අකුරු මැකී නෑ

Friday, August 13, 2021

හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස

මට පුළුවන් ඔහේගේ බිරිඳ වෙනුවට ඔටුවෝ සීයක්ම දෙන්න. ඔහෙට සෑහෙන්න වාසියි!

මොන හැදිච්චිකමක්ද මචං.... මගේ සාක්කුවේ එවෙලෙ එෆ්.එල්.* එකක් තිබුණෙ නෑ. ඒවා තිබුණෙ කාර් එකේ කබි හෝල් එක ඇතුළේ... ඒකක් ගන්නයි මම කාර් එකට දිව්වේ!
--------

*එෆ්.එල්. එකක් - කොන්ඩමයක් (ලිංගේන්ද්‍රියට පලඳින රබර් කොපුවක්)

හොඳ තැනකින් නෙවෙයිනෙ පසුගිය කොටස නවත්තන්න වුණේ.... ඒ වුණාට අම්මෝ, පහුගිය ටිකේ කමෙන්ට්ස් වලින් දැනුවත් වෙච්චි තරං... ඒ හැමෝටම ස්තුති කරන ගමන්, ‘හිනා වෙන්න හිනා 1’ පොතේ 74 වෙනි කතන්දරෙත් ආදරණීය පාඨක ඔබ වෙනුවෙන් කොටන්න ගන්නවා, එහෙනං.

74. ලොකු උදව්ව

“මචං, පුළුවන් නං මට ලොකු උදව්වක් කරල දීපං... පිං සිද්ධ වෙනවා...” ආරියපාල තම මිතුරාට පෙරැත්ත කළේය.

“හරි, හරි. පුළුවන් දෙයක් නම් මං කරල නොදී ඉන්නෙ නෑනෙ මචං... මොකක්ද දැන් කෙරෙන්න ඕනෑ?”

“මට මීයෝ දුසිම් දෙකකුයි, කැරපොත්තෝ සීයක් විතරයි, මකුණෝ දාහක්-හමාරකුයි ඕනෑ.” ආරියපාල කීවේය.

“මොනවා! මං දන්නෙ නෑනෙ උඹ දැන් සත්තු ගැන පරීක්ෂණ කරනවා කියලා.... මොකක්ද උඹ කරන පරීක්ෂණේ?”

“බම්බු පරීක්ෂණයක් නෙවෙයි මචං.... අර අපේ පෙරේත ගෙවල් අයිතිකාරයා කිව්වා, හොඳ හිතිං මේ මාසේ අගදී අපි ඉන්න ගේ තිබිච්චි විදිහටම ආපහු බාර දෙන්න කියලා.”

75. ආදරේක තරම

තම රූමත් බිරිඳත් කැටුව සංචාරයක් සඳහා පැමිණි ඇමෙරිකානු ධනවතාට අරාබි සුල්තාන්වරයෙකු මුණ ගැසිණි.

මං දන්නවනේ හනී, ඔයා මට කොච්චර ආදරේද කියලා....

“මේ ඔබේ බිරිඳද?”

සුල්තාන්වරයා විමසුවේය.

“ඔව්!”

“කැමතිද ගනුදෙනුවක් කරන්න” සුල්තාන්වරයා මිතුරු ලීලාවෙන් විමසුවේය.
“... මට පුළුවන් ඔහේගේ බිරිඳ වෙනුවට ඔටුවෝ සීයක්ම දෙන්න. ඔහෙට සෑහෙන්න වාසියි මේ ගනුදෙනුවෙන්...”

ඇමෙරිකානු ධනවතා මඳ වෙලාවක් සිතිවිල්ලේ නිමග්නව සිටියේය.

“එයාව විකුණන්නෙ නෑ!”

ඔහුගේ බිරිඳ දිව විත් සැමියාට හාදුවකින් සංග්‍රහ කළාය. “මං දන්නවනේ හනී, ඔයා මට කොච්චර ආදරේද කියලා....”

“කෙහෙල්මල් ආදරේ නෙවෙයි... ඔටුවෝ සීය ගත්ත වගෙයැ, ඇමෙරිකාවට උන්ව අරන් යන කොච්චර වියදම් වෙනවද? එතකොට බිස්නස් එකෙන් පාඩුයි... ඒකයි මම ගණන් බැලුවේ.”

76. නම මතකද?

“අම්මේ, අම්මට මතකද අපිට ගිය පාර නුවරඑළි ගිය වෙලාවේ හම්බ වෙච්චි ලස්සන හැන්ඩියගෙ නම?”

“කොයි එක්කෙනාද දුවේ?”

“අර මං කිව්වේ.... එයාව කසාද බඳින්න බැරි වුණොත් නං මැරෙනවා මැරෙනවාමයි කියලා...”

ඔයාලා දන්නවනේ, මේ ලියන්නා හණ මිටි කරේ තියාගෙන ඉන්න එකෙක්, යම්-යම් තැන්වලදී. හැබැයි, ඒකෙන් මට වෙන අවාසියකුත් තියෙනවා තමයි.

ඒවායෙ පරිසරය, සංස්කෘතිය, අත්දැකීම එහෙමත් වෙනස්!

“නිමලුත් WhatsApp ඉන්නවා නං අපිට එන ලස්සන ලස්සන කතා ගොඩාක් අපි ඔයාට එවනවනේ.” පුළුල් මිත්‍ර සංසද තියෙන කිහිප දෙනෙක්ම මට කියනවා. ඒ කතාව ඇත්තයි. ඒත් ඒකට බාධාව මං වහන්සේ දැන් භුක්ති විඳින නිදහස‘ජංගමයෙකුට’ බිලි දෙන්න තියෙන අකැමැත්තයි.

කොහොම වුණත් මගේ කරුණාවන්ත සගයන්ට පිං සිද්ධ වෙන්න, අලුත්ම යාන්ස් නං මටත් කියවන්න හම්බ වෙනවා. 

ඒවා අපේ කාලේ ඒවාට වැඩිය ඇඩ්වාන්ස්. පරිසරය, සංස්කෘතිය, අත්දැකීම එහෙමත් වෙනස්! WhatsApp කණ්ඩායමක් අතර  සංසරණය වුණු මේ කතන්දරය කොහොමදැයි, කියවලා බලන්නකො.

‘අටමස් පිරුණු ගැබිනියක වූ චම්පා තමාගේ ඇඟට උඩින් අත දාපු සැමියාට මෙහෙම කීවා....

“සරත් මේක සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයි...
කරුණාකරලා ගිහින් බිම පැදුරක් එලාගෙන නිදාගන්න.....”

ඇඳ අසල එලූ පැදුරේ නිදාගෙන සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන තම සැමියා දුටු චම්පාට දුක හිතුණා....

ඇය තමාගේ කොට්ටෙ යට තිබුණු රුපියල් පන්සීයක් අතට අරගෙන, සරත්ට දික් කරලා මෙහෙම කීවා.

“සරත් මේක අරන් ගිහිල්ලා අල්ලපු ගෙදර ජානකීට දෙන්න...
අද රෑ ඔයා එයා ගාව නිදාගන්න... ජානකීට කියන්න මමයි එව්වෙ කියලා....”

සරත් පුදුමයෙන් ඇස් ලොකු කරගෙන තම බිරිඳ දිහා ටික වෙලාවක්  බලා හිටියා.

“මතක තියාගන්න....
ඔය වැඩේ හැමදාම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අදට විතරයි, හොඳද ....” චම්පා කීවා.

සරත් වහාම නැඟිටලා මේ මොන පුදුමයක්ද කියා හිතමින්ම අල්ලපු ගෙදර පැත්තට ගියා...

විනාඩි දහයක් යන්නත් කලින් ආපහු පැමිණි සරත් තම බිරිඳට මෙහෙම කීවා.
“ජානකී කියනවා පන්සීයක් මදිලු... අට සීයක්වත් නැතිව බැරිලු....”

ඕකිට බබා හම්බ වෙන්න හිටපු වෙලාවේ... මම ගත්තෙ පන්සීයයි...!

“අහුවෙද්දෙන්කෝ මට ඕකිව...” චම්පා  තරහින් කීවා.

“.... ඕකිට බබා හම්බ වෙන්න හිටපු වෙලාවේ... මම ගත්තෙ පන්සීයයි...!”

සැමියාගේ දැඩි කායික අවශ්‍යතාව තේරුම් අරගෙන, තමන්ගේ අතින්ම මුදල් දීලා ඔහුව වෙනත් කාන්තාවක් වෙත යවලා සතුටු කරවන බිරියක්.....!
මගේ පොතේ තිබුණු ඊළඟ කතාවත් සතුටු කරවීමක් ගැනයි. ඒත් කොහෙද ඉන්නේ, චම්පා වගේ මෙහෙම අනුන්ව සතුටු කරවන ප්‍රාණපරිත්‍යාගියෝ?

77. සතුටු කරවීම

ජනාධිපතිතුමාට විශේෂ ආරාධනයක් ලැබුණා, බොහොම ඈත දුෂ්කර පලාතක මහ ඇමතිතුමෙක්ගෙන්; මහ ඇමතිතුමා දැවැන්ත රැස්වීමක් සංවිධානය කරලා. ජනාධිපතිවරණෙකුත් ළඟ එන හින්දා, ජනාධිපතිතුමා තීරණය කළා ආරාධනය බාර ගන්න.

රැස්වීම දවසේ විශේෂ ගුවන් යානයකින් එතැනට යන්නයි ජනාධිපතිතුමාගේ සූදානම.
ආර්යාවත් ගමනට එකතු වුණා.
ජනාධිපතිතුමාගේම ඉල්ලීම උඩ මුදල් ඇමතිතුමයි, කම්කරු ඇමතිතුමයි දෙන්නත් මේ ගමන යන්න ලෑස්තිවෙලා හිටියා.
ඔන්න දැන් හතර දෙනාම ගමනේ!

රැස්වීම තියෙන පිට්ටනියට උඩින් ගුවන් යානය යද්දී ජනාධිපතිතුමා පහළ බැලුවා. පිට්ටනියේ ඇඟිල්ලක් ගහන්න බැරි තරමට සෙනඟ පිරිලා. ජනාධිපතිතුමාට සන්තෝසේ උහුලා ගන්න බැරි තරං. එතුමා පට ගාලා සාක්කුවට අත දාලා ඒකෙ තිබුණු දාහේ කොළ පහ අතට ගත්තා.

සෙනඟ පිරිලා. (ඊයේ පෙරේදා නං සෙනඟ පිරුණේ ගුරු උද්ඝෝෂණවල.... මේ  නුවරඑළියේ...) 

“මම මේ දැන්, මේ රුපියල් පන්දාහ පහළට දානවා... මේ සල්ලි අහුලා ගන්න පස්දෙනා ගොඩාක් සතුටු වෙයි!”

ජනාධිපතිතුමා ආර්යාවටයි, ඇමැතිවරුන්ටයි කිව්වා.

“ඇයි අනේ, පන්සීයේ කොළ දහයක් දැම්මා නං දහ දෙනෙකුට පුළුවන්නෙ ඒව අහුලා ගන්න. එතකොට පස් දෙනා නෙවෙයි, දහ දෙනෙක් සතුටු වෙනවනේ.”
ආර්යාව අලුත් යෝජනාවක් ගෙනාවා.

“ඇත්ත නේන්නං!” ජනාධිපතිතුමා කිව්වා.

“එහෙම නෙවෙයි උතුමාණෙනි...” මුදල් ඇමැතිතුමාත් කතාවට මැදිහත් වුණා. “...ඔබතුමාට තියෙන්නේ රුපියල් සීයේ කොළවලින් රුපියල් පන්දාහ බිමට දාන්න. එහෙම කළොත් පනස් දෙනෙක් සතුටු කරවන්න පුළුවන්!”

“මුදල් ඇමතිතුමාගේ කතාවත් ඇත්තනෙ.....”

ඔන්න කම්කරු ඇමැතිතුමාටත් නිශ්ශබ්දව ඉඳලා බැහැයි කියලා හිතුණා. හැබැයි ඉතිං රටේ මිනිස්සු වැඩිම දෙනෙකු සතුටු කරවන්න පුළුවන් විදිහක් තමයි කියනවා නම් කියන්න ඕනේ.
උන්නැහෙගෙ ඔළුවට ආවේ නැතැයි මල් හතේ අදහසක්!

“ජනාධිපතිතුමා.... පන්දාහ නෙවෙයි, පන් ලක්ෂයක් දැම්මත් සන්තෝස වෙන්නේ මෙතැන ඉන්න අය විතරයිනේ... ඔබතුමා කැමතියි නං ඔබතුමාට පුළුවන් මුළු රටේම මිනිස්සු සතුටු කරවන්න....” කම්කරු ඇමතිතුමා කියාගෙන ගියා.

“ඒ කොහොමද ඒ?”
ජනාධිපතිතුමායි, ආර්යාවයි, මුදල් ඇමැතිතුමායි තුන් දෙනාම පුදුමයෙන් ඇහුවා. කම්කරු ඇමති මෙහෙම කිව්වා.

“ප්ලේන් එකෙන් සල්ලි දාන්න ඕනේ නෑ... ඔබතුමාම බිමට පනින්න... රටේ ඉන්න ඔක්කොම සන්තෝස වෙනවා සිකුරුයි!”

අනේ, ඒකට අල්ලපු ගෙදර බෝඩින් වෙලා ඉන්න අර හාදයා...

78. කෝකද කළේ?

සුමනපාල හාන්සි පුටුවේ වාඩිවී ඉරිදා පුවත්පත දිග හැර ගත්තේය. බිරිඳ තේ කෝප්පයක්ද සාදාගෙන ඔහු ළඟට ආවාය.

“ආ... අදවත් අර කුස්සියේ පෑන්ට්‍රි කබඩ් එකේ දොර හදල දෙනවද? ඒක ගැලවිලා දැන් දවස් ගාණක් වෙනවා....”

පුවත්පත කියවීම නවතා දැමීමට නොරිසිවූ සුමනපාල ‘මම වඩුවෙක් නෙවෙයිනේ’ යැයි කීවේය.

ඊළඟ දවසේ ඔහු වැඩ ඇරී ගෙදර එනවිට තවත් පැමිණිල්ලක් සූදානම්ව තිබිණි.
“අපේ නිඳන කාමරේ ජනේලේ ගාව බිත්තියේ බදාමෙන් පදාසයක්ම ගැලවිලා.... ඒක හදල දාන්න වෙයි!”

‘මං මේසන් බාස් කෙනෙක් නෙවෙයිනේ’ කියා සුමනපාල එයින්ද ගැලවී ගත්තේය.

පසුවදා සුමනපාල සේවා ස්ථානයේ සිට ආපසු එනවිට ඔහුගේ බිරිඳ අතිශය තෘප්තිමත් විලාසයකින් ඉස්තෝප්පුවේ වාඩිවී සිටියාය.

“මොකද අද ඔයා බොහොම සන්තෝසෙන් වගේ?”

“සන්තෝස නැද්ද? දෙපාරක්ම ඔයාට කියාපු වැඩ එකක්වත් කරල දෙන්න ඔයාට බැරි වුණානේ.... අනේ, ඒකට අල්ලපු ගෙදර බෝඩින් වෙලා ඉන්න අර හාදයා... කියන පරක්කුවෙන්, වැඩටත් නොගිහිං නැවතිලා- ඒ වැඩ දෙකම කරලා දුන්නා. දැන් පෑන්ට්‍රි කබඩ් එකේ දොරයි, නිඳන කාමරේ බිත්තියයි අපූරුවට තියෙනවා ඕං.” බිරිඳ කීවාය.

“කීයක් ඉල්ලුවද?”

“සල්ලි ඉල්ලුවේ නෑ අනේ, එයත් වැඩ දෙකක් කිව්වා... එයින් කැමති එකක් විතරක් කරන්න කිව්වා.”

“මොනවද ඔය වැඩ?” සුමනපාල කුතුහලයෙන් යුතුව ඇසුවේය.

“අපේ නිඳන කාමරේම, එයා කියන විදිහට එයත් එක්ක පැයක් ගත කරන්න කිව්වා.... එහෙම බැරි නං- හොඳ රෙද්දකින් එයාට ලස්සනම ලස්සන කමිසයක් මහලා දෙන්නයි කිව්වා.”

පැතුම් හේරත් එයාගේ ‘බිත්තිය’ අඩවියේ ‘කාල යක්ෂ’ කතා මාලාවට....
“ඉතිං, ඔයා මොකක්ද කළේ? කමිසේ මැහුවද...”
සුමනපාල ගොත ගසමින් ඇසුවේය.

“පිස්සුද අනේ... මම ටේලර් කෙනෙක් නෙවෙයිනේ! මං අනික කළා.”

අග්නි තාරා ඉන්නේ ඩ්රැකීගේ අඩවියේ, ‘අවසානයක් නොවේ’ posts  මාලාවේය. Blog කලාවට නව මානයක් එකතු කරමින් ඒ කතාවේ ‘ඇඩම් ඩ්රෙක් ඇන්ඩර්සන්’ වීරයාත් ‘අග්නි තාරා’ත් දැන් posts කියවා comments දමති! එහි සුවිශේෂත්වයක් තියෙන විත්තිය ‘මොට්ට මට’ පෙනුණේ ‘පැතුම්’ මෙහෙම කියා තිබුණාමය.
‘කතාවේ ඉන්න චරිත වලට පණ ඇවිල්ල කතාවට කමෙන්ට් දාන විදියට බ්ලොග් ලියන ක්‍රමේ මොකක් ද බන් ඩ්‍රැකීයෝ ...
හෙහ් හෙහ් ..’
 

පැතුම් හේරත් සහෘදයාත් ‘බොග දමන්නෙකි’. පැතුම්ගේ බ්ලොග් අඩවිය ‘බිත්තිය’යි. පැතුම් ඩ්රැකීගෙන් ලියන ක්‍රමේ අහන අතරවාරයේ ‘කාල යක්ෂ’ කතන්දරේ ස්කෘෘලොක්කයියාටත් දුක සිතිලාය.

‘පැතුම් නම් සැපෙන් සතුටින් ඉන්නව. මාව තාම ගොඩට ගත්තෙ නැති නිසා මං නම් තාම දුකින් ඉන්නෙ.’ ස්කෘෘලොක්කයියා එහෙම කියලා තිබුණේ, ‘හිනා වෙන්න හිනා - දහවෙනි කොටස’ට කමෙන්ටුවක් එවමින්ය.
ඒ පෝස්ටුවටම comment එකක් දමන  ‘අග්නි තාරා’ දෝණිය මෙහෙම අහලා තිබුණාය.
‘මොනවද නිදි මාමෙ මේ
ලියල තියෙන වල් කතා? තව නැද්ද? ඔයා ලියපු ඔය පොත මිලදී ගන්න තියෙන්නෙ කොහෙද?

පොත ගන්නට හැකි තැනක් ගැන සුලමුල සේරම කියන්නට ගියොත් ‘මහා පදරංග ජාතකය’ක්ම කියන්නට වෙන නිසා මං ඒ ප්‍රශ්නයට උත්තර ලිව්වේ නැත. උඩින් තිබුණු කතාවේ සුමනපාල type එකෙන් මං පොත් ප්‍රකාශකයෙක් නෙවෙයිනේ. බෙදා හරින්නෙක් හරි; විකුණන්නෙක් හරිත් නෙවෙයිනේ.කියල බේරෙන්නට හිතුණත් ඒකට හිත දුන්නෙත් නැතිය.
ඒත් අග්නි තාරාත් එක්ක, කෙනෙකුට එහෙම ලෙහෙසියෙන් ලුහුටලා යන සෙල්ලම් කරන්නට මේ කපේදී නං බැරිය. දෙවෙනි ප්‍රශ්නයත් ආවේය.
‘නිදි මට උත්තර දුන්නෙ නෑනෙ. කොහෙන්ද ඔය පොත ගන්න පුළුවන්
?

අග්නි තාරාත් එක්ක, කෙනෙකුට එහෙම ලෙහෙසියෙන් ලුහුටලා යන සෙල්ලම් කරන්නට...

අග්නි තාරාට මේ දිගම-දිග උත්තරය දෙන්නේ, මගේ පොත් ලියන සුමිතුරන් තුන්-හතර දෙනෙකුටමත් වැඩක් වෙතියි හිතමිනි.

‘හිනා වෙන්න හිනා 1’ පොත ප්‍රකාශක මහත්මයෙකුත් අල්ලාගෙන පළ කරවන්නට ගිහිනුත් ඇණ ගන්නට වුණේය. ඒත් ‘දෙවෙනි පොත පරක්කු මොකෝ?’ කියලා දෙතුන් දෙනෙකු අහද්දී මටත් වුණේ ‘ඇටි කෙහෙල් කෑ උගුඩුවාට වෙච්චි දේ’මය.
එහෙම වුණේ නිකම්මත් නොවේ!
  

“නිමල්, මම දන්නා හොඳ හාදයෙක් ඉන්නවා publishing ෆීල්ඩ් එකට අලුත්... ඔය කුරුප්පු මහත්තයාගේ පොතක් දෙකක් හරි එයාට දීලා බලන්නකො!” ඒ දවස්වලම මගේ හිතවතෙක් යෝජනා කළේය. කුරුප්පු මහත්තයාට පොත් ගැහිල්ල ගැන තිබුණු ගාය එසේ මෙසේ ගායක් හෙම නොවේ. එක පොතක් ලියා හමාර කෙරෙන විටම ඔහු තවත් එකක් ලියන්නට පටන් ගනියි. ලියන පමාවෙන්ම පොත ‘මුද්‍රණයෙන් පහරවන්නටත්’ ඕනිය. 

එහෙව් ඩී.බී. කුරුප්පු මහත්තයාගේ ‘දානයේ ආනිශංස’ පොතේ සෝදුපත් බැලෙමින් තිබුණු නිසාත්, ගොඩගේ ආයතනයෙන් පොත් පළ කෙරෙන වේගය ගැන කුරුප්පු මහතා කනු-කුණු ගාමින් හිටි නිසාත් මම ‘අර හොඳ හාදයා’ හමු වීමි. ආර්.ඒ.සී. ක්‍රිෂාන්!

“නිමල් අයියේ, මම බණ පොත් වගේ ඒවා තමයි වැඩියත්ම පළ කරන්නේ... නවකතා වගේ ඒවා නෙවෙයි.” ක්‍රිෂාන් මට එයා ගැන විස්තර කියද්දී කීවේය. එවක ඔහු සේවය කරමින් හිටියේ ප්‍රධාන පෙළේ බෞද්ධ පොත් ප්‍රකාශන සමාගමකය.
ඉතිං ‘දානයේ ආනිශංස’ මුද්‍රණය කෙරිණි.
“ළමයෝ, මගේ කර්තෘ භාගය වෙනුවට පොත්ම ඉල්ලගෙන ඕස්ට්‍රේලියාවට එවන්න. ඔය පොත දෙන්න වටිනා ගොඩක් දෙනෙක් ඉන්නවා, මෙහෙ.” කුරුප්පු මහත්තයා කිව්වේය.

“ක්‍රිෂාන්.... ඔයා කැමතියි නං මම ලියපු පොතකුත් තියෙනවා, අච්චු ගහන්න. හැබැයි බණ නං නෙවෙයි!” ඒ වෙද්දීත් ටයිප් සෙටින් කරලා තිබුණු පොත මම ඔහුට දුන්නෙමි.

 ‘හෙළුව වනන්නෝ පකට ...’ මේ නම් විචිත්‍ර පුෂ්පයකි!

මගේ හතරවෙනි පොතත් මුද්‍රණද්වාරයෙන් පළවිණි, ‘එතික ප්‍රකාශන’යක් ලෙසින්. රස්සාව කරන ගමන්ම ක්‍රිෂාන් පොත් බෙදා හැරීමත් කළේය; කුරුප්පු මහතාගේ පොත් කිහිපයක්මත් පළ කළේය.

කාගෙ අවාසනාවද මන්දා, පුවක් ගහේ දෙබලක් හැදුණේය.

“නිමල් මහත්තයා, මං රස්සාවෙන් අස් වෙන්නයි යන්නේ. අපේ බොස්ලා කියනවා දිගටම රස්සාව කරනවා නං මගේ ප්‍රකාශන වැඩේ නවත්තන්නයි කියලා...” ක්‍රිෂාන් මාවත් දැනුවත් කළේය. රැකියාවෙන් අස්වී, ගමට ගිහින් පොත් වෙළෙඳාම කරන්නට ගියාමය ක්‍රිෂාන්ට ‘රඟේ’ තේරුණේ.
“ගමේ ඉඳන් නිතර නිතරම පොත් සාප්පුවලට යන්න එන්න බැහැනෙ නිමල් මහත්තයෝ... ඒක දන්න අය විකිණිච්ච පොත්වල සල්ලි දෙන්නත් පරක්කු කරනවා....”
ක්‍රිෂාන් ප්‍රකාශන වැඩේ නතර කළේය.

ප්‍රධාන පොත්හල්වලට විතරක් පොත් බෙදාහරින රාජකාරිය කරලා මදිය. ඒක කරන එකත් මට බැරිව ගියේ ‘මල්ටිපල් මයෙලෝමා’ හින්දාය. 
දැන් පොත් සාප්පුවල මගේ පොත්, කුරුප්පු මහත්තයාගේ පොත් ඇත්තේ නැත.

සාක්ෂරතාව අතින් ඉහළම තැනක ඉන්නා ශ්‍රී ලංකාවේ, ගැනුම්කරුවෙකුට තැපෑලෙන් පොතක් ගෙන්නා ගන්නවා නං පොතේ වටිනාකමටත් වැඩියෙන් ‘තැපැල් ගාස්තු’ ගෙවන්නට වෙන තරම්ය!

එහෙම ගෙවන්නේ පොත් කාවෙක් නම් විතරය!  

79. හෙළුව වැනීම

ඒ මහාචාර්යවරයා නිතරම පිරිසුදු හෙළ බසින් ලියන්නටත්, කියන්නටත් හුරු වූවෙකි. දිනක් දේශනයකදී, හෙළ බස වර්ණනා කරන්නේ ප්‍රකට පුද්ගලයන් බව ඔහු කීවේ මේ වැකියෙනි.

‘හෙළුව වනන්නෝ පකට පුඟුලෝය.’

80. රජ සැමරුම්

බොහොම බල සම්පන්න රජ කෙනෙක් හිටියා. උන්නැහේට කරන්න බැහැයි කියල කිව්වේ ගැහැනියෙකු පිරිමියෙකු කරන එකයි, පිරිමියෙකු ගැහැනියෙකු කරන එකයි විතරයිලු.

රාජ සභාව රැස්වෙන වෙලාවකම, මැද්දට බෝම්බයක් ගැහුවේ.

බලය වැඩි වෙන්න වැඩි වෙන්න මොළය අඩු වෙනවලු. ඒ නිසාද මන්දා මේ රජ්ජුරුවන්නාන්සේත් පස්සෙ පස්සෙ කරන-කියන වැඩවලට සමහරුන් විරුද්ධ වෙන්න පටන් ගත්තා...
කැරලි ගහන්නයි, කුමන්ත්‍රණ කරන්නයි, තව තව කඩාකප්පල්කාරී වැඩයි...

ඔන්න ඔය අතරේදී තමයි රාජ සභාව රැස්වෙන වෙලාවකම, රාජ සභාව මැදට බෝම්බයක් ගැහුවේ. දෙතුන් දෙනෙකුම මළා, සමහරුන්ට බරපතළ තුවාල... හැබැයි රජ්ජුරුවොන්ට සීරුම් තුවාලයක් දෙකක් විතරයි.

රාජ සභා රැස්වීම අතරමඟ නැවතුණා. රජතුමාත් මාළිගාවට ගිහින්, ඉක්මනට ඇඳුම් මාරු කරගෙන ‘බොඩිවොෂ්’ එකක් දාගත්තා.
ඊට පස්සේ හාන්සි පුටුවක වාඩිවෙලා කල්පනා කරන්න ගත්තා, බේරිච්චි බේරිල්ල ගැන.

ඔන්න ඔය වෙලාවේ දේවින්නාන්සේ කාමරේට ඇවිත්. ආවා විතරයි දුම්මල වරම අතට අරන් සේවිකාවට අඬගහලා බනිනවා.

“බලපං, මේ ජරා රෙදි මෙතැන දාල! පලයං, ගිහින් මෙව්වා හෝදලා දාපං ඉක්මනට.”

රජතුමා ඉක්මනට බැලුවා, මොනවද මේ ජරා රෙදි කියන්නේ කියලා. එදා එතුමා රාජ සභාවට ඇඳගෙන ගිය ඇඳුම්!

“හා, හා, දේවිය! ඕවා හෝදවන්න එපා. කවදා හරි දවසක අපේ රටේ අනාගත පරම්පරාව පොර-කකා ඕවා දිහාව බලාවි. සිහිවටන... සිහිවටන!”

“මේවා කොහොමද සිහිවටන වෙන්නේ?”

“ඇයි, ඔය ඇඳුම් ඉරිලා තියෙන්නෙ බෝම්බ කෑලි වැදිලා... ඕවයෙ ගෑවිලා තියෙන්නෙ ඒ බෝම්බ කෑලි වැදිලා තුවාල වෙච්චි තැන්වලින් ගලපු රාජකීය ලේ! ඒවා සිහිවටන නෙවෙයිද?”

බිසවත් නිකං හිටියේ නෑ!

කොහොමද මළ-මුත්‍රා කාරිය? හොඳට මුත්‍රා යනවද?

“ඒ උඩට ඇඳන් හිටිය ඒවනෙ... යට බාගෙට ඇඳන් හිටපු ඇඳුම් මේ විදිහට ගූ ගෑවිච්චි ගමන්ම තියනවද රජ්ජුරුවො බය වෙච්ච තරම පෙන්වන්න...”

81. තියෙන ලෙඩේ

අන්දෝ සීයාට දැන් වයස අවුරුදු අසූවත් පැනලා. ඒත් බැලූ බැල්මට නං එච්චර පෙනෙන්නෙ නෑ. කටේ දතුත් හුඟක් තියෙනවා. දවසක් අන්දෝ සීයා දොස්තර මහත්තයෙක් හම්බ වෙන්න ගියේ බෙහෙතක් ගන්න.

“ෂා... සීයට අසූවක් වගේ පේන්නේ නැහැනෙ... සීයාට හොඳට නින්ද යනවනේ රෑට?”

“අනේ ඔව් මහත්තයෝ! නින්ද යන්න බේතක් බිව්වා වගේ, හොඳට නින්ද යනවා.”

“ඒක නිරෝගිකමේ ලකුණක්නෙ සීයේ... කොහොමද මුත්‍රා කාරිය? හොඳට මුත්‍රා යනවද?”

“අපොයි ඔව්! උදේ හය වෙද්දී යනවා.”

“එහෙනම් බඩ වේළනවද?”

“පිස්සුද මහත්තයෝ. අරළු තම්බල බිව්වා වාගෙයි. උදේ අට වෙද්දී මේ සම්ම ජාතියේ නවත්තන්න බෑ....”

“හොඳට නින්ද යනවා නං, වෙලාවට මළ-මුත්‍රා පිට වෙනවා නං... සීයාට ලෙඩක් තියෙන්න බැහැනෙ සීයේ!” දොස්තර මහත්තයා කිව්වා. ඒක ඇහුණාමයි සීයාට තද වුණේ!

“මොකද බැරි? මට ඇහැරෙන්නේ නවයටනේ....”

82. මොකෙන්ද අඳුනා ගන්නේ?

එක දවසක් බොහොම උගත් මහාචාර්යවරු දෙන්නෙක් ඇවිදින්න ගියා. පළාත හරිම ලස්සනයි... සොබා-සෞන්දර්යය බල-බලා ඇවිදගෙන යන අතරේ මේ දෙන්න ලස්සනම- ලස්සන දොළ පාරක් ළඟට ආවා.

මේ පාළු මණ්ඩියෙ කවුද එන්නෙ... ඔන්න ඔහේ හෙළුවෙන් නාමු!

“අපි නාමුද?” එක්කෙනෙක් ඇහුවා.

“නාන්න ඇඳුමක් නැතිව කොහොමද නාන්නේ?”
අනෙක් මහාචාර්යවරයා පස්සට ඇද්දා.

“මේ පාළු මණ්ඩියෙ කවුද එන්නෙ... ඔන්න ඔහේ හෙළුවෙන් නාමු.”

“ඒ වුණාට බැරි වෙලාවත් කවුරුවත් ආවොත්... අනික මිනිස්සු අපි දෙන්නව අඳුරනවත් එක්ක, ටී.වී.වලින් පත්තරෙන් එහෙම දැකලා...”දෙවෙනි මහාචාර්යවරයා තවත් දේවල් කියද්දී අනෙක් එක්කෙනා දඩි-බිඩි ගාලා ඇඳුම් ගලවලා වතුරට පැනලත් ඉවරයි!
දෙවෙනියාත් මොකද කළේ, ඇඳුම් ගලවල දාල නාන්න ගත්තා.

වතුර ටික කොච්චර හොඳ වුණත්, දොළ පාර එච්චර ගැඹුරු නෑ. ඒ නිසා මහාචාර්යවරු දෙන්නම හොඳ සෝදිසියෙන් වටපිට බල-බලාම තමයි නෑවේ.

කරුමෙක මහත!

අර තරං සෝදිසියෙන් ඉඳලත්... මෙතැනට ගෑනු දෙතුන් දෙනෙක් එනවා එයාලා දැක්කේ නෑ.... දැක්කේ අන්තිම මොහොතේ!

ගොඩට ඇවිත් ඇඳුම් ඇඳ ගන්න වෙලාවකුත් නෑ... වතුර ගැඹුරු නැති නිසා වතුරේ බැහැලා ඉන්නත් බෑ.....

“එයාලට අපිව අඳුනා ගන්න බැරි වෙන්න ඉඳිමු!” කියලා එක මහාචාර්යවරයෙක් කලබලේම දෝතින් මුහුණ වහ ගත්තා.
අනිත් එක්කෙනා දෑතින්ම වහ ගත්තේ පරම්පරා කුට්ටම!

ආයෙමත් රට වහනවාය කියලා අද හැමෝම බඩු ගන්න දුවනවා. මං?
ඔන්න එහෙනං අදට නිදිගෙ පංච තන්තරේත්වහලා...

75 comments:

  1. මගෙ ප්‍රශ්නෙ මතක තියාගෙන උන්නට ගොඩක් ස්තූතියි. එතකොට මේ කියවෙන කතන්දරේ හැටියට තේරුම් ගන්න තියෙන්නෙ, මේ පොත කොහෙන්වත් ගන්න නෑ කියන එකයි, ආයෙ මුද්‍රණය කරන්නෙ නෑ කියන එකයි ද?

    ReplyDelete
    Replies
    1. එක අතකට, ඒකත් ඉතින් කමක් නෑ නේද? මුලු පොතම, තව අලුත් කතා එහෙමත් එක්ක බ්ලොග් එකේ යනවනෙ.

      Delete
    2. //කතන්දරේ හැටියට තේරුම් ගන්න තියෙන්නෙ, මේ පොත කොහෙන්වත් ගන්න නෑ කියන එකයි// නිදි ට තියෙන්නෙ මේ බ්ලොග් කාරයො ටික එක තැනකට ගෙනල්ල හොඳට සංග්‍රහයක් කාරිය කරල ඔය පොත් සෙට් එක උංට විකුණන එකයි. මං හිතන්නෙ වියදමට වඩා ගානක් හොයාගන්න පුලුවන් වෙයි. මොකද මෙතන ඉන්න වැඩි හරියක් හොඳට කන බොන කට්ටිය නෙමෙයිනෙ.

      Delete
    3. https://www.pinkduckpublishing.com/

      Delete
    4. කන බොන කියන්නෙ, නිදි එදා දුන්න ලුණු දෙහි එක තාම තියෙනව...

      Delete
    5. කවුද නයෝ "බොන කට්ටිය නෙමෙයි" කිව්වෙ?

      Delete
    6. හැහ්... ඒක තමයි. දීල බලකො අපි බොන්නැද්ද කියල.

      Delete
    7. හපෝ! බේබදු සෙට් එක මෙතෙන්ටත් ඇවිත්. ආයි නං බොන්නෑ තොපි එක්ක... බොන්ඩ හම්බුවෙණ කල්...

      Delete
    8. ඉස්සෙල්ලම අග්නි තාරා, හිනා වෙන්න හිනා 1 පොත නං තව පොත් කිහිපයයි ඉතිරි වෙලා තියෙන්නේ, 500ක් නිකම්ම ගියානේ.

      ආයෙ මුද්‍රණයක් කෙරෙනවා නං කව්රු හරි වෙනත් ප්‍රකාශකයෙක් ඉදිරිපත් වුණොත් තමා.

      ගිය වසරේ BMICH පොත් ප්‍රදර්ශනයේදී මේ පොත් තිසර ප්‍රකාශක කුටියේ අලෙවියට් තිබ්බා, මර්වින් හිතවතා මඟීන්. මේ සැරෙත් පොත් ප්‍රදර්ශනය තිබුනොත්..

      Delete
    9. ප්‍රසන්න, අපේ කණ්ඩා හිතවතාටයි- සිරිබිරිස් උන්නහෙටයි, අජිත් ධර්මකීර්ති හිතවතාටයි ස්තුතිවන්ත වෙන්න කන බොන කට්ටිය තෙවතාවක් නිදිගෙ ගෙදර රැස්වූණා..... එතකොට මට මතක් වුණේ නැහැනෙ පොත් ප්‍රමෝට් කරන්න.

      ඔන්න කාටත් කියන්නේ, ආයෙ එනකොට පොතුත් ගන්න බලාගෙන එන්නෝනි.

      Delete
    10. මෙතනට ඇවිත් නිතරම comments දාන, කන-බොන දෙතුන් දෙනෙක් 2021 අගෝස්තු 15 ඉරිදා අපේ ගෙදර එන්න හදද්දී ආයෙ කොරෝනා නිසා වැඩේ දින නියමයක් නැතිව කල් ගියා!

      Delete
    11. පොඩි බිස්නස් එකක් වගේ . මගේ පොත් ටිකකුත් ගේන්නද හේ හේ

      Delete
    12. හොඳ අදහසක් අජිත්. අපි අපිට උදව් අරගන්න ඕනිනේ.... පේනවනෙ පොලිටීසියන්ලා, මරා ගන්නවා වගේ පෙනුණත් වරිගේ එවුන් ආරස්සා කරගන්න හැටි.

      Delete
  2. ඔන්න දවසක් පණුවෙක් පොළොවෙන් උඩට මතුවුනාම තව පණුවෙක්ව දැකලා මෙහෙම කිව්වලු" ආ...නෙංගීඊඊඊ...". එතකොට අනිකා කිව්වලු "පික්සු කෙලින්න එපා යකෝ, මම උඹේ අනිත් කොණ" කියලා.

    මේ කතාවට වම්හා, ඇඩමා හා තාරා සම්බන්ධ නැති බවට සහතික වෙමි.

    නිදිට බොහොම ස්තූතියි මේවගේ වෙලාවකදිත් නොවරදවා කතාව ලියනවට.

    ReplyDelete
    Replies
    1. https://poultrykeeper.com/keeping-ducks/worming-ducks/

      Delete
    2. කොහොමද බං ඒ කෑල්ල ගෑණු පණුවෙක්ම කියල හොයා ගත්තෙ.

      Delete
    3. පණුවගෙ නැට්ට කතා කරන්ඩැත්තෙ මොකෙන් වෙන්ඩ පුළුවන්ද?

      Delete
    4. අර හූණා ගැන රචනාවෙ වගේ, "පනුවාගේ නැට්ටේ" මොකද්ද දන්නෑ?

      Delete
    5. පණුවෙක්ගෙ නැට්ට හොයන්නෙ? ගිහිං හොයපල්ලකො ගෑස් සිලින්ඩරෙයක්, කිරිපිටි පැකට්ටෙකක් වගේ දේවල්. අඩුගානෙ හාල්මැස්සෙක් හරි.

      Delete
    6. බහුසු මහත්තයෝ, මේ වගේ වෙලාවල නේන්නං වැඩියෙන් ලියන-කියන-කියවන දේවල්වලට කාලේ යොදවන්න ඕනේ... film බලන්නත්!

      ඇයි සෙකද?

      Delete
    7. Pra Jay මහත්තයෝ, මට තවම මතකයි ඌරු මස්වල ඉන්න මහ විසාල පණුවෙක් ගැන ඒ දවස්වල සත්ත්ව විද්යාවට ඉගැන්නුවා. උගෙ ජීවන චක්‍රය සම්පූර්ණ වෙන්නේ මිනිසාත් සම්බන්ධ වුණාමයි.

      Delete
    8. ප්‍රසන්න, ඩ්රැකී, ඇඩම්-
      පණුවා පස්ස පැත්තෙන් කතා කළාම මොකෝ, උනුත් ශ්‍රී ලංකාවේ පොලිටික්කොන්ව ආදර්ශයට ගන්නවා ඇති! දැන් එහෙමනේ වෙන්නේ.........

      Delete
    9. ස්කෘෘලොක්කයියා, ඔහෙට තියෙන හිතවත්කමටයි කියන්නේ, අපි මේ දැන් සැපෙන් ඉන්න වෙලාවේ ඔව්ව්වත් අහන්ඩ වටිනා ප්‍රශ්නද මම අහන්නේ...
      ඔව්වා මතක් කරන්ඩ එපා, මොළ හතෙන් හතේ හත වද්දන කල් ඉඳිමු... නැත්තං සුදු වෑනුත් එයි!

      Delete
  3. //ආයෙමත් රට වහනවාය කියලා අද හැමෝම බඩු ගන්න දුවනවා. //

    මේ කියමන නම් රටේ පාලකයන්ගේ වැඩ කිඩ ගැන කෙරෙන උපහාසාත්මක කියමනක්. ජනාධිපති රට වහන්නේ නැහැයි කියලා පැහැදිලිවම දෙවෙනි වතාවටත් කියාපු ගමන් මිනිස්සු දන්නවා රට වහන බව. මොකද මෙතෙක් කාලයක් කරපු කියපු සියලුම දේවල් රිවස් කරපු එක කාටවත් අමතක නැහැනේ.

    අර, අටමස් ගැබිනියගේ කතාව මම අහලා තියෙන්නේ මෙහෙමයි.

    ගෙදර දොර ට කව්දෝ තට්ටු කළා. හස්බන්ඩ් බාත් රූම් එකේ නිසා, වයිෆ් දොර ඇරියා. අල්ලපු ගෙදර මනුස්සයා තමයි ඒ. ඉතින් ටිකක් සැප දුක කතා කරලා,
    ඔයාට මම ඩොලර් පන්සීයක් දෙන්න, මට ඇඳුම් ගලවලා පෙන්නන්න පුලුවන්ද කියලා ඇහුවා. වැඩේ කොච්චර ලාබයක්ද? ගෑනි පටස් ගාලා ඇඳුම් ගලවලා පෙන්නලා සල්ලි අරගත්තා.
    ඊට පස්සේ ගේ ඇතුලට යනකොට, හස්බන්ඩා ඇහුවා, කව්ද ආවේ කියලා.
    ඒ අර අල්ලපු ගෙදර මනුස්සයා .
    ඕකා මගෙන් අද දෙනවා ඩොලර් පන්සීයක් ඉල්ලා ගත්තා. ඒක දුන්නද?

    D.G.M බස්සා ලියාපු මේ කොමෙන්ට් එක
    (//ඔන්න දවසක් පණුවෙක් පොළොවෙන් උඩට මතුවුනාම තව පණුවෙක්ව දැකලා මෙහෙම කිව්වලු" ආ...නෙංගීඊඊඊ...". එතකොට අනිකා කිව්වලු "පික්සු කෙලින්න එපා යකෝ, මම උඹේ අනිත් කොණ" කියලා.

    මේ කතාවට වම්හා, ඇඩමා හා තාරා සම්බන්ධ නැති බවට සහතික වෙමි.//)
    දැක්කාම මම මීට කලට පෙර පංච තන්තරේට ලියාපු පිළිතුරක් මතක් උනා. මේ තියෙන්නේ ඒක

    sam pereraAugust 11, 2019 at 12:12 AM
    ඔයාගේ ලිපියේ අන්තිම වාක්‍යය කියෙව්වාම පරණ විහිලු කතාවක් මතක් උනා.

    එක කලක "කඩුව" කියලා බොහොම මතභේදාත්මක කරුණු රැගත් පුවත්පතක් පල උනාලු. ටික දිනකින් ඒකේ තියන මතභේදාත්මක කරුණු තදින් විවේචනය කරමින් "පලිහ" කියලා තවත් අලුත් පුවත්පතක් පල උනාලු. මේ පත්තර දෙක එකිනෙකා තදින් විවේචනය කර ගනිමින් වාද කරන නිසා පත්තර දෙකම ඉතාම ජනප්‍රිය උනාලු. මේ පත්තර දෙක අතර තියන යුද්ධය සාමදාන කරන්න හිතා ගත්ත එක පාඨකයෙක් මේ පත්තර දෙකේම කතෘවරුන්ට තම නිවසට රාත්‍රී භෝජනයකට ආරාධනා කලාලු. දෙදෙනාම ආරාධනාවන් පිළිගත් අතර නියමිත දින නියමිත වෙලාවටම වාගේ එක ආරාධිතයෙක් ආවාලු. භෝජනය සුදානම් කල පාඨකයා එතුමාව පිළිගෙන ""ඔබතුමා කඩුව පත්තරයේ කතු තුමාද, එහෙම නැත්නම් පලිහ පත්තරයේ කතු තුමාද ?"" කියලා ඇහුවලු.

    හොඳට රැවුල කරකවලා හිනාවක් එහෙම දාලා මිනිහා කිව්වලු '''මම තමයි ඔය දෙකේම කතෘ''' කියලා.

    මේක 70/80 යුගයේ මොකක් හෝ පත්තරයක පල උන "චන්දර මාමාගේ සිනා අන්දරය" කියන විහිලු කතා කොළමේ තිබුන කතාවක්.

    ReplyDelete
    Replies
    1. පත්තර දෙකේ කතාව නියමයි. නෑ කියල, පස්සෙ හරි රට වහන්න තීරණයක් ගත්ත එක හොඳයි කියලයි හිතෙන්නෙ. වැක්සීන්, ඩෙල්ටා වලට කොච්චර කාර්‍යක්ෂමද කියන එක ප්‍රශ්ණයක් නිසා. කෝවිඩ් කියන්නෙ, කණා මුට්ටිය වගේ ගේමක්. ආර්ථිකය සහ ආරක්ෂාව අතුරෙ යනවා වගේ ගේමක්. හරි, වැරදි ඔක්කොම සාපේක්ෂයි කියලයි , මට හිතෙන්නෙ.

      Delete
    2. ඔය පත්තර දෙකේ කතාව ඒ විදිහට ම තිබුණා ඇටමැස්සා පොතේ.

      පාද්රේ ඉතාලියට එනකොට, එයාට විරුද්ධව ඇටමැස්සා ලිව්වා, පාද්රේ ට පක්ෂව වෙනත් නමකින් තව කෙනෙක් ලිව්වා. පස්සෙ දෙන්නගෙ වාදය අත් අරින්න කියලා පාද්රේ ප්‍රසිද්ධ කතාවකදි ඉල්ලුවා. ඒතකොට එයාට පක්ෂව ලියපු කෙනා පත්තරේට ලිව්වා, පාද්රේ ගෙ ඉල්ලීම පිළිගෙන නිහඬ වෙනව කියලා. ඇටමැස්සා ලිව්වා, "මාත් නිහඩ වෙනවා. දැන් මට ඉතුරු වෙලා තියෙන්නෙ වීදියෙදි ඉස්සරහට හම්බවෙන පළමුවෙනි ජෙසුයිට් සාමාජිකයා බදාගෙන අඬන්න විතරයි" කියලා.

      පස්සෙ ඇටමැස්ස පොලිසියට අහුවෙලා, මරණ දඬුවම දුන්නට පස්සෙ පාද්රේ එයාව බලන්න ගිය වෙලාවෙදි යි දැනගන්නෙ ඒ දෙන්න ම එක්කෙනෙක් කියල.

      Delete
    3. සිනෙත්‍ර ගමගේ ද?

      Delete
    4. ඌ වෙන්න බෑ ප්‍රා. ඌට තමයි පොලීසියෙන් එල්ලල ගැහුව කියල ආරංචි.

      Delete
    5. පත්තරමල්ලිඅයියට ගුටිකන එක නෝමල්

      Delete
    6. සෑම් ගෙ කතාවට සමාන කතාව මෙන්න

      Delete
    7. සෑම්, ගොඩක් ස්තුතියි දිග කමෙන්ටුවක් කෙටුවට.

      පත්තර දෙකේ කතාව මටත් යාන්තං මතකයි. ඒක කියැවුණේ රෝහණයේ කුමාරයෙක්ගේ නමක් එක්ක නේද? මතක හැටියට ඒ කුමාරයාවත් නාඳුනන ඇත්තෝ ඝාතනේ කළා.

      ස්කෘෘ, මධුමාධවියේ මවි කතාවත් මරු!
      ඒකෙත් වර්ශන්ස් ගොඩක් අහන්න ලැබිලා තියෙනවා.

      Delete
  4. අර මීයොයි, කැරපොත්තොයි, මකුණොයි හෙව්වෙ ඩ්‍රැකිය තියල තමයි ආරංචිය. මිනිහ කලින් හිටපු ක්වාටස් එකෙන් අස්වෙන වෙලාවෙ ප්‍රයෝජනේට ගන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඊට අමතරව වවුලො දුසිමකුයි, னයෙකුයිත් ඕඩර් කළා ලු.

      Delete
    2. ගෙදර තිබුණු ටෝච් එක දැක්ක විතරයි, අමාරුවෙන් හොයාගෙන ආපු னයා කොහෙන් ගියාද නෑ.

      Delete
    3. ඔහෙ මකුණොත් ඉන්නව ඇත්තෙ ජර්සි දාගෙන?

      Delete
    4. ඔව් යකො. උං පුටුවෙ ඉඳං ලේ බොන්නෙත් උණු කරලා.

      Delete
    5. ඩ්රැකී පාාාාාාව්!

      (ඔන්න අජිත් මහත්තය අමනාප වෙන්න එපා, මේක කිව්වට. රුසියාවට අපහාස කරනවා නෙවෙයි. හොඳේ.)
      අපේ මිතුරෙක් රුසියාවට ගියා අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලැබිලා- අවුරුදු දෙකකටද කොහෙද. ගිහින් ඇවිත් කතාවට වැටුණා. ත්‍රාඩ බාසාවෙන් කියනවා නං එයා 'බඩු කාරයෙක්'.

      'කොහොමඩ් එහෙදිත් සැප ගත්තද?" යාලුවෙක් එයාගෙන් ඇහුවා.

      "xත්තක් අහනවා... යකෝ අතේ පිහිට ගන්න ගියත් xයිය හොයා ගන්න බැරිව හිටියේ, ඌ හීතලේට ඇකිලිලා!" මිත්තරයා කිව්වා.

      (ඔන්න ඇත්තම කතාවක් හින්දා අරයාගේ- මෙයාගේ නම් ආදේශ කරනවා හෙම නෙවෙයි. හොඳේ!)

      Delete
    6. සෝවියට් දේශයට හදපු ඇමරිකන් කතා නං එමට. ඒ් ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න තරං තියෙනව.

      ඔන්න මං කැමති ම එක.

      දවසක් ප්‍රාදේශීය සෝවියට් කමිටුවකදි අවසාන හරියෙදි ඩොබ්රින්ස්කි සහෝදරය නැගිට්ටලු.

      "නායක සහෝදරයා, මට ප්‍රශ්න තුනක් තියෙනව."

      "ඔව් අහන්න" නායක සහෝදරයා කිව්ව.

      "ලෝකෙ හොඳම කෘෂිකාර්මික ජාතිය අපි නං, කෝ අපට බියර්?

      "ලෝකෙ හොඳම සත්ත්ව පාලනය තියෙන්නෙ අපේ නං, කෝ අපට මස්?

      "ලෝකෙ හොඳම කාර්මික රට අපි නං, කෝ අපට කාර්?"

      "‌ඩොබ්රින්ස්කි සහෝදරයගෙ ප්‍රශ්න ඉතාම වැදගත්..." නායක සහෝදරය කිව්ව. "නමුත් දැන් හොඳට ම වෙලා ගිහින්. මම අනිවාර්යයෙන් ම මීළඟ සෝවියට් සභාවෙ දි මේවට විස්තරාත්මක ව පිළිතුරු දෙනව."

      මීළඟ සෝවියට් සභාවෙ දි ප්‍රශ්න අහන අවස්ථාවෙ දි තවත් සහෝදරයෙක් නැගිට්ටා.

      "නායක ‌සහෝදරයා, මට එක ප්‍රශ්නයක් තියෙනව අහන්න"

      "ඔව් සහෝදරයා අහන්න..."

      "ඩොබ්රින්ස්කි සහෝදරයට මොකද වුණේ?"

      Delete
    7. නිදි අපි ඔය කතාව කියන්නේ වෙන විධිහකට , මුත්‍රා කරන්න අරක එලියට ගත්තම මුත්‍රා ටික මිදෙනවා අරකේ ඉඳන් පොලොවට යනකම්ම. ඊට පස්සේ ගැලව ගන්න එක තමා ප්‍රශ්නේ

      Delete
  5. //නාන්න ඇඳුමක් නැතිව කොහොමද නාන්නේ// අර නදීශයගෙන් ඇහුවනං ඕක යසට කියයි කොහොමද කියල. ඔය යන යන තැං වල ස්කිනි ඩිපිං ද මොකක්ද කියල ඇඳුං නැතුව නාන එකානෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. http://sobaroo.blogspot.com/2018/09/waterfall-hunting-solo-travel.html

      Delete
    2. http://www.mtv.com/news/2439238/lindsay-lohan-is-a-vampire-and-sasha-grey-takes-a-skinny-dip-in-this-weeks-horror-bites/

      Delete
    3. මගෙ යාළුවෙක් ලින්ක් දාලා, දාලා, දාලා ....මලා.

      Delete
    4. ලීක්වෙලා වෙන්න ඇති.

      Delete
    5. https://aminoapps.com/c/zelda/page/blog/botw-links-death-explanation/eYNt_3uK5B7x8GgZ2rW64DYR6xG0deJ

      Delete
    6. මට මතක් උනේ අලියයි කූඹියයි නාන්ඩ ගිය සීන් එක.

      ජයසේනයියා ලිංක් දාලා දාලා තාරාවියක් අල්ලගන්ඩ ලෑස්තිය.

      Delete
    7. අනේ ජයෝ, අල්ලගං කො. මට පොඩ්ඩක් හුස්මක් කටක් ගන්න.

      Delete
    8. අඩෝ මටත් දියංකො පොඩ්ඩක් අල්ලගන්ඩ. චූටි ඇඟිල්ලෙන් චුට්ටක් අල්ලගත්තත් ඇති.

      Delete
    9. විළිබිය ඇතිව හැදිච්චි මං නං ඔය ස්කිනි මොකක්ද එක කරලා තියෙන්නේ එකම එක වතාවයි. වැල්ලවායේ රෝස්බරි ගාර්ඩ්න්ස් හරියේ වාහනේ නවත්තලා කන්දක් නැඟලා දිය ඇල්ලක් බලන්න ගිය වෙලාවේ. ඒ වතුර ටික දැක්කම නං විළිබිය අමතක වුණා!
      ඔන්න ප්‍රසන්න, මගෙනුත් අහන්න එපා foto තියේද කියලා.

      ඩ්රැකියලා, ඇඩම්ලා, වම්හලා, Pra Jayලා link දාලා, ඇඟිලි ගහලා මොනවා කරගත්තත් මී ඇස්දෙක පල්ලා මං නං ඇහැක් ඇරලා බලන්නේ නෑ!

      Delete
    10. https://www.wikihow.com/Catch-a-Duck

      Delete
    11. අම්මට සිරි Pra Jay මහත්තයෝ, තාරාවෝ කොච්චර වැදගත් සත්තු කොටසක්ද කියලා පෙනෙන්නේ දැන්නෙ....

      Delete
  6. මේ අපේ ඩොක්ටර් මාමා කියපු කතාවක්...

    ඩොක්ටර් ජොහැන්නස්බර්ග් නුවර වැඩ කරන කා‍ලේ, ඒ අය ඒරටට විදේශිකයන් වූ හින්දා එයාලගෙ සහායට දේශීය නර්ස් නෝනා කෙනෙක් සපයා දී තිබුණා ලු. ඒ නර්ස් නෝනලා රාජකාරියට අමතරව භාෂා පරිවර්තනයත් කරලා තියෙනවා. මෙහෙම එක දවසක් රෝගීන් පරීක්ෂා කරන අවස්ථාවක, ඩෝකටර් හිටපු තැනට අල්ලපු ක්‍යුබිකල් එකේ නර්ස් මහ හයියෙන් කෑගැහුවලු.

    ඩොක්ටර් පුටුවෙන් නැගිටලා බැලුවලු මොකද කියලා. එතකොට අල්ලපු ක්‍යුබිකල් එකේ වයස හැටක විතර පිරිමි ලෙඩෙක් ඉන්නවලු, නර්ස් හිනාව තද කරගන්න බැරුව ඇඹරෙනවලු. ඉතින් අපේ ඩොක්ටර් අනිත් ඩොක්ටර් ගෙන් ඇහුවලු මොකද වුනේ කියලා. අනිත් ඩොක්ටර් කිව්වලු,

    “මේ පේෂන්ට් මට කියනවා, එයාගෙ වහස හැට හතරයි ලු. එයාට ලිංගික වශයෙන් පසුබට ගතියක් දැනෙනවලු කියලා. ඉතින් මම ඇහුවා ඔයාට ඒක දැනෙන්නෙ කොහොමද කියලා. එයා කියනවා, කලින් නම් මම දවසකට හතර පාරක් xxx කළා. දැන් කරන්නෙ දෙපාරයි කියලා.“

    “ඉතින් මම එයාට කිව්වා, ඔයාට කිසිම අවුලක් නෑ. ඔයා කියන එක ඇහුනම මට හිතෙනවා මම ලිංගිකව පසුබටයි කියලා“

    “නර්ස් ඒක ලෙඩාට තේරුම් කළාට පස්සෙ, මම එයාට එයාට කිව්වා, මම ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් ඔයාගෙ අහවල් අවයවයට කොපුවක් හදා දෙන්නම්, ඒකෙ මුළ හරියට ටිකක් ඉස්සරහින් ගණකම නූලක් ගැටගහලා, ඉණ දෙපැත්තෙන් පිටිපස්සට ගන්න. ඊට පස්සෙ ඔයා ඕනෙ ඕනෙ වෙලාවට අර නූල පිටිපස්සට අදින්න. වැඩේ සාර්ථකව කරගත්තැකි කියලා.“

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකා ජොහැන්නස්බර්ග් ඉන්න කාලෙ වෙන්ඩැති? උන්දැ තමා ඔය හතරවරක් පුරුසයා...

      Delete
    2. ඌ හතරවරක් උනේ වයසට ගිහිං. නැත්තං ඒකාලෙ ඌ ෆෝවීල් ඩ්‍රයිව් වගේ තමා. (4x4)...

      Delete
    3. තරහ අවසර, කොයි රටේ මොන පිරිමියාද නැති-බැරිකම් කියල තියෙන්නේ ඔය ෆීල්ඩ් එකේදී....

      මගේ වලත්තකමට නාහා බැරිවුනා, හොඳේ.

      Delete
  7. ඩොක්ටර් ගේ දෙවන කතාව (ඩොක්ටර් ට අනුව මේ කතාව කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ ලෙජන්ඩ් එකකි)

    ඩොක්ටර් අංකල් කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න කාලේ, ඒ ගොල්ලන්ට උගන්නපු ලෙක්චරර් කෙනෙක් හිටියලු ඩොක්ටර් මැඩොන්සා කියලා. එයා ගෝලයොත් අරන් ජාතික රෝහලේ විසිට් එකක් යනවලු, එක එක රෝග ලක්ෂණ පෙන්නලා තේරුම් කරන්න. ඉතින් ගෝලයො අතර කොල්ලොයි කෙල්ලොයි දෙකම ඉන්න බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

    දවසක් ඩොක්ටර් මැඩොන්සා ගියාලු ගෝල පිරිස එක්ක සමාජ රෝග වාට්ටුවට. (අපේ ඩොක්ටරුත් මේ ගෝල පිරිස අතරෙ හිටියා). ඒ වාට්ටුවෙ හිටියලු වීඩී හැදුණු හාමුදුරු කෙනෙක්. ඩොක්ටර් කෙනෙකුට රෝගියෙකුගෙ තත්ත්වෙන් තරාතිරමෙන් වැඩක් නෑනෙ, ඉතින් ඩොක්ටර් මැඩොන්සත්, අර හාමුදුරුවො ඇසුරින් ඒ රෝගයෙ ලක්ෂණ තමන්ගෙ ගෝලයින්ට කියා දුන්නලු. ඊට පස්සෙ එයා හාමුදුරුවන්ගෙන් නිකමට වගේ ප්‍රශ්න ටිකක් ඇහුවලු,

    එයා ඇහුවලු “හාමුදුරුවනේ, මේක කොහොමද හාමුරුවන්ට හැදුනෙ?“ කියලා.

    හාමුදුරුවො කියනවලු, “මහත්තයා, මම පහුගිය පොසොන් පෝයට ගියා අනුරාධපුරේ. එහෙදි මම එක තැනක තිබුණු ගළක් උඩට මුත්‍රා කළා. එතෙන්දි මගෙ මෙව්ව එක ඒ ගළේ ගෑවුණා. ඒ ගළ උඩ ම, මට කලින් තව කෙනෙක් මුත්‍රා කරලා තිබුණා. මම හිතන්නෙ එහෙම වෙන්න ඇති මේ කරුම ලෙඩේ හැදුණෙ“ කියලා

    ඩොක්ටර් මැඩොන්සා එකපාරටම ඇහුවලු,

    “ඈ හාමුදුරුවනේ. ඔය කියපු ගළ උඩ හු***ක් එහෙම තිබුණෙ නැද්ද“ කියලා.

    මෙඩිකල් ශිෂ්‍යාවො ටික දිව්වලු එහා වාට්ටුවට යනකම්.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ... හිතෙන දුකක්!
      ඉඳහිටලා ඔය ෆැකල්ටියේ කතන්දර මතක් කරන තුන් හතර දෙනෙක්ම ඉන්නවා. එයාලා වෛද්‍ය ආචාර ධර්ම අක්රටම පිළිපදින හින්දා ඔහොම ඒවා කියන්න කලින් පෙරවදනක් කියනවා. "අඩෝ නිමලෝ. මෙව්වා තොගේ චීත්තවාහිනියට හෙම ලියනවා නෙවෙයි!"

      ඒ තර්ජනය නොතකා හරින්න බැරිකම ගැනයි දුක!

      Delete
    2. අමතක වුණා. කතාවට නං 5 ඒවා 5ක් දාන්න වටිනවා.

      Delete
  8. මිඩ් සෙමෙස්ටරේ අන්තිම අසයින්මන්ට් එකත් ඉවර කළා. දැන් මම නිදහස් ස්වෛරී පුරවැසියෙක්. දැං යනව නිදාගන්ඩ. හෙට උදේ එන්නං බකුසා හරි, ජයේ හරි, අර නයියා හරි, කවුරු හරි මොනවහරි කොටල තියෙනවද බලන්ඩ.

    ReplyDelete
    Replies
    1. හුරේ!!! දැංවත් හරියට ලියහං මගෙ කතාව. පුළුවන්නං අර දැරිවිට පණ දීහං.

      Delete
    2. මේ... ඇඩං, මං ඔන්නං ලියල දෙන්නං බොට කියන කියන හැටියට.

      Delete
    3. ජයවේවා!
      තානාන්තර ගත්තට කමක් නෑ, එකේක්කෙනාට ඕනි විදිහට නං වැඩ කරන්න යන්න එපා! එහෙම කිව්වේ ඇඩම්ට ඕනි විදිහට කොරන්න ලැහැස්ති හින්දයි. හොඳේ.

      Delete
    4. னයා ඉන්නකල් උඹ නිදහස් ස්වයිරී පුරවැසියෙක් වෙන්නෙ නෑ.

      Delete
    5. මං කී සැරයක් කිව්වද ඔන්නොහෙ දෂ්ට කරලා, මාව මේ னයෙන් බේරපං කියලා

      Delete
    6. ප්‍රසන්න, මොකෝ ඩ්රැකීත්= ගැමුණු රජ්ජුරුවන් කපුරුනාද වෙද මහත්තය තියාගෙන හිටිය වගේ ආරස්සාව හදාගෙනද ඉන්නේ...

      Delete
  9. යකඩෝ! මෙච්චර මේ අපි ඉන්නව බැබළි බැබළි. එහෙම තියාගෙන නිදියටත් මතක හිටියෙ ළඟදි ආපු තාරාවි තමා.

    ReplyDelete
    Replies
    1. මට නිකං මතකයි වගේ කව්දෝ කියනව " ටෝක් කරල, රෝස් වුනත් කමක් නෑ" වගේ කතාවක්.

      Delete
    2. බබලත් උදවියට ගරු කරන්න එපාද හැබෑටම?

      Delete
  10. පොතට වඩා කමෙන්ට්ස් රසවත්, කමෙන්ට්ස් වලට වඩා පොත රසවත්. නිදී ආයිත් පොතක් ලියනකොට මේ කට්ටියව ghostwriters විදිහට ගන්න සලකා බලන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔව් Lotus,
      දැන් පැය එකහමාරක් විතර තිස්සේ මේ comments කියවමින්- linksවලට යමින්- උත්තර දෙමින් ඉන්නේ....
      කොහොම ස්තුති කරන්නද මන්දා ඔයාලා හැමෝටම.

      Delete
    2. ගෝස්ට්ල විදියට ගන්නවනං ඉතිං ඔය ඩ්‍රැකීල සෙට්එක තමයි ඉතිං.

      Delete
    3. මාත් කියන්ඩ ගියෙ.

      Delete