ලේ නීතීඥයාද විගසින්ම නැඟිට්ටේය.

“මගේ පැමිණිලිකරුට තියෙන්නේ පාද දෙකයි.... අනතුරෙන් නැති වුණේ එයින් එකක්. මේ පැමිණිලිකරු හැකරැල්ලෙක් නම් අපිට ලක්ෂයකට අඩුවෙන් වන්දි ඉල්ලන්න තිබුණා!”.

37. පිපාසයක අරුමය
යහළුවෝ දෙන්නෙක් වැවක් අයිනේ හීල් හෙවණක වාඩි වෙලා ‘ත්‍රෛලෝක විජයපත්‍රම්’ සුරුටුවක් බොන්න පටන් ගත්තා. මේ දෙන්න මාරුවෙන් මාරුවට සුරුට්ටුව උරන දිහාව බලං හිටියා වඳුරෙක්....
ඌටත් ආසා හිතුණා සුරුට්ටුව උරලා බලන්න!

‘කර්පට්’ වෙලා හිටිය යාළුවෙකුගෙ පුංචි ප්‍රමාදයක් බලලා වඳුරු නාම්බා ‘සුටුස්’ ගාලා සුරුට්ටුව උදුරගෙන කැලේට පැන්නා.

දැන් ඔන්න ඌත් ගහක අත්තක් උඩ වාඩි වෙලා සුරුට්ටුව උරනවා. පොඩ්ඩ වෙලාවක් යනකොට වඳුරටත් අමර පදං!

වඳුරා ‘ෂපාන්’ එකේ ගහක අත්තක් උඩ දිගා වෙලා ඉන්නවා.
එතකොට ඔතැනින් යන්න ආවා කටුස්සෙක්! කටුස්සා බැලුවා- වඳුරා කවදාවත්ම නැති විදිහට, ගහේ අත්තක් උඩ ‘ඇලට්’ පාරක් දාගෙන ඉන්නවා.
කටුස්සා වඳුරට කතා කළා.

කටුස්සටත් ආසා හිතුණා. ඔන්න ඌත් සුරුට්ටුව ඉල්ලගෙන උගුරු හත-අටක් ඇද්දා...

“ෂ්.... ෂ්....”

වඳුරා යාන්තමට බෙල්ල හරවල සද්දෙ ආපු දිහාව බැලුවා. වඳුරගෙ රතු ඇස් දෙක තවත් රතු පාටයි; බාගෙට පියවිලා...
“මොකෝ.....?” වඳුරා ඇහුවා.

කටුස්සා මොකුත් හිතා ගන්න බැරිව බලං හිටියා.

“ඕනැද?”
වඳුරා සුරුට්ටුව පෙන්නලා ඇහුවා.

“මොනවද ඔය....”

“ෂ්.... ෂ්.... හෙමිං, හෙමිං.... ගංජා!” වඳුරා කිව්වා.
“...නියම ආතල් එක මල්ලී... ෂාාාාාාාා!”

ඒ කතාව ඇහුණම කටුස්සටත් ආසා හිතුණා. ඔන්න ඌත් සුරුට්ටුව ඉල්ලගෙන උගුරු හත-අටක් ඇද්දා. දැන් කටුස්සට හොඳටම වැදිලා.

දන්නවැයි? ගංජා බිව්වම උගුර කට වේලෙනවා... තිබහක් දැනෙනවා... දැන් කටුස්සටත් තිබහයි!

“නැද්ද අයියා වතුර ටිකක්.... මාර පිපාසෙ...”

“ව...තු...ර..?” ආතල් එක කඩා ගන්න අකමැත්තෙන් වුණත් වඳුරා ඇහුවා. අහලා අත දික් කළා වැව පැත්තට. “අ...ර....! අරහේ තියෙනවා....”

ඔන්න කටුස්සා සුරුට්ටුව වඳුරටම දීලා වැව පැත්තට යනවා, වතුර බොන්න. කටුස්සා යනවා නෙවෙයි, පාවෙනවා....

අඩෝ! උඹ මෙ...ච්...ච..ර ඉදිමෙනකල්.....

මේ අමුතු ගමනකින් එන කටුසු රාළව දැක්කා වැව් ඉවුරේ හිටපු තඩි කිඹුලෙක්. වෙනදට කිඹුලව දැක්ක ගමන්ම කැලේ කඩාගෙන දුවන කටුස්සා අද ඔහේ එනවා.
කිඹුලටම පුදුමයි!

“මොකෝ කටුසු මල්ලී?”

“මාර තිබහයි අයියා.... ගත්තා නියම ආ..ත..ල් එකක්!”

“ආතල් එකක්?”

“ඔහොමම යන්ඩ අයියා. අර ගහ උඩ- ආං ඉන්නවා වඳුරු අයියා... එයා ළඟ තමයි බඩු තියෙන්නේ....”

කිඹුලට පාර පෙන්නලා, කටුස්සා වතුර බොන්න වැවට ගියා. කිඹුලා ගහ යටට යනකොටත් වඳුරා ඇලට් පාර දාගත්තු ගමන්මයි. කිඹුලා වඳුරට කතා කළා.

“ෂ්.... ෂ්....”

වඳුරා යන්තමට ඇස් ඇරලා බැලුවා විතරයි, දැක්කා කිඹුලව.

“අ..ඩො, අඩෝ! උඹ මෙ...ච්...ච..ර ඉදිමෙනකල් වතුර බිව්වද යකෝ?”
වඳුරා පුදුම වෙලා ඇහුවා!

මට හොඳටම මතකයි, ඔය ‘සූස්ති’ කතන්දරේ මට කිව්වේ මිස්ටර් හෙට්ටිආරච්චි. එතකොට මම පියසිරියේ ප්‍රින්ටින් මැනේජර්. මිස්ටර් හෙට්ටිආරච්චි හැමදාම උදේට එහාට එනවා, printing ජොබ්ස් අරගෙන. පැයක්- හමාරක් එහෙත් ඉඳලාම තමයි යන්නේ. ඒ ඉන්න අතරේ මට මොකාක් හරි යාන් එකක් කියනවාමයි. නිකම්මත් නෙවෙයි!

මං උන්නැහේට පිදිය හැකි උපරිම ගෞරවය පිදුවා හිනා තවත් හිනා 2පොත එතුමාට පුද කරලා....

සතර අභිනයම පාවිච්චි කරලා.

දැනුයි හරියටම මටත් තේරෙන්නෙ, ඇයි ඒවා මගෙත් එක්කම කියන්න ඇත්තේ කියලා. මාත් පේවෙලා හිටියේ ඒ කතන්දර අහගන්න; ඒවා රස විඳින්න; කඳුළු පනින තුරු හිනා වෙන්න. (මං හිනා වෙන්න- අඬන්න දෙකටම ලෝස් නෑ!)

ඒ ප්‍රතිචාර හෙට්ටිආරච්චි මහත්තයාට කොච්චර සතුටක් දෙන්න ඇතිද?
අනේ! එයා දැන් වෙනින් ලෝකෙක ඉඳගෙන එහෙ ඉන්න අයව හිනස්සනවා ඇති.
උන්නැහෙත් අකාලයේම වියෝ වුණේ පිළිකාවකට බිල්ලක් වෙලා. දැන් ඉතිං කොච්චර එයාගේ ගුණ ගායනා කළත් පලක් නෑ. හෙට්ටිආරච්චි මහත්තයට ඇහෙන-දැනෙන එකක්යැ?
(එතුමන්ට නිවන් සුව අත් වේවා!)

හැබැයි, මට නම් ආඩම්බරෙන් කිව්වැකි- මං උන්නැහේට පිදිය හැකි උපරිම ගෞරවය පිදුවා ‘හිනා තවත් හිනා 2’ පොත එතුමාට පුද කරලා. මෙන්න ඒ පිදුම:

‘හිනාවෙන්න පුළුවන්කම ඇතත් හුඟ දෙනෙක් බුම්මාගෙන සිටිති. ඒ උපන් හැටි විය යුතුය. එහෙත් හිනැස්සවීම නම් හැමෝටම කළ නොහැකිය. ඒ සඳහා ඕනෑකමක් තිබිය යුතුය. එහෙත්, කොපමණ ඕනෑ වුණත් හැකියාවත් අත්‍යවශ්‍යමය. එය ලැබෙන්නේ නම් උපතින්ම යැයි සිතේ.

හිනාවෙන්න හපන්, හිනස්සන්න උපන් ඔහු නිතිපතාම මා සිනා ගන්වයි. ඒ සඳහා කරුණු-කාරණ තොරතුරු උපයා-සපයාගෙන එයි.

සමහර අමතක වී තිබුණු දේවල් පවා ඔහුගේ මතක ගබඩාවෙන් ඇදගත් මා ඔහුට ණයගැතිය. මේ නිර්මාණය ඔහුටම පුද දෙන්නේ එබැවිනි.

මිස්ටර් හෙට්ටිආරච්චි
(ආරියරත්න හෙට්ටිආරච්චි මහතාණනි)

‘හිනා වෙන්න හිනා’
ගෞරව පෙරදැරිව ඔබට පුදමි!’

හොඳ අය නැද්ද? එහෙනම් අපි හොඳ අය වෙමුකෝ!

ඒ ටික ලිව්වේ නිකම්මත් නෙවෙයි. අපේ ජාතික පුරුද්දක් ‘එච්චර හරි නැතැ’යි කියලා මට හිතෙන නිසා. කෙනෙකු ජීවත්ව ඉන්දදී එයාගේ හොඳක් කියන්න අපි හරි පසුබානවා... හැබැයි මළාට පස්සේ නැති හොඳත් කියනවා,  අතිශයෝක්තියෙන්.

පුදුමෙකුත් නෑ, බලාගෙන ගියාම. උපතේ හිට විපත දක්වාම බොරුව! රැවටිල්ල!! වංචාව!!!

38. උපාධිධරයා

වසර කිහිපයක් තිස්සේ ඉමහත් උත්සාහයෙන් යුතුව අධ්‍යයන කටයුතුවල යෙදුණු විශ්වවිද්‍යාල ශිෂ්‍යයා උපාධියක්  දිනා ගත්තේය. ඔහුගේ සතුට නිම්හිම් නොවන තරමේ එකකි. ඔහු මුළු ලෝකයටම ඇසෙන තරමේ හඬකින් කෑ ගසා උදම් ඇනුවේය.

“මං දැන් බී.ඒ. උපාධිකාරයෙක්!”

උපාධිධාරියා එසේ උදාන වාක්‍යය කියා කට ගන්නටත් පෙරම ‘ලෝකය’ සිහින් හඬින් ඔහු ඇමතුවේය.

“වරෙන් පුතා, මං උඹට ඉංග්‍රීසි හෝඩියේ ඉතිරි අකුරු විසිහතරත් කියලා දෙන්නං!”

39. ඇමතිතුමා දිනුම්

ඇමතිතුමෙක් තමාගේ චාරිකාවක් සඳහා සහභාගී වන්නැයි මහාචාර්යවරයෙකුටත්, පශු වෛද්‍යවරයෙකුටත් ඇරයුම් කළේය. ඔවුහු ආරාධනය පිළිගත්හ.

නියමිත දිනයේ තිදෙනාම චාරිකාවට පිටත්ව ගියහ. අතරමඟ කඳුකර පෙදෙසකදී වාහනය නතර විණි. කොතෙක් උත්සාහ කළද එය නැවත පණ ගන්වා ගත නොහැකි විය.

“දැන් කරුවල වැටෙන්නත් ළඟයි! මෙතැනම හිටියොත් බඩගින්නයි, සීතලයි, පින්නයි හින්දා අපිව මැරිලා යයි. අර දුමක් නඟින්නේ ගේකින් වෙන්නැති. එහාට ගිහින් බලමුද?” මහාචාර්යවරයා යෝජනා කළේය.

උන් ටික හොඳටම කුලප්පු වුණා... ඇයි දන්නෙ නැහැ. මට එතැන නිඳාගන්න බැරි විදියයි....

වෙනත් කළ හැකි කිසිවක් නොවූයෙන් ඔවුහු ඒ ඉසව්වට නික්මුණහ.

එය කුඩා පැල් කොටයකි. සතුන් ඇති කරන්නෙක් එහි සිටියේය. අහිංසක පෙනුමෙන් යුතු ඔහු අමුත්තන් පිළිගත්තේ උණුසුම් අයුරෙනි.

“මේ පැත්තෙන් වාහන යන්නේ බොහොම අඩුවෙන්... තමුන්නැහේලට අද රාත්තිරියෙ මේකෙම තමයි ඉන්න වෙන්නේ... මං හනික මොනවා හරි රත් කරලා දෙන්නං සප්පායම් වෙන්න.” ඔහු කිව්වේය. ඒ අනුවම කටයුතු කළ ඔහු පිසූ අහරින් සන්තර්පණයවූ අමුත්තෝ නින්දට සැරසුණහ.

“මේ පුංචි හුණ්ඩුවේ කොහොමද අපි තුන් දෙනෙක් නිඳියන්නේ? අමාරුවෙන් වුණත් දෙන්නෙකුට නම් ඇලවෙන්න පුළුවන්....” ඇමැතිතුමා එසේ කියනු අසා සිටි ගැමියා හිස කසමින් මෙසේ කීවේය.

“අතන ඌරු කොටුවෙත් ඩිංගිත්තක් ඉඩ තියෙනවා.... තමුන්නාන්සේලාගේ අකමැත්තක් නැති නං එක්කෙනෙකුට එතැන ඉන්න පුළුවන්!”

“ඒක හොඳයි. මම සත්තුන්ට වෙදකම් කරන මනුස්සයනේ. සතුන්ට ඉව තියෙනවා, අපට වැඩිය හොඳට! උන්ගෙන් මට කරදරයක් වෙන එකක් නෑ. මං එහෙට ගිහින් නිඳාගන්නං!”
පශු වෛද්‍යවරයා ස්වේච්ඡාවෙන්ම එතැනට යාමට පිටත් විය. ඇමැතිතුමාත්, මහාචාර්යවරයාත් කුඩා කාමරයේ බිමට රෙද්දක් එළා, හාන්සි වූහ.

විනාඩි දහයක් පමණ ගත වෙන්නට ඇත. පශු වෛද්‍යවරයා ආපසු ආවේය.
“උන් ටික හොඳටම කුලප්පු වුණා... ඇයි දන්නෙ නැහැ. මට එතැන නිඳාගන්න බැරි විදියයි....”

“මොනව කරන්නද? තුන් දෙනාම මේකෙ ඉන්න ගියොත් එක්කෙනෙකුටවත් නිඳාගන්න බැරි වෙනවනේ.... මමත් එහාට ගිහින් උත්සාහ කරලා බලන්නංකො...” මහාචාර්යවරයාත් ඌරු ගාලට පිටත්ව ගියේය.
එහෙත් ඔහුටද ඉක්මනින්ම ආපසු එමට සිදු විය.

“උන්ට මාවත් හොඳටම අල්ලන්නෙ නෑ වගේ!”

“ඔබලා දෙන්නම උත්සාහ කළ නිසා දැන් මටයි ට්‍රයි කරන්න තියෙන්නේ.” ඇමැතිතුමා කීවේය.

අපි දෙන්නා කිසි දවසක උඹ නොදකින් කියාගෙන නෑ.

“ඔබතුමාට පිස්සුද? ඔබතුමාට පුළුවන්ද ඒ වගේ ජරා තැනක නිඳියන්න... අපි හිටගෙන හරි මෙතැනම ඉඳිමු!” මහාචාර්යතුමාත්, පශු වෛද්‍යවරයාත් පැවසූහ.

“නෑ, නෑ, නෑ. දේශපාලනේ කරන අයට කරන්න බැරි දෙයක් නෑනෙ. මට ඔය චැලේන්ජ් එකත් දිනන්න පුළුවන්!” ඇමැතිතුමා එසේ කියා ඌරු ගාලට නික්මුණේය.

පශු වෛද්‍යවරයා දොර වසා දැම්මේය. විනාඩියක් ගත වීමටත් පෙර දඩි-බිඩි හඬින්, කලබලයෙන් දොරට ගසන ශබ්දයක් ඇසෙන්නට විය.

“ඇමතිතුමා ගිය පයින්ම ආපහු ඇවිත්!”
එසේ කියූ මහාචාර්යතුමා දොර ඇරියේය.

දොර අසල පොරකමින් සිටියේ ඌරු රංචුවයි.

40. උඹ නොදකින්!

“අපි දෙන්නා තවම කිසි දවසක උඹ නොදකින් කියාගෙන නෑ.”

“අනේ, අහන්නත් සන්තෝසයි! ඒ කියන්නේ, ඔයාටවත්- එයාටවත් තරහ යන්නෙ නෑ. එහෙමනේ....”

“පිස්සුද මෙයා? ඕනේ තරං තරහ යනවා.”

“එතකොටවත් උඹ කියවෙන්නේ නැද්ද ඔයාල දෙන්නගෙන් එක්කෙනෙකුටවත්?”

“අපොයි නෑ. උඹ කියල නං කියන්නෙම නෑ! ගල් මූසලයා, වසලයා, අවලමා, පෙන්දා, සෙවලයා වගේ නම් ටිකක් විතරයි මං කියන්නේ...”

“එතකොට එයා?”

“එයාත් මම වගේම තමයි.... හෙණ හතම ගහපං, මකබෑවිලා පලයං, තොලොංජි වෙලාම පලයං වගේ ඒවා විතරයි කියන්නේ!”

දෙවෙනි බෑණාටත් අවස්ථාව ලැබුණා, නැන්දම්මාත් එක්ක ඔරු පදින්න යන්න.

41. රත්තරං බෑණා

බොහොම පොහොසත් ගෑනු කෙනෙකුට බෑණලා තුන් දෙනෙක් හිටියා. දවසක් මේ නැන්දම්මාට හිතුණා, බෑණලා තුන් දෙනාගෙන් කවුද එයාට වැඩියෙන්ම ආදරේ කියලා හොයාගන්න. එයාම මේකට උපායකුත් යෙදුවා!

ඔන්න නැන්දම්මා ලොකු බෑණත් එක්ක එයාලගේ වතු යාය මැද්දේ තියෙන විලේ ඔරු පදින්න ගිහින්, විල මැදට ගියා විතරයි- අත් වැරද්දකින් වෙච්චි විදිහට පෙන්නලා නැන්දම්මා වතුරට වැටුණා.
ලොකු බෑණාත් දනිපනි ගාලා වතුරට පැනලා නැන්දම්මවත් ඇදගෙන ඉවුරට පීනුවා.

පහුවදා උදෙන්ම නැන්දම්මගෙන් ලොකු බෑණාට මරුටි කාර් එකක් තෑග්ගට ලැබුණා. කාර් එකේ බෝඩ් එකකුත් එල්ලලා තිබුණා.
‘නැන්දම්මාගෙන් ලොකු බෑණාට තිළිණයකි’.

ඊළඟ සතියෙ දෙවෙනි බෑණාටත් අවස්ථාව ලැබුණා, නැන්දම්මාත් එක්ක ඔරු පදින්න යන්න. එදාත් කලින් විදිහටම වුණා. දෙවෙනි බෑණාත් නැන්දම්මාගේ ජීවිතේ බේරා ගත්තා.

‘සෙනෙහෙබර මද්දුම බෑණාට නැන්දම්මාගෙන් තිළිණයකි’ කියලා බෝඩ් එකකුත් එල්ලපු ටොයෝටා කාර් එකක් දෙවෙනි බෑණාට තෑග්ගට ලැබුණා.

බාලම බෑණන්ඩියාට ඔරු පදින්න යන්න ලැබුණේ ඊටත් සුමානෙකට පස්සේ. එදත් නැන්දම්මා විලට වැටුණා.
පොඩි බෑණා මොකද කළේ, ඔරුව හරවාගෙන- ආපහු ඉවුරට පැද්දා.
අනේ! නැන්දම්මා වතුරේ ගිලිලා කාලක්‍රියා කළා.

නැන්දම්මගෙ අවමඟුල් උත්සවය ඉවර වුණු දාට පහුවදා උදේ බාලම බෑණාගේ ගෙදර දොරකඩ ප්‍රාඩෝ රථයක් නවත්තලා තිබුණා, යතුරත් යතුරු කටේ...

‘බාලම බෑණන්ඩියට කෘතවේදී මාමණ්ඩිගෙන් පිදෙන තිළිණයකි’ කියලයි ඒකෙ බෝඩ් එකක් එල්ලලා තිබුණේ.

42. ඔබ අහිංසකාවී

උන්නාන්සේ බොහොම බලසම්පන්න දේශපාලන උත්තමයෙක්. උන්නැහේලගේ විවාහ මංගල්ලේ රිදී ජුබිලි උත්සවේ බොහොම ගරු-ගාම්භීරේට කෙරිලා ඉවර වුණා විතරයි.
දැන් ඔන්න ජෝඩුවම නිඳන කාමරයට ගිහිල්ලා, නිඳියන්නයි ලෑස්තිය.

මතකද, මං ඔයාව කසාද බඳින්න ඉස්සෙල්ලා ඉන්ටවීව් කළා....

දේශපාලක උත්තමයා බොහොම ආදරබර ලීලාවෙන් බිරින්දෑ දිහා බැලුවා. “මේ.... මේ ඇහුණද?”

“මොකෝ?”

“මං ඔයාගෙන් බඩුවක් අහන්නමයි ගොඩාරියක් දවස් බලා හිටියේ... ඔයා මට ඇත්තම කියනවද?” උත්තමයා ඇහුවා.

“ඉතිං අහනවකො...” එච්චර හිතෛෂීවන්ත හඬකින් නෙවෙයි උත්තරේ නං ලැබුණේ. ඒත් ඉතිං ප්‍රශ්නය හිතේ පැසව-පැසවා ඉන්නවට වැඩිය, අහන එකමනේ හොඳ කියලා උත්තමයට හිතුණා.

“ඔයාට මතකද, මං ඔයාව කසාද බඳින්න ඉස්සෙල්ලා ඉන්ටවීව් කළා....”

“ඒක කොහොමද අමතක වෙන්නේ? කවුරුවත් ඔහොම ඉන්ටවීව් කරනවා කියලා මම නං අහලවත් තිබුණෙ නෑ!” බිරින්දෑ කිව්වා.

“ඔයා දන්නවද, මං එදා තුන් දෙනෙක්ව ඉන්ටවීව් කළා... ඔයා තමයි පාස් වුණේ....”

“තුන් දෙනෙක්?”

“ඔව්! හඳහන් ගැළපෙන, ලස්සන- තරාතිරම හොඳ, ඔයා වගේම තවත් දෙන්නෙක්ව ඔයාට ඉස්සෙල්ලා ගෙන්නෙව්වා.”

“තමුසෙ ඒ ගොල්ලන්ගෙනුත් ඒ ප්‍රශ්නම ඇහුවද?” උත්තමයගෙ බාරියාව පුදුම වෙලා ඇහුවා.

“නැතුව? මං සරම පහතට දාලා- මේක පෙන්නලා ඇහුවා ‘මේකට මොකක් කියලද කියන්නෙ’ කියලා. පළමුවෙනි ගෑනු ළමයා කිව්වා xx (ගැමි වහරේ පුරුෂ ලිංගය හඳුන්වන අකුරු දෙකේ වචනයකි.) කියලා... ඒකෙන්ම මට තේරුණා, එයාගේ හැදියාව හොඳ නැති බව.
ඒ පාර මං ගෙන්නුවා දෙවෙනියව. එයාගෙනුත් ඇහුවා.... එයා කිව්වා ‘ආ ඕකද..? ඕකට කියන්නෙ බිජ්ජ කියලනේ.’ කියලා.
හැදිච්චි ගෑනු ළමයෙක් ඒ වගේ වචනයකුත් දැන ගන්න විදිහක් නෑනෙ.... මං එයාවත් යැව්වා!”

“ඊළඟට ආවේ මං... එහෙමද?”

“හරියට හරි! ඔයාට මතකද මං ඒ ප්‍රශ්නේ අහපුවම ඔයා මොකද කළේ කියලා...”

මීයා නෙවෙයි තමයි! ඒත් ඉතිං ඕකට මීයා නොකියා xxx....

“මං ලැජ්ජාවේ ඇඹරුණා!”

“ආන්න හරි! ඊළඟට මං ඔයාට කිව්වා ‘ලජ්ජාවෙ ඇඹරෙන්න එපා. මේකට කියන නම කියන්නකෝ, දැන් මෙතැන වෙන කවුරුවත් නැහැනෙ’ කියලා....” උත්තමයා කියාගෙන ගියා.
“එතකොටවත් ඔයා කතා කළේ නෑ. කීප සැරයක්ම මං ඔයාට වද කළාට පස්සෙයි ඔයා කට ඇරලා කතා කළේ.... ඒකත් බොහොම හෙමිං, එකම වචනයයි.... මතකද ඔයා හැදිච්චකමට කියපු වචනේ....”

“මීයා කියලනේ?”

“ආන්න හරි! ඒ වුණාට ඩාලිං, ඔයා නොදන්නකමට නේද එදා එහෙම කිව්වේ? පුංචි ළමයි විතරයි මේකට මීයා කියල කියන්නේ... ඒකමයි මං ඔයාව කසාද බැඳ ගත්තෙත්.... ඉතිං දැන්වත් ඔයාට කියලා දෙන්න ඕනිනේ.... මේකට කියන්නෙ ‘මීයා’ කියල නෙවෙයි! හ....රි....ද?”

දේශපාලක උත්තමයට එයින් එහාට එක වචනයක්වත් කියන්න ලැබුණෙ නෑ. බිරින්දෑගෙ කට ඇරුණා.

“මීයා නෙවෙයි? මීයා නෙවෙයි තමයි!
ඒත් ඉතිං ඕකට මීයා නොකියා xxx (ගැමි වහරේ මෙම අකුරු තුනේ වචනය පුරුෂ ලිංගයට මෙන්ම මඩිස්සලයටද යෙදේ.) කියන්නයැ? එහෙම කියයි xxxක් නොදැකපු එවුන්... මම නං නෙවෙයි!”

අද කොටස ටිකාක් විතර දික් වුණා. පොතේම තිබුණු කතා නිසා කතන්දරයක් මැද්දේ නවත්තන්නයැ. ඒකයි වුණේ! ඒකට තරහ ගියා නං............

21 comments:

  1. මං තව මාසෙකින් විතර ඇවිත් සමාන කතා ටිකක් කියන්නම්

    ReplyDelete
    Replies
    1. මාසෙකින් එනකොට කුචි කවාගන්න කෙනෙක් අරන් වරෙන්.

      Delete
    2. ඩ්රැකී ආදිපාදකමටත් ඉහළ තනතුරකට මහන්සි වෙනවා වගෙයිනෙ අසංග.

      Delete
  2. Api nam ganja gahawe wedi seeni plain tea eka kalin hadagena. Wijebahu

    ReplyDelete
    Replies
    1. ඇයි විජේබාහු මහත්තයා පාවට්ටා කොළවල ඔතාගෙන ගහද්දී සීනි දිය කරලා වටේට ගාගෙන ගහලා නැද්ද?

      Delete
  3. https://www.nbcnews.com/feature/nbc-out/saturday-night-live-under-fire-skit-criticized-transphobic-n1256435

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ.

      පොත ලියන කාලේ මට හිතුණේ නැහැ සමහර කතන්දර එතරම් හොඳ නැති බව. 'ඔන්න මං කව්වනවා' කතාව නැවත බ්ලොගයට කොටන අතරේ සහතිකෙන්ම මට හිතුණා, එදා ඒ කතාව නොලියා හිටියා නම් කියලා.

      ඒත්, ඒක ඉවත් කරලා පොත ඉදිරිපත් කිරීම -මගේ හොඳ නම රැක ගැනීමේ උත්සාහයක්- වගේ වේවි කියලයි හිතුණේ. මීට වැඩිය ලොකු මගේ වැරදි ගැනත් හැන්ගුවේ නැති නිසා එහෙම සංශෝධනයක් කළේ නැතිව හිටියා.

      Delete
    2. මාත් විහිලුවට ඕනෙතරම් ඕවා කියනවා.ලින්ක් එක දුන්නෙ දැන් කාලෙ පොලිටිකලි කරෙක්ට් කියන එක බොහොම තදයි කියල පෙන්නන්න විතරයි

      Delete
    3. අනේ Pra jay මහත්තයෝ, මං අහිතක් හිතුවේ නෑ. අපි වගේ 'බොග දමන්නන්' දිරිමත් කරන්නත්, රැක ගන්නත්, උදව් කරන්නත්; පාර පෙන්වන්නටත් ඔයාලා වගේ පිරිස තමයි ඉස්සරහින්ම ඉන්නේ!

      ගොඩක් ස්තුතියි!

      Delete
  4. ලංකාවේ ඡායාරූප ඉතිහාසයේ හිනා යන කතාවක් මතක් උනා.

    1858 අගෝස්තු තුන්වෙනිදා ලංකාවේ දුම්රිය සේවය (මාර්ගය) ආරම්භ කිරීමේ උත්සවය දිනයේදීම ලංකාවට "ඡායරූප" ගැනීමේ තාක්ෂනයත් හඳුන්වා දුන් බව කියවෙනවා. ලංකාවේ පළමු ඡායාරූප ශිල්පියා ලෙස ජේම්ස් පාටන් James Paton නම් තැනැත්තෙකු, එදින හෙන්රි වෝඩ් අග්‍රාන්ඩුකාරයා දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා මංගල පස් පිඩැල්ල කැපීම ඡායාරුප ගත කලත්, එය develop කර බැලූ විට එහි තිබී ඇත්තේ "කරක්ගෙඩි සායක් හැඳගත් කාන්තාවකගේ පශ්චාත් භාගය" ලු.

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි Sam! ඒ කතාව මාත් කොහෙදිදෝ කියවලා තිබුනත් සහමුලින්ම අමතක වෙලා තිබ්බේ.
      කාර්ල් මුලර් මහතාගේ පොතකද මන්දා තිබුණේ...

      Delete
  5. දිග, මොන දිගක්ද? පටස් ගාලා කියෝල ඉවර වුනා.

    මඟුල් පිංතූරෙ නං නියමයි, කොහෙන්ද හොයා ගත්තෙ? අපේ ගම් පලාත අවටත් "සොයිසා" වතු සෑහෙන්න තිබ්බා. පස්සෙ ආණ්ඩුවට ගත්තා, මයෙ හිතේ. සොයිසා පරපුර ගැන විස්තර ටිකක් දන්නවා.

    ReplyDelete
    Replies
    1. "මුත්තර බල්ලා" කතාව මනඃකල්පිතයක්ද? එහෙම නැතිනම් සත්‍ය සිදුවීමක්ද?

      Delete
    2. බස්සා මහත්තයෝ. ඒ foto එක දුටුවේ fb එකෙන්. එතැනට යන්න පුළුවන් වෙන්නයි 'මේ foto එක අරගෙන තියෙන්නේ 1863 දී' කියන ටික ටිකක් ලොකු ඇල අකුරෙන් යෙදුවේ. ඒක උඩට මවුස් එක ගෙනිහින් ක්ලික් කරන්න. (ඕකට කියන තාක්ෂණික වදන් නං මං දන්නෙ නෑ! ඔහොම links දාන වැඩේ මට ටෙලිෆෝන් එකෙන් කියලා දුන්නේ 'කොළොම්පුරේ' අසංග හිතාවතා.)

      කොච්චර දත කෑවත් මේ link එක අඩංගු වචන ටික රතු පාටි පෙන්වන්නේම නෑ. 20 වතාවකටත් වැඩිය try කරලා බැරි තැන අතහැරලා දැම්මා. හැබැයි ඒ වචන ටික උඩ ක්ලික් කලාම හරි. කොයිකටත් මෙන්න ලින්කුව.

      https://www.facebook.com/photo?fbid=2801444010146253&set=ecnf.100008420434612

      ඕනෑම කෙනෙකුට හිමිවිය යුතු ගෞරවයක් එයාටම ලබා දෙන්න මං හරි කැමතියි. අසංග කියා දුන් පාඩම නිසා මට හරි ලෙහෙසියි, එහෙම මූලාශ්‍ර ඉදිරිපත් කරන්න. තවමත් හිතට දුකයි, මෙතැනදී ඒ වචන ටික වෙනම වර්ණයකින් නොපෙනෙන එක ගැන.

      විස්තර ගොඩාරියක් එතැන තියෙනවා, සොයිසා මහත්තයලා ගැන commentsවලත්.

      Delete
    3. Sam මුත්තර බල්ලා කතාව මං ඉස්සෙල්ලාම ඇහුවේ අපේ ආච්චිගෙන්.

      එයා ඇවරිවත්තේ වෙද මහත්තය අතට මතුරලා පොල් ගහට අත තියලා- නවාගෙන කුරුම්බා බීව හැටි ගැනත් කියල දුන්නා.
      අර දකුණෙ පන්සලක බුදු පිළිමයක් උඩ සුද්දියෙක් වාඩි වුණාම ලොකු හාමුදුරුවෝ 'පොඩි නම- දැන් නං නරකත් හොඳ වෙලාව!' කියාලා කාලමක් පිඹින්න වරම් දුන්නු කතාවත් කිව්වා.
      පිල්ලි යැවීම ගැනත් ගොඩ දේවල් කියා දුන්නා.

      ඉතිරි ටික කොටන්න කලින් මම නිකමට 'මුත්තර බල්ලා' කියලා ජාලයේ හෙව්වා. Links ගොඩක් එපෙන්වනවා. මේ පරණම එකක්;

      https://elakiri.com/threads/%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7-%E0%B6%B8%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96-%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F.1576967/

      ඒ කතන්දර සේරමත් ඊට අවුරුදු 20-30 කට පස්සේ තැනින්-තැන කියවන්න ලැබුණා.
      මුත්තර බල්ලා කතාව (මතක විදිහට - හොඳේ!) ගුණදාස ලියනගේ මහත්තයාගේ 'කවුද මේ පොතකද කොහෙදත් තියෙනවා.

      Delete
    4. නිදි දාලා තියෙන ලින්ක් එකේ සෑහෙන විස්තර තියෙනවා. ඒකෙ නැති මා දන්න දේවල් ටිකක් කියන්නම්. පානදුර,මොරටුව අවට බොහෝ "සොයිසා වතු" තිබුනා. පස්සෙ වැඩිහරියක් ආණ්ඩුවට ගත්තා.ඊට කලිනුත් සොයිසා පවුලේ අය බොහෝ දේ ජනතාවට පරිත්‍යාග කලා. සොයිසා රෝහල, පානදුරේ "කේතුමතිය"(දැන් මාතෘ රෝහලක්) එහෙම දෙකක්. කේතුමතියේ තඩි ගෙම්බෙක් ඉන්න බවත්, ඔය 'මුත්තර බල්ලා'වගේම තවත් කතාවක්.දන්නා දේ, පානදුරේ වෑකඩ අවට "සොයිසා" නම් පිස්සෙක් සිටි බවයි. ලමයින් හා කුළුපග මිනිසුන්ට අකමැති, අති විශාල ධනයක් උරුම මේ පිස්සා ඇඳැගෙන හිටියෙ ගෝනි පඩංගුවක් වීම දෛවයේ සරදමක් කියලයි මට හිතෙන්නෙ.

      Delete
    5. ඉඩක් තියෙනවා නං මොහාන් රාජ් මඩවලගේ 'ආදරණීය වික්ටෝරියා' පොත කියවලා බලන්නකො, බකුසු මහත්තයෝ. ඒකට රේන්දකරුවන්ගේ විස්තරත්, ඒ යුගයේ විස්තරත් මදි නැතිව අරගෙන තියෙන විත්තියයි මම දැක්කේ.

      Delete
  6. 'ලඟට එන්න එපා මට කොවිඩ්' සීරිස් එක දැන් ලියන්නෙ නැද්ද නිමල්.

    අද විහිලු කතාවල ගංජා ගහපු වඳුරා සහ කටුස්සා කතාවත්, නැන්දම්මා සහ බෑනලා සෙට් එකේ කතාවත් ලංකාවෙ දේශපාලනය වගේමයි. කටුස්සො ඔක්කොම කිඹුලො වෙලා ගංජා ගහපු මිනිස්සුන්ට. අර පලවෙනියට තියෙන කතාව නම් පොත ආයිත් මුද්‍රණය එහෙම කරනවනම් හිතලා බලන්න තවත් මිනිසුන් කොටසක් කතාකරන, ඇවිදින විදිහ ගැන විහිලු කිරීම එච්චර හොඳ දෙයක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. Lotus ඒ සීරීස් එක කොටස් තුනෙන් ඉවරයි.

      හැබැයි ඔයා ඇහුවම මේ ටිකත් කියන්න හිතුණා, එකේ අර Dලගෙ අම්මා ගැන ලිව්වය කියලා අයස්මන්ත - නෙවිල් දෙන්නම මට බැන්නා- හොඳටම. අපේ නංගි මානෙලුත් හොඳටම අමනාපෙන් හිටියලු. මොකද බ්ලොගය ප්‍රමෝට් කරන්න මං හැම post එකකම පොඩි උපුටන ටිකක් fotos 4-5ක් එක්ක fb එකට දානවා. ඒවා විතරක් කියවන- එතැන දීලා තියෙන බ්ලොගයේ link එකට නොයන උදවිය වැරදි වැටහීම් ඇති කරගෙනලු.

      නංගි නම් අද වෙනකල් ඒ ගැන කතා කළේ නෑ. මාත් සද්ද වහලා බලාගෙන ඉන්නවා එයාම කියපුවාවේ කියලා. සමහරවිට මගේ මිත්‍රයෝ දෙන්නගෙ ගෙතුමක් වෙන්නත් ඉඩ තියෙනවා.... හැබැයි මොකක් හරි යටින් තියෙන්නත් ගොඩක් ඉඩ තියෙනවා වගේ.

      කටුස්සෝ කිඹුලෝ වෙලා!
      යකඩෝ, මට ඒක මීටර් වෙන්නේ දැන්, සත්තයි!

      ඔයා හරියටම හරි. ඒ කතාව ගැන මං Pra Jayට විස්තර ඇතිව ලියපු නිසයි ආයෙමත් මෙතනත් නොලියන්නේ.
      මගේ එහෙම වැරදිත් පෙන්වා දීම ගැන ඔයාලා දෙන්නාටම ස්තුතියි!

      Delete
    2. මගේ උත්තරය පරක්කුයි, සොරි නිමල්. ඒක වැරද්දක්ම නෙවෙයි නුසුදුසු දෙයක් නිසයි කිව්වෙ අපි හැමෝම මනුෂ්‍යයින් කියන පදනමේ සිට.

      ඒ Dලගේ අම්ම ගැන නිමල් ලියපු විදිහට සාමාන්‍ය පාඨකයෙක් වන මට නම් කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය එලි කිරීමක් කියලා හිතුනෙ නැහැ. මම නම් ඒක දැක්කෙ පුද්ගලයින් හෝ සිදුවීම් වලට වඩා ඉහලට ගිහින් සංකල්ප/අදහස් කතා කරන්න උත්සාහ කිරීමක් විදිහට. අනිත් එක ලංකාවෙ මිනිස්සු මානසික රෝග තත්ව වලට ප්‍රතිකාර වලට යොමු වෙන්නෙ නැති එක ලොකු ප්‍රශ්නයක් නේද.

      Delete