අකුරු මැකී නෑ

Tuesday, September 28, 2021

හිනා තවත් හිනා - දෙවෙනි කොටස

පළමු රාත්‍රියේදී ජැක් වෙන්ඩිට තියෙන ආදරේ තරම පෙන්වන්න සූදානම් වුණා.

“... තමුන්නාන්සේට පුළුවනි නොමිලේම මෙයාල ඔක්කොමලගෙත් කොණ්ඩ කපන්න!ඒ මනුස්සයා කිව්වා විතරයි, “ජය වේවා! ජය වේවා!! අපේ ........තුමාට ජය වේවා!!!කියලා අර පිරිවරම ඔල්වරසන් දුන්නා!

එහෙමයි, පහුගිය post එක නතර කළේ. ඉතිං ඊළඟට.... පොතේ තියෙන්නෙ මේ පච්චයේ කතන්දරෙයි!

9. ටැටූ එකේ කතාව

ජැක්, වෙන්ඩි දෙන්නා ටික කාලයක් ආදරේ කළා, හොඳටම. අන්තිමේදී කසාදත් බැඳලා දිගම-දිග මධු සමයකට පිටත් වුණා.

පළමු රාත්‍රියේදී ජැක් වෙන්ඩිට තියෙන ආදරේ තරම පෙන්වන්න සූදානම් වුණා. මිනිහා නිදන කාමරේ ලයිට් සේරම දාලා තියෙද්දී ඇඳුම් සේරම ගැලෙව්වා. ගලවලා නිරුවතින් වෙන්ඩි ඉදිරියේ හිට ගත්තා.
“ඔයාට මේක පේනවද?” ජැක් තමන්ගේ ‘පිරිමි ඇඟ’ වෙන්ඩිට පෙන්නුවා.
වෙන්ඩිගෙ මුහුණෙ තිබුණෙ ප්‍රශ්නයක්.
“හොඳට බලන්න!” ජැක් කිව්වා!

හැබෑමයි, ජැක්ගේ පුරුෂ ලිංගයේ අකුරු දෙකක් පේනවා. ‘W Y’ වෙන්ඩිට හිනාවක් ගියා.

“දැක්කද?” ජැක් ඇහුවා.  “එයාට kiss එකක් දීලා බලන්න.” ජැක් කිව්වා.
වෙන්ඩි එහෙම කළා විතරයි. මෙන්න බොලේ ජැක්ගේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වුණා. දැනුයි වෙන්ඩිට පෙනුණේ, වෙන්ඩිගෙ නම ජැක්ගෙ පුරුෂ ලිංගය මත කොටලා. ‘WendY!’

එයාලට ආරංචි වුණා වෙරළක තියෙන නිරුවත් කඳවුරක් ගැන. ඒවාට යන අයත්, ඒවායේ ඉන්න අයත් සේරම ඉන්න ඕනි අමු හෙළුවෙන්.

වෙන්ඩිට හරිම සතුටුයි.

ඊට දවස් කිහිපෙකට පස්සේ මේ නව යුවළ හිටියේ ජැමෙයිකාවේ. එහෙදී එයාලට ආරංචි වුණා වෙරළක තියෙන ‘නිරුවත් කඳවුර’ක් ගැන. ඒවාට යන අයත්, ඒවායේ ඉන්න අයත් සේරම ඉන්න ඕනි අමු හෙළුවෙන්.
මේ ජෝඩුවත් ඒකට ගියා, උපන් ඇඳුමෙන්.

හොඳ හැටියට විනෝද වෙන අතරේ, ජැක් ගියා බොන්න මොකුත් අර ගන්න බාර් එකට. එතැන ඉන්න වේටර් කෙනෙකුගෙ පුරුෂ ලිංගයෙත් WY අකුරු දෙකේ පච්චයක් තියෙන හැටි ජැක් දැක්කා. දැකලා ජොලියක් හිතුණු පාර, ජැක් අර හාදයා ළඟට කිට්ටු කරලා මෙහෙම ඇහුවා.
“හායි! ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නමත් වෙන්ඩිද?”

ඒ හාදයා පුදුමෙන් වගේ ජැක් දිහා බැලුවා.

“මේ!” ජැක් තමන්ගේ අප්‍රාණික පුරුෂ ලිංගය පෙන්නුවා. ඒකෙ උඩ WY අකුරු දෙක පේනවා. “මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම වෙන්ඩි. මම එයාගේ නම මෙතැන පච්ච කොටවා ගත්තා.... මෙයා නැඟිට්ටම මුළු නමම පේනවා. ඔයාගෙත් WY අකුරු දෙක දැක්කම මට හිතුණේ ඔයාගෙ කෙල්ලගේ නමත් වෙන්ඩි කියලයි.”

“ඕ අයි සී. මට තවම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ.” වේටර් හාදයා කිව්වා. “මේ බාර් එක අපේ.... නියුඩ් කෑම්ප් එකට එන අයව පිළිගන්නයි මේ පච්චය කොටවා ගත්තේ.” එයා තේරුම් කළා.

“වචනෙකින්?”

“වචනෙකින් නෙවෙයි, මෙයා නැඟිට්ටම මුළු සෙන්ටෙන්ස් එකම පේනවා. දැන් මුල අග අකුරු දෙක විතරක් පෙනුණට.”

මට නං හිතෙන්නේ මේ මිනිස්සු කියන ජාතිය මහා තකතිරුවෝ ටිකක්!

ජැක්ගෙ කට ඇරුණා. “සෙන්ටෙන්ස් එකම?”

“යා! Welcome to Jamaica – Have a nice day” හාදයා කිව්වා.

‘හිනා තවත් හිනා - 1’ post එකේදී  තමුන්නාන්සේලාට කියන්න බැරි වුණානේ, මේ පොත පළ කෙරුණේ 2012 අවුරුද්දෙදියි. ඒ නිසා මේ කතන්දරත් ටිකාක් විතර පරණයි වගේ දැනෙන්නත් පුළුවනි!

10. මෝඩකමක රඟේ

මැස්සෝ දෙදෙනෙක් බංගලාවක සංචාරයේ නිරත වෙමින් සිටියහ. හොඳින් වටපිටාව නිරීක්ෂණය කළ එක මැස්සෙකු නිහඬතාව බිඳ දැමුවේ මෙසේ කියමිනි.

“මට නං හිතෙන්නේ මේ මිනිස්සු කියන ජාතිය මහා තකතිරුවෝ ටිකක්!”

“ඇයි මචං එහෙම කිව්වේ?”අනෙක් මැස්සා විමසුවේය.

“ඇයි බං, මේ මිනිස්සු ලක්ෂ ගණන් වියදම් කරලා ගෙවල් හදනවා. ඊට පස්සේ තවත් ලක්ෂ ගණන් වියදම් කරලා මේ වගේ සිවිලිම් ගහනවා....” උත්තර දෙමින් පළමු මැස්සා ඔවුන් ලැගුම් ගෙන සිටි අලංකාර සිවිලිම මිතුරාට පෙන්නුවේය.

“ඉතිං, මොකක්ද ඒකෙ තියෙන මොට්ටකම?”

“ඇයි මචං, කොච්චර වියදම් කරලා සිවිලිම් ගැහුවත් මිනිස්සු ඇවිදින්නේ පොළොවෙනෙ. අපියි හූනොයි විතරනේ මේකෙ ඇවිදින්නේ!”

ඒ කතාවේ විදිහට නං මැස්සොත් හරිම නුවණක්කාර සත්තු ජාතියක් නේද? එතකොට මතක් වුණා මට අහන්න ලැබුණු, මැස්සෝත් සම්බන්ධ වෙන වෙනම විදිහේ කතාවක්!

සමුරායි වීරයා

මිනිස්සු ඔක්කොම ගල්බීත වෙලා හිටියේ.
‘අසිපත් ශූර සමුරායි’ තෝරාගන්න තරගෙ ඒ තරමටම තියුණුයි! පැය ගණනාවක් තිස්සේ සමුරායිවරුන් ගොඩාරියක් එයාලගේ හපන්කම් පෙන්නුවා. විනිශ්චය මණ්ඩලය බොහොම අමාරුවෙන් තමයි අවසන් වටයට තුන් දෙනෙකුව තේරුවේ.

අසිපත ලෙළවුණා; විදුලියක් කෙටුවා! ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්! මැස්සා හරි ගාණට දෙකට කැපිලා, මැරිලා කෑලි දෙක....

එයාලා වෙනුවෙනුත් ඉසව් ගණනාවක් පැවැත්තුවා. ඒ වුණත් තුන් දෙනාම එකෙකුට එකෙක් දෙවෙනි නොවෙන විදිහට තරග වැදුණු නිසා ‘විශේෂ ඉසව්ව’ක් තියන්නයි මේ ලැහැස්ති වෙන්නේ.

ඔන්න පළමුවෙනි තරගකරුවා වේදිකාවට ආවා.
කඩුව ලෙළවා පෙන්නුවා. වේදිකාවට විදුලි අකුණු දාහක්-හමාරක් කොටාගෙන කොටාගෙන ගියා වගෙයි, අසිපත නොපෙනෙන වේගයකින් එහා-මෙහා වුණේ.
‘ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්! ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්!!’

ඒ අතරේ, සංවිධායක මණ්ඩලයේ කෙනෙක් වේදිකාවට ආවා. එයා අතේ පුංචි පෙට්ටියක්. විනිසුරු මඩුල්ලට සහාය දෙන කෙනෙක් ගණින්න පටන් ගත්තා. ‘එකයි.... දෙකා...යි.... තුනායි!’

තුනයි කියලා කියවෙන තත්ත්පරේදී පෙට්ටිය අතේ තිබුණු කෙනා ඒ පෙට්ටිය විවෘත කළා. මැස්සෙක් පෙට්ටිය ඇතුළෙන් එළියට පියෑඹුවා. අනේ! ඌට මොන පියෑඹිල්ලක්ද? අසිපත ලෙළවුණා; විදුලියක් කෙටුවා!
‘ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්!’

මැස්සා හරි ගාණට දෙකට කැපිලා, මැරිලා කෑලි දෙක වේදිකාව උඩට වැටිලා!
ප්‍රේක්ෂකයෝ දුන්නු ඔල්වරසන් හඬින් ශාලාව දෙදරුවා.

දෙවෙනි තරගකරුවා වේදිකාවට ආවා. කඩුව ලෙළෙව්වා. කලින් වතාවටත් වැඩිය වේගයෙන්, එක පිට එක විදුලිය කෙටුවා. පුංචි පෙට්ටිය අරගත් කෙනාත් වේදිකාවේ... අනෙකාත්.... සමුරායිවරයා කඩුව මානාගෙන සීරුවෙන්.......

දකුණතේ එක ඇඟිල්ලක් විතරක් ඉතිරි වෙද්දී අනිත් ඇඟිලි හතරම නවලා, තරමක් අසභ්‍ය අභිනයක් පෑවා!

දෙවන වතාවටත් කාල ගණනය ඇරඹුණා....
‘එකයි.... දෙකා...යි.... තුනායි!’

පෙට්ටිය ඇරුණත් එක්කම මැස්සා එළියට... අසුරක් ගහන පමාවෙන් විදුලි කෙටිලි දෙකක්.... ‘ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්! ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්!!’

මැස්සාව මැනලා කැපුවා වගේ, කෑලි හතරට කැපිලයි පරලෝකප්‍රාප්ත වෙලා හිටියේ.... සභාව හොඳටම නොසන්සුන්...
ඊළඟට මොකක්ද වෙන්නේ?

ඔන්න තුන්වෙනියාත් වේදිකාවට ආවා.
හැබැයි කලින් දෙවතාවෙ වගේ, විදුලි කෙටිලි නෑ.... සංදර්ශන නෑ... මිනිහා අසිපත අමෝරාගෙන බොහොම සැහැල්ලුවෙන්... ‘මට නෙවෙයි කියනවා වගේ’ බලාගෙන හිටියා.
තුනයි කියන කොටම පෙට්ටිය ඇරෙනවාත් එක්කම මැස්සෙක් වේදිකාවේ....
කඩුවෙන් එකම එක පාරයි!
ඒත් මැස්සා මැරී වැටුණේ නෑ. මොකුත් නොවිච්චි ගාණට, මරණයෙන් බේරිලා ඉගිලුණා!!

හිනාවෙන් ශාලාව දෙදරලා ගියා.
‘බූෟෟෟෟෟෟ, ‘ගෙදර යනවා!’, මහ ලොකු කඩුකාරයා’ ඝෝෂාව අස්සෙම එක මිනිහෙක් නැඟිට්ටා.
“මැස්සා මරා ගන්න බැරි මහ ලොකු කඩුකාරයා.... තුඃ විතරක්!”

ඒ කුප්පිදු කතාවෙන්වත් තුන්වෙනි තරගකරුවා නෙවෙයි බිංදුවක්වත් සැලුණේ.

විමල්, වාසු, උදය ඇමතිතුමන්ලා සාමූහික වගකීම රැකගන්නා අතරේ- ඇමති තනතුරුත් රැක ගනිමින් ප්‍රබල විරෝධයක යෙදෙමින් ඉන්නවා....

මිනිහා අඩියක් ඉස්සරහට තියලා, දකුණතේ දබරැඟිල්ල විතරක් ඉතිරි වෙද්දී අනිත් ඇඟිලි හතරම නවලා, තරමක් අසභ්‍ය අභිනයක් පෑවා! ඊට පස්සේ මෙහෙම ඇහුවා.

“මොකටද අහිංසක සතාව මරන්නේ? ඌට පරම්පරාව බෝ කරන්න බැරි වෙන්න වැඩේ දුන්නම මදිද?”

එහෙම ‘වාගීශ්වර සූරයෝ’ පහළ වෙන්නෙ කලාතුරකින් තමයි! 

හැබැයි ශ්‍රී ලංකාවේ නම් එහෙම අය හිඟ නෑ. වාසු, විමල්, උදය ඇමතිතුමන්ලා සාමූහික වගකීම රැකගන්නා අතරේ- ඇමති තනතුරුත් රැක ගනිමින් ප්‍රබල විරෝධයක යෙදෙමින් ඉන්නවා මේ දවස්වල. මේ ලියන්නාගේත් එක්ක අමද්‍යප සටන්වල ඉඳපු ‘ජගත් කුමාර’ මන්ත්‍රීතුමාත් ඒ වගේම සටනක. ලොකුගේ මහත්තයා කිව්වලු, උන්නැහේගේ බෙල්ලේ රත්තරං බැඳපු කතාවකුත්.

සමාවෙන්න ඕනි, හිනාවෙන කතන්දර අස්සේ මේවා කියවනවාට.
සමහරෙකු මේවාට කේන්ති ගන්නවා. මං නම් ‘නන්දන වින්දන’ හරි ‘විනෝද සමය’ හරි බලනවා වගේ ප්‍රමෝදයක් තමයි ලබන්නේ ශ්‍රී ලකාවේ මේ සිදුවීම් දැකලා!

හරි වැඩේ තමයි. දැනුයි දැක්කේ. ‘හිනා තවත් හිනා’ පොතේ තියෙන ඊළඟ කතාවත් ශ්‍රී ලංකාව ගැනයි!

11. මැවිල්ලේ සාධාරණකම

මහා බ්‍රහ්මයායි විෂ්ණු දෙයියොයි දෙන්න පුංචි කතාවක් දාගෙන ඉන්න වෙලාවේ, විෂ්ණු දෙවියො ප්‍රශ්නයක් ඇහුවා.
“ඔබතුමා මවපු දේවල්වලින් අංග සම්පූර්ණ විදිහට මැව්වේ මොකක්ද?”

ලෝකේ ඕනෑම තැනක තියෙන දේශගුණේ මේ පුංචි ශ්‍රී ලංකාවෙත් කොතැනක හරි තියෙනවා.... ඇයි ලස්සන?

තත්ත්පරයක්වත් කල්පනා නොකර මහා බ්‍රහ්මයා උත්තර දුන්නා. “ශ්‍රී ලංකාව!”

“ශ්‍රී ලංකාව?”

“ඔව්! ඒකනෙ මිනිස්සුම කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. සුද්දෝ කියනවා ලංකාව ආදම්ගේ උයනලු.... පාරාදීසයලු! ශ්‍රී ලංකාවේ පොළව කොච්චර සරුසාරද? වේළිච්ච දඬු කෑල්ලක් පොළොවේ ඇන්නත් දලු දානවලු. රට වටේම මූද... පැත්තක මිනිරන්. පැත්තක මැණික්.
තවම හොයා ගත්තේ නැතිවට තෙලුත් තියෙනවා.
ලෝකේ ඕනෑම තැනක තියෙන දේශගුණේ මේ පුංචි ශ්‍රී ලංකාවෙත් කොතැනක හරි තියෙනවා.... ඇයි ලස්සන? කඳු ගැට, දිය ඇලි, ගංගා... එච්චරද.
ගිනි කඳු නෑ. භූමිකම්පා නෑ....”  මහ බ්‍රහ්මයා දිගටම ලැයිස්තුව කියවාගෙන ගියා.

“ඒ වුණාට ඔබතුමා ඔහොම ඔක්කොම හොඳ දේවල් එකම රටකට දීපු එක නම් සාධාරණ නෑ නේද?” විෂ්ණු දෙවියො ඇහුවා.

“සාධාරණ නෑ? සාධාරණ නෑ?” මහා බ්‍රහ්මයා ආපසු ඒකම කිව්වා.
“.... එහෙම රටකට කොහොමද මම මවලා තියෙන මිනිස්සු? උං එකාට එකා නෑ... අම්මට අප්පට නෑ... ප්‍රතිපත්තියක් නෑ... කොන්දක් නෑ... ඒ විතරද? උං උං කා-කොටා ගන්නවා මදිවට උන්ගේ ලොකු-ලොක්කො අර අපූරු රටත් කනවා! දැන් තේරෙනවද මගේ මැවිල්ලේ සාධාරණකම?”

12. ඉල්ලා ගත් සහනය

වනගත පෙදෙසක සංචාරයේ යෙදෙන අතර සිල්වා මහතා ඇතුළු පිරිස නපුරු ගෝත්‍රිකයන් පිරිසකගේ අත්අඩංගුවට පත් වූහ.

“දැන් මොකද කරන්නේ?” සිල්වා මහතාගේ බිරිඳත්, නැන්දම්මාත් ඔහුගෙන් විමසූහ. “... මුං අපට මොනවා කරයිද දන්නෑ. මුං මහ නපුරු පාටයිනේ....”

අපේ ගෝත්‍රයේ සිරිත තමයි අනවසරයෙන් අපේ සීමාවට ඇතුළු වෙන ඕනෑම කෙනෙකුට....

“හරි! හරි!! අපි බලමුකො....”යි බිරිඳත්, නැන්දම්මාත් අස්වැසූ සිල්වා මහතා ගෝත්‍රික නායකයා ඉදිරියේ දණින් වැටුණේය.

“අපි ඔබතුමන්ලාගේ ඉසව්වට ආවේ නොදැනුවත්වයි... කරුණාකරලා අපිට සමාව දෙන්න.”

“නොදන්නාකම සමාවට කාරණයක් නෙවෙයි. ඒත් යුෂ්මතාගේත්, මේ කාන්තාවන් දෙදෙනාගේත් අසරණකම සලකලා අපි පුංචි සහනයක් දෙන්න කැමතියි... තේරුණාද?” ගෝත්‍රික නායකයා ගම්භීර ලීලාවෙන් කීවේය.

“අපේ ගෝත්‍රයේ සිරිත තමයි අනවසරයෙන් අපේ සීමාවට ඇතුළු වෙන ඕනෑම කෙනෙකුට කස පහර සීයක් ගහන එක... ඒක වෙනස් කරන්න විදිහක් නෑ. ඒත් මං පොරොන්දු වුණු සහනය මතකයිනෙ...
කස පහර දෙන්න කලින් තමුන්ලාට කැමති දෙයක් පිටේ බැඳ ගන්න පුළුවන්!” නායකයා පහදා දුන්නේය.

මුලින්ම දඬුවම් ලැබීමට ඉදිරිපත් වූයේ සිල්වා මහතාගේ බිරිඳයි.

“කරුණාකරලා මගේ පිටේ බැඳ ගන්න කොට්ටයක් දෙනවද?” ඇය ඉල්ලා සිටියාය.
ඇයට කොට්ටය ලැබිණි.
එහෙත් කස පහර 100 ගසා නිම වීමට පෙර කොට්ටය පැළී ගියේය. එබැවින් ඇයටත් කස පහර කිහිපයක්ම වැදිණි.

“අනේ, මට කොට්ට තුනක්ම දෙන්න.” නැන්දම්මා දෙවෙනි අවස්ථාව ලබා ගත්තාය.

“හරි, දැන් තමුන්ගේ වාරේ.... තමුන්ට කොට්ට කීයක් ඕනැද?” ගෝත්‍රික නායකයා සිල්වා මහතාගෙන් ඇසුවේය.

“අනේ පිං කරන හාමුදුරුවනේ කොට්ට එපා... අපේ නැන්දම්මව මගේ පිටේ ගැට ගහන්න.” සිල්වා මහතා ඉල්ලා සිටියේය!

13. කලා විචාරකයා

කලාගාරයේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වෙමින් තිබිණි. එය නරඹමින් සිටි අයෙක් තමා අසලින්ම සිටි තැනැත්තාට මෙසේ කිව්වේය.

තමුසෙ මාර කලා විචාරකයෙක්නෙ!

“මට නං මේ පුංචි චිත්‍ර පේන්න බෑ! චිත්‍රයක් වුණාම ටිකක් ඇහැට-කණට පේන්න ලොකුවට තියෙන්න එපායැ.”

“තමුසෙ මාර කලා විචාරකයෙක්නෙ!”

“කවුද කිව්වේ මං කලා විචාරකයෙක් කියලා. මම චිත්‍රවලට ෆ්‍රේම් ගහන මනුස්සයෙක්!”

14. තීන්ත ගණන්ද?

“තාත්තේ...”

“ඇයි පුතා?”

“තාත්තගේ පෑනට දාන තීන්ත හුඟක් ගණන් ජාතියක්ද තාත්තේ?”

“අපොයි නෑ පුතා. ඒවා එච්චර ගණන් නෑ.”

“ඒ වුණාට අම්මා ඒක දන්නෙ නෑ වගෙයිනෙ...”

“ඇයි? අම්මා කිව්වද ඒවා ගණන්ය කියල...”

“නෑ තාත්තේ, මගේ අතින් තාත්තගෙ තීන්ත බෝතලෙන් චුට්ටක් සාලේ කාපට් එක උඩ හැලුණාම අම්මට හොඳටම තද වෙලා!”

මිනිසුන්ට සාපේක්ෂව ඉතාම කලාතුරකින් වගෙයි සත්තු ගැන යාන්ස් හැදෙන්නේ. එහෙම හැදිලා තියෙන ඒවාත් කියෙව්වාම දැනෙනවා, සතුන්ට ආරෝපණය කෙරිලා තියෙන්නෙත් මිනිස් ගති-සොබාවන්ම බව.

මේත් එහෙම කතාවක්.

රන් ගෙම්බිය සොයාගත් හාවා සහ වලහා

දවසක් වලහෙකුයි, හාවෙකුයි කැලයක් මැදින් ඇවිදගෙන ගියා. අම්මට සිරි!
මෙන්න බොලේ චූටි පොකුණක් අද්දර ගලක් උඩ වාඩි වෙලා අව්ව තපිනවා, රත්තරං ගෙම්බි.

“අඩේ.... බොක්කේ පින මචං.... අපිට ඕනි දෙයක් ඉල්ලා ගන්න පුළුවන්!” වලහා හාවාට කිව්වා. “හැබැයි මමයි ඒකිව දැක්කේ.... මටයි වර තුනම අයිති!”

මං ඔයාලා දෙන්නාටම වර තුනක් බැගින් ඉල්ලීමේ අවසරය දෙන්නම්!

අනේ, හාවා එච්චර තණ්හාවක් නැති අහිංසක සතානේ, ‘එහෙම නං ඉතිං තමුසෙම වර තුනම ඉල්ලා ගන්නවකො’ කියලා කරබාගත්තා.

මේ සංවාදය රත්තරං ගෙම්බියටත් ඇහුණා. “බය වෙන්න එපා! මං ඔයාලා දෙන්නාටම වර තුනක් බැගින් ඉල්ලීමේ අවසරය දෙන්නම්!” ගෙම්බිය අනුකම්පාවෙන් කිව්වා.

“මටයි ඉස්සෙල්ලාම chances ඕනේ!” වලහා ඉස්සරහට පැන්නා. “... මේ වනාන්තරේ ඉන්න සේරම පිරිමි වලස්සු නාඹර වලස් නෑම්බියන් වේවා!”

ගෙම්බිය අතක් ඉස්සුවා. “දැනටම ඔබේ පැතුම ඉටු වෙලා.”

“ඇත්තටම?” වලහා කල්පනාවට වැටුණා. “අපරාදේ, මට මුලින්ම මතක නැති වුණානේ.... අල්ලපු වනාන්තරේ ඉන්න වලස්සුන්ටත් ඒකම කරලා දෙනවද?” වලහා දෙගිඩියාවෙන් ඇහුවා.

රත්තරං ගෙම්බි දෙවෙනි වතාවටත් අත ඉස්සුවා. “දැන් කැලෑවල් දෙකේම ඉන්නේ වලස් නෑම්බියෝ!”

එතකොටත් වලහා ඔළුව කහනවා... කල්පනාවට වැටිලා. “තරහ වෙන්න එපා. මාව shock වෙච්චි හින්දා ඔළුව අවුල් වුණා. වැඩිය හොඳයි වගේ මුළු රටේම ඉන්න වලස්සුන්ව....” වලහා කියන පමාවෙන් ගෙම්බිය අත උස්සලා ඉවරයි.

“ගිහින් බලන්න! ඔබේ ප්‍රාර්ථනා තුනම ඉටු වෙලා තියෙන හැටි පෙනේවි! ඉතිං හාවෝ... දැන් ඔන්න ඔබේ වර තුන ඉල්ලන්න අවස්ථාව.” රත්තරං ගෙම්බි හාවා දිහාවට හැරිලා කිව්වා.

ගෙම්බිය අත උස්සනකොටම කිරි-කිරි හාලි ඩේව්ඩ්සන් මෝටර් බයිසිකලයක් එතැන!

“පුළුවනිද මට හාලි ඩේව්ඩ්සන් මෝටර් බයික් එකක් දෙන්න?” හාවා ටිකක් සැකෙන්-බයෙන් වගේ ඇහුවා.

ගෙම්බිය අත උස්සනකොටම කිරි-කිරි හාලි ඩේව්ඩ්සන් මෝටර් බයිසිකලයක් එතැන! “වෙන?”

හාවා සන්තෝසෙන් ඉල්පෙන ගමන්, දෙවැනි වරයත් ඉල්ලුවා. “එහෙනං මේකටම match වෙන හෙල්මට් එකකුත් දෙනවද?”

ඔන්න දැන් හෙල්මට් එකකුත් හාවාගේ අතේ. ඌ හෙල්මට් එක දාගන්න ගමන් මෝටර් සයිකලයට නැග්ගා.... ස්ටාර්ට් කර ගත්තා.... ඊට පස්සෙයි කට ඇරියේ....

“බොහොම ස්තුතියි රත්තරං ගෙම්බියනි! මගේ තුන්වෙනි ඉල්ලීම මේකයි....” එහෙම කියලා හාවා වලහා දිහාට අත දික් කළා. “මෙයාව gay වලහෙක් කරන්න!”

කියපු ගමන්ම හාවා බයිසිකලය ලෑල්ලටම පෑගුවා!

අජන්ත ගමගේ හිතවතාත් fb එකේ තිබුණු යසස් ශ්‍රී ජයරුවන් මල්ලවාරච්චි සහෘදයාගේ අපූරු කතාවක ලින්ක් එකක් එවා තිබ්බා. අජන්තටත්, යසස්ටත් දෙන්නාටම තුති පුදමින් මේ කතාව කියවන්නකෝ.

ටවුමේ ගණිකා නිවාසය රේඩ් කරලා!

‘ඔන්න ටවුමෙ තිබුන ගණිකා නිවාසයක් පොලීසියෙන් වැටලුවලු.
කෙල්ලො ටික පොලීසියට අරගෙන ගිහින් මිදුලේ පෝලිමට තිබ්බලු OIC මහත්තයා එනකන්.

ඔතන හිටපු එක කෙල්ලෙක් ගමේ ඉඳන් ටවුමෙ Job එකකට එනවා කියලලු එන්නෙ.
කරුමෙ කියන්නේ එදාම මේ කෙල්ලගෙ ආච්චිත් ටවුමට ආවලු බඩු වගයක් ගන්න. මෙන්න බොලේ මිනිබිරී ඉන්නවා, පොලීසිය මිදුලෙ පෝලිමකට වෙලා.

"මොනවද උඹ මෙතන කරන්නෙ?"
කෙල්ලට හීන් දාඩිය දැම්මා.

"ආ... ආ... නෑ ආච්චියෙ ...අද පොලීසියෙ OIC මහත්තයගෙ උපන්දිනේ...
ඒ වෙනුවෙන් එයා අද දොඩම් දන්සැලක් දෙනවා. ආච්චි ඉක්මනට ගෙදර යන්න. මම ආච්චිටත් එක්කම දොඩම් අරගෙන එන්නම්..."

කෙල්ල ආච්චිව එතනින් යවා ගන්න පත නයෙක් ඇරියා.

මම මුලින්ම අතින් ලෙල්ල ගහනවා... ඊට පස්සෙ කටේ දාගෙන ඉස්ම එනකන් සූප්පු කරනවා...

"ආ..එහෙනම් මටත් ගෙඩි දෙකක් අරගෙන වරෙන්...” කියලා ආච්චි යන්න හැරුනා. කෙල්ලටත් full happy.

හැබැයි ආච්චීට ආපහු හිතුනා මමත් පෝලිමේ හිටියොත් තව වැඩිපුර දොඩම් ගන්න පුලුවන් නේද කියලා....

ආච්චිත් ෂේප් එකේ පෝලිමේ අගට සෙට් උනා..ඔන්න එතකොටම OIC ආවා...

ආපු ගමන් කට්ටියටම හොඳ දේශනයක් දීගෙනම පෝලිම දිගේ ආවා... මෙන්න බොලේ ආචිචි කෙනෙකුත් ඉන්නවා....
" මොනවා..!! මේ ආච්චිත් මෙතන ඉන්නවද..."

"ඔව් මහත්තයෝ වයසට ගියාට අපිත් කනවා... බොනවා..."

"ආච්චි කොහොමද මේව කරන්නෙ."

“ඇයි මහත්තයෝ... මම මුලින්ම අතින් ලෙල්ල ගහනවා... ඊට පස්සෙ කටේ දාගෙන ඉස්ම එනකන් සූප්පු කරනවා.."

OIC කලන්තේ දාලා වැටුනලු....😏 '

ඒ මහත්තයට වතුර ටිකක් ඉහලා, ඔන්නං වතුර ටිකක් බොන්න විතරක් නෙවෙයි නා- කියාගෙන එන්නත් එක්ක වෙලාව තියෙනවා ඔන්න, ඊළඟ කොටස පළ කරනකල්....

Friday, September 24, 2021

Brighton Marathon - දිව්වද හයියෙන්

ලීලා ශ්‍රෝඩර්ට පවුලේ බාලම දරුවන් තිදෙනාවත් එංගලන්තයට අරගෙන යන්නට වීසා ලැබේවි යැයි බලාපොරොත්තුවක්වත්..... (සමන්ති, දීපානි, දීපාල් එංගලන්තයට ගිහින්)

‘සමන්ති’ නම එංගලන්තයට ඇල්ලුවේ නැතිය.
‘නිමල්’ නම වගේමය. එහෙ උදවිය Nimal උච්චාරණය කළේ නිමොල් කියලාය. 

ඉතිං සමන්තිගේ නමත් එහෙම එක-එක විදිහට කියවෙන්නට ගත්තාම එයා කළේ නමේ අන්තිමට තිබුණු anthi කෑල්ල හළලා දැමීමය. Sam නම කෙටිය;  උච්චාරණයටත් ලෙහෙසිය.
දිසානායක පවුලේ හත්වෙනි දරුවා ලෙස 1967 දෙසැම්බර් 5 වෙනිදා උපන් දැරිවියට, ඇයගේ ලොකු අයියා විදිහට ‘සමන්ති පද්මිණී දිසානායක’ කියලා නම තියද්දී, අනාගතයේ දවසක මෙහෙම අලකලංචියක් සිදු වේවියැයි මට හිතුණේ නැත!

කොහොම හිතන්නද?
ඊට අවුරුදු 9කට පස්සේ 1976දී සමන්ති පද්මිණීගේ අම්මා; දිසානායක හේවගේ ගුණපාලගේ බිරිය; රහුබැද්දේ විදානේලාගේ
යසවතී හෙවත් ලීලාවතී එංගලන්තයට යැවෙයි කියලා සාංකාවක්වත් පහළවී නොතිබුණුකොට-

එහෙම ගිහින්, එංගලන්තයේදී සැසිල් ෆෙඩ්‍රික් ශ්‍රෝඩර් හා විවාහවී ‘හිරු නොබසින අධිරාජ්‍ය’යේ පුරවැසිකම ලබා එහේම පැලපදියම් වෙන බව හීනෙකින්වත්, නොහිතූකොට-
ඊළඟට (දිසානායක පවුලේ ලොකු දෝණියන්දෑ නෝනා; පුෂ්පා රංජනී දිසානායක 
වස බී සියදිවි නසා ගත්තාට පස්සෙ) ලීලා ශ්‍රෝඩර්ට පවුලේ බාලම දරුවන් තිදෙනාවත් එංගලන්තයට අරගෙන යන්නට වීසා ලැබේවි යැයි බලාපොරොත්තුවක්වත් නොතිබුණුකොට.... 

ජීවිතය එහෙමය!
ජීවිතය කියන්නේ අහම්බයන් ගොඩකි.
මේ පෝස්ටුවත් හරිම අහම්බයකි!!

අද උදේ සමන්ති නංගිගේත්, ලොකු පුතු ඩ්රූගෙත් foto එක දකිද්දී නං...

අද; 2021 සැප්තැම්බර් 13 වෙනිදා උදේ කම්පියුටරයට වාඩි වී fb යන තුරුමවත් මේ post එක ලියන්නට මගේ හිතක නොතිබිණි.

ඊයේ; 12 වෙනිදා fb එකෙන් ‘Dhru Patelගේ අම්මා’ මේ වතාවෙත් ‘බ්‍රයිට්න් මැරතන්’ එක දුවන බව දැකලා සුබ පතද්දීවත් මේ කාරණාව ගැන ලියන්නට මගේ හිතේ තිබුණේ නැත. (ඩ්රූ කියන්නේ Samගේ ලොකු පුතාටය.)

නමුත් අද උදේ සමන්ති නංගිගේත්, ඩ්රූගෙත් foto එක දකිද්දී නං මේක ලියන්නට ඕනිම කියලා හිත කිව්වේය! මෙහෙම සහලේ ඥාතීන් ඉන්නා එක ගැන මං වහන්සේ ආඩම්බර වෙන්නට ඕනෑය කියලාත්  හිතුණේය!! 

අපේ ආච්චිගේ ‘යකඩ ගතිය’ එහෙම පිටින්ම වාගේ Samට ලැබී ඇති බව මගේ විශ්වාසයයි.

‘... අපේ ගෙදර හැච්චෝ-බැච්චෝ-ඇටිකිච්චෝ සේරමත් පුළු-පුළුවන් විදිහට ඒ රාජකාරිය කරන්නට ඇවිත්ය. එයාලා හිස් බාල්දි, ජෝගු වගේ පුංචි දේවල්වල වැලි පුරවාගෙන ආවේ සෙල්ලමක් කරනවා වගෙය.

ඒ අස්සේ කොහෙද යන weසා පොළඟෙක් අපේ වැඩේ කඩාකප්පල් කරන්නට මාන බලමින් උන්නේය.

එතකොට සෑම්ට අවුරුදු හතවත් පිරිලා තිබුණේ නැතිය. සමන්ති නංගී ජෝගුවක් පුරවාගෙන වැලි ගෙනෙමින් හිටියදී අර වේsaවා එයාට දෂ්ට කළේය!

අනේ දෙයියනේ.... සමන්ති නංගිව පොළ....කවුදෝ අඳෝනා දෙන්නට කට ඇරියා විතරය.

කට වහගන්නවා.... සමන්ති උඹත් කට ඇරියොත්  බලාගෙනයි ..... මොකටද කලබල වෙන්නේ. සමා, බය නැතිව හිටහන්. පොඩි බේතක් කරවපු ගමන් හරි. දන්නවනෙ ලොකාගේ හැටි? ඇඬුවොත් නං උඹට හොඳ පාරක් දෙනවා. 

ගමගේ අක්කේ... ඔයාලා සමන්ති නංගිව ළමා නිවාසෙට එක්ක යන්න.
ස්වර්ණා.... ටක් ගාලා සුනිලුත් එක්ක ගිහින් ඇලන් අක්කලාගේ දුවව එක්ක එන්න.
නිවාස වත්ත උඩින්ම දේවාල පාරට ළඟයිනේ......

ජීවත්වීම පවා අඩමාන වුණු Dhru උසස් අධ්‍යාපනයත් නිමාකොට, දැන්.... (පවන්, සෑම්, ඩ්රූ හා බිමල්)

... පට-පට ගාලා එයාලාව පිටත් කර හැරලා මං දිව්වේ ගෙදර දිහාවටය. ඒ ඊළඟට සිදුවෙනදේ....” කියලා දිග විස්තරයක්මෝස්‌තර එක්ක හත් වසරක් 13’ post එකේදී ලිව්වෙත් මේ සමන්ති නංගි ගැනය; මගේ ගෝරනාඩුවට බියවී හෝ නිසි ප්‍රතිකාර සේරම කෙරෙන තුරුම හෝ එදා අපේ සමා ඇඬුවේ නැත.

සෑම්ගෙන් ඒ යකඩ ගතිය Dhruටත් උරුමවී තියෙනවා වගෙය. (රංගන කණ්ඩම්බි හිතවතා මට පිදූ ‘Born Fighter’ අභිධානය සමන්ති නංගී, ඩ්රූ පුතා දෙන්නාටත් ගැළපෙයි. මං එහෙම කියන්නේ නිකම්ම නොවේ; හේතු ඇතිවය.

Dhru එංගලන්තයේ උපන් නිසාම ජීවිතය පවත්වාගෙන යන්නට, ජීවිතය දිනන්නට අවස්ථාව ලද්දේය. ඩ්රූ උපන් විගස, ඔහු සාමාන්‍ය ජීවිතයකට මුහුණ දෙනු ඇතැයි විශ්වාස නොකෙරිණි.

ඔහුගේ මොළයේ දියර උනන රෝගී තත්ත්වයක් තිබිණි. සැත්කම් ගණනාවක් කෙරිණි. දිගටම ඒ දියර ඉනීම පවතින බැවින්ය, ඒ operations සිදු කෙරුණේ.  අන්තිමේදී, උනන දියරය ඉවත් කෙරෙන සේ මොළයේ සිට ආමාශය දක්වා (සිරුර අභ්‍යන්තරයෙන්) කෘත්‍රිම නලයක් සවි කෙරිණි.
ජීවත්වීම පවා අඩමාන වුණු Dhru උසස් අධ්‍යාපනයත් නිමාකොට, දැන් ක්‍රීඩා ගුරුවරයෙකු ලෙස සේවය කරයි. ඒ ගැන ඩ්රූම 
2017 ජුලි 21 වෙනිදා කියලා තිබුණේ මෙහෙමය. 

Dhru Patel

21 July 2017 

I know I posted yesterday but...

Many of you know when I was born, I was told I may not live a normal life, have trouble reading, writing and speaking. I was told I might not be able to play any sports. There was people who told me not to go to university because I would fail.

ඒත් එය මර්දනය කර ගන්නටත් සෑම්ට හයිය තිබුණේය. (2015 මට කීමෝතෙරපි ප්‍රතිකාර දෙන දිනවල)

BUT... After three tough but rewarding years at St Mary's, I've proved that I can overcome the doubt and the lack of belief in me, to graduate university with a Upper Second Class Honours Degree in Physical and Sport Education.

Mum, Dad, what you have done for me and continue to do for me, there are no words to describe how grateful I am. Endless amounts of support and love, thank you for everything, without your support, none of this would have been possible.

You guys are the real MVPs.

සමන්ති නංගීත් අවුරුදු ගණනාවකට කලින්ම පිළිකා රෝගයට ගොදුරු වුණාය. ඒත් එය මර්දනය කර ගන්නට සෑම්ට හයිය තිබුණේය.

සමන්ති නංගි නොදැනුවත්වම මාවත් සූදානම් කරවලා තිබ්බා වගෙය. එයාට වැළඳුණු පිළිකාව ගැන අනුකම්පාවෙන් කෙරුණු කතන්දරවලට Sam කන් දුන්නේ ආසාවකින් නොවේ.
“බලන්නකො ලොකූ, අපි දිසානායකලා නේද? කොච්චර දේවල්වලට මුහුණ දුන්නත්, අපි දැන් හොඳට ඉන්නේ... සමහරු හිතන්නේ ‘පිළිකාවක් හැදුණාම සේරම ඉවරයි’ වගේ. I have to face! මං ඒක කරනවාමයි... ඔයාලගෙන් වගේම බිමල්ලගෙනුත් හම්බ වෙන ආදරේ තමයි ලොකූ, මාව strong කරන්නේ. අපි වගේ අයට අනුකම්පාව නෙවයිනෙ ඕනේ.... මට නං එහෙමයි!’
(සමා ඔව්වා කියන්නේ කැඩිච්චි සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙනි. කතා කරනවා කොහොම වෙතත් Samට සිංහල කියවීම නං හොඳටම අමාරුය.)

පැය ගණනාවක් වුණත් කතා කරමින් හිනා වෙන්නට තරම්... (බිමල්ගේ පවුලේ අය හා...)

අදහනු මැනවි. අද වෙන තුරුමවත් සමන්ති නංගිට වැළඳී තිබුණු පිළිකාව කුමක්දැයි මා අසා නැත. එයාගෙන් මට කියවිලාත් නැත. එව්වා කතා නොකළාට, පැය ගණනාවක් වුණත් කතා කරමින් හිනා වෙන්නට; සතුටු වෙන්නට තරම් දේවල් අපේම පවුල්වල තිබේ. අප කතා කරන්නේ එහෙම දේවල්ය.

හැමදාම වගේ උදේ පාන්දරින්ම fb එන මගේ මිතුරෙක් සිටියි. එයාගේ වෝලයේ හැමදාම උදේට ‘කොරෝනා update’ තොරතුරක් තියෙනවාමය. ‘ඔය පැත්තේ තත්ත්වේ කොහොමද නිමල් අයියේ’ කියලාත් මනුස්සයා සමහර විටෙක අහයි.
“යකෝ... ඔය විස්තර දැන ගත්තා කියලා මොකක්ද තමුසෙට වෙන හොඳේ.... ඒවා දැන ගත්තත් නැතත් පුළුවන් තරම් පරෙස්සමින් උපදෙස් පිළිපැදලා ඉන්න එකනෙ තියෙන්නේ....”

හොඳ දේවල් සොයන්නට, දැන ගන්නට අපේ මනස සුසර කර ගත්තාම අපට වැඩියෙන්ම ලැබෙන්නේ එහෙම newsය. ඒ ලෝක ස්වභාවයයි.
ඔබ මල් ආසනයක් වෙයි නම්, මොළේ කළඳක්වත් තියෙන මෙලෝ යකෙකු ‘ඒ පුදසුන’ මත තබා පර මල් පූජා කරන්නේ නැත!
ඔබ කසළ ගොඩක් වෙනවා නම්, අහක යන කුණු-කන්දලුත් ඒ ගොඩට එකතු වෙන එක වෙනවාමය.

නමුත් අප නොසිතන ‘අහම්බයන්’ සිදු වෙන අවස්ථාවන්ද තිබෙන්නට පුළුවන් බව අමතක නොකළ යුතුය.
එහෙම දෙයක් ගැන මට ලියන්නටත් සිදු විණි.

‘එයා ආවේය.
අහසෙන්ද
, පොළොවෙන්ද, මුහුදෙන්ද ආවේ කියලා නම් නොදන්නෙමි. ආවේ මාරයාය!

අපේ බඩා මල්ලා විවාහ කරගෙන ඉන්නේ පිලිපීන ජාතික Pia ය. (2014 පීයා, මාකෝ, නිමල් හා දීපාල්)
මා ළඟට නොවේ. අපේ පවුලේ හතරවැන්නා ළඟටය. අනිල් ධර්මකීර්ති දිසානායක ළඟටය. ඒකෙන් වුණේ මැයි මාසයේදී වියෝවීම් දෙකකටම මුහුණ දෙන්නට අපේ පවුලේ අයට සිදුවීමය. අන්නාගෙ මරණ සහතිකයේ මරණයට හේතුව ලෙස ලියැවුණේ 'රෙස්පිරෙටරි ඇරස්ට් කාසිනෝමා ඊසොපැගස්' ය. අපේ දැනීම නම් අන්නා පිළිකාවෙන් මියගිය බවය. ඒ මැයි 29 වෙනිදාය.

අපේ සුනිල් මල්ලීගේ බිරිය මල්ලිකාත්, සමන්ති නංගිගේ සැමියා බිමලුත්, අනිල් මල්ලීත් එකම හේතුවකින් දැනටම පරලෝකප්‍රාප්තවී හමාරය. සමන්ති නංගීත්, මාත් ඒ පෝලිමේමය. පිළිකාව එතරම්ම ලාබ වෙලාය!

...... මල්ලිකා අවුරුදු හතක් පීඩා වින්දාය; බිමල් අවුරුදු එකහමාරක් විතරය; අනිල් වසරකට කිට්ටු කාලයකි.
පැරැණිම රෝගිණිය සමන්ති නංගිය. අවුරුදු හත-අටකටත් වඩා රෝගය යටපත්ව තිබී
, මාස කිහිපයකට කලින් ආයෙම මතු වුණේය.
මාත් අවුරුදු හයක ප්‍රතිකාරවලින් පස්සේ ඉන්නේ
රෙමිෂන්මට්ටමේය.

..... අපේ බඩා මල්ලා විවාහ කරගෙන ඉන්නේ පිලිපීන ජාතික Pia ය. ලොකූ, උඹලගේ පවුලේ අය විතර ස්ට්‍රෝන් කට්ටියක් මට නං මෙච්චර කාලෙකට හම්බවෙලා නැහැ. දැන් ඔයා..... සෑම්....
දන්නවද
, මේ සැරේත් සෑම් ලන්ඩන් මැරතන් එක දිව්වා. සෑම්ට කීමෝතෙරපි පටන්ගත් දවසෙත් බැඩ්මින්ටන් ගහන්න ගියා. අනිල් අයියාත් හැම තිස්සෙම හිනා වේගෙන ඉන්නේ කොච්චර අමාරුකම් තිබ්බත්.....පීයා ළඟදී දවසක කිව්වාය.....

.... සමන්ති නංගී නැවත අසනීපවී ඉන්නා බව දැනගත්තාම නිමලුත්, මාර්කෝත් සමන්ති නැන්දාට කියූ දේවලට සෑම් දීලා තිබ්බේ කදිම; ගීතවත් උත්තරයකි. පීයා එය මට පෙන්නුවාම නම් නොහඬා ඉන්නට බැරිවිණි. අනේ, සමාවෙන්න. මට තවමත් එය පරිවර්තනය කරන්නට හිත දෙන්නේ නැත. (සෑම්, මේවා පීයාගෙන් ඉල්ලා ගත්තේ ඔයාගේ අසනීපය ආයෙමත් මතුවී තියෙන බව මට හංගාගෙන හිටි දවස්වලය!)’

කෙස්වැටිය තිබුණත් නැතත් මම - මමම නේදෝ - නැතිය වෙනසක්

‘වීරයා ගෙදරද 4’ පෝස්ටුවට ලියා තිබුණු වචන 228 ආයෙමත් මෙතනට එබුවේ 2019දීත් මේ කාරණාවලින් ටිකක් ලියැවුණු බව සනාථ කරන්නටය; http://nidigepanchathanthare.blogspot.com/2019/06/blog-post.html

එදා පරිවර්තනය නොකළ ‘Samගේ වදන්’වල අදහස අදවත් ඡායානුවාදයක් ලෙස සිංහල බසින් ලියන්නට හිතාගෙනය.

‘කෙස්වැටිය තිබුණත් නැතත් මම
 මමම නේදෝ - නැතිය වෙනසක්
 ගණන් ගන්නේ, කවුද පිළිකා -
 නොවෙමි ඒකට නටන කෙනෙකුත්

 මගේ රිස්සට - මම කැමති ලෙස
 ගෙවමි දිවියම සතුට විඳිමින්
 සහනෙ ගෙන දෙයි - මිතුරු ඇසුරද
 ප්‍රාණවත් කෙළි සෙල්ලමද මට!

 ඇයි, දිවුම මට සුවැති හැඟුමක්
 දෙවයි නැත, අමතක කරන්නේ!
 කිසිම ලෙඩකට- නතු නැතිය මා
 මට පමණි මා වග කියන්නේ

 සොඳුරු හමුවට, සතුටු සාදෙට
 පිළිසඳරකට වුව මාත් ඔට්ටුයි
 අවුලකදි ගැටලුවකදීවත්
 මගේ නම් වෙනසක් නොවේමැයි
 සහය දෙන්නට සැරසිලා ඉමි
 ‘ලෙඩ’ට මා නැවතිය නොහැකි වෙයි’

එහෙම හිතේ හයියක් ඇතිව හිටි සමන්ති නංගි වඩාත් අසරණ වුණේ ඇයගේ හබියා; බිමල් මහේන්ද්‍ර භායි පටෙල්ටත් මුඛ පිළිකාව වැලඳී තිබෙන බව දැන ගත්තාමය. පවුලේ කටයුතුවලට කාලවේලාව මදි වෙන නිසා බැංකු කලමනාකාරියක ලෙස ලැබුණු උසස්වීම පවා බාර නොගෙන හිටි Sam, සැමියා වෙනුවෙන් රැකියාවටද තාවකාලිකව සමු දුන්නාය. බිමල්ගේ පවුලේ නෑදෑ-හිත මිතුරන්ගේත්, ඩ්රූ- පවන් දෙපුතුන්ගේත් උදව් හා ආශීර්වාද නොඅඩුව ලැබුණත් Bimal අකාලයේ වියෝ වුණේය. 

සමන්ති නංගි බ්‍රයිටන් මැරතන්තරගයට සහභාගි වන්නී අරමුදල් රැස් කිරීමකද යෙදෙන්නීය!

දුවන්නට තියෙන ලැදියාව පිළිකා රෝගීන්ගේ යහපත වෙනුවෙන් යොදවන්නට Sam හිතාගෙන තිබුණේ ඉන් පසුවය. අපට පැමිණුණු විපතක් වුවද අන්‍යයන්ගේ යහපත උදෙසා යමක් කරන්නට නිමිත්තක් කරගත හැකි නම්...

ඒ කරුණ සපුරා ලමින් සමන්ති නංගි ‘බ්‍රයිටන් මැරතන්’ තරගයට සහභාගි වන්නී, අරමුදල් රැස් කිරීමකද යෙදෙන්නීය!
වෙනදාට Sam දුවන ‘ලන්ඩන් මැරතන් තරගය’ කොරෝනා උවදුර නිසා පැවැත්වෙන දිනය කල් ගොසින්ය. පැවැත්වුණේ
Brighton Marathon තරගයයි. 

‘2021 Brighton Marathon

12  Sep 2021

I’m raising as much as I can to beat cancer & Barclays Bank will match your donations!

In memory of
My Amazing Bim.

Cancer has claimed the lives of so many special people in my life, including my wonderful husband Bim. He was an amazing person, kind, caring and selfless. Cancer ripped our family apart & took away our happiness. I want to raise money so we can stop someone else going through the same suffering as us!

 Cancer you are so cruel & callous.
 You take away those who are so precious.
 You don’t care about our pain or our tears,
 Or about the broken hearts & shattered dreams.

 We are certainly not giving up on our hopes,
 Nor are we about to give up on our fights.
 I know one day we will be victorious,
 Together we will find a cure for all cancers! 

මේ තරගයට මේ වතාවේ එංගලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් සහභාගි වෙලා. ඒ Bolton West and Atherton කොට්ඨාශ නියෝජනය කරන Chris Green මන්ත්‍රීතුමා.

 රුදුරු පිළිකාවෙනි දයා නැති
 බොහෝ අගනා අයද ගෙනියන
 ඔබට කම් නැත, අපේ කඳුළැල් වේදනාවන්-
 බිඳෙන හදවත්- බොඳව යන සිහිනයන් ගැනවත්!

 නමුදු සුබවාදීය අප සැම - තවම ඇත පැතුමන් පතාගෙන
 දැනට පසුබැස සිටිනමුත් අප - දිනනවාමයි නැතිය කිසි සැක
 එකට එකතුව මානවයො කැළ - සොයා ගනු ඇත
 ඔබ මඩින ඔසු; පිළිකා නසන ඔසු!

Sam xx

(ශ්‍රී ලංකාවේ අපට නුහුරු යෙදුමකි, මේ කතිර ගැහිල්ල. සමන්තිලා ලිපියක අගට කතිරයක් ගහන්නේ ‘ඔයාට ආදරෙයි- love you’ කියලා හඟවන්නටලු.
අප කතිරය ගහන්නේ මනාපය පළ කරන්නටය. එහෙම මනාපය දෙන්නේ වැරදි මිනිසුන්ටම නිසා ඡන්ද පොළේදී X ගැහීමේ වැරද්දකුත් නැතුවා වගෙය.)

ලන්ඩන් මැරතන් ධාවන තරග තියන්නේ දිනන අය තෝරා ගන්නම නෙවෙයි; උත්තම අරමුණු රාශියක් සපුරා ගන්නයි.

එහෙම අරමුණුවලින් යුතු ගොඩාරියක් කට්ටිය සද් චේතනාවලින් යුතුව මේ ධාවනයට එකතු වෙනවා.

1981 වසරේ, මලල ක්‍රීඩක Chris Brasherගේ මූලිකත්වයෙන් පටන් ගත්තු මේ තරගයට මේ වතාවේ එංගලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත්  සහභාගි වෙලා. Bolton West and Atherton කොට්ඨාශ නියෝජනය කරන Chris Green මන්ත්‍රීතුමා.

කොරෝනා මර්දනය කරන්නට කෙරෙන එන්නත ගැනත් ‘තම-තමුන් වහන්සේලාගේ (පඩත්තල) නම්- පට්ටම් සේරම දාලා පෝස්ටර් ගහන්නට තරම් විලි ලජ්ජාවක් නැති එවුන්’ ඉන්නා අපේ රටේ මෙහෙම අරමුදල් රැස් කරන මැරතන් ඉසව්වක් තිබ්බොත්.......?
දුවන්නට කොහොම වෙතත් අරමුදලේ භාරකාරයන් වෙන්නට නම් අපේ රටේ ලොකු මහත්තැන්ලා පොර කකා එනවා සැක නැත!

අම්මේ! ඔයා ගැන කොයි තරම් ආඩම්බර වෙන්න පුළුවන්ද?

ඉතිං අද උදැහැනැක්කේ මං දැක්කේ ඒ අම්මයි පුතයි දෙන්නා; සෑම්- ඩ්රූ දෙන්නා Brighton Marathon ධාවන තරගයට එකතුවී සිටි අයුරුයි.

ඒ සමඟම Dhru ඉංග්‍රීසියෙන් සටහනකුත් තබා තිබිණි.

'කොච්චර අපූරු දවසක්ද අම්මේ! ඔයා ගැන කොයි තරම් ආඩම්බර වෙන්න පුළුවන්ද?

මමත් ඒකට ආවේ ඔයාගේ උදව්වට විතරක් නෙවෙයි අම්මෙ. මටත් කවදාවත්ම අමතක නොවෙන මතකයක් ගන්න; ඔයා යන පාරේම යන්නයි- සත්තයි!

කොහේ හරි ඉඳගෙන තාත්තා තවමත් ඔයා දිහා බලාගෙන ඉන්න බව මම දන්නවා, අම්මෙ.

ඔයා අද සම්පූර්ණ කළේ ඔයාගේ හතරවෙනි මැරතන් දිවුම. මොන දේවල් වුණත්, ඔයා පවුම් 1200ක්* පිළිකා සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් එකතු කළා. පවුලක් විදිහට ඒක කොතරම් දෙයක්ද?

මෙතෙක් ඒ වෙනුවෙන් ආධාර කළ හැමෝටමත් ස්තුතියි!

ඔයා හැමෝටම පාර පෙන්වන පහන් තාරකාවක්, අම්මේ!

Dhru’
(*ඒ සටහන තියද්දී ලැබී තිබුණු පරිත්‍යාග දැන් ගණනින් ඉහළ යමින් තිබෙන්නේ.)

ඔව් Dhru, අම්මා විතරක් නෙවෙයි ඔයාත් එහෙමයි. මතකයිද අවුරුදු දෙකකට ඉස්සෙල්ලා; 2019 ඔක්තෝබර් 28 වෙනදා ඔයා fb එකේ පළ කරලා තිබ්බ මේ සටහන.

‘23 has been by far the most challenging year but as my Dad once said, go and achieve your dreams/goals, that's exactly what I've done! 

ඩ්රූ 2019 ජුලි 25 වෙනිදා මැරතන් තරගයට සහභාගී වෙමින්...

 ☑️ Passed my NQT year

 ☑️ Started a new job teaching PE with a House Leader role

 ☑ Raised £1500 for Cancer Research in memory of my Dad.

 23 you've taught me to be strong through the difficult times, let's see what 24 has in store!

ආදරණීය තාත්තේ,

ඔයා මට කිව්වා 23 වෙනි අවුරුද්ද අභියෝගාත්මක අවුරුද්දක් වෙයි කියලා. ‘... යන්න. ගිහින් ඉලක්ක දිනා ගන්න!’ කියලත්. ඒකම තමයි තාත්තේ මම කළෙත්. 

 ️ NQT; Newly Qualified Teacher -වසරක අභියෝගය ජය ගත්තා.

 ☑️ PE; Sports- Physical Education -ගුරුවරයෙකු විදිහට රැකියාව පටන් ගත්තා.

 ☑️ තාත්තාව මතක් කරලා, පිළිකා පර්යේෂණ කටයුතු වෙනුවෙන් ස්ටර්ලින් පවුම් 1,500ක මුදලක් මේ (2019) වසරේදී එකතු කරලා දුන්නා.

ඔව් තාත්තේ, 23වෙනි අවුරුද්ද මට ඉගැන්නුවා කොහොමද අසීරු අවස්ථාවන්ට මුහුණ දෙමින් ශක්තිමත්ව නැඟී හිටින්නේ කියලා. බලමුකො, 24 අවුරුද්ද වෙනුවෙන් මොනවද එන්න තියෙන්නේ කියලත්!’

අද; 2021 සැප්තැම්බර් 17 වෙනිදා Sam මට කතා කළාය.

“අනේ ලොකූ, ඔයාගේ post එක මට කියවන්න බෑ, දුක හිතෙනවා..... Bim වෙනුවෙන් අපි හැමෝම කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරනවා..... මේ අවුරුද්දේ දැනට ස්ටර්ලින් පවුම් 4,500ක් එකතු වෙලා තියෙනවා. මොකද අපේ fund එකට වැටෙන හැම සල්ලියක්ම ‘බාක්ලේස් Bank’ එකෙන් ඩබල් කරන නිසා. අපේ ටාර්ගට් එක තව පවුම් 250ක් එකතු කර ගන්න. එතකොට ඒකත් ඩබල් වුණාම පන්දාහේ ඉලක්කය හරි යනවා.”
 

ඒ සමහර දේවල් මටත් අදාළ වුණත් ප්‍රධාන චරිත වෙන්නේ... 

සමන්ති කියන විදිහට නම් දැන් එංගලන්තයේ ‘කොරෝනා සීමා - තහංචි’ ලිහිල් වීගෙන එයි. “මායි, පුතාලා දෙන්නයි අර්ජුන් කුමාරුයි- ඩ්රුතීයි ඔක්කොමලා අගෝස්තුවෙදීම ලංකාවට එන්නයි plan කරගෙන හිටියේ.... තවම එච්චර ඉඩ දීල නැහැනෙ ලොකා.........” සෑම් කීවාය.

Sam ලංකාවට ආවට පස්සේ මූණට මූණ ඉඳගෙන කතා කරලා- එයාගෙන් අවසර අරගෙනම ලියන්න දේවල් ගොඩාරියක් මගේ හිතේත් පිරිලා- ඉතිරිලා දොරේ ගලමින් තිබේ.

ඒ සමහර දේවල් මටත් අදාළ වුණත් ප්‍රධාන චරිත වෙන්නේ එයාලනෙ. එහෙම වෙලාවක එයාල දැනුවත්ව ඒක කරන එකනෙ නේද, මගේ යුතුකම.
කොහෙද, කොරෝනාවක් නිසා Sam විතරක් නෙවෙයි අපේ අම්මටත් අවුරුදු දෙකක් තිස්සෙම
ලංකාවට එන්න බලාගෙන ඉන්නයි වෙලා තියෙන්නෙ.

ගතවෙමින් පවතින්නේ එතරම්ම අවිනිශ්චිත කාල වකවනුවකි. නමුදු ලෝකය හැමදාමත් මේ වගේමය; කොයි මොහොතේ, කාට, කුමක් වේදැයි කියන්නට හැකියාවක් ලොව කිසිවෙකුට නැත. අපි ඒ අනියත බව ගණනකට නොගනිමින් සිටින්නමෝ නොවෙමුද?

ඒ නිසාමදෝ කොරෝනා ඇවිත්, ඒ අවිනිශ්චිත බව අපේ මූණටම ඇනලා; මුහුණේ උලා පෙන්වා දෙමින් හිටියි.

 ‘.... නිසල නැතේ- සසල වෙතේ
 නොතිර සසර සාගරේ

 කුමට නැටුම් කෙළි කවට සිනාදා//
 මරුට නොමැත කිසි විටෙකදි බාධා
 ඔබට නොදන්වා මරු මෙහි ආදා
 යන්නට සිදු වන්නේ - ඉන්නට බැරි වන්නේ
 නොතිර සසර සාගරේ....’

වාර ගණනාවක් ආශාවෙන් අසා ඇති මුත් ඒ ගීතයෙන් කියවෙන අරුත සිත රඳවාගෙන ඇත්තේ කීයෙන් කී දෙනෙක්ද?

ඉතිං... දෛවය මට කාරුණික වන්නේ නම් සමන්ති නංගිව මුහුණට මුහුණ හමුවී, එයාලා ගැනම පෝස්ටුවක්- දෙකක් අනාගතයේ දිනෙක ලියන්නෙමි෴