ඒ කිව්ව විදිහටම මෙන්න තවත්
කතා: |
12. ඊට ටිකක් එහා
“හරි
වැඩේනේ මචං, අර
පැත්තෙන් කාර් එකක් ආවා සීයක් විතර හයියෙන්. මේ පැත්තෙනුත් එකක් ආවා ඊටත් වැඩිය
හයියෙන්.... හැප්පුණා විතරයි,
දෙකම කුඩේ කුඩු!”
“ඩ්‍රයිවර්ලා?”
“දෙන්නම
මළා!”
“ඔන්
ද ස්පොට්ද?”
“නෑ
මචං... ඊට ඩිංගක් එහා....”
13. කාර් පිස්සියෝ
ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙකි.
ඔහුගේ බලවත්ම ආශාව වූයේ තම දියණියන් තිදෙනාගේම විවාහ මංගල්‍ය උත්සව එකම දිනයකදී
සිදු කිරීමය. එහෙත් ප්‍රශ්නයකට වූයේ ඒ දියණියන් තිදෙනාම තරුණ වියේ පසු වුවත්
පිරිමින් පිළිබඳ උනන්දුවක් නොදැක්වීමය. ඔවුන්ගේ උනන්දුවත්, අවධානයත්
යොමුවී තිබුණේ අලුත්ම කාර් වෙත පමණි.
“අපි
හොඳ කපුවෙකුට කියමු මනාලයෝ තුන් දෙනෙක්ව හොයන්න. තුන් දෙනාටම හොඳ අලුත් කාර්
තියෙන්න ඕනෑ කියලාත් කියමු. එතකොට දුවලා එයාලට කැමති වෙයි.” කෝටිපතියාගේ
බිරිඳ විසඳුමක් ලෙසින් යෝජනා කළාය.
ඔහු එකී යෝජනාව පරිදි මනාලයන්
සෙවීම සූර කපු මහතෙකුට පැවරුවේය.
එයා එළි වෙනකල්ම හෝන් ගහනවා
කිය-කියා මගේ අණ්ඩ කෝෂ දෙක මිරිකුවා.... |
තරුණියෝත් විවාහයට කැමැත්ත පළ
කළහ.
අතිශය උත්කර්ෂවත් විවාහ මංගල්‍යෝත්සවයක්
පැවැත්විණි. ඒ යුවල තුනම එකම දිනයේ, විවාහ ප්‍රාප්තවී කඳුකර
තානායමකට මධුසමය ගත කිරීම සඳහා නික්ම ගියහ.
එකිනෙකාට සුබ පතා තම-තමන්ගේ
කාමරවලට වැදුණු අලුත් මනාල මහත්වරු පසුවදා හිමිදිරියේම එක්වී කතාබහ පටන් ගත්හ.
වැඩිමහල් තරුණියගේ සැමියා
මඳක් පැකිළෙමින් මෙසේ කීවේය.
“මට
නං එක දවසින්ම මේ මඟුල එපා වුණා. මේ කෙල්ල නම් ලස්සනයි, ඒ
වුණාට ඒකිට තියෙන්නෙ පුදුම කාර් පිස්සුවක්නේ....”
“මොකද
වුණේ?”අනෙක්
දෙදෙනා විමසූහ.
“එයා
එළි වෙනකල්ම හෝන් ගහනවා කිය-කියා මගේ අණ්ඩ කෝෂ දෙක මිරිකුවා.... දැන් මගෙ යටි බඩත්
කොර වෙලා...”
“ලොකු
මස්සිනා. ඔය තරමින් ගියා ඇති. මගෙ එක්කෙනත් එහෙමමයි... හැබැයි, එයා
හෝන් ගැහුවෙ නෑ.... මගේ එකෙන් ගියර් දදා හිටියා.” දෙවෙනි
මනාලයා කීවෙත් සුසුම් හෙළමිනි.
“මටත්
එහෙමම තමයි....” තුන්වැන්නාත්
හීල්ලුවේය.
හා! ෆුල් ටෑන්ක් ගහනවා- කියලා
කිව්වා විතරයි..... (පියුමි නොවේ!) |
“උඹ
නම් ලකී වගෙයි මචං, කෙල්ල
උඹට නිඳියන්න දුන්නෙම නෑ වගේ... අපිට ඉරිසියයි මචං.....” පළමුවැන්නා
කීවේය.
“දාපං
මචං අත!”දෙවැන්නාද
සුබ පැතුවේය.
“නිඳියන්න
නෙවෙයි, මාව
එහෙමම කලන්තේ දාලා වැටුණා.... අද උදේ තමයි සිහිය ආවේ...” තෙවැන්නා
කියාගෙන ගියේය.
“....එයා
නයිටිය ගලවලා, ඇඳේ
දිගා වෙලා -හා! ෆුල් ටෑන්ක් ගහනවා- කියලා කිව්වා විතරයි මට කලන්තේ දැම්මා!”
ඉහතින් තිබුණු කතාව අද ලියනවා නම්, මං
ලියන්නේ ‘අණ්ඩ කෝෂ’ කියලා නොවේ! ඇට දෙක කියලාය!!
2007 හිට අවුරුදු 14ක් ගත වෙද්දී නිමල් දිසානායක විතරක් වෙනස් වෙලා එහෙම නොවේ;
පාඨක සමාජයත් වෙනස් වෙලාය. දැන් මානව ලිංගේන්ද්‍රිය පද්ධතියම ප්‍රසිද්ධියේ
කතාබහට ලක් වෙයි.
එච්චරකුත් නොවේ... ගරු කටයුතු අය රැස්වෙන
දියවන්නා මන්දිරයේදී පවා හොඳ-හොඳ හරුප කියවෙන තරමටම රට දියුණු වෙලාය; වෙනස් වෙලාය.
හැබැයි, එහෙම වෙනස් නොවෙන අයත් සිටිති.
අද්‍යතන කතන්දරවලට වඩා අතීත
කතා.... |
අතීත කතාවක්
‘හිනා වෙන්න කියවන්න -2’ පරක්කු ඇයිදැයි මට
ලියූ, කියූ විමසූ බොහෝ දෙනා ඇසූහ. දැන්වත් ඔවුනට පිළිතුරු දීම සුදුසුය. ඒ, කාටවත්
රිද්දන්නට නොවේ; මගේ ගොන්කම් ගැන කියන්නටය.
‘හිනා වෙන්න හිනා’ පළ කරන්නට ප්‍රසිද්ධ ප්‍රකාශන
සමාගමක අනුමැතිය ලැබිණි. මුද්‍රණ ආයතනයකම සේවය කළත්, මගේ වැඩ පෙරට දැමීමේ කලාව මා
නොදන්නා බැවින් ‘වැඩේ ඇදුණේය’.
අන්තිමට පොත් 100ක් සකසා ප්‍රකාශන ආයතනයට යැවීමි.
පසුවදාම එහි සේවය කරන අයෙකුගෙන් දුරකථන
ඇමතුමක් ලැබිණි. “අපේ මහත්තයයි, නෝනයි, තවත් අයයි කැකිරි පළනවා, නිමල් අයියගෙ පොත
කියවලා!”
මම ඉමහත් සතුටට පත් වීමි!
ඒ සතුට රැඳුණේ පැය කිහිපයකි. තවත් දුර
ඇමතුමක් ආවේය. ප්‍රකාශන සමාගමේ අධිපතිතුමාගෙනි.
“සමහරු කියනවා නිමල්, මේවා සැර වැඩියි කියලා.... ඊටත් මේ දේශපාලන යාං හෑලි. අපිටත්
ප්‍රශ්නයක් වෙයිලු මේක ගහන එක...”එතුමෝ කීහ.
“... මං කියන්නම් වැඩක්. පොත් කවරේ පොසිටිව්ස්වලට, ප්ලේට්, ඉම්ප්‍රෙෂන්ස්, බෝඩ්,
ලැමිනේටින්, ටයිටල් පිටු.... ඒවාට ගිය වියදම මම දරා ගන්නං. ඒවා අයින් කරලා, අපේ නම
නැතිව පොත හදලා විකුණගන්න....”
පසුව ආරංචිවූ අයුරින් ඒ යෝජනාව කරන තැනට
එතුමන්ව පත්කොට ඇත්තේ- ‘සදාචාර සම්පන්න, සත් ගුණවත්, බහුශ්‍රුත කිහිප දෙනෙකු’
විසිනි.
කාශ්‍යප බුදුන්ගේ කාලයේ සිටම
පොත් පළ කිරීමට.... |
පොත් 400ක් මා හොඳින් දන්නා ප්‍රකාශන ආයතන තුනකට භාර දුන්නෙමි; විකුණා මුදල්
ගෙවීමේ පදනම මත.
දෙසතියකින් පළමු ප්‍රතිචාරය ලැබිණි “හරි
වැඩේනේ නිමල්, ඔයාගේ පොත ටිකක් ගියා... එක හාමුදුරු කෙනෙක් දෙවෙනි පාරටත් පොතක්
ගන්න ඇවිත් අපිට කිව්වනේ -ඇයි මේ කුණුහරුප පොත් විකුණන්නේ- කියලා.
එය ඇසුණු විගසම මසිතට නැඟුණේ එක ප්‍රශ්නයකි. ‘නරක පොතකින් තවත් එකක් ගත්තේ ඇයි?’
ඔවුන් එය අසා නොතිබිණි. දැන් මට පොත් ටික ඉල්ලන්නට ලජ්ජාය; මුදල් ඉල්ලන එක ඊටත්
හපන්ය. මම නිහඬ වීමි.
කාශ්‍යප බුදුන්ගේ කාලයේ සිටම පොත් පළ
කිරීමට, සංවර්ධනය කිරීමට උර දෙන දෙවෙනි ප්‍රකාශක මහතාට මම ඊළඟට කතා කළෙමි.....’
පේනව නේද වෙච්චි ඇබැද්දි... තවත් පොත් පළ
කරන්නේ නැත්තේ ඇයි කියා අහන අයටත්, කර්තෘ ප්‍රකාශකයන්ටත් මෙහෙම දේවල් නිතර සිද්ද
වුණේය! (ඉදිරියටත් සිදු වෙන්නට ඉඩ තිබේ.)
තවම ඒ විස්තරය ඉවර නැත. නිදිට තියෙන්නෙම මහා දිග කතාය! තවත් යාන්ස් දෙක-තුනක් රසික
ඔබට කියවන්නට දීලාය ‘අතීත කතාවේ’ ඉතිරිය දිගාරින්නේ....
14. ඇමතිතුමන්ලගෙ රඟ
දැන් සම්මන්ත්‍රණ - වැඩමුළු
කියන ඒවා වැහි වැහැලා. ඒවාට සහභාගි වෙන අයට අනුන්ගේ සල්ලිවලින් කාලා-බීලා සවාරි
යන්න ඉඩ ලැබෙනවා. ඒවා සංවිධානය කරන අයටත් එයාලා ප්‍රාර්ථනා කරන ජාතියේ දේවල් ලැබෙනවාලු!
මේ කියන සම්මන්ත්‍රණේත් ජාත්‍යන්තර
එකක්. එක-එක රටවලින් ආව අය මේ සම්මන්ත්‍රණයට සහභාගී වුණේ. ඒ ගොල්ලන්ගෙන් හතර
දෙනෙක් කෑම කන ගමන් ලොකු කතාවකට පැටලුණා.
මාතෘකාව වෛද්‍ය විද්‍යාවේ
දියුණුව.
ඔව්වා නිකං දෙකේ කැලෑසියේ
වැඩනේ, අපේ රටේ
කෙරෙන දේවල හැටියට. |
“ඔව්!
ඔව්!! අද කාලේ හැටියට ඔයිට වඩා දේවල් වුණත් කරන්න පුළුවනි... අපේ බාප්පාගේ වම් අත
කැපිල වෙන්වෙලා තිබ්බා ෆැක්ටරියකදී. එයාටත් බොරු අතක් දැම්මා. වැඩේ කියන්නෙ ඒකත්
නියම අතක් වගේමයි. මිනිහා ඒ අතෙන් වොලිබෝල් ගහනවා. අපේ ප්‍රාන්ත ටීම් එකටත්
සෙල්ලම් කළා.”
එංගලන්තකාරයාත් එයාගෙ කතාව
කිව්වා.
“වෙන්න
පුළුවන්, වෙන්න
පුළුවන්. අපේ අංකල්ගෙ පුතාගෙ දකුණු අතම කපල දාන්න වුණා, වෛරස්
ආසාදනයක් නිසා... පස්සේ ඩොක්ටර්ස්ලා මිනිහට හයි කරපු බොරු අත කොච්චර හොඳයිද කියනව
නං... මිනිහට කැරම් ගහන්නත් පුළුවන්.
මිනිහා කැරම් ටූනමන්ට්
ගණනාවක්ම දිනලා තෑගිත් ගත්තා...”
එහෙම කිව්වේ ඇමරිකන්කාරයා.
ජර්මන්කාරයයි, එංගලන්තකාරයයි, ඇමෙරිකන්කාරයයි
තුන් දෙනාම ඊළඟට බැලුවේ ලංකාවේ එක්කෙනා දිහා.
එයා තමයි හතර වෙනියා. තමන්ගේ
දිහාව බලන පමාවෙන්ම මිනිහා එයාගෙ කතාව පටන් ගත්තා.
“මිස්ටර්ලා....
ඔව්වා නිකං දෙකේ කැලෑසියේ වැඩනේ,
අපේ රටේ කෙරෙන දේවල හැටියට.
අපෙ ඉස්පිරිතාලවල වෙනම යුනිට්
එක ගානේ තියෙනවා වැඩිය ප්‍රසිද්ධ කරන්නෙ නැති....” එහෙම
කියන ගමන්ම මිනිහා සද්දෙත් අඩු කළා.
...පියාඹනව
නෙවෙයි මෝඩයෝ... කුරුල්ලෝ පීනනවා.... |
“වෙන්න
බැහැනේ... මොළේකට ඩැමේජ් වුණාම කොහොමද මිනිහෙක් ජීවත් වෙන්නේ....?” ඇමෙරිකන්කාරයා
විස්මයෙන් කිව්වා.
“මොකද
වෙන්න බැරි.... හැබැයි මේවා රාජ්‍ය රහස්! හරිද...... අපේ ඇමැති මණ්ඩලේ ඉන්න වැඩි
දෙනෙක් එහෙම ප්ලාස්ටික් මොළ දාපු අය....” ශ්‍රී ලාංකිකයා උජාරුවෙන්
කිව්වා.
15. පියාඹනවා නෙවෙයි පීනනවා
විලක ඉබ්බෙක් හිටියා. ඌ ඒ විලේ
ඉන්න මාළුවොත් එක්ක හරි මිත්‍රයි. ඔහොම ඉන්න අතරේ දවසක්දා මේ ඉබ්බා විලෙන් ගොඩට
ආවා; ඇවිත්
වටපිටාවේ ඇවිද්දා; ඇවිදලා
විනෝද වෙලා ආපහු විලට ගියා.
“කොහෙද
ඉබ්බෝ ගියේ?” මාළු
රංචුවම ඉබ්බාව වට කරගෙන ඇහුවා.
“මං
ගියා ලෝකේ ලස්සන බලන්න....”
“අයියෝ, ඕකෙ
මොකක්ද බලන්න තියෙන්නෙ?” එක
මාළුවෙක් ඇහුවා.
“ඇයි
මාළුවෝ... ගස්වල ලස්සන පාට පාට මල් පිපෙනවා.... හුළං හමනවා... වලාකුළු එක එක පාටට
ආකාසෙ පුරාම විසිරිලා යනවා... කුරුල්ලෝ- උන් ලස්සන සිංදු කිය-කියා පියාඹනවා.”
ඉබ්බා එහෙම කියනකොටම මාළු
රංචුව හිනා වෙන්න පටන් ගත්තා.
“...පියාඹනව
නෙවෙයි මෝඩයෝ... කුරුල්ලෝ පීනනවා කියලා කියපං!” මාළු රංචුවම ඉබ්බාට කිව්වා.
The Epic Adventures සීරීස්
එකේ ටාර්සන් චරිතය රඟපෑ ජෝ ලාරා 2021 මැයි මාසාවසානයේ ජීවිත ගමන අවසාන කළා; තවත්
හත් දෙනෙකු සමඟින්. ඔවුන් ගමන් ගත් පුද්ගලික ජෙට් යානය කඩා වැටීම නිසා. |
එදා අපි හිටියේ කඩවත පැත්තේ පාසලක තිබුණු ‘නායකත්ව වැඩ සටහනක’ට සම්පත් දායකයන්
විදිහට සහභාගී වෙමින්. තරුණ
ජනගහණ කමිටුවේ වෙනත්
කථිකයෙකු එයාගේ දේශනය පවත්වන අතරෙයි, යාබද ශාලාවක ඉඳගෙන නෙවිල් මේ කතන්දරේ මට
කිව්වේ. කඳුළු පනින තරමට හිනාවෙලා මගේ දේශනය පටන් ගත්තේ....
ඒත් එදා අපේ වැඩ සටහන අතරමඟදී නවත්තන්නටයි අපට සිදු වුණේ....
ආදරණීය සිනමා නළු විජය කුමාරණතුංග ඝාතනය කෙරුණු නිසා.....
16. ටාර්සන්ගේ හොඬවැල
ඔය ළමයි දන්නවනෙ ටාසොන්ව. අර
හද්දා වනාන්තරේ ඉන්නේ. අලි- කොටි- වග වලස්සු ඔක්කොමලම ආංබාං කොරාන ඉන්නේ... ඔව්, ඔව්....
වැල්වල එල්ලිලා ගහෙන් ගහට යන්නෙ... උන්දා තමයි!
මක් කිව්වා? ටාසොන්
නෙවෙයි... කෙහෙම්මල. ටාසන් වුණාම මොකෝ, ටාසොන් වුණාම මොකෝ? මං
කියන්නෙ මට ඇහැක් විදියට.... මට ඕනෙ විදියට.
එහෙම එපා කෙනෙක් ඉන්නවා නං ඕං
යන එකයි ඇත්තෙ මේ හතර මායිමක නොඉඳ. කතන්දරේ අහගන්න කැමති අය ඉඳපල්ලා.... ඇයි
ළමයිනේ... යක්ෂ සේනාධිපතියා ඔළුවට ආරූඪ වෙන්නෙ නැද්ද මෙහෙම ගොන් පුරස්න අහනකොට.
මේ මාත් එක්ක එව්වා බෑ ඕං!
ඉතිං ඔන්න, ටාසොන්
ඔහොම කැලේට රජකම් කොරාන ඉන්නවා. දවසක්දා ටාසොන් රූස්ස වැල් තඩියක එල්ලිලා ගිහුං ඒක
අත ඇරලා තවත් වැලක් අල්ලා ගන්න පැන්නා. වැල නං අහු වුණා. ඒත් මක් කොරන්නද... ඒක
දිරච්ච එකක්.
ටාසොන්ට වෙච්චි අකරතැබ්බේ
ඇහුවා විතරයි, හොරිවිල
වෙද මහත්තයා හොඳටෝම කම්පා වුණා. |
ඇයි, අච්චර
උසක ඉඳලා ඊ ගහක් වගේ බිමටම දෙරි ගැහුවම ඔහොම නොවේවියැ?
කාගෙ වාසනාවකටද මංදා, ඔය
වෙලාවෙම ඒ අහළින් යන්න ආව වැද්දෙක් දැක්කා, ටාසොන්ට වෙලා තියෙන
වින්නැහිය. වැද්දා මක්කැයි කොළේ?
හනික ගිහුං හොරිවිල වෙද
මහත්තැංට සංගදිය කිව්වා....
හොරිවිල වෙද මහත්තයා වෙදෙක්
නෙවෙයි ඉරිසිංනාන්සේ කෙනෙක්. නොදන්නා වෙදකමක් නෑ. ටාසොනුත් උන්නැහේගේ ගජ
මිත්තරයෙක්නෙ!
ටාසොන්ට වෙච්චි අකරතැබ්බේ
ඇහුවා විතරයි, හොරිවිල
වෙද මහත්තයා හොඳටෝම කම්පා වුණා.
‘යමල්ලා, යමල්ලා...
හනික ගොහිං බලමු ටාසොන්ට මොකද වෙලා තියෙන්නෙ කියලා’ හොරිවිල
වෙද මහත්තයා වැද්දයි, හිතයිසීවන්ත
ගෝලයෝ තුන්-හතර දෙනෙකුයි එක්ක අර ගල් තලාවට ගියා.
අනේ! ඒ යනකොටත් ටාසොන්ගේ කෑලි
සී-සී-කඩ!
වෙද මහත්තයා මොකද කළේ, ගෝල-බාලයොත්
එක්ක එකතු වෙලා ටාසොන්ගේ ශරීර කූඩුවේ කෑලි-බෑලි ඔක්කොම එකතු කර ගත්තා. ඒවා ඔක්කොම
පොදි බැඳං ගෙනාවා වෙද ගෙදරට!
ඊට පස්සේ තමයි සුමේ පටන්
ගත්තේ....
ඊළඟට මමියක් හදද්දී වගේ,
ටාසොන්ගේ මුළු ඇඟම රෙදි පටිවලින් වෙළුවා. |
උන්නාන්සේ නොකා-නොබී-නිඳි
නැතිව එක සීරුවට මේ කෑලි ටික පුරුද්දගෙන පුරුද්දගෙන ගියා. දැන් ඔන්න වැඩේ කෙළවරකටම
ඇවිත්.... ඒත් බොලේ, ඕනෙම
කරන කෑල්ලක් නෑ!
මිසිං?
මේ උඹලගෙ ඉංගිරිස් මං දන්නෙ නෑ. ටාසොන්ගෙ එක කෑල්ලක් නෑ. හරි, නැත්තෙ
මොකක්ද දන්නවද? ටාසොන්ගෙ
පුරුෂ නිමිත්ත. ඒක නැතිව කොහොමද අපුච්චේ මුත්තරා කොරන්නෙ....
ඔන්න, එතකොටම
වෙද මහත්තයට දිවියක් ඥානය පහළ වුණා!
බොලව්, මේ
මනුස්සයට මුත්තරා කරන්න ක්‍රමයක් එපැයි පුරුෂයෙක් වගේ.... ඒ හින්දා හනික කැලේට
ගොහිල්ලා මෙතැනට හයි කොරන්න හොඳ විදිහේ සතෙකුගේ කොටහක් අරං වරෙල්ලා කියල හොරිවිල
වෙද මහත්තය කිව්වා. වැද්දයි,
අන්තේවාසිකයොයි හනික කැලේට දිව්වා.... හතර
අත හෙව්වට ම්හු.... මොකුත්ම හම්බ වුණේ නෑ.
හිස් අතින් ආපහු එනකොට මෙන්න
බොලේ, අලි
පැටියෙක් මැරිල ඉන්නවා!
වැද්දා මොකද කළේ, අලි
පැටියගේ හොඬවැල කපල අර ගත්තා. ඊට පස්සෙ වැද්දයි, අනිත්
කට්ටියයි පිම්මේ වෙද ගෙදරට දිව්වා.
වෙද මහත්තයට හරි සන්තෝසයි.
ටාසොන්ගෙ පුරුස නිමිත්ත වෙනුවට අලි පැටියගෙ හොඬවැල පිරිද්දුවා. ඊළඟට ටාසොන්ගේ මුළු
ඇඟම රෙදි පටිවලින් වෙළුවා. ඊටත් පහු ඒක බෙහෙත් ඔරුවක බෑව්වා....
ඊළඟට ඒ බේත් ඔරුවට මොකක්දෝ
බේත් තෙලක් පිරෙව්වා. ඊටත් පහු උන්දෑ පටන් ගත්තේ නැතැයි මතුරන්න... වරුවක්ම
මැතිරුවා.... තුන් වරුවයි ගියේ,
වෙද මහත්තයගෙ හපන්කම කොහොමද කියන්නෙ
ඕං.... ටාසොන්ට පණ ආවා!
ටාසොන් වෙද ගෙදරට ආවා, පැණි බේරෙන දඬුවැල් බෑවකුත්
අරං. |
කැලේට ගිහුං දෙතුන් දොහකට
පස්සේ ටාසොන් වෙද ගෙදරට ආවා. නිකම්ම අත් දෙක වන-වනාත් නෙවෙයි, පැණි
බේරෙන දඬුවැල් බෑවකුත් අරං. ඒක හොරිවිල වෙද මහත්තැන්ට පුදලා ටාසොන් පැත්තකින් හිට
ගත්තා.
වෙද මහත්තයටත් පුදුමයි, ටාසොන්
යන පාටක් නෑ..... ඔහෙ දැවටි-දැවටී ඉන්නවා!
කෙළෙහි ගුණේ පෙන්නන්න ඕනෙකමට
ටාසොන් එකෙල-මෙකෙල වෙවී ඉන්නවය කියලා හිතපු වෙද මහත්තයා “හා
හොඳයි ටාසොන්, ගෙහුං
ආව නං.” කියලා
කීවා.
එහෙම කිව්වට පස්සෙවත් ටාසොන්
නෙවෙයි හෙලවුණේ. ඔළුව කස-කසා ඔහෙ ඉන්නවා. ඉතිං ළමයිනේ, වෙද
මහත්තයට තේරුණා මොකක්ම හරි හුටපටයක් තමයි කියලා. උන්නැහේ බැරිම තැන ඇහුවා ‘මොකද
ටාසොන් ?’ කියලා.
ඔන්න එතකොටයි, ටාසොන්
වටපිට බලලා යන්තමට කට ඇරියේ. ඒත් තොල් හෙලවෙනවා විතරයි, ඒ
තරං හෙමින් කතා කළේ.
ඒ පාර වෙද මහත්තයා ටාසොන්ව ගේ
ඇතුළේ කාමරයකට එක්කාසු කරන් ගියා. ගිහුං කිව්වා, දැන්
කාටවත්ම ඇහෙන්නෙ නෑ. කියමු බලන්න මොකද්ද පුරස්නේ කියලා.
“වෙද
මහත්තයෝ, තමුන්නාන්සෙ
මැරිලා හිටපු මට පණ දුන්නනේ.....”
ටාසොන් කීවා.
“ඉතිං...” වෙද
මහත්තයා ඇහුවා.
ඒ යනකොට මේ හොඬවැල් කොටේ මොකද
කරන්නෙ... පරණ පුරුද්දට ළපටි දළු- කොළ අතු රිකිලි කඩල ගන්නවනේ... |
‘ඕකට
ලජ්ජා වෙන්න ඕනි නෑ ටාසොන්. අපිට පුරුස නිමිත්ත හොයා ගන්න බැරි වුණු හින්දා කරාපු
පොරතිකර්මේ තමයි ඔය.... ඕකෙන් පුළුවන් නොවැ මුත්තරා කොරන්න වුණත්.....’ වෙද
මහත්තයා කියපි.
ටාසොන් ඇඹරි-ඇඹරී ඔළුව
කැසුවා.
“ඇයි
මොකෝ?” වෙද
මහත්තයා සැරෙන් ඇහුවේ ටාසොන්ව කතා කරවන්න හිතාගෙන. ‘මොකුත්
ප්‍රශ්නයක් තියේ නං කටේ පිට්ටු වගේ නොඉඳ කියමුකෝ බලන්න.’ කියලාත්
වෙද මහත්තයා කිව්වා. ඒ පාර ටාසොන්ගෙ කට ඇරුණා.
“වෙද
මහත්තයෝ.... මම ඉතිං ගස් උඩින් නොව යන්නෙ....”
“ඔව්, ඔව්...
ඉතිං ඉතිං...”
‘ඒ
යනකොට මේ හොඬවැල් කොටේ මොකද කරන්නෙ... පරණ පුරුද්දට ළපටි දළු- කොළ අතු රිකිලි කඩල
ගන්නවනේ...’ කියල
ටාසොන් කිව්වා.
වෙද මහත්තයට ලොකු හිනාවක්
ගියා. ‘ඕක
ගණං ගන්න එපා ටාසොන්... ඔය හද්ද වනාන්තරේ ඕනෙ තරං අතු රිකිලි තියෙන්නෙ... ජන්මෙට
වැඩිය පුරුද්ද ලොකුයිලුනේ. ඔහෙ ඕනෙ තරමක් අතු රිකිලි කඩා ගත්තාවේ.’ එහෙමයි
වෙද මහත්තය කිව්වේ.
දැන් ටාසොන්ට ඇඬෙන්න තරං
දුකයි. මිනිහ ඔන්න අඬ-අඬාම වගේ කියනවා.
“ඒ
වුණාට වෙද මහත්තයෝ, අලි
ඇත්තු පුරුදු වෙලා ඉන්නේ හොඬවැලේ පටලවලා කඩා ගන්න අතු- ඉති- කොළ ජාති ඔක්කොම
එහෙම්ම මුකේ ගහ ගන්නනේ... මේ අසමජ්ජාති හොඬවැල් කොටේත් එහෙම කඩලා ගන්න තරං අතු
කෑලි, මුකේ
ළඟ නැති නිසා ගහනවනෙ මගේ අධෝමුඛේ.... ඒවා ඇනිලම දැන් ඒක තුවාලත් වෙලා!”
අදටත් හිනා වුණා ඇති නෙවැ ආයුබෝවන්ලා.....
++++++
ReplyDeleteටාසොන් කිව්වට කමක්නෑ. මොකද ටාසන් හෝ ටාර්සන් කිව්වත් ලංකාවෙ හදාගත්ත එකනෙ.
ටාසැන් = ටා(r)සැ(z)න් තමයි ඉතිං හරියටම කියන්න ඕනෙනම් .
අති ගෞරවාර්භ බැස්ටියංතුමා එක්ක කැනේඩියානු වචන ගැන කතා කිරීමේ හැන්ග්ඕවර් එක නිසාද කොහෙද මං ඒක කිව්වෙ.
Deleteකොහොමටත් මට පොඩි pedantic (දැන් ඒකෙ සිංහල වචනෙ ගැන සිතමින්) ගතියක් තියනව තියන වෙන ඔල්මොරොන්දං වලට අමතරව.
අබංක බස්සෙක් වෙලත්, බේරුමක් නැති හැටි? හුටා! pedantic සිංහල වචනෙ ගූගලුත් දන්නෙ නෑ. කෙසේ හෝ අප දන්නා වචන පරාසය පුළුල් කිරීම ගැන, මාගෙ කුරුතග්ඥ බාවය.
Deleteඅද නං comments කියවනවා මිස මං උත්තර නොදුන්නත් කාරී නෑ වගෙයි.
Deleteඒත් හැමෝටම ස්තුති කරන්නවත් ඕනිනෙ. pedantic වචනය නං හොයා බැලුවා. ගූගල් නොදන්නවා වුණාට මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තයාට ඒ වචනෙත් මඟහැරිලා නෑ. ඩික් එකේ තියෙන්නේ 'පණ්ඩිතමානී' කියලයි.
සිංහල භාෂාවට Z ශබ්දයට අකුරකුත් තිබ්බනම් වටිනවා..
Deleteමාත් එහෙම හිතනවා, මිතිල.
Delete
ReplyDeleteකතා ඔක්කොම රසවත්.
මේ කාලේ ලෝකය හැම තැනම ඔඩු දුවා තියන political correctness හින්දා බොහෝ රසවත් දේවල් වාරණය වෙනවා.
අර ලංකාවේ, ඉන්දියාවේ, පකිස්ථානෙ ඇමතිවරු තුන්දෙනාගේ කතාව මතක් උනා.
ඉන්දියානු, පකිස්ථානු දෙරටින් අපේ රටට සංචාරයකට ආපු ඇමතිවරු දෙදෙනෙක් සමග ලංකාවේ ඇමති කෙනෙක් හෝටලේ ඩ්‍රින්ක් එකක් දාන ගමන් තමන්ගේ කෙරුවාව විස්තර කරනවලු.
අයි පෑඩ් එකකින් වේල්ලක පින්තුරයක් පෙන්නපු ඉන්දියන් කාරයා, පේනවද, මේකෙන් මට 25% කොමිස් හම්බ උනා කිව්වලු.
ඉන්දියන් කාරයා මොබයිල් එක එලියට අරන් ගොඩනැගිල්ලක පින්තුරයක් පෙන්නලා, පේනවාද, මේකෙන් මම 50% කොමිස් ගැහුවා කිව්වාලු.
ලංකාවේ ඇමති, මේ දෙන්නාව හෝටල් කාමරේ ජනේලේ ලඟට එක්ක ගිහිල්ලා, "අර පාලම පේනවද??" කියලා අහව්වලු.
ඉන්දියන්කාරයත්, පකිස්ථානුවත් දෙන්නම එකවිටම කිව්වලු, "අපිට ගඟක් නම් පේනවා, ඒත් පාලමක් නම් පේන්නේ නැහැ" කියලා.
ඔව්, ඒකේ කොමිස් එක 100% .
ස්තුතියි සෑම් මහත්තයෝ, මේක යාන් එකක්- විහිළු කතාවක් නෙවෙයි නේද?
Deletehttps://jokes.fandom.com/wiki/Penis_transplanted_with_elephant_trunk
ReplyDeleteටිකක් වෙනස් එකක්
මේක දැක්කාම, මට සිද්දියක් මතක් වුනා. කාලෙකට ඉස්සර ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකදී, කොළඹ සුපිරි පන්තියේ නෝනෙකුට, අපේ හාදයෙක් "අම්මා මෝ" නැතුව බැන්නා. හැබැයි බැන්නෙ සුද්දගෙ බාසාවෙන්. ඇයි කියල ඇහුවම, මේකා මෙහෙම කිව්වා" ඉංගිරියෙන් ඕන කුනුහබ්බයක් කියන්න ඇහැකි. ඒකෙ පොඩි මෙව්වා එකක් තියනවා. දැන් බලපං, ඔය ටිකම හිංගලෙන් කිව්වා නං , ඔය මහගෙ කම්ප්ලේන් කරනවා" කියල.
DeletePra Jay මහත්තයෝ, link එකට ගියා. සමහර විට මේ කතාව දැකලා ටාර්සන් කතාව හැදුණා වෙන්නත් පුළුවනි. දිනයක් නැති නිසයි මොකුත් හිතාගන්න බැරි. ටාසන් කතාව මම ඇහුවේ 1988 දීනෙ.
Deleteබස්සා මහත්තයො, අපේ මොළ හෝදලා තියෙන විදිහ නිසාද මන්දා, ඉංගිරිසියෙන් කුණුහරුපයක් කිව්වත් උසස් විදිහටයි හිතෙන්නේ කියන එක මට අනුව වුණත් ඇත්තක්.
Deleteකාර් පිස්සියෝ තමා, මට නං නැගලම ගිය කතාව. කතාවෙ අග කොටසෙ, වැදගත් ප්‍රශ්ණයක් මතු කෙරෙනවා. මේක ටිකාක්, දැලි පිහියෙන් කිරි කන ජාතියෙ, සංවේදී මාතෘකාවක්. කියන්න බොහෝ දේ තියනවා, ඒත් මේ "රැබිට් හෝල්" එක දිගේ, යනවද නැත්ද? තව ටිකක් කමෙන්ට් බලලම, හිතල බලඤ්ඤං.
ReplyDeleteඅවාසනාවට සමාජයේ ආකල්ප/ සමාජ සම්මත(social norms) වෙනස් කරන එක ලේසි නෑ. වැරදි බව, දැණ දැණත්, අපි නොදැක්කා වගේ ඉන්න අවස්ථා බොහොමයක් තියනවා. කොටින්ම , මේ සංස්කෘතික පොලෝසියේ කතාවට, කිසිම කාන්තාවක් සහභාගි වෙන එකක් නෑ. එහෙම වුනොත්, සමාජයේ "වපර ඇසේ" බැල්ම වැටෙන බව දන්න නිසා. ඔය හේතුව නිසා, මම පෞද්ගලිකව කැමතියි "පරම්පරා කුට්ටම" වගේ තනුක වචනයක් පාවිච්චි කරන්න. ඇත්ත, කොලේ වහල ගැහිල්ලක් තමා, ඒත් මොකදෑ කරන්නෙ?
Deleteකොළඹ ගමරාළගෙ, වැඩිම දෙනෙක් බලාපු,"පොකුණු දිය බොර කල පට්ට වේ*******ගේ කථාවක්" ලිපියෙ අදටත් මා කම්පනයට පත් කල කතාවක් තියනවා:
හිටපු ප්‍රසිද්ධ දේසපාලුවෙක්, ගාමන්ට් වලට "කෝටා" ලබාදීමේ ගාස්තුව වශයෙන් "මනුස්ස පිදේනි"ගත්ත හැටි. "අවුරුදු දහහතක දහඅටක ඉතා පියකරු යුවතියකි. ඔහු කීවේ "ඇයට ලිෆ්ට් එකක්" දෙන බවකි. නමුත් කලාපයේ සිට කොළඹ පැමිණි පසු ඔහු තරු 5 හෝටලයක් ළඟ රිය නැවැත්වීමට අණ දුනි. රියදුරුට මා පෙන්වා "මේ මහත්තයාගේ ගේ ගාවින් බස්සන්න " යයි පවසා, පියකරු යුවතියව පැජරෝවෙන් බස්සවා ගත්තේය. ඇය මදෙස බැලූ බියමුසු විලාසයත් ඇගේ අතේ ඇඟිලි වෙව්ලු ආකාරයත් පැහැදිලිව දුටිමි. ඉන් පසු එන ගමනේදී ජීප් රථයේ සිටි ඔහුගේ ආරක්ෂකයන් සමග කතාවට වැටුනෙමි. "මහත්තයාට ගාමන්ට් පැත්තේ ගියාම ඒවල ලොක්කෝ හොඳට සලකනවා, අලුතෙන් හොඳ කෑල්ලක් ආවොත් මහත්තයට එන්නත් කියනවා.""
දැන් මේ නසරාණියාගේ අවමගුලට, ගරුතර සංග "රත්නෙ" වැඩලා ගුණ කථනයක් කරන්නත් ඇති. "බජාර් එකේ ලලක්කා, කාගෙත් වතගොත රැක්කා". ඒත් මසාජ් පාලර් වලින් අල්ලන "සත්තු" දක්කං යන්නෙ පෙරහැරේ. බට්ටිලාට, සාලාමිල බිම දාගෙන නෙලන්නෙ, දනෝ දහක් ඉන්න මහපාරෙ.ඩුබායි ඉඳන්, කුඩු, කේජී එන්නෙ හොණ්ඩර වලින්. ආවුද පෙන්නවව්වන ක්‍රමවේදෙන් මේ ප්‍රශ්ණ විසදෙනවද? ලෙඩක, බේත් කරන්න, "මුල" හොයාගන්න ඕනෙ. ලිංගික ශ්‍රමිකයන්ට අයිතිවාසිකම් දෙන්න ඕනෙ, ගංජා පාලනයක් ඇතුව නීතිගත් කරන්න ඕනෙ කිව්වොත්, ඒවි සිවුර කරේ තියාගෙන.
වෙන එකක් ඕනෙ නෑ, හැමදාම ආයුධයක්(කඩ්ඩ) විදිහට පාවිච්චි වෙච්ච ඉංග්‍රීසි උගන්නන්න හදන කොට "සිංහල ජාතිය වඳකරන්නද හදන්නෙ" අහනවා. බාගදා දේශපාලනයෙ පාවිච්චි වෙන්නෙ "හිඟන්නාගේ තුවාලය" න්‍යාය වෙන්ටෑ?
මේකට පිලිතුරක් නොලිව්වාට කමක් නෑ. රටින් පිට ඉඳන් මට මේවා කියන්න ලේසියි, මට තේරෙනවා.
පිටරට ඉන්න බස්සන්ට ලොකු ඇස් ගෙඩි දෙකක් තියෙන හින්දා මේව්වා පේනවා එත් ලිංපතුලේ දියබුං ගහන ලිං ගෙම්බන්ට පැහැදිලි කොරන්න අමාරුයි. උන් තේරුම් ගන්නේත් නෑ.
Deleteලෝර්ඩ් බැස්ටියං ඉතිං විහිලුවක් කලත් ඒකෙ ගැඹුරු කෑල්ලක් තියනවා. ඒවා වැඩිය හෙව්වොත් උංවහන්සේ ආදා මාර්ගඵලයට එලඹිලා ලිස්සන එක වෙනම දෙයක්.
Deleteමේකනං ෆුල් සීරියස්ම ලියපු එකක්නෙ.ලංකාවෙ සමහර ප්‍රොෆෙසර්ස්ලා හා පාස් / ක්ලාස් ගෑණු ලමයින්ට දෙන ක්‍රමවේදය බැස්ටියංතුමා අහලා තියනවද?
කලම්බු ගම්තුමා එකපාරක් ලිව්වා මගෙ හිතේ.
වෙන රටවලත් ඒවා වෙනවා. ඒත් ඉදල හිටල අහුවෙනවා, පබ්ලික් වෙනවා, කෙලවෙනවා.
මෙහෙ නෑ එහෙම. ගොසිප් විතරයි.
(පාස් හා ක්ලාස් ගන්න කැමැත්තෙන් ඒ ජාතියෙ පේමන්ට් කරන අයත් ඉදහිට ඉන්නවා. ඒත් ඉල්ලන/ ඩිමාන්ඩ් කරන අවස්ථා වැඩියි මං හිතන්නෙ මෙහෙ )
https://www.charlestonchronicle.net/2019/10/08/profs-caught-seeking-sexual-favors-in-undercover-sting-at-top-african-schools/
https://www.washingtonpost.com/archive/opinions/1981/09/06/when-professors-swap-good-grades-for-sex/dae0ace9-58e0-4dc8-bdf2-a271c1245d9a/
සංගරත්නෙ ඒගොල්ලන්ගෙ ගුණ ගායනාව පුදුමයක් නෙමෙයිනෙ පංසල්වල වෙන දේවල් එක්ක.
චර්ච්වලත් වෙනවා. ඒත් සෑහෙන්න අහුවෙනවා, හිරේ යනවා, ලොක්කො පබ්ලික් සමාව ඉල්ලනවා.
https://www.bbc.com/news/av/world-europe-21414368
https://www.rnz.co.nz/news/national/439211/catholic-church-formally-apologises-to-survivors-of-abuse
'සංස්කෘතික පොලෝසිය' ගැන සඳහන් කරලා, හැමෝටම රහසක් නොවෙන දෙයක් ගැන කමෙන්ට් කලේ ඇයි කියලා තේරුනේ නැහැ.
Delete'ඇය මදෙස බැලූ බියමුසු විලාසයත් ඇගේ අතේ ඇඟිලි වෙව්ලු ආකාරයත් පැහැදිලිව දුටිමි': ඔව් ඒක දැකපු එක හා කම්පනයට පත්වීම හොඳයි. හැබැයි ඊටත් වඩා හොඳ නැද්ද 'ඇමතිතුමා (හෝ මොකා හෝ) ඔහොම කරන එක හොඳද' කියලා නිකමට හරි ඇහුවනම්. එතනම වෙඩි තියලා දායි නැත්නම් පැහැරගෙන යයි worst case scenario එකේදි. නමුත් තමන්ට පුලුවන් තැන, පුලුවන් විදිහට විරුද්ධත්වයත් පෙන්නන එක හොඳ නැද්ද ඔය වගේ දේ ගැන ලස්සන කතා ලියමින් ෆිල්ම්ස් හදලා පෙන්නමින් ඒ දේම institutionalize කරනවට වඩා. අර නිමල්ගෙ අනිත් සීරීස් එකේ කතා කරන සමාජයම depressවීමේ හා නිවට විමේ ප්‍රතිඵල නෙවෙයිද ඔය.
මම දැන් කියන්න යන දේ නම් සංස්කෘතික පොලීසියෙන් බැනුම් අහලා, නිදීත් අපහසුතාවයට පත් කරන එකක් වෙන්න පුලුවන්. ඒ විහිලු කතාවෙ අන්තිම කොටසෙදි මට හිතුනෙ ලිංගික ක්රියාවලිය කාන්තා පාර්ශ්වය විසින් initiate කිරීම හෝ lead කිරීම සමහර පිරිමින්ට (විශේශයෙන්ම පුරුශ මූලික සමාජයේ) සෑහෙන අපහසුතාවයක් ඇති කරන දෙයක් කියලා. enjoy කරන්න ඕනෙ පිරිමියා විතරයි වගේ දෙයක්නෙ ඒකෙන් කියන්නෙ. මදැයි යාන්ස් එකක් ගිය දුර.
කවුරුවත්(විශේෂයෙන්ම Mr. නොවන) පිලිතුරු ලියයි කියල හිතුවෙ නෑ. අසංග,ප්‍රාජේ සහ Lotus ස්තූතියි.
Deleteදිසාපාමොක් ගුරුපුද ක්‍රමවේදෙ ගැන ඉස්සෙල්ලාම ලිව්වෙ, "සාමාන්‍යයෙන් නොකියන කතා" ලියපු ටැබූ. ඒ ගැන කිව්වාම, වරක් ස්ත්‍රී මූලික උපාදිධාරිනියක් "අපේ පොතේ, එහෙම නැතේ" කිව්වා. ඔව්, ඉතිං වැස්සකටවත් කැම්පස් නොගිය පක්සියා, තටු අකුලාන බෙනේට ලිස්සුවා.
Denial කියන එක ප්‍රශ්ණයේ කොටස්කරුවෙක් වෙන්න ඇහැකි. ඒත් initiate කිරීම ගැන, පුරුශ මූලික සමාජයේ ආකල්පය නියෝජනය කරන්න මට නොහැකි වුනත්, පරම්පරා කුට්ටමෙන් "හෝන්"ගැහිල්ල නං "පණ"යන වැඩක් බව,ටක්කෙටම කිව්වෑකි.
Lotus කියන දේ යම් ඇත්තක් තියනවා, ඒත්, "ඔහොම හොඳද" ක්‍රමවේදෙට වඩා මාත් කැමති ලිස්සල යන්නයි. පස්සෙ ඒ ගැන කතා කලත්,වෙඩි කාල නොදන්න වීරයෙක් වෙනව වඩා ප්‍රයෝජනවත් කියලයි මට හිතෙන්නෙ.
බරසාර කමෙන්ටු කියවගෙන යද්දී හිතට ආව දේවල් ටිකක් එකතු කරන්නම්, අදාළ නැති වගේ පෙනුණත්.
Delete1. ගුණදාස ලියනගේ මහත්තයාගේ 'දෝන කමලාවතී' පොතේ කියවෙනවා, ලිංගික අල්ලස්වල බල මහිමය ගැන, එක යුගයක්.
2.කාන්තාවක් ලිංගික කරුණු ගැන කතා කළත් රවා බලන රටේ, sex partnersලට කවුන්සිලේට යන්නත් වරදාන දුන්නාය කියන දේවල් අමතකද?
3. (මේකෙදී නං මං වැරදි වෙන්නත් පුළුවන්.) ස්ත්‍රී පුරුෂ සම්භෝගයෙදී පිරිමියා ඉහළින් සිටින (මිෂනරි පොෂිෂන්) වඩාත් ප්‍රචලිත ඇයි? එතැනත් පුරුෂාධිපත්‍යය ඉස්මතු වෙනවාද?
4. බස්සා මහත්තයෝ, පරම්පරා කුට්ටම වගේ දේවල් කියද්දී සිංහල පද පෙරලිත් මතක් වුණා. වජු බිල්ල, කජ්ජ බිසනවා, ලැජ්ජ බිම තියනවා.... වගේ.
'නරක පොතකින් තවත් එකක් ගත්තේ ඇයි?’: ඒ අපේ ජාතික සිරිත නෙවෙයිද. බැන බැන ඒකම කරන එක. එකම හොරු ටික ජනතා සේවකයින් විදිහට පත් කරගෙන අවුරුදු පහෙන් පහට රැවටෙන එක. එකම දේ එකම විදිහට නැවත නැවත කරමින් වින්දිතයින් විදිහට හඬා වැලපෙන එක.
ReplyDelete'ආඳා මාළු අතින් නොකන්- ඉරටෙන් කන්' කියන එක අපේ ලේ වලටම කවලම් වෙලා වගෙයි නේද Lotus?
Deleteඅනෙක ප්‍රභාකරන් කියපු දේ. "ලංකාවේ මිනිස්සුන්ට ඕනිම දෙයක් මතක හිටින්නේ සති දෙකක් විතරයි."
අර වාහන පිස්සුව වගේ තව කතාවක්...
ReplyDeleteගෑල්ලමයි තුං දෙනෙක් උන්නා, අම්ම විතරයි උන්නෙ, තාත්ත මැරිලා. ඒ තුං දෙනාම එක දවසෙ කසාද බැන්දා. බැඳලා හනිමූන් ගියෙ විවිධ රටවලට.
යද්දි, අම්මා ළමයි තුන් දෙනාට කිව්වා, හනිමූන් එකේ වග විස්තර ඉතාම කෙටියෙන් ලියල එවන්න කියලා...
ඕං ඉතිං ගියදාට පහුවදාට පහුවදා, අම්මට ඕවසීස් ටෙලිග්‍රෑම් එකක් ආව, පැරිසියෙන්. ලොකු දුව එවල තිබුණෙ. “කිට් කැට්“ කියලා.
අම්ම ඒක බලලා, මේ මොකද්ද කියල හතමින් ටීවී එක දැම්මා. ඒකෙ ටිකකිං ඇඩ් එකක් ගියා “කිට් කැට් - එක්ස්ට්‍ර ලාජ්, කිං සයිස්“ කියල. ඉතිං අම්මට හරි සතුටුයි.
තව දවස් දෙකකිං විතර ආව නාපෝලි ගියපු දෙවෙනි දුවගෙන් ලියුමක්, එයා මේල් එකේ... ඒකෙ තිබුණෙ “නෙස් කැෆේ“ කියල. අම්ම ඒක ගැන හෙව්වා ටීවී එකේ, හම්බුණේ නෑ. පස්සෙ සඟරාවක නෙස් කැෆේ ඇඩ් එකක් තිබිලා දැක්කා. ඒකෙ තිබුණා “එව්රි ඩ්‍රොප් ඉස් ප්‍රෙෂස්“ කියල.
තුන් වෙනි දුවගෙන් කිසිම තොරතුරක් නැතුව මාසෙයක් විතර ගියා. එක දවසක් එයා මේල් ලියුමක් ආව. ඒකෙ පැල්ලං ගැහුණු කොලේක, වෙවුලන අත් අකුරින් ලියල තිබුණා, “ට්‍රාන්ස් ඇෆ්රිකන් එයාවේස්“ කියලා.
අම්මා ඩග්ගාල බැලුවා ගුවන් සේවාවල ඇඩ් තියෙන පත්තර පිටුව. ඒකෙ තියෙනව, ට්‍රාන්ස් ඇෆ්රිකන් එයාවේස් යටතේ:
“සික්ස් ටයිම්ස් අ ඩේ,
සෙවන් ඩේස් අ වීක්,
බෝත් වේස්“
කියල.
අ්මමට හීල්ලුනා...
තව කතාවක් තියෙනව ඔය වගේ. දවල්ට කාල ඇවිත් ලියන්නං.
බාල දුව ගියෙ ඇම්ස්ටඩෑම්...
Deleteඅහල තියෙනව වුනත්, ගජබින්නාලංකාර නිර්මාතෘ ලියන විදිහට හිනාවෙලා හක්ක පැන්නා😂
Deleteඕක කට්ටියක් ඉස්සරහ කියද්දි, බෝත් වේස් කියන එක අතිං කරලත් පෙන්නන්න ඕනෙ.
Deleteහරි. කාල ආව. ඕං දෙවෙනි සමාන කතාව...
ReplyDeleteඔබ වගේම දුවල තුන්දෙනෙක් එකම දවසෙ බැඳලා, එකම හෝටලේ හනිමූන් ගියා. පහුවදා උදේ තේ මේසෙදි, කෙල්ලන්ට ඕනෙ උනා, කලින්දා රෑ කොහොමද කියල අනික් අයට පෙන්නන්න...
ඉතිං ලොකු දුව ගත්ත පාං පෙත්තක්. බටර් ටිකක් ගත්ත පිහියට. අරගෙන තුන් හතර පාරක් වේගෙන් ගාගෙන ගාගෙන ගියා. ඊට පස්සෙ හෙමි හෙමිහිට ඉතුරු බටර් ටික ගෑව.
දෙවෙනි දුව ගත්ත පාං පෙත්තක්. බටර් ටිකක් ගත්ත, අරං හයියෙන් ගාගෙන ගාගෙන ගියා පාං පෙත්ත බටර්වලින් පෙඟෙණකම්ම...
පොඩිම දුවට හිනා... එයා ගත්ත පාං පෙත්තක්. බටර් ටිකක් පිහියට අරං, වේගෙන් ගාගෙන ගාගෙන ගියා. ඊට පස්සෙ පිහියට ජෑම් අරං, පාං පෙත්ත අනික්පැත්ත හරවලා, කලිං වගේම වේගෙන් ගාගෙන ගාගෙන ගියා. ඊට පස්සෙ ගත්ත කෙහෙල් ගෙඩියක්. උඩින් ලෙල්ල ඇරලා කටේ ඔබා ගත්තා...
ඩ්‍රැකියා කියන්නෙ යාන්ස් ඉස්ටෝරුවක්. අම්මපා ජාතික වස්තුවක් විදිහට, ලේ දන් දීලා හරි සුරකින්න වටිනවා.😂
Deleteඅම්මපා ඇත්ත බස්සා මහත්තයෝ!
Deleteඩ්රැකී උන්නැහේ... පොඩ්ඩක් විතර ඉරිසියාත් හිතුවට කමක් නැහැ නේද?
(හූ කියමින් හිනාවෙමි)
Deleteබකුස් සහ නිදි,
ඇත්තටම මට තියෙන්නෙ මතක ශක්තිය. ඔය කතා ඔක්කොම 95-98 කාලෙ මළගෙවල්වලදි අහපු කතා...