අකුරු මැකී නෑ

Sunday, August 29, 2021

හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස

දැන් එයාට වඩා සිය ගුණයක් හොඳ කෙල්ලෙක්ව.... 

ජනාපෙති නිවේදන කතන්දරේ කියලනෙ පහුගිය කොටස ඉවර කළේ. අද ඉස්සෙල්ලම කියවලා ඉඳිමු පොතේ කතන්දරයක් දෙකක්!

88. අත ඇරීම

“තමුසෙ ඒ කෙල්ල කියපු නිසා බොන එක අත ඇරියා?”

“ඔව්!”

“සිගරැට් බොන එකත්...”

“ඔව් මචං ඔව්!”

“එච්චරද?”

“නෑ, නෑ... රේස් දැමිල්ල නැවැත්තුවා.... බූරුවා ගැහිල්ල අත ඇරියා. ඉඳහිටවත් ක්ලබ් යන පුරුද්දත් අත ඇරලම දැම්මා!”

“ඉතිං මිනිහෝ, ඔච්චර දේවල් ඒ කෙල්ල හින්දා කරපු උඹ, දැන් මොකද ඒකිව අත ඇරලා දාන්න යන්නේ?”

“එව්වා ඔක්කොම අතෑරලා හොඳ මිනිහෙක් වුණාට පස්සෙනේ බං මට තේරෙන්නෙ, දැන් එයාට වඩා සිය ගුණයක් හොඳ කෙල්ලෙක්ව මට ලේසියෙන් හොයා ගන්න පුළුවන් බව!”

89. අපායෙත් තරගයක්!

ගොඩාක් දේශපාලඥයෝ දැන් ඉන්නේ අපායේ!

පණ පිටින්ම වුණත් එහෙමයි. කොයි වෙලාවේ වෙඩි පාරක් කන්න වෙයිද, කොයි මොහොතේ බෝම්බයක් වදියිද, තව කොච්චර දවසක් බලයේ ඉන්න හම්බ වෙයිද කිය-කියා හිතිං විඳවන එකත් පොඩි පහේ කරුමයක්ද?
අනේ, ඒ උත්තමයෝ රටට කිරි උතුරවලා- සෞභාග්‍යය උදා කරලා දීලා- හුදී ජන අපව පණ පිටින්ම දිව්‍ය ලෝකෙට යවන්න විඳින දුකක්.... පව් අප්පා!

මිනිස්සුන්ට ‘හිසට සෙවණ- හිතට නිවන’ හදල දීපු තරමට.... (A.G.G.S. අමරසේකර මහතාගේ සිත්තමකි)

ඉතිං, ඔය කතා පැත්තකින් තියලා අපේ කතාවට එමුකො!

මේ දේශපාලඥයෝ ඔක්කොම දැන් මිය-පරලොව ගිහින්.... සොබාවික විදිහට; වෙඩි කාලා; බෝම්බවලට අහු වෙලා.... ඔය කොහොම වුණත් ඉතිං දැන් එකම පන්තියේ, එකම අපායේ විඳවනවා.

ඔහොම ඉන්න අතරේ දවසක, අපායේ කරන්ට් ගිහිල්ලා කට්ටියටම ‘පුංචි විරාමයක්’ හම්බ වුණා. මෙයාල කට්ටිය දැන් බරටම කතාව.

“මෙහෙ ක්‍රමයේ ලොකු වරදක් තියෙනවා... මේ ක්‍රමය වෙනස් කොරන එක තමයි හොඳ.” ජයවෝඩන උන්නැහේ කිව්වා.

“ඒක නේන්නං, මං මිනිස්සුන්ට ‘හිසට සෙවණ- හිතට නිවන’ හදල දීපු තරමට මං ඉන්න ඕනි තව්තිසාවෙනේ...” ප්‍රේමදාස උන්නැහේත් එකඟත්වය පළ කළා.

“මටත් වෙලා තියෙන්නේ ඕකම තමයි! මහපොළෙන් විතරක් මම කී දාහක් ළමයින්ට ඉගෙන ගන්න උදව් කළාද?” ඒ ඇතුලත්මුදලි උන්නැහේ.

“බලාගෙන ගියාම අපි ඔක්කොම එකම බෝට්ටුවේ. අවුරුදු තිහෙන් කරන්න ගිය වැඩේ හයෙන් කරපු මාත් මෙහෙට්ටම එවුණේ ඔය සිස්ටම් එකේ අප්සට් එක නිසාම තමයි!”
දිසානායක උන්නැහෙත් කිව්වා.

“ඔව්, ඔව්... අපි මෙහෙම නිකම්ම ඉඳලා හරි යන්නේ නෑ. ගිහින් යම රජතුමාට කියලා සාධාරණයක් කරවා ගන්න බලමු.” එක්කෙනෙක් කිව්වා.
ඒ යෝජනාව ඒකච්ඡන්දයෙන්ම සභා සම්මත වුණා.

මෙහෙ තියෙන්නේ මගේ නීතිය! හැබැයි, මම සාධාරණව, අපක්ෂපාතව...

හතර දෙනාම ගියා යම රජ්ජුරුවො ළඟට. වෙලා තියෙන අසාධාරණය ගැන අඬලා- දොඩලා යම රජතුමාට පැමිණිලි කළා.

“මෙහෙ නැද්ද අභියාචනාධිකරණයක්වත් අපිට පැමිණිලි කරන්න?” එක්කෙනෙක් යම රජතුමාගෙන් එහෙමත් ඇහුවා.

“මනුස්ස ලෝකේ තියෙන ඔක්කොම කුණු කන්දල් මෙහෙත් තියෙනවයි කියලද හිතන්නේ? මෙහෙ තියෙන්නේ මගේ නීතිය! හැබැයි, මම සාධාරණව, අපක්ෂපාතව මගේ රාජකාරිය ඉෂ්ට කරනවා.” යම රජ්ජුරුවෝ ගෝරනාඩු කළා.
“හොඳයි, තමුන්ලා කරපු පැමිණිල්ල ගැන සලකා බලලා, මම කැමතියි යුෂ්මතාලගෙන් කෙනෙකුට පුංචි සහනයක් දෙන්න.... එකඟයිද?”

හතර දෙනාම කැමති වුණා!

“මම දැන් යුෂ්මතාලට වරයක් දෙනවා, එක විනාඩි පහකට මනුස්ස ලෝකෙට ගිහින්- මේ තාක් කල් මම කාලා නැති පලතුරක් අරං එන්න. එහෙම අරං එන කෙනාටයි විශේෂ වරප්‍රසාදය හම්බ වෙන්නේ.” යම රජතුමා එහෙම කියලා ඉවර වෙන්නත් කලින් එක්කෙනෙක් පලතුරු ගේන්න දුවලත් ඉවරයි. අනිත් තුන් දෙනා එතැනමයි.

“... එක කොන්දේසියකුත් තියෙනවා... යුෂ්මතාලා මගේ තීන්දුව අසාධාරණයි කියල හිතලනේ මෙහෙම පැමිණිලි කරන්න ආවේ. ඒ නිසා අර වගේ පලතුරක් ගෙනෙන්න බැරි වුණොත් ඒකට අමතර දඬුවමකුත් විඳින්න වෙයි! හ්ම්... දැන් යන්න පුළුවන්...”

යම රජතුමා එහෙම කිව්වට පස්සේ, ඔන්න අනිත් තුන් දෙනාත් දිව්වා පලතුරු හොයන්න.

විනාඩි පහ ගෙවුණා!

යුෂ්මතාලට මම කිව්වනේ මගේ සාධාරණකම ගැන.

හතර දෙනාම ආපහු ඇවිත්. මෙහෙදී වගේම තමයි, එහෙදිත් කොච්චර උඩින් මිතුරු වුණත් යටින් කතුරු තමා. හතර දෙනාම තම-තමුන් ගෙනාපු පලතුරු අනිත් අයට නොපෙනෙන්න පිටිපස්සට කර ගෙනයි හිටියේ.

“කෝ බලන්න ගෙනාව දේවල්.” යම රජතුමා කිව්වා.

එක්කෙනෙක් ඉස්සරහට ආවා.

“ටිකක් ඉන්නවා....
යුෂ්මතාලට මම කිව්වනේ මගේ සාධාරණකම ගැන. මේ තිරයෙන් එහා පැත්තේ ලොකු මේසයක් උඩ මම අනුභව කරලා තියෙන ඔක්කොම පලතුරු වර්ග තියල තියෙනවා. තමුන් ගෙනාව දේවල් මට පෙන්වන්න කලින් ගිහින් බලනවා, එතැන තියෙන දේවල් දිහාත්!” යම රජතුමා කිව්වා.

පළමුවෙනියා ගිහින් මේසෙ උඩ තියෙන දේවල් දිහා බලලා ආපහු ආවේ මූණ එල්ලගෙන.

“දැක්කද?”

“එහෙමයි! ඔබතුමාට උගුරැස්ස හම්බ වෙලා තිබිලනෙ!” උගුරැස්ස ගෙනත් තිබුණු පළමුවෙනියා කිව්වා. කියලා පැත්තකට වුණා.
එයා දෝත පුරා උගුරැස්ස ගෙඩියි ගෙනත් තිබුණේ.

ඊළඟට දෙවෙනියා. එයාත් පරාදයි. එයා ගෙනත් තිබුණේ ඇඹරැල්ල ගෙඩි හත අටක්.

තව දෙන්නෙක් ඉතිරියි. දෙන්නම පැකිළෙනවා.

මොකද උඹලා හිනා වෙන්නේ?

“කවුද ඊළඟට ඉදිරිපත් වෙන්නේ?” යම රජ්ජුරුවෝ ඇහුවා. කලින්ම දුවලා ගිය එක්කෙනා මතකයිනෙ, එතකොට එයා අනිත් එක්කෙනාව ඉස්සරහට තල්ලු කළා. මොනවා කරන්නද, මිනිහත් ගිහින් මේසෙ දිහාව බැලුවා.

“අනේ, ඔබතුමා නේත්‍රප්පලම් කෙසෙල් ගෙඩිත් කාලා තියෙනවා වගෙනෙ...” කියාගෙනයි එයා කෙසෙල් ඇවරියත් අරං පසුබැස්සේ.

ඒත් එයා ඊට කලින් යම රජතුමාගෙන් ප්‍රශ්නයකුත් ඇහුවා.

“සමා වෙන්න යම රජතුමනි. ඔබතුමා කිව්වනේ මෙතෙක් ඔබතුමා අනුභව කරලා නැති පලතුරක් ගේන්න බැරි වුණොත් අපිට ඒකටත් දඬුවමක් දෙනවා කියලා....”

“ඔව්, ඔව්! ඒ දඬුවම ගැනද දැන ගන්න ඕනේ? මගේ යමපල්ලෝ ඔය උඹලා ගෙනාව පලතුරු තම-තමුන්ටම කවාවි.. හැබැයි, මුඛයෙන් නෙවෙයි- අධෝ මුඛයෙන්!”

යම රජතුමා එහෙම කිව්වා විතරයි, මුල් තුන් දෙනාම පෙරළි-පෙරළී හිනා වෙන්න පටන් ගත්තා. දැන් යම රජතුමාට ෆුල් හොල්මන්...
ඉතිරි එක්කෙනාටත් එහෙමයි.

“මොකද උඹලා හිනා වෙන්නේ?”

“අනේ රජතුමනි! අරයා.... අරයා ඔබතුමාටවත් නොපෙන්නා හංගගෙන හිටියට අපිට පෙනුණා, එයා ගෙනාව ජාතිය. දූරියන්! ඔබතුමාගේ මේසේ උඩත් ඒවා තියෙනවා!”

එතකොටයි යම රජතුමාටත් එයාලගේ හිනාවෙ තේරුම වැටහුණේ!

(කතාව නං ඉවරයි. වැරදීමකින් එහෙම නෙවෙයි, මේ හතර දෙනාගේ නම් ටික පස්සෙන් පහු නොකියා හිටියේ.)

එහෙම වෙලාවට හැබෑ ජීවන අත්දැකීම් ගැනත් එළියට එනවා.

‘කුණු අඹ දෙකේ කතාව’ ඔයාලට කියවන්න හම්බ වුණාද? කියවපු අයට වුණත් ආයෙම කියවන්න වටිනවා. මේ කතාව හම්බ වුණේ fb එකේ, සංසරණය වෙමින් තියෙද්දී.

‘ඔන්න පොරක් ඉන්නවලු කුණු වෙච්ච අඹ ගෙඩි දෙකක් අතේ තියාගෙන. එකකින් චුට්ටක් කනවලු. ‘අයියෝ ඒක කුණු වෙලා’ කියනවලු.
ඊට පස්සේ අනිත් එකින් චුට්ටක් කනවලු. ‘අම්මෝ, ඒකත් කුණු වෙලා’ කියනවලු.
ඊට පස්සෙ ආයෙත් පළවෙනි එකෙන් චුට්ටක් කනවලු.

මූ මෙහෙම නහයෙන් අඬ-අඬා මාරුවෙන් මාරුවට කුණු අඹ කන හැටි මිනිහගෙ යාළුවෙක් දැක්කලු. ඒ වැඩේ දිගටම කෙරෙනවා බලාගෙන ඉන්න බැරිම තැන යාළුවා ඇහුවලු මෙහෙම:
“ඇයි මචං, උඹ ඔය කුණු අඹම කන්නේ? ඔව්වා වීසි කරලා වෙන අඹ ගෙඩියක් ගනින්කෝ..”

“එහෙම ගන්න අඹ ගැන විශ්වාස නැහැනෙ මචං... මොනා කරන්නද. කන්න වෙන දේකුත් නැහැනෙ මචං.”

යාළුවා ලොකු හිනාවක් දාලා පාරේ අයිනකට අත දික් කරාලු, මෙහෙම කියන ගමන්. “ඇයි මචං, අලුත් අඹයක් ගැන විශ්වාසෙකුත්  නැත්තං, මේ බලු බෙටි තියෙන්නේ... ඒවා හරි එක පාරක් කාලා බලපංකො හොඳද කියලා!”

මේ ළඟ දවසක, හීනි මධු සාදයකදී කතාවක් ඇති වුණා අපේ හිතවතුන් තුන්-හතර දෙනෙක් අතරේ. දන්නවනේ, එහෙම වෙලාවට හැබෑ ජීවන අත්දැකීම් ගැනත් එළියට එනවා. ඒ සාකච්ඡා සභාවට එකතු වෙලා හිටිය මිත්තරයෙක්ට ඉන්නවා අවුරුදු තුනක පුතෙක්. මිත්‍රයාගේ බිරිය නැවත ගැබ් ගෙනයි ඉන්නේ.
“පුතාව දැන්මම රෙඩි කරලා තියන්න ඕනි නිසා, අපි පුතාට කිව්වා -තව ටික දවසකින් අම්මා ඔයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේනවා, දැන් අම්මගෙ බඩේ ඉන්නෙ එයා තමයි!- කියල. පුතා ටිකක් කල්පනා කරලා ඇහුවනේ -අම්ම එයාව ගිලලද ඉන්නේ- කියලා.”

ඒක මඟ හරවන අදහසින් අර පුතේ ලස්සන සමනලයෝකියල.....

එවෙලේම මම එයාලට පෙන්නුවා, 1982 ජනවාරි 1 වෙනිදා ‘සිනා’ පත්තරේ තිබුණ මේ කතාව. මොකද, ඒ කතාව කියාපු මිතුරා ඉපදෙන්නත් ඉස්සෙල්ලයි- ‘බබෙක් ගැන කියවෙන’ මේ කතාව පළවී තියෙන්නේ.

‘කෙළින්ම වලේ

පුංචි එවුන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන එක තරම් අමාරු වැඩක් දෙමව්පියන්ට තවත් නැහැ. දවසක්දා එක පුංචි පුතෙක් අම්මාගෙන් අහනවා, ‘අම්මේ. ඉපදෙන්ඩ ඉස්සෙල්ලා බබා හිටියේ කොහෙද?’ කියලා.

“පුතා හිටියේ අම්මගේ බඩේනෙ.’ අම්මා වැඩි දුර නොහිතා පිළිතුරු දුන්නා.

“බඩේ?” පොඩි එකා පුදුම වෙලා ඇහුවා. “ඉතිං බබා බඩෙන් එළියට ආවේ කොතැනින්ද?” පොඩි එකා ඊළඟ ප්‍රශ්නෙත් ඇහුවා.

අම්මා උත්තර දීගන්ඩ බැරිව, ඒක මඟ හරවන අදහසින් ‘අර පුතේ ලස්සන සමනලයෝ’ කියල වත්ත පැත්තට අත දිගු කරලා කිව්වා. ‘සමනලයෝ ඕනෙ නැහැ අම්මේ! බබා  බඩෙන් එළියට ආවේ කොතැනින්ද කියන්ඩකෝ’ කියල පොඩි එකා කිව්වා.
දැන් අම්මට බේරෙන්ඩම බැහැ. කොලුවා ඒ ප්‍රශ්නයම අහනවා.

බැරිම තැන අම්මා, ගෙදර කැබිනට්ටුව උඩ තියලා තිබුණු නිරුවත් ගෑනු ප්‍රතිමාවකට ඇඟිල්ල දික් කරලා ‘මෙන්න මෙතැනින්’ කියල පොඩි එකාට තැන පෙන්නුවා.
පොඩි එකා ටික වෙලාවක් ඒ දිහා බලා ඉඳලා ‘මගෙ අම්මෝ. මම බේරුණු බේරිල්ලක තරම! තව ටිකක් පහළින් ආවා නං, එහෙනං මං කෙළින්ම කක්කා වළේ තමයි’ කියලා කිව්වා.’

82 විතර මේවාත් සැලකුණේ අසැබි කතන්දර කියලයි. ඒත් අද වෙද්දී ඒවා මොනවද කියලා හිතෙන තරම්! මේ දැන්වීම බලන්නකො. හද්දා පරණ එකක්. කෙනෙකුට මේවායේ කිසිම වැදගත්කමක් නොපෙනෙන්නත් පුළුවන්. ඒත් යුගයක සිතුම්-පැතුම්, ඇදහිලි-විශ්වාස, තැපැල් ගාස්තු වගේ කොච්චර දේවල් මේ එක දැන්වීමකින් හොයා ගත්තෑකිද?
මට නම් යුගයක මුද්‍රණ ශෛලිය ගැනත් මේ දැන්වීමෙන් තොරතුරු ටිකක් හෙළි වෙනවා.

මේ දැන්වීම බලන්නකො. හද්දා පරණ එකක්.

දැන්වීමේ අකුරු හා පෙළගැස්ම ආයෙමත්  (හැකිතාක් දුරට) ඒ විදිහටම හිටින්නට සකස් කරලා ඉදිරිපත් කරන්නේ Mobile ෆෝන්වලින් බ්ලොගය කියවන අයට පහසුවක් වෙන්නයි.

    මොකද පYය පණ නැද්ද?
              මෙන්න එහෙනම්

බොම්බායේ
හූනාගේ තෙල් මන්ද
තවත් වටිනා බෙහෙත් වර්ග සමග
සංයොග කර

   ලිංගික ආපදාවන් මැඩලීම සඳහා
   විශෙෂයෙන් සම්පාදිත

 ෂාහ්නා තෛලය

මෙය පාවිච්චි කිරීමෙන්
   සති තුණකදී ඔබේ සියලු ලිංගික ආපදාවන්
   අහෝසි වී, ඔබව සීදේවී බවට පත් කෙරේ.

  ඒ නිසා අදම මිළ දී ගන්න
  “ඒ මහේශාඛ්‍ය තෛලය”

     සති තුනකට සෑහෙන
     තෙල් කුප්පියක්   රු. 3-50 යි
     තැපෑලට ශත 50යි

මෙසේ ඉල්ලන්න:-
     මාෂල් ගුණවර්ධන
         “පෑන් තලය”
     74, බොරැල්ල හරස් පාර - කොළඹ 8.’

‘ඔබව සීදේවී බවට....’ යෙදුම විතරක් වුණත්, මට නං යාන් හෑල්ලක් තරමට රසවත්!

2007 ලියැවුණු මගේ ‘හිනා වෙන්න හිනා-1’ පොතේ කතන්දරත් අද ලියවෙනවා නම් වෙනස් විදිහකට ලියවෙයි කියල හිතෙනවා. ඒ වගෙමයි, සමහර කතන්දර ඉවත් කෙරිලා- අලුතින් කතන්දර එකතු වෙන්නත් ඉඩ තියෙනවා. කොහොමෙන් හරි කමක් නෑ, අතීතය ගැන විශ්ලේෂණය කරන අයට අනාගතයේ දවසක ප්‍රයෝජනවත් වෙන්නයි, මේවා මේ විදිහට හරි සංරක්ෂණයකුත් කරන්නේ.

නෝනා දන්නවනේ, මේ පාර කෙළවරේම තියෙන පුංචි ගෙදර ඉන්න වයසක මනුස්සයා....

ඔන්න ආයෙම පොතට.....

90. පරෝපකාරය

සමාජ සේවිකාවක් ලෙස පළාතේ ප්‍රසිද්ධව සිටින ඇයගේ නිවසෙහි දොරට තට්ටු කරන හඬක් ඇසිණි. ඇය වහාම පැමිණ දොර විවෘත කළාය. මඳ සිනහවක් පාමින් දොරකඩ සිටගෙන සිටියේ තරුණයෙකි.

“සුබ උදෑසනක් නෝනා. මං ඔබතුමියට කරදරයක් නං කරන්නේ, මට සමා වෙන්න.” තරුණයා කීවේය.

“නෑ, නෑ. මොකක්ද කෙරෙන්න ඕනෑ?” ඇය ඇසුවාය.

“නෝනා දන්නවනේ, මේ පාර කෙළවරේම තියෙන පුංචි ගෙදර ඉන්න වයසක මනුස්සයා.... අර පැන්ෂන් ගිය ලියන මහත්තයා..........”

“ඇයි, එයාට කරදරයක්ද?”

“තවම නං නෑ.... ඒත් ඒ මහත්තයට හෙට අනිද්දම පාරට බහින්නයි වෙන්නේ. එයා හය මාසයකින් ගෙවල් කුලී ගෙවලා නෑ. නෝනටත් පුළුවන්ද එයාට උදව්වක් කරන්න... ඔය ගෙවල් කුලී ගෙවල දාන්නවත්?”

“මට හරිම සන්තෝසයි, ඔයා වගේ මනුස්සකම් තියෙන; යුතු-අයුතුකම් දන්න කෙනෙක්ව දකින්න ලැබුණටත්. අද කාලේ අනුන්ගේ දුක දැකලා ලේසියෙන් කෙනෙකුගේ පපුව උණු වෙන්නෙ නෑ. ඔයා ඒ මහත්තයාගෙ නෑදෑයෙකුත් නෙවෙයිනේ...” කාන්තාව ඇසුවාය.

“අපොයි නෑ! මං නෑයෙක් නෙවෙයි, මමයි ඒ ගෙදර අයිතිකාරයා.”

91. පියාඹන පීරිසි

ඔහු සුප්‍රසිද්ධ ආකාශ වස්තු විශේෂඥයෙකි.
එහෙත් විවාහ වෙනතුරුම පියාඹන පීරිසි ගැන විශ්වාස නොකළේය!

ඔවුහු එක බිරියක් හා එක පෙම්වතියක් තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ...

92. අන්තිම ප්‍රශ්නය

“දැන් ඔන්න අවසාන ප්‍රශ්නය.

හොඳින් අහගන්න... ප්‍රශ්නය කියන්නෙත් එක වතාවයි. පිළිතුරු දිය හැක්කේත් එකම එක වතාවයි.
තත්ත්පර දහයක් ඇතුළත පිළිතුරු දිය යුතුයි. පැහැදිලිද?” ප්‍රශ්න විචාරකයා දැනුම-මිනුම තරගයට සහභාගිවූ තරගකරුවාට කීවේය.

‘ඔව්!” තරගකරුවා හිස වැනුවේය.

“හොඳයි... මෙන්න එහෙනම් ප්‍රශ්නය. හිමිදිරි උදෑසන පාන්දර ඔබට හිස් බඩට ආප්ප කීයක් කන්නට පුළුවන්ද?”

“හතර-පහක්...”

“වැරදියි... වැරදියි. උත්තරය වැරදියි.”

“ඒ මොකද ඒ?” තරගකරුවා නොරිස්සුමෙන් ඇසුවේය.

“පළමු ආප්පය කෑවාට පස්සේ ඔබේ බඩ හිස් බඩක් වෙන්නේ නෑ.”

වඩාත්ම ආදරය කරන්නේ තම මවටය!

ඔයාලා දන්නවද, ඊළඟ කොටසෙන් මේ ‘හිනා වෙන්න හිනා’ posts මාලාව ඉවර වෙනවා. ඒ කොටසට ඇති වෙන තරමට පොතේ කතන්දර ඉතිරි කරගන්න ඕනිනේ. එහෙමයි කියලා මේ පෝස්ටුව කොට කරන්නත් බැරි නිසා ඔන්න තව අලුත් කතාවකුත් ඔයාලට තිළිණ කරනවා.

‘මිනිස්සු තුන් වර්ගය

යුරෝපීයයෝ:
ඔවුහු එක බිරියක් හා එක පෙම්වතියක් තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ තම බිරිඳටය.

ඇමෙරිකානුවෝ:
ඔවුහු එක බිරියක් හා එක පෙම්වතියක් තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ තම පෙම්වතියටය.

ශ්‍රී ලාංකිකයෝ:
ඔවුහුද එක බිරියක් හා පෙම්වතියන් හතර දෙනෙකු තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ තම මවටය.

ඔය මදැයි, අදට. එහෙනම් ඊළඟ කොටසේදී හමුවෙමු.
බ්ලොගය කියවන ඔයාලට විතරක් නෙවෙයි සකල ලෝකවාසී සියලු සත්ත්වයන්ටම නිදුක්- නිරෝගී- සුව සතුට සපිරි කාලයකට ආසිරි!

50 comments:

  1. ඇමරිකාවට පොඩ්ඩක් උඩින් අය එතකොට අඹතලේ වගේද?

    ReplyDelete
    Replies
    1. හෑ, එතකොට කොළොම් තොටට ටිකක් හකලින් තියෙන්නෙ, උදලුතලේ ද? කිඹුලා ලකුණ තිබ්බ නං තමා හොඳම.

      මැණිකේ මගේ අතේ

      Delete
    2. අපි නිදි. මේක කෙටුවෙ හීනෙන් ඇවිදන් ඇවිත්. අකුරු පැටලුනාට ගණන් ගන්න එපා.

      Delete
    3. තරිචාත් කිව්වා අකුරු නෙමෙයි මොනව පැටලුනත් බස්සන ලිස්සං කියලා

      Delete
    4. ටැපලිලා වුණත් කාරී නෑ, හෙමිහිට ළිහා ගන්න බැරියැයි...

      අඹතලේ වගේ දේවල් හාරලා නාහන්නේ ඔව්වා කවුරුන් විසින් කා අරහයා කොහේදී පවසන ලදීද කියලා නොදන්නා නිසයි..

      Delete
    5. ඒවං මේ සුතං. ඒකං සමයං බස්සා. අඹතලේ විහරති ක්වාටස් පිණ්ඩිකස්ස ආරාමේ. අත කෝ අඤ්ඤතරා?

      Delete
    6. අතිපූජ්‍ය අඹතලේ ලිස්සනාබස්ස නාහිමි දැන් වැඩ ඉන්නෙ යුරෝපයෙත් නෙමෙයි, ඇමරිකාවෙත් නෙමෙයි, ලංකාවෙත් නෙමෙයි. හිටියත් ඔය සාමාන්‍ය කැටගරීස්වලට උන්නාන්සෙගෙ එර්දියෙන් ලිස්සීමේ ප්‍රාතිහාර්යය අයිති වෙන්නෙනෑ

      Delete
  2. අන්තිමට ලියලා තියෙන මිනිස්සු තුන් වර්ගය ගැන කතාව නම් ක්ලැසික්. අම්මට ආදරය කිරීම සමහරුන්ට තමන්ගෙ වැරදි වසා ගැනීමේ එක මාර්ගයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අම්මට් ආදරය කිරීම වැරැද්දක් වගේ එකක්ද :)

      Delete
    2. අය්යෝ අජිත්. සමහරුන්ට කියන වචනය පෙනුනෙ නැද්ද.

      Delete
    3. Lotus, අජිත් දෙන්නටම ස්තුතියි!

      Delete
    4. දැක්කා. ඒත් මට තේරුනේ නැහැ. තමන්ගේ වැරදි වහ ගන්න අම්මට ආදරය කරනවා කියන එක. මිනිමරුවෙක් වුනත් තමන්ගේ අම්මට ආදරේ ඇති. මම එහෙම සිද්ධි කියවල තියනවා.

      Delete
    5. අජිත්, යම් දෙයක් ගැන කතා කරනකොට වචනෙක දෙකක් විතරක් අදහස ගන්නෙ නැතුව සමස්තය දිහා බලන්න. අම්මට, තාත්තට ආදරේ කරන එක අපි ඔක්කොම- මිනිස්සු, සත්තු හැමෝම කරනවා. ඒක අපේ inherent හෝ innate, ඒ වගේම noble quality එකක්. ඒක වැරදියි කියලා මගේ කමෙන්ට් එකේ තියෙනවද.

      මිනිස්සු තුන් වර්ගය ගැන ඒකතාවට ගියොත් තමන්ට බිරිඳක් ඉන්නවද, පෙම්වතියක් ඉන්නවද, කීදෙනෙක්ද ඒ හැමදේම පෞද්ගලික කාරනා; නමුත් පලවෙනි හා දෙවෙනි මිනිස්සු වර්ගය බිරිඳ හෝ පෙම්වතිය යන දෙන්නගෙන් එක්කෙනෙකුට වැඩියෙන්ම ආදරෙයි, තුන්වෙනි වර්ගයේ මිනිස්සු පලවෙනි, දෙවෙනි මිනිස්සුන්ටත් වඩා ගනනක් මේන්ටේන් කලත්, වැඩියෙන් ආදරේ ඒ loop එකේ නැති වෙනත් කෙනෙකුට, i.e. අම්මට. නමුත් එතන අම්මා කියන වචනය වෙනුවට වෙන කෙනෙක් ආදේශ කරන්නත් පුලුවන්. ඒක වචන වලට සීමා වෙලා ගන්නෙ නැතුව ඊට වඩා ඉහලට ගිහින් බලන්න.

      මිනිස්සු තුන්දෙනාගෙ ඒ කතාව analogy එකක්, i.e. saying something using something else. වෙනත් උදාහරණයකින් කිව්වොත් සමහර මිනිස්සු ඔක්කොම වැරදි කරලා සුදු ඇඳගෙන පංසල් යන එක ගැන සමාජයේ කතාකරනවා නේද. ඒකෙන් කියනවද සුදු අඳින එක හෝ පංසල් යන එක වැරදියි කියලා. මගේ කමෙන්ට් එකේ මම අදහස් කලේ අන්න ඒ virtue signaling ගැන. Alright!!

      Delete
    6. සිත් ගන්නා විවරණයක්!
      ඒ වෙනුවෙන් ස්තුතියි Lotus.

      Lotusව ඒ විවරණය කරන තැනට තල්ලු කළාටත් ගොඩක් ස්තුතියි අජිත් මහත්තයෝ.

      Delete
    7. ලෝටස්, ඔය මගේ වාක්‍යය අග :) ලකුණක් තියනව නේද ? ඒකෙ තේරුම මද සිනාව නේ. දැන් ඔය තුන් දෙනාගේ ජෝක් කතාව මම අහල තියනවා. අපේ ලංකාවේ සමහර පිරිමි වැඩි හරියක් බැන්දම බලාපොරොත්තු වෙන්නේ බිරිඳගෙන අම්මව. ඔය අම්මගේ පුත්තු කියල සමහර කසාද ගැහැණු බනින්නේ. ඔය ජෝක් එකේ තේරුම ඒක. අපි හිනා වෙන්නේ ඒකට. ඔයා ඔය ලියල තියෙන විවරණය මතුපිටින් අරගෙන වගේ ලියල තියෙන්නේ.

      Delete
    8. here is a joke then: The man approached the very beautiful woman in the large supermarket and asked, “You know, I’ve lost my wife here in the supermarket. Can you talk to me for a couple of minutes?” “Why?”“Because every time I talk to a beautiful woman my wife appears out of nowhere.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. I missed the first lin :), A rich mother in law has 3 daughters who are married off to 3 men.
      She wanted to test whether her sons in law really cared about her or not. So she devised a plan. She invites her first SIL for a run and after reaching a river she purposefully slips into the river's current.
      Without any hesitation first SIL jumps into the river and saves her. The very next day he receives a brand new Audi car and $10mn in cash with a note "thanks for saving me-MIL". She now invites second SIL for run and does the same , without hesitation he jumps in and saves her. The next day he receives same model car ,$10mn and note saying "thanks for saving me-MIL". She now invites her final SIL and does the same when she reaches the river but this time the son in law just ignores and walks back to his home. The very next day he receives 2 brand new cars and $20mn in cash with a note "thanks for saving me-FIL".

      Delete
    11. This comment has been removed by a flying-eel

      Delete
    12. අජිත් මහත්තයෝ... තමුන්නාන්සේ හින්දා තව එකක් දැන ගත්තා.

      :) - සංකේතය මඳ සිනාව අදහස් කරන්න යොදන එකක්ය කියන එක. තව තියෙනවද? මොනවද කියලත් කිව්වැකිඩ තරහ නැතිව.

      ඔයා කියන පොහොසත් නැන්දම්මාගේ කතාවේම ඡායානුවාදයක් හිනා 6 වෙනි කොටසේ තියෙනවා. ඒ කොටස මග හැරිලා වගේ නං මෙන්න link එක.
      https://nidigepanchathanthare.blogspot.com/2021/07/blog-post_08.html

      Delete
  3. බබා කතාව ඇරෙන්න අනිත් ඒවා අහල නැහැ . සුපිරි

    ReplyDelete
    Replies
    1. ඒවා කියවෙන කාලේ අජිත් ඉන්න ඇත්තේ ක්‍රෑම දදා වෙන්නැති.

      Delete
  4. අරෙහ්...! මං එද්දි මෙතන පෙරහැරක් ගිහිල් නෙව.

    ReplyDelete
  5. කොහෙද බොලං පෙරහැර? හතර දෙනයි ආවෙ. කොරෝනා පෙරහැරක්, කි.මී 1 පරතරය තියාගෙන වෙන්ටෑ යන්නෙ? මේ, ධාතු කරඩුව ගෙනියන්න අලියෙක් ඕන්නං මං දෙඤ්ඤං.

    කෝ අර ගැන්සිය? මුංට මහසෝනා ගහලද?

    ReplyDelete
    Replies
    1. මේ තරමින් වුණත් ඇවිත් තියෙන එක ලොකු දෙයක්... ඊයේ ඉඳලා මේ අවට ගොඩක් ඒරියාස්වල ඉන්ටර්නෙට් ලයින්ස් වැඩ නැතිව තිබ්බේ. කොහේ කොහේ එහෙම වෙලා තිබ්බද මන්දා.

      Delete
    2. ඔහෝ, එහෙනං ඒක වෙන්න ඇති, කස්ටිය අඩු? කව්දෑ දන්නෙ? එහෙනං කලින් කමෙන්ට් එක හැන්සාඩ් එකෙන් අයින් කලා කියල හිතා ගන්ට.

      Delete
    3. https://blog.nationalgeographic.org/2010/02/22/six-ways-to-stop-a-vampire/

      7. Bad internet connection

      Delete
    4. බ්‍රෑම් ස්ටෝකර් මහත්තයා අද ඉන්නවා නං.... ආයෙ දෙකක නෑ Pra Jay මහත්තයෝ, ඔයාගේ 7 වෙනි කාරණාවත් කතාවට ගන්නවා.

      Delete
    5. හා හා නිදි, දෙයියංගෙ අඩවියෙ කට පරිස්සමිං... (බ්‍රෑම් ස්ටෝකරුත් එයි කමෙන්ට් කරන්න...) හැක්!

      Delete
    6. ස්ටෝකර් උන්නැහේ නම් එන එකක් නෑ. චන්ද්‍ර අනගිරත්න උන්නැහේ තමයි ආවොතින්. එයානේ ලංකාවට මුලින්ම ඩ්රැකීයුලා එක්කං ආවේ.

      Delete
  6. "කෙළින්ම වලේ" කතාව කියාපු ඇම්ඩා වගේ එකෙක් කියාපු තවත් කතාවක් මතක් උනා
    .
    ජෝඩුවකට, ඒගොල්ලන්ගේ පොඩි පුතාගෙන් නිදහස් වෙලා sex කරන්න ඉඩක් ලබා ගන්න, පුතාට බැල්කනියට ගිහිල්ලා, පහල පේන දේවල් කියන්න කියනවාලු. ඉතින් ඒ පොඩි එකා, "බස් එකක් එනවා", "මිනිහෙක් යනවා", "බල්ලෝ දෙන්නෙක් පොරකනවා", වගේ දකින දකින දේ කියවනවාලු. ඒ අතරේ, "ඉස්සරහා ගෙදර අන්කලුයි ඇන්ටියි sex කරනවා' කියලත් කිව්වලු.

    මේක ඇහුනු ගමන්, මේ ජෝඩුව වැඩේ නවත්තලා, දඩි බිඩි ගාලා ඇඳුම් යන්තම් පටලවාගෙන බැල්කනියට ගිහිල්ලා පොඩි එකාගෙන් ඇහුවලු "ඔයා කොහොමද අන්කලුයි ඇන්ටියි sex කරනවා කියලා කියන්නේ?? ඔයා දැක්කද?? "

    "නැහැ, නැහැ මම දැක්කේ නැහැ, ඒ උනාට එයාලගේ පුතා බැල්කනියට වෙලා පාරේ යන කාර් ගණන් කරනවා."

    ReplyDelete
    Replies
    1. Sam, විහිළුවක් වගේ කියවුණත් හුඟක් අම්මල තාත්තලට එයාගේ ළමයින් හැමදාටමත් බබ්බු! ඒකෙන් තමයි ගොඩාරියක් අවුල් හැදෙන්නේ කියල මට හිතෙනවා

      Delete
  7. මේ වැම්පීරලා නැතිනිසා, මම මහන්සිවෙලා තනි හොටෙන් කෙටුව කමෙන්ටුව වාෂ්ප වෙලා.😒

    ReplyDelete
    Replies
    1. මේ නිදි, බලනවද මගෙ කමෙන්ටුවක් ස්පෑම් එකට ලිස්සලද කියලා?

      Delete
    2. හම් බ වුනා.😊

      වැම්පයර් ගැන්සියට වයිෆයි නැතුව පියාඹන්න බැරි හින්දා, මං වත් ටිකක් කවර් කරන්නයි යන්නෙ. මොනවා උනත්, නිදි අමාරුවෙන් හරි කරන මේ සමාජ සත්කාරයට, මෙහෙමවත් කලගුණ සළකන්න එපෑයෑ?

      අපේ ගම් පලාත් උන්නලු සැන්ටි කියල පිස්සෙක්. තැන තැන ඇවිද, ඇවිද හිටියත් කාටවත් කරදරයක් නැති හාදයෙක්. මෙයාට බඩගිනි වුනාම යනවලු පන්සලේ බුදුගෙට, බුද්ධ පූජාව කන්න. ගිහින් කියනවලු මෙහෙම:
      "බුදු හාමදුරුවනේ. මට හොඳටම බඩගිනියි" කියලා.

      ඊට පස්සෙ සැන්ටිම මෙහෙම කියනවලු " මම මේව කන්නෙ නෑ, සැන්ටිම කන්න". ඊට පස්සෙ සැන්ටි බුද්ධ පූජාවට වගකියනවලු.

      Delete
    3. වයිෆයි අවුලක් නං මට නෑ. මේ ටිකේ අලුත් කොටහක් ගෙතන ගමං. බකුස්, නිදි, ප්‍රා, පැතුම්, අජිත්, අසංග, මට පොඩ්ඩක් කියනවද, අලුත් චරිත දෙකක් කතාවට අඳුන්නලා දුන්නොත් අවුලක්ද කියලා? ඒ දෙන්න ගැන වෙන මොනවත් දැම්ම කියන්න බෑ. (රාත්‍රියට එළියට එන සමාජය එක්ක තරහකින් ඉන්න අයියෙකුයි නංගියෙකුයි...)

      Delete
    4. හ්ම්.. තරහා කාරයො දෙන්නෙක්? ඒත් අවුලක් වෙන්න විදිහක් නෑ.

      Delete
    5. අනේ ඩ්‍රැකී මගේ පන මාවත් කතන්දරේට දමන්නද යන්නේ.මට කිව්වෙත් නෑ හොර ගෙඩියා..

      Delete
    6. මේ මේ... ඔයා කී දෙනෙකුට නං මගෙ පන කියනවද? පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද ගුටි නොකා?

      Delete
    7. හව්..how..how....බහූඌඌඋ....

      Delete
    8. කතාවේ රසයට භාදා නොවෙනවා නම් හොදා.එහෙම කරන එක මේ බ්ලොග් වලට අවුලක් නෑ. හැබැයි පොතක් විදිහට ප්‍රින්ට් කරන්න හිතන් ඉන්නවා නම් චරිත වැඩිවීමත් පැටලැවිල්ලක් වෙයි.

      Delete
    9. බස්සා මහත්තයෝ. Spam බලන්න දන්නෙ නෑ, දැනුමැත්තෙක් ආවාම බලවන්නන්.

      සැන්ටිත් මරු පොරක්නේ බලාගෙන ගියාම.

      Delete
    10. වයිෆයි ලෙඩේ දැන් හොඳයි.

      කතාවට අදාළ නම්, ඒ ඒ චරිත ඒ ඒ අයට අනන්‍ය චරිත ලක්ෂණවලින් යුතු නම් අවුලක් නැති බවයි මගේ දැනීම. නිකමට හිතන්නකෝ 'යුද්ධය හා සාමය' වගේ පොතක චරිත කීයක්ද කියලා.
      හැබැයි රජෝ, පහුගිය ටිකේ වගේ කොටස් publish කෙරෙන කාල අන්තරය වැඩි වෙනවා නං තමයි අවුල....

      ඉන්න අයවත් අමතක වෙලා යනවා නෙ.

      Delete
    11. ඔන්න ඩ්රැකී දැන්මම අවුල පටන් අරන්.
      ඩ්රැකියානිලගේ අනන්‍යතාව මාරු වෙලා මොකෝ?

      Delete
    12. Hellsing?

      ඕනෙ කෙනෙක් දාන්න ගැලපෙනවනම්.
      හැබැයි පොතක් විදිහට කරනකොට බ්ලොග් එකේ ප්ලොට් එක, සීන්ස්, ඇක්ශන්, කැරැක්ටර්ස් ආදිය කට් පොලිශ් හා ඇඩ් කරන්න වෙයි. පෲෆ් රීඩින්වලට අමතරව එඩිටින් ටීම් එකක් ඕනෙ. ලෝකෙ ජනප්‍රිය කතෲ ප්‍රබන්ධ පොත්වලට එඩිටින් ටීම් එක හුඟක් දායකත්වයක් ලබා දෙනවා. ඒගොල්ලො සමහරවෙලාවට විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් කන්සල්ට් කරන එකත් සංවිධානය කරනවා. ලංකාවෙ හුඟක් කතෲන්ගෙ කතාවල ඉන්ටර්නැශනල් කොලිටීක අඩුවෙන්න හේතුව කතෲන්ගේ හැකියාවේ අඩුපාඩුවලට වඩා එඩිටින් ටීම් නැති එක. ආදර කතා හෝ කතෲ හොඳින් දන්න ගමක් නගරයක් වගේ දෙයක් ගැන කතාවකනම් ඒ අඩුපාඩුව වැඩිය බලපාන්නෙ නෑ. ඒත් අයිතිහාසික/ රටවල් එකකට වැඩි/ ඇක්ශන්/ ත්‍රිලර් වගේ නවකතාවලට විෂය උගත් එඩිටින් ටීම් එකක් ඔනෙ කොලිටි වෙන්න නම්

      Delete
    13. හොයන්න ඕනෙ නෑ, නිදි. හම්බවුනා. ඒක තමයි සැන්ටිගෙ කතාව. මට කොහොමත් හිටපු ගමන් උතුර-දකුණ මාරුවෙනවා, උපන් ගෙයි දෝෂයක්.

      @ඩ්‍රැකී
      R.R මාටින් දාගත්ත කැරැක්ටර්( චරිත කියන්න බයයි) තොගේ හැටියට, අවුලක් වෙන්න හැටියක් නෑ. හැබැයි ජයසේන හොඳ පොයින්ට් එකක් ගෙනත් තියනවා. එඩිටින් ටීම් කොහොම වෙතත්, ගේන කැරැක්ටර් ගැන "කකුල් සටහන්"කෙටි හැන්ඳින්වීමක් අවශ්‍ය වෙයි පොතක නම්, නෝර්"ඩික්" දෙවිවරු ගැන සකලකලා වල්ලභ ජයසේන මැතිඳුගෙ දැණුම හැමෝටම නැති නිසා.

      Delete
    14. කකුල් සටහන් යොදනවා. ඒ වගේම, කතාවෙ අගට ටිප්පණියක් එකතු කරනවා.

      කියන්න සතුටුයි, එඩිටින් කරල දෙන්න ප්‍රළුවන් කියලා අපේ අතිශය හිතවත් මිත්‍රයෙක් කතා කරලා කිව්වා. (ප්‍රා ජේ මැතිඳු ම තමා...)

      Delete