මෙහෙම ඒවාට වල්කතා කියලා කියන
අයගේ වැඩ හොයලා බැලුවොත්... |
එහෙමයි පසුගිය කොටස නැවැත්තුවේ....
‘හිනා වෙන්න හිනා’ පොතේ කතන්දර ටික ඉදිරිපත් කරනවා වුණත්, ඒ අතරට මගේ
අටුවා-ටීකාත්... කාලීන අනුපානත් එකතු කරන්නම වෙනවා. මොකෝ කියනවා නං මේ බ්ලොග් එක
ලියනවා මිස, මං පත්තරවලට ලියන එකක්යැ? අලුතින් එකතු වෙන කාරණා පස්සේ ලියන්න
කියලයැ.
“අනේ මහත්තයෝ, මෙහෙම ඒවාට වල්කතා කියලා කියන අයගේ වැඩ හොයලා බැලුවොත්... ඒ කාලේ හේමපාල මුනිදාස මහත්තයල වගේ අය ‘ලටපට’, ‘අතිරස’ කරද්දීත්.... මු. අරුක්ගොඩලා ‘සිනා’ පත්තරේ කරද්දීත් සමහරු බැන්නා කුණුහරුප කියලා... ඒවා ගණන් ගන්න එපා.....” මතකයිනෙ, කැලණියේ ගෝනවල ජෙරාඩ් ප්‍රනාන්දු මහත්තයා කියපු විත්තිය පහුගිය කොටසේදී මම කිව්වා.
ජෙරාඩ් ප්‍රනාන්දු
මහත්තයා මට දීල තිබුණේ එතුමා වැඩ කළ ආයතනයේ දුරකතන අංකය විතරයි. දැන් ඒ අංකයත් වැඩ
නැහැ. නැත්තං මං උන්නැහේට කියනවා මේ පහළින් උපුටලා දක්වන ටික කියවන්නය කියලා.
‘.... ලිංගික සංසර්ගයයි ආදරයයි,
බලයයි, අරකයි,
මේකයි අතර සම්බන්ධය ඇත්තටම සමාජ ගොඩනැංවීම්.
ලිංගික සංසර්ගයේ යෙදීමේ අවශ්‍යතාවත් කනවා බොනවා වගේම එකක්. ඒකෙදි වෙන මොන
මගුලක්වත් නැතුව අපි හු_මුද කියලා
කැමැත්ත විමසන එකේ වුණත් මට නම් කිසිම අවුලක් පෙනෙන්නෙ නැහැ. කැමති නැතිනම් මං
කැමති නැහැ කියන එක පිළිගන්න එක තමයි මිනිස් ශිෂ්ටත්වය කියන සමාජ ගොඩනැගීම. එහෙම
නැතුව, බලෙන් කරන්න යාම හෝ
අරූ මගෙන් හු_මුද ඇහුවා,
ඌ වල්, ඌට නෙළමු කිය
කිය නීති විරෝධී ජනරාශි බලමුළු ගන්වාගන්න එක මම නම් හිතන්නෙ ගෝත්‍රික වැඩ.
ලිංගික අසහනයෙන් පෙළෙන අපට ‘වල් දාර්ශනිකයකු’ අසුවීම. |
අද; ජුනි 30 වෙනිදා, අජිත් පැරකුම් ජයසිංහ ‘ප්‍රජා’ බ්ලොග් අඩවියේ පළ කර තිබුණු ‘ලිංගික
අසහනයෙන් පෙළෙන අපට ‘වල්
දාර්ශනිකයකු’ අසුවීම’ post එකෙනුයි
මං ඒ චුට්ට හොරා ගත්තේ.
මානව ශිෂ්ටත්වය මොකක්ද කියන එක කාලෙන්-කාලයට
වෙනස් වෙනවා වගෙයිද?
නිගමනයකට එන්නට කලින් මේ ටිකත් කියවමු. ජෙරාඩ් පෙරේරා මහත්තයා එවූ ‘අතිරස’ කලාප
පිටුවක (‘රොඩු කැප්ටන්’ යන අන්වර්ථ නාමයෙන් පළවී තිබුණු) -චී! චී!! පලේ පල්
වැඩ- ලිපියෙන් ටිකකි මේ.
‘... මේ යකාගේ, මේ යකාගේ කිව්වේ ඒ මයෙ මිත්‍රයාගේ
හුටපට සේරම ඒකි දන්නවා. ඒ වාගේම ඒකිගෙත් සමහර පුංචි සෙල්ලන් බෙල්ලන් එයත් දන්නවා.
එහෙම උනාට මොකෝ කවමදාකවත් නොවෙයි මේ දෙපල අමනාප වුණේ. කොහොමද ඕයි අමනාප වෙන්නෙ,
දෙන්නගෙ හුටපට දෙන්නම දැනගන ඉන්නකොට. අම්මප ඕයි! අනිත් ඈයොත් ඔහොම නම් අපේ මේ
සිරිලංකාව දිව්‍යපුරයක් නොවැ. කතන්දරේ සීරියස් එක ඕක නොවෙයි.
එක දවසක් මේ හාදයාගේ ගෑනු බ්‍රෝකර් කෙනෙක්
මෙයාට බඩුවක් දෙනවයි කියලා මෙයාගෙන් අත්තිකාරන් ගත්තා. බ්‍රෝකර් කිව් තැනට මේ
හාදයත් හවස ගියා.
බොරු කියන්නේ මොටද, තැන හෝටලයක්. එතෙන්ටයි එයා ගියේ. ගිහින් බ්‍රෝකර්
කිව් විදියට ගියා කාමරේ ළඟට, ඇරියා දොර, ගියා ඇතුළට.
මේ ඉන්නේ ගිරිදේවි වගේ එයාගේ
පවුල. එයා උඩ බලා ගත්තා. ඒකි බිම බලා ගත්තා.
එදා තමයි දෙන්නට දෙන්න බ්‍රෝකර්වරු තියාගෙන කතන්දර ඇට් කරන බව දැන ගත්තේ. නමුත් මිත්‍රයා! දෙන්නම තවම පවුල් කනවා. මොකටද ඕයි ඔහොම පවුල්. චී! චී! පලේ පල් වැඩ.’
ඒ ‘අතිරස’ කලාපයේ
පළවී තිබුණු දැන්වීම් රැසක්ම.... |
ඔසුවක්? ඔව්, ඔව්, ඔව්. අත්දුටු බෙහෙතක්
ගැනයි ‘හිනා’ පොතේ 25 වෙනි කතාවත්.
25. ප්‍රථමාධාරය
සිල්වා නෝනා සුපර් මාර්කට්
එකට යද්දී පාර අයිනේ සෙනඟ පිරිලා ඉන්නවා දැක්කා. එයාත් දඩිබිඩියේ එතැනට ගිහිල්ලා
සෙනඟ අස්සෙන් එබිලා බැලුවා.
‘අපොයි දෙයියනේ!’
වයසක මනුස්සයෙක් බිම වැටිලා ඉන්නවා.
සිල්වා නෝනා සෙනඟ පීරාගෙන
ඉස්සරහට ගියා.
“ඔහොම බලා ඉඳලා හරි යන්නෙ නෑ. විගහට බ්‍රැන්ඩි ටිකක් හොයාගෙන ඇවිත් මේ අසරණ
මනුස්සයට පොවනවා.... එතකොට හරි යයි!” සිල්වා නෝනා කිව්වා.
“ඕනේ නෑ.... මං ඇම්බියුලන්ස්
එකකට ෆෝන් කරන්නම්. එතකොට මේ මහත්තයව ඉස්පිරිතාලෙකට එක්කං යයි!” තව එක්කෙනෙක්
කිව්වා.
“ටිකක් පවන් ගහලා බලමු!” ඒ
තවත් කෙනෙක්.
“මං මේ වතුර ටිකක් ගෙනාවා.
ඉහලා බලමු...” වතුර වීදුරුවකුත් උස්සගෙන ආව තවත් කෙනෙක් යෝජනා කළා.
“බ්‍රැන්ඩි ටිකක් පෙව්වා නං
ටක් ගාලා හරි යයි.” සිල්වා නෝනා ආයෙමත් කිව්වා.
ඒ වෙලාවෙයි වැටිලා හිටිය
මහත්තයා බොහොම අමාරුවෙන් ඇස් ඇරියේ.
“මේ රත්තරං නෝනා කියන එක කරනවලකෝ ඕයි.” එහෙම කියලා මහත්තයා ආයෙමත් ඇස් වහගත්තා.
උඹලගෙ අක්කගෙ ටියුෂන් ගැනිල්ල වගේ තමයි. ඉගෙන ගන්න යන්න... |
තාත්තා රූපවාහිනිය ක්‍රියාත්මක
කරවා පත්තරය දිග හැර ගත්තේය. පොඩි එකාට කරන්නට දෙයක් නැත. තාත්තා පත්තරය පෙරළයි;
රූපවාහිනියත් බලයි. ඒ ප්‍රවෘත්ති ප්‍රචාරය සිදු වෙද්දීය.
එදා පොඩි එකාත් රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹුවේය. එසේ නරඹන අතරතුර ඔහුට නොවැටහෙන දේ
තාත්තාගෙන් විමසන්නටද පටන් ගත්තේය.
“ආණ්ඩු පක්ෂය කියන්නේ මොකක්ද
තාත්තේ?”
“ඒකෙන් තමයි රට පාලනය කරනවා
කියල කියන්නේ... හැබැයි, මේ ලෝකේ දෙයක් කරගන්න බෑ.... නමට විතරයි ලොකුකම....” එසේ
කියූ තාත්තා වටපිට බලා සෙමින් කීවේ ‘...හරියට මේ මං වගේ!’ කියායි.
තවත් සුළු වෙලාවකින් දෙවෙනි
ප්‍රශ්නයද විමසනු ලැබිණි. “විරුද්ධ පක්ෂය කියන්නේ මොහොකටද?”
තාත්තා නැවතත් වටපිට බැලුවේය.
“විරුද්ධ පක්ෂය කියන්නෙ පුතේ, උඹලගෙ අම්මා වගෙමයි. ඕනෑ එකටයි- එපා එකටයි ඔක්කොටම
විරුද්ධ වෙනවා.... ආණ්ඩු පක්ෂය කියන ඕනිම දේකට විරුද්ධ පක්ෂේ විරුද්ධයි....”
පොඩි එකාට ඒ ටික හොඳ හැටි
වැටහිණි. ඒත් ඔහු නිහඬව සිටියේ තවත් විනාඩි කිහිපයකි.
“තාත්තෙ... තාත්තේ.... එතකොට
වෘත්තීය සමිති නායකයො....?”
“උන් පුතේ.... උඹලගෙ ලොකු
අයියා වගේ. පොඩ්ඩ බැරි වෙන්න බෑ, රටම දෙවනත් කරනවා... කරන දේකුත් නෑ. නොකරන දේකුත්
නෑ...”
ඒ ටික තේරුම් ගන්නට ටික
වෙලාවක් කල්පනා කරමින් සිටි පොඩි එකාට තවත් වචනයක තේරුම දැන ගන්නට අවශ්‍ය විණි.
“විශේෂ කොමිසම..... විශේෂ කොමිසම....”
උඹට වගේම ජනතාවටත් තියෙන්නේ, දෙන දෙයක් කාල-බීලා දෙයියනේ
කියලා... |
දැන්-දැන් තාත්තාගේ විග්‍රහයන්
වටහා ගැනීම වඩාත් අසීරු වෙන බව පොඩි එකාට පෙනෙයි. එහෙත් ඔහුගේ ප්‍රශ්න ඇසීම නම්
අවසන් නොවේ.
“එතකොට ජනතාව කියන්නේ මොක්කුද
තාත්තේ?”
තාත්තා පත්තරයා හකුළා පැත්තකට
දමා උත්තර දුන්නේ පොඩි එකාගෙ ඔළුව අතගාමිනි.
“ජනතාවත් පුතේ හරියට උඹ
වගෙයි.... ආණ්ඩු පක්ෂෙ කියන ඒවත් අහගෙන ඉන්නවා... විරුද්ධ පක්ෂෙ කියන ඒවත් අහගෙන
ඉන්නවා... උඹට වගේම ජනතාවටත් තියෙන්නේ, දෙන දෙයක් කාල-බීලා දෙයියනේ කියලා ඔහේ
වැටිලා නිඳා ගන්න.... නිඳා ගන්න බැරිව කෙඳිරිගානකොට අපි උඹව නළවනවා. බැරිම නං
පාරක්-දෙකක් ගහනවා. එතකොට උඹ කට පියා ගන්නේ.... ජනතාවත් අන්න ඒ වගෙම තමයි!”
27. දෙකේ වෙනස
බිරිඳක් තම සැමියා සමඟ
දෙයාකාරයකින් කතා කරන්නීය.
එක: ඉතා මෘදුව සෙමින්ය. ඒ යම්
කිසි දෙයක් ලබා ගැනීමට ඇති විටෙකදීය.
දෙක: දැඩිව හඬ නඟාය. ඒ ඇයට ලබා ගැනීමට අවශ්‍ය වූ දෙය නොලද විටදීය.
28. අංකල්ට වැරදිලා
“මේ ඉලන්දාරියා.. මං මේක
කියන්නේ හිතවත්කමට. අනුන්ගෙ ගෙවල් ඇතුළේ
සිද්ද වෙන දේවල් මොනවද කියලා හොඳටම බලං ඉන්නේ අහළ-පහළ මිනිස්සු. ඊයේ රෑ..... එක්කො
ඕනි නෑ....”
ඊයෙ රෑ තමුසෙ නෝනව ඉඹපු
හැටියි.... අනිත් ඔක්කොමයි හැමෝටම පෙනුණා... |
“... කමක් නැද්ද?”
“නෝ ප්‍රොබ්ලම් අංකල්....”
“... එහෙම කිව්ව හින්දයි ඔන්න
කියන්නේ... නෝනව ඉඹින්න කරන්න ඉස්සෙල්ලා දොර-ජනෙල් හොඳට වහල ඉන්නවා. ඊයෙ රෑ තමුසෙ
නෝනව ඉඹපු හැටියි.... අනිත් ඔක්කොමයි හැමෝටම පෙනුණා... ජනේලේ හායි ගාලා ඇරලා තිබ්බ
හින්දා...”
“අංකල්ට හොඳටම වැරදිලා, ඊයේ
රෑ මං ගෙදර හිටියෙ නෑ!”
29. අත ගාලා බලන්න
බණ්ඩප්පු හද්ද පිටිසර
ගොවියෙකි. ඔහු දිනක් තම අට හැවිරිදි පුතුද කැටිව එළදෙනෙකු මිලදී ගැනීමට ගියේය.
එහිදී එළදෙනගේ හිසේ සිට වලිගය දක්වාම අතගා බැලූ බණ්ඩප්පු ඇයගේ කටත් හැර බැලුවේය.
“ඇයි තාත්තේ, ඔය?”
“එහෙම තමයි පුතේ, සල්ලි දීලා
යමක් ගන්න කලින් හොයලා- අතගාලා බලන්න ඕනේ. විශේෂයෙන්ම පණ ඇති සතෙක් ගන්න යනකොට....
තේරුණානෙ?” බණ්ඩප්පු පුතාට කියා දුන්නේය.
දින කිහිපයකට පසු බණ්ඩප්පු
එළවලු කොරටුවේ වැඩ කරමින් සිටියදී, ඔහුගේ පුතා හති හළමින් දුවගෙන ආවේය.
“තාත්තෙ, තාත්තේ. අන්න අර
ටවුමේ කඩේට අලුතෙන් ඇවිත් ඉන්න අයියා අපේ අක්කව සල්ලිවලට ගන්න ඇවිල්ලා. ඉක්මනට
යං!”
එයා කන්නෙ-බොන්නෙ- ඇවිදින්නෙ-
නිඳාගන්නේ පවා දොස්තර මහත්තයා කියන විදිහටමයි. |
‘සිංහල සාහිත්‍ය විශ්ව කෝෂය’ ග්‍රන්ථයේ- 814වෙනි පිටුවේ- ‘හතර හිනාව’ විස්තර කරලා තියෙන්නේ මෙහෙමය.
‘අර්ථා
හසස්න්‍යුචීත දාන චිහීත ලුබ්ධං
මෘත්‍යුර්හ සත්‍ය වනිපං රණ රංග සීරුම්
භුම්‍යො හසන්ති මම භූමිරිතිබ්‍රැවාණම්
දාරා හසන්ති තනයානු පලාල යන්තං
(අර්ථ) දන් පින් නොකරන මසුරා දෙස බලා ධනය
සිනාසෙයි; යුද බියට බියවී මුළු ගැන්වෙන රජු දෙස බලා මරුවා සිනාසෙයි; ‘මහ පොළොව
මගේ’ය සිතමින් ඉඩම්-කඩම් උදෙසා පොර කන්නවුන් දෙස බලා මහ පොළොව සිනාසෙයි; සොර
සැමියෙකු නිසා ලත් දරුවා නියම ස්වාමියා සුරතල් කරන විට ස්ත්‍රිය සිනාසෙයි.’
ඒ කාරණ ඔළුවේ තියා ගත්තැකි නං අප කාට-කාටත්
තවත් ටිකක් වැඩියෙන් අපිටම හිනා වෙන්න ඇහැක් වෙයි නේද?
30. සුභ - අසුභ
ධනපාල මුදලාලි! නම වගෙමයි,
ධනවතා. අනිත් මෝඩ මුදලාලිලා වගේ නෙවෙයි, එයා කන්නෙ-බොන්නෙ- ඇවිදින්නෙ- නිඳාගන්නේ
පවා දොස්තර මහත්තයා කියන විදිහටමයි. ඒ නිසාම දොස්තර වෛද්‍යසේකර ධනපාල මුදලාලිව
හොඳට දන්නවා. එයා තමයි ධනපාල පවුලේ වෛද්‍යවරයා.
හැම අවුරුද්දෙම ධනපාල මුදලාලි
ෆුල් චෙක්අප් එකක් කරගන්නවා, දොස්තර මහත්තයා කියලා තියෙන විදිහට. මොකද කොච්චර
පරෙස්සම් වුණත් වයසට යනකොට සමහර ලෙඩ-රෝග හැදෙනවලුනේ.
මිනිය එම්බාම් කරලා මේක
අන්දවන්න ඕනේ! |
“ඇයි දොස්තර මහත්තයා?”
“මං මේ කල්පනා කළේ .... ආරංචි
දෙකක් තියෙනවා මුදලාලිට කියන්න. එකක් සතුටුදායකයි, අනික කනගාටුදායකයි. කොයිකද
ඉස්සෙල්ලා කියන්නේ...”
“හොඳ එක.... හොඳ එක කියන්න
මහත්තයා.”
“මේ සැරේ මගේ පුතාත් විභාගයෙන්
පාස් වෙලා.... මිනිහටත් වෛද්‍ය විද්‍යාලෙට ගිහිල්ලා දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්
වෙයි!”
“මරුනෙ! එතකොට අපිට දොස්තර
මහත්තයාගේ පුතාගෙනුත් බෙහෙත් ගන්න පුළුවනිනේ...” එහෙම කියලා මුදලාලි බලාගෙන හිටියේ
ඊළඟ නරක ආරංචිය කියනතුරු.
“ හැබැයි, මේ රිපොර්ට්ස්වල
හැටියට..... එයාගේ ඉගෙනීමේ වැඩවලට යන ඔක්කොම වියදම ගෙවන්න වෙන්නේ මුදලාලිට තමයි!”
31. මාරුව
හදිසියේ මියගිය තම සැමියාගේ
මෘත දේහය ප්‍රසිද්ධ අවමංගල්‍ය සමාගමකට භාර දුන් ඇය, දුඹුරු පැහැති ඇඳුම් කට්ටලයක්ද
ඔවුන්ට දුන්නාය.
“මේක මගේ මහත්තයාගේ ෆේවරිට්ම
කිට් එක. මිනිය එම්බාම් කරලා මේක අන්දවන්න ඕනේ.”
මෘත දේහය රැගෙන යාමට පැමිණි
ඇය බෙහෙවින්ම කෝපාවිෂ්ට වූවාය.
බූරුවෙක් කෑ ගහනවා ලස්සනයි
එයාගේ සිංදු කීල්ලට වඩා... |
“සමාවෙන්න නෝනා, මට විනාඩියක්
දෙන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න...” අවමඟුල් සමාගමේ කළමනාකරුවා ඉල්ලා සිටියේය.
විනාඩි කිහිපයකදීම ඔහු ආපසු පැමිණියේ සමාව ඉල්ලමිනි.
“සමාවෙන්න නෝනා. අපට ලොකු
වැරදීමක් වෙලා. නෝනා ගෙනාව සූට් එක වෙනින් මිනියකට අන්දවලා. ඔහොමම ඉන්න නෝනා...
අපි ටක් ගාලා මාරුව ඇරලා දෙන්නං.” සේවකයෝ මෘත දේහය සාප්පුව ඇතුළට රැගෙන ගියහ.
ගත වුණේ විනාඩි කීපයකි.
දුඹුරු පාට ඇඳුම් කට්ටලයෙන් සැරසවූ තම සැමියාගේ මෘත දේහය දුටු ඇය සතුටට පත් වූවාය.
“ඔහෙලට හරිම ක්වික් සර්විස්
එකක්නෙ තියෙන්නේ.... කොහොමද මෙච්චර ඉක්මනට මිනී දෙකක සූට් ගලවලා ආපහු ඇන්දෙව්වේ?”
“අපි ඇඳුම් ගැලෙව්වේ නෑ
නෝනා.... ඔළු දෙක මාරු කළා විතරයි.”
32. වැරැද්ද
“මෙහෙමද සිංදු කියන්නේ? අජූතයි!
අරකිගේ බෙල්ල මිරිකනවා වගෙයිනෙ බෙරිහන් දෙන්නේ. බූරුවෙක් කෑ ගහනවා ලස්සනයි එයාගේ
සිංදු කීල්ලට වඩා... කවුද මේ මළ හෝන්තුව?”
සංගීත සංදර්ශනයක් බැලීමට ගොස්
සිටි සුසිරිපාල ළඟ සිටි තැනැත්තාට කීවේය.
“ඒ මගේ දුව!”
පිළිතුරු ලැබිණි.
හැටට-හැටේ බයිසිකලය පැදගෙන ආව
සිරිමාන්න හති දදා කෝපි කඩේ ගාවදි... |
“මගේ නෝනයි එක ලිව්වේ!”
සිහින් හඬින් පිළිතුරු ලැබිණි.
“ආ ඇත්තද? ...දිගටම අහගෙන
ඉන්නකොට මට හිතෙන්නේ, වචන වුණත් එච්චරටම සවුත්තු නෑ..... තනුව! තනුවේ තමයි
වැරැද්ද! බූරුවෙක්ම තමයි තනුව දාන්න ඇත්තේ. මං හරි නේද?” සුසිරිපාල ජයග්‍රාහී
ලීලාවෙන් කිව්වේය.
“හරිද වැරදිද මන්දා.... තනුව
මගේ...” තෙවෙනි පිළිතුරද ලැබිණි.
33. ඩ්‍රයිවර් එතනමයි!
“අතැන වංගුවට එහා හන්දියේ
වාහනයක් හැප්පිලා.”
හැටට-හැටේ බයිසිකලය පැදගෙන ආව
සිරිමාන්න හති දදා කෝපි කඩේ ගාවදි කිව්වා.
“ඉතිං... ඉ..ත්..තිං.. ඩ්‍රයිවර්?”
අබිලිං ඇහුවා.
“එතැනමයි!”
“තරුණ කෙනෙක්ද?” ඒත් අබිලිං.
“හැන්ඩියෙක්!” සිරිමාන්න
කිව්වා.
අබිලිං කම්මුලට අතක් කාරිය
තියලා විස්සෝප වුණා.
“පව් දෙයියනේ! තරුණ හාදයෙක් නං බැඳලත් ඇති!” අබිලිං කිව්වම, සිරිමාන්න ටිකක්
නුහුරට බැලුවා.
“ඔච්චර ඕනි නං ගිහිල්ල
අහගන්නවකෝ බැඳලද කියලා.... මං ඒවා අහන්න ගියේ නෑ, ඩ්‍රයිවර්ගෙන්.” සිරිමාන්න
තරහෙන් කිව්වා.
දල්පතාදු නෝනා මහත්තයා හැමදාම
වගේ මහත්තයට කියනවා ගිහින් බේතක්-හේතක් ගන්නයි... |
“කවුද කිව්වේ ඌ මැරුණයි
කියලා?”
“ඇයි මිනිහෝ... තමුසෙමනේ
කිව්වේ ඩ්‍රයිවර් එතනමයි කියලා!” අබිලිං සිරිමාන්නට කඩං පැන්නා. එතකොටයි
සිරිමාන්නට හිනාවක් ගියේ.
“කිව්වා නේන්නං... එතැනමයි
කිව්වේ මිනිහා එතැනටම වෙලා ඉන්න හින්දා. නැතිනං හොරු වාහනේ කෑලි ගලවනවනේ!”
34. කෙට්ටුව මට්ටුවට....
ගලිවර් දල්පතාදු මහත්තය
ගලිවර් කියන නමටත් නින්දාවක් වෙන තරමට කෙට්ටුයි. මොනවා කෑවත්- බිව්වත් වැඩක් නෑ;
කොච්චර කෑවත් වැඩක් නෑ. කටුස්සන් කාපු බළලා වගේ එන්න එන්නම කෙට්ටු වෙනවා.
දල්පතාදු නෝනා මහත්තයා හැමදාම වගේ මහත්තයට කියනවා ගිහින් බේතක්-හේතක් ගන්නයි
කියලා. කියනවා බැරිම තැන දල්පතාදු මහත්තයත් ගියා, විශේෂඥ දොස්තර මහත්තයෙකු ළඟට.
අර පරීක්ෂණ- මේ පරීක්ෂණ-
එක්ස්රේ පරීක්ෂණ ගණනාවක්ම කෙරුණා. අන්තිමටයි විශේෂඥ දොස්තර මහත්තයට ලෙඩේ රෝග
නිධානය අහු වුණේ.
“මිස්ටර් දල්පතාදු, මේක බොහොම
කලාතුරකින් දකින්න ලැබෙන මාරාන්තික රෝගී තත්ත්වයක්. හැබැයි, බොහොම පුංචි
වෙද-හෙදකම් කීපයකින් නිට්ටාවටම සනීප කරන්න පුළුවන්. මං කියන විදිහට කළොත් සුමානයක්
යන්න කලින් ලෙඩේ සනීප කරලා දෙන්නං.” විශේෂඥ වෛද්‍යවරයා කිව්වා.
ගලිවර් දල්පතාදුට හරි
සතුටුයි.
“මොකක්ද දොස්තර මහත්තයෝ මම
කරන්න ඕනෑ?” දල්පතාදු ඇහුවා.
“මිස්ටර් දල්පතාදු දන්නවද
කිඹුලා බනිස්?”
“කිඹුලා බනිස්! ඒ මොකටද
ඩොක්ටර්?”
... කිඹුලා
බනිස් එකයි, දෙකයි-
දෙකේ පොල්ලයි අරන්.... |
දල්පතාදු ‘හරි’ කියලා කිව්වේ
වැඩිය ප්‍රශ්න නොඅහා. හැබැයි, මිනිහටත් පුදුමයි මේ මොකක්ද කියන්න යන්නේ කියලා.
“හැමදාම උදේ පාන්දරින්ම හිස්
බඩට කිඹුලා බනිස් එකයි, ආනමාලු ගෙඩියයි අරන් කවුරුත්ම නැති කාමරයකට ගිහින් දොර වහ
ගන්නවා.... දොර වහගෙන ඇඳන් ඉන්න සරම හරි- කලිසම හරි ගලවනවා.
ඊළඟට මෙන්න මෙහෙම, කිඹුලා බනිස් එකයි- ආනමාලු ගෙඩියයි මෙහෙම පස්ස පැත්තට ගෑවෙන
විදිහට අල්ලාගෙන ඉන්නවා.... හරිද? .....ආ, ආනමාලු ගෙඩිය ලෙලි ඇරලයි අල්ලන්නේ!”
“එහෙම කරලා?”
“පිට පිටම පස් දවසක් ඔහොම
කරලා ඉවර වුණාම කිඹුලා බනිස් එකකුයි, දෙකයි-දෙකේ පොල්ලකුයි අරන් උදේ පාන්දරම මෙහාට
එනවා!”
විශේෂඥ දොස්තර මහත්තයා එහෙම
කිව්වම දල්පතාදුට ෆුල් හොල්මන්. ඒත් මොනවා කරන්නද, හා කියලා ගෙදර ගියා. නෝනාත් මඟ
බලාගෙන හිටියේ විස්තර අහගන්න.
“එකත් එකටම රහස් කෙමක් තමයි
ඔය. කා එක්කවත් කට හොල්ලන්න එපා ඔය ගැන.” එහෙම කියලා දල්පතාදු නෝනා මහත්තයට අනතුරු
ඇඟෙව්වා.
ඔන්න දොස්තර මහත්තයා කියපු
විදිහටම වතාවත කරන්න ගත්තා. |
හයවෙනි දවසේ පාන්දරම, කලින්
කියල තිබුණු විදිහටම දල්පතාදු දොස්තර මහත්තයව හම්බ වෙන්න ගියා. කිඹුලා බනිස් එකයි,
දෙකයි- දෙකේ පොල්ලයි අරන්.
දොස්තර මහත්තයා දල්පතාදුවත්
අඬගහගෙන ඔපරේෂන් තියටර් එකට ගියා. දල්පතාදුගේ ඇඳුම් ඔක්කොම ගලවන්න කිව්වා.
ඇටෙන්ඩන්ට් කෙනෙකුටත් අඬගහලා හෙමිහිට මොනවද කියලා, දෙකයි-දෙකේ පොල්ල එයා අතට
දුන්නා.
ඊළඟට කිඹුලා බනිස් එක අතට අරන් දල්පතාදුට මෙහෙම කිව්වා.
“දැන් පුළුවන් තරම් පහත්
වෙලා, කකුල් දෙකේ මහපටැඟිලි අල්ලාගෙන නැමිලා ඉන්නවා. බැරි වෙලාවත් ගැස්සෙන්න-
හැරෙන්න- නැඟිටින්න තහනම්!”
අනේ! දල්පතාදුත් ඔන්න දැන් ඒ විදිහට නැමිලා ඉන්නවා.
දොස්තර මහත්තයා කිඹුලා බනිස්
එක දල්පතාදුගේ අධෝ මුඛයට කිට්ටු කළා විතරයි, මෙන්න බොලේ දල්පතාදුගෙ බඩේ ඉන්න දඩ
සයිස් පණුවා වෙනදා පුරුද්දටම ඔළුව එළියට දැම්මා.... දාලා අහනවා ‘ඇයි, අද බනිස්
විතරද? කෙසෙල් ගෙඩි නැද්ද?’ කියලා.
ඌ තමයි එච්චර දවසක්
දල්පතාදුගෙ බඩේ ඉඳන් ඒ මනුස්සයා කන-බොන ඔක්කොම දේවල් භුක්ති විඳ-විඳ හිටියේ.
‘කෙසෙල් ගෙඩි නැද්ද’ කියලා
පණුවා අහනකොටම ඇටෙන්ඩන්ට් දෑත බදලා දෙකයි-දෙකේ පොල්ලෙන් පණුවාගේ ඔළුවටම පත බෑවා.
උන්දෑ ඔන් ද ස්පොට්!
දල්පතාදු උන්නැහෙගෙ ලෙඩේ එදා
හිට නිට්ටාවටම සනීප වුණා.
සෙස්ස පස්සට!
//“ජනතාවත් පුතේ හරියට උඹ වගෙයි.... ආණ්ඩු පක්ෂෙ කියන ඒවත් අහගෙන ඉන්නවා... විරුද්ධ පක්ෂෙ කියන ඒවත් අහගෙන ඉන්නවා... උඹට වගේම ජනතාවටත් තියෙන්නේ, දෙන දෙයක් කාල-බීලා දෙයියනේ කියලා ඔහේ වැටිලා නිඳා ගන්න.... නිඳා ගන්න බැරිව කෙඳිරිගානකොට අපි උඹව නළවනවා. බැරිම නං පාරක්-දෙකක් ගහනවා. එතකොට උඹ කට පියා ගන්නේ.... ජනතාවත් අන්න ඒ වගෙම තමයි!”//
ReplyDeleteමේකෙ ඉතුරු කොටස තමයි වඩාත්ම රසවත්. මොකද කියන්නෙ? මෙතන පහළින් ලියන්ඩද?
ජනතාව අවදියෙන්...
Deleteවෘත්තීය සමිති මර නින්දේ...
Deleteඑතකොට හොර නින්දේ ඉන්නේ....
Deleteඑන්ජීඔ් කාරි වෙන්ඩැති?
Deleteමාත් අහල තියෙන අවසානය වෙනස් . ඩ්රකි ගේ එක වෙන්න ඕනේ
Deleteදාන්ඩ අයියෙ පහක්... මේ නිදිය කෝපි වගා කරපු කාලෙ කතා කියන්ඩ එනව අපට.
Deleteමං වගේ රන් ගොජෙක්!
Deleteඑක්කෝ නෙවිල්ලගේ අම්මට වගේ මටත් ඩිමෙන්ෂියාව වෙන්නැති!!
ඩ්රැකියි, බුරටිනොයි, අජිතුයි තුන් දෙනාම කියලා තිබිලත් මගේ ඔළුවට ආවෙම නැහැනෙ කතාවේ අවසානේ.
මාත් පොත ගැහුවට පස්සේ තමයි මේ අවසානේ කෙනෙක් කිව්වේ.
දෙවෙනි වතාවටත් ඒක, හැගිස්සුවේ අද දවල් කට්ටකාඩුවේ ලොකූ. මේ ලියන්නේ පස්සේ මට කියපු විදිහටයි.
තාත්තාගේ කතාවෙන් පස්සේ පොඩි එකා කට වහගත්තේය. එදා රාත්‍රියේ කෙඳිරියක් ඇසී පිබිදුණු පොඩි එකා අඳුරට නෙත් යොමු කළේය. ඔහු දුටුවේ බලහත්කාරයෙන් වගේ විපක්ෂය යට කරගෙන සිටින ආණ්ඩු පක්ෂයයි.
බියපත්වූ පොඩි එකා 'තා..' කිව්වා විතරය.
තාත්තා පොඩි එකාට විතරක් ඇහෙන තරමට ගෝරනාඩු කළේය.
"අනික් පැත්ත හැරිලා බුදියාගං. කෑ ගහලා වෘත්තීය සමිතිය ඇහැරෙව්වොත් කොමිසමත් මෙතෙන්ට ගෙන්නයි යකෝ!"
ස්තුතියි ලොකූ!
DeleteSon: "Dad, I have to do a special report for school. Can I ask you a question?"
DeleteFather: "Sure son. What's the question?"
Son: "What is Politics?"
Father: "Well, let's take our home for an example. I am the wage earner, so let's call me "Capitalism". your mother is the administrator of money, so we'll call her "Government". We take care of your need, so let's call you "The People". We'll call the maid "The Working Class" and your little brother, we can call "The Future". Do you understand son?
Son: "I'm not really sure, dad. I'll have to think about it."
That night awakened by his brother's crying, the boy went to see what was wrong. Discovering that the baby had seriously soiled his diaper, the boy went to his parents' room and found his mother sound asleep. He went to the maid's room, where, peeking through the keyhole, he saw his father in bed with the maid. The boy's knocking went totally unheeded by his father and the maid, so the boy returned to his room and went back to sleep. The next morning he reported to his father.
Son: "Dad, now I think i understand what politics is."
Father: "Good son! Can you explain it to me in your own words?"
Son: "Well Dad, while Capitalism is screwing the Working Class, Government is sound asleep, the People are being completely ignored and the Future is full of shit."
ස්තුතියි අජිත් මහත්තයෝ.
Deleteඅපරාදේ, ඔයා ටිකක් ඉස්සර වුණා නං...
//“අපි ඇඳුම් ගැලෙව්වේ නෑ නෝනා.... ඔළු දෙක මාරු කළා විතරයි.”//
ReplyDeletehttps://www.youtube.com/watch?v=2dVTHM53bMY
මෙන්න මේකෙ 7:17 ඉඳන් ඒ වගේම වැඩක් තියෙනව.
ඔව් නේන්නං ඩ්රැකී!
Deleteයකඩෝ පනුවා...! ඒක මං අහල තිබ්බෙ නෑ. හැබැයි ඇම්ඩා ඉපදුනු හැටි ගැන ඒ වගේම සමාන කතාවක් තියෙනව.
ReplyDeleteඇම්ඩා ගැන කතන්දර ගොඩාරියක් අහන්න තිබ්බා ඒ දවස්වල. පණුවෙකුට සම්බන්ධ එකක් නං මට අහන්න ලැබුනේ නෑනෙ....
Deleteනෑ. පණුවෙක්ට සම්බන්ධයක් නෑ.
Deleteඔන්න ඇම්ඩා ඉපදෙන්න, ඇම්ඩගෙ අම්මා තියටර් ගත්ත වෙලාවෙ... ඇම්ඩ ස්වාභාවික විදිහට එළියට එන්නෙම නෑ ලු. ටිකක් දුරට ඇවිල්ලා, ඊට පස්සෙ අතක් එළියට දානව. ඩොක්ටර් ඒ්ක අල්ල ගන්ඩ යනකොට ම, ආපහු ඇතුළට ගන්නව. ඊට පස්සෙ කකුලක් දානව. ඒ්කත් ඒ් සැනින් ආපහු ඇතුළට ගන්නව. ඔය විදිහට පැයක් විතර මූ ඩොක්ටර්වයි, මිඩ්වයිෆ්ලා - නර්ස්ලා යි බයිට් කළා. පස්සෙ ඩොක්ටර් ට මළ පැනල, කකුලක් ඒළියට දාපු ගමං, ළග තිබ්බ නීඩ්ල් එකකිං ඇන්න. ඒ් ගමන ඇම්ඩට මළ පැනල, ඔලුව එළියට දාල, "හු%&$$ ද, කැ% දොස්තරෙයො?" කියල ඇහුව.
ඒ් අහනවත් එක්කම, ඩොක්ටර් උගෙ ඔලුවෙං අල්ලලා, ඇදල ගත්ත.
එහෙමයි ඇම්ඩ ඉපදුනේ.
“What we call religion is merely organized belief, with its dogmas, rituals, mysteries and superstitions. Each religion has its own sacred book, its mediator, its priests and its ways of threatening and holding people."
ReplyDelete"Religion becomes a matter of belief, and belief acts as a limitation on the mind; and the mind then is never free. But it is only in freedom that you can find out what is true...."
Jiddu Krishnamurti
සොරි, පරිවර්ථනය කරන්න කම්මැලියි. අපේ වෙනරබල් බැස්ටියංතුමා හිටිගමං ස්පිරිචුවල් වෙනවනෙ. ඒවගේ වෙලාවක කරයි
කම්මැලියට දිවැස්(Google Translate) තිබේ.
Deleteඅප ආගම ලෙස හඳුන්වන්නේ හුදෙක් සංවිධානාත්මක විශ්වාසයකි, එහි මූලධර්ම, චාරිත්‍ර, අභිරහස් සහ මිථ්‍යා විශ්වාසයන් ය. සෑම ආගමකටම තමන්ගේම පූජනීය ග්‍රන්ථයක්, එහි මැදිහත්කරු, පූජකයන් සහ මිනිසුන්ට තර්ජනය කිරීමේ හා රඳවා ගැනීමේ ක්‍රම තිබේ.
"ආගම විශ්වාසයේ කාරණයක් බවට පත්වන අතර විශ්වාසය මනසෙහි සීමාවක් ලෙස ක්‍රියා කරයි. එවිට මනස කිසි විටෙකත් නිදහස් නොවේ. නමුත් සත්‍යය කුමක්දැයි ඔබට දැනගත හැක්කේ නිදහසේ පමණි.
එහෙයි
Deleteබස්සාගේ පරිවර්තනය අති විශිෂ්ටයි. ඔය වගේම තමන්ගෙ නිදහස නැතිකරගන්න තවත් අවස්තාවක් ගැන අජිත් පැරකුම්ගෙ ඒ පොස්ට් එකේ තිබුනා. Quote: වික්ටෝරියානු සදාචාරය නිසායි, දුප්පත්කම වැනි සාධක නිසායි, ලංකාවෙ ගැහැණු සහ පිරිමි සෙක්ස් කරන්න නීතියෙන් ගිවිසගන්නවා. ඒ ගිවිසුම ඇතුළෙ ගෘහස්ථ හිංසනය, වෛවාහික දූෂණය, ප්රචණ්ඩත්වය මැද තමයි ලිංගිකත්වය පවතින්නෙ:Unquote.
Deleteමේ වගේ පෝස්ට්ස් 'විහිලු' විදිහටම තියන්නෙ නැතුව මිනිස්සුන්ට කතා කරන්න යමක් දීම නිදීගෙ දක්ෂකම තමයි.
(අර පනුවා කතාව නම් කිසි වැඩක් නැහැ. බුද්දිමත් එක්කෙනෙක් දෙන්නෙක් ඕක කරල බලයිද දන්නෙත් නෑ කොවිඩ් හොද කරන්න මුට්ටි දැම්මා වගේ).
ඔයිට වඩා හොඳ කිඹුල බනිස් ජෝක් නෙවිල් දන්නවනෙ?
ReplyDeletehttps://historyhustle.com/7-ancient-dirty-jokes-that-are-still-hilarious-and-inappropriate/
ඒක කියවං යද්දි දැකපු ලස්සනම එක තමයි, ෆාරාවොයි ඇනුබිසුයි පහක් දාන පින්තූරෙ... හැක්!
Deleteපේනවද හයිබ්‍රිඩ් අනුබිසා හිවල් ඔලුව දාගෙන ඉන්න අපූරුව? යෙපිලට තමා පුෂ්,පුෂ්. ෆ්ලයින් ෆොක්ස් කියලත් කිව්වා
Deleteඅදට ඇති, නිදි මට මෙහෙ එන එකත් තහනං කරාවිද?
ෆ්ලයිං ෆොක්ස් කි්වවට මොකද? අර වඳුරන්ට ගස්ගෝණ කියලත් කියන්නෙ...
Deletehttps://www.cracked.com/pictofacts-449-18-dirty-jokes-from-past-that-are-still-funny-today
Deleteඅනික පැත්තකිං තියලා, රූප කතා කියවන්න ගත්ත.
Delete“nec vindicari, Rufe, possumus: fellat“
Deleteඒක තමයි හොඳම... හැක් හැක්!!
ඕගස්ටස් විහිළුව සයිමන් නවගත්තේගම මහත්තයා 'සුභ සහ යස' නාට්‍ය රචනයේදී යොදාගෙන තිබුණා මතකද?
Deleteකලින් අහල නැති කතා තියනවා. මම නං මේ හිනා කතා මාලාවට කැමතියි.
ReplyDeleteඇත්තටම, කටුස්සො කෑවම බළල්ලු කෙට්ටු වෙනවද? නැත්නම් ඕක කටුස්සො ගොතපු කතාවක්ද? මට මේ නිකමට හිතෙනවා, බැයිද කටුස්සොන්ගෙන් කෙට්ටුවෙන බේතක් හදලා ගාණක් කපාගන්න?
එක්කො ඕනෙ නෑ, කටුස්සා ගොවියගෙ මිතුරෙක් කියනවනෙ? හදිස්සියට වෙල් ෆැන්ටා වේලකට දාන්නවත් කටුස්සෙක් නැති වෙයි.
Deleteහැබැයි කටුස්සා වෙනුවට කබරයෙක් ආදේශ කරගන්න ඇහැකි නං, ආන්න ජංසන්.
https://blog.healthypawspetinsurance.com/are-lizards-poisonous-for-dogs-and-cats-to-eat
Deleteහුටා! ඒකත් එහෙමද?
Deleteඒත් එව්වට ක්‍රමවේද අපේ බඩවැටි විද්‍යාඥයො සොයා ගෙන තියනවා. කටුස්ස ඔබන්න ඕනෙ, වෙල් ෆැන්ටා සාන්ද්‍රණයෙ. එතකොට ඕන පැරසයිටෙක් සෙත්ත පෝච්චි.
මෙව්වා අපේ හැල-යක් තාක්ෂණ. මට තියෙන බය සුද්දො ඇවිත් හොරකං කරගෙන යාවිද කියලයි.
Deletehttps://www.naukrinama.com/stressbuster/bull-testicle-beer-horse-semen-shots-deer-penis-wine-the-saliva-wine-yes-they-are-drinks-which-are-served-in-bars-read-where/three-lizard-liquor/
Deleteආන්න දැක්කද? ඕන කමක් තියනවා නං අපේ දේශීය වෙල්-ෆැන්ටා තාක්ෂණය ඉදිරියට ගෙනිච්චෑකි. කජ්ජ ගහේ පුහුලම බිම ඉස්පැසල්, වරකා ඉස්පැසල් වගේ නං දාලා පෙරන්න බැයිද දංකොටුවෙ? සියරට දේ සිරිසැපදේ!ටිකිලා කියන්නෙ මැක්සිකන් කසියා, වොඩ්කා රුසියන් කසියා නේද?
DeleteHappy Canada Day!
DeleteCross the border and celebrate
https://kentuckyowlbourbon.com/
Thanks. දැන් ලොක් ඩවුන් ටිකාක් ලිහිල් කරලා. ගෙවල් වල හිරවෙච්ච ඈයො, මල් වෙඩි පත්තු කරනවා කිරිල්ලක්, වෙනදා රෑට මේ පැත්තෙ කැරකෙන නරි, උරුලෑවො අද බේතකටවත් හොයා ගන්න නෑ.
Deleteඔය හැල යක් තාක්ෂණේ හොරකං කරල තමයි මයෙ හිතේ බ්‍රසීලෙ ද කොහෙද, අරක්කු වැට් වලට ස්වදේශිකයන්ගෙ ළමයි මරල දැම්ම කියන්නෙ පල් වෙන්ඩ. (ඒක කළු සහ සුදු හෙවත් වර්ණ නාට්‍යයෙ තිබුණා) දැං දාන්නෙ අස්ස මස් කියල කියවන්න ලැබුණා.
DeleteVAT69 වල 69 වෙනි බැරල් එකේ කතාවද? ඒත් මං අහල තියෙන්නෙ වෙනස් විදිහකට.
Deleteහ්ම්ම්... ඒ මොකද්ද වෙනස් කතාව?
Deleteඔය කතාව හැදුනේ කොහොමද කියල කවුරුවත් හරියට දන්නෙනෑ. අර්බන් මිත් එකක් වගේ දෙයක්
Deletehttps://www.scaryforkids.com/wine-barrel/
https://www.nbcnews.com/id/wbna12631404
https://www.snopes.com/fact-check/bier-barrel/
හොඳ වෙලාවට තේ කොපි එහෙම හදන්නේ පොඩි භාජනවල.... බැරල්වල නෙවෙයිනේ.... ඊටත් තේ, කෝපිවල ගිල්වලා තිබ්බට සිරුරු අසන්රක්ෂනයක්වෙන්නෙත් නැහැනෙ. ඉතිං බය නැතිව ඒවා බිව්වහැකි.
Deleteමේ ඔක්කෝටම වඩා හිකෙන් පුනා යන හොදම ජෝක් එක තමයි අර රජකුමාර පැටව් තුන්දෙනාගේ පොටෝ එක.
ReplyDeleteවිහිළුනේ අසංග... ඒවාට හිනා යන්නම එපැයි.... කවුද හැදුවේ කියලා නොදන්නා එකයි දුක!
Deleteඒක නෙවෙයි, කොහේද ගිහින් හිටියේ?
අජිත් ගේ බ්ලොගයට ගිහින් කියවල කොමෙන්ට් එකකුත් දැම්මා.කණගාටුවකට වගේ මෙතැන ගෝත්‍රිකයා අජිත් පැරකුම්. ඔච්චර අමාරුනම් සල්ලිවලට හොයා ගන්න තිබ්බ. වංගීස ඔයිට කලිනුත් කරපු එකක්නේ ඕක . ඒ පාර නම් ඇත්තටම මිරිකුව එකක්. ලංකාවේ ගැණු බස්වල රාගික ඇඳුන් ඇඳන් යන එක වැරදියි ලු ශිෂ්ට සම්පන්න අජිත්ට. ජැක් ගහන උන් හිටියට කමක් නැහැ.
ReplyDeleteFB සිදුවීමක් පාදක කරගෙන, ඒවගේ සිදුවීම් ඇතිවෙන්න හේතු වෙන, ඊට වඩා විශාල සමාජ ප්‍රශ්නයක් කතා කල විදිහටයි මමනම් අජිත් පැරකුම්ගෙ ඒ පෝස්ට් එක දකින්නෙ. ඒ ප්‍රශ්නය තමයි ලංකාවෙ මිනිස්සුන්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් නැතිවීම හා තමන්ගෙ ලිංගික අවශ්‍යාතා හෝ ප්‍රශ්න ගැන තමන්ගෙ සැමියා, බිරිඳ, පෙම්වතා, පෙම්වතිය සමඟ කතාකරන්න මැලි වීම. ඒනිසාම ඒ අවශ්‍යතා වෙනත් කෙනෙකු 'හිංසනයට' පත්කර ඉටු කරගන්න යෑම. දැන් අජිත් කිව්වට 'ඔච්චර අමාරුනම් සල්ලිවලට හොයා ගන්න තිබ්බ' කියලා එහෙම කරන්න බැහැනෙ. හේතුව ලංකාවෙ පිරිමි සහ ගැහැනු දෙගොල්ලම by default උපාසක/උපාසිකා රෝල් එක ප්ලේ කලයුතු වීම. පිරිමින් ඒ රෝල් එක ප්ලේ කරද්දි ඒකෙ මිල ගෙවන්නෙ පුංචි ගැහැනු ලමයගෙ සිට වෙනත් කාන්තාවන්, කාන්තාවන් ඒ රෝල් එකෙ ප්ලේ කරද්දි පිරිමි අය යම් ප්රමානයක මිලක් ගෙවනවා අජිත් P කියලා තියෙනවා වගේ. ඒ පෝස්ට් එකේ කියලා නැහැනෙ අජිත් 'ලංකාවේ ගැණු බස්වල රාගික ඇඳුන් ඇඳන් යන එක වැරදියි' කියලා. කාන්තාවන් රාගිකව ඇන්දත්, විනීතව ඇන්දත් පිරිමින්ට හැගීම් ඇතිවෙනවා (and vice versa). ඒක සාමාන්‍ය ස්වභාවය. නමුත් ප්‍රශ්නය මිනිස්සුන්ට ඒ හැගීම් බුද්ධිමත්ව හසුරුවාගන්න දැනුමක් නැති වීම. අධ්යාපන ක්‍රමය හෝ සමාජ ක්‍රමය ඒ වගේ emotional intelligence ලබාගන්න මිනිස්සුන්ට උදව් කරන්නෙ නැහැ. මම නම් ඒ පෝස්ට් එක දකින්නෙ ඒ විදිහට.
Deleteදැන් බැරිවෙලාවත් අජිත් ග්‍රීෂ්ම කාලෙට ලන්ඩන් ආවොත් , මොස්කව් ගියොත් , රෝමෙට හෙම ගියොත් ශිෂ්ට අජිත් පැරකුම් ට පාරේ බැහැල යන්න බැරි වෙනවා. හැරෙන තැපෑලෙන් එන්න වෙයි. මුළු ලිපිය පුරාම අජිත් කරන්නේ වංගීස නිදොස්ය. මේ ලිංගික අසහනය නිසා ගැහැණු කරන ක්‍රියාවක් කියලා කියන එක. මේක හෙන ගෝත්‍රික කතාවක්. ලිංගික අධ්‍යාපනය දෙන්න විරුද්ධ කවුද , ලංකාවේ තියෙන ආගම් ටිකනේ, සිංහල බෞද්ධ ටිකයි, කතෝලික, බෝන් අගේන් , මුස්ලිම් ඔය කට්ටියනේ. රැඩිකල් කියල පෙන්නන අය සිංහල බෞද්ධ සීන් එකට විරුද්ද වුනත් අනිත් ඒවාට කතා කරන්නේ නැහැ. එතනම යන්නේ දෙපිට කට්ටු වැඩක්. වන්ගිස කියන්නේ බව වෙබ් අඩවියෙන් හෙම දාර්ශනික දේවල් කතා කරන කෙනෙක්. එයාට ලිංගික අධ්‍යාපනයක් නැහැයි කියල හිතන්න අමාරුයි. අනික ලෝටස් ලංකාව ඔය මොනවා කීවත් මුදලට ඕව කරන සම්බාහන ආයතන ඕන තරම් තියෙනවා. 'ස' ට කියලා ඕක නීතිගත කර ගත්තනම් දාර්ශනිකයන්ට වුනත් බේරිලා හිටිය හැකි. ආණ්ඩුව වැටෙන එක බෙර ගන්න ස දැන් ඕන එකක් අක්රන් සයිස් එකක් නේ තියෙන්නේ
Delete'ඔය මොනවා කීවත් මුදලට ඕව කරන සම්බාහන ආයතන ඕන තරම් තියෙනවා. 'ස' ට කියලා ඕක නීතිගත කර ගත්තනම් දාර්ශනිකයන්ට වුනත් බේරිලා හිටිය හැකි': ඔව්, 'දාර්ශනිකයින්ද මනුෂ්‍යයෝය'නෙ. හැබැයි ඉතින් සල්ලි දීලා ගියත් කවුරු හරි ෆොටො එකක් ගහලා දැම්මොත් දාර්ශනිකයා ආයිත් අමාරුවෙ වැටෙනවා. සිංහල බෞද්ධ චන්ද වලින් ආපු ස කෙනෙක් ඕක නීතිගත කරයි කියලා නම් හිතන්න අමාරුයි.
Delete'වන්ගිස කියන්නේ බව වෙබ් අඩවියෙන් හෙම දාර්ශනික දේවල් කතා කරන කෙනෙක්. එයාට ලිංගික අධ්‍යාපනයක් නැහැයි කියල හිතන්න අමාරුයි'. Possible, but I very much doubt it. Just because some one talks දාර්ශනික දේවල්, doesn't mean he/she has proper education and awareness in those aspects, especially in the Sri Lankan context. මම මෙතනදි අධ්‍යාපනය කියලා අදහස් කරන්නෙ ඒවගේ ප්‍රශ්න ගැන විවෘතව කතා කරලා විසදුම් හොයාගන්න පුලුවන් වීමත් ඇතුලුවයි, කෙටි මාර්ග වලින් ගිහිල්ලා අනිත් අය හිංසනයට පත් කරන්නෙ නැතුව. දැන් මෙහෙ බබාලට ඔය අධ්‍යාපනය ලැබෙන එක දිරවගන්න අමාරු ලංකික දෙමව්පියන් ඉන්නවනෙ.
//සිංහල බෞද්ධ චන්ද වලින් ආපු ස කෙනෙක් ඕක නීතිගත කරයි කියලා නම් හිතන්න අමාරුයි// ඒක හින්දම තමයි කරනන් ල්කෙසි. 69 ට ඔය අරින ඇරිල්ලට ඕක මහා ලොකු දෙයක් නෙමේ. ආණ්ඩුවට හොඳට ටැක්ස් ලබයි කියල කිව්වහම හරි. වන්ගිස දිවයින හිටපු කර්තෘ කෙනෙක් ගේ පුතෙක්. පිටරට වල පවා ඇවිදපු කෙනෙක් බවයි මම දන්නේ. බස් එකක් ජැක් ගහන නිකන් මනුස්සයෙක් නම් ඔය තර්කය පිලි ගන්න පුළුවන්.
Deleteඉතාම කෙටියෙන් කියනවා නං අපේ රටේ වැඩිම කොටසක් ඉන්නේ මහා දෙබිඩ්ඩෝ! ආඳා මාළු අතින් නොකා ඉරටුවෙන් කන්නෝ!!
Deleteඅනෙක, විවෘතව අදහසක් කිව්වත් ඇති පාදඩ වනචරයෙකුගේ ගොඩට දාන්න.... නිදහසේ හිතනවාටත්- කියනවාටත් බයයි!
අජිත් මේ ලියලා තියෙන්නේ මොකක්ද ලෝටස් ?//සාරි අඳින විදිය මේකට තවත් හොඳ උදාහරණයක්. හරි කැමතියි තමන්ට ආකර්ශනය තියෙනවාය කියල අනෙක් ගෑනුන්ට කියන්න. අධික විදියට තමන්ගෙ ශරීරය ගැන ආත්ම රාගයෙන් පෙළෙන ගැහැණු නිසා ශිෂ්ට පිරිමියෙකුට බස් එකක එහෙම යන්න පවා අමාරු තත්වයකුත් මේ රටේම තමයි තියෙන්නෙ. පිරිමි සෙක්ස් හොයන්න ගිහින් නිතර ඇනගන්නවා. ගැහැණු දෙන්න වගේ ඉඳලා පිරිමින්ව පොළඹවාගෙන ඊට පස්සෙ ඒක ප්‍රසිද්ධ කරලා අර පිරිමියාව අපහසුවට පත්කරලා තමන්ට මාර ආකර්ශනයක් තියෙනවාය කියලා අනෙක් ගැහැණුන්ට පෙන්නලා ආතල් ගන්නවා. මේ ඔක්කොම ඉන්නෙ දැඩි ලිංගික අසහනයකින්. ඒ නිසා ලිංගිකත්වය තමයි හැම තිස්සෙම ප්‍රධාන.//
ReplyDeleteඅජිත්, මගේ අදහස නම් අපි හැමෝම ඇඳුම් අඳින්නෙ යම් ප්‍රමාණයකට අනිත් අය ආකර්ශණය කර ගැනීමේ අරමුණ ඇතිව. සමහර අය ඒක අන්තයටම ගිහිලා කරන්න පුලුවන්. යුරෝපයේ හෝ වෙනත් රටවල සම' එකේ අඳින විදිහ මෙතනට කොච්චර අදාලද කියලා මට හිතන්න අමාරුයි, ලංකාවෙ අය ඒ විදිහට පුරුදු නැති නිසා. මට නම් හිතෙන්නෙ අජිත් ලියලා තියෙනදේ යතාර්තයට වැඩියෙන් සමීපයි කියලා. ඒ උදාහරනය හොඳම එකක් නොවුනත් මම හිතන්නෙ ඔහු කියන්නෙ මේ වගේ සිදුවීම් වලට කාන්තා පාර්ශ්වයත් යම් ප්‍රමානයකට contribute කරනවා කියන එකයි. දාර්ශනිකයා නිදොස් කොට නිදහස් කිරීම (මලා) හෝ අනිත් පාර්ශ්වය වැරදි කරුවා කිරීම විදිහට මම නම් ඒක දකින්නෙ නැහැ.
Deleteසමස්තයක් වශයෙන් මම ඒ පෝස්ට් එක දකින්නෙ පව්කාරයාට.. සොරි දාර්ශනිකයට විතරක් ගල් ගහන්නෙ නැතුව පොදුවෙ මේ වගේ දේ වෙන්නෙ ඇයි කියලා හොයල බලමු කියන වගේ දෙයක් (Let's look within ourselves කියන දෙය).
අජිත් මේ ගැන පෝස්ට් එකක් ලිව්වනම් වෙන අයත් ඇවිල්ල අදහස් කියයිනෙ.
පෝස්ට් එකක් ලියන්න අදහස තියනවා. දැම්ම නෙමේ. අජිත් පැරකුම් ගේ ඔය අදහස අලුත් එකක් නෙමේ නේ. හරියට ඇඳපන් නැත්නම් උඹල රේප් උනොත් අපට කියන්න එපා කියන ගල් යුගයේ කතාව අරාබියේ සිට හුඟක් අය කියන එකක් නේ. ගැහැණු ඔහොම ඇන්දේ නැත්නම් අපට කෙලින් වෙලා අපි රේප් කරන්න යන්නේ නැහැනේ කියන කතාව තමයි අජිත්නුත් කියන්නේ. මේ එකට ගාඩියන් එක දීලා තියෙන උත්තරේ. ඉම්රාන් කාන් කියපු දෙයකට. කතාව ඒ වගේමයි.
DeletePakistani PM blasted for blaming rape on how women dress
//අජිත් මේ ගැන පෝස්ට් එකක් ලිව්වනම් වෙන අයත් ඇවිල්ල අදහස් කියයිනෙ.// අජිත් ගේ පොස්ට් එක නිදි දැම්ම නිසා අදහස් පල කරන්නේ ලෝටස්. නිදි නැත්නම් දාන එකක් නැහැනේ. මම අජිත් ගේ එකටත් ගිහින් ලිව්වා. මට අජිත් එකක් පෞද්ගලික අවුලක් නැහැ. දන්න කෙනෙක්.
Deleteමේවා ඉතින් මිත්‍ර සංවාදනෙ. අජිත්ගෙ අදහස් කිව්වට ස්තුතියි. හැම දෙයක්ම විවිධ perspectives වලින් බලන එක හොඳයි.
Delete'අජිත් ගේ පොස්ට් එක නිදි දැම්ම නිසා අදහස් පල කරන්නේ ලෝටස්': නිදී ඉතින් drama king වගේ කරන වැඩ තමයි මේ.
එකිනෙකා කරන සංවාදවලට මම හරිම කැමතියි. ලෝකේ ඉන්න තව-තවත් අයගේ අදහස් ගොඩක් ඒවායින් අපට එකතු කරගන්න ඇහැකිනෙ.... පොත් කියවනවාට වඩා ඉක්මනින්.
Deleteඒ වගෙමයි, මගේ සිත්ගත් පොතක්- ලිපියක්- අදහසක්- film එකක් ...ගීයක්.... වගේ ඕනිම දෙයක් තව අයගේ අවධානයට ලක් වෙනවාටත් මම කැමතියි.
ඉතිං අජිත් පැරකුම් ලිපිය ගැන ඔයාලාගේ මතවාද අදහස් එහෙමත් මට ගෙන දෙන්නේ ඉමහත් ආහ්ලාදයක්!
මගේ ලිපිය ගැනත්, මා ගැනත් ලිවීම වෙනුවෙනුත් මෙන්න ස්තුතියක්- හැමෝටම!
තව එකක් ලියන්ඩ!
ReplyDelete(ඔවා දෙනු පහරට කිව්වලු...)